යෙදුමෙන් කියවන්න

මණිකණ‍්ඩං අට‍්ඨකථා

මණිකණ‍්ඩං

මණි කාණ්ඩය

සො රඤ‍්ඤො කථං සුත්‍වා “මහාරාජ, කිං නාම එතං වදෙථ, එකො අස‍්සො අස‍්සසහස‍්සං ලක‍්ඛං හොති, එකො මණි මණිසහස‍්සං ලක‍්ඛං හොති. න හි සබ‍්බෙ අස‍්සා එකසදිසා, ඉමස‍්ස තාව ජවං පස‍්සථා”ති වත්‍වා අස‍්සං අභිරුහිත්‍වා පාකාරමත්‍ථකෙන පෙසෙසි. සත‍්තයොජනිකං නගරං අස‍්සෙහි ගීවාය ගීවං පහරන‍්තෙහි පරික‍්ඛිත‍්තං විය අහොසි. අථානුක‍්කමෙන අස‍්සොපි න පඤ‍්ඤායි, යක‍්ඛොපි න පඤ‍්ඤායි, උදරෙ බද‍්ධරත‍්තපටොව පඤ‍්ඤායි. සො අස‍්සතො ඔරුය‍්හ “දිට‍්ඨො, මහාරාජ, අස‍්සස‍්ස වෙගො”ති වත්‍වා “ආම, දිට‍්ඨො”ති වුත‍්තෙ “ඉදානි පුන පස‍්ස, මහාරාජා”ති වත්‍වා අස‍්සං අන‍්තොනගරෙ උය්‍යානෙ පොක‍්ඛරණියා උදකපිට‍්ඨෙ පෙසෙසි, ඛුරග‍්ගානි අතෙමෙන‍්තොව පක‍්ඛන්‍දි. අථ නං පදුමපත‍්තෙසු විචරාපෙත්‍වා පාණිං පහරිත්‍වා හත්‍ථං පසාරෙසි, අස‍්සො ආගන‍්ත්‍වා පාණිතලෙ පතිට‍්ඨාසි. තතො “වට‍්ටතෙ එවරූපං අස‍්සරතනං නරින්‍දා”ති වත්‍වා “වට‍්ටතී”ති වුත‍්තෙ “මහාරාජ, අස‍්සරතනං තාව තිට‍්ඨතු, මණිරතනස‍්ස මහානුභාවං පස‍්සා”ති වත්‍වා තස‍්සානුභාවං පකාසෙන‍්තො ආහ –

හෙතෙම රජුගේ කථාව අසා මහරජ, මෙය කුමන නමක්දැයි කියවේ. එක් අශ්වයෙක් අශ්වයන් දහසකට වුවත් අලගු තබයි. එක් මැණිකක් මැණික් දහසකට අලගු වෙයි. සියළු අශ්වයෝ එකසමාන නොවෙත්. මොහුගේ වේගය බලව් යැයි කියා අශ්වයා පිට නැගී ප්‍රාකාරයට උඩින් පැන්නේය. සත්යොදුන් නගරය ගෙලින්ගෙල ස්පර්ශ වන ලෙස අශ්වයන්ගෙන් වටකරන ලද්දේ විය. ඉක්බිති ක්‍රමයෙන් අශ්වයා නොපෙනී ගියේය. යක්‍ෂයාද නොපෙනී ගියේය. උදරයෙහි බඳිනලද රන්පටිය ද වටකරන ලද්දාක් මෙන් විය. ඔහු අශ්වයා පිටින් බැස ගියේය. මහරජ, අශ්වයාගේ වේගය දුටුවේදැයි අසා එසේය. දකින ලදී යැයි කී කල්හි මහරජ, දැන් බලන්නයැයි කියා අශ්වයාව ඇතුල්නගර උද්‍යානයෙහි ජලය මතුපිට පිටත් කළේය. කුර අග නොතෙමී පැන්නේය. ඉක්බිති ඔහු නෙලුම්කොළ මත ඇවිද අතින් ගසා අත දිගහැරියේය. අශ්වයා අවුත් අත්ලෙහි පිහිටියේය. එයින් මහරජ, මෙබඳු අශ්ව රත්නයක් වටනේද නැද්දැයි කියා මානවය, වටිනේයැයි කියා එහි ආනුභාවය ප්‍රකාශ කරන්නේ මෙසේ කීය.

“ඉදඤ‍්ච මෙ මණිරතනං, පස‍්ස ත්‍වං ද‍්විපදුත‍්තම; ඉත්‍ථීනං විග‍්ගහා චෙත්‍ථ, පුරිසානඤ‍්ච විග‍්ගහා.

නරදේවයෙනි, තෙපි මාගේ මේ මිණිරුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.

“මිගානං විග‍්ගහා චෙත්‍ථ, සකුණානඤ‍්ච විග‍්ගහා; නාගරාජා සුපණ‍්ණා ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

මුවන්ගේ රූපද පක්‍ෂීන්ගේ රූපද පැනෙයි. නාගයන්ද ගුරුළන්ද මැණිකෙහි නිමැවුණු අසිරිය බලන්න.

තත්‍ථ ඉත්‍ථීනන‍්ති එතස‍්මිඤ‍්හි මණිරතනෙ අලඞ‍්කතපටියත‍්තා අනෙකා ඉත්‍ථිවිග‍්ගහා පුරිසවිග‍්ගහා නානප‍්පකාරා මිගපක‍්ඛිසඞ‍්ඝා සෙනඞ‍්ගාදීනි ච පඤ‍්ඤායන‍්ති, තානි දස‍්සෙන‍්තො එවමාහ. නිම‍්මිතන‍්ති ඉදං එවරූපං අච‍්ඡෙරකං මණිම‍්හි නිම‍්මිතං පස‍්ස.

එහි ඉත්‍ථීනං ඒ මාණික්‍ය රත්නයෙහි අලංකාර ලෙස පිළියෙල කරන ලද නොයෙක් ස්ත්‍රීන් පිළිබඳ විග්‍රහයන්ද පුරුෂ විග්‍රහයන්ද නොයෙක් ආකාර මුව, පක්‍ෂි සමූහ සේනාංග ආදී වූ දේද්ද පෙනෙත්. ඒවා දක්වමින් මෙසේ කීය. නිම්මිතං මෙබඳු වූ පුදුමසහගත දෙයක් මාණික්‍යයෙහි නිර්මාණය කරන ලදී. බලන්න. තවෙකක්ද ඇත.

“අපරම‍්පි පස‍්සාහී”ති වත්‍වා ගාථා ආහ –

[missing trans]

“හත්‍ථානීකං රථානීකං, අස‍්සෙ පත‍්තී ච වම‍්මිනෙ; චතුරඞ‍්ගිනිමං සෙනං, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

මිණිරුවනෙහි නිමැවුනු හස්තිසේනා රථසේනා අශ්වසේනා ධජවලින් යුත් පාබල සේනා යන චතුරංගනී සේනා බලව.

“හත්‍ථාරොහෙ අනීකට‍්ඨෙ, රථිකෙ පත‍්තිකාරකෙ; බලග‍්ගානි වියූළ‍්හානි, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

ඇත්ගොව්වන්, අස්ගොව්වන්, රියැදුරන්, පාබළ සේනාවන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අයුරු බලව.

තත්‍ථ බලග‍්ගානීති බලානෙව. වියූළ‍්හානීති බ්‍යූහවසෙන ඨිතානි.

එහි බලග්ගානි බලයන්. වියූළහානි එක්රැස්ව පිහිටියා වූ,

“පුරං උද‍්ධාපසම‍්පන‍්නං, බහුපාකාරතොරණං; සිඞ‍්ඝාටකෙ සුභූමියො, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරයද සිවුමංසල හා ළගන්නා භූමිභාගයද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.

“එසිකා පරිඛායො ච, පලිඛං අග‍්ගළානි ච; අට‍්ටාලකෙ ච ද‍්වාරෙ ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

[missing trans]

තත්‍ථ පුරන‍්ති නගරං. උද‍්ධාපසම‍්පන‍්නන‍්ති පාකාරවත්‍ථුනා සම‍්පන‍්නං. බහුපාකාරතොරණන‍්ති උච‍්චපාකාරතොරණනගරද‍්වාරෙන සම‍්පන‍්නං. සිඞ‍්ඝාටකෙති වීථිචතුක‍්කානි. සුභූමියොති නගරූපචාරෙ විචිත‍්තා රමණීයභූමියො. එසිකාති නගරද‍්වාරෙසු උට‍්ඨාපිතෙ එසිකත්‍ථම‍්භෙ. පලිඛන‍්ති පලිඝං, අයමෙව වා පාඨො. අග‍්ගළානීති නගරද‍්වාරකවාටානි. ද‍්වාරෙ චාති ගොපුරානි ච.

එහි පුරං යනු නගරය. උද්දාපසම්පන්නං ප්‍රාකාරයෙන් යුක්ත වූ. බහුපකාර තොරණං උස් පවුරු ඇති නගරදොරටුව. සිංඝාටකෙසු සිව්මංසලවල. භූමියො නාගරූප දොරටුවෙහි විසිතුරු රමණීය භූමි ප්‍රදේශ ඇති. එසිකා නගර දොරටුවල ඔසවන ලද ඉන්‍ද්‍රඛීල. පලිඛං හරස් බාල්ක. අයමෙව කියාද පාඨයක් ඇත. අග්ගලානි නගර දොරටුවල ජනෙල්. ද්වාරෙ දොරටු ගෙවල්.

“පස‍්ස තොරණමග‍්ගෙසු, නානාදිජගණා බහූ; හංසා කොඤ‍්චා මයූරා ච, චක‍්කවාකා ච කුක‍්කුහා.

තොරන් මුදුන්වල හංසයන්, කොස්වාළිහිණියන් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුලන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්‍ෂීන්ද යන බොහෝ පක්‍ෂීන්ගේ රූසටහන් ඇත. නොයෙක් වර්ගයනට අයත් පක්‍ෂීන් ගැවසීගත් අයුරු මිණිරුවනෙහි නිමවුනු අසිරිය බලව.

“කුණාලකා බහූ චිත්‍රා, සිඛණ‍්ඩී ජීවජීවකා; නානාදිජගණාකිණ‍්ණං, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

තත්‍ථ තොරණමග‍්ගෙසූති එතස‍්මිං නගරෙ තොරණග‍්ගෙසු. කුණාලකාති කාළකොකිලා. චිත්‍රාති චිත්‍රපත‍්තකොකිලා.

එහි තොරණමග්ගෙසු මේ නගරයෙහි තොරණ් අග කුණාලකා කළුපාට කොවුලන්. චිත්‍රා යනු විසිතුරු පියාපත් ඇති කොවුලන්.

“පස‍්ස නගරං සුපාකාරං, අබ‍්භුතං ලොමහංසනං; සමුස‍්සිතධජං රම‍්මං, සොණ‍්ණවාලුකසන්‍ථතං.

මැනවින් ගොඩනැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නගන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුල නගරය බලන්න.

“පස‍්සෙත්‍ථ පණ‍්ණසාලායො, විභත‍්තා භාගසො මිතා; නිවෙසනෙ නිවෙසෙ ච, සන්‍ධිබ්‍යූහෙ පථද‍්ධියො”ති.

ඒ නගරයෙහි කොටස් ලෙස බෙදන ලද ආපනශාලාද නිවාසය ගෙබිම්ද ගෘහසන්‍ධිද ලොකු කුඩා වීදි ද බලව.

තත්‍ථ සුපාකාරන‍්ති කඤ‍්චනපාකාරපරික‍්ඛිත‍්තං. පණ‍්ණසාලායොති නානාභණ‍්ඩපුණ‍්ණෙ ආපණෙ. නිවෙසනෙ නිවෙසෙ චාති ගෙහානි චෙව ගෙහවත්‍ථූනි ච. සන්‍ධිබ්‍යූහෙති ඝරසන්‍ධියො ච අනිබ‍්බිද‍්ධරච‍්ඡා ච. පථද‍්ධියොති නිබ‍්බිද‍්ධවීථියො.

එහි සුපාකාර යනු ස්වර්ණමය ප්‍රාකාරයෙන් වට වූ පණ්ණසාලායො නොයෙක් ආකාර වෙළඳ භාණ්ඩවලින් පිරුණු වෙළඳසැල් නිවෙසනෙ නිවෙසෙ ච ගෘහයන් හා ගෘහ වස්තූන්. සන්‍ධිබ්‍යූහෙ ගෘහ සන්‍ධීන්ද බෙදී නොගිය වීදීන්ද පතද්ධියො බෙදීගිය වීථි.

“පානාගාරෙ ච සොණ‍්ඩෙ ච, සූනා ඔදනියා ඝරා; වෙසී ච ගණිකායො ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

සුරාසැල් ද සුරාසොඬුන් ද අංගානි ද මුළුතැන් ගෙවල් ද වෙසඟනන් ද ගණිකාවන් ද යන මොවුන් මිණිරුවනෙහි නිර්මාණය කර ඇති අසිරිය බලන්න.

“මාලාකාරෙ ච රජකෙ, ගන්‍ධිකෙ අථ දුස‍්සිකෙ; සුවණ‍්ණකාරෙ මණිකාරෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

මල්කරුවන් රජකයන් විලවුන් වෙළෙන්දන් රෙදි වෙළෙන්දන් රන්කරුවන් මැණික්කරුවන් යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරිය බලන්න.

“ආළාරිකෙ ච සූදෙ ච, නටනාටකගායිනො; පාණිස‍්සරෙ කුම‍්භථූනිකෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

බත් පිසන්නියන්ද බත්මාළු පිසන්නන්ද නළුවන් හා ගායකයන්ද අත්තල ගසන්නන්ද කළබෙර වයන්නන්ද මිණිරුවනෙහි නිමැවුණු අසිරිය බලව.

තත්‍ථ සොණ‍්ඩෙ චාති අත‍්තනො අනුරූපෙහි කණ‍්ඨකණ‍්ණපිලන්‍ධනෙහි සමන‍්නාගතෙ ආපානභූමිං සජ‍්ජෙත්‍වා නිසින‍්නෙ සුරාසොණ‍්ඩෙ ච. ආළාරිකෙති පූවපාකෙ. සූදෙති භත‍්තකාරකෙ. පාණිස‍්සරෙති පාණිප‍්පහාරෙන ගායන‍්තෙ. කුම‍්භථූනිකෙති ඝටදද‍්දරිවාදකෙ.

එහි සොණ්ඩෙ යනු තමාට ගැලපෙන සේ කරන ලද කර්ණාභරණවලින් යුක්තවූ සුරාබොන භූමිය පිළියෙල කර සිටියා වූ සුරාසොඬුන් ද ආලාරියො බත් පිසන්නියන් පාණිස්සරෙ අත්පහරින් ගායනා කරන්නන්. කුම්භථූනිකෙ කළබෙර වාදකයන්.

“පස‍්ස භෙරී මුදිඞ‍්ගා ච, සඞ‍්ඛා පණවදින්‍දිමා; සබ‍්බඤ‍්ච තාළාවචරං, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

මහබෙර, මිහිඟුබෙර, සක්, ගැටබෙර, පනාබෙර ද සියළු තූර්ය විශේෂ ද මාණික්‍ය රත්නයේ නිමැවුණු අයුරු බලන්න.

“සම‍්මතාලඤ‍්ච වීණඤ‍්ච, නච‍්චගීතං සුවාදිතං; තූරියතාළිතසඞ‍්ඝුට‍්ඨං, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

කුළු තාලම්ද වීණාද නැටුම් ගැයුම් හා තූර්ය වාදනද තූර්යවාදන ප්‍රතිරාව ද මිණිරුවනෙහි නිමැවුණු අයුරු බලව.

“ලඞ‍්ඝිකා මුට‍්ඨිකා චෙත්‍ථ, මායාකාරා ච සොභියා; වෙතාලිකෙ ච ජල‍්ලෙ ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

කරනම් ගසන්නෝය. මුට්ඨිමල්ලවයෝය. ඉන්ද්‍රජාලිකයෝය. නගරය හොබවන ස්ත්‍රී පුරුෂයෝද සොහොන් ගොව්වන් කරණවෑමියන් මැණිකෙහි නියමිත අයුරු බලව.

තත්‍ථ සම‍්මතාලඤ‍්චාති ඛදිරාදිසම‍්මඤ‍්චෙව කංසතාලඤ‍්ච. තූරියතාළිතසඞ‍්ඝුට‍්ඨන‍්ති නානාතූරියානං තාළිතෙහි සඞ‍්ඝුට‍්ඨං. මුට‍්ඨිකාති මුට‍්ඨිකමල‍්ලා. සොභියාති නගරසොභනා ඉත්‍ථී ච සම‍්පන‍්නරූපා පුරිසා ච. වෙතාලිකෙති වෙතාලඋට‍්ඨාපකෙ. ජල‍්ලෙති මස‍්සූනි කරොන‍්තෙ න‍්හාපිතෙ.

එහි සම්මතාලං බදිරාදි කයිතාලම්ද තුරියතාළිත සංසුට්ඨං නොයෙක් තූර්ය භාණ්ඩයන්ගේ පළමු ගැටීම හා වාදනය. මුට්ඨිකා මල්ලවපොර කරුවෝ. සොභියා නගරශෝභන සුරූපී පුරුෂයෝ. වෙතාලිකෙ වේතාලිකයන්. (මළවුන් මන්ත්‍ර බලයෙන් නැගිටුවන්නන්. ජල්ලෙ රැවුල් කපන්නන්. කරණවෑමියන්.

“සමජ‍්ජා චෙත්‍ථ වත‍්තන‍්ති, ආකිණ‍්ණා නරනාරිභි; මඤ‍්චාතිමඤ‍්චෙ භූමියො, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසීගත් ඇඳන් පිට ඇඳන් තබන ලද කෙළිබිම් ද වෙයි. ඒ සියල්ල මාණික්‍යරත්නයේ නිර්මාණය වූ අසිරිය බලව.

තත්‍ථ මඤ‍්චාතිමඤ‍්චෙති මඤ‍්චානං උපරි බද‍්ධමඤ‍්චෙ. භූමියොති රමණීයා සමජ‍්ජභූමියො.

එහි මඤ්චාති මඤ්චෙ ඇඳන් මත ඇඳන් තබන ලද. භුටියො රමණීය වූ කෙළිබිම්.

“පස‍්ස මල‍්ලෙ සමජ‍්ජස‍්මිං, ඵොටෙන‍්තෙ දිගුණං භුජං; නිහතෙ නිහතමානෙ ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

මල්ලව පුරුෂයන්ගේ රඟමඬලෙහි අධිකව අත්පොලසන් දෙන්නන්ද ජයග්‍රාහකයන්ද පරාජිතයන්ද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බැලුව මැනවි.

තත්‍ථ සමජ‍්ජස‍්මින‍්ති මල‍්ලරඞ‍්ගෙ. නිහතෙති නිහනිත්‍වා ජිනිත්‍වා ඨිතෙ. නිහතමානෙති පරාජිතෙ.

එහි සමජ්ජස්මිං මල්ලවපොර රගමඬලෙහි. නිහතෙ පරාජය කොට සිටියා වූ. නිහතමානෙ පරාජිතයන්.

“පස‍්ස පබ‍්බතපාදෙසු, නානාමිගගණා බහූ; සීහා බ්‍යග‍්ඝා වරාහා ච, අච‍්ඡකොකතරච‍්ඡයො.

බලව, පර්වත පාමුල සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද ඌරෝ ද වලස්සු ද වෘකයෝද කළු හිසැති වලස්සුද බොහෝ වෙසෙති.

“පලාසාදා ගවජා ච, මහිංසා රොහිතා රුරූ; එණෙය්‍යා ච වරාහා ච, ගණිනො නීකසූකරා.

කඟවේණෝ, ගවරු, මීමෝ, රෝහිත මුවෝ, රූරු මුවෝ, ඒණිමුවෝ, ඌරෝ, ගෝන්නු යන මෘගයෝද, කෙසෙල් මුවෝ ද ඉතා විසිතුරු මෘගයෝද, වල් බළල්ලු ද සාවෝ ද මීමින්නෝ ද මෙහි වෙති. නොයෙක් මෘග සමූහයාගෙන් ගැවසුණු සේ මාණික්‍ය රත්නයේ නිමැවුණු අසිරි බලව.

“කදලිමිගා බහූ චිත්‍රා, බිළාරා සසකණ‍්ටකා; නානාමිගගණාකිණ‍්ණං, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

තත්‍ථ පලාසාදාති ඛග‍්ගමිගා. “පලතා”තිපි පාඨො. ගවජාති ගවයා. වරාහාති එකා මිගජාතිකා. තථා ගණිනො චෙව නීකසූකරා ච. බහූ චිත්‍රාති නානප‍්පකාරා චිත්‍රා මිගා. බිළාරාති අරඤ‍්ඤබිළාරා. සසකණ‍්ටකාති සසා ච කණ‍්ටකා ච.

එහි පලසතා යනු කඟවේණේ. බලසතා කියාද පාඨයක් හමුවේ. ගවජාච ගවරූ. වරාහා යනු මෘගජාතියක්. ගණිනො යනු ගෝන්නු. බහුචිත්‍රා නොයෙක් ආකාර චිත්‍ර මුවෝ. බිළාරා කැලෑ බළල්ලු, සසකණ්ණකා හාවෝ ද මීමින්නෝ.

“නජ‍්ජායො සුප‍්පතිත්‍ථායො, සොණ‍්ණවාලුකසන්‍ථතා; අච‍්ඡා සවන‍්ති අම‍්බූනි, මච‍්ඡගුම‍්බනිසෙවිතා.

මැනවින් සකස් වූ තොටුපළ ඇති රන්වන් වැලි අතුල මත්ස්‍ය සමූහයාගෙන් ගැවසීගත් පවිත්‍ර ජලය ඇති ගංගාවෝ ගලා බසිත්.

“කුම‍්භීලා මකරා චෙත්‍ථ, සුසුමාරා ච කච‍්ඡපා; පාඨීනා පාවුසා මච‍්ඡා, බලජා මුඤ‍්චරොහිතා”ති.

(මෙහි) කිඹුල්ලුය. මෝරුය. ශිශුමාරය. කැස්බෑවෝය. පෙටියෝය. ලූල්ලුය. වලයෝය. මොද මත්ස්‍යයෝය. රේමත්ස්‍යයෝය යන මේ සත්ත්වයෝ වෙත්.

තත්‍ථ නජ‍්ජායොති නදියො. සොණ‍්ණවාලුකසන්‍ථතාති සුවණ‍්ණවාලුකාය සන්‍ථතතලා. කුම‍්භීලාති ඉමෙ එවරූපා ජලචරා අන‍්තොනදියං විචරන‍්ති, තෙපි මණිම‍්හි පස‍්සාහීති.

එහි නජ්ජායො යනු ගංගාවෝ සොණ්ණවාළුකසත්‍ථතා ස්වර්ණමය වැලිතලා ඇති. කුම්භිලා කිඹුල්ලු. මේ මෙබඳු වූ ජලචරයෝ නදී අභ්‍යන්තරයෙහි හැසිරෙත්. ඔවුන්ද මාණික්‍යයෙහි බලව.

“නානාදිජගණාකිණ‍්ණා, නානාදුමගණායුතා; වෙළුරියකරොදායො, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

නානා වෘක්‍ෂ සමූහයෙන් යුක්ත නානාවිධ පක්‍ෂි සමූහයා ඇති. වෛඩූර්ය මාණික්‍යයන්හි හැපී හඬ නගන ගංගාවෝ මෙහි වෙත්. ඒ හැම මාණික්‍ය රත්නයේ නිමැවුනු අසිරි බලව.

තත්‍ථ වෙළුරියකරොදායොති වෙළුරියපාසාණෙ පහරිත්‍වා සද‍්දං කරොන‍්තියො එවරූපා නජ‍්ජායොති.

එහි වෙරළුරියළු ලකරොදායා වෙරළුමිනි පාෂාණවල හැපී හඬ නගන.

“පස‍්සෙත්‍ථ පොක‍්ඛරණියො, සුවිභත‍්තා චතුද‍්දිසා; නානාදිජගණාකිණ‍්ණා, පුථුලොමනිසෙවිතා.

මෙහි මනා ලෙස බෙදුණු සිව්දිගුන් ඇති නොයෙක් පක්‍ෂි සමූහයා ගැවසීගත් නොයෙක් මත්ස්‍ය වර්ගයා ද වෙසෙන තඩාගයෝ ද වෙත්. බලන්න.

“සමන‍්තොදකසම‍්පන‍්නං, මහිං සාගරකුණ‍්ඩලං; උපෙතං වනරාජෙහි, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මාණික්‍යරත්නයේ නිර්මාණය වූ අසිරිය බලව.

තත්‍ථ පුථුලොමනිසෙවිතාති මහාමච‍්ඡෙහි නිසෙවිතා. වනරාජෙහීති වනරාජීහි, අයමෙව වා පාඨො.

එහි පුථුලොමනිසෙවිතා යනු මත්ස්‍යයන්ගෙන් ගැවසීගත්. වනරාජෙහි වනරොදින්. අයමෙව කියාද පාඨයකි.

“පුරතො විදෙහෙ පස‍්ස, ගොයානියෙ ච පච‍්ඡතො; කුරුයො ජම‍්බුදීපඤ‍්ච, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

පෙරදිග පූර්ව විදේහයද පශ්චිම දිශාවේ අපරගෝයානයද උතුරුකුරු දිවයිනද දඹදිවද මාණික්‍ය රත්නයේ නිමා වූ ආකාරය බලව.

“පස‍්ස චන්‍දං සූරියඤ‍්ච, ඔභාසන‍්තෙ චතුද‍්දිසා; සිනෙරුං අනුපරියන‍්තෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

සතරදිශා ආලෝකකරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිර්මාණය වූ ආකාරයේ අසිරිය බලව.

“සිනෙරුං හිමවන‍්තඤ‍්ච, සාගරඤ‍්ච මහීතලං; චත‍්තාරො ච මහාරාජෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

මහමෙර ද හිමාලයද සාගරයද මහත් ආනුභාව ඇති සතරවරම් දෙව්රජවරුන් ද මාණික්‍ය රත්නයේ නිමවුණු අසිරිය බලව.

“ආරාමෙ වනගුම‍්බෙ ච, පාටියෙ ච සිලුච‍්චයෙ; රම‍්මෙ කිම‍්පුරිසාකිණ‍්ණෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

ආරාම ද වනලැහැබ් ද ගල්තලා ද කිඳුරන් ගැවසුන සිත්ගන්නා පර්වත ද මිණිරුවනේ නිමැවුණු අසිරිය බලව.

“ඵාරුසකං චිත‍්තලතං, මිස‍්සකං නන්‍දනං වනං; වෙජයන‍්තඤ‍්ච පාසාදං, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

ඵරුසක චිත්‍රලතා මිස්සක නන්දන යන වනයන්ද විජයොත්පහයද මාණික්‍යයෙහි නිර්මිතවැ ඇති අයුරු බලව.

“සුධම‍්මං තාවතිංසඤ‍්ච, පාරිඡත‍්තඤ‍්ච පුප‍්ඵිතං; එරාවණං නාගරාජං, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

සුධර්මා දේව සභාවද තව්තිසා දෙව්ලොවද, මල් පිපුණු පරසතු රුකද ඓරාවණ හස්තියාද මාණික්‍යයෙහි නිමවී ඇති අසිරිය බලව.

“පස‍්සෙත්‍ථ දෙවකඤ‍්ඤායො, නභා විජ‍්ජුරිවුග‍්ගතා; නන්‍දනෙ විචරන‍්තියො, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

අහසින් මතු වූ විදුලිය වැනි දෙවගනන් බලව. නන්දන වනයේ හැසිරෙන දෙවඟනන් මාණික්‍යයේ නිර්මිතව ඇති අයුරු බලව.

“පස‍්සෙත්‍ථ දෙවකඤ‍්ඤායො, දෙවපුත‍්තපලොභිනී; දෙවපුත‍්තෙ රමමානෙ, මණිම‍්හි පස‍්ස නිම‍්මිත”න‍්ති.

දිව්‍යපුත්‍රයන් පොළඹවන දිව්‍යාංගනාවන් බලව. හැසිරෙන්නා වූ දිව්‍යපුත්‍රයන් මැණිකෙහි නිර්මාණය වී ඇති අසිරිය බලව.

තත්‍ථ විදෙහෙති පුබ‍්බවිදෙහදීපං. ගොයානියෙති අපරගොයානදීපං. කුරුයොති උත‍්තරකුරු ච දක‍්ඛිණතො ජම‍්බුදීපඤ‍්ච. අනුපරියන‍්තෙති එතෙ චන්‍දිමසූරියෙ සිනෙරුං අනුපරියායන‍්තෙ. පාටියෙති පත්‍ථරිත්‍වා ඨපිතෙ විය පිට‍්ඨිපාසාණෙ.

එහි විදෙහෙ යනු පූර්ව විදේහයේ. ගොයානියෙ අපරගෝයාන දිවයින. කුරුයො උතුරුකුරු දිවයිනද, දකුණින් දඹදිව ද, අනුපරියන්තෙ මේ සඳහිරු දෙක සිනේරු පර්වතය සිසාරා යන, පාටියෙ පැතිරී සිටියාක් වැනි ගල්තලා.

“පරොසහස‍්සපාසාදෙ, වෙළුරියඵලසන්‍ථතෙ; පජ‍්ජලන‍්තෙ ච වණ‍්ණෙන, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

වෙළුමිණියෙන් නිමවූ පුවරු අතුළ දීප්තිමත් පැහැයෙන් යුක්ත වූ දහසකට අධික දිව්‍යාප්‍රාසාද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බලව.

“තාවතිංසෙ ච යාමෙ ච, තුසිතෙ චාපි නිම‍්මිතෙ; පරනිම‍්මිතවසවත‍්තිනො, මණිම‍්හි පස‍්ස නිම‍්මිතං.

තව්තිසාවය, යාමය, තුසිතය, පරනිර්මිතය, වසවර්තිය යන දිව්‍යලෝකවල දෙවියන් මාණික්‍යයෙහි මැවී ඇති අයුරු බලන්න.

“පස‍්සෙත්‍ථ පොක‍්ඛරණියො, විප‍්පසන‍්නොදිකා සුචී; මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා, පදුමුප‍්පලකෙහි චා”ති.

අතිශයින් පවිත්‍ර ප්‍රසන්න ජලය ඇති හෙල්මැලි හා පියුම් හා උපුල්වලින් ගැවසීගත් පොකුණු බැලුව මැනවි.

තත්‍ථ පරොසහස‍්සන‍්ති තාවතිංසභවනෙ අතිරෙකසහස‍්සපාසාදෙ.

එහි පරොසහස්සං යනු තව්තිසා පුරයේ අමතර දහසක් ප්‍රාසාද.

“දසෙත්‍ථ රාජියො සෙතා, දස නීලා මනොරමා; ඡ පිඞ‍්ගලා පන‍්නරස, හලිද‍්දා ච චතුද‍්දස.

මාණික්‍යයෙහි සූදුහිරි දසයක් ද සිත්ගන්නා නිල්හිරි දසයක් ද පිඟුවන්හිරි සයක් හා පසළොසක් ද කසාවන්හිරි තුදුසක්ද වෙයි.

“වීසති තත්‍ථ සොවණ‍්ණා, වීසති රජතාමයා; ඉන්‍දගොපකවණ‍්ණාභා, තාව දිස‍්සන‍්ති තිංසති.

රන්පැහැ හිරි විස්සක්ද රිදී පැහැ හිරි විස්සක්ද රත්ඉඳුගොව්පැහැ බඳු හිරි තිසක්ද මාණික්‍යයෙහි පෙනෙන්ට ඇත.

“දසෙත්‍ථ කාළියො ඡච‍්ච, මඤ‍්ජෙට‍්ඨා පන‍්නවීසති; මිස‍්සා බන්‍ධුකපුප‍්ඵෙහි, නීලුප‍්පලවිචිත‍්තිකා.

මාණික්‍යයෙහි කළුහිරි දසයක් හා සයක්ද මදටිය පැහැ විසිපහක්ද වේ. කළු පැහැ හා මදටිය පැහැ හිරි බඳු වදමලින් හා නිලුපුලින් මුසුවීමෙන් විසිතුරුය.

“එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං, අච‍්චිමන‍්තං පභස‍්සරං; ඔධිසුඞ‍්කං මහාරාජ, පස‍්ස ත්‍වං ද‍්විපදුත‍්තමා”ති.

දෙපා ඇතියන්ට උතුම් රජතුමනි, මේ හැම අංගයන්ගෙන්ම හෙබි රැස් ඇති පැහැ විහිදෙන පරදුව බලව.

තත්‍ථ දසෙත්‍ථ රාජියො සෙතාති එතස‍්මිං මණික‍්ඛන්‍ධෙ දස සෙතරාජියො. ඡ පිඞ‍්ගලා පන‍්නරසාති ඡ ච පන‍්නරස චාති එකවීසති පිඞ‍්ගලරාජියො . හලිද‍්දාති හලිද‍්දවණ‍්ණා චතුද‍්දස. තිංසතීති ඉන්‍දගොපකවණ‍්ණාභා තිංස රාජියො. දස ඡච‍්චාති දස ච ඡ ච සොළස කාළරාජියො. පන‍්නවීසතීති පඤ‍්චවීසති මඤ‍්ජෙට‍්ඨවණ‍්ණා පභස‍්සරා. මිස‍්සා බන්‍ධුකපුප‍්ඵෙහීති කාළමඤ‍්ජෙට‍්ඨවණ‍්ණරාජියො එතෙහි මිස‍්සා විචිත‍්තිකා පස‍්ස. එත්‍ථ හි කාළරාජියො බන්‍ධුජීවකපුප‍්ඵෙහි මිස‍්සා, මඤ‍්ජෙට‍්ඨරාජියො නීලුප‍්පලෙහි විචිත‍්තිකා. ඔධිසුඞ‍්කන‍්ති සුඞ‍්කකොට‍්ඨාසං. යො මං ජූතෙ ජිනිස‍්සති, තස‍්සිමං සුඞ‍්කකොට‍්ඨාසං පස‍්සාති වදති. අට‍්ඨකථායං පන “හොතු සුඞ‍්කං, මහාරාජා”තිපි පාඨො.

එහි දසෙත්‍ථරාජියො යනු මේ මැණික්කඩෙහි සුදුහිරි දසයකි. ජපිංගලා පණ්ණරසා සයක්ද පසළොසක් ද යන ලෙස පිඟුවන් හිරි එක්විස්සක්. හලිද්දා කසාවන් තුදුසක් ද තිංසති ඉඳුගොව් වර්ණ හිරි තිහක්. ජච දහයක්ද සයක්ද යන ලෙස දහසයක් කලුහිරි. පණ්ණවීසති. මදටිය පාටවන් හිරි විසිපහක් බලව. මිස්සා බන්‍ධුකපුප්ඵෙහි ඒ කලු මදටිය පාට හිරි, මේ පුෂ්පයන් හා මිශ්‍ර වූ විසිතුරු බව බලන්න. මෙපමණ කලුහිරිවලින්, බන්‍ධුජීවක පුෂ්පයන්ගෙන් මිශ්‍ර මදටියවන් හිරි නිලුපුල්වලින් විසිතුරු වී. ඔධිසුංකං බදු කොටස - යමෙක් මා සූදුවෙහිදී දිනාද ඔහුගේ මේ බදු කොටස බලව යැයි කියයි. අටුවාවෙහි වනාහි හොති සුංකං මහාරාජ යැයිද පාඨයෙකි.

තස‍්සත්‍ථො – ද‍්විපදුත‍්තම පස‍්ස ත්‍වං ඉමං එවරූපං මණික‍්ඛන්‍ධං, ඉදමෙව, මහාරාජ, සුඞ‍්කං හොතු. යො මං ජූතෙ ජිනිස‍්සති, තස‍්සිදං භවිස‍්සතීති.

එහි අර්ථය:- නරපතියාණෙනි, බලන්න. නුඹ මේ මෙබඳු වූ මාණික්‍යය, මහරජ, මේ මාගේ බද්ද වන්නේය. යමෙක් මා සූදුවෙහිදී දිනාද ඔහුට මෙය ලැබෙන්නේය.

මණිකණ‍්ඩං නිට‍්ඨිතං.

මාණික්‍ය කාණ්ඩය නිමි.