කීළනඛණ්ඩො
5121. මණිං පග්ගය්හ මඞ්ගල්යං සාධු විත්තං මනොරමං, සෙලං ව්යඤ්ජනසම්පන්නං කො ඉමං මණිමජ්ඣගා.
5121. මංගල සම්මත වූ සුන්දර වස්තුවක් වන සිත්කලු ලක්ෂණ සම්පන්න වූ මේ මැණික කොහි දී ලැබුවෙහි දැ යි බමුණා ඇසී ය.
5122. ලොහිතක්ඛසහස්සසාහි සමන්තා පරිවාරිතං, අජ්ජ කාලං පදං ගච්ඡං අජ්ඣගාහං මණිං ඉමං.
5122. අද උදෑසන මහමඟ යන්නෙම් රතු ඇස් ඇති නාග-කන්‍යාවන් දහසක් විසින් හාත්පසින් පිරිවනලද මේ මැණික ලදිමි යි ආලම්බන තෙමේ කී ය.
5123. සූපචිණ්ණො අයං සොලො අච්චිතො මහිතො සදා, සුධාරිතො සුනික්ඛිත්තො සබ්බත්ථභිසාධයෙ.
5123. හැම කල්හි මැනැවින් කැරුණු අදර ගරු බුහුමන් ඇති මේ මැණික මනා වැ දරන ලද්දේ මැනැවින් බහා තබන ලද්දේ සියලු අර්ත්ථ සිදු කර ලන්නේ ය.
5124. උපචාරවිපන්නස්ස නික්ඛෙපෙ ධාරණාය වා, අලං සෙලො විනාසාය පරිචිණ්ණො අයොනිසො.
5124. පැළැඳීමෙහි ද බහා තැබීමෙහි ද නුනුවණින් පරිහරණ කැරුණු මේ මැණික උපචාර විපන්නයාගේ විනාශයට හේතු වේ ය.
5125. න ඉමං අකුසලො දිව්‍යං මණිං ධාරෙතුමාරහො, පටිපජ්ජ සතං නික්ඛං දෙහිමං රතනං මමං.
5125. උපචාරයෙහි අදක්ෂ වූ යේ මේ දිව්යමාණික්ය දැරීමට නුසුදුසු ය. එහෙයින් රන්නික සියයක් ගනුව, මෙ මැණික මට දෙව යි බ්‍රාහ්මණයා කී ය.
5126. න වා ම්යායං මණි කෙය්යො ගොහි මා රතනෙන වා, සෙලො ව්යඤ්ජනසම්පන්නො නෙව කෙය්යො මණී මමං.
5126. මාගේ මේ මැණික ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ නො විකිණියයුතු ය. සියලු ලකුණින් යුත් මේ මැණික නො විකිණියයුතු මැ යි ආලම්බන තෙමේ කී ය.
5127. නො චෙ තයා මණි කෙය්යො ගොහි වා රතනෙන වා, අථ කෙන මණි කෙය්යො තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
5127. ඉදින් ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ මැණික නො විකිණියයුතු නම් කුමකට විකිණියයුතු දැ යි අසන ලද නුඹ මට එය කිය ව යි බමුණා කී.
5128. යො මෙ සංසෙ මහානාගං තෙජසිං දුරතික්කමං, තස්ස දජ්ජං ඉමං සෙලං ජලන්තරිව තෙජසා.
5128. ඉක්මවිය නො හැකි තේජස් ඇති (භූරිදත්ත) නාගරාජයා ගැන යමෙක් මට කියා නම් ඔහුට ප්‍රභාවෙන් දිලියෙන්නාක් වැනි මේ මැණික දෙමි යි ආලම්බන තෙමේ කී ය.
5129. කොනු බ්රාහ්මණවණ්ණෙන සුපණ්ණො පතතං වරො, නාගං ජිගිංසමන්වෙති අන්වෙසං භක්ඛමත්තනො.
5129. කිම? ඔබ බමුණු වෙසින් ආ පක්ෂීන්ට උතුම් ගුරුළුරජ වෙයි ද, තමනට ගොදුරු වන නයකු අල්වා ගනු කැමැත්තෙන් සොයා ඇවිදිනේ ය යි සිතමි යි බ්‍රාහ්මණයා කී ය.
5130. නාහං දිජාධිපො හොමි න දිට්ඨො ගරුළො මයා, ආසීවිසෙන විත්තොති වෙජ්ජො මං බ්රාහ්මණං විදූ.
5130. මම ගුරුළෙක් නො වෙමි. මා විසින් ගුරුළෙක් නො දක්නා ලද්දේ ය. නාග විෂ බස්වන ආලම්බන නම් වෛද්‍ය බ්රාහ්මණයැ යි මා දනිති යි ආලම්බන තෙමේ කී ය.
5131. කින්නු තුය්හං බලං අත්ථි කිං සිප්පං විජ්ජතෙ තව, කිස්මිං වා ත්වං පරත්ථද්ධො උරගං නාපචායසි.
5131. ඔබට කිනම් බලයක් ඇත්තේ ද කිනම් ශිල්පයක් තිබේ ද කිනම් කරුණෙක්හි තදින් පිහිටි ඔබ නාගයාට අවමන් හෝ කරන්නෙහි දැ යි ඔහුගෙන් බ්‍රාහ්මණයා ඇසී ය.
5132. ආරඤ්ඤකස්ස ඉසිනො චිරරත්තතපස්සිනො, සුපණ්ණො කොසියස්සක්ඛා විසවිජ්ජං අනුත්තරං.
5132. වනයෙහි වෙසෙන බොහෝ කල් දරන ලද තපස් ඇති කෝශීය ගෝත්‍ර ඍෂිවරයාට ගුරුළෙක් විෂ බස්වන උතුම් මන්ත්‍රයක් කීවේ ය.
5133. තං භාවිතත්තඤ්ඤතරං සම්මන්තං පබ්බතන්තරෙ, සක්කච්චං තං උපට්ඨාසිං රත්තින්දිවමතන්දිතො.
5133. පර්වත අතර වෙසෙන උන්වහන්සේ වනාහි වැඩුණු සිත් ඇති තාපසයන්ගෙන් කෙනෙකි. දිවා රෑ අනලස් වූ මම උන් වහන්සේට සකසා උවැටැන් කෙළෙමි.
5134. සො තදා පරිචිණ්ණො මෙ වතවා බ්රහ්මචරියවා, දිබ්බං පාතුකරී මන්තං කාමසා භගවා මමං.
5134. එ සඳ මා විසින් බුහුමන් කැරුණු සිල්වත් බඹසර ඇති ඒ පින්වත් තවුස් තෙමේ සිය කැමැත්තෙන් මැ මට මේ දිව්යමන්ත්රය පැවැසී ය.
5135. ත්යාහං මන්තෙ පරත්ථද්ධො නාහං භායාමි භොගිනං, ආචරියො විසඝාතානං අලම්බානොති මං විදූ.
5135. මම ඒ මන්ත්‍රය ඇසුරු කෙළෙමි. එහෙයින් මම සර්පයන්ට බිය නැත්තේ වෙමි. විෂ බස්වන වෙදුන්ට ඇදුරු වූ ආලම්බන යැ යි මා දනිති යි කී ය.
5136. ගණ්හාමසෙ මණිං තාත සොමදත්ත විජානහි, මා දණ්ඩෙන සිරිං පත්තං කාමසා පජහිම්හසෙ.
5136. පුත සෝමදත්ත, මේ මැණික ගනිමු. ඔබ ද එය දන්නේ මැනැවි. වෙත පැමිණි සිරිකකට දඬුයෙන් පහර දී දුරු නො කරමු යි බමුණා (සියපුත්) සෝමදත්තට කී ය.
5137. සකං නිවෙසනං පත්තං සො තං බ්‍රාහ්මණ පූජයි, එවං කල්යාණකාරිස්ස කිං මොහා දූභිමිච්ඡසි.
5137. එම්බා බ්‍රාහ්මණය, සිය නිවසට පැමිණි ඔබට හෙතෙමේ පූජා කෙළේ ය. මෙසේ යහපත කරන ඔහුට කවර හෙයින් මෝහයෙන් මිත්රද්රෝහ කරන්නට කැමැත්තෙහි ද?
5138. සචෙ හි ධනකාමොසි භූරිදත්තො පදස්සති, තමෙව ගන්ත්වා යාචස්සු බහුං දස්සති තෙ ධනං.
5138. ඉදින් වස්තුව කැමැත්තෙහි නම් භූරිදත්ත නාරජ එය ඔබට දෙන්නේ ය. ඔහු වෙත පැමිණ ඉල්ලීම යෙහෙකි. බොහෝ ධන ඔබට දෙන්නේ යැ යි පුත් සෝමදත්ත තෙමේ කී ය.
5139. හත්ථගතං පත්තගතං නික්කිණ්ණං ඛාදිතුං වරං, මා නො සන්දිඨිකො අත්ථො සොමදත්ත උපච්චගා.
5139. පුත සෝමදත්තය, අතට හෝ භාජනයට පැමිණි හෝ ඉදිරියෙහි තැබූ හෝ යමක් වේ නම් එය අනුභවයට උතුම් ය. තමන්ට පෙනෙන ලාභය ඉක්මැ නොයේවයි බ්‍රාහ්මණ තෙමේ කීය.
5140. පච්චති නිරයෙ ඝොරෙ මහිස්සමවදීයති, මිත්තදුභී හිතච්චාගී ජිවරෙචාපි සුස්සරෙ.
5140. පියාණෙනි, යමෙක් තමන්ගේ යහපත කැමැත්තවුන් හැරැ මිත්‍රද්‍රෝහි වේ ද හේ මරණින් මතු දරුණු නිරයෙහි පැසෙන්නේ ය. ජීවත් වුව ද මොහුට පොළොව විවර වෙයි. හේ ජීවත් වූයේ නමුදු වියැළේ.
5141. සචෙ හි ධනකාමොසි භූරිදත්තො පදස්සති, මඤ්ඤෙ අත්තකතං වෙරං නචිරං වෙදයිස්සසි.
5141. ඉදින් ධන කැමැත්තෙහි නම් භූරිදත්ත තෙමේ එය දෙන්නේ ය. තමා කළ පාපයෙහි විපාකය නොබෝ කලෙකින් විඳින්නෙහි යැ යි සිතමි යි සෝමදත්ත කී ය.
5142. මහායඤ්ඤං යජිත්වාන එවං සුජ්ඣන්ති බ්රාහ්මණා, මහායඤ්ඤං යජිස්සාම එවං මොක්ඛාම පාපකා.
5142. සෝමදත්ත පුත, බමුණෝ වනාහි මෙසේ කළ පවින් මහත් යාග කොට පිරිසිදු වෙති. අපි මහායාගයක් කරමු. එසේ කිරීමෙන් එ පවින් මිදෙමු යි බමුණා කී ය.
5143. හන්දාදානි අපායාමි නාහං අජ්ජ තයා සහ, පදම්පෙකං නගච්ඡෙය්යං එවං කිම්බීසකාරිනා.
5143. එසේ නම් මම දැන් ඉවත් වැ යෙමි. මෙසේ පවු කරන ඔබ සමග අද මම පියවරක්වත් නො යමි යි සෝමදත්ත කී ය:
5144. ඉදං වත්වාන පිතරං සොමදත්තො බහුස්සුතො, උජ්ඣාපෙත්වාන භූතානි තම්හා ඨානා අපක්කමි.
5144. නුවණැති සෝමදත්ත තෙමේ පියාණන්ට මෙය කියා දෙවියනට ද උස්හඬින් පවසා එතැනින් ගියේ ය.
5145. ගණ්හාහෙතං මහානාගං ආහරෙතං මණිං මම, ඉන්දගොපකවණ්ණභො යස්ස ලොහිතකො සිරො.
5145. යම් නාගයකුගේ රක්තවර්ණ හිස රතිඳුගොවු පැහැයට බඳු ප්‍රභා ඇත්තේ ද ඒ මේ මහනාගයා අල්ලා ගනුව. මේ මැණික මට දෙව.
5146. කප්පාසපිචුරාසීව එසො කායස්ස දිස්සති, වම්මිකග්ගගතො සෙති තං ත්වං ගණ්හාහි බ්‍රාහ්මණ.
5146. මොහුගේ සිරුර කපුපුළුන් රැසක් මෙන් පෙනේ. හෙ තෙමේ තුඹස මතැ හොවී. බ්‍රාහ්මණය, ඒ නාගයා අල්ලා ගනුව යි කී ය.
5147. අථොසධෙහි දිබ්බෙහි ජපං මන්තපදානි ච, එවං තං අසක්ඛි සට්ඨුං කත්වා පරිත්තමත්තනො.
5147. ඉක්බිති දිවඔසුවෙන් ද මන්ත්‍රයෙන් ද තමන්හට ආරක්ෂා කරමින් ඒ ආලම්බන තෙමේ භූරිදත්ත නාගරාජයා අල්ලන්නට හැකි වූයේ විය.