9. උමඞ්ගජාතකවණ්ණනා 546 අට්ඨකථා
9. උමඞ්ගජාතකවණ්ණනා (546)
9. මහා උම්මග්ග ජාතකය (546)
පඤ්චාලො සබ්බසෙනායාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා තථාගතස්ස පඤ්ඤාපාරමිං වණ්ණයන්තා නිසීදිංසු “මහාපඤ්ඤො, ආවුසො, තථාගතො පුථුපඤ්ඤො ගම්භීරපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පරප්පවාදමද්දනො, අත්තනො පඤ්ඤානුභාවෙන කූටදන්තාදයො බ්රාහ්මණෙ, සභියාදයො පරිබ්බාජකෙ, අඞ්ගුලිමාලාදයො චොරෙ, ආළවකාදයො යක්ඛෙ, සක්කාදයො දෙවෙ, බකාදයො බ්රහ්මානො ච දමෙත්වා නිබ්බිසෙවනෙ අකාසි, බහුජනකායෙ පබ්බජ්ජං දත්වා මග්ගඵලෙසු පතිට්ඨාපෙසි, එවං මහාපඤ්ඤො, ආවුසො, සත්ථා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව පඤ්ඤවා, අතීතෙපි අපරිපක්කෙ ඤාණෙ බොධිඤාණත්ථාය චරියං චරන්තොපි පඤ්ඤවායෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
පඤ්චාලො සබ්බසෙනාය යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසද්දී ප්‍රඥා පාරමිතාව අරබයා දේශනා කළ සේක. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව වර්ණනා කරන්නාහු ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රාඥය, පුථු ප්‍රාඥය, හාසු ප්‍රාඥය, ජවන ප්‍රාඥය, තික්ඛ ප්‍රාඥය, නිබ්බෙධික ප්‍රාඥය. අන්‍ය වාදයන් මර්දනය කරන්නේ තමන්ගේ ප්‍රඥාවේ බලයෙන් කූටදන්ත වැනි බ්‍රාහ්මණයන් සභිය ආදී පරිබ්‍රාජකයන් අංගුලිමාල ආදී සොරුන් ආලවක ආදී යක්ෂයන් ශක්‍ර ආදී දෙවියන්, බක ආදී බ්‍රාහ්මණයන් දමනය කොට ඔවුන් යන මගට යොමු වූවන් කළ සේක. උන්වහන්සේ විසින් බොහෝදෙනාට පැවිද්ද ලබාදී මාර්ගඵලයන්හි පිහිටුවූවාහු ශාස්තෲන් වහන්සේගේ ගුණකථා ප්‍රකාශ කරමින් හුන්හ. ශාස්තෲන් වහන්සේ වැඩමකර මහණෙනි! දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විචාරණ ලද්දාහු මෙබඳු කථාවකින්යැයි ප්‍රකාශ කළ කල්හි මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් ප්‍රඥාවන්ත වූයේ නොවෙයි. අතීතයෙහිද පරිපාකයට නොගිය ප්‍රඥා ඇතිව බුද්ධත්වය සඳහා පාරමී පුරන්නේ ද ප්‍රඥාවන්ත වූයේ යැයි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ විදෙහරට්ඨෙ මිථිලායං වෙදෙහො නාම රාජා රජ්ජං කාරෙසි. තස්ස අත්ථධම්මානුසාසකා චත්තාරො පණ්ඩිතා අහෙසුං සෙනකො, පුක්කුසො, කාමින්දො, දෙවින්දො චාති. තදා රාජා බොධිසත්තස්ස පටිසන්ධිග්ගහණදිවසෙ පච්චූසකාලෙ එවරූපං සුපිනං අද්දස – රාජඞ්ගණෙ චතූසු කොණෙසු චත්තාරො අග්ගික්ඛන්ධා මහාපාකාරප්පමාණා උට්ඨාය පජ්ජලන්ති. තෙසං මජ්ඣෙ ඛජ්ජොපනකප්පමාණො අග්ගික්ඛන්දො උට්ඨහිත්වා තඞ්ඛණඤ්ඤෙව චත්තාරො අග්ගික්ඛන්ධෙ අතික්කමිත්වා යාව බ්රහ්මලොකා උට්ඨාය සකලචක්කවාළං ඔභාසෙත්වා ඨිතො, භූමියං පතිතො සාසපබීජමත්තම්පි පඤ්ඤායති. තං සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා ගන්ධමාලාදීහි පූජෙන්ති, මහාජනො ජාලන්තරෙනෙව චරති, ලොමකූපමත්තම්පි උණ්හං න ගණ්හාති. රාජා ඉමං සුපිනං දිස්වා භීතතසිතො උට්ඨාය “කිං නු ඛො මෙ භවිස්සතී”ති චින්තෙන්තො නිසින්නකොව අරුණං උට්ඨාපෙසි.
අතීතයෙහි මිථිලා නුවර වේදේහ නම් රජු රාජ්‍යය කරන කල්හි ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පණ්ඩිතයෝ සතර දෙනෙක් වූහ. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන සතරදෙනාය. එකල්හි රජතෙමේ බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා දිනයේ උදෑසන මෙබඳු සිහිනයක් දුටුවේය. රජගෙදර මිදුලෙහි සිව්කොණෙහි ගිනිකඳු සතරක් මහා ප්රාකාරයක ප්‍රමාණයෙන් පැන නැගී දිළිසෙයි. එහි මැද කනාමැදිරියකු ප්‍රමාණ වූ ගින්නක් හටගෙන ඒ මොහොතේදීම ගිනිකඳු සතරම මැඩගෙන බඹලොව තෙක් පමණ නැගීසිට මුළු සක්වල බබුලුවා සිටියේ බිම වැටුනු අබ ඇටයක් පවා පෙනෙයි. දෙවියන් සහිත ලෝකයා මල්මාලා සුවඳ වර්ගාදියෙන් පුදත්. මහජනයා ගිනිදැල් අතරෙන් ඇවිදිති. රෝමකූප මාත්‍රයකුදු උණුසුමක් නොදැනේ. රජු මේ සිහිනය දැක බියවී තැතිගත්තේ නැගිට කුමක් නම් වන්නේදැයි සිතමින් සිටින අතර අරුණාලෝකය උදාවිය.
චත්තාරොපි පණ්ඩිතා පාතොවාගන්ත්වා “කච්චි, දෙව, සුඛං සයිත්ථා”ති සුඛසෙය්යං පුච්ඡිංසු. සො “කුතො මෙ සුඛසෙය්යං ලද්ධ”න්ති වත්වා “එවරූපො මෙ සුපිනො දිට්ඨො”ති සබ්බං කථෙසි. අථ නං සෙනකපණ්ඩිතො “මා භායි, මහාරාජ, මඞ්ගලසුපිනො එස, වුද්ධි වො භවිස්සතී”ති වත්වා “කිං කාරණා ආචරියා”ති වුත්තෙ “මහාරාජ, අම්හෙ චත්තාරො පණ්ඩිතෙ අභිභවිත්වා අඤ්ඤො වො පඤ්චමො පණ්ඩිතො උප්පජ්ජිස්සති, මයඤ්හි චත්තාරො පණ්ඩිතා චත්තාරො අග්ගික්ඛන්ධා විය, තෙසං මජ්ඣෙ උප්පන්නො අග්ගික්ඛන්ධො විය අඤ්ඤො පඤ්චමො පණ්ඩිතො උප්පජ්ජිස්සති, සො සදෙවකෙ ලොකෙ අසදිසො භවිස්සතී”ති වත්වා “ඉදානි පනෙස කුහි”න්ති වුත්තෙ “මහාරාජ, අජ්ජ තස්ස පටිසන්ධිග්ගහණෙන වා මාතුකුච්ඡිතො නික්ඛමනෙන වා භවිතබ්බ”න්ති අත්තනො සිප්පබලෙන දිබ්බචක්ඛුනා දිට්ඨො විය බ්යාකාසි. රාජාපි තතො පට්ඨාය තං වචනං අනුස්සරි.
පණ්ඩිතයෝ සතරදෙන උදයෙන්ම අවුත් කිම දේවයන් වහන්ස! සුවසේ සැතපුනේද කියා සැපවත් නින්ද පිළිබඳව විමසූහ. රජතෙමේ ආචාර්යවරුනි, මට සැපයක් නම් කොයින්ද? මෙබඳු සිහිනයක් දුටුවෙමියි ප්‍රකාශ කළේය. ඉක්බිති ඔහුට සේනක පඬිතුමා පැවසූයේ මහරජතුමනි! බිය නොවන්න. මෙය මංගල සිහිනයකි. මෙය අභිවෘද්ධියක්ම වන්නේයැ කියා කුමන කරුණක් නිසාදැයි ඇසූවිට මෙසේ කීය. මහරජතුමනි, පණ්ඩිතයන් වූ අප සතරදෙනා අභිභවනය කොට, ප්‍රභායෙන් තොර කොට අන්‍ය වූ පස්වන පණ්ඩිතයෙක් පහළ වන්නේය. අපි සතරදෙනා ගිනිකඳු සතර මෙන්ද යාගය මැද හටගත් ගින්නක් මෙන් පස්වැනි පණ්ඩිතයෙක් ලොව පහළ වන්නේය. දෙවියන් සහිත ලෝකයෙහි අසමාන වූ, අසම වූ ධුර ඇත්තේය. දැන් ඔහු කොහි සිටින්නේ ද? මහරජතුමනි! අද ඔහු පිළිසිඳ ගැනීම හෝ මව්කුසින් නික්මීම හෝ වන්නේයැයි තමන්ගේ ශිල්ප බලයෙන් දිවැසින් දුටුවාක් මෙන් විස්තර කළේය. රජතෙමේ එතැන් පටන් ඒ වචනය සිහිපත් කළේය.
මිථිලායං පන චතූසු ද්වාරෙසු පාචීනයවමජ්ඣකො, දක්ඛිණයවමජ්ඣකො, පච්ඡිමයවමජ්ඣකො, උත්තරයවමජ්ඣකොති චත්තාරො ගාමා අහෙසුං. තෙසු පාචීනයවමජ්ඣකෙ සිරිවඩ්ඪනො නාම සෙට්ඨි පටිවසති, සුමනදෙවී නාමස්ස භරියා අහොසි. මහාසත්තො තං දිවසං රඤ්ඤා සුපිනස්ස දිට්ඨවෙලාය තාවතිංසභවනතො චවිත්වා තස්සා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. තස්මිංයෙව කාලෙ අපරෙපි දෙවපුත්තසහස්සා තාවතිංසභවනතො චවිත්වා තස්මිංයෙව ගාමෙ සෙට්ඨානුසෙට්ඨීනං කුලෙසු පටිසන්ධිං ගණ්හිංසු. සුමනදෙවීපි දසමාසච්චයෙන සුවණ්ණවණ්ණං පුත්තං විජායි. තස්මිං ඛණෙ සක්කො මනුස්සලොකං ඔලොකෙන්තො මහාසත්තස්ස මාතුකුච්ඡිතො නික්ඛමනභාවං ඤත්වා “ඉමං බුද්ධඞ්කුරං සදෙවකෙ ලොකෙ පාකටං කාතුං වට්ටතී”ති මහාසත්තස්ස මාතුකුච්ඡිතො නික්ඛන්තක්ඛණෙ අදිස්සමානකායෙන ගන්ත්වා තස්ස හත්ථෙ එකං ඔසධඝටිකං ඨපෙත්වා සකට්ඨානමෙව ගතො. මහාසත්තො තං මුට්ඨිං කත්වා ගණ්හි. තස්මිං පන මාතුකුච්ඡිතො නික්ඛන්තෙ මාතු අප්පමත්තකම්පි දුක්ඛං නාහොසි, ධමකරණතො උදකමිව සුඛෙන නික්ඛමි.
මිථිලා නුවර වනාහි සිව්දොරටුවල පැසුළු යවමැදුන්ගම, දකුණු යවමැදුන්ගම, උතුරු යව මැදුම්ගම ආදී නියම්ගම් සතරකි. ඒවා අතුරෙන් පැසුළු යවමැදුම්ගම සිරිවඩු නම් සිටුවරයෙක් සිටියේය. ඔහුගේ බිරිඳ සුමනා දේවියයි. මහා සත්ත්වයන් වහන්සේ එදවස රජු විසින් සිහිනය දකින ලද වේලාවෙහිම තව්තිසා දෙව්ලොවින් චුතව ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අනික් දේවපුත්‍රයන් දහසක් ද තව්තිසා දෙව්ලොවින් චුතව ඒ ගමෙහි ම සිටු, උපසිටු ආදීන්ගේ කුලවල පිළිසිඳ ගත්හ. සුමනා දේවිය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතකු වැදුවාය. ඒ මොහොතෙහි ශක්‍රයා මිනිස්ලොව දෙස බලන්නේ මහාසත්ත්වයන් වහන්සේ මව්කුසින් බිහිවන බව දැනගෙන මේ බුද්ධාංකුරයා දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රකට කිරීමට වටනේයැයි මහාසත්ත්වයන් වහන්සේ මව්කුසින් නික්මෙන කල්හි නොපෙනෙන විලාශයෙන් අවුත් ඔහුගේ අතෙහි එක් ඖෂධ ගැටයක් තබා සිය පුරයටම ගියේය. මහාසත්ත්වයන් වහන්සේ එය අතෙහි මිට මොළවා ගත්තේය. ඔහු මව්කුසින් බිහිවන කල්හි මවට අල්පමාත්‍ර වූද දුකක් ඇති නොවීය. ඩබරාවකින් වෑහෙන දියත්තක් මෙන් පහසුවෙන් හා සුවයෙන් නික්මුණු සේක.
සා තස්ස හත්ථෙ ඔසධඝටිකං දිස්වා “තාත, කිං තෙ ලද්ධ”න්ති ආහ. “ඔසධං, අම්මා”ති දිබ්බොසධං මාතු හත්ථෙ ඨපෙසි. ඨපෙත්වා ච පන “අම්ම, ඉදං ඔසධං යෙන කෙනචි ආබාධෙන ආබාධිකානං දෙථා”ති ආහ. සා තුට්ඨපහට්ඨා සිරිවඩ්ඪනසෙට්ඨිනො ආරොචෙසි. තස්ස පන සත්තවස්සිකො සීසාබාධො අත්ථි. සො තුට්ඨපහට්ඨො හුත්වා “අයං මාතුකුච්ඡිතො ජායමානො ඔසධං ගහෙත්වා ආගතො, ජාතක්ඛණෙයෙව මාතරා සද්ධිං කථෙසි, එවරූපෙන පුඤ්ඤවතා දින්නං ඔසධං මහානුභාවං භවිස්සතී”ති චින්තෙත්වා තං ඔසධං ගහෙත්වා නිසදායං ඝංසිත්වා ථොකං නලාටෙ මක්ඛෙසි. තස්මිං ඛණෙ තස්ස සත්තවස්සිකො සීසාබාධො පදුමපත්තතො උදකං විය නිවත්තිත්වා ගතො. සො “මහානුභාවං ඔසධ”න්ති සොමනස්සප්පත්තො අහොසි. මහාසත්තස්ස ඔසධං ගහෙත්වා ආගතභාවො සබ්බත්ථ පාකටො ජාතො. යෙ කෙචි ආබාධිකා, සබ්බෙ සෙට්ඨිස්ස ගෙහං ගන්ත්වා ඔසධං යාචන්ති. සබ්බෙසං නිසදායං ඝංසිත්වා ථොකං ගහෙත්වා උදකෙන ආළොලෙත්වා දෙති . දිබ්බොසධෙන සරීරෙ මක්ඛිතමත්තෙයෙව සබ්බාබාධා වූපසම්මන්ති. සුඛිතා මනුස්සා “සිරිවඩ්ඪනසෙට්ඨිනො ගෙහෙ ඔසධස්ස මහන්තො ආනුභාවො”ති වණ්ණයන්තා පක්කමිංසු. මහාසත්තස්ස පන නාමග්ගහණදිවසෙ මහාසෙට්ඨි “මම පුත්තස්ස අය්යකාදීනං න නාමෙන අත්ථො අත්ථි, ජායමානස්ස ඔසධං ගහෙත්වා ආගතත්තා ඔසධනාමකොව හොතූ”ති වත්වා “මහොසධකුමාරො”ත්වෙවස්ස නාමමකාසි.
මව ඔහුගේ අතෙහි බෙහෙත් ගැටයක් දැක, දරුව, මේ කුමක් ලබන ලද්දේදැයි ඇසීය. මෑණියනි! ඖෂධයක් යැයි දිව්‍ය ඖෂධය මැණියන්ගේ අතෙහි තැබීය. මෑණියනි! මෙය ගෙන යම්කිසි රෝගයකින් පෙළෙන අය සිටින්නම් ඒ අයට දෙන්නයැයි කීය. ඇය තුටුපහටු වූවා සිරිවඩු සිටුතුමාට දැන්වූවාය. ඔහුට වනාහි වර්ෂ හතක් පැරණි හිසරුජාවක් ඇත. ඔහු බොහෝ සතුටට පත්ව මෙතෙමේ මව්කුසින් බිහිවන්නේ ඖෂධයක් ගෙන ආවේයැයි උපන් විගසම මව සමග කීවේය. මෙබඳු වූ පුණ්‍යවන්තයකු විසින් දෙන ලද ඖෂධය මහා ආනුභාව ඇත්තේ වන්නේය. ඒ ඖෂධය ගෙන ගලක අතුල්ලා ඉන් ස්වල්පයක් නළල අග තැවරිය. වර්ෂ හතක් පැරණි හිසරුජාව නෙලුම් පතකින් ජලබිඳුවක් මෙන් පහව ගියේය. ඔහු, එය මහානුභාව සම්පන්න ඖෂධයක් යැයි මහත් සතුටට පත්විය. මහා සත්ත්වයන් වහන්සේ ඖෂධයන් ගෙන මෙලොවට පැමිණි බව සැම තන්හි ප්‍රකට විය. යම් ඒ ආබාධිත කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝම සිටුතුමාගේ නිවසට ගොස් බෙහෙත් ඉල්ලති. ගලෙක අතුල්ලා ටිකක් ගෙන ජලය හා මුසුකොට සියලුදෙනාටම දෙත්. දිව්‍ය ඖෂධය ශරිරයේ ස්පර්ශ කළ පමණින්ම සියළු ආබාධයෝ සංසිඳෙත්. ඒ සුවපත් වූ මිනිස්සු සිරිවඩු සිටුතුමාගේ නිවසේ ඇති ඖෂධය මහත් වූ අනුභාව සම්පන්නයැයි වර්ණනා කරමින් නික්ම යත්. මහාසත්ත්වයන් වහන්සේට නම් තබන දිනයෙහි මාගේ පුත්‍රයාට මුතුන් මිත්තන්ගේ නාමයෙන් ඵලයක් නැත. ඖෂධ නාමයම වේවා’යි කියා ඔහුට මහෝසධ කුමාරයා යැයි නම් කළේය.
ඉදඤ්චස්ස අහොසි “මම පුත්තො මහාපුඤ්ඤො, න එකකොව නිබ්බත්තිස්සති, ඉමිනා සද්ධිං ජාතදාරකෙහි භවිතබ්බ”න්ති. සො ඔලොකාපෙන්තො දාරකසහස්සානං නිබ්බත්තභාවං සුත්වා සබ්බෙසම්පි කුමාරකානං පිළන්ධනානි දත්වා ධාතියො දාපෙසි “පුත්තස්ස මෙ උපට්ඨාකා භවිස්සන්තී”ති. බොධිසත්තෙන සද්ධිංයෙව තෙසං මඞ්ගලට්ඨානෙ මඞ්ගලං කාරෙසි. දාරකෙ අලඞ්කරිත්වා මහාසත්තස්ස උපට්ඨාතුං ආනෙන්ති. බොධිසත්තො තෙහි සද්ධිං කීළන්තො වඩ්ඪිත්වා සත්තවස්සිකකාලෙ සුවණ්ණපටිමා විය අභිරූපො අහොසි. අථස්ස ගාමමජ්ඣෙ තෙහි සද්ධිං කීළන්තස්ස හත්ථිඅස්සාදීසු ආගච්ඡන්තෙසු කීළාමණ්ඩලං භිජ්ජති. වාතාතපපහරණකාලෙ දාරකා කිලමන්ති. එකදිවසඤ්ච තෙසං කීළන්තානංයෙව අකාලමෙඝො උට්ඨහි. තං දිස්වා නාගබලො බොධිසත්තො ධාවිත්වා එකසාලං පාවිසි. ඉතරෙ දාරකා පච්ඡතො ධාවන්තා අඤ්ඤමඤ්ඤස්ස පාදෙසු පහරිත්වා උපක්ඛලිත්වා පතිතා ජණ්ණුකභෙදාදීනි පාපුණිංසු. බොධිසත්තොපි “ඉමස්මිං ඨානෙ කීළාසාලං කාතුං වට්ටති, එවං වාතෙ වා වස්සෙ වා ආතපෙ වා ආගතෙ න කිලමිස්සාමා”ති චින්තෙත්වා තෙ දාරකෙ ආහ – “සම්මා, ඉමස්මිං ඨානෙ වාතෙ වා වස්සෙ වා ආතපෙ වා ආගතෙ ඨානනිසජ්ජසයනක්ඛමං එකං සාලං කාරෙස්සාම, එකෙකං කහාපණං ආහරථා”ති. තෙ තථා කරිංසු.
මෙබඳු අදහසක් ද ඔහුට ඇතිවිය. මහාප්‍රාඥ වූ මාගේපුත්රයා තනියම උපන්නේ නොවේ. මොහු සමග උපන් දරුවන් සිටිය යුතුයි. ඔහු බලන්නේ දරුවන් දහසක් උපන් බව අසා සියල්ලන්ට ම කුමාර ඇඳුම් පැළඳුම් ආදිය දී කිරිමව්වරුන් යැවීය. මාගේ පුත්‍රයාගේ සහායකයන් වන්නාහයි බෝධිසත්ත්වයන් සමගම මඟුල් උත්සව කළහ. දරුවන් සරසා දිනපතා මහාසත්ත්වයන්ට උපස්ථාන පිණිස ගෙනෙත්. බෝධිසත්ත්වයෝ ඔවුන් සමග ක්‍රීඩා කරන්නේ වැඩී සත්වස් වියෙහිදී රන් ප්‍රතිමාවක් මෙන් රූමත් විය. ඉක්බිති ගම මැද ඔවුන් සමග ක්‍රීඩා කරන්නා වූ ඔවුන්ගේ ක්‍රීඩා මණ්ඩලය ඇත් ආදීන් එනකල්හි බිඳෙයි. තදින් සුළඟ හා අව්ව ඇති කල්හි දරුවෝ වෙහෙසට පත්වෙත්. එක්දිනක් ක්‍රීඩා කරන විට අකාල වර්ෂාවක් වැස්සේය. එය දැක හස්තිබල ඇති මහාසත්ත්වයෝ දුව විත් එක් ශාලාවකට පිවිසියේය. අනිත් දරුවෝ පසුපසින් දුවන්නාහු ඔවුනොවුන් පා පැකිළී දනහිස් බිඳීම් ආදියට පත්වූහ. බෝධිසත්ත්වයෝ මෙතැන ක්‍රීඩා ශාලාවක් කළ යුතුයයි ද මෙසේ පීඩාවට පත්වීම නොවිය යුතුයැයි ද සිතා අනිත් දරුවන්ට කථා කළේය. මෙතැන සුළං ඇති කල්හි හෝ අව ඇති කල්හි, වර්ෂාව ඇතිකල්හි හෝ නතරවී සිටීමට, හිඳගැනීමට, නිදාගැනීමට හැකිවන පරිදි ශාලාවක් කරවන්නෙමු. එක එක කහවණුව බැගින් ගෙනෙන්න. ඒ දහසක් දරුවෝ එසේ කළහ.
මහාසත්තො මහාවඩ්ඪකිං පක්කොසාපෙත්වා “ඉමස්මිං ඨානෙ සාලං කරොහී”ති සහස්සං අදාසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා සහස්සං ගහෙත්වා ඛාණුකණ්ටකෙ කොට්ටෙත්වා භූමිං සමං කාරෙත්වා සුත්තං පසාරෙසි. මහාසත්තො තස්ස සුත්තපසාරණවිධානං අනාරාධෙන්තො “ආචරිය, එවං අපසාරෙත්වා සාධුකං පසාරෙහී”ති ආහ. සාමි, අහං අත්තනො සිප්පානුරූපෙන පසාරෙසිං, ඉතො අඤ්ඤං න ජානාමීති. ‘එත්තකං අජානන්තො ත්වං අම්හාකං ධනං ගහෙත්වා සාලං කථං කරිස්සසි, ආහර, සුත්තං පසාරෙත්වා තෙ දස්සාමී”ති ආහරාපෙත්වා සයං සුත්තං පසාරෙසි. තං විස්සකම්මදෙවපුත්තස්ස පසාරිතං විය අහොසි. තතො වඩ්ඪකිං ආහ “එවං පසාරෙතුං සක්ඛිස්සසී”ති? “න සක්ඛිස්සාමී”ති. “මම විචාරණාය පන කාතුං සක්ඛිස්සසී”ති. “සක්ඛිස්සාමි, සාමී”ති. මහාසත්තො යථා තස්සා සාලාය එකස්මිං පදෙසෙ අනාථානං වසනට්ඨානං හොති, එකස්මිං අනාථානං ඉත්ථීනං විජායනට්ඨානං, එකස්මිං ආගන්තුකසමණබ්රාහ්මණානං වසනට්ඨානං, එකස්මිං ආගන්තුකමනුස්සානං වසනට්ඨානං, එකස්මිං ආගන්තුකවාණිජානං භණ්ඩට්ඨපනට්ඨානං හොති, තථා සබ්බානි ඨානානි බහිමුඛානි කත්වා සාලං විචාරෙසි. තත්ථෙව කීළාමණ්ඩලං, තත්ථෙව විනිච්ඡයං, තත්ථෙව ධම්මසභං කාරෙසි. කතිපාහෙනෙව නිට්ඨිතාය සාලාය චිත්තකාරෙ පක්කොසාපෙත්වා සයං විචාරෙත්වා රමණීයං චිත්තකම්මං කාරෙසි. සාලා සුධම්මාදෙවසභාපටිභාගා අහොසි.
මහාසත්ත්වයන් වහන්සේ මහා වඩුවකු කැඳවා මෙතැන ශාලාවක් සදවවයි කියා දහසක් දුන්නේය. හෙතෙම එසේයැයි දහස ගෙන බිම සමතලා කරවා උල්ගසා නූල් ඇද්දේය. එය මහාසත්ත්වයන්ගේ සිත් ගත්තේ නොවේ. මහාසත්ත්වයන් වහන්සේ ඔහුට ලණු අදින ආකාරය කියන්නේ මෙසේ ඉවත්කොට මනාව අදින්නැයි කීය. ස්වාමීනි! මම තමන්ගේ ශිල්පය පරිදි දිගු කළෙමි. මීට වඩා වෙනස් ක්‍රමයක් නොදනිමි. ඔබ මෙපමණ දෙයක්වත් නොදැන අපේ සිත ගෙන කෙසේනම් ශාලාවක් කරන්නෙහිද? ගෙනෙව. ඔබට නූල් ඇද පෙන්වන්නෙමියි නූලක් ගෙන්වාගෙන තමා විසින්ම ඇන්දේය. එය විශ්වකර්මයා විසින් දිගුකරන ලද්දක් මෙන් විය. ඉක්බිති වඩුවාට කීය. ඔබට මෙසේ නූල් ඇදිය හැකිදැයි විචාළේය. ස්වාමීනි! නොහැක්කෙමියි කීය. ඉදින් මා කියන ආකාරයට නූල් අදින්නට හැකිදැයි ඇසීය. ස්වාමීනි! හැක්කෙමියි කීය. මහා සත්ත්වයන් වහන්සේ (මෙසේ නියෝග කළේය.) ඒ ශාලාවේ එක් පැත්තක් අනාථයන්ට වාසය කරන්නටය. අනාථ කාන්තාවන්ට දරුවන් ප්‍රසූත කිරීම සඳහා එක් කොටසකි. ආගන්තුක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නතරවීම සඳහා එක් කොටසකි. තවත් කොටසක් ආගන්තුක මිනිසුන්ටත්, තවත් කොටසක් ආගන්තුක වෙළඳුන්ගේ භාණ්ඩ තබාගැනීම සඳහාය. එසේම ඒ සියළුම ස්ථාන පිටතට දොරටු සිටින සේ ශාලාවේ නිර්මාණය සකස් කළේය. එහිම ක්‍රීඩාගාරයක්ද විනිශ්චය ශාලාවක්ද දහම් සභාවක්ද කරවීය. දින කීපයකින්ම ශාලාවේ වැඩ නිමවූ කල්හි චිත්‍ර ශිල්පීන් කැඳවා තමාට අවශ්‍ය පරිදි සිත්කලු චිත්‍ර කර්මාන්ත කරවීය. ශාලාව සුධර්මා දිව්‍යසභාව හා සමාන විය.
තතො “න එත්තකෙන සාලා සොභති, පොක්ඛරණිං පන කාරෙතුං වට්ටතී”ති පොක්ඛරණිං ඛණාපෙත්වා ඉට්ඨකවඩ්ඪකිං පක්කොසාපෙත්වා සයං විචාරෙත්වා සහස්සවඞ්කං සතතිත්ථං පොක්ඛරණිං කාරෙසි. සා පඤ්චවිධපදුමසඤ්ඡන්නා නන්දාපොක්ඛරණී විය අහොසි. තස්සා තීරෙ පුප්ඵඵලධරෙ නානාරුක්ඛෙ රොපාපෙත්වා නන්දනවනකප්පං උය්යානං කාරෙසි. තමෙව ච සාලං නිස්සාය ධම්මිකසමණබ්රාහ්මණානඤ්චෙව ආගන්තුකගමිකාදීනඤ්ච දානවත්තං පට්ඨපෙසි. තස්ස සා කිරියා සබ්බත්ථ පාකටා අහොසි . බහූ මනුස්සා ඔසරන්ති. මහාසත්තො සාලාය නිසීදිත්වා සම්පත්තසම්පත්තානං කාරණාකාරණං යුත්තායුත්තං කථෙසි, විනිච්ඡයං ඨපෙසි, බුද්ධුප්පාදකාලො විය අහොසි.
ඉක්බිති මෙපමණකින් පමණක් ශාලාව අලංකාර නොවෙයි. පොකුණක්ද කරවිය යුතුයැයි පොකුණක් සාරවා ගඩොල් කර්මාන්තකරුවකු කැඳවා තමාගේ උපදෙස් අනුව මුදල් දක්වා දහසක් තැනකින් වක් වූ තොටුපලවල් සියයක් සහිත පොකුණක් කරවවීය. ඒ පොකුණ පස්පියුමෙන් සැදුම්ලත් නන්දන වනයේ පොකුණ මෙන් ශෝභමානය. එහි ඉවුරේ මල්, ගෙඩි සහිත නොයෙක් වෘක්ෂයන් රෝපණය කරවවා නන්දන වනයට සමාන උයනක් කරවවීය. එම ශාලාව ඇසුරුකොට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ආගන්තුක ගමන් යන්නවුන්ටත් ආහාරපාන දීමට සැලැස්වීය. ඔහුගේ එම ක්‍රියාව සැමතැන්හි ප්‍රකට විය. බොහෝ ජනයා එහි රැස්වෙති. මහා සත්ත්වයන් වහන්සේ ශාලාවේ හිඳ පැමිණි පැමිණි අයට කාරණාකාරණ හා යුතු අයුතුකර ප්‍රකාශ කළේය. විනිශ්චයක් පැවැත්වීය. එය බුද්ධෝත්පාද කාලයක් මෙන් විය.
වෙදෙහරාජාපි සත්තවස්සච්චයෙන “චත්තාරො පණ්ඩිතා ‘අම්හෙ අභිභවිත්වා පඤ්චමො පණ්ඩිතො උප්පජ්ජිස්සතී’ති මෙ කථයිංසු, කත්ථ සො එතරහී”ති සරිත්වා “තස්ස වසනට්ඨානං ජානාථා”ති චතූහි ද්වාරෙහි චත්තාරො අමච්චෙ පෙසෙසි. සෙසද්වාරෙහි නික්ඛන්තා අමච්චා මහාසත්තං න පස්සිංසු. පාචීනද්වාරෙන නික්ඛන්තො අමච්චො පන සාලාදීනි දිස්වා “පණ්ඩිතෙන නාම ඉමිස්සා සාලාය කාරකෙන වා කාරාපකෙන වා භවිතබ්බ”න්ති චින්තෙත්වා මනුස්සෙ පුච්ඡි “අයං සාලා කතරවඩ්ඪකිනා කතා”ති? මනුස්සා “නායං වඩ්ඪකිනා කතා, සිරිවඩ්ඪනසෙට්ඨිපුත්තෙන මහොසධපණ්ඩිතෙන අත්තනො පඤ්ඤාබලෙන විචාරෙත්වා කතා”ති වදිංසු. “කතිවස්සො පන පණ්ඩිතො”ති? “පරිපුණ්ණසත්තවස්සො”ති. අමච්චො රඤ්ඤා දිට්ඨසුපිනදිවසතො පට්ඨාය වස්සං ගණෙත්වා “රඤ්ඤො දිට්ඨසුපිනෙන සමෙති, අයමෙව සො පණ්ඩිතො”ති රඤ්ඤො දූතං පෙසෙසි “දෙව, පාචීනයවමජ්ඣකගාමෙ සිරිවඩ්ඪනසෙට්ඨිපුත්තො මහොසධපණ්ඩිතො නාම සත්තවස්සිකොව සමානො එවරූපං නාම සාලං විචාරෙසි, පොක්ඛරණිං උය්යානඤ්ච කාරෙසි, ඉමං පණ්ඩිතං ගහෙත්වා ආනෙමී”ති. රාජා තං කථං සුත්වාව තුට්ඨචිත්තො හුත්වා සෙනකං පක්කොසාපෙත්වා තමත්ථං ආරොචෙත්වා “කිං, ආචරිය, ආනෙම පණ්ඩිත”න්ති පුච්ඡි. සො ලාභං මච්ඡරායන්තො “මහාරාජ, සාලාදීනං කාරාපිතමත්තෙන පණ්ඩිතො නාම න හොති, යො කොචි එතානි කාරෙති, අප්පමත්තකං එත”න්ති ආහ. සො තස්ස කථං සුත්වා “භවිතබ්බමෙත්ථ කාරණෙනා”ති තුණ්හී හුත්වා “තත්ථෙව වසන්තො පණ්ඩිතං වීමංසතූ”ති අමච්චස්ස දූතං පටිපෙසෙසි. තං සුත්වා අමච්චො තත්ථෙව වසන්තො පණ්ඩිතං වීමංසි.
ඒ කාලයේ වේදේහ රජු, සත්ත්වසක් ඉක්මගිය කල්හි, පණ්ඩිතයන් සතරදෙන අපව මැඩපවත්වාගෙන පස්වෙනි පණ්ඩිතයෙක් පහළ වන්නේයැයි මට කියා ඇත. දැන් ඔහු කොහේදැයි සිහිපත් කරමින් ඔහු වසන තැනක් දැනගනිව් යැයි කියා දොරටු සතරින් ඇමැතියන් සතර දෙනෙක් පිටත්කර හැරියේය. සෙසු දොරටුවලින් නික්මෙන්නාහු බෝධිසත්ත්වයන් නොදැක්කාහ. ප්‍රාචීන දිශාවෙන් නික්මෙන්නා ශාලා ආදිය දැක පණ්ඩිතයන් විසින් මෙය කරවන්නට හෝ කරන්ට ඇතැයි සිතා මිනිසුන්ගෙන් විචාළේය. මෙම ශාලාව කවරනම් වඩුවකු විසින් කරන ලද ද? මෙය වඩුවකු විසින් තමාගේ දැනුමෙන් කරන ලද්දක් නොවේ. මෙය සිරිවඩු සිටුතුමාගේ පුත්‍රයා වන මහෞෂධ පණ්ඩිතයන්ගේ අදහස අනුව කරන ලද්දකි. ඒ පණ්ඩිතයා කොපමණ වයස ඇත්තෙක්ද? පිරිපුන් සත්වස් ඇත්තේයැයි කීහ. ඇමැතිවරයා රජු විසින් සිහිනය දකින ලද දවසේ පටන් ගණන් කර රජුගේ සිහිනය හා සම වෙයි. ඒ පණ්ඩිතයා මොහුමය කියා රජතුමාට පණිවිඩයක් යැවීය. දේවයන් වහන්ස, පැදුම් යවමැදි ගමේ සිරිවඩ්ඪන සිටුවරයාගේ පුත් මහෞෂධ පණ්ඩිත නම් වූ පිරිපුන් සත්වස් ඇත්තහු විසින් මේ ශාලාව කරවීය. පොකුණක් ද උයනක් ද කරවීය. මේ පණ්ඩිතයා රැගෙන එන්නද, එපාද කියා අසා රජුට හස්නක් යැවීය. රජු එය අසා ම සතුටු සිතැත්තේ සේනක ඇමැතියා කැඳවා ඒ බව පවසා කිම! සේනක, අපි ඒ පණ්ඩිතයාව ගෙන එවුදැයි ඇසීය. ඔහු පණ්ඩිතයන්ගේ ගුණය ගැන මසුරුකමක් ඇතිවී මහරජතුමනි! ශාලා ආදිය කරවූ පමණින් පණ්ඩිතයෙක් නම් නොවන්නේය. යම්කිසි කෙනෙක් මේවා කරවන්නේ නම් එය එතරම් දෙයක් නොවේයැයි කීය. රජු ඔහුගේ කථාව අසා මෙහි යම්කිසි රහසක් තිබිය හැකියයි නිහඬව සිට එහිම නතරවී පණ්ඩිතයන් විමසීම පමණක් කරවයැයි දූතයෙක් යැවීය. ඒ අසා ඇමැතිවරයා එහිම වසමින් පණ්ඩිතයන් ගැන තොරතුරු විමසීය.