යෙදුමෙන් කියවන්න

භූරිපඤ‍්හො අට‍්ඨකථා

භූරිපඤ‍්හො

භූරි ප්‍රශ්නය

අථ රාජා මරණභයතජ‍්ජිතො පුනදිවසෙ චත‍්තාරො අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “තාතා, තුම‍්හෙ චත‍්තාරො චතූසු රථෙසු ඨත්‍වා චතූහි නගරද‍්වාරෙහි නික‍්ඛමිත්‍වා යත්‍ථ මම පුත‍්තං මහොසධපණ‍්ඩිතං පස‍්සථ, තත්‍ථෙවස‍්ස සක‍්කාරං කත්‍වා ඛිප‍්පං ආනෙථා”ති ආණාපෙසි. තෙපි චත‍්තාරො එකෙකෙන ද‍්වාරෙන නික‍්ඛමිංසු. තෙසු තයො ජනා පණ‍්ඩිතං න පස‍්සිංසු. දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛන‍්තො පන දක‍්ඛිණයවමජ‍්ඣකගාමෙ මහාසත‍්තං මත‍්තිකං ආහරිත්‍වා ආචරියස‍්ස චක‍්කං වට‍්ටෙත්‍වා මත‍්තිකාමක‍්ඛිතසරීරං පලාලපිට‍්ඨකෙ නිසීදිත්‍වා මුට‍්ඨිං මුට‍්ඨිං කත්‍වා අප‍්පසූපං යවභත‍්තං භුඤ‍්ජමානං පස‍්සි. කස‍්මා පනෙස එතං කම‍්මං අකාසීති? රාජා කිර “නිස‍්සංසයං පණ‍්ඩිතො රජ‍්ජං ගණ‍්හිස‍්සතී”ති ආසඞ‍්කති. “සො ‘කුම‍්භකාරකම‍්මෙන ජීවතී’ති සුත්‍වා නිරාසඞ‍්කො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා එවමකාසීති. සො අමච‍්චං දිස‍්වා අත‍්තනො සන‍්තිකං ආගතභාවං ඤත්‍වා “අජ‍්ජ මය‍්හං යසො පුන පාකතිකො භවිස‍්සති, අමරාදෙවියා සම‍්පාදිතං නානග‍්ගරසභොජනමෙව භුඤ‍්ජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගහිතං යවභත‍්තපිණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා උට‍්ඨාය මුඛං වික‍්ඛාලෙත්‍වා නිසීදි. තස‍්මිං ඛණෙ සො අමච‍්චො තං උපසඞ‍්කමි. සො පන සෙනකපක‍්ඛිකො, තස‍්මා නං ඝටෙන‍්තො “පණ‍්ඩිත, ආචරියසෙනකස‍්ස වචනං නිය්‍යානිකං, තව නාම යසෙ පරිහීනෙ තථාරූපා පඤ‍්ඤා පතිට‍්ඨා හොතුං නාසක‍්ඛි, ඉදානි මත‍්තිකාමක‍්ඛිතො පලාලපිට‍්ඨෙ නිසීදිත්‍වා එවරූපං භත‍්තං භුඤ‍්ජසී”ති වත්‍වා දසකනිපාතෙ භූරිපඤ‍්හෙ පඨමං ගාථමාහ –

ඉක්බිති රජතුමා මරණ බියෙන් තැතිගත්තේ පසුදා ඇමැතියන් සතරදෙනා කැඳවා දරුවෙනි! ඔබ සතරදෙන රථ සතරක නැගී සිව්නගර දොරටුවලින් නික්ම ඒ මහෞෂධ පණ්ඩිත මාගේ පුත්‍රයාව යම්තැනක දකීද එහිදීම ඔහුට සත්කාර කොට වහා මෙහි කැඳවාගෙන එව් යැයි පිටත්කර හැරියේය. ඔවුන් අතුරෙන් තුන්දෙනෙක් පණ්ඩිතයන් නුදුටහ. දකුණු දොරටුවෙන් නික්ම යන්නහු වනාහි දකුණු යවමැදුම්ගමදී මහාසත්ත්වයන් මැටි ගෙනවුත් ප්‍රධාන වැඩකරුවාගේ රෝදය කරකවමින්, මැටි තැවරුණු සිරුර ඇතිව පිදුරු ආසනයක වාඩිවී මිට මිට ගෙන ව්‍යඤ්ජන අඩු යවබත් අනුභව කරමින් සිටිනු දුටුවේය. කුමක් නිසා ඔහු මේ කාර්යය කළේද? රජු වනාහි මහෞෂධ පඬිතුමා නිසැකයෙන්ම රජකම ගන්නේයැයි සැක කරන්නේ ඔහු කුඹල්කම් කිරීමෙන් ජීවත් වන්නේ යැයි අසා සැක දුරුකරගන්නේ යැයි සිතා මෙසේ කළේය. ඔහු ඇමැතියා දැක තමා සමීපයට ආ බව දැන මාගේ යසස ප්‍රකට වූයේ වන්නේය. අමරා දේවිය විසින් සූදානම් කළ නොයෙක් රසයන්ගෙන් යුත් අහර අනුභව කරන්නෙමියි ගන්නා ලද බත්පිඩ ඉවත දමා මුව සෝදා ගත්තේය. ඒ මොහොතෙහි ඔහු පැමිණියේය. ඔහු වනාහි සේනක පාක්‍ෂිකයෙකි. ඒ නිසා ඔහුව උත්සාහ කරමින් පණ්ඩිතයෙනි. ඇදුරු සේනකයන්ගේ වචනය නෛර්යාණිකය. ඔබට වනාහි යසස පිරිහුණු කල්හි එබඳු වූ ප්‍රඥාවක් පිහිටන්නට නොහැකි විය. දැන් මැටි තැවරුණේ පිදුරු අසුනක වාඩිවී මෙබඳු වූ බතක් වළඳන්නෙහිදැයි කියා මේ දසක නිපාතයේ භූරි ප්‍රශ්නයේ ප්‍රථම ගාථාව කීය.

“සච‍්චං කිර, ත්‍වං අපි භූරිපඤ‍්ඤ, යා තාදිසී සිරී ධිතී මතී ච; න තායතෙභාවවසූපනිතං, යො යවකං භුඤ‍්ජසි අප‍්පසූප”න‍්ති. (ජා· 1.10.145);

සේනකයන් කීවේ සත්‍යයක්මයැ. මහත් වූ නුවණැති නුඹ මට ව්‍යඤ්ජනයෙන් යුක්ත යවමත අනුභව කරන්නෙහිය. ශ්‍රී තොමෝ එසේමයැ. තොපගේ ධෛර්යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නොරක්නේය.

තත්‍ථ සච‍්චං කිරාති යං ආචරියසෙනකො ආහ, තං කිර සච‍්චමෙව. සිරීති ඉස‍්සරියං. ධිතීති අබ‍්භොච‍්ඡින‍්නවීරියං. න තායතෙභාවවසූපනිතන‍්ති අභාවස‍්ස අවුඩ‍්ඪියා වසං උපනීතං තං න රක‍්ඛති න ගොපෙති, පතිට‍්ඨා හොතුං න සක‍්කොති. යවකන‍්ති යවභත‍්තං.

එහි සච්ච කිර යනු ඇදුරු සේනකයන් යමක් කීර්වේද එය වනාහි සත්‍යමය. සිරී යනු සම්පත, ශ්‍රී දේවිය. ධිති නොපසුබට වීර්යය, නතායතෙභාව වසූපනීතං නොමැති දෙයෙහි වර්ධනය නොවීමෙන් වයසට පත් එය නොරකී. පිහිටවන්නට අසමත් වෙයි. යාචකං යවසහල් බත.

අථ නං මහාසත‍්තො “අන්‍ධබාල, අහං අත‍්තනො පඤ‍්ඤාබලෙන පුන තං යසං පාකතිකං කාතුකාමො එවං කරොමී”ති වත්‍වා ඉමං ගාථාද‍්වයමාහ –

ඉක්බිති ඔහුට මහාසත්ත්වයන් වහන්සේ අන්‍ධබාලය. මම තමන්ගේ ප්‍රඥා බලයෙන් නැවත ඒ යසස ප්‍රකට කරනු කැමැත්තේ මෙසේ කරමියි කියා මේ ගාථා දෙක කීය.

“සුඛං දුක‍්ඛෙන පරිපාචයන‍්තො, කාලාකාලං විචිනං ඡන්‍දඡන‍්නො; අත්‍ථස‍්ස ද‍්වාරානි අවාපුරන‍්තො, තෙනාහං තුස‍්සාමි යවොදනෙන.

සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්ථයේ ද්වාරයන් විවෘත කරන්නේය. ඒ නිසා මම යවබතින් තෘප්තිමත් වෙමි.

“කාලඤ‍්ච ඤත්‍වා අභිජීහනාය, මන‍්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වා; විජම‍්භිස‍්සං සීහවිජම‍්භිතානි, තායිද‍්ධියා දක‍්ඛසි මං පුනාපී”ති. (ජා· 1.10.146-147);

වීර්යය කිරීමට සුදුසු කල් දැන නුවණින් අර්ථය මුහුකුරවා සිංහ ප්‍රාණවත් බවින් ප්‍රාණවත් කරමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවත දක්නෙහිය.

තත්‍ථ දුක‍්ඛෙනාති ඉමිනා කායිකචෙතසිකදුක‍්ඛෙන අත‍්තනො පොරාණකසුඛං පටිපාකතිකකරණෙන පරිපාචයන‍්තොවඩ‍්ඪෙන‍්තො. කාලාකාලන‍්ති අයං පටිච‍්ඡන‍්නො හුත්‍වා චරණකාලො, අයං අප‍්පටිච‍්ඡන‍්නොති එවං කාලඤ‍්ච අකාලඤ‍්ච විචිනන‍්තො රඤ‍්ඤො කුද‍්ධකාලෙ ඡන‍්නෙන චරිතබ‍්බන‍්ති ඤත්‍වා ඡන්‍දෙන අත‍්තනො රුචියා ඡන‍්නො පටිච‍්ඡන‍්නො හුත්‍වා කුම‍්භකාරකම‍්මෙන ජීවන‍්තො අත‍්තනො අත්‍ථස‍්ස කාරණසඞ‍්ඛාතානි ද‍්වාරානි අවාපුරන‍්තො විහරාමි, තෙන කාරණෙනාහං යවොදනෙන තුස‍්සාමීති අත්‍ථො. අභිජීහනායාති වීරියකරණස‍්ස. මන‍්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වාති අත‍්තනො ඤාණබලෙන මම යසං වඩ‍්ඪෙත්‍වා මනොසිලාතලෙ විජම‍්භමානො සීහො විය විජම‍්භිස‍්සං, තාය ඉද‍්ධියා මං පුනපි ත්‍වං පස‍්සිස‍්සසීති.

එහි දුක්ඛෙන යනු මේ කායික, චෛතසික දුකෙන් තමන්ගේ පැරණි සුවය නැවත ප්‍රකට කිරීමෙන් පරිපාකයට පත්වන්නේ, වැඩෙන්නේ, කාලාකාලං යනු මේ සැඟවී සිට ඇවිදින කාලයයි. මේ වැසුනහුට නොවේ. මෙසේ කාලයද අකාලයද සොයන්නේ රජු කිපුණු කල්හි රහසිගතව හැසිරිය යුතුයැයි දැනගෙන කැමැත්තෙන්, රුචියෙන්, සැඟවී සිටියේ කුඹල් කර්මාන්තයෙන් ජීවත්වන්නේ තමන්ගේ දියුණුව ඇතිකරන දොරටු විවෘත කරමින් වාසය කරමි. මම ඒ කරුණෙන් යවමතින් සතුටු වෙමි යන අර්ථයි. අභිජීහනාය වීර්යය කිරීම පිණිස. මන්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වා තමන්ගේ නුවණින් මාගේ යසස වර්ධනය කොට මනෝසිලා තලයේ සිංහයෙක් මෙන් විජෘම්භමාන වෙමි. මාගේ ඒ ඍද්ධියෙන් නුඹ නැවතත් මා දකින්නෙහිය.

අථ නං අමච‍්චො ආහ – “පණ‍්ඩිත, ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා රාජානං පඤ‍්හං පුච‍්ඡි. රාජා චත‍්තාරො පණ‍්ඩිතෙ පුච‍්ඡි. තෙසු එකොපි තං පඤ‍්හං කථෙතුං නාසක‍්ඛි, තස‍්මා රාජා තව සන‍්තිකං මං පහිණී”ති. “එවං සන‍්තෙ පඤ‍්ඤාය ආනුභාවං කස‍්මා න පස‍්සසි, එවරූපෙ හි කාලෙ න ඉස‍්සරියං පතිට‍්ඨා හොති, පඤ‍්ඤාසම‍්පන‍්නොව පතිට‍්ඨා හොතී”ති මහාසත‍්තො පඤ‍්ඤාය ආනුභාවං වණ‍්ණෙසි. අමච‍්චො රඤ‍්ඤා “පණ‍්ඩිතං දිට‍්ඨට‍්ඨානෙයෙව සක‍්කාරං කත්‍වා ආනෙථා”ති දින‍්නං කහාපණසහස‍්සං මහාසත‍්තස‍්ස හත්‍ථෙ ඨපෙසි. කුම‍්භකාරො “මහොසධපණ‍්ඩිතො කිර මයා පෙසකාරකම‍්මං කාරිතො”ති භයං ආපජ‍්ජි. අථ නං මහාසත‍්තො “මා භායි, ආචරිය, බහූපකාරො ත්‍වං අම‍්හාක”න‍්ති අස‍්සාසෙත්‍වා සහස‍්සං දත්‍වා මත‍්තිකාමක‍්ඛිතෙනෙව සරීරෙන රථෙ නිසීදිත්‍වා නගරං පාවිසි. අමච‍්චො රඤ‍්ඤො ආරොචෙත්‍වා “තාත, කුහිං පණ‍්ඩිතො දිට‍්ඨො”ති වුත‍්තෙ “දෙව, දක‍්ඛිණයවමජ‍්ඣකගාමෙ කුම‍්භකාරකම‍්මං කත්‍වා ජීවති, තුම‍්හෙ පක‍්කොසථාති සුත්‍වාව අන‍්හායිත්‍වා මත‍්තිකාමක‍්ඛිතෙනෙව සරීරෙන ආගතො”ති ආහ. රාජා “සචෙ මය‍්හං පච‍්චත්‍ථිකො අස‍්ස, ඉස‍්සරියවිධිනා චරෙය්‍ය, නායං මම පච‍්චත්‍ථිකො”ති චින‍්තෙත්‍වා “මම පුත‍්තස‍්ස ‘අත‍්තනො ඝරං ගන‍්ත්‍වා න‍්හත්‍වා අලඞ‍්කරිත්‍වා මයා දින‍්නවිධානෙන ආගච‍්ඡතූ’ති වදෙය්‍යාථා”ති ආහ. තං සුත්‍වා පණ‍්ඩිතො තථා කත්‍වා ආගන‍්ත්‍වා “පවිසතූ”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. රාජා පටිසන්‍ථාරං කත්‍වා පණ‍්ඩිතං වීමංසන‍්තො ඉමං ගාථමාහ –

ඉක්බිති ඔහුට ඇමැතියා මෙසේ කීය. පඬිතුමනි, රජතුමාගේ ඡත්‍රයෙහි වාසයකරන දේවතාවා විසින් රජුගෙන් ප්‍රශ්නයක් විචාරණ ලදී. රජු පණ්ඩිතයන් සතරදෙනාගෙන් විමසීය. එක් අයෙක්වත් ප්‍රශ්නය කියන්නට අසමත් විය. ඒ නිසා රජු ඔබතුමන් වෙත මා එවීය. මෙසේ ඇති කල්හි ප්‍රඥාවේ ආනුභාවය නොදකින්නෙහි. මෙබඳු කාලයක ශ්‍රියාවගෙන් පිහිටක් නැත. ප්‍රඥා සම්පන්නභාවයම පිහිට වන්නේයැයි මහාසත්ත්වයෝ ප්‍රඥාවගේ ආනුභාවයම වර්ණනා කළහ. ඉක්බිති ඇමැතිවරයා රජු විසින් කියන ලද පරිදි පණ්ඩිතයන් දුටුතැනදීම නහවා සළු හඳවා ගෙනෙව් යැයි කියා දෙන ලද දහසද, දුහුල් සළු යුගලද මහාසත්ත්වයන්ගේ අතෙහි තැබීය. මා විසින් මහෞෂධ පණ්ඩිතයන් ලවා කුලීවැඩ කරවන ලදැයි කුඹලා තුළ බියක් ඇතිවිය. මහා සත්ත්වයෝ ඔහුට ආචරිය, බිය නොවන්න. ඔබ මට බොහෝසෙයින් උපකාරී වීයැයි ඔහු අස්වසා ඔහුට දහස දී මැටි තැවරුණු සිරුරින්ම රථයෙහි හිඳගෙන නගරයට ගියේය. ඇමැතිවරයා රජුට දන්වා, දරුව ඔබ කොහේදී පණ්ඩිතයන් දකින ලදදැයි ඇසූ කල්හි දේවයන් වහන්ස! දකුණු යවමැදුම්ගම කුඹල්වැඩ කර ජීවත් වෙයි. ඔබවහන්සේ කැඳවනවා යැයි කී කල්හි ස්නානය නොකොට මැටි තැවරුණු සිරුරෙන්ම පැමිණියේයැයි කීය. ඉදින් මගේ සතුරෙක් වන්නේද, දෛවයට අනුව හැසිරෙන්නේය. මොහු මාගේ සතුරෙක් නොවේයැයි සිතා මගේ පුත්‍රයාට තමන්ගේ නිවසට ගොස් ස්නානය කර සැරසී මා දුන් නියෝගය පරිදි එන්නට කියව්යැයි පැවසීය. ඒ අසා පණ්ඩිතයෝ එසේකොට අවුත් ඇතුල්වන්න යැයි කී කල්හි පිවිස රජු වැඳ එකත්පසෙක සිටියේය. රජු ඔහු සමග පිළිසඳර කථාකොට පණ්ඩිතයන් විමසන්නේ මේ ගාථාව කීය.

“සුඛීපි හෙකෙ න කරොන‍්ති පාපං, අවණ‍්ණසංසග‍්ගභයා පුනෙකෙ; පහූ සමානො විපුලත්‍ථචින‍්තී, කිං කාරණා මෙ න කරොසි දුක‍්ඛ”න‍්ති. (ජා· 1.10.148);

සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නොකරත්. නුවණ මඳ ඇතැම්හු පරෝපවාද බියෙන් පව් නොකරත්. අතිශයින් දක්‍ෂ වූ විපුල වූ අර්ථයන් සිතන්නා වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නොකරන්නහුද?

තත්‍ථ සුඛීති පණ‍්ඩිත, එකච‍්චෙ “මයං සුඛිනො සම‍්පන‍්නඉස‍්සරියා, අලං නො එත‍්තකෙනා”ති උත‍්තරි ඉස‍්සරියකාරණා පාපං න කරොන‍්ති, එකච‍්චෙ “එවරූපස‍්ස නො යසදායකස‍්ස සාමිකස‍්ස අපරජ‍්ඣන‍්තානං අවණ‍්ණො භවිස‍්සතී”ති අවණ‍්ණසංසග‍්ගභයා න කරොන‍්ති. එකො න සමත්‍ථො හොති, එකො මන්‍දපඤ‍්ඤො, ත්‍වං පන සමත්‍ථො ච විපුලත්‍ථචින‍්තී ච, ඉච‍්ඡන‍්තො පන සකලජම‍්බුදීපෙ රජ‍්ජම‍්පි කාරෙය්‍යාසි. කිං කාරණා මම රජ‍්ජං ගහෙත්‍වා දුක‍්ඛං න කරොසීති.

එහි සුඛී පණ්ඩිතය! ඇතැමෙක් අපි සැපවත් වූවෝ වෙමු. සම්පත් යසඉසුරුවලින් අපට පලක් නැත. තවත් සම්පත් හේතුවෙන් පව් නොකරත්. ඇතැමෙක් මෙබඳු වූ අපට සැපසම්පත් දෙන්නා වූ ස්වාමියාට අපවාදයක් වන්නේ යැයි පරෝපවාද බියෙන් පව් නොකරත්. තව කෙනෙක් අසමර්ථ වෙයි. තව කෙනෙක් මඳ නුවණ ඇත්තාහ. ඔබ වනාහි සමර්ථය. විපුල වූ අර්ථයන් සිතන්නේ සියළු දඹදිව රජකමද කරන්නෙහිය. කුමක් නිසා මගේ රජකම ගෙන දුකට පත් නොකරන්නෙහිද?

අථ නං බොධිසත‍්තො ආහ –

බෝධිසත්ත්වයෝ කීහ,

“න පණ‍්ඩිතා අත‍්තසුඛස‍්ස හෙතු, පාපානි කම‍්මානි සමාචරන‍්ති; දුක‍්ඛෙන ඵුට‍්ඨා ඛලිතාපි සන‍්තා, ඡන්‍දා ච දොසා න ජහන‍්ති ධම‍්ම”න‍්ති. (ජා· 1.10.149);

ආත්මසුව හේතුවෙන් නැණවත්හු පව් නොකරත්. සාධුජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝද ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්මය අත්නොහරිත්.

තත්‍ථ ඛලිතාපීති සම‍්පත‍්තිතො ඛලිත්‍වා විපත‍්තියං ඨිතසභාවා හුත්‍වාපි. න ජහන‍්ති ධම‍්මන‍්ති පවෙණියධම‍්මම‍්පි සුචරිතධම‍්මම‍්පි න ජහන‍්ති.

එහි ඛලිතත්තා යනු සම්පත්වලින් ගිලිහී විපතෙහි පිහිටි බව. ධම්මං ප්‍රවේණි ධර්මයත් සුචරිත ධර්මයත් භජනය නොකරත්.

පුන රාජා තස‍්ස වීමංසනත්‍ථං ඛත‍්තියමායං කථෙන‍්තො ඉමං ගාථමාහ –

නැවත රජු ඔහුව විමසීම සඳහා ක්‍ෂත්‍රිය මායම් ගැන කථා කරමින් මේ ගාථාව කීය.

“යෙන කෙනචි වණ‍්ණෙන, මුදුනා දාරුණෙන වා; උද‍්ධරෙ දීනමත‍්තානං, පච‍්ඡා ධම‍්මං සමාචරෙ”ති. (ජා· 1.10.150);

මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයකින් දීන වූ තමා නගා සිටුවන්නේය. පසුව ධර්මයෙහි හැසිරෙන්නේය.

තත්‍ථ දීනන‍්ති දුග‍්ගතං අත‍්තානං උද‍්ධරිත්‍වා සම‍්පත‍්තියං ඨපෙය්‍යාති.

එහි දීනං යනු දිළිඳුබවට පත් තමන් නගාසිටුවා සම්පතෙහි පිහිටුවන්නේය.

අථස‍්ස මහාසත‍්තො රුක‍්ඛූපමං දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ –

ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ වෘක්‍ෂයකට සමාන උපමාවක් දක්වමින් මේ ගාථාව කීය.

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො”ති. (ජා· 1.10.151);

යම් ගසක සෙවනේ සිටින්නේ හෝ නිදන්නේ හෝ වේද එම ගසේ අත්තක් හෝ නොබිඳෙන්නේය. එසේ කරන්නේ නම් හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේය.

එවඤ‍්ච පන වත්‍වා – “මහාරාජ, යදි පරිභුත‍්තරුක‍්ඛස‍්ස සාඛං භඤ‍්ජන‍්තොපි මිත‍්තදුබ‍්භී හොති , යෙහි තුම‍්හෙහි මම පිතා උළාරෙ ඉස‍්සරියෙ පතිට‍්ඨාපිතො, අහඤ‍්ච මහන‍්තෙන අනුග‍්ගහෙන අනුග‍්ගහිතො, තෙසු තුම‍්හෙසු අපරජ‍්ඣන‍්තො අහං කථං නාම මිත‍්තදුබ‍්භො න භවෙය්‍ය”න‍්ති සබ‍්බථාපි අත‍්තනො අමිත‍්තදුබ‍්භිභාවං කථෙත්‍වා රඤ‍්ඤො චිත‍්තාචාරං චොදෙන‍්තො ඉමං ගාථමාහ –

මෙසේද කියා මහරජ, ඉදින් පරිභෝග කළ ගසේ අත්තක් බිඳින්නේද මිත්‍රද්‍රෝහී වෙයි. යම්හෙයකින් ඔබතුමන් විසින් මාගේ පියාව මහත් වූ භෝග සම්පත්තියෙහි පිහිටුවාලීය. මම ද මහත් වූ අනුග්‍රහයෙන් උපකාර කරන ලද්දේ වෙමි. එබඳු වූ ඔබවහන්සේ කෙරෙහි අපරාධයක් කරන්නෙම් නම් කෙසේ මිත්‍රද්‍රෝහී නොවන්නෙම්ද? සියළු ආකාරයෙන්ම තමන්ගේ මිත්‍රද්‍රෝහී නොවන බව කියා රජුගේ අපචාරයට චෝදනා කරන්නේ.

“යස‍්සාපි ධම‍්මං පුරිසො විජඤ‍්ඤා, යෙ චස‍්ස කඞ‍්ඛං විනයන‍්ති සන‍්තො; තං හිස‍්ස දීපඤ‍්ච පරායණඤ‍්ච, න තෙන මෙත‍්තිං ජරයෙථ පඤ‍්ඤො”ති. (ජා· 1.10.152);

යම් කෙනෙකුන් වෙතින් පුරුෂ තෙමේ ධර්මය දැනගන්නේද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙත්ද ඒකාන්තයෙන් හෝ ඔහුට පිහිටද සරණ ද වන්නේය. නුවණැත්තේ ඔහු සමග පවත්නා මිත්‍රභාවය නො නසන්නේය.

තස‍්සත්‍ථො – මහාරාජ, යස‍්ස ආචරියස‍්ස සන‍්තිකා යො පුරිසො අප‍්පමත‍්තකම‍්පි ධම‍්මං කාරණං ජානෙය්‍ය, යෙ චස‍්ස සන‍්තො උප‍්පන‍්නං කඞ‍්ඛං විනයන‍්ති, තං තස‍්ස පතිට‍්ඨානට‍්ඨෙන දීපඤ‍්චෙව පරායණඤ‍්ච, තාදිසෙන ආචරියෙන සද‍්ධිං පණ‍්ඩිතො මිත‍්තභාවං නාම න ජීරෙය්‍ය න නාසෙය්‍ය.

එහි අර්ථය මහරජ, යම් පුරුෂයකු වෙතින් පුරුෂයෙක් අල්ප වූද ධර්ම කාරණාවක් දැනගන්නේද ඔහුට ඇතිවූ සැකය දුරුකරත්. එය ඔහුට පිහිටවීමේ අර්ථයෙන් පහනක් මෙනි. පිහිටක් වෙයි. එබඳු වූවකු සමග මිත්‍රකම නම් පණ්ඩිතයා දිරාපත් නොකරන්නේය. නොනසන්නේය යන අර්ථයි.

ඉදානි තං ඔවදන‍්තො ඉමං ගාථාද‍්වයමාහ –

දැන් ඔහුට අවවාද කරමින් මේ ගාථාව කීය,

“අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු; රාජා න සාධු අනිසම‍්මකාරී, යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.

කම්සැප විඳින්නා වූ අලස ගිහියා යහපත් නොවේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නොවේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුළු නම් භේද යහපත් නොවේ.

“නිසම‍්ම ඛත‍්තියො කයිරා, නානිසම‍්ම දිසම‍්පති; නිසම‍්මකාරිනො රාජ, යසො කිත‍්ති ච වඩ‍්ඪතී”ති. (ජා· 1.10.153-154);

මහරජ! ක්‍ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේය. නොවිමසා ක්‍රියා කිරීම යහපත් නොවේ. විමසා ක්‍රියා කරන්නාගේ යශස ද කීර්තියද වැඩේ.

තත්‍ථ න සාධූති න සුන්‍දරො. අනිසම‍්මකාරීති කිඤ‍්චි සුත්‍වා අනුපධාරෙත්‍වා අත‍්තනො පච‍්චක‍්ඛං අකත්‍වා කාරකො. යසො කිත‍්ති චාති ඉස‍්සරියපරිවාරො ච ගුණකිත‍්ති ච එකන‍්තෙන වඩ‍්ඪතීති.

එහි න සාධු යහපත් නොවේ. අනිසම්මකාරි යම් කිසිවක් අසා සළකා බලා තමාම වටහා නොගෙන කරන තැනැත්තා. යසො කිත්තිච සැප සම්පත් හා පිරිවරද ගුණයන් පිළිබඳ කීර්තියද නියත වශයෙන් වැඩෙන්නේය.

භූරිපඤ‍්හො නිට‍්ඨිතො.

භූරිපඤ්හ කොටස නිමියේ ය.