ඝරාවාසපඤ්හා අට්ඨකථා
ඝරාවාසපඤ්හා
ගිහිගෙයි වාසය පිළිබඳ ප්රශ්නය
එවඤ්ච පන වත්වා රාජා චින්තෙසි “පණ්ඩිතං ගහෙත්වා මාණවො යථාරුචි ගමිස්සති, තස්ස ගතකාලතො පට්ඨාය මය්හං මධුරධම්මකථා දුල්ලභා භවිස්සති, යංනූනාහං ඉමං අත්තනො ඨානෙ ඨපෙත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදපෙත්වා ඝරාවාසපඤ්හං පුච්ඡෙය්ය”න්ති. අථ නං රාජා එවමාහ “පණ්ඩිත, තුම්හාකං ගතකාලෙ මම මධුරධම්මකථා දුල්ලභා භවිස්සති, අලඞ්කතධම්මාසනෙ නිසීදාපෙත්වා අත්තනො ඨානෙ ඨත්වා මය්හං ඝරාවාසපඤ්හං කථෙථා”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා රඤ්ඤා පඤ්හං පුට්ඨො විස්සජ්ජෙසි. තත්රායං පඤ්හො –
මෙසේද කියා වනාහි රජු මෙසේ සිතීය. මේ මාණවකයා පණ්ඩිතයාව ගෙන රිසිසේ යන්නේද ඔහු ගිය කාලයේ පටන් මට මිහිරි වූ ධර්මකථා දුලබ වන්නේය. ඉදින් මට මොහුව එම ස්ථානයේ තබා ගිහිගෙයි වාසය පිළිබඳ ප්‍රශ්නයක් අසන්න. ඉක්බිති ඔහුට මෙසේ කීය. පණ්ඩිතය! ඔබ මෙයින් ගිය කල්හි මා හට මිහිරි ධර්මකථා දුලබ වන්නේය. අලංකාර කරන ලද ධර්මාසනයේ හිඳ තමන්ගේ තැන සිට මාහට ඝරාවාස ප්රශ්නය කියන්න. හෙතෙම යහපතැයි පිළිතුරු දී සරසන ලද ධර්මාසනයේ වාඩිවී රජු විසින් විචාරණ ලද ප්රශ්නය විසඳීය. ඒ ප්රශ්නය මෙසේය.
“විධුර වසමානස්ස, ගහට්ඨස්ස සකං ඝරං; ඛෙමා වුත්ති කථං අස්ස, කථං නු අස්ස සඞ්ගහො.
විධුර පණ්ඩිතයෙනි, සිය නිවසෙහි වසන ගිහියාට තම ආරක්ෂාව කෙසේ වන්නේ ද? චතුර්විධ සංග්‍රහය කෙසේ වන්නේද?
“අබ්‍යාබජ්ඣං කථං අස්ස, සච්චවාදී ච මාණවො; අස්මා ලොකා පරං ලොකං, කථං පෙච්ච න සොචතී”ති.
කෙසේ නිදුක් වේද? කෙසේ සත්‍යවාදී වේද? කෙසේ මෙලොවින් පරලොව ගොස් ශෝක නොකරන්නේද?
තත්ථ ඛෙමා වුත්ති කථං අස්සාති කථං ඝරාවාසං වසන්තස්ස ගහට්ඨස්ස ඛෙමා නිබ්භයා වුත්ති භවෙය්ය. කථං නු අස්ස සඞ්ගහොති චතුබ්බිධො සඞ්ගහවත්ථුසඞ්ඛාතො සඞ්ගහො තස්ස කථං භවෙය්ය. අබ්යාබජ්ඣන්ති නිද්දුක්ඛතා. සච්චවාදී චාති කථං නු මාණවො සච්චවාදී නාම භවෙය්ය. පෙච්චාති පරලොකං ගන්ත්වා.
එහි ඛෙමා වුත්ති කථං අස්ස යනු කෙසේනම් ගිහිගෙයි වසන්නහුට නිර්භය, ආරක්ෂාව වන්නේද? කථංනු අස්ස සංගහො යනු සතරවැදෑරුම් සංග්‍රහ වස්තූන් ඔහුට කෙසේ වන්නේද? අව්යාපජ්ඣං නිදුක් බව. සච්චවාදී ච (මානවකය, කෙසේනම් සත්‍යවාදී බව වන්නේ ද? පෙච්ච යනු පරලොව ගොස්.
තං සුත්වා පණ්ඩිතො රඤ්ඤො පඤ්හං කථෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“තං තත්ථ ගතිමා ධිතිමා, මතිමා අත්ථදස්සිමා; සඞ්ඛාතා සබ්බධම්මානං, විධුරො එතදබ්රවි.
එහි ඤාණ ගති ඇති ධෛර්යය ඇති විපුල ප්‍රඥා ඇති සූක්ෂම අර්ථ දන්නා නුවණ ඇති හැම දහම් පිරිසිඳ දන්නා නුවණ ඇති විධුර පණ්ඩිත තෙමේ රජුට මෙසේ කීය.
“න සාධාරණදාරස්ස, න භුඤ්ජෙ සාදුමෙකකො; න සෙවෙ ලොකායතිකං, නෙතං පඤ්ඤාය වඩ්ඪනං.
අනුන් අයත් බිරියන් හා වැරදි හැසිරීම් නොකටයුතු රසවත් ආහාර තනිව රස නොවිඳිය යුතුය. ඥාන වර්ධනයට හේතු නොවන ලෝකායත ශාස්ත්‍රය සේවනය නොකළ යුතුය.
“සීලවා වත්තසම්පන්නො, අප්පමත්තො විචක්ඛණො; නිවාතවුත්ති අත්ථද්ධො, සුරතො සඛිලො මුදු.
සිල්වත් වීමය. වත්සපන් වීමයි. කුසල් දහම්හි අප්‍රමාද වීමය. තියුණු නුවණැති වීමය. යටත් පැවැත්මය. මසුරු නොවීමය. කීකරු බවය. මිහිරි කථාවය. මොලොක් බවය යන ගති ඇත්තෙක් වන්නේය.
“සඞ්ගහෙතා ච මිත්තානං, සංවිභාගී විධානවා; තප්පෙය්ය අන්නපානෙන, සදා සමණබ්රාහ්මණෙ.
මිතුරන්ට සංග්‍රහ කරන්නේ දුගී මගී ආදීන්ට බෙදා දී වළඳිනුයේ කටයුතු සංවිධාන කරනුයේ හැමකල්හි මහණ බමුණන් ආහාරපානයෙන් සතුටු කරන්නේය.
“ධම්මකාමො සුතාධාරො, භවෙය්ය පරිපුච්ඡකො; සක්කච්චං පයිරුපාසෙය්ය, සීලවන්තෙ බහුස්සුතෙ.
දහමට කැමැත්තය. දැනුම දියුණු කිරීමට මහණ බමුණන්ගෙන් ප්‍රශ්න කිරීමය. සිල්වතුන් හා උගතුන් ගෞරව පූර්වකව ඇසුරු කිරිමය.
“ඝරමාවසමානස්ස, ගහට්ඨස්ස සකං ඝරං; ඛෙමා වුත්ති සියා එවං, එවං නු අස්ස සඞ්ගහො.
සිය නිවසෙහි වෙසෙන ගිහියාගේ ආරක්ෂා සහිත පැවැත්ම මෙසේයැ. ඔහුගේ චතුර්විධ සංග්රහයද මෙසේ වන්නේය.
“අබ්‍යාබජ්ඣං සියා එවං, සච්චවාදී ච මාණවො; අස්මා ලොකා පරං ලොකං, එවං පෙච්ච න සොචතී”ති.
සත්‍යවාදී මානවක තෙමේ මෙසේ පිළිපැදීම නිසා ව්යාබාධා රහිත වන්නේය. මෙලොවින් පරලොවට ගොස් පරලොවදී ශෝක නොකරන්නේය.
තත්ථ තං තත්ථාති භික්ඛවෙ, තං රාජානං තත්ථ ධම්මසභායං ඤාණගතියා ගතිමා, අබ්බොච්ඡින්නවීරියෙන ධිතිමා, භූරිසමාය විපුලාය පඤ්ඤාය මතිමා, සණ්හසුඛුමත්ථදස්සිනා ඤාණෙන අත්ථදස්සිමා, පරිච්ඡින්දිත්වා ජානනඤාණසඞ්ඛාතාය පඤ්ඤාය සබ්බධම්මානං සඞ්ඛාතා, විධුරපණ්ඩිතො එතං “න සාධාරණදාරස්සා”තිආදිවචනං අබ්‍රවි. තත්ථ යො පරෙසං දාරෙසු අපරජ්ඣති , සො සාධාරණදාරො නාම, තාදිසො න අස්ස භවෙය්ය. න භුඤ්ජෙ සාදුමෙකකොති සාදුරසං පණීතභොජනං අඤ්ඤෙසං අදත්වා එකකොව න භුඤ්ජෙය්ය. ලොකායතිකන්ති අනත්ථනිස්සිතං සග්ගමග්ගානං අදායකං අනිය්යානිකං විතණ්ඩසල්ලාපං ලොකායතිකවාදං න සෙවෙය්ය. නෙතං පඤ්ඤාය වඩ්ඪනන්ති න හි එතං ලොකායතිකං පඤ්ඤාය වඩ්ඪනං. සීලවාති අඛණ්ඩෙහි පඤ්චහි සීලෙහි සමන්නාගතො. වත්තසම්පන්නොති ඝරාවාසවත්තෙන වා රාජවත්තෙන වා සමන්නාගතො. අප්පමත්තොති කුසලධම්මෙසු අප්පමත්තො. නිවාතවුත්තීති අතිමානං අකත්වා නීචවුත්ති ඔවාදානුසාසනිපටිච්ඡකො. අත්ථද්ධොති ථද්ධමච්ඡරියවිරහිතො. සුරතොති සොරච්චෙන සමන්නාගතො. සඛිලොති පෙමනීයවචනො. මුදූති කායවාචාචිත්තෙහි අඵරුසො.
එහි තං තත්ථ යනු මහණෙනි, ඔහු ඒ රජුව එහි ධර්ම සභාවෙහි ඤාණ ගතියෙන් ගතිමත් වූ ඔසවන ලද වීර්යයෙන් ධිතිමා නම් වූ මහත් වූ ප්‍රඥාවෙන් මතිමා වූ මෘදුසියුම් අර්ථ දන්නා නුවණින් අත්ථදස්සිමා නම් වූ පිරිසිඳ දැනගන්නා වූ නුවණ නම් වූ ප්‍රඥාවෙන් සියළු ධර්මයන් සංස්කරණය කළා වූ විධුර පණ්ඩිතයා මෙය න සාධාරණදාරස්ස ආදී වචන කීය. එහිදී යමෙක් අනුන්ගේ භාර්යාවන් කෙරෙහි වැරදි ලෙස හැසිරේද ඔහු සාධාරණ ධාරො නම් වේ. එබඳු කෙනෙක් නොවන්නේය. සාදුමෙකතො මහා රසයෙන් යුත් ප්‍රණීත ආහාර අනුන්ට නොදී තනියම අනුභව නොකරන්නේය. ලොකායතිකං අනර්ථයෙන් යුත් ස්වර්ග මාර්ගය ලබා නොදෙන්නා වූ නෛර්යාණික නොවූ පරලොවක් නැත යන විතණ්ඩකථා සල්ලාප ලෝකායතිකවාද සේවනය නොකරන්නේය. නෙකං පඤ්ඤාය වද්ධන්ති මේ ලෝකායත අදහස්වලින් ප්‍රඥාව වර්ධනය වන්නේ නැත. සීලවා අඛණ්ඩ වූ පංචශීලය ඇති. වත්තසම්පණ්ණො ගිහිගෙයි වතාවත්වලින් රජු පිළිබඳ වතාවත්වලින් හෝ යුක්ත වූයේ. අප්පමත්තො කුසල් දහම්හි අප්රමාදී වූ නිවාතවුත්තිං අතිමානය නොකොට යටහත් පැවතුම් ඇති අවවාද අනුශාසනා පිළිගන්නේ අත්ථද්ධො තද වූ මසුරු බවෙන් තොර. සූරතො කීකරු බවෙන් යුත් සඛිලො ප්‍රේමනීය වචනවලින් යුක්ත. මුදු කය, වචනය, සිත යන මේවායේ එරුෂ බව නැති.
සඞ්ගහෙතා ච මිත්තානන්ති කල්යාණමිත්තානං සඞ්ගහකරො. දානාදීසු යො යෙන සඞ්ගහං ඉච්ඡති, තස්ස තෙනෙව සඞ්ගාහකො. සංවිභාගීති ධම්මිකසමණබ්රාහ්මණානඤ්චෙව කපණද්ධිකවණිබ්බකයාචකාදීනඤ්ච සංවිභාගකරො. විධානවාති “ඉමස්මිං කාලෙ කසිතුං වට්ටති, ඉමස්මිං කාලෙ වපිතුං වට්ටතී”ති එවං සබ්බකිච්චෙසු විධානසම්පන්නො. තප්පෙය්යාති ගහිතගහිතභාජනානි පූරෙත්වා දදමානො තප්පෙය්ය. ධම්මකාමොති පවෙණිධම්මම්පි සුචරිතධම්මම්පි කාමයමානො පත්ථයමානො. සුතාධාරොති සුතස්ස ආධාරභූතො. පරිපුච්ඡකොති ධම්මිකසමණබ්රාහ්මණෙ උපසඞ්කමිත්වා “කිං, භන්තෙ, කුසල”න්තිආදිවචනෙහි පරිපුච්ඡනසීලො. සක්කච්චන්ති ගාරවෙන. එවං නු අස්ස සඞ්ගහොති සඞ්ගහොපිස්ස එවං කතො නාම භවෙය්ය. සච්චවාදීති එවං පටිපන්නොයෙව සභාවවාදී නාම සියා.
සංගහෙතාච මිත්තානං මිත්‍ර සංග්‍රහ කරන දානාදියෙහි යමෙක් යමකින් සංග්‍රහයක් බලාපොරොත්තු වේද ඔහුට ඒ දෙයින්ම සංග්‍රහ කරන. සංවිභාගී ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට යදියන්ට පරිත්‍යාග කරන. විධානවා මේ කාලයෙහි සීසෑම කළ යුතුයි. මේ කාලයේ වැපිරිය යුතුය. මෙසේ සියළු කටයුතුවල සංවිධානයේ දක්ෂ වූ තප්පෙය්ය ගන්නා ගන්නා භාජත පුරවා දෙන්නේ තෘප්තියට පත්කරන්නේය. ධම්මාකාමො ප්රවේණි ධර්මයත්, සුවරිත ධර්මයත් කැමැති වන්නේ, පතන්නේ. සූතාධාරො ශ්රැතියට ආධාර වූ. පරිපුච්ඡකො ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ ස්වාමීනි! කෙසේද යනාදී ලෙස අසන ස්වභාව ඇති. සක්කච්චං ගෞරවයෙන්. එවංනු අස්ස සංගහො මෙසේ මොහුට සංග්‍රහ කළා වන්නේය. සච්චවාදී මෙසේ පිළිපන්නේ සත්‍යවාදී නම් විය.
එවං මහාසත්තො රඤ්ඤො ඝරාවාසපඤ්හං කථෙත්වා පල්ලඞ්කා ඔරුය්හ රාජානං වන්දි. රාජාපිස්ස මහාසක්කාරං කත්වා එකසතරාජූහි පරිවුතො අත්තනො නිවෙසනමෙව ගතො.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ රජුට ගිහිගෙයි වාසය පිළිබඳ ප්රශ්නය කියා පලඟින් බැස රජුට වැන්දේය. රජුද ඔහුට බොහෝ සත්කාර කොට එක්සියයක් රජුන් පිරිවරා තමන්ගේ වාසස්ථානයටම ගියේය.
ඝරාවාසපඤ්හා නිට්ඨිතා.
ගිහිගෙයි වාසය පිළිබඳ ප්රශ්නය නිමියේ ය.