7. මහානාරදකස්සපජාතකං
7. මහානාරදකස්සපජාතකං
7. මහානාරදකස්සප ජාතකය
5283. අහු රාජා විදෙහානං අඞ්ගාති නාම ඛත්තියො, පහූතයොග්ගො ධනිමා අනන්තබලපොරිසො.
5283. බොහෝ හස්ත්‍යශ්ව වාහනාදිය ඇති ධනවත් වූ අපමණ භට සේනා ඇති විදේහ රට වැසියන්ගේ අංගාති නම් ක්ෂත්රිය රජෙක් වීය.
5284. සො ච පණ්ණරසිං රත්තිං පුරිමෙ යාමෙ අනාගතෙ, චාතුමස්ස කොමුදියා අමච්චෙ සන්නිපාතයි.
5284. ඒ අංගාති නමැති රජ තෙමේ වස්සාර මාසයාගේ අවසන් දවස වන පිපි කුමුදු මල් ඇති ඉල්මසැ පුරපසළොස්වක් රාත්‍රිය පිළිබඳ ප්‍රථම යාමය ඉක් මැ නො ගිය කලැ ඇමතියන් රැස් කැරැ වී ය.
5285. පණ්ඩිතෙ සුතසම්පන්නෙ මිහිතපුබ්බෙ විවක්ඛණෙ, විජයඤ්ච සුනාමඤ්ච සෙනාපතිමලාතකං.
5285-5286. පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති සිනා පෙරැදැරි වැ කථා කරන ස්වභාව ඇති දක්ෂ වූ විජය නමැති ඇමතියා ද සුනාම නමැති ඇමතියා ද අලාත නමැති සෙන්පතියා ද යන මොවුන් ගෙන් වේදේහ රජ තෙමේ වෙන් වෙන් වශයෙන් තම තමන් ගේ අදහස් වෙන වෙනම කියවු. අද ඉල්මසැ පිපි කුමුදු ඇති මැදිපොහෝ දවස් වෙයි. පුන්සඳ උදාවිය, අඳුරු දුරු විය. අද මෙ බඳු රැයක් කවර නම් ඇල්මකින් වෙසෙමු දැයි විචාළේ ය.
5286. තමනුපුච්ඡි වෙදෙහො පච්චෙකං බ්රූථ සංරුචිං, චාතුමස්ස කොමුදජ්ජ ජුණ්හං ව්යපගතං තමං කායජ්ජ රතියා රත්තිං විහරෙමු ඉමං උතුං.
5287. තතො සෙනාපතී රඤ්ඤො අලාතො එතදබ්රවි, හට්ඨං යොග්ගං බලං සබ්බං සෙනං සන්තාහයාමසෙ.
5287. ඉක්බිති රජු ගේ අලාත නමැති සෙනෙවි තෙමේ මෙය කී ය: සතුටු වූ හස්ත්‍යශ්වාදි වාහන ඇති මහ බළ ඇණි යුත් සිලු සෙනඟ යුද පිණිස සරසම්හ.
5288. නිය්යාම දෙව යුද්ධාය අනන්තබලපොරිසා, යෙ තෙ වසං න ආයන්ති වසං උපනයාමසෙ, එසා මය්හං සකාදිට්ඨි අජිතං ඔජිනාමසෙ.
5288. දේවයන් වහන්ස, අපමණ බළ පිරිස ඇති අපි යුද පිණිස නික්මැ යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟ නො වෙත් නම් ඔවුන් වසඟ කරමු. නො දිනූ යමෙක් වෙයි නම් ඔහු දිනමු. මේ මගේ අදහසය යි කීය.
5289. අලාතස්ස වචො සුත්වා සුනාමො එතදබ්රවි, සබ්බෙ තුය්හං මහාරාජ අමිත්තා වසමාගතා.
5289. අලාත නමැති සෙනෙවිහු ගේ බස් අසා සුනාම ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ ගේ සියලු සතුරෝ ඔබට වසඟයහ.
5290. නික්ඛිත්තසත්ථා පච්චත්ථා නිවාතමනුවතතරෙ, උත්තමො උස්සවො අජ්ජ න යුද්ධං මම රුච්චති.
5290. බහා තැබූ අවි ඇති සතුරෝ විරුද්ධ නො වෙති. අද උතුම් උත්සව දිනයකි. එහෙයින් මට යුද්ධය නො රිසි ය.
5291. අන්නං පානඤ්ච ඛජ්ජඤ්ච ඛිප්පං අභිහරන්තු තෙ, රමස්සු දෙව කාමෙහි නච්චගීතෙ සුවාදිතෙ.
5291. ආහාර හා පාන වර්ග ද කෑ යුතු දෑ ද ඔබ වහන්සේට යුහු වැ එළවත්ව යි ද වාදනය කරන ලද නෘත්යගීතයන් යුහු වැ එළවත්ව යි ද දේවයන් වහන්ස, ඔබ වහන්සේ පස්කම් සැපතින් සිත් අලවනු යෙහෙකි යි කී ය.
5292. සුනාමස්ස වචො සුත්වා විජයො එතදබ්රවි, සබ්බෙ කාමා මහාරාජ නිච්චං තව අපට්ඨිතා.
5292. සුනාම නමැති ඇමතියා ගේ මේ කීම ඇසීමෙන් විජය නමැති ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ වහන්සේට රූප සද්දාදි සියලු කාමයෝ නිරන්තරයෙන් එළඹ සිටියාහු වෙති.
5293. න හෙතෙ දුල්ලභා දෙව තව කාමෙහි මොදිතුං, සදාපි කාමා ලබ්භන්ති නෙතං චිත්තමතං මම,
5293. මහරජ, කම් සැපතින් සතුටුවීම ය යන මෙය ඔබ වහන්සේට සුලබය. හැම කල මැ කාමයෝ ලැබෙති. එහෙයින් මෙය මා සිතට රුචි නො වෙයි කී ය.
5294. සමණං බ්රාහ්මණං වාපි උපාසෙමු බහුස්සුතං, යො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
5294. අද අර්ත්ථ ධර්ම දන්නා වූ යම් ඍෂිවරයෙක් අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු බොහෝ ඇසූ පිරූතැන් ඇති මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹෙමු යි (හේ) කී ය.
5295. විජයස්ස වචො සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි, යථා විජයො භණති මය්හම්පෙතෙව රුච්චති.
5295. විජය නමැති ඇමතියා ගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: විජය තෙමේ යම් සේ කියයි ද මට ද මෙ කරුණ රුචි වේ.
5296. සමණං බ්රාහ්මණං වාපි උපාසෙමු බහුස්සුතං, යො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
5296. අර්ත්ථ ධර්ම දන්නා යම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු ඇසූ පිරූ තැන් ඇති මහණකු හෝ බමුණකු වෙත එළෙඹෙමු යි කී ය.
5297. සබ්බෙව සන්තා කරොථ මතිං කං උපාසෙමු පණ්ඩිතං, කො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
5297. අර්ත්ථ ධර්ම දන්නා කවර නම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද, අපි කවර නම් පඬිවරයකු කරා එළඹෙමු දැ යි මෙහි සිටිනා තෙපි හැම දෙනා ම අදහස් කියවු යි කී.
5298. වෙදෙහස්ස වචො සුත්වා අලාතො එතදබ්රවි, අත්ථාය මිගදායස්මිං අචෙලො ධීරසම්මතො.
5298. වේදේහ නමැති රජුගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කීය: මිගදාය නමැති උයනෙහි පඬිවරයෙකැ යි සම්මත වූ නිඝණ්ඨයෙක් ඇත.
5299. ගුණො කස්සපගොත්තායං සුතො චිත්රකථි ගණී, තං දෙව පයිරුපාසය සො නො කඞ්ඛං විනෙස්සති.
5299. කාශ්‍යප ගොත්‍රයෙහි වූ ගුණ නමැති මේ තෙමේ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙකි, විසිතුරු කථා ඇත්තෙකි, ගණාචාර්ය්යයෙකි. දේවයන් වහන්ස, ඒ නිඝණ්ඨයා ඇසුරු කරන්නේ මැනැවි. හේ අපට උපන් සැක දුරු කරන්නේ ය.
5300. අලාතස්ස වචො සුත්වා රාජා චොදෙසි සාරථිං, මිගදායං ගමිස්සාම යුත්තං යානං ඉධානය.
5300. අලාත නමැති සෙනෙවියා ගේ බස් අසා රජ තෙමේ මිගදාය නම් උයනට යන්නෙමු යි සුදුසු වාහනයක් මෙහි ගෙනෙව යි රියදුරාට අණ කෙළේ ය.
5301. තස්ස යානං අයොජෙසුං දන්තං රූපියපක්ඛරං, සුක්කමට්ඨපරිවාරං පණ්ඩරං දොසිනාමුඛං.
5301. දන්තමය (දළමුවා) රජතමය (රිදීමුවා) වෙහෙලි ඇති සුදු මටසිලුටු රිය පිරිවර ඇති බැබැළෙන සඳට බඳු රථයක් ඒ රජුට පිළියෙළ කළහ.
5302. තත්රාසුං කුමුදා යුත්තා චත්තාරො සින්ධවා හයා, අනිලූපමසමුප්පාතා සුදන්තා සොණ්ණමාලිනො.
5302. කුමුදු පැහැ ඇති පවනට බඳු ගමන් ඇති මැනැවින් දැමුණු ගෙලැ පැළැඳි ස්වර්ණමාලා ඇති සෛන්ධව අශ්වයෝ සතර දෙනෙක් ඒ රථයෙහි යොදන ලදහ.
5303. සෙතං ඡත්තං සෙතරථො සෙතස්සා සෙතවීජනී, වෙදෙහො සහමච්චෙහි නීය්යං චන්දොව සොභථ.
5303. සේසත ද සුදු රිය ද සුදු අශ්වයෝ ද සුදු වල් විදුනා ද ඇති රජ තෙමේ ඇමතියන් සමඟ යන්නේ පුන්සඳ මෙන් බැබැළුණේ ය.
5304. තමන්නුයායුං බහාවො ඉන්දඛග්ගධරා ඛලී, අස්සපිට්ඨිගතා ධීරා නරා නරවරාධිපං.
5304. ඉන්ද්රයා හට මෙන් කඩු දරන බලවත් වූ වැර ඇති අසුන් පිට නැගි බොහෝ මිනිස්සු ඒ රජු අනුව ගමන් කළහ.
5305. සො මුහුත්තං ව යායිත්වා යානා ඔරුය්හ ඛත්තියො, වෙදෙහො සහමච්චෙහි පත්ති ගුණමුපාගමි.
5305. වේදේහ නමැති ඒ ක්ෂත්රිය රජ තෙමේ අමාත්‍යයන් සමඟ සැණෙකින් උයනට ගොස් රියෙන් බැස පා ගමන් ඇත්තේ ගුණ නමැති නිගණ්ඨයා (නුවටා) වෙත පැමිණියේ ය.
5306. යොපි තත්ථ තදා ආසුං බ්රාහ්මණිබ්භා සමාගතා, න තෙ අපනයී රාජා අකටං භූමිමාගතෙ.
5306. එකලැ එහි රැස් වූ බ්‍රාහ්මණ ගෘහපතියෝ වු හු ද රජ තෙමේ ඔවුන් බැහැර නො කෙළේ ය. අවකාශ නො කළ භූමියෙහි එකත් පස්හි හිඳැ ගත්තේ ය.
5307. තතො සො මුදුකාභිසියා මුදුචිත්තකලන්දකෙ, මුදුපච්චත්ථතෙ රාජා එකමන්තං උපාවිසි.
5307. නැවත ඒ රජ තෙමේ මුදු පහස් ඇති විසිතුරු ඇතිරිලි ඇති මුදු පසතුරුණුයෙන් යුත් මොළොක් බිස්සෙක්හි එකත් පස් වැ හිඳැ ගත්තේ ය.
5308. නිසජ්ජ රාජා සම්මොදී කථං සාරාණීයං තතො, කච්චි යාපනීයං භන්තෙ වාතානමවිසග්ගතා.
5308. රජ තෙමේ එහි හිඳීමෙන් පසු සතුටු විය. නැවත සිහි කටයුතු කථා කෙළේ ය. හිමියනි, කිම, යැපෙන්නට පුළුවන් ද? ශරීරය පිළිබඳ වාතයන්ගේ විසම බවක් නැද්ද?
5309. කච්චි අකසිරා වුත්ති ලබ්භති පිණ්ඩයාපනං, අප්පාබාධොවසී කච්චි චක්ඛුං නං පරිහායති.
5309. කිම, නිදුකින් ජීවත් විය හැකි ද, ආහාරයෙන් යැපෙහි ද, ආබාධ නැත්තෙහි ද, ඇස් පිළිබඳ පීඩා නැත්තෙහි ද?
5310. තං ගුණොපටිසම්මොදි වෙදෙහං විනයෙ රතං, යාපනීයං මහාරාජ සබ්බමෙතං තදූභයං.
5310. ගුණ නැමැති නිගණ්ඨ තෙමේ විනයෙහි ඇලුණු ඒ වේදේහ රජහට සතුටු විය යුතු බසින් පිළිවදන් දුනි. මහරජතුමනි, යැපිය හැකි ය. මේ සියල්ල ඒ ලෙස ම ය. වාතාබාධ නැති බව ද ඇස් පිරිහීම් නැති බව ද යන දෙකරුණ ද එසේ ම ය.
5311. කච්චි තුය්හම්පි වෙදෙහ පච්චන්තා න බලීයරෙ, කච්චි අරොගං යොග්ගන්තෙ කච්චි වහති වාහනං කච්චි තෙ ව්යාධයො නත්ථි සරීරස්සුපතාපිකා.
5311. වේදේහ මහරජුනි, කිම, ඔබ ගේ පසල්දනවු වැසියෝ බල පවත්වන්නෝ නො වෙද්ද (නොහොත් නො කිපෙද්ද) බළ සෙනඟ රථවාහන නිරෝග වෙත් ද ඔබ ගේ වාහනය ඔබ උසුලන්න හැකි වෙයි ද? කිම, ශරීරය තවන රෝගයෝ ඔබට නැද්ද?
5312. පටිසම්මොදිතො රාජා තතො පුච්ඡි අනන්තරා, අත්ථං ධම්මඤ්ච ඤායඤ්ච ධම්මකාමො රථෙසභො.
5312. පිළිසඳර වදනින් තුටු පත් රාජෝත්තම වූ ඒ වේදේහ රජ තෙමේ ඉන් පසු වැ අර්ත්ථය (පාලි අර්ත්ථ) ද, ධර්මය (පාලි ධර්ම) ද, න්‍යායය (කාරණ යුක්ති) විචාළේ ය.
5313. කථං ධම්මං චරෙ මච්චො මාතාපිතුසු කස්සප, කථං චරෙ ආචරියෙ පුත්තදාරෙ කථං චරෙ.
5313. එම්බා කස්සපය, මනුෂ්‍ය තෙමේ මවුපියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? ගුරුවරයා කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද, අඹු දරුවන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
5314. කථං චරෙය්ය වුද්ධෙසු කථං සමණබ්රාහ්මණෙ, කථඤ්ච බලකායස්මිං කථං ජානපදෙ චරෙ.
5314. වැඩිමහල්ලන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? මහණ බමුණන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? බළසෙනඟ කෙරෙහි ද දැහැමින් කෙසේ හැසිරේ ද? දනවුවැසියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
5315. කථං ධම්මං චරිත්වාන පෙච්ච ගච්ඡති සුග්ගතිං, කථඤ්චෙකෙ අධම්මට්ඨා පතන්ති නිරයං අධො.
5315. දහම්හි කවර අයුරකින් හැසිරීම හේතු කොට ගෙන පරලොව සුගතියට යේ ද නො දැමිටු (අධම්මිට්ඨ) සමහරු යට දෙස නරකයට කෙසේ නම් වැටෙද්දැ යි විචාළේ ය.
5316. වෙදෙහස්ස වචො සුත්වා කස්සපො එකදබ්රවි, සුණොහි මෙ මහාරාජ සච්චං අවිතථං පදං.
5316. වේදේහ රජුගේ බස් අසා කස්සප නම් නිගණ්ඨ (නුවට) තෙමේ මෙය කී ය: මහරජ, සැබෑ වූ නිබොරු වූ ම බස් ශ්‍රවණය කර:
5317. නත්ථි ධම්මස්ස චිණ්ණස්ස ඵලං කල්යාණපාපකං, නත්ථි දෙව පරො ලොකො කො තතො හි ඉධාගතො.
5317. පුහුණු කළ ධර්මය පිළිබඳ යහපත් නො යහපත් විපාක නැත. මහරජ පර ලොවක් නැත. එ ලොවින් කවරෙක් නම් මෙහි ආයේද?
5318. නත්ථි දෙව පිතරො වා කුතො මාතා කුතො පිතා, නත්ථි ආචරියො නාම අදන්තං කො දමෙස්සති.
5318. මහරජ, මුතුන්මිත්තැණියෝ ද නැත. එහෙයින් මෑණියෝ කොයින් ද පියාණෝ කොයින් ද ගුරුවරයෙක් නම් නැත. එහෙයින් නො හික්මුණු අයකු කවරෙක් නම් හික්මවන්නේ ද?
5319. සමතුල්යානි භූතානි නත්ථි ජෙට්ඨාපචායිනො, නත්ථි බලං වා විරියං වා කුතො උට්ඨානපොරිසං, නියතානි හි භූතානි යථා ගොටවිසො තථා.
5319. සත්ත්වයෝ සම සම වූවෝ වෙති. වැඩිහිටියන් පුදනනෝ ද නැත. බල හෝ වීර්‍ය්‍ය හෝ නැත. උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුත් පෞරුෂයක් නම් කොයින් ද, නැව හැර නො යන ගල්වත මෙන් සත්ත්වයෝ නියමය අනුවැ යෙති.
5320. ලද්ධෙය්යං ලභතෙ මච්චො තත්ථ දානඵලං කුතො, නත්ථි දානඵලං දෙව අවසො දෙව වීරියො.
5320. මිනිස් තෙමේ ලැබිය යුක්ත ලබයි. එහි දීමෙහි විපාක කොයින් ද. මහරජ දීමෙහි විපාක නැත. මෙසේ දානයෙහි විපාක නැති කලැ (යම්කිසි බාලයෙක් දෙයි නම්) දේවයිනි, නො වසඟ වූයේ උත්සාහ නැත්තෙක් වැ දන් දෙයි.
5321. බාලෙහි දානං පඤ්ඤත්තං පණ්ඩිතෙහි පටිච්ඡිතං, අවාසා දෙන්ති ධීරානං බාලා පණ්ඩිතමානිනො.
5321. දානය පනවන ලද්දේ අඥානයන් විසිනි. පිළිගන්නා ලද්දේ නැණවතුන් විසිනි. දුබල නැණවත්යැ යි සිතන අඥානයෝ නැණවතුන් හට දෙතැ යි කී ය.
5322. සත්තිමෙ සස්සතා කායා අච්ඡෙජ්ජා අවිකොපිනො, තෙජො පඨවිරාපො ච වායො සුඛදුඛඤ්චිමෙ ජීවෙ ච සත්තිමෙ කායා යෙසං ඡෙත්තා න විජ්ජති.
5322. නො සිඳිය හැකි වෙනස් කෝපනය නො කට හැකි ශාශ්වත (හැම කල් පවත්නා) වූ මේ සමූහයෝ සතක් වෙති. එ නම් තේජස් ය, පෘථිවි ය, ජලය, වාත ය, සැප ය, දුක ය, ජීව ය යන මේ සත යි. යමකුන් පිළිබඳ සිඳින්නෙක් නැද්ද ඒ මේ සමූහ සත යි.
5323. නත්ථි හන්තා වා ඡෙත්තා වා හඤ්ඤරෙ වාපි කොචි නං; අන්තරෙනෙව කායානං සත්ථානි වීතිවත්තරෙ.
5323. නසන්නෙක් හෝ සිඳින්නෙක් හෝ නැත. නැසෙන්නෝ ද නැත. කිසිවෙක් කිසිවකු නසන්නේ ද නො වේ. සිඳින සැත් මේ සත්වැදෑරුම් සමූහයන් අතරින් මැ ඉක්ම යත්.
5324. යොපායං සිරමාදාය පරෙසං නිසිතාසිනා, න සො ඡින්දති තෙ කායෙ තත්ථ පාපඵලං කුතො.
5324. මේ යමෙක් අනුන්ගේ හිස අල්ලාගෙන මුවහත් කඩුවෙකින් කපා ද හේ ඒ සත්ත්ව කායයන් නො සිඳියි. එහි පාපකර්මයක් විපාකයක් නම් කොයින් ද?
5325. චුල්ලාසීති මහාකප්පෙ සබ්බෙ සුජ්ඣන්ති සංසරං, අනාගතෙ තම්හි කාලෙ සඤ්ඤතොපි න සුජ්ඣති.
5325. සුවාසූ මහා කල්පයක් මුළුල්ලෙහි සැරිසරන මේ සියල්ලෝ පිරිසිදු වෙති. ඒ පැවැසුණු කාලප්‍රමාණය නො පැමිණි කලැ සීලාදි සංයම ඇත්තේ ද පිරිසිදු බවට නො පැමිණෙයි. (සත්ත්වයන් පිරිසිදු කරන්නට සමතෙක් නම් නැත.)
5326. චරිත්වාපි බහුං භද්‍රං නෙව සුජ්ඣන්ති නාගතෙ, පාපං චෙපි බහුං කත්වා තං ඛණං නාතිවත්තරෙ.
5326. බොහෝ යහපත කිරීමෙනුදු ඒ පැවසූ කාලය නො පැමිණි කල පිරිසිදු නො වෙති. ඉදින් බොහෝ පව් කිරීමෙන් නමුදු (ශුද්ධිය පිණිස) ඒ කාලය නො ඉක්මවන්නාහ.
5327. අනුපුබ්බෙන නො සුද්ධි කප්පානං චුල්ලසීතියා, නියතිං නාතිවත්තාම වෙලන්තමිව සාගරො.
5327. කල්පයන් සම්බන්ධ සූ අසූවකින් අප ගේ සංසාර ශුද්ධිය පිළිවෙළින් පවත්නේ ය. වෙරළ නො ඉක්ම පවත්නා සයුර මෙන් අපි දු නියමය හෙවත් සූ අසූ මහකප ඉක්ම නො පවතිමු යි කී ය.
5328. කස්සපස්ස වචො සුත්වා අලාතො එතදබ්රවි, යථා භදන්තො භණති මය්හංපෙතෙව රුච්චති.
5328. කාශ්‍යප නමැති නුවටාගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කී ය: පින්වත් තෙමේ යම්සේ පවසයි ද මට එය ම රුචි ය.
5329. අහංපි පුරිමං ජාතිං සරෙ සංසරිතත්තනො, පිඞ්ගලො නාමහං ආසිං ලුද්දො ගොඝාතකො පුරෙ.
5329. මම ද තමා සසර සැරිසැරූ පූර්වජාතිය සිහි කෙරෙමි. මම පූර්වජාතියෙහි පිංගල නමැති රුදුරු වූ ගෝඝාතකයෙක් වීමි.
5330. බාරාණසියං ඵිතාය බහුං පාපං කතං මයා, බහූ මය්හං හතා පාණා මහිසා සූකරා අජා.
5330. සමෘද්ධිමත් බරණැස් නුවර දී මා විසින් බොහෝ පව් කරන ලද්දේ ය. මීමෝ ය ඌරෝ ය එළුවෝ ය යන බොහෝ සත්ත්වයෝ මා විසින් මරන ලදහ.
5331. තතො චුතො ඉධ ජාතො ඉද්ධෙ සෙනාපතීකුලෙ, නත්ථි නූන ඵලං පාපෙ සොහං න නිරයං ගතො.
5331. එයින් චුත වූ මම මෙ නුවර සමෘද්ධිමත් සෙනෙවි කුලයක උපනිමි. ඒ මම නිරයට නො පැමිණියෙම්. එයින් පාපකර්ම විපාක නැතැ යි සිතමි යි කී ය.
5332. අථෙත්ථ බීජකො නාම දාසො ආසි පළච්චරී, උපොසථං උපවසන්තො ගණසන්තිකුපාගමි.
5332. ඉක්බිති මේ මියුලු නුවරැ දුප්පත් වූ බීජක නමැති දාසයෙක් විය. පෙහෙවස් වෙසෙන හේ තෙමේ ගුණ නම් නිවටයා වෙත එළැඹියේ ය.
5333. කස්සපස්ස වචො සුත්වා අලාතස්ස ච භාසිතං, පස්සසන්තො මුහුං උණ්හං රුදං අස්සූනි වත්තයි.
5333. කාශ්‍යපයාගේ බස් අසා අලාත නම් සෙන්පතියා ගේ ද බස් අසා වරින් වර උණුසුම් සුසුම් හෙළමින් කඳුළු වැගිර විය. හෙවත් හැඬීය.
5334. තමනුපුච්ඡි වෙදෙහො කිමත්ථං සම්ම රොදසි, කින්තෙ සුතං වා දිට්ඨං වා කිං මං වෙදෙසි වෙදනං.
5334. වේදේහ නමැති රජ තෙමේ යහළුව, කවර හෙයින් හඬා දැ යි ඔහු ගෙන් විචාළේ ය. තොප විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ කිමෙක් ද කිනම් වේදනාවක් දනවවුද? එය මට කියව යි කී ය.
5335. වෙදෙහස්ස වචො සුත්වා බීජකො එතදබ්රවි, නත්ථි මෙ වෙදනා දුක්ඛා මහාරාජ සුණොහි මෙ.
5335. වේදේහ රජුගේ බස් අසා බීජක නම් දාස තෙමේ මෙය කී ය. මහරජ, මට දුක් වේදනාවක් නැත. මාගේ බස් අසනු මැනැවි.
5336. අහම්පි පුරිමං ජාතිං සරාමි සුඛමත්තනො, සාකෙතාහං පුරෙ ආසිං භාවසෙට්ඨි ගුණෙ රතො.
5336. මම මාගේ පූර්වජාතියෙහි සුව සිහි කරමි. මම සාකේත නුවර ගුණයෙහි ඇලුණු භාවසෙට්ඨි නම් අසූකෙළක් ධන ඇති සිටුවරයෙක් වීමි.
5337. සම්මතො බ්රාහ්මණිබ්භානං සංවිහාගරතො සුචි, න චාපි පාපකං කම්මං සරාමි කතමත්තනො.
5337. බමුණන් හා ගහපතියන් විසින් ගරු කරන ලද දන් දීමෙහි ඇලුණු පිරිසිදු කර්මාන්ත ඇති මම තමන් කළ පව් කමක් සිහි නො කරමි.
5338. තතො චුතාහං වෙදෙහ ඉධ ජාතො දුරිත්ථියා, ගබ්භම්භි කුම්භදාසියා යතො ජාතො සුදුග්ගතො.
5338. වේදේහ රජුනි, එයින් චුත වූ මම වනාහි මේ මියුලු නුවර දුප්පත් ස්ත්‍රියක වූ කළමිඩියක (කුම්භදාසියක) ගේ කුසැ උපන්මි. උපන් තැන් පටන් ඉතා දුප්පත් වීමි.
5339. එවම්පි දුග්ගතො සන්තො සමචරියං අධිට්ඨිතො, උපඩ්ඪහාගං භත්තස්ස දදාමි යො මෙ ඉච්ඡති.
5339. මෙසේ ඉතා දුප්පත් වූයෙම් නමුදු සමචරියා සංඛ්‍යාත කුසල දහම් විෂයෙහි පිහිටියෙම් වෙමි. යමෙක් කැමති වී නම් ඔහුට මා අනුභව කරන බත දෙකට බෙදා කොටසක් දෙමි.
5340. චාතුද්දසිං පඤ්චදසිං සදා උපවසාමහං, න චාපි භූතෙ හිංසාමි ථෙය්යඤ්චාපි විවජ්ජයිං.
5340. මම තුදුස්වක් පසළොස්වක් හැම පොහෝ දවස්හි පෙහෙවස් වෙසෙමි. සත්ත්වහිංසා ද නොකරමි. සොරකම ද දුරු කෙළෙමි.
5341. සබ්බමෙව හි නූනෙතං සුචිණ්ණං භවති නිප්ඵලං, නිරත්ථං මඤ්ඤිදං සීලං අලාතො යථ භාසති.
5341. මැනැවින් පුරුදු කළ මේ හැම ඒකාන්තයෙන් නිෂ්ඵල ය. අලාත නමැති සෙනෙවි තෙමේ යම් අයුරකින් කියා ද එසේ මැ මේ සීලය වැඩක් නැතැයි සිතමි.
5342. කලිමෙව නූන ගණ්හාමි අසිප්පො ධුත්තකො යථා, කටං අලාතො ගණ්හාති කිතවො සික්ඛිතො යථා.
5342. අක්ෂ–පසැට ශිල්ප විෂයෙහි නො හික්මුණු දූකෙළින්නකු (සූදු කාරයකු) මෙන් මම ඒකාන්තයෙන් පරාදය ගනිමි. ශිල්ප දැනගත් කපට දූ කෙළින්නකු යම්සේ ද, අලාත නම් සෙනෙවි තෙමේ එමෙන් ජයගනී.
5343. ද්වාරං නප්පතිපස්සාමි යෙන ගච්ඡාමි සුග්ගතිං, තස්මා රාජ පරොදාමි සුත්වා කස්සපභාසිතං.
5343. මහරජ, යම්ද්වාරයකින් සුගතියට පැමිණෙම් ද ඒ දොරටුව නො දක්මි. එහෙයින් කාශ්‍යප නිගණ්ඨයාගේ බස් අසා හඬමි යි කී ය.
5344. බීජකස්ස වචො සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි, නත්ථි ද්වාරං සුගතියා නියතිං කඞ්ඛ බීජක.
5344. බීජකයාගේ බස් අසා අංගාති රජ මෙසේ කී ය: යහළු බීජකය, සුගතියට ද්වාරයක් හෙවත් පැමිණීමට මඟක් නැත. නියතිය හෙවත් චුල්ලාසීති මහාකල්පය මැ බලව.
5345. සුඛං වා යදිවා දුක්ඛං නියතියා කිර ලබ්භති, සංසාරසුද්ධි සබ්බෙසං මා තුරිත්ථො අනාගතෙ.
5345. සුව හෝ ඉදින් දුක් හෝ කියනලද කාලනියමයෙහි දී ලැබේ ල. බීජකය, අප සියල්ලන්ට මැ සංසාරයාගේ පිරිසිදු බව සිදු වන්නේ ය. ඒ කාලය නො පැමිණි කල යුහුසුලු–ඉකිමන් නො වව.
5346. අහම්පි පුබ්බෙ කල්‍යාණෙ බ්රාහ්මණිබ්භෙසු ව්යාවටො, වොහාරමනුසාසන්තො රතිහිනො තදන්තරා.
5346. මම ද පූර්වජාතියෙහි විනිශ්චය ස්ථානයෙහි බ්‍රාහ්මණ–ගෘහ පතියන් කෙරෙහි දානාදී කල්‍යාණ කර්මයෙහි ව්‍යාපෘත වීමි. රාජකෘත්‍යයෙහි යුක්ති අනුශාසනා කරමින් ඉක්බිති පඤ්චකාම රතියෙන් පිරිහිණිමි යි කී ය.
5347. පුනපි භන්තෙ දක්ඛෙමු සඞ්ගති චෙ භවිස්සති, ඉදං වත්වාන වෙදෙහො පච්චගා සනිවෙසනං.
5347. හිමියනි, ඉදින් අපගේ එක්වීමක් වන්නේ නම් නැවත ද දකිමු යි මෙය කියා වේදේහ රජ තෙමේ තමන්ගේ මාලිගාවට පෙරළා ගියේ ය.
5348. තතො රත්යා විවසනෙ උපට්ඨානම්භි අඞ්ගති, අමච්චෙ සන්නිපාතෙත්වා ඉදං වචනමබ්රවි:
5348. ඉක්බිති අංගාති රජතෙමේ රැය පහන් වූ කල තමන්ට උපස්ථාන කරන තන්හි හෙවත් රැස්වීම් ශාලාවෙහි ඇමතියන් රැස් කරවා මෙ බස් කී ය:
5349. චන්දකෙ මෙ විමානස්මිං සදා කාමෙ විධෙන්තු මෙ, මාමූපගච්ඡුං අත්ථෙසු ගුය්හප්පාකාසියෙසු ච.
5349. චන්දක නමැති මාගේ මාලිගාවෙහි මට හැම කල්හි පංචකාම සම්පත් පිළියෙළ කෙරෙත්වා! රහස්‍ය වූ ද ප්‍රකාශ කළයුතු වූ ද කටයුතු පැමිණි කල කිසි කෙනෙක් මා වෙත නො පැමිණෙත්වා!
5350. විජයො ච සුනාමො ච සෙනාපති අලාතකො, එතෙ අත්ථෙ නිසීදන්තු චොහාරකුසලා තයො.
5350. යුක්ති පසිඳීමෙහි සමර්ත්ථ වූ විජය නම් ඇමැති ද සුනාම නම් ඇමැති ද අලාත නම් සෙනෙවි ද යන මේ තිදෙනා විනිශ්චය ශාලාවෙහි හිඳ ගනිත්වා!
5351. ඉදං වත්වාන වෙදෙහො කාමෙ ච බහුමඤ්ඤථ, නචාපි බ්රාහ්මණිබ්භෙසු අත්ථෙ කිස්මිඤ්චි ව්යාවටො.
5351. වේදේහ රජතෙමේ මෙය කියා පස්කම් සැප ම බෙහෙවින් වින්දේ ය. බ්‍රාහ්මණගෘහපතියන් පිළිබඳ වූ කිසි කටයුත්තක නො යෙදුණේ ය.
5352. තතො ද්වෙ සත්තරත්තස්ස වෙදෙහස්සත්රජා පියා, රාජකඤ්ඤා රුජා නාම ධාතිමාතරමබ්රවි:
5352. එයින් (පස්කම් සැප විඳුමට බැස ගත් දවසින්) තුදුස් දිනකට පසු වේදේහ රජහට ප්‍රිය දූහිතෘ වූ ‘රුජා’ නමැති රාජ කන්‍යාව කිරිමවට මෙසේ කිවු:
5353. අලඞ්කරොථ මං ඛිප්පං සඛියො ච කරොන්තු මෙ, සුවෙ පණ්ණරසො දිබ්බො ගච්ඡං ඉස්සරසන්තිකෙ.
5353. ඉක්මන් කොට මා සරසව, මාගේ යෙහෙළියන් ද සරසත්වා, හෙට (දෙවියන්ගේ රැස්වීමෙන් සැරැසුණු) පසළොස්වක් පොහොය වේ. පිය මහරජු වෙත යමි යි කීවා ය.
5354. තස්සා මාල්යං අභිහරිංසු චන්දනඤ්ච මහාරහං, මණිසඞ්ඛමුත්තරතනං නානාරත්තෙ ච අම්බරෙ.
5354. ඈට මල්දම් ය අගනා සඳුන් ය මැණික් ය සක් ය මුතු ය රුවන් ය යන දෑ ද නානා වර්ණ වස්ත්‍ර ද සරසනු පිණිස එළවූහ.
5355. තඤ්ච සොවණ්ණයෙ පීඨෙ නිසින්නං බහුකිත්ථියො, පරිකිරිය අසොභිංසු රුජං රුචිරවණ්ණිනිං.
5355. රන්මුවා පුටුවෙහි හුන් යහපත් ශරීරවර්ණයෙන් යුත් රුජා නමැති රාජ කන්‍යාව පිරිවරා සිටි බොහෝ ස්ත්‍රීහු දෙවඟනන් මෙන් අතිශයින්ම බැබැළුණාහ.
5356. සා ච සඛීමජ්ඣගතා සබ්බාභරණභූසිතා, සතෙරතා අබ්භමිව චන්දකං පාවිසී රුජා.
5356. යෙහෙළියන් මැදට පැමිණි සියලු අබරණින් සැරැහුණු රුජා නමැති ඒ රාජකන්‍යා තොමෝ ද වළාකුලකට වදනා විදුලියක් මෙන් චන්දක නැමැති පහයට පිවිසියා ය.
5357. උපසඞ්කමිත්වා වෙදෙහං වන්දිත්වා විනයෙ රතා, සුවණ්ණවිකතෙ පීඨෙ එකමන්තං උපාවිසි.
5357. විනයෙහි ඇලුණු රුජා වේදේහ රජු වෙත පැමිණ වැඳ සත්රුවනින් විසිතුරු රන් කම් කළ පුටුවෙක එකත් පස් වැ හිඳගත්තා ය.
5358. තඤ්ච දිස්වාන වෙදෙහො අච්ඡරානංව සඞ්ගමං, රුජං සඛිමජ්ඣගතං ඉදං වචනමබ්රවි:
5358. වේදේහ රජ තෙමේ දෙවඟනන් සමූහයකට බඳු එ පිරිස දැක යෙහෙළියන් මැදට පත් රුජා නම් රාජ කන්‍යාවට මේ වචනය කී ය:
5359. කච්චි රමසි පාසාදෙ අන්තො පොක්ඛරණිං පති, කච්චි බහුවිධං ඛජ්ජං සදා අභිහරන්ති තෙ.
5359. කිම දියණියනි, මා කරවා දුන් පහයෙහි සිත් අලවා වෙසෙහි ද? ගෘහොද්යානයෙහි පිහිටි පොකුණෙහි (ජල ක්‍රීඩා කිරීම වශයෙන්) සිත් අලවා වෙසෙහිද නන් වැදෑරුම් කන දෑ හැම දවස් තිට එළවත් ද?
5360. කච්චි බහුවිධං මාල්යං ඔචිනිත්‍වා කුමාරියො, ඝරකෙ කරොථ පච්චෙකං ඛිඩ්ඪාරතිරතා මුහුං.
5360. කිම කුමරියෙනි, තෙපි ක්රීඩාරතියෙහි ඇලුණහු නානාවිධ මල්දම් ගොතා එක්වන් මල්ගුළා කරවු ද?
5361. කෙන වා විකලං තුය්හං ඛිප්පං අභිහරන්තු තෙ, මානො කරස්සු කුඩ්ඩමුඛී අපි චන්දසමම්භිපි.
5361. කුමන වස්තුවකින් තිට අඩුවක් වෙයි ද, එය වහා ම එළවත්වා! අබ, මැටි, තල කල්කයෙන් පැහැපත් කළ මුහුණු ඇත්තිය, සඳ වැනි දෙයෙහි පවා කැමැත්තෙහි නම් මට කියව සපයා දෙමි යි රජ තෙමේ කී ය.
5362. වෙදෙහස්ස වචො සුත්වා රුජා පිතරමබ්රවි: සබ්බමෙතං මහාරාජ ලබ්භතිස්සරසන්තිකෙ.
5362. වේදේහ රජුගේ බස් අසා රුජා නම් රාජකන්‍යාව පියරජහට මෙය පැවැසූ ය: මහරජුනි, ජනාධිපති වන ඔබ වෙතින් මේ සියල්ල ලැබෙයි.
5363. සුවෙ පණ්ණරසො දිබ්බො සහස්සං ආහරන්තු මෙ, යථාදින්නඤ්ච දස්සාමි දානං සබ්බවණීසු’හං.
5363. පියාණෙනි, හෙට දිව්‍ය වූ පසළොස්වක් පොහෝ දවස ය. කහවණු දහසක් මට දෙනු මැනැවි. පෙරැ දුන් පරිදි සියලු යාචකයන් කෙරෙහි දෙන්නෙමි යි පැවැසූ ය.
5364. රුජාය වචනං සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි: බහුං විනාසිතං විත්තං නිරත්ථං අඵලං තයා.
5364. රුජා කුමරියගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: තී විසින් අවැඩ වන ලෙස නිෂ්ඵල පරිදි බොහෝ වස්තුව විනාශ කරන ලදී.
5365. උපොසථං වසං නිච්චං අන්නපානං න භුඤ්ජසි, නියතෙතං අභුත්තබ්බං නත්ථි පුඤ්ඤං අභුඤ්ජතො.
5365. නිති පෙහෙවස් වෙසෙමින් ආහාරපාන අනුභව නො කෙරෙහි ය. නියති විසින් තෙල නො වැළඳියයුතු වෙයි. නො වළඳන්නාහට පින් නැතැ යි කී ය.
5366. බීජකොපි හි සුත්වාන තදා කස්සපභාසිතං, පස්සසන්තො මුහුං උණ්හං රුදං අස්සූනි වත්තයි.
5366. බීජක තෙමේ ද එ කල කාශ්‍යප නුවටාගේ බස් අසා නැවත නැවතත් ප්‍රශ්වාස කරන්නේ හඬමින් උණු කඳුළු වැගිරවී ය.
5367. යාව රුජෙ ජීවසි නො මා භත්තමපනාමයි, නත්ථි භද්දෙ පරො ලොකො කිං නිරත්ථං විහඤ්ඤසි.
5367. රූජා දියණියනි, යම් පමණ කල් ජීවත් වෙහි ද ඒ තාක් කල් අහර දුරු නො කරව. යහපත් දියණියනි, පරලොවක් නැත, නිකරුණේ කුමට වෙහෙසෙහි දැ යි ඇසී ය.
5368. වෙදෙහස්ස වචො සුත්වා රුජා රුචිරවණ්ණිනි, ජානං පුබ්බාපරං ධම්මං පිතරං එතදබ්රවි:
5368. යහපත් ශරීර වර්ණ සම්පන්න වූ රූජා රාජකන්‍යා තොමෝ වේදේහ නම් පියරජුගේ බස් අසා (අතීතයෙන් ජාති සතක් ද අනාගතයෙන් ජාති සතක් ද) පූර්වාපර දහම් දන්නී පියරජුට මෙ බස් පැවසූ:
5369. සුතමෙව මෙ පුරෙ ආසි සක්ඛී දිට්ඨමිදං මයා, ඛාලූපසෙවී යො හොති බාලොව සමපජ්ජථ.
5369. යමෙක් අඥානයන් සෙවුනේ වෙයි ද හේ අඥාන භාවයට මැ පැමිණෙයි යනු මා විසින් පෙරැ අසන ලද්දේ ම ය. මෙය වනාහි දැන් ඇස් හමුවෙහි දක්නා ලදී.
5370. මූළ්හො හි මූළ්හමාගම්ම භිය්යො මොහං නිගච්ඡති, පකිරූපං අලාතෙන බීජකෙන ච මුය්හිතුං.
5370. යම් පරිදි මංමුළා වූයෙක් මංමුළා වූවකු කරා එළැඹ අතිශයින් මුළා වේ ද එසෙයින් දෘෂ්ටිමුඪයා ද අතිශයින් මුළාවට පැමිණෙයි. (දේවයන් වහන්ස,) අලාක සෙනෙවියා ද බීජක දාසයා ද (ගුණ නුවටා කරා එළැඹ,) මුළා වන්නට සුදුසු වෙත්.
5371. ත්වඤ්ච ද්වෙ සප්පඤ්ඤො ධීරො අත්ථස්ස කොවිදො, කථං බාලෙහි සදිසං හීනං දිට්ඨිං උපාගමි.
5371. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වූකලි නුවණැතියහ, එහෙයින් ධීරයහ, අර්‍ත්‍ථානර්‍ත්‍ථ දැනුමෙහි සමර්ත්ථයහ. කිසෙයින් බාලයන් හා සදෘශ ව ලාමක දෘෂ්ටියට පැමිණියහු ද?
5372. සචෙ හි සංසාරපථෙන සුජ්ඣති නිරත්ථියා පබ්බජ්ජා ගුණස්ස, කීටොව අග්ගිං ජලිතං අපාපතං උප්පජ්ජති මොමූහො නග්ගභාවං.
5372. ඉදින් සංසාරමාර්ගයෙන් ශුද්ධිය වේ නම් ගුණ නුවටාගේ පැවිද්ද නිරර්‍ත්‍ථක යැ. දිලියෙන ගින්නට පනන පළඟැටියකු සෙයින් අතිශයින් මුළා වූයේ නග්නභාවයට පැමිණියේ ය.
5373. සංසාරසුද්ධීති පුරෙ නිවිට්ඨා කම්මං විදූසෙන්ති බහූ අජානං, පුබ්බෙ කලී දුග්ගහිතොව අත්ථා දුම්මොචයා බලිසා අම්බුජොව.
5373. සංසාරයෙන් ශුද්ධිය වේ ය යි පළමු මැ මිසදිටු ගත් බොහෝ ජනයෝ නො දන්නාහු කර්මය ද කර්මඵලය ද නසති. ඔවුන් විසින් පළමු මැ ගන්නා ලද පරාජයග්රාහය වරදවා ගන්නා ලද මැ වෙයි. ඔහු (බිලිය ගිලැ සිටි) මසකු බිලියෙන් (මුදවාලියැ නොහැක්කා) සේ අනර්ත්ථයෙන් මුදවාලියැ නො හැකි වෙති.
5374. උපමං තෙ කරිස්සාමි මහාරාජ නවත්ථියා, උපමායපිධෙකච්චෙ අත්ථං ජානන්ති පණ්ඩිතා.
5374. මහරජාණෙනි, ඔබට වැඩ පිණිස උපමාවක් කියමි. මෙලොවැ ඇතැම් පණ්ඩිත පුරුෂයෝ උපමායෙනුදු අර්ත්ථය දැනගනිත්.
5375. වාණිජානං යථා නාවා අප්පමාණභරා ගරු, අතිභාරං සමාදාය අණ්ණවෙ අවසීදති.
5375. යම් පරිදි වෙළඳුන්ගේ නැවක් අපමණ වූ බර ගෙනයන්නී අධික වූ වස්තුභාරය ගෙන සයුරෙහි ගැලේ ද,
5376. එවමෙව නරො පාපං ථොක ථොකම්පි ආචිනං, අතිභාරං සමාදාය නිරයෙ අවසීදති.
5376. එසෙයින් මැ මිනිසෙක් අකුශලය මඳින් මඳ රැස් කරනුයේ අධික වූ අකුශලභාරය ගෙන නිරයෙහි ගැලෙයි.
5377. න තාව භාරො පරිපූරො අලාතස්ස මහීපති. ආචිනාති ච තං පාපං යෙන ගච්ඡති දුග්ගතිං.
5377. මිහිපල්තුමනි, අලාත සෙනෙවියාගේ (ගෝඝාතක) අකුශලභාරය තව නො පිරුණේයැ. හේ යම් පාපයෙකින් දුගතියට යේ ද ඒ පාපකර්මය රැස්කරන්නේ ද වෙයි.
5378. පුබ්බෙවස්ස කතං පුඤ්ඤං අලාතස්ස මහීපති, තස්සෙස ද්වෙ නිස්සන්දො යඤ්චෙසො ලභතෙ සුඛං.
5378. මිහිපල්තුමනි, අලාත සෙනෙවියා විසින් පූර්වභවයෙහි ම කරනලද (පුෂ්පපූජා සංඛ්‍යාත) යම් පිනක් ඇද්ද දේවයිනි, මේ තෙමේ මෙකල යම් සුවයක් විඳී නම් මේ කුශලයාගේ විපාක යැ.
5379. ඛීයතෙවස්ස තං පුඤ්ඤං තථාහි අගුණෙ රතො, උජුමග්ගං අවාහාය කුම්මග්ගමනුධාවති.
5379. ඔහුගේ ඒ පින ගෙවීයේ මැ ය. ඒ එසේ මැ යි. අකුශලයෙහි ඇලුණු හේ ඍජු වූ කුශලමාර්ගය හැරපියා අකුශලමාර්ගයෙහි යෙයි.
5380. තුලා යථා පග්ගහිතා ඔහිතෙ තුලමණ්ඩලෙ, උන්නමෙති තුලාසීසං භාරෙ ඔරොපිතෙ සති.
5380. යම්සේ දැඩිව ගන්නාලද තරාදිය භාණ්ඩ ගැනීම පිණිස තුලා තැටිය එල්වා තැබූ කල්හි බඩු නගන ලදුයේ පහතට බසී ද බැහැර කළ කල්හි තුලාහිස උඩට නඟී ද,
5381. එවමෙව නරො පුඤ්ඤං ථොකථොකම්පි ආචිනං, සග්ගාතිමානො දාසොව බීජකො සාතවෙ රතො.
5381. එසෙයින් ම මිනිසා කුශලය මඳින් මඳ රැස්කරනුයේ ස්වර්ගයට පමුණුවන කුශලයෙහි ඇලුණු බීජක දාසයා මෙන් මධුර විපාක ඇති කුශලයෙහි මැ ඇලුණේ වෙයි.
5382. යඤ්චජ්ජ බීජකො දාසො දුක්ඛං පස්සති අත්තනි, පුබ්බෙ තස්ස කතං පාපං තමෙසො පටිසෙවති.
5382. දැන් බීජක දාසයා තමා කෙරෙහි යම් දුකක් දකී ද ඔහු විසින් පෙර කළ යම් (ආක්‍රෝශ) පාපයෙක් වී නම් මේ තෙමේ ඒ පාපඵලය විඳී.
5383. ඛීයතෙචස්ස තං පාපං තථාහි විනයෙ රතො, කස්සපඤ්ච සමාපජ්ජ මාහෙවුප්පථ මාගමා.
5383. ඔහුගේ ඒ පාපය ගෙවී යේ මැ ය. එතෙකුදුවත් ආචාරවිනයෙහි ඇලුණු නුඹ වහන්සේ කාශ්‍යප ගෝත්‍ර ඇති ආජීවකයා කරා එළැඹ අකුශලමාර්ගයට නහමක් යේවා.
5384. යං යං හි රාජ භජති සතං වා යදි වා අසං, සීලවන්තං විසීලං වා වසං තස්සෙව ගච්ඡති.
5384. මහරජාණෙනි, සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ හෝ සිල්වත් වූ හෝ දුශ්ශීල වූ හෝ යම් යම් එකකු සෙවුණේ ද හේ ඔහුගේ මැ වසෙයට පැමිණෙයි.
5385. යාදිසං කුරුතෙ මිත්තං යාදිසඤ්චුපසෙවති, සොපි තාදිසකො හොති සහවාසො හි තාදිසො.
5385. යමෙක් යම් බඳු (පුඟුලකු) මිතුරු කෙරේ ද යම් බඳු වූවකු සෙවුනේ ද හේ ඒකාන්තයෙන් එබඳු වූයේ වෙයි. සහවාසය එබඳු මැ යි.
5386. සෙවමානො සෙවමානං සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො කලාපංව අලිත්තමුපලිම්පති උපලෙපභයා ධීරො නෙව පාපසඛා සියා.
5386. විස පෙවූ සරයෙක් හියවුරෙහි බහාලන ලද්දේ හියවුර විසයෙන් ආලිප්ත වන්නා සේ පාපමිත්රයා පාපයෙන් පහස්නා ලද්දේ තමා සේවනය කරන අන්‍යයා ද (පාපයෙන්) තවරයි. (තමා හා සම අදහස් ඇත්තකු කෙරෙයි සේ යි.) නුවණැති පුරුෂ පාපයෙන් තැවැරෙන බියෙන් පාපමිත්‍රයන් ඇත්තෙක් නො වන්නේ යැ.
5387. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති, කුසාපි පූති වායන්ති එවං බාලූපසෙවනා.
5387. යම් මිනිසෙක් කුණු මස් කුසතණයෙන් බඳී ද (එයින්) කුස තණ ද කුණුගඳ හමයි. බාලයන් සේවනය ද එ බඳු යි.
5388. තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති, පත්තාපි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා.
5388. යම් මිනිසෙක් තුවරලා කොළපතෙකින් බඳී නම් ඒ කොළ පත ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබ ඳු යි.
5389. තස්මා පලපුටස්සෙව ඤත්වා සම්පාක මත්තනො, අසන්තෙ නොපසෙවෙය්ය සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගතිං.
5389. එහෙයින් පත්රපුටයාගේ සුවඳ විහිදීම මෙන් (පණ්ඩිත සේවනයෙන්) තමාගේ ඥාන පරිපාකය දැන පණ්ඩිත පුරුෂ අසත්පුරුෂයන් නො සෙවුනේ යැ. සත්පුරුෂයන් සේවනය කරන්නේ යැ. අසත්පුරුෂයෝ (තමා සෙවුනාහු) නිරයට පමුණුවති. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.
5390. අහම්පි ජාතියො සත්ත සරෙ සංසරිතත්තනො, අනාගතාපි සත්තෙව යා ගමිස්සං ඉතො චුතා.
5390. දේවයන් වහන්ස, මම ද තමා විසින් සැරිසරන ලද ජාති සතක් සිහිකරමි. මෙයින් සැවැ යායුතු වූ අනාගත වූ ද සත් ජාතියක් මැ සිහිකරමි.
5391. යා මෙ සා සත්තමී ජාති අහු පුබ්බෙ ජනාධිප, කම්මාරපුත්තො මගධෙසු අහුං රාජගහෙ පුරෙ.
5391. ජනාධිපති රජතුමනි, පෙර මාගේ යම් සත්වැනි ජාතියක් වූ ද, එකල මගධ රට රජගහ නුවර තරහල් පුත් වීමි.
5392. පාපං සභායං ආගම්ම බහුං පාපං කතං මයා, පරදාරස්ස හෙඨෙන්තො චරිම්භ අමරා විය.
5392. මා විසින් පවිටු මිතුරකු නිසා බොහෝ පව් කරන ලද, පරදාරාවන් වෙහෙසමින් අපි නො මැරෙනුවන් මෙන් හැසුරුනම්හ.
5393. තං කම්මං නිහිතං අට්ඨා භස්මච්ඡත්තොව පාවකො, අථ අඤ්ඤෙහි කම්මෙහි අජායිං වංසභූමියං.
5393. රැස්කරනලද ඒ කර්මය හළුයෙන් වැසුණු ගිනිඅඟුරක් සෙයින් නිහිත වැ සිටියේ යැ. ඉක්බිති අන්‍ය කර්මයකින් වංසරට උපන්මි.
5394. කොසම්බියං සෙට්ඨිකුලෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ, එකපුත්තො මහාරාජ නිච්චං සක්කතපූජිතො.
5394. මහරජාණෙනි, කොසඹෑනුවර සමෘද්ධ වූ සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධන ඇති සිටු කුලයෙකැ නිතර පූජාසත්කාර ඇති එක මැ පුත් වීමි.
5395. තත්ථ මිත්තං අසෙවිස්සං සහායං සාතවෙ රතං, පණ්ඩිතං සුතසම්පන්නං සො මං අත්ථෙ නිවෙසයි.
5395. එහි පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති යහපත් ක්‍රියාවන්හි ඇලුණු මිත්‍රයකු සහාය වශයෙන් ඇසුරු කෙළෙමි. හෙතෙම මා කුශලකර්මයෙහි පිහිටුවීය.
5396. චාතුද්දසිං පඤ්චදසිං බහුං රත්තිමුපාවසිං, තං කම්මං නිහිතං අට්ඨා නිධීව උදකන්තිකෙ.
5396. බොහෝ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි පෙහෙවස් විසීමි. ඒ කර්මය ජලාන්තයක පිහිටි නිධානයක් මෙන් වැසී සිටියේ ය.
5397. අථ පාපානං කම්මානං යමෙතං මගධෙ කතං ඵලං පරියාග තං පච්ඡා භුත්වා දුට්ඨවිසං යථා.
5397. වැළි, මා සතු පව්කම් අතුරෙන් මගධයෙහි දී කළ යම් මේ පරදාරසේවන කර්මයක් වේ ද ඒ (කර්මයාගේ) විපාකය අනුභව කළ නපුරු විෂක් මෙන් මා වෙත එළැඹියේ ය.
5398. තතො චුතාහං වෙදෙහ රොරුවෙ නිරයෙ චිරං, සකම්මනා අපච්චිස්සං තං සරං න සුඛං ලභෙ,
5398. වේදේහ (රජාණෙනි) මම එයින් සැවැ සිය පව්කම් හේතුයෙන් රෞරව නරකයෙහි බොහෝ කලක් පැසුණෙමි. එය සිහි කරන්නෙම් (සිතට) සැපක් නො ලබමි.
5399. බහුවස්සගණෙ තත්ථ ඛෙපයිත්වා බහුං දුඛං, භෙණ්ණකටෙ අහුං රාජ ඡකලො උද්ධිතප්ඵලො.
5399. මහරජාණෙනි, එහි බොහෝ වර්ෂ ගණනක් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙවා භෙණ්ණාකට දේශයෙහි බීජෝද්ධරණය කරන ලද එළුවෙක් වීමි.
5400. සාතපුත්තා මයා වූළ්හා පිට්ඨියා ච රථෙන ච, තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
5400. මා විසින් පිටින් ද රියෙන් ද ඇමතිපුත්තු උසුලනලදහ. (මේ සියල්ල) මාගේ ඒ පරදාරගමන කර්මයාගේ විපාකය යි.
5401. තතො චුතාහං වෙදෙහ කපි ආසිං බ්රහාවනෙ, නිලිච්ඡිත ඵලොයෙව යූථපෙන පගබ්භිනා. තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
5401. වේදේහයෙනි, එයින් චුත වූ මම මහවනයෙහි වඳුරෙක් වීමි. (එහිදු) ප්රගල්භ වූ ප්‍රධාන වානරයා විසින් උපුටන ලද ඵල (බීජ) ඇත්තෙම් වීමි. එ ද මාගේ ඒ පරදාරගමන කර්මයාගේ විපාකයෙකි.
5402. තතො චුතාහං වෙදෙහ දසණ්ණෙසු, පසූ අහුං, නිල්ලච්ඡිතො ජවෙ භද්රො යොග්ගහං වූළ්හං චිරං මයා; තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
5402. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම දසණ්න ජනපදයෙහි ගොනෙක් වීමි. (එහි දු,) උපුටන ලද බීජ ඇත්තෙම් ජවයෙහි යහපත් වීමි. මා විසින් (එහි) බොහෝ කලක් විය (බර) උසුලන ලදී. (එ ද) මාගේ ඒ පරදාරගමන කර්මයාගේ විපාකයෙකි.
5403. තතො චුතාහං වෙදෙහ වජ්ජීසු කුලමාගමා, නෙවිත්ථි න පුමා ආසිං මනුස්සත්තෙ සුදුල්ලභෙ, තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
5403. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම වජ්ජි ජනපදයෙහි කුලයකට (උත්පත්ති වශයෙන්) පැමිණියෙමි. අතිශයින් දුර්ලභ වූ මනුෂ්‍යාත්මයෙහි ස්ත්‍රියක් ද නො වීමි. පුරුෂයෙක් ද නො වීමි. (නපුංසක වීමි. එය ද) මාගේ ඒ පරදාරගමන කර්මයාගේ විපාකයෙකි.
5404. තතො චුතාහං වෙදෙහ අජායිං නන්දනෙ වනෙ, භවනෙ තාවතිංසාහං අච්ඡරා කාමවණ්ණිනී.
5404. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම තව්තිසා භවනයෙහි නන්දන වනයෙහි කැමැති කැමැති වෙස් ගැනීමට සමර්ත්ථ වූ අප්සරාවක් වැ උපන්මි.
5405. විචිත්තවත්ථාභරණා ආවුත්තමණිකුණ්ඩලා, කුසලා නච්චගීතස්ස සක්කස්ස පරිචාරිකා.
5405. විසිතුරු වස්ත්‍ර හා ආභරණ ඇත්තී පැළැඳි මිණි කොඬොල් ඇත්තී නෘත්‍යගීතයෙහි දක්ෂ වූවා ශක්‍රයාගේ භාර්‍ය්‍යාවක් වීමි.
5406. තත්ථ ඨිතාහං වෙදෙහ සරාමි ජාතියො ඉමා, අනාගතෙපි සත්තෙව යා ගමිස්සං ඉතො චුතා.
5406. වේදේහයෙනි, එහි සිටි මම මේ (යට කියන ලද) ජාතීන් සිහි කෙළෙමි. මෙයින් ච්‍යුත වැ යම් තැනකට යන්නෙම් ද ඒ අනාගත ජාති සතක් ද සිහි කෙළෙමි.
5407. පරියාගතන්තං කුසලං යං මෙ කොසම්බියං කතං, දෙවෙ චෙව මනුස්සෙ ච සන්ධාවිස්සං ඉතො චුතා.
5407. කොසඹෑනුවර දී මා විසින් යම් කුශලයක් කරන ලද ද එය තමාගේ වාරයෙන් විපාක දීමට එළැඹියේ ය. මෙයින් ච්‍යුත වූ මම දෙව් ලොව ද මිනිස් ලොව ද සැරිසරන්නෙමි.
5408. සත්ත ජච්චො මහාරාජ නිච්චං සක්කතපූජිතා, ථිභාවාපි න මුච්චිස්සං ඡට්ඨානි ගතියො ඉමා.
5408. මහරජ, මෙසේ සත්ජාතියෙක නිතර පූජා සත්කාර කරන ලද්දී වෙමි. (යට කී) ජාති සයෙහි ස්ත්‍රීභාවයෙන් නො මිදුණෙමි.
5409. සත්තමී ච ගතී දෙව දෙවපුත්තො මහිද්ධිකො, පුමා දෙවො භවිස්සාමි දෙවකායසමිමුත්තමො.
5409. දේවයන් වහන්ස, සත්වැනි ගතියෙහි දෙවියන් අතර උතුම් වූ මහත් ඍද්ධි ඇති පුරුෂදේව වූ දිව්‍ය ප්රත්රයෙක් වන්නෙමි.
5410. අජ්ජාපි සන්තානමයං මාලං ගන්ථෙන්ති නන්දනෙ, දෙවපුත්තො ජවො නාම යො මෙ මාලං පටිච්ඡති.
5410. අද ද නන්දන උයනෙහි (මාගේ පරිවාර දිව්‍යස්ත්‍රීහු) (ඒකතෝවණට ආදි වශයෙන්) රැස් කළ මල් (මා සඳහා) ගොතන්නාහ. ජව නම් වූ දිව්‍යපුත්‍රයෙක් මා සඳහා (ගසින්) වැටෙන මල් පිළිගනී ද (හේ මාගේ සැමියා යි).
5411. මුහුත්තො විය සො දිබ්බො ඉමානි වස්සානි සොළස, රත්තින්දිවො ච සො දිබ්බො මානුසිං සරදොසතං.
5411. යම් මේ (ගත වූ) සොළොස් වසක් වේ ද එය දෙව්ලොව ඇසිල්ලක් මෙනි. මිනිස් ගණනින් සියක් වසක් (තව්තිසා) දෙව්ලොව එක් රෑ දාවලෙකි. (එක් දවසෙකි.)
5412. ඉති කම්මානි අන්වෙන්ති අසඞ්ඛෙය්යාපි ජාතියො, කල්‍යාණං යදි වා පාපං නහි කම්මං පනස්සති.
5412. මෙසේ නො ගිණිය හැකි ජාතියෙකැ පවා කර්මයෝ (සත්වයා) අනුව යෙති. කුශල වූ අකුශල වූ හෝ කර්මය (විපාක නොදී) නො නස්නේ ය. (මේ අපරාපරියවේදනීය කර්මය යි.)
5413. යො ඉච්ඡෙ පුරිසො හොතුං ජාතිජාතිං පුනප්පුනං, පරදාරං විවජ්ජය්යෙ ධොතපාදොව කද්දමං.
5413. යමෙක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වීමට කැමැත්තේ නම් දෙවූ පා ඇත්තකු මඩ (දුරු කරන්නා සේ) පරදාර කර්මය දුරු කරන්නේ ය.
5414. යා ඉච්ඡෙ පුරිසො හොතුං ජාතිජාතිං පුනප්පුනං, සාමිකං අපචායෙය්ය ඉන්දංව පරිචාරිකා.
5414. යම් ස්ත්‍රියක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වන්නට රිසි වේ නම් පරිචාරිකාවන් ඉන්ද්රයාහට (අත් පා මෙහෙ කරන්නා) මෙන් සිය සැමියාට අත් පා මෙහෙ කරන්නේ ය.
5415. යො ඉච්ඡෙ දිබ්බභොගඤ්ච දිබ්බං ආයුං යසං සුඛං, පාපානි පරිවජ්ජෙත්වා තිවිධං ධම්මමාචරෙ.
5415. යමෙක් දිව්‍ය භොග ද දිව්‍ය ආයුෂ යසස හා සුව ද කැමැත්තේ නම් පව් දුරු කොට ත්‍රිවිධ සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය.
5416. කායෙන වාචා මනසා අප්පමත්තො විචක්ඛණො, අත්තනො හොති අත්ථාය ඉත්ථි වා යදි වා පුමා.
5416. නුවණැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කයින් වචනින් මනසින් නො පමා වී නම් (එය) තමහට වැඩ පිණිස වෙයි.
5417. යෙ කෙචිමෙ මනුජා ජීවලොකෙ යසස්සිනො සබ්බසමන්තභොගා, අසංසයං තෙහි පුරෙ සුචිණ්ණං, කම්මස්සකාසෙ පුථු පබ්බසත්තා.
5417. මේ සත්වලෝකයෙහි යසස් ඇති පරිපූර්ණ සියලු භෝග ඇති යම් කිසි මිනිස් කෙනෙක් වෙත් ද ඔවුන් විසින් නිසැක ව ම පෙරපින් කරන ලද්දේ ය. නානා ප්‍රකාර වූ සියලු සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ.
5418. ඉඞ්ඝානුචින්තෙසි සයම්පි දෙව කුතො නිදානා තෙ ඉමා ජනින්ද, යා තෙ ඉමා අච්ඡරාසන්නිකාසා අලඞ්කතා කඤ්චනජාලඡන්නා.
5418. දේවයන් වහන්ස, තමා ද සිතනු මැනැවැ. ජනෙන්ද්රය, (රජ්ජුරුවන් වහන්ස,) අප්සරාවන් හා සමාන වූ අලඞ්කෘත වූ රන්දැලින් වසන ලද්දා වූ ඔබගේ යම් මේ (සොළොස් දහසක්) ස්ත්‍රීහු කුමකින් හටගත්තාහු ද?
5419. ඉච්චෙවං පිතරං කඤ්ඤා රුජා තොසෙසි අඞ්ගතිං, මූළ්හස්ස මග්ගමාචික්ඛි ධම්මමක්ඛාසි සුබ්බතා.
5419. සුන්දර ව්‍රත ඇති රූජා නම් කන්‍යා තොමෝ මෙ පරිද්දෙන් පිය වූ අඞ්ගාති රජු තුටු කරවූ, මුළා වූ රජුට (යහපත් මග) කිවූ, ධර්මය පැවැසූ.
5420. අථාගමා බ්රහ්මලොකා නාරදො මානුසිං පජං, ජම්බුදීපං අවෙක්ඛන්තො අද්දා රාජානමඞ්ගතිං.
5420. ඉක්බිති නාරද නම් බ්‍රහ්ම තෙම දඹදිව බලන්නේ අඞ්ගාති රජු දිටී. (එහෙයින්) බ්‍රහ්මලෝකයෙන් මනුෂ්යප්රජාව වෙත එළැඹියේ ය.
5421. තතො පතිට්ඨා පාසාදෙ වෙදෙහස්ස පුරත්ථතො, තඤ්ච දිස්වා අනුප්පත්තං රුජා ඉසිමවන්දථ.
5421. ඉක්බිති වේදේහ රජු ඉදිරියෙහි ප්‍රාසාදය සමීපයෙහි (අහසෙහි) සිටියේය. පැමිණි ඔහු දැක රුජා තොමෝ (ඒ) ඍෂිවරයා වැන්දා ය.
5422. අථාසනම්භා ඔරුය්හ රාජා ව්යම්භිතමානසො, නාරදං පරිපුච්ඡන්තො ඉදං වචනමබ්රවි.
5422. වැළි රජ බිය වූ සිත් ඇත්තේ අසුනෙන් බැස නාරද (බ්‍රහ්මයා) විචාරන්නේ මෙ වදන් කී ය:
5423. කුතො නු ආගච්ඡසි දෙවවණ්ණි ඔභාසයං සංවරං චන්දිමාව, අක්ඛාහි මෙ පුච්ඡිතො නාමගොත්තං. කථං තං ජානන්ති මනුස්සලොකෙ.
5423. දෙවියකු බඳු ශරීරවර්ණ ඇති රාත්‍රිය හොබවන චන්ද්‍රයා වැනි වූ (තෙපි) කොහි සිට ආවහුද? මා විසින් විචාරන ලද්දේ නම්ගොත් කියව. මිනිස් ලොවැ තොප කෙසේ දනිත් ද?
5424. අහං හි දෙවතො ඉදානි එමි ඔභාසයං සංවරං චන්දිමාව, අක්ඛාමි තෙ පුච්ඡිතො නාමගොත්තං ජානන්ති මං නාරදො කස්සපො ච.
5424. මම වනාහි දැන් දෙව්ලොවින් එමි. රාත්‍රිය හොබවන චන්ද්‍රයා මෙන් (මෙහි හැසිරෙන්නෙම්) තොප විසින් විචාරන ලද්දෙම් නම්ගොත් කියමි. නමින් නාරද යී ද ගෝත්‍රයෙන් කාශ්‍යප යි ද මා දනිත්.
5425. අච්ඡරියරූපං වත යාදිසඤ්ච වෙහාසයං ගච්ඡසි තිට්ඨසී ච, පුච්ඡාමි තං නාරද එතමත්ථං අථ කෙන වණ්ණෙන තවායමිද්ධි.
5425. (තොපගේ) යම්බඳු වූ ශරීරවර්‍ණයක් වේ නම් එය ද තෙපි අහසෙහි යන්නහු ය, සිටිනහු ය, සිටිනහු ය, (යන මෙ) කරුණ ද ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. නාරද ඍෂිවරය, මෙ කරුණ තොප විචාරමි. කවර කරුණෙකින් තොපගේ මේ ඍද්ධිය වී ද?
5426. සච්චඤ්ච ධම්මො ච දමො ච චාගො ගුණා මමෙතෙ පකතා පුරාණා, තෙහෙව ධම්මෙහි සුසෙවිතෙහි මනොජවො යෙනකාමං ගමොස්මි.
5426. වාක්සත්‍යය, ත්‍රිවිධ සුචරිත ධර්මය හා ධ්‍යාන ධර්මය, ඉන්ද්රිය දමනය, ක්ලේශත්යාගය හා දේයධර්‍ම පරිත්‍යාගය යන මේ ගුණයෝ මා විසින් පෙර භවයෙහි මොනොවට පුරුදු කරන ලදහ. මනාව සෙවුනාලද එ (ගුණ) ධර්ම හේතුවෙන් රිසි තැනකට යා හැකි මනෝජව (ඉද්ධි බල) ඇත්තේ වෙමි.
5427. අචඡරිය මාචික්ඛසි පුඤ්ඤසිද්ධිං සචෙ හි එතෙ ත්වං යථා වදෙසි, පුච්ඡාමි තං නාරද එතමත්ථං පුට්ඨො ච මෙ සාධු වියාකරොහි.
5427. කුශලකර්මයන්ගේ ඵලදායක බව ආශ්චර්‍ය්‍ය කොට කියන්නාහු ය. ඉදින් තෙල කරුණු තොප කියන පරිදි වේ නම් නාරද තපස්විනි, මෙ කරුණ තොප විචාරමි. විචාරන ලද්දේ මනා ලෙස මට ප්‍රකාශ කරව.
5428. පුච්ඡස්සු මං රාජ තවෙස අත්ථො යං සංසයං කුරුසෙ භූමිපාල, අහං තං නිස්සංසයතං ගමෙමි. නයෙහි ඤායෙහි ච හෙතුභී ච.
5428. භූමිපාලය, (යම් කරුණෙක්හි) යම් සැකයක් කෙරෙහි ද, මහරජ, තොපගේ ඒ කාරණය මා විචාරව. කාරණයෙන් ද, නුවණින් ද ප්‍රත්‍යයෙන් ද මම තොප නිසැක බවට පමුණුවමි.
5429. පුච්ඡාමි තං නාරද එතමත්ථං පුට්ඨො ච මෙ නාරද මා මුසා භණ, අත්ථි නු දෙවා පිතරො නු අත්ථි ලොකො පරො අත්ථි ජනො යමාහු.
5429. නාරද මුනිවරය, ඒ කරුණ තොප විචාරමි. නාරද මුනිවරය, මා විසින් විචාරන ලද්දේ මුසා නො කියව. ජනයා යමක් කියා ද (එබඳු) දෙවියෝ ඇත් ද? පරලොව ඇත් ද?
5430. අත්ථෙව දෙවා පිතරො ච අත්ථි ලොකො පරො අත්ථි ජනො යමාහු, කාමෙසු ගිද්ධා ච නරා පමූළ්හා ලොකං පරං න විදූ මොහයුත්තා.
5430. (මහරජ) ජනයා යමක් කියා ද? (එබඳු) දෙවියෝ ඇත් ම ය. මව්පියෝ ද ඇත් ම ය. පරලොව ද ඇත්තේ ම ය. කාමයන්හි ගිජු වූ මෝහයෙන් යුක්ත වූ අතිශයින්ම මුළා වූ දනෝ පරලොව නො දනිත්.
5431. අත්ථිති චෙ නාරද සද්දහාසි නිවෙසනං පරලොකෙ මතානං, ඉධෙව මෙ පඤ්චසතානි දෙහි දස්සාමි තෙ පරලොකෙ සහස්සං.
5431. නාරද තවුසාණෙනි, ඉදින් මළවුන් සඳහා පරලොව නිවෙසක් ඇතියි හදහවු නම් මට මෙලොව දී (කහවණු) පන්සියයක් දෙව. තොපට පරලොව දී (කහවණු) දහසක් දෙන්නෙමි.
5432. දජ්ජෙමු ඛො පඤ්චසතානි භොතො ජඤ්ඤාමු චෙ සීලවන්තං වදඤ්ඤුං, ලුද්දං තං භොන්තං නිරයෙ වසන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5432. ඉදින් (තොප) සිල්වතෙක, (මහණ බමුණන්ගේ) අදහස දන්නෙකැයි දනුමෝ නම් භවත්හට (කහවණු) පන්සියයක් (පොලියට) දෙම්හ. රෞද්‍ර ක්‍රියා ඇත්තා වූ නිරයෙහි වසන්නා වූ තොප (කරා එළඹ) පරලොව දී කවරෙක් දහසක් ඉල්ලන්නේ ද?
5433. ඉධෙව යො හොති අධම්මසීලො පාපාචාරො අලසො ලුද්දකම්මො, න පණ්ඩිතා තස්මිං ඉණං දදන්ති නහි ආගමො හොති තථාවිධම්භා.
5433. යමෙක් මෙලොව දී ම නො දැහැමි ස්වභාව ඇත්තේ ද පවිටු හැසිරීම් ඇත්තේ ද අලස වූයේ ද රෞද්රක්රියා ඇත්තේ ද නුවණැත්තෝ ඔහුට ණය නො දෙත්. එබඳු තැනැත්තාගෙන් ණය ආපසු ලැබීමක් නො වේ.
5434. දක්ඛඤ්ච පොසං මනුජා විදිත්වා උට්ඨාහකං සීලවන්තං වදඤ්ඤුං, සයමෙව භොගෙහි නිමන්තයන්ති කම්මං කරිත්වා පුනමාහරෙසි.
5434. (ධනය ඉපදවීමෙහි) දක්ෂ වූ උත්සාහවත් වූ සිල්වත් වූ සත්‍ය වචන ඇති පුරුෂයා දැන (ධනවත්හු), (තොපගේ) කර්මාන්ත කොට (අපගේ ධනය) පසුව ගෙනෙව’යි තුමූ ම ධනයෙන් පවරත්.
5435. ඉතො ගතො දක්ඛසි තත්ථ රාජ කාකොලසඞ්ඝෙහිපි කඩ්ඪමානං, තං ඛජ්ජමානං නිරයෙ වසන්තං කාකෙහි ගිජ්ඣෙහි ච සෙණකෙහි සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5435. මහරජ, මෙයින් ච්‍යුත වූයේ එහි (නිරයෙහි) ලෝතුඩු ඇති කපුටු සමූහයා විසින් අදිනුලබන්නේ දක්නෙ හිය. කවුඩන් ගිජුලිහිණියන් හා උකුස්සන් විසින් කනු ලබන සිඳින ලද සිරුර ඇති ව නිරයෙහි වෙසෙන ලේ වැගිරෙන (තොපගෙන්) පරලොව දී කවරෙක් නම් කහවණු දහසක් ඉල්වන්නේ ද?
5436. අන්ධංතමං තත්ථ න චන්දසුරියා නිරයො සදා තුමුලො ඝොරරූපො. සා නෙව රත්ති න දිවා පඤ්ඤායති තථාවිධෙ කො විචරෙ ධනත්ථිකො.
5436. එහි (ඒ ලෝකාන්තරික නරකයෙහි චක්ෂුර්විඥානයාගේ උත්පත්තිය වළකන) අතිශය අන්ධකාරය ඇත්තේ ය. සඳහිරු නැත්තා හ. ඒ නිරය හැමකල්හි ඝන වූ අන්ධකාරයෙන් යුක්ත ය. භයානක ස්වරූප ඇත්තේ ය. (මෙහි යම් රාත්‍රියක් වේ ද) ඒ රාත්‍රිය ද නැත්තේ ය. දිවා කාලය ද නො පැනේ. එබඳු තැනෙක ධනය කැමති කවරෙක් හැසිරෙන්නේ ද?
5437. සබලො ච සාමො ච දුවෙ සුපාණා පවද්ධකායා බලිනො මහන්තා, ඛාදන්ති දන්තෙහි අයොමයෙහි ඉතො පනුණ්ණං පරලොකපත්තං.
5437. මහත් වූ ශක්තිමත් වූ ඉතා වැඩුණු කය ඇති කඹුරුවන් වූ ද ශ්‍යාම වර්ණ වූ ද සුනඛයෝ දෙදෙනෙක් මෙලොවින් ච්‍යුත වැ පරලොව යන්නහු අයෝමය දත්වලින් කති.
5438. තං ඛජ්ජමානං නිරයෙ වසන්තං ලුද්දෙහි වාළෙහි අඝම්මිගෙහි ච, සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5438. නිරයෙහි වෙසෙන දරුණු වූ දුෂ්ට වූ දුක් එළවන්නා වූ (ඒ) සුනඛයන් විසින් කනු ලබන සිඳුණ සිරුර ඇති ලේ වැගිරෙන ඔහු ගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5439. උසූහි සත්තීහි සුනිස්සිතාහි හනන්ති විජ්ඣන්ති ච පච්චමිත්තා කාළුපකාළා නිරයම්හි ඝොරෙ පුබ්බෙ නරං දුක්කතකම්මකාරිං.
5439. ඝෝර වූ කාලූපකාල නම් නිරයෙහි පසමිතුරු වූ එනම් ඇති නිරයපල්ලෝ පෙර (මිසදිටු ගැනුම නම් වූ) පව්කම් කළ මිනිසාට මොනොවට තියුණු කළ හීයෙන් ද අඩයටියෙන් ද පහර දෙත්. විදීම ද කෙරෙත්.
5440. තං හඤ්ඤමානං නිරයෙ වජන්තං කුච්ඡිස්මිං පස්සස්මිං විඵාලිතූදරං, සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදෙයෙ පරලොකෙ සහස්සං.
5440. නිරයෙහි (ඔබමොබ) හැසිරෙන්නා වූ කුසෙහි ඇලයෙහි ද පහර දෙනු ලබන්නා වූ පළන ලද උදර ඇති සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොපගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5441. සත්තී උසූ තොමරභෙණ්ඩිවාලා විවිධාවුධං වස්සති තත්ථ දෙවො, පතන්ති අඞ්ගාරමිවචවිමන්තො සිලාසනී වස්සති ලුද්දකම්මෙ.
5441. ඒ නිරයෙහි අඩයටි ඊ තෝමර හෙල්ල යන විවිධ ආයුධයුතු වැසි වසී, දිලියෙන අඟුරු මෙන් ගිනිදැල් සහිත ආයුධ පව්කරන්නන් මත වැටෙයි, හෙණ මෙන් ගිනි ගෙන දිලියෙන ගල් වැසි වසී.
5442. උණ්හො ච වාතො නිරයම්හි දුස්සහො න තහිං සුඛං ලබ්භති ඉත්තරම්පි, තං තං විධාවන්තමලෙනමාතුරං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5442. ඒ නිරයෙහි නො ඉසිලිය හැකි උණුසුම් වාතය ඇත්තේ ය. එහි අල්ප වූ ද සුවයෙක් නො ලැබේ. සැඟවෙන තැන් නැති වැ පීඩාවට පත් වැ ඒ ඒ තැන දිවෙන තොප (තොපගෙන්) (ඒ) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5443. සන්ධාවමානං තං රථෙසු යුත්තං සජොතිභූතං පඨවිං කමන්තං, පතොදලට්ඨිහි සුචොදියන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5443. රථයන්හි යොදන ලදුව දුවන්නා වූ ගින්නෙන් දිලියෙන පොළොවෙහි ඇවිදිනා වූ කෙවිටි දඬුවලින් මෙහෙයවනුලබන්නා වූ තොප (තොපගෙන්) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5444. තමාරුහන්තං ඛුරසඤ්චිතං ගිරිං විභිංසනං පජ්ජලිතං භයානකං, සඤඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5444. පරලොව දී කරමුවහතින් ගැවසීගත් දුටුවන් බිය උපදවන ගින්නෙන් දිලියෙන භයානක පර්වතයට නගින්නා වූ සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොප (තොපගෙන්) කවරෙක් නම් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5445. තමාරුහන්තං පබ්බතසන්තිකාසං අඞ්ගාරරාසිං ජලිතං භයානකං, සංදඩ්ඪගත්තං කපණං රුදන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5445. පරලොව දී ගින්නෙන් දිලෙන භයානක පර්වතයක් වැනි අඟුරුරැසට නගින්නා වූ මොනොවට දැවුණු සිරුරු ඇති බැගෑපත් වැ හඬන්නා වූ තොප (තොපගෙන්) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5446. අබ්භකූටසමා උච්චා කණ්ටකාපචිතා දුමා, අයොමයෙහි තික්ඛෙහි නරලොහිතපායිහි.
5446. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ අයෝමය තියුණු කටුවලින් ගැවසීගත් වෘක්ෂයෝ මේකුළු මෙන් ඉතා උස් වෙති.
5447. තමාරුහන්ති නාරියො නරා ච පරදාරගු, චොදිතාසන්ති හත්ථෙහි යමනිද්දෙසකාරිහි.
5447. පරදාරගමන පාපකර්මයෙහි යෙදුණු ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අඩයටිගත් අත් ඇති යමගේ නියෝග ඉටුකරන්නන් (යම පල්ලන්) විසින් මෙහෙයනලද්දහු ඒ රුකට නගිත්.
5448. තමාරුහන්තං නිරයං සිම්බලිං රුහිරමක්ඛිතං, විදඩ්ඪකායං විතවං ආතුරං ගාළ්හවෙදනං.
5448-5449. නිරයෙහි ඇති ඒ ඉඹුල්රුකට නැගෙන්නා වූ ලේ වැකුණු සමින් තොර වූ කඩකඩ වූ කය ඇති පීඩිත වූ දැඩි වේදනා ඇති මොහොතක් පාසා උණුසුම් සුසුම් හෙළන පෙර කළ පව් කම් නැමැති අපරාධ ඇති රුක් අගින් හා වෙළෙප් අගින් පහරනලද තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5449. පස්සසන්තං මුහුං උණ්හං පුබ්බකම්මාපරාධිකං, දුමග්ගවිටපග්ගහතං කො තං යාචෙය්ය තං ධනං.
5450. අබ්භකූටසමා උච්චා අසිපත්තාචිතා දුමා, අයොමයෙහි තික්ඛෙහි නරලොහිතපායිහි.
5450. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ තියුණු වූ අයෝමය අසිපත්රයන්ගෙන් ගැවසීගත් වෘක්ෂයෝ මේඝකූට මෙන් ඉතා උස්වැ සිටුනාහ.
5451. තමානුපත්තං අසිපත්තපාදපං අසීහි තික්ඛෙහි ච ඡිජ්ජමානං, සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
5451. පරලොවදී තියුණු අසිපත්වලින් සිඳිනු ලබන කැපුණු සිරුර ඇති වැ ලේ වගුරුවමින් ඒ අසිපත්රුක් වෙත එළඹෙන තොප (වෙත පැමිණ) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5452. තතො නික්ඛන්තමත්තං තං අසිපත්තනිරයා දුඛා, සම්පතිතං වෙතරණිං කො තං යාචෙය්ය තං ධනං.
5452. දුක් වූ ඒ අසිපත් නිරයෙන් නික්මුණු පමණෙකින් ම වේතරණී නදියට වැටුණු තොප වෙත එළැඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5453. ඛරා ඛාරොදිකා නත්තා දුග්ගා වෙතරණී නදී, අයොපොක්ඛරසඤඡන්නා තික්ඛපත්තෙතහි සන්දති.
5453. පරුෂ වූ කරදියෙන් යුත් රත් වූ (එහෙයින් ම) දුදුළු වූ වේතරණී නදිය අයෝමය පොකුරු පතින් ගැවසුණි තියුණු පතින් යුතු ව ගලයි.
5454. තත්ථ සඤඡින්නගත්තං තං වුය්හන්තං රුහිරමක්ඛිතං, වෙතරඤ්ඤෙ අනාලම්බෙ කො තං යාචෙය්ය තං ධනං.
5454. එල්බෙන පිළිසරණක් නැති ඒ වේතරණී නදීජලයෙහි ඔසොවා ගෙනයනුලබන කැපුණු සිරුරු ඇති ලේ තැවැරුණු තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5455. වෙධාමි රුක්ඛො විය ඡිජ්ජමානො දිසං න ජානාමි පමූළ්හසඤ්ඤි, භයසානුතප්පාමි මහා ච මෙ භයං සුත්ථාන ගාථා තව භාසිතා ඉසෙ.
5455. මුනිවරය, තොප විසින් කියන ලද ගාථා අසා සිඳිනුලබන ගසක් මෙන් සැලෙමි. වෙසෙසින් මුළා වූ සිහි ඇත්තෙම් දිසාවන් නො දනිමි. බියෙන් තැවෙමි. මාගේ බිය ඉතා මහත් ය.
5456. ආදිත්තෙ වාරිමජ්ඣංව දීපංවොඝෙරිවණ්ණවෙ, අන්ධකාරෙව පජ්ජොතො ත්වං නොසි සරණං ඉසෙ.
5456. ඍෂින් වහන්ස, දැවුණු කය ඇති කල්හි දිය මැදට පැමිණීම මෙන් ද, සැඬ දියපහරෙහි හෝ සයුරෙහි හෝ දිවයිනක් මෙන් ද, අඳුරෙහි පහනක් මෙන් ද තොපි ම අපට පිහිට වන්නාහු ය.
5457. අත්ථඤ්ච ධම්මඤ්චනුසාස මං ඉසෙ අතීතමද්ධා අපරාධිතං මයා, ආචික්ඛ මෙ නාරද සුද්ධිමග්ගං යථා අහං නො නිරයෙ පතෙය්යං.
5457. ඍෂීන් වහන්ස, අර්ත්ථයෙන් ද ධර්මයෙන් ද මට අනුශාසනා කළ මැනව. ගියදවස මා විසින් අපරාධ කරනලද. නාරද මුනිවරය, යම්සේ මම නිරයෙහි නො වැටෙම් ද එබඳු ශුද්ධිමාර්ගය (යහපත්මඟ) මට කියනු මැනව.
5458. යථා අහූ ධතරට්ඨො වෙස්සාමිත්තො අට්ඨකො යාමතග්ගි උසින්නරො චාපි සිවී ච රාජා පරිචාරකා සමණබ්රාහ්මණානං.
5458. ධතරට්ඨ ය, වෙස්සාමිත්ත ය, අට්ඨක ය, යාමතග්ගි ය, උසින්නර ය, සිවි ය යන රජවරු යම්සේ මහණබමුණන්ට යුතුකම් ඉටු කරන්නෝ වූහු ද,
5459. එතෙ චඤ්ඤෙ ච රාජානො යෙ සක්කවිසයං ගතා, අධම්මං පරිවජ්ජෙත්වා ධම්මං චර මහීපති.
5459. (ධතරට්ඨාදි) මොහු ද (එබඳු) අන් යම් රජහු ද (ධර්මයෙහි හැසිර) ශක්‍රයාගේ විෂයට ගියාහු නම් මිහිපතිතුමනි, (එසෙයින් තෙපිදු) අධර්මය දුරුකොට ධර්මයෙහි හැසිරෙව.
5460. අන්නහත්ථා ච තෙ ව්යම්හෙ ඝොසයන්තු පුරෙ තව, කො ඡාතො කො ච තසිතො කො මාලං කො විලෙපනං, නානාරත්තානං වත්ථානං කො නග්ගො පරිදහෙස්සති.
5460. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පිපාසා ඇත්තේ ද කවරෙක් මල්දම් රුස්නේ ද කවරෙක් විලෙවුන් රිසි වේ ද නග්න වූ කවරෙක් නන් පැහැයෙන් රඳනාලද වස්ත්‍ර හඳින්නේ දැ යි (කියමින්) අහරගත් අත් ඇති පුරුෂයෝ තොපගේ බවනෙහි ද පුරෙහි ද ඝෝෂා කෙරෙත්වා.
5461. කො පන්ථෙ ඡත්තමාදෙති පාදුකා ච මුදු සුභා, ඉති සායඤ්ච පාතො ච ඝොසයන්තු පුරෙ තව.
5461. කවරෙක් මහමඟ ඡත්‍ර දරන්නේ ද කවරෙක් මොළොක් වූ යහපත් පාවහන් කැමැත්තේ දැ යි මෙසේ තොපගේ පුරයෙහි උදේ සවස ඝෝෂා කෙරෙත්වා.
5462. ජිණ්ණං පොසං ගවාස්සඤ්ච මාස්සු යුඤ්ජි යථා පුරෙ, පරිහාරඤ්ච දජ්ජාසි අධිකාරකතො ඛලි.
5462. (යමෙක්) පෙර බලවත් වූයේ කළ අධිකාර ඇත්තේ ද (රාජකාර්ය්යය ඉටුකිරීම් වශයෙන් කළ උපකාර ඇත්තේ වේ ද) ජරාවට පත් වූ (ඒ) අමාත්‍යාදීන් ද ගව–අශ්ව ආදීන් ද පෝෂණය කරන්නේ ඔවුන් පෙර මෙන් (කර්මාන්තයන්හි) නො යොදව. (ඔවුන්ට බත් වැටුප් ආදි) පෙරහර ද දෙව.
5463. කායො තෙ රථසඤ්ඤාතො මනොසාරථිකො ලහු, අවිහිංසාසාරිතක්ඛො සංවිභාගපටිච්ඡදො.
5463. (මහරජ), තොපගේ කය රියක් වැන්න. (එහි) සැහැල්ලු වූ මනස ම රියැදුරු යැ. අවිහිංසා නමැති මනා කොට නිමවන ලද අකුරු ඇත්තේ ය. බෙදා වැළඳීම ම රථපරිවාර වෙයි.
5464. පාදසඤ්ඤමනෙමියො හත්ථසඤ්ඤමපක්ඛරො, කුච්ඡිසඤ්ඤමනබ්භන්තො වාචාසඤ්ඤමකූජනො.
5464. පාදයසංයමය එහි නිම්වළලු යැ. හස්ත සංයම නමැති වෙහෙලි පත් ඇත්තේ ය. පමණ දැන වැළඳීම නමැති තෙල් ගැල්වීම් ඇත්තේ ය. වාක්සංයම නමැති නිහඬබව වෙයි.
5465. සච්චවාක්යසමත්තඞ්ගො අපෙසුඤ්ඤසුසඤ්ඤතො, ගිරාසඛිලනෙලඞ්ගො මිතභාණිසිලෙසිතො.
5465. සත්යවාක්ය නමැති පිරිපුන් අවයව ඇත්තේ ය. කේලාම් නො කීම නමැති මනා සටහන් ඇත්තේ ය. මටසිලුටු වචන නමැති නිදොස් රථාඞ්ග ඇත්තේ ය. පමණ දැන බිණීම නමැති බඳනා ලාටු ඇත්තේ ය.
5466. සද්ධාලොහසුසඞ්ඛාරො නිවාතඤ්ජලිකුබ්බරො, අත්ථද්ධතානතීසාඛො සීලසංවරනන්ධනො.
5466. ශ්‍රද්ධාව හා අලෝභය නමැති මනා අලඞ්කාරයෙන් යුක්ත ය. යටත් පැවතුම් හා ඇඳිලිබැඳීම් සංඛ්‍යාත (රිය දෙපස) කිඹුල්තලු ඇත්තේ ය. නො දැඩිබව නමැති නැමුණු රියහිස ඇත්තේ ය. සීලසංවර නමැති රැහැණ ඇත්තේ ය.
5467. අක්කොධනමනුග්ඝාතී ධම්මපණ්ඩරඡත්තකො, බාහුසච්චමපාලම්බො ඨිතචිත්තමුපාධියො.
5467. ක්‍රෝධ නො කිරීම නමැති නො හැකිළීම් ඇත්තේ ය. දශ කුශලධර්ම නමැති සේසතින් යුක්ත ය. බොහෝ ඇසූපිරූ තැන් ඇති බව නමැති ආධාරක පුවරු (පිටාටු) ඇත්තේ ය. (අටලෝ දහමින් නො සැලෙන බැවින්) මනාව පිහිටි සිත් නමැති සිහසුන් හෝ උඩ ඇතිරි ඇත්තේ ය.
5468. කාලඤ්ඤුතාවිත්තසාරො වෙසාරජ්ජතිදණ්ඩකො, නිවාතවුත්ති යොත්තකො අනතිමානයුගො ලහු.
5468. කල්දැන කරනලද කුසලින් යුත් වූ සිත් නමැති සාරයෙන් යුක්තය, විසාරදබව (බුහුටිබව) නමැති ත්රිදණ්ඩයෙන් යුක්ත ය, යටත් පැවතුම් නමැති යොත් ඇත්තේ ය, අධිකමාන නො කිරීම නමැති සැහැල්ලු වියදඬු ඇත්තේ ය.
5469. අලීනචිත්තසන්ථාරො වද්ධසෙවිරජොහතො, සතිපතොදො ධීරස්ස ධිති යොගො ච රස්මියො.
5469. නො පසුබස්නා සිත් නමැති ඇතිරි ඇත්තේ ය. නුවණැති වෘද්ධයන් සෙවීමෙන් නසන ලද රජස් ඇත්තේ ය. පණ්ඩිත වූ තොපගේ සිහි නමැති කැවිටි ඇත්තේ ය, (නො සිඳි පවත්නා) වීර්‍ය්‍යය ද (හිත ප්රතිපත්තියෙහි යෙදීම නම් වූ) යෝගය ද රැහැණ වෙයි.
5470. මනො දන්තපථත්වෙති සමදන්තෙහි වාහිභී, ඉච්ඡා ලොභො ච කුම්මග්ගො උජුමග්ගො ච සඤ්ඤමො.
5470. මොනොවට දැමුණු අසුන්ගෙන් යුත් (රියක් මෙන් තොප ගේ) දැමුණු සිත යහපත් මඟ අනුව යෙයි. (නො ලද දෑ පැතීම නම් වූ) ඉච්ඡාව ද (ලද දැයෙහි) ලෝභය ද නො මග නම් වෙයි. සීලසංයමය ම සුමග වෙයි.
5471. රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ වාහනස්ස පධාවතො, පඤ්ඤා ආකොටනී රාජ තථෙ අත්තාව සාරථි.
5471. රූප ශබ්ද ගන්ධ රසයන් කරා දිවෙන (තොපගේ කය නමැති) වාහනයාගේ (ලෝභාදි අකුසලධර්ම නමැති අශ්වයන් වැළකීම සඳහා) පහරදීම කරන්නී ප්රඥාවයි. මහරජ, එහි තෙමේ මැ රියැදුරු වෙයි.
5472. සචෙ එතෙන යානෙන සමචරියා දළ්හා ධිතී, සබ්බකාමදුහො රාජ න ජාතු නිරයං වජෙ.
5472. මහරජ, යම්හෙයකින් මේ යානය කැමැති සම්පත් දෙන්නේ ද (එහෙයින් යමකුගේ) සමචරියාව ත් නො පසුබස්නා වීර්‍ය්‍යය ත් දැඩි වූයේ ද හෙතෙම මේ යානයෙන් ඒකාන්තයෙන් කිසිකලෙකත් නිරයට නො පැමිණෙන්නේ ය.
5473. අලාතො දෙවදත්තොසි සුනාමො ආසි භද්දජී, විජයො සාරිපුත්තොසි මොග්ගල්ලානොසි බීජකො.
5473. (මෙකල) දේවදත්ත (එකල) අලාත විය. භද්දජි (භද්දිය තෙරුන් වහන්සේ) සුනාම නම් (ඇමති) විය. සැරියුත් තෙරණුවෝ විජය නම් ඇමති වූහ. මුගලන් තෙරණුවෝ බීජක නම් වූහ.
5474. සුනකඛන්තො ලිච්ඡවීපුත්තො ගුණො ආසි අචෙලකො, ආනන්දො ච රුජා ආසි යා රාජානං පසාදයි.
5474. සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර ගුණ නම් අචේලක විය. යම් රජ දුවක් රජු පැහැද වූ ද ඒ රුජා නම් රජ දූ ආනන්ද තෙරණුවෝ ය.
5475. උරුවෙලකස්සපො රාජා පාපදිට්ඨි තදා අහු, මහාබ්රහ්මා බොධිසත්තො එවං ධාරෙථ ජාතකන්ති.
5475. උරුවේලකස්සප තෙරුන් වහන්සේ එකල පාපදෘෂ්ටිගත් රජ වූහ. බෝධිසත්වයෝ (නාරද නම්) මහාබ්‍රහ්ම වූහු. මෙසේ (මේ) ජාතකය දරවු.
මහානාරදකස්සපජාතකං සත්තමං.
සත්වැනි මහා නාරද කාශ්‍යප ජාතක යි