යෙදුමෙන් කියවන්න

දොහළකණ‍්ඩො

5476. යො කොපනෙය්‍යෙ න කරොති කොපං න කුජ‍්ඣති සප‍්පුරිසො කදාචි, කුද‍්ධොපි යො නාවිකරොති කොපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.

5476. (වරුණ නා රජ) සත්පුරුෂ වූ යමෙක් කිපියයුත්තහු කෙරෙහි නො කිපේ ද කිසිකලෙකත් කෝප නො කරන්නේ ද යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.

5477. ඌනූදරො යො සහතෙ ජිඝච‍්ඡං දන‍්තො තපස‍්සී මිතපාණභොජනො, ආහාරහෙතු න කරොති පාපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.

5477. (ගුරුළු රජ) මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසා ද, ඉන්‍ද්‍රිය දමනයෙන් හා තවුස් ගුණෙන් යුතුවූයේ පමණ දැන ආහාර පාන වළඳා ද, සාගින්න හේතුකොට පාපක්‍රියා නො කෙරේ ද ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.

5478. ඛිඩ‍්ඩං රතිං විප‍්පජහෙත්‍ව බ‍්බං න චාලිකං භාසති කිඤ‍්චි ලොකෙ, විභූසනට‍්ඨානා විරතො මෙථුනස‍්මා තං වෙ නරං සමණං ආහු ලොකෙ.

5478. (සක්දෙවු රජ) යමෙක් කායික වාචසික ක්‍රීඩා ද දිව්‍ය කාමසුඛයෙහි ඇල්ම ද හැරපියා ස්වල්ප වූ හෝ බොරු නො කියා කාය මණ්ඩනයෙන් හා මෛථුනයෙන් වැළකුණේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.

5479. පරිග‍්ගහං ලොභධම‍්මඤ‍්ච සබ‍්බං යෙ වෙ පරිඤ‍්ඤාය පරිච‍්චජන‍්ති, දන‍්තං ඨිතත‍්තං අමමං නිරාසං තං වෙ නරං සමණං ආහු ලොකෙ.

5479. (ධනඤ්ජය රජ) තමන් සන්තක ලෝභ කටයුතු සියලු වස්තූන් හැරදමා ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්තව සිත එකඟ කොටැ ගත් මමත්‍වය නැති කර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලෙව්හි පඬිවරු කියති.

5480. පුච‍්ඡාම කත‍්තාරං අනොමපඤ‍්ඤං ගාථාසු නො විග‍්ගහො අත්‍ථි ජාතො, ඡින්‍දජ‍්ජ කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි තයජ‍්ජ කඞ‍්ඛං විතරෙමු සබ‍්බෙ.

5480. අලාමක නුවණැති, කළමනා දෙය කරන (තොප) විචාරමි. අප කී ගාථාවන් නිසා උපන් විවාදයෙක් ඇත. අපේ සැකය දැන් පසිඳුව. තොප නිසා අද (අපි) සියල්ලෝ සැක රහිත වෙමු. (සිවුදෙනම විධුර පණ්ඩිතයන් පුළුවුත්හ.)

5481. යෙ පණ‍්ඩිතා අත්‍ථදස‍්සා භවන‍්ති භාසන‍්ති තෙ යොනිසො තත්‍ථ කාලෙ, කථන‍්නු ගාථානං අභාසිතානං අත්‍ථං නයෙය්‍යුං කුසලා ජනින්‍ද.

5481. (කී දෙයෙහි) අරුත් දක්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථා කාලයෙහි පවසති. රජතුමනි, නො කී ගාථාවන්ගේ අර්‍ත්‍ථය දක්‍ෂතා ඇත්තෝ වුවත් කෙසේ පමුණුවත් ද? (ඉදිරිපත් කෙරෙත් ද?)

5482. කථං භවෙ භාසති නාගරාජා කථං පන ගරුළො වෙනතෙය්‍යො, ගන්‍ධබ‍්බරාජා පන කිං වදෙති කථං පන කුරූනං රාජසෙට‍්ඨො.

5482. නාගරාජයා කෙසේ කියා ද? වෙනතෙය්‍ය නමැති ගුරුළා කෙසේ කියා ද? ශක්‍රයා කුමක් කියා ද? කුරුරට වාසීන්ගේ ධනඤ්ජය රජ කෙසේ කියා දැයි (විධුර පණ්ඩිත ඔවුන් විචාළේය.)

5483. ඛන‍්තිං හවෙ භාසති නාගරාජා අප‍්පාහාරං ගරුළො වෙනතෙය්‍යො, ගන්‍ධබ‍්බරාජා රතිවිප‍්පහානං අකිඤ‍්චනං කුරුනං රාජසෙට‍්ඨො.

5483. ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය යි නාගරාජයා කිය යි. වෙනතෙය්‍ය නමැති ගුරුළා ස්වල්ප ආහාරය (ගැනීම) උතුම්ය යි කිය යි. පස්කම් සැපතෙහි ආශාව දුරු කිරීම උතුම්ය යි ශක්‍රයා කිය යි. කුරුරට වැස්සන්ගේ රජතෙම පළිබෝධ රහිත බව උතුම්ය යි කිය යි.

5484. සබ‍්බානි එතානි සුභාසිතානි න හෙත්‍ථ දුබ‍්භාසිතමත්‍ථි කිඤ‍්චි, යස‍්මිඤ‍්ච එතානි පතිට‍්ඨිතානි අරාව නාභ්‍යා සුසමොහිතානි, චතුබ‍්භි ධම‍්මෙහි සමඞ‍්ගිභූතං තං වෙ නරං සමණං ආහු ලොකෙ.

5484. (විධුර පණ්ඩිත) මේ සියල්ල සුභාෂිත යැ. දුබැසි කිසිත් මෙහි නැති. චක්‍රනාභියෙහි අර ලෙසින් මේ ගුණදම් යමකු කෙරෙහි පිහිටා තිබේ ද, ඉවසීම ආදි (මේ) ගුණදම් සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණය යි ලොවැ (පඬිවරු) කියතියි කීය.

5485. තුවන‍්නු සෙට‍්ඨො ත්‍වමනුත‍්තරොසි ත්‍වං ධම‍්මගූ ධම‍්මවිදූ සුමෙධො පඤ‍්ඤාය පඤ‍්හං සමධිග‍්ගහෙත්‍වා, අච‍්ඡෙච‍්ඡි ධීරො විචිකිච‍්ඡිතානි අච‍්ඡෙච‍්ඡි කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි චුන්‍දො යථා නාගදන‍්තං ඛරෙන.

5485. ඔබ ශ්‍රේෂ්ඨ වෙති, ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර වෙති. ඔබ ධර්‍මය රක්නාහ, ධර්‍මය දන්නාහ, මහා ප්‍රාඥය හ. සියනැණින් අපගේ පැනය මැනැවින් වටහා ගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්, කරු කියතෙන් ඇත්දළය යම්සේ කපා ද එසේ අපේ සැක, විමති සිඳ දැමූහ.

5486. නීලුප‍්පලාභං විමලං අනග‍්ඝං වත්‍ථං ඉමං ධූමසමානවණ‍්ණං, පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.

5486. ප්‍රාඥය, නිලුපුල් පැහැයට සමාන වූ පවිත්‍ර වූ මහඟු වූ ධූමවර්‍ණ වූ මේ වස්ත්‍රය, ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම් ධර්‍මපූජා පිණිස ඔබට දෙමි.

5487. සුවණ‍්ණමාලං සතපත‍්තඵුල‍්ලං සකෙසරං රතනසහස‍්සමණ‍්ඩිතං, පඤ‍්හස‍්ස වෙය්‍යාකරෙණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.

5487. ප්‍රාඥය, විකශිත පද්මයක් වැනි කෙසුරු සහිත රත්න සහස්‍රයකින් යුක්ත වූ රන් මාලය දහම් පඬුරු විසින් පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට දෙමි.

5488. මණිං අනග‍්ඝං රුචිරං පභස‍්සරං කණ‍්ඨාවසත‍්තං මණිභූසිතං මෙ, පඤ‍්හස‍්ස වෙය්‍යාකරෙණෙන තුට‍්ඨො දදාමි තෙ ධම‍්මපූජාය ධීර.

5488. ප්‍රාඥය, මාගේ ගෙළැ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මිණි දහම් පඬුරු වශයෙන්, මම පැන විසඳුමෙන් තුටුපත් වූයෙම් ඔබට දෙමි.

5489. ගවං සහස‍්සං උසභඤ‍්ච නාගං ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දස ඉමෙ, පඤ‍්හස‍්ස වෙය්‍යාකරෙණෙන තුට‍්ඨො දදාමි තෙ ගාමවරානි සොළසාති.

5489. පැන විසඳුමෙන් තුටුපත් මම දෙනුන් දහසක් ද වෘෂභයකු ද ඇතකු ද ආජානීය අශ්වයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළොසක් ද ඔබට දෙමි.

5490. පණ‍්ඩු කිසියාසි දුබ‍්බලා වණ‍්ණරූපං න තවෙදිසං පුරෙ, විමලෙ අක‍්ඛාහි පුච‍්ඡිතා කීදිසි තුය‍්හං සරීරවෙදනා.

5490. (නාරජ) විමලාවෙනි, තිගේ සිරුර පඬුවන් ය, කෘශ ය, දුබල ය, පෙර තිබූ රූසිරි (දැන්) නැත. තිට කවර ශරීර වේදනාවක් පවතී දැ යි මට කියව.

5491. ධම‍්මො මනුජෙසු මානිනං දොහළො නාම ජනින්‍ද වුච‍්චති, ධම‍්මාහටං නාගකුඤ‍්ජර විධුරස‍්ස හදයාභිපත්‍ථයෙ.

5491. මිනිසුන් අතරේ (වෙසෙන) ස්ත්‍රීන්ට දොළ දුක් ඉපැදීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් (බලාත්කාරයෙන් තොරව) ගෙනා විධුරපඬිතුමාගේ හදවත පතමියි (ඕ කීවාය.)

5492. චන්‍දං ඛො ත්‍වං දොහළායසි සුරියං වා අථවාපි මාලුතං, දුල‍්ලභෙ හි විධුරස‍්ස දස‍්සනෙ කො විධුර ඉධමානයිස‍්සති.

5492. (නා රජ) දොළ විසින් චන්‍ද්‍රයා ප්‍රාර්‍ත්‍ථනා කරහි සූර්‍ය්‍යයා ප්‍රාර්‍ත්‍ථනා කරහි නොහොත් පවන ප්‍රාර්‍ත්‍ථනා කරහි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?

5493. කින‍්නු තාත තුවං පජ‍්ඣායසි පදුමං හත්‍ථගතංව තෙ මුඛං, කිං දුම‍්මනරූපොසි ඉස‍්සර මා ත්‍වං සොචි අමිත‍්තතාපනා.

5493. (ඉරන්‍දති) පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නවු ද? තොප වහන්සේගේ මුව අතින් මැඩලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමට දොම්නස්සැහැවි ඇතියවු ද? සතුරන් ගේ තාපනයෙන් තෙපි නහමක් ශෝක කරව.

5494. මාතා හි තව ඉරන්‍දතී විධුරස‍්ස හදයං ධනීයති, දුල‍්ලභෙ හි විධුරස‍්ස දස‍්සනෙ කො විධුරං ඉධමානයිස‍්සති.

5494. (නාරජ) ඉරන්‍දතිය, තීගේ මව විධුරගේ හදමස පතයි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ යි. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?

5495. භත‍්තුපරියෙසනං චර යො විධුරං ඉධමානයිස‍්සති, පිතුනො ච සා සුත්‍වාන වාක්‍යං රත‍්තිං නික‍්ඛම‍්ම අවස‍්සුතිං චරි.

5495. යමෙක් විධුර මෙහි ගෙන එන්නේ නම් එබඳු ස්වාමියකු සොයව යි කී පියාගේ වචනය අසා ඕ තොමෝ රාත්‍රියෙහි (රජගෙන්) නික්මැ ක්ලේශයෙන් ආර්ද්‍ර වැ (ස්වාමියකු සොයා) හැසුරුණා යැ.

5496. කෙ ගන්‍ධබ‍්බෙ ච රක‍්ඛසෙ නාගෙ කිම‍්පුරිසෙ ච මානුසෙ, කෙ පණ‍්ඩිතෙ සබ‍්බකාමදෙ දීඝරත‍්තං භත‍්තා මෙ භවිස‍්සති.

5496. කවර නම් ගඳඹෙක් රකුසෙක් නාගයෙක් කිඳුරෙක් මිනිසෙක් (ඔවුනතර) සියලු කාමසම්පත් දෙන කවර නම් පණ්ඩිතයෙක් (මාගේ මවගේ මනදොළ සපුරා) දීර්‍ඝ කාලයක් මට ස්වාමි වන්නේ ද?

5497. අස‍්සාස හෙස‍්සාමි තෙ පති භත‍්තා හෙස‍්සාමි අනින්‍දලොචනෙ, පඤ‍්ඤා හි මම තථා විධා අස‍්සාස හෙස‍්සසි භරියා මමං.

5497. ප්‍රශස්ත නයන ඇත්තිය, සැනැහෙව. තීගේ ස්වාමි වෙමි. හර්තෘ වන්නෙමි. මට එබඳු (විධුරගේ හදමස් ගෙනෙනු සමත්) ප්‍රඥායෙක් ඇති. සැනැහෙව, මට භාර්‍ය්‍යා වව.

5498. අථ නං අවචාසි ඉරන්‍දතී පුබ‍්බපථානුගතෙන චෙතසා, එහි ගච‍්ඡාම පිතු මමන‍්තිකෙ එසොව තෙ එතමත්‍ථං පවක‍්ඛති.

5498. ඉක්බිති ඉරන්‍දතී තොමෝ පූර්‍වභවය අනුවගිය සිතින් යුතු වැ ඔහට මෙසේ කීවා යැ. එව, මාගේ පියා වෙත යම්හ. තෙල පිය තෙමේ මැ තොපට මෙ කරුණ කියන්නේ යැ.

5499. අලංකතා සුවසනා මාලිනී චන්‍දනුස‍්සදා, යක‍්ඛං හත්‍ථෙ ගහෙත්‍වාන පිතු සන‍්තිකමුපාගමි.

5499. අලංකෘත වූවා හැඳගත් මනාවස්ත්‍ර ඇති පැළැඳි මාලා ඇති ගැල්වූ සඳුන්කල්ල ඇති ඉරන්‍දතී (පූර්‍ණක) යක්‍ෂයා අතින් ගෙන පියා වෙත පැමිණියා.

5500. නාගවර වචො සුණොහි මෙ පතිරූපං පටිපජ‍්ජ සුඞ‍්කියං, පත්‍ථෙමි අහං ඉරන්‍දතිං තාය සමඞ‍්ගී කරොහි මෙ තුවං.

5500. (පූර්‍ණක) නාරජතුමනි, මාගේ වචනය අසනු මැනැවි. දූකුමරියට අනුරූප සුංවත් (දායද්‍ය) පිළිගනු මැනැවි. මම ඉරන්‍දතිය පතමි. තෙපි ඇය හා මාගේ සහභාවය කරව.

5501. සතං හත්‍ථි සතං අස‍්සා සතං අස‍්සතරීරථා, සතං වළභියො පුණ‍්ණා නානාරතනස‍්ස කෙවලා; තෙ නාග පටිපජ‍්ජස‍්සු ධීතරං දෙහි ඉරන්‍දතිං.

5501. ඇත්තු සියයෙක, අශ්වයෝ සියයෙක, වෙළඹුන් යෙදූ රථ සියයෙක, නන්රුවනින් පිරිපුන් බඩුගැල් සියයෙකි. නාරජුනි, එහැම පිළිගනු මැනැවැ. ඉරන්‍දතී දියණියන් දෙව,

5502. යාව ආමන‍්තයෙ ඤාතී මිත‍්තෙ ච සුහදං ජනං, අනාමන‍්තකතං කම‍්මං තං පච‍්ඡාමනුතප‍්පති.

5502. (යක් සෙනෙවිය,) යම්තාක් නෑයන් ද මිතුරන් ද සුහද ජනයා ද අමතම් ද ඒ තාක් බලව. නො අමතා කළ කර්‍මයක් වේ නම් ඒ පසුතවායයි (නාරජ කී.)

5503. තතො සො වරුණො නාගො පවිසිත්‍වා නිවෙසනං, භරියං ආමන‍්තයිත්‍වාන ඉදං වචනමබුවි:

5503. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙස්නට පිවිසැ භාර්‍ය්‍යාව අමතා මෙවදන් කී:

5504. අයං සො පුණ‍්ණකො යක‍්ඛො යාචතී මං ඉරන්‍දතිං, බහුනා විත‍්තලාභෙන තස‍්ස දෙම පියං මමං.

5504. මේ ඒ ප්‍රසිද්ධ පූර්‍ණක යක්‍ෂ තෙම මාගෙන් ඉරන්‍දතිය ඉල්වයි. බොහෝ වූ ධනලාභයෙන් ඔහට මාගේ ප්‍රිය වූ දියණිය දෙම්හ.

5505. න ධනෙන න විත‍්තෙන ලබ‍්භා අම‍්හං ඉරන්‍දතී, සචෙ හි වො හදයං පණ‍්ඩිතස‍්ස ධම‍්මෙන ලද‍්ධා ඉධමාහරෙය්‍ය; එතෙන විත‍්තෙන කුමාරි ලබ‍්භා නාඤ‍්ඤං ධනං උත‍්තරිං පත්‍ථයාම.

5505. (විමලා) ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබිය හැක්ක. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නේ නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.

5506. තතො සො වරුණො නාගො නික‍්ඛමිත්‍වා නිවෙසනා, පුණ‍්ණකාමන‍්තයිත්‍වාන ඉදං චනමබ්‍රවි:

5506. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙසින් නික්මැ අවුත් පූර්‍ණක අමතා මෙවදන් කී:

5507. න ධනෙන න විත‍්තෙන ලබ‍්භා අම‍්හං ඉරන්‍දතී, සචෙ තුවං හදයං පණ‍්ඩිතස‍්ස ධම‍්මෙන ලද‍්ධා ඉධමාහරෙසි; එතෙන විත‍්තෙන කුමාරි ලබ‍්භා නාඤ‍්ඤං ධනං උත‍්තරිං පත්‍ථයාම.

5507. ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබියහෙයි. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නෙහි නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.

5508. යං පණ‍්ඩිතො ත්‍යෙකෙ වදන‍්ති ලොකෙ තමෙව බාලොති පුනාහු අඤ‍්ඤෙ අක‍්ඛාහි මෙ විප‍්පවදන‍්ති එත්‍ථ, කං පණ‍්ඩිතං නාග තුවං වදෙසි.

5508. (පූර්‍ණක) ලෝකයෙහි යමකු පණ්ඩිත යැ යි කෙනෙක් කියත් ද යළි ඔහු මැ බාලයෙකැ යි අන් කෙනෙක් කියති. මෙහිලා විවාද කෙරෙති. මට කියව, නාරජුනි, තෙපි කවර නම් පණ්ඩිතයකු ගෙනැ කියවු ද?

5509. කොරව්‍යරාජස‍්ස ධනඤ‍්ජයස‍්ස යදි තෙ සුතො විධුරො නාම කත‍්තා, ආනෙහි තං පණ‍්ඩිතං ධම‍්මලද‍්ධා ඉරන්‍දතී පද‍්ධචරා තෙ හොතු.

5509. ඉදින් තොප විසින් ධනඤ්ජය කෝරව්‍ය රජුගේ විධුර නම් පණ්ඩිතයෙක් අසනලද වේ ද, එ පණ්ඩිතයා දැහැමින් ලැබැ ගෙනෙව. තොපට ඉරන්‍දතී පාදපරිචාරිකා වේවා.

5510. ඉදඤ‍්ච සුත්‍වා වරුණස‍්ස වාක්‍යං, උට‍්ඨාය යක‍්ඛො පරමප‍්පතීතො, තත්‍ථෙව සන‍්තො පුරිසං අසංසි ආනෙහි ආජඤ‍්ඤමිධෙව යුත‍්තං.

5510. වරුණ නාරජුගේ මෙ වදන් අසා ප්‍රමුදිත වූ පූර්‍ණක යක්‍ෂ හුනස්නෙන් නැඟී, එහිම සිට, සැරසූ ආජානීය අසකු ගෙනෙවයි සේවකයකුට අණ කෙළේය.

5511. ජාතරූපමයා කණ‍්ණා කාචම‍්භමයා ඛුරා, ජම‍්බොනදස‍්ස පාකස‍්ස සුවණ‍්ණස‍්ස උරච‍්ඡදො.

5511. මනෝමය අශ්වයාට ස්වර්‍ණමය කන් ඇත. රක්ත මාණික්‍යමය කුර ඇත. ජාම්බොනද රනින් නිම වූ උරසැත්මාලා (පපුවැස්ම) ඇත.

5512. දෙවවාහවහං යානං අස‍්සමාරුය‍්හ පුණ‍්ණකො අලඞ‍්කතො කප‍්පිතකෙසමස‍්සු පක‍්කාමි වෙහාසයමන‍්තලික‍්ඛෙ.

5512. අලංකෘත වූයේ මනහරසේ සැරහූ කෙස් රවුළු ඇති පූර්‍ණක යක්‍ෂයා දේවවාහවහ නමැති අසු අරා අහසින් ගියේය.

5513. ස පුණ‍්ණකො කාමවෙගෙන ගිද‍්ධො ඉරන්‍දතිං නාගකඤ‍්ඤං ජිගිංසං ගන‍්ත්‍වාන තං භූතපතිං යසස‍්සිං ඉච‍්චබ්‍රවි වෙස‍්සවණං කුවෙරං.

5513. කාමවේගයෙන් ගිජු වූ ඒ පූර්‍ණකයා ඉරන්‍දතී නාමෙනෙවිය පතමින්, භූතාධිපති වූ පරිවාර සම්පත් ඇති වෛශ්‍රවණ වෙත ගොස් මෙසේ කීය:

5514. භොගවතීනාමමන්‍දිරෙ වාසා භිරඤ‍්ඤවතීති වුච‍්චති, නගරෙ නිම‍්මිතෙ කඤ‍්චනමයෙ මණ‍්ඩලස‍්ස උරගස‍්ස නිට‍්ඨිතං.

5514. රනින් නිමහම් කළ නගරයෙහි මැදුරු භෝගවතී, වාසා, හිරඤ්ඤවතී යන නම් ඇත්තේය යි කියනු ලැබේ. දරණයෙන් යුතු නාරජුගේ නගරයෙහි (මෙසේ) නිමහම් කරන ලද්දේය.

5515. අට‍්ටාලකා ඔට‍්ඨගීවියො ලොහිතඞ‍්කස‍්ස මසාරගල‍්ලිනො, පාසාදෙත්‍ථ සිලාමයා සොවණ‍්ණරතනෙන ඡාදිතා.

5515. ඔටුගෙලසේ දිගැති, රක්තමාණික්‍යයෙන් හා මසාරගල්ල නමැති මාණික්‍යයෙන් කළ අටලු (වේදිකා) ඇත්තේය. මෙම නාගභවනයෙහි මිණිමුවා ප්‍රාසාදයෝ රන්මුවා උළින් වසන ලද්දෝය.

5516. අම‍්බා තිලකා ච ජම‍්බුයො සන‍්තපණ‍්ණා මුචලින්‍දකෙතකා, පියකා උද‍්දාලකා සහා උපරිභද‍්දකා සින්‍ධුවාරකා.

5516-5517. අඹ මදට දඹ රුක්අත්තන මිදෙල්ල වැටකේ පියල් එරහැඳි මීඅඹ එරබදු සපු නා යොහොඹු කොබලිල යන මේ රුක්හු මල් පල ගත්තාහු අතුපතරින් ගැවසුනාහු නාගමන්‍දිරය අලංකාර කෙරෙති.

5517. චම‍්පෙය්‍යකා නාගමාලිකා භගිනිමාලා අථමෙත්‍ථ කොලියා, එතෙ දුමා පරිනාමිතා සොභයන‍්ති උරගස‍්ස මන්‍දිරං.

5518. ඛජ‍්ජුරෙත්‍ථ සිලාමයා සොවණ‍්ණධුවපුප‍්ඵිතා, බහූ යත්‍ථ වසතොපපාතිකො නාගරාජා වරුණො මහිද‍්ධිකො.

5518. ඕපපාතිකව උපන් මහත් ඍධි ඇති වරුණ නාරද යම් තැනෙක වෙසේ ද (එතැන) මෙම නාග භවනයෙහි නිතර පිපුණ රන්මුවා මල් ඇති, ඉඳුනිල්මිණිමුවා ඉඳිගස් බොහෝ යැ.

5519. තස‍්ස කොමාරිකා භරියා විමලා කඤ‍්චනවෙල‍්ලිවිග‍්ගහා, කාළා තරුණාව උග‍්ගතා පුචිමන්‍දත්‍ථනී චාරුදස‍්සනා.

5519. රුවන් රැසක් වැනි (බබළන) ශරීර ඇති, (මදපවනින් ලෙලෙන) කළුවැල් දල්ලක් මෙන් නැඟී සිටි, කොසඹපල බඳු තනපුඩු ඇති දර්‍ශනී වූ ඔහුගේ තරුණ බිරිඳ විමලා නමැත්තීය.

5520. ලාඛාරසරත‍්තසුච‍්ඡවී කණිකාරොව නිවාතපුප‍්ඵිතො, තිදිවොකචරාව අච‍්ඡරා විජ‍්ජුතබ‍්භඝනාව නිස‍්සටා.

5520. ඕ ලතුදිය වන් රත්පැහැ (අතුල්පතුල්) සිවි ඇත්තීය. නිවාතස්ථානයෙක් පිපීගිය මල් ඇති කිණිහිරිරුකක් වැන්න. දිව්‍යභවනයෙහි හැසිරෙන දෙවඟනක් වැන්න. ඝන වලාපටලයකින් නික්මුණු විදුලියක් වැන්න.

5521. සා දොහළිනී සුචිම‍්හිතා විධුරස‍්ස හදයං ධනීයති, තං තෙසං දදාමි ඉස‍්සර තෙන තෙ දෙන‍්ති ඉරන්‍දතිං මමං.

5521. සුන්‍දර සිනා ඇති ඕ දොළ ඇත්තී, විධුර පණ්ඩිතයන්ගේ හදවත පතන්නීය. ඉසුරාණෙනි, එය මම ඔවුනට දෙමි. එම හේතුවෙන් ඔවුහු ඉරන්‍දතිය මට පාවා දෙන්නාහ.

5522. ස පුණ‍්ණකො භූතපතිං යසස‍්සිං ආමන‍්තය වෙස‍්සවණං කුවෙරං, තත්‍ථෙව සන‍්තො පුරිසං අසංසි ආනෙහි ආජඤ‍්ඤමිධෙව යුත‍්තං.

5522. ඒ පූර්‍ණක යක්‍ෂසෙනාධිපති තෙම, යකුන්ගේ අධිපති වූ පරිවාරසම්පත් ඇති කුවේර නම් වූ වෙසවුණු රජු අමතා අවසර ගෙන එහි මැ සිටියේ සරසන ලද ආජානීය අසකු මෙතැනට ම ගෙනෙවයි සේවකයකු ඇණැ වී.

5523. ජාතරූපමයා කණ‍්ණා කාචම‍්භමයා ඛුරා, ජම‍්බොනදස‍්ස පාකස‍්ස සුවණ‍්ණස‍්ස උරච‍්ඡදො.

5523. අසුගේ සවන් රනින් ද, කුර රතුකැටින් ද, පපුවැස්ම ජාම්බොනද ස්වර්‍ණයෙන් ද කරන ලද්දේය.

5524. දෙවවාහවහං යානං අස‍්සමාරුය‍්හ පුණ‍්ණකො, අලඞ‍්කතො කප‍්පිතකෙසමස‍්සූ පක‍්කාමි වෙහාසයමන‍්තලික‍්ඛෙ.

5524. අලංකෘත වූයේ මනහර ලෙසින් සැරසූ කෙහෙ රවුළු ඇති පූර්‍ණක යක්‍ෂ දේවවාහවහ නම් අසු පිටැ නැඟැ අහසින් ගියේය.

5525. සො ආගමා රාජගහං සුරම‍්මං අඞ‍්ගස‍්ස රඤ‍්ඤො නගරං දුරායුතං, පහූතභක‍්ඛං බහුඅන‍්නපානං මසක‍්කසාරං විය වාසවස‍්ස.

5525. හෙතෙම ආහාරපාන බහුල, ශක්‍රයාගේ මසක්කසාර පුරය සදෘශ වු සතුරන්ට ළංවිය නොහෙන අතිශය රම්‍ය වූ අඟුරජුගේ රජගහපුරයට පැමිණියේය.

5526. මයූරකොඤ‍්චාගණසම‍්පඝුට‍්ඨං දිජාභිඝුට‍්ඨං දිජසඞ‍්ඝසෙවිතං, නානාසකුන‍්තාභිරුදං සුභඞ‍්ගනං පුප‍්ඵාභිකිණ‍්ණං හිමවංව පබ‍්බතං.

5526. මොනර කොස්ලිහිණි සමූහයා විසින් ඝෝෂිත වූ, අන්‍ය පක්‍ෂීන් විසින් හඬනඟන ලද, පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලද නොයෙක් සකුණන් විසින් කරනලද නාද ඇති සුන්‍දර අඞ්ගණ ඇති මල් විසුළ හිමවත් පව්ව බඳු,

5527. ස පුණ‍්ණකො වෙපුල‍්ලමාභිරුච‍්ඡි සිලුච‍්චයං කිම‍්පුරිසානුචිණ‍්ණං, අත්‍වෙසමානො මණිරතනං උළාරං තමද‍්දසා පබ‍්බතකූටමජ‍්ඣෙ.

5527. කිඳුරන් නිරතුරු හැසිරෙන වේපුල්ල පර්‍වතයට ඒ පූර්‍ණක නැගේය. උදාර වූ මිණිරුවන සොයන්නේ පර්‍වතකූට මධ්‍යයෙහි එය දුටුවේය.

5528. දිස‍්වා මණිං පභස‍්සරං ජාතිවන‍්තං ධනාහරං මණිරතනං උළාරං, දද‍්දල‍්ලමානං යසසා යසස‍්සිනං ඔභාසති විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ.

5528. පැහැ විහිදෙන්නා වූ මහඟු වූ රිසි සම්පත් දෙන්නාවූ (පරිවාර) මාණික්‍යයන් නිසා අධික දීප්තියෙන් යුක්ත වූ යසස් ඇත්තාවූ අහසේ බැබළෙන විදුලියක් වන් (ඒ) මිණිරුවන දැක,

5529. තමග‍්ගහී වෙළුරියං මහග‍්ඝං මනොහරං නාම මහානුභාවං, ආජඤ‍්ඤමාරුය‍්හ අනොමවණ‍්ණො පක‍්කාමි වෙහාසයමන‍්තලික‍්ඛෙ.

5529. මහත් අනුභාව ඇති (සිතූ පැතූ සම්පත් දෙන බැවින්) මනෝහර නම් වූ මහාර්‍ඝ ඒ වෛදූර්‍ය්‍ය මාණික්‍යය (හේ) ගත්තේය. අලාමක පැහැති පූර්‍ණක යක්‍ෂ තෙමේ (එය ගෙන) ආජානීය අසු අරා අහසින් ගියේය.

5530. සො ආගමා නගරං ඉන්‍දපත‍්තං ඔරුය‍්හ චාගඤ‍්ඡි සභං කුරූනං, සමාගමෙ එකසතං සමග‍්ගෙ අවෙහත්‍ථ යක‍්ඛො අවිකම‍්පමානො.

5530. ඒ යක්‍ෂතෙම ඉඳිපත් නුවරට පැමිණියේය. අසු පිටින් බැසැ කුරුරජුනගේ සභාවට පැමිණියේය. (ඒ) සභාවෙහි රැස්ව සිටි එක්සියක් රජුන් (දූකෙළියට) නො බියව කැඳවී.

5531. කො නීධ රඤ‍්ඤං වරමාභිජෙති කමාභිජෙය්‍යාම වරංධනෙන, කමනුත‍්තරං රතනවරං ජිනාම කො වාපි නො ජෙති වරංධනෙන.

5531. මෙහි සිටින රජුන්ගෙන් කවරෙක් උතුම් මිණිරුවන දිනා ද? අපි කවරක්හු උතුම් ධනයෙන් දිනමෝ ද? කවර නම් උතුම් රුවනක් දිනමෝ ද? කවරෙක් හෝ උතුම් ධනයෙන් අප දිනා ද?

5532. කුහිං නු රට‍්ඨෙ තව ජාතභූමි න කොරව්‍යස‍්සෙව වචො තවෙදං, අභිභොසි නො වණ‍්ණනිභාය සබ‍්බෙ අක‍්ඛාහි මෙ නාමඤ‍්ච බන්‍ධවෙ ච.

5532. (ධනඤ්ජය රජ) තොපගේ ජාතභූමිය කවර රටෙක ද? තොපගේ මේ කථාව කුරුරට වැසියකුගේ මෙන් නො වේ. (තොපගේ) සිරුරු පැහැයෙන් අප හැම අභිභවනය කෙරෙහි. තොපගේ නම ද නෑයන් ද මට කියව.

5533. කච‍්චායනො මාණවකොස‍්මි රාජ අනූනනාමො ඉති මව‍්හයන‍්ති, අඞ‍්ගෙසු මෙ ඤාතයො බන්‍ධවා ච අක‍්ඛෙන දෙවස‍්මි ඉධානුපත‍්තො.

5533. (පූර්‍ණක) මහරජ මම කච්චායන නමැති මාණවක වෙමි. අනූන නමින් (සෙස්සෝ) මා අමතති. අඟුරටෙහි මාගේ නෑයෝ ද බන්‍ධූහු ද වෙසෙති. දේවයෙනි දූකෙළි පිණිස මෙහි පැමිණියෙම් වෙමි.

5534. කි මාණවස‍්ස රතනානි අත්‍ථි යෙ තං ජිනන‍්තො හරෙ අක‍්ඛධුත‍්තො, බහූනි රඤ‍්ඤො රතනානි අත්‍ථි තෙ ත්‍වං දළිද‍්දො කථමව‍්හයෙසි.

5534. (රජ) අක්‍ෂධූර්‍තයෙක් තා දිනමින් යම් වස්තූන් ගෙන යා නම් කිම එබඳු රත්නයෝ මාණවකහට ඇද් ද? රජහට බොහෝ රත්න ඇත. තෙපි දිළිඳුව කෙසේ නම් ඒ රජුන් (දූකෙළියට) කැඳවහු ද?

5535. මනොහරො නාම මණී මමායං ධනාහරො මණිරතනං උළාරං ඉමඤ‍්ච ආජඤ‍්ඤං අමිත‍්තතාපනං එතං මෙ ජෙත්‍වා හරෙ අක‍්ඛධුත‍්තො.

5535. (පූර්‍ණක) මේ මාගේ ‘මනෝහර’ නම් මාණික්‍යය ධන සම්පත් ගෙනෙන උතුම් මිණිරුවනෙකි. මේ ආජානීයයා ද සතුරන් තවන අස්රුවනෙකි. අක්‍ෂධූර්‍තයෙක් මා දිනා තෙල රුවන් ගෙන යන්නේ යැ.

5536. එකො මණී මාණව කිං කරිස‍්සති ආජානීයෙකො පන කිං කරිස‍්සති, බහූනි රඤ‍්ඤො මණිරතනානි අත්‍ථි ආජානියා වාතජවා අනප‍්පකා.

5536. (රජ) තරුණය, මේ එක මැණික කුමක් කරන්නේ ද? මේ එක ආජානීය අශ්වයා කුමක් කරන්නේ ද? රජහට බොහෝ මිණිරුවන් ඇත. වාතවේග ඇති ආජානීය අශ්වයෝ අනල්ප යැ.

දොහළකණ‍්ඩො.

දෝහළ කාණ්ඩ යි.