යෙදුමෙන් කියවන්න

භූරිපඤ‍්හො

5845. සච‍්ච කිර ත්‍වම‍්පි භූරිපඤ‍්ඤො යා තාදිසී සිරි ධිතී මුතී ච, න තායතෙ භාවවසූපනීතං යො යාවකං භුඤ‍්ජසි අප‍්පසූපං.

5845. (ඇමැති) සේනකයන් කීවේ සැබෑවක් මැ ය. මහත් වූ නුවණැති ඔබ මඳ ව්‍යඤ්ජනයෙන් යුක්ත යවබත අනුභව කරන්නාහු ය. ශ්‍රී තොමෝ එසේම යැ, (ශ්‍රේෂ්ඨ වන්නී ය.) තොපගේ ධෛර්‍ය්‍යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නො රක්නේ ය.

5846. සුඛං දුක‍්ඛෙන පරිපාචයන‍්තො කාලකාලං විචිනං ඡන්‍දඡන‍්නො, අත්‍ථස‍්ස ද‍්වාරානි අවාපුරන‍්තො තෙනාහං තුස‍්සාමි යවොදනෙන.

5846. සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්‍ත්‍ථයේ ද්වාරයන් විවෘත කරන්නේ ය. එනිසා මම යවබතින් තුස්නෙමි.

5847. කාලඤ‍්ච ඤත්‍වා අභිජීහනාය මන‍්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වා, විජම‍්භිස‍්සං සීහවිජම‍්හිතානි තායිද‍්ධියා දක‍්ඛසි මං පුනාපි.

5847. (මහෞෂධ) වීර්‍ය්‍යය කිරීමට සුදුසු කල් දැනැ නුවණින් අර්‍ත්‍ථය මුහුකුරුවා සිංහ විජෘම්භණයෙන් විජෘම්භණය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවැත දක්නෙහි ය.

5848. සුඛී හි එකෙ කරොන‍්ති පාපං අවණ‍්ණසංසග‍්ගභයා පුනෙකෙ, පහූ සමානො විපුලත්‍ථිචින‍්ති කිං කාරණා මෙ න කරොසි දුක‍්ඛං.

5848.(වේදේහරජ) සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නො කරත්. නුවණමඳ ඇතැම්හු පරෝපවාද බියෙන් පව් නො කරත්. අතිශයින් දක්‍ෂ වූ විපුලාර්‍ත්‍ථ චින්තී වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නො කරන්නහු ද?

5849. න පණ‍්ඩිතා අන‍්තසුඛස‍්ස හෙතු පාපානි කම‍්මානි සමාචරන‍්ති, දුක‍්ඛෙන පුට‍්ඨා ඛලිතත‍්තාපි සන‍්තා ඡන්‍දා ච දොසා න ජහන‍්ති ධම‍්මං.

5849. (මහෞෂධ) ආත්ම සුඛ හේතුයෙන් නැණවත්හු පාපයන් නො කරත්. සාධුජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝ ද ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්‍මය අත් නො හරිත්.

5850. යෙන කෙනචි වණ‍්ණෙන මුදුනා දාරුනෙන වා, උද‍්ධරෙ දීනමත‍්තානං පච‍්ඡා ධම‍්මං සමාචරෙ.

5850. (වේදේහරජ) මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයෙකින් දීන වූ තමා නඟා සිටුවන්නේ ය. පසු වැ ධර්‍මයෙහි හැසිරෙන්නේ ය.

5851. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.

5851. (මහෞෂධ) යම් රුකෙක සෙවණැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද එම ගසැ අත්තක් හෝ නො බිඳින්නේ ය. (බිඳින්නේ නම්) හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේ ය.

5852. යස‍්සා හි ධම‍්මං මනුජො විජඤ‍්ඤා යෙචස‍්ස කඞ‍්ඛං විනයන‍්ති සන‍්තො, තං හිස‍්ස දීපඤ‍්ච පරායණඤ‍්ච න තෙන මිත‍්තං ජරයෙථ පඤ‍්ඤො.

5852. යම් කෙනකුන් වෙතින් පුරුෂ තෙමේ ධර්‍මය දැනගන්නේ ද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙත් ද ඒකාන්තයෙන් හේ ඔහුට පිහිට ද සරණ ද වන්නේ ය. නුවණැත්තේ ඔහු සමඟ පවත්නා මිත්‍රභාවය නො නසන්නේ ය.

5853. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු, රාජා න සාධු අනිසම‍්මකාරී යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.

5853. කම්සැප සෙවුනා වූ අලස ගිහියා යහපත් නො වේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නො වේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නො වේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුලු නම් හෙ ද යහපත් නො වේ.

5854. නිසම‍්ම ඛත‍්තියො කයිරා නානිසම‍්ම දිසම‍්පති, නිසම‍්මකාරිනො රාජ යසො කිත‍්ති ච වඩ‍්ඪති.

5854. මහරජ, ක්‍ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේ ය. නො විමසා ක්‍රියා කිරීම යහපත් නො වේ. විමසා ක්‍රියා කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.

භූරිපඤ‍්හො.

භූරි ප්‍රශ්නය යි.