යෙදුමෙන් කියවන්න

අන‍්තරපෙය්‍යාලො

5662. එවං සමනුසාසිත්‍වා ඤාතිසඞ‍්ඝං විචක‍්ඛණො, පරිකිණ‍්ණො සුහදෙහි රාජානමුපසඞ‍්කමී.

5662. විධුර පඬිතුමා මෙසේ ඤාතිසමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේ ය.

5663. වන්‍දිත්‍වා සිරසා පාදෙ කත්‍වා ච නං පදක‍්ඛිණං, විධුරො අවච රාජානං පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං.

5663. විධුර පඬිතුමා හිසින් රජතුමාගේ පා වැඳ ඔහු පැදකුණු කොට ඇඳිලි බැඳගෙන රජුට (මෙසේ) කීය:

5664. අයං මං මාණවො නෙති කත‍්තුකාමො යථාමතිං, ඤාතීනත්‍ථං පවක‍්ඛාමි තං සුණොහි අරින්‍දම.

5664. රජතුමාණෙනි, මේ මාණවකයා ඔහුගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීමට මා ගෙන යයි. (මගේ) නෑයන්ට යහපත පිණිස මෙය කියන්නෙමි. එය අසන්නේ මැනැවි.

5665. පුත‍්තෙ ච මෙ උදික‍්ඛෙසි යඤ‍්ච මඤ‍්ඤං ඝරෙ ධනං, යථා පෙච‍්ච න හායෙථ ඤාතිසඞ‍්ඝො මයි ගතෙ.

5665. මාගේ දරුවන් බැලුව මැනැව. මාගේ නිවෙසෙහි (ඔබ විසින් හෝ අන් රජුන් විසින් හෝ දෙන ලද) අන්‍ය වූ යම් ධනයක් වේ නම් එයද බැලුව මැනැව. මා ගිය පසු මගේ නෑසියෝ යම්සේ නො පිරිහෙත් ද (එසේ කරන්නේ මැනැවි.)

5666. යථෙව ඛලති භුම්‍යා භූමියාව පතිට‍්ඨති, එවෙතං ඛලිතං මය‍්හං එතං පස‍්සාමි අච‍්චයං.

5666. යම්සේ පොළොව පැකිලී ගියේ පොළොවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේ ය. මාගේ මෙම වරද දකිමි.

5667. සක‍්කා න ගන‍්තුං ඉති මය‍්හ හොතී ඣත්‍වා වධිත්‍වා ඉධ කාතියානං, ඉධෙව හොහි ඉති මය‍්හං රුච‍්චති මා ත්‍වං අගා උත‍්තමභූරිපඤ‍්ඤ.

5667. උතුම් වූ මහාප්‍රාඥය, ඔබට යා නො හැකි ය. මට මෙසේ සිත් වේ. කාත්‍යායන වූ මාණවකයා මෙහි තළා මරා මෙහි නවතිනු යනු මට රිසි වේ. තෙපි නො යව.

5668. මාහෙව ධම‍්මෙසු මනං පණීදහි අත්‍ථෙ ච ධම‍්මෙ ච යුත‍්තො භවස‍්සු, ධිරත්‍ථු කම‍්මං අකුසලං අනරියං යං කත්‍වා පච‍්ඡා නිරයං වජෙය්‍ය.

5668. (රජතුමනි), අධර්‍මයෙහි (පාපයෙහි) හිත නො යොදන්න. අභිවෘද්ධිය ගෙන දෙන දෙයෙහිත් පුණ්‍යක්‍රියාවන්හිත් යෙදෙන්න. යම් කර්‍මයක් කොට පසුව අපායට හේ ද එවැනි ලාමක වූ පාපක්‍රියාවට නින්‍දා වේවා.

5669. නෙවෙස ධම‍්මො න පුනෙතං කිච‍්චං අයිරො හි දාසස‍්ස ජනින්‍ද ඉස‍්සරො, ඝාතෙතුං ඣාපෙතුං අථොපි භත‍්තුං න ච මය‍්හං කොධත්‍ථි වජාමි චාහං.

5669. මෙ යුක්තිය නො වේ. යළි කටයුතුදෑ ද නො වේ. රජතුමනි, ස්වාමි දාසයාගේ අධිපති ය. (ස්වාමියා විසින් සේවකයා) නසන්ටත් දවන්ටත් පෝෂණය කරන්ටත් සුදුසු ය. මාණවකයා කෙරෙහි මට කෝපයෙක් නැත. මම (ඔහු හා) යමි.

5670. ජෙට‍්ඨපුත‍්තං උපගුය‍්හ විනෙය්‍ය හදයෙ දරං, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි පාවිසි සො මහාඝරං.

5670. ඒ (විධුර පණ්ඩිත) තෙම දෙටු පුතණුවන් වැළැඳගෙන චිත්තපීඩාව දුරුකොට කඳුළුපිරි නෙතින් යුතු ව මහපායට පිවිසියේ ය.

5671. සාලාව සම‍්පමථිතා මාළුතෙන පමද‍්දිතා, සෙන‍්ති පුත‍්තා ච දාරා ච විධුරස‍්ස නිවෙසනෙ.

5671. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දරුවෝ ද බිරියෝ ද සුළඟින් මඩනා ලද කම්පිත වූ සල්වනයෙක සල්ගස් මෙන් තන්හි තන්හි වැටී සිටිත්.

5672. ඉත්‍ථිසහස‍්සං භරියානං දාසිසත‍්තසතානි ච, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං විධුරස‍්ස නිවෙසනෙ.

5672. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දහසක් භාර්‍ය්‍යා වූ ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද හිස අත් බැඳගෙන හැඬූහ.

5673. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං විධුරස‍්ස නිවෙසනෙ.

5673. විධුර පඬිතුමාගේ නිවාසයෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද හිස අත් බැඳගෙන හැඬූහ.

5674. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං විධුරස‍්ස නිවෙසනෙ.

5674. විධුර පඬිතුමාගේ නිවාසයෙහි ඇතරුවෝ ද අසරුවෝ ද රථිකයෝ ද පාබලසේනාවෝ ද හිස අත් බැඳ හැඬූහ.

5675. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං විධුරස‍්ස නිවෙසනෙ.

5675. විධුර පඬිතුමාගේ නිවෙසෙහි රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද හිස අත් බැඳ හැඬූහ.

5676. ඉත්‍ථි සහස‍්සං භරියානං දාසීසත‍්තසතානි ච, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහෙස‍්සසි.

5676. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) භාර්‍ය්‍යා වූ දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.

5677. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහෙස‍්සසි.

5677. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) අතැවුර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.

5678. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා විජහෙස‍්සසි.

5678. ඇතරුවෝ, අසරුවෝ, රථිකයෝ ද පාබලසේනාවෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.

5679. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහෙස‍්සසි.

5679. රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.

5680. කත්‍වා ඝරෙසු කිච‍්චානි අනුසාසිත්‍වා සකං ජනං, මිත‍්තාමච‍්චෙ ච භච‍්චෙ ච පුත‍්තදාරෙ ච බන්‍ධවෙ.

5680. පණ්ඩිත තෙම ගෘහයන්හි කළමනා කාර්‍ය්‍යයන් කොට මිත්‍රාමාත්‍යයන් දාසයන් අඹුදරුවන් නෑයන් සහ සිය ජනතාවට අනුශාසනා කොට.

5681. කම‍්මන‍්තං සංවිධෙත්‍වාන ආචික‍්ඛිත්‍වා ඝරෙ ධනං, නිධිඤ‍්ච ඉණදානඤ‍්ච පුණ‍්ණං එතදබ්‍රවී.

5681. වැඩ පිළියෙළ කොට ගෙහි ඇති ධනය ද නිධාන ද ණයට දුන් ධනය ද පවසා පූර්‍ණකයාට මෙය කීය:

5682. අවසී තුවං මය‍්හ තීහං අගාරෙ කතානි කිච‍්චානි ඝරෙසු මය‍්හං, අනුසාසිතා පුත‍්තදාරා මයා ච කරොම කච‍්චාන යථා මතිං තෙ.

5682. මාගේ නිවසෙහි ඔබ තෙදිනක් විසූහු. මාගේ ගෘහයන්හි කළමනා වැඩ මා විසින් කරන ලද. අඹුදරුවනට අනුශාසනා කරන ලදී. කච්චානය දැන් තොපගේ අදහස් පරිදි ක්‍රියා කරමු.

5683. සචෙ හි කත‍්තෙ අනුසාසිතා තෙ පුත‍්තා ච දාරා ච අනුජීවිනො ච, හන්‍දෙහි දානි තරමානරූපො දීඝො හි අද‍්ධාපි අයං පුරත්‍ථා.

5683. ප්‍රිය තෙනැත්ත, ඉදින් තොප විසින් දරුවන්ට බිරියන්ට සහ සේවකයන්ට අනුශාසනා කරන ලද නම් දැන් වහා එව. ඉදිරියෙහි (ඇති) ගමන් මග ද ඉතා දිග ය.

5684. අසම‍්භීතොව ගණ‍්හාහි ආජානීයස‍්ස වාලධිං, ඉදං පච‍්ඡිමකං තුය‍්හං ජීවලොකස‍්ස දස‍්සනං.

5684. මේ ආජානීය අසුගේ වලිගය බිය රහිතව අල්ලා ගන්න. මෙය තොපගේ මිනිස්ලොව අවසාන දර්‍ශනය වෙයි.

5685. සොහං කිස‍්ස නු භායිස‍්සං යස‍්ස මෙ නත්‍ථි දුක‍්කතං, කායෙන වාචා මනසා යෙන ගච‍්ඡෙය්‍ය දුග‍්ගතිං.

5685. යමක් නිසා දුගතියට යේ නම් කය වචනය හිත යන තිදොරින් මා කළ එබඳු වරදක් නැත. (එහෙයින්) ඒ මම කුමට බිය වෙම් ද?

5686. සො අස‍්සරාජා විධුරං වහන‍්තො පක‍්කාමි වෙහාසයමන‍්තලික‍්ඛෙ, සාඛාසු සෙලෙසු අසජ‍්ජමානො කාළාගිරිං ඛිප‍්පමුපාගමාසි.

5686. ඒ අශ්වරාජ තෙම විධුර පඬිතුමන් උසුලමින් අහසින් ගමන් කෙළේ ය. අතුවල හා ගල්වල නො ගැටෙමින් කාළාගිරි පර්‍වතයට ඉක්මනින් පැමිණියේ ය.

5687. ඉත්‍ථිසහස‍්සං භරියානං දාසීසත‍්තසතානි ච, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන විධුරං ආදාය ගච‍්ඡති. -පෙ-

5687. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද, සත්සියයක් දාසීහු ද හිස අත්බැඳ හැඬූහ.

5688. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන විධුරං ආදාය ගච‍්ඡති.

5688. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් ගම් නියම්ගම් ජනපද වැස්සෝ හිස අත්බැඳ හැඬූහ.

5689. ඉත්‍ථිසහස‍්සං භරියානං දාසීසත‍්තසතානි ච, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං පණ‍්ඩිතො සො කුහිං ගතො. -පෙ-

5689. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසියෝ ද හිස අත්බැඳ හැඬූහ.

5690. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං පණ‍්ඩිතො සො කුහිං ගතො.

5690. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් ගම් නියම්ගම් දනවු වැස්සෝ හිස අත් බැඳගෙන හැඬූහ.

5691. සචෙ සො සත‍්තරත‍්තෙන පණ‍්ඩිතො නාගමිස‍්සති, සබ‍්බෙ අග‍්ගිං පවෙක‍්ඛාම නත්‍ථත්‍ථො ජීවිතෙන නො.

5691. ඉදින් ඒ පඬිතුමා සත්රැයෙකින් නො එන්නේ නම්, අපි සියලු දෙන ගින්නට පනින්නෙමු. අපේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත.

5692. පණ‍්ඩිතො ච වියත‍්තො ච විභාවී ච විචක‍්ඛණො, ඛිප‍්පං මොචෙස‍්සතත‍්තානං මා භාථ ආගමිස‍්සති.

5692. (විධුර පඬිතුමා) පඬිවරයෙක, වීමංසායෙන් (විමසන නුවණින්) යුක්තයෙක, ව්‍යක්තයෙක, කටයුතු නො කටයුතු කීමට දත්තෙක, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයෙක, එහෙයින් බිය නො වන්න. (පණ්ඩිත තෙම) වහා (එම) ග්‍රහණයෙන් මිදෙන්නේ ය. යළි මෙහි එන්නේ ය.

අන‍්තරපෙය්‍යාලො.

අන්තරපෙය්‍යාලය.