දොහළකණ්ඩං අට්ඨකථා
දොහළකණ්ඩං
දොහළ කණ්ඩය
තෙසු නාගරාජස්ස භරියා විමලාදෙවී නාම. සා තස්ස ගීවාය පිළන්ධනමණිං අපස්සන්තී පුච්ඡි “දෙව, කහං පන තෙ මණී”ති? “භද්දෙ, චන්දබ්රාහ්මණපුත්තස්ස විධුරපණ්ඩිතස්ස ධම්මකථං සුත්වා පසන්නචිත්තො අහං තෙන මණිනා තං පූජෙසිං. න කෙවලඤ්ච අහමෙව, සක්කොපි තං දිබ්බදුකූලෙන පූජෙසි, සුපණ්ණරාජා සුවණ්ණමාලාය, ධනඤ්චයරාජා ගවස්සසහස්සාදීහි පූජෙසී”ති. “ධම්මකථිකො සො, දෙවා”ති. “භද්දෙ, කිං වදෙසි, ජම්බුදීපතලෙ බුද්ධුප්පාදො විය පවත්තති, සකලජම්බුදීපෙ එකසතරාජානො තස්ස මධුරධම්මකථාය බජ්ඣිත්වා හත්ථිකන්තවීණාසරෙන පලුද්ධමත්තවාරණා විය අත්තනො අත්තනො රජ්ජානි ගන්තුං න ඉච්ඡන්ති, එවරූපො සො මධුරධම්මකථිකො”ති තස්ස ගුණං වණ්ණෙසි. සා විධුරපණ්ඩිතස්ස ගුණකථං සුත්වා තස්ස ධම්මකථං සොතුකාමා හුත්වා චින්තෙසි “සචාහං වක්ඛාමි ‘දෙව, තස්ස ධම්මකථං සොතුකාමා, ඉධ නං ආනෙහී’ති, න මෙතං ආනෙස්සති. යංනූනාහං ‘තස්ස මෙ හදයෙ දොහළො උප්පන්නො’ති ගිලානාලයං කරෙය්ය”න්ති. සා තථා කත්වා සිරගබ්භං පවිසිත්වා අත්තනො පරිචාරිකානං සඤ්ඤං දත්වා සිරිසයනෙ නිපජ්ජි. නාගරාජා උපට්ඨානවෙලාය තං අපස්සන්තො “කහං විමලා”ති පරිචාරිකායො පුච්ඡිත්වා “ගිලානා, දෙවා”ති වුත්තෙ උට්ඨායාසනා තස්සා සන්තිකං ගන්ත්වා සයනපස්සෙ නිසීදිත්වා සරීරං පරිමජ්ජන්තො පඨමං ගාථමාහ –
ඔවුනතුරෙන් නාගරාජයාගේ බිරිඳ විමලාදේවී නම් වූවාය. ඇය ඔහුගේ ගෙළෙහි පළඳින මැණික නොදැක විචාළාය. ස්වාමීනි, ඔබගේ මාණික්‍යය කොහේද? සොඳුර, චන්ද බ්රාහ්මණපුත්ර විධුර පඬිතුමාගේ ධර්මකථාව අසා පහන් සිතැත්තෙම් මම ඒ මැණික එතුමාට පූජා කළෙමි. හුදෙක් මා පමණක් නොවේ. ශක්‍රයාද ඔහු දිව්‍යමය දුහුල් වස්ත්‍රයකින් පිදීය. සුපණ්ණ රජු රන්මාලයකින්ද, ධනංජය රජු ගවයන් දහසකින් පිදීය. දේවයන් වහන්ස! ඔහු ධර්ම දේශකයෙකි. සොඳුර! කුමක් කියන්නෙහිද? දඹදිව් තලයෙහි බුදුන් පහළ වූවාක් මෙන් වෙයි. සියළු දඹදිව එක්සියයක් රජවරු ඔහුගේ මිහිරි කථාවෙන් බැඳී හස්තිකාන්ත වීණා ස්වරයෙහි ලොල් වූ මත්වූ හස්තීන් මෙන් තමන්ගේ රාජ්‍යවලට නොයත්. මෙබඳු ස්වභාව ඇති ඔහු මධුර ධර්මකථිකයෙකි. ඇය විධුර පඩිතුමා පිළිබඳ ගුණකථාව අසා ඔහුගේ බණ කථා අසනු කැමැත්තී ඔහුව මෙහි ගෙන එන්නයැයි කීවාය. ඉදින් මා ළඟට කැඳවාගෙන නොඑන්නේ නම් මගේ හදෙහි ඔහු පිළිබඳ දොලක් උපන්නේයැයි ගිලන්හලක් කරවන්න. ඇය එසේ කොට සේවක ස්ත්රීන්ට දැනුම්දී හොත්තේය. නාරජ තෙමේ උපස්ථාන වේලාවේදී නොදකින්නේ විමලා දේවිය කොහේදැයි සේවක කාන්තාවන්ගෙන් අසා දේවයන් වහන්ස, ඇය රෝගාතුර වී සිටීයැයි කී කල්හි ඈ සමීපයට ගොස් ශරීරය මිරිකා පළමු ගාථාව කීය.
“පණ්ඩු කිසියාසි දුබ්බලා, වණ්ණරූපං න තවෙදිසං පුරෙ; විමලෙ අක්ඛාහි පුච්ඡිතා, කීදිසී තුය්හං සරීරවෙදනා”ති.
විමලාවෙනි, තිගේ සිරුර පඬුවන්ය. කෘශය. දුබලය. පෙර තිබුනු රූපශ්‍රීය දැන් නැත. තිට කවර ශරීර වේදනාවක් පවතීදැයි මට කියව.
තත්ථ පණ්ඩූති පණ්ඩුපලාසවණ්ණා. කිසියාති කිසා. දුබ්බලාති අප්පථාමා. වණ්ණරූපං න තවෙදිසං පුරෙති තව වණ්ණසඞ්ඛාතං රූපං පුරෙ එදිසං න හොති, නිද්දොසං අනවජ්ජං, තං ඉදානි පරිවත්තිත්වා අමනුඤ්ඤසභාවං ජාතං. විමලෙති තං ආලපති.
එහි පණ්ඩු යනු පඬුවන් කොළපාටය. කීසියා කෘශය. දුබ්බලා අල්ප වූ ශක්ති ඇත්තී. වණ්ණරූපං නතවෙදිසං පුරෙ ඔබගේ වර්ණ සංඛ්‍යාත වූ රූපය පෙර මෙබඳු නොවෙයි. නිදොස්ය. නිවැරදිය. එය දැන් වෙනස්වී නුසුදුසු බවට, අමනොඥ බවට පත්ව ඇත. විමලෙ යැයි ඇයට අමතයි.
අථස්ස සා ආචික්ඛන්තී දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුට කියන්නී දෙවන ගාථාව කීය.
“ධම්මො මනුජෙසු මාතීනං, දොහළො නාම ජනින්ද වුච්චති; ධම්මාහටං නාගකුඤ්ජර, විධුරස්ස හදයාභිපත්ථයෙ”ති.
මිනිසුන් අතර ස්ත්රීන්ට දොළදුක් ඇතිවීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් මෙහි ගෙන එන විදුර පඬිතුමාගේ හදවත පතමි.
තත්ථ ධම්මොති සභාවො. මාතීනන්ති ඉත්ථීනං. ජනින්දාති නාගජනස්ස ඉන්ද. ධම්මාහටං නාගකුඤ්ජර, විධුරස්ස හදයාභිපත්ථයෙති නාගසෙට්ඨ, අහං ධම්මෙන සමෙන අසාහසිකකම්මෙන ආහටං විධුරස්ස හදයං අභිපත්ථයාමි, තං මෙ ලභමානාය ජීවිතං අත්ථි, අලභමානාය ඉධෙව මරණන්ති තස්ස පඤ්ඤං සන්ධායෙවමාහ –
එහි ධම්මො යනු ස්වභාවයයි. මාතිනං ස්ත්රීන්ට. ජනින්ද නාගජනයාගේ ප්‍රධාන. ධම්මා හට නාගකුඤ්ජර විධුරස්ස හදයාභිපත්ථයෙ නාග ශ්‍රේෂ්ඨය, මම දැහැමින් සෙමින් සැහැසි නොවන ලෙස මෙහි ගෙනෙන ලද විධුරගේ හදවත පතමි. මට එය ලැබේනම් ජීවිතය පවතී. නොලැබේනම් මරණය මෙහිම වේයැයි ඔහුගේ ප්‍රඥාව ගැනම මෙසේ කීය.
තං සුත්වා නාගරාජා තතියං ගාථමාහ –
එය අසා නාගරාජයා තුන්වන ගාථාව කීය.
“චන්දං ඛො ත්වං දොහළායසි, සූරියං වා අථ වාපි මාලුතං; දුල්ලභඤ්හි විධුරස්ස දස්සනං, කො විධුරමිධ මානයිස්සතී”ති.
දොළ නිසා චන්ද්‍රයා ප්‍රාර්ථනා කරහි. සූර්යයා ප්‍රාර්ථනා කරති. නැතහොත් පවන ප්‍රාර්ථනා කරමි. විධුරගේ දර්ශනය පවා දුර්ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙනඑන්ට සමත්වේද?
තත්ථ දුල්ලභඤ්හි විධුරස්ස දස්සනන්ති අසමධුරස්ස විධුරස්ස දස්සනමෙව දුල්ලභං. තස්ස හි සකලජම්බුදීපෙ රාජානො ධම්මිකං රක්ඛාවරණගුත්තිං පච්චුපට්ඨාපෙත්වා විචරන්ති, පස්සිතුම්පි නං කොචි න ලභති, තං කො ඉධ ආනයිස්සතීති වදති.
එහි දුල්ලභෙහි විධුරස්ස දස්සනෙ අසම ධුරයක් දරණ විධුරගේ දැකීමම දුලභය. සියළු දඹදිව රජවරු දැහැමි රැකවරණ ආරක්ෂා තබා ඔහුව දැකීම සඳහා යති. නමුත් කිසිවෙකුට ඔහුව දකින්නටවත් නොලැබෙයි. ඔහුව කවරෙක් මෙහි ගෙන එන්නේදැයි කියයි.
සා තස්ස වචනං සුත්වා “අලභමානාය මෙ ඉධෙව මරණ”න්ති පරිවත්තිත්වා පිට්ඨිං දත්වා සාළකකණ්ණෙන මුඛං පිදහිත්වා නිපජ්ජි. නාගරාජා අනත්තමනො සිරිගබ්භං පවිසිත්වා සයනපිට්ඨෙ නිසින්නො “විමලා විධුරපණ්ඩිතස්ස හදයමංසං ආහරාපෙතී”ති සඤ්ඤී හුත්වා “පණ්ඩිතස්ස හදයං අලභන්තියා විමලාය ජීවිතං නත්ථි, කථං නු ඛො තස්ස හදයමංසං ලභිස්සාමී”ති චින්තෙසි. අථස්ස ධීතා ඉරන්ධතී නාම නාගකඤ්ඤා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා මහන්තෙන සිරිවිලාසෙන පිතු උපට්ඨානං ආගන්ත්වා පිතරං වන්දිත්වා එකමන්තං ඨිතා, සා තස්ස ඉන්ද්රියවිකාරං දිස්වා “තාත, අතිවිය දොමනස්සප්පත්තොසි, කිං නු ඛො කාරණ”න්ති පුච්ඡන්තී ඉමං ගාථමාහ –
ඇය ඔහුගේ වචනය අසා නොලබන්නා වූ මාගේ මරණය මෙහිම වේවායි පෙරළී පිට පෙන්වා සළු කෙළවරින් මුහුණ වසාගෙන වැදහොත්තේය. නාරජ තෙමේ තමන්ගේ සිරියහනට ගොස් සයනය මත සිටියේ විමලා දේවිය විධුරගේ හෘදය මාංශය ගෙනෙව්. විධුර පඬිතුමාගේ හෘදය මාංශය නොලබන්නී විමලාවන්ට ජීවිතයක් නැත. කෙසේනම් විධුරගේ හෘදය මාංශය ලබන්නෙම්දැයි සිතීය. ඉක්බිති ඔහුගේ දියණිය වූ ඉරන්දතී නම් නාග කන්‍යාව සියළු අලංකාරයෙන් සැරසී මහත්වූ ශ්‍රී විලාශයෙන් උපස්ථානයට ආ පියාට වැඳ එකත්පස්ව සිටියා වූ ඕ තොමෝ ඔහුගේ ඉන්ද්රිය විතාරය දැක පියාණනි, අතිශයින් දුකට පත්වූයෙහි. කුමන කරුණක් නිසාදැයි අසන්න මේ ගාථාව කීය.
“කිං නු තාත තුවං පජ්ඣායසි, පදුමං හත්ථගතංව තෙ මුඛං; කිං නු දුම්මනරූපොසි ඉස්සර, මා ත්වං සොචි අමිත්තතාපනා”ති.
පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නහුද? ඔබවහන්සේගේ මුහුණ අතින් මැඬලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමක් නිසා දොම්නස් සහගත වූයෙහිද? සතුරන්ගේ තැවීමෙන් තෙපි ශෝක නොකරන්න.
තත්ථ පජ්ඣායසීති පුනප්පුනං චින්තෙසි. හත්ථගතන්ති හත්ථෙන පරිමද්දිතං පදුමං විය තෙ මුඛං ජාතං. ඉස්සරාති පඤ්චයොජනසතිකස්ස මන්දිරනාගභවනස්ස, සාමීති.
එහි පඣායසි යනු සිතන්නෙහි. හත්ථගතං ඔබගේ මුහුණ අතින් පිරිමදින ලද්දක් මෙන් විය. හත්ථගතං යනු අතින් පිරිමදින ලද නෙළුමක් මෙන් විය. ඔබගේ මුහුණ. ඉස්සරා පන්සිය යොදුනක් වූ මඤ්ජෙරික නාග භවනයෙහි අධිපති.
ධීතු වචනං සුත්වා නාගරාජා තමත්ථං ආරොචෙන්තො ආහ –
දියණියගේ වචන අසා නාරජ තෙමේ ඒ බව සඳහන් කරමින් මෙසේ කීය;
“මාතා හි තව ඉරන්ධති, විධුරස්ස හදයං ධනියති; දුල්ලභඤ්හි විධුරස්ස දස්සනං, කො විධුරමිධ මානයිස්සතී”ති.
ඉරන්දතිය, තිගේ මව විධුගේ හදවත පතයි. විධුරගේ දර්ශනය පවා දුර්ලභය. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේද?
තත්ථ ධනියතීති පත්ථෙති ඉච්ඡති.
එහි ධනීයති යනු ප්‍රාර්ථනා කරයි.
අථ නං නාගරාජා “අම්ම, මම සන්තිකෙ විධුරං ආනෙතුං සමත්ථො නත්ථි, ත්වං මාතු ජීවිතං දෙහි, විධුරං ආනෙතුං සමත්ථං භත්තාරං පරියෙසාහී”ති උය්යොජෙන්තො උපඩ්ඪගාථමාහ –
ඉක්බිති ඇය ඔහුට මෙසේ කීවාය. මැණියනි, විධුරව ගෙනෙන්නට සමත් කෙනෙක් මා සමීපයේ නැත. නුඹ මවට ජීවිතය දෙන්න. විධුරව ගෙනෙන්නට සමර්ථ වූ සහායකයෙකු සොයන්නයැයි උනන්දු කරවමින් ගාථා අඩක් කීවාය.
“තස්ස භත්තුපරියෙසනං චර, යො විධුරමිධ මානයිස්සතී”ති.
යමෙක් විධුර මෙහි ගෙන එන්නේ නම් එබඳු ස්වාමියෙකු සොයව.
තත්ථ චරාති විචර.
එහි චර යනු හැසිරෙන්න.
ඉති සො කිලෙසාභිරතභාවෙන ධීතු අනනුච්ඡවිකං කථං කථෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති ඔහු කෙලෙස් රතියෙන් දුවණියට නොගැලපෙන ගාථාවක් කීවේය.
“පිතුනො ච සා සුත්වාන වාක්යං, රත්තිං නික්ඛම්ම අවස්සුතිං චරී”ති.
පියාගේ වචනය අසා ඕතොමෝ රාත්‍රියෙහි රජගෙයින් නික්ම ක්ලේශයෙන් තෙත්ව ස්වාමියෙකු සොයා ඇවිද්දාය.
තත්ථ අවස්සුතින්ති භික්ඛවෙ, සා නාගමාණවිකා පිතු වචනං සුත්වා පිතරං අස්සාසෙත්වා මාතු සන්තිකං ගන්ත්වා තම්පි අස්සාසෙත්වා අත්තනො සිරිගබ්භං ගන්ත්වා සබ්බාලඞ්කාරෙහි අත්තානං අලඞ්කරිත්වා එකං කුසුම්භරත්තවත්ථං නිවාසෙත්වා එකං එකංසෙ කත්වා තමෙව රත්තිං උදකං ද්විධා කත්වා නාගභවනතො නික්ඛම්ම හිමවන්තප්පදෙසෙ සමුද්දතීරෙ ඨිතං සට්ඨියොජනුබ්බෙධං එකග්ඝනං කාළපබ්බතං නාම අඤ්ජනගිරිං ගන්ත්වා අවස්සුතිං චරි කිලෙසඅවස්සුතිං භත්තුපරියෙසනං චරීති අත්ථො.
එහි අවස්සුති යනු මහණෙනි, ඒ නාග මානවිකාව පියාගේ වචනය අසා පියා අස්වසා මව සමීපයට ගොස් ඇයවද සනසා තමන්ගේ සිරියහන් ගබඩාවට ගොස් සියළු අලංකාරයන්ගෙන් තමාව සරසා එක් තද රත්පැහැ වස්ත්‍රයක් හැඳ එකක් ඒකාංශකොට ඒ රාත්‍රියේම ජලය දෙබෑ කරගෙන නාග භවනයෙන් නික්ම හිමවත පෙදෙසෙහි මුහුදු තීරයෙහි පිහිටි හැටයොදුනක් උස ඒකඝන වූ කාලපබ්බක (කළු පර්වතය) නම් වූ අඳුන් ගිරකට ගොස් අවස්සුතිඤ්චරි චරි කෙලෙස් වැගිරෙන ස්වාමියකු සෙවීම කළේය යන අර්ථයි.
චරන්තී ච යානි හිමවන්තෙ වණ්ණගන්ධසම්පන්නානි පුප්ඵානි, තානි ආහරිත්වා සකලපබ්බතං මණිඅග්ඝියං විය අලඞ්කරිත්වා උපරිතලෙ පුප්ඵසන්ථාරං කත්වා මනොරමෙනාකාරෙන නච්චිත්වා මධුරගීතං ගායන්තී සත්තමං ගාථමාහ –
ඇවිදින්නී හිමවතෙහි වර්ණ ගන්ධ හා රසයෙන් යුක්ත පුෂ්පයන් ගෙනවුත් මුළු පර්වතයම මිණි ඇගෑවක් මෙන් සරසා උඩකොටසෙහි මල් අතුරා සිත්ගන්නා ආකාරයෙන් තමා මිහිරි ගී ගයන්නී සත්වන ගාථාව කීවාය.
“කෙ ගන්ධබ්බෙ රක්ඛසෙ ච නාගෙ, කෙ කිම්පුරිසෙ චාපි මානුසෙ; කෙ පණ්ඩිතෙ සබ්බකාමදදෙ, දීඝරත්තං භත්තා මෙ භවිස්සතී”ති.
කවරනම් ගඳඹෙක් රකුසෙක් නාගයෙක් කිඳුරෙක්, මිනිසෙක්, සියළු කාම සම්පත් දෙන කවර නම් පණ්ඩිතයෙක් මාගේ මවගේ මනදොළ සපුරා දීර්ඝ කාලයක් මාගේ ස්වාමි වන්නේද?
තත්ථ කෙ ගන්ධබ්බෙ රක්ඛසෙ ච නාගෙති කො ගන්ධබ්බො වා රක්ඛසො වා නාගො වා. කෙ පණ්ඩිතෙ සබ්බකාමදදෙති කො එතෙසු ගන්ධබ්බාදීසු පණ්ඩිතො සබ්බකාමං දාතුං සමත්ථො, සො විධුරස්ස හදයමංසදොහළිනියා මම මාතු මනොරථං මත්ථකං පාපෙත්වා මය්හං දීඝරත්තං භත්තා භවිස්සතීති.
එහි කෙ ගන්ධබෙබ රක්ඛසෙ කවරනම් ගන්ධබ්බයෙක් හෝ රාක්ෂයෙක් හෝ කෙ පණ්ඩිතෙ සබ්බකාමෙදෙ කවරෙක් නම් මේ ගන්ධබ්බ ආදීන් අතරෙහි පණ්ඩිත වූයේ කැමති සියල්ල දීමට සමර්ථ යමෙක් විධුරගේ හදයමාංශය පිළිබඳ දොළදුකින් පෙළෙන මාගේ මවගේ මනදොළ මස්තකප්රාප්ත කොට මට බොහෝ කලක් ස්වාමියා වන්නේද යනුයි.
තස්මිං ඛණෙ වෙස්සවණමහාරාජස්ස භාගිනෙය්යො පුණ්ණකො නාම යක්ඛසෙනාපති තිගාවුතප්පමාණං මනොමයසින්ධවං අභිරුය්හ කාළපබ්බතමත්ථකෙන යක්ඛසමාගමං ගච්ඡන්තො තං තාය ගීතසද්දං අස්සොසි. අනන්තරෙ අත්තභාවෙ අනුභූතපුබ්බාය ඉත්ථියා ගීතසද්දො තස්ස ඡවිආදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච අට්ඨාසි. සො තාය පටිබද්ධචිත්තො හුත්වා නිවත්තිත්වා සින්ධවපිට්ඨෙ නිසින්නොව “භද්දෙ, අහං මම පඤ්ඤාය ධම්මෙන සමෙන විධුරස්ස හදයං ආනෙතුං සමත්ථොම්හි, ත්වං මා චින්තයී”ති තං අස්සාසෙන්තො අට්ඨමං ගාථමාහ –
එකෙණෙහිම වෛශ්‍රවණ මහරජුගේ බෑනා වූ පුණ්ණක නම් යක්ෂ සේනාපතියා ගව්තුනක් පමණ වූ මනෝමය අශ්වයෙකු පිට නැගී කාල පර්වතය මතින් මනෝශිලා තලයෙහි යක්ෂ සමාගමකට යන්නේ ඒ ඇගේ ගීත ශබ්දය ඇසීය. අනතුරු ආත්මභවයක නොවූ විරූ ස්ත්‍රියකගේ ගීත ශබ්දය සම ආදිය සිඳගෙන ඇටවලට වැදී නතරවිය. ඔහු පිළිබඳ සිත් ඇත්තේ වී නතරවී අසුපිට සිටම සොඳුර, මට මගේ ප්‍රඥාවෙන්, දැහැමින් සෙමින් විධුරගේ හෘදය ගෙනෙන්නට සමර්ථ වෙමියි නොසිතන්න යි ඇය අස්වසමින් අටවන ගාථාව කීය.
“අස්සාස හෙස්සාමි තෙ පති, භත්තා තෙ හෙස්සාමි අනින්දලොචනෙ; පඤ්ඤා හි මමං තථාවිධා, අස්සාස හෙස්සසි භරියා මමා”ති.
ප්රශස්ත නුවන් ඇත්තීය. සැතපෙව. තීගේ ස්වාමි වෙමි. භර්තෘ වෙමි. මට එබඳු ප්‍රඥාවක් ඇත. සැනහෙව. මට භාර්යා වව.
තත්ථ අනින්දලොචනෙති අනින්දිතබ්බලොචනෙ. තථාවිධාති විධුරස්ස හදයමංසං ආහරණසමත්ථා.
එහි අනින්දලොචනෙ නින්දා නොකළ යුතු ඇස් ඇති තථාවිධ විධුරගේ හෘදය මාංශය ගෙන ඒමට සමර්ථ.
අථ නං ඉරන්ධතී “තෙන හි එහි, ගච්ඡාම මෙ පිතු සන්තික”න්ති ආනෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“අවචාසි පුණ්ණකං ඉරන්ධතී, පුබ්බපථානුගතෙන චෙතසා; එහි ගච්ඡාම පිතු මමන්තිකෙ, එසොව තෙ එතමත්ථං පවක්ඛතී”ති.
ඉක්බිති ඉරන්දතී තොමෝ පූර්ව භවය අනුව ගිය සිතින් යුතුවැ ඔහුට මෙසේ කීවාය. එව, මාගේ පියා වෙත යම්හ. ඒ පිය තෙමේම තොපට මේ කරුණ කියන්නේය.
තත්ථ පුබ්බපථානුගතෙනාති අනන්තරෙ අත්තභාවෙ භූතපුබ්බසාමිකෙ තස්මිං පුබ්බපථෙනෙව අනුගතෙන. එහි ගච්ඡාමාති භික්ඛවෙ, සො යක්ඛසෙනාපති එවං වත්වා “ඉමං අස්සපිට්ඨිං ආරොපෙත්වා නෙස්සාමී”ති පබ්බතමත්ථකා ඔතරිත්වා තස්සා ගහණත්ථං හත්ථං පසාරෙසි. සා අත්තනො හත්ථං ගණ්හිතුං අදත්වා තෙන පසාරිතහත්ථං සයං ගහෙත්වා “සාමි, නාහං අනාථා, මය්හං පිතා වරුණො නාම නාගරාජා, මාතා විමලා නාම දෙවී, එහි මම පිතු සන්තිකං ගච්ඡාම, එසො එව තෙ යථා අම්හාකං මඞ්ගලකිරියාය භවිතබ්බං, එවං එතමත්ථං පවක්ඛතී”ති අවචාසි.
එහි එහිගච්ඡාම මහණෙනි, ඒ යක්ෂ සේනාපති තෙමේ මෙසේ කියා මැයව අසුපිටට නංවා ගෙන යන්නෙමියි පර්වත මස්තකයෙන් බැස ඇයව අල්ලාගැනීම සඳහා අත දිගුකළේය. ඇය තමාගේ අත ගැනීමට නොදී ඔහු විසින් දිගුකරන ලද අත තමා අල්ලාගෙන පෙරමග අනුව ගිය අනතුරු ආත්ම භාවයක වූ ස්වාමියා කෙරෙහි ඒ පෙරමග අනුව ගිය සිතින්ම ස්වාමීනි, මම අනාථ වූ තැනැත්තියක් නොවෙමි. මාගේ පියා වරුණ නාගරාජයාය. මව විමලා දේවියයි. එන මගේ පියා සමීපයට යමු. මොහුම ඔබට අපගේ මංගල කටයුතු සිදුවිය යුතු ආකාරය කියන්නේ යැයි කීවාය.
එවං වත්වා සා යක්ඛං ගහෙත්වා පිතු සන්තිකං අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“අලඞ්කතා සුවසනා, මාලිනී චන්දනුස්සදා; යක්ඛං හත්ථෙ ගහෙත්වාන, පිතුසන්තිකුපාගමී”ති.
අලංකෘත වූවා හැඳගත් මනා වස්ත්‍ර ඇති පැළැඳි මාලා ඇති ගැන්වූ සඳුන් කල්ක ඇති ඉරන්දතිය යක්ෂයාව අතින් ගෙන පියා වෙත පැමිණියාය.
තත්ථ පිතුසන්තිකුපාගමීති අත්තනො පිතුනො නාගරඤ්ඤො සන්තිකං උපාගමි.
එහි පිතුසන්තිකමුපාගමි යනු පියා සමීපයට පැමිණියේය.
පුණ්ණකොපි යක්ඛො පටිහරිත්වා නාගරාජස්ස සන්තිකං ගන්ත්වා ඉරන්ධතිං යාචන්තො ආහ –
පුණ්ණක යක්ෂයාද ආපසු හැරී නාගරාජයාගේ සමීපයට ගොස් ඉරන්දතිය වලක්වමින් මෙසේ කීය.
“නාගවර වචො සුණොහි මෙ, පතිරූපං පටිපජ්ජ සුඞ්කියං; පත්ථෙමි අහං ඉරන්ධතිං, තාය සමඞ්ගිං කරොහි මං තුවං.
නාරජතුමනි, මාගේ වචනය අසනු මැනවි. දූ කුමරියට අනුරූප වූ දායාදය පිළිගනු මැනවි. මම ඉරන්දතිය පතමි. ඔබ ඇය හා මාගේ සම්බන්ධතාවය ඇතිකරන්න.
“සතං හත්ථී සතං අස්සා, සතං අස්සතරීරථා; සතං වලභියො පුණ්ණා, නානාරත්නස්ස කෙවලා; තෙ නාග පටිපජ්ජස්සු, ධීතරං දෙහිරන්ධති”න්ති.
ඇත්තු සියයෙක අශ්වයෝ සියයෙක වෙළඹුන් යෙදු රිය සියයෙක. නන්රුවනින් පිරිපුන් බඩුනැල් සියයෙකි. නාරජුනි, ඒ සියල්ල පිළිගනු මැනවි. ඉරන්දතී දියණියට දෙන්න.
තත්ථ සුඞ්කියන්ති අත්තනො කුලපදෙසානුරූපං ධිතු සුඞ්කං ධනං පටිපජ්ජ ගණ්හ. සමඞ්ගිං කරොහීති මං තාය සද්ධිං සමඞ්ගිභූතං කරොහි. වලභියොති භණ්ඩසකටියො. නානාරත්නස්ස කෙවලාති නානාරතනස්ස සකලපරිපුණ්ණා.
එහි සුංකියං යනු තමන්ගේ කුල ප්‍රදේශයට අනුරූප වූ දියණියට අයබදු ධනය. පටිපජ්ජ ගන්න. සමංගී කරොහි මා සමග එක් කරන්න. වළභියො භාණ්ඩ පිරවූ ගැල්. නානාරතනස්ස කෙවලා නොයෙක් ආකාර රත්නයන්ගෙන් පිරුණු.
අථ නං නාගරාජා ආහ –
ඉක්බිති ඔහුට නාරජු කීය;
“යාව ආමන්තයෙ ඤාතී, මිත්තෙ ච සුහදජ්ජනෙ; අනාමන්ත කතං කම්මං, තං පච්ඡා අනුතප්පතී”ති.
යම්තාක් නෑයන් ද මිතුරන් ද සුහද ජනයාද අමතමිද ඒ තාක් බලව. අමතන්නේ නැතිව කළ කර්මයක් වේනම් ඒ පසුතැවීම් වන්නේය.
තත්ථ යාව ආමන්තයෙ ඤාතීති භො යක්ඛසෙනාපති, අහං තුය්හං ධීතරං දෙමි, නො න දෙමි, ථොකං පන ආගමෙහි, යාව ඤාතකෙපි ජානාපෙමි. තං පච්ඡා අනුතප්පතීති ඉත්ථියො හි ගතගතට්ඨානෙ අභිරමන්තිපි අනභිරමන්තිපි, අනභිරතිකාලෙ ඤාතකාදයො අම්හෙහි සද්ධිං අනාමන්තෙත්වා කතං කම්මං නාම එවරූපං හොතීති උස්සුක්කං න කරොන්ති, එවං තං කම්මං පච්ඡා අනුතාපං ආවහතීති.
එහි යාව ආමන්තයෙ එම්බා යක්ෂ සේනාපතිය, මම නුඹට දුවණිය දෙමි. නැතහොත් නොදෙමි. ස්වල්පයක් බලාපොරොත්තු තබාගන්න. යාව අමන්තයෙඤාති පළමුව නෑයන්ටද දන්වමි. තං පච්ඡා මනුතප්පති ස්ත්‍රීහු වනාහි ගිය තැන්වල සතුටින් කල් යවත් නමුත් කලකිරුණු ස්ත්‍රීහු කල්හි නෑදෑයෝ අප සමඟ කථානොකොට කරන ලද වැඩ මෙබඳු වන්නේ යයි උනන්දු නොවෙත්. මෙසේ ඒ කටයුත්ත පසුතැවිල්ල ඇතිකරවයි.
එවං වත්වා සො භරියාය වසනට්ඨානං ගන්ත්වා තාය සද්ධිං සල්ලපි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙස්නට පැමිණ භාර්යාව අමතා මෙවදන් කීය.
“තතො සො වරුණො නාගො, පවිසිත්වා නිවෙසනං; භරියං ආමන්තයිත්වාන, ඉදං වචනමබ්රවි.
මේ ඒ ප්‍රසිද්ධ පූර්ණක යක්ෂ තෙමේ මාගෙන් ඉරන්දතිය ඉල්ලයි. බොහෝ වූ ධන ලාභයෙන් ඕහට මාගේ ප්‍රිය වූ දියණිය දෙම්හ.
“‘අයං සො පුණ්ණකො යක්ඛො, යාචතී මං ඉරන්ධතිං; බහුනා විත්තලාභෙන, තස්ස දෙම පියං මම’”න්ති.
[missing trans]
තත්ථ පවිසිත්වාති වරුණො පුණ්ණකං තත්ථෙව ඨපෙත්වා සයං උට්ඨාය යත්ථස්ස භරියා නිපන්නා, තං නිවෙසනං පවිසිත්වා. පියං මමන්ති මම පියං ධීතරං තස්ස බහුනා විත්තලාභෙන දෙමාති පුච්ඡති.
එහි පවිසිත්වා යනු පුණ්ණකව එහි තබා තමා නැගිට යම්තැනක ඔහුගේ භාර්යාව වූවාද ඒ නිවෙස්නට පැමිණ පියං මමං මාගේ ප්‍රිය දියණිය ඔහුට බොහෝ වූ ධන ලාභයෙන් දෙමුදැයි විචාරයි.
විමලා ආහ –
විමලා තොමෝ කීවාය.
“න ධනෙන න විත්තෙන, ලබ්භා අම්හං ඉරන්ධතී; සචෙ ච ඛො හදයං පණ්ඩිතස්ස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙය්ය; එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නාඤ්ඤං ධනං උත්තරි පත්ථයාමා”ති.
ධන සම්පත්තියෙන් අපගේ ඉරන්දතිය ලැබිය නොහැක. ඉදින් පණ්ඩිතයාගේ හෘදය මාංශය දැහැමින් ලැබ මෙහි ගෙන එන්නේ නම් තෙල ධනයෙන් කුමරිය ලබාගත හැක. මත්තේ අන් ධනයක් නොපතම්හ.
තත්ථ අම්හං ඉරන්ධතීති අම්හාකං ධීතා ඉරන්ධතී. එතෙන විත්තෙනාති එතෙන තුට්ඨිකාරණෙන.
එහි අම්හං ඉරන්‍දති අපගේ දුවණිය ඉරන්දතිය එතෙන විත්තෙන මේ පරිත්‍යාගයෙන්.
සො තාය සද්ධිං මන්තෙත්වා පුනදෙව පුණ්ණකෙන සද්ධිං මන්තෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“තතො සො වරුණො නාගො, නික්ඛමිත්වා නිවෙසනා; පුණ්ණකාමන්තයිත්වාන, ඉදං වචනමබ්රවි.
ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙසින් නික්ම අවුත් පූර්ණක අමතා මෙසේ කීය.
“‘න ධනෙන න විත්තෙන, ලබ්භා අම්හං ඉරන්ධතී; සචෙ තුවං හදයං පණ්ඩිතස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙසි; එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නාඤ්ඤං ධනං උත්තරි පත්ථයාමා’”ති.
ධන සම්පතින් අපගේ ඉරන්දතිය නොලැබිය හැක. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබ මෙහි ගෙන එන්නෙහි නම් තෙල ධනයෙන් කුමරිය ලැබිය හැක. මත්තෙහි අන් ධනයක් නොපතම්හ.
තත්ථ පුණ්ණකාමන්තයිත්වානාති පුණ්ණකං ආමන්තයිත්වා.
එහි පුණ්ණකාමන්තයිත්වාන පුණ්ණක අමතා කීය.
පුණ්ණකො ආහ –
“යං පණ්ඩිතොත්යෙකෙ වදන්ති ලොකෙ, තමෙව බාලොති පුනාහු අඤ්ඤෙ; අක්ඛාහි මෙ විප්පවදන්ති එත්ථ, කං පණ්ඩිතං නාග තුවං වදෙසී”ති.
ලෝකයෙහි යමෙක් පණ්ඩිතයැයි කෙනෙක් කියත්ද, යළි ඔහු මැ බාලයෙකැයි අන් කෙනෙක් කියති. මෙහිලා විවාද කෙරෙති. මට කියව නාරජුනි! තෙපි කවරනම් පණ්ඩිතයකු ගැන කියව්ද?
තත්ථ යං පණ්ඩිතොත්යෙකෙති සො කිර “හදයං පණ්ඩිතස්සා”ති සුත්වා චින්තෙසි “යං එකෙ පණ්ඩිතොති වදන්ති, තමෙව අඤ්ඤෙ බාලොති කථෙන්ති. කිඤ්චාපි මෙ ඉරන්ධතියා විධුරොති අක්ඛාතං, තථාපි තථතො ජානිතුං පුච්ඡිස්සාමි න”න්ති. තස්මා එවමාහ.
එහි යං පණ්ඩිතො යනු ඔහු වනාහි පණ්ඩිතයාගේ හදවත යැයි අසා මෙසේ සිතීය. කෙනෙක් යමකු පණ්ඩිතයැයි කියත් ද ඔහු මට වෙනත් කෙනෙක් බාලයෙක් යැයි කියත්. කෙසේ වෙතත් මාගේ ඉරන්දතිය විසින් විධුර යැයි කියන ලද ස්ථිරව දැන ගැනීමට විචාරන්නෙමියි. ඒ නිසා මෙසේ කීය.
නාගරාජා ආහ –
නාරජු කීය;
“කොරබ්යරාජස්ස ධනඤ්චයස්ස, යදි තෙ සුතො විධුරො නාම කත්තා; ආනෙහි තං පණ්ඩිතං ධම්මලද්ධා, ඉරන්ධතී පදචරා තෙ හොතූ”ති.
ඉදින් තොප විසින් ධනංජය කොරව්‍ය රජුගේ විධුර නම් පණ්ඩිතයෙක් ගැන අසන ලද්දේ වේද ඒ පණ්ඩිතයා දැහැමින් ගෙන එන්න. තොපට ඉරන්දතිය පාදපරිචාරිකා වේවා.
තත්ථ ධම්මලද්ධාති ධම්මෙන ලභිත්වා. පදචරාති පාදපරිචාරිකා.
එහි ධම්මලද්ධා යනු දැහැමින් ලබාගෙන පද්ධචරා යනු පාද පරිචාරිකාව.
තං සුත්වා පුණ්ණකො සොමනස්සප්පත්තො සින්ධවං නයනත්ථාය උපට්ඨාකං ආණාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“ඉදඤ්ච සුත්වා වරුණස්ස වාක්යං, උට්ඨාය යක්ඛො පරමප්පතීතො; තත්ථෙව සන්තො පුරිසං අසංසි, ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්ත”න්ති.
වරුණ නාරජුගේ මේ වදන් අසා ප්‍රමුදිත වූ පූර්ණක යක්ෂයා හුනස්නෙන් නැගී එහිම සිට සැරසූ ආජානීය අසකු ගෙනෙවයි සේවකයකුට අණ කළේය.
තත්ථ පුරිසං අසංසීති අත්තනො උපට්ඨාකං ආණාපෙසි. ආජඤ්ඤන්ති කාරණාකාරණජානනකසින්ධවං. යුත්තන්ති කප්පිතං.
එහි අසංසි යනු තමාගේ උපස්ථායකට අණ කළේය. ආජඤ්ඤං යනු කාරණාකාරණ දන්නා අශ්වයකු යුත්තං සුදුසුය.
“ජාතරූපමයා කණ්ණා, කාචම්හිචමයා ඛුරා; ජම්බොනදස්ස පාකස්ස, සුවණ්ණස්ස උරච්ඡදො”ති.
මනෝමය අශ්වයාට ස්වර්ණමය කර ඇත. රක්ත මාණික්‍යමය කුර ඇත. දඹ රත්රනින් නිම වූ පසු වැස්ම ඇත.
තත්ථ ජාතරූපමයා කණ්ණාති තමෙව සින්ධවං වණ්ණෙන්තො ආහ. තස්ස හි මනොමයස්ස සින්ධවස්ස ජාතරූපමයා කණ්ණා, කාචම්හිචමයා ඛුරා, තස්ස ඛුරා රත්තමණිමයාති අත්ථො. ජම්බොනදස්ස පාකස්සාති ජම්බොනදස්ස පක්කස්ස රත්තසුවණ්ණස්ස උරච්ඡදො.
එහි ජාතරූපමය එම අශ්වයාවම වර්ණනා කරමින් කීය. ඔහුගේ මනෝමය අශ්වයාගේ ස්වර්ණමය කන් රක්ත මාණික්‍යමය කුර ඇත යන අර්ථයි. ජම්බොදනස්ස පාකස්ස සුවණ්ණස්ස උරච්ඡදො දඹරත්රන්මය පපු වැස්ම.
සො පුරිසො තාවදෙව තං සින්ධවං ආනෙසි. පුණ්ණකො තං අභිරුය්හ ආකාසෙන වෙස්සවණස්ස සන්තිකං ගන්ත්වා නාගභවනං වණ්ණෙත්වා තං පවත්තිං ආරොචෙසි. තස්සත්ථස්ස පකාසනත්ථං ඉදං වුත්තං –
ඒ පුරුෂයා පළමුව ඒ අශ්වයාව ගෙනාවේය. පුණ්ණක තෙමේ ඒ අශ්වයා පිට නැගී ආකාශයෙන් වෛශ්රවණගේ සමීපයට ගොස් නාගභවනය වර්ණනාකොට ඒ පුවත සැල කළේය. එහි අර්ථය පැවසීම සඳහා මෙය කියන ලදී.
“දෙවවාහවහං යානං, අස්සමාරුය්හ පුණ්ණකො; අලඞ්කතො කප්පිතකෙසමස්සු, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ.
අලංකෘත වූයේ මනහර ලෙස සැරසූ කෙස්රවුළු ඇති පූර්ණක යක්ෂයා දේවවාහවහ නම් වූ අශ්වයා පිට නැගී අහසින් ගියේය.
“සො පුණ්ණකො කාමරාගෙන ගිද්ධො, ඉරන්ධතිං නාගකඤ්ඤං ජිගීසං; ගන්ත්වාන තං භූතපතිං යසස්සිං, ඉච්චබ්රවී වෙස්සවණං කුවෙරං.
කාම වේගයෙන් ගිජු වූ ඒ පූර්ණකයා ඉරන්දතී නාග මානවිකාව පතමින් භූතයන්ගේ අධිපති වූ පරිවාර සම්පත් සහිත වෛශ්‍රවණ වෙත ගොස් මෙසේ කීය.
“භොගවතී නාම මන්දිරෙ, වාසා හිරඤ්ඤවතීති වුච්චති; නගරෙ නිම්මිතෙ කඤ්චනමයෙ, මණ්ඩලස්ස උරගස්ස නිට්ඨිතං.
රනින් නිමකළ නගරයෙහි මන්දිර භෝගවතී, වාසා, හිරඤ්ඤවතී යන නම් ඇත්තේ යැයි කියනු ලැබේ. දරණයෙන් යුතු නාරජුගේ නගරයෙහි මෙසේ නිමහම් කරන ලදී.
“අට්ටාලකා ඔට්ඨගීවියො, ලොහිතඞ්කස්ස මසාරගල්ලිනො; පාසාදෙත්ථ සිලාමයා, සොවණ්ණරතනෙහි ඡාදිතා.
ඔටු ගෙල සේ දිගැති රක්ත මාණික්‍යයෙන් හා මසාරගල්ල නමැති මාණික්‍යයෙන් කළ අටලු ඇත්තේය. මෙම නාග භවනයෙහි මිණිමුවා ප්‍රාසාදයෝ රන්මුවා උළුවලින් වසන ලද්දේය.
“අම්බා තිලකා ච ජම්බුයො, සත්තපණ්ණා මුචලින්දකෙතකා; පියඞ්ගු උද්දාලකා සහා, උපරිභද්දකා සින්දුවාරකා.
අඹ, මදට, දඹ, රුක්අත්තන, මිදෙල්ල, වැටකේ, පියල්, එරහැන්ද, මීඅඹ, එරබදු, සපු, නා, යොහොඹු, කොබෝලීල යන මේ වෘක්ෂයෝ මල්ඵල ගත්තාහු අතුපතරින් ගැවසුනා නාග මන්දිරය අලංකාර කෙරෙති.
“චම්පෙය්යකා නාගමල්ලිකා, භගිනීමාලා අථ මෙත්ථ කොලියා; එතෙ දුමා පරිණාමිතා, සොභයන්ති උරගස්ස මන්දිරං.
“ඛජ්ජුරෙත්ථ සිලාමයා, සොවණ්ණධුවපුප්ඵිතා බහූ; යත්ථ වසතොපපාතිකො, නාගරාජා වරුණො මහිද්ධිකො.
ඕපපාතිකව උපන් මහත් සෘද්ධි ඇති වරුණ නාරද යම්තැනක වෙසේද, එතැන මෙම නාගභවනයෙහි නිතර පිපුණ රන්මුවා මල් ඇති ඉඳුනිල් මිණිමුවා ඉඳිගස් බොහෝය.
“තස්ස කොමාරිකා භරියා, විමලා කඤ්චනවෙල්ලිවිග්ගහා; කාලා තරුණාව උග්ගතා, පුචිමන්දත්ථනී චාරුදස්සනා.
රුවන් රැසක් වැනි බබළන ශරීර ඇති මද පවනින් ලෙලෙන කළුවැල් දල්ලක් මෙන් නැගී සිටී. කොසඹපල බඳු තනපුඩු ඇති දර්ශනීය වූ ඔහුගේ තරුණ බිරිඳ විමලාය.
“ලාඛාරසරත්තසුච්ඡවී , කණිකාරාව නිවාතපුප්ඵිතා; තිදිවොකචරාව අච්ඡරා, විජ්ජුවබ්භඝනා විනිස්සටා.
ඕ ලතුදිය මෙන් රත්පැහැ අතුල් පතුල් ඇත්තීය. වායුව නැති තැනක පිපීගිය මල් ඇති කිණිහිරි රුකක් වැන්න. දිව්‍ය භවනයෙහි හැසිරෙන දෙවඟනක් වැන්න. ඝන වලා පටලයකින් නික්මුණු විදුලියක් වැන්න.
“සා දොහළිනී සුවිම්හිතා, විධුරස්ස හදයං ධනියති; තං තෙසං දෙමි ඉස්සර, තෙන තෙ දෙන්ති ඉරන්ධතිං මම”න්ති.
සුන්දර සිනහ ඇති ඕ දොළදුක් ඇත්තීය. විධුර පණ්ඩිතයන්ගේ හදවත පතන්නීය. ඉසුරාණෙනි! මම එය ඔවුනට දෙමි. එම හේතුවෙන් ඔහු ඉරන්දතිය මට පාවා දෙන්නාහ.
තත්ථ දෙවවාහවහං යානන්ති වහිතබ්බොති වාහො, දෙවසඞ්ඛාතං වාහං වහතීති දෙවවාහවහං. යන්ති එතෙනාති යානං. කප්පිතකෙසමස්සූති මණ්ඩනවසෙන සුසංවිහිතකෙසමස්සු. දෙවානං පන කෙසමස්සුකරණකම්මං නාම නත්ථි, විචිත්තකථිකෙන පන කථිතං. ජිගීසන්ති පත්ථයන්තො. වෙස්සවණන්ති විසාණාය රාජධානියා ඉස්සරරාජානං. කුවෙරන්ති එවංනාමකං. භොගවතී නාමාති සම්පන්නභොගතාය එවංලද්ධනාමං. මන්දිරෙති මන්දිරං, භවනන්ති අත්ථො. වාසා හිරඤ්ඤවතීති නාගරාජස්ස වසනට්ඨානත්තා වාසාති ච, කඤ්චනවතියා සුවණ්ණපාකාරෙන පරික්ඛිත්තත්තා හිරඤ්ඤවතීති ච වුච්චති. නගරෙ නිම්මිතෙති නගරං නිම්මිතං. කඤ්චනමයෙති සුවණ්ණමයං. මණ්ඩලස්සාති භොගමණ්ඩලෙන සමන්නාගතස්ස. නිට්ඨිතන්ති කරණපරිනිට්ඨිතං. ඔට්ඨගීවියොති ඔට්ඨගීවාසණ්ඨානෙන කතා රත්තමණිමසාරගල්ලමයා අට්ටාලකා. පාසාදෙත්ථාති එත්ථ නාගභවනෙ පාසාදා. සිලාමයාති මණිමයා. සොවණ්ණරතනෙහීති සුවණ්ණසඞ්ඛාතෙහි රතනෙහි, සුවණ්ණිට්ඨකාහි ඡාදිතාති අත්ථො. සහාති සහකාරා. උපරිභද්දකාති උද්දාලකජාතිකායෙව රුක්ඛා. චම්පෙය්යකා නාගමල්ලිකාති චම්පකා ච නාගා ච මල්ලිකා ච. භගිනීමාලා අථ මෙත්ථ කොලියාති භගිනීමාලා චෙව අථ එත්ථ නාගභවනෙ කොලියා නාම රුක්ඛා ච. එතෙ දුමා පරිණාමිතාති එතෙ පුප්ඵූපගඵලූපගරුක්ඛා අඤ්ඤමඤ්ඤං සඞ්ඝට්ටසාඛතාය පරිණාමිතා ආකුලසමාකුලා. ඛජ්ජුරෙත්ථාති ඛජ්ජුරිරුක්ඛා එත්ථ. සිලාමයාති ඉන්දනීලමණිමයා. සොවණ්ණධුවපුප්ඵිතාති තෙ පන සුවණ්ණපුප්ඵෙහි නිච්චපුප්ඵිතා. යත්ථ වසතොපපාතිකොති යත්ථ නාගභවනෙ ඔපපාතිකො නාගරාජා වසති. කඤ්චනවෙල්ලිවිග්ගහාති සුවණ්ණරාසිසස්සිරිකසරීරා. කාලා තරුණාව උග්ගතාති විලාසයුත්තතාය මන්දවාතෙරිතා කාලවල්ලිපල්ලවා විය උග්ගතා. පුචිමන්දත්ථනීති නිම්බඵලසණ්ඨානචූචුකා . ලාඛාරසරත්තසුච්ඡවීති හත්ථපාදතලඡවිං සන්ධාය වුත්තං. තිදිවොකචරාති තිදසභවනචරා. විජ්ජුවබ්භඝනාති අබ්භඝනවලාහකන්තරතො නිස්සටා විජ්ජුලතා විය. තං තෙසං දෙමීති තං තස්ස හදයං අහං තෙසං දෙමි, එවං ජානස්සු. ඉස්සරාති මාතුලං ආලපති.
එහි උසුලාගෙන යායුතු යැයි වාහ නම් වේ. දේව සංඛ්‍යාත බර උසුලන්නේනුයි දෙවවාහවහං මොහු විසින් යනු ලැබේ. යානං කප්පිත කෙසමස්සුං සැරසීම් වශයෙන් මනාව සකස් කරන ලද කෙස් හා රවුළු ඇති දෙවියන්ට වනාහි රැවුල් කැපීමක් නැත. ජිගිංසන්ති ප්‍රාර්ථනා කරන්නේ වෙස්සවණං විසාණ රාජධානියේ රජුන්ගේ කුවෙරං එම නම ඇති. භෝගවතී නාම ලබන ලද සම්පත් බැවින් මෙසේ ලබන ලද නම් ඇති. මන්දිරෙ මැදුර, මාලිගය යන අර්ථයි. වාසාහිරඤ්ඤවතී නාරජුගේ වාසය කරන තැන නිසා වාසා කියාද, ස්වර්ණ ප්‍රාකාරයෙන් වටකරන ලද බැවින් හිරඤ්ඤවතී යැයිද කියයි. නගරෙ නිම්මිතෙ නගරය නිර්මාණය කරන ලදී. කඤ්චනමයෙ රන්මය. මණ්ඩලස්ස දරණවැලෙන් යුක්ත වූ නිට්ඨිතං වැඩ අවසන් කළ ඔට්ඨගීවියො ඔටුවාගේ ග්රීවය හැඩයෙන් කරන ලද රතු මැණික් හා මසාරගල්ලයෙන් සැරසූ අට්ටාල ඇති. පසාදෙත්ථ මෙහි නාගභවනයෙහි ප්‍රාසාදයෝ සිලාමයා මැණික්මය. සොවණ්ණ රතනෙන ස්වර්ණ සංඛ්‍යාත රත්නයෙන්, රන්මය ඇටවලින් වැසීගිය යන අර්ථයි. සහා උදව්කාරයෝ උපරිභද්දකා උද්දාලක ජාතිය ආදී වූ වෘක්ෂයෝ. චම්පෙය්යකා නාගමාලිකා සපු. නා. භගිණිමාලා අථ මෙත්ථ කොලියා යොහොඹු හා කොබෝලීල. ඉක්බිති මේ නාගභවනයෙහි කෝලිය නම් ගස් ද, එතෙදුමා පරිණාමිතා මේ මල් හා ගෙඩි හටගත් ගස් ඔවුනොවුන් එකට ඇලුනාහු අතුපතරින් නැමී අවුල් වියවුල් වී ඛජ්ජුරෙත්ථ මෙහි කජුගස්. සිලාමයා ඉඳුනිල් මිණියෙන් සැදූ සොවණ්ණදුවපුප්ඵිකා ඒ ගස් වනාහි ස්වර්ණමය මල්වලින් නිතර පිපී ඇති. යත්ථවසතොපපාතිකො යම් භවනයක ඕපපාතික නාගරාජයා වාසය කරයි. කඤ්චනවෙල්ලි විග්ගහා විලාසයකින් යුතු බැවින් මඳ සුලඟින් සෙළවෙන කළුවැල් දල්ලක් මෙන් නැගී සිටී. පුචිමන්දත්ථනී කොසඹපල සමාන පියවුරු ඇති රත්තසුච්ඡවී අත්පාවල ඇති සම ගැන කියන ලදී. තං තෙසං දදාමි ඒ ඔහුගේ හදවත මම ඔවුන්ට දෙමි. මෙසේ දැනගනිත්වා. ඉස්සරා යන්නෙන් මාමාට කථාකරයි.
ඉති සො වෙස්සවණෙන අනනුඤ්ඤාතො ගන්තුං අවිසහිත්වා තං අනුජානාපෙතුං එතා එත්තකා ගාථා කථෙසි. වෙස්සවණො පන තස්ස කථං න සුණාති. කිංකාරණා? ද්වින්නං දෙවපුත්තානං විමානඅඩ්ඩං පරිච්ඡින්දතීති. පුණ්ණකො අත්තනො වචනස්ස අස්සුතභාවං ඤත්වා ජිනකදෙවපුත්තස්ස සන්තිකෙ අට්ඨාසි. වෙස්සවණො අඩ්ඩං විනිච්ඡිනිත්වා පරාජිතං අනුට්ඨාපෙත්වා ඉතරං “ගච්ඡ ත්වං, තව විමානෙ වසාහී”ති ආහ. පුණ්ණකො “ගච්ඡ ත්ව”න්ති වුත්තක්ඛණෙයෙව “මය්හං මාතුලෙන මම පෙසිතභාවං ජානාථා”ති කතිපයදෙවපුත්තෙ සක්ඛිං කත්වා හෙට්ඨා වුත්තනයෙනෙව සින්ධවං ආහරාපෙත්වා අභිරුය්හ පක්කාමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති ඒ වෛශ්රවණයා විසින් අනුමත නොකර යන්නට නොහැකිව ඔහුගේ කැමැත්ත ලබාගැනීමට මේ ගාථාවන් ප්‍රකාශ කළේය. වෛශ්රවණයා වනාහි ඔහුගේ කථාව නොඅසයි. දේවපුත්‍රයන් දෙදෙනකුගේ විමාන යුක්තියක් විසඳයි. පුණ්ණක තෙමේ තමාගේ වචනය නොඇසූ බව දැනගෙනම ජිනක ජයගන්නා වූ දේවපුත්රයාගේ සමීපයෙහි සිටියේය. වෛශ්රවණයා ම නඩුව විනිශ්චය කොට පරාජිතයාව නොනැගිටවා අනිකාට යව. නුඹ නුඹගේ විමානයේ වාසය කරවයි කීය. පුණ්ණක තෙමේ ඔබ යව යැයි කියූ විගසම මාගේ මාමා විසින් මා එවූ බව දැනගනිව් යැයි දේවපුත්‍රයන් කීපදෙනෙක් සාක්ෂ්යකොට පහත කියන ලද අයුරින් අශ්වයාව ගෙන්වාගෙන නැග පිටත්ව ගියේය. ඒ බව ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“සො පුණ්ණකො භූතපතිං යසස්සිං, ආමන්තය වෙස්සවණං කුවෙරං; තත්ථෙව සන්තො පුරිසං අසංසි, ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්තං.
ඒ පූර්ණක යක්ෂ සේනාධිපති තෙම යකුන්ගේ අධිපති පරිවාර සම්පත් ඇති කුවේර නම් වූ වෙසමුණි රජු අමතා අවසර ගෙන එහිමැ සරසන ලද ආජානීය අසකු මෙතැනටම ගෙනෙවයි සේවකයකුට අණ කළේය.
“ජාතරූපමයා කණ්ණා, කාචම්හිචමයා ඛුරා; ජම්බොනදස්ස පාකස්ස, සුවණ්ණස්ස උරච්ඡදො.
අසුගේ සවන් රනින් ද කුර රතුකැටයෙන් ද පපුවැස්ම දඹ රත්රන්වලින් ද කරන ලද්දේය.
“දෙවවාහවහං යානං, අස්සමාරුය්හ පුණ්ණකො; අලඞ්කතො කප්පිතකෙසමස්සු, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ”ති.
අලංකෘත වූයේ මනහර ලෙසින් සැරසු කෙහෙ රවුළු ඇති පූර්ණක යක්ෂයා දේවවාහහ නම් වූ අශ්වයා පිට නැගී අහසින් ගියේ ය.
තත්ථ ආමන්තයාති ආමන්තයිත්වා.
එහි ආමන්තය යනු අමතා ඔහු අහසින් යන්නේම සිතීය.
සො ආකාසෙන ගච්ඡන්තොයෙව චින්තෙසි “විධුරපණ්ඩිතො මහාපරිවාරො, න සක්කා තං ගණ්හිතුං, ධනඤ්චයකොරබ්යො පන ජූතවිත්තකො, තං ජූතෙන ජිනිත්වා විධුරං ගණ්හිස්සාමි, ඝරෙ පනස්ස බහූනි රතනානි, අප්පග්ඝෙන ලක්ඛෙන ජූතං න කීළිස්සති, මහග්ඝරතනං හරිතුං වට්ටති, අඤ්ඤං රතනං රාජා න ගණ්හිස්සති, රාජගහස්ස සාමන්තා වෙපුල්ලපබ්බතබ්භන්තරෙ චක්කවත්තිරඤ්ඤො පරිභොගමණිරතනං අත්ථි මහානුභාවං, තං ගහෙත්වා තෙන රාජානං පලොභෙත්වා ජිනිස්සාමී”ති. සො තථා අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
විධුර පණ්ඩිතයා වනාහි මහා පිරිස් ඇත්තේය. ඔහුව ගැනීමට නොහැකිය. ධනංජය කොරව්‍ය වනාහි සූදුව පිළිබඳව කල්පනා කරන්නෙකි. ඔහුව සූදුවෙන් පරාජය කොට විධුරව ගන්නෙමි. මොහුගේ ගෘහයේ වනාහි බොහෝ රන්නයෝ වෙත්. බොහෝ අඩු අලගු තැබීමෙන් සූදුක්රීඩා නොකරයි. වටනා මාණික්‍යයක් ගෙනයන්ට වටනේය. වෙනත් රත්නයක් රජු ගන්නේ නැත. රජගහ නුවර හාත්පස වෙපුල්ල පර්වතය තුළ සක්විති රජු පරිභෝග කළ මාණික්‍ය රත්නය ඇත. එය බොහෝ ආනුභාව ඇත්තේය. එය ගෙන එයින් රජු පොළඹවාගෙන රජුව පරාජය කරමි. හෙතෙම එසේ කළේය. මේ කාරණය දක්වන්නට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“සො අග්ගමා රාජගහං සුරම්මං, අඞ්ගස්ස රඤ්ඤො නගරං දුරායුතං; පහූතභක්ඛං බහුඅන්නපානං, මසක්කසාරං විය වාසවස්ස.
හෙතෙම ආහාරපාන බහුල ශක්‍රයාගේ මසක්කසාර පුරය හා සමාන වූ සතුරන්ට ළංවිය නොහැකි අතිශය රම්‍ය වූ අඟු රජුගේ රජගහපුරයට පැමිණියේය.
“මයූරකොඤ්චාගණසම්පඝුට්ඨං , දිජාභිඝුට්ඨං දිජසඞ්ඝසෙවිතං; නානාසකුන්තාභිරුදං සුවඞ්ගණං, පුප්ඵාභිකිණ්ණං හිමවංව පබ්බතං.
මොනර කොස්වාළිහිණි, සමූහයා විසින් කරනු ලබන ඝෝෂා ඇති අන්‍ය පක්ෂීන් විසින් හඬනගන ලද, පක්ෂි සමූහයා විසින් සෙවුනා ලද නොයෙක් පක්ෂීන් විසින් කරන ලද නාද ඇති සුන්දර අංගන ඇති මල් විසිරී ගිය හිමවත් පව්ව බඳු කිඳුරන් නිරතුරු හැසිරෙන වේපුල්ල පර්වතයට ඒ පූර්ණක නැංගේය. උදාර වූ මිනිරුවණ සොයන්නේ පර්වතකුට මධ්‍යයෙහි එය දුටුවේය.
“සො පුණ්ණකො වෙපුලමාභිරූහි, සිලුච්චයං කිම්පුරිසානුචිණ්ණං; අන්වෙසමානො මණිරතනං උළාරං, තමද්දසා පබ්බතකූටමජ්ඣෙ”ති.
තත්ථ අඞ්ගස්ස රඤ්ඤොති තදා අඞ්ගස්ස රඤ්ඤොව මගධරජ්ජං අහොසි. තෙන වුත්තං – “අඞ්ගස්ස රඤ්ඤො නගර”න්ති. දුරායුතන්ති පච්චත්ථිකෙහි දුරායුත්තං. මසක්කසාරං විය වාසවස්සාති මසක්කසාරසඞ්ඛාතෙ සිනෙරුපබ්බතමත්ථකෙ මාපිතත්තා “මසක්කසාර”න්ති ලද්ධනාමං වාසවස්ස භවනං විය. දිජාභිඝුට්ඨන්ති අඤ්ඤෙහි ච පක්ඛීහි අභිසඞ්ඝුට්ඨං නින්නාදිතං. නානාසකුන්තාභිරුදන්ති මධුරස්සරෙන ගායන්තෙහි විය නානාවිධෙහි සකුණෙහි අභිරුදං, අභිගීතන්ති අත්ථො. සුවඞ්ගණන්ති සුන්දරඅඞ්ගණං මනුඤ්ඤතලං. හිමවංව පබ්බතන්ති හිමවන්තපබ්බතං විය. වෙපුලමාභිරූහීති භික්ඛවෙ, සො පුණ්ණකො එවරූපං වෙපුල්ලපබ්බතං අභිරුහි. පබ්බතකූටමජ්ඣෙති පබ්බතකූටඅන්තරෙ තං මණිං අද්දස.
එහි අංගස්ස රඤ්ඤො යනු එදා අගු රජුටම මගධ රාජ්‍යය විය. ඒ නිසා මෙසේ කියන ලදී. දුරායුතං සතුරන් විසින් ළංවිය නොහැකි. මසක්කසාරං විය වාසවස්ස මසක්කසාර නම් වූ සිනේරු පර්වත මත්තෙහි මවන ලද බැවින් මසක්කසාරයැයි ලබන ලද නම් ඇති ශක්‍රයාගේ භවනය මෙන්. දිජාභිසුට්ඨං අන්‍ය පක්ෂීන් විසින් කරන ලද ඝෝෂා ඇති. නානාසකුන්තාභිරුදං මධුර ස්වරයෙන් ගායනා කරන්නවුන් මෙන් නොයෙක් ආකාර පක්ෂීන් විසින් නාදකරන ලද, ගීතවත් කරන ලද යන අර්ථයි. සුහංගණං සොඳුරු මිදුල, මනෝඥ වූ බිම ඇති. හිමවංව පබ්බතං හිමාලය පර්වතය මෙන්. වෙපුල්ලමාභිරුච්ඡි මහණෙනි, ඒ පූර්ණකයා මෙබඳු වූ වෙපුල්ල පර්වතයට නැංගේය. පබ්බතකූට මජ්ඣෙ පර්වතකූටය අභ්‍යන්තරයෙහි මාණික්‍යය දුටුවේය.
“දිස්වා මණිං පභස්සරං ජාතිමන්තං, මනොහරං මණිරතනං උළාරං; දද්දල්ලමානං යසසා යසස්සිනං, ඔභාසතී විජ්ජුරිවන්තලික්ඛෙ.
පැහැ විහිදෙන්නා වූ මහඟු වූ රිසි සම්පත් දෙන්නා වූ මාණික්‍යයන් නිසා අධික දීප්තියෙන් යුක්ත වූ යසස් ඇති අහසේ බබලන විදුලියක් බඳු මිණිරුවන දැක.
“තමග්ගහී වෙළුරියං මහග්ඝං, මනොහරං නාම මහානුභාවං; ආජඤ්ඤමාරුය්හ මනොමවණ්ණො, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ”ති.
මහත් අනුභාව ඇති මනෝහරනම් වූ බොහෝ වටිනා ඒ වජ්ර මාණික්‍යය ඔහු ගත්තේය. අලාමක පැහැති පූර්ණක යක්ෂ තෙමේ එය ගෙන ආජානීය අශ්වයා පිට නැගී අහසින් ගියේය.
තත්ථ මනොහරන්ති මනසාභිපත්ථිතස්ස ධනස්ස ආහරණසමත්ථං. දද්දල්ලමානන්ති උජ්ජලමානං. යසසාති පරිවාරමණිගණෙන. ඔභාසතීති තං මණිරතනං ආකාසෙ විජ්ජුරිව ඔභාසති. තමග්ගහීති තං මණිරතනං අග්ගහෙසි. තං පන මණිරතනං කුම්භිරො නාම යක්ඛො කුම්භණ්ඩසහස්සපරිවාරො රක්ඛති. සො පන තෙන කුජ්ඣිත්වා ඔලොකිතමත්තෙනෙව භීතතසිතො පලායිත්වා චක්කවාළපබ්බතං පත්වා කම්පමානො ඔලොකෙන්තො අට්ඨාසි. ඉති තං පලාපෙත්වා පුණ්ණකො මණිරතනං අග්ගහෙසි. මනොහරං නාමාති මනසා චින්තිතං ධනං ආහරිතුං සක්කොතීති එවංලද්ධනාමං.
එහි ධනාහරං යනු සිතින් පතන ලද ධනය ගෙනඒමට සමර්ථ. දද්දල්ලමානං යනු දිලිසෙන්නා වූ. යසසා පිරිවර මැණික් සමූහයෙන් ඔභාසති ඒ මාණික්‍ය රත්නය කුම්භීර නම් යක්ෂයා කුම්භාණ්ඩයන් දහසක් පිරිවරාගෙන ආරක්ෂා කරයි. ඔහු වනාහි ඔහු විසින් කෝපවී බැලූ පමණින්ම බියෙන් තැතිගත්තේ පලාගොස් චක්‍රවාට පර්වත මුදුනට නැගී කම්පාවෙමින් බලා සිටියේය. මෙසේ ඔහුව පලවාහැර පූර්ණක තෙමේ මාණික්‍ය රත්නය ගත්තේය. මනොහරං නාම සිතින් සිතූ මැණික ගෙන එන්නට හැකිවේයැයි මෙසේ ලබන ලද මාණික්‍යය.
ඉති සො තං ගහෙත්වා ආකාසෙන ගච්ඡන්තො තං නගරං පත්තො. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“සො අග්ගමා නගරමින්දපත්ථං, ඔරුය්හුපාගච්ඡි සභං කුරූනං; සමාගතෙ එකසතං සමග්ගෙ, අව්හෙත්ථ යක්ඛො අවිකම්පමානො.
ඒ යක්ෂ තෙමේ ඉඳිපත් නගරයට පැමිණියේය. අසුපිටින් බැස කුරු රජුගේ සභාවට පැමිණියේය. ඒ සභාවේ රැස්ව සිටි එක්සියයක් රජුන් දූ කෙළියට නොබියව කැඳවී.
“කො නීධ රඤ්ඤං වරමාභිජෙති, කමාභිජෙය්යාම වරද්ධනෙන; කමනුත්තරං රතනවරං ජිනාම, කො වාපි නො ජෙති වරද්ධනෙනා”ති.
මෙහි සිටින රජුන්ගෙන් කවරෙක් උතුම් මාණික්‍යය රත්නය දිනන්නේද? අපි කවරක්හු උතුම් ධනයෙන් දිනමෝද? කවරනම් උතුම් රුවනක් දිනමෝද? කවරෙක් හෝ උතුම් ධනයෙන් අප දිනාද?
තත්ථ ඔරුය්හුපාගච්ඡි සභං කුරූනන්ති භික්ඛවෙ, සො පුණ්ණකො අස්සපිට්ඨිතො ඔරුය්හ අස්සං අදිස්සමානරූපං ඨපෙත්වා මාණවකවණ්ණෙන කුරූනං සභං උපගතො. එකසතන්ති එකසතරාජානො අඡම්භීතො හුත්වා “කො නීධා”තිආදීනි වදන්තො ජූතෙන අව්හෙත්ථ. කො නීධාති කො නු ඉමස්මිං රාජසමාගමෙ. රඤ්ඤන්ති රාජූනං අන්තරෙ. වරමාභිජෙතීති අම්හාකං සන්තකං සෙට්ඨරතනං අභිජෙති, “අහං ජිනාමී”ති වත්තුං උස්සහති. කමාභිජෙය්යාමාති කං වා මයං ජිනෙය්යාම. වරද්ධනෙනාති උත්තමධනෙන. කමනුත්තරන්ති ජිනන්තො ච කතරං රාජානං අනුත්තරං රතනවරං ජිනාම. කො වාපි නො ජෙතීති අථ වා කො නාම රාජා අම්හෙ වරධනෙන ජෙති. ඉති සො චතූහි පදෙහි කොරබ්යමෙව ඝට්ටෙති.
එහි ඔරුය්හ චාගඤ්ජි සභං කුරූනං මහණෙනි, ඒ පූර්ණක යක්ෂයා අසුපිටින් බැස අශ්වයාව නොපෙනෙන ලෙස සලස්වා මානවකයකු ලෙස කුරු රජවරුන්ගේ සභාවට පැමිණියේය. එකසතං එක්සියයක් රජවරු බියවී කොනිධා සූදුවට කැඳවයි. කොනිධා කවරෙක් නම් මේ රාජ සමාගමයෙහි. අඤ්ඤං රජවරුන් අතරෙහි. වරමාභිජෙති අප සතු ශ්‍රේෂ්ඨ මාණික්‍යරත්නය දිනාගනීද? මම දිනමියි කියන්නට උත්සාහ කරයි. කමාභිජෙය්යාම අපි කවරකුව පරාජය කරමුද? වරංධනෙන උතුම් ධනයෙන්. කමනුත්තරං දිනන්නාහු කවරනම් රජකු උතුම් වූ මාණික්‍යය දිනන්නේද? කොචාපිනො නැතහොත් කවර රජෙක් අපව උතුම් ධනයෙන් දිනාද?
අථ රාජා “මයා ඉතො පුබ්බෙ එවං සූරො හුත්වා කථෙන්තො නාම න දිට්ඨපුබ්බො, කො නු ඛො එසො”ති චින්තෙත්වා පුච්ඡන්තො ගාථමාහ –
මෙසේ ඔහු පද සතරකින් කොරව්යවම ගැටීම කරයි. ඉක්බිති රජතුමා මා විසින් මින් පෙර මෙසේ දක්ෂයකුව සිට කියන්නකුව දැක නැත. මොහු කවරෙක්දැයි විචාරන්නේ මේ ගාථාව කීය.
“කුහිං නු රට්ඨෙ තව ජාතිභූමි, න කොරබ්යස්සෙව වචො තවෙදං; අභීතොසි නො වණ්ණනිභාය සබ්බෙ, අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ චා”ති.
තොපගේ ජාතභූමිය කවර රටකද? තොපගේ මේ කථාව කුරුරට වැසියකුගේ මෙන් නොවේ. තොපගේ ශරීර පැහැය අප සැම යටපත් කරන්නේය. තොපගේ නමද නෑයන්ද මට කියව.
තත්ථ න කොරබ්යස්සෙවාති කුරුරට්ඨවාසිකස්සෙව තව වචනං න හොති.
එහි න කොරව්යස්සෙව කුරුරට වැසියකුගේ වචනයක් නොවේ ඔබගේ වචනය.
තං සුත්වා ඉතරො “අයං රාජා මම නාමං පුච්ඡති, පුණ්ණකො ච නාම දාසො හොති. සචාහං ‘පුණ්ණකොස්මී’ති වක්ඛාමි, ‘එස දාසො, තස්මා මං පගබ්භතාය එවං වදෙතී’ති අවමඤ්ඤිස්සති, අනන්තරාතීතෙ අත්තභාවෙ නාමමස්ස කථෙස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
එය අසා අනික් තැනැත්තා මේ රජු මගේ නම විචාරයි. පුණ්ණකා නම් වූ දාසයෝ වෙත්. ඒ මම පුණ්ණක වෙමියි කියමි. මේ එක් දාසයෙකි. ඒ නිසා මට බිය නැතිව මෙසේ කියතියැයි අවමන් කරන්නේය. අතීත අනතුරු ආත්මභවයක මොහුගේ නම කියන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“කච්චායනො මාණවකොස්මි රාජ, අනූනනාමො ඉති මව්හයන්ති; අඞ්ගෙසු මෙ ඤාතයො බන්ධවා ච, අක්ඛෙන දෙවස්මි ඉධානුපත්තො”ති.
මහරජ, මම කච්චායන නම් මාණවක වෙමි. අනූන නමින් මා අමතති. අඟු රටෙහි මාගේ නෑයෝ ද බන්ධූහුද වාසය කරත්. දේවයනි, දූකෙළිය සඳහා මෙහි පැමිණියේ වෙමි.
තත්ථ අනූනනාමොති න ඌනනාමො. ඉමිනා අත්තනො පුණ්ණකනාමමෙව පටිච්ඡන්නං කත්වා කථෙති. ඉති මව්හයන්තීති ඉති මං අව්හයන්ති පක්කොසන්ති . අඞ්ගෙසූති අඞ්ගරට්ඨෙ කාලචම්පානගරෙ වසන්ති. අක්ඛෙන දෙවස්මීති දෙව, ජූතකීළනත්ථෙන ඉධ අනුප්පත්තොස්මි.
එහි අනූනනාමො යනු අපගේ ඌන නාමය මොහු විසින් තමන්ගේ පුණ්ණ යන නම සඟවා කථා කරයි. ඉතිමව්හයන්ති මෙසේ මා කැඳවත්. අංගෙසු අංග රටෙහි කාළචම්පා නගරයෙහි වාසය කරත්. අක්ඛෙන දෙවස්මි දේවයිනි, දුකෙළිය සඳහා මෙහි පැමිණියේ වෙමි.
අථ රාජා “මාණව, ත්වං ජූතෙන ජිතො කිං දස්සසි, කිං තෙ අත්ථී”ති පුච්ඡන්තො ගාථමාහ –
ඉක්බිති ඔහුට රජතෙමේ මාණවකය! නුඹ සූදුවෙහි දිනන ලද්දේ කුමක් පෙන්වන්නෙහිද? ඔබට කුමක් තිබේදැයි විචාරන්නේ මේ ගාථාව කීය.
“කිං මාණවස්ස රතනානි අත්ථි, යෙ තං ජිනන්තො හරෙ අක්ඛධුත්තො; බහූනි රඤ්ඤො රතනානි අත්ථි, තෙ ත්වං දලිද්දො කථමව්හයෙසී”ති.
කිං මාණවස්ස රතනානි අත්ථි, යෙතං ජිනන්තො හරෙ අක්ඛධුත්තො, බහූනි රඤ්ඤොරතනානි අත්ථි, තෙ ත්වං දළිද්දො කථමව්හයෙසී
තස්සත්ථො – කිත්තකානි භොතො මාණවස්ස රතනානි අත්ථි, යෙ තං ජිනන්තො අක්ඛධුත්තො “ආහරා”ති වත්වා හරෙය්ය. රඤ්ඤො පන නිවෙසනෙ බහූනි රතනානි අත්ථි, තෙ රාජානො එවං බහුධනෙ ත්වං දලිද්දො සමානො කථං ජූතෙන අව්හයසීති.
එහි අර්ථය : කුමක්, මොනවා පින්වත් මාණවකයාගේ රත්නයන් තිබේද? යෙතං ජිනන්තො යම් ඒ දිනන්නා වූ සූදු අන්තුවා මෙහෙ ගෙනෙවයි කියා ගන්න. රජුගේ වනාහි බොහෝ රත්නයන් ඇත. ඒ රජවරු මෙසේ බොහෝ ධනය ඇති නුඹ දිළින්දෙක් සමානය. කෙසේ නම් සූදුව සඳහා කැඳවන්නෙහිද?
තතො පුණ්ණකො ගාථමාහ –
ඉක්බිති පුණ්ණක තෙමේ,
“මනොහරො නාම මණී මමායං, මනොහරං මණිරතනං උළාරං; ඉමඤ්ච ආජඤ්ඤමමිත්තතාපනං, එතං මෙ ජිනිත්වා හරෙ අක්ඛධුත්තො”ති.
මේ මාගේ මනෝහර නම් වූ මාණික්‍යය ධන සම්පත් ගෙනෙන උතුම් මාණික්යරත්නයකි. මේ ආජානීයයා ද සතුරන් තවන අශ්ව රත්නයකි. අක්ෂ ධූර්තයෙක් මා දිනා තෙල රුවන් ගෙන යන්නේ ය.
මේ ගාථාව කීය.
පාළිපොත්ථකෙසු පන “මණි මම විජ්ජති ලොහිතඞ්කො”ති ලිඛිතං. සො පන මණි වෙළුරියො, තස්මා ඉදමෙව සමෙති.
පාලි පොත්වල වනාහි මණි මම විජ්ජති ලොහිතංකො යනුවෙන් ලියා ඇත. ඒ මැණික් වෙරළුමිණි ඒ නිසා මේ හා සමවේ.
තත්ථ ආජඤ්ඤන්ති ඉමං ආජානීයස්සඤ්ච මණිඤ්චාති එතං මෙ උභයං හරෙය්ය අක්ඛධුත්තොති අස්සං දස්සෙත්වා එවමාහ.
එහි ආජඤ්ඤ යනු මේ ආජානීය අශ්වයාද මැණිකද යන මේ දෙකම සූදු අන්තුවා ගෙනයන්නේ යැයි අශ්වයාව පෙන්වා මෙසේ කීය.
තං සුත්වා රාජා ගාථමාහ –
එය අසා රජතෙමේ මේ ගාථාව කීය.
“එකො මණී මාණව කිං කරිස්සති, ආජානියෙකො පන කිං කරිස්සති; බහූනි රඤ්ඤො මණිරතනානි අත්ථි, ආජානියා වාතජවා අනප්පකා”ති.
තරුණය, මේ එක මැණික කුමක් කරන්නේද? මේ එක ආජානීය අශ්වයා කුමක් කරන්නේද? රජහට බොහෝ මිණිරුවන් ඇත. වාතවේග ඇති ආජානීය අශ්වයෝ අනල්පය.
දොහළකණ්ඩං නිට්ඨිතං.
දොහල කාණ්ඩයයි.