යෙදුමෙන් කියවන්න

රාජවසතිකණ‍්ඩ අට‍්ඨකථා

රාජවසතිකණ‍්ඩ

රාජවසති කාණ්ඩය

අථ නෙ පණ‍්ඩිතො පුත‍්තධීතරො ච ඤාතයො ච උපසඞ‍්කමිත්‍වා තුණ‍්හීභූතෙ දිස‍්වා “තාතා, මා චින‍්තයිත්‍ථ, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, යසො නාම විපත‍්තිපරියොසානො, අපිච තුම‍්හාකං රාජවසතිං නාම යසපටිලාභකාරණං කථෙස‍්සාමි, තං එකග‍්ගචිත‍්තා සුණාථා”ති බුද‍්ධලීලාය රාජවසතිං නාම පට‍්ඨපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති හෙතෙම ඒ නෑයන් වෙත පැමිණ තුණ්හීභූතව සිටින්නවුන් දැක දරුවෙනි! නොසිතව්. සියළු සංස්කාරයෝ අනිත්‍යයහ. යස්ස නම් විපත්තිය අවසන්කොට ඇත්තකි. තවද නුඹලාගේ රාජ්‍ය සේවය නම් යසස් ප්‍රතිලාභවලට හේතු වෙයි. කියන්නෙමි. එය එකඟ සිතින් අසව් යැයි බුද්ධ ලීලාවෙන් රාජ්‍ය සේවය නම් පිහිටුවීය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“සො ච පුත‍්තෙ අමච‍්චෙ ච, ඤාතයො සුහදජ‍්ජනෙ; අලීනමනසඞ‍්කප‍්පො, විධුරො එතදබ්‍රවි.

නොසැඟවුණු සිතුවිලි ඇති විදුර පඬිතුමා මිතුරන්ට ඇමැතියන්ට නෑයන්ට සහ හිතවතුන්ට මෙසේ කීය.

“එථය්‍යො රාජවසතිං, නිසීදිත්‍වා සුණාථ මෙ; යථා රාජකුලං පත‍්තො, යසං පොසො නිගච‍්ඡතී”ති.

ආර්යයෙනි, එපරිද්දෙන් රජ කුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණෙත්ද මා කියන රජමැදුරේ සේවය මා සමීපයේ සිට අසවු.

තත්‍ථ සුහදජ‍්ජනෙති සුහදයජනෙ. එථය්‍යොති එථ, අය්‍යො. පියසමුදාචාරෙන පුත‍්තෙ ආලපති. රාජවසතින‍්ති මයා වුච‍්චමානං රාජපාරිචරියං සුණාථ. යථාති යෙන කාරණෙන රාජකුලං පත‍්තො උපසඞ‍්කමන‍්තො රඤ‍්ඤො සන‍්තිකෙ චරන‍්තො පොසො යසං නිගච‍්ඡති ලභති, තං කාරණං සුණාථාති අත්‍ථො.

එහි සුහදං ජනෙ සහෘද ජනයා එථය්‍යො එන්න. ප්‍රිය වූ ව්‍යවහාරයෙන් දරුවන් අමතයි. රාජවසතිං මා විසින් කියනු ලබන රාජසේවය අසව්. යථා යනු යම් කාරණයකින් රාජකුලං පත්තො පැමිණෙන්නේ රජුගේ සමීපයෙහි හැසිරෙන්නේ. පොසො යසං නිගච්ඡති ඒ කාරණය අසන්නයැයි අර්ථයි.

“න හි රාජකුලං පත‍්තො, අඤ‍්ඤාතො ලභතෙ යසං; නාසූරො නාපි දුම‍්මෙධො, නප‍්පමත‍්තො කුදාචනං.

අප්‍රකට තැනැත්තාද අදක්‍ෂ තැනැත්තාද අඥාන තැනැත්තාද මුළා වූ සිහි ඇති තැනැත්තාද රජමැදුරට පැමිණ කිසිකලෙක යසස නොලබයි.

“යදාස‍්ස සීලං පඤ‍්ඤඤ‍්ච, සොචෙය්‍යං චාධිගච‍්ඡති; අථ විස‍්සසතෙ ත්‍යම‍්හි, ගුය‍්හඤ‍්චස‍්ස න රක‍්ඛතී”ති.

යම්කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනීද එකල ඔහු විශ්වාස කරයි. සඟවාලිය යුතු රහස පවා නොසඟවා කියයි.

තත්‍ථ අඤ‍්ඤාතොති අපාකටගුණො අවිදිතකම‍්මාවදානො. නාසූරොති න අසූරො භීරුකජාතිකො. යදාස‍්ස සීලන‍්ති යදා අස‍්ස සෙවකස‍්ස රාජා සීලඤ‍්ච පඤ‍්ඤඤ‍්ච සොචෙය්‍යඤ‍්ච අධිගච‍්ඡති, ආචාරසම‍්පත‍්තිඤ‍්ච ඤාණබලඤ‍්ච සුචිභාවඤ‍්ච ජානාති. අථ විස‍්සසතෙ ත්‍යම‍්හීති අථ රාජා තම‍්හි විස‍්සසතෙ විස‍්සාසං කරොති, අත‍්තනො ගුය‍්හඤ‍්චස‍්ස න රක‍්ඛති න ගූහති.

එහි අඤ්ඤාතො අප්‍රකට ගුණ ඇති, නොදත් චරිත ඇති. නාසුරො නිවටයෙක් නොවේ. බියජනක ස්වභාව ඇති. යදාස්ස සීලං යම්කලෙක මේ සේවකයාගේ රජු ශීලයත්, ප්‍රඥාවත්, සුවච බවත් ආචාරශීලී බවත් ඤාණ බලයත් සුවපත් බවත් දැනගනීද. අථවිස්ස සතෙත්‍යම්හි රජු ඔහු කෙරෙහි. විසස්සති විශ්වාස කරයි. තමාගේද රහසක් වේද එය නොරකී. නොසඟවයි. කියයි.

“තුලා යථා පග‍්ගහිතා, සමදණ‍්ඩා සුධාරිතා; අජ‍්ඣිට‍්ඨො න විකම‍්පෙය්‍ය, ස රාජවසතිං වසෙ.

යම්සේ මැනැවින් දරණ ලද ඔසවාලූ තරාදිය එහි දඬුව සමානවැ සිටීද එසේ රාජ නියෝග ලද සේවකයා නොසැලේද හෙතෙම රජ කුලෙහි වසන්නේය.

“තුලා යථා පග‍්ගහිතා, සමදණ‍්ඩා සුධාරිතා; සබ‍්බානි අභිසම‍්භොන‍්තො, ස රාජවසතිං වසෙ”ති.

යම්සේ මැනවින් ඔසවන ලද තරාදිය එහි දඬුව සමව සිටීද ඒ ලෙස සියළු රාජ කාර්යයන් කරන හෙතෙම රජ කුලයෙහි වසන්නේය.

තත්‍ථ තුලා යථාති යථා එසා වුත‍්තප‍්පකාරා තුලා න ඔනමති න උන‍්නමති, එවමෙව රාජසෙවකො කිස‍්මිඤ‍්චිදෙව කම‍්මෙ රඤ‍්ඤා “ඉදං නාම කරොහී”ති අජ‍්ඣිට‍්ඨො ආණත‍්තො ඡන්‍දාදිඅගතිවසෙන න විකම‍්පෙය්‍ය, සබ‍්බකිච‍්චෙසු පග‍්ගහිතතුලා විය සමො භවෙය්‍ය. ස රාජවසතින‍්ති සො එවරූපො සෙවකො රාජකුලෙ වාසං වසෙය්‍ය, රාජානං පරිචරෙය්‍ය, එවං පරිචරන‍්තො පන යසං ලභෙය්‍යාති අත්‍ථො. සබ‍්බානි අභිසම‍්භොන‍්තොති සබ‍්බානි රාජකිච‍්චානි කරොන‍්තො.

එහි තුලා යථා යනු යම්සේ මේ කියන ලද ප්‍රකාර ඇති තරාදිය පහතට නොවැටෙයි. උඩට නොයයි. එපරිද්දෙන් රාජ්‍ය සේවකයා කිසියම් කටයුත්තක් රජු විසින් මෙය කළ යුතුයයි නියෝග කළ කල්හි ඡන්‍ද ආදී අගතියකින් කම්පා නොවන්නේය. සියලු කටයුතුවලදී ඔසවන ලද තරාදිය මෙන් සමාන වන්නේය. ස රාජිවසති යනු ඒ මෙබඳු ස්වරූප ඇති සේවකයා රජගෙදර වාසය කරන්නේය. රජවරුන්ට ආවතේව කරන්නේය. මෙසේ සේවය කරන්නේ වනාහි යසස ලබයි යන අර්ථයි. සබ්බානි අභිසමභොනෙතා සියළු රාජකෘත්‍යයන් කරන්නේ.

“දිවා වා යදි වා රත‍්තිං, රාජකිච‍්චෙසු පණ‍්ඩිතො; අජ‍්ඣිට‍්ඨො න විකම‍්පෙය්‍ය, ස රාජවසතිං වසෙ.

නුවණැත්තේ රාජකාර්යයෙහි දවල්හි හෝ රාත්‍රියෙහි මෙහෙයන ලදුයේ නොසැලේ නම් හේ රජගෙයි වසන්නේය.

“දිවා වා යදි වා රත‍්තිං, රාජකිච‍්චෙසු පණ‍්ඩිතො; සබ‍්බානි අභිසම‍්භොන‍්තො, ස රාජවසතිං වසෙ.

නුවණැත්තේ රාජ කාර්යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේය.

“යො චස‍්ස සුකතො මග‍්ගො, රඤ‍්ඤො සුප‍්පටියාදිතො; න තෙන වුත‍්තො ගච‍්ඡෙය්‍ය, ස රාජවසතිං වසෙ”ති.

රජතුමා සඳහා යම් මාර්ගයක් මනාව පිළියෙල කරන ලදද ඒ මාර්ගයෙන් යවයි කියන ලදද ඒ මාර්ගයෙන් නොයන්නේය. ඔහු රජගෙහි වසන්නේය.

තත්‍ථ න විකම‍්පෙය්‍යාති අවිකම‍්පමානො තානි කිච‍්චානි කරෙය්‍ය. යො චස‍්සාති යො ච රඤ‍්ඤො ගමනමග‍්ගො සුකතො අස‍්ස සුප‍්පටියාදිතො සුමණ‍්ඩිතො, “ඉමිනා මග‍්ගෙන ගච‍්ඡා”ති වුත‍්තොපි තෙන න ගච‍්ඡෙය්‍ය.

එහි න විකම්පෙය්‍ය කම්පා නොවී ඒ කටයුතු කරන්නේය. යොචස්ස යනු යමෙක් රජුට ගමන්මග මනාව කරන ලද්දේ ද ඒ මගින් යවයි රජු විසින් කියන ලද්දේ නමුත් එයින් නොයන්නේ ය.

“න රඤ‍්ඤො සදිසං භුඤ‍්ජෙ, කාමභොගෙ කුදාචනං; සබ‍්බත්‍ථ පච‍්ඡතො ගච‍්ඡෙ, ස රාජවසතිං වසෙ.

රජතුමාට සමාන ලෙස කිසිවිටෙක පස්කම් සැප නොවිඳින්නේ ය. හැමතැනදීම එයට වඩා අඩු ප්‍රමාණයෙන් කම්සැප විඳින්නේ ය. හේ රජගෙයි වසන්නේ ය.

“න රඤ‍්ඤො සදිසං වත්‍ථං, න මාලං න විලෙපනං; ආකප‍්පං සරකුත‍්තිං වා, න රඤ‍්ඤො සදිසමාචරෙ; අඤ‍්ඤං කරෙය්‍ය ආකප‍්පං, ස රාජවසතිං වසෙ”ති.

[missing trans]

තත්‍ථ න රඤ‍්ඤොති රඤ‍්ඤො කාමභොගෙන සමං කාමභොගං න භුඤ‍්ජෙය්‍ය. තාදිසස‍්ස හි රාජා කුජ‍්ඣති. සබ‍්බත්‍ථාති සබ‍්බෙසු රූපාදීසු කාමගුණෙසු රඤ‍්ඤො පච‍්ඡතොව ගච‍්ඡෙය්‍ය, හීනතරමෙව සෙවෙය්‍යාති අත්‍ථො. අඤ‍්ඤං කරෙය්‍යාති රඤ‍්ඤො ආකප‍්පතො සරකුත‍්තිතො ච අඤ‍්ඤමෙව ආකප‍්පං කරෙය්‍ය.

එහි නරඤ්ඤො රජුට සමානව කප නොවිඳින්නේය. එබඳු තැනැත්තාට රජු කිපෙයි. සබ්බත්‍ථ යනු සියළු රූප ආදී කාමගුණයන්හි රජුට පසුපසින්ම යන්නේය. අඩු ප්‍රමාණයකින්ම සේවනය කරන්නේය යන අර්ථයි. අඤ්ඤං කරෙය්‍ය රජුගේ ආකල්පයෙන් වෙනස් වූ වෙනත් ආකල්පයක් කරන්නේය. ස රාජවසතිංවසෙ ඒ පුද්ගලයා රජු සමීපයට ගොස් වාසය කරන්නේය.

“කීළෙ රාජා අමච‍්චෙහි, භරියාහි පරිවාරිතො; නාමච‍්චො රාජභරියාසු, භාවං කුබ‍්බෙථ පණ‍්ඩිතො.

රජතුමා ඇමැතියන් භාර්යාවන් පිරිවරා ක්‍රීඩා කරන්නේ ද එවිට ඤාණ සම්පන්න ඇමැතිවරයා රජුගේ බිරියන් විශ්වාස නො කරන්නේය.

“අනුද‍්ධතො අචපලො, නිපකො සංවුතින්‍ද්‍රියො; මනොපණිධිසම‍්පන‍්නො, ස රාජවසතිං වසෙ”ති.

අහංකාරයෙන් තොරව චපල පැවතුම් ඇත්තෙක්ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක්ව වසාගත් ඉන්‍ද්‍රිය සය ඇත්තෙක්ව රජගෙහි වසන්නේ ය.

තත්‍ථ භාවන‍්ති විස‍්සාසවසෙන අධිප‍්පායං. අචපලොති අමණ‍්ඩනසීලො. නිපකොති පරිපක‍්කඤාණො. සංවුතින්‍ද්‍රියොති පිහිතඡළින්‍ද්‍රියො රඤ‍්ඤො වා අඞ‍්ගපච‍්චඞ‍්ගානි ඔරොධෙ වාස‍්ස න ඔලොකෙය්‍ය. මනොපණිධිසම‍්පන‍්නොති අචපලෙන සුට‍්ඨු ඨපිතෙන චිත‍්තෙන සමන‍්නාගතො.

එහි භාවං යනු විශ්වාස වශයෙන් අචපලො නොසරසන ශීලය. නිපකො මුහුකුරා ගිය ඤාණය. සංවුතින්‍ද්‍රියො වසන ලද සඉඳුරන් ඇත්තේ රජුගේ හෝ අංග ප්‍රත්‍යංගයන් හෝ අන්තඃපුර කතුන් දෙස හෝ නො බලන්නේ ය. මනොපණිධිසම්පන්නො නො සෙල්වෙන මනාව පිහිටුවන ලද සිතෙන් යුක්ත වූයේ.

“නාස‍්ස භරියාහි කීළෙය්‍ය, න මන‍්තෙය්‍ය රහොගතො; නාස‍්ස කොසා ධනං ගණ‍්හෙ, ස රාජවසතිං වසෙ

රජුගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගතව ඔවුන් සමග කථා නො කරන්නේ ය. රජුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙයි වසන්නේ ය.

“න නිද‍්දං බහු මඤ‍්ඤෙය්‍ය, න මදාය සුරං පිවෙ; නාස‍්ස දායෙ මිගෙ හඤ‍්ඤෙ, ස රාජවසතිං වසෙ.

අධික නිදාවැටෙන කෙනෙක් නොවන්නේය. මත්වීම පිණිස සුරාව නො බොන්නේ ය. රජුගේ අභය භූමිවල සිටින මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.

“නාස‍්ස පීඨං න පල‍්ලඞ‍්කං, න කොච‍්ඡං න නාවං රථං; සම‍්මතොම‍්හීති ආරූහෙ, ස රාජවසතිං වසෙ.

මම කාර්මිකයෙක් වෙමියි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතුපිටට හෝ රථයට නො නගින්නේය. හේ රජගෙයි වසන්නේය.

“නාතිදූරෙ භජෙ රඤ‍්ඤො, නච‍්චාසන‍්නෙ විචක‍්ඛණො; සම‍්මුඛඤ‍්චස‍්ස තිට‍්ඨෙය්‍ය, සන්‍දිස‍්සන‍්තො සභත‍්තුනො.

ඥානවන්ත රාජ්‍ය සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නොසිට රජු කරන දෙස බලමින් සිය ස්වාමියාට පෙනෙන තැනක සිටින්නේය.

“න වෙ රාජා සඛා හොති, න රාජා හොති මෙථුනො; ඛිප‍්පං කුජ‍්ඣන‍්ති රාජානො, සූකෙනක‍්ඛීව ඝට‍්ටිතං.

ඒකාන්තයෙන් රජු මිත්‍රයෙක් නොවේ. රජතුමා තමාට සමානද නොවේ. ඇසට වැටුණු වී නන්ඩුව ඇසේ ප්‍රකෘතිගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.

“න පූජිතො මඤ‍්ඤමානො, මෙධාවී පණ‍්ඩිතො නරො; ඵරුසං පතිමන‍්තෙය්‍ය, රාජානං පරිසංගත”න‍්ති.

රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමියි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කථා නොකරන්නීය.

තත්‍ථ න මන‍්තෙය්‍යාති තස‍්ස රඤ‍්ඤො භරියාහි සද‍්ධිං නෙව කීළෙය්‍ය, න රහො මන‍්තෙය්‍ය. කොසා ධනන‍්ති රඤ‍්ඤො කොසා ධනං ථෙනෙත්‍වා න ගණ‍්හෙය්‍ය. න මදායාති තාතා, රාජසෙවකො නාම මදත්‍ථාය සුරං න පිවෙය්‍ය. නාස‍්ස දායෙ මිගෙති අස‍්ස රඤ‍්ඤො දින‍්නාභයෙ මිගෙ න හඤ‍්ඤෙය්‍ය. කොච‍්ඡන‍්ති භද‍්දපීඨං. සම‍්මතොම‍්හීති අහං සම‍්මතො හුත්‍වා එවං කරොමීති න ආරුහෙය්‍ය. සම‍්මුඛඤ‍්චස‍්ස තිට‍්ඨෙය්‍යාති අස‍්ස රඤ‍්ඤො පුරතො ඛුද‍්දකමහන‍්තකථාසවනට‍්ඨානෙ තිට‍්ඨෙය්‍ය. සන්‍දිස‍්සන‍්තො සභත‍්තුනොති යො රාජසෙවකො තස‍්ස භත‍්තුනො දස‍්සනට‍්ඨානෙ තිට‍්ඨෙය්‍ය. සූකෙනාති අක‍්ඛිම‍්හි පතිතෙන වීහිසූකාදිනා ඝට‍්ටිතං අක‍්ඛි පකතිසභාවං ජහන‍්තං යථා කුජ‍්ඣති නාම, එවං කුජ‍්ඣන‍්ති, න තෙසු විස‍්සාසො කාතබ‍්බො. පූජිතො මඤ‍්ඤමානොති අහං රාජපූජිතොම‍්හීති මඤ‍්ඤමානො. ඵරුසං පතිමන‍්තෙය්‍යාති යෙන සො කුජ‍්ඣති, තථාරූපං න මන‍්තෙය්‍ය.

එහි න මන්තෙය්‍ය යනු ඒ රජුගේ භාර්යාවන් සමග ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගතව කථාබස් නො කරන්නේ ය. කොසා ධනං රජුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරෙන් නො ගන්නේ ය. න මදාය දරුවෙනි! රාජ්‍ය සේවකයා වනාහි මත්වීම සඳහා සුරාව පානය නො කරන්නේ ය. දායෙ දෙන ලද අභය ඇති. මිගදායෙහි. කොච්ඡං මනා පුටුව. සම්මතොම්හි මම වැඩකරුවෙක්ව මෙසේ කරමියි නො නගින්නේය. සමෙක්ඛඤ්චස්ස තිට්ඨෙය්‍ය. මේ රජුගේ ඉදිරියෙන් කුදුමහත් කථා ඇසෙන තැන සිටින්නේය. සන්‍දිස්සන්තො සභත්තුනො ඒ සේවකයා ඒ ස්වාමියාට පෙනෙන තැනක සිටින්නේය. සුත්තෙන යනු ඇසෙහි වැටුනා වූ වී නන්ඩුව ආදියෙන් ගැටුනා වූ ඇස ප්‍රකෘති ස්වභාවය අරී. යම්සේ කිපේද, එසේ කිපෙත්. ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතුයි. පූජිතො මඤ්ඤමානො මම රාජපූජිත වූයේ වෙමියි කල්පනා කරන්නේ. එරුසං යමකින් ඔහු කිපේද එබඳු දෙයක් කථා නොකියන්නේය.

“ලද‍්ධද‍්වාරො ලභෙ ද‍්වාරං, නෙව රාජූසු විස‍්සසෙ; අග‍්ගීව සංයතො තිට‍්ඨෙ, ස රාජවසතිං වසෙ.

ලද දොර ඇත්තේ නමුදු අවසර ලබාගෙනම පිවිසෙන්නේය. රජුන් විශ්වාස නො කරන්නේ ය. ගින්න සමීපයේ සිහියෙන් සිටින්නේය.

“පුත‍්තං වා භාතරං වා සං, සම‍්පග‍්ගණ‍්හාති ඛත‍්තියො; ගාමෙහි නිගමෙහි වා, රට‍්ඨෙහි ජනපදෙහි වා; තුණ‍්හීභූතො උපෙක‍්ඛෙය්‍ය, න භණෙ ඡෙකපාපක”න‍්ති.

රජතුමා සිය පුතුට හෝ සිය සහෝදරයාට ගම්, නියම්ගම් හෝ ජනපද දෙන්නේ යැයි සේවකයන් සමග කියාද එකල සේවකයා නිශ්ශබ්දව සිටිය යුතුයි. හොඳ නොහොඳ නො කියන්නේ ය.

තත්‍ථ ලද‍්ධද‍්වාරො ලභෙ ද‍්වාරන‍්ති අහං නිප‍්පටිහාරො ලද‍්ධද‍්වාරොති අප‍්පටිහාරෙත්‍වා න පවිසෙය්‍ය, පුනපි ද‍්වාරං ලභෙය්‍ය, පටිහාරෙත්‍වාව පවිසෙය්‍යාති අත්‍ථො. සංයතොති අප‍්පමත‍්තො හුත්‍වා. භාතරං වා සන‍්ති සකං භාතරං වා. සම‍්පග‍්ගණ‍්හාතීති “අසුකගාමං වා අසුකනිගමං වා අස‍්ස දෙමා”ති යදා සෙවකෙහි සද‍්ධිං කථෙති. න භණෙ ඡෙකපාපකන‍්ති තදා ගුණං වා අගුණං වා න භණෙය්‍ය.

එහි ලද්ධද්වාරො ලභෙද්වාරං මට අවසර අවශ්‍ය නැත. අවසර ලද්දේ වෙමියි, නැවත අවසර නොගෙන නොපිවිසිය යුතුයි. නැවතද අවසර ගන්න. අවසර ගෙනම පිවිසෙන්න යන අර්ථයි. යතො අප්‍රමාදීව භාතරංසංවා යනු තමන්ගේ සහෝදරයා හෝ සම්පග්ගණ්හාති අසවල් ගම හෝ නියම්ගම මොහුට දෙමියි යම්විටෙක සේවකයන් සමග කියයිද නභණෙ ඡෙක පාපකං එවිට හොඳ හෝ නරක නොකිවයුතුයි.

“හත්‍ථාරොහෙ අනීකට‍්ඨෙ, රථිකෙ පත‍්තිකාරකෙ; තෙසං කම‍්මාවදානෙන, රාජා වඩ‍්ඪෙති වෙතනං; න තෙසං අන‍්තරා ගච‍්ඡෙ, ස රාජවසතිං වසෙ.

ඇත්,අස්, රිය, පාබල යන සිවුරඟ සේනාවෙහි කාර්යයන් හා ඔවුන්ගේ හැසිරීම අනුව රජතුමා වේතන වැඩිකරයි නම් සේවකයා ඔවුන්ගේ ලාභයට අන්තරාය නො කරන්නේ ය. ඔහු රජගෙදර වාසය කරයි.

“චාපොවූනුදරො ධීරො, වංසොවාපි පකම‍්පයෙ; පටිලොමං න වත‍්තෙය්‍ය, ස රාජවසතිං වසෙ.

යම් සේවකයෙක් නැණවත්ද දුන්නක් මෙන් සිහින් වූ උදර ඇත්තේද නොමේරු උණගසක් මෙන් චලනය වේද රජතුමාට විරුද්ධ පැවතුම් නැත්තේද හේ රජගෙහි වසන්නේය.

“චාපොවූනුදරො අස‍්ස, මච‍්ඡොවස‍්ස අජිව‍්හවා; අප‍්පාසී නිපකො සූරො, ස රාජවසතිං වසෙ”ති.

යමෙක් දුන්නක් මෙන් සිහින් වූ උදර ඇත්තේද දිව නැත්තකු සෙයින් මාලුවෙකු මෙන් වූයේ අල්ප වූ කථා ඇත්තේ ද ස්වල්ප වශයෙන් අනුභව කරන සුලු වේද දක්‍ෂ ද ශූරද හේ රජගෙහි වසන්නේය.

තත්‍ථ න තෙසං අන‍්තරා ගච‍්ඡෙති තෙසං ලාභස‍්ස අන‍්තරා න ගච‍්ඡෙ, අන‍්තරායං න කරෙය්‍ය. වංසොවාපීති යථා වංසගුම‍්බතො උග‍්ගතවංසො වාතෙන පහටකාලෙ පකම‍්පති, එවං රඤ‍්ඤා කථිතකාලෙ පකම‍්පෙය්‍ය. චාපොවූනුදරොති යථා චාපො මහොදරො න හොති, එවං මහොදරො න සියා. අජිව‍්හවාති යථා මච‍්ඡො අජිව‍්හතාය න කථෙති, තථා සෙවකො මන්‍දකථතාය අජිව‍්හවා භවෙය්‍ය. අප‍්පාසීති භොජනමත‍්තඤ‍්ඤූ.

එහි න තෙසං අන්තරා ගච්ඡෙ යනු ඔවුන්ගේ ලාභයට අන්තරාවක් නොකරන්නේය. වංසො යම්සේ උණපඳුරෙන් උඩට නැගුණු උණගස සුළඟ වැදුනු විට සෙළවෙයිද එසේ රජු විසින් කියන ලද කල්හි සෙළවෙන්නේය. චාපොවූනුදරො යම්සේ දුන්න තර නොවේද, එපරිද්දෙන් මහා උදර ඇත්තේ නොවන්නේය. අජීව්හවා යම්සේ මත්ස්‍යයා දිව නැති බැවින් කථා නොකරයි ද එපරිද්දෙන් මඳ වශයෙන් කථා කිරීමෙන් දිවක් නැත්තකු වන්න. අප්පාසී බොජුනෙහි පමණ දැනගන්න.

“න බාළ‍්හං ඉත්‍ථිං ගච‍්ඡෙය්‍ය, සම‍්පස‍්සං තෙජසඞ‍්ඛයං; කාසං සාසං දරං බාල්‍යං, ඛීණමෙධො නිගච‍්ඡති.

යමෙක් තමාගේ බලය පිරිහී යාම දකිමින් ස්ත්‍රීන් කරා යළිත් නොයන්නේය. එසේ යන නුවණ පිරිහුණු පුද්ගලයා කාය ශ්වාසයනටද කාය පීඩාවටද කය දුබලවීමටද පත්වේ.

“නාතිවෙලං පභාසෙය්‍ය, න තුණ‍්හී සබ‍්බදා සියා; අවිකිණ‍්ණං මිතං වාචං, පත‍්තෙ කාලෙ උදීරයෙ.

රජුන් සමීපයේ සිට පමණට වඩා කථා නොකරන්නේය. හැමකල නිහඬ නොවන්නේය. සුදුසු වේලාවෙහි නොවිසුරණ ප්‍රමාණවත් කථා කරන්නේය.

“අක‍්කොධනො අසඞ‍්ඝට‍්ටො, සච‍්චො සණ‍්හො අපෙසුණො; සම‍්ඵං ගිරං න භාසෙය්‍ය, ස රාජවසතිං වසෙ.

නොකිපෙනසුලු අන්‍යයන් හා නොගැටෙන සත්‍ය වූ සියුම් වූ ප්‍රිය බව ශුන්‍ය නොවූ කථා ඇත්තෙක් වන්නේය. හිස් වචන නොකියන්නේය. හේ රාජභවනයෙහි වසන්නේය.

“මාතාපෙත‍්තිභරො අස‍්ස, කුලෙ ජෙට‍්ඨාපචායිකො; සණ‍්හො සඛිලසම‍්භාසො, ස රාජවසතිං වසෙ”ති.

යමෙක් මව්පියන් පෝෂණය කරන්නේද කුලදෙටුවන් පුදන්නේද හිරිඔතප් ඇත්තේද හෙතෙම රජගෙහි වසන්නේය.

තත්‍ථ න බාළ‍්හන‍්ති පුනප‍්පුනං කිලෙසවසෙන න ගච‍්ඡෙය්‍ය. තෙජසඞ‍්ඛයන‍්ති එවං ගච‍්ඡන‍්තො හි පුරිසො තෙජසඞ‍්ඛයං ගච‍්ඡති පාපුණාති, තං සම‍්පස‍්සන‍්තො බාළ‍්හං න ගච‍්ඡෙය්‍ය. දරන‍්ති කායදරථං. බාල්‍යන‍්ති දුබ‍්බලභාවං. ඛීණමෙධොති පුනප‍්පුනං කිලෙසරතිවසෙන ඛීණපඤ‍්ඤො පුරිසො එතෙ කාසාදයො නිගච‍්ඡති. නාතිවෙලන‍්ති තාතා රාජූනං සන‍්තිකෙ පමාණාතික‍්කන‍්තං න භාසෙය්‍ය . පත‍්තෙ කාලෙති අත‍්තනො වචනකාලෙ සම‍්පත‍්තෙ. අසඞ‍්ඝට‍්ටොති පරං අසඞ‍්ඝට‍්ටෙන‍්තො. සම‍්ඵන‍්ති නිරත්‍ථකං. ගිරන‍්ති වචනං.

එහි න බාළ්හං යනු නැවත නැවතත් නොයන්නේය. තෙජසංඛයං මෙසේ යන්නා වූ පුරුෂයා තේජස ගෙවීයාමට පත්වන්නේය. එය දකින්නේ අධික සේ නොයන්නේය. දරං ශාරීරික දානය. බල්‍යං දුබල බව. ඛීණමෙධො නැවත නැවතත් කෙලෙස් ඇලීම් වශයෙන් හීනවී ගිය ප්‍රඥා ඇති පුරුෂයා මේ කාස ආදියට පත්වේ. නාකිවෙලං දරුවෙනි! රජුන් සමීපයෙහි පමණ ඉක්මවා කථා නොකරන්නේය. පත්තෙකාලෙ තමාට කථාකිරීමට කාලය පැමිණිවිට අසංඝට්ටො අනුන් හා නොගැටෙන්නෝ. සම්ඵං නිරර්ථකය.

“විනීතො සිප‍්පවා දන‍්තො, කතත‍්තො නියතො මුදු; අප‍්පමත‍්තො සුචි දක‍්ඛො, ස රාජවසතිං වසෙ.

යමෙක් විනීතද ශිල්ප දන්නේද හික්මුනු ඉඳුරන් ඇත්තේද සිය ජීවිතය ගුණවත් කරගත්තේද නොසැලෙන ස්වභාව ඇත්තේද මාන රහිතද අප්‍රමාදීව ක්‍රියා කරනුයේ ද පිරිසිදු වූයේද උපස්ථාන කිරීමට දක්‍ෂ වූයේද හේ රජගෙහි වසන්නේය.

“නිවාතවුත‍්ති වුද‍්ධෙසු, සප‍්පතිස‍්සො සගාරවො; සුරතො සුඛසංවාසො, ස රාජවසතිං වසෙ.

යමෙක් වැඩිහිටියන් කෙරෙහි යටහත් පැවතුම් ඇත්තේද ආදර ගෞරව සහිත වූයේද සුවච පැවතුම් ඇත්තේද මොළොක් වචන ඇත්තේද හේ රජගෙහි වසන්නේය.

“ආරකා පරිවජ‍්ජෙය්‍ය, සහිතුං පහිතං ජනං; භත‍්තාරඤ‍්ඤෙවුදික‍්ඛෙය්‍ය, න ච අඤ‍්ඤස‍්ස රාජිනො”ති.

රහස් සෙවීමට අන් රජුන් විසින් එවන ලද ජනයා දුරින් දුරු කරන්නේය. තමාගේ රජුම ස්වාමියා ලෙස සලකන්නේය. අන් රජකු සමීපයෙහි නොවසන්නේය.

තත්‍ථ විනීතොති ආචාරසම‍්පන‍්නො. සිප‍්පවාති අත‍්තනො කුලෙ සික‍්ඛිතබ‍්බසිප‍්පෙන සමන‍්නාගතො. දන‍්තොති ඡසු ද‍්වාරෙසු නිබ‍්බිසෙවනො. කතත‍්තොති සම‍්පාදිතත‍්තො. නියතොති යසාදීනි නිස‍්සාය අචලසභාවො. මුදූති අනතිමානී. අප‍්පමත‍්තොති කත‍්තබ‍්බකිච‍්චෙසු පමාදරහිතො. දක‍්ඛොති උපට‍්ඨානෙ ඡෙකො. නිවාතවුත‍්තීති නීචවුත‍්ති. සුඛසංවාසොති ගරුසංවාසසීලො. සහිතුං පතිතන‍්ති පරරාජූහි සකරඤ‍්ඤො සන‍්තිකං ගුය‍්හරක‍්ඛණවසෙන වා පටිච‍්ඡන‍්නපාකටකරණවසෙනවා පෙසිතං. තථාරූපෙන හි සද‍්ධිං කථෙන‍්තොපි රඤ‍්ඤො සම‍්මුඛාව කථෙය්‍ය. භත‍්තාරඤ‍්ඤෙවුදික‍්ඛෙය්‍යාති අත‍්තනො සාමිකමෙව ඔලොකෙය්‍ය. න ච අඤ‍්ඤස‍්ස රාජිනොති අඤ‍්ඤස‍්ස රඤ‍්ඤො සන‍්තකො න භවෙය්‍ය.

එහි විනීත යනු ආචාර සම්පන්න. සිප්පවා තමාගේ කුලයෙහි ඉගෙන ගතයුතු ශිල්පයෙන් යුත්. දන්තො දොරවල් සයෙහි නොසෙව්නා කතක්කො සිය ජීවිතය ගුණවත් කරගත්. නියතො යනු යසස ආදිය සඳහා නොසෙල්වෙන ස්වභාව ඇති මුදු යනු මානයෙන් තොර. අප්පමත්තො කළයුතු කාර්යයන්හි ප්‍රමාද රහිත. දක්ඛො උපස්ථානයෙහි දක්‍ෂ. නිවාතවුත්ති යටහත් පැවතුම් ඇති. සප්පකිස්සො සාදර ගෞරව සහිතව වසන ස්වභාව ඇති. සහිතුං පහිතං වෙනත් රජවරුන් විසින් රජුගේ සමීපයට රහස් ආරක්‍ෂා කිරීමටත්, සැඟවුණු දෙය ප්‍රකට කිරීම් වශයෙන් එවන ලද එබඳු වූවන් සමග යමක් කියන්නහුද රජු ඉදිරියේදීම කියන්නේය. භත්තාරඤ්ඤෙචුදික්ඛෙයා තමන්ගේ ස්වාමියාවට බලන්නේය. අනඤ්ඤස්ස ච රාජිනො වෙන රජකුගේ සමීපයෙහි නොවන්නේය.

“සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; සක‍්කච‍්චං පයිරුපාසෙය්‍ය, ස රාජවසතිං වසෙ.

යමෙක් සිල්වත් වූ බහුශ්‍රැත වූ මහණ බමුණන් මැනවින් ඇසුරු කරනුයේද හේ රජගෙහි වසන්නේය.

“සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; සක‍්කච‍්චං අනුවාසෙය්‍ය, ස රාජවසතිං වසෙ.

යමෙක් සිල්වත් බහුශ්‍රැත වූ මහණ බමුණන් (පෙහෙවස් සමාදන්ව) ඒ අනුව වසන්නේද හේ රජගෙහි වසන්නේය.

“සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; තප‍්පෙය්‍ය අන‍්නපානෙන, ස රාජවසතිං වසෙ.

යමෙක් සිල්වත් වූ බහුශ්‍රැත වූ මහණ බමුණන් ආහාරපාන දීමෙන් සන්තර්පණය කෙරේද හේ රජගෙහි වසන්නේය.

“සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; ආසජ‍්ජ පඤ‍්ඤෙ සෙවෙථ, ආකඞ‍්ඛං වුද‍්ධිමත‍්තනො”ති.

සිල්වත් වූ බහුශ්‍රැත වූ පණ්ඩිත වූ මහණ බමුණන් වෙත පැමිණ සිය අභිවෘද්ධිය අපේක්‍ෂාවෙන් ඇසුරු කරන්නේය.

තත්‍ථ සක‍්කච‍්චං පයිරුපාසෙය්‍යාති ගාරවෙන පුනප‍්පුනං උපසඞ‍්කමෙය්‍ය. අනුවාසෙය්‍යාති උපොසථවාසං වසන‍්තො අනුවත‍්තෙය්‍ය. තප‍්පෙය්‍යාති යාවදත්‍ථං දානෙන තප‍්පෙය්‍ය. ආසජ‍්ජාති උපසඞ‍්කමිත්‍වා. පඤ‍්ඤෙති පණ‍්ඩිතෙ, ආසජ‍්ජපඤ‍්ඤෙ වා, අසජ‍්ජමානපඤ‍්ඤෙති අත්‍ථො.

එහි සක්කච්චං පයිරුපාසෙය්‍ය ගෞරවයෙන් නැවත නැවත එළඹෙන්නේය. අනුවාසෙය්‍ය පෙහෙවස් වසන්නේ අනුව පවතින්නේය. තප්පෙය්‍ය ඇති පමණ දානයෙන් සන්තර්පණය කරන්නේය. ආසජ්ජ යනු ළඟට පැමිණ. පඤ්ඤෙ පණ්ඩිතයන් පැමිණ ප්‍රාඥයන් හෝ එනු ලබන්නා වූ.

“දින‍්නපුබ‍්බං න හාපෙය්‍ය, දානං සමණබ්‍රාහ‍්මණෙ; න ච කිඤ‍්චි නිවාරෙය්‍ය, දානකාලෙ වණිබ‍්බකෙ.

පෙරසිට මහණ බමුණන්ට දුන් දන නොපිරිහෙළා දෙන්නේ ය. දෙනකල එතනට පැමිණි යාචකයන් දැක ඔවුන්ට වෙන කිසිවක් නො වලක්වන්නේ ය.

“පඤ‍්ඤවා බුද‍්ධිසම‍්පන‍්නො, විධානවිධිකොවිදො; කාලඤ‍්ඤූ සමයඤ‍්ඤූ ච, ස රාජවසතිං වසෙ.

යමෙක් විමංශක ප්‍රඥාවෙන් යුක්තද බුද්ධි සම්පන්නද කාර්යයන් සංවිධානය කිරීමේ බුහුටි වේද දන්දීම සිල් රැකීම ආදියට යෝග්‍ය කාලය දන්නේද සීසෑම වැපිරීම ආදිය සඳහා යෝග්‍ය කාලය දන්නේද හේ රජගෙයි වසන්නේය.

“උට‍්ඨාතා කම‍්මධෙය්‍යෙසු, අප‍්පමත‍්තො විචක‍්ඛණො; සුසංවිහිතකම‍්මන‍්තො, ස රාජවසතිං වසෙ”ති.

නොපමා වූ බුද්ධිමත් වූ යමෙක් තම කටයුතු කිරීමේ උත්සාහ ඇත්තේද කාර්ය සංවිධානයේ මනා දක්‍ෂබව ඇත්තේ ද හෙතෙම රජගෙයි වසන්නේය.

තත්‍ථ දින‍්නපුබ‍්බන‍්ති පකතිපටියත‍්තං දානවත‍්තං. සමණබ්‍රාහ‍්මණෙති සමණෙ වා බ්‍රාහ‍්මණෙ වා. වණිබ‍්බකෙති දානකාලෙ වණිබ‍්බකෙ ආගතෙ දිස‍්වා කිඤ‍්චි න නිවාරෙය්‍ය. පඤ‍්ඤවාති විචාරණපඤ‍්ඤාය යුත‍්තො. බුද‍්ධිසම‍්පන‍්නොති අවෙකල‍්ලබුද‍්ධිසම‍්පන‍්නො. විධානවිධිකොවිදොති නානප‍්පකාරෙසු දාසකම‍්මකරපොරිසාදීනං සංවිදහනකොට‍්ඨාසෙසු ඡෙකො. කාලඤ‍්ඤූති “අයං දානං දාතුං, අයං සීලං රක‍්ඛිතුං, අයං උපොසථකම‍්මං කාතුං කාලො”ති ජානෙය්‍ය. සමයඤ‍්ඤූති “අයං කසනසමයො, අයං වපනසමයො, අයං වොහාරසමයො, අයං උපට‍්ඨානසමයො”ති ජානෙය්‍ය. කම‍්මධෙය්‍යෙසූති අත‍්තනො කත‍්තබ‍්බකම‍්මෙසු.

[missing trans]

“ඛලං සාලං පසුං ඛෙත‍්තං, ගන‍්තා චස‍්ස අභික‍්ඛණං; මිතං ධඤ‍්ඤං නිධාපෙය්‍ය, මිතංව පාචයෙ ඝරෙ.

යමෙක් ගොයම් මඩින තැනට, ශාලාවට ගවගාලට හා කුඹුරට නිතර යන්නේය. මනින ලද ධාන්‍ය අටුවල තැන්පත් කරන්නේය. ගෘහයේ ප්‍රයෝජනය සඳහා මැන පමණට පිසගන්නේය.

“පුත‍්තං වා භාතරං වා සං, සීලෙසු අසමාහිතං; අනඞ‍්ගවා හි තෙ බාලා, යථා පෙතා තථෙව තෙ; චොළඤ‍්ච නෙසං පිණ‍්ඩඤ‍්ච, ආසීනානං පදාපයෙ.

ශීලයන්හි නොපිහිටි පුතකු හෝ සොහොයුරකු හෝ අධිපති තනතුරක නොතබන්නේය. අඥාන වූ ඔවුහු අංග සමාන නොවෙති. ගුණ සිරුර නොමැති බැවින් ඔවුහු මළවුන් වැන්නාහ. කැඳවීමක් නැතිව පැමිණ සිටින්නන්ට රෙදිකඩක් හා ආහාර පමණක් දෙවන්නේය.

“දාසෙ කම‍්මකරෙ පෙස‍්සෙ, සීලෙසු සුසමාහිතෙ; දක‍්ඛෙ උට‍්ඨානසම‍්පන‍්නෙ, ආධිපච‍්චම‍්හි ඨාපයෙ”ති.

දක්‍ෂ වූද උත්සාහවත් වූද මනාව සීලයන්හි පිහිටියා වූද දාසයන්, කම්කරුවන් හා පණිවිඩකරුවන් අධිපති බවෙහි පිහිටුවන්නේය.

තත්‍ථ පසුං ඛෙත‍්තන‍්ති ගොකුලඤ‍්චෙව සස‍්සට‍්ඨානඤ‍්ච. ගන‍්තාති ගමනසීලො. මිතන‍්ති මිනිත්‍වා එත‍්තකන‍්ති ඤත්‍වා කොට‍්ඨෙසු නිධාපෙය්‍ය. ඝරෙති ඝරෙපි පරිජනං ගණෙත්‍වා මිතමෙව පචාපෙය්‍ය. සීලෙසු අසමාහිතන‍්ති එවරූපං දුස‍්සීලං අනාචාරං කිස‍්මිඤ‍්චි ආධිපච‍්චට‍්ඨානෙ න ඨපෙය්‍යාති අත්‍ථො. අනඞ‍්ගවා හි තෙ බාලාති “අඞ‍්ගමෙතං මනුස‍්සානං, භාතා ලොකෙ පවුච‍්චතී”ති (ජා· 1.4.58) කිඤ‍්චාපි ජෙට‍්ඨකනිට‍්ඨභාතරො අඞ‍්ගසමානතාය “අඞ‍්ග”න‍්ති වුත‍්තා, ඉමෙ පන දුස‍්සීලා, තස‍්මා අඞ‍්ගසමානා න හොන‍්ති. යථා පන සුසානෙ ඡඩ‍්ඩිතා පෙතා මතා, තථෙව තෙ. තස‍්මා තාදිසා ආධිපච‍්චට‍්ඨානෙ න ඨපෙතබ‍්බා. කුටුම‍්බඤ‍්හි තෙ විනාසෙන‍්ති, විනට‍්ඨකුටුම‍්බස‍්ස ච දලිද‍්දස‍්ස රාජවසති නාම න සම‍්පජ‍්ජති. ආසීනානන‍්ති ආගන‍්ත්‍වා නිසින‍්නානං පුත‍්තභාතානං මතසත‍්තානං මතකභත‍්තං විය දෙන‍්තො ඝාසච‍්ඡාදනමත‍්තමෙව පදාපෙය්‍ය. උට‍්ඨානසම‍්පන‍්නෙති උට‍්ඨානවීරියෙන සමන‍්නාගතෙ.

එහි පසුං ඛෙත්තං ගව සමූහයද ශස්‍ය ඇති තැනද ගන්තා යන ස්වභාව ඇති මිතං මැන මෙපමණයැයි දැනගෙන ගබඩාවල තබන්නේය. ඝරෙ ගෘහයෙහි ද සිටින පිරිස ගණන් කර ප්‍රමාණවත් ආහාර පිසවන්නේය. සීලෙසු අසමාහිතං මෙබඳු වූ ස්වභාව ඇති දුස්සීලයකු හෝ අනාචාරයෙහි හැසිරෙන්නකු කිසිම ප්‍රධාන තනතුරක නොතබන්නේය යන අර්ථයි. අනංගවාහි තෙ බාලා ලෝකයෙහි මෙය මනුෂ්‍යයන්ගේ ලක්‍ෂණයක් යැයි සහෝදරයා කියන්නේ යැයි කිසියම් දෙටු කනිටු සහෝදරවරු ශාරීරික සමානතාවයෙන් යුක්ත බැවින් අංගං යැයි කියන ලදී. මොව්හු වනාහි දුශ්ශීලයෝය. ඒ නිසා ඔවුන් අංගසම නොවේ. යම්සේ වනාහි සොහොනෙහි අතහැර දමන ලද මළා වූ ප්‍රේතයෝ එසේම ඔවුහු එබඳුය. අධිපති තනතුරෙහි නොතබන්නේය. ඔව්හු සිය පවුලද විනාශ කරත්. නැමුනා වූ දුප්පත් වූ තැනැත්තහුටද රාජ සේවනය නම් නුසුදුසු වන්නේය. ආසිතානං පැමිණ සිටියවුන්ට කෑම ඇඳීම පමණක් දෙන්නේය. උට්ඨාන සම්පන්නෙ උට්ඨාන වීර්යයෙන් යුක්ත වූ.

“සීලවා ච අලොලො ච, අනුරක‍්ඛො ච රාජිනො; ආවී රහො හිතො තස‍්ස, ස රාජවසතිං වසෙ.

යමෙක් සිල්වත්ද, ලෝභ රහිතද රහසිගතවත් ප්‍රසිද්ධියේත් රජතුමාට හිතවත් වේද හේ රජගෙහි වසන්නේය.

“ඡන්‍දඤ‍්ඤූ රාජිනො චස‍්ස, චිත‍්තට‍්ඨො අස‍්ස රාජිනො; අසඞ‍්කුසකවුත‍්තිංස‍්ස, ස රාජවසතිං වසෙ.

යමෙක් රජතුමාගේ කැමැත්ත දන්නේද රජතුමාගේ සිත සතුටු කෙරේද රජතුමාට විරුද්ධ නොවූ පැවතුම් ඇත්තේද හේ රජගෙහි වසන්නේය.

“උච‍්ඡාදයෙ ච න‍්හාපයෙ, ධොවෙ පාදෙ අධොසිරං; ආහතොපි න කුප‍්පෙය්‍ය, ස රාජවසතිං වසෙ”ති.

යමෙක් රජුගේ ඇග උලා නහවනුයේද යටිකුරු කළ හිස ඇතිව පා සෝදන්නේද පහර දුන්නත් නොකිපේද හේ රජගෙහි වසන්නේය.

තත්‍ථ අලොලොති අලුද‍්ධො. චිත‍්තට‍්ඨොති චිත‍්තෙ ඨිතො, රාජචිත‍්තවසිකොති අත්‍ථො. අසඞ‍්කුසකවුත‍්තිස‍්සාති අප‍්පටිලොමවුත‍්ති අස‍්ස. අධොසිරන‍්ති පාදෙ ධොවන‍්තොපි අධොසිරං කත්‍වා හෙට‍්ඨාමුඛොව ධොවෙය්‍ය, න රඤ‍්ඤො මුඛං උල‍්ලොකෙය්‍යාති අත්‍ථො.

එහි අලොලො යනු ගිජු නැති. චිත්තට්ඨෙ සිතෙහි රැඳුනු, රජුගේ සිත වසීකරගත් යන අරථයි. අසංකුසකවත්තිස්ස ආපසු නොහැරෙන ස්වභාව ඇත්තේ වන්නේය. අධොසිරං පා සෝදන්නේ නමුත් හිස පහත්කර බිම බලාගෙනම සේදිය යුතුයි. රජුගේ මුහුණ නොබලා යන අර්ථයි.

“කුම‍්භම‍්පඤ‍්ජලිං කරියා, චාටඤ‍්චාපි පදක‍්ඛිණං; කිමෙව සබ‍්බකාමානං, දාතාරං ධීරමුත‍්තමං.

අභිවෘද්ධිය තකා වතුර කළය දැක ඇඳිලි බැඳීමද කවුඩකු දැන ප්‍රදක්‍ෂිණාවද කෙරේ නම් කැමැති හැමදෙය දෙන්නා වූ ඥානවන්ත රජතුමා දුටුවිට කියනු කිම?

“යො දෙති සයනං වත්‍ථං, යානං ආවසථං ඝරං; පජ‍්ජුන‍්නොරිව භූතානි, භොගෙහි අභිවස‍්සති.

යමෙක් සයනාසන වස්ත්‍ර යානාවන්, වාසස්ථාන දෙන්නේද සත්ත්වයන්ට මේඝය මෙන් සම්පත් නමැති මහවැසි වස්වන රජතුමාට අභිවාදනය කළ යුතුයි.

“එසය්‍යො රාජවසති, වත‍්තමානො යථා නරො; ආරාධයති රාජානං, පූජං ලභති භත‍්තුසූ”ති.

ආර්යයෙනි, මා විසින් රාජ්‍ය සේවකයන්ගේ පැවැත්ම මෙසේ කියන ලදී. මෙපරිද්දෙන් යම් මිනිසෙක් රජුව සතුටු කෙරේද හෙතෙම ස්වාමීන්ගෙන් සැලකිලි ලබන්නේය.

තත්‍ථ කුම‍්භම‍්පඤ‍්ජලිං කරියා, චාටඤ‍්චාපි පදක‍්ඛිණන‍්ති වුද‍්ධිං පච‍්චාසීසන‍්තො පුරිසො උදකපූරිතං කුම‍්භං දිස‍්වා තස‍්ස අඤ‍්ජලිං කරෙය්‍ය, චාටඤ‍්ච සකුණං පදක‍්ඛිණං කරෙය්‍ය. අඤ‍්ජලිං වා පදක‍්ඛිණං වා කරොන‍්තස‍්ස තෙ කිඤ‍්චි දාතුං න සක‍්කොන‍්ති. කිමෙවාති යො පන සබ‍්බකාමානං දාතා ධීරො ච, තං රාජානං කිංකාරණා න නමස‍්සෙය්‍ය. රාජායෙව හි නමස‍්සිතබ‍්බො ච ආරාධෙතබ‍්බො ච. පජ‍්ජුන‍්නොරිවාති මෙඝො විය. එසය්‍යො රාජවසතීති අය්‍යො යා අයං මයා කථිතා, එසා රාජවසති නාම රාජසෙවකානං අනුසාසනී. යථාති යාය රාජවසතියා වත‍්තමානො නරො රාජානං ආරාධෙති, රාජූනඤ‍්ච සන‍්තිකා පූජං ලභති, සා එසාති.

[missing trans]

එවං අසමධුරො විධුරපණ‍්ඩිතො බුද‍්ධලීලාය රාජවසතිං කථෙසි;

[missing trans]

රාජවසතිකණ‍්ඩං නිට‍්ඨිතං.

රාජවසති කාණ්ඩය නිමියේ ය.