යෙදුමෙන් කියවන්න

අක‍්ඛකණ‍්ඩං අට‍්ඨකථා

අක‍්ඛකණ‍්ඩං

ද්‍යූත කාණ්ඩය

එවං වත්‍වා පුණ‍්ණකො “මහාරාජ, අහං තාව ජූතෙ පරාජිතො ඉමං මණිරතනං දස‍්සාමි, ත්‍වං පන කිං දස‍්සසී”ති ආහ. “තාත, මම සරීරඤ‍්ච දෙවිඤ‍්ච සෙතච‍්ඡත‍්තඤ‍්ච ඨපෙත්‍වා සෙසං මම සන‍්තකං සුඞ‍්කං හොතූ”ති. “තෙන හි, දෙව, මා චිරායි, අහං දූරාගතො, ඛිප‍්පං ජූතමණ‍්ඩලං සජ‍්ජාපෙහී”ති. රාජා අමච‍්චෙ ආණාපෙසි. තෙ ඛිප‍්පං ජූතමණ‍්ඩලං සජ‍්ජෙත්‍වා රඤ‍්ඤො වරපොත්‍ථකත්‍ථරණං සන්‍ථරිත්‍වා සෙසරාජූනඤ‍්චාපි ආසනානි පඤ‍්ඤපෙත්‍වා පුණ‍්ණකස‍්සපි පතිරූපං ආසනං පඤ‍්ඤපෙත්‍වා රඤ‍්ඤො කාලං ආරොචයිංසු. තතො පුණ‍්ණකො රාජානං ගාථාය අජ‍්ඣභාසි –

මෙසේ කියා පුණ්ණක තෙමේ මහරජ, මම ඉදින් සූදුවෙහි දිනුයේ නම් මේ මාණික්‍ය රත්නය දෙන්නෙමි. නුඹ වනාහි කුමක් දෙන්නෙහිදැයි ඇසීය. දරුව, මගේ ශරීරයත් සේසතත් හැර ඉතිරි මා සන්තක සියල්ල බදු වේවා. එසේනම් දේවයනි, කල්ගත නොකරන්න. මම දුර සිට පැමිණියේ වෙමි. සූදු මණ්ඩපය, සූදානම් කරවන්න. රජු ඇමතියන්ට අණ කළේය. ඔව්හු වහා දුකෙළි මණ්ඩපය සූදානම් කර රජුට උතුම් පොත් අතුරණයක් සෙසු රජවරුන්ට ආසනද පනවා පූර්ණකටද සුදුසු ආසනයක් දී රජුට කාලය දැනුම් දුන්හ. ඉක්බිති පුණ්ණක රජුට ගාථාවකින් මෙසේ කීය.

“උපාගතං රාජ මුපෙහි ලක‍්ඛං, නෙතාදිසං මණිරතනං තවත්‍ථි; ධම‍්මෙන ජිස‍්සාම අසාහසෙන, ජිතො ච නො ඛිප‍්පමවාකරොහී”ති.

ක්‍රීඩා ශාලාව සාදා අවසන්ය. සූදු පිටියට එනු මැනවි. මෙවැනි මාණික්‍යයක් ඔබට නැත. ක්‍රීඩාවෙහි යෙදෙන අපි සැහැසි ලෙස නොව දැහැමි ලෙස දිනන්නෙමු. දිනූ තැනැත්තාට කල් නොයවා ධනය දෙන්න.

තස‍්සත්‍ථො – මහාරාජ, ජූතසාලාය කම‍්මං උපාගතං නිට‍්ඨිතං, එතාදිසං මණිරතනං තව නත්‍ථි, මා පපඤ‍්චං කරොහි, උපෙහි ලක‍්ඛං අක‍්ඛෙහි කීළනට‍්ඨානං උපගච‍්ඡ. කීළන‍්තා ච මයං ධම‍්මෙන ජිස‍්සාම, ධම‍්මෙනෙව නො අසාහසෙන ජයො හොතු. සචෙ පන ත්‍වං ජිතො භවිස‍්සසි, අථ නො ඛිප‍්පමවාකරොහි, පපඤ‍්චං අකත්‍වාව ජිතො ධනං දදෙය්‍යාසීති වුත‍්තං හොති.

මහරජ, සූදු ශාලාවේ වැඩ උපාගතං අවසන් මෙබඳු මාණික්‍ය රත්නයක් තට නැත. ප්‍රමාද නොකරව. උපෙහිලක්ඛං සූදු ක්‍රීඩාකරන තැනට එන්න. ක්‍රීඩා කරන්නා වූ අපි ධර්මයන් දිනන්නෝ වෙමු. සැහැසි බවෙන් ජයග්‍රහණය නොවේවා. ඉදින් වනාහි නුඹ දිනුයේ වත්තෙහිද ඉක්බිති වහා අපට දෙන්න. ප්‍රමාද නොකොට දිනුවහුට ධනය දෙන්නයැයි කියන ලදී.

අථ නං රාජා “මාණව, ත්‍වං මං ‘රාජා’ති මා භායි, ධම‍්මෙනෙව නො අසාහසෙන ජයපරාජයො භවිස‍්සතී”ති ආහ. තං සුත්‍වා පුණ‍්ණකො “අම‍්හාකං ධම‍්මෙනෙව ජයපරාජයභාවං ජානාථා”ති තෙපි රාජානො සක‍්ඛිං කරොන‍්තො ගාථමාහ –

ඉක්බිති ඔහුට මහරජු මෙසේ කියයි. මානවය, මා රජයැයි ඔබ බිය නොවන්න. ධර්මයෙන් මිස සැහැසි බවෙන් නොව ජයපරාජය වන්නේ. ඒ අසා පූර්ණක තෙමේ අපගේ ධර්මයන්ට ජයපරාජය වන බව දැනගනිව් යැයි රජුට ප්‍රත්‍යක්‍ෂව ඒ බව මෙසේ කීය.

“පඤ‍්චාල පච‍්චුග‍්ගත සූරසෙන, මච‍්ඡා ච මද‍්දා සහ කෙකකෙභි; පස‍්සන‍්තු නොතෙ අසඨෙන යුද‍්ධං, න නො සභායං න කරොන‍්ති කිඤ‍්චී”ති.

සුප්‍රකට පංචාල රජ ද සූරසේන රජ ද මච්ඡ රජ ද කේකක ජනපදයේ රජු සමග මදුරට රජු ද යන අය අපේ මේ තරගය කපටිබවින් තොරව බලත්වා. සභායෙහි කිසි සහායයක් නොකරන්නේ නොවේ.

තත්‍ථ පච‍්චුග‍්ගතාති උග‍්ගතත‍්තා පඤ‍්ඤාතත‍්තා පාකටත‍්තා පඤ‍්චාලරාජානමෙවාලපති. මච‍්ඡා චාති ත්‍වඤ‍්ච, සම‍්ම මච‍්ඡරාජ. මද‍්දාති මද‍්දරාජ. සහ කෙකකෙභීති කෙකකෙභිනාමෙන ජනපදෙන සහ වත‍්තමානකෙකකෙභිරාජ, ත්‍වඤ‍්ච. අථ වා සහසද‍්දං “කෙකකෙභී”ති පදස‍්ස පච‍්ඡතො ඨපෙත්‍වා පච‍්චුග‍්ගතසද‍්දඤ‍්ච සූරසෙනවිසෙසනං කත්‍වා පඤ‍්චාලපච‍්චුග‍්ගතසූරසෙන මච‍්ඡා ච මද‍්දා ච කෙකකෙභි සහ සෙසරාජානො චාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. පස‍්සන‍්තු නොතෙති අම‍්හාකං ද‍්වින‍්නං එතෙ රාජානො අසඨෙන අක‍්ඛයුද‍්ධං පස‍්සන‍්තු. න නො සභායං න කරොන‍්ති කිඤ‍්චීති එත්‍ථ නොති නිපාතමත‍්තං, සභායං කිඤ‍්චි සක‍්ඛිං න න කරොන‍්ති, ඛත‍්තියෙපි බ්‍රාහ‍්මණෙපි කරොන‍්තියෙව, තස‍්මා සචෙ කිඤ‍්චි අකාරණං උප‍්පජ‍්ජති, “න නො සුතං, න නො දිට‍්ඨ”න‍්ති වත‍්තුං න ලභිස‍්සථ, අප‍්පමත‍්තා හොථාති.

එහි පච්චුග්ගතා මතු වූ නිසාවෙන් පෙනෙන නිසාවෙන් ප්‍රකට බැවින් පංචාල රජුටම ආමන්ත්‍රණය කරයි. මච්ඡා ච ඔබද යහළුව මච්ඡක රටේ රජ. මද්දා යනු මදුරටේ රජු. සහකෙකකෙහි කෙක නම් ජනපදය සමග පවත්නා කේතරාජ, නුඹද නොඑසේ නම් ශබ්දය සමග කෙකක යන පදයට පසුවට තබා ඉදිරියට ගියේය යන ශබ්දයද සූරසේන යන්නට විශේෂණ කොට පංචාල පච්චුග්ගත. සූරසේන මච්ඡ රට මද්දකෙකයන් සමග අනිකුත් රජවරු යනුවෙන් මෙහි අර්ථ ගැනේයැයි දතයුතුයි. පස්සන්තුනොතෙ මේ රජවරු අප දෙදෙනාගේ සූදු තරගය කපටිබවෙන් තොරව බලත්වා. නහො සහායං න කරොති කිච්චි යන මෙහි නො යනු නිපාත මාත්‍රයකි. සභාවෙහි කිසිවෙක් සාක්‍ෂ්‍ය නොවේ. ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද කරත්මය. ඒ නිසා ඉදින් කිසියම් අකටයුත්තක් හටගනීද අපට ඇසුනේ නැත. අප දුටුවේ නැත කියා කියන්නට නොලබව්. අප්‍රමාදී වව්.

එවං යක‍්ඛසෙනාපති රාජානො සක‍්ඛිං අකාසි. රාජාපි එකසතරාජපරිවුතො පුණ‍්ණකං ගහෙත්‍වා ජූතසාලං පාවිසි. සබ‍්බෙපි පතිරූපාසනෙසු නිසීදිංසු, රජතඵලකෙ සුවණ‍්ණපාසකෙ ඨපයිංසු. පුණ‍්ණකො තුරිතතුරිතො ආහ “මහාරාජ, පාසකෙසු ආයා නාම මාලිකං සාවට‍්ටං බහුලං සන‍්තිභද්‍රාදයො චතුවීසති, තෙසු තුම‍්හෙ අත‍්තනො රුච‍්චනකං ආයං ගණ‍්හථා”ති. රාජා “සාධූ”ති බහුලං ගණ‍්හි. පුණ‍්ණකො සාවට‍්ටං ගණ‍්හි. අථ නං රාජා ආහ “තෙන හි තාව මාණව, පාසකෙ පාතෙහී”ති. “මහාරාජ, පඨමං මම වාරො න පාපුණාති, තුම‍්හෙ පාතෙථා”ති වුත‍්තෙ රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. තස‍්ස පන තතියෙ අත‍්තභාවෙ මාතුභූතපුබ‍්බා ආරක‍්ඛදෙවතා, තස‍්සා ආනුභාවෙන රාජා ජූතෙ ජිනාති. සා තස‍්ස අවිදූරෙ ඨිතා අහොසි. රාජා දෙවධීතරං අනුස‍්සරිත්‍වා ජූතගීතං ගායන‍්තො ඉමා ගාථා ආහ –

යක්‍ෂ සේනාපතියා රජුට විශ්වාසවන්ත කළේය. ඉක්බිති රජතුමා එක්සියයක් රජුන් පිරිවරා පුණ්ණකට ගෙන සූදු ශාලාවට පිවිසියේය. සියල්ලෝ සුදුසු ආසනවල හිඳගත්හ. රිදී තහඩු රන් දාදුකැට තැබවූහ. පුණ්ණක තෙමේ කලබලව මහරජතුමනි, දාදු කැට අතර මාලික, සාවට, බහුල, භද්‍ර ආදී විසිහතරක් ඇත. ඒවා අතර ඔබ තමාට කැමැති දාදුවක් ගන්නයැයි කීය. රජු යහපතැයි බහුල නම් වූව ගත්තේය. පූර්ණක තෙමේ සාවට නම් වූම ගත්තේය. ඉක්බිති ඔහුට රජු මෙසේ කීය. එසේනම් මානවකය, දාදු දමන්න. මහරජ, මට පළමුවාරය නොලැබේ. ඔබ දමන්න. රජු යහපතැයි පිළිගත්තේය. ඔහුගේ වනාහි තුන්වන ආත්මභාවයේදී මව වූ ආරක්‍ෂක දේවතිවායක් ඇගේ ආනුභාවයෙන් රජු සූදුවෙහි දිනයි. ඇය නුදුරෙහි සිටියාය. රජු දෙවියන් සිහිකොට සූදුවේ ගීතය ගයා දාදුකැට අතට ගෙන අහසට දැම්මේය.

“සබ‍්බා නදී වඞ‍්කගතී, සබ‍්බෙ කට‍්ඨමයා වනා; සබ‍්බිත්‍ථියො කරෙ පාපං, ලභමානෙ නිවාතකෙ. (ජා· 2.21.308);

[missing trans]

“අථ පස‍්සතු මං අම‍්ම, විජයං මෙ පදිස‍්සතු; අනුකම‍්පාහි මෙ අම‍්ම, මහන‍්තං ජයමෙස‍්සතු.

[missing trans]

“දෙවතෙ ත්‍වජ‍්ජ රක‍්ඛ දෙවි, පස‍්ස මා මං විභාවෙය්‍ය; අනුකම‍්පකා පතිට‍්ඨා ච, පස‍්ස භද්‍රානි රක‍්ඛිතුං.

[missing trans]

“ජම‍්බොනදමයං පාසං, චතුරංසමට‍්ඨඞ‍්ගුලි; විභාති පරිසමජ‍්ඣෙ, සබ‍්බකාමදදො භව.

[missing trans]

“දෙවතෙ මෙ ජයං දෙහි, පස‍්ස මං අප‍්පභාගිනං; මාතානුකම‍්පකො පොසො, සදා භද්‍රානි පස‍්සති.

[missing trans]

“අට‍්ඨකං මාලිකං වුත‍්තං, සාවට‍්ටඤ‍්ච ඡකං මතං; චතුක‍්කං බහුලං ඤෙය්‍යං, ද‍්විබින්‍දුසන‍්තිභද්‍රකං; චතුවීසති ආයා ච, මුනින්‍දෙන පකාසිතා”ති.

[missing trans]

රාජා එවං ජූතගීතං ගායිත්‍වා පාසකෙ හත්‍ථෙන පරිවත‍්තෙත්‍වා ආකාසෙ ඛිපි. පුණ‍්ණකස‍්ස ආනුභාවෙන පාසකා රඤ‍්ඤො පරාජයාය භස‍්සන‍්ති. රාජා ජූතසිප‍්පම‍්හි අතිකුසලතාය පාසකෙ අත‍්තනො පරාජයාය භස‍්සන‍්තෙ ඤත්‍වා ආකාසෙයෙව සඞ‍්කඩ‍්ඪන‍්තො ගහෙත්‍වා පුන ආකාසෙ ඛිපි. දුතියම‍්පි අත‍්තනො පරාජයාය භස‍්සන‍්තෙ ඤත්‍වා තථෙව අග‍්ගහෙසි. තතො පුණ‍්ණකො චින‍්තෙසි “අයං රාජා මාදිසෙන යක‍්ඛෙන සද‍්ධිං ජූතං කීළන‍්තො භස‍්සමානෙ පාසකෙ සඞ‍්කඩ‍්ඪිත්‍වා ගණ‍්හාති, කිං නු ඛො කාරණ”න‍්ති. සො ඔලොකෙන‍්තො තස‍්ස ආරක‍්ඛදෙවතාය ආනුභාවං ඤත්‍වා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා කුද‍්ධො විය නං ඔලොකෙසි. සා භීතතසිතා පලායිත්‍වා චක‍්කවාළපබ‍්බතමත්‍ථකං පත්‍වා කම‍්පමානා ඔලොකෙත්‍වා අට‍්ඨාසි. රාජා තතියම‍්පි පාසකෙ ඛිපිත්‍වා අත‍්තනො පරාජයාය භස‍්සන‍්තෙ ඤත්‍වාපි පුණ‍්ණකස‍්සානුභාවෙන හත්‍ථං පසාරෙත්‍වා ගණ‍්හිතුං නාසක‍්ඛි. තෙ රඤ‍්ඤො පරාජයාය පතිංසු. අථස‍්ස පරාජිතභාවං ඤත්‍වා පුණ‍්ණකො අප‍්ඵොටෙත්‍වා මහන‍්තෙන සද‍්දෙන “ජිතං මෙ”ති තික‍්ඛත‍්තුං සීහනාදං නදි. සො සද‍්දො සකලජම‍්බුදීපං ඵරි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

පූර්ණකගේ ආනුභාවයෙන් දාදු කැට රජුට පරාජය වන පරිදි පහතට වැටේ. රජතෙමේ සූදු ක්‍රීඩාවේ අතිදක්‍ෂ බැවින් දාදු තමාගේ පරාජය පිණිස පහත වැටෙන බව දැනගෙන උඩදීම එකතුකර නැවත උඩට වීසි කළේය. දෙවෙනිවරද තමාගේ පරාජය සඳහා පහතට වැටෙන බව දැනගෙන එසේම අල්ලා ගත්තේය. ඉක්බිති පූර්ණක මෙසේ සිතීය. මේ රජු මා වැනි යක්‍ෂයකු සමග සූදු ක්‍රීඩා කරන්නේ පහතට වැටෙන දාදුකැට උඩදීම අල්ලා ගනී. කුමක් නිසාද? හෙතෙම ඔහුගේ ආරක්‍ෂක දේවතාවාගේ ආනුභාවය දැනගෙන ඇස් හකුළුවාගෙන කිපුණාක් මෙන් ඔහු දෙස බැලීය. ඇය බිය වූවා පැනගොස් සක්වල මස්තකයට පැමිණ වෙවුලමින් සිටියාය. රජතුමා තුන්වන වරද දාදු කැට දමා තමාගේ පරාජය පිණිස වැටෙන බව දැනගෙනද පූර්ණකගේ බලයෙන් අත දිගුකර අල්ලා ගැනීමට අසමත් විය. ඒවා රජුගේ පරාජය පිණිස වැටුනේය. ඉක්බිති ඔහුගේ පරාජිත බව දැනගෙන අත්පොළසන් දී මහා හඬින් මා දිනුවා - මා දිනුවා යැයි තුන්වරක් හඬනැගීය. ඒ ශබ්දය මුළු දඹදිව පුරා පැතිර ගියේය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“තෙ පාවිසුං අක‍්ඛමදෙන මත‍්තා, රාජා කුරූනං පුණ‍්ණකො චාපි යක‍්ඛො; රාජා කලිං විච‍්චිනමග‍්ගහෙසි, කටං අග‍්ගහී පුණ‍්ණකො නාම යක‍්ඛො.

කුරුරට වැසියන්ගේ රජතුමාද පූර්ණක යක්‍ෂයාද දාදු ක්‍රීඩාවෙන් මත්ව ක්‍රීඩාශාලාවට පැමිණියහ. රජතෙම සූවිසි අයස්ථාන සොයමින් පරාජය වන පිළ තෝරාගත්තේය. යක්‍ෂයා ජයග්‍රහණය කරන පිළ තෝරා ගත්තේය.

“තෙ තත්‍ථ ජූතෙ උභයෙ සමාගතෙ, රඤ‍්ඤං සකාසෙ සඛීනඤ‍්ච මජ‍්ඣෙ; අජෙසි යක‍්ඛො නරවීරසෙට‍්ඨං, තත්‍ථප‍්පනාදො තුමුලො බභූවා”ති.

ඔව්හු දෙදෙන ක්‍රීඩා ශාලාවෙහි දූකෙළි කෙළියහ. රජුන් සමීපයෙහිත් මිතුරන් මැද්දෙහිත් නරවීර වූ ශ්‍රේෂ්ඨ වූ රජු පරදවා යක්‍ෂයා දිනුවේය. එහිදී මම දිනීමියි විශාල ඝෝෂාවක් විය.

තත්‍ථ පාවිසුන‍්ති ජූතසාලං පවිසිංසු. විච‍්චිනන‍්ති රාජා චතුවීසතියා ආයෙසු විචිනන‍්තො කලිං පරාජයග‍්ගාහං අග‍්ගහෙසි. කටං අග‍්ගහීති පුණ‍්ණකො නාම යක‍්ඛො ජයග‍්ගාහං ගණ‍්හි. තෙ තත්‍ථ ජූතෙ උභයෙ සමාගතෙති තෙ තත්‍ථ ජූතෙ සමාගතා උභො ජූතං කීළිංසූති අත්‍ථො. රඤ‍්ඤන‍්ති අථ තෙසං එකසතරාජූනං සකාසෙ අවසෙසානඤ‍්ච සඛීනං මජ‍්ඣෙ සො යක‍්ඛො නරවීරසෙට‍්ඨං රාජානං අජෙසි. තත්‍ථප‍්පනාදො තුමුලො බභූවාති තස‍්මිං ජූතමණ‍්ඩලෙ “රඤ‍්ඤො පරාජිතභාවං ජානාථ, ජිතං මෙ, ජිතං මෙ”ති මහන‍්තො සද‍්දො අහොසි.

එහි පාවිසුං යනු සූදුහළට පිවිසුනාහ. විචිනන්ති රජතෙමේ විසිහතරක් අයකැටවලින් පරාජය ගෙනෙන දාදුව ගත්තේය. කටමග්ගහී යනු පූර්ණක නම් යක්‍ෂයා දිනන දාදුව ගත්තේය. තෙ තත්‍ථ ජූතෙ උභයො සමාගතෙ ඔව්හු එහි සූදුශාලාවේ සූදු ක්‍රීඩකයන් එක්රැස් වූ කල්හි දෙදෙනාම සූදු ක්‍රීඩා කළහ යන අර්ථයි. රඤ්ඤං යනු ඉක්බිති එක්සියයක් රජවරුන්ගේ ඉදිරියෙහි ද ඉතිරි මිත්‍රයන්ගේ මැද ඒ යක්‍ෂයා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ රජුව පරාජය කළේය. තත්‍ථප්පනාදො තුමුලො බභූව යනු ඒ සූදු මණ්ඩලයෙහිදී රජු පරාජය වූ බව දැනගනිව්. ජය මටය. යන මහත් ශබ්දයක් විය.

රාජා පරාජිතො අනත‍්තමනො අහොසි. අථ නං සමස‍්සාසෙන‍්තො පුණ‍්ණකො ගාථමාහ –

රජු පරාජයට පත්වූයේ අසතුටු සිත් ඇත්තේ විය. ඉක්බිති ඔහුව අස්වසමින් පූර්ණක තෙමේ මේ ගාථාව කීය.

“ජයො මහාරාජ පරාජයො ච, ආයූහතං අඤ‍්ඤතරස‍්ස හොති; ජනින්‍ද ජීනොසි වරද‍්ධනෙන, ජිතො ච මෙ ඛිප‍්පමවාකරොහී”ති.

රජතුමනි, ජය හෝ පරාජය උත්සාහ ගන්නා අය අතුරෙන් එක් අයෙකුට හිමි වෙයි. රජතුමනි! උත්තම ධනයෙන් පිරිහී ගියෙහිය. මා විසින් ඔබව පරාජය කළෙමි. වහා මට දිනුම දෙන්න.

තත්‍ථ ආයූහතන‍්ති ද‍්වින‍්නං වායාමමානානං අඤ‍්ඤතරස‍්ස එව හොති, තස‍්මා “පරාජිතොම‍්හී”ති මා චින‍්තයි. ජීනොසීති පරිහීනොසි. වරද‍්ධනෙනාති පරමධනෙන. ඛිප‍්පමවාකරොහීති ඛිප‍්පං මෙ ජයං ධනං දෙහීති.

එහි ආයූහනං යනු උත්සාහ කරන දෙන්නා අතුරින් එක් අයකුට ජය වන්නේය. ඒ නිසා පරාජය වූයෙමියි නොසිතන්න. ජිනොසි පැරදුනේ වන්නෙහිය. වරං ධනෙන උතුම් ධනයෙන් ඛිප්පමවාකරොහි වහා මට ජයග්‍රහණය දෙන්න.

අථ නං රාජා “ගණ‍්හ, තාතා”ති වදන‍්තො ගාථමාහ –

ඉක්බිති ඔහුට රජු මෙය ගනුවයි කියමින් මේ ගාථාව කීය.

“හත්‍ථී ගවාස‍්සා මණිකුණ‍්ඩලා ච, යඤ‍්චාපි මය‍්හං රතනං පථබ්‍යා; ගණ‍්හාහි කච‍්චාන වරං ධනානං, ආදාය යෙනිච‍්ඡසි තෙන ගච‍්ඡා”ති.

ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද පොළොවෙහි මා සතු යම් රත්න සමූහයක් වේද, කාත්‍යායනය ඒ ධනය අතුරින් උතුම් ධනයක් ගන්න. රැගෙන කැමැති දිශාවකින් යන්න.

පුණ‍්ණකො ආහ –

පුර්ණක මෙසේ කීය;

“හත්‍ථී ගවාස‍්සා මණිකුණ‍්ඩලා ච, යඤ‍්චාපි තුය‍්හං රතනං පථබ්‍යා; තෙසං වරො විධුරො නාම කත‍්තා, සො මෙ ජිතො තං මෙ අවාකරොහී”ති.

ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද මේ පොළවෙහි තොප සතු යම් රුවන් සමූහයක් වේද ඒ වස්තු අතුරින් විධුර නම් වූ ඇමැතියා ඉතා උතුම්ය. හේ මා විසින් දිනන ලද. ඔහු මට පරදුකොට දෙව.

තත්‍ථ සො මෙ ජිතො තං මෙති මයා හි තව විජිතෙ උත‍්තමං රතනං ජිතං, සො ච සබ‍්බරතනානං වරො විධුරො, තස‍්මා, දෙව, සො මයා ජිතො නාම හොති, තං මෙ දෙහීති.

එහි සො මෙ ජිතො මා විසින් වනාහි ඔබගේ රාජ්‍යයෙහි උතුම් මාණික්‍යය දිනන ලදී. ඔහුද සියළු රත්නයන් අතරින් උතුම්ය. ඒ නිසා මා විසින් ඔහුව දිනන ලද්දේ නම් වන්නේය. ඔහුව මට දෙන්න.

රාජා ආහ –

රජ තෙමේ කීය;

“අත‍්තා ච මෙ සො සරණං ගතී ච, දීපො ච ලෙණො ච පරායණො ච; අසන‍්තුලෙය්‍යො මම සො ධනෙන, පාණෙන මෙ සාදිසො එස කත‍්තා”ති.

හේ මාගේ පණ ද පිහිට ද ගතිය ද පිහිටදෙන ස්ථානය ද ආරක්‍ෂා ස්ථානයද ඉතා උතුම් පිහිටවන ස්ථානයද වෙයි. හේ මාගේ ධනයට සමකළ නොහැක. තෙල විධුර ඇමැති මාගේ පණ හා සමවෙයි.

තත්‍ථ අත‍්තා ච මෙ සොති සො මය‍්හං අත‍්තා ච, මයා ච “අත‍්තානං ඨපෙත්‍වා සෙසං දස‍්සාමී”ති වුත‍්තං, තස‍්මා තං මා ගණ‍්හි. න කෙවලඤ‍්ච අත‍්තාව , අථ ඛො මෙ සො සරණඤ‍්ච ගති ච දීපො ච ලෙණො ච පරායණො ච. අසන‍්තුලෙය්‍යො මම සො ධනෙනාති සත‍්තවිධෙන රතනෙන සද‍්ධිං න තුලෙතබ‍්බොති.

එහි අත්තා ච මෙසො ඔහු වනාහි මගේ ආත්මයයි. මා විසින් ද තමා හැර ඉතිරිය දෙමියි කියන ලදී. ඒ නිසා ඔහුව නොගනුව. හුදෙක් ආත්මයම නොවේ. ඉක්බිති වනාහි මට පිහිටද, මට පහනද ආරක්‍ෂාවද පිහිටද වෙයි. අසන්තුලෙය්‍යො මම සො ධනෙන සත්වැදෑරුම් මාණික්‍ය ධනයෙන් හා සමානකළ යුතු නැත.

පුණ‍්ණකො ආහ –

පූර්ණක මෙසේ කීය;

“චිරං විවාදො මම තුය‍්හඤ‍්චස‍්ස, කාමඤ‍්ච පුච‍්ඡාම තමෙව ගන‍්ත්‍වා; එසොව නො විවරතු එතමත්‍ථං, යං වක‍්ඛතී හොතු කථා උභින‍්න”න‍්ති.

මාගේ ද තොපගේ ද විවාදය බොහෝකල් පවත්නේය. එහෙයින් ඔබ වෙත ගොස් විචාරමු. තෙල තැනැත්තේම මේ කරුණු අපට ප්‍රකාශ කෙරේවා. හේ යමක් කියාද එය අප දෙදෙනාට ප්‍රමාණ වේවා.

තත්‍ථ විවරතු එතමත්‍ථන‍්ති “සො තව අත‍්තා වා න වා”ති එතමත්‍ථං එසොව පකාසෙතු. හොතු කථා උභින‍්නන‍්ති යං සො වක‍්ඛති, සායෙව නො උභින‍්නං කථා හොතු, තං පමාණං හොතූති අත්‍ථො.

එහි විවරතු එකමත්‍ථං යනු හෙතෙම ඔබගේ ආත්මය ද නොවේද යන කාරණය මොහුට ප්‍රකාශ කෙරේවා. හොතු තථා උභින්නං ඔහු යමක් කියාද එය අප දෙදෙනාගේ කථාව වේවා. ඒ ප්‍රමාණය වේවා යන අර්ථයි.

රාජා ආහ –

රජ කීය;

“අද‍්ධා හි සච‍්චං භණසි, න ච මාණව සාහසං; තමෙව ගන‍්ත්‍වා පුච‍්ඡාම, තෙන තුස‍්සාමුභො ජනා”ති.

මාණවකය! ඒකාන්තයෙන් තොප කියන්නේ සත්‍යයකි. සාහසික නොවෙයි. ඔහු වෙතට ගොස් අසමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනාම සතුටු වෙමු.

තත්‍ථ න ච මාණව සාහසන‍්ති මය‍්හං පසය‍්හ සාහසිකවචනං න ච භණසි.

එහි න ච මාණව සාහසං බලහත්කාරයෙන් සාහසික වූ වචනයක් නොකියන්න.

එවං වත්‍වා රාජා එකසතරාජානො පුණ‍්ණකඤ‍්ච ගහෙත්‍වා තුට‍්ඨමානසො වෙගෙන ධම‍්මසභං අගමාසි. පණ‍්ඩිතොපි ආසනා ඔරුය‍්හ රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ පුණ‍්ණකො මහාසත‍්තං ආමන‍්තෙත්‍වා “පණ‍්ඩිත, ‘ත්‍වං ධම‍්මෙ ඨිතො ජීවිතහෙතුපි මුසාවාදං න භණසී’ති කිත‍්තිසද‍්දො තෙ සකලලොකෙ ඵුටො, අහං පන තෙ අජ‍්ජ ධම‍්මෙ ඨිතභාවං ජානිස‍්සාමී”ති වත්‍වා ගාථමාහ –

මෙසේ කියා රජ තෙමේ එක්සියයක් රජවරු ද පූර්ණකව ද ගෙන සතුටු සිතැතිව වේගයෙන් ධර්මසභාවට ගියේය. පණ්ඩිතයා ආසනයෙන් බැස රජුට වැඳ එකත්පස්ව සිටියේය. ඉක්බිති පූර්ණක තෙමේ මහා සත්ත්වයන් වහන්සේ අමතා පණ්ඩිතය! ඔබ ධර්මයෙහි පිහිටියේ වන්නෙහි. ජීවිත හේතුවෙන්වත් බොරුවක් නොකියන්නේ ය යන කීර්තිය මුළු ලෝකයේම ප්‍රකටය. මම අද ඔබ ධර්මයෙහි පිහිටි බව දැනගන්නෙමියි කියා මේ ගාථාව කීය.

“සච‍්චං නු දෙවා විදහූ කුරූනං, ධම‍්මෙ ඨිතං විධුරං නාමමච‍්චං; දාසොසි රඤ‍්ඤො උද වාසි ඤාති, විධුරොති සඞ‍්ඛා කතමාසි ලොකෙ”ති.

කුරු රටෙහි ධර්මයෙහි පිහිටි විධුර නමැති ඇමැතියෙක් ඇතැයි දෙවියෝ කියති. එය සත්‍යයක්ද? ඔබ රජුගේ දාසයෙක්ද? නැතහොත් ඤාතියෙක්ද? ලෝකයේ විධුර යන ප්‍රඥප්තිය කවරෙක් ද?

තත්‍ථ සච‍්චං නු දෙවා විදහූ කුරූනං, ධම‍්මෙ ඨිතං විධුරං නාමමච‍්චන‍්ති “කුරූනං රට‍්ඨෙ විධුරො නාම අමච‍්චො ධම‍්මෙ ඨිතො ජීවිතහෙතුපි මුසාවාදං න භණතී”ති එවං දෙවා විදහූ විදහන‍්ති කථෙන‍්ති පකාසෙන‍්ති, එවං විදහමානා තෙ දෙවා සච‍්චං නු විදහන‍්ති, උදාහු අභූතවාදායෙවෙතෙති. විධුරොති සඞ‍්ඛා කතමාසි ලොකෙති යා එසා තව “විධුරො”ති ලොකෙ සඞ‍්ඛා පඤ‍්ඤත‍්ති, සා කතමා ආසි, ත්‍වං පකාසෙහි, කිං නු රඤ‍්ඤො දාසො නීචතරජාතිකො, උදාහු සමො වා උත‍්තරිතරො වා ඤාතීති ඉදං තාව මෙ ආචික‍්ඛ, දාසොසි රඤ‍්ඤො, උද වාසි ඤාතීති.

එහි සච්චංනු දෙවා විදහූ කුරූනං ධම්මෙ ඨිතං විධුරං නාමමච්චං. කුරු රටෙහි විධුර නම් ඇමැතියා ධර්මයෙහි පිහිටියේ ජීවිත හේතුවෙන්වත් බොරුවක් නොකියයි යැයි දෙවියෝ විදහු කියත්. එසේ නැත්නම් එය අසත්‍ය කථාවක්ද? විධුරොති සංඛා කතමාසි ලොකෙ යම් මේ ලෝකයෙහි විධුර යන ප්‍රඥප්තිය එය කෙබඳුද? ඔබ එය ප්‍රකාශ කරන්න. කිම රජුගේ දාසයෙක්ද? පහත් ජාති ඇත්තෙක්ද? එසේ නැත්නම් සමාන කෙනෙක්ද ඊට වඩා උත්තරීතර නෑ කෙනෙක්ද? පළමුව මට මෙය කියන්න. රජුගේ දාසයෙක්ද නැත්නම් ඥාතිවරයෙක්ද?

අථ මහාසත‍්තො “අයං මං එවං පුච‍්ඡති, අහං ඛො පනෙතං ‘රඤ‍්ඤො ඤාතී’තිපි ‘රඤ‍්ඤො උත‍්තරිතරො’තිපි ‘රඤ‍්ඤො න කිඤ‍්චි හොමී’තිපි සඤ‍්ඤාපෙතුං සක‍්කොමි, එවං සන‍්තෙපි ඉමස‍්මිං ලොකෙ සච‍්චසමො අවස‍්සයො නාම නත්‍ථි, සච‍්චමෙව කථෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා “මාණව, නෙවාහං රඤ‍්ඤො ඤාති, න උත‍්තරිතරො, චතුන‍්නං පන දාසානං අඤ‍්ඤතරො”ති දස‍්සෙතුං ගාථාද‍්වයමාහ –

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ මෙතෙම මගෙන් මෙසේ විචාරයි. මම වනාහි රජුගේ නෑයෙක් කියා හෝ රජුට වඩා උත්තරීතර කෙනෙක් කියා හෝ රජුගේ කිසිවෙක් නොවේ කියා හෝ යැයි කියන්නට හැක්කෙමි. මේ ලෝකයෙහි සත්‍ය තරම් සහායකයෙක් නැත. සත්‍යයම කිවයුතුයයි සිතා මාණවකය! මම රජුගේ නෑයෙක් නොවේ. උත්තරීතර කෙනෙක් නොවේ. සතර ආකාර දාසයන්ගෙන් එක් කෙනෙකියැයි දක්වන්නට මේ ගාථාව කීය.

“ආමායදාසාපි භවන‍්ති හෙකෙ, ධනෙන කීතාපි භවන‍්ති දාසා; සයම‍්පි හෙකෙ උපයන‍්ති දාසා, භයා පණුන‍්නාපි භවන‍්ති දාසා.

සමහරු ගෙයිදු මෙහෙකාරියගේ කුස උපන් දාසයෝ වෙති. සමහරු මිළදී ගත් අයගේ දාසයෝ වෙති. සමහරු තුමූම දාස බවට පත්වූවාහු වෙති. සමහරු බිය නිසා දාස බවට පත්වූවෝ වෙති.

“එතෙ නරානං චතුරොව දාසා, අද‍්ධා හි යොනිතො අහම‍්පි ජාතො; භවො ච රඤ‍්ඤො අභවො ච රඤ‍්ඤො, දාසාහං දෙවස‍්ස පරම‍්පි ගන‍්ත්‍වා; ධම‍්මෙන මං මාණව තුය‍්හ දජ‍්ජා”ති.

මිනිසුන් අතර දාසයෝ සතර කොටසම වෙත්. ඒකාන්තයෙන් මමද දාසයෝනියෙන් උපන්නෙමි. වැඩද රජුටය. අවැඩද රජුටය. දුරුරටට ගොස් මම දෙවියන්ට දාස වෙමි. මානවකය! රජතුමා දැහැමින් මා තොපට දෙන්නේයැ.

තත්‍ථ ආමායදාසාති දාසියා කුච‍්ඡිම‍්හි ජාතදාසා. සයම‍්පි හෙකෙ උපයන‍්ති දාසාති යෙ කෙචි උපට‍්ඨාකජාතිකා, සබ‍්බෙ තෙ සයං දාසභාවං උපගතා දාසා නාම. භයා පණුන‍්නාති රාජභයෙන වා චොරභයෙන වා අත‍්තනො වසනට‍්ඨානතො පණුන‍්නා කරමරා හුත්‍වා පරවිසයං ගතාපි දාසායෙව නාම. අද‍්ධා හි යොනිතො අහම‍්පි ජාතොති මාණව, එකංසෙනෙව අහම‍්පි චතූසු දාසයොනීසු එකතො සයං දාසයොනිතො නිබ‍්බත‍්තදාසො. භවො ච රඤ‍්ඤො අභවො ච රඤ‍්ඤොති රඤ‍්ඤො වුඩ‍්ඪි වා හොතු අවුඩ‍්ඪි වා, න සක‍්කා මයා මුසා භාසිතුං. පරම‍්පීති දූරං ගන‍්ත්‍වාපි අහං දෙවස‍්ස දාසොයෙව. දජ‍්ජාති මං රාජා ජයධනෙන ඛණ‍්ඩෙත්‍වා තුය‍්හං දෙන‍්තො ධම‍්මෙන සභාවෙන දදෙය්‍යාති.

එහි ආමායදාසා දාසයාගේ බිරිඳගේ කුසෙහි උපන් ජාතදාස. සයම්පි දාසා යම්කිසි උපස්ථායක ජාතික වූ දේ සියල්ලෝම දාසබවට පත්වූවාහු දාසයෝ නම් වෙත්. භයා පණුන්නා යනු රාජභයෙන්, සොරබියෙන් හෝ තමන් වසන තැනින් නික්මගොස් අන්තැනකට ගියාහුද දාසයෝ වෙත්. අද්ධා හි යොනිතො අහම්පිදාසො මානවය, ඒකාන්තයෙන් මමද සිව්ආකාර දාසයෝනි අතරින් එකකින් තමා දාසයෝනියෙන් උපන් දාසයෙක්. භවොච රඤ්ඤො රජුට වැඩක් හෝ වේවා. අවැඩක් හෝ වේවා. මා විසින් බොරුවක් කියන්නට නොහැක. පරම්පි දුරට ගොස් ද මම දේවයන්ගේ දාසයෙක් වෙමි. දජ්ජා රජතෙමේ මා ජය ධනයෙන් කඩකර ඔබට දෙන්නේ දැහැමින් සෙමෙන් යන ස්වභාවයෙන්ම දෙනු ලබන්නේය.

තං සුත්‍වා පුණ‍්ණකො හට‍්ඨතුට‍්ඨො පුන අප‍්ඵොටෙත්‍වා ගාථමාහ –

ඒ අසා පූර්ණක තෙමේ සතුටු සිතැත්තේ නැවත අපොළා මේ ගාථාව කීය.

“අයං දුතීයො විජයො මමජ‍්ජ, පුට‍්ඨො හි කත‍්තා විවරෙත්‍ථ පඤ‍්හං; අධම‍්මරූපො වත රාජසෙට‍්ඨො, සුභාසිතං නානුජානාසි මය‍්හ”න‍්ති.

පූර්ණක! අද මේ මාගේ දෙවන ජයග්‍රහණයයි. විචාරණ ලද ඇමැතියා මෙම පැනය විසඳීය. රජතුමා ඒකාන්තයෙන් අධර්ම ස්වභාව ඇත්තේය. විධුර පඬිතුමන්ගේ සුභාෂිතය මට අනුදන්නේ නොවේ.

තත්‍ථ රාජසෙට‍්ඨොති අයං රාජසෙට‍්ඨො අධම‍්මරූපො වත. සුභාසිතන‍්ති විධුරපණ‍්ඩිතෙන සුකථිතං සුවිනිච‍්ඡිතං. නානුජානාසි මය‍්හන‍්ති ඉදානෙතං විධුරපණ‍්ඩිතං මය‍්හං කස‍්මා නානුජානාසි, කිමත්‍ථං න දෙසීති වදති.

එහි රාජසෙට්ඨො යනු මේ රාජ ශ්‍රේෂ්ඨයා අධම ස්වභාව ඇත්තේ වෙයි. සුභාසිතං විධුර පණ්ඩිතයන් විසින් මනාව කියන ලදී. ස්ථිරවම නානුජානාසිමය්හං දැන් මේ විධුර පඬිතුමාව කුමක් නිසා මට අනුදන්නේ නැද්ද කුමක් නිසා නොදෙන්නෙහි ද කියයි.

තං සුත්‍වා රාජා අනත‍්තමනො හුත්‍වා “පණ‍්ඩිතො මාදිසං යසදායකං අනොලොකෙත්‍වා ඉදානි දිට‍්ඨං මාණවකං ඔලොකෙතී”ති මහාසත‍්තස‍්ස කුජ‍්ඣිත්‍වා “මාණව, සචෙ සො දාසො මෙ භවෙය්‍ය, තං ගහෙත්‍වා ගච‍්ඡා”ති වත්‍වා ගාථමාහ –

ඒ අසා රජතුමා මෙසේ සිතීය. පණ්ඩිතයා මා වැනි සැප දායකයකු නොබලා දැන් දකින ලද මානවයාව බලන්නෙහි යයි මහා සත්ත්වයන්ට කිපී ඉදින් දාසයාට ගෙන යන්නයැයි කියා මේ ගාථාව කීය.

“එවං චෙ නො සො විවරෙත්‍ථ පඤ‍්හං, දාසොහමස‍්මි න ච ඛොස‍්මි ඤාති; ගණ‍්හාහි කච‍්චාන වරං ධනානං, ආදාය යෙනිච‍්ඡසි තෙන ගච‍්ඡා”ති.

මම දාසයෙක් වෙමි. නෑයෙක් නොවෙමි. මෙසේ අපගේ පැනය විසඳුවේ නම් මාණවකය, ධන අතුරෙන් උතුම්ම ධනය වූ මොහු ගෙන කැමැති දිසාවකින් යවයි කීය.

තත්‍ථ එවං චෙ නො සො විවරෙත්‍ථ පඤ‍්හන‍්ති සචෙ සො අම‍්හාකං පඤ‍්හං “දාසොහමස‍්මි, න ච ඛොස‍්මි ඤාතී”ති එවං විවරි එත්‍ථ පරිසමණ‍්ඩලෙ, අථ කිං අච‍්ඡසි, සකලලොකෙ ධනානං වරං එතං ගණ‍්හ, ගහෙත්‍වා ච පන යෙන ඉච‍්ඡසි, තෙන ගච‍්ඡාති.

[missing trans]

අක‍්ඛකණ‍්ඩං නිට‍්ඨිතං.

ද්‍යූත (සුදු) කාණ්ඩය නිමි.