චතුපොසථකණ්ඩං අට්ඨකථා
චතුපොසථකණ්ඩං
සිව්පෙහෙවස් කාණ්ඩය
පණ්ඩු කිසියාසි දුබ්බලාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අත්තනො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සත්ථා මහාපඤ්ඤො පුථුපඤ්ඤො ගම්භීරපඤ්ඤො ජවනපඤ්ඤො හාසපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පරප්පවාදමද්දනො, අත්තනො පඤ්ඤානුභාවෙන ඛත්තියපණ්ඩිතාදීහි අභිසඞ්ඛතෙ සුඛුමපඤ්හෙ භින්දිත්වා තෙ දමෙත්වා නිබ්බිසෙවනෙ කත්වා තීසු සරණෙසු චෙව සීලෙසු ච පතිට්ඨාපෙත්වා අමතගාමිමග්ගං පටිපාදෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, යං තථාගතො පරමාභිසම්බොධිප්පත්තො පරප්පවාදං භින්දිත්වා ඛත්තියාදයො දමෙය්ය. පුරිමභවස්මිඤ්හි බොධිඤාණං පරියෙසන්තොපි තථාගතො පඤ්ඤවා පරප්පවාදමද්දනොයෙව. තථා හි අහං විධුරකාලෙ සට්ඨියොජනුබ්බෙධෙ කාළපබ්බතමුද්ධනි පුණ්ණකං නාම යක්ඛසෙනාපතිං අත්තනො ඤාණබලෙනෙව දමෙත්වා නිබ්බිසෙවනං කත්වා පඤ්චසීලෙසු පතිට්ඨාපෙන්තො අත්තනො ජීවිතං දාපෙසි”න්ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
පණ්ඩුකිසියාසි දුබ්බලා යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසද්දී ප්‍රඥා පාරමිතාව අරබයා දේශනා කළ සේක. එක්දිනක් භික්ෂූහු දම්සභාවේදී කථාවක් මතුකළහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මහා ප්‍රාඥය. පැතිරීගිය ප්‍රඥා ඇත්තේය. බබලන ප්‍රඥා ඇත්තේය. වේගවත් ප්‍රඥා ඇත්තේය. තියුණු ප්‍රඥා ඇත්තේය. විනිවිද යන ප්‍රඥා ඇත්තේය. අනුන්ගේ වාද මඩින්නේය. තමන්ගේ ප්‍රඥානුභාවයෙන් ක්ෂත්රීය පණ්ඩිතාදීන් විසින් සකස්කළ සියුම් ප්රශ්නයන් බිඳදමා සේවනය නොකළ හැකි සේ කොට සරණයන්හිද සීලයන්හිද පිහිටුවා නිර්වාණගාමී මාර්ගය පිළියෙළ කරන සේක් යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමකර මහණෙනි, මෙහි කවර නම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙබඳු කථාවකින් යැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ උතුම් වූ නිර්වාණයට පැමිණ පරවාදයන් බිඳ දමා ක්ෂත්රිය ආදීන් හික්මවන්නේය යන පුදුමයක් නොවේ. කලින් භවයකදී බෝධිඥානය සොයන තථාගතයන් වහන්සේ ප්‍රඥාවන්ත වූයේ අනුන්ගේ වාද මර්දනය කිරීමේ සමර්ථ වූයේ යම්සේ වනාහි මම විධුර කුමාර කාලයෙහි යොදුන් සැටක් උසැති කාල පර්වතයක් මුදුනෙහි පුර්ණක නම් යක්ෂ සේනාපතියා ඥාන බලයෙන්ම දමනය කොට නොසෙව්නා කොට තමාගේ ජීවිත දානය දුන්නේ යැයි කියා අතීත කථාව ගෙනහැර දැක්වීය.
අතීතෙ කුරුරට්ඨෙ ඉන්දපත්ථනගරෙ ධනඤ්චයකොරබ්යො නාම රාජා රජ්ජං කාරෙසි. විධුරපණ්ඩිතො නාම අමච්චො තස්ස අත්ථධම්මානුසාසකො අහොසි. සො මධුරකථො මහාධම්මකථිකො සකලජම්බුදීපෙ රාජානො හත්ථිකන්තවීණාසරෙන පලුද්ධහත්ථිනො විය අත්තනො මධුරධම්මදෙසනාය පලොභෙත්වා තෙසං සකසකරජ්ජානි ගන්තුං අදදමානො බුද්ධලීලාය මහාජනස්ස ධම්මං දෙසෙන්තො මහන්තෙන යසෙන තස්මිං නගරෙ පටිවසි.
අතීතයේ කුරුරට ඉන්දුපුස්ත නගරයෙහි ධනංජය කෞරව රජු රාජ්‍යය කළේය. විධුර පණ්ඩිත නම් ඇමැතියා ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ විය. ඔහු මිහිරි කථා ඇත්තේය. මහා ධර්මකථා ඇත්තේය. සියළු දඹදිව රජවරු හස්තිකාන්ත වීණා ස්වරයෙහි ලොල් වූ ඇතුන් මෙන් තමන්ගේ මධුර ධර්ම දේශනාවෙන් පොළඹවාගෙන ඔවුන්ට තමන්ගේ රාජ්‍යයන්ට යාමට ඉඩ නොදී බුද්ධ ලීලාවෙන් මහජනයාට ධර්ම දේශනා කරන්නේ මහත් වූ යසසින් ඒ නගරයෙහි වාසය කළේය.
තදා හි බාරාණසියම්පි ගිහිසහායකා චත්තාරො බ්රාහ්මණමහාසාලා මහල්ලකකාලෙ කාමෙසු ආදීනවං දිස්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා වනමූලඵලාහාරා තත්ථෙව චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය චාරිකං චරමානා අඞ්ගරට්ඨෙ කාලචම්පානගරං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ භික්ඛාය නගරං පවිසිංසු. තත්ථ චත්තාරො සහායකා කුටුම්බිකා තෙසං ඉරියාපථෙසු පසීදිත්වා වන්දිත්වා භික්ඛාභාජනං ගහෙත්වා එකෙකං අත්තනො නිවෙසනෙ නිසීදාපෙත්වා පණීතෙන ආහාරෙන පරිවිසිත්වා පටිඤ්ඤං ගාහාපෙත්වා උය්යානෙයෙව වාසාපෙසුං. තෙ චත්තාරො තාපසා චතුන්නං කුටුම්බිකානං ගෙහෙසු නිබද්ධං භුඤ්ජිත්වා දිවාවිහාරත්ථාය එකො තාපසො තාවතිංසභවනං ගච්ඡති, එකො නාගභවනං, එකො සුපණ්ණභවනං, එකො කොරබ්යරඤ්ඤො මිගාජිනඋය්යානං ගච්ඡති. තෙසු යො දෙවලොකං ගන්ත්වා දිවාවිහාරං කරොති, සො සක්කස්ස යසං ඔලොකෙත්වා අත්තනො උපට්ඨාකස්ස තමෙව වණ්ණෙති. යො නාගභවනං ගන්ත්වා දිවාවිහාරං කරොති, සො නාගරාජස්ස සම්පත්තිං ඔලොකෙත්වා අත්තනො උපට්ඨාකස්ස තමෙව වණ්ණෙති. යො සුපණ්ණභවනං ගන්ත්වා දිවාවිහාරං කරොති, සො සුපණ්ණරාජස්ස විභූතිං ඔලොකෙත්වා අත්තනො උපට්ඨාකස්ස තමෙව වණ්ණෙති. යො ධනඤ්චයකොරබ්යරාජස්ස උය්යානං ගන්ත්වා දිවාවිහාරං කරොති, සො ධනඤ්චයකොරබ්යරඤ්ඤො සිරිසොභග්ගං ඔලොකෙත්වා අත්තනො උපට්ඨාකස්ස තමෙව වණ්ණෙති.
බරණැස් නුවර වනාහි ගිහි සහායක වූ බ්‍රාහ්මණ මහාසාර කුලපුත්‍රයෝ සතරදෙනෙක් කාමයන්හි ආදීනව දැක හිමවතට පිවිස සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අභිඤ්ඤා, සමාපත්ති උපදවාගෙන වනමුල් ඵල ආහාර ලෙස ගන්නාහු එහිම බොහෝකලක් වාසයකොට ලුණු ඇඹුල් සෙවීම සඳහා චාරිකාවේ ඇවිදින්නාහු අඟු රටෙහි කාලචම්පා නගරයට පැමිණ රජ උයනෙහි වැස පසුදා භික්ෂාව සඳහා නගරයට වැඩියහ. එහිදී මිත්‍රයන් සතරදෙනා වූ කෙළෙඹි පුත්‍රයෝ ඔවුන්ගේ ඉරියව් පිළිබඳව පැහැදී භික්ෂා භාජනය ගෙන එක් එක් සෘෂිවරයාට තමන්ගේ නිවෙස්වල ප්‍රණීත ආහාර වළඳවා ප්‍රතිඥා ගෙන උයනෙහිම වාසය කළහ. තවුසෝ සතරදෙන කෙළෙඹි පුත්‍රයන් සතරදෙනාගේ ඉදිරියෙහි දිවා විහරණය සඳහා එක්කෙනෙක් තව්තිසා දෙව්ලොවට යයි. එක්කෙනෙක් නාග භවනයට ද එක්කෙනෙක් සුපර්ණ භවනයට ද එක්කෙනෙක් කොරව්‍ය රජුගේ මිගාචිර උයනට ද යයි. ඔවුනතුරෙන් යමෙක් දෙව්ලොව ගොස් දිවා විහරණය කරයිද ඔහු ශක්‍රයාගේ යසස බලා තමාගේ උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් නාග භවනයට ගොස් දිවා විහරණය කරයිද ඔහු නාගරාජයාගේ සම්පත්තිය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් සුපර්ණ භවනයට ගොස් දිවා විහරණය කරයිද ඔහු සුපර්ණ රජුගේ ශ්‍රී විභූතිය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි. යමෙක් කොරව්‍ය රජුගේ උයනෙහි දිවා විහරණය කරයිද ඔහු ධනංජය රජුගේ ශ්‍රී සෞභාග්‍යය බලා තම උපස්ථායකයාට එයම වර්ණනා කරයි.
තෙ චත්තාරොපි ජනා තං තදෙව ඨානං පත්ථෙත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ එකො සක්කො හුත්වා නිබ්බත්ති, එකො සපුත්තදාරො නාගභවනෙ නාගරාජා හුත්වා නිබ්බත්ති, එකො සුපණ්ණභවනෙ සිම්බලිවිමානෙ සුපණ්ණරාජා හුත්වා නිබ්බත්ති. එකො ධනඤ්චයකොරබ්යරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති. තෙපි තාපසා අපරිහීනජ්ඣානා කාලං කත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තිංසු. කොරබ්යකුමාරො වුඩ්ඪිමන්වාය පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨහිත්වා ධම්මෙන සමෙන රජ්ජං කාරෙසි. සො පන ජූතවිත්තකො අහොසි. සො විධුරපණ්ඩිතස්ස ඔවාදෙ ඨත්වා දානං දෙති, සීලං රක්ඛති, උපොසථං උපවසති.
ඒ සතරදෙනම ඒ ඒ දේව තනතුරු ප්රාර්ථනාකොට දානාදී වූ පිංකොට ආයුකෙළවර එක් අයෙක් ශක්‍රයා වී උපන්නේය. එක් අයෙක් අඹුදරුවන් සමග නාගභවනයෙහි උපන්නේය. එක්කෙනෙක් ඉඹුල්රුක් විමානයෙහි සුපර්ණ රජුව උපන්නේය. අනිකෙක් ධනංජය රජුගේ අග බිසවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ තාපසයෝද බ්‍රහ්මලෝකයේ උපන්හ. කොරව්‍ය කුමාරයා වැඩිවිය පැමිණ පියාගේ ඇවෑමෙන් රාජ්‍යයේ පිහිටා ධර්මයෙන් රාජ්‍යය කළේය. ඔහු සූදු අන්තුවෙක් විය. ඔහු විධුර පඬිතුමාගේ අවවාදයෙහි පිහිටා දන් දෙයි. සිල් රකියි. පෙහෙවස් සමාදන් වෙයි.
සො එකදිවසං සමාදින්නුපොසථො “විවෙකමනුබ්රූහිස්සාමී”ති උය්යානං ගන්ත්වා මනුඤ්ඤට්ඨානෙ නිසීදිත්වා සමණධම්මං අකාසි. සක්කොපි සමාදින්නුපොසථො “දෙවලොකෙ පලිබොධො හොතී”ති මනුස්සලොකෙ තමෙව උය්යානං ආගන්ත්වා එකස්මිං මනුඤ්ඤට්ඨානෙ නිසීදිත්වා සමණධම්මං අකාසි. වරුණනාගරාජාපි සමාදින්නුපොසථො “නාගභවනෙ පලිබොධො හොතී”ති තත්ථෙවාගන්ත්වා එකස්මිං මනුඤ්ඤට්ඨානෙ නිසීදිත්වා සමණධම්මං අකාසි. සුපණ්ණරාජාපි සමාදින්නුපොසථො “සුපණ්ණභවනෙ පලිබොධො හොතී”ති තත්ථෙවාගන්ත්වා එකස්මිං මනුඤ්ඤට්ඨානෙ නිසීදිත්වා සමණධම්මං අකාසි. තෙපි චත්තාරො ජනා සායන්හසමයෙ සකට්ඨානෙහි නික්ඛමිත්වා මඞ්ගලපොක්ඛරණිතීරෙ සමාගන්ත්වා අඤ්ඤමඤ්ඤං ඔලොකෙත්වා පුබ්බසිනෙහවසෙන සමග්ගා සම්මොදමානා හුත්වා අඤ්ඤමඤ්ඤං මෙත්තචිත්තං උපට්ඨපෙත්වා මධුරපටිසන්ථාරං කරිංසු. තෙසු සක්කො මඞ්ගලසිලාපට්ටෙ නිසීදි, ඉතරෙපි අත්තනො අත්තනො යුත්තාසනං ඤත්වා නිසීදිංසු. අථ නෙ සක්කො ආහ “මයං චත්තාරොපි රාජානොව , අම්හෙසු පන කස්ස සීලං මහන්ත”න්ති? අථ නං වරුණනාගරාජා ආහ “තුම්හාකං තිණ්ණං ජනානං සීලතො මය්හං සීලං මහන්ත”න්ති. “කිමෙත්ථ කාරණ”න්ති? “අයං සුපණ්ණරාජා අම්හාකං ජාතානම්පි අජාතානම්පි පච්චාමිත්තොව, අහං එවරූපං අම්හාකං ජීවිතක්ඛයකරං පච්චාමිත්තං දිස්වාපි කොධං න කරොමි, ඉමිනා කාරණෙන මම සීලං මහන්ත”න්ති වත්වා ඉදං දසකනිපාතෙ චතුපොසථජාතකෙ පඨමං ගාථමාහ –
ඔහු එක්දිනක් සමාදන් වූ පෙහෙවස් ඇත්තේ විවේකයෙන් සිටින්නෙමියි උයනට ගොස් යහපත් වූ තැනක හිඳ මහණදම් පිරීය. ශක්‍රයාද සමාදන් වූ උපෝසථ ඇත්තේ දෙව්ලොව සම්බාධක ඇත්තේයැයි මිනිස්ලොව ඒ උයනටම ගොස් මනා තැනක හිඳ මහණදම් පිරීය. වරුණ නාගරාජයාද සමාදන් වූ උපෝසථ ඇත්තේ නාගභවනයෙහි බාධා සහිත යැයි එහිම ගොස් එක් සුන්දර තැනක හිඳ මහණදම් පිරිය. සුපර්ණ රාජයාද සමාදන් වූ උපෝසථ ඇත්තේ සුපර්ණ භවනයෙහි පලිබෝධ සහිතයැයි එහිම ගොස් එක්තැනක හිඳ මහණදම් පිරිය. ඒ සතරදෙනට සවස්කාලයේ තමන් සිටි තැන්වලින් නික්ම මඟුල් පොකුණුතෙර රැස්වූවාහු ඔවුනොවුන් දෙස බලා පූර්ව බැඳීම් වශයෙන් සමගි වූවාහු සතුටු වූවාහු ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී පෙරටු කොටගෙන මිහිරි පිළිසඳර කථාකොට ශක්‍රයා මගුල් ගල්තලාවේ හිඳගත්තේය. අනිත් අය තමන්ට යෝග්‍යය ඉඩක් බලා හිඳගත්හ. ඉක්බිති ඔවුහු ශක්‍රයාට මෙසේ කීහ. අපි සතරදෙනාම රජවරුය. අප අතරින් කාගේ ශීලය ප්‍රබලද? ඉක්බිති ඔහුට වරුණ නාගරාජයා මෙසේ කීය. නුඹලා තුන්දෙනාගේ ශීලයට වඩා මගේ ශීලය බලවත්ය. කුමක් නිසාද? මේ සුපර්ණ (ගුරුළු) රාජයා වනාහි අපගේ උපන් නූපන් සැමගේ පසමිතුරෙකි. මම මෙබඳු වූ අපගේ ජීවිතය නැතිකරන සතුරකු දැකත් ක්‍රෝධයක් නොකරමි. මේ කාරණයෙන් මගේ ශීලය විශාලයැයි කියා,
“යො කොපනෙය්යෙ න කරොති කොපං, න කුජ්ඣති සප්පුරිසො කදාචි; කුද්ධොපි සො නාවිකරොති කොපං, තං වෙ නරං සමණමාහු ලොකෙ”ති. (ජා· 1.10.24);
සත්පුරුෂ වූ යමෙක් කිපිය යුත්තහු කෙරෙහි නොකිපේද කිසිකලෙකත් කෝප නොකරන්නේද යමෙක් කිපියේ නමුත් කෝපය පහළ නොකරන්නේද ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැයි ලොව පඬිවරු කියති.
යන මේ දසක නිපාතයෙහි චතුපෝසථ ජාතකයෙහි පළමු ගාථාව කීය.
තත්ථ යොති ඛත්තියාදීසු යො කොචි. කොපනෙය්යෙති කුජ්ඣිතබ්බයුත්තකෙ පුග්ගලෙ ඛන්තීවාදීතාපසො විය කොපං න කරොති. කදාචීති යො කිස්මිඤ්චි කාලෙ න කුජ්ඣතෙව. කුද්ධොපීති සචෙ පන සො සප්පුරිසො කුජ්ඣති, අථ කුද්ධොපි තං කොපං නාවිකරොති චූළබොධිතාපසො විය. තං වෙ නරන්ති මහාරාජානො තං වෙ පුරිසං සමිතපාපතාය ලොකෙ පණ්ඩිතා “සමණ”න්ති කථෙන්ති. ඉමෙ පන ගුණා මයි සන්ති, තස්මා මමෙව සීලං මහන්තන්ති.
එහි යො යනු ක්ෂත්රිය ආදීන්ගෙන් යම්කිසිවෙක් කොපනෙය්යෙ කැපිය යුතු පුද්ගලයා කෙරෙහි, ක්ෂාන්තිවාදී තාපසයා මෙන් කෝප නොකරයි. කදාචි යමෙක් වනාහි කිසියම් කාලයක් නොකිපේ. කුද්ධොපි යනු ඉදින් වනාහි සත්පුරුෂයා කිපෙයිද, ඉක්බිති කිපුනේ නමුත් ඒ කෝපය නාවිකරොති ප්‍රකට නොකරයි. චූලබෝධි තාපසයා මෙනි. තං චෙ නරං යනු මහරජතුමා ඒ පුරුෂයාව සමනය කළ පව් ඇති බැවින් ලෝකයේ පණ්ඩිතයෝ සමණන්ති ශ්‍රමණයා කියා කියත්.
තං සුත්වා සුපණ්ණරාජා “අයං නාගො මම අග්ගභක්ඛො, යස්මා පනාහං එවරූපං අග්ගභක්ඛං දිස්වාපි ඛුදං අධිවාසෙත්වා ආහාරහෙතු පාපං න කරොමි, තස්මා මමෙව සීලං මහන්ත”න්ති වත්වා ඉමං ගාථමාහ –
මේ ගුණයෙන් මා තුළ තිබෙත්. ඒ නිසා මාගේ ශීලය මහත්ය. ඒ අසා සුපර්ණ නාගරාජයා, මේ නාගයා මාගේ අග්‍ර භෝජනය වෙයි. යම්හෙයකින් වනාහි මම මෙබඳු වූ අග්‍ර ආහාරයක් දැකත් බඩගින්න ඉවසාගෙන ආහාර හේතුවෙන් පාපයක් නොකරමි. ඒ නිසා මගේ ශීලය මහත්යැයි කියා.
“ඌනූදරො යො සහතෙ ජිඝච්ඡං, දන්තො තපස්සී මිතපානභොජනො; ආහාරහෙතු න කරොති පාපං, තං වෙ නරං සමණමාහු ලොකෙ”ති. (ජා· 1.10.25);
මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසාද ඉන්ද්රිය දමනයෙන් හා තවුස් ගුණයෙන් යුක්තවූයේ පමණ දැන ආහාරපාන වළඳා ද සාගින්න හේතුකොට ආපසු පාපක්‍රියා නොකෙරේද, ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැයි ලොව පඬිවරු කියති. මේ ගාථාව කීය.
තත්ථ දන්තොති ඉන්ද්රියදමනෙන සමන්නාගතො. තපස්සීති තපනිස්සිතකො. ආහාරහෙතූති අතිජිඝච්ඡපිළිතොපි යො පාපං ලාමකකම්මං න කරොති ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරො විය. අහං පනජ්ජ ආහාරහෙතු පාපං න කරොමි, තස්මා මමෙව සීලං මහන්තන්ති.
එහි දන්තො යනු ඉන්ද්රිය දමනයෙන් යුක්ත වූ. තපස්සී තපසින් යුක්ත වූවහු. ආහාර හේතු අතිශය සාගින්නෙන් යුක්ත වූයේ නමුත් යමෙක් ලාමක වූ දෙයක් නොකරයි. ධර්ම සේනාපති සැරියුත් මහතෙරුන් වහන්සේ මෙන් මම වනාහි අද ආහාර හේතුවෙන් පාපකර්මයක් නොකරමි. ඒ නිසා මාගේ ශීලය ප්රබලය.
තතො සක්කො දෙවරාජා “අහං නානප්පකාරං සුඛපදට්ඨානං දෙවලොකසම්පත්තිං පහාය සීලරක්ඛණත්ථාය මනුස්සලොකං ආගතො, තස්මා මමෙව සීලං මහන්ත”න්ති වත්වා ඉමං ගාථමාහ –
ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍රයා මම නොයෙක් ආකාර සැපයට මුල්වන දෙව්ලොව සැපත අතහැර සිල් රැකීම පිණිස මිනිස්ලොවට ආවෙමි. ඒ නිසා මාගේ ශීලය ප්රබලය කියා.
“ඛිඩ්ඩං රතිං විප්පජහිත්වාන සබ්බං, න චාලිකං භාසති කිඤ්චි ලොකෙ; විභූසට්ඨානා විරතො මෙථුනස්මා, තං වෙ නරං සමණමාහු ලොකෙ”ති. (ජා· 1.10.26);
යමෙක් සියළු කායික වාචසික ක්‍රීඩාව දිව්‍යකාම සුඛයෙහි ඇල්මද හැරපියා ස්වල්ප වූ හෝ බොරුවක් නොකියා කාය මණ්ඩනයෙන්ද මෛථුනයෙන්ද වැළකුනේ ද ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැයි ලොව පඬිවරු කියති.
මේ ගාථාව කීය.
තත්ථ ඛිඩ්ඩන්ති කායිකවාචසිකඛිඩ්ඩං. රතින්ති දිබ්බකාමගුණරතිං. කිඤ්චීති අප්පමත්තකම්පි. විභූසට්ඨානාති මංසවිභූසා ඡවිවිභූසාති ද්වෙ විභූසා. තත්ථ අජ්ඣොහරණීයාහාරො මංසවිභූසා නාම, මාලාගන්ධාදීනි ඡවිවිභූසා නාම, යෙන අකුසලචිත්තෙන ධාරීයති, තං තස්ස ඨානං, තතො විරතො මෙථුනසෙවනතො ච යො පටිවිරතො. තං වෙ නරං සමණමාහු ලොකෙති අහං අජ්ජ දෙවච්ඡරායො පහාය ඉධාගන්ත්වා සමණධම්මං කරොමි, තස්මා මමෙව සීලං මහන්තන්ති. එවං සක්කොපි අත්තනො සීලමෙව වණ්ණෙති.
එහි ඛිඩ්ඩං යනු කායික වාචසික ක්‍රීඩා. රතිං දිව්‍ය කාම සැපය. කිඤ්චිපි අල්පමාත්රයකුදු. විභූසනට්ඨානා මාංශ සැරසීම, සම සැරසීම යයි සැරසීම දෙයාකාරය. එහි අභ්‍යන්තරයට ගන්නා ආහාරය මංසවිභූසනය (මස් සැරසීම) නම් වේ. මල්මාලා සුවඳ ද්‍රව්‍යයන්ගෙන් සැරසීම (ඡවි) සම සැරසීමයි. යම් අකුසල සිතකින් එය කරන්නයි එය එයට ස්ථානයයි. එයින් වැළකුණේ මෛථුන සේවනයෙන් ද වෙන්වූයේ. තංවෙනරං සමණං ආහුලොකෙ මම අද දේවරාජ්‍යය අත්හැර මෙහි අවුත් මහණදම් පුරමි. ඒ නිසා මගේ ශීලය මහත්ය. බලවත්ය. මෙසේ ශක්‍රයාද තමාගේ ශීලයම වර්ණනා කළේය.
තං සුත්වා ධනඤ්චයරාජා “අහං අජ්ජ මහන්තං පරිග්ගහං සොළසසහස්සනාටකිත්ථිපරිපුණ්ණං අන්තෙපුරං චජිත්වා උය්යානෙ සමණධම්මං කරොමි, තස්මා මමෙව සීලං මහන්ත”න්ති වත්වා ඉමං ගාථමාහ –
එය අසා ධනංජය රජු මම නොයෙක් ආකාර වස්තුකාමයන් සහිත සොළොස් දහසක් නාටක ස්ත්‍රීන්ගෙන් පිරීගිය අන්තඃපුරය හැරදමා උයනෙහි මහණදම් පුරමි. ඒ නිසා මගේ ශීලය මහත්යැයි කියා,
“පරිග්ගහං ලොභධම්මඤ්ච සබ්බං, යො වෙ පරිඤ්ඤාය පරිච්චජෙති; දන්තං ඨිතත්තං අමමං නිරාසං, තං වෙ නරං සමණමාහු ලොකෙ”ති. (ජා· 1.10.27);
තමන් සන්තක ලෝභ කළයුතු සියළු වස්තූන් හැරදමා ඉන්ද්රිය දමනයෙන් යුක්තව සිත එකග කොටගත් මමත්වය නැතිකර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැයි ලෝකයේ පඬිවරු කීහ.
මේ ගාථාව කීහ.
තත්ථ පරිග්ගහන්ති නානප්පකාරං වත්ථුකාමං. ලොභධම්මන්ති තස්මිං උප්පජ්ජනතණ්හං. පරිඤ්ඤායාති ඤාතපරිඤ්ඤා, තීරණපරිඤ්ඤා, පහානපරිඤ්ඤාති ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. තත්ථ ඛන්ධාදීනං දුක්ඛාදිසභාවජානනං ඤාතපරිඤ්ඤා, තෙසු අගුණං උපධාරෙත්වා තීරණං තීරණපරිඤ්ඤා, තෙසු දොසං දිස්වා ඡන්දරාගස්සාපකඩ්ඪනං පහානපරිඤ්ඤා. යො ඉමාහි තීහි පරිඤ්ඤාහි ජානිත්වා වත්ථුකාමකිලෙසකාමෙ පරිච්චජති, ඡඩ්ඩෙත්වා ගච්ඡති. දන්තන්ති නිබ්බිසෙවනං. ඨිතත්තන්ති මිච්ඡාවිතක්කාභාවෙන ඨිතසභාවං. අමමන්ති අහන්ති මමායනතණ්හාරහිතං. නිරාසන්ති පුත්තදාරාදීසු නිච්ඡන්දරාගං. තං වෙ නරන්ති තං එවරූපං පුග්ගලං “සමණ”න්ති වදන්ති.
එහි පරිග්ගහං යනු නොයෙක් ආකාර වූ වස්තුකාමයන්. ලෝභධම්මං එහි උපදනා තණ්හාව. පරිඤ්ඤාය ඤාත පරිඤ්ඤා, (අවබෝධ කරගැනීමේ දැනුම) තීරණ පරිඤ්ඤා (තීරණ ගැනීමේ දැනුම, පහාන පරිඤ්ඤා (ප්රහාණය පිළිබඳ දැනුම) යන තුන්දාකාර අවබෝධයෙන් වටහාගෙන එහි ස්කන්ධ ආදීන්ගේ ස්වභාවය දැනගැනීම ඤාත පරිඤ්ඤාවයි. ඒවායේ ඇති නරක ගැන සළකා තීරණය කිරීම තීරණ පරිඤ්ඤා නම් වේ. ඒවායේ දොස් දැක ඡන්ද රාගයාගේ පහකිරීම පහාන පරිඤ්ඤා නම් වේ. යමෙක් මේ තුන්ආකාර ප්රහාණයන්ගෙන් දැනගෙන වස්තුකාම ක්ලේශකාමයන් පරිච්චන්ති ඉවත දමා යත්. දන්තං දැමුනා වූ, සේවනයෙන් තොර වූ ඨිතං මිත්‍යා විතර්ක නැති බැවින් ස්ථිරව පිහිටි ස්වභාවය. අමං මගේය යන තණ්හාවෙන් තොර. නිරාසං අඹුදරුවන් කෙරෙහි ආශාව නැති. තංවෙ ඒ මෙබඳු ස්වරූප ඇති පුද්ගලයා ශ්‍රමණයා යැයි කියත්.
ඉති තෙ සබ්බෙපි අත්තනො අත්තනො සීලමෙව මහන්තන්ති වණ්ණෙත්වා සක්කාදයො ධනඤ්චයං පුච්ඡිංසු “අත්ථි පන, මහාරාජ, කොචි තුම්හාකං සන්තිකෙ පණ්ඩිතො, යො නො ඉමං කඞ්ඛං විනොදෙය්යා”ති . “ආම, මහාරාජානො මම අත්ථධම්මානුසාසකො මහාපඤ්ඤො අසමධුරො විධුරපණ්ඩිතො නාම අත්ථි, සො නො ඉමං කඞ්ඛං විනොදෙස්සති, තස්ස සන්තිකං ගච්ඡාමා”ති. අථ තෙ සබ්බෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු. අථ සබ්බෙපි උය්යානා නික්ඛමිත්වා ධම්මසභං ගන්ත්වා පල්ලඞ්කං අලඞ්කාරාපෙත්වා බොධිසත්තං පල්ලඞ්කවරමජ්ඣෙ නිසීදාපෙත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං නිසින්නා “පණ්ඩිත, අම්හාකං කඞ්ඛා උප්පන්නා, තං නො විනොදෙහී”ති වත්වා ඉමං ගාථමාහංසු –
මෙසේ ඒ සියල්ලෝම තමන්ගේ ශීලයම මහත්යැයි වර්ණනා කොට ධනංජයගෙන් විචාළහ. මහරජ, අපගේ සැකය දුරුකරන්නට සමර්ථ යම් කෙනෙක් ඔබ සමීපයෙහි සිටීදැයි ඇසීය. මහරජවරුනි, එසේය. මාගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අසහාය වූ විධුර නම් පඬිවරයෙක් සිටී. ඔහු අපගේ සැකය පහකරන්නේය. ඔහු සමීපයට යමු. ඔව්හු යහපතැයි ගිවිසගන්න. ඉක්බිති සියල්ලෝම උයනින් නික්ම දහම්සභාවට ගොස් සරසා බෝධිසත්ත්වයන් වහන්සේව උතුම් අසුනක වඩාහිඳුවා පිළිසඳර කථාකොට එකත්පසෙක සිටියාහු පඬිතුමනි, අපට ඇතිවී තිබෙන සැකය දුරුකරන්න යැයි කියා,
“පුච්ඡාම කත්තාරමනොමපඤ්ඤං, කථාසු නො විග්ගහො අත්ථි ජාතො; ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි, තදජ්ජ කඞ්ඛං විතරෙමු සබ්බෙ”ති. (ජා· 1.10.28);
අලාමක වූ නුවණක් ඇති කළමනා දෙය කරන ඔබගෙන් අසමු. අප කී ගාථාවන් නිසා උපන් විවාදයක් ඇත. ඒ අපගේ සැකය දැන් විසඳන්න. ඔබ නිසා අපි සියල්ලෝම අද සැක රහිත වන්නෝ වෙමු යි.
මේ ගාථාව කීහ.
තත්ථ කත්තාරන්ති කත්තබ්බයුත්තකකාරකං. විග්ගහො අත්ථි ජාතොති එකො සීලවිග්ගහො සීලවිවාදො උප්පන්නො අත්ථි. ඡින්දජ්ජාති අම්හාකං තං කඞ්ඛං තානි ච විචිකිච්ඡිතානි වජිරෙන සිනෙරුං පහරන්තො විය අජ්ජ ඡින්ද. විතරෙමූති විතරෙය්යාම.
එහි කත්තාරං යනු කළයුතු කටයුතු කරන. අත්ථිජාතො එක් ශීලය පිළිබඳ විවරණයක්. ශීලය පිළිබඳ විවාදයක් හටගෙන ඇත. ජින්දජ්ජ යනු අපගේ සැකයත් ඒ විචිකිච්ඡාවනුත් වජ්රයකින් සිනේරු පර්වතයට පහර දෙන්නාක් මෙන් අද සිඳ දමන්න. විතරෙමු දුරුකරන්නෙමි. එතෙර වන්නෙමු.
පණ්ඩිතො තෙසං කථං සුත්වා “මහාරාජානො තුම්හාකං සීලං නිස්සාය උප්පන්නං විවාදකථං සුකථිතදුක්කථිතං ජානිස්සාමී”ති වත්වා ඉමං ගාථමාහ –
පඬිතුමා ඔවුන්ගේ කථාව අසා මහරජවරුනි, ඔබලාගේ ශීලය පිළිබඳව හටගත්තා වූ විවාද ගාථාවන්ගේ කියුම්වල හොඳ නොහොඳ කියුම් දැනගන්නෙමියි කියා,
“යෙ පණ්ඩිතා අත්ථදසා භවන්ති, භාසන්ති තෙ යොනිසො තත්ථ කාලෙ; කථං නු කථානං අභාසිතානං, අත්ථං නයෙය්යුං කුසලා ජනින්දා”ති. (ජා· 1.10.29);
කී දෙයෙහි අර්ථය දැකගන්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙත්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථාකාලයෙහි පවසති. රජතුමනි, නොකී ගාථාවන්ගේ අර්ථය දක්ෂතා ඇති කෙනෙක් වුවත් කෙසේ ඉදිරිපත් කරත්ද.
යන මේ ගාථාව කීය.
තත්ථ අත්ථදසාති අත්ථදස්සනසමත්ථා. තත්ථ කාලෙති තස්මිං විග්ගහෙ ආරොචිතෙ යුත්තප්පයුත්තකාලෙ තෙ පණ්ඩිතා තමත්ථං ආචික්ඛන්තා යොනිසො භාසන්ති. අත්ථං නයෙය්යුං කුසලාති කුසලා ඡෙකාපි සමානා අභාසිතානං කථානං කථං නු අත්ථං ඤාණෙන නයෙය්යුං උපපරික්ඛෙය්යුං. ජනින්දාති රාජානො ආලපති. තස්මා ඉදං තාව මෙ වදෙථ.
එහි අත්ථදස්සා යනු අර්ථය දැකීමේ ද. තත්ථකාලෙ යනු ඒ ආරාවුල දැන්වූ කල්හි සුදුසු කාලයෙහි, පණ්ඩිතයෝ එහි අර්ථය කියන්නාහු නුවණින් කථාකරත්. අත්ථං නයෙය්යුං කුසලා වුවත් දක්ෂ වූ විශාරදයෝ නොකියන ලද ගාථාවන්ගේ අදහස් කෙසේනම් නුවණින් ඉදිරිපත් කරන්නට සමත්වෙත්ද? ජනින්දා යැයි රජවරුන්ට කියයි. ඒ නිසා පළමුව මට මෙය කියන්න.
“කථං හවෙ භාසති නාගරාජා, ගරුළො පන වෙනතෙය්යො කිමාහ; ගන්ධබ්බරාජා පන කිං වදෙති, කථං පන කුරූනං රාජසෙට්ඨො”ති. (ජා· 1.10.30);
නාගරාජයා කෙසේ කියාද වෙනතෙය්‍ය නම් ගුරුළා කෙසේ කියාද, ශක්‍රයා කුමක් කියයිද, කුරුරට වැසියන්ගේ ධනංජය රජු කෙසේ කියාදැයි විචාළේය.
තත්ථ ගන්ධබ්බරාජාති සක්කං සන්ධායාහ.
මෙහි ගන්ධබ්බරාජා යැයි ශක්‍රයාට කියන ලදී.
අථස්ස තෙ ඉමං ගාථමාහංසු –
ඉක්බිති ඔව්හු ගාථාව කීහ.
“ඛන්තිං හවෙ භාසති නාගරාජා, අප්පාහාරං ගරුළො වෙනතෙය්යො; ගන්ධබ්බරාජා රතිවිප්පහානං, අකිඤ්චනං කුරූනං රාජසෙට්ඨො”ති. (ජා· 1.10.31);
ඒකාන්තයෙන් ඉවසීම උතුම්යයි නාගරාජයා කියයි. වෙනතෙය්‍ය නම් ගුරුළා ස්වල්ප ආහාරය උතුම්යයි කියයි. පස්කම් සැපෙහි ආශාව දුරුකිරීම උතුම්යැයි ශක්‍රයා කියයි. කුරුරට වැස්සන්ගේ රජ පළිබෝධ රහිත බව උතුම්යැයි කියයි.
තස්සත්ථො – පණ්ඩිත, නාගරාජා තාව කොපනෙය්යෙපි පුග්ගලෙ අකුප්පනසඞ්ඛාතං අධිවාසනඛන්තිං වණ්ණෙති, ගරුළො අප්පාහාරතාසඞ්ඛාතං ආහාරහෙතු පාපස්ස අකරණං, සක්කො පඤ්චකාමගුණරතීනං විප්පහානං, කුරුරාජා නිප්පලිබොධභාවං වණ්ණෙතීති.
එහි අර්ථය පණ්ඩිතයෙනි, නාගරාජයා කෝපවිය යුතු පුද්ගලයන් කෙරෙහි නොකිපීම් සංඛ්‍යාත ඉවසීම වර්ණනා කරයි. ගුරුළා අල්පාහාර ඇති බව නම් වූ ආහාරය නිසා පව් නොකිරීම, ශක්‍රයා පංචකාම ගුණයන්හි ඇලීම පහකිරිම, කුරුරජ පළිබෝධ රහිත බව වර්ණනා කරයි.
අථ තෙසං කථං සුත්වා මහාසත්තො ඉමං ගාථමාහ –
ඔවුන්ගේ කථාව අසා මහා සත්ත්වයන් වහන්සේ මේ ගාථාව කීය.
“සබ්බානි එතානි සුභාසිතානි, න හෙත්ථ දුබ්භාසිතමත්ථි කිඤ්චි; යස්මිඤ්ච එතානි පතිට්ඨිතානි, අරාව නාභ්යා සුසමොහිතානි; චතුබ්භි ධම්මෙහි සමඞ්ගිභූතං, තං වෙ නරං සමණමාහු ලොකෙ”ති. (ජා· 1.10.32);
මේ සියල්ල සුභාෂිතය. මෙහි කිසිදු දුර්භාෂිතයක් නැත. කරත්ත නාභියෙහි අර පරිද්දෙන් මේ ගුණධර්ම යමෙකු කෙරෙහි පිහිටා තිබේද ඉවසීම ආදී ගුණධර්ම සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයැයි පඬිවරු කියතියි කීය.
තත්ථ එතානීති එතානි චත්තාරිපි ගුණජාතානි යස්මිං පුග්ගලෙ සකටනාභියං සුට්ඨු සමොහිතානි අරා විය පතිට්ඨිතානි, චතූහිපෙතෙහි ධම්මෙහි සමන්නාගතං පුග්ගලං පණ්ඩිතා “සමණ”න්ති ආහු ලොකෙති.
එහි එතානි යනු මේ සතර ආකාර ගුණයෝ යම් පුද්ගලයකු කෙරෙහි ගැල් රෝදයේ නැබෙහි මනාව යොදන ලද අර මෙන් පිහිටියා වූ මේ ධර්ම සතරෙන් යුක්ත පුද්ගලයා ශ්‍රමණයා යැයි පණ්ඩිතයෝ කීහ.
එවං මහාසත්තො චතුන්නම්පි සීලං එකසමමෙව අකාසි. තං සුත්වා චත්තාරොපි රාජානො තස්ස තුට්ඨා ථුතිං කරොන්තා ඉමං ගාථමාහංසු –
මෙසේ මහාසත්ත්වයන් වහන්සේ සතරදෙනාගේ ම ශීලය එක හා සමාන කළේය. එය අසා සතරදෙනම ඔහුට තුටු වූවාහු ස්තූති කරමින් මේ ගාථාව කීහ.
“තුවඤ්හි සෙට්ඨො ත්වමනුත්තරොසි, ත්වං ධම්මගූ ධම්මවිදූ සුමෙධො; පඤ්ඤාය පඤ්හං සමධිග්ගහෙත්වා, අච්ඡෙච්ඡි ධීරො විචිකිච්ඡිතානි; අච්ඡෙච්ඡි කඞ්ඛං විචිකිච්ඡිතානි, චුන්දො යථා නාගදන්තං ඛරෙනා”ති. (ජා· 1.10.33).
ඔබ ශ්‍රේෂ්ඨය. ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර නම් වෙති. ඔබ ධර්මය රක්නාහ. ධර්මය දන්නාහ. මහාප්රාඥයහ. තම ඤාණයෙන් අපගේ පැනය මනාව වටහාගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්කරු කියතෙන් ඇත්දළය යම්සේ කපාද එපරිද්දෙන් අපගේ විමතිය, සැකය සිඳලූහ.
තත්ථ ත්වමනුත්තරොසීති ත්වං අනුත්තරො අසි, නත්ථි තයා උත්තරිතරො නාම. ධම්මගූති ධම්මස්ස ගොපකො චෙව ධම්මඤ්ඤූ ච. ධම්මවිදූති පාකටධම්මො. සුමෙධොති සුන්දරපඤ්ඤො පඤ්ඤායාති අත්තනො පඤ්ඤාය අම්හාකං පඤ්හං සුට්ඨු අධිගණ්හිත්වා “ඉදමෙත්ථ කාරණ”න්ති යථාභූතං ඤත්වා. අච්ඡෙච්ඡීති ත්වං ධීරො අම්හාකං විචිකිච්ඡිතානි ඡින්දි, එවං ඡින්දන්තො ච “ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානී”ති ඉදං අම්හාකං ආයාචනං සම්පාදෙන්තො අච්ඡෙච්ඡි කඞ්ඛං විචිකිච්ඡිතානි . චුන්දො යථා නාගදන්තං ඛරෙනාති යථා දන්තකාරො කකචෙන හත්ථිදන්තං ඡින්දෙය්ය, එවං ඡින්දීති අත්ථො.
එහි ත්වමනුත්තරො යනු ඔබ ශ්‍රේෂ්ඨය. ඔබට වඩා උසස් කෙනෙක් නැත. ධම්මගු ධර්මය ආරක්ෂා කරන, ධර්මය දන්නා. ධම්මවිදූ ප්‍රකට ලෙස ධර්මය අවබෝධ කරගත්. සුමෙධො සුන්දර වූ ප්‍රඥාවෙන් යුත්. පඤ්ඤාය යනු තමාගේ ප්‍රඥාවෙන් අපගේ පැනය මනාව අවබෝධ කරගෙන මෙහි කාරණය මෙය යැයි ඇති සැටියෙන් දැනගෙන. අච්ඡෙච්ඡි යනු නුඹ බුද්ධිමත්ය. අපගේ සැකයන් සිඳ දැමීය. මෙසේ සිඳ දමන්නේ අච්ඡෙච්ඡි කංඛං විචිකිච්ඡිතානි අපගේ මේ ආයාචනය ඉටුකරන්නේ සැකය සිඳ දැම්මේය. චුන්දො යථානාග දන්තංඛරෙන යම්සේ දන්වඩුවා කියතෙන් ඇන්දත සිඳින්නේද එසේ සිඳ දැම්මේය යන අර්ථයි.
එවං තෙ චත්තාරොපි රාජානො තස්ස පඤ්හබ්යාකරණෙන තුට්ඨමානසා අහෙසුං. අථ නං සක්කො දිබ්බදුකූලෙන පූජෙසි, ගරුළො සුවණ්ණමාලාය, වරුණො නාගරාජා මණිනා, ධනඤ්චයරාජා ගවසහස්සාදීහි පූජෙසි. තෙනෙවාහ –
මෙසේ ඒ සතරදෙනම ඔහුගේ පැන විසඳීමෙන් සතුටු වූ සිත් ඇත්තෝ වූහ. ඉක්බිති ශක්‍රයා ඔහුට දිව්‍යමය දුහුල් වස්ත්‍රයක් පූජා කළේය. ගුරුළා රන්මාලයකින්, වරුණ නාගරාජයා මාණික්‍යයකින්, ධනංජය රජු ගවයන් දහසකින් ආදී ලෙස පූජා කළහ. ඔව්හු මෙසේ කීහ.
“නීලුප්පලාභං විමලං අනග්ඝං, වත්ථං ඉදං ධූමසමානවණ්ණං; පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ධම්මපූජාය ධීර.
ප්‍රාඥය! නිලුපුල් පැහැයට සමාන වූ පවිත්‍ර වූ මහඟු වූ ධූම වර්ණ වූ මේ වස්ත්‍රය ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට පුජා කරමි.
“සුවණ්ණමාලං සතපත්තඵුල්ලිතං, සකෙසරං රත්නසහස්සමණ්ඩිතං; පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ධම්මපූජාය ධීර.
ප්‍රාඥය! විකසිත පද්මයක් වැනි කෙසරු සහිත රත්න සහශ්‍රයකින් යුක්ත රන්මාලය, පැන විසඳුමෙන් සතුටට පත් මම ඔබට පුදමි.
“මණිං අනග්ඝං රුචිරං පභස්සරං, කණ්ඨාවසත්තං මණිභූසිතං මෙ; පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ධම්මපූජාය ධීර.
ප්‍රාඥය! මාගේ ගෙළ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මාණික්‍යය පැන විසඳුමෙන් සතුටට පත් මම දහම් පඬුරු ලෙස ඔබට පුදමි.
“ගවං සහස්සං උසභඤ්ච නාගං, ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ; පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ගාමවරානි සොළසා”ති. (ජා· 1.10.34-37);
පැන විසඳුමෙන් සතුටට පත් මම දෙනුන් දහසක් ද වෘෂභයකුද ඇතකුද ආජානීය අශ්වයන් යෙදූ මේ රථ දසයද ගම්වර සොළොසක්ද ඔබට දෙමි.
එවං සක්කාදයො මහාසත්තං පූජෙත්වා සකට්ඨානමෙව අගමිංසු.
ශක්රාදීහු මහාසත්ත්වයන් වහන්සේ වැඳ තමන්ගේ ස්ථානයන්ටම ගියහ.
චතුපොසථකණ්ඩං නිට්ඨිතං.
සිව්පෙහෙවස් කාණ්ඩය නිමියේ ය.