යෙදුමෙන් කියවන්න

අන‍්තරපෙය්‍යාලං අට‍්ඨකථා

අන‍්තරපෙය්‍යාලං

අතුරු සංක්‍ෂේපය

එවං පුත‍්තදාරඤාතිමිත‍්තසුහජ‍්ජාදයො අනුසාසන‍්තස‍්සෙව තස‍්ස තයො දිවසා ජාතා. සො දිවසස‍්ස පාරිපූරිං ඤත්‍වා පාතොව න‍්හත්‍වා නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා “රාජානං අපලොකෙත්‍වා මාණවෙන සද‍්ධිං ගමිස‍්සාමී”ති ඤාතිගණපරිවුතො රාජනිවෙසනං ගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො වත‍්තබ‍්බයුත‍්තකං වචනං අවොච. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ දූදරුවන් හා මිත්‍රාදීන්ට අනුශාසනා කරන්නා වූ ඔහුට දවස් තුනක් ගතවිය. ඔහු දවස සම්පූර්ණ බව දැන උදයේම නොයෙක් රස ඇති බොජුන් වළඳා රජුගෙන් අවසර ගෙන මානවකයා සමග යන්නෙමියි නෑ සමූහයා පිරිවරාගෙන රජගෙදරට ගොස් රජුට වැඳ එකත්පසෙක සිටියේ ප්‍රකාශ කළයුතු වචනය කීවේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“එවං සමනුසාසිත්‍වා, ඤාතිසඞ‍්ඝං විචක‍්ඛණො; පරිකිණ‍්ණො සුහදෙහි, රාජානමුපසඞ‍්කමි.

(විධුර) පඬිතුමා මෙසේ ඤාති සමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේය.

“වන්‍දිත්‍වා සිරසා පාදෙ, කත්‍වා ච නං පදක‍්ඛිණං; විධුරො අවච රාජානං, පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං.

පඬිතුමා රජතුමාගේ පා මත හිස තබා වැඳ ඔහු ප්‍රදක්ෂිණා කොට ඇඳිලි බැඳගෙන රජුට මෙසේ කීය.

“අයං මං මාණවො නෙති, කත‍්තුකාමො යථාමති; ඤාතීනත්‍ථං පවක‍්ඛාමි, තං සුණොහි අරින්‍දම.

රජතුමනි! මේ මානවකයා තමන්ට හැඟුනක් කරනු කැමතිව මා ගෙන යයි. (මාගේ) නෑයන්ට යහපත සඳහා මෙය කියන්නෙමි. එය අසනු මැනවි.

“පුත‍්තෙ ච මෙ උදික‍්ඛෙසි, යඤ‍්ච මඤ‍්ඤං ඝරෙ ධනං; යථා පෙච‍්ච න හායෙථ, ඤාතිසඞ‍්ඝො මයී ගතෙ.

මාගේ දරුවන් බැලුව මැනව. මාගේ නිවසෙහි අන්‍ය වූ යම් ධනයක් වේනම් එයද බැලුව මැනවි. මා ගිය පසු මාගේ නෑසියෝ යම්සේ නොපිරිහෙත්ද එසේ කරන්නේ නම් මැනවි.

“යථෙව ඛලතී භූම්‍යා, භූම්‍යායෙව පතිට‍්ඨති; එවෙතං ඛලිතං මය‍්හං, එතං පස‍්සාමි අච‍්චය”න‍්ති.

යම්සේ පොළව පැකිලී ගියේ පොළවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේය. මාගේ මෙම වරද දකිමි.

තත්‍ථ සුහදෙහීති සුහදයෙහි ඤාතිමිත‍්තාදීහි. යඤ‍්ච මඤ‍්ඤන‍්ති යඤ‍්ච මෙ අඤ‍්ඤං තයා චෙව අඤ‍්ඤෙහි ච රාජූහි දින‍්නං ඝරෙ අපරිමාණං ධනං, තං සබ‍්බං ත්‍වමෙව ඔලොකෙය්‍යාසි. පෙච‍්චාති පච‍්ඡාකාලෙ. ඛලතීති පක‍්ඛලති. එවෙතන‍්ති එවං එතං. අහඤ‍්හි භූමියං ඛලිත්‍වා තත්‍ථෙව පතිට‍්ඨිතපුරිසො විය තුම‍්හෙසු ඛලිත්‍වා තුම‍්හෙසුයෙව පතිට‍්ඨහාමි. එතං පස‍්සාමීති යො එස “කිං තෙ රාජා හොතී”ති මාණවෙන පුට‍්ඨස‍්ස මම තුම‍්හෙ අනොලොකෙත්‍වා සච‍්චං අපෙක‍්ඛිත්‍වා “දාසොහමස‍්මී”ති වදන‍්තස‍්ස අච‍්චයො, එතං අච‍්චයං පස‍්සාමි, අඤ‍්ඤො පන මෙ දොසො නත්‍ථි, තං මෙ අච‍්චයං තුම‍්හෙ ඛමථ, එතං හදයෙ කත්‍වා පච‍්ඡා මම පුත‍්තදාරෙසු මා අපරජ‍්ඣිත්‍ථාති.

එහි සුහදෙහි මහා හදක් ඇති ඤාති මිත්‍රාදීන් විසින්. යඤ්චමඤ්ඤං යම් ඒ නුඹ විසින් හෝ අන් රජවරුන් විසින් හෝ දෙන ලද ගෘහයෙහි ඇති අප්‍රමාණ වූ ධනයක් වේද ඒ සියල්ල ඔබම බලන්නෙහි. පෙච්චා පසුව. ඛලතී යනු පැකිළෙයි. එවෙතං මෙසේ මෙය මම බිම පැකිල එහිම පිහිටියා වූ පුරුෂයකු මෙන් නුඹලා කෙරෙහි පැකිල නුඹලා කෙරෙහිම පිහිටුවමි. එතං පස්සාමි යමෙක් රජ්ජුරුවන් වහන්සේ කවුරුන් වනසේක්දැයි මානවකයා විචාළ කල්හි නුඹ නොබලා සැබෑ බව දන්නා නිසා මම දාසයෙක් වෙමියි කියන්නහුගේ වරදයි. මේ වරද දකිමි. වෙන දෝෂයක් නම් නැත. මාගේ ඒ වරදට සමාවන්න. එය හදවතෙහි තබාගෙන පසුව මාගේ දරුවන් භාර්යාවන් කෙරෙහි අපරාධයක් නොකරන්න.

තං සුත්‍වා රාජා “පණ‍්ඩිත, තව ගමනං මය‍්හං න රුච‍්චති, මාණවං උපායෙන පක‍්කොසාපෙත්‍වා ඝාතෙත්‍වා කිලඤ‍්ජෙන පටිච‍්ඡාදෙතුං මය‍්හං රුච‍්චතී”ති දීපෙන‍්තො ගාථමාහ –

එය අසා රජතෙමේ පණ්ඩිතය! ඔබගේ ගමනට මම කැමැති නොවෙමි. ඔබ නොයන්න. මානවකයාව පිළිවෙලින් කැඳවා ඝාතනය කොට සඟවමු. මට එය රුචිවෙයි යැයි දක්වමින් ගාථාවක් කීය.

“සක‍්කා න ගන‍්තුං ඉති මය‍්හ හොති, ඡෙත්‍වා වධිත්‍වා ඉධ කාතියානං; ඉධෙව හොහී ඉති මය‍්හ රුච‍්චති, මා ත්‍වං අගා උත‍්තමභූරිපඤ‍්ඤා”ති.

උතුම් වූ මහා ප්‍රාඥය! ඔබට යා නොහැකිය. මට මෙසේ සිත්වේ. කාත්‍යායන නම් වූ මානවකයා මෙහිදී තළා මරා මෙහි නවතිනු යනු මට රුචිවෙයි. තෙපි නොයව.

තත්‍ථ ඡෙත්‍වාති ඉධෙව රාජගෙහෙ තං පොථෙත්‍වා මාරෙත්‍වා පටිච‍්ඡාදෙස‍්සාමීති.

එහි ඣත්‍වා යනු මෙහි රජගෙදරම ඔහුට තළාපෙළා මරා.

තං සුත්‍වා මහාසත‍්තො “දෙව, තුම‍්හාකං අජ‍්ඣාසයො එවරූපො හොති, සො තුම‍්හෙසු අයුත‍්තො”ති වත්‍වා ආහ –

ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ නුඹට මෙබඳු අදහසක් නොගැලපේයැයි කියා මෙසේ පැවසීය.

“මා හෙවධම‍්මෙසු මනං පණීදහි, අත්‍ථෙ ච ධම‍්මෙ ච යුත‍්තො භවස‍්සු; ධිරත්‍ථු කම‍්මං අකුසලං අනරියං, යං කත්‍වා පච‍්ඡා නිරයං වජෙය්‍ය.

රජතුමනි, අධර්මයෙහි සිත නොයොදන්න. අභිවෘද්ධිය ඇතිවන දෙයෙහිත් පුණ්‍ය කටයුතුවලත් යෙදෙන්න. යම් කර්මයක් කොට පසුව අපායට යේද, එවැනි ලාමක වූ පාප ක්‍රියාවන්ට නින්දා වේවා.

“නෙවෙස ධම‍්මො න පුනෙත කිච‍්චං, අයිරො හි දාසස‍්ස ජනින්‍ද ඉස‍්සරො; ඝාතෙතුං ඣාපෙතුං අථොපි හන‍්තුං, න ච මය‍්හ කොධත්‍ථි වජාමි චාහ”න‍්ති.

මේ යුක්තිය නොවේ. යළි කටයුතු දේ නොවේ. රජතුමනි! ස්වාමියා දාසයාගේ අධිපතියාය. ස්වාමියා විසින් ඔහුව නසන්ටත්, දවන්ටත්, පෝෂණය කරන්ටත් සුදුසුය. මානවකයා කෙරෙහි මට කෝපයක් නැත. මම ඔහු සමග යමි.

තත්‍ථ මා හෙවධම‍්මෙසු මනං පණීදහීති අධම‍්මෙසු අනත්‍ථෙසු අයුත‍්තෙසු තව චිත‍්තං මා හෙව පණිදහීති අත්‍ථො. පච‍්ඡාති යං කම‍්මං කත්‍වාපි අජරාමරො න හොති, අථ ඛො පච‍්ඡා නිරයමෙව උපපජ‍්ජෙය්‍ය. ධිරත්‍ථු කම‍්මන‍්ති තං කම‍්මං ගරහිතං අත්‍ථු අස‍්ස භවෙය්‍ය. නෙවෙසාති නෙව එස. අයිරොති සාමිකො. ඝාතෙතුන‍්ති එතානි ඝාතාදීනි කාතුං අයිරො දාසස‍්ස ඉස‍්සරො, සබ‍්බානෙතානි කාතුං ලභති, මය‍්හං මාණවෙ අප‍්පමත‍්තකොපි කොධො නත්‍ථි, දින‍්නකාලතො පට‍්ඨාය තව චිත‍්තං සන්‍ධාරෙතුං වට‍්ටති, වජාමි අහං නරින්‍දාති ආහ –

එහි මාහෙවධම්මෙසු යනු අධර්මයන්හි අනර්ථයන්හි පින් නොවන දෙයෙහි නුඹගේ සිත නොයොදන්න යන අර්ථයි. පච්ඡා යනු යම් කර්මයක් කොට හෝ අජරාමර නොවෙයි. ඉක්බිති පසුව නිරයෙහිම උපදින්නේය. ඒ කර්මයට නින්දා වේවා. නෙවෙස මෙය නොවේ. අයිරො ස්වාමීනි, සාතෙතුං මේ ඝාතන ආදිය කරන්ට ආර්යයන් වහන්සේ දාසයාගේ ප්‍රධානියාය. මේ සියල්ල කරන්නට ලැබෙයි. මට මානවකයා කෙරෙහි අල්ප වූද ක්‍රෝධයක් නැත. දෙන ලද කාලයේ පටන් සිත වලක්වාගන්නට වටනේය. රජතුමනි, මම යමි යැයි කීය.

එවං වත්‍වා මහාසත‍්තො රාජානං වන්‍දිත්‍වා රඤ‍්ඤො ඔරොධෙ ච පුත‍්තදාරෙ ච රාජපරිසඤ‍්ච ඔවදිත්‍වා තෙසු සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කුණිත්‍වා මහාවිරවං විරවන‍්තෙසුයෙව රාජනිවෙසනා නික‍්ඛමි. සකලනගරවාසිනොපි “පණ‍්ඩිතො කිර මාණවෙන සද‍්ධිං ගමිස‍්සති, එථ, පස‍්සිස‍්සාම න”න‍්ති මන‍්තයිත්‍වා රාජඞ‍්ගණෙයෙව නං පස‍්සිංසු. අථ නෙ මහාසත‍්තො අස‍්සාසෙත්‍වා “තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සරීරං අද‍්ධුවං, යසො නාම විපත‍්තිපරියොසානො, අපිච තුම‍්හෙ දානාදීසු පුඤ‍්ඤෙසු අප‍්පමත‍්තා හොථා”ති තෙසං ඔවාදං දත්‍වා නිවත‍්තාපෙත්‍වා අත‍්තනො ගෙහාභිමුඛො පායාසි. තස‍්මිං ඛණෙ ධම‍්මපාලකුමාරො භාතිකගණපරිවුතො “පිතු පච‍්චුග‍්ගමනං කරිස‍්සාමී”ති නික‍්ඛන‍්තො නිවෙසනද‍්වාරෙයෙව පිතු සම‍්මුඛො අහොසි. මහාසත‍්තො තං දිස‍්වා සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො උපගුය‍්හ උරෙ නිපජ‍්ජාපෙත්‍වා නිවෙසනං පාවිසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ කියා මහා සත්ත්වයන් වහන්සේ රජුට වැඳ රාජ අන්තඃපුරයටද රජ පිරිසටද අවවාද කොට ඔවුන් කෙරෙහි ස්වකීයත්වය සනිටුහන් නොකොට මහා හඬින් විලාප ගසද්දී රජගෙදරින් නික්ම ගියේය. සියළු නුවර වැසියෝ මෙසේ සිතූහ. පණ්ඩිතයන් වහන්සේ වනාහි මානවකයා සමග යයි. එව්. එතුමාව බලමු යැයි රාංගනයේදීම එතුමන් දුටුවාහ. ඔව්හුද නොසිතව්. සියළු සංස්කාරයෝ අනිත්‍යයහ. දානාදී පුණ්‍යකර්මවල අප්‍රමාදී වව් යැයි අවවාද දී නතරවී තමන්ගේ ගෙය දිසාවට පිටත්ව ගියේය. එකෙණෙහි ධර්මපාල කුමාරයා පිරිවරාගෙන පියාට පසුගමන් කරන්නෙමියි හික්මෙන්නේ මාලිගයේ දොරටුව ළඟදීම පියා මුනගැසුනේය. මහාසත්ත්වයන් වහන්සේ ඔහු දැක ශෝකය දරාගන්නට නොහැකිව වැළඳගෙන ළයෙහි හොවාගෙන වාසභවනයට පිවිසියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“ජෙට‍්ඨපුත‍්තං උපගුය‍්හ, විනෙය්‍ය හදයෙ දරං; අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි, පාවිසී සො මහාඝර”න‍්ති.

ඒ පඬිතුමා තම දෙටු පුතණුවන් වැළඳගෙන චිත්ත පීඩාව දුරුකොට කඳුළු පිරි දෙනෙතින් යුතුව මහාපායට ගියේය.

ඝරෙ පනස‍්ස සහස‍්සපුත‍්තා, සහස‍්සධීතරො, සහස‍්සභරියායො, ච සත‍්තවණ‍්ණදාසිසතානි ච සන‍්ති, තෙහි චෙව අවසෙසදාසිදාසකම‍්මකරඤාතිමිත‍්තසුහජ‍්ජාදීහි ච සකලනිවෙසනං යුගන‍්තවාතාභිඝාතපතිතෙහි සාලෙහි සාලවනං විය නිරන‍්තරං අහොසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මොහුගේ ගෘහයෙහි වනාහි පුත්‍රයෝ දහසක්ද දහසක් දූවරුන්ද දහසක් භාර්යාවන් ද සප්තවර්ණ දාසීන් සියයක් ද යන මේ අයද ඉතිරි දාස, කම්කරු ඤාති මිත්‍රාදීන්ගෙන් යුත් සියළු නිවාසය යුගාන්ත වාතය වැදීමෙන් වැටුනා වූ සල්වනයක් මෙන් නිරතුරු විය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“සාලාව සම‍්මපතිතා, මාලුතෙන පමද‍්දිතා; සෙන‍්ති පුත‍්තා ච දාරා ච, විධුරස‍්ස නිවෙසනෙ.

විධුර පඬිතුමාගේ නිවෙසෙහි දරුවෝද බිරියෝද සුළඟින් මඩනා ලද කම්පිත වූ සල්වනයක සල්ගස් මෙන් එහි තන්හි වැටී සිටිත්.

“ඉත්‍ථිසහස‍්සං භරියානං, දාසිසත‍්තසතානි ච; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, විධුරස‍්ස නිවෙසනෙ.

විධුර පඬිතුමාගේ නිවෙසෙහි දහසක් භාර්යා වූ ස්ත්‍රීහුද සත්සියයක් දාසීහුද හිස අත් බැඳගෙන හැඬූහ.

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, විධුරස‍්ස නිවෙසනෙ.

විධුර පඬිතුමාගේ නිවාසයෙහි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝ ද බමුණෝ ද හිස අත්බැඳගෙන හැසූහ.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, විධුරස‍්ස නිවෙසනෙ.

විධුර පඬිතුමාගේ නිවාසයෙහි ඇතරුවෝ ද, අසරුවෝ ද රථිකයෝද පාබල සේනාවෝද හිස අත්බැඳ හැඬූහ.

“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, විධුරස‍්ස නිවෙසනෙ.

විධුර පඬිතුමාගේ නිවෙසෙහි රැස්වූ දනව් වැස්සෝ ද නියම්ගම් වැස්සෝද හිස අත් බැඳ හැඬූහ.

“ඉත්‍ථිසහස‍්සං භරියානං, දාසිසත‍්තසතානි ච; බාහා පග‍්ගය‍්හ පක‍්කන‍්තුං, කස‍්මා නො විජහිස‍්සසි.

[missing trans]

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසි.

[missing trans]

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසි.

[missing trans]

“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසී”ති.

[missing trans]

තත්‍ථ සෙන‍්තීති මහාතලෙ ඡින‍්නපාදා විය පතිතා ආවත‍්තන‍්තා පරිවත‍්තන‍්තා සයන‍්ති. ඉත්‍ථිසහස‍්සං භරියානන‍්ති භරියානමෙව ඉත්‍ථීනං සහස‍්සං. කස‍්මා නො විජහිස‍්සසීති කෙන කාරණෙන අම‍්හෙ විජහිස‍්සසීති පරිදෙවිංසු.

එහි සෙන්ති යනු මහපොළවෙහි සිඳී වැටී යන්නාහු නිදත්. භරියානං භාර්යාවන්ට, ස්ත්‍රීන් දහසක්. කස්මානො කුමන කරුණකින් අපව අත්හැර දමන්නේදැයි හඬා වැළපුනහ.

මහාසත‍්තො සබ‍්බං තං මහාජනං අස‍්සාසෙත්‍වා ඝරෙ අවසෙසකිච‍්චානි කත්‍වා අන‍්තොජනඤ‍්ච බහිජනඤ‍්ච ඔවදිත්‍වා ආචික‍්ඛිතබ‍්බයුත‍්තකං සබ‍්බං ආචික‍්ඛිත්‍වා පුණ‍්ණකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා අත‍්තනො නිට‍්ඨිතකිච‍්චතං ආරොචෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මහාසත්ත්වයන් වහන්සේ ඒ සියළු ජනතාව අස්වසා ඉතිරි කටයුතු කර අන්තඃපුර ජනයාට අවවාද දී කිවයුතුව ඇති සියල්ල කියා පුණ්ණකගේ සමීපයට ගොස් තමාගේ කටයුතු අවසන් බව දැන්වීය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“කත්‍වා ඝරෙසු කිච‍්චානි, අනුසාසිත්‍වා සකං ජනං; මිත‍්තාමච‍්චෙ ච භච‍්චෙ ච, පුත‍්තදාරෙ ච බන්‍ධවෙ.

පණ්ඩිත තෙමේ ගෘහයන්හි කළමනා කටයුතු කොට මිත්‍ර අමාත්‍යයන්, දාසයන්, අඹුදරුවන්, නෑයන් සහ ස්වකීය ජනතාවට අනුශාසනා කොට, වැඩ පිළියෙල කොට ගෙහි ඇති ධනයද නිධානය ණයට දුන් ධනයද පවසා පූර්ණකයාට මෙය කීය.

“කම‍්මන‍්තං සංවිධෙත්‍වාන, ආචික‍්ඛිත්‍වා ඝරෙ ධනං; නිධිඤ‍්ච ඉණදානඤ‍්ච, පුණ‍්ණකං එතදබ්‍රවි.

“අවසී තුවං මය‍්හ තීහං අගාරෙ, කතානි කිච‍්චානි ඝරෙසු මය‍්හං; අනුසාසිතා පුත‍්තදාරා මයා ච, කරොම කච‍්චාන යථාමතිං තෙ”ති.

මාගේ නිවසෙහි ඔබ තෙදිනක් වාසය කෙළෙහිය. මා විසින් මාගේ ගෘහයන්හි කළයුතු කාර්යයන් මා විසින් කරන ලදී. අඹුදරුවන්ට අනුශාසනා කරන ලදී. කච්චායනය! දැන් තොපගේ අදහස් පරිදි ක්‍රියා කරමු.

තත්‍ථ කම‍්මන‍්තං සංවිධෙත්‍වානාති “එවඤ‍්ච කාතුං වට‍්ටතී”ති ඝරෙ කත‍්තබ‍්බයුත‍්තකං කම‍්මං සංවිදහිත්‍වා. නිධින‍්ති නිදහිත්‍වා ඨපිතධනං. ඉණදානන‍්ති ඉණවසෙන සංයොජිතධනං. යථාමතිං තෙති ඉදානි තව අජ‍්ඣාසයානුරූපං කරොමාති වදති.

එහි කම්මන්තං සංවිධෙත්‍වාන යනු මේ මේ අයුරින් කළයුතුයයි ගෘහයෙහි කළයුතු වැඩ සංවිධානය කොට නිධිං ඒ ඒ තැන්වල තබන ලද ධනය. ඉණදානං ණය වශයෙන් යොදන ලද ධනය. යථාමතිං තෙ දැන් නුඹගේ අදහස්වලට අනුව වැඩකරමු.

පුණ‍්ණකො ආහ –

පුණ්ණක තෙමේ මෙසේ කීය.

“සචෙ හි කත‍්තෙ අනුසාසිතා තෙ, පුත‍්තා ච දාරා අනුජීවිනො ච; හන්‍දෙහි දානී තරමානරූපො, දීඝො හි අද‍්ධාපි අයං පුරත්‍ථා.

ප්‍රිය තැනැත්ත! ඉදින් තොප විසින් දරුවන්ට, බිරියන්ට සහ සේවකයන්ට අනුශාසනා කරන ලද නම් දැන් වහා එන්න. ඉදිරියෙහි ගමන් මග ද ඉතා දිගය.

“අඡම‍්භිතොව ගණ‍්හාහි, ආජානෙය්‍යස‍්ස වාලධිං; ඉදං පච‍්ඡිමකං තුය‍්හං, ජීවලොකස‍්ස දස‍්සන”න‍්ති.

මේ ආජානීය අසුගේ වලිගය බියෙන් තොරව අල්ලාගන්න මෙය තොපගේ මිනිස්ලොව අවසාන දර්ශනය වෙයි.

තත්‍ථ කත‍්තෙති සොමනස‍්සප‍්පත‍්තො යක‍්ඛො මහාසත‍්තං ආලපති. දීඝො හි අද‍්ධාපීති ගන‍්තබ‍්බමග‍්ගොපි දීඝො. “අඡම‍්භිතොවා”ති ඉදං සො හෙට‍්ඨාපාසාදං අනොතරිත්‍වා තතොව ගන‍්තුකාමො හුත්‍වා අවච.

එහි කන්තෙ යනු සතුටට පත් යක්‍ෂයා මහා සත්ත්වයන්ට ආමන්ත්‍රණය කරයි. අද්ධාපි යා යුතු මාර්ගයද දිගය. අසම්භීකොවා මෙය හෙතෙම පහත ප්‍රාසාදයට නොබැස එයින්ම යනු කැමැත්තේ මෙසේ කීය.

අථ නං මහාසත‍්තො ආහ –

ඉක්බිති ඔහුට මහා සත්ත්වයන් වහන්සේ කීය.

“සොහං කිස‍්ස නු භායිස‍්සං, යස‍්ස මෙ නත්‍ථි දුක‍්කටං; කායෙන වාචා මනසා, යෙන ගච‍්ඡෙය්‍ය දුග‍්ගති”න‍්ති.

යමක් නිසා දුගතියට යේනම් කය වචනය හිත යන තුන්දොරින් මා කළ එබඳු වරදක් නැත. එහෙයින් ඒ මම කුමට බිය වෙම්ද?

තත්‍ථ සොහං කිස‍්ස නු භායිස‍්සන‍්ති ඉදං මහාසත‍්තො “අඡම‍්භිතොව ගණ‍්හාහී”ති වුත‍්තත‍්තා එවමාහ.

එහි සොහං කිස්සනු භායිස්සං යන මෙය මහාසත්ත්වයන් වහන්සේ නොබියව ගනුවයි කියන ලද බැවින් මෙසේ කීය.

එවං මහාසත‍්තො සීහනාදං නදිත්‍වා අඡම‍්භිතො කෙසරසීහො විය නිබ‍්භයො හුත්‍වා “අයං සාටකො මම අරුචියා මා මුච‍්චතූ”ති අධිට‍්ඨානපාරමිං පුරෙචාරිකං කත්‍වා දළ‍්හං නිවාසෙත්‍වා අස‍්සස‍්ස වාලධිං වියූහිත්‍වා උභොහි හත්‍ථෙහි දළ‍්හං වාලධිං ගහෙත්‍වා ද‍්වීහි පාදෙහි අස‍්සස‍්ස ඌරූසු පලිවෙඨෙත්‍වා “මාණව, ගහිතො මෙ වාලධි, යථාරුචි යාහී”ති ආහ. තස‍්මිං ඛණෙ පුණ‍්ණකො මනොමයසින්‍ධවස‍්ස සඤ‍්ඤං අදාසි. සො පණ‍්ඩිතං ආදාය ආකාසෙ පක‍්ඛන්‍දි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ මහා සත්ත්වයන් වහන්සේ සිංහනාද කොට නිර්භය කේශර සිංහයෙක් මෙන් භය නැතිව මේ සාටකය මගේ අකමැත්තෙන් නොමිදේවායි අධිෂ්ඨාන පාරමිතාව පෙරටු කොටගෙන දැඩිලෙස හිඳගෙන අශ්වයාගේ වල්ගය විසුරුවා අත්දකින් වලිගය දැඩිලෙස අල්ලාගෙන පා දෙකින් අශ්වයාව කලවා දෙකින් හිරකරගෙන, මානවකය. මා විසින් වළිගය අල්ලා ගන්නා ලදී. කැමැති පරිද්දෙන් යන්නැයි කීය. එකෙණෙහි පුණ්ණක තෙමේ මනෝමය අශ්වයාට සංඥා කළේය. ඌ පණ්ඩිතයන්ව ගෙන අහසට පැන නැංගේය. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“සො අස‍්සරාජා විධුරං වහන‍්තො, පක‍්කාමි වෙහායසමන‍්තලික‍්ඛෙ; සාඛාසු සෙලෙසු අසජ‍්ජමානො, කාළාගිරිං ඛිප‍්පමුපාගමාසී”ති.

ඒ අශ්වරාජ තෙමේ විධුර පඬිතුමන් උසුලමින් අහසින් ගමන් කළේය. අතුවල හා ගල්වල නොගැටෙමින් කාලගිරි පර්වතයට ඉක්මණින් පැමිණියේය.

තත්‍ථ සාඛාසු සෙලෙසු අසජ‍්ජමානොති පුණ‍්ණකො කිර චින‍්තෙසි “දූරං අගන‍්ත්‍වාව ඉමං හිමවන‍්තප‍්පදෙසෙ රුක‍්ඛෙසු පබ‍්බතෙසු ච පොථෙත්‍වා මාරෙත්‍වා හදයමංසං ආදාය කළෙවරං පබ‍්බතන‍්තරෙ ඡඩ‍්ඩෙත්‍වා නාගභවනමෙව ගමිස‍්සාමී”ති. සො රුක‍්ඛෙ ච පබ‍්බතෙ ච අපරිහරිත්‍වා තෙසං මජ‍්ඣෙනෙව අස‍්සං පෙසෙසි. මහාසත‍්තස‍්සානුභාවෙන රුක‍්ඛාපි පබ‍්බතාපි සරීරතො උභොසු පස‍්සෙසු රතනමත‍්තං පටික‍්කමන‍්ති. සො “මතො වා, නො වා”ති පරිවත‍්තිත්‍වා මහාසත‍්තස‍්ස මුඛං ඔලොකෙන‍්තො කඤ‍්චනාදාසමිව විප‍්පසන‍්නං දිස‍්වා “අයං එවං න මරතී”ති පුනපි සකලහිමවන‍්තප‍්පදෙසෙ රුක‍්ඛෙ ච පබ‍්බතෙ ච තික‍්ඛත‍්තුං පොථෙන‍්තො පෙසෙසි . එවං පොථෙන‍්තොපි තථෙව රුක‍්ඛපබ‍්බතා දූරමෙව පටික‍්කමන‍්තියෙව. මහාසත‍්තො පන කිලන‍්තකායො අහොසි. අථ පුණ‍්ණකො “අයං නෙව මරති, ඉදානි වාතක‍්ඛන්‍ධෙ චුණ‍්ණවිචුණ‍්ණං කරිස‍්සාමී”ති කොධාභිභූතො සත‍්තමං වාතක‍්ඛන්‍ධං පක‍්ඛන්‍දි. බොධිසත‍්තස‍්සානුභාවෙන වාතක‍්ඛන්‍ධො ද‍්විධා හුත්‍වා බොධිසත‍්තස‍්ස ඔකාසං අකාසි. තතො වෙරම‍්භවාතෙහි පහරාපෙසි, වෙරම‍්භවාතාපි සතසහස‍්සඅසනිසද‍්දො විය හුත්‍වා බොධිසත‍්තස‍්ස ඔකාසං අදංසු. සො පුණ‍්ණකො තස‍්ස අන‍්තරායාභාවං පස‍්සන‍්තො තං ආදාය කාළපබ‍්බතං අගමාසි. තෙන වුත‍්තං –

එහි සාඛාසු සෙලෙසු අසජ්ජමානො යනු පුණ්ණක තෙමේ වනාහි මෙසේ සිතීය. දුරට නොගොස්ම මොහුව හිමවත් පෙදෙසෙහි ගස්වල පර්වතවල වද්දමින් මරා හෘදයමාංශය ගෙන මෘත ශරීරය පර්වත අතර අත්හැර දමා නාග භවනයට යන්නෙමියි සිතීය. හෙතෙම ගස් ද පර්වතයන් ද විශාල ගස් ද මගහරින්නේ නැතිව එහි මැදින් අවස්ථා මෙහෙයවීය. මහාසත්ත්වයන් වහන්සේගේ අනුභාවයෙන් ගද පර්වතද ඔහුගේ ශරීරයේ දෙපැත්තෙහි රියනක් පමණ ඈත්වෙයි. ඔහු මළේද නැද්ද කියා පෙරළා මහා සත්ත්වයන් වහන්සේගේ මුහුණ බලන්නේ ස්වර්ණමය කැඩපතක් මෙන් බබලනවා දැක, මොහු මෙසේ නොමැරෙයි. දැන් වායු ධාරාවෙන් සුනු විසුනු කරන්නෙමියි ක්‍රෝධයෙන් මැඩගත්තේ සිතා සත්වැනි වායුධාරාව මුදාහැරිය. ඉක්බිති වේරම්භ වාතයෙන්වත් ඔහුට අනතුරක් නොවන බව දකින්නේ ඔහුව ගෙන කාළ පර්වතයට ගියේය. ඒ නිසා කියන ලදී.

“සො අස‍්සරාජා විධුරං වහන‍්තො, පක‍්කාමි වෙහායසමන‍්තලික‍්ඛෙ; සාඛාසු සෙලෙසු අසජ‍්ජමානො, කාළාගිරිං ඛිප‍්පමුපාගමාසී”ති.

[missing pali] සාඛාසු සෙලෙසු අසජ්ජමානො කාළාගිරිං ඛිප්පමුපාගමා’සි

[missing trans] (අතුවලත් පර්වතවලත් නොගැටෙමින් කාළාගිරියට වහා ගියේය.)

තත්‍ථ අසජ‍්ජමානොති අලග‍්ගමානො අප‍්පටිහඤ‍්ඤමානො විධුරපණ‍්ඩිතං වහන‍්තො කාළපබ‍්බතමත්‍ථකං උපාගතො.

එහි අසජ්ජමානො නොඇලෙන්නේ නොහැපී, විධුර පණ්ඩිතයන්ව උසුලාගෙන කාළ පර්වතය මත්තට පැමිණියේය.

එවං පුණ‍්ණකස‍්ස මහාසත‍්තං ගහෙත්‍වා ගතකාලෙ පණ‍්ඩිතස‍්ස පුත‍්තදාරාදයො පුණ‍්ණකස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තත්‍ථ මහාසත‍්තං අදිස‍්වා ඡින‍්නපාදා විය පතිත්‍වා අපරාපරං පරිවත‍්තමානා මහාසද‍්දෙන පරිදෙවිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ පුණ්ණක විසින් මහාසත්ත්වයන්ව ගෙනගිය කල්හි පණ්ඩිතයන්ගේ පුත්‍රාදීහු පුණ්ණකගේ වාසස්ථානයට ගොස් මහා සත්ත්වයන්ව නොදැක සිඳුනු ප්‍රපාතයකට වැටී නැවත නැවතත් මහා හඬින් විලාප නැගූහ. ඒ කාරණය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“ඉත්‍ථිසහස‍්සං භරියානං, දාසිසත‍්තසතානි ච; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන; විධුරං ආදාය ගච‍්ඡති’.

යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහුද සත්සියයක් දාසීහුද හිස අත්බැඳ හැඬූහ.

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන; විධුරං ආදාය ගච‍්ඡති’.

[missing trans]

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන; විධුරං ආදාය ගච‍්ඡති’.

[missing trans]

“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන; විධුරං ආදාය ගච‍්ඡති’.

යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් ගම් නියම්ගම් ජනපද වැස්සෝ ද සත්සියයක් දාසීහුද හිස අත්බැඳ හැඬූහ.

“ඉත්‍ථිසහස‍්සං භරියානං, දාසිසත‍්තසතානි ච; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘පණ‍්ඩිතො සො කුහිං ගතො’.

ඒ විධුර පඬිතුමා කොහි ගියේදැයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසියෝද හිස අත්බැඳ හැඬූහ.

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘පණ‍්ඩිතො සො කුහිං ගතො’.

[missing trans]

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘පණ‍්ඩිතො සො කුහිං ගතො’.

[missing trans]

සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘පණ‍්ඩිතො සො කුහිං ගතො’”ති.

ඒ විධුර පඬිතුමා කොහි ගියේදැයි කියමින් නියම්ගම් දනවු වැස්සෝද සත්සියයක් දාසියෝද හිස අත්බැඳ හැඬූහ.

එවං පක‍්කන්‍දිත්‍වා ච පන තෙ සබ‍්බෙපි සකලනගරවාසීහි සද‍්ධිං රොදිත්‍වා රාජද‍්වාරං අගමංසු. රාජා මහන‍්තං පරිදෙවසද‍්දං සුත්‍වා සීහපඤ‍්ජරං විවරිත්‍වා “තුම‍්හෙ කස‍්මා පරිදෙවථා”ති පුච‍්ඡි. අථස‍්ස තෙ “දෙව, සො කිර මාණවො න බ්‍රාහ‍්මණො, යක‍්ඛො පන බ්‍රාහ‍්මණවණ‍්ණෙන ආගන‍්ත්‍වා පණ‍්ඩිතං ආදාය ගතො, තෙන විනා අම‍්හාකං ජීවිතං නත්‍ථි. සචෙ සො ඉතො සත‍්තමෙ දිවසෙ නාගමිස‍්සති, සකටසතෙහි සකටසහස‍්සෙහි ච දාරූනි සඞ‍්කඩ‍්ඪිත්‍වා සබ‍්බෙ මයං අග‍්ගිං උජ‍්ජාලෙත්‍වා පවිසිස‍්සාමා”ති ඉමමත්‍ථං ආරොචෙන‍්තා ඉමං ගාථමාහංසු –

මහා සත්ත්වයන්ට ගෙන අහසින් යනු දැකද අසා ද මෙසේ හඬා ඒ සියල්ලෝම නැවත සියළු නගරවැසියන් සමග හඬන්නාහු රජගෙදර දොරටුව ළඟට ගියාහ. රජතෙමේ හඬන මහා ශබ්දය අසා සීමැදුරු කවුළුව විවෘතකර කුමක් නිසා හඬන්නහුදැයි විචාළේය. ඉක්බිති ඔවුහු රජුට මෙසේ කීය. දේවයන් වහන්ස! ඒ මානවකයා බ්‍රාහ්මණයෙක් නොවේ. යක්‍ෂයෙක් බ්‍රාහ්මණ වේශයෙන් අවුත් පඬිතුමාව රැගෙන ගියේය. එතුමන් හැර අපට ජීවිතයක් නැත. ඉදින් මෙයින් සත්වන දවසෙහි නො එන්නේද ගැල් සියයකින්, ගැල් දහසකින් දර ගෙනවුත් අපි සියල්ලෝම ගින්නට පනින්නෙමු. මේ කාරණය පවසමින් මේ ගාථාව කීවාහුය.

“සචෙ සො සත‍්තරත‍්තෙන, නාගච‍්ඡිස‍්සති පණ‍්ඩිතො; සබ‍්බෙ අග‍්ගිං පවෙක‍්ඛාම, නත්‍ථත්‍ථො ජීවිතෙන නො”ති.

ඉදින් ඒ පඬිතුමා සත් රැයෙකින් නොඑන්නේ නම් අපි සියළු දෙන ගින්නට පනින්නෙමු. අපේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත.

සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පරිනිබ‍්බුතකාලෙපි “මයං අග‍්ගිං පවිසිත්‍වා මරිස‍්සාමා”ති වත‍්තාරො නාම නාහෙසුං. අහො සුභාසිතං මහාසත‍්තෙ නාගරෙහීති. රාජා තෙසං කථං සුත්‍වා “තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ, මධුරකථො පණ‍්ඩිතො මාණවං ධම‍්මකථාය පලොභෙත්‍වා අත‍්තනො පාදෙසු පාතෙත්‍වා සකලනගරවාසීනං අස‍්සුමුඛං හාසයන‍්තො න චිරස‍්සෙව ආගමිස‍්සතී”ති අස‍්සාසෙන‍්තො ගාථමාහ –

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ කල්හිද අපි ගින්නට පැන මැරෙන්නෙමුයි කියූ අය නොසිටියහ. අහෝ, අනේ, මහාසත්ත්වයන් වහන්සේ නගරයෙහි මනාව වාසය කළහ. රජතෙමේ ඔවුන්ගේ කථාව අසා මිහිරිකථා ඇති පඬිතුමා මානවකයාව ධර්මකථාවෙන් පොළඹවාගෙන තමාගේ පා ළඟ හෙළා නොබෝ කලකින්ම කඳුළුපිරි මුහුණ සිනහ ගන්වමින් එන්නේය. ශෝක නොකරව් යැයි මේ ගාථාව කීය.

“පණ‍්ඩිතො ච වියත‍්තො ච, විභාවී ච විචක‍්ඛණො; ඛිප‍්පං මොචිය අත‍්තානං, මා භායිත්‍ථාගමිස‍්සතී”ති.

විධුර පඬිතුමා පඬිවරයෙකි. විමසන නුවණින් යුක්තය. ව්‍යාක්තය. කටයුතු නොකටයුතු කීමට දනී. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තය. එහෙයින් බිය නොවන්න. පඬිතුමා වහා ග්‍රහණයෙන් මිදෙන්නේය. යළි මෙහි එන්නේය.

තත්‍ථ වියත‍්තොති වෙය්‍යත‍්තියා විචාරණපඤ‍්ඤාය සමන‍්නාගතො. විභාවීති අත්‍ථානත්‍ථං කාරණාකාරණං විභාවෙත්‍වා දස‍්සෙත්‍වා කථෙතුං සමත්‍ථො. විචක‍්ඛණොති තඞ‍්ඛණෙයෙව ඨානුප‍්පත‍්තිකාය කාරණචින‍්තනපඤ‍්ඤාය යුත‍්තො. මා භායිත්‍ථාති මා භායථ, අත‍්තානං මොචෙත්‍වා ඛිප‍්පං ආගමිස‍්සතීති අස‍්සාසෙති.

එහි වියත්තො යනු ප්‍රඥාවෙන් විචාර බුද්ධියෙන් යුක්ත වූයේ. විභාවී අර්ථය. අනර්ථය. කාරණය අකාරණය සලකා එය දක්වා කියන්නට සමර්ථ. විචක්ඛණො යනු එකෙණෙහිම හටගත්තා වූ කරුණු අවබෝධ කරගැනීමේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ. මාභාථ බිය නොවව්. වහා තමා මිදී එන්නේයැයි අස්වැසීය.

නාගරාපි “පණ‍්ඩිතො කිර රඤ‍්ඤො කථෙත්‍වා ගතො භවිස‍්සතී”ති අස‍්සාසං පටිලභිත්‍වා අත‍්තනො ගෙහානි පක‍්කමිංසු.

නගරවැසියෝද පඬිතුමා රජුට කියා ගියේ වන්නේයැයි අස්වැසුම් ලැබූහ.

අන‍්තරපෙය්‍යාලො නිට‍්ඨිතො.

අතුරු සංක්‍ෂේපය නිමියේ ය.