කාළාගිරිකණ්ඩං අට්ඨකථා
කාළාගිරිකණ්ඩං
කාළාගිරි කාණ්ඩය
තෙ ධම්මෙ සුණන්තොයෙව පුණ්ණකො සල්ලක්ඛෙසි “චතූසුපි ඨානෙසු පණ්ඩිතො අත්තනො ජීවිතමෙව යාචති, අයං ඛො මය්හං පුබ්බෙ අසන්ථුතස්සෙව සක්කාරමකාසි, අහමස්ස නිවෙසනෙ තීහං මහන්තං යසං අනුභවන්තො වසිං, අහඤ්චිමං පාපකම්මං කරොන්තො මාතුගාමං නිස්සාය කරොමි, සබ්බථාපි අහමෙව මිත්තදුබ්භී. සචෙ පණ්ඩිතං අපරජ්ඣාමි, න සාධුනරධම්මෙ වත්තිස්සාමි නාම, තස්මා කිං මෙ නාගමාණවිකාය, ඉන්දපත්ථනගරවාසීනං අස්සුමුඛානි හාසෙන්තො ඉමං වෙගෙන තත්ථ නෙත්වා ධම්මසභායං ඔතාරෙස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
මෙසේ මහා සත්ත්වයන් උතුම් මනුෂ්‍ය ධර්ම සතර බුද්ධ ලීලාවෙන් ප්‍රකාශ කළහ. ඒවා අසන ගමන්ම පුණ්ණක තෙමේ මෙසේ සිතීය. ස්ථාන සතරකදී පණ්ඩිතයා තමාගේ ජීවිතයම ඉල්ලයි. මොහු වනාහි මට පෙර එකට නොවැසූවහුට සත්කාර කළේය. මම මොහුගේ නිවසෙහි දවස් තුනක් මහත් වූ සැපතක් විඳිමින් වාසය කළෙමි. මම ද මේ පාපය කරන්නේ ස්ත්‍රියක් නිසාවෙනි. හැම පැත්තකින්ම මම ම මිත්‍රද්‍රෝහි වෙමි. ඉදින් පණ්ඩිතයන්ට අපරාධයක් කරන්නේ නම් උතුම් මනුෂ්‍ය ධර්මයන්හි යෙදෙන්නෙක් නොවෙම් ද? නාග මානවිකාවගේ ඉඳුපත් වැසියන්ගේ කඳුළු සහිත මුහුණු සිනහ ගන්වමින් මොහුව වේගයෙන් ගෙන ගොස් දම් සභාවට බස්වන්නෙමියි සිතා කීය.
“අවසිං අහං තුය්හ තීහං අගාරෙ, අන්නෙන පානෙන උපට්ඨිතොස්මි; මිත්තො මමාසී විසජ්ජාමහං තං, කාමං ඝරං උත්තමපඤ්ඤ ගච්ඡ.
පඬිතුමනි. තොපගේ නිවසේ මම තුන්දවසක් විසීමි. ආහාරපානවලින් උපස්ථාන කරන ලද්දේ වෙමි. තොප මාගේ මිත්රයෙකි. මම තොප මුදාහරිමි. ඒකාන්තයෙන් ගෙට යව.
අපි හායතු නාගකුලා අත්ථො, අලම්පි මෙ නාගකඤ්ඤාය හොතු; සො ත්වං සකෙනෙව සුභාසිතෙන, මුත්තොසි මෙ අජ්ජ වධාය පඤ්ඤා”ති.
නාග කුලයේ කටයුත්ත පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජනයක් නොවේවා. ඤාණවන්තය. තෙපි තමන්ගේ සුභාෂිත වචනයෙන් මා අද ප්‍රාණ වධයෙන් මුදන ලද්දේය.
තත්ථ උපට්ඨිතොස්මීති තයා උපට්ඨිතොස්මි. විසජ්ජාමහං තන්ති විස්සජ්ජෙමි අහං තං. කාමන්ති එකංසෙන. වධායාති වධතො. පඤ්ඤාති පඤ්ඤවන්ත.
එහි උපට්ඨිතොස්මි ඔබ විසින් උපස්ථාන කරන ලද්දේ වෙමි. විසජාමහං තං මම ඔබව මුදාහරිනෙමි. කාමං ඒකාන්තයෙන්. වධාය වධයෙන්. පඤ්ඤා ඤාණවන්තය.
අථ නං මහාසත්තො “මාණව, ත්වං තාව මං අත්තනො ඝරං මා පෙසෙහි, නාගභවනමෙව මං නෙහී”ති වදන්තො ගාථමාහ –
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ, මානවකය! ඔබ මා තමන්ගේ ගෙදරට නොයවන්න. නාග භවනයටම මා ගෙන යන්නයැයි කියන්නේ මේ ගාථාව කීය.
“හන්ද තුවං යක්ඛ මමම්පි නෙහි, සසුරං තෙ අත්ථං මයි චරස්සු; මයඤ්ච නාගාධිපතිං විමානං, දක්ඛෙමු නාගස්ස අදිට්ඨපුබ්බ”න්ති.
එසේනම් යක්ෂය, තෙපි මාද එහි ගෙන යව. තොපගේ මයිලණුවන්ගේ කාර්යය මා කෙරෙහි පවරව. අපිදු නොදුටුවිරූ නාග විමානයත් නා රජුත් දකිමු.
තත්ථ හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො. සසුරං තෙ අත්ථං මයි චරස්සූති තව සසුරස්ස සන්තකං අත්ථං මයි චර මා නාසෙහි. නාගාධිපතිං විමානන්ති අහම්පි නාගාධිපතිඤ්ච විමානඤ්චස්ස අදිට්ඨපුබ්බං පස්සෙය්යං.
එහි හන්ද යනු වචනයාගේ අග්‍ර අර්ථයෙහි නිපාතයකි. සසුරං නු තෙ, අමත්ථං මයි චරස්සු යනු ඔබගේ මාමණ්ඩිය සතු කාර්යය මා වෙත පවරන්න. ඔහුව නොමරන්න. නාගාධිපති විමානං නොදුටුවිරූ නාරජුවද විමානයද බලන්නෙමි.
තං සුත්වා පුණ්ණකො ආහ –
පුණ්ණක තෙමේ කීය;
“යං වෙ නරස්ස අහිතාය අස්ස, න තං පඤ්ඤො අරහති දස්සනාය; අථ කෙන වණ්ණෙන අමිත්තගාමං, තුවමිච්ඡසි උත්තමපඤ්ඤ ගන්තු”න්ති.
මිනිසාට යමක් අහිත වන්නේද එය ප්‍රාඥයා දක්නට නිසි නොවේ. එසේ ඇති කල්හි කවර හේතුවක් නිසා සතුරුගමට යාමට තෙපි කැමැත්තහුද?
තත්ථ අමිත්තගාමන්ති අමිත්තස්ස වසනට්ඨානං, අමිත්තසමාගමන්ති අත්ථො.
එහි අමිත්තගාමං යනු සතුරා වසන තැන සතුරා හා එක්වීම යන අර්ථයි.
අථ නං මහාසත්තො ආහ –
මහාසත්ත්වයන් වහන්සේ කීය.
“අද්ධා පජානාමි අහම්පි එතං, න තං පඤ්ඤො අරහති දස්සනාය; පාපඤ්ච මෙ නත්ථි කතං කුහිඤ්චි, තස්මා න සඞ්කෙ මරණාගමායා”ති.
ඒකාන්තයෙන් මම ද මෙය දනිමි. එය බැලීමට ප්‍රාඥතෙම නිසි නොවේ. කිසිතැනක මා කළ පාපයක්ද නැත. එහෙයින් මරණයට පත්වීමට මම සැක නැත්තෙමි.
තත්ථ මරණාගමායාති මරණස්ස ආගමාය.
එහි මරණාගමාය යනු මරණයට පැමිණීම.
අපිච, දෙවරාජ, තාදිසො යක්ඛො කක්ඛළො මයා ධම්මකථාය පලොභෙත්වා මුදුකතො, ඉදානෙව මං “අලං මෙ නාගමාණවිකාය, අත්තනො ඝරං යාහී”ති වදෙසි, නාගරාජස්ස මුදුකරණං මම භාරො, නෙහියෙව මං තත්ථාති. තස්ස තං වචනං සුත්වා පුණ්ණකො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තුට්ඨචිත්තො ආහ –
තවද දේවරාජය! මා විසින් එබඳු වූ නපුරකුව දහම් කතාවෙන් පොලොඹවාගෙන, මෘදු බවෙන් දැන්ම, නාග මානවිකාවගෙන් මට වැඩක් නැත. තමන්ගේ ගෙට යන්න යැයි කීවේය. නාගරාජයාගේ සැරපරුෂ බව නැතිකිරීමෙහිලා මගේ වගකීම කුමක්ද? මා එහි ගෙන යන්න. ඒ අසා පුණ්ණක තෙමේ ඔහුගේ කීම යහපත්යැයි කියා පිළිගෙන මෙසේ කීය.
“හන්ද ච ඨානං අතුලානුභාවං, මයා සහ දක්ඛසි එහි කත්තෙ; යත්ථච්ඡති නච්චගීතෙහි නාගො, රාජා යථා වෙස්සවණො නළිඤ්ඤං.
එසේනම් මා හා සමග එන්න. නලිනී රාජධානියේ වෛශ්‍රවණ රජු මෙන් යම්තැනක නාරජු නෘත්‍ය ගීතයෙන් යුතුව හිඳී ද ඒ මහත් අනුභව ඇති නාවිමන බලව.
“නං නාගකඤ්ඤා චරිතං ගණෙන, නිකීළිතං නිච්චමහො ච රත්තිං; පහූතමාල්යං බහුපුප්ඵඡන්නං, ඔභාසතී විජ්ජුරිවන්තලික්ඛෙ.
ඒ නා මෙනෙවිය සමූහයා විසින් දිවා රාත්‍රී නිරන්තරයෙන් කළ ක්‍රීඩා ඇති බොහෝ මල්දම් ඇති නොයෙක් පුෂ්පයන්ගෙන් වැසුනු විමන අහසෙහි විදුලිය මෙන් බබලයි.
“අන්නෙන පානෙන උපෙතරූපං, නච්චෙහි ගීතෙහි ච වාදිතෙහි; පරිපූරං කඤ්ඤාහි අලඞ්කතාහි, උපසොභති වත්ථපිලන්ධනෙනා”ති.
ආහාරපානයෙන් ද නෘත්‍ය ගීත හා වාදනයෙන් ද යුත් ඒ විමානය ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගත් කන්‍යාවන්ගෙන් පරිපූර්ණ වූයේ ඉතා ශෝභන වෙයි.
තත්ථ හන්ද චාති නිපාතමත්තමෙව. ඨානන්ති නාගරාජස්ස වසනට්ඨානං. නළිඤ්ඤන්ති නළිනියං නාම රාජධානියං. චරිතං ගණෙනාති තං නාගකඤ්ඤානං ගණෙන චරිතං. නිකීළිතන්ති නිච්චං අහො ච රත්තිඤ්ච නාගකඤ්ඤාහි කීළිතානුකීළිතං.
මෙහි හන්දච යනු නිපාත මාත්‍රයකි. ඨානං නාරජු වසන තැනට පසුපසින්. නළිඤ්ඤං නළිනී නම් වූ රාජධානිය. ගණෙන එය නාග කන්‍යා සමූහයේ හැසිරිම් ඇති. නිකීළිතං නිතර දවල්ද රාත්රිද නාග කන්‍යාවන් සමග ක්‍රීඩාකරන ලද.
එවඤ්ච පන වත්වා පුණ්ණකො මහාසත්තං අස්සපිට්ඨං ආරොපෙත්වා තත්ථ නෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“සො පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, නිසීදයී පච්ඡතො ආසනස්මිං; ආදාය කත්තාරමනොමපඤ්ඤං, උපානයී භවනං නාගරඤ්ඤො.
ඒ පූර්ණක යක්ෂයා කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ කර්තෘ ශ්‍රේෂ්ඨයාව පිටුපස අසුනෙහි හිඳුවාපීය. හේ අලාමක නුවණැති කර්තව්යකාරක විධුර පඬිතුමා ගෙන නාරජුගේ භවනයට පැමිණවී.
“පත්වාන ඨානං අතුලානුභාවං, අට්ඨාසි කත්තා පච්ඡතො පුණ්ණකස්ස; සාමග්ගිපෙක්ඛමානො නාගරාජා, පුබ්බෙව ජාමාතරමජ්ඣභාසථා”ති.
අසම වූ අනුභාව ඇති එතැනට පත් විධුර පණ්ඩිත පූර්ණකයාගේ පිටුපසැ සිටියේය. සමගිය දෙස බලන නාරජ පළමුව බෑනා හා කතා කළේය.
තත්ථ සො පුණ්ණකොති භික්ඛවෙ, සො එවං නාගභවනං වණ්ණෙත්වා පණ්ඩිතං අත්තනො ආජඤ්ඤං ආරොපෙත්වා නාගභවනං නෙසි. ඨානන්ති නාගරාජස්ස වසනට්ඨානං. පච්ඡතො පුණ්ණකස්සාති පුණ්ණකස්ස කිර එතදහොසි “සචෙ නාගරාජා පණ්ඩිතං දිස්වා මුදුචිත්තො භවිස්සති, ඉච්චෙතං කුසලං. නො චෙ, තස්ස තං අපස්සන්තස්සෙව සින්ධවං ආරොපෙත්වා ආදාය ගමිස්සාමී”ති. අථ නං පච්ඡතො ඨපෙසි. තෙන වුත්තං “පච්ඡතො පුණ්ණකස්සා”ති. සාමග්ගිපෙක්ඛමානොති සාමග්ගිං අපෙක්ඛමානො. “සාමං අපෙක්ඛී”තිපි පාඨො, අත්තනො ජාමාතරං පස්සිත්වා පඨමතරං සයමෙව අජ්ඣභාසථාති අත්ථො.
එහි සො පුණ්ණකො මහණෙනි! මෙසේ පූර්ණක තෙමේ නාගභවනය වර්ණනාකොට පඬිවරයාව තමාගේ ආජඤ්ඤ අශ්වයා පිට නංවාගෙන නාගභවනයට ගෙන ගියේය. ඨානං යනු නාරජුගේ වාසස්ථානයට. පච්ඡතො පුණ්ණකස්ස පූර්ණකට වනාහි මෙබඳු සිතක් ඇතිවිය. ඉදින් නා රජු පණ්ඩිතයා දැක මෘදු වූ සිත් ඇත්තේ වන්නේය. එය දක්ෂතාවය නොවන්නේද? ඔහුට පණ්ඩිතයාව නොපෙනෙන ලෙස අශ්වයා පිටට නංවාගෙන, ගෙන යන්නෙමියි ඉක්බිති ඔහුව පසුපසින් තැබීය. ඒ නිසා කියන ලදී. පච්ඡතො පුණ්ණකස්ස කියා. සාමග්ගිපෙක්ඛී යනු සමගිය බලන්නේ සාමං අවෙක්ඛී (සාමය බැලීය) කියාද පාඨයක් ඇත. තමන්ගේ බෑනා දැක පළමුව තෙමේම කීවේය යන අර්ථයි.
නාගරාජා ආහ –
නා රජ කීය;
“යන්නු තුවං අගමා මච්චලොකං, අන්වෙසමානො හදයං පණ්ඩිතස්ස; කච්චි සමිද්ධෙන ඉධානුපත්තො, ආදාය කත්තාරමනොමපඤ්ඤ”න්ති.
යම්හෙයකින් තෙපි විධුර පණ්ඩිතයන්ගේ හදවත සොයමින් මිනිස් ලොවට ගියහුද කිම මනදොළ සපුරාගෙන අලාමක ප්‍රඥා ඇති පඬිතුමා ගෙන මෙහි පැමිණියේද?
තත්ථ කච්චි සමිද්ධෙනාති කච්චි තෙ මනොරථෙන සමිද්ධෙන නිප්ඵන්නෙන ඉධාගතොසීති පුච්ඡති.
එහි කච්චි සමිද්ධෙන යනු ඒ මනදොළ සමෘද්ධ වීමෙන්, සඵල වීමෙන් මෙහි ආවේ වන්නෙහිද කියා ඇසීය.
පුණ්ණකො ආහ –
පූර්ණක තෙමේ කීය;
“අයඤ්හි සො ආගතො යං ත්වමිච්ඡසි, ධම්මෙන ලද්ධො මම ධම්මපාලො; තං පස්සථ සම්මුඛා භාසමානං, සුඛො හවෙ සප්පුරිසෙහි සඞ්ගමො”ති.
තෙපි යමක්හු කැමැත්තහුද හෙතෙම මෙහි පැමිණි පුරුෂයාමය. ධර්මපාල නම් වූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියේ කතාකරන ඔහු බලනු මැනවි. සත්පුරුෂ සංගමය ඒකාන්තයෙන් සැපයකි.
තත්ථ යං ත්වමිච්ඡසීති යං ත්වං ඉච්ඡසි. “යන්තු මිච්ඡසී”තිපි පාඨො. සම්මුඛා භාසමානන්ති තං ලොකසක්කතං ධම්මපාලං ඉදානි මධුරෙන සරෙන ධම්මං භාසමානං සම්මුඛාව පස්සථ, සප්පුරිසෙහි එකට්ඨානෙ සමාගමො හි නාම සුඛො හොතීති.
එහි යං ත්වමිච්ඡසි නුඹ යමකු කැමැති වන්නෙහිද? යන්තුමිච්ඡසි කියාද පාඨයක් ඇත. භාසමානං දැන් මිහිරි ස්වරයෙන් බණ කියන්නා වූ ඒ ලෝකපාලක ධර්මපාලව ඉදිරිපිටදීම බලව්. එක්තැනකට සත්පුරුෂයන්ගේ එක්රැස්වීම නම් සැපයක් වන්නේය.
කාළාගිරිකණ්ඩං නිට්ඨිතං.
කාලාගිරි කාණ්ඩය නිමියේ ය.
තතො නාගරාජා මහාසත්තං දිස්වා ගාථමාහ –
නාගරාජයා මහාසත්ත්වයන් දැක ගාථාවක් කීය.
“අදිට්ඨපුබ්බං දිස්වාන, මච්චො මච්චුභයට්ටිතො; බ්යම්හිතො නාභිවාදෙසි, නයිදං පඤ්ඤවතාමිවා”ති.
මනුෂ්‍ය තෙම නුදුටුවිරූ දැය දැක විස්මිතවැ මෙන් මරණ බියෙන් පීඩිතව නමස්කාර නොකරයි. මේ කරුණ ප්‍රාඥයන්ට යෝග්‍ය නොවේ.
තත්ථ බ්යම්හිතොති භීතො. ඉදං වුත්තං හොති – පණ්ඩිත, ත්වං අදිට්ඨපුබ්බං නාගභවනං දිස්වා මරණභයෙන අට්ටිතො භීතො හුත්වා යං මං නාභිවාදෙසි, ඉදං කාරණං පඤ්ඤවන්තානං න හොතීති.
එහි ව්යම්භිකො බිය වූයේ මෙසේ කියා ඇත. ඔබ කලින් නුදුටුවිරූ නාගභවනය දැක මරණ බියෙන් සිටියේ බියවී, මා හට නමස්කාර නොකළේද, මේ කරුණ ප්‍රඥාවන්තයන්ට නොයෙදේ.
එවං වන්දනං පච්චාසීසන්තං නාගරාජානං මහාසත්තො “න ත්වං මයා වන්දිතබ්බො”ති අවත්වාව අත්තනො ඤාණවන්තතාය උපායකොසල්ලෙන “අහං වජ්ඣප්පත්තභාවෙන නං තං වන්දාමී”ති වදන්තො ගාථාද්වයමාහ –
මෙසේ බලාපොරොත්තු වන්නා වූ නාරජුට මහාසත්ත්වයෝ මාවිසින් ඔබට නොවැඳිය යුතුයැයි නොකියා ම තමන්ගේ නුවණින් උපාය කෞශල්‍යයෙන් මම වරදකාරයකු බවට පත්ව ඇති බැවින් ඔහුට නොවඳින්නේයැයි කියන්නේ මේ ගාථා දෙක කීය.
“න චම්හි බ්යම්හිතො නාග, න ච මච්චුභයට්ටිතො; න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
නාරජුනි, මම පුදුම නොවෙමි. මරණ බයෙන් පෙළුනෙම් ද නොවෙමි. වධයට පැමිණියේ නොවඳින්නේය. වධයට පැමිණියාහු ලවා නොවන්දවන්නේය.
“කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ; යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජතී”ති.
මිනිසා යමකු නසන්නට කැමැත්තේ නම් හෙතෙම කෙසේ නම් වඳින්නේද? කෙසේනම් ඔහු ලවා වඳවන්නේ හෝ වේද? ඒ ක්‍රියාව සුදුසු නොවෙයි.
තස්සත්ථො – නෙවාහං, නාගරාජ, අදිට්ඨපුබ්බං නාගභවනං දිස්වා භීතො, න මරණභයට්ටිතො. මාදිසස්ස හි මරණභයං නාම නත්ථි, වජ්ඣො පන අභිවාදෙතුං, වජ්ඣං වා අවජ්ඣොපි අභිවාදාපෙතුං න ලභති. යඤ්හි නරො හන්තුමිච්ඡෙය්ය, සො තං කථං නු අභිවාදෙය්ය, කථං වා තෙන අත්තානං අභිවාදාපයෙථ වෙ. තස්ස හි තං කම්මං න උපපජ්ජති. ත්වඤ්ච කිර මං මාරාපෙතුං ඉමං ආණාපෙසි, කථාහං තං වන්දාධීති.
එහි අර්ථය - නාගරාජය, මම නුදුටුවිරූ නාගභවනය දැක බියවූයේ හෝ මරණ බයෙන් බියපත් වූයේ නොවෙයි. මා වැන්නකුට මරණ භයක් නම් නැත. වරදකරු වනාහි වරදකරුට වඳින්නට හෝ වරදක් නැත්තාද වඳින්නට නොලැබෙයි. මිනිසා වනාහි යමකු නසන්නට කැමැති වන්නේද කෙසේනම් ඔහුට වඳින්නේද? කෙසේනම් ඔහු ලවා තමාට වන්දවා ගන්නේද ඔහුටද ඒ ක්‍රියාව කළ නොහැක. ඔබද වනාහි මා මරන්නට මෙහි ගෙනාවෙහිය. මම කෙසේනම් ඔබට වඳින්නෙම්ද?
තං සුත්වා නාගරාජා මහාසත්තස්ස ථුතිං කරොන්තො ද්වෙ ගාථා අභාසි –
ඒ අසා නාරජු මහා සත්ත්වයන් වහන්සේ ස්තුති කරමින් ගාථා දෙකක් පැවසීය.
“එවමෙතං යථා බ්රූසි, සච්චං භාසසි පණ්ඩිත; න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
පඬිතුමනි, තෙපි යම්සේ කියවුද? මෙය එසේය. තෙපි සත්‍යයක් කියව. වධයට පැමිණියේ නොවඳින්නේය. වධයට පැමිණියාහු ලවා හෝ නොවඳවන්නේය.
කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ; යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජතී”ති.
මනුෂ්‍යයෙක් යමෙකු නසන්නට කැමැත්තේ නම් වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවාගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියාව සුදුසු නොවේ.
ඉදානි මහාසත්තො නාගරාජෙන සද්ධිං පටිසන්ථාරං කරොන්තො ආහ –
දැන් මහාසත්ත්වයන් වහන්සේ නාරජු සමග පිළිසඳර කථා කරන්නේ මෙසේ කීය.
“අසස්සතං සස්සතං නු තවයිදං, ඉද්ධී ජුතී බලවීරියූපපත්ති; පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං, කථං නු තෙ ලද්ධමිදං විමානං.
නාරජුනි! තාවකාලික ඔබගේ මේ විමානය නාග ඍද්ධිය නාග තේජස, කායික හා චෛතසික බල, නාලොව උත්පත්තිය යන මේවා බොහෝකල් පවත්නේ යැයි සිතා පව්කම් නොකරව. මේ විමන තෙපි කෙසේ ලැබුවහුදැයි විචාරමි.
“අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං; අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං, යථෙව තෙ ලද්ධමිදං විමාන”න්ති.
[missing trans]
තත්ථ තවයිදන්ති ඉදං තව යසජාතං, විමානං වා අසස්සතං සස්සතසදිසං, “මා ඛො යසං නිස්සාය පාපමකාසී”ති ඉමිනා පදෙන අත්තනො ජීවිතං යාචති. ඉද්ධීති නාගඉද්ධි ච නාගජුති ච කායබලඤ්ච චෙතසිකවීරියඤ්ච නාගභවනෙ උපපත්ති ච යඤ්ච තෙ ඉදං විමානං, පුච්ඡාමි තං නාගරාජ, එතමත්ථං, කථං නු තෙ ඉදං සබ්බං ලද්ධන්ති. අධිච්චලද්ධන්ති කිං නු තයා ඉදං විමානං එවං සම්පන්නං අධිච්ච අකාරණෙන ලද්ධං, උදාහු උතුපරිණාමජං තෙ ඉදං, උදාහු සයං සහත්ථෙනෙව කතං, උදාහු දෙවෙහි තෙ දින්නං, යථෙව තෙ ඉදං ලද්ධං, එතං මෙ අත්ථං අක්ඛාහීති.
එහි තවයිදං යනු ඔබ යසස ගෙනෙන මේ විමානය හෝ ස්ථිර නැත. ස්ථිර යැයි සිතා යසස හේතුවෙන් පව් නොකරන්න යන වචනයෙන් තමාගේ ජීවිතය ඉල්ලා සිටියේය. ඉද්ධි යනු නාග ඍද්ධිය, නාග තේජස, කාය බලය, චෛතසික වීර්යය, නාග භවනයෙහි උපත, මේ විමානය, නාගරාජය, මේ කරුණු ගැන අසමි. ඔබ කෙසේනම් මේ සියල්ල ලබන ලද්දේද? අධිච්චලද්ධං කිම ඔබ විසින් මෙබඳු වූ නාගභවනයක් කිසි හේතුවක් නැතුව ලබන ලද්දේද? නැතහොත් සෘතු පරිණාමයෙන් හටගත්තේද මෙය, එසේත් නැත්නම් තමන් තමන්ගේ අතින්ම කරන ලද්දේද, එසේත් නැත්නම් ඔබට දෙවියන් විසින් දෙන ලදද? යම් ක්‍රමයකින් ඔබ මෙය ලබන ලදද එය මට වැදගත්ය. කියන්න.
තං සුත්වා නාගරාජා ආහ –
නාරජු මෙසේ කීය;
“නාධිච්චලද්ධං න පරිණාමජං මෙ, න සයංකතං නාපි දෙවෙහි දින්නං; සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමාන”න්ති.
පඬිතුමනි, මේ විමන මා විසින් අහේතුකව ලබන ලද්දේ නොවේ. ඍතු විපර්යාසයෙන් උපන්නේද නොවේ. තමාම කරන ලද්දේ හෝ දෙවියන් විසින් දෙන ලද්දේ ද නොවේ. මා කළ ලාමක නොවන පුණ්යකර්ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
තත්ථ අපාපකෙහීති අලාමකෙහි.
එහි අපාපකෙහි යනු අලාමක දෙයින්.
තතො මහාසත්තො ආහ –
මහාසත්ත්වයන් වහන්සේ මෙසේ කීය;
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාග මහාවිමාන”න්ති.
නාරදුනි! පෙර භවයෙහි කවර ව්රතයක් පුරුදු කළේද කිනම් බ්‍රහ්ම චර්යයක් පුරුදු කළේද? මෙය කවර කර්මයක විපාකයක්ද? නාග සාද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නාලොව උපතද මේ මහා විමානයද කෙසේ ලද්දේ ද?
තත්ථ කිං තෙ වතන්ති නාගරාජ, පුරිමභවෙ තව කිං වතං අහොසි, කො පන බ්රහ්මචරියවාසො, කතරස්ස සුචරිතස්සෙවෙස ඉද්ධිආදිකො විපාකොති.
එහි කිං තෙ වත යනු නාගරාජය! පෙර භවයෙහි කවරනම් දානයක් දුන්නේද? කවර නම් වුතයක් කවරනම් බ්රහ්මචරියාවක් පැවැත්තේද? මේ ඍද්ධි ආදී වූ විපාක කවරනම් සුචරිතයක විපාකයද?
තං සුත්වා නාගරාජා ආහ –
නාරජු මෙසේ කීය.
“අහඤ්ච භරියා ච මනුස්සලොකෙ, සද්ධා උභො දානපතී අහුම්හා; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
පඬිතුමනි! පෙර මිනිස්ලොවදී මම ද මාගේ බිරිඳ ද යන අපි දෙදෙනා ශ්රද්ධාවන්ත දානපතීහු වීමු. මාගේ නිවස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝද සන්තර්පණය කරන ලදහ.
“මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච, පදීපියං සෙය්යමුපස්සයඤ්ච; අච්ඡාදනං සායනමන්නපානං, සක්කච්ච දානානි අදම්හ තත්ථ.
මල්, සුවඳ විලවුන් හා පහන් දැල්වීමට අවශ්‍ය දේ ඇඳ පුටු නිවාස, වස්ත්‍ර හා ආහාරපාන ආදිය එහිදී මනාව පිදූවෙමු.
“තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච මෙ ධීර මහාවිමාන”න්ති.
පඬිතුමනි, එය මාගේ ව්‍රත සමාදානයයි. එය මාගේ බඹසරයි. මනාසේ පුහුණු කළ කුසල කර්මයන් නිසා නාග ඍද්ධිය නාගතේජස, නාගබලය, කායික හා චෛතසික වීර්යය, නාලොව උපත සහ මාගේ මහා විමානයද යන මේවා ලද්දෙමි.
තත්ථ මනුස්සලොකෙති අඞ්ගරට්ඨෙ කාලචම්පානගරෙ. තං මෙ වතන්ති තං සක්කච්චං දින්නදානමෙව මය්හං වත්තසමාදානඤ්ච බ්රහ්මචරියඤ්ච අහොසි, තස්සෙව සුචරිතස්ස අයං ඉද්ධාදිකො විපාකොති.
එහි මනුස්ස ලොකෙ යනු අඟු රටෙහි කාළචම්පා නගරයෙහි තං මෙ වත යනු එය මනාව දෙන ලද දානයමය. එයම මාගේ ව්‍රත සමාදානයද බ්‍රහ්මචරියාවද විය. ඒ සුචරිතයේ විපාක ලෙස මේ ඍද්ධි ආදිය ලබන ලදී.
මහාසත්තො ආහ –
මහා සත්ත්වයන් වහන්සේ කීහ.
“එවං චෙ තෙ ලද්ධමිදං විමානං, ජානාසි පුඤ්ඤානං ඵලූපපත්තිං; තස්මා හි ධම්මං චර අප්පමත්තො, යථා විමානං පුන මාවසෙසී”ති.
ඉදින් මේ විමන තොප විසින් මෙසේ ලබන ලද වී නම් පුණ්‍ය කර්මයන්ගේ ඵලවිපාක දනුව. එහෙයින් යළිදු විමානයන්හි වාසය කරන සේ අප්‍රමාදව කුසල ක්‍රියාවන්හි යෙදෙව.
තත්ථ ජානාසීති සචෙ තයා දානානුභාවෙන තං ලද්ධං, එවං සන්තෙ ජානාසි නාම පුඤ්ඤානං ඵලඤ්ච පුඤ්ඤඵලෙන නිබ්බත්තං උපපත්තිඤ්ච. තස්මා හීති යස්මා පුඤ්ඤෙහි තයා ඉදං ලද්ධං, තස්මා. පුන මාවසෙසීති පුනපි යථා ඉමං නාගභවනං අජ්ඣාවසසි, එවං ධම්මං චර.
එහි ජානාසි යනු ඉදින් ඔබ විසින් දානයේ ආනුභාවයෙන් මෙය ලබන ලද්දේ ද එසේ ඇති කල්හි පුණ්‍ය කර්මයන්ගේ ඵලයද පුණ්‍ය ඵලයෙන් ඇතිවූ උත්පත්තියද දැනගන්නෙහි. තස්මා යනු යම්හෙයකින් පින්වලින් ඔබ විසින් මෙය ලබන ලදද, ඒ නිසා පුනමාවසෙසි යම්සේ නැවතද මේ නාග භවනයෙහි නිරන්තරයෙන් වාසය කරන්නෙහි මෙසේ ධර්මයෙහි හැසිරෙව.
තං සුත්වා නාගරාජා ආහ –
නාරජ මෙසේ කීය;
“නයිධ සන්ති සමණබ්රාහ්මණා ච, යෙසන්නපානානි දදෙමු කත්තෙ; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, යථා විමානං පුන මාවසෙමා”ති.
පඬිතුමනි! යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමු නම් එබඳු මහණ බමුණේ නාලොව නැත්තාහ. අපි යළිදු යම්සේ මේ විමනේ වසමෝ නම් මේ කරුණ විචාළ තෙපි මට කියව.
මහාසත්තො ආහ –
මහාසත්ත්වයෝ කීහ;
“භොගී හි තෙ සන්ති ඉධූපපන්නා, පුත්තා ච දාරා අනුජීවිනො ච; තෙසු තුවං වචසා කම්මුනා ච, අසම්පදුට්ඨො ච භවාහි නිච්චං.
නාරජුනි! තොපට මෙහි උපන් පුත්‍රයෝ ද, බිරියෝ ද, සේවකයෝ ද ඇත්තාහ. තෙපි ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන් ද නිරතුරු ද්වේෂ නොකරව.
“එවං තුවං නාග අසම්පදොසං, අනුපාලය වචසා කම්මුනා ච; ඨත්වා ඉධ යාවතායුකං විමානෙ, උද්ධං ඉතො ගච්ඡසි දෙවලොක”න්ති.
නාගය! තෙපි වචනයෙන් හා කර්මයෙන් මෙත් සිත රකිමින් දිවිහිමියෙන් මෙහි සිට මින් චුතව දෙව්ලොවට යව.
තත්ථ භොගීති භොගිනො, නාගාති අත්ථො. තෙසූති තෙසු පුත්තදාරාදීසු භොගීසු වාචාය කම්මෙන ච නිච්චං අසම්පදුට්ඨො භව. අනුපාලයාති එවං පුත්තාදීසු චෙව සෙසසත්තෙසු ච මෙත්තචිත්තසඞ්ඛාතං අසම්පදොසං අනුරක්ඛ. උද්ධං ඉතොති ඉතො නාගභවනතො චුතො උපරිදෙවලොකං ගමිස්සති. මෙත්තචිත්තඤ්හි දානතො අතිරෙකතරං පුඤ්ඤන්ති.
එහි භොගී යනු භෝග සම්පත්ති ඇති නාගයෝ යන අර්ථයි. තෙසූ යනු ඒ දරුවන් ආදී භෝග වස්තූන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන්ද නිරන්තරයෙන් ද්වේෂ නොකරන්නෙක් වව. අනුපාලය, මෙසේ පුත්‍රාදීන් කෙරෙහි සෙසු සත්ත්වයන් කෙරෙහිද මෛත්‍රී චේතනා සංඛ්‍යාත අද්වේෂය රකින්න. උද්ධං ඉතො මේ නාග භවනයෙන් මතු දේවලෝකයට යන්නෙහිය. මෛත්‍රී සිත වනාහි දානයෙන් අන්‍ය වූ අතිරේක පුණ්‍ය කර්මයකි.
තතො නාගරාජා මහාසත්තස්ස ධම්මකථං සුත්වා “න සක්කා පණ්ඩිතෙන බහි පපඤ්චං කාතුං, විමලාය දස්සෙත්වා සුභාසිතං සාවෙත්වා දොහළං පටිප්පස්සම්භෙත්වා ධනඤ්චයරාජානං හාසෙන්තො පණ්ඩිතං පෙසෙතුං වට්ටතී”ති චින්තෙත්වා ගාථමාහ –
නාරජු මහා සත්ත්වයන්ගේ ධර්මකථාව අසා පණ්ඩිතයන් ප්‍රමාද කිරීම කළ නොහැක. විමලාවන්ට පෙන්වා සුභාෂිත වචන අස්වා මනදොළ සංසිඳුවා රජු සතුටුකර පඬිතුමන් යවන්නට වටීයයි සිතා මේ ගාථාව කීය.
“අද්ධා හි සො සොචති රාජසෙට්ඨො, තයා විනා යස්ස තුවං සජිබ්බො; දුක්ඛූපනීතොපි තයා සමෙච්ච, වින්දෙය්ය පොසො සුඛමාතුරොපී”ති.
පඬිතුමනි, තෙපි යමෙකුට ඇමැති වූයේද ඒ ශ්‍රේෂ්ඨ රජතෙම තොපගෙන් වෙන්ව ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පත් දැඩි ගිලන් පුරුෂයාද තොප හා එක්වැ සුව ලබන්නේය.
තත්ථ සජිබ්බොති සජීවො අමච්චො. සමෙච්චාති තයා සහ සමාගන්ත්වා. ආතුරොපීති බාළ්හගිලානොපි සමානො.
එහි සජීවො ඇමැතියෙක්. සමෙච්ච ඔබ සමග එක්වී. ආතුරොපි දැඩි ලෙස ගිලන් වූවකු හා සමාන.
තං සුත්වා මහාසත්තො නාගරාජස්ස ථුතිං කරොන්තො ඉතරං ගාථමාහ –
ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ නාගයාට ස්තුති කරමින් තවත් ගාථාවක් කීය.
“අද්ධා සතං භාසසි නාග ධම්මං, අනුත්තරං අත්ථපදං සුචිණ්ණං; එතාදිසියාසු හි ආපදාසු, පඤ්ඤායතෙ මාදිසානං විසෙසො”ති.
නාරජුනි! ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි කල්හි මා වැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේ.
තත්ථ අද්ධා සතන්ති එකංසෙන සන්තානං පණ්ඩිතානං ධම්මං භාසසි. අත්ථපදන්ති හිතකොට්ඨාසං. එතාදිසියාසූති එවරූපාසු ආපදාසු එතාදිසෙ භයෙ උපට්ඨිතෙ මාදිසානං පඤ්ඤවන්තානං විසෙසො පඤ්ඤායති.
එහි සතං යනු ඒකාන්තයෙන් කාන්ත වූ පණ්ඩිතයන්ට ධර්මය ප්‍රකාශ කළේය. අත්ථපදං යහපත, එතාදිසියාසු මෙබඳු වූ ආපදාවන්හිදී මෙබඳු බිය ඇති වූ කල්හි මා වැනි ප්‍රඥාවන්තයන් විශේෂයෙන් පෙනී යයි.
තං සුත්වා නාගරාජා අතිරෙකතරං තුට්ඨො තමෙව පුච්ඡන්තො ගාථමාහ –
එය අසා නාරජු අමතරවත් සතුටුවූයේ ගාථාවක් කීය;
“අක්ඛාහි නො තායං මුධා නු ලද්ධො, අක්ඛෙහි නො තායං අජෙසි ජූතෙ; ධම්මෙන ලද්ධො ඉති තායමාහ, කථං නු ත්වං හත්ථමිමස්ස මාගතො”ති.
පඬිතුමනි! පූර්ණකයා මුදල් වියදමක් නැතිව තොප ලබා ගත්තේද? දූකෙළියේදී දිනා ගත්තේද? මෙතෙමේ පඬිතුමාව දැහැමින් ලද බව කියයි. තෙපි මොහු අතට කෙසේ පත්වූවහුද?
තත්ථ අක්ඛාහි නොති ආචික්ඛ අම්හාකං. තායන්ති තං අයං. මුධා නු ලද්ධොති කිං නු ඛො මුධා අමූලකෙනෙව ලභි, උදාහු ජූතෙ අජෙසි. ඉති තායමාහාති අයං පුණ්ණකො “ධම්මෙන මෙ පණ්ඩිතො ලද්ධො”ති වදති. කථං නු ත්වං හත්ථමිමස්ස මාගතොති ත්වං කථං ඉමස්ස හත්ථං ආගතොසි.
එහි අක්ඛෙහිනො අපට කියන්න. තායං ඒ මෙය. මුධා නු ලද්ධො කිම නොමිලේ (වියදමක් නැතිව) ලබන ලද්දේ ද? එසේ නැතිනම් සූදුවේදී දිනාගත්තෙහිද? ඉතිතායමාහාති මේ පූර්ණක තෙමේ තමා මේ පණ්ඩිතයාව ධර්මයෙන් ලබන ලදැයි කියයි. ඉමස්ස මාගතො යනු ඔබ කෙසේනම් මොහුගේ අතට පත්වූයෙහිද?
මහාසත්තො ආහ –
මහා සත්ත්වයන් වහන්සේ පැවසීය.
“යො මිස්සරො තත්ථ අහොසි රාජා, තමායමක්ඛෙහි අජෙසි ජූතෙ; සො මං ජිතො රාජා ඉමස්සදාසි, ධම්මෙන ලද්ධොස්මි අසාහසෙනා”ති.
මට අධිපති යම් රජෙක් වීද, හෙතෙම දූකෙළියෙහිදී ඔහු පැරදවීය. පැරදි රජතෙම මොහුට මා දුන්නේයර. ඒ හේතුවෙන් සාහසික නොවී ධර්මයෙක් ලබන ලදීමි.
තත්ථ යො මිස්සරොති යො මං ඉස්සරො. ඉමස්සදාසීති ඉමස්ස පුණ්ණකස්ස අදාසි.
එහි යොමිස්සරො යමෙක් අධිපති වීද, ඉමස්සදාසි මොහුට දෙන ලදී.
තං සුත්වා නාගරාජා තුට්ඨො අහොසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“මහොරගො අත්තමනො උදග්ගො, සුත්වාන ධීරස්ස සුභාසිතානි; හත්ථෙ ගහෙත්වාන අනොමපඤ්ඤං, පාවෙක්ඛි භරියාය තදා සකාසෙ.
මහාරාජය! පඬිතුමාගේ බස් අසා තුටුපහටු වැ අලාමක ප්‍රඥා ඇති ඔහුගේ අත අල්ලාගෙන බිරිඳ සමීපයට ගියේය.
“යෙන ත්වං විමලෙ පණ්ඩු, යෙන භත්තං න රුච්චති; න ච මෙතාදිසො වණ්ණො, අයමෙසො තමොනුදො.
විමලාවෙනි! යම්හෙයකින් තොප පඬුපැහැ වීද, ආහාර අරුචි වීද, මෙවැනි ගුණ වර්ණනා ඇතියකු කිසිතැනෙක නැත. මේ අඳුරු දුරලන විධුර පඬිතුමා වේ.
“යස්ස තෙ හදයෙනත්ථො, ආගතායං පභඞ්කරො; තස්ස වාක්යං නිසාමෙහි, දුල්ලභං දස්සනං පුනා”ති.
යමෙකුගේ හදවතින් තොපට ප්‍රයෝජන ඇත්තේ ද, ඒ ආලෝකමත් පඬිතුමා මෙහි පැමිණියේය. ඔහුගේ කථා අසව. යළි මොහු දැක්ම දුලබ වෙයි.
තත්ථ පාවෙක්ඛීති පවිට්ඨො. යෙනාති භද්දෙ විමලෙ, යෙන කාරණෙන ත්වං පණ්ඩු චෙව, න ච තෙ භත්තං රුච්චති. න ච මෙතාදිසො වණ්ණොති පථවිතලෙ වා දෙවලොකෙ වා න ච තාදිසො වණ්ණො අඤ්ඤස්ස කස්සචි අත්ථි, යාදිසො එතස්ස ගුණවණ්ණො පත්ථටො. අයමෙසො තමොනුදොති යං නිස්සාය තව දොහළො උප්පන්නො, අයමෙව සො සබ්බලොකස්ස තමොනුදො. පුනාති පුන එතස්ස දස්සනං නාම දුල්ලභන්ති වදති.
එහි පාවෙක්ඛි යනු පිවිසියේය. යෙන යනු සොඳුරු විමලාවෙනි, යම්හෙයකින් නුඹ පඬුවන් පැහැ ඇත්තීද ඔබට අහර රුචි නොවන්නේද? නචමෙ තාදිසො වණ්ණො යනු පෘථුවී තලයේ හෝ දෙව්ලොව හෝ මෙබඳු වර්ණනාවක් නැත. මොහු පිළිබඳ යම් ගුණ වර්ණනාවක් ප්‍රකට වූයේද එබඳු වූ වර්ණනාවක් කිසිකෙනෙකුට නැත. අයමෙසො තමොනුදො යමකු අරභයා ඔබට දොළදුකක් උපන්නේද මේ ඔහු මුළු ලොවටම ආලෝකයකි. පුනං යනු නැවත මොහු දැකීම නම් දුර්ලභ දෙයක් වන්නේ යැයි කියයි.
විමලාපි තං දිස්වා පටිසන්ථාරං අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“දිස්වාන තං විමලා භූරිපඤ්ඤං, දසඞ්ගුලී අඤ්ජලිං පග්ගහෙත්වා; හට්ඨෙන භාවෙන පතීතරූපා, ඉච්චබ්රවි කුරූනං කත්තුසෙට්ඨ”න්ති.
විමලා නම් නාග කන්‍යාව මහා පැණැති ඔහු දැක උපන් සොම්නස් ඇතිව ඇඳිලි බැඳගෙන (වැඳගෙන) කුරුරට වාසීන්ගේ උතුම් පඬිතුමාට මෙසේ කීය.
තත්ථ හට්ඨෙන භාවෙනාති පහට්ඨෙන චිත්තෙන. පතීතරූපාති සොමනස්සජාතා.
එහි හට්ඨෙන භාවෙන යනු සතුටු සිතින් පතීතරූපා සතුටු සිත් ඇත්තාහු. එයින් පසුව.
ඉතො පරං විමලාය ච මහාසත්තස්ස ච වචනප්පටිවචනගාථා –
[missing trans]
“අදිට්ඨපුබ්බං දිස්වාන, මච්චො මච්චුභයට්ටිතො; බ්යම්හිතො නාභිවාදෙසි, නයිදං පඤ්ඤවතාමිව.
මනුෂ්‍ය වූ තෙපි නුදුටුවිරූ නාගභවනය දැක විස්මයට පත්ව මරණ බියෙන් පීඩිතව නොවඳියි. මේ කරුණ ප්‍රාඥයනට සුදුසු නොවේ.
“න චම්හි බ්යම්හිතො නාගි, න ච මච්චුභයට්ටිතො; න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
නා මෙනෙවියනි, මම විස්මිත වූයේ නොවෙමි. මරණ බියෙන් පීඩිතයෙම් නොවෙමි. වධයට පැමිණියේ නොවඳින්නේය. වධයට පැමිණියහු ලවා නොවන්දවන්නේය.
“කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ; යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති.
මනුෂ්‍යයෙක් යමකු නසනු කැමැත්තේ නම් ඔහුට වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් මේ ක්‍රියාව සුදුසු නොවේ.
“එවමෙතං යථා බ්රූසි, සච්චං භාසසි පණ්ඩිත; න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
පඬිතුමනි, තෙපි යම්සේ කියවුද? මෙය මෙසේය. තෙපි සත්‍යයක් කියහ. වධයට පැමිණියේ නොවඳින්නේය. වධයට පැමිණියහු ලවා හෝ නොවඳවන්නේය.
“කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ; යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති.
මනුෂ්‍යයෙක් කෙනෙකු නසන්නට කැමැත්තේ නම් වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියාව යුතු නොවේ.
“අසස්සතං සස්සතං නු තවයිදං, ඉද්ධී ජුතී බලවීරියූපපත්ති; පුච්ඡාමි තං නාගකඤ්ඤෙතමත්ථං, කථං නු තෙ ලද්ධමිදං විමානං.
නා මෙනෙවියනි, ඔබගේ මේ තාවකාලික විමානය, නාග ඍද්ධිය, නාග තේජස, කායික හා වාචසික බල, නාලොව උපත යන මේවා බොහෝ කලක් පවත්නා සේ සිතා පව්කම් නොකරන්න. මේ විමානය කෙසේ ලබන ලදදැයි විචාරමි.
“අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං; අක්ඛාහි මෙ නාගකඤ්ඤෙතමත්ථං, යථෙව තෙ ලද්ධමිදං විමානං.
නා මෙනෙවියනි! මේ විමානය හේතු රහිතව ලද්දක්ද? නැතහොත් ඍතු විපර්යාසයක් නිසා හට ගැනුණක්ද, එසේත් නොවේනම් තමාම සාදන ලද්දක් ද? නැතහොත් දෙවියන් දෙන ලද්දක්ද? ඔබ ලද විමන ලැබීමට හේතුව මට කියන්න.
“නාධිච්චලද්ධං න පරිණාමජං මෙ, න සයංකථං නාපි දෙවෙහි දින්නං; සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
පඬිතුමනි! මේ විමන මා විසින් අහේතුකව ලැබූවක් නොවෙයි. ඍතු විපර්යාසයකින් ලද්දේ ද නොවේ. තමාම සාදා ගන්නා ලද්දේ ද නොවෙයි. දෙවියන් විසින් දෙන ලද්දේ ද නොවෙයි. මා කළ ලාමක නොවන පුණ්යකර්ම බලයෙන් ලබන ලද්දේය.
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාගි මහාවිමානං.
නා මෙනෙවියනි, පෙර භවයෙහි කවර ව්රතයක් පුරුදු කරන ලදද? කිනම් බ්‍රහ්ම චර්යයක් පුරුදු කරන ලදද? මෙය මනාව පුරුදු කරන ලද කවර කර්මයක විපාකයක්ද? නාග ඍද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලයද නාලොව උපතද මේ මහා විමානයද කෙසේ ලද්දේද?
“අහඤ්ච ඛො සාමිකො චාපි මය්හං, සද්ධා උභො දානපතී අහුම්හා; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
පඬිතුමනි, පෙර මිනිස් ලොවදී මම ද මාගේ ස්වාමි පුරුෂයාද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවස එකල පැන්හලක් වැන්න. අපි මහණ බමුණන් සන්තර්පණය කළෙමු.
“මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච, පදීපියං සෙය්යමුපස්සයඤ්ච; අච්ඡාදනං සායනමන්නපානං, සක්කච්ච දානානි අදම්හ තත්ථ.
මල්දම්, සුවඳ විලවුන්, පහන් දැල්වීමට අවශ්‍ය දෑ, ඇඳ පුටු නිවාස වස්ත්‍ර හා ආහාරපාන එහිදී සකස්කොට පිදීමු.
“තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච මෙ ධීර මහාවිමානං.
පඬිතුමනි! එය මාගේ ව්‍රත සමාදානයයි. එය මාගේ බඹසරයි. මනාසේ පුහුණු කළ කුශල කර්මයන් නිසා නාග ඍද්ධිය නාග තේජස, නාගබලය කායික චෛතසික වීර්යය නාලොව උපත හා මාගේ මහා විමානය යන මේවා ලබන ලදී.
“එවං චෙ තෙ ලද්ධමිදං විමානං, ජානාසි පුඤ්ඤානං ඵලූපපත්තිං; තස්මා හි ධම්මං චර අප්පමත්තා, යථා විමානං පුන මාවසෙසි.
මෙසේ මේ විමන ලද තොප පුණ්‍ය කර්මයන්ගේ ඵලවිපාක දන්නහුය. ඔබ නැවත මෙම විමනෙහි වසන්නාහු නම් අප්‍රමාදව කුසල ක්‍රියාවන්හි හැසිරෙන්නහු යැයි බෝසතාණෝ පැවසූහ.
“නයිධ සන්ති සමණබ්රාහ්මණා ච, යෙසන්නපානානි දදෙමු කත්තෙ; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, යථා විමානං පුන මාවසෙම.
පඬිතුමනි, යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමු නම් එයට යෝග්‍ය බමුණ බමුණෝ නා ලොව නැත්තාහ. අපි යළි මේ විමානයෙහි වසමුද එබන්දක් මේ කරුණ අසන මට කියනු මැනවි.
“භොගී හි තෙ සන්ති ඉධූපපන්නා, පුත්තා ච දාරා අනුජීවිනො ච; තෙසු තුවං වචසා කම්මුනා ච, අසම්පදුට්ඨා ච භවාහි නිච්චං.
නා මෙනෙවියනි! ඔබට මෙහි උපන් පුත්‍රයෝ ද ස්වාමි පුරුෂයාද සේවකයෝ ද ඇත්තාහ. ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන් ද ද්වේෂ නොකරන්න.
“එවං තුවං නාගි අසම්පදොසං, අනුපාලය වචසා කම්මුනා ච; ඨත්වා ඉධ යාවතායුකං විමානෙ, උද්ධං ඉතො ගච්ඡසි දෙවලොකං.
නා මෙනෙවිය! තෙපි වචනයෙන් හා ක්‍රියාවෙන් මෙත්සිත් රකිමින් දිවි හිමියෙන් මෙහි සිට මෙයින් චුතව දෙව්ලොවට යන්නාහුය.
“අද්ධා හි සො සොචති රාජසෙට්ඨො, තයා විනා යස්ස තුවං සජිබ්බො; දුක්ඛූපනීතොපි තයා සමෙච්ච, වින්දෙය්ය පොසො සුඛමාතුරොපි.
පඬිතුමනි! ඔබ යම් කෙනෙකුට ඇමැති වේද ඒ ශ්‍රේෂ්ඨ රජ ඔබෙන් වෙන්ව ඒකාන්තයෙන් ශෝක කරයි. දුකට පැමිණියේ නමුදු දැඩි ගිලන් වූයේ නමුත් ඔබ හා එක්වැ සැප ලබන්නේය.
“අද්ධා සතං භාසසි නාගි ධම්මං, අනුත්තරං අත්ථපදං සුචිණ්ණං; එතාදිසියාසු හි ආපදාසු, පඤ්ඤායතෙ මාදිසානං විසෙසො.
නා මෙනෙවියනි! ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳ මා වැනි පැනවතුන්ගේ වෙනස පෙනේ.
“අක්ඛාහි නො තායං මුධා නු ලද්ධො, අක්ඛෙහි නො තායං අජෙසි ජූතෙ; ධම්මෙන ලද්ධො ඉති තායමාහ, කථං නු ත්වං හත්ථමිමස්ස මාගතො.
පඬිතුමනි! පූර්ණකයා ඔබ මුදල් වියදමකින් තොරව ලබාගත්තේද දූකෙළියෙන් දිනාගත්තේ වේදැයි කියව. මෙතෙමේ ඔබ ධාර්මිකව ලබන ලද්දේයැයි කියයි. ඔබ මොහු අතට පත්වූයේ කෙසේද?
“යො මිස්සරො තත්ථ අහොසි රාජා, තමායමක්ඛෙහි අජෙසි ජූතෙ; සො මං ජිතො රාජා ඉමස්සදාසි, ධම්මෙන ලද්ධොස්මි අසාහසෙනා”ති.
මට අධිපති යම් රජෙක් එහි වීද මෙතෙම දූකෙළියේදී ඔහු පැරදවීය. පැරදුණ රජතෙමේ මොහුට මා දුන්නේය. සැහැසි බවෙන් තොරව ධාර්මිකව ඔහුව ලදිමි.
ඉමාසං ගාථානං අත්ථො හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බො.
[missing trans]
මහාසත්තස්ස වචනං සුත්වා අතිරෙකතරං තුට්ඨා විමලා මහාසත්තං ගහෙත්වා සහස්සගන්ධොදකඝටෙහි න්හාපෙත්වා න්හානකාලෙ මහාසත්තස්ස දිබ්බදුස්සදිබ්බගන්ධමාලාදීනි දත්වා අලඞ්කතප්පටියත්තකාලෙ දිබ්බභොජනං භොජෙසි. මහාසත්තො භුත්තභොජනො අලඞ්කතාසනං පඤ්ඤාපෙත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා බුද්ධලීලාය ධම්මං දෙසෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“යථෙව වරුණො නාගො, පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං; තථෙව නාගකඤ්ඤාපි, පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං.
වරුණ නාගරාජයා යම් ප්‍රශ්නයක් විධුර පඬිතුමාගෙන් ඇසීද නාග කන්‍යාවද එම ප්රශ්නය විධුර පඬිතුමාගෙන් ඇසීය.
“යථෙව වරුණං නාගං, ධීරො තොසෙසි පුච්ඡිතො; තථෙව නාගකඤ්ඤම්පි, ධීරො තොසෙසි පුච්ඡිතො.
විචාරණ ලද පඩිතුමා වරුණ නාරජුව යම්සේ සතුටු කළේද එසේම නාග කන්‍යාවද සතුටු කළේය.
“උභොපි තෙ අත්තමනෙ විදිත්වා, මහොරගං නාගකඤ්ඤඤ්ච ධීරො; අඡම්භී අභීතො අලොමහට්ඨො, ඉච්චබ්රවි වරුණං නාගරාජානං.
මෙසේ සතුටු වූ කල්හි පණ්ඩිත තෙම නාරජු හා නා මෙනෙවිය යන දෙදෙනම සතුටු සිතැති බව දැන බිය රහිත වූයේ ලොමුදැහැ ගැනීමක් නැතිව වරුණ නාරජුට මෙසේ කීය.
“මා රොධයි නාග ආයාහමස්මි, යෙන තවත්ථො ඉදං සරීරං; හදයෙන මංසෙන කරොහි කිච්චං, සයං කරිස්සාමි යථාමති තෙ”ති.
නාරජතුමනි! මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කරමීයි නොපැකිළෙව. ඒ මම වෙමි. හදවතින් හෝ මසින් හෝ යමකින් තොපට ප්‍රයෝජන ඇත්ද මේ සිරුර ඒ කාර්යය කරයි. තොපගේ සිතැඟි පරිදි මෙම ක්‍රියා කරන්නෙමි.
තත්ථ අඡම්භීති නික්කම්පො. අලොමහට්ඨොති භයෙන අහට්ඨලොමො. ඉච්චබ්රවීති වීමංසනවසෙන ඉති අබ්‍රවි. මා රොධයීති “මිත්තදුබ්භිකම්මං කරොමී”ති මා භායි, “කථං නු ඛො ඉමං ඉදානි මාරෙස්සාමී”ති වා මා චින්තයි. නාගාති වරුණං ආලපති. ආයාහමස්මීති ආයො අහං අස්මි, අයමෙව වා පාඨො. සයං කරිස්සාමීති සචෙ ත්වං “ඉමස්ස සන්තිකෙ ඉදානි ධම්මො මෙ සුතො”ති මං මාරෙතුං න විසහසි, අහමෙව යථා තව අජ්ඣාසයො, තථා සයං කරිස්සාමීති.
එහි අච්ඡම්භි යනු කම්පා නොවී අලොම හට්ඨො බිය නිසා එසවුනු ලොම් නැත්තේ, ඉච්ඡබ්රවී යනු විමසීම් වශයෙන් මෙසේ කීය. මාරොධයී මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කරන්නෙමියි බිය නොවන්න. දැන් කෙසේනම් මොහුව මරන්නෙමිදැයි නොසිතව. නාග යැයි වරුණ නාරජුව අමතයි. අයා හමස්මි මේ මම වෙමි. අයමෙව කියාද පාඨයක් ඇත. සයං කරිස්සාමි යනු ඉදින් නුඹ මේ මාගේ සමීපයෙහි ධර්මයට අසන ලදැයි මා මරන්නට සැහැසි නොවන්නේද ඔබගේ සිතැඟි පරිදි මම ක්‍රියා කරන්නෙමි.
නාගරාජා ආහ –
නාරජු කීය;
“පඤ්ඤා හවෙ හදයං පණ්ඩිතානං, තෙ ත්යම්හ පඤ්ඤාය මයං සුතුට්ඨා; අනූනනාමො ලභතජ්ජ දාරං, අජ්ජෙව තං කුරුයො පාපයාතූ”ති.
පණ්ඩිතයන්ගේ ප්‍රඥාව මැ හදවතයි. ඒ අපි තොපගේ ප්‍රඥාවෙන් තුටු පහටු වීමු. දැන් පූර්ණකද බිරිය ලබාගනී. හෙතෙම අදම තොප කුරුරට වාසීන් වෙතට පමුණුවාවා.
තත්ථ තෙ ත්යම්හාති තෙ මයං තව පඤ්ඤාය සුතුට්ඨා. අනූනනාමොති සම්පුණ්ණනාමො පුණ්ණකො යක්ඛසෙනාපති. ලභතජ්ජ දාරන්ති ලභතු අජ්ජ දාරං, දදාමි අස්ස ධීතරං ඉරන්ධතිං. පාපයාතූති අජ්ජෙව තං කුරුරට්ඨං පුණ්ණකො පාපෙතු.
එහි තෙත්යම්හ යනු ඒ අපි ඔබගේ ප්‍රඥාවෙන් සතුටු වූවෝ වෙමු. අනූන නාමො සම්පූර්ණ නාමය පූර්ණක යක්ෂ සේනාපතියා. ලභතජ්ජදාරං අද බිරිය ලබන්නේය. මොහුට ඉරන්දතී දියණිය මොහුට දෙමි. පාපයාතු අදම ඔබව පූර්ණකයා කුරුරටට පමුණුවනවා ඇත.
එවඤ්ච පන වත්වා වරුණො නාගරාජා ඉරන්ධතිං පුණ්ණකස්ස අදාසි. සො තං ලභිත්වා තුට්ඨචිත්තො මහාසත්තෙන සද්ධිං සල්ලපි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කියා වරුණ නාරජ ඉරන්දතිය පූර්ණකට දුන්නේය. ඔහු ඇය ලැබ සතුටු සිතැත්තේ මහා සත්ත්වයන් සමග කථාබහ කළේය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.
“ස පුණ්ණකො අත්තමනො උදග්ගො, ඉරන්ධතිං නාගකඤ්ඤං ලභිත්වා; හට්ඨෙන භාවෙන පතීතරූපො, ඉච්චබ්රවි කුරූනං කත්තුසෙට්ඨං.
පූර්ණක යක්ෂ තෙමේ ඉරන්දතිය ලදින් ඔද වැඩුණු සිතැත්තේ කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිහට මෙසේ කීය.
“භරියාය මං ත්වං අකරි සමඞ්ගිං, අහඤ්ච තෙ විධුර කරොමි කිච්චං; ඉදඤ්ච තෙ මණිරතනං දදාමි, අජ්ජෙව තං කුරුයො පාපයාමී”ති.
පඬිතුමනි! තොප මා හා බිරිඳ සමගි කළාහුය. මමත් තොපට කළමනා දෙයක් කරමි. පඬිතුමනි, තොපට මේ මාණික්‍ය රත්නය දෙමි. අදම තොප ඉඳිපත් නුවරට පමුණුවමි.
තත්ථ මණිරතනන්ති පණ්ඩිත, අහං තව ගුණෙසු පසන්නො අරහාමි තව අනුච්ඡවිකං කිච්චං කාතුං, තස්මා ඉමඤ්ච තෙ චක්කවත්තිපරිභොගං මණිරතනං දෙමි, අජ්ජෙව තං ඉන්දපත්ථං පාපෙමීති.
එහි මණිරතනං යනු පණ්ඩිතය, මම ඔබගේ ගුණයන් කෙරෙහි පැහැදුනෙමි. ඔබට සුදුසු දෙයක් කරන්නට සුදුසු වෙමි. ඒ නිසා ඔබට මේ සක්විති රජකු විසින් පරිභෝග කළයුතු මාණික්‍ය රත්නය දෙමි. අද ම ඔබව ඉඳුපත් නුවරට පමුණුවන්නෙමි.
අථ මහාසත්තො තස්ස ථුතිං කරොන්තො ඉතරං ගාථමාහ –
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ ඔහුට ස්තුති කරන්නේ ඉතිරි ගාථාව කීය.
“අජෙය්යමෙසා තව හොතු මෙත්ති, භරියාය කච්චාන පියාය සද්ධිං; ආනන්දි විත්තො සුමනො පතීතො, දත්වා මණිං මඤ්ච නයින්දපත්ථ”න්ති.
කාත්‍යායනය! තොපගේ ප්‍රිය භාර්යාව සමග තෙල මෛත්‍රිය අනිකකු විසින් නොදිනිය හැකි වේවා. තොප සතුට ම ධනය කොට ඇත්තෙක්වැ සොම්නස් සිතැත්තේ ප්රීතිමත්වැ වෙසේවා. මාණික්‍ය රත්නය දී මා ඉඳිපත් නුවරට පමුණුවව.
තත්ථ අජෙය්යමෙසාති එසා තව භරියාය සද්ධිං පියසංවාසමෙත්ති අජෙය්‍යා හොතු. “ආනන්දි විත්තො”තිආදීහි පීතිසමඞ්ගිභාවමෙවස්ස වදති. නයින්දපත්ථන්ති නය ඉන්දපත්ථං.
එහි අජෙය්යමෙසා යනු මේ තොපගේ භාර්යාව සමග ප්‍රිය සංවාස මෛත්‍රිය අනිකකු විසින් නොදිනිය හැකිවේවා. ආනන්දිවිත්තො යනාදියෙන් ඔහුගේ සතුටින් යුක්ත බව කියයි. නයින්දපත්තං ඉඳුපත් නුවරට ගෙනයන්න.
තං සුත්වා පුණ්ණකො තථා අකාසි. තෙන වුත්තං –
[missing trans]
“ස පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, නිසීදයී පුරතො ආසනස්මිං; ආදාය කත්තාරමනොමපඤ්ඤං, උපානයී නගරං ඉන්දපත්ථං.
පූර්ණක යක්ෂයා කුරුරට වාසීන්ගේ ඇමැති විධුර පඬි ඉදිරි අසුනෙහි හිඳුවා ගත්තේය. අලාමක ප්‍රඥා ඇති විධුර පඬිතුමා රැගෙන ඉඳිපත් නගරයට පැමිණවී.
“මනො මනුස්සස්ස යථාපි ගච්ඡෙ, තතොපිස්ස ඛිප්පතරං අහොසි; ස පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, උපානයී නගරං ඉන්දපත්ථං.
මිනිසාගේ සිත යම්සේ වහා ගමන් කරන්නේද එයට වඩා වේගයෙන් මනෝමය සෛන්ධවයාගේ ගමන සිදුවිය. පූර්ණක තෙමේ කුරුරට වැස්සන්ගේ ඇමැති ඉඳිපත් නුවරට පැමිණවීය.
“එතින්දපත්ථං නගරං පදිස්සති, රම්මානි ච අම්බවනානි භාගසො; අහඤ්ච භරියාය සමඞ්ගිභූතො, තුවඤ්ච පත්තොසි සකං නිකෙත”න්ති.
ඉන් පූර්ණක තෙමේ ඔහුට මෙසේ කීය. පඬිතුමනි! තෙල ඉඳිපත් නගරය පෙනේ. සිත්කලු අඹ උයන්හි කොටස්ද පෙනේ. මම ද බිරිහ හා එක්වීමි. තොප ද සිය නිවෙසට පැමිණියහුය.
තත්ථ යථාපි ගච්ඡෙති මනො නාම කිඤ්චාපි න ගච්ඡති, දූරෙ ආරම්මණං ගණ්හන්තො පන ගතොති වුච්චති, තස්මා මනස්ස ආරම්මණග්ගහණතොපි ඛිප්පතරං තස්ස මනොමයසින්ධවස්ස ගමනං අහොසීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. එතින්දපත්ථන්ති අස්සපිට්ඨෙ නිසින්නොයෙවස්ස දස්සෙන්තො එවමාහ. සකං නිකෙතන්ති ත්වඤ්ච අත්තනො නිවෙසනං සම්පත්තොති ආහ.
එහි යථාපි ගච්ඡෙ සිත වනාහි නොයයි. දුර අරමුණු ගන්නේ වනාහි (ගතො) ගියේයැයි කියනු ලැබේ. ඒ නිසා මනස අරමුණු ගන්නවාට වැඩි ඉක්මනින් ඔහුගේ මනෝමය සෛන්ධවයාගේ ගමන සිදුවිය. මෙසේ මෙහි අර්ථය දතයුතුයි. එතින්දපත්තං අශ්වයා පිට හුන්නහුට පෙන්වමින් මෙසේ කීය. සකං නිකේතං නුඹ ද තමන්ගේ වාසස්ථානයට පැමිණියේ යැයි කීය.
තස්මිං පන දිවසෙ පච්චූසකාලෙ රාජා සුපිනං අද්දස. එවරූපො සුපිනො අහොසි – රඤ්ඤො නිවෙසනද්වාරෙ පඤ්ඤාක්ඛන්ධො සීලමයසාඛො පඤ්චගොරසඵලො අලඞ්කතහත්ථිගවාස්සපටිච්ඡන්නො මහාරුක්ඛො ඨිතො. මහාජනො තස්ස සක්කාරං කත්වා අඤ්ජලිං පග්ගය්හ නමස්සමානො අට්ඨාසි. අථෙකො කණ්හපුරිසො ඵරුසො රත්තසාටකනිවත්ථො රත්තපුප්ඵකණ්ණධරො ආවුධහත්ථො ආගන්ත්වා මහාජනස්ස පරිදෙවන්තස්සෙව තං රුක්ඛං සමූලං ඡින්දිත්වා ආකඩ්ඪන්තො ආදාය ගන්ත්වා පුන තං ආහරිත්වා පකතිට්ඨානෙයෙව ඨපෙත්වා පක්කාමීති. රාජා තං සුපිනං පරිග්ගණ්හන්තො “මහාරුක්ඛො විය න අඤ්ඤො කොචි, විධුරපණ්ඩිතො. මහාජනස්ස පරිදෙවන්තස්සෙව තං සමූලං ඡින්දිත්වා ආදාය ගතපුරිසො විය න අඤ්ඤො කොචි, පණ්ඩිතං ගහෙත්වා ගතමාණවො. පුන තං ආහරිත්වා පකතිට්ඨානෙයෙව ඨපෙත්වා ගතො විය සො මාණවො පුන තං පණ්ඩිතං ආනෙත්වා ධම්මසභාය ද්වාරෙ ඨපෙත්වා පක්කමිස්සති. අද්ධා අජ්ජ මයං පණ්ඩිතං පස්සිස්සාමා”ති සන්නිට්ඨානං කත්වා සොමනස්සපත්තො සකලනගරං අලඞ්කාරාපෙත්වා ධම්මසභං සජ්ජාපෙත්වා අලඞ්කතරතනමණ්ඩපෙ ධම්මාසනං පඤ්ඤාපෙත්වා එකසතරාජඅමච්චගණනගරවාසිජානපදපරිවුතො “අජ්ජ තුම්හෙ පණ්ඩිතං පස්සිස්සථ, මා සොචිත්ථා”ති මහාජනං අස්සාසෙත්වා පණ්ඩිතස්ස ආගමනං ඔලොකෙන්තො ධම්මසභායං නිසීදි. අමච්චාදයොපි නිසීදිංසු. තස්මිං ඛණෙ පුණ්ණකොපි පණ්ඩිතං ඔතාරෙත්වා ධම්මසභාය ද්වාරෙ පරිසමජ්ඣෙයෙව ඨපෙත්වා ඉරන්ධතිං ආදාය දෙවනගරමෙව ගතො. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එදවස උදැසන රජු සිහිනයක් දුටුවේය. එය මෙබඳු සිහිනයක් විය. රජ මාලිගයේ දොරටුව ළඟ ප්‍රඥා නමැති කඳක් ඇති ශීල නමැති අතු, කුඩා අතු ඇති පස්ගෝරස නමැති ගෙඩි ඇති සරසන ලද ඇතුන්ගෙන් හා අශ්වයගෙන් ගැවසී ගත්තා වූ මහා වෘක්ෂයක් විය. මහජනයා එයට බොහෝ සත්කාර කොට ඇඳිලි බැඳ වඳිති. ඉක්බිති එක් කලු පුද්ගලයෙක් රතුවන් සළුවක් හැඳ රතුමල් කනෙහි පැළඳ ආයුධයක් අත් ඇතිව අවුත් මහජනයා හඬද්දී ඒ ගස මුලින් සිඳගෙන ගොස් නැවත ආපසු ගෙනවුත් පිහිටි තැනම තබා යන්ට ගියේය. රජතෙමේ ඒ සිහිනය විමසන්නේ මහා වෘක්ෂයක් වැනි වෙන කෙනෙක් නැත. විධුර පණ්ඩිතයාටය. මහජනයා හඬද්දී මුලින් සිඳ ගෙනගිය පුරුෂයා මෙන් අන් කිසිවෙක් නොවේ. පණ්ඩිතයාව ගෙන ගිය මානවකයාය. නැවත ඒ ගස ගෙනවුත් ප්‍රකෘති ස්ථානයේම තබා ගියාක් මෙන් ඒ මානවකයාට පණ්ඩිතයන්ව ගෙනවුත් දම්සභා දොරටුවේ තබා යන්නේය. ඒකාන්තයෙන් අද අපි පණ්ඩිතයන් දකින්නෙමු යි සනිටුහන් කොට සොම්නසට පැමිණියේ මුළු නගරයම සරසවා දම්සභාව සූදානම් කර අලංකාර කළ රත්නමය මණ්ඩපයෙහි ධර්මාසනයක් පිරිවරාගත්තේ අද නුඹලා පණ්ඩිතයන් දකින්නහුය. ශෝක නොකරව් යැයි මහාජනයාව අස්වසන්නේ පඬිතුමාගේ පැමිණීම බලා සිටින්නේ දම්සභාවෙහි හුන්නේය. පුණ්ණක තෙමේද පණ්ඩිතයන් බස්සවා දම්සභා දොරටුවේ පිරිස මැද තබා විචාරා ඉරන්දතිය ගෙන තමන්ගේ දේවනගරයටම ගියේය. මේ කාරණය ප්‍රකාශකරන ශාස්තෘෘන් වහන්සේ මෙසේ වදාළ සේක;
“න පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, ඔරොපිය ධම්මසභාය මජ්ඣෙ; ආජඤ්ඤමාරුය්හ අනොමවණ්ණො, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ.
පූර්ණක යක්ෂයා කුරුරට ඇමැතිවරයා දම්සභාවේ බස්වා අලාමක පෙනුමැති හෝ ආජානේය අසුපිට නැගී අහසින් ගියේය.
“තං දිස්වා රාජා පරමප්පතීතො, උට්ඨාය බාහාහි පලිස්සජිත්වා; අවිකම්පයං ධම්මසභාය මජ්ඣෙ, නිසීදයී පමුඛමාසනස්මි”න්ති.
රජතෙම පඩිතුමා දැක ඉතා ප්රමුදිතවැ අස්නෙන් නැගී සිට බුහුමන් පෙරදැරිව පිළිගෙන කම්පා නොවූයේ දම්සභාව මැද සරසන ලද ධර්මාසනයෙහි තමාට අභිමුඛව හිඳුවීය.
තත්ථ අනොමවණ්ණොති අහීනවණ්ණො උත්තමවණ්ණො. අවිකම්පයන්ති භික්ඛවෙ, සො රාජා පණ්ඩිතං පලිස්සජිත්වා මහාජනමජ්ඣෙ අවිකම්පන්තො අනොලීයන්තොයෙව හත්ථෙ ගහෙත්වා අත්තනො අභිමුඛං කත්වා අලඞ්කතධම්මාසනෙ නිසීදාපෙසි.
එහි අනොම වණ්ණො ක්ෂය නොවූ වණ ඇත්තේ, උතුම් වූ වර්ණයෙන් යුත්, අවිකම්පයං මහණෙනි! ඒ රජු පඬිතුමාව පිළිගෙන මහජනයා මැද කම්පා නොවී පසුබට නොවී අත ගෙන තමාට අභිමුඛ වනසේ අලංකාර කරන ලද ධර්මාසනයේ හිඳවාපීය.
අථ රාජා තෙන සද්ධිං සම්මොදිත්වා මධුරපටිසන්ථාරං කරොන්තො ගාථමාහ –
ඉක්බිති රජු ඔහු සමග සතුටු වී මිහිරි පිළිසඳර කථාකරමින් මේ ගාථාව කීය.
“ත්වං නො විනෙතාසි රථංව නද්ධං, නන්දන්ති තං කුරුයො දස්සනෙන; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, කථං පමොක්ඛො අහු මාණවස්සා”ති.
රියැදුරු සැරහූ රථය (නියම තැනට) පමුණුවන්නා සේ තෙපි අප යහපත් කටයුත්තෙහි පමුණුවන්නාහු කුරුරටවාසීහු තොපගේ දැකුමෙන් ප්‍රීති වෙති. අසන්නා වූ මේ කරුණ මට කියන්න. ඒ මානවකයාගෙන් තොපගේ මිදීම සිදුවූයේ කෙසේද?
තත්ථ නද්ධන්ති යථා නද්ධං රථං සාරථි විනෙති, එවං ත්වං අම්හාකං කාරණෙන නයෙන හිතකිරියාසු විනෙතා. නන්දන්ති තන්ති තං දිස්වාව ඉමෙ කුරුරට්ඨවාසිනො තව දස්සනෙන නන්දන්ති. මාණවස්සාති මාණවස්ස සන්තිකා කථං තව පමොක්ඛො අහොසි? යො වා තං මුඤ්චන්තස්ස මාණවස්ස පමොක්ඛො, සො කෙන කාරණෙන අහොසීති අත්ථො.
එහි නද්ධං යනු යම්සේ සරසන ලද රථය රියැදුරා මෙහෙයවයිද මෙසේ ඔබ අපව කරුණු කාරණවලින් යහපත් වූ ක්‍රියාවන්හි මෙහෙයවන්නේය. නන්දන්ති තං ඒදැක මේ කුරුරට වැසියෝ ඔබගේ දැකීමෙන් සතුටු වෙත්. මානවස්ස යනු මානවකයාගේ සමීපයෙන් කෙසේ ඔබ මිදුනේ වන්නෙහිද, යමක් වනාහි ඔහුව මානවකයාගෙන් මිදීමට ප්‍රධාන කාරණය වූයේද යන අර්ථයි.
මහාසත්තො ආහ –
මහාසත්ත්වයන් වහන්සේ මෙසේ කීහ;
“යං මාණවොත්යාභිවදී ජනින්ද, න සො මනුස්සො නරවීරසෙට්ඨ; යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො, රඤ්ඤො කුවෙරස්ස හි සො සජිබ්බො.
රජතුමනි, යමකුට මානවකයා යැයි කීවේද හෝ මිනිසෙක් නොවේ. නරවිරුවාණෙනි! ඔබ පූර්ණක නමැති යකා ගැන අසා තිබේද හේ කුවේර රජුගේ ඇමැතියාය.
“භූමින්ධරො වරුණො නාම නාගො, බ්රහා සුචී වණ්ණබලූපපන්නො; තස්සානුජං ධීතරං කාමයානො, ඉරන්ධතී නාම සා නාගකඤ්ඤා.
භූමින්ධර නාගභවනයෙහි වසන වරුණ නාගරාජයා විශාලය. පවිත්‍රය. පැහැපත්ය. බලවත්ය. ඔහුගේ අනුජාත දුවණිය වූ ඉරන්දතී නම් වූ නාගකන්‍යාව (ලබන්නට) පූර්ණක කැමැති විය.
“තස්සා සුමජ්ඣාය පියාය හෙතු, පතාරයිත්ථ මරණාය මය්හං; සො චෙව භරියාය සමඞ්ගිභූතො, අහඤ්ච අනුඤ්ඤාතො මණි ච ලද්ධො”ති.
මනා මැද පෙදෙස ඇති ඒ ප්‍රියාව බලාපොරොත්තුවෙන් හේ මා මරන්නට වෑයම් කළේය. හේ බිරිඳ හා එක්විය. නාරජුගේ අනුමැතිය ලැබ මම ද ආයෙමි. මා මේ මැණික ලද්දේය.
තත්ථ යං මාණවොත්යාභිවදීති ජනින්ද යං ත්වං “මාණවො”ති අභිවදසි. භූමින්ධරොති භූමින්ධරනාගභවනවාසී. සා නාගකඤ්ඤාති යං නාගකඤ්ඤං සො පත්ථයමානො මම මරණාය පතාරයි චිත්තං පවත්තෙසි, සා නාගකඤ්ඤා ඉරන්ධතී නාම. පියාය හෙතූති මහාරාජ, සො හි නාගරාජා චතුප්පොසථිකපඤ්හවිස්සජ්ජනෙ පසන්නො මං මණිනා පූජෙත්වා නාගභවනං ගතො විමලාය නාම දෙවියා තං මණිං අදිස්වා “දෙව, කුහිං මණී”ති පුච්ඡිතො මම ධම්මකථිකභාවං වණ්ණෙසි. සා මය්හං ධම්මකථං සොතුකාමා හුත්වා මම හදයෙ දොහළං උප්පාදෙසි. නාගරාජා දුග්ගහිතෙන පන ධීතරං ඉරන්ධතිං ආහ – “මාතා, තෙ විධුරස්ස හදයමංසෙ දොහළිනී, තස්ස හදයමංසං ආහරිතුං සමත්ථං සාමිකං පරියෙසාහී”ති. සා පරියෙසන්තී වෙස්සවණස්ස භාගිනෙය්‍යං පුණ්ණකං නාම යක්ඛං දිස්වා තං අත්තනි පටිබද්ධචිත්තං ඤත්වා පිතු සන්තිකං නෙසි. අථ නං සො “විධුරපණ්ඩිතස්ස හදයමංසං ආහරිතුං සක්කොන්තො ඉරන්ධතිං ලභිස්සසී”ති ආහ. පුණ්ණකො වෙපුල්ලපබ්බතතො චක්කවත්තිපරිභොගං මණිරතනං ආහරිත්වා තුම්හෙහි සද්ධිං ජූතං කීළිත්වා මං ජිනිත්වා ලභි. අහඤ්ච මම නිවෙසනෙ තීහං වසාපෙත්වා මහන්තං සක්කාරං අකාසිං. සොපි මං අස්සවාලධිං ගාහාපෙත්වා හිමවන්තෙ රුක්ඛෙසු ච පබ්බතෙසු ච පොථෙත්වා මාරෙතුං අසක්කොන්තො සත්තමෙ වාතක්ඛන්ධෙ වෙරම්භවාතමුඛෙ ච පක්ඛන්‍දිත්‍වා අනුපුබ්බෙන සට්ඨියොජනුබ්බෙධෙ කාළාගිරිමත්ථකෙ ඨපෙත්වා සීහවෙසාදිවසෙන ඉදඤ්චිදඤ්ච රූපං කත්වාපි මාරෙතුං අසක්කොන්තො මයා අත්තනො මාරණකාරණං පුට්ඨො ආචික්ඛි. අථස්සාහං සාධුනරධම්මෙ කථෙසිං. තං සුත්වා පසන්නචිත්තො මං ඉධ ආනෙතුකාමො අහොසි.
එහි යං මාණවොත්යාභිවදී යනු රජතුමනි! යමකුට ඔබ මානවකයා යැයි කියන්නේද භුමින්ධරො භූමින්ධර භවනයෙහි වාසයකරන. සා නාග කඤ්ඤා හෙතෙම යම්තැනැත්තියක් කැමැත්තෙන් මා මැරිම සදහා උත්සාහ කළේද ඒ නාග කන්‍යාව ඉරන්දතී නම් වන්නීය. පියාය හෙතු මහරජ! ඒ මහානාගරාජයා සිව් උපෝසථ ප්රශ්නය විසඳීමෙහිලා පැහැදුනේ මා මැණිකෙන් පුදා නාගලෝකයට ගොස්, විමලා නම් දේවිය විසින් ඔබගේ මාණික්‍යය කොහිදැයි විචාරණ ලද්දේ මාගේ ධර්මකථිකභාවය වර්ණනා කළේය. ඇය මගේ ධර්මකථාව අසනු කැමැති වී මාගේ හදවත පිළිබඳ දොළදුකක් උපදවා ගත්තේය. නාරජු දුකින් සිටින ඉරන්දතී දුවණියට මෙසේ කීය. ඔබගේ මව විධුර පඬිතුමාගේ හෘදය මාංශය පිළිබඳ දොළදුකන් යුක්ත වූවා ඔහුගේ හෘදයමාශය ගෙන එන්නට සමත් කෙනෙක් යවන්නයැයි කීය. ඇය සොයන්නේ වෙසමුණි මහරජුගේ බෑනා වූ පූර්ණක නම් යක්ෂයාව දැක ඔහු තමා කෙරෙහි බැඳුනු සිත් ඇති බව දැනගෙන පියා සමීපයට ගෙන ගියේය. ඉක්බිති ඔහු විධුර පණ්ඩිතයන්ගේ හෘදයමාංශය ගෙනෙන්නට සමර්ථ වන්නේ ඉරන්දතිය ලබන්නේ යැයි කීය. හෙතෙම වේපුල්ල පර්වතයෙන් සක්විත්තන් විසින් පරිභෝග කළයුතු මැණික ගෙනවුත් ඔබ සමග සූදු ක්‍රීඩාකොට මා ලබාගෙන දින තුනක් මගේ නිවසේ වැස මා ලවා අශ්වයාගේ වාලධිය අල්වාගෙන හිමවතෙහි ගස්වන ලද පර්වතවලද ගටා මරන්නට නොහැකිවූයේ සත්වන මේරම්බ වාතයෙහි පැනවැදී යොදුන් හැටක් උස කාළාගිරි පර්වතය මස්තකයේ තබා සිංහාදී වූ වෙස්ගෙන මේ මේ දේ කොට මරන්නට අපොහොසත් වූයේ, මා විසින් තමා මැරීමට කාරණා විචාරන ලද්දේ මෙසේ කීය. ඉක්බිති මම ඔහුට යහපත් වූ මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කළෙමි. එය අසා පසන් සිත් ඇත්තේ මා මෙහි ගෙන එනු කැමැත්තේ විය.
අථාහං තං ආදාය නාගභවනං ගන්ත්වා නාගරඤ්ඤො ච විමලාය ච ධම්මං දෙසෙසිං. තතො නාගරාජා ච විමලා ච සබ්බනාගපරිසා ච පසීදිංසු. නාගරාජා තත්ථ මයා ඡාහං වුත්ථකාලෙ ඉරන්ධතිං පුණ්ණකස්ස අදාසි. සො තං ලභිත්වා පසන්නචිත්තො හුත්වා මං මණිරතනෙන පූජෙත්වා නාගරාජෙන ආණත්තො මනොමයසින්ධවං ආරොපෙත්වා සයං මජ්ඣිමාසනෙ නිසීදිත්වා ඉරන්ධතිං පච්ඡිමාසනෙ නිසීදාපෙත්වා මං පුරිමාසනෙ නිසීදාපෙත්වා ඉධාගන්ත්වා පරිසමජ්ඣෙ ඔතාරෙත්වා ඉරන්ධතිං ආදාය අත්තනො නගරමෙව ගතො. එවං, මහාරාජ, සො පුණ්ණකො තස්සා සුමජ්ඣාය පියාය හෙතු පතාරයිත්ථ මරණාය මය්හං. අථෙවං මං නිස්සාය සො චෙව භරියාය සමඞ්ගිභූතො, මම ධම්මකථං සුත්වා පසන්නෙන නාගරාජෙන අහඤ්ච අනුඤ්ඤාතො, තස්ස පුණ්ණකස්ස සන්තිකා අයං සබ්බකාමදදො චක්කවත්තිපරිභොගමණි ච ලද්ධො, ගණ්හථ, දෙව, ඉමං මණින්ති රඤ්ඤො රතනං අදාසි.
ඉක්බිති මම ඔහුව ගෙන නාගභවනයට ගොස් නා රජුටද විමලා හටද ධර්මය ප්‍රකාශ කළෙමි. සියළුම නාගපිරිස පැහැදුනහ. නාරජු එහි මා දවස් හයක් ගතකළ කල්හි ඉරන්දතිය පූර්ණකට දුන්නේය. හෙතෙම ඔහු ලැබ සතුටට පත් සිත් ඇත්තේ මා මනෝමය අශ්වයකු පිට නංවා තෙමේ මැද ආසනයෙහි හිඳ ඉරන්දතිය පසුපස ආසනයෙහි හිඳුවා මෙහි ගෙනවුත් මා පිරිස් මැද බස්සවා ඉරන්දතිය රැගෙන තමාගේ නගරයටම ගියේය. මෙසේ මහරජ! ඒ පුණ්ණක තෙමේ. තස්සා සුමජ්ඣාය පියාය හෙතු පකාරයිත්ථ මරණය මය්හං (මනා මැද පෙදෙස ඇති ඒ ප්‍රියාව බලාපොරොත්තුවෙන් හේ මා මරන්නට වෑයම් කළේය.) ඉක්බිති මා වෙනුවෙන් සො චෙව භරියාය සමංගිභූතො (ඔහු ද භාර්යාව හා එක්වූයේ) එහිදී මාගේ ධර්මදේශනාව අසා පැහැදුනා වූ නාරජු විසින් මම ද අවසර ලද්දෙමි. ඒ පුණ්ණක සමීපයෙන් මේ සක්විත්තන් විසින් පරිභෝග කළ යුතු කැමැතිවන සියල්ල ලබාදෙන මාණික්‍යයද ලබන ලදී. දේවයන් වහන්ස! මාණික්‍යය ගන්න යැයි මැණික රජුට දුන්නේය.
තතො රාජා පච්චූසකාලෙ අත්තනා දිට්ඨසුපිනං නගරවාසීනං කථෙතුකාමො “භොන්තො, නගරවාසිනො අජ්ජ මයා දිට්ඨසුපිනං සුණාථා”ති වත්වා ආහ –
ඉක්බිති රජතුමා උදෑසනම තමා විසින් දකින ලද සිහිනය නගරවැසියන්ට කියනු කැමැත්තේ, පින්වත් නගරවැසියෙනි, අද මා විසින් දකින ලද සිහිය අසව්යැයි කියා මෙසේ පැවසීය.
“රුක්ඛො හි මය්හං පද්වාරෙ සුජාතො, පඤ්ඤාක්ඛන්ධො සීලමයස්ස සාඛා; අත්ථෙ ච ධම්මෙ ච ඨිතො නිපාකො, ගවප්ඵලො හත්ථිගවාස්සඡන්නො.
රජමැදුර අබියස වෘක්ෂයක් මා විසින් සිහිනෙන් දකින ලදී. එම ගසෙහි නුවණ නමැති කඳ ඇත. ශීලය නමැති අතු ඇත. උභය ලෝකාර්ථ සිද්ධිය ගෙන දෙන ඒ ප්‍රඥා නමැති වෘක්ෂය පස්ගෝරස නමැති ගෙඩි දරන්නේය. ඇත්, අස්, ගව ආදීන්ගෙන් සමන්විතය.
“නච්චගීතතූරියාභිනාදිතෙ, උච්ඡිජ්ජ සෙනං පුරිසො අහාසි; සො නො අයං ආගතො සන්නිකෙතං, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
මහජනයා නැටුම්, ගැයුම්, වැයුම් පවත්වද්දී එක්තරා පුරුෂයෙක් ගස කපාගෙන ගියේය. ඒ ඥාන නමැති වෘක්ෂය නැවතත් අප වෙත පැමිණියේය. තෙපි මේ වෘක්ෂයට පුදසත්කාර කරව්.
“යෙ කෙචි විත්තා මම පච්චයෙන, සබ්බෙව තෙ පාතුකරොන්තු අජ්ජ; තිබ්බානි කත්වාන උපායනානි, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
යම්කිසි කෙනෙක් මාගේ උපකාර ලැබ සතුටු වෙත් ද අද ඒ සියල්ලෝම සිය සතුටු පහළ කෙරෙත්වා. මේ රුකට මහත් පූජා සත්කාර කොට බුහුමන් කරව්.
“යෙ කෙචි බද්ධා මම අත්ථි රට්ඨෙ, සබ්බෙව තෙ බන්ධනා මොචයන්තු; යථෙවයං බන්ධනස්මා පමුත්තො, එවමෙතෙ මුඤ්චරෙ බන්ධනස්මා.
මාගේ රාජ්‍යයෙහි බන්ධනගත යම් සත්ත්ව කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝ බන්ධනයෙන් මුදත්වා. යම්සේ මේ පඬිතුමා මිදුනේද එසේ හැම සත්හු ද බැඳුම්වලින් මුදනු ලබත්වා.
“උන්නඞ්ගලා මාසමිමං කරොන්තු, මංසොදනං බ්රාහ්මණා භක්ඛයන්තු; අමජ්ජපා මජ්ජරහා පිවන්තු, පුණ්ණාහි ථාලාහි පලිස්සුතාහි.
මේ මාසය මුළුල්ලේම නඟුල් තැන්පත් කොට තබත්වා. බමුණෝ මස් රසැති බත් අනුභව කෙරෙත්වා. මත්පැන් බොන්නෝ පානාගාරයෙහි සිට පිරී උතුරායන ඔඩම්වලින් රිසිසේ මත්පැන් බොත්වා.
“මහාපථං නිච්ච සමව්හයන්තු, තිබ්බඤ්ච රක්ඛං විදහන්තු රට්ඨෙ; යථාඤ්ඤමඤ්ඤං න විහෙඨයෙය්යුං, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථා”ති.
මහමඟැ අසල සිටින වෙසඟනෝ නිතර සළෙලුන් කැඳවත්වා. යම්සේ මහජනයා ඔවුනොවුන් නොපෙළත්ද එන්සේ දැඩි ආරක්ෂා සංවිධාන කෙරෙව්වා. මේ අයුරින් මේ රුකට ගරු බුහුමන් කරව්.
තත්ථ සීලමයස්ස සාඛාති එතස්ස රුක්ඛස්ස සීලමයා සාඛා. අත්ථෙ ච ධම්මෙචාති වද්ධියඤ්ච සභාවෙ ච. ඨිතො නිපාකොති සො පඤ්ඤාමයරුක්ඛො පතිට්ඨිතො. ගවප්ඵලොති පඤ්චවිධගොරසඵලො. හත්ථිගවාස්සඡන්නොති අලඞ්කතහත්ථිගවාස්සෙහි සඤ්ඡන්නො. නච්චගීතතූරියාභිනාදිතෙති අථ තස්ස රුක්ඛස්ස පූජං කරොන්තෙන මහාජනෙන තස්මිං රුක්ඛෙ එතෙහි නච්චාදීහි අභිනාදිතෙ. උච්ඡිජ්ජ සෙනං පුරිසො අහාසීති එකො කණ්හපුරිසො ආගන්ත්වා තං රුක්ඛං උච්ඡිජ්ජ පරිවාරෙත්වා ඨිතං සෙනං පලාපෙත්වා අහාසි ගහෙත්වා ගතො. පුන සො රුක්ඛො ආගන්ත්වා අම්හාකං නිවෙසනද්වාරයෙව ඨිතො. සො නො අයං රුක්ඛසදිසො පණ්ඩිතො සන්නිකෙතං ආගතො. ඉදානි සබ්බෙව තුම්හෙ රුක්ඛස්ස ඉමස්ස අපචිතිං කරොථ, මහාසක්කාරං පවත්තෙථ.
එහි සීලමයස්ස මේ ගසෙහි ශීලමය අතු අත්ථෙව ධම්මෙච වැඩෙන ස්වභාවයෙහි පිහිටි. නිපාකො ඒ ප්‍රඥාව නමැති රුක පිහිටියේය. ගවප්ඵලො පස්ගෝරස නමැති ඵල ඇති හත්ථිගවස්සජන්තො අලංකාර කරන ලද ඇතුන්ගෙන් හා අශ්වයන්ගෙන් ගැවසී ගත්. නච්චගීත තුරියා හිතාදිතෙ ඉක්බිති මේ වෘක්ෂයට පූජා කරන්නා වූ මහාජනයා විසින් ඒ ගසෙහි මේ නෘත්‍ය ආදියෙන් නාදවත් කරනු ලබන කල්හි එක් කාලවර්ණ පුරුෂයෙක් අවුත් ඒ ගස මුලිනුපුටා පිරිවරාගෙන සිටිය සේනාව පලවාහැර අභාසි රැගෙන ගියේය. නැවත ඒ ගස අවුත් අපගේ නිවාසය ඉදිරිපිටම පිහිටියේය. ඒ ඔහු අපට මහා වෘක්ෂයක් බඳු පඬිතුමා අප වෙතට ආවේය. දැන් නුඹලා සියල්ලෝම රුක්ඛස්සිමස්සාපචිතං කරොථ මහා සත්කාර පවත්වව්.
මම පච්චයෙනාති අම්භො, අමච්චා යෙ කෙචි මං නිස්සාය ලද්ධෙන යසෙන විත්තා තුට්ඨචිත්තා, තෙ සබ්බෙ අත්තනො විත්තං පාතුකරොන්තු. තිබ්බානීති බහලානි මහන්තානි. උපායනානීති පණ්ණාකාරෙ. යෙ කෙචීති අන්තමසො කීළනත්ථාය බද්ධෙ මිගපක්ඛිනො උපාදාය. මුඤ්චරෙති මුඤ්චන්තු. උන්නඞ්ගලා මාසමිමං කරොන්තූති ඉමං මාසං කසනනඞ්ගලානි උස්සාපෙත්වා එකමන්තෙ ඨපෙත්වා නගරෙ භෙරිං චරාපෙත්වා සබ්බෙව මනුස්සා මහාඡණං කරොන්තු. භක්ඛයන්තූති භුඤ්ජන්තු. අමජ්ජපාති එත්ථ අ-කාරො නිපාතමත්තං, මජ්ජපා පුරිසා මජ්ජරහා අත්තනො අත්තනො ආපානට්ඨානෙසු නිසින්නා පිවන්තූති අත්ථො. පුණ්ණාහි ථාලාහීති පුණ්ණෙහි ථාලෙහි. පලිස්සුතාහීති අතිපුණ්ණත්තා පග්ඝරමානෙහි. මහාපථං නිච්ච සමව්හයන්තූති අන්තොනගරෙ අලඞ්කතමහාපථං රාජමග්ගං නිස්සාය ඨිතා වෙසියා නිච්චකාලං කිලෙසවසෙන කිලෙසත්ථිකං ජනං අව්හයන්තූති අත්ථො. තිබ්බන්ති ගාළ්හං. යථාති යථා රක්ඛස්ස සුසංවිහිතත්තා උන්නඞ්ගලා හුත්වා රුක්ඛස්සිමස්ස අපචිතිං කරොන්තා අඤ්ඤමඤ්ඤං න විහෙඨයෙය්යුං, එවං රක්ඛං සංවිදහන්තූති අත්ථො.
මම පච්චයෙන අපගේ අමාත්‍යයෝ යම්කෙනෙක් වෙත්ද ඒ අය මා නිසා ලබන ලද යසසින් සතුටු සිත් ඇත්තාහුද ඒ සියල්ලෝම තමන්ගේ සතුට පහළ කරත්. තිබ්බානි බොහෝ වූ, විශාල වූ උපායනාතී තෑගි. යෙකෙචි යටත් පිරිසෙයින් ක්‍රීඩා කිරීම සඳහා බඳින ලද සතුන් හා පක්ෂීන් මුච්චරෙ මුදාහරිනු ලබත්වා. උත්තංගලාමාසමිමං කරොන්තු මේ මාසය සීසාන නගුල් ඉවත්කර එකත්පසෙක තබා නගරයේ බෙර හසුරුවා සියලු ජනයා මහා සැණකෙළි පවත්වත්තා. භක්ඛයන්තු අනුභව කරත්වා. අමජ්ජපා මෙහි අ කාරය නිපාත මාත්‍රයකි. මත්පැන් බොන මිනිස්සු මත්පැන් තමන් පානය කරන තැන්වල සිට පානය කරත්වා. පුණ්ණාහිථාලාහි පිරුණා වූ ඔඩම්වලින් පලිස්සුතාහි අතිශයින් පිරුණු බැවින් වැගිරෙන්නා වූ මහාපථං නිච්චසමව්හයන්තු අලංකාර කරන ලද මහා රථයක්, මහමඟැ සිටියා වූ වෛශ්‍යාවෝ නිරන්තර කෙලෙස් වශයෙන් එක්වීමට කැමැති ජනයාව කැඳවත්වා යන අර්ථයි. තිබ්බං යනු දැඩි. යථා යම්සේ ආරක්ෂාව පිණිස තබන ලද නඟුල් ඇතිව මේ වෘක්ෂයට සත්කාර කරන්නාහු ඔවුනොවුන් පීඩාවට පත් නොකරන්නාහුය. මෙසේ ආරක්ෂාව සංවිධානය කරත්වා යන අර්ථයි.
එවං රඤ්ඤා වුත්තෙ –
මෙසේද කියා ඇත;
“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද බොහෝ ආහාරපාන පඬිතුමාට යැවූහ.
“හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
ඇතරුවෝ ද අසරුවෝ ද රථිකයෝ ද පාබල සේනාද යන මොවුහු පඬිතුමාට ආහාරපාන යැවූහ.
“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
රැස්වූ දනව් වැස්සෝ ද නියම්ගම් වැසෝ ද පඬිතුමාට ආහාරපාන යැවූහ.
“බහුජනො පසන්නොසි, දිස්වා පණ්ඩිතමාගතෙ; පණ්ඩිතම්හි අනුප්පත්තෙ, චෙලුක්ඛෙපො පවත්තථා”ති.
පැමිණි පඬිතුමා දැක බොහෝදෙන සතුටු වූහ. පඬිතුමා යළි පැමිණි කල්හි පිළිහිසැ සිසාරා සතුටු වූහ.
තත්ථ අභිහාරයුන්ති එවං රඤ්ඤා ආණත්තා මහාඡණං පටියාදෙත්වා සබ්බෙ සත්තෙ බන්ධනා මොචෙත්වා එතෙ සබ්බෙ ඔරොධාදයො නානප්පකාරං පණ්ණාකාරං සජ්ජිත්වා තෙන සද්ධිං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්ස පෙසෙසුං. පණ්ඩිතමාගතෙති පණ්ඩිතෙ ආගතෙ තං පණ්ඩිතං දිස්වා බහුජනො පසන්නො අහොසි.
එහි අභිහාරයුං මෙසේ රජු විසින් අණ දෙන ලද කල්හි මහා සැණකෙළියක් සූදානම් කර සියළු බැමි මුදාහැර මේ අන්තඃපුර ආදියද නොයෙක් ආකාරයේ ද තෑගිබෝග සූදානම් කර ඒ සමග ආහාරපානද පණ්ඩිතයන්ට යැවූහ. පණ්ඩිතමාගතෙ පණ්ඩිතයන් පැමිණි කල්හි, ඒ පණ්ඩිතයන් දැක බොහෝ ජනයා පැහැදුනේ වූහ. සැණකෙළිය මසකින් අවසන් විය.
ඡණො මාසෙන ඔසානං අගමාසි. තතො මහාසත්තො බුද්ධකිච්චං සාධෙන්තො විය මහාජනස්ස ධම්මං දෙසෙන්තො රාජානඤ්ච අනුසාසන්තො දානාදීනි පුඤ්ඤානි කත්වා යාවතායුකං ඨත්වා ආයුපරියොසානෙ සග්ගපරායණො අහොසි. රාජානං ආදිං කත්වා සබ්බෙපි නගරවාසිනො පණ්ඩිතස්සොවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ සග්ගපුරං පූරයිංසු.
මහාසත්ත්වයන් වහන්සේ බුද්ධකෘත්‍යයන් සකසන්නේ මෙන් මහාජනයාට ධර්මය දේශනා කරන්නේ රජුට අනුශාසනා කරන්නේ දිවි ඇති තෙක් සිට ස්වර්ග පරාජයන විය. ඔහුගේ අවවාදයෙහි පිහිටා රජු ආදිකොට ඇති සියළු කුරුරට වැසියෝ දානාදී වූ පින්කම් කොට ආයු කෙළවර ස්වර්ගයටම ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො පඤ්ඤාසම්පන්නො උපායකුසලොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා පණ්ඩිතස්ස මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, ජෙට්ඨභරියා රාහුලමාතා, ජෙට්ඨපුත්තො රාහුලො, විමලා උප්පලවණ්ණා, වරුණනාගරාජා සාරිපුත්තො, සුපණ්ණරාජා මොග්ගල්ලානො, සක්කො අනුරුද්ධො, ධනඤ්චයකොරබ්යරාජා ආනන්දො, පුණ්ණකො ඡන්නො, පරිසා බුද්ධපරිසා, විධුරපණ්ඩිතො පන අහමෙව සම්මාසම්බුද්ධො අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙරද තථාගතයන් වහන්සේ ප්‍රඥා සම්පන්නව උපායෙහි දක්ෂයෙක් වී යැයි ජාතක කථාව එකිනෙක ගැලපූ සේක. එකල්හි පණ්ඩිතයන්ගේ මව්පියවරු මහරජකුලයෝ වූහ. ප්‍රධාන භාර්යාව රාහුල මාතාය. දෙටුපුතා රාහුල කුමාරයෝය. වරුණ නාගරාජයා සැරියුත් තෙරුන් වහන්සේය. සුපණ්ණ නාගරාජයා මුගලන් තෙරුන් වහන්සේය. ශක්‍රයා අනුරුද්ධ තෙරුන් වහන්සේය. ධනංජය රජු ආනන්ද තෙරණුවෝය. පුණ්ණක ඡන්න විය. පිරිස බුදුපිරිසය. විධුර පණ්ඩිත වූයේ මම ම ය.
විධුරජාතකවණ්ණනා නවමා.
විධුර ජාතකය නිමියේ ය.