යෙදුමෙන් කියවන්න

සුභගඛණ‍්ඩො

5194. ලොක්‍යං සජන‍්තං උදකං පයාගස‍්මිං පතිට‍්ඨිතං, කො මං අජ‍්ඣොහරි භූතො ඔගාළ‍්හං යමුනං නදිං.

5194. පව් සේදීමට සුදුසු යැ යි ලෝවැස්සන් විසින් සම්මත කැරුණු පයාග නම් කොටැ පිහිටි මෙබඳු දිය නහන මා කවර නම් භූතයෙක් යමුනා ගඟෙහි ගිල්වමින් ඇදගති දැ යි වැදි බමුණා ඇසී ය.

5195. යදෙසලොකාධිපතී යසස‍්සී බාරාණසිම‍්පකිරහරී සමන‍්තතො, තස‍්සාහං පුත‍්තො උරගූසභස‍්ස සුභගොති මං බ්‍රාහ‍්මණ වෙදයන‍්ති.

5195. ලොවට අධිපති යසපිරිවර ඇති යම් මේ ධෘතරාෂ්ට්‍ර නමැති නා රජෙක් හාත්පසින් බරණැස් නුවර පෙණයෙන් වැසුයේ ද මම ඒ නා රජුගේ පුත් වෙමි. බමුණ මා සුහග යැ යි දනිති යි සුහග නාරජ කීය.

5196. සචෙ හි පුත‍්තො උරගූසභස‍්ස කංසස‍්ස රඤ‍්ඤො අමරාධිපස‍්ස මහෙසක‍්ඛො අඤ‍්ඤතරො පිතා තෙ මච‍්චෙසු මාතා පන තෙ අතුල්‍යා න තාදිසො අරහති බ්‍රාහ‍්මණස‍්ස දාසම‍්පි ඔහාරිතුං මහානුභාවො.

5196. ඉදින් තෙපි වනාහි දිගාසිරි ඇති බැවින් අමර නම් නාගයනට අධිපති කංශ නමැති ධෘතරාෂ්ට්‍ර නාරජුගේ පුත් වවු නම් තොපගේ පිය තෙමේ මහේශාක්‍ය නාරජෙකි. ඔබ මවු තොමෝ මිනිසුන් අතර අසමාන තැනැත්තක යැ. එ බන්දෙක් බ්‍රාහ්මණයකුගේ දාසයකුවත් දියෙහි ගිල්වීමට නුසුදුසු යැ (මහානුභාව බමුණකු ගැන කවර කථායැ යි වැදි බමුණා කීය.)

5197. රුක‍්ඛං නිස‍්සාය විජ‍්ඣිත්‍ථො ඵණෙය්‍යං පාතුමාගතං, සො විද‍්ධො දූරමසරා සරවෙගෙන සෙඛවා.

5197. එම්බා බ්‍රාහ්මණය තෙපි රුකක් ඇසුරු කරමින් දිය බොන්නට ආ මුවකු විද්දහු ය. ඊතල වේගය නිසා තැති ගත් විදිනු ලැබූ මුවා ඈතට ගියේ ය.

5198. තං ත්‍වං පතිතමද‍්දක‍්ඛි අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ, ස මංසකාජමාදාය සායං නිග්‍රොධුපාගමි.

5198. තෙපි මහ වනයෙහි (දුවගොස් මැරී වැටුණු) ඒ මුවා දැක්කහු ය. ඒ තෙපි මුවමස් කද රැගෙන සවස නුග රුකක් වෙත පැමිණියහු ය.

5199. සුවලාසිය සඞ‍්ඝුට‍්ඨං පිංගියං සන්‍ථතායුතං, කොකිලාභිරුදං රම‍්මං ධුවං හරිතසද‍්දලං.

5199. ගිරා සැළලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති පැසුණු පල කරණකොටගෙන පිඟුවන් ගැවැසී ගත් ඇටුවන් ඇති නුග රුකින් යුත් මේ භූමිය කොවුලන් විසින් පැවැත්වෙන නාද ඇති සිත්කලු නිතර නිල් තෘණයෙන් ගැවැසී ගත්තකි.

5200. තත්‍ථ තෙ සො පාතුරහූ ඉද‍්ධියා යසසා ජලං, මහානුභාවො භාතා මෙ කඤ‍්ඤාහි පරිවාරිතො.

5200. ඒ නුග රුකෙහි සිටි තොපට ඍද්ධියෙන් ද, යසසින් ද දිලියෙන මහත් අනුභාව ඇති නාගකන්‍යාවන් පිරිවැරූ මාගේ ඒ සොහොයුරු තෙමේ පෙනුණේ ය.

5201. සො තෙන පරිචිණ‍්ණො ත්‍වං සබ‍්බකාමෙහි තප‍්පිතො, අදුභස‍්ස තුවං දූභි තං තෙ වෙරං ඉධාගතං.

5201. ඒ තෙපි මගේ සොහොයුරු භූරිදත්ත නමැති ඒ නාරජු විසින් කැමැති සියලු සම්පත්තියෙන් සතුටු කැරුණේ බුහුමන් කැරුණේ ද වවු ය. ද්‍රෝහ නො කළයුතු ඔහුට තෙපි ද්‍රෝහ කළවු ය. තොපට ඒ පාපකර්‍මය දැන් මෙහි පැමිණියේ වෙයි.

5202. ඛිප‍්පං ගීවං පසාරෙහි න තෙ දස‍්සාමි ජීවිතං, භාතුපරිසරං වෙරං ඡෙදයිස‍්සාමි තෙ සිරං.

5202. ගෙල වහා දිගු කරව. තා මරමි. සොහොයුරාහට කළ අපරාධය සිහිකරන මම තාගේ හිස සිඳිමි යි සුහග තෙමේ කීය.

5203. අජ‍්ඣායකො යාචයොගො ආහුතග‍්ගී ච බ්‍රාහ‍්මණො, එතෙහි තීහි ඨානෙහි අවජ‍්ඣො භවති බ්‍රාහ‍්මණො.

5203. බමුණා මන්ත්‍ර හදාරයි. ඉල්ලීමට සුදුසු වෙයි, පුදන ලද ගිනි ඇත්තේ ද වෙයි. මේ තෙ කරුණින් බමුණු තෙමේ වධ නො කොට යුත්තෙකැ යි වැදි බමුණා කීය.

5204. යං පුරං ධතරට‍්ඨස‍්ස ඔගාළ‍්හං යමුනං නදිං, ජොතතෙ සබ‍්බසොවණ‍්ණං ගිරිං ආහච‍්ච යාමුනං.

5204. යමුනා නදී යට පෙදෙසෙහි ධෘතරාෂ්‍ට්‍ර නා රජුගේ රන්මුවා යම් නුවරක් යමුනා ගඟ අසබඩ හිමාලය පර්‍වතය දක්වා බැබැළේ ද?

5205. තත්‍ථ තෙ පුරිසව්‍යග‍්ඝා සොදරියා මම භාතරො, යථා තෙ තත්‍ථ වක‍්ඛන‍්ති තථා හෙස‍්සසි බ්‍රාහ‍්මණ.

5205. එ නුවර පුරුෂ ශ්‍රේෂ්ඨ වූ සමාන මාතෘක මාගේ ඒ සොහොයුරෝ වෙසෙති. ඔහු යම් පරිදි කියද්ද බමුණ, තොප එහි දී එ පරිදි වන්නේ යැ යි සුහග තෙමේ කී ය.

සුභගඛණ‍්ඩො.

සුහග කාණ්ඩය යි.