සාධුනරධම්මකණ්ඩං අට්ඨකථා
සාධුනරධම්මකණ්ඩං
සාධුනර ධම්ම කාණ්ඩය
පුණ්ණකොපි මහාසත්තං කාළාගිරිමත්ථකෙ ඨපෙත්වා “ඉමස්මිං ජීවමානෙ මය්හං වුඩ්ඪි නාම නත්ථි, ඉමං මාරෙත්වා හදයමංසං ගහෙත්වා නාගභවනං ගන්ත්වා විමලාය දත්වා ඉරන්ධතිං ගහෙත්වා දෙවලොකං ගමිස්සාමී”ති චින්තෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
පුණ්ණක තෙමේ ද මහාසත්ත්වයන්ව කාළගිරි පර්වතය මුදුනෙහි තබා මොහු ජීවත්වන කල්හි මට වාසියක් නැත. මොහුව මරා හෘදයමාංශය ගෙන නාග භවනයට ගොස් විමලාවන්ට දී ඉරන්දතිය ලබාගෙන දෙව්ලොවට යන්නෙමියි සිතීය. මේ කාරණය ප්‍රකාශ කරන්නට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“සො තත්ථ ගන්ත්වාන විචින්තයන්තො, උච්චාවචා චෙතනකා භවන්ති; නයිමස්ස ජීවෙන මමත්ථි කිඤ්චි, හන්ත්වානිමං හදයමානයිස්ස”න්ති.
හෙතෙම එහි ගොස් සිතනුයේ ඕ හට උස්පහත් සිතුවිලි උපන. මොහුගේ ජීවිතයෙන් කිසිත් පලක් නොවේ. මොහු මරා හදවත ගන්නෙමි.
තත්ථ සොති සො පුණ්ණකො. තත්ථ ගන්ත්වානාති ගන්ත්වා තත්ථ කාළාගිරිමත්ථකෙ ඨිතො. උච්චාවචා චෙතනකා භවන්තීති ඛණෙ ඛණෙ උප්පජ්ජමානා චෙතනා උච්චාපි අවචාපි උප්පජ්ජන්ති. ඨානං ඛො පනෙතං විජ්ජති, යං මමෙතස්ස ජීවිතදානචෙතනාපි උප්පජ්ජෙය්යාති. ඉමස්ස පන ජීවිතෙන තහිං නාගභවනෙ මම අප්පමත්තකම්පි කිඤ්චි කිච්චං නත්ථි, ඉධෙවිමං මාරෙත්වා අස්ස හදයං ආනයිස්සාමීති සන්නිට්ඨානමකාසීති අත්ථො.
එහි සො යනු ඒ පුණ්ණක තෙමේ තත්ථගන්ත්වාන යනු එහි ගොස් කළාගිරි පර්වත මුදුනෙහි සිටියේ. චෙතනකා මොහොතින් මොහොත හටගන්නා වූ සිතුවිලි උස්පහත්ව උපදිත්. මොහුට ජීවිතදානය පිළිබඳ යම් ඒ චේතනාවක් මට පහළ වන්නේය යන්න සිදුවිය හැක්කකි. මොහුගේ ජීවයෙන් ඒ නාගභවනයෙහි මට අල්ප වූද කිසි ප්‍රයෝජනයක් නැත. මෙහිම මොහුව මරා මොහුගේ හෘදය ගලවාගෙන යන්නෙමියි තීරණය කරගත්තේය යන අර්ථයි.
තතො පුන චින්තෙසි “යංනූනාහං ඉමං සහත්ථෙන අමාරෙත්වා භෙරවරූපදස්සනෙන ජීවිතක්ඛයං පාපෙය්ය”න්ති. සො භෙරවයක්ඛරූපං නිම්මිනිත්වා මහාසත්තං තජ්ජෙන්තො ආගන්ත්වා තං පාතෙත්වා දාඨානං අන්තරෙ කත්වා ඛාදිතුකාමො විය අහොසි, මහාසත්තස්ස ලොමහංසනමත්තම්පි නාහොසි. තතො සීහරූපෙන මත්තමහාහත්ථිරූපෙන ච ආගන්ත්වා දාඨාහි චෙව දන්තෙහි ච විජ්ඣිතුකාමො විය අහොසි. තථාපි අභායන්තස්ස එකදොණිකනාවප්පමාණං මහන්තං සප්පවණ්ණං නිම්මිනිත්වා අස්සසන්තො පස්සසන්තො “සුසූ”ති සද්දං කරොන්තො ආගන්ත්වා මහාසත්තස්ස සකලසරීරං වෙඨෙත්වා මත්ථකෙ ඵණං කත්වා අට්ඨාසි, තස්ස සාරජ්ජමත්තම්පි නාහොසි. අථ “නං පබ්බතමත්ථකෙ ඨපෙත්වා පාතෙත්වා චුණ්ණවිචුණ්ණං කරිස්සාමී”ති මහාවාතං සමුට්ඨාපෙසි. සො තස්ස කෙසග්ගමත්තම්පි චාලෙතුං නාසක්ඛි. අථ නං තත්ථෙව පබ්බතමත්ථකෙ ඨපෙත්වා හත්ථී විය ඛජ්ජූරිරුක්ඛං පබ්බතං අපරාපරං චාලෙසි, තථාපි නං ඨිතට්ඨානතො කෙසග්ගමත්තම්පි චාලෙතුං නාසක්ඛි.
ඉක්බිති නැවත මෙසේ සිතීය. ඉදින් මම මොහුව තම අතින් නොමරා බිය උපදවන රූප දැක්වීමෙන් ජීවිතක්ෂයට පත්කරන්නෙමියි බියජනක රාක්ෂස රූපයක් මවා යන්නේ, පැමිණ මොහුව හෙළා අතරෙහිදී කනු කැමැත්තේ මෙන් විය. මහා සත්ත්වයන්ගේ ලොමුඩැහැ ගැන්මක් පමණකුදු නොවීය. ඉක්බිති සිංහ රූපයකින්ද මල්අතකු ලෙසින් ද අවුත් දත්වලින්ද දළවලින්ද විනිවිද අනින්නට මෙන් සිටියද එයින් පවා බිය නොවූවහට ඔරුවක් පමණ විශාල සර්ප විලාසයක් මවා පිඹිමින් අවුත් මුළු සිරුරම වෙලාගෙන හිස මත්තෙහි පෙණය කළේය. ඔහුට බියවීම් මාත්‍රයකුදු ඇතිනොවීය. ඉක්බිති ඔහුට පර්වතය මුදුනෙහි දමා සුණුවිසුණු කරන්නෙමියි මහා සුළගක් මැවීය. එයින් ඔහුගේ කෙස්ගහක්වත් සෙලවීමට සමත් නොවීය. ඉක්බිති ඔහුව පර්වතය මත තබා ඇතෙක් ඉඳිගසක් ගලවන්නාක් මෙන් පර්වතය එහාට මෙහාට සෙළවීය. එපරිද්දෙන් ද ඔහුව සිටිය තැනින් කෙස්ගසක් පමණකුදු සොලවන්නට නොහැකි විය.
තතො “සද්දසන්තාසෙනස්ස හදයඵාලනං කත්වා මාරෙස්සාමී”ති අන්තොපබ්බතං පවිසිත්වා පථවිඤ්ච නභඤ්ච එකනින්නාදං කරොන්තො මහානාදං නදි, එවම්පිස්ස සාරජ්ජමත්තම්පි නාහොසි. ජානාති හි මහාසත්තො “යක්ඛසීහහත්ථිනාගරාජවෙසෙහි ආගතොපි මහාවාතවුට්ඨිං සමුට්ඨාපකොපි පබ්බතචලනං කරොන්තොපි අන්තොපබ්බතං පවිසිත්වා නාදං විස්සජ්ජෙන්තොපි මාණවොයෙව, න අඤ්ඤො”ති. තතො පුණ්ණකො චින්තෙසි “නාහං ඉමං බාහිරුපක්කමෙන මාරෙතුං සක්කොමි, සහත්ථෙනෙව නං මාරෙස්සාමී”ති. තතො යක්ඛො මහාසත්තං පබ්බතමුද්ධනි ඨපෙත්වා පබ්බතපාදං ගන්ත්වා මණික්ඛන්ධෙ පණ්ඩුසුත්තං පවෙසෙන්තො විය පබ්බතං පවිසිත්වා තාසෙන්තො වග්ගන්තො අන්තොපබ්බතෙන උග්ගන්ත්වා මහාසත්තං පාදෙ දළ්හං ගහෙත්වා පරිවත්තෙත්වා අධොසිරං කත්වා අනාලම්බෙ ආකාසෙ විස්සජ්ජෙසි. තෙන වුත්තං –
ඉක්බිති ත්‍රාසජනක හඬකින් මොහුගේ හදවත පලා මරන්නෙමියි පර්වතය ඇතුළට පිවිස මහපොළවද අහසට එකනින්නාද කොට හඬ නැගීය. මෙසේද ඔහුට බියවීම් මාත්‍රයක් ඇති නොවීය. මහාසත්ත්වයන් වහන්සේ වනාහි, යක්ෂ, සිංහ, ඇත්, නාගරාජ යන වෙස්ගෙන ආවා වූත් වායුවේග මැවීම, පර්වතය සෙළවීම කළාවූත් පර්වතය ඇතුළට වී මහා ශබ්ද පවත්වන්නේත් අන් කිසිවකු නොව මානවකයාම බව දැනගත්තේය. ඉක්බිති යක්ෂයා මෙසේ සිතීය. මම මොහුව බාහිර උපක්‍රමවලින් මරන්නට සමත් නොවෙමි. තමන්ගේ අතින්ම මරන්නෙමියි කියා ඔහු මහාසත්ත්වයන් වහන්සේව පර්වතය මුදුනේ තබා පර්වතය පාමුළට අවුත් මැණිකක් තුළ නූලක් දමන්නාක් මෙන් නාදකරමින් පර්වතය ඇතුළතින් පිටතට අවුත් මහාසත්ත්වයන් වහන්සේ දැඩිව අල්ලාගෙන පෙරළා හිස පහළට සිටින සේ අහසට වීසි කළේය. ඒ නිසා කියන ලදී,
“සො තත්ථ ගන්ත්වා පබ්බතන්තරස්මිං, අන්තො පවිසිත්‍වාන පදුට්ඨචිත්තො; අසංවුතස්මිං ජගතිප්පදෙසෙ, අධොසිරං ධාරයි කාතියානො”ති.
කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි ගොස් පර්වත අතරෙහි සිට ඇතුළට පිවිස විවෘත ප්‍රදේශයෙහිදී හිස යටිකුරු කොට අල්ලා ගත්තේය.
තත්ථ සො තත්ථ ගන්ත්වාති සො පුණ්ණකො පබ්බතමත්ථකා පබ්බතපාදං ගන්ත්වා තත්ථ පබ්බතන්තරෙ ඨත්වා තස්ස අන්තො පවිසිත්වා පබ්බතමත්ථකෙ ඨිතස්ස හෙට්ඨා පඤ්ඤායමානො අසංවුතෙ භූමිපදෙසෙ ධාරෙසීති. න ආදිතොව ධාරෙසි, තත්ථ පන තං ඛිපිත්වා පන්නරසයොජනමත්තං භට්ඨකාලෙ පබ්බතමුද්ධනි ඨිතොව හත්ථං වඩ්ඪෙත්වා අධොසිරං භස්සන්තං පාදෙසු ගහෙත්වා අධොසිරමෙව උක්ඛිපිත්වා මුඛං ඔලොකෙන්තො “න මරතී”ති ඤත්වා දුතියම්පි ඛිපිත්වා තිංසයොජනමත්තං භට්ඨකාලෙ තථෙව උක්ඛිපිත්වා පුන තස්ස මුඛං ඔලොකෙන්තො ජීවන්තමෙව දිස්වා චින්තෙසි “සචෙ ඉදානි සට්ඨියොජනමත්තං භස්සිත්වා න මරිස්සති, පාදෙසු නං ගහෙත්වා පබ්බතමුද්ධනි පොථෙත්වා මාරෙස්සාමී”ති අථ නං තතියම්පි ඛිපිත්වා සට්ඨියොජනමත්තං භට්ඨකාලෙ හත්ථං වඩ්ඪෙත්වා පාදෙසු ගහෙත්වා උක්ඛිපි. තතො මහාසත්තො චින්තෙසි “අයං මං පඨමං පන්නරසයොජනට්ඨානං ඛිපි, දුතියම්පි තිංසයොජනං, තතියම්පි සට්ඨියොජනං, ඉදානි පුන මං න ඛිපිස්සති, උක්ඛිපන්තොයෙව පබ්බතමුද්ධනි පහරිත්වා මාරෙස්සති, යාව මං උක්ඛිපිත්වා පබ්බතමුද්ධනි න පොථෙති, තාව නං අධොසිරො හුත්වා ඔලම්බන්තොව මාරණකාරණං පුච්ඡිස්සාමී”ති. එවං චින්තෙත්වා ච පන සො අඡම්භිතො අසන්තසන්තො තථා අකාසි. තෙන වුත්තං “ධාරයි කාතියානො”ති, තික්ඛත්තුං ඛිපිත්වා ධාරයීති අත්ථො.
එහි ගන්ත්වාන යනු පර්වත මස්තකයෙන් පර්වතය පාමුලට ගොස් එහි පර්වත අන්තරයෙහි සිට එහි ඇතුළට නොපිවිස පර්වතය මස්තකයෙහි සිටියහුට යට පෙනෙන්නේ නොවැසුනු භූමි ප්‍රදේශයක් දැරීය. කලින්ම දැරුවේ නැත. එහි වනාහි ඔහුව දමා අත දිගුකර හිස පහතට වැටෙන්නහුගේ පාවලින් අල්ලාගෙන හිස පහළට සිටිනසේම ඔසවාගෙන මුහුණ බලා මැරේයැයි දැනගෙන දෙවනුවත් දමා යොදුන් තිහක් පමණ පහතට වැටෙන කල්හි එසේම ඔසවා මුහුණ බලා ජීවත්ව සිටින බව දැනගෙන මෙසේ සිතීය. ඉදින් දැන හැටයොදුනක් නමුත් පහතට නොවැටී නොමැරෙන්නේය. ඔහුව පාදයන්ගෙන් අල්ලාගෙන පර්වතය මුදුනෙහි ගසා මරන්නෙමියි ඉක්බිති ඔහුව තුන්වනුවද හෙළා යොදුන් හැටක් පහතට වැටුණු කල්හි අත දිගුකර පාවලින් ගෙන එසවීය. මහාසත්ත්වයන් වහන්සේ මෙසේ සිතූහ. මොහු මා පළමුව පහළොස් යොදුනක් හෙළීය. දෙවනුව තිස්යොදුනක්, තුන්වනුව හැටයොදුනක් හෙළීය. දැන් නැවත නොදමයි. ඔසවන්නේ වනාහි පර්වතය මුදුනෙහි ගසා මරන්නේය. යම්තාක් මා ඔසවාගෙන පර්වත මස්තකයේ නොගසාද ඒ තාක් හිස පහතට සිටින සේ එල්ලෙමින් තමා මැරීමට කාරණය විමසන්නෙමියි කියා ඔහු නිර්භයව සන්ත්‍රාසයට පත්නොවී එසේ කළේය ඒ නිසා කියන ලදී. ධාරයී කාතියානො කියා තුන්වරක් පහතට හෙළා දැරීය යන අර්ථයි.
“සො ලම්බමානො නරකෙ පපාතෙ, මහබ්භයෙ ලොමහංසෙ විදුග්ගෙ; අසන්තසන්තො කුරූනං කත්තුසෙට්ඨො, ඉච්චබ්රවි පුණ්ණකං නාම යක්ඛං.
කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමතිතුමා මහාබිය දනවන ලොමුඩැහැ ගැනුම් ඇතිකරන යා නොහැකි නිරය වැනි මහා ප්‍රපාතයක එල්ලෙමින් නොබියව පූර්ණක යක්ෂයාට මෙසේ කීය.
“අරියාවකාසොසි අනරියරූපො, අසඤ්ඤතො සඤ්ඤතසන්නිකාසො; අච්චාහිතං කම්මං කරොසි ලුද්රං, භාවෙ ච තෙ කුසලං නත්ථි කිඤ්චි.
රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේ වුවත් අනාර්ය පැවතුම් ඇත්තෙහිය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනිය. තෙපි රුදුරු සැහැසිකම් කරහි. අල්ප වූද, කුසලයක් තොප සිතැ නැත.
“යං මං පපාතස්මිං පපාතුමිච්ඡසි, කො නු තවත්ථො මරණෙන මය්හං; අමානුසස්සෙව තවජ්ජ වණ්ණො, ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතාති.
යම් කරුණකින් මා ප්‍රපාතයෙහි හෙළනු කැමැත්තහුද මගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයක්ද? අද තොපගේ පෙනුම අමනුෂ්‍යයකුට සමානය. තෙපි කවරනම් යක්ෂයෙක් වන්නෙහිදැයි මට කියව.
තත්ථ සො ලම්බමානොති සො කුරූනං කත්තුසෙට්ඨො තතියවාරෙ ලම්බමානො. අරියාවකාසොති රූපෙන අරියසදිසො දෙවවණ්ණො හුත්වා චරසි. අසඤ්ඤතොති කායාදීහි අසඤ්ඤතො දුස්සීලො. අච්චාහිතන්ති හිතාතික්කන්තං, අතිඅහිතං වා. භාවෙ ච තෙති තව චිත්තෙ අප්පමත්තකම්පි කුසලං නත්ථි. අමානුසස්සෙව තවජ්ජ වණ්ණොති අජ්ජ තව ඉදං කාරණං අමානුසස්සෙව. කතමාසි දෙවතාති යක්ඛානං අන්තරෙ කතරයක්ඛො නාම ත්වං.
එහි සො ලම්බමානො ඔහු කුරු රට වැසියන්ගේ ශ්‍රේෂ්ඨයා. තුන්වන වරටත් එල්ලෙන්නේ. අරියාවකාසො රූපයෙන් ආයයකු වැනිය. දේව ස්වභාවයෙන් හැසිරෙන්නෙහිය. අසඤ්ඤතො කායාදියෙන් නොහික්මුනේ, දුස්සීලයෙකි. අච්චාහිතං යහපත ඉක්මවා ගිය. අතිශයින් අහිත, භාවෙ ච තෙ නුඹගේ සිතෙහි අල්පමාත්‍ර වූද කුසලයක් නැත. වණ්ණො අද ඔබගේ මේ ස්වභාවය අමනුෂ්යයකුගේය. දෙවතා යනු යක්ෂයන් අතර කවරනම් යක්ෂයෙක්ද ඔබ?
පුණ්ණකො ආහ –
පූර්ණක මෙසේ කීය;
“යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො, රඤ්ඤො කුවෙරස්ස හි සො සජිබ්බො; භූමින්ධරො වරුණො නාම නාගො, බ්රහා සුචී වණ්ණබලූපපන්නො.
ඉදින් තොප විසින් පූර්ණක නම් යක්ෂයා ගැන අසන ලද්දේ ද? හේ කුවේර රජුගේ ඇමැතියා වෙයි. පෘථිවිය දරා සිටින වරුණ නාගරාජයා ආරෝහ පරිණාහ සම්පත්තියෙන් මහත්වූයේ වෙයි. පවිත්‍රය, ශරීර වර්ණයෙන් හා කායබලයෙන් යුක්තයැ.
“තස්සානුජං ධීතරං කාමයාමි, ඉරන්ධතී නාම සා නාගකඤ්ඤා; තස්සා සුමජ්ඣාය පියාය හෙතු, පතාරයිං තුය්හ වධාය ධීරා”ති.
ප්‍රාඥය! මම ඒ නාගරාජයාගේ අනුජාත දුව කැමැත්තෙමි. ඕ ඉරන්දතී නාග කන්‍යාවයි. සුන්දර මැද පෙදෙස සහිත ඒ ප්‍රියාව හේතුකොට ගෙන තොපට හිංසා කරන්නට සිතුවෙමි.
තත්ථ සජිබ්බොති සජීවො අමච්චො. බ්රහාති ආරොහපරිණාහසම්පන්නො උට්ඨාපිතකඤ්චනරූපසදිසො. වණ්ණබලූපපන්නොති සරීරවණ්ණෙන ච කායබලෙන ච උපගතො. තස්සානුජන්ති තස්ස අනුජාතං ධීතරං. පතාරයින්ති චිත්තං පවත්තෙසිං, සන්නිට්ඨානමකාසින්ති අත්ථො.
එහි සජීවො යනු ඇමැතියෙකි. බ්රහා යනු ආරෝහ පරිණාහ සම්පතින් යුත්. ඔසවන ලද රන්රුවක් හා සමානය. වණ්ණ බලූපපන්නො ශරීර වර්ණයෙන්ද කාය බලයෙන්ද යුක්ත වූ තස්සානුජං ඔහුගේ අනුජාත පතාරයිං අදහස් කළෙමි. සනිටුහන් කළේය යන අර්ථයි.
තං සුත්වා මහාසත්තො “අයං ලොකො දුග්ගහිතෙන නස්සති, නාගමාණවිකං පත්ථෙන්තස්ස මම මරණෙන කිං පයොජනං, තථතො කාරණං ජානිස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
ඒ අසා මහාසත්ත්වයන් වහන්සේ, මේ ලෝකය වරදවා ගැනීමෙන් විනාශ වෙයි. නාගමානවිකාවක් පතන්නහුට මගේ මරණයෙන් කවර ප්‍රයෝජනයක්ද? ඇති තතු දැනගන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“මා හෙව ත්වං යක්ඛ අහොසි මූළ්හො, නට්ඨා බහූ දුග්ගහීතෙන ලොකෙ; කිං තෙ සුමජ්ඣාය පියාය කිච්චං, මරණෙන මෙ ඉඞ්ඝ සුණොමි සබ්බ”න්ති.
යක්ෂය, ඔබ මුළා නොවන්න. බොහෝ දෙනා වරදවා ගැනීම නිසා නැසුනාහ. සුන්දර වූ මැද පෙදෙසක් ඇති තොපගේ ප්‍රියාවට මගේ මරණයෙන් කවර ප්‍රයෝජනයක්ද? ඒ සියල්ල අසමු.
තං සුත්වා තස්ස ආචික්ඛන්තො පුණ්ණකො ආහ –
ඉක්බිති කියන්නා වූ පූර්ණක තෙමේ මෙසේ කීය.
“මහානුභාවස්ස මහොරගස්ස, ධීතුකාමො ඤාතිභතොහමස්මි; තං යාචමානං සසුරො අවොච, යථා මමඤ්ඤිංසු සුකාමනීතං.
මහානුභාවසම්පන්න මහා උරගයාගේ දුව ලබනු කැමැති මම ඤාතීන්ට මම බැලයෙක් වෙමි. මා පහසුවෙන්ම කාමාශක්ත කට හැක්කේයැයි දැනගත් මාමණ්ඩිය ඇය ඉල්ලන මට මෙසේ කීය.
“දජ්ජෙමු ඛො තෙ සුතනුං සුනෙත්තං, සුචිම්හිතං චන්දනලිත්තගත්තං; සචෙ තුවං හදයං පණ්ඩිතස්ස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙසි; එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නඤ්ඤං ධනං උත්තරි පත්ථයාම.
ඉදින් තෙපි පඬිතුමාගේ හදවත දැහැමිව ලබා මෙහි ගෙන එන්නහු නම් සුන්දර සිරුරැති මනා නෙත් සඟළක් ඇති සඳුන් ආලේප කළ සිරුරක් ඇති අතිශය විශ්මය ගෙනදෙන ඉරන්දතිය තොපට දෙන්නෙමු. මෙම තුටුපඬුරෙන් ඉරන්දතිය ලද හැකිය. මෙයින් වැඩි අන් ධනයක් නොපතමු.
“එවං න මූළ්හොස්මි සුණොහි කත්තෙ, න චාපි මෙ දුග්ගහිතත්ථි කිඤ්චි; හදයෙන තෙ ධම්මලද්ධෙන නාගා, ඉරන්ධතිං නාගකඤ්ඤං දදන්ති.
පඬිතුමනි, මම මෙලෙස මුළා වූයෙම් නොවෙමි. පඬිතුමනි, අසනු මැනවි. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා නාගයෝ ඉරන්දතිය මට දෙති.
“තස්මා අහං තුය්හං වධාය යුත්තො, එවං මමත්ථො මරණෙන තුය්හං; ඉධෙව තං නරකෙ පාතයිත්වා, හන්ත්වාන තං හදයමානයිස්ස”න්ති.
එහෙයින් මම තොපට වධ කරන්නට යෙදුනෙමි. තොපගේ මරණයෙන් මෙසේ මට ප්‍රයෝජන ඇත. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත උපුටා ගන්නෙමි.
තත්ථ ධීතුකාමොති ධීතරං කාමෙමි පත්ථෙමි, ධීතු අත්ථාය විචරාමි. ඤාතිභතොහමස්මීති තස්මා තස්ස ඤාතිභතකො නාම අහං අම්හි. තන්ති තං නාගකඤ්ඤං. යාචමානන්ති යාචන්තං මං. යථා මන්ති යස්මා මං. අඤ්ඤිංසූති ජානිංසු. සුකාමනීතන්ති සුට්ඨු එස කාමෙන නීතොති සුකාමනීතො, තං සුකාමනීතං. තස්මා සසුරො ‘දජ්ජෙමු ඛො තෙ”තිආදිමවොච. තත්ථ දජ්ජෙමූති දදෙය්යාම. සුතනුන්ති සුන්දරසරීරං. ඉධ මාහරෙසීති ඉධ නාගභවනෙ ධම්මෙන ලද්ධා ආහරෙය්යාසීති.
එහි ධිතුකාමො දුවණිය සඳහා හැසිරෙමි. ඤාතිකකොහමස්මි යනු මම වනාහි නෑයන්ගේ බැලයෙක් වෙමි. තං යනු ඒ නාග කන්‍යාව ඉල්වන, යථා යනු යම්හෙයකින් මා මනාව කැමැත්තෙන් ගෙනෙන ලද්දේනුයි සුකාමනීතං නම් වේ. දැනගත්හ. මාමණ්ඩිය, ඔබට ඇය දෙන්නෙමු. ආදිය කීහ. එහි දජ්ජෙමු යනු දෙන්නෙමු. සුතනුං මනා සිරුර. ඉධමාහරෙසි මෙහි ගෙන එව.
තස්ස තං කථං සුත්වා මහාසත්තො චින්තෙසි “විමලාය මම හදයෙන කිච්චං නත්ථි, වරුණනාගරාජෙන මම ධම්මකථං සුත්වා මණිනා මං පූජෙත්වා තත්ථ ගතෙන මම ධම්මකථිකභාවො වණ්ණිතො භවිස්සති, තතො විමලාය මම ධම්මකථාය දොහළො උප්පන්නො භවිස්සති, වරුණෙන දුග්ගහිතං ගහෙත්වා පුණ්ණකො ආණත්තො භවිස්සති, ස්වායං අත්තනා දුග්ගහිතෙන මං මාරෙතුං එවරූපං දුක්ඛං පාපෙසි, මම පණ්ඩිතභාවො ඨානුප්පත්තිකාරණචින්තනසමත්ථතා ඉමස්මිං මං මාරෙන්තෙ කිං කරිස්සති, හන්දාහං සඤ්ඤාපෙස්සාමි න”න්ති. චින්තෙත්වා ච පන “මාණව, සාධුනරධම්මං නාම ජානාමි, යාවාහං න මරාමි, තාව මං පබ්බතමුද්ධනි නිසීදාපෙත්වා සාධුනරධම්මං නාම සුණොහි, පච්ඡා යං ඉච්ඡසි, තං කරෙය්යාසී”ති වත්වා සාධුනරධම්මං වණ්ණෙත්වා අත්තනො ජීවිතං ආහරාපෙන්තො සො අධොසිරො ඔලම්බන්තොව ගාථමාහ –
ඔහුගේ ඒ කථාව අසා මහාසත්ත්වයන් වහන්සේ මෙසේ සිතීය. විමලාවන්ට මගේ හදවතින් වැඩක් නැත. වරුණ විසින් බණකථාව අසා මැණිකෙන් පුදා එහි ගියාහු විසින් මගේ ධර්මකථික බව වර්ණනා කළේ වන්නේය. වරුණ විසින් වැරදි ලෙස වටහා ගැනීමෙන් පුණ්ණක තෙමේ අණකරන ලද්දේ වන්නේය. ඒ මොහු තමාගේ වරදවා වටහාගැනීමෙන් මා මරන්නට මෙබඳු දුකක් දුන්නේය. මාගේ පණ්ඩිත බව ස්ථාන, උප්පත්ති, කාරණ, වින්දන, සමර්ථතාව යන මේවා මා මරන්නා වූ මොහු කෙරෙහි කුමක් කරන්නේ ද? එසේනම් මාණවකය, මම යහපත් වූ මනුෂ්‍ය ධර්මය දනිමි. යම්තාක් මා මරන්නේ ද ඒතාක් පර්වත මුදුනෙහි හිඳුවා යහපත් මනුෂ්‍ය ධර්මයන් අසන්න. පසුව යමක් කැමැත්තේද එය කරන්නයැයි කියා මහා මනුෂ්‍ය ධර්මයන් වර්ණනා කරන්නේ තමාගේ ජීවිතය ගෙනෙන්නේය. හෙතෙම හිස පහතට සිටින සේ එල්ලෙන්නේ,
“ඛිප්පං මමං උද්ධර කාතියාන, හදයෙන මෙ යදි තෙ අත්ථි කිච්චං; යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව තෙ පාතුකරොමි අජ්ජා”ති.
කාතියානය. ඉදින් මාගේ හදවතින් තොපට කිසෙක් ඇත්නම් මා වහා නගා ගනුව. යම් මේ සාධුතර ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම අද තොපට ප්‍රකාශ කරමි.
තං සුත්වා පුණ්ණකො “අයං පණ්ඩිතෙන දෙවමනුස්සානං අකථිතපුබ්බො ධම්මො භවිස්සති, ඛිප්පමෙව නං උද්ධරිත්වා සාධුනරධම්මං සුණිස්සාමී”ති චින්තෙත්වා මහාසත්තං උක්ඛිපිත්වා පබ්බතමුද්ධනි නිසීදාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එය අසා පුණ්ණක තෙමේ මෙසේ සිතීය. මේ පණ්ඩිතයන් විසින් දෙව් මිනිසුන්ට නොකියන ලද ධර්මයක් වන්නේය. වහාම ඔහුව ඔසවාගෙන යහපත් වූ මනුෂ්‍ය ධර්මයන් අසන්නෙමියි සිතා මහා සත්ත්වයන්ට ඔසවා පර්වත මුදුනෙහි හිඳවාපීය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“සො පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, නගමුද්ධනි ඛිප්පං පතිට්ඨපෙත්වා; අස්සත්ථමාසීනං සමෙක්ඛියාන, පරිපුච්ඡි කත්තාරමනොමපඤ්ඤං.
ඒ පූර්ණක තෙමේ කුරුරට වැසියන්ගේ ශ්‍රේෂ්ඨ වූ කර්තව්‍ය කාරකයා වහා පර්වත මස්තකයෙහි පිහිටුවා අස්වසි වැ හුන්නහු දැක අලාමක නුවණැති කළයුත්ත කරන පඬිතුමාගෙන් මෙසේ විචාරයි.
“සමුද්ධටො මෙසි තුවං පපාතා, හදයෙන තෙ අජ්ජ මමත්ථි කිච්චං; යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව මෙ පාතුකරොහි අජ්ජා”ති.
මා විසින් තෙපි ප්‍රපාතයෙන් නගන ලදී. අද තොපගේ හදවතින් මට කටයුතු ඇත. යම් මේ සාධුතර (හොඳ මිනිස් ගති) ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම අද මට පවසන්න.
තත්ථ අස්සත්ථමාසීනන්ති ලද්ධස්සාසං හුත්වා නිසින්නං. සමෙක්ඛියානාති දිස්වා. සාධුනරස්ස ධම්මාති නරස්ස සාධුධම්මා, සුන්දරධම්මාති අත්ථො.
එහි අස්සත්ථං යනු ලබන ලද අස්වැසුම් ඇතිව සිටි. සමෙක්ඛියානං දැක, සාධුනරස්ස ධම්මා මිනිසාගේ යහපත් ස්වභාවයන්, සුන්දර වූ ධර්මතාවයන්.
තං සුත්වා මහාසත්තො ආහ –
මහාසත්ත්වයන් වහන්සේ වදාළහ;
“සමුද්ධටො ත්යස්මි අහං පපාතා, හදයෙන මෙ යදි තෙ අත්ථි කිච්චං; යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව තෙ පාතුකරොමි අජ්ජා”ති.
තොප විසින් මෙම ප්‍රපාතයෙන් නගන ලද්දේ වෙමි. ඉදින් මාගේ හදවතින් තොපට කටයුත්තක් වේද, මේ යම්කිසි සාධුතර ධර්ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට පවසමි.
තත්ථ ත්යස්මීති තයා අස්මි.
එහි ත්යස්මි නුඹ විසින්, වෙමි.
අථ නං මහාසත්තො “කිලිට්ඨගත්තොම්හි, න්හායාමි තාවා”ති ආහ. යක්ඛොපි “සාධූ”ති න්හානොදකං ආහරිත්වා න්හාතකාලෙ මහාසත්තස්ස දිබ්බදුස්සගන්ධමාලාදීනි දත්වා අලඞ්කතප්පටියත්තකාලෙ දිබ්බභොජනං අදාසි. අථ මහාසත්තො භුත්තභොජනො කාළාගිරිමත්ථකං අලඞ්කාරාපෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා බුද්ධලීලාය සාධුනරධම්මං දෙසෙන්තො ගාථමාහ –
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ ඔහුට, මම කිලිටි ශරීර ඇත්තේ වෙමි. පළමුව ස්නානය කරමියි කීය. යක්ෂයා යහපතැයි කියා ස්නානයට ජලය ගෙනවුත් ස්නානය කළ කල්හි මහාසත්ත්වයන් වහන්සේට දිව්‍යමය වත්ර, දිව්‍යමය සුවඳ, මල්මාලා ආදිය දී සැරසී පිළියෙල වූ කල්හි දිව්‍ය භෝජන දුන්නේය. මහාසත්ත්වයන් වහන්සේ අහර වළඳා කාළාගිරි මස්තකය සරසවා ආසනයක් පනවවා සරසන ලද අසුනෙහි හිඳ බුද්ධ විලාශයෙන් සාධු මිනිස්දම් දේශනා කරන්නේ මේ ගාථාව ප්‍රකාශ කළහ.
“යාතානුයායී ච භවාහි මාණව, අල්ලඤ්ච පාණිං පරිවජ්ජයස්සු; මා චස්සු මිත්තෙසු කදාචි දුබ්භී, මා ච වසං අසතීනං නිගච්ඡෙ”ති.
මානවකය, යන්නන් අනුව යන්නේ වව. තෙත් වූ අල්ල දැවීමද හැරපියව. කිසිකලෙකත් මිතුරන් කෙරෙහි ද්‍රෝහී නොවව. ස්ත්රීන්ගේ වශයටද නොයව.
තත්ථ අල්ලඤ්ච පාණිං පරිවජ්ජයස්සූති අල්ලං තින්තං පාණිං මා දහි මා ඣාපෙහි.
එහි අද්දඤ්ච පාණිං පරිවජ්ජයස්සු යනු තෙත්, තෙමුනු අත නොදවව.
යක්ඛො සංඛිත්තෙන භාසිතෙ චත්තාරො සාධුනරධම්මෙ බුජ්ඣිතුං අසක්කොන්තො විත්ථාරෙන පුච්ඡන්තො ගාථමාහ –
යක්ෂ තෙම කෙටියෙන් ප්‍රකාශ කළ සාධු මනුෂ්‍ය ධර්ම සතර අවබෝධ කරගන්නට නො හැක්කේ විස්තර වශයෙන් විචාළේය.
“කථං නු යාතං අනුයායි හොති, අල්ලඤ්ච පාණිං දහතෙ කථං සො; අසතී ච කා කො පන මිත්තදුබ්භො, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථ”න්ති.
කෙසේනම් යන්නන් අනුව යන්නේ වේද? හෙතෙම කෙසේනම් තෙත් වූ අල්ල දවන්නේ වේද? අසති යනු කවරෙක්ද? මිත්‍රද්‍රෝහී නම් කවරෙක්ද? මේ කරුණු විචාරණ ලද්දාහු මට කියව.
මහාසත්තොපිස්ස කථෙසි –
මහා සත්ත්වයන් වහන්සේද ඔහුට මෙසේ කීය;
“අසන්ථුතං නොපි ච දිට්ඨපුබ්බං, යො ආසනෙනාපි නිමන්තයෙය්ය; තස්සෙව අත්ථං පුරිසො කරෙය්ය, යාතානුයායීති තමාහු පණ්ඩිතා.
යමෙක් එක්වැ වාසය නොකළ විරූ නුදුටුවිරූවකුට ආසනයක් පමණකුදු දෙන්නේද මේ පුරුෂ තෙම ඔහුට යහපතක් කරන්නේමයැ. පණ්ඩිතයෝ ඒ පුද්ගලයා යාතානුයායි. (යන්නන් අනුව යන) යැයි කීහ.
“යස්සෙකරත්තම්පි ඝරෙ වසෙය්ය, යත්ථන්නපානං පුරිසො ලභෙය්ය; න තස්ස පාපං මනසාපි චින්තයෙ, අදුබ්භපාණිං දහතෙ මිත්තදුබ්භො.
යමෙක් යමකුගේ නිවෙසේ එක් රැයකුදු වසන්නේද යම්තැනක ආහාරපාන ලබන්නේද ඔහුට අවැඩක් හිතකින්වත් නොසිතන්නේය.
“යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්ය සයෙය්ය වා; න තස්ස සාඛං භඤ්ජෙය්ය, මිත්තදුබ්භො හි පාපකො.
යමෙක් යම් රුකක සෙවනෙහි හිඳගත්තේ හෝ සයනය කරන්නේ හෝ වේද හේ එම ගසෙහි අත්තකුදු නොබිඳින්නේය. මිත්රද්රෝහීකම ලාමකය.
“පුණ්ණම්පි චෙමං පථවිං ධනෙන, දජ්ජිත්ථියා පුරිසො සම්මතාය; ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්ය තම්පි, තාසං වසං අසතීනං න ගච්ඡෙ.
ඉදින් පුරුෂයෙක් යම් කතක් ගැන විශ්වාසයෙන් ධනයෙන් පිරුණු මහපොළවද එම ස්ත්‍රියට දෙන්නේද ඕ අවකාශ ලැබ ඔහුද ඉක්මවා අන් පුරුෂයන් ගැන සිතන්නීය. ඒ අසද්ධර්මගති ඇති ස්ත්‍රීන් වසඟයට නොයන්නේය.
“එවං ඛො යාතං අනුයායි හොති, අල්ලඤ්ච පාණිං දහතෙ පුනෙවං; අසතී ච සා සො පන මිත්තදුබ්භො, සො ධම්මිකො හොහි ජහස්සු අධම්ම”න්ති.
මෙසේ ‘යාතානුයායී’ (යන්නන් අනුව යන) වෙයි. යළි මෙසේ අද්දපාණීදහන (තෙත්වූ අත දවන) නම් වේ. හේ මිත්‍රද්‍රෝහී නම් වේ. යක්ෂය! ඒ තෙපි ධාර්මික වව. අධර්මය හැරපියව.
තත්ථ අසන්ථුතන්ති එකාහද්වීහම්පි එකතො අවුත්ථපුබ්බං. යො ආසනෙනාපීති යො එවරූපං පුග්ගලං ආසනමත්තෙනපි නිමන්තයෙය්ය, පගෙව අන්නපානාදීහි. තස්සෙවාති තස්ස පුබ්බකාරිස්ස අත්ථං පුරිසො කරොතෙව. යාතානුයායීති පුබ්බකාරිතාය යාතස්ස පුග්ගලස්ස අනුයායී . පඨමං කරොන්තො හි යායී නාම, පච්ඡා කරොන්තො අනුයායී නාමාති එවං පණ්ඩිතා කථෙන්ති. අයං දෙවරාජ, පඨමො සාධුනරධම්මො. අදුබ්භපාණින්ති අදුබ්භකං අත්තනො භුඤ්ජනහත්ථමෙව දහන්තො හි මිත්තදුබ්භී නාම හොති. ඉති අල්ලහත්ථස්ස අජ්ඣාපනං නාම අයං දුතියො සාධුනරධම්මො. න තස්සාති තස්ස සාඛං වා පත්තං වා න භඤ්ජෙය්ය. කිංකාරණා? මිත්තදුබ්භො හි පාපකො. ඉති පරිභුත්තච්ඡායස්ස අචෙතනස්ස රුක්ඛස්සපි පාපං කරොන්තො මිත්තදුබ්භී නාම හොති, කිමඞ්ගං පන මනුස්සභූතස්සාති. එවං මිත්තෙසු අදුබ්භනං නාම අයං තතියො සාධුනරධම්මො. දජ්ජිත්ථියාති දදෙය්ය ඉත්ථියා. සම්මතායාති “අහමෙව තස්සා පියො, න අඤ්ඤො, මඤ්ඤෙව සා ඉච්ඡතී”ති එවං සුට්ඨු මතාය. ලද්ධා ඛණන්ති අතිචාරස්ස ඔකාසං ලභිත්වා. අසතීනන්ති අසද්ධම්මසමන්නාගතානං ඉත්ථීනං. ඉති මාතුගාමං නිස්සාය පාපස්ස අකරණං නාම අයං චතුත්ථො සාධුනරධම්මො. සො ධම්මිකො හොහීති දෙවරාජ, සො ත්වං ඉමෙහි චතූහි සාධුනරධම්මෙහි යුත්තො හොහීති.
එහි අසත්ථුතං යනු එක දවසක් හෝ දෙකක් එකට වාසයකර නැති. ආසනෙන අපි ඔහු මෙබඳු කෙනෙකුට අසුනක් පමණවත් දෙන්නේනම්, ආහාරපාන ආදියෙන් කියනුම කිම? තස්සෙව මෙසේ පෙර උදව් කළවු හට උපකාරයක් කරන්න. යාතානුයායී පෙර කරන ලද යන්නා වූ පුද්ගලයා අනුව යන්නේ, පළමුව කරන්නේ යාති නම් වේ. පසුව කරන්නා ආනුයාති නම් වේයැයි මෙසේ පණ්ඩිතයෝ කියත්. දේවරාජය, මේ පළමු සාධු මනුෂ්‍ය ධර්මයයි. අදුබ්භපාණී මිත්‍රද්‍රෝහී නොවූ තමන්ගේ ආහාර අනුභව කරන අතම දවන්නේ වනාහි මිත්තදූභී (මිත්‍රද්‍රෝහී) නම් වේ. මෙසේ තෙත් වූ අත නොදැවීම නම් වූ මෙය දෙවෙනි උතුම් මනුෂ්‍ය ධර්මයයි. නතස්ස යනු ඒ ගසේ අත්තක් හෝ පත්‍රයක් හෝ නොකඩන්නේය. කුමක් නිසාද? මිත්ත දුබ්භොහි පාපකො මෙසේ ප්රයෝජනගත් අචේතනික ගසක සෙවණැල්ලට හතුරෙක් වන තැනැත්තා මිත්‍රද්‍රෝහී නම් වේ. මිනිසකු ගැන කවර කථාද? මෙසේ මිත්‍රයන් කෙරෙහි ද්‍රෝහී නොවීම නම් වූ මෙය තුන්වන උතුම් මනුෂ්‍ය ධර්මයයි. දජ්ජිත්ථියා ස්ත්‍රියකට දෙන්නේය. සම්මතාය යනු මම පමණක් මැයට ප්‍රියයි. වෙන අය නොවේ. මෙසේ සිතන, යහපත් කල්පනා ඇති ලද්ධාඛණං අතිචාරය සඳහා අවකාශයක් ලැබ. අසතීනං විෂමාචාර ඇත්තන්ට, මෙසේ ස්ත්‍රියක් නිසා පාපයක් නොකිරීම නම් වූ මෙය සතරවන උතුම් මනුෂ්‍ය ධර්මයයි. සො ධම්මියො හොති දේවරාජය! ඒ නුඹ මේ උතුම් මනුෂ්‍ය ධර්මයන්ගෙන් යුක්ත වූයේ ධාර්මික කෙනෙක් වන්න.
එවං මහාසත්තො යක්ඛස්ස චත්තාරො සාධුනරධම්මෙ බුද්ධලීලාය කථෙසි.
[missing trans]
සාධුනරධම්මකණ්ඩං නිට්ඨිතං.
සාධුනර ධම්ම කාණ්ඩය නිමියේ ය.