ලක්ඛණකණ්ඩං අට්ඨකථා
ලක්ඛණකණ්ඩං
පෙක්ඛණ කාණ්ඩය
මහාසත්තො පන පටිනිවත්තො. අථ නං පුණ්ණකො ආහ –
මහා සත්ත්වයන් වහන්සේ වනාහි නතරවිය. ඉක්බිති ඔහුට පුණ්ණක තෙමේ මෙසේ කීය.
“එහි දානි ගමිස්සාම, දින්නො නො ඉස්සරෙන මෙ; මමෙවත්ථං පටිපජ්ජ, එස ධම්මො සනන්තනො”ති.
ස්වාමියා විසින් තෙපි මට දෙන ලද්දහුය. එව දැන් යමු. මාගේම අභිවෘද්ධිය පතා පිළිපදින්න. මෙය සනාතක ධර්මයෙකි.
තත්ථ දින්නො නොති එත්ථ නොති නිපාතමත්තං, ත්වං ඉස්සරෙන මය්හං දින්නොති අත්ථො. සනන්තනොති මම අත්ථං පටිපජ්ජන්තෙන හි තයා අත්තනො සාමිකස්ස අත්ථො පටිපන්නො හොති. යඤ්චෙතං සාමිකස්ස අත්ථකරණං නාම, එස ධම්මො සනන්තනො පොරාණකපණ්ඩිතානං සභාවොති.
එහි දින්නො තො යන මෙහි නො යනු නිපාත මාත්‍රයකි. ස්වාමියා විසින් මට දෙන ලදී යන අර්ථයි. සනත්තනො මාගේ දියුණුව සඳහා පිළිපදින්නා වූ තා විසින් තම ස්වාමියාගේ දියුණුව සිදුවිය යන අර්ථයි. යම් මේ ස්වාමියාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම නම් වූ මේ ධර්මය සදාකාලික වූවකි. මෙය පෞරාණික පණ්ඩිතයන්ගේ ස්වභාවයයි.
විධුරපණ්ඩිතො ආහ –
විධුර පණ්ඩිත තෙමේ මෙසේ කීය;
“ජානාමි මාණව තයාහමස්මි, දින්නොහමස්මි තව ඉස්සරෙන; තීහඤ්ච තං වාසයෙමු අගාරෙ, යෙනද්ධුනා අනුසාසෙමු පුත්තෙ”ති.
මාණවකය! තා විසින් මා ලබන ලදැයි දනිමි. ස්වාමීන් විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල්යේද එපමණ තුන් දිනක් අපගේ නිවසේ වසමු.
තත්ථ තයාහමස්මීති තයා ලද්ධොහමස්මීති ජානාමි, ලභන්තෙන ච න අඤ්ඤථා ලද්ධො. දින්නොහමස්මි තව ඉස්සරෙනාති මම ඉස්සරෙන රඤ්ඤා අහං තව දින්නො. තීහං චාති මාණව, අහං තව බහූපකාරො, රාජානං අනොලොකෙත්වා සච්චමෙව කථෙසිං, තෙනාහං තයා ලද්ධො, ත්වං මෙ මහන්තගුණභාවං ජානාහි, මයං තීණිපි දිවසානි අත්තනො අගාරෙ වාසෙමු, තස්මා යෙනද්ධුනා යත්තකෙන කාලෙන මයං පුත්තාදාරෙ අනුසාසෙමු, තං කාලං අධිවාසෙහීති.
එහි තයාහමස්මි යනු ඔබ විසින් මම ලබන ලද්දේ වෙමියි දනිමි. ලබන්නහු විසින් වෙන ක්‍රමයකින් නොව මට දෙන ලද්දේ වෙමි. ඔබගේ ස්වාමියා වූත් මාගේ ස්වාමියා වූත් රජු විසින් මම ඔබට දෙන ලද්දේ වෙමි. තීහඤ්ව මාණවකය! මම නුඹට බොහෝ උපකාරි වෙමි. රජුව නොබලා සත්‍යයම කීවෙමි. ඒ නිසා ඔබ විසින් මම ලබන ලද්දේ වෙමි. ඔබ මාගේ මහත් බව දන්නෙහිය. අපි දවස් තුනක් තමන්ගේ ගෙයි වසමු. ඒ නිසා යෙනද්ධුනා යම් පමණ කලකින් අපි අඹුදරුවන් අනුශාසනා කරන්නෙමුද ඒ තාක් කල් ඉවසන්න.
තං සුත්වා පුණ්ණකො “සච්චං පණ්ඩිතො ආහ, බහූපකාරො එස මම, ‘සත්තාහම්පි අඩ්ඪමාසම්පි නිසීදාහී’ති වුත්තෙ අධිවාසෙතබ්බමෙවා”ති චින්තෙත්වා ගාථමාහ –
එය අසා පූර්ණක තෙමේ කීය. පණ්ඩිතයා සත්‍යය කීවේය. මොහු මට බොහෝ උපකාරි වෙයි. මට දවස් හතක් හෝ මාස භාගයක් හෝ කියූ කල්හි ඉවසිය යුතුයැයි සිතා,
“තං මෙ තථා හොතු වසෙමු තීහං, කුරුතං භවජ්ජ ඝරෙසු කිච්චං; අනුසාසතං පුත්තදාරෙ භවජ්ජ, යථා තයී පෙච්ච සුඛී භවෙය්යා”ති.
තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පුණ්‍යවන්ත තෙමේ අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම්ලෙසකින්ද එසේ අනුශාසනා කෙරේවා.
තත්ථ තං මෙති යං ත්වං වදෙසි, සබ්බං තං මම තථා හොතු. භවජ්ජාති භවං අජ්ජ පට්ඨාය තීහං අනුසාසතු. තයී පෙච්චාති යථා තයි ගතෙ පච්ඡා තව පුත්තදාරො සුඛී භවෙය්ය, එවං අනුසාසතු.
එහි තංමෙ ඔබ යමක් කියන්නෙහිද? ඒ සියල්ල මට එසේම වේවා. භවජ්ජා යනු ඔබ අද පටන් දවස් තුනක් අනුශාසනා කෙරේවා. තයි පච්ඡා යම්සේ ඔබ ගිය කල්හි පසුව ඔබගේ අඹුදරුවෝ සුවපත් වන්නාහුද මෙසේ අනුශාසනා කරන්න.
එවං වත්වා පුණ්ණකො මහාසත්තෙන සද්ධිංයෙව තස්ස නිවෙසනං පාවිසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කියා පූර්ණක තෙමේ මහාසත්ත්වයන් වහන්සේ සමග ඔහුගේ නිවෙසට පිවිසියේය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“සාධූති වත්වාන පහූතකාමො, පක්කාමි යක්ඛො විධුරෙන සද්ධිං; තං කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණං, පාවෙක්ඛි අන්තෙපුරමරියසෙට්ඨො”ති.
මහා භෝග ඇති යක්ෂයා යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත්වී ගියේය. උසස් පැවතුම් ඇති යක්ෂයා ඇතුන්ද අසුන්ද හැසිරෙන ඇතුල් නුවරට පිවිසියේය.
තත්ථ පහූතකාමොති මහාභොගො. කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණන්ති කුඤ්ජරෙහි ච ආජඤ්ඤහයෙහි ච අනුචිණ්ණං පරිපුණ්ණං. අරියසෙට්ඨොති ආචාරඅරියෙසු උත්තමො පුණ්ණකො යක්ඛො පණ්ඩිතස්ස අන්තෙපුරං පාවිසි.
එහි පහූතකාමො යනු මහා සම්පත්. කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණං ඇතුන්ගෙන්ද අශ්වයන්ගෙන්ද ගැවසීගත් අරියසෙට්ඨො උසස් පැවතුම් ඇති ශ්‍රේෂ්ඨ වූ පූර්ණක යක්ෂයා ද ඔහුගේ ඇතුල් නුවරට පිවිසියේය.
මහාසත්තස්ස පන තිණ්ණං උතූනං අත්ථාය තයො පාසාදා අහෙසුං. තෙසු එකො කොඤ්චො නාම, එකො මයූරො නාම, එකො පියකෙතො නාම. තෙ සන්ධාය අයං ගාථා වුත්තා –
මහාසත්ත්වයන් වහන්සේට වනාහි තුන් ඍතුන් සඳහා ප්‍රාසාද තුනක් ඇත. ඒවායින් එකක් කොඤ්ච නම් වේ. එකක් මයූර නම් වේ. එකක් පියකෙත නම් වේ. ඒවා ගැන මේ ගාථාව කියන ලදී.
“කොඤ්චං මයූරඤ්ච පියඤ්ච කෙතං, උපාගමී තත්ථ සුරම්මරූපං; පහූතභක්ඛං බහුඅන්නපානං, මසක්කසාරං විය වාසවස්සා”ති.
කොඤ්ච, මයූරය, පියකේත යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙත්. ඒ ප්‍රාසාද අතුරෙන් අතිශය මනෝහර වූ බොහෝ ආහාරපාන ඇත්තා වූ ශක්‍රයාගේ මසක්කසාර භවන වැනි වූ තමාගේ වාසස්ථානයට පැමිණියේය.
තත්ථ තත්ථාති තෙසු තීසු පාසාදෙසු යත්ථ තස්මිං සමයෙ අත්තනා වසති, තං සුරම්මරූපං පාසාදං පුණ්ණකං ආදාය උපාගමි.
එහි තත්ථ යනු ඒ ප්‍රාසාද තුන අතරින් යම්තැනක ඒ කාලයේ තමා වාසය කරන ඒ සුරම්‍ය වූ ප්‍රාසාදයට පූර්ණකව රැගෙන පැමිණියේය.
සො උපගන්ත්වා ච පන අලඞ්කතපාසාදස්ස සත්තමාය භූමියා සයනගබ්භඤ්චෙව මහාතලඤ්ච සජ්ජාපෙත්වා සිරිසයනං පඤ්ඤාපෙත්වා සබ්බං අන්නපානාදිවිධිං උපට්ඨපෙත්වා දෙවකඤ්ඤායො විය පඤ්චසතා ඉත්ථියො “ඉමා තෙ පාදපරිචාරිකා හොන්තු, අනුක්කණ්ඨන්තො ඉධ වසාහී”ති තස්ස නිය්යාදෙත්වා අත්තනො වසනට්ඨානං ගතො. තස්ස ගතකාලෙ තා ඉත්ථියො නානාතූරියානි ගහෙත්වා පුණ්ණකස්ස පරිචරියාය නච්චාදීනි පට්ඨපෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
පැමිණ අලංකාර කළ ප්‍රාසාදයේ සත්වන මහළෙහි නිදන කාමරයද මහා තලයද සූදානම් කර ශ්‍රී යහනාව සූදානම්කර සියළු ආහාරපාන විධීන් පිළියෙල කර දේව කන්‍යාවන් වැනි පන්සියයක් ස්ත්‍රීහු පාදපරිචාරිකාවෝ වෙත්. කලකිරීමත් ඇති නොවී වාසය කරන්න යැයි ඔහුට පවරා දී තමන් වසන ස්ථානයට ගියේය. ඔහු ගිය කල්හි ඒ ස්ත්‍රීහු නොයෙක් තූර්ය භාණ්ඩයක් ගෙන පූර්ණකට සේවාවක් ලෙස නෘත්‍ය ආදිය පැවැත්වූහ. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තත්ථ නච්චන්ති ගායන්ති, අව්හයන්ති වරාවරං; අච්ඡරා විය දෙවෙසු, නාරියො සමලඞ්කතා”ති.
එහි දෙව්ලොව්හි දෙවඟනන් මෙන් සරහන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට තරඟ කරන්නේ.
තත්ථ අව්හයන්ති වරාවරන්ති වරතො වරං නච්චඤ්ච ගීතඤ්ච කරොන්තියො පක්කොසන්ති.
එහි අව්හයන්ති වරාවරං යනු උතුම්. නෘත්‍ය ගීතයන් පවත්වමින් කියත්.
“සමඞ්ගිකත්වා පමදාහි යක්ඛං, අන්නෙන පානෙන ච ධම්මපාලො; අත්ථත්ථමෙවානුවිචින්තයන්තො , පාවෙක්ඛි භරියාය තදා සකාසෙ”ති.
දහම් ගන්නා බෝසත් තෙම එදවසැ යක්ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද යුක්ත කොට ස්වකීය අර්ථයමැ මෙනෙහි කරමින් භාර්යාව වෙත එළඹියේය.
තත්ථ පමදාහීති පමදාහි චෙව අන්නපානෙහි ච සමඞ්ගිකත්වා. ධම්මපාලොති ධම්මස්ස පාලකො ගොපකො. අත්ථත්ථමෙවාති අත්ථභූතමෙව අත්ථං. භරියායාති සබ්බජෙට්ඨිකාය භරියාය.
එහි පමදාහි කාන්තාවන් විසින් ද ආහාරපාන ආදියෙන් ද යුක්ත කොට ධම්මපාලො යනු ධර්මය පාලනය කරන, ආරක්ෂාකරන. අත්ථත්ථමෙව අර්ථයක් ඇති අර්ථයම. භරියාය සියල්ලන්ට ප්‍රධාන භාර්යාවගේ.
“තං චන්දනගන්ධරසානුලිත්තං, සුවණ්ණජම්බොනදනික්ඛසාදිසං; භරියංවචා ‘එහි සුණොහි භොති, පුත්තානි ආමන්තය තම්බනෙත්තෙ’”ති.
සඳුන් සුවඳ ඇති කලල් තවරාගෙන දඹ රත්රන් වැනි ශරිර ඇති බිරිඳ අමතා පින්වතිය! එව. මාගේ කීම අහන්න. තඹ පැහැති නෙත් ඇත්තීය. මාගේ දරුවන් කැඳවව.
තත්ථ භරියංවචාති ජෙට්ඨභරියං අවච. ආමන්තයාති පක්කොස.
එහි භරියංවචා භාර්යාවට කීවේය. ආමන්තය කැඳවව.
“සුත්වාන වාක්යං පතිනො අනුජ්ජා, සුණිසං වච තම්බනඛිං සුනෙත්තං; ‘ආමන්තය වම්මධරානි චෙතෙ, පුත්තානි ඉන්දීවරපුප්ඵසාමෙ’”ති.
අනුජ්ජා තොමෝ හිමියාගේ බස් අසා නිලුපුල් වන් නෙත් ඇති චේතාවෙනි. ආභරණවලින් සැරසුනු මාගේ දරුවන් කැඳවන්න. තඹ පැහැතිනිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.
තත්ථ අනුජ්ජාති එවංනාමිකා. සුණිසංවච තම්බනඛිං සුනෙත්තන්ති සා තස්ස වචනං සුත්වා අස්සුමුඛී රොදමානා “සයං ගන්ත්වා පුත්තෙ පක්කොසිතුං අයුත්තං, සුණිසං පෙසෙස්සාමී”ති තස්සා නිවාසට්ඨානං ගන්ත්වා තම්බනඛිං සුනෙත්තං සුණිසං අවච. වම්මධරානීති වම්මධරෙ සූරෙ, සමත්ථෙති අත්ථො, ආභරණභණ්ඩමෙව වා ඉධ “වම්ම”න්ති අධිප්පෙතං, තස්මා ආභරණධරෙතිපි අත්ථො. චෙතෙති තං නාමෙනාලපති, පුත්තානීති මම පුත්තෙ ච ධීතරො ච. ඉන්දීවරපුප්ඵසාමෙති තං ආලපති.
එහි අනුජ්ජා යනු එනම් ඇත්තී. සුනිසංවච තම්බනඛී සුනෙතකං යනු ඇය ඔහුගේ වචනය අසා කඳුළු පිරි මුවින් අඬන මා විසින් තමාම ගොස් පුත්‍රයන් කැඳවන්නට නුසුදුසු ලේලිය යවන්නෙමියි ඇගේ වාසස්ථානයට ගොස් ඕ තොමෝ තඹවන් නිය ඇත්තේ මනා ඇස් ඇති ලේලියට කීවාය. ආමන්තය කැඳවන්න. වම්මධරා යුද හැට්ටය දරණ, ශුර, සමර්ථ යන අර්ථයි. ආභරණ බඩුම මෙහි ‘වම්ම’ යන්නෙන් අදහස් කෙරේ. ඒ නිසා අබරණ කරයි යන අර්ථයි. චෙතෙ චේත යන නමින් අමතයි. පුත්තානි. මගේ පුත්‍රයෝ ද දූවරු ද ඉන්දීවර පුප්ඵසාමෙ ඇයට අමතයි.
සා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පාසාදා ඔරුය්හ අනුවිචරිත්වා “පිතා වො ඔවාදං දාතුකාමො පක්කොසති, ඉදං කිර වො තස්ස පච්ඡිමදස්සන”න්ති සබ්බමෙවස්ස සුහදජනඤ්ච පුත්තධීතරො ච සන්නිපාතෙසි. ධම්මපාලකුමාරො පන තං වචනං සුත්වාව රොදන්තො කනිට්ඨභාතිකගණපරිවුතො පිතු සන්තිකං අගමාසි. පණ්ඩිතො තෙ දිස්වාව සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තො අස්සුපුණ්ණෙහි නෙත්තෙහි ආලිඞ්ගිත්වා සීසෙ චුම්බිත්වා ජෙට්ඨපුත්තං මුහුත්තං හදයෙ නිපජ්ජාපෙත්වා හදයා ඔතාරෙත්වා සිරිගබ්භතො නික්ඛම්ම මහාතලෙ පල්ලඞ්කමජ්ඣෙ නිසීදිත්වා පුත්තසහස්සස්ස ඔවාදං අදාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඇය යහපතැයි ප්‍රාසාදය දක්වා ගමන්කොට පියා ඔබලාට අවවාද දෙනු කැමැත්තේ කැඳවයි. මෙය වනාහි අපව ඔහු දකින අවසාන දර්ශනයයි. ඔහුගේ සහෘද ජනයාවද දූදරුවන්ද කැඳවීය. ධර්මපාල කුමාරයා වනාහි ඒ වචනය අසාම හඬන්නේ බාල සොහොයුරා සමග පියා සමීපයට ගියේය. පණ්ඩිතයා ඔවුන් දැකම ස්වකීය ස්වරූපයෙන් සිටින්ට නොහැකිව කඳුළු පිරි ඇස්වලින් යුතුව වැළඳගෙන හිස සිඹ වැඩිමල් පුතුම මොහොතක් පපුවෙහි හොවාගෙන එයින් බස්සවා සිරියහන් ගබඩාවෙන් නික්ම ප්‍රධාන කමිටුවේ පර්යංකයක් මැද හිඳ පුත්‍රයන් දහසට අවවාද දුන්නේය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“තෙ ආගතෙ මුද්ධනි ධම්මපාලො, චුම්බිත්වා පුත්තෙ අවිකම්පමානො; ආමන්තයිත්වාන අවොච වාක්යං, දින්නාහං රඤ්ඤා ඉධ මාණවස්ස.
දරුවන්ගේ හිස සිඹැ දරුවෙනි! රජතුමා විසින් මේ මානවකයාට මම දෙන ලද්දෙමියි කීය.
“තස්සජ්ජහං අත්තසුඛී විධෙය්යො, ආදාය යෙනිච්ඡති තෙන ගච්ඡති; අහඤ්ච වො සාසිතුමාගතොස්මි, කථං අහං අපරිත්තාය ගච්ඡෙ.
ඔහුට අයිති මම අද මා සතු සැප ඇත්තෙක් වූයෙමි. එහෙත් පසුව ඔහුට යටත් වෙමි. හේ මා රැගෙන කැමැති මගෙකින් යන්නට පළමු (තොපට) අනුශාසනා කරන්නට ආවෙමි. (තොපගේ) ආරක්ෂාව නො සලසා මම කෙසේ යන්නෙම්ද?
“සචෙ වො රාජා කුරුරට්ඨවාසී, ජනසන්ධො පුච්ඡෙය්ය පහූතකාමො; කිමාභිජානාථ පුරෙ පුරාණං, කිං වො පිතා පුරත්ථා.
ජනයා පාලනය කරන බොහෝ සම්පත් ඇති කුරුරට රජ පෙර සිදු වූ කෙබඳු පැරණි දේ තෙපිදන්නහුද? පියා තොපට කෙබඳු අනුශාසනාවක් කෙළේදැයි තොප විචාරන්නේ නම් මෙසේ මා දුන් අවවාද කියවු.
“සමාසනා හොථ මයාව සබ්බෙ, කොනීධ රඤ්ඤො අබ්භතිකො මනුස්සො; තමඤ්ජලිං කරිය වදෙථ එවං, මා හෙවං දෙව න හි එස ධම්මො; වියග්ඝරාජස්ස නිහීනජච්චො, සමාසනො දෙව කථං භවෙය්යා”ති.
තෙපි සියල්ලෝ මා හා සම අසුන් ගනිත්වායි රජ තොපට කීවේ නම් රජකුලයෙහි කවරෙක් නම් රජු හා සමාන ආසන ඇත්තේ වේදැයි රජුට ඇඳිලි බැඳ කියවු. දේවයන් වහන්ස! මෙලෙස නොකිව මනාය. මෙය අපගේ පාරම්පරික චාරිත්‍රය නොවෙයි. දේවයන් වහන්ස, සිංහරාජයකු නීච ජාතික වූ සිවලකු හා සමාන අසුන්ගැනීම කෙසේ වන්නේද?
තත්ථ ධම්මපාලොති මහාසත්තො. දින්නාහන්ති අහං ජයධනෙන ඛණ්ඩෙත්වා රඤ්ඤා දින්නො. තස්සජ්ජහං අත්තසුඛී විධෙය්යොති අජ්ජ පට්ඨාය තීහමත්තං අහං ඉමිනා අත්තනො සුඛෙන අත්තසුඛී, තතො පරං පන තස්ස මාණවස්සාහං විධෙය්යො හොමි. සො හි ඉතො චතුත්ථෙ දිවසෙ එකංසෙන මං ආදාය යත්ථිච්ඡති, තත්ථ ගච්ඡති. අපරිත්තායාති තුම්හාකං පරිත්තං අකත්වා කථං ගච්ඡෙය්යන්ති අනුසාසිතුං ආගතොස්මි. ජනසන්ධොති මිත්තබන්ධනෙන මිත්තජනස්ස සන්ධානකරො. පුරෙ පුරාණන්ති ඉතො පුබ්බෙ තුම්හෙ කිං පුරාණකාරණං අභිජානාථ. අනුසාසෙති අනුසාසි. එවං තුම්හෙ රඤ්ඤා පුට්ඨා “අම්හාකං පිතා ඉමඤ්චිමඤ්ච ඔවාදං අදාසී”ති කථෙය්යාථ. සමාසනා හොථාති සචෙ වො රාජා මයා දින්නස්ස ඔවාදස්ස කථිතකාලෙ “එථ තුම්හෙ, අජ්ජ මයා සද්ධිං සමාසනා හොථ, ඉධ රාජකුලෙ තුම්හෙහි අඤ්ඤො කො නු රඤ්ඤො අබ්භතිකො මනුස්සො”ති අත්තනො ආසනෙ නිසීදාපෙය්ය, අථ තුම්හෙ අඤ්ජලිං කත්වා තං රාජානං එවං වදෙය්යාථ “දෙව, එවං මා අවච. න හි අම්හාකං එසපවෙණිධම්මො. වියග්ඝරාජස්ස කෙසරසීහස්ස නිහීනජච්චො ජරසිඞ්ගාලො , දෙව, කථං සමාසනො භවෙය්ය. යථා සිඞ්ගාලො සීහස්ස සමාසනො න හොති, තථෙව මයං තුම්හාක”න්ති.
[missing trans]
ඉමං පනස්ස කථං සුත්වා පුත්තධීතරො ච ඤාතිසුහජ්ජාදයො ච දාසකම්මකරපොරිසා ච තෙ සබ්බෙ සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තා මහාවිරවං විරවිංසු. තෙසං මහාසත්තො සඤ්ඤාපෙසි.
[missing trans]
ලක්ඛණකණ්ඩං නිට්ඨිතං.
පෙක්ඛණ කාණ්ඩය නිමියේ ය.