යෙදුමෙන් කියවන්න

දෙවතාපඤ‍්හො අට‍්ඨකථා

දෙවතාපඤ‍්හො

දේවතා ප්‍රශ්නය

එවං වුත‍්තෙ රාජා මහාසත‍්තං සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා සයං නීචාසනෙ නිසීදිත්‍වා ආහ – “පණ‍්ඩිත, සෙතච‍්ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා මං චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි, තෙ අහං න ජානාමි. චත‍්තාරොපි පණ‍්ඩිතා න ජානිංසු, කථෙහි මෙ, තාත, තෙ පඤ‍්හෙ”ති. මහාරාජ, ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා වා හොතු, චාතුමහාරාජිකාදයො වා හොන‍්තු, යෙන කෙනචි පුච‍්ඡිතපඤ‍්හං අහං කථෙතුං සක‍්කොමි. වද, මහාරාජ, දෙවතාය පුච‍්ඡිතපඤ‍්හෙති. අථ රාජා දෙවතාය පුච‍්ඡිතනියාමෙනෙව කථෙන‍්තො පඨමං ගාථමාහ –

මෙසේ කී කල්හි රජතුමා මහාසත්ත්වයන්ව ඔසවන ලද සේසත් ඇති සිංහාසනයේ වඩා හිඳුවා තමා පහත් අසුනක වාඩි වී මෙසේ කීය. පණ්ඩිතය, සේසතෙහි නතර වී සිටින දේවතාවා මගෙන් ප්‍රශ්න සතරක් ඇසීය. මම ඒ නිසා පණ්ඩිතයන්ගෙන් අසා බැලීමි. පණ්ඩිතයෝ සතරදෙන නොදත්හ. දරුව! මට ඒ ප්‍රශ්න කියන්න. මහරජ, සේසතේ සිටින දේවතාවා හෝ වේවා, චාතුම්මහාරාජිකාදීහු හෝ වෙත්වා. කවර ලෙසකින් හෝ අසන ලද ප්‍රශ්නය කියන්නෙමි. මහරජතුමනි, දෙවියන් විසින් අසන ලද ප්‍රශ්න කියන්න. රජු දේවතාවා විසින් අසන ලද ආකාරයෙන්ම කියන්නේ පළමු ගාථාව කීය.

“හන‍්ති හත්‍ථෙහි පාදෙහි, මුඛඤ‍්ච පරිසුම‍්භති; ස වෙ රාජ පියො හොති, කං තෙන ත්‍වාභිපස‍්සසී”ති. (ජා· 1.4.197);

යමෙක් අත්පාවලින් ගසයිද මුහුණටත් අනියිද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක්ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහිද?

තත්‍ථ හන‍්තීති පහරති. පරිසුම‍්භතීති පහරතියෙව. ස වෙති සො එවං කරොන‍්තො පියො හොති. කං තෙන ත්‍වාභිපස‍්සසීති තෙන පහරණකාරණෙන පියං කතමං පුග‍්ගලං ත්‍වං, රාජ, අභිපස‍්සසීති.

හන්ති පහරදෙයි. පරිසුම්භති පහරදෙයි. සචෙ යනු හෙතෙම මෙසේ කරන්නේ ප්‍රිය වෙයි. කංතෙන මභිපස්සසී ඒ කාරණයෙන් පියවන්නා වූ කවර පුද්ගලයෙක් රජතුමනි! ඔබ දකින්නෙහිද? මෙසේ දේවතාවා ඒ ප්‍රශ්නය විචාළේය. මේ එහි අර්ථයයි.

මහාසත‍්තස‍්ස තං කථං සුත්‍වාව ගගනතලෙ පුණ‍්ණචන්‍දො විය අත්‍ථො පාකටො අහොසි. අථ මහාසත‍්තො “සුණ, මහාරාජ, යදා හි මාතුඅඞ‍්කෙ නිපන‍්නො දහරකුමාරො හට‍්ඨතුට‍්ඨො කීළන‍්තො මාතරං හත්‍ථපාදෙහි පහරති, කෙසෙ ලුඤ‍්චති, මුට‍්ඨිනා මුඛං පහරති, තදා නං මාතා ‘චොරපුත‍්තක, කථං ත්‍වං නො එවං පහරසී’තිආදීනි පෙමසිනෙහවසෙනෙව වත්‍වා පෙමං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී ආලිඞ‍්ගිත්‍වා ථනන‍්තරෙ නිපජ‍්ජාපෙත්‍වා මුඛං පරිචුම‍්බති. ඉති සො තස‍්සා එවරූපෙ කාලෙ පියතරො හොති, තථා පිතුනොපී”ති එවං ගගනමජ‍්ඣෙ සූරියං උට‍්ඨාපෙන‍්තො විය පාකටං කත්‍වා පඤ‍්හං කථෙසි. තං සුත්‍වා දෙවතා ඡත‍්තපිණ‍්ඩිකං විවරිත්‍වා නික‍්ඛමිත්‍වා උපඩ‍්ඪං සරීරං දස‍්සෙත්‍වා “සුකථිතො පණ‍්ඩිතෙන පඤ‍්හො”ති මධුරස‍්සරෙන සාධුකාරං දත්‍වා රතනචඞ‍්කොටකං පූරෙත්‍වා දිබ‍්බපුප‍්ඵගන්‍ධවාසෙහි බොධිසත‍්තං පූජෙත්‍වා අන‍්තරධායි. රාජාපි පණ‍්ඩිතං පුප‍්ඵාදීහි පූජෙත්‍වා ඉතරං පඤ‍්හං යාචිත්‍වා “වද, මහාරාජා”ති වුත‍්තෙ දුතියං ගාථමාහ –

මහාසත්ත්වයන්ට ගාථාව ඇසුණුවිටම ගුවන්තලයේ චන්ද්‍රයා මෙන් අර්ථය පැහැදිලි විය. ඉක්බිති මහා සත්ත්වයෝ මහරජතුමනි! අසන්න යැයි කියා, යම්කලෙක ඇකයේ සිටින ළදරුවා තුටු පහටු වූයේ ක්‍රීඩා කරන්නේ මවට අත්පාවලින් පහර දෙයි. කෙස් කඩා දමයි. අතේමිටින් මුහුණට ගසයි. එවිට ඕ තොමෝ ඔහුට සොර පුතේ, ඇයි අපට ගසන්නේද ආදී ලෙස ආදරයෙන් කියා ආදරය දරාගන්නට නොහැක්කේ වැළඳගෙන පපුවෙහි හොවාගෙන සිඹ ගනී. මෙසේ ඔහු ඇගේ මෙබඳු වූ කාලයකදී අතිශයින් ප්‍රිය වූයේ වෙයි. පියාටද එසේය. මෙසේ ගුවන මැද සූර්යයා උදාවෙන්නාක් මෙන් ප්‍රකට කොට ප්‍රශ්නය කීවේය. එය අසා දේවතාවා ඡත්‍රයේ විවරයෙන් නික්මී සිරුරෙන් අඩක් පෙන්වමින් ප්‍රශ්නය මනාව කියන ලදැයි මිහිරි හඬින් සාධුකාර දී මැණික් සුමුඟක් පුරවා දිව්‍යමය මල්සුවඳ ආදියෙන් මහාසත්ත්වයන්ට පූජාකොට අතුරුදන් විය. රජතුමා මහාසත්ත්වයන්ට මල් ආදියෙන් පුදා ඉතිරි ප්‍රශ්න කියන ලෙස ඉල්ලා මහරජතුමනි! කියන්න යැයි අයැද සිටි කල්හි දෙවන ගාථාව කීය.

“අක‍්කොසති යථාකාමං, ආගමඤ‍්චස‍්ස ඉච‍්ඡති; ස වෙ රාජ පියො හොති, කං තෙන ත්‍වාභිපස‍්සසී”ති. (ජා· 1.4.198);

යමකුට රිසිසේ ආක්‍රොශ කරයිද ඒ කාරණයාගේ පැමිණීම නොකමැති වෙයිද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේය. ඒ කවරකු ලෙස දක්නෙහිද?

අථස‍්ස මහාසත‍්තො – “මහාරාජ, මාතා වචනපෙසනං කාතුං සමත්‍ථං සත‍්තට‍්ඨවස‍්සිකං පුත‍්තං ‘තාත, ඛෙත‍්තං ගච‍්ඡ, අන‍්තරාපණං ගච‍්ඡා’තිආදීනි වත්‍වා ‘අම‍්ම, සචෙ ඉදඤ‍්චිදඤ‍්ච ඛාදනීයං භොජනීයං දස‍්සසි, ගමිස‍්සාමී’ති වුත‍්තෙ ‘සාධු, පුත‍්ත, ගණ‍්හාහී’ති වත්‍වා දෙති. සො දාරකො තං ඛාදිත්‍වා බහි ගන‍්ත්‍වා දාරකෙහි සද‍්ධිං කීළිත්‍වා මාතුපෙසනං න ගච‍්ඡති. මාතරා “තාත, ගච‍්ඡාහී’ති වුත‍්තෙ සො මාතරං ‘අම‍්ම, ත්‍වං සීතාය ඝරච‍්ඡායාය නිසීදසි, කිං පන අහං තව බහි පෙසනකම‍්මං කරිස‍්සාමි, අහං තං වඤ‍්චෙමී’ති වත්‍වා හත්‍ථවිකාරමුඛවිකාරෙ කත්‍වා ගතො. සා ගච‍්ඡන‍්තං දිස‍්වා කුජ‍්ඣිත්‍වා දණ‍්ඩකං ගහෙත්‍වා ‘ත්‍වං මම සන‍්තකං ඛාදිත්‍වා ඛෙත‍්තෙ කිච‍්චං කාතුං න ඉච‍්ඡසී’ති තජ‍්ජෙන‍්තී වෙගෙන පලායන‍්තං අනුබන්‍ධිත්‍වා පාපුණිතුං අසක‍්කොන‍්තී ‘චොරා තං ඛණ‍්ඩාඛණ‍්ඩං ඡින්‍දන‍්තූ’තිආදීනි වත්‍වා යථාකාමං අක‍්කොසති පරිභාසති. යං පන මුඛෙන භණති, තථා හදයෙ අප‍්පමත‍්තකම‍්පි න ඉච‍්ඡති, ආගමනඤ‍්චස‍්ස ඉච‍්ඡති, සො දිවසභාගං කීළිත්‍වා සායං ගෙහං පවිසිතුං අවිසහන‍්තො ඤාතකානං සන‍්තිකං ගච‍්ඡති. මාතාපිස‍්ස ආගමනමග‍්ගං ඔලොකෙන‍්තී අනාගච‍්ඡන‍්තං දිස‍්වා ‘පවිසිතුං න විසහති මඤ‍්ඤෙ’ති සොකස‍්ස හදයං පූරෙත්‍වා අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි ඤාතිඝරෙ උපධාරෙන‍්තී පුත‍්තං දිස‍්වා ආලිඞ‍්ගිත්‍වා සීසෙ චුම‍්බිත්‍වා උභොහි හත්‍ථෙහි දළ‍්හං ගහෙත්‍වා ‘තාත පියපුත‍්තක, මම වචනං හදයෙ ඨපෙසී’ති අතිරෙකතරං පෙමං උප‍්පාදෙසි. එවං, මහාරාජ, මාතුයා කුද‍්ධකාලෙ පුත‍්තො පියතරො නාම හොතී”ති දුතියං පඤ‍්හං කථෙසි. දෙවතා තථෙව පූජෙසි.

ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ, මහරජ, මවක් කථා කරන්නට හැකි හත්අට අවුරුද්දක් වයසැති පුතකුට කුඹුරට යන්න. කඩයට යන්න ආදිය කියා ඉදින් මට මේ මේ කන බොන දේ දෙන්නේ නම් යන්නෙමියි කියා එසේනම් දරුව කියා දුන්කල්හි එය අනුභවකොට මෑණියෙනි, ඔබ සීතල වූ ගෙයි සෙවනැල්ලෙහි සිටින්න. මම නුඹට පිටත පණිවිඩ යැවීමක් කරන්නෙමියි ආදිය කියා අත් හා මුව විකාර කොට නොයන ඔහුට කිපුනා වූ මව මගුරක් ගෙන නුඹ මා සතු දේ අනුභව කොට කුඹුරෙහි කිසිදු වැඩක් කරන්නට අකැමැති වන්නෙහිය කියමින් තර්ජනයකොට වේගයෙන් පලායන ඔහු පසුපස ගොස් අල්ලා ගන්නට අපොහොසත් වූවා නිර්ධන වව. සොරු ඔහුව කෑලිකෑලිවලට කඩක්වා. ආදිය කියා කැමැති පරිදි, සිතැඟි ලෙස ආක්‍රෝශ කරයි. යමක් මුවින් කියයිද එයින් වන්නට අල්පමාත්‍ර වූත් කැමැත්තක් නැත. ඔහු දවල් කාලයේ ක්‍රීඩාකොට සවස ගෙදර යන්නට නොහැකිව නෑයන් ළඟට යයි. මව ද ඔහු එනමග බලාසිටින්නී නොඑන්නහු දැක ගෙට පිවිසෙන්නට නොහැකි වේයැයි සිතා ශෝකයෙන් හද පුරවා කඳුළු පිරුණු නෙත්වලින් ඥාති ගෙදර සොයන්නී පුත්‍රයා දැක වැළඳගෙන සිඹ අත් දෙකෙන් දැඩිව අල්ලාගෙන පුත්‍රයාණෙනි! මාව අමතක නොකරන්න යැයි කියමින් අධික ලෙස ආදරය කළාය. එපරිද්දෙන් මහරජ, මව කෙරෙහි පුතා කිපුණු කල්හි පියතර නම් වන්නේ යැයි දෙවෙනි ප්‍රශ්නයද කීවේය. දේවතාවා එසේම පූජා කළේය.

රාජාපි පූජෙත්‍වා තතියං පඤ‍්හං යාචිත්‍වා “වද, මහාරාජා”ති වුත‍්තෙ තතියං ගාථමාහ –

රජු ද පුදා තුන්වන ප්‍රශ්නය ඉල්ලා මහරජතුමනි, කියන්න යැයි ප්‍රකාශ කළ කල්හි අනික් ගාථාව කීය.

“අබ‍්භක‍්ඛාති අභූතෙන, අලිකෙනාභිසාරයෙ; ස වෙ රාජ පියො හොති, කං තෙන ත්‍වාභිපස‍්සසී”ති. (ජා· 1.4.199);

යමෙක් මුසාවෙන් ගලපා බෙණෙයිද බොරුවෙන් චෝදනා කෙරෙයිද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේය. ඒ කවරකු ලෙස දක්නෙහිද?

අථස‍්ස මහාසත‍්තො “රාජ, යදා උභො ජයම‍්පතිකා රහොගතා ලොකස‍්සාදරතියා කීළන‍්තා ‘භද‍්දෙ, තව මයි පෙමං නත්‍ථි, හදයං තෙ බහි ගත’න‍්ති එවං අඤ‍්ඤමඤ‍්ඤං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති, අලිකෙන සාරෙන‍්ති චොදෙන‍්ති, තදා තෙ අතිරෙකතරං අඤ‍්ඤමඤ‍්ඤං පියායන‍්ති. එවමස‍්ස පඤ‍්හස‍්ස අත්‍ථං ජානාහී”ති කථෙසි. දෙවතා තථෙව පූජෙසි.

ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. මහරජ, යම්කලෙක අඹුසැමි යුවලක් රහසිගතව ලෝකාස්වාද රතියෙහි යෙදෙන්නාහු ඔබ කෙරෙහි හෝ මා කෙරෙහි ප්‍රේමයක් නැත. ඔවුන්ගේ හදවත විවෘත විය. මෙසේ ඔවුනොවුන්ට අසත්‍ය දෝෂාරෝපණ කරත්. බොරුවෙන් සිහිකරවත්. චෝදනා කරත්. එකල්හි ඔවුහු අමතරවත් ඔවුනොවුන් ප්‍රිය කරත්.

රාජාපි පූජෙත්‍වා ඉතරං පඤ‍්හං යාචිත්‍වා “වද, මහාරාජා”ති වුත‍්තෙ චතුත්‍ථං ගාථමාහ –

මෙසේ මේ ප්‍රශ්නයේ අර්ථය දැනගන්න යැයි මේ ගාථාව කීය.

“හරං අන‍්නඤ‍්ච පානඤ‍්ච, වත්‍ථසෙනාසනානි ච; අඤ‍්ඤදත්‍ථුහරා සන‍්තා, තෙ වෙ රාජ පියා හොන‍්ති; කං තෙන ත්‍වාභිපස‍්සසී”ති. (ජා· 1.4.200);

ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන්ද රැගෙන යත්. එහෙත් එසේ ගෙනයන්නා වූ ඔවුහු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්. මහරජ, ඒ කවුරුන් ලෙස දක්නෙහිද?

අථස‍්ස මහාසත‍්තො “මහාරාජ, අයං පඤ‍්හො ධම‍්මිකසමණබ්‍රාහ‍්මණෙ සන්‍ධාය වුත‍්තො. සද‍්ධානි හි කුලානි ඉධලොකපරලොකං සද‍්දහිත්‍වා දෙන‍්ති චෙව දාතුකාමානි ච හොන‍්ති, තානි තථාරූපෙ සමණබ්‍රාහ‍්මණෙ යාචන‍්තෙපි ලද‍්ධං හරන‍්තෙ භුඤ‍්ජන‍්තෙපි දිස‍්වා ‘අම‍්හෙයෙව යාචන‍්ති, අම‍්හාකංයෙව සන‍්තකානි අන‍්නපානාදීනි පරිභුඤ‍්ජන‍්තී’ති තෙසු අතිරෙකතරං පෙමං කරොන‍්ති. එවං ඛො, මහාරාජ, අඤ‍්ඤදත්‍ථුහරා සන‍්තා එකංසෙන යාචන‍්තා චෙව ලද‍්ධං හරන‍්තා ච සමානා පියා හොන‍්තී”ති කථෙසි. ඉමස‍්මිං පන පඤ‍්හෙ කථිතෙ දෙවතා තථෙව පූජෙත්‍වා සාධුකාරං දත්‍වා සත‍්තරතනපූරං රතනචඞ‍්කොටකං “ගණ‍්හ, මහාපණ‍්ඩිතා”ති මහාසත‍්තස‍්ස පාදමූලෙ ඛිපි. රාජාපිස‍්ස අතිරෙකතරං පූජං කරොන‍්තො අතිවිය පසීදිත්‍වා සෙනාපතිට‍්ඨානං අදාසි. තතො පට‍්ඨාය මහාසත‍්තස‍්ස යසො මහා අහොසි.

ඉක්බිති ඔහුට මහරජ, මේ ප්‍රශ්නය වනාහි ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා කියන ලදී. ශ්‍රද්ධාවන්ත කුල මෙලොව පරලොව විශ්වාස කොට දෙත්. දෙනු කැමැතිද වෙත්. එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලද්දීත් ලද දෙය අත්හැර වළඳනවා දැක අපගෙන්ම ඉල්වත්. අපම සන්තක වූ ආහාර ආදිය අනුභව කරත්. ඔවුන් කෙරෙහි අමතර ප්‍රේමයක් ඇතිකර ගනිත්. මෙසේ ඔවුහු අනුන් දුන් දෙය ගෙනියන්නෝ වෙත්. ඒකාන්තයෙන්ම යාචකයෝ ලද දෙය ගෙන යන්නෝය. ඔවුහු සමාන ප්‍රිය වූවෝ වෙත්. මේ ප්‍රශ්නය කියන ලද කල්හි දේවතාවා එසේ පුදා සාධුකාර දී පණ්ඩිතයෙනි! සත්රුවනින් පිරුණු මාණික්‍යමය කරඩුවක් ගන්නයැයි මහාසත්ත්වයන්ගේ පාළඟ තැබීය. රජුද පැහැදී සේනාපති තනතුර දුන්නේය. එතැන් පටන් මහාසත්ත්වයන්ගේ යසස වැඩිවිය.

දෙවතාපඤ‍්හො නිට‍්ඨිතො.

දේවතා ප්‍රශ්නය නිමියේ ය.