යෙදුමෙන් කියවන්න

යඤ‍්ඤභෙදවාදකණ‍්ඩො

5206. අනිත‍්තරා ඉත‍්තරසම‍්පයුත‍්තා යඤ‍්ඤා ච වෙදා ච සුභොග ලොකෙ, තදග‍්ගරය‍්හං හි විනින්‍දමානො ජහාති විත‍්තඤ‍්ච සතඤ‍්ච ධම‍්මං.

5206. සුහග ය, ලොවැ යාගයෝ ය වේදයෝ ය යන මොහු අලාමක ය. ලාමක බමුණන් විසින් යොදන ලදහ. (බමුණෝ ද අලාමකහ.) එහෙයින් නො ගැරහියයුතු බමුණාට අවමන් කරන තැනැත්තේ වස්තුව ද සත්පුරුෂ ධර්‍මය ද දුරු කරයි කියා දොරටුව අසල සිටි කාණාරිෂ්ට තෙමේ කීය.

(වැලිදු හේ කියයි)

5207. අජ‍්ඣෙනමරියා පඨවිං ජනින්‍දා වෙස‍්සා කසිං පරිචරියඤ‍්ච සුද‍්දා, උපාගු පච‍්චෙකං යථා පදෙසං කතාහු එතෙ වසිනාති ආහු.

5207. ආර්‍ය්‍ය බමුණෝ වේදය ඉගෙනීමට ද ක්‍ෂත්‍රියයෝ පෘථිවි පාලනයට ද, වෛශ්‍යයෝ සී සාන්නට ද, ශුද්‍රයෝ මෙහෙවර කරන්නට ද පැමිණෙත්වා යි මහබඹ තෙමේ කීය. වෙන වෙන ම එසේ පැමිණෙන්නෝ තම තමන්ගේ කුලයට සුදුසු පරිදි පැමිණියහ. මෙසේ මොවුහු මහබඹු විසින් මවන ලදහ යි කියති.

5208. ධාතා විධාතා වරුණො කුවෙරො සොමො යමො චන්‍දිමා වායු සුරියො, එතෙ හි යඤ‍්ඤං පුථුසො යජිත්‍වා අජ‍්ඣායකානං අථ සබ‍්බකාමෙ.

5208. ධාතා යැ විධාතා යැ වරුණ යැ කුවේර යැ සෝම යැ යම යැ චන්‍දිමා යැ වායු යැ සූරිය යැ යි යන මේ දෙව් රජවරු වනාහි නොයෙක් අයුරින් යාග කොට බමුණන්ට කැමැති සියලු සම්පත් දීමේ තනතුරුවලට පත්වූහ.

5209. විකාසිතා චාපසතානි පඤ‍්ච යො අජ‍්ජුනො බලවා භීමසෙනො, සහස‍්සබාහු අසමො පඨව්‍යා සොපි තදා ආදහි ජාතවෙදං.

5209. පන්සියක් පමණ අදනා ලද මහදුන්න ඇති බලවත් බිහිසුණු මහසෙන් ඇති (දහසක් බාහුවෙන් ඇදෙන දුනු දිය අදින බැවින්) සහස්සබාහු නමැති, පොළොවෙහි අසමාන යම් අර්ජුන යැ යි රජෙක් වී ද හෙ ද එකලැ ගිනි දෙවියා පිදී යැ.

5210. යො බ්‍රාහ‍්මණො භොජයී දීඝරත‍්තං අන‍්නෙන පාණෙන යථානුභාවං, පසන‍්නචිත‍්තො අනුමොදමානො සුභොග දෙවඤ‍්ඤතරො අහොසි.

5210. යම් බරණැස් රජෙක් බොහෝ කල් මුළුල්ලෙහි සතුටු සිත් ඇත්තේ පහන් සිතින් බමුණන් වැළඳ වී ද සුහගය, හෙතෙමේ එක්තරා මහත් අනුභාව ඇති දෙව්රජෙක් වී යැ.

5211. මහාසනං දෙවමනොමවණ‍්ණං යො සප‍්පිනා අසක‍්ඛි ජෙතුමග‍්ගිං, සො යඤ‍්ඤතන‍්තං වරතො යජිත්‍වා දිබ‍්බං ගතිං මුචලින්‍දජ‍්ඣගඤ‍්ඡි.

5211. යම් රජෙක් මහත් ආහාර ඇති අලාමක ප්‍රභාව ඇති ගිනි දෙවියා ගිතෙලින් තුටු කරන්නට හැකි වූයේ ද ඒ මුචලින්‍ද නමැති රජ තෙමේ උතුම් ගිනි දෙවියාට යාග කිරීමෙන් දෙව්ලොවට පැමිණියේ යැ.

5212. මහානුභාවො වස‍්සසහස‍්සජීවී යො පබ‍්බජී දස‍්සනෙය්‍යො උළාරො, හිත්‍වා අපරියන‍්තරථං සසෙනං රාජා දුදීපොපි ජගාමං සග‍්ගං.

5212. මහත් අනුභා ඇති දහසක් හවුරුදු ජීවත් වූ දැකුම් කලු වූ, උදාර වූ යම් රජෙක් අපමණ රිය සෙනඟ හැරදමා පැවිදි වූයේ ද ඒ දුදීප නමැති රජ තෙමේ ද දෙව්ලොවට පැමිණියේ යැ.

5213. යො සාගරො සාගරන‍්තං විජිත්‍වා යූපං සුභං සොණ‍්ණමයං උළාරං, උස‍්සෙසි වෙස‍්සානරමාදහානො සුභොග දෙවඤ‍්ඤතරො අහොසි.

5213. සුහග, සාගර නමැති යම් රජෙක් සයුර හිම්කොට ඇති මහපොළොව ජයගෙන යහපත් ස්වර්‍ණමය යාගස්තම්භයක් එසවූයේ ද සුහග ය, ගිනිදෙවියා පුදන ඒ රජ තෙමේ ද එක් මහේශාක්‍ය දෙවියෙක් වී.

5214. යස‍්සානුභාවෙන සුභොග ගඞ‍්ගා පවත‍්තථ දධිසන‍්නං සමුද‍්දං, ස ලොමපාදො පරිචරියමග‍්ගිං අඞ‍්ගො සහස‍්සක‍්ඛපුරජ‍්ඣගඤ‍්ඡි.

5214. එම්බා සුහග, යම් රජකුගේ අනුභාවයෙන් ගඞ්ගා පැවැත්තාහු ද සමුදුර හට ගත්තේ ද පාදයෙහි ලොම් ඇති ඒ අඟුරජ තෙමේ ගිනිදෙවියා පුදා ශක්‍රපුරයට පැමිණියේ යැ.

5215. මහිද‍්ධිකො දෙවවරො යසස‍්සි සෙනාපති තිදිවෙ වාසවස‍්ස, ස සොමයාගෙන මලං විහන‍්ත්‍වා සුභොග දෙවඤ‍්ඤතරො අහොසි.

5215. එම්බා සුහග, දැන් යමෙක් දෙව්ලොවැ සක්දෙව් රජුගේ සේනාපති වැ මහත් ඍද්ධියෙන් හා යසපිරිවරින් යුත් උතුම් දෙවියෙක් වේ ද හෙ ද පෙරැ සෝමයාගයෙන් පව් සෝදා හැරැ එක් මහේශාක්‍ය දෙවියෙක් වූයේ යැ.

5216. අකාරි යො ලොකමිමං පරඤ‍්ච භාගීරථිං හිමවන‍්තඤ‍්ච ගිජ‍්ඣං, යො ඉද‍්ධිමා දෙවවරො යසස‍්සී සොපි තදා ආදහි ජාතවෙදං.

5216. සොහොවුරු සුහග, යම් ඍද්ධි ඇති යසස් ඇති මහබඹෙක් මෙ ලොව ද පරලොව ද භාගිරථී ගඞ්ගාව ද හිමවත් පව්ව ද ගිජ්ඣ පර්‍වතය ද යන මේ සියල්ල කෙළේ ද හෙ ද ගිනිදෙවියා පිදී ය.

5217. මාලාගිරී හිමවා යො ච ගිජ‍්ඣො සුදස‍්සනො නිසභො කාකනෙරු, එතෙ ච අඤ‍්ඤෙ ච නගා මහන‍්තා චිත්‍යා කතා යඤ‍්ඤකරෙහි මාහු.

5217. මාලාගිරි යැ හිමවත් යැ ගිජ්ඣ යැ සුදස්සන යැ නිසභ යැ කාකනේරු යැ යන මේ පර්‍වතයෝ වෙද්ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ගඩොලින් බැඳුණු ආසන සඳහා කරන ලද්දාහු වෙතැ යි කී හු.

5218. අජ‍්ඣායකං මන‍්තගුණූපපන‍්නං තපස‍්සිනං යාචයොගොති චාහ, තීරෙ සමුද‍්දස‍්සුදකං සජන‍්තං තං සාගරජ‍්ඣොහරි තෙනපෙය්‍යො.

5218. හදාරනලද වේද ඇති වේදමන්ත්‍ර පරිච්ඡේද ඇති පිරූ තපස් ඇති බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කී ය. සමුද්‍ර තීරයෙහි දිය ස්නානය කරන එබඳු බමුණකු සාගරය තෙමේ ඇද ගත්තේ ය. එ බැවින් සමුද්‍රය පානය කළ නො හැකි ලුණුදිය ඇත් බවට පත් කෙළේ ය.

5219. ආයාගවත්‍ථූනි පුථූ පථව්‍යා සංවිජ‍්ජන‍්ති බ්‍රාහ‍්මණා වාසවස‍්ස, පුරිමං දිසං පච‍්ඡිමං දක‍්ඛිණුත‍්තරං සංවිජ‍්ජමානා ජනයන‍්ති වෙදං.

5219. සක්දෙවිඳුගේ යාගයනට සුදුසු බොහෝ බමුණෝ පොළොවෙහි ඇත. පෙරදිග යැ පැසුළුදිග යැ දකුණුදිග යැ උතුරු දිග යැ යන මේ දිසාවන්හි ඇති ඒ බමුණෝ දැනුදු සක්දෙවිඳුහට සතුටු උපදවති යි කාණාරිෂ්ට තෙමේ කී ය.

(ඒ අසා භූරිදත්ත මෙසේ කියයි:)

5220. කලිං හි ධීරානං කටං මගානං භවන‍්ති වෙදජ‍්ඣගතානරිට‍්ඨ, මරීචිධම‍්මං අසමෙක‍්ඛිතත‍්තා මායාගුණා නාති වහන‍්ති පඤ‍්ඤං.

5220. එම්බා අරිෂ්ට, වේද ඉගෙනීම වනාහි නුවණ ඇත්තන්ට පරාජය නම් අකුසල ග්‍රහණය ද නුවණ නැත්තන්ට ජය නම් කුසලග්‍රහණය ද වෙයි. වේදත්‍රය මිරිඟු ස්වභාව ඇතැ යි නො සිතන්නාහු එයට පැමිණෙති. මායා කොටස් ඇති මේ වේදයෝ නැණැත්තාහු නො ඉක්මවති හෙවත් නො රවටති.

5221. වෙදා න තාණාය භවන‍්තිරස‍්ස මිත‍්තද‍්දුනො භූනහුනො නරස‍්ස, න තායතෙ පරිචිණ‍්ණො ච අග‍්ගි දොසන‍්තරං මච‍්චං අනරියකම‍්මං.

5221. දියුණුව නසන මිත්‍රද්‍රෝහි මිනිසා රැකීමට වේදයෝ සමත් නො වෙති. පිදු ගිනි ද සදොස් සිත් ඇති අකුසල් කරන මිනිසා ආරක්‍ෂා නො කෙරෙයි.

5222. සබ‍්බඤ‍්චෙ මච‍්චා සධනා සභොගා ආදීපිතං දාරුතිණෙන මිස‍්සං, දහං න තප‍්පෙ අසමත්‍ථ තෙජො කො තං සුභික‍්ඛං දිරසඤ‍්ඤ කුරියා.

5222. ඉදින් ධන හා සම්පත් සහිත මිනිස්සු දර හා තෘණ ද මුසු කොට සියල්ල දල්වත්. අසමාන තේජස් ඇති ඒ ගින්න සියල්ල දවන්නේ සෑහීමට නො පැමිණෙයි. දෙ දිවකින් රස දැනුමට සමත් අරිෂ්ටය, කවරෙක් ඒ ගින්න සුලභ භික්‍ෂා ඇත්තක් කරන්නේ ද?

5223. යථාපි ඛීරං විපරිනාමධම‍්මං දධී භවිත්‍වා නවනීතම‍්පි හොති, එවම‍්පි අග‍්ගි විපරිනාමධම‍්මො තෙජො සමොරොහති යොගයුත‍්තො.

5223. යම්සේ පෙරළෙන ස්වභාව ඇති කිරි දී බවට පැමිණ යළි වෙඬරු බවටත් පැමිණේ ද ගිනි ද මෙසේ පෙරළෙන ස්වභාව ඇත්තේ වේ. ගිනිගාන දඬු හා යෙදීමෙන් ගිනි හටගනී.

5224. න දිස‍්සතෙ අග‍්ගිමනුප‍්පවිට‍්ඨො සුක‍්ඛෙසු කට‍්ඨෙසු නවෙසු චාපි, නාමන්‍ථමානො අරණීනරෙන නාකම‍්මනා ජායති ජාතවෙදො.

5224. වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇවිළ ගත් හෙවත් ඇතුළට පිවිසි ගිනි නො දිස්වේ. ගිනිගාන දඬුගත් මිනිසකු විසින් අලළනු නො ලබන්නේ ක්‍රියා රහිත ව ගිනි නො හටගනී.

5225. සචෙ හි අග‍්ගි අන‍්තරතො වසෙය්‍ය සුක‍්ඛෙසු කට‍්ඨෙසු නවෙසු චාපි, සබ‍්බානි සුස‍්සෙය්‍යුං වනානි ලොකෙ සුක‍්ඛානි කට‍්ඨානි ච පජ‍්ජලෙය්‍යුං.

5225. ඉදින් ගිනි වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇතුළත වෙසේ නම් ලොව සියලු වනයෝ වියැළෙන්නාහ. වියැළි කාෂ්ඨයෝ ද ගිනි ඇවිළ ගන්නාහ.

5226. කරොති චෙ දාරුතිණෙන පුඤ‍්ඤං භොජං නරො ධූමසිඛිං පතාපවං, අඞ‍්ගාරිකා ලොණකරා ච සූදා සරිරදාහාපි කරෙය්‍යුං පුඤ‍්ඤං.

5226. ඉදින් යමෙක් දුමසිළු ඇති මහත් තේජස් ඇති ගින්නට දර හා තෘණ අනුභව කරවමින් පින් කෙරෙහි නම් අඟුරු දවන්නෝ ද, ලුණු සාදන්නෝ ද, අරක්කැමියෝ ද, මළ මිනී දවන්නෝ ද පින් කරන්නාහ.

5227. අථ වෙ හි එතෙ න කරොන‍්ති පුඤ‍්ඤං. අජ‍්ඣෙනමග‍්ගිං ඉධ තප‍්පයිත්‍වා, න කොචි ලොකස‍්මිං කරොති පුඤ‍්ඤං භොජං නරො ධූමසිඛිං පතාපවං.

5227. ඉදින් මොහු වනාහි පින් නො කෙරෙත් නම් මෙ ලොවැ මන්ත්‍ර හදාරන බමුණෝ ගිනි තැප පින් කෙරෙද්ද? මෙ ලොවැ කිසි මිනිසෙක් දුම්සිළු ඇති මහත් තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පිනක් නම් නො කෙරේ.

5228. කථං හි ලොකාපචිතො සමානො අමනුඤ‍්ඤගන්‍ධං බහුන‍්නං අකන‍්තං, යදෙව මච‍්චා පරිවජ‍්ජයන‍්ති තදප‍්පසත්‍ථං දිරසඤ‍්ඤ භුඤ‍්ජෙ.

5228. දෙදිව් ඇත්ත, ලෝවැසියන් පුදනලද්දා වූ ම ගින්න නො මනා ගඳ ඇති බොහෝ දෙනාට අප්‍රිය වූ යම් කුණපයක් මිනිස්සු දුරු කෙරෙත් ද, එබඳු නො පසස්නාලද කුණපය කෙසේ නම් අනුභව කරන්නේ ද?

5229. සිඛිං හි දෙවෙසු වදන‍්ති හෙකෙ ආපං මිලක‍්ඛා පන දෙවමාහු, සබ‍්බෙව එතෙ විතථං භණන‍්ති අග‍්ගී න දෙවඤ‍්ඤතරො න චාපො.

5229. සමහරු ගින්න දෙවියන් අතුරෙන් කෙනෙකැ යි කියති. නුවණ නැති මිලේච්ඡයෝ වනාහි ජලය දෙවියෙකැ යි කියති. මේ සියල්ලෝ ම බොරු කියති. ගින්න දෙවියන් අතරෙන් අයෙක් නො වේ. ජලය ද දෙවියෙක් නො වේ.

5230. නිරින්‍ද්‍රියං සන‍්තං අසඤ‍්ඤකායං වෙස‍්සානරං කම‍්මකරං පජානං, පරිචරිය මග‍්ගිං සුගතිං කථං වජෙ පාපානි කම‍්මානි පකුබ‍්බමානො.

5230. පව් කරන්නෙක් ඉඳුරන් නැති සිත් නැති සත්ත්‍වයන්ගේ බත් පිසීම් ආදි කටයුතු කරන වෙස්සානර නමැති ගින්න පුදා කෙසේ නම් සුගතියට යන්නේ ද?

5231. සබ‍්බාභිභූතාහුධ ජීවිකත්‍ථා අග‍්ගිස‍්ස බ්‍රහ‍්මා පරිචාරකොති, සබ‍්බානුභාවී ච වසී කිමත්‍ථං අනිම‍්මිතො නිම‍්මිතං වන්‍දිතස‍්ස.

5231. මෙලොවැ ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාහු (බමුණෝ) බ්‍රහ්මයා සියල්ලන් මැඩ පවත්වන්නෙකැයි ද ගිනි දෙවියා පුදන්නෙකැ යි ද කියති. සියලු අනුභාව ඇති සියල්ලන් වසඟ කරන බ්‍රහ්මයා තෙමේ නො මවන ලද්දේ කවර හෙයින් මවන ලද ගින්න වඳින්නෙක් වන්නේ ද?

5232. හස‍්සං අනිජ‍්ඣානඛමං අතච‍්ඡං සක‍්කාරහෙතු පකිරිංසු පුබ‍්බෙ, තෙ ලාභසක‍්කාරෙ අපාතුභොන‍්තෙ සන්‍ථම‍්භිතා ජන‍්තුහි සන‍්තිධම‍්මං.

5232. (එම්බා අරිෂ්ටය), මේ බමුණෝ සිනාවට සුදුසු නුවණැතියන්ගේ සිතීමට නො හොබනා බොරුවක් ලාභසත්කාර හේතු කොට පෙරැ පැතිරැ වූහ. ඔව්හු ලාභසත්කාර නො ලැබෙන කල සතුන් හා සම්බන්‍ධකොට (ශාන්තිධර්‍ම නමැති යාගයක් නිපැදැවූහ. නොහොත් ශාන්තිධර්‍ම නමැති යාගසූත්‍රයක් ගෙතූහ.)

5233. අජ‍්ඣෙනමරියා පඨවිං ජනින්‍දා වෙස‍්සා කසිං පරිචරියඤ‍්ච සුද‍්දා, උපාගු පච‍්චෙකං යථා පදෙසං කතාහු එතෙ වසිනාති ආහු.

5233. ආර්‍ය්‍ය වූ බමුණෝ මන්ත්‍ර ඉගෙනීමට ද, ක්‍ෂත්‍රියයෝ පොළොව පාලනයට ද, වෛශ්‍යයෝ සී සෑමට ද, ශුද්‍රයෝ ඔවුන්ගේ මෙහෙ කිරීමට ද වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ කුලප්‍රදේශයනට අනුව පැමිණියහ. මොවුහු මහබඹු විසින් මැවුණාහ යි කියති.

5234. එතඤ‍්ච සච‍්චං වචනං භවෙය්‍ය යථා ඉදං භාසිතං බ්‍රාහ‍්මණෙහි, නාඛත‍්තියො ජාතු ලභෙථ රජ‍්ජං නාබ්‍රාහ‍්මණො මන‍්තපදානි සික‍්ඛෙ නාඤ‍්ඤත්‍ර වෙස‍්සෙහි කසිං කරෙය්‍ය සුද‍්දො න මුඤ‍්චෙ පරපෙස‍්සිතාය.

5234. යම්සේ බමුණන් විසින් මෙය කියන ලද්දේ ද, (ඉදින්) මෙය සැබෑ බසෙක් වේ නම් ක්‍ෂත්‍රිය නො වූවෙක් කිසි කලෙකත් රජය නො ලබන්නේ ය. බමුණු නො වූවෙක් මන්ත්‍ර නො හදාරන්නේය. වෛශ්‍යයන් මිස අනෙකක් නො සී සාන්නේ ය. ශුද්‍ර තෙමේ අන්‍යයන්ගේ මෙහෙකරු බැවින් නො මිදෙන්නේ ය.

5235. යස‍්වා ච එතං වචනං අභූතං මුසා චිමෙ ඔදරියා භණන‍්ති, තදප‍්පපඤ‍්ඤා අභිසද‍්දහන‍්ති පස‍්සන‍්ති තං පණ‍්ඩිතා අත‍්තනාව.

5235. යම් හෙයකින් මේ වචනය බොරු වේ ද, එහෙයින් බඩ වැඩීම හේතුකොටගෙන මේ බමුණෝ බොරු ද කියති. ඒ බොරුව මද නුවණැත්තෝ අදහති. ප්‍රාඥයෝ තුමූ මැ ඒ බොරුව සදොස් ය යි දකිති.

5236. ඛත‍්ත්‍යා න වෙස‍්සා න බලිං හරන‍්ති ආදාය සත්‍ථානි චරන‍්ති බ්‍රාහ‍්මණා, තං තාදිසං සංඛුභිතං විහින‍්නං කස‍්මා බ්‍රහ‍්මා නුජ‍්ජුකරොති ලොකං.

5236. ක්‍ෂත්‍රියයෝ අයබදු නො ගනිති. වෛශ්‍යයෝ අයබදු නො දෙති. බමුණෝ ආයුධ රැගෙන හැසිරෙති. එසේ කැළැඹුණු වෙසෙසින් බිඳුණු ඒ ලෝකය කවර හෙයින් බඹ තෙම ඍජු නො කෙරෙයි ද?

5237. සචෙ හි සො ඉස‍්සරො සබ‍්බලොකෙ බ්‍රහ‍්මා බහූ භූතපතී පජානං, කිං සබ‍්බලොකං විදහී අලක‍්ඛිං කිං සබ‍්බලොකං න සුඛී අකාසි.

5237. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමී වූ ඒ බ්‍රහ්ම තෙම සියලු ලෝකයෙහි අධිපති වේ නම් කවරහෙයින් සියලු ලෝකය දුක් සහිතවූවක් කෙළේ ද? කවර හෙයින් සියලු ලොව සැපවත් නො කෙළේ ද?

5238. සචෙ හි සො ඉස‍්සරො සබ‍්බලොකෙ බ්‍රහ‍්මා බහූ භූතපතී පජානං, මායා මුසාවජ‍්ජමදෙන චාපි ලොකං අධම‍්මෙන කිමත්‍ථකාසි.

5238. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බඹ තෙම සියලු ලො වැ අධිපති වේ නම් මායා ය, මුසා ය, මද ය යන මේ නො දහමින් යුතු කොට ලොව කුමක් සඳහා මැවී ද.

5239. සචෙ හි සො ඉස‍්සරො සබ‍්බලොකෙ බ්‍රහ‍්මා බහූ භූතපති පජානං, අධම‍්මියො භූතපතී අරිට‍්ඨ ධම‍්මෙ සති සො විදහී අධම‍්මං.

5239. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බ්‍රහ්මයා සියලු ලොවැ අධිපති වූ වේ නම්, එම්බා අරිෂ්ට, කුසල් දහම් ඇති කලැ යම් බඹෙක් නො දහම් ඇති කෙළේ ද හේ නො දැහැමියෙකි.

5240. කීටා පටංගා උරගා ච භෙකා හන‍්ත්‍වා කිමිං සුජ‍්ඣති මක‍්ඛිකා ච, එතෙ හි ධම‍්මා අනරියරූපා කම‍්බොජකානං විතථා බහුන‍්නං.

5240. පණු ය, පළඟැටි ය, සර්‍ප ය, මැඩි ය, කෘමි ය, මැසි ය යන මොවුන් නසා පිරිසිදු වෙයි යන මේ අනාර්‍ය්‍ය ස්වරූප වූ ධර්‍මයෝ කාම්බෝජ රටවැසි (අනාර්‍ය්‍යවූ) බොහෝ දෙනාගේ බොරු ය.

5241. සචෙ හි සො සුජ‍්ඣති යො හනාති හතොපි සො සග‍්ගමුපෙති ඨානං, භොවාදි භොවාදිනං මාරයෙය්‍යුං යෙ චාපි තෙසං අභිසද‍්දහෙය්‍යුං.

5241. ඉදින් යාගයෙහි දී යමෙක් නසා ද හේ පිරිසිදු වෙයි නම් ඒ නැසුණු තැනැත්තේ දෙව්ලොවට යේ නම් බමුණෝ බමුණකු ම මරන්නාහ. යම් කෙනෙක් ඔවුන්ගේ වදන් අදහන්නාහු නම් ඔවුන් ද මරවන්නාහු ය.

5242. නෙව මිගා නප‍්පසුනොපි ගාවො ආයාචන‍්ති අත‍්තවධාය කෙචි, විප‍්ඵන්‍දමානං ඉධජීවිකත්‍ථා යඤ‍්ඤෙසු පාණෙ පසුමාහරන‍්ති.

5242. කිසි මෘග කෙනෙක් තමා නසන්නට නො යදිති. සිවුපාවෝ ද නො යදිති. ගවයෝ ද නො යදිති. මෙ ලොව ජීවත්වීම ප්‍රයෝජන කොට ඇත්තෝ යාගයන්හි දී පණ ඇති සිවුපාවුන් සල්වමින් මරති.

5243. යූපස‍්ස තෙ පසුබන්‍ධෙ ච බාලා චිත‍්තෙහි වණ‍්ණෙහි මුඛං නයන‍්ති, අයං තෙ යූපො කාමදුහො පරත්‍ථ භවිස‍්සති සස‍්සතො සම‍්පරායං.

5243. ඒ නුවණ නැති පසු ආදීන් යාගස්තම්භයෙහි බඳිනු ලබනකල මේ යාගස්තම්භය තොපට පරලොව දී කැමැති වස්තුව දෙන්නේ වෙයි පරලොව ශාස්වත වන්නේ ය යි විසිතුරු වර්‍ණනාවන්ගෙන් මුහුණ සතුටු කෙරෙති.

5244. සචෙ ච යූපෙ මණිසඞ‍්ඛමුත‍්තං ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං, සුක‍්ඛෙසු කිට‍්ඨෙසු නවෙසු චාපි සචෙ දුහෙ තිදිවෙ සබ‍්බකාමෙ තෙවිජ‍්ජසඞ‍්ඝා ච පුථූ යජෙය්‍යුං න බ්‍රාහ‍්මණා කඤ‍්චි තං යාජයෙය්‍යුං.

5244. ඉදින් යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය, යන මෙය වේ නම් ඉදින් වියැළි නො වියැළි කාෂ්ටයන්හි ද දෙව්ලොව කැමති සියලු වස්තුව දීම වේ නම් ත්‍රිවේ ද ය දන්නා බමුණෝ ම බෙහෙවින් යාග කරන්නාහු ය. බමුණෝ අන් කිසිවකු ලවා යාග නො කරවන්නාහු වෙති.

5245. කුතො ච යූපෙ මණිසඞ‍්ඛමුත‍්තං ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං සුක‍්ඛෙසු කට‍්ඨෙසු නවෙසු චාපි කුතො දුහෙ තිදිවෙ සබ‍්බකාමෙ.

5245. යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය යන මෙය කොයින් ද, වියැළි නො වියැළි කාෂ්ටයන්හි දෙව්ලොව කැමති සියලු වස්තුව දීම කොයින් ලැබෙන්නේ ද?

5246. සඨා ච ලුද‍්දා උපලද‍්ධබාලා චිත‍්තෙහි වණ‍්ණෙහි මුඛං නයන‍්ති, ආදාය අග‍්ගිං මම දෙහි විත‍්තං තතො සුඛී හොහිසි සබ‍්බකාමෙ.

5246. පෙළඹුණු අඥාන මිනිසුන් ඇති කපටි රුදුරු බමුණෝ තෙපි ගිනි ගෙන පුදා මට වස්තුව දෙව, තෙපි කැමති සියලු සම්පත් ලැබැ සුඛිත වෙව” යි විචිත්‍ර වර්‍ණනාවෙන් ඔවුන්ගේ මුහුණු සතුටු කෙරෙති.

5247. තමග‍්ගිහුත‍්තං සරණං පවිස‍්ස චිත‍්තෙහි වණ‍්ණෙහි මුඛං නයන‍්ති, ඔරොපයිත්‍වා කෙසමස‍්සුං නඛඤ‍්ච වෙදෙහි චිත‍්තං අතිගාළයන‍්ති.

5247. ඒ ගිනි පුද කරන හලට ඇතුළු වැ හිසකෙස් රැවුල් බාවා නිය ද කප්වා විචිත්‍ර වර්‍ණනාවෙන් මුහුණ තුටු කෙරෙති. වේද කථාවලින් ඔහුගේ සම්පත් විනාශයට පමුණුවති.

5248. කාකා උලූකංච රහො ලභිත්‍වා එකං සමානං බහුකා සමෙච‍්ච, අන‍්නානි භුත්‍වා කුහකා කුහිත්‍වා මුණ‍්ඩං කරිත්‍වා යඤ‍්ඤපථොස‍්සජන‍්ති.

5248. හුදෙකලා වූ බකමූණකු ලැබූ කපුටන් මෙන් ඒ කුහක බමුණෝ බොහෝ දෙන එක් වැ ඔහු වංචා කොට ඔහුගේ රස බොජුන් අනුභවකොට හිස මුඩුකොට යාගස්ථානයෙහි පසෙකට දමති.

5249. එවං හි සො වඤ‍්චිතො බ්‍රාහ‍්මණෙහි එකො සමානො බහූහි සමෙච‍්ච, තෙ යොගයොගෙන විලුම‍්පමානා දිට‍්ඨං අදිට‍්ඨෙන ධනං හරන‍්ති.

5249. මෙසේ හුදෙකලා වූ හෙ තෙම බොහෝ බමුණන් විසින් රැස් වැ රවටන ලද්දේ වේ. ඒ බමුණෝ නොයෙක් යුක්ති කරණකොට පැහැර ගන්නාහු නො පෙනෙන දෙව් සැපතින් පෙනෙන ධනය රැගෙන යති.

5250. අකාසියා රාජූහි චානුසිට‍්ඨා තදස‍්ස ආදාය ධනං හරන‍්ති, තෙ තාදිසා චොරසමා අසන‍්තා වජ‍්ඣා න හඤ‍්ඤන‍්ති අරිට‍්ඨ ලොකෙ.

5250. රජුන් විසින් අනුශාසනා කරන ලද අයබදු ගන්නා රාජපුරුෂයන් මෙන් ඔහුගේ එම ධනය රැගෙන යති. අරිෂ්ටය, ලොවැ සොරුන් හා සමාන අසත්පුරුෂ වධයට සුදුසු එබඳු වූ ඒ බමුණෝ කුමක් හෙයින් නො මරවනු ලබත් ද?

5251. ඉන්‍දස‍්ස බාහාරසි දක‍්ඛිණාති යඤ‍්ඤෙසු ඡින්‍දන‍්ති පලාසයට‍්ඨිං, තං චෙපි සච‍්චං මඝවා ඡින‍්නබාහු කෙනස‍්ස ඉන්‍දො අසුරෙ ජිනාති.

5251. ඔවුහු සක්දෙවිඳුගේ දකුණත ය යි යාගස්ථානයන්හිදී කෑල ලීයක් සිඳිති. ඉදින් එය සැබෑ නම් ශක්‍ර දේවේන්‍ද්‍රයා කපන ලද අත් ඇත්තෙකි. ඉන්‍ද්‍ර ඔහුගේ කවර නම් බලයකින් අසුරයන් දිනා ද?

5252. තඤ‍්චෙව තුච‍්ඡං මඝවා සමඞ‍්ගී හන‍්තා අවජ‍්ඣො පරමො ස දෙවො, මන‍්තා ඉමෙ බ්‍රාහ‍්මණා තුච‍්ඡරූපා සන්‍දිට‍්ඨිකා වඤ‍්චනා එස ලොකෙ.

5252. බමුණන්ගේ ඒ වචනය හිස්මැ ය. සක්දෙවිඳු අත් ඇත්තෙකි. ඒ උතුම් දෙවි තෙම සතුරන් නසන්නෙකි. කිසිවකු විසිනුදු නො නැසිය හැක්කේ ය. බමුණන්ගේ මේ වේද මන්ත්‍රයෝ තුච්ඡස්වභාව ඇත්තාහ. මෙය ලෝකයෙහි පෙනෙන රැවටීමකි.

5253. මාලාගිරි හිමවා යො ච ගිජ‍්ඣො සුදස‍්සනො නිසභො කාකනෙරු, එතෙ ච අඤ‍්ඤෙ ච නගා මහන‍්තා චිත්‍යා කතා යඤ‍්ඤකරෙහි මාහු.

5253. මාලාගිරි ය, හිමවත් ය, ගිජ්ඣ ය, සුදස්සන ය, නිසභ ය, කාකනේරු ය යන මේ පර්‍වතයෝ ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ආසන සඳහා ගඩොලින් කරන ලදහ යි කියති.

5254. යථාප‍්පකාරානි හි ඉට‍්ඨකානි චිත්‍යා කතා යඤ‍්ඤකරෙහි මාහු, න පබ‍්බතා හොන‍්ති තථප‍්පකාරා අඤ‍්ඤාදිසා අචලා තිට‍්ඨසෙලා.

5254. යම් බඳු ගඩොලකින් යාග කරන බමුණන් විසින් ආසන කරන ලදහ යි කියද්ද මේ පර්‍වතයෝ එ බඳු අයුරු ඇත්තෝ නො වෙති. නො සෙල්වෙන පිහිටි ගල් ඇති අන් අයුරු ඇත්තෝ යි.

5255. න ඉට‍්ඨකා හොන‍්ති සිලා චිරෙනපි න තත්‍ථ සඤ‍්ජායති අයො න ලොහං, යඤ‍්චෙ ච එතං පරිවණ‍්ණයන‍්තා චිත්‍යා කතා යඤ‍්ඤකරෙහි මාහු.

5255. ගඩොල් බොහෝ කලෙකිනුදු ගල් නො වෙයි. එහි යකඩ ද ලෝහ ද උපදනේ නො වේ. යාගයෙහි දී මෙය වර්‍ණනා කරන්නෝ යාග කරන බමුණන් විසින් කළ ආසන යැ යි කියත්.

5256. අජ‍්ඣායකං මන‍්තගුණූපපන‍්නං තපස‍්සිනං යාචයොගොති මාහු, තීරෙ සමුද‍්දස‍්සුදකං සජන‍්තං තං සාගරජ‍්ඣොහරි තෙන, පෙය්‍යො.

5256. වේද හදාරන මන්ත්‍ර කොටස්වලින් යුත් තපස්වී වූ බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කීහ. මුහුදු ඉවුරෙහි දිය නාන්නා වූ එ බඳු බමුණකු සයුර ගිල ගත්තේ ය. එ හෙයින් (මුහුද) පානය නො කළ හැක්කක් (ලුණු දිය ඇත්තක්) කරන ලදී.

5257. පරො සහස‍්සම‍්පි සමන‍්තවෙදෙ මනතුප‍්පන‍්නෙ නදියො වහන‍්ති, න තෙන ව්‍යාපන‍්තරසූදකානං කස‍්මා සමුද‍්දො අතුලො අපෙය්‍යො.

5257. නිම කොට උගත් වේද ඇති මන්ත්‍රයෙන් යුත් දහසකට වැඩි බමුණන් නදීහු ගිල්වති. එහෙයින් නදී ජලයෙහි වෙනස් රසක් (ලුණු රසක්) නොවේ. කවර කරුණෙකින් අසම වූ සමුද්‍රය බ්‍රහ්මයා නො පිය යුත්තක් කෙළේ ද?

5258. යෙ කෙචි කූපා ඉධ ජීවලොකෙ ලොණූදකා කූපඛණෙහි ඛාතා, න බ්‍රාහ‍්මණජ‍්ඣොහරණෙන තෙසු ආපො අපෙය්‍යො දිරසඤ‍්ඤරාහු.

5258. දෙදිව් ඇත්ත, මේ ජීව ලෝකයෙහි ළිං හාරන්නන් කැණූ කරදිය ඇති යම් කිසි කූපයෝ වෙත් ද, එහි ජලය බමුණන් ගිලීම නිසා නො පිය හැකි වීයයි නො කියත්.

5259. පුරෙ පුරත්‍ථා කා කස‍්ස භරියා මනො මනුස‍්සං අජනෙසි පුබ‍්බෙ, තෙනාපි ධම‍්මෙන න කොචි හීනො එවම‍්පි වොස‍්සග‍්ගවිභාගමාහු.

5259. පෙර පළමු කප කවර නම් තැනැත්තක් කවරකුහට අඹු වූ ද? පෙර මනස ම මිනිසා ඉපැදැ වීය. එකරුණෙන් කිසිවෙක් හීන නොවේ. මෙසේ ඇති කල තම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ වෙනස වෙසෙසින් කියති.

5260. චණ‍්ඩාලපුත‍්තොපි අධිච‍්ච වෙදෙ භාසෙය්‍ය මන‍්තෙ කුසලො මුතීමා, න තස‍්ස මුද‍්ධා විඵලෙය්‍ය සත‍්තධා මන‍්තා ඉමෙ අත‍්තවධාය කත‍්තා.

5260. ප්‍රඥාවත් දක්‍ෂ චණ්ඩාල පුත්‍රයෙක් ද වේදය ඉගෙන මන්ත්‍ර කියන්නේ නම් ඔහු ගේ මුදුන සත්කඩක් කොට නො පැළෙන්නේ ය. එ බැවින් මේ මන්ත්‍රයෝ තමහට වධ පිණිස කරන ලද්දෝ ය.

5261. වාචාකතා ගිද‍්ධිකතා ගහීතා දුම‍්මොචයා කව්‍යපථානුපන‍්නා, බාලානචිත‍්තං විසමෙ නිවිට‍්ඨං තදප‍්පපඤ‍්ඤා අභිසද‍්දහන‍්ති.

5261. බොරු බසින් කරනලද ලාභයෙහි ගිජුබැවින් බමුණන් විසින් ගනුලබන කාව්‍යකාරයින්ගේ බසට අනුව ගිය මේ වේද මන්ත්‍ර නො මුදාලිය හැක්කෝ ය. නුවණනැත්තන්ගේ සිත මේ විෂම වේදයෙහි බැසගෙන සිටියේ ය. අඥානයෝ එය අදහති.

5262. සීහස‍්ස ව්‍යග‍්ඝස‍්ස ච දීපිනො ච න විජ‍්ජති පොරිසියං බලෙන, මනුස‍්සභාවො ච ගවංව පෙක‍්ඛො ජාතී හි තෙසං අස‍්මා සමානා.

5262. බලයෙන් සිංහයකුගේ ද ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද පෞරුෂයට සමානවූවක් බමුණන්හට නැත. (ඔවුන්ගේ) මනුෂ්‍යත්‍වය ද ගවයන්ගේ ස්වභාව මෙන් දැක්කයුතු ය. අඥානභාවය හේතු කොට ගෙන ගවයන් හා සමවන ඒ බමුණන්ගේ ජාතිය වනාහි (ගවයන් හා) නො සම වෙයි.

5263. සචෙ ච රාජා පඨවිං විජිත්‍ථා සජීවවා අස‍්සවො පාරිසජ‍්ජො, සයමෙව සො සත‍්තුසඞ‍්ඝං විජෙය්‍ය තස‍්ස පජා නිච‍්චසුඛී භවෙය්‍ය.

5263. ඉදින් (මහබඹු දුන් හෙයින්) රජ ද පොළොව දිනා කීකරු පිරිස් ඇත්තේ සහජීවනය කරන්නන්ගෙන් යුත් වූයේ වේ ද, ඒ රජ, තෙමේම සතුරු සමූහය ජයගන්නේ නම් ඔහුගේ (රට වැසි) ප්‍රජාව නිබඳ සුවයට පැමිණෙන්නේ ය. (යුද්ධයක් අනවශ්‍ය හෙයිනි).

5264. ඛත‍්තියමන‍්තා ච තයො ච වෙදා අත්‍ථෙන එතෙ සමකා භවන‍්තී, තෙසඤ‍්ච අත්‍ථං අවිනිච‍්ඡිනිත්‍වා න බුජ‍්ඣති ඔඝපථංව ඡන‍්නං.

5264. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථ විනිශ්චය නො කොට (ආඥාවශයෙන් ගන්නා තෙනැත්තේ) සැඩ දිය පහරින් වැසුණු මග මෙන් (එහි අර්‍ත්‍ථය) අවබෝධ නො කෙරෙයි.

5265. ඛත‍්තියමන‍්තා ච තයො ච වෙදා අත්‍ථෙන එතෙ සමකා භවන‍්ති, ලාභො අලාභො අයසො යසො ච සබ‍්බෙ තෙ සබ‍්බෙසං චතුන‍්නධම‍්මා.

5265. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු වචනාර්‍ත්‍ථ වශයෙන් සම වෙති. ලාභය අලාභය අයසය යසය යන මොව්හු සියලු චතුර්වර්‍ණයන් පිළිබඳ ස්වභාවධර්‍මයෝ ය.

5266. යථාපි ඉබ‍්භා ධනධඤ‍්ඤ හෙතු කම‍්මානි කාරෙන‍්ති පුථූ පථව්‍යා, තෙවිජ‍්ජසඞ‍්ඝාපි තථෙව අජ‍්ජ කම‍්මානි කාරෙන‍්ති පුථූ පථව්‍යා.

5266. යම් සේ ගෘහපතියෝ ධනධාන්‍ය හේතුවෙන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවද්ද, බමුණෝ ද එලෙසින් ම දැන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවති.

5267. ඉබ‍්බෙහි එතෙ සමකා භවන‍්ති. නිච‍්චුස‍්සකා කාමගුණෙසු යුත‍්තා, කම‍්මානි කාරෙන‍්ති පුථූ පථව්‍යා තදපප‍්පඤ‍්ඤා දිරසඤ‍්ඤරා තෙ.

5267. නිතර උත්සාහ ඇති පස්කම් සැපතෙහි යෙදුණු පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවන මොව්හු ගෘහපතියන් හා සමාන වෙති. දෙදිව් ඇති අරිට්ඨය. මඳ නුවණැති ඒ බමුණෝ බමුණු දහමින් දුරුවූවෝය යි (භූරිදත්ත නාරජ කී ය)

යඤ‍්ඤභෙදවාදකණ‍්ඩො.

යඤ්ඤහෙදවාද කාණ්ඩය යි

5268. කස‍්ස භෙරී මුතිංගා ච සඞ‍්ඛාපණවදෙණ‍්ඩිමා, පුරතො පටිපන‍්නානි හාසයන‍්තා රථෙසභං.

5268. වැයුම ඇත්තා වූ මහබෙර ද මිහිඟුබෙර ද සක් ද පනාබෙර සහ ගැට බෙර ද යන මේ තූර්‍ය්‍යයෝ රජු සතුටු කෙරෙමින් කවරකුගේ අභිමුඛයෙන් පිළිපන්නාහු ද?

5269. කස‍්ස කඤ‍්චනපට‍්ටෙන පුථුනා විජ‍්ජුවණ‍්ණිනා, යුවා කලාපසන‍්නද‍්ධො කො එති සිරියා ජලං.

5269. මහත් වූ විදුලියට බඳු පැහැ ඇති රන් මුවා නළල්පටින් කවරකුගේ මුහුණ බැබැළේ ද? තරුණ වූ දුනුහියවුරින් සැරැසුණු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?

5270. උක‍්කාමුඛෙ සහට‍්ඨංව ඛදිරඞ‍්ගාරසන‍්නිභං, මුඛං චාරුරිවාභාති කො එති සිරියා ජලං.

5270. කඹුරු උදුනෙහි ඔප දමන ලද්දක් මෙන් දිලියෙන කිහිර’ඟුරු මෙන් ප්‍රභා ඇති මනෝඥ වූ මුහුණ බැබැළෙයි. එ බඳු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?

5271. කස‍්ස ජම‍්බොනදං ඡත‍්තං සසලාකං මනොරමං, ආදිච‍්චරංසාවරණං කො එති සිරියා ජලං.

5271. සිත්කලු සලාක සහිත හිරුරැස් වළකන රන්මුවා ඡත්‍රය කවරකුහට දරනුලැබේ ද? සෝභාවෙන් දිලියෙමින් කවරෙක් එයි ද?

5272. කස‍්ස අඞ‍්කං පරිග‍්ගය‍්හ වාළවීජනිමුත‍්තමං, චරතෙ වරපඤ‍්ඤස‍්ස මුද‍්ධනි උපරූපරි.

5272. සෙමෙර දරන්නන් කළවයෙන් රඳවන ලද උතුම් වල්විදුනාව උතුම් නුවණ ඇති කවරකුගේ හිස මත්තෙහි හැසිරේ ද?

5273. කස‍්ස පෙඛුණහත්‍ථානි විචිත්‍රානි මුදූනි ච, තපඤ‍්ඤමණිදණ‍්ඩානි චරන‍්ති උභතො මුඛං.

5273. සත්රුවනින් විසිතුරු මෘදු වූ රන් හා මිණියෙන් කැරුණු දඬු (මිටි) ඇති මොණර පිල් කලබ්හු කවරකුගේ මුව දෙපසින් හැසිරෙද් ද?

5274. ඛදිරඞ‍්ගාරවණ‍්ණභා ඔක‍්කාමුඛෙ පහංසිතා, කස‍්සෙතෙ කුණ‍්ඩලා වග‍්ගු සොභන‍්ති උභතො මුඛං.

5274. දිලියෙන කිහිර’ඟුරු බඳු පැහැ යුත් කඹුරු උදුනෙහි ඔප දැමූ මේ මනහර කුණ්ඩලාභරණයෝ කවරකුගේ මුව දෙපසැ බැබැළෙත් ද?

5275. කස‍්ස වාතෙන ඡුපිතා නිද‍්ධන‍්තා මුදුකාලකං, සොභයන‍්ති නලාටන‍්තං නභා විජ‍්ජුරිවුග‍්ගතා.

5275. සුළඟින් සැලෙන සිනිඳු වූ අග් ඇති මෘදු වූ කේශයෝ අහසින් පැන නැගුණු විදුලිය මෙන් කවරකුගේ නළල් කෙළවර හොබවද් ද?

5276. කස‍්ස එතානි අක‍්ඛීනි ආයතානි පුථුනි ච, කො සොභති විසාලක‍්ඛො කස‍්සෙතං උණ‍්ණජං මුඛං.

5276. දිගු පුළුල් වූ මේ ඇස් කවරකුගේ ද? මහත් ඇස් ඇති මේ කවරෙක් බැබළේ ද? රන් කැඩපතක් බඳු පිරිපුන් මේ මුහුණ කවරකුගේ ද?

5277. කස‍්සෙතෙ ලපනජා සුද‍්ධා සුද‍්ධසඞ‍්ඛවරූපමා, භාසමානස‍්ස සොභන‍්ති දන‍්තා කුප‍්පීලසාදිසා.

5277. කථා කරන යමකු ගේ පිරිසිදු උතුම් සක්පෙති බඳු කොඳ කැකුළු සමාන වූ දත් බැබළේ ද එබඳු පිරිසිදු දත් කවරකු ගේ ද?

5278. කස‍්ස ලාඛාරස‍්සමා හත්‍ථපාදා සුඛෙධිතා, කො සො බිම‍්බොට‍්ඨ සම‍්පන‍්නො දිවා සුරියොව භාසති.

5278. ලාකඩ දියට බඳු පැහැ ඇති මේ සුව සේ වැඩුණු අත් පා කවරකු ගේ ද, බිඹුපල වැනි තොල් ඇති ඒ කවරෙක් දවල් හිරු මෙන් බැබැළේ ද?

5279. හිමච‍්චයෙ හෙමවතො බ්‍රහාසාලොව පුප‍්ඵිතො, කො සො ඔදාතපාවාරො ජයං ඉන්‍දොව සොභති.

5279. හිමඍතුව ගේ අවසන්හි හිමාලයෙහි පිහිටි මහ සල් රුකක් මෙන් පෙරෙවි සුදු උතුරු සළු ඇති ඒ කවරෙක් නම් අසුරයන් දිනූ සක්දෙව් රජු මෙන් බැබැළේ ද?

5280. සුවණ‍්ණපිළකාකිණ‍්ණං මණිදණ‍්ඩවිචිත‍්තිකං, කො සො පරිසමොගය‍්හ ඊසො ඛග‍්ගංව මුච‍්චති.

5280. රන් බුබුලින් ගැවසී ගත් මිණි මිටෙන් විසිතුරු කැරුණු කඩුව පිරිස් මැදට බැසගත් අධිපති කවරෙක් නම් මුදා ද?

5281. සුවණ‍්ණ විකතා චිත්‍රා සුකතා චිත්‍ර සිබ‍්බනා, කො සො ඔමුඤ‍්චතෙ පදා නමො කත්‍වා මහෙසිනො.

5281. රනින් කැරුණු විසිතුරු කොට මැනැවින් කැරුණු ගෙතුමෙන් යුත් මිරිවැඩි, මහර්ෂී වූ ඔබ හට නමස්කාර කොට ඒ කවරෙක් පාදයෙන් මුදයි ද? සාගර බ්‍රහ්මදත්ත රජ තෙමේ පිය රජ වූ තාපසයාණන්ගෙන් ඇසීය.

5282. ධතරට‍්ඨා හි තෙ නාගා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, සමුද‍්දජාය උප‍්පන‍්නා එතෙ නාගා මහිද‍්ධිකාති.

5282. ඍද්ධි ඇති යශ පිරිවර ඇති ඔව්හු ධෘතරාෂ්ට්‍ර නම් නාරජු ගේ පුත් වූ නාගයෝ වෙති. මහත් ඍද්ධි ඇති මේ නාගයෝ වනාහි සමුද්‍රජා නමැති මගේ දුවට උපන් පුත්තු වෙති යි පියරජ තෙමේ කී ය.

භූරිදත‍්තජාතකං ඡට‍්ඨමං.

භූරිදත්ත ජාතකය නිමි.