නගරප‍්පවෙසනකණ‍්ඩං නිට‍්ඨිතං
5148. මමං දිස‍්වාන ආයන‍්තං සබ‍්බකාමසමිද‍්ධිනං, ඉන්‍ද්‍රියානි අහට‍්ඨානි සාවං ජාතං මුඛං තව.
5148. මෑණියනි, සියලු කම්සැපතින් වැඩුණු මා දැක්මෙන් ඔබගේ ඉඳුරෝ විප්‍රසන්න නො වූහ. රන්කැඩපතකට බඳු මුහුණ ද කළුවන් වී ය.
5149. පදුමං යථා හත්‍ථගතං පාණිනා පරිමද‍්දිතං, සාවං ජාතං මුඛං තුය‍්හං මමං දිස‍්වාන එදිසං.
5149. මා දැක්මෙන් ඔබ මුහුණ, අතින් කඩා අත්ලෙන් පිරිමදින ලද පියුම මෙන් කළු වූයේ කවර හෙයින් දැ යි සුදස්සන නම් නාරජ ඇසී ය.
5150. කච‍්චින‍්නු තෙ නාභිසයි කච‍්චි තෙ අත්‍ථි වෙදනා, . යෙන සාවං මුඛං තුය‍්හං මමං දිස‍්වාන ආගතං.
5150. කිම, ඔබට කිසිවෙක් හිංසා කෙළේ ද? කිම, ඔබට කිසියම් වේදනා ඇද්ද? යම් කරුණකට මෙහි පැමිණි මා දැකැ ඔබ මුහුණ කළු වී ද? එ කරුණ මට පවසනු මැනැවැ යි කී ය.
5151. සුපිනං තාත අද‍්දක‍්ඛිං ඉතො මාසං අධොගතං, දක‍්ඛිණං විය මෙ බාහං ඡෙත්‍වා රුහිරමක‍්ඛිතං; පුරිසො ආදාය පක‍්කාමි මමං රොදන‍්තියා සති.
5151. පුත, සිහිනයක් දිටිමි. එයට මසක් ඉක්මිණ. මාගේ දකුණු අත කැපුමෙන් ලේ වැගිරෙන්නාක් මෙන් විය, හඬමින් සිටින කලැ රතු ඇස් ඇති කළු පුරුෂයෙක් මා රැගෙන ගියේ ය.
5152. යතො තං සුපිනමද‍්දක‍්ඛිං සුදස‍්සන විජානහි, තතො දිවා වා රත‍්තිං වා සුඛං මෙ න උපලබ‍්භති.
5152. එම්බා සුදස්සන පුත, යම් දිනෙක මම ඒ සිහිනය දිටිම් ද එදා සිට දිවා රෑ මට සුවයක් නම් නැතැ යි දැන ගනුව යි කී ය.
5153. යං පුබ‍්බෙ පරිචාරිංසු කඤ‍්ඤා රුචිරවිග‍්ගහා, හෙමජාලපටිච‍්ඡත‍්තා භූරිදත‍්තො න දිස‍්සති.
5153. පෙරැ රන්දලින් වැසූ මනහර ශරීර ඇති නාග කන්‍යාවෝ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත නමැති නාරජ දැන් නො පෙනේ.
5154. යං පුබ‍්බෙ පරිචාරිංසු නෙත‍්තිංසවරධාරිනො, කණිකාරා විය සම‍්ඵුල‍්ලා භූරිදත‍්තො න දිස‍්සති.
5154. මැනැවින් පිපුණු කිණිහිරි රුක් මෙන් කඩු දරන උතුම් නාගමානවකයෝ පෙරැ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත තෙමේ දැන් නො පෙනේ.
5155. හන්‍දදානි ගමිස‍්සාම භූරිදත‍්තනිවෙසනං, ධම‍්මට‍්ඨං සීලසම‍්පන‍්නං පස‍්සාම තව භාතරං.
5155. එහෙයින් අපි දැන් භූරිදත්ත ගේ නිවෙසට යමු. දැහැමි සිල්වත් ඔබ ගේ සොහොවුරා දකිමු යි මෑණියෝ පැවැසූ හ.
5156. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං භූරිදත‍්තස‍්ස මාතරං, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං භූරිදත‍්තස‍්ස නාරියො.
5156. භූරිදත්ත නාරජු ගේ ඒ එන මෑණියන් දැක භූරිදත්ත නාරජු ගේ ස්ත්‍රීහු හිසැ අත් බැඳැ ගෙන (ඉහ අත් බදාගෙන) හැඬූහ.
5157. පුත‍්තං තෙය්‍යෙ න ජානාම ඉතො මාසං අධොගතං, මතං වා යදි වා ජීවං භූරිදත‍්තං යසස‍්සිනං.
5157. ආර්‍ය්‍යාවෙනි, යසස් ඇති භූරිදත්ත නමැති ඔබ පුතා මෙළේ ද, නැතහොත් ජීවත් වේ ද? මෙයින් මසක් පමණ කලක සිට නො දකිමු යි පැවැසූහ.
5158. සකුණී හතපුත‍්තාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං භූරිදත‍්තං අපස‍්සති.
5158. හිස් වූ කැදැල්ල දැකීමෙන් නැසුණු පැටව් ඇති ළිහිණියක මෙන් භූරිදත්ත නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.
5159. සකුණී හතපුත‍්තාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, තෙන තෙන පධාවිස‍්සං පියපුත‍්තං අපස‍්සති.
5159. හිස් වූ කැදැල්ල දැක්මෙන් එහා මෙහා දුවන, නැසුණු පැටවුන් ඇති ළිහිණියක මෙන් ප්‍රිය පුතු නො දක්නා මම ඒ ඒ තැන දුවමි.
5160. කුරරී හතඡාපාව සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං භූරිදත‍්තං අපස‍්සති.
5160. හිස් වූ කැදැල්ල දැක්මෙන් පැටවුන් නැසුණු බව දත් කබරුස්සක මෙන් භූරිදත්ත නමැති පුතු නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.
5161. සා නූන චක‍්කවාකීව පල‍්ලලස‍්මිං අනූදකෙ, චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං භූරිදත‍්තං අපස‍්සති.
5161. භූරිදත්ත නමැති පුතු නො දක්නා ඒ මම දිය සිඳුණු කුඩා විලෙකැ සක්වාළිහිණියක මෙන් බොහෝ කල් මුළුල්ලෙහි දුකින් තැවෙමි.
5162. කම‍්මාරානං යථා උක‍්කා අන‍්තො ඣායති නො බහි, එවං ඣායාමි සොකෙන භූරිදත‍්තං අපස‍්සති.
5162. කඹුරු උදුනැ යම්සේ ඇතුළතැ මැ ගිනි ඇවිළේ ද පිටත නො ඇවිළේ ද එ මෙන් භූරිදත්ත නො දක්නා මම සොවින් දැවෙමි යි මෑණියෝ වැලැපුණාහ.
5163. සාලාව සම‍්පමථිතා මාලුතෙන පමද‍්දිතා, සෙන‍්ති පුත‍්තා ච දාරා ච භූරිදත‍්තනිවෙසනෙ.
5163. භූරිදත්ත නාරජුගේ භවනයෙහි අඹුදරුවෝ යුගත් මාරුතයෙන් ඇලළීගිය සල්ගස් මෙන් ශෝකයෙන් වෙසෙති යි (බුදුහු වදාළහ.)
5164. ඉදං සුත්‍වාන නිග‍්ඝොසං භූරිදත‍්තනිවෙසනෙ, අරිට‍්ඨො ච සුභගො ච උපධාවිංසු අනන‍්තරා.
5164. අරිට්ඨ යැ සුභග යැ යන නාරජහු දෙදෙන අනතුරු වැ භූරිදත්ත නමැති නාරජුගේ භවනයෙහි මේ ශබ්දය ඇසීමෙන් එහි දිවගියහ.
5165. අම‍්ම අස‍්සාස මා සොචි එවං ධම‍්මා හි පාණිනො, චවන‍්ති උපපජ‍්ජන‍්ති ඵසස‍්ස පරිණාමිතා.
5165. මෑණියනි, අස්වැසෙවු, ශෝක නො කරවු, සත්ත්‍වයෝ වනාහි මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ වෙති. මැරෙති උපදිති යන මෙය ලෝකයේ පිරිනැමීම යැ යි කීහ.
5166. අහම‍්පි තාත ජානාමි එවං ධම‍්මා හි පාණිනො, සොකෙන ච පරෙතස‍්මිං භූරිදත‍්තං අපස‍්සති.
5166. පුත, මම ද දනිමි. සත්ත්‍වයෝ මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ යැ. එහෙත් භූරිදත්ත නො දක්නා මම සොවින් පෙළුනා වෙමි.
5167. අජ‍්ජ චෙ මෙ ඉමං රත‍්තිං සුදස‍්සන විජානහි, භූරිදත‍්තං අපස‍්සන‍්ති මඤ‍්ඤෙ හෙස‍්සාමි ජීවිතං.
5167. පුත සුදස්සන, ඉදින් අද රෑ භූරිදත්ත නො දක්නී නම් මගේ ජීවිතය හරින්නෙමි යි සිතමි. එ දනුව යි මෑණියෝ පැවැසූහ.
5168. අම‍්ම අස‍්සාස මා සොචි ආනයිස‍්සාම භාතරං, දිසොදිසං ගමිස‍්සාම භාතුපරියෙසනං චරං.
5168. මෑණියෙනි, සැනසෙනු මැනැවි. ශෝක නො කළ මැනැවි. සොහොයුරා සොයා ගෙන එන්නෙමු. සොහොයුරා සොයමින් දිසානුදිසාවනට යන්නෙමු.
5169. පබ‍්බතෙ ගිරිදුග‍්ගෙසු ගාමෙසු නිගමෙසු ච, ඔරෙන දසරත‍්තස‍්ස භාතරං පස‍්ස ආගතං.
5169. පර්‍වත ගිරිදුර්‍ගයන්හි ද ගම්නියම්ගම්හි ද ඇවිසැ සොයන්නෙමු. රෑ දසයකින් හෙවත් දස දවසකින් මොබ ආ සහෝදරයා බලනු මැනැවි යි පුත්‍රයෝ පැවැසූහ.
5170. හත්‍ථා පමුත‍්තො උරගො පාදෙ තෙ නිපතී භුසං, කච‍්චි තං නු ඩසී තාත මා භායි සුඛිතො භව.
5170. (මා) අතින් මිදුණු සර්‍පයා ඔබගේ පයෙහි බලවත් සේ පතිත විය. කිම, ඔබ දෂ්ට කෙළේ ද? බිය නො වෙව, සුවපත් වෙව යි ආලම්බායන කී ය.
5171. නෙව මය‍්හං අයං නාගො අලං දුක‍්ඛාය කායචි, යාවතත්‍ථි අභිග‍්ගාහා මයා භිය්‍යො න විජ‍්ජති.
5171. මේ නාගයා සුළු පමණින් වත් මට දුකක් ඉපැදැවීමට නො පොහොසත් ය. යම් පමණ අහිතුණ්ඩිකයෝ වෙත් ද මට වැඩි සමතෙක් නැතැ යි (තාපස වේසයෙන් ආ සුදස්සන නැමැති නාරජ කී ය.)
5172. කොනු බ්‍රාහ‍්මණ වණ‍්ණෙන දත‍්තො පරිසමාගමා, අව‍්හයන‍්තු සුයුද‍්ධෙන සුණාතු පරිසා මමං.
5172. බමුණු වෙසින් කවර නම් අන්‍ධ බාලයෙක් මා යුද්ධයට කැඳවමින් මෙ පිරිස වෙත පැමිණියේ ද? පිරිස මාගේ බස අසාවා යි ආලම්බායන කී ය.
5173. ත්‍වං මං නාගෙන ආලම‍්බ අහං මණ‍්ඩූකඡාපියා, හොතු නො අබ‍්භුතං තත්‍ථ ආසහස‍්සෙහි පඤ‍්චහි.
5173. ආලම්බායන තෝ නාගයා මගින් මා සමඟ යුද කරව, මම මැඩි පැටවක මගින් තා සමඟ යුද කරන්නෙමි. අපගේ යුදයෙහි පන්දහසකින් පරදු තැබුම වේවයි සුදස්සන තෙමේ කී ය.
5174. අහං හි වසුමා අඩ‍්ඪො ත්‍වං දළිද‍්දොසි මාණව, කො නු තෙ පටිභොගත්‍ථි උපජූතඤ‍්ච කිං සියා.
5174. එම්බා මාණවකය, මම වනාහි ධනය ඇති, වස්තුවෙන් පරිපූර්‍ණ වූවෙක්මි. තෝ වනාහි දිළින්දෙක් වෙහි ය. තට කවර ඇපයක් තිබේ ද මේ දූකෙළියෙහි තැබිය යුතු කවර නම් ධනයක් වේ ද?
5175. උපජූතඤ‍්ච මෙ අස‍්ස පාටිභොගො ච තාදිසො, හොතු නො අබ‍්භුතං තත්‍ථ ආසහස‍්සෙහි පඤ‍්චහි.
5175. මේ දූකෙළිය සඳහා ධනය මට ඇත, තැබිය හැකි ඇප ද ඇත. එහෙයින් එහි දී පන්දහස දක්වා පරදු තැබුම වන්නේ නම් යෙහෙකැ යි ආලම්බායන තෙමේ කී ය.
5176. සුණොහි මෙ මහාරාජ වචනං භද‍්දමත්‍ථු තෙ, පඤ‍්චන‍්නං මෙ සහස‍්සානං පාටිභොගොහි කිත‍්තිමා.
5176. මහරජ, ඔබට යහපතක් වේවා, ම බස ඇසුව මැනැවි. කීර්තිමත් රජතෙමේ මට පන්දහසකට ඇප වේවා යි සුදස්සන තෙමේ මයිල් රජුට කී ය.
5177. පෙත‍්තිකං වා ඉණං හොති යං වා හොති සයං කතං, කිං ත්‍වං එවං බහුං මය‍්හං ධනං යාචසි බ්‍රාහ‍්මණ.
5177. බ්‍රාහ්මණය, පියා විසින් ගත් ණයක් ඇද්ද නැතහොත් තමා වූ යම් ණයක් හෝ වේ ද? කුමකට මෙ බඳු බොහෝ ධන තෝ මාගෙන් ඉල්ලන්නෙහි දැ යි රජ තෙමේ ඇසී ය.
5178. ආලම‍්බානො හි නාගෙන මමං අභිජිගිංසති, අහං මණ‍්ඩුකඡාපියා ඩංසසිස‍්සාමි බ්‍රාහ‍්මණං.
5178. මහරජ, ආලම්බායන තෙමේ නාගයා කරණ කොට ගෙන යුදයෙහි දි මා දිනන්නට කැමැත්තේ වෙයි. මම මැඬිපැටවක ලවා බ්‍රාහ්මණයා දෂ්ට කරවමි.
5179. තං ත්‍වං දට‍්ඨුං මහාරාජ අජ‍්ජ රට‍්ඨාභිවද‍්ධන, ඛත‍්තසඞ‍්ඝපරිබ‍්බූළ‍්හො නිය්‍යාහි අහිදස‍්සනං.
5179. රට වර්ධනය කරවන මහරජ, අද ඔබ ඒ නයින්ගේ නැටුම් බලන්නට ක්‍ෂත්‍රිය සමූහයා පිරිවරන ලදු වැ වඩනේ මැනැවැ යි සුදස්සන තෙමේ කී ය.
5180. නෙව තං අතිමඤ‍්ඤාමි සිප‍්පවාදෙන මාණව, අතිමත‍්තොසි සිප‍්පෙන උරගං නාපචායසි.
5180. මාණවකය, ශිල්පවාදයෙන් ඔබ ඉක්මවා නො හඟිමි. ඔබ වනාහි ශිල්ප හේතු කොට ගෙන මත් වූවහු ය. එහෙයින් මේ නාගයාහට බුහුමන් නො කෙරෙහි යැ යි ආලම්බායන තෙමේ කී ය.
5181. මයම‍්පි නාතිමඤ‍්ඤාම සිප‍්පවාදෙන බ්‍රාහ‍්මණං, අවිසෙන ච නාගෙන භුසං වඤ‍්චයසෙ ජනං.
5181. අපි දු ශිල්පවාදයෙන් බ්‍රාහ්මණයා ඉක්මවා නො හඟිමු. ඔබ විෂ නැති මේ නයාගෙන් ද බොහෝ සේ ජනයා මුළා කරන්නෙහි ය.
5182. එවං චෙතං ජනො ජඤ‍්ඤා යථා ජානාමි තං අහං, න ත්‍වං ලභසි ආලම‍්බ සත‍්තුමුට‍්ඨිං කුතො ධනං.
5182. එය මම යම්සේ දනිම් ද, මහාජන තෙමේ එසේ දනී නම් ආලම්බායන, ඔබ අත්සුණු මිටකුදු නො ලබන්නෙහි ය. ධනය නම් කොහින් ලබන්නෙහි දැ යි සුදස්සන තෙමේ ඇසී ය.
5183. ඛරාජිනො ජටී රුම‍්මී දත‍්තො පරිසමාගතො, සො ත්‍වං එවං ගතං නාගං අවිසො අතිමඤ‍්ඤසි.
5183. රළු වූ අඳුන් දිවිසම් දරන ජටාධර අඳුන් නොලා නො සැරැසුණු දත්ත පිරිසට ආයේයැ. තෙපි මෙ වැනි අනුභවසම්පන්න නාගයා විෂ නැත්තෙකැ යි අවමන් කරව.
5184. ආසජ‍්ජ ඛො තං ජඤ‍්ඤාසි පුණ‍්ණං උග‍්ගස‍්ස තෙජසා මඤ‍්ඤෙ තං භස‍්මරාසිංව ඛිප‍්පමෙසො කරිස‍්සති.
5184. උග්‍ර විෂ තෙදින් පරිපූර්‍ණ වූ ඒ නාරජුට ළං වැ එය දැන ගන්නෙහි ය. නා රජතෙමේ තොප වහාම අළු ගොඩක් කෙරේ යැ යි සිතමි යි ආලම්බායන තෙමේ කුපිත වැ කී ය.
5185. සියා විසං සිළුත‍්තස‍්ස දෙඩ‍්ඪුහස‍්ස සිලාභුනො, නෙව ලොහිතසීසස‍්ස විසං නාගස‍්ස විජ‍්ජති.
5185. තොපගේ මේ රතු හිසැ’ති සර්‍පයාගේ විෂ ඇත් නම් ගැරැඬි යැ, දියබරි යැ, පණුවුළු යැ යන සතුන්ට ද විෂ ඇතැ යි සුදස්සන තෙමේ කී ය.
5186. සුතං මෙතං අරහතං සඤ‍්ඤතානං තපස‍්සිනං, ඉධ දානානි දත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා; ජීවන‍්තො දෙහි දානානි යදි තෙ අත්‍ථි දාතවෙ.
5186. මෙ ලොවැ දායකයෝ දන්දීම හේතු කොටගෙන දෙව්ලොවැ උපදිති යන මෙය සංයමයෙන් හා තපසින් යුත් රහතුන්ගෙන් මා විසින් අසන ලදී. ඉදින් දිය යුතු දෙයක් තොපට ඇතහොත් ජීවත් වෙමින් දන් දෙව.
5187. අයං නාගො මහිද‍්ධිකො තෙජසී දුරතික‍්කමො, තෙන තං ඩංසයිස‍්සාමි සො තං භස‍්මං කරිස‍්සති.
5187. මේ නාගයා මහත් ඍද්ධි ඇති තේජස් ඇති කිසිවකු හට ඉක්මැ විය නො හැක්කකි. ඔහු ලවා තොප දෂ්ට කරවන්නෙමි. හේ තා අළු කරන්නේ යැ යි ආලම්බායන තෙමේ කී ය.
5188. මයාපෙතං සුතං සම‍්ම සඤ‍්ඤතානං තපස‍්සිනං, ඉධ දානානි දත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා; ත්‍වමෙව දෙහි ජීවන‍්තො යදි තෙ අත්‍ථි දාතවෙ.
5188. යහළු ආලම්බායනය, මෙ ලොවැ දන් දෙන දායකයෝ දෙව්ලොවැ උපදිතැ යි යන මෙය සංයම ඇති තපස්වීන්ගෙන් මා විසිනුදු අසන ලදයැ. ඉදින් දියයුතු දෙයක් ඇතහොත් එය ජීවත් වන තෙපි මැ දෙව.
5189. අයං අච‍්චිමුඛී නාම පුණ‍්ණා උග‍්ගස‍්ස තෙජසා, තෙන තං ඩංසයිස‍්සාමි සා තං භස‍්මං කරිස‍්සති.
5189. අච්චිමුඛී නමැති මේ මැඬි පැටි උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ වූවා ය. ඇය ලවා තා දෂ්ට කරවමි. ඕ තා හළු කරන්නී ය.
5190. යා ධීතා ධතරට‍්ඨස‍්ස වෙමාතා භගිනී මම, සා දිස‍්සතු අච‍්චිමුඛී පුණ‍්ණා උග‍්ගස‍්ස තෙජසා,
5190. ධ්‍රතරාෂ්ට නමැති නාරජුට යම් දුවක් වූ ද මාගේ අසමාන මවු දරු නැගණි වූ ද උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ ඒ මේ අච්චිමුඛී නමැති මැඬි පැටි දකිනු ලැබේවා යි සුදස්සන තෙමේ කීය.
5191. ඡමායං චෙ නිසිඤ‍්චිස‍්සං බ්‍රහ‍්මදත‍්ත විජානහි, තිණලතානි ඔසධ්‍යො උස‍්සුස‍්සෙය්‍යුං අසංසයං.
5191. බ්‍රහ්මදත්ත මහරජ, යම් හෙයකින් මේ විෂ පොළොවෙහි ඉසින්නේ නම් තණකොළ ලිය වැල් ද ඖෂධවර්‍ගයෝ ද නිසැක වැ වියළෙන්නාහ යි දනු මැනවැ යි කී ය.
5192. අද‍්ධං චෙ පාතයිස‍්සාමි බ්‍රහ‍්මදත‍්ත විජානහි, සත‍්තවස‍්සානයං දෙවො න වස‍්සෙ න හිමං පතෙ.
5192. එම්බා බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ අහසට දමන්නෙම් නම් සත්ත්‍වසක් මුළුල්ලෙහි වැසි නො වස්නේ ය. පිනිබිඳුවකුදු නො වැටෙති දනුව යි කීය.
5193. උදකඤ‍්චෙ නිසිඤ‍්චිස‍්සං බ්‍රහ‍්මදත‍්ත විජානහි, යාවතා ඔදකා පාණා මරෙය්‍යුං මච‍්ඡකච‍්ඡපා.
5193. බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ දියට (මුහුදට) ඉසින්නෙම් නම් දියෙහි උපදින මස්කැසුබු ඈ යම් පමණ සත්ත්‍වයෝ වෙද්ද ඒ සියලු සත්ත්‍වයෝ මැරෙන්නාහ යි දැන ගන්නැ යි සුදස්සන තෙමේ කීය.