පඤ්චපණ්ඩිතපඤ්හො අට්ඨකථා
පඤ්චපණ්ඩිතපඤ්හො
පඤ්චපණ්ඩිත ප්රශ්නය
පුන තෙ චත්තාරො පණ්ඩිතා “අම්භො, ගහපතිපුත්තො ඉදානි මහන්තතරො ජාතො, කිං කරොමා”ති මන්තයිංසු. අථ නෙ සෙනකො ආහ – “හොතු දිට්ඨො මෙ උපායො, මයං ගහපතිපුත්තං උපසඞ්කමිත්වා ‘රහස්සං නාම කස්ස කථෙතුං වට්ටතී’ති පුච්ඡිස්සාම, සො ‘න කස්සචි කථෙතබ්බ’න්ති වක්ඛති. අථ නං ‘ගහපතිපුත්තො තෙ, දෙව, පච්චත්ථිකො ජාතො’ති පරිභින්දිස්සාමා”ති. තෙ චත්තාරොපි පණ්ඩිතා තස්ස ඝරං ගන්ත්වා පටිසන්ථාරං කත්වා “පණ්ඩිත, පඤ්හං පුච්ඡිතුකාමම්හා”ති වත්වා “පුච්ඡථා”ති වුත්තෙ සෙනකො පුච්ඡි “පණ්ඩිත, පුරිසෙන නාම කත්ථ පතිට්ඨාතබ්බ”න්ති? “සච්චෙ පතිට්ඨාතබ්බ”න්ති. “සච්චෙ පතිට්ඨිතෙන කිං උප්පාදෙතබ්බ”න්ති? “ධනං උප්පාදෙතබ්බ”න්ති. “ධනං උප්පාදෙත්වා කිං කාතබ්බ”න්ති? “මන්තො ගහෙතබ්බො”ති. “මන්තං ගහෙත්වා කිං කාතබ්බ”න්ති? “අත්තනො රහස්සං පරස්ස න කථෙතබ්බ”න්ති. තෙ “සාධු පණ්ඩිතා”ති වත්වා තුට්ඨමානසා හුත්වා “ඉදානි ගහපතිපුත්තස්ස පිට්ඨිං පස්සිස්සාමා”ති රඤ්ඤො සන්තිකං ගන්ත්වා “මහාරාජ, ගහපතිපුත්තො තෙ පච්චත්ථිකො ජාතො”ති වදිංසු. “නාහං තුම්හාකං වචනං සද්දහාමි, න සො මය්හං පච්චත්ථිකො භවිස්සතී”ති . සච්චං, මහාරාජ, සද්දහථ, අසද්දහන්තො පන තමෙව පුච්ඡථ “පණ්ඩිත, අත්තනො රහස්සං නාම කස්ස කථෙතබ්බ”න්ති? සචෙ පච්චත්ථිකො න භවිස්සති, “අසුකස්ස නාම කථෙතබ්බ”න්ති වක්ඛති. සචෙ පච්චත්ථිකො භවිස්සති, “කස්සචි න කථෙතබ්බං, මනොරථෙ පරිපුණ්ණෙ කථෙතබ්බ”න්ති වක්ඛති. තදා අම්හාකං වචනං සද්දහිත්වා නික්කඞ්ඛා භවෙය්යාථාති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා එකදිවසං සබ්බෙසු සමාගන්ත්වා නිසින්නෙසු වීසතිනිපාතෙ පඤ්චපණ්ඩිතපඤ්හෙ පඨමං ගාථමාහ –
නැවත ඒ සතරදෙනා, ගෘහපති පුත්‍රයා දැන් අපට වඩා ලොකු කෙනෙක් විය. කුමක් කරමුදැයි මන්ත්‍රණය කළහ. ඉක්බිති ඔවුන්ට සේනක මෙසේකීය. වේවා! මා විසින් උපායක් දකින ලදී. ගෘහපති පුත්‍රයා වෙත එළඹ රහසක් නම් කාහට කීම වටනේදැයි අසතෙමු. හෙතෙම කිසිවකුටත් එපායැයි කියයි. ඉක්බිති ඔහුට ගෘහපති පුත්‍රයා දේවයිනි, ඔබට සතුරෙක් උපන්නේය කියා රජුව භේද කරවන්නෙමියි කියා ඒ සතරදෙනා පණ්ඩිතයන්ගේ ගෙට ගොස් පිළිසඳර කථාකොට පණ්ඩිතයෙනි, අපි ප්‍රශ්නයක් අසනු කැමැත්තම්හයි කියා එසේනම් අසන්න යැයි කීකල්හි සේනක තෙමේ විචාළේය. පණ්ඩිතය, පුරුෂයකු විසින් වනාහි කොහි පිහිටිය යුතුද? සත්‍යයෙහි යැයි පිළිතුරු දුන්නේය. සත්‍යයෙහි පිහිටියහු විසින් කුමක් කළයුතුදැයි ඇසූවිට ධනය ඉපදවිය යුතුය. ධනය උපයා කුමක් කළ යුතුද? මන්ත්‍ර ලබාගත යුතුයි. එය ගෙන කුමක් කළ යුතුද? තමගේ රහසක් අනුන්ට නොකිය යුතුයැයි කීය. ඔවුහු යහපති පණ්ඩිතයෙනියි සතුටු සිතැත්තාහු වී දැන් ගෘහපති පුත්‍රයාගේ පිටුපස බලන්නෙමුයි රජු සමීපයට ගොස් මහරජතුමනි! ගෘහපති. පුත්‍රයා ඔබවහන්සේගේ සතුරෙක් වී යැයි කීහ. මම ඔබව විශ්වාස නොකරමි. ඔහු මාගේ සතුරෙක් නොවන්නේ යයි ප්‍රතික්ෂේප කළේය. ඉදින් මහරජතුමනි, විශ්වාස නොකරන්නේ නම් පණ්ඩිතයන්ගෙන් අසන්න. පණ්ඩිතය, තමාගේ රහසක් කාහට කිවයුතුදැයි ඇසීය. ඉදින් වනාහි සතුරෙක් නොවන්නේ නම් අසවලාට කිවයුතුයයි කියයි. ඉදින් වන්නේ නම් කිසිවකුටත් නොකිව යුතුයි. මනෝරථය පිරිපුන් කල්හි කිවයුතු වන්නේයැයි කියයි. එකල්හි අපව විශ්වාස කොට සැක දුරුකරගත් කෙනෙක් වන්න. හෙතෙම යහපතැයි පිළිතුරු දී එක් දිනක් සියළුදෙනාම රැස්ව සිටි කල්හි විසිවන නිපාතයෙහි පණ්ඩිතයන් පස්දෙනාගේ ප්රශ්නවල පළමු ගාථාව කීය.
“පඤ්ච පණ්ඩිතා සමාගතාත්ථ, පඤ්හා මෙ පටිභාති තං සුණාථ; නින්දියමත්ථං පසංසියං වා, කස්සෙවාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.315);
මෙහි පැමිණි පංච පණ්ඩිතවරුනි, මට වැටහෙන එක් ප්‍රශ්නයක් ඇත. එය අසවු. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කවරකුට හෙළිකළ යුත්තේදැයි වේදේහ රජු විමසීය.
එවං වුත්තෙ සෙනකො “රාජානම්පි අම්හාකංයෙව අබ්භන්තරෙ පක්ඛිපිස්සාමී”ති චින්තෙත්වා ඉමං ගාථමාහ –
මෙසේ කී කල්හි සේනක තෙමේ රජතුමාත් අපත් අතර මෙය තබන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“ත්වං ආවිකරොහි භූමිපාල, භත්තා භාරසහො තුවං වදෙතං; තව ඡන්දරුචීනි සම්මසිත්වා, අථ වක්ඛන්ති ජනින්ද පඤ්ච ධීරා”ති. (ජා· 1.15.316);
මහරජ! ඔබම අපට එය ප්‍රකාශ කරනු මැනවි. ඔබ අපගේ ස්වාමියාද බර උසුලන්නාද වෙයි. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
තත්ථ භත්තාති ත්වං අම්හාකං සාමිකො චෙව උප්පන්නස්ස ච භාරස්ස සහො, පඨමං තාව ත්වමෙව එතං වදෙහි. තව ඡන්දරුචීනීති පච්ඡා තව ඡන්දඤ්චෙව රුච්චනකාරණානි ච සම්මසිත්වා ඉමෙ පඤ්ච පණ්ඩිතා වක්ඛන්ති.
එහි භත්තා යනු ඔබ අපගේ ස්වාමියාද හටගත් බර උසුලන්නා ද වෙයි. පළමුව ඔබම මෙය කියව. තවඡන්දඤ්ච රුචිඤ්ච පසුව ඔබගේ කැමැත්තද රුචිවීමට කරුණු ද සම්මසිත්වා මේ පණ්ඩිතයෝ පස්දෙන කියත්.
අථ රාජා අත්තනො කිලෙසවසිකතාය ඉමං ගාථමාහ –
ඉක්බිති රජු තමන්ගේ කෙලෙස් වසඟතාවය ඇති බැවින් ගාථාව කීය.
“යා සීලවතී අනඤ්ඤථෙය්යා, භත්තුච්ඡන්දවසානුගා පියා මනාපා; නින්දියමත්ථං පසංසියං වා, භරියායාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.317);
යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්තද අනුන් වසඟයෙහි නොපවතීද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේද ප්‍රියමනාප වන්නීද එබඳු බිරිඳට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
තත්ථ අනඤ්ඤථෙය්යාති කිලෙසවසෙන අඤ්ඤෙන න ථෙනිතබ්බා.
එහි අනඤ්ඤධෙය්යා යනු කෙලෙස් වශයෙන් අනිකකු විසින් නොගත යුතුය යන අර්ථයි.
තතො සෙනකො “ඉදානි රාජානං අම්හාකං අබ්භන්තරෙ පක්ඛිපිම්හා”ති තුස්සිත්වා සයංකතකාරණමෙව දීපෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති සේනක තෙමේ රජු තමන් අතරට වැටුනේ යැයි සතුටුව තමන් විසින් කරන ලද කාරණයම දක්වමින් මේ ගාථාව කීය.
“යො කිච්ඡගතස්ස ආතුරස්ස, සරණං හොති ගතී පරායණඤ්ච; නින්දියමත්ථං පසංසියං වා, සඛිනොවාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.318);
යමෙක් දුකට පත් ආතුරයාට සරණ පිහිටවැ උපකාරීවැ පවතීද එබඳු මිත්‍රයාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
අථ රාජා පුක්කුසං පුච්ඡි “කථං, පුක්කුස, පස්සසි, නින්දියං වා පසංසියං වා රහස්සං කස්ස කථෙතබ්බ”න්ති? සො කථෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා පුක්කුසගෙන් විචාළේය. පුක්කුසය ඔබ මෙය කෙසේ දකින්නෙහිද? කාහට රහස කිවයුතුද? ඔහු මේ ගාථාව කීය.
“ජෙට්ඨො අථ මජ්ඣිමො කනිට්ඨො, යො චෙ සීලසමාහිතො ඨිතත්තො; නින්දියමත්ථං පසංසියං වා, භාතුවාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.319);
ඉදින් යමකු හට ජ්‍යෙෂ්ඨ හෝ මධ්‍යම හෝ කනිෂ්ඨ හෝ සොහොයුරෙක් වේද හේද මනාව ශීලයෙහි පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොයුරාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
තත්ථ ඨිතත්තොති ඨිතසභාවො නිබ්බිසෙවනො.
එහි ඨිතත්තො යනු ස්ථිර සිතැති.
තතො රාජා කාමින්දං පුච්ඡි “කථං කාමින්ද පස්සසි, රහස්සං කස්ස කථෙතබ්බ”න්ති? සො කථෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතෙමේ කාවින්දගෙන් විචාළේය. හේ මේ ගාථාව කීය.
“යො වෙ පිතුහදයස්ස පද්ධගූ, අනුජාතො පිතරං අනොමපඤ්ඤො; නින්දියමත්ථං පසංසියං වා, පුත්තස්සාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.320);
ඉදින් යමෙක් පියාගේ සිතට අනුව ක්‍රියා කරන්නේද මහත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේද, එබඳු පුතුට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
තත්ථ පද්ධගූති පෙසනකාරකො යො පිතුස්ස පෙසනං කරොති, පිතු චිත්තස්ස වසෙ වත්තති, ඔවාදක්ඛමො හොතීති අත්ථො. අනුජාතොති තයො පුත්තා අතිජාතො ච අනුජාතො ච අවජාතො චාති. අනුප්පන්නං යසං උප්පාදෙන්තො අතිජාතො, කුලභාරො අවජාතො, කුලපවෙණිරක්ඛකො පන අනුජාතො. තං සන්ධාය එවමාහ.
එහි විද්ධගූ යමෙක් මෙහෙකරන්නේ පියාට මෙහෙ කරයිද පියාගේ වසඟයෙහි පවතීද අවවාද ඉවසන්නේද වේ යන අර්ථයි. අනුජාතො යනු පුත්‍රයෝ තුන්දෙනෙකි. නූපන් යසස උපදවන්නේ අතිජාත පුත්‍රයාය. කුලයට කිලුටක්, කුලයට පස්සෙහි වූ ධනය විනාශ කරන්නේ අවජාතක පුත්‍රයාය. කුල පරපුර, ප්‍රවේණිය රකින්නා අනුජාත නම් වේ. ඒ ගැන මෙසේ කීය.
තතො රාජා දෙවින්දං පුච්ඡි – “කථං දෙවින්ද, පස්සසි, රහස්සං කස්ස කථෙතබ්බ”න්ති? සො අත්තනො කතකාරණමෙව කථෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති රජතුමා දේවින්දගෙන් ඇසීය. [missing trans] හෙතෙම මේ ගාථාව කීය.
“මාතා ද්විපදාජනින්දසෙට්ඨ, යා නං පොසෙති ඡන්දසා පියෙන; නින්දියමත්ථං පසංසියං වා, මාතුයාවිකරෙය්ය ගුය්හමත්ථ”න්ති. (ජා· 1.15.321);
දෙපා ඇත්තන්ට නායක මහරජ, යම් මවක් නොයෙන් ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නීද එබඳු මවට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේය.
තත්ථ ද්විපදාජනින්දසෙට්ඨාති ද්විපදානං සෙට්ඨ, ජනින්ද. ඡන්දසා පියෙනාති ඡන්දෙන චෙව පෙමෙන ච.
එහි දිපදා ජනින්ද සෙට්ඨො දෙපා ඇත්තන්ට ශ්‍රේෂ්ඨ වූ රජු ජන්දසා පියෙන කැමැත්තෙන් හා ප්‍රේමයෙන්
එවං තෙ පුච්ඡිත්වා රාජා පණ්ඩිතං පුච්ඡි “කථං පස්සසි, පණ්ඩිත, රහස්සං කස්ස කථෙතබ්බ”න්ති. “මහාරාජ, යාව අත්තනො ඉච්ඡිතං න නිප්ඵජ්ජති, තාව පණ්ඩිතො අධිවාසෙය්ය, කස්සචි න කථෙය්යා”ති සො ඉමං ගාථමාහ –
ඔවුහු අසා රජු පණ්ඩිතයන්ගෙන් ඇසීය. පණ්ඩිතයෙනි, කෙසේ දකින්නේද? ඔහු මේ ගාථාව ප්‍රකාශ කළේය.
“ගුය්හස්ස හි ගුය්හමෙව සාධු, න හි ගුය්හස්ස පසත්ථමාවිකම්මං; අනිප්ඵන්නතා සහෙය්ය ධීරො, නිප්ඵන්නොව යථාසුඛං භණෙය්යා”ති. (ජා· 1.15.322);
සැඟවිය යුතු දේ සැඟවීම මැ යහපත් වන්නේය. රහස හෙළිකිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්යය සිද්ධිය නොවේනම් එතෙක් රහස දරන්නේය. සිද්ධ වූ අර්ථ ඇත්තේ රිසි සේ කියන්නේය.
තත්ථ අනිප්ඵන්නතාති මහාරාජ, යාව අත්තනො ඉච්ඡිතං න නිප්ඵජ්ජති, තාව පණ්ඩිතො අධිවාසෙය්ය, න කස්සචි කථෙය්යාති.
එහි අනිප්ඵාදාය යනු මහරජ, යම්තාක් තමන්ගේ බලාපොරොත්තුව ඉටුවේද ඒතාක් පණ්ඩිතයා ඉවසන්නේය. කිසිවකුටත් නොකියන්නේය යන අර්ථයි.
පණ්ඩිතෙන පන එවං වුත්තෙ රාජා අනත්තමනො අහොසි. සෙනකො රාජානං ඔලොකෙසි, රාජාපි සෙනකමුඛං ඔලොකෙසි. බොධිසත්තො තෙසං කිරියං දිස්වාව ජානි “ඉමෙ චත්තාරො ජනා පඨමමෙව මං රඤ්ඤො අන්තරෙ පරිභින්දිංසු, වීමංසනවසෙන පඤ්හො පුච්ඡිතො භවිස්සතී”ති. තෙසං පන කථෙන්තානඤ්ඤෙව සූරියො අත්ථඞ්ගතො, දීපා ජලිතා. පණ්ඩිතො “රාජකම්මානි නාම භාරියානි, න පඤ්ඤායති ‘කිං භවිස්සතී’ති, ඛිප්පමෙව ගන්තුං වට්ටතී”ති උට්ඨායාසනා රාජානං වන්දිත්වා නික්ඛමිත්වා චින්තෙසි “ඉමෙසු එකො ‘සහායකස්ස කථෙතුං වට්ටතී’ති ආහ, එකො ‘භාතුස්ස, එකො පුත්තස්ස, එකො මාතු කථෙතුං වට්ටතී’ති ආහ. ඉමෙහි එතං කතමෙව භවිස්සති, දිට්ඨමෙව කථිතන්ති මඤ්ඤාමි, හොතු අජ්ජෙව එතං ජානිස්සාමී”ති. තෙ පන චත්තාරොපි අඤ්ඤෙසු දිවසෙසු රාජකුලා නික්ඛමිත්වා රාජනිවෙසනද්වාරෙ එකස්ස භත්තඅම්බණස්ස පිට්ඨෙ නිසීදිත්වා කිච්චකරණීයානි මන්තෙත්වා ඝරානි ගච්ඡන්ති. තස්මා පණ්ඩිතො “අහං එතෙසං චතුන්නං රහස්සං අම්බණස්ස හෙට්ඨා නිපජ්ජිත්වා ජානිතුං සක්කුණෙය්ය”න්ති චින්තෙත්වා තං අම්බණං උක්ඛිපාපෙත්වා අත්ථරණං අත්ථරාපෙත්වා අම්බණස්ස හෙට්ඨා පවිසිත්වා පුරිසානං සඤ්ඤං අදාසි “තුම්හෙ චතූසු පණ්ඩිතෙසු මන්තෙත්වා ගතෙසු ආගන්ත්වා මං ආනෙය්යාථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා පක්කමිංසු. සෙනකොපි රාජානං ආහ – “මහාරාජ, අම්හාකං වචනං න සද්දහථ, ඉදානි කිං කරිස්සථා”ති. සො තස්ස වචනං ගහෙත්වා අනිසාමෙත්වාව භීතතසිතො හුත්වා “ඉදානි කිං කරොම, සෙනක පණ්ඩිතා”ති පුච්ඡි. “මහාරාජ, පපඤ්චං අකත්වා කඤ්චි අජානාපෙත්වා ගහපතිපුත්තං මාරෙතුං වට්ටතී”ති. රාජා “සෙනක, ඨපෙත්වා තුම්හෙ අඤ්ඤො මම අත්ථකාමො නාම නත්ථි, තුම්හෙ අත්තනො සුහදෙ ගහෙත්වා ද්වාරන්තරෙ ඨත්වා ගහපතිපුත්තස්ස පාතොව උපට්ඨානං ආගච්ඡන්තස්ස ඛග්ගෙන සීසං ඡින්දථා”ති අත්තනො ඛග්ගරතනං අදාසි. තෙ “සාධු, දෙව, මා භායි, මයං තං මාරෙස්සාමා”ති වත්වා නික්ඛමිත්වා “දිට්ඨා නො පච්චාමිත්තස්ස පිට්ඨී”ති භත්තඅම්බණස්ස පිට්ඨෙ නිසීදිංසු. තතො සෙනකො ආහ “අම්භො, කො ගහපතිපුත්තං මාරෙස්සතී”ති. ඉතරෙ “තුම්හෙයෙව ආචරිය, මාරෙථා”ති තස්සෙව භාරං කරිංසු.
පණ්ඩිතයන් විසින් මෙසේ කීකල්හි රජතෙමේ සතුටට පත් නොවීය. ඉක්බිති සේනක රජුගේත් රජු සේනකගේත් මුහුණ බැලීය. බෝධිසත්ත්වයෝ ඔවුන්ගේ ක්‍රියාව දැකම දැන ගත්තේය. මේ සතරදෙනා පළමුවෙන්ම මා රජු සමග භේදකළහ. විමසීම් වශයෙන් ප්රශ්නය විචාරණ ලද්දේ වන්නේය. කියන්නා වූ ඔවුන්ගේ සූර්යයා බැස ගියේය. පහන් දල්වන ලදහ. පණ්ඩිතයෝ වනාහි රාජකාරිය බරපතල දෙයක් ලෙස නොසිතයි. කුමක් වන්නේද, වහා යා යුතුයයි අසුනින් නැගිට රජුට වැඳ නික්ම යන්නේ මෙසේ සිතීය. මොවුනතුරෙන් එක් අයෙක් (රහස) යාලුවාට කිව යුතුයැයි කියයි. එක් අයෙක් සහෝදරයාට, එක් අයෙක් පුත්‍රයාට, එක් අයෙක් මවට කියන්නට සුදුසුයයි කීහ. මොවුන් විසින් කියන ලද්දම වෙයි. දුටු දෙයම කියත්යැයි සිතමි. වේවා අදම මෙය දැනගන්නෙමියි අධිෂ්ඨාන කරගත්තේය. ඒ සතරදෙනා වනාහි වෙන දිනවල රජගෙදරින් නික්ම රජගෙදර දොරටුව ළඟ එක් බත්ඔරුවක්පිට හිඳගෙන කළයුතු කටයුතු සාකච්ඡා කොට තම නිවෙස්වලට යත්. ඒ නිසා පණ්ඩිතයෝ මම ද මොවුන්ගේ රහස මේ ඔරුව යට සැඟවී සිට දැනගත හැකියයි සිතා ඒ ඔරුව ඔසවා එහි ඇතිරිල්ලක් අතුරා ඔරුව යටට පිවිස පුරුෂයන්ට සංඥාවක් කළහ. තෙපි පණ්ඩිතයන් සතරදෙනා සාකච්ඡා කොට ගිය කල්හි අවුත් මා රැගෙන යව්. ඔවුහු එසේයැයි නික්ම ගියහ. සේනක තෙමේද රජුට මෙසේ කීය. මහරජතුමනි, ඔබවහන්සේ අපව විශ්වාස නොකරන්නාහ. දැන් කෙසේද, හෙතෙම භේදකාරීන්ගේ වචන පිළිගෙන ඇහුම්කන් නොදීම බිය වූයේ තැති ගත්තේ, සේනක පණ්ඩිතයිනි, දැන් කුමක් කරමුදැයි ඇසීය. මහරජ, ප්‍රමාද නොවී කිසිවක් නොදන්වා ගෘහපති පුත්‍රයාව මැරවිය යුතුය. සේනකය ඔබ හැර මට හිතවත් වෙන කෙනෙක් නැත. ඔබව තමන්ගේ මිත්‍රයන් ගෙන දොරටුව අතර සිට උදයෙන්ම රාජසේවයට එන්නා වූ ගෘහපති පුත්‍රයාගේ හිස කඩුවෙන් සිඳ දමව යැයි කියා තමන්ගේ මංගල කඩුව දුන්නේය. ඔවුහු දේවයන් වහන්ස, බිය නොවන්න. අපි ඔහුව මරන්නෙමුයි කියා නික්මගොස් අපේ සතුරා පිටුදැක්කෙමුයැයි ගොස් බත්ඔරුව මත්තේ හිඳගත්හ. ඉක්බිති සේනක තෙමේ මෙසේ කීය. අපගෙන් කවරෙක් ගෘහපති පුත්‍රයාට පහර දෙන්නේද? අනිත් අය ඇදුරුතුමනි, එය ඔබම කළයුතුයයි ඔහුටම පැවරූහ.
අථ නෙ සෙනකො පුච්ඡි “තුම්හෙ ‘රහස්සං නාම අසුකස්ස අසුකස්ස කථෙතබ්බ’න්ති වදථ, කිං වො එතං කතං, උදාහු දිට්ඨං සුත”න්ති? “කතං එතං, ආචරියා”ති. තුම්හෙ “රහස්සං නාම සහායකස්ස කථෙතබ්බ”න්ති වදථ, “කිං වො එතං කතං, උදාහු දිට්ඨං සුත”න්ති? “කතං එතං මයා”ති? “කථෙථ, ආචරියා”ති. “ඉමස්මිං රහස්සෙ රඤ්ඤා ඤාතෙ ජීවිතං මෙ නත්ථී”ති. “මා භායථ ආචරිය, ඉධ තුම්හාකං රහස්සභෙදකො නත්ථි, කථෙථා”ති. සො නඛෙන අම්බණං කොට්ටෙත්වා “අත්ථි නු ඛො ඉමස්ස හෙට්ඨා ගහපතිපුත්තො”ති ආහ. “ආචරිය, ගහපතිපුත්තො අත්තනො ඉස්සරියෙන එවරූපං ඨානං න පවිසිස්සති, ඉදානි යසෙන මත්තො භවිස්සති, කථෙථ තුම්හෙ”ති. සෙනකො තාව අත්තනො රහස්සං කථෙන්තො ආහ – “තුම්හෙ ඉමස්මිං නගරෙ අසුකං නාම වෙසිං ජානාථා”ති? “ආම, ආචරියා”ති. “ඉදානි සා පඤ්ඤායතී”ති. “න පඤ්ඤායති, ආචරියා”ති. “අහං සාලවනුය්යානෙ තාය සද්ධිං පුරිසකිච්චං කත්වා තස්සා පිළන්ධනෙසු ලොභෙන තං මාරෙත්වා තස්සායෙව සාටකෙන භණ්ඩිකං කත්වා ආහරිත්වා අම්හාකං ඝරෙ අසුකභූමිකාය අසුකෙ නාම ගබ්භෙ නාගදන්තකෙ ලග්ගෙසිං, වළඤ්ජෙතුං 3 විසහාමි, පුරාණභාවමස්ස ඔලොකෙමි, එවරූපං අපරාධකම්මං කත්වා මයා එකස්ස සහායකස්ස කථිතං, න තෙන කස්සචි කථිතපුබ්බං, ඉමිනා කාරණෙන ‘සහායකස්ස ගුය්හං කථෙතබ්බ’න්ති මයා කථිත”න්ති. පණ්ඩිතො තස්ස රහස්සං සාධුකං වවත්ථපෙත්වා සල්ලක්ඛෙසි.
ඉක්බිති සේනක තෙමේ ඇසීය. තෙපි රහස නම් අසවලාට අසවලාට කිව යුතුයයි කීවාහුය. කිම තොප මෙය කරන ලදද? එසේ නැතහොත් දකින ලදද, නැත්නම් අසන ලදද, ඇදුරුතුමනි, තිබේවා. තෙපි යම් රහසක් වේද එය මිත්‍රයාට කිව යුතුයයි කීහ. මෙය කෙසේද අපට මෙයින් කවර ප්‍රයෝජනයක්ද? ඇදුරුතුමනි කියන්න. මේ රහස රජු දැනගතහොත් මාගේ ජීවිතය නැතිවෙයි. ඇදුරුතුමනි, බිය නොවන්න. මෙහි ඔබගේ රහස් හෙළිකරන්නෙක් නැත. කියන ආචාරිනී, හෙතෙම තියෙන ඔරුවට තට්ටුකර මෙහි යට ගෘහපති පුත්‍රයා නෑ නොවේද? ආචාරීනි! ගෘහපති පුත්‍රයා තමන්ගේ ඉසුරෙන් මෙබඳු තැන්වලට නොපිවිසෙයි. දැන් ඔහු ප්‍රමාද වූවා වන්නේය. ඔබතුමා කියන්න. සේනක තෙමේ තමාගේ රහස කියන්නේ මෙසේ කීය. මේ නගරයේම අසවල් වෛශ්‍යාව දන්නහුද? එසේය ආචාරීනි. දැන් ඇය පෙනෙන්නට සිටීද? ආචාරීනි නැත. මම සල්උයනේ ඇය සමග පුරුෂකෘත්ය කොට ඇගේ පළඳනා කෙරෙහි ලොබින් ඇයව මරා ඇගේ සළුවෙන්ම පොට්ටනියක් කොට බැඳ ගෙනවුත් අපගේ ගෙදර අසවල් තැන අසවල් කාමරයේ නාගදත්තයේ (යමක් එල්ලීමට බිත්තියේ සවිකළ කොක්ක) එල්ලුවෙමි. පාවිච්චි කරන්නට නොහැකිය. එහි පැරණි බව බලමි. මෙබඳු වූද රාජාපරාධයක් කොට මා විසින් එක් මිත්‍රයකුට කියන ලදී. ඔහු විසින් කිසිවකුටත් නො කියන ලදී. මේ කාරණය නිසා මිත්‍රයාගේ රහසිගත බව කිව යුතුයයි මා විසින් කියන ලදී. පණ්ඩිතයෝ ඔහුගේ රහස මනාව නියම අයුරින් සැළකිල්ලට ගත්තේය.
පුක්කුසොපි අත්තනො රහස්සං කථෙන්තො ආහ – “මම ඌරුයා කුට්ඨං අත්ථි, කනිට්ඨො මෙ පාතොව කඤ්චි අජානාපෙත්වා තං ධොවිත්වා භෙසජ්ජෙන මක්ඛෙත්වා උපරි පිලොතිකං දත්වා බන්ධති. රාජා මයි මුදුචිත්තො ‘එහි පුක්කුසා’ති මං පක්කොසිත්‍වා යෙභුය්යෙන මම ඌරුයායෙව සයති , සචෙ පන එතං රාජා ජානෙය්ය, මං මාරෙය්ය. තං මම කනිට්ඨං ඨපෙත්වා අඤ්ඤො ජානන්තො නාම නත්ථි, තෙන කාරණෙන ‘රහස්සං නාම භාතු කථෙතබ්බ’න්ති මයා වුත්ත”න්ති. කාමින්දොපි අත්තනො රහස්සං කථෙන්තො ආහ – “මං කාළපක්ඛෙ උපොසථදිවසෙ නරදෙවො නාම යක්ඛො ගණ්හාති, අහං උම්මත්තකසුනඛො විය විරවාමි, ස්වාහං තමත්ථං පුත්තස්ස කථෙසිං. සො මම යක්ඛෙන ගහිතභාවං ඤත්වා මං අන්තොගෙහගබ්භෙ නිපජ්ජාපෙත්වා ද්වාරං පිදහිත්වා නික්ඛමිත්වා මම සද්දං පටිච්ඡාදනත්ථං ද්වාරෙ සමජ්ජං කාරෙසි, ඉමිනා කාරණෙන ‘රහස්සං නාම පුත්තස්ස කථෙතබ්බ’න්ති මයා වුත්ත”න්ති. තතො තයොපි දෙවින්දං පුච්ඡිංසු. සො අත්තනො රහස්සං කථෙන්තො ආහ – “මයා මණිපහංසනකම්මං කරොන්තෙන රඤ්ඤො සන්තකං සක්කෙන කුසරඤ්ඤො දින්නං, සිරිපවෙසනං මඞ්ගලමණිරතනං ථෙනෙත්වා මාතුයා දින්නං. සා කඤ්චි අජානාපෙත්වා මම රාජකුලං පවිසනකාලෙ තං මය්හං දෙති, අහං තෙන මණිනා සිරිං පවෙසෙත්වා රාජනිවෙසනං ගච්ඡාමි. රාජා තුම්හෙහි සද්ධිං අකථෙත්වා පඨමතරං මයා සද්ධිං කථෙසි. දෙවසිකං අට්ඨ, සොළස, ද්වත්තිංස, චතුසට්ඨි කහාපණෙ මම පරිබ්බයත්ථාය දෙති . සචෙ තස්ස මණිරතනස්ස ඡන්නභාවං රාජා ජානෙය්ය, මය්හං ජීවිතං නත්ථි, ඉමිනා කාරණෙන ‘රහස්සං නාම මාතු කථෙතබ්බ’න්ති මයා වුත්ත”න්ති.
පුක්කුස තෙමේ ද තමාගේ රහස කියන්නේ මගේ කලවයේ කුෂ්ටයක් ඇත. මාගේ බාල සොහොයුරා උදෑසනම කිසිවකුටත් නොදන්වා එය සෝදා බෙහෙත් ගල්වා ඒ මත්තෙහි රෙදිකඩකින් බඳියි. රජු මා කෙරෙහි ඇල්මෙන් පුක්කුස! එන්නයැයි මා කැඳවා බොහෝ සෙයින් මාගේ කලවා මත හිස තබා නිදයි. ඉදින් එය දන්නේ නම් මා මරන්නේය. මේ කාරණය මාගේ බාල සොහොයුරා හැරෙන්නට වෙන දන්නා කෙනෙක් නම් නැත. ඒ හේතුවෙන් රහසක් නම් සොයුරාට කිවයුතුයැයි මා විසින් ප්‍රකාශ කළේය. කාවින්දයාද තමාගේ රහස කියන්නේ මාසේ පෝය දවසට (කලුවර පෝය) නරදේව නම් වූ යක්ෂයෙක් මා අල්ලා ගනී. මම උමතු වූ සුනඛයෙක් මෙන් නාද කරමි. ඒ මම පුත්‍රයාට ඒ බව කීවෙමි. හෙතෙම මා යක්ෂයකු විසින් අල්ලාගත් බව දැනගෙන මා ඇතුල්ගෙයි බැඳහොවා දොර වසා නික්ම මාගේ හඬ නොඇසෙන සේ දොර ළඟ උත්සව පවත්වයි. මේ හේතුවෙන් රහසක් නම් තම පුත්‍රයාට කිව යුතුයැයි මා විසින් පවසන ලදී. ඉක්බිති තුන්දෙනා දේවින්දගෙන් ඇසූහ. ඔහුද තමාගේ රහස කියන්නේ මා විසින් මැණික් සොරකමක් කරන්නේ රජුට අයිති ශක්‍රයා විසින් කුස රජුට දෙන ලද වාසනාව ගෙනදෙන මංගල මාණික්‍ය රත්නය සොරකම් කොට මාගේ මවට දෙන ලදී. ඇය කිසිවකුටත් නොහඟවා මා රජගෙදරට පිවිසෙන කල්හි මට දෙන්නීය. මම ඒ මාණික්‍යයෙන් වාසනාව ලබා රජගෙදරට යමි. රජු නුඹලා සමග කථානොකර පළමුවෙන් ම මා සමග කථාකරයි. දිනපතාම කහවනු අටක්, සොළොසක්, තිස්දෙකක්, හැටහතරක් යනාදී ලෙස මවගේ වියදමට දෙයි. ඉදින් රජු ඒ මාණිකය රත්නය සැඟවුනු බව දන්නේ නම් මට මරණය වන්නේය. මේ හේතුවෙන් රහසක් නම් මවට කිවයුතුයැයි මා විසින් කියන ලදැයි කීය.
මහාසත්තො සබ්බෙසම්පි ගුය්හං අත්තනො පච්චක්ඛං අකාසි . තෙ පන අත්තනො උදරං ඵාලෙත්වා අන්තං බාහිරං කරොන්තා විය රහස්සං අඤ්ඤමඤ්ඤං කථෙත්වා “තුම්හෙ අප්පමත්තා පාතොව ආගච්ඡථ, ගහපතිපුත්තං මාරෙස්සාමා”ති උට්ඨාය පක්කමිංසු. තෙසං ගතකාලෙ පණ්ඩිතස්ස පුරිසා ආගන්ත්වා අම්බණං උක්ඛිපිත්වා මහාසත්තං ආදාය පක්කමිංසු. සො ඝරං ගන්ත්වා න්හත්වා අලඞ්කරිත්වා සුභොජනං භුඤ්ජිත්වා “අජ්ජ මෙ භගිනී උදුම්බරදෙවී රාජගෙහතො සාසනං පෙසෙස්සතී”ති ඤත්වා ද්වාරෙ පච්චායිකං පුරිසං ඨපෙසි “රාජගෙහතො ආගතං සීඝං පවෙසෙත්වා මම දස්සෙය්යාසී”ති. එවඤ්ච පන වත්වා සයනපිට්ඨෙ නිපජ්ජි. තස්මිං ඛණෙ රාජාපි සයනපිට්ඨෙ නිපන්නොව පණ්ඩිතස්ස ගුණං සරිත්වා “මහොසධපණ්ඩිතො සත්තවස්සිකකාලතො පට්ඨාය මං උපට්ඨහන්තො න කිඤ්චි මය්හං අනත්ථං අකාසි, දෙවතාය පුච්ඡිතපඤ්හෙපි පණ්ඩිතෙ අසති ජීවිතං මෙ ලද්ධං න සියා. වෙරිපච්චාමිත්තානං වචනං ගහෙත්වා ‘අසමධුරං පණ්ඩිතං මාරෙථා’ති ඛග්ගං දෙන්තෙන අයුත්තං මයා කතං, ස්වෙ දානි නං පස්සිතුං න ලභිස්සාමී”ති සොකං උප්පාදෙසි. සරීරතො සෙදා මුච්චිංසු. සො සොකසමප්පිතො චිත්තස්සාදං න ලභි. උදුම්බරදෙවීපි තෙන සද්ධිං එකසයනගතා තං ආකාරං දිස්වා “කිං නු ඛො මය්හං කොචි අපරාධො අත්ථි, උදාහු දෙවස්ස කිඤ්චි සොකකාරණං උප්පන්නං, පුච්ඡිස්සාමි තාව න”න්ති ඉමං ගාථමාහ –
මහා සත්ත්වයන් වහන්සේ සියල්ලන්ගේම රහස් අවබෝධ කර ගත්තේය. ඔවුහු වනාහි තමන්ගේ උදරය පලා අතුනුබහන් පිටතට අදින්නාක් මෙන් රහස් ඔවුනොවුන්ට කියා පමානොවී උදෑසනම එන්න. ගෘහපති පුත්‍රයාව මරන්නෙමුයි කියා අසුනින් නැගිට ගියහ. ඔවුන් ගිය කල්හි පුරුෂයෝ අවුත් ඔරුව ඔසවා මහාසත්ත්වයන් ගෙන ගියහ. ඔහු ස්නානයකොට සැරසී මනා ආහාර වළඳා අද මාගේ සොයුරිය උදුම්බරා දේවිය රජගෙදරින් මට පණිවිඩයක් එවන්නීයැයි දැන දොරටුව ළඟ විශ්වාස පුරුෂයකු තැබීය. රජගෙදරින් ආ තැනැත්තාව වහා ඇතුළට ගෙන මට පෙන්වන්නයැයි කීය. මෙසේද කියා සයනයේ හොත්තේය. ඒ මොහොතේ රජුද සයනය මත හුන්නේ පණ්ඩිතයන්ගේ ගුණ සිහිපත් කොට මහෞෂධ පණ්ඩිතයෝ සත්වයස් කාලයේ පටන් මට සේවය කරන්නේ මට කිසිදු අවැඩක් කළේ නැත. දේවතාවන් ප්‍රශ්න කළ අවස්ථාවේදී පණ්ඩිතයන් නොසිටින්න මාගේ ජීවිතයද නැතිවන්නට තිබුණි. වෛරී වූ සතුරන්ගේ වචන භාරගෙන අසම වූ පණ්ඩිතයන්ව මරව් යැයි කඩුව දෙන්නා වූ මා විසින් අයුත්තක් කරන ලදී. හෙට ඔහුව දකින්නට නොලැබෙයි කියා ශෝකයට පත්විය. ශරීරයෙන් දහඩිය නිකුත් විය. ශෝකයෙන් මැඩගන්නා ලද සිතෙහි පැහැදීමක් නොලැබීය. ඔහු සමග සයනයට ගිය උදුම්බරා දේවිය ඒ ස්වභාවය දැක මේ මොන අපරාධයක්ද? කිසි අපරාධයක් තිබේද? එසේ නැත්නම් රජුට ශෝකය ඇතිකරන වෙනත් කරුණක් ඇතිවීදැයි විචාරන්නී මේ ගාථාව කීය.
“කිං ත්වං විමනොසි රාජසෙට්ඨ, ද්විපදජනින්ද වචනං සුණොම මෙතං; කිං චින්තයමානො දුම්මනොසි, නූන දෙව අපරාධො අත්ථි මය්හ”න්ති. (ජා· 1.15.323);
මහරජ, ඔබගේ සිත් පෙරළියට හේතු කවරේද? කවර හෙයින් ඔබෙන් වචනයක් නොඅසම්ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද දේවයිනි. මාගෙන් වූ යම් අපරාධයක් හෝ ඇත්දැයි උදුම්බරා දේවි විචාළාය.
අථ රාජා කථෙන්තො ගාථමාහ –
ඉක්බිති රජු මේ ගාථාව කීය.
“පණ්හෙ වජ්ඣො මහොසධොති, ආණත්තො මෙ වමාය භූරිපඤ්ඤො; තං චින්තයමානො දුම්මනොස්මි, න හි දෙවී අපරාධො අත්ථි තුය්හ”න්ති. (ජා· 1.15.324);
මහා ප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිතයන් මැරිය යුතුයයි මා විසින් වධයට අණකරන ලද්දේය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය! ඔබ කළ අපරාධයක් නැතැයි රජතෙමේ කීය.
තත්ථ ආණත්තොති භද්දෙ, චත්තාරො පණ්ඩිතා “මහොසධො මම පච්චත්ථිකො”ති කථයිංසු. මයා තථතො අවිචිනිත්වා “වධෙථ න”න්ති භූරිපඤ්ඤො වධාය ආණත්තො. තං කාරණං චින්තයමානො දුම්මනොස්මීති.
එහි ආණත්තො යනු සොඳුර, පණ්ඩිතයෝ සතරදෙන මහෞෂධ පණ්ඩිතයන් මාගේ සතුරෙක් යැයි කීහ. මා විසින් ඇති තතු නොසොයා ඔහුව මරන්නයැයි මහා ප්රාඥයාව මරන්නට අණ කළෙමි. ඒ කාරණය සිතන මට සිතෙන්නේ මරණය සුදුසු පණ්ඩිතයන්ට නොව මට ය. ඒ නිසා අසතුටින් පසුවෙමියි කීය.
තස්සා තස්ස වචනං සුත්වාව මහාසත්තෙ සිනෙහෙන පබ්බතමත්තො සොකො උප්පජ්ජි. තතො සා චින්තෙසි “එකෙන උපායෙන රාජානං අස්සාසෙත්වා රඤ්ඤො නිද්දං ඔක්කමනකාලෙ මම කනිට්ඨස්ස සාසනං පහිණිස්සාමී”ති. අථ සා “මහාරාජ, තයාවෙතං කතං ගහපතිපුත්තං මහන්තෙ ඉස්සරියෙ පතිට්ඨාපෙන්තෙන, තුම්හෙහි සො සෙනාපතිට්ඨානෙ ඨපිතො, ඉදානි කිර සො තුම්හාකංයෙව පච්චත්ථිකො ජාතො, න ඛො පන පච්චත්ථිකො ඛුද්දකො නාම අත්ථි, මාරෙතබ්බොව, තුම්හෙ මා චින්තයිත්ථා”ති රාජානං අස්සාසෙසි. සො තනුභූතසොකො නිද්දං ඔක්කමි. දෙවී උට්ඨාය ගබ්භං පවිසිත්වා “තාත මහොසධ, චත්තාරො පණ්ඩිතා තං පරිභින්දිංසු, රාජා කුද්ධො ස්වෙ ද්වාරන්තරෙ තං වධාය ආණාපෙසි, ස්වෙ රාජකුලං මා ආගච්ඡෙය්යාසි, ආගච්ඡන්තො පන නගරං හත්ථගතං කත්වා සමත්ථො හුත්වා ආගච්ඡෙය්යාසී”ති පණ්ණං ලිඛිත්වා මොදකස්ස අන්තො පක්ඛිපිත්වා මොදකං සුත්තෙන වෙඨෙත්වා නවභාජනෙ කත්වා ඡාදෙත්වා ලඤ්ඡෙත්වා අත්ථචාරිකාය දාසියා අදාසි “ඉමං මොදකං ගහෙත්වා මම කනිට්ඨස්ස දෙහී”ති. සා තථා අකාසි. “රත්තිං කථං නික්ඛන්තා”ති න චින්තෙතබ්බං. රඤ්ඤා පඨමමෙව දෙවියා වරො දින්නො, තෙන න නං කොචි නිවාරෙසි. බොධිසත්තො පණ්ණාකාරං ගහෙත්වා නං උය්යොජෙසි. සා පුන ආගන්ත්වා දින්නභාවං ආරොචෙසි. තස්මිං ඛණෙ දෙවී ආගන්ත්වා රඤ්ඤා සද්ධිං නිපජ්ජි. මහාසත්තොපි මොදකං භින්දිත්වා පණ්ණං වාචෙත්වා තමත්ථං ඤත්වා කත්තබ්බකිච්චං විචාරෙත්වා සයනෙ නිපජ්ජි.
ඒ ප්‍රකාශය අසාම මහාසත්ත්වයන් කෙරෙහි පර්වතයක් බඳු මහා ශෝකයක් ඇය තුළ ඇතිවිය. ඕ තොමෝ මෙසේ සිතුවාය. එක් උපායකින් රජු අස්වසා රජු නින්දට වැටෙන කල්හි මාගේ බාල සොහොයුරාට පණිවිඩයක් යවමි. ඉක්බිති ඔහුට මහරජ, ඔබ විසින් මෙය කරන ලදී. ගෘහපති පුත්‍රයාව මහත් වූ සම්පත්තියෙහි පිහිටුවන්නා වූ ඔබ විසින් ස්නාපති තනතුරේ තබන ලදී. දැන් කිම ඔබගේ සතුරෙක් විය. සතුරා කුඩා වුවත් ඉවත්කළ යුතුයි. හෙතෙම ඔබ නොසිතන්නැයි රජු සනසාලීය. ඔහු තුනී වූ ශෝක ඇත්තේ නින්දට වැටුනේය. දේවිය නැගිට කාමරයට පිවිස මහෞෂධය, පණ්ඩිතයෝ සතරදෙන ඔහුව භේද කළහ. රජු කිපියේ හෙට දොරටුව ළඟදී ඔබව නසන්නට නියෝග කළේය. හෙට රජගෙදරට නොඑන්න. එන්නේ නම් නගරය අත්පත් කරගෙන දක්ෂයෙක්ව පැමිණෙතැයි පණිවිඩයක් ලියා රසකැවිල්ලක් ඒ තුළට දමා රසකැවිල්ල නූලකින් ඔතා අලුත් බඳුනක දමා වසා සලකුණු තබා මෙහෙවර කාන්තාවකට දුන්නේය. මේ රසකැවිල්ල ගෙන මාගේ බාල සොහොයුරාට දෙන්න. ඕ තොමෝ එසේ කළාය. රාත්‍රියේ කෙසේ නික්මෙන්නෙම්දැයි නොසිතන්න. රජු පළමුව දේවියට වරයක් දුන්නේය. ඒ නිසා ඇයව කිසිවකු වැළැක්වූයේ නැත. බෝධිසත්ත්වයන්ට පණිවිඩය ගෙන පිටත්කර හැරියාය. ඇය ගොස් දුන් බව පැවසීය. එකෙණෙහි දේවිය ගොස් රජු සමග නිදාගත්තාය. බෝධිසත්ත්වයෝද රසකැවිල්ල කඩා පණිවිඩය කියවා ඒ කාරණය දැනගෙන කටයුතු දේ විමසා සයනයෙහි හොත්තේය.
ඉතරෙපි චත්තාරො ජනා පාතොව ඛග්ගං ගහෙත්වා ද්වාරන්තරෙ ඨත්වා පණ්ඩිතං අපස්සන්තා දුම්මනා හුත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “කිං පණ්ඩිතා මාරිතො වො ගහපතිපුත්තො”ති වුත්තෙ “න පස්සාම, දෙවා”ති ආහංසු. මහාසත්තොපි අරුණුග්ගමනෙයෙව නගරං අත්තනො හත්ථගතං කත්වා තත්ථ තත්ථ ආරක්ඛං ඨපෙත්වා මහාජනපරිවුතො රථං ආරුය්හ මහන්තෙන පරිවාරෙන රාජද්වාරං අගමාසි. රාජා සීහපඤ්ජරං උග්ඝාටෙත්වා බහි ඔලොකෙන්තො අට්ඨාසි. අථ මහාසත්තො රථා ඔතරිත්වා රාජානං වන්දිත්වා අට්ඨාසි. රාජා තං දිස්වා චින්තෙසි “සචෙ අයං මම පච්චත්ථිකො භවෙය්ය , න මං වන්දෙය්යා”ති. අථ නං පක්කොසාපෙත්වා රාජා ආසනෙ නිසීදි. මහාසත්තොපි එකමන්තං නිසීදි. චත්තාරොපි පණ්ඩිතා තත්ථෙව නිසීදිංසු. අථ නං රාජා කිඤ්චි අජානන්තො විය “තාත, ත්වං හිය්යො ගන්ත්වා ඉදානි ආගච්ඡසි, කිං මං පරිච්චජසී”ති වත්වා ඉමං ගාථමාහ –
පණ්ඩිතවරු සතරදෙන උදැසනම කඩුව ගත් අත් ඇතිව දොරටුව ළඟ සිට පණ්ඩිතයන් නොදක්නාහු නොසතුටුව රජු සමීපයට ගොස් කිම පණ්ඩිතයෙනි! තොප ගෘහපති පුත්‍රයාව ඝාතනය කළහුදැයි කියා ඇසූ කල්හි දේවයන් වහන්ස, ඔහුව නොදකිමුයැයි කීහ. මහාසත්ත්වයෝ ද අරුණ නැගී එනවිටම නගරය තමන් සතු කරගෙන ඒ ඒ තැන ආරක්ෂාව තබා මහාජනයා පිරිවරාගෙන රථයකට නැගී මහ පිරිවරින් රජුගේ දොරටුව ළඟට ගියේය. රජු සීමැදුරු කවුළුව විවෘත කොට බලමින් සිටියේය. ඉක්බිති මහාසත්ත්වයෝ රථයෙන් බැස රජුට වැන්දේය. රජු සිතීය. ඉදින් මොහු මාගේ සතුරෙක් වන්නේ නම් මට වඳින්නේ නැත. ඉක්බිති ඔහුව කැඳවා රජු සයනයෙහි හිඳගත්තේය. මහාසත්ත්වයෝද ගොස් එකත්පසෙක හුන්නේත්ය. පණ්ඩිතයෝ සතරදෙන එහිම සිටියාහ. ඉක්බිති රජු කිසිවක් නොදන්නාක් මෙන් ඔහුට දරුව! ඔබ ඊයේ ගියෙහිය. දැන් එන්නෙහි. කුමක් නිසා මා අත්හළේදැයි කියා මේ ගාථාව කීය.
“අභිදොසගතො දානි එහිසි, කිං සුත්වා කිං සඞ්කතෙ මනො තෙ; කො තෙ කිමවොච භූරිපඤ්ඤ, ඉඞ්ඝ වචනං සුණොම බ්රූහි මෙත”න්ති. (ජා· 1.15.325);
මහා ප්‍රාඥය! ඊයේ ගියා වූ තෙපි දැන් එන්නහුය. කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේද? කවරෙක් තොපට කුමක් කීවේද? ඒකාන්තයෙන් ඒ වචනය මට කියව. එය අසන්නෙමියි වේදේහ රජු මහෞෂධ පඬිතුමාගෙන් ඇසීය.
තත්ථ අභිදොසගතොති හිය්යො පඨමයාමෙ ගතො ඉදානි ආගතො. කිං සඞ්කතෙති කිං ආසඞ්කතෙ. කිමවොචාති කිං රඤ්ඤො සන්තිකං මා ගමීති තං කොචි අවොච.
එහි අභිදො සගතො යනු ඊයේ පළමු යාමයේ ගියේය. කිමාසංකතෙ කුමක් සැක කරන්නේද? කිමවො ච යනු කුමක් නිසා රජු සමීපයට නොගියේද? එය කිසිවෙක් කීවේද?
අථ නං මහාසත්තො “මහාරාජ, තයා මෙ චතුන්නං පණ්ඩිතානං වචනං ගහෙත්වා වධො ආණත්තො, තෙනාහං න එමී”ති චොදෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති ඔහුට මහාසත්ත්වයෝ මහරජ, නුඹ විසින් පණ්ඩිතයන් සතරදෙනාගේ වචනය පිළිගෙන මා නසන්නට අණ කළේය. ඒ නිසා මම නොආවෙමි. චෝදනා කරමින් මේ ගාථාව කීය.
“පණ්හෙ වජ්ඣො මහොසධොති, යදි තෙ මන්තයිතං ජනින්ද දොසං; භරියාය රහොගතො අසංසි, ගුය්හං පාතුකතං සුතං මමෙත”න්ති. (ජා· 1.15.326);
මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතුයැයි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලදද රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළිකළ ඒ රහස මා විසින් අසන ලද්දේය.
තත්ථ යදි තෙති යස්මා තයා. මන්තයිතන්ති කථිතං. දොසන්ති අභිදොසං, රත්තිභාගෙති අත්ථො. කස්ස කථිතන්ති? භරියාය. ත්වඤ්හි හිය්යො තස්සා ඉමමත්ථං රහොගතො අසංසි. ගුය්හං පාතුකතන්ති තස්සා එවරූපං අත්තනො රහස්සං පාතුකතං. සුතං මමෙතන්ති මයා පනෙතං තස්මිං ඛණෙයෙව සුතං.
එහි යදිතෙ යම්හෙයකින් ඔබ විසින්. මන්තයිතං කියන ලදී. දොසං සවස-රාත්‍රී භාගයේ යන අර්ථයි. කවරකුට කියන ලදද. භරියාය ඔබ වනාහි ඇයට මේ කාරණය. රහොගතො අසංසි ගුය්හං පාතුකතං යම්සේ මෙබඳු තමන්ගේ රහස් ප්‍රකට කරන ලදී. සුතං මමෙතං මා විසින් වනාහි මෙය ඒ මොහොතේම අසන ලදී.
රාජා තං සුත්වා “ඉමාය තඞ්ඛණඤ්ඤෙව සාසනං පහිතං භවිස්සතී”ති කුද්ධො දෙවිං ඔලොකෙසි. තං ඤත්වා මහාසත්තො “කිං, දෙව, දෙවියා කුජ්ඣථ, අහං අතීතානාගතපච්චුප්පන්නං සබ්බං ජානාමි. දෙව, තුම්හාකං තාව රහස්සං දෙවියා කථිතං හොතු, ආචරියසෙනකස්ස පුක්කුසාදීනං වා රහස්සං මම කෙන කථිතං, අහං එතෙසම්පි රහස්සං ජානාමියෙවා”ති සෙනකස්ස තාව රහස්සං කථෙන්තො ඉමං ගාථමාහ –
රජතෙම එය අසා මැය විසින් එකෙණෙහිම පණිවිඩයක් එවන ලද්දේ වන්නේය. කිපුනේ දේවිය දෙස බැලීය. එය දැන මහාසත්ත්වයෝ, කිම දේවයන් වහන්ස! දේවියට කිපෙන්නෙහිද? මම අතීත, වර්තමාන, අනාගත සියල්ල දනිමි. දේවයන් වහන්ස, ඔබවහන්සේගේ රහස මට දේවිය කියන්නට ඇතැයි සිතේවා! ආචරිය සේනක පුක්කුස ආදීන්ගේ රහස් මට කවරකු විසින් කියන ලදද? මම මොවුන්ගේද රහස් දනිමියි පළමුව සේනකගේ රහස කියමින් මේ ගාථාව කීය.
“යං සාලවනස්මිං සෙනකො, පාපකම්මං අකාසි අසබ්භිරූපං; සඛිනොව රහොගතො අසංසි, ගුය්හං පාතුකතං සුතං මමෙත”න්ති. (ජා· 1.15.327);
සේනක තෙමේ සල් උයනේ සිට යම් ලාමක වූ පාපකර්මයක් කළේද, එය මිත්‍රයකුට කීවේය. ඒ හෙළිකළ රහස මා විසින් අසන ලදී.
තත්ථ අසබ්භිරූපන්ති අසාධුජාතිකං ලාමකං අකුසලකම්මං අකාසි. ඉමස්මිංයෙව හි නගරෙ අසුකං නාම වෙසිං සාලවනුය්යානෙ පුරිසකිච්චං කත්වා තං මාරෙත්වා අලඞ්කාරං ගහෙත්වා තස්සායෙව සාටකෙන භණ්ඩිකං කත්වා අත්තනො ඝරෙ අසුකට්ඨානෙ නාගදන්තකෙ ලග්ගෙත්වා ඨපෙසි. සඛිනොවාති අථ නං, මහාරාජ, එකස්ස සහායකස්ස රහොගතො හුත්වා අක්ඛාසි, තම්පි මයා සුතං. නාහං දෙවස්ස පච්චත්ථිකො, සෙනකොයෙව. යදි තෙ පච්චත්ථිකෙන කම්මං අත්ථි, සෙනකං ගණ්හාපෙහීති.
එහි අසබ්භිරූපං යනු යහපත් නොවූ ලාමක වූ අකුසල කර්මයක් කරන ලදී. මේ නගරයේම අසවල් නම් ඇති වෛශ්‍යාව සල් උයනේදී මරා ආභරණ රැගෙන ඇගේම සලුවෙන් පොට්ටනියක් කොට බැඳ තමන්ගේ ගෘහයෙහි අසවල් තැන තැබුයේය. සඛිනො වා ඉක්බිති ඔහුට මහරජ, එක් මිත්‍රයකුට රහසිගතව සිට කීවේය. එය ද මා විසින් අසන ලදී. මම දේවයන් වහන්සේගේ සතුරෙක් නොවේ. සේනකයා සතුරාය. ඉදින් ඔබවහන්සේට සතුරාගෙන් වැඩක් ඇත්නම් සේනකයාව අල්ලා ගන්න.
රාජා සෙනකං ඔලොකෙත්වා “සච්චං, සෙනකා”ති පුච්ඡිත්වා “සච්චං, දෙවා”ති වුත්තෙ තස්ස බන්ධනාගාරප්පවෙසනං ආණාපෙසි. පණ්ඩිතො පුක්කුසස්ස රහස්සං කථෙන්තො ඉමං ගාථමාහ –
රජු සේනක දෙස බලා ඇත්තදැයි අසා දේවයිනි, ඇත්තයි කියා කී කල්හි ඔහුව බන්ධනාගාරයට යවන ලෙස අණ කළේය. පණ්ඩිතයෝ පුක්කුසගේ රහස කියන්නේ මේ ගාථාව කීය.
“පුක්කුසපුරිසස්ස තෙ ජනින්ද, උප්පන්නො රොගො අරාජයුත්තො; භාතුච්ච රහොගතො අසංසි, ගුය්හං පාතුකතං සුතං මමෙත”න්ති. (ජා· 1.15.328);
මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජ පුරුෂයාට රජුන් විසින් ළං නොවිය යුතු රෝගයෙක් උපන. හේ රහසිගතව සොහොයුරාට කීය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
තත්ථ අරාජයුත්තොති මහාරාජ, එතස්ස කුට්ඨරොගො උප්පන්නො, සො රාජානං පත්තුං අයුත්තො, ඡුපනානුච්ඡවිකො න හොති. තුම්හෙ ච “පුක්කුසස්ස ඌරු මුදුකො”ති යෙභුය්යෙන තස්ස ඌරුම්හි නිපජ්ජථ. සො පනෙස වණබන්ධපිලොතිකාය ඵස්සො, දෙවාති.
එහි අරාජයුත්තො යනු මහරජ, මොහුට කුෂ්ට රෝගයක් සෑදින. හේ ඔහු ළඟට රජු නොයා යුතුය. ස්පර්ශ නොකළ යුතුය. ඔබවහන්සේද පුක්කුසගේ දෙවටොර මොලොක්යැයි බොහෝසෙයින් ඔහුගේම වටොර මත හොවින්නේය. ඔහු වනාහි ඇස් බඳින රෙදිකඩකින් ස්පර්ශ ලද්දේය.
රාජා තම්පි ඔලොකෙත්වා “සච්චං පුක්කුසා”ති පුච්ඡිත්වා “සච්චං දෙවා”ති වුත්තෙ තම්පි බන්ධනාගාරං පවෙසාපෙසි. පණ්ඩිතො කාමින්දස්සපි රහස්සං කථෙන්තො ඉමං ගාථමාහ –
රජු ඔහුවද බලා සත්‍යදැයි අසන ලදුව එසේය දේවයන් වහන්ස යැයි කී කල්හි ඔහුවද බන්ධනාගාරයට පිටත්කර හැරියේය.
“ආබාධොයං අසබ්භිරූපො, කාමින්දො නරදෙවෙන ඵුට්ඨො; පුත්තස්ස රහොගතො අසංසි, ගුය්හං පාතුකතං සුතං මමෙත”න්ති. (ජා· 1.15.329);
පණ්ඩිතයෝ කාවින්දයන්ගේ රහස හෙළි කරන්නේ, කාවින්දයා නරදේව නම් යක්ෂයෙකු විසින් ස්පර්ශ කරන ලද්දේය. මේ ආබාධය යෝග්‍ය නොවන ස්වභාව ඇත්තේය. හේ එය රහසිගතව පුත්‍රයාට කීවේය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
තත්ථ අසබ්භිරූපොති යෙන සො ආබාධෙන ඵුට්ඨො උම්මත්තකසුනඛො විය විරවති, සො නරදෙවයක්ඛාබාධො අසබ්භිජාතිකො ලාමකො, රාජකුලං පවිසිතුං න යුත්තො, මහාරාජාති වදති.
එහි අසබ්භිරූපො හෙතෙම යම් ආබාධයකින් ස්පර්ශ කරන ලද්දේ උමතු වූ සුනඛයකු මෙන් කෑගසයි. ඒ නරදේව යක්ෂාබාධය අසභ්‍ය ස්වරූපීය. ලාමකය. මහරජතුමනි, එයින් ස්පර්ශ වූ තැනැත්තා රජගෙදරට පිවිසීමට සුදුසු නැත.
රාජා තම්පි ඔලොකෙත්වා “සච්චං කාමින්දා”ති පුච්ඡිත්වා “සච්චං දෙවා”ති වුත්තෙ තම්පි බන්ධනාගාරං පවෙසාපෙසි. පණ්ඩිතො දෙවින්දස්සපි රහස්සං කථෙන්තො ඉමං ගාථමාහ –
රජු කාවින්දය, එය සත්‍යදැයි අසා සත්‍යයයි කීකල්හි ඔහුවද බන්ධනාගාරයට යවන ලදී. පණ්ඩිතයෝ දේවින්දගේ රහස කියන්නේ මේ ගාථාව කීය.
“අට්ඨවඞ්කං මණිරතනං උළාරං, සක්කො තෙ අදදා පිතාමහස්ස; දෙවින්දස්ස ගතං තදජ්ජ හත්ථං, මාතුච්ච රහොගතො අසංසි; ගුය්හං පාතුකතං සුතං මමෙත”න්ති. (ජා· 1.15.330);
සක්දෙව් රජ ඔබගේ මීමුත්තණුවන්ට මහගු අෂ්ටවංක මාණික්‍යය දුන්නේය. ඒ මිණිරුවන දැන් දේවින්දයා අතට පත්ව ඇත. හේ ඒ බව මවට රහසේ කීය. රහස හෙළිකිරීම මා විසින් අසන ලදී.
තත්ථ පිතාමහස්සාති තව පිතාමහස්ස කුසරාජස්ස. තදජ්ජ හත්ථන්ති තං මඞ්ගලසම්මතං මණිරතනං අජ්ජ දෙවින්දස්ස හත්ථගතං, මහාරාජාති.
එහි පිතාමහස්ස ඔබගේ මීමුත්තා වූ කුසරජුගේ. තදජ්ජහත්ථං ඒ මංගල සම්මත වූ මාණික්‍ය රත්නය අද දේවින්දගේ අතට පත්ව ඇත, මහරජතුමනි.
රාජා තම්පි ඔලොකෙත්වා “සච්චං දෙවින්දා”ති පුච්ඡිත්වා “සච්චං දෙවා”ති වුත්තෙ තම්පි බන්ධනාගාරං පවෙසාපෙසි. එවං “බොධිසත්තං වධිස්සාමා”ති චින්තෙත්වා සබ්බෙපි තෙ බන්ධනාගාරං පවිට්ඨා. බොධිසත්තො “මහාරාජ, ඉමිනා කාරණෙනාහං ‘අත්තනො ගුය්හං පරස්ස න කථෙතබ්බ’න්ති වදාමි, වදන්තා පන මහාවිනාසං පත්තා”ති වත්වා උත්තරි ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
රජු එයද සත්‍යදැයි අසා සත්‍යයැයි කී කල්හි ඔහුවද බන්ධනාගාරයට යැවීය. මෙසේ බෝධිසත්ත්වයන් මරන්නෙමුයයි කියූ උන් සියල්ලෝම බන්ධනාගාරයට පිවිසියාහ. බෝධිසත්ත්වයෝ ද මේ හේතුවෙන් මම තමන්ගේ රහස අනුන්ට නොකිව යුතුයයි කියමි. රහස කිවයුතුයැයි ප්‍රකාශ කළ අය මහා විපතකට පත්වී ඇතැයි කියා මත්තෙහි ධර්මදේශනා කරන්නේ මේ ගාථාවන් ප්‍රකාශ කළහ.
“ගුය්හස්ස හි ගුය්හමෙව සාධු, න ගුය්හස්ස පසත්ථමාවිකම්මං; අනිප්ඵන්නතා සහෙය්ය ධීරො, නිප්ඵන්නොව යථාසුඛං භණෙය්ය.
සැඟවිය යුත්ත සැඟවීම ම මැනවි. රහස හෙළිකිරීම ප්රශස්ත නොවේ. නුවණැත්තේ කාර්ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේය. කාර්ය සංසිද්ධියෙන් පසුව රිසි සේ කියන්නේය.
“න ගුය්හමත්ථං විවරෙය්ය, රක්ඛෙය්ය නං යථා නිධිං; න හි පාතුකතො සාධු, ගුය්හො අත්ථො පජානතා.
සැඟවිය යුත්ත හෙළි නොකටයුත්තේය. එදා නිධානයක් සේ ආරක්ෂා කළ යුතුයි. නුවණැත්තහු විසින් රහස් හෙළිකිරීම උචිත නොවේ.
“ථියා ගුය්හං න සංසෙය්ය, අමිත්තස්ස ච පණ්ඩිතො; යො චාමිසෙන සංහීරො, හදයත්ථෙනො ච යො නරො.
නුවණැත්තා ස්ත්රියටද හතුරාටද යමෙක් ආමිෂ හේතුවෙන් පෙළඹේනම් ඔහුටද කෛරාටික සිතැත්තාටද (රහස් හෙළි නොකරන්නේය.)
“ගුය්හමත්ථං අසම්බුද්ධං, සම්බොධයති යො නරො; මන්තභෙදභයා තස්ස, දාසභූතො තිතික්ඛති.
යම් මිනිසෙක් අනුන් විසින් නොදතයුතු රහසක් (යමකුට) කීයේ නම් රහස් හෙළිවේය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.
“යාවන්තො පුරිසස්සත්ථං, ගුය්හං ජානන්ති මන්තිනං; තාවන්තො තස්ස උබ්බෙගා, තස්මා ගුය්හං න විස්සජෙ.
මන්ත්‍රණය කළවුන් අතර යම්තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද ඔහුට එපමණ තැති ගැනුම් ඇතිවේ. ඒ නිසා රහස නොහළ යුත්තේය. හෙළි නොකළ යුත්තේය.
“විවිච්ච භාසෙය්ය දිවා රහස්සං, රත්තිං ගිරං නාතිවෙලං පමුඤ්චෙ; උපස්සුතිකා හි සුණන්ති මන්තං, තස්මා මන්තො ඛිප්පමුපෙති භෙද”න්ති. (ජා· 1.15.331-336);
රහස දවල් කාලයෙහි විවේකවැ කිය යුත්තේය. රැයෙහි සීමාව ඉක්මවූ වචන නොකියන්නේය. අසල සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.
තත්ථ අමිත්තස්ස චාති ඉත්ථියා ච පච්චත්ථිකස්ස ච න කථෙය්ය. සංහීරොති යො ච යෙන කෙනචි ආමිසෙන සංහීරති උපලාපති සඞ්ගහං ගච්ඡති, තස්සපි න සංසෙය්ය. හදයත්ථෙනොති යො ච අමිත්තො මිත්තපතිරූපකො මුඛෙන අඤ්ඤං කථෙති, හදයෙන අඤ්ඤං චින්තෙති, තස්සපි න සංසෙය්ය. අසම්බුද්ධන්ති පරෙහි අඤ්ඤාතං. “අසම්බොධ”න්තිපි පාඨො, පරෙසං බොධෙතුං අයුත්තන්ති අත්ථො. තිතික්ඛතීති තස්ස අක්කොසම්පි පරිභාසම්පි පහාරම්පි දාසො විය හුත්වා අධිවාසෙති. මන්තිනන්ති මන්තිතං, මන්තීනං වා අන්තරෙ යාවන්තො ජානන්තීති අත්ථො. තාවන්තොති තෙ ගුය්හජානනකෙ පටිච්ච තත්තකා තස්ස උබ්බෙගා සන්තාසා උප්පජ්ජන්ති. න විස්සජෙති න විස්සජ්ජෙය්ය පරං න ජානාපෙය්ය. විවිච්චාති සචෙ දිවා රහස්සං මන්තෙතුකාමො හොති, විවිත්තං ඔකාසං කාරෙත්වා සුප්පටිච්ඡන්නට්ඨානෙ මන්තෙය්ය. නාතිවෙලන්ති රත්තිං රහස්සං කථෙන්තො පන අතිවෙලං මරියාදාතික්කන්තං මහාසද්දං කරොන්තො ගිරං නප්පමුඤ්චෙය්ය. උපස්සුතිකා හීති මන්තනට්ඨානං උපගන්ත්වා තිරොකුට්ටාදීසු ඨත්වා සොතාරො. තස්මාති මහාරාජ, තෙන කාරණෙන සො මන්තො ඛිප්පමෙව භෙදමුපාගමීති.
එහි අමිත්තස්සවා ස්ත්‍රියට හෝ විරසක ස්ත්රියටද නොකියන්නේය. සංහිරො යම්කෙනෙක් කිසියම් ආමිෂයකින් සංග්‍රහ කරයි. පොළඹවා ගැනීම කරයි. ඔහුවද ඇසුරු නොකරන්නේය. හදයත්ථෙන යමෙක් මිත්‍ර නොවේද, මිත්‍ර ප්රතිරූපකද මුවෙන් එකක් කියයි. හදවතින් වෙනකක් සිතයි. ඔහුවද ඇසුරු නොකරන්නේය. අසම්බුද්ධං අනුන් විසින් දැන නොගත්. අසම්බොධං කියා ද පාඨයකි. අනුන්ට අවබෝධ කරන්නට යෝග්‍ය නොවේ යන අර්ථයි. තිතික්ඛති ඔහුගේ ආක්රෝශයද පරිහාසයද පහරදීමද දාසයෙක් මෙන් වී ඉවසයි. විඳ දරාගනියි. මන්තිනං මන්ත්‍රණය කළවුන් අතරේ ඉන්නේ, ඔහුව මන්ත්‍රණය කරන්නන් දන්නේ යන අර්ථයි. තාවන්තො ඔව්හු රහස දන්නවුන් නිසා එපමණ තැතිගැනුම් සංත්රාසය ඇතිවේ. නවිස්සජෙ හෙළිනොකළ යුත්තේය. අනුන්ට නොදන්වන්නේය. විවිච්ච යනු ඉදින් දවල් රහස සාකච්ඡා කරනු කැමැත්තේ වෙයි. වෙන්ව අවස්ථාව සළසාගෙන ආවරණය නොවූ තැනක මන්ත්‍රණය කළ යුතුයි. නාතිවෙලං රාත්‍රියෙහි රහස කියන්නහු වනාහි බොහෝ වේලාවක් සීමාව ඉක්මවාගිය මහා හඬින් වචන පිටනොකළ යුතුයි. උපස්සුතිකා මන්ත්‍රණය කරන තැනට ගොස් ගෙයිමුළු ආදියේ සිට අසන්නෝ වෙත්. තස්මා මහරජ, ඒ කාරණය නිසා ඒ මන්ත්‍රණය වහා බිඳී යන්නේය.
රාජා මහාසත්තස්ස කථං සුත්වා “එතෙ සයං රාජවෙරිනො හුත්වා පණ්ඩිතං මම වෙරිං කරොන්තී”ති කුජ්ඣිත්වා “ගච්ඡථ නෙ නගරා නික්ඛමාපෙත්වා සූලෙසු වා උත්තාසෙථ, සීසානි වා තෙසං ඡින්දථා”ති ආණාපෙසි. තෙසු පච්ඡාබාහං බන්ධිත්වා චතුක්කෙ චතුක්කෙ කසාහි පහාරසහස්සං දත්වා නීයමානෙසු පණ්ඩිතො “දෙව, ඉමෙ තුම්හාකං පොරාණකා අමච්චා, ඛමථ නෙසං අපරාධ”න්ති රාජානං ඛමාපෙසි. රාජා තස්ස වචනං සුත්වා “සාධූ”ති තෙ පක්කොසාපෙත්වා තස්සෙව දාසෙ කත්වා අදාසි. සො පන තෙ තත්ථෙව භුජිස්සෙ අකාසි. රාජා “තෙන හි මම විජිතෙ මා වසන්තූ”ති පබ්බාජනීයකම්මං ආණාපෙසි. පණ්ඩිතො “ඛමථ, දෙව, එතෙසං අන්ධබාලානං දොස”න්ති ඛමාපෙත්වා තෙසං ඨානන්තරානි පුන පාකතිකානි කාරෙසි. රාජා “පච්චාමිත්තෙසුපි තාවස්ස එවරූපා මෙත්තා භවති, අඤ්ඤෙසු ජනෙසු කථං න භවිස්සතී”ති පණ්ඩිතස්ස අතිවිය පසන්නො අහොසි. තතො පට්ඨාය චත්තාරො පණ්ඩිතා උද්ධතදාඨා විය සප්පා නිබ්බිසා හුත්වා කිඤ්චි කථෙතුං නාසක්ඛිංසු.
රජතුමා මහා සත්ත්වයන්ගේ කථාව අසා මොව්හු තමන්ම රජුගේ වෛරකාරයන් බවට පත්ව මාගේ පණ්ඩිතයන්ට වෛර කරයි කියා කිපී යව්, ඔවුන් නගරයෙන් පිටකර උල්වල හිඳවව්. නැතහොත් හිස් ගසා දමවු යැයි අණ කළේය. ඔවුන් පසුපසට අත්බැඳ සතර සතර බැගින් පහර සියයක් දී ගෙනයන කල්හි පණ්ඩිතයෝ, දේවයන් වහන්ස! මොව්හු ඔබවහන්සේගේ පැරණි ඇමැතිවරුය. ඔවුන්ගේ වරදට සමාව දෙන්න යැයි රජුට කීය. රජු යහපතැයි කැඳවා ඔහුගේම දාසයන් කොට දුන්නේය. හෙතෙම ඔවුන් එහිම සේවකයන් කළේය. රජු එසේනම් මාගේ රාජ්‍යයෙහි වාසය නොකරත්වායි රටින් පිටුවහල් කිරීමට නියෝග කළේය. පණ්ඩිතයෝ, දේවයන් වහන්ස, මේ අන්ධ බාලයන්ට සමාව දෙන්නයැයි සමා කරවා ඔවුන් තනතුරු පෙර පැවැති පරිදිම ලබා දුන්නේය. රජු මෙසේ සිතීය. තම සතුරන් කෙරෙහි මොහුගේ මෛත්‍රී භාවනාව මෙබඳු නම් අන් අය කෙරෙහි කෙබඳු වන්නේ ද කියා පණ්ඩිතයන් කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත්විය. එතැන් පටන් පණ්ඩිතයෝ සතරදෙන දළ ගැලවූ සර්පයන් මෙන් බලරහිතව කිසිවක් කියන්නට අපොහොසත් වූහ.
පඤ්චපණ්ඩිතපඤ්හො නිට්ඨිතො.
පණ්ඩිතයන් පස්දෙනාගේ ප්රශ්නය නිමියේ ය.
නිට්ඨිතා ච පරිභින්දකථා.