යෙදුමෙන් කියවන්න

සාධුනරධම‍්මකණ‍්ඩං

5693. සො තත්‍ථ ගන‍්ත්‍වාන විචින‍්තයන‍්තො උච‍්චාවචා චෙතනකා භවන‍්ති, ඉමස‍්ස ජීවෙන නහත්‍ථි කිඤ‍්චි හන‍්ත්‍වානිමං හදයං ආදියිස‍්සං.

5693. හෙතෙම (පූර්‍ණකයා) එහි (කාලාගිරි පර්‍වතයට) ගොස් සිතනුයේ ඔහට උස් පහත් සිතිවිලි උපන. මොහුගේ (විධුර පඬිතුමාගේ) ජීවිතයෙන් කිසිත් පලක් නො වේ. මොහු මරා හදවත ගන්නෙමි.

5694. සො තත්‍ථ ගන‍්ත්‍වා පබ‍්බතමන‍්තරස‍්මිං අන‍්තො පවිසිත්‍වා පදුට‍්ඨචිත‍්තො, අසංවුතස‍්මිං ජගතිප‍්පදෙසෙ අධොසිරං ධාරයි කාතියානො.

5694. කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි (පර්‍වතමස්තකයෙන් පාදයට) ගොස් පර්‍වත අතුරෙහි සිට ඇතුළට පිවිස (මුදුනට නැඟී බෝසතුන් හෙළා) විවෘත ප්‍රදේශයෙහි දී හිස යටිකුරුකොට නඟා ගත්තේ ය.

5695. සො ලම‍්බමානො නරකෙ පපාතෙ මහබ‍්භයෙ ලොමහංසෙ විදුග‍්ගෙ, අසන‍්තසං කුරූනං කත‍්තසෙට‍්ඨො ඉච‍්චබ්‍රවී පුණ‍්ණකං නාම යක‍්ඛං.

5695. කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිතුමා මහබිය දනවන ලොමු ඩැහැගැනුම් ඇති කරවන, යා නො හැකි නිරය වැනි මහා ප්‍රපාතයෙකැ එල්ලෙමින් (සිටැ) නො බියව පූර්‍ණක යක්‍ෂයාට මෙලෙස කීය:

5696. අරියාචකාසොසි අනරියරූපො අසඤ‍්ඤතො සඤ‍්ඤතසන‍්තිකාසො, අච‍්චාභිතං කම‍්මං කරොසි ලුද්‍රං භාවෙ ච තෙ කුසලං නත්‍ථි කිඤ‍්චි.

5696. රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේවුව ද අනාර්‍ය්‍ය පැවතුම් ඇත්තහුය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනි ය. තෙපි රුදුරු සැහැසිකම් කරව. මඳකුදු කුශලයක් තොප සිතැ නැත.

5697. යං මං පපාතස‍්මිං පපාතුමිච‍්ඡසි කොනු තවත්‍ථො මරණෙන මය‍්හං, අමානුසස‍්සෙව තෙ අජ‍්ජ වණ‍්ණො ආචික‍්ඛ මෙ ත්‍වං කතමාසි දෙවතා.

5697. යම් කරුණෙකින් මා ප්‍රපාතයෙහි හෙළනු කැමැත්තහු ද මගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ද? අද තොපගේ පෙනුම අමනුෂ්‍යයකුට සමාන ය. තෙපි කවර (නම්) යක්‍ෂ වවුදැයි මට කියව.

5698. යදි තෙ සුතො පුණ‍්ණකො නාම යක‍්ඛො රඤ‍්ඤො කුවෙරස‍්ස හි සො සජීවො, භූමින්‍ධරො වරුණො නාම නාගො බ්‍රහා සුචී වණ‍්ණබලූපපන‍්නො.

5698. ඉදින්, තොප විසින් පූර්‍ණක නම් යක්‍ෂයා අසන ලද්දේ ද? හේ කුවේර රජුගේ ඇමැති වෙයි. පෘථිවිය දරා සිටින (උසුලා සිටින) වරුණ නාරජ තෙම ආරෝහ පරිණාහ සම්පන්න කායයෙන් මහත් වූයේ යැ, පවිත්‍ර යැ, ශරීරවර්‍ණයෙන් හා කායබලයෙන් යුක්ත යැ.

5699. තස‍්සානුජං ධීතරං කාමයාමි ඉරන්‍දතිං නාම සා නාගකඤ‍්ඤා, තස‍්සා සුමජ‍්ඣාය පියාය හෙතු පතාරයිං තුය‍්හ වධාය ධීර.

5699. ප්‍රාඥය, මම ඒ නාගරාජයාගේ අනුජාත දුව කැමැත්තෙමි. ඕ ඉරන්‍දති නාග කන්‍යාවයි. සුන්‍දර මැද පෙදෙස සහිත ඒ ප්‍රියාව හේතුකොට (බලාපොරොත්තුවෙන්) තොපට හිංසා කරන්නට සිතුවෙමි.

5700. මාහෙව ත්‍වං යක‍්ඛ අහොසි මූළ‍්හො නට‍්ඨා බහූ දුග‍්ගහිතෙන ලොකා, කින‍්තෙ සුමජ‍්ඣාය පියාය කිච‍්චං මරණෙන මෙ ඉඞ‍්ඝ සුණොම සබ‍්බං.

5700. යක්‍ෂය, තෙපි නහමක් මුළාවව. බොහෝ දෙන (සිතිවිලි) වරදවා ගැනීම නිසා නැසුනාහ. සුන්‍දර මධ්‍ය ප්‍රදේශ ඇති තොපගේ ප්‍රියාවට මාගේ මරණයෙන් කවර වැඩෙක් ද? ඒ සියල්ල අසමු.

5701. මහානුභාවස‍්ස මහොරගස‍්ස ධීතුකාමො ඤාතිභතොහමස‍්මි, තං යාචමානං සසුරො අවොච යථා මං අඤ‍්ඤිංසු සුකාමනීතං.

5701. මහානුභාවසම්පන්න මහා උරගයාගේ දුව (ලබනු) කැමැත්තේ නෑයන්ට මම බැළයෙමි. මා පහසුවෙන්ම කාමාශක්ත කටහැක්කේ ය යි දැනගත් මයිල් තෙමේ ඇය ඉල්ලන මට මෙලෙස කීය:

5702. දජ‍්ජෙමු ඛො තෙ සුතනුං සුනෙත‍්තං සුචිම‍්භිතං චන්‍දනලිත‍්තගත‍්තං. සචෙ තුවං හදයං පණ‍්ඩිතස‍්ස ධම‍්මෙන ලද‍්ධා ඉධමාහරෙසි එතෙන විත‍්තෙන කුමාරි ලබ‍්භා නාඤ‍්ඤං ධනං උත‍්තරිං පත්‍ථයාම.

5702. ඉදින් තෙපි පඬිතුමාගේ හදවත දැහැමිව ලබා මෙහි ගෙන එන්නහු නම් සුන්‍දර සිරුරැති, මනා නෙත් සඟළක් ඇති, සඳුන් අලෙව් දුන් සිරුර ඇති, අතිශය විශ්මයාවහ ඉරන්‍දතිය තොපට දෙන්නෙමු. මෙම තුටුපඬුරෙන් ඉරන්‍දතිය ලද හැකි ය. මෙයින් වැඩි අන් ධනයක් නො පතමු.

5703. එවං න මූළ‍්හොස‍්මි සුණොහි කත‍්තෙ න චාපි මෙ දුග‍්ගහිතත්‍ථි කිඤ‍්චි හදයෙන තෙ ධම‍්මලද‍්ධෙන නාගා ඉරන්‍දතිං නාගකඤ‍්ඤං දදන‍්ති.

5703. පඬිතුමනි, මම මෙලෙස මුළාවූයෙම් නො වෙමි. පඬිතුමනි අසන්නේ මැනැවි. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා නාගයෝ ඉරන්‍දතිය මට දෙති.

5704. තස‍්මා අහං තුය‍්හ වධාය යුත‍්තො එවං මමත්‍ථො මරණෙන තුය‍්හං ඉධෙව තං නරකෙ පාතයිත්‍වා හන‍්ත්‍වාන තං හදයං ආදියිස‍්සං.

5704. එහෙයින් මම තොපට වධ කරන්නට යෙදුනෙමි. තොපගේ මරණයෙන් මට මෙසේ ප්‍රයෝජන ඇත. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත උපුටා ගන්නෙමි.

5705. ඛිප‍්පං මමං උද‍්ධර කාතියාන හදයෙන මෙ යදි තෙ අත්‍ථි කිච‍්චං යෙ කෙචිමෙ සාධුනරස‍්ස ධම‍්මා සබ‍්බෙව තෙ පාතුකරොමි අජ‍්ජ.

5705. කාතියානය, ඉදින් මාගේ හදවතින් තොපට කිසෙක් ඇත්නම් මා වහා නඟා ගනුව. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.

5706. ස පුණ‍්ණකො කුරූනං කත‍්තසෙට‍්ඨං නගමුද‍්ධනි ඛිප‍්පං පතිට‍්ඨපෙත්‍වා, අස‍්සත්‍ථමාසීනං සමෙක‍්ඛියාන පරිපුච‍්ඡි කත‍්තාරං අනොමපඤ‍්ඤං.

5706. ඒ පූර්‍ණක තෙම කුරුරට වැසියන්ගේ ශ්‍රේෂ්ඨ වූ කර්‍තව්‍යකාරකයා වහා පර්‍වත මස්තකයෙහි පිහිටුවා අස්වැසි වැ හුන්නහු දැකැ අලාමක නුවණැති කර්‍තව්‍යකාරක (විධුර පණ්ඩිත) ගෙන් මෙසේ පිළිවිසි.

5707. සමුද‍්ධටො මෙසි තුවං පපාතා හදයෙන තෙ අජ‍්ජ මමත්‍ථි කිච‍්චං, යෙ කෙචිමෙ සාධුනරස‍්ස ධම‍්මා සබ‍්බෙව මෙ පාතුකරොහි අජ‍්ජ.

5707. මා විසින් තෙපි ප්‍රපාතයෙන් නඟන ලද්දාහු යැ. අද තොපගේ හදවතින් මට කටයුතු ඇත. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද මට ප්‍රකාශ කරව.

5708. සමුද‍්ධටො ත්‍යස‍්මි අහං පපාතා හදයෙන මෙ නදි තෙ අත්‍ථි කිච‍්චං, යෙ කෙචිමෙ සාධුනරස‍්ස ධම‍්මා සබ‍්බෙව මෙ පාතුකරොහි අජ‍්ජ.

5708. තොප විසින් මා ප්‍රපාතයෙන් නඟන ලද්දෙමි. ඉදින්, මාගේ හදවතින් තොපට කටයුත්තෙක් වේ ද, මේ යම්කිසි සාධුනර ධර්‍මකෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.

5709. යාතානුයායී ච භවාහි මාණව අද‍්දඤ‍්ච පාණිං පරිවජ‍්ජයස‍්සු, මා චස‍්සු මිත‍්තෙසු කදාචි දූභී මා ච වසං අසතීනං නිගච‍්ඡෙ.

5709. මාණවකය, ‘යාතානුයායී’ (යනුවා අනුව යන්නේ) ද වව. අද්දපාණී දහනය (නෙත් අල්ලදැවීම) ද හැරැපියව. කිසි කලෙකත් මිතුරන් කෙරෙහි නහමක් ද්‍රෝහි ද වව. අසතීන්ගේ වශයට ද නහමක් යව.

5710. කථන‍්නු යාතං අනුයායි හොති අද‍්දඤ‍්ච පාණිං දහතෙ කථං සො, අසතී ච කා කො පන මිත‍්තදුබ‍්භො අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං.

5710. කිසෙයින් ‘යාතානුයායී’ වේ ද? හෙතෙම කිසෙයින් ‘අද්දපාණි දහන’ කෙරේ ද? ‘අසති’ නම් කවරැ? ‘මිත්‍රද්‍රෝහි’ නම් කවරෙ යැ? තෙල කරුණ විචාරන ලද්දහු මට කියව.

5711. අසන්‍ථුතං නොපි ච දිට‍්ඨිපුබ‍්බං යො ආසනෙනාපි නිමන‍්තයෙය්‍ය, තස‍්සෙව අත්‍ථං පුරිසො කරෙය්‍ය යාතානුයායීති තමාහු පණ‍්ඩිතා.

5711. යමෙක් එක්වැ නොවිසූවිරුවකු නො ද දුටුවිරූවකු අසුන් පමණිනුදු පවරා නම් පුරුෂ තෙම ඔහට හිතයක් කරන්නේ මැ යැ. පණ්ඩිතයෝ ඒ පුද්ගලයා ‘යාතානුයායි’ යයි කීහු.

5712. යස‍්සෙකරත‍්තිම‍්පි ඝරෙ වසෙය්‍ය යත්‍ථන‍්නපානං පුරිසො ලභෙථ, න තස‍්ස පාපං මනසාපි චෙතයෙ අද‍්දඤ‍්චපාණිං දහතෙ මිත‍්තදුබ‍්භො.

5712. යමෙක් යමකුගේ නිවෙසේ එක් රැයකුදු වසන්නේ ද යම් තැනෙකැ ආහාරපාන ලබන්නේ ද, ඔහුට සිතිනුදු පව් කමක් නො සිතන්නේ ය. මිත්‍රද්‍රෝහී තෙම (දානයෙන්) තෙත් වූ අත්ල දවයි.

5713. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.

5713. (යමෙක්) යම් රුක් සේවනක හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද (හේ) එම රුකෙහි අත්තකුදු නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහිකම ලාමක ය.

5714. පුණ‍්ණම‍්පි චෙතං පඨවිං ධනෙන දජ‍්ජිත්‍ථියා පුරිසො සම‍්මතාය, ලද‍්ධා ඛණං අතිමඤ‍්ඤෙය්‍ය තම‍්පි තාසං වසං අසතීනං න ගච‍්ඡෙ.

5714. ඉදින් පුරුෂයෙක් (මම් මැ ඇයට ප්‍රිය වෙමි. තෙල තැනැත්තී අනුන් නො පතා යැ යන) මනා සිතින් යුතු වැ ධනයෙන් පිරුණු මේ පොළොව ද ස්ත්‍රියට දෙන්නේ ද ඕ (අතිචාරයට) අවකාශ ලැබැ ඔහු ද ඉක්මවා අන් පුරුෂයන් සිතන්නී යැ. ඒ අසද්ධර්‍ම සමන්‍වාගත ස්ත්‍රීන් වශයට නො යන්නේ ය.

5715. එවං ඛො යාතං අනුයායි හොති අද‍්දඤ‍්ච පාණිං දහතෙ පුනෙවං, අසතී ච සා සො පන මිත‍්තදුබ‍්භො සො ධම‍්මියො හොහි ජහස‍්සු අධම‍්මං.

5715. මෙසේ ‘යාතානුයායී’ වෙයි. යළි මෙසේ ‘අද්දපාණි දහන’ වෙයි. ඕ ‘අසති’ නම් වෙයි. හෙ ‘මිත්‍රද්‍රෝහි’ නම් වේ. යක්‍ෂය, ඒ තෙපි ධාර්මික වව. අධර්‍මය හැරපියව.

සාධුනරධම‍්මකණ‍්ඩං.

සාධුනරධම්ම කාණ්ඩ යි.