යෙදුමෙන් කියවන්න

ඡන‍්නපථපඤ‍්හො

සම්පූර්ණ පරිච්ඡේදය

5838. යෙන සත‍්තුබිලඞ‍්ගා ච ද‍්වීගුණපලාසො ච පුප‍්ඵිතො, යෙනාදාමි තෙන වදාමි, යෙන නාදාමි න තෙන වදාමි, එස මග‍්ගො යවමජ‍්ඣකස‍්ස එතං ඡන‍්නපථං විජානහි.

5838. යම් තැනෙක අත්සුණු සල්පිලක් ඇද්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේ ය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම් ද ඒ අතැ මඟ යන්නට කියමි. යම් අතෙකින් අනුභව නො කරම් ද එ මඟැ යන්නට නො කියමි. මේ යවමැදුම්ගමැ අප ගෙට මඟ ය. මේ සැඟැවුණු මඟ දැනගන්නෙහි ය.

ඡන‍්නපථපඤ‍්හො

ඡන්නපථ ප්‍රශ්නය යි.

5839. හන‍්ති හත්‍ථෙහි පාදෙහි මුඛඤ‍්ච පරිසුම‍්භති, සචෙ රාජ පියො හොති කං තෙනමභිපස‍්සති.

5839. යමෙක් අත් පා වලින් ද ගසයි මුහුණට ද අනියි, එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් ද වන්නේ ය. මහරජ, මෙයින් කවරකු දක්නෙහි ද?

5840. කො නු සන‍්තම‍්හි පජ‍්ජොතෙ අග‍්ගිපරියෙසනං චරං, අද‍්දක‍්ඛි රත‍්තිං ඛජ‍්ජොත ජාතවෙදං අමඤ‍්ඤථ.

5840. කවරෙක් නම් ඇවිළැගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණ මැදිරියකු දැකැ ගිනි ය යි සිතා ද.

5841. ස‍්වාස‍්ස ගොමයචුණ‍්ණානි අභිමත්‍ථං තිණානි ච, විපරීතාය සඤ‍්ඤාය නාසක‍්ඛි සඤජලෙතවෙ.

5841. හෙතෙම වැරැදි හැඟීමෙන් ඒ කණමැදිරියා මතැ ගොම වැරැටි හා තණකොළ රැස් කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද?

5842. එවම‍්පි අනුපායෙන අත්‍ථං න ලභතෙ මගො, විසාණතො ගවං දොහං යත්‍ථ ඛීරං න වින්‍දති.

5842. එසෙයින් අඥානයා අනුපායයෙන් අර්‍ත්‍ථය නො ලබන්නේ ය. ගවඅඟින් කිරි දොවන්නේ කිරි නො ලබන්නාක් මෙනි.

5843. විවිධෙහි උපායෙහි අත්‍ථං පප‍්පොන‍්ති මාණවා, නිග‍්ගහෙන අමිත‍්තානං මිත‍්තානං පග‍්ගහෙන ච.

5843. මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන් ද විවිධොපක්‍රමයන්ගෙන් අර්‍ත්‍ථ සිද්ධියට පැමිණෙත්.

5844. සෙණිමොක‍්ඛොපලාභෙන වල‍්ලභානං නයෙන ච, ජගතිං ජගතීපාලා අවසන‍්ති වසුන්‍ධරං.

5844. සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන් ද පෘථිවි පාලකයෝ මුළු පොළොව තමන් සතුකර ගනිත්.

ඛජ‍්ජොපණක පඤ‍්හො.

ඛජ්ජොපණක ප්‍රශ්නය යි.