ඡන්නපථපඤ්හො අට්ඨකථා
ඡන්නපථපඤ්හො
ඡන්නපථ ප්රශ්නය
තතො පට්ඨාය බොධිසත්තස්ස යසො මහා අහොසි. තං සබ්බං උදුම්බරදෙවීයෙව විචාරෙසි. සා තස්ස සොළසවස්සිකකාලෙ චින්තෙසි “මම කනිට්ඨො මහල්ලකො ජාතො, යසොපිස්ස මහා අහොසි, ආවාහමස්ස කාතුං වට්ටතී”ති. සා රඤ්ඤො තමත්ථං ආරොචෙසි. රාජා “සාධු ජානාපෙහි න”න්ති ආහ. සා තං ජානාපෙත්වා තෙන සම්පටිච්ඡිතෙ “තෙන හි, තාත, තෙ කුමාරිකං ආනෙමී”ති ආහ. අථ මහාසත්තො “කදාචි ඉමෙහි ආනීතා මම න රුච්චෙය්ය, සයමෙව තාව උපධාරෙමී”ති චින්තෙත්වා එවමාහ – “දෙවි, කතිපාහං මා කිඤ්චි රඤ්ඤො වදෙථ, අහං එකං කුමාරිකං සයං පරියෙසිත්වා මම චිත්තරුචිතං තුම්හාකං ආචික්ඛිස්සාමී”ති. “එවං කරොහි, තාතා”ති. සො දෙවිං වන්දිත්වා අත්තනො ඝරං ගන්ත්වා සහායකානං සඤ්ඤං දත්වා අඤ්ඤාතකවෙසෙන තුන්නවායඋපකරණානි ගහෙත්වා එකකොව උත්තරද්වාරෙන නික්ඛමිත්වා උත්තරයවමජ්ඣකං පායාසි. තදා පන තත්ථ එකං පොරාණසෙට්ඨිකුලං පරික්ඛීණං අහොසි. තස්ස කුලස්ස ධීතා අමරාදෙවී නාම අභිරූපා දස්සනීයා පාසාදිකා සබ්බලක්ඛණසම්පන්නා පුඤ්ඤවතී. සා තං දිවසං පාතොව යාගුං පචිත්වා ආදාය “පිතු කසනට්ඨානං ගමිස්සාමී”ති නික්ඛමිත්වා තමෙව මග්ගං පටිපජ්ජි. මහාසත්තො තං ආගච්ඡන්තිං දිස්වා “සබ්බලක්ඛණසම්පන්නායං ඉත්ථී, සචෙ අපරිග්ගහා, ඉමාය මෙ පාදපරිචාරිකාය භවිතුං වට්ටතී”ති චින්තෙසි.
එතැන් පටන් බෝධිසත්ත්වයන් වහන්සේගේ යසස විශාල විය. ඒ සියල්ල උදුම්බරා දේවියම විචාරයි. ඇය ඇගේ සොළොස්වන වියේදී මෙසේ සිතුවාය. මගේ බාල සොහොයුරා තරුණ විය. මොහුගේ යසසද විශාලය. මොහුට ආවාහයක් කළ යුතුය. ඇය රජුට ඒ බව දැන්වූවාය. රජු ඒ අසා සොම්නසට පත්වූයේ යහපති. ඔහුට දන්වන්නයැයි කීය. ඕ තොමෝ ඔහුට දන්වා ඔහු විසින් පිළිගත් කල්හි එසේනම් දරුව, කුමාරිකාවක ගෙනෙමුයි කීය. බෝධිසත්ත්වයන් වහන්සේ කිසිවිටෙකත් මොවුන් විසින් ගෙනෙන ලද තැනැත්තිය මට රුචි නොවන්නේය. තමන් විසින්ම ඒ ගැන සිතාබලමියි කියා සිතා මෙසේ කීය. දේවියනි, දින කීපයක් රජුට කිසිවක් නොකියන්න. මම එක් දැරියක් තමන්ම සොයා මගේ කැමැත්ත තොපට කියන්නෙමි. මලණ්ඩ, එසේ කරන්න. ඔහු දේවියට වැඳ තමන්ගේ ගෘහයට ගොස් සහායකයන්ට දැනුම්දී වෙනත් වෙසකින් මැහුම් වැඩට උවමනා කරන උපකරණද ගෙන හුදෙකලාව උතුරු දොරටුවෙන් නික්ම උතුරු යවවැදුම්ගමට පිවිසියේය. එකල්හි එහි පැරණි සිටුකුලයක් පරිහානියට ගියේ විය. ඒ කුලයේ අමරාදේවී නම් දියණිය රූමත්ය. සියළු අංග ලක්ෂණයන්ගෙන් යුක්තය. පුණ්‍යවන්තය. ඇය එදිනම උදයේ කැඳ පිසගෙන පියා කුඹුරු වැඩ කරන තැනට යන්නෙමියි නික්ම එම මාර්ගයට පිවිසියේය. එන්නා වූ ඇය දැක මහාසත්ත්වයන් වහන්සේ දැකුම්කලු ස්ත්‍රියකි. ඉදින් ඇයට හිමියකු නොමැතිනම් ඇය මගේ බිරිඳ කරගැනීමට සුදුසුය කියා සිතීය.
සාපි තං දිස්වාව “සචෙ එවරූපස්ස පුරිසස්ස ගෙහෙ භවෙය්යං, සක්කා මයා කුටුම්බං සණ්ඨාපෙතු”න්ති චින්තෙසි.
ඇයද ඔහුව දුටු පමණින් ඉදින් මෙබඳු පුරුෂයකුගේ ගෙයි සිටින්නට ලැබේනම් මා විසින් පවුල පවත්වාගෙන යන්නට හැකිවේයැයි සිතීය.
අථ මහාසත්තො – “ඉමිස්සා සපරිග්ගහාපරිග්ගහභාවං න ජානාමි, හත්ථමුට්ඨියා නං පුච්ඡිස්සාමි, සචෙ එසා පණ්ඩිතා භවිස්සති, ජානිස්සති. නො චෙ, න ජානිස්සති, ඉධෙව නං ඡඩ්ඩෙත්වා ගච්ඡාමී”ති චින්තෙත්වා දූරෙ ඨිතොව හත්ථමුට්ඨිමකාසි. සාපි “අයං මම සසාමිකාසාමිකභාවං පුච්ඡතී”ති ඤත්වා හත්ථං පසාරෙසි. සො අපරිග්ගහභාවං ඤත්වා සමීපං ගන්ත්වා “භද්දෙ, කා නාම ත්ව”න්ති පුච්ඡි. “සාමි, අහං අතීතෙ වා අනාගතෙ වා එතරහි වා යං නත්ථි, තන්නාමිකා”ති. “භද්දෙ, ලොකෙ අමරා නාම නත්ථි, ත්වං අමරා නාම භවිස්සසී”ති. “එවං, සාමී”ති. “භද්දෙ, කස්ස යාගුං හරිස්සසී”ති? “පුබ්බදෙවතාය, සාමී”ති. “භද්දෙ, පුබ්බදෙවතා නාම මාතාපිතරො, තව පිතු යාගුං හරිස්සසි මඤ්ඤෙ”ති. “එවං, සාමී”ති. “භද්දෙ, තව පිතා කිං කරොතී”ති? “සාමි, එකං ද්විධා කරොතී”ති. “එකස්ස ද්විධාකරණං නාම කසනං, තව පිතා කසතී”ති . “එවං, සාමී”ති. “කතරස්මිං පන ඨානෙ තෙ පිතා කසතී”ති? “යත්ථ සකිං ගතා න එන්ති, තස්මිං ඨානෙ, සාමී”ති. “සකිං ගතානං න පච්චාගමනට්ඨානං නාම සුසානං, සුසානසන්තිකෙ කසති, භද්දෙ”ති. “එවං, සාමී”ති. “භද්දෙ, අජ්ජෙව එස්සසී”ති. “සචෙ එස්සති, න එස්සා”මි. “නො චෙ එස්සති, එස්සාමි, සාමී”ති. “භද්දෙ, පිතා තෙ මඤ්ඤෙ නදීපාරෙ කසති, උදකෙ එන්තෙ න එස්සසි, අනෙන්තෙ එස්සසී”ති. “එවං, සාමී”ති. එත්තකං නාම මහාසත්තො ආලාපසල්ලාපං කරොති.
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ මැයට හිමියකු සිටින හෝ නොසිටින බව නොදනිමි. හස්ත මුද්‍රාවෙන් ඇය විචාරමි. ඉදින් බුද්ධිමත් නම් එය තේරුම් ගන්නීයයි සිත දුරසිටම අත මිට මෙළවීය. ඕතොමෝ මොහු මා සස්වාමිකද අස්වාමිකද යන බව විචාරයි සිතා අත දිගු කළේය. ඔහු දැනගෙන ළඟට ගොස් සොඳුරිය! ඔබගේ නම කුමක්දැයි ඇසීය. ස්වාමීනි! මම අතීතයේ හා අනාගතයේ හෝ වර්තමානයේ නැතිද එම නම ඇත්තීය. සොඳුර, ලෝකයෙහි නොමැරෙන්නාහු නම් නැත්තේය. ඔබ ‘අමරා’ නම් වන්නීය. එසේය ස්වාමීනි. සොඳුර, කාටනම් කැඳ ගෙනයන්නීද? ස්වාමීනි, පූර්ව දේවතාවන්ට. පූර්ව දේවතාවෝ නම් මව්පියවරුය. ඔබගේ පියාට ගෙනයන්නී යයි සිතමි. එසේය ස්වාමීනි. ඔබගේ පියා කුමක් කරන්නේ ද? එක දෙකක් කරයි. එකක් දෙකක් කිරීම නම් සීසෑමයි. සොඳුර, සීසායි. එසේය ස්වාමීනි. කවර තැනක ඔබගේ පියා සීසාන්නේද? යම්කිසි තැනකට වරක් ගිය අය නැවත නොඑත්ද එතැනය. වරක් ගිය, නැවත නොඑන තැන නම් සොහොනයි. සොඳුර, සුසානය ළඟ සීසාන්නේද? එසේය ස්වාමීනි. සොඳුර, අදම සොයන්න. ඉදින් සොයන්නේ නම් නොසොයමි. ඉදින් නොසොයන්නේ නම් සොයන්නෙමි. සොඳුර, ඔබගේ පියා ගංඉවුරේ සීසායි. ජලය එන කල්හි නොසොයයි. නොඑන කල්හි සොයන්නේය. එසේය හිමියනි.
අථ නං අමරාදෙවී “යාගුං පිවිස්සසි, සාමී”ති නිමන්තෙසි. මහාසත්තො “පඨමමෙව පටික්ඛිපනං නාම අවමඞ්ගල”න්ති චින්තෙත්වා “ආම, පිවිස්සාමී”ති ආහ. සා පන යාගුඝටං ඔතාරෙසි. මහාසත්තො චින්තෙසි “සචෙ පාතිං අධොවිත්වා හත්ථධොවනං අදත්වා දස්සති, එත්ථෙව නං පහාය ගමිස්සාමී”ති. සා පන පාතිං ධොවිත්වා පාතියා උදකං ආහරිත්වා හත්ථධොවනං දත්වා තුච්ඡපාතිං හත්ථෙ අට්ඨපෙත්වා භූමියං ඨපෙත්වා ඝටං ආලුළෙත්වා යාගුයා පූරෙසි, තත්ථ පන සිත්ථානි මහන්තානි. අථ නං මහාසත්තො ආහ “කිං, භද්දෙ, අතිබහලා යාගූ”ති. “උදකං න ලද්ධං, සාමී”ති . “කෙදාරෙ උදකං න ලද්ධං භවිස්සති මඤ්ඤෙ”ති. “එවං, සාමී”ති. සා පිතු යාගුං ඨපෙත්වා බොධිසත්තස්ස අදාසි. සො යාගුං පිවිත්වා මුඛං වික්ඛාලෙත්වා “භද්දෙ, තුය්හං මාතු ගෙහං ගමිස්සාමි, මග්ගං මෙ ආචික්ඛා”ති ආහ. සා “සාධූ”ති වත්වා මග්ගං ආචික්ඛන්තී එකකනිපාතෙ ඉමං ගාථමාහ –
මෙපමණක් කථාබහකොට අමරාදේවිය ස්වාමීනි කැඳ බොන්නේදැයි ආරාධනා කළාය. බෝධිසත්ත්වයෝ මෙය ප්‍රතික්ෂේප කිරීම අමංගලයක් යැයි සිතා එසේය බොන්නෙමියි කීය. ඕ කැඳ කලය බිම තැබුවාය. මහාසත්ත්වයෝ ඉදින් අත් නොසෝදා අත් සෝදන්නට නොදී දෙන්නේය. මෙහිම ඇයව අතහැර යන්නෙමියි සිතීය. ඇය වනාහි පාත්‍රයෙන් ජලය ගෙනැවිත් අත් සෝදන්නට දී හිස් පාත්‍රය අතේ නොතබා බිම තබා කලය සොළවා කැඳවලින් පිරවීය. එහි වනාහි බත්ඇට ස්වල්පයකි. ඉක්බිති ඇයට මහාසත්ත්වයෝ මෙසේ කීහ. සොඳුර, කැඳ මෙතරම් ඝන ඇයි? ස්වාමීනි, ජලය ලැබුනේ නැත. ගොවියන් විසින් ජලය නොලබන ලදැයි සිතමි. එසේය ස්වාමීනි. ඇය පියාට කැඳ තබා මහාසත්ත්වයන්ට දුන්නාය. ඔහු කැඳ බී කට සෝදා සොඳුර, අපි ඔබගේ ගෙට යන්නෙමු. අපට මාර්ගය කියන්නැයි පැවසීය. ඇය එසේය කියා මාර්ගය කියන්න මේ ඒකක නිපාතයේ ගාථාව කීවාය.
“යෙන සත්තුබිලඞ්ගා ච, දිගුණපලාසො ච පුප්ඵිතො; යෙන දදාමි තෙන වදාමි, යෙන න දදාමි න තෙන වදාමි; එස මග්ගො යවමජ්ඣකස්ස, එතං අන්නපථං විජානාහී”ති. (ජා· 1.1.112);
යෙන සත්තු බිළංගාච - ද්විගුණපලාසොච පුප්ඵිතො, යෙනාදාමි තෙනවදාමි - යෙන නාදාමි න තෙන වදාමි, එස මග්ගො යවමජ්ඣකස්ස - එකං ජනනපථං විජානහි
(යම්තැනක අත්සුණු සල්පිලක් ඇත්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම්ද ඒ අතැ මගැ යන්නට කියමි. මේ යව මැදුම්ගමැ අපගේ ගෘහයට යන මාර්ගයයි. මේ සැඟවුනු මාර්ගය දැනගන්නෙහිය.)
තස්සත්ථො – “සාමි, අන්තොගාමං පවිසිත්වා එකං සත්තුආපණං පස්සිස්සසි, තතො කඤ්ජිකාපණං, තෙසං පුරතො දිගුණපණ්ණො කොවිළාරො සුපුප්ඵිතො, තස්මා ත්වං යෙන සත්තුබිලඞ්ගා ච කොවිළාරො ච පුප්ඵිතො, තෙන ගන්ත්වා කොවිළාරමූලෙ ඨත්වා දක්ඛිණං ගණ්හ වාමං මුඤ්ච, එස මග්ගො යවමජ්ඣකස්ස යවමජ්ඣකගාමෙ ඨිතස්ස අම්හාකං ගෙහස්ස, එතං එවං පටිච්ඡාදෙත්වා මයා වුත්තං ඡන්නපථං පටිච්ඡන්නපථං ඡන්නපථං වා පටිච්ඡන්නකාරණං විජානාහී”ති. එත්ථ හි යෙන දදාමීති යෙන හත්ථෙන දදාමි, ඉදං දක්ඛිණහත්ථං සන්ධාය වුත්තං, ඉතරං වාමහත්ථං. එවං සා තස්ස මග්ගං ආචික්ඛිත්වා පිතු යාගුං ගහෙත්වා අගමාසි.
ස්වාමීනි, ඇතුල්ගමට පිවිස එක් අත්සුණු කඩයක් දකින්නෙහිය. ඉන් එහා කැඳ කඩයක්ද ඊටත් පසුව දෙපෙති ඇති මල් පිපුණු කොබෝලීල ගසෙක් ඇත. එයින් නුඹ යෙන සත්තුබිලංගාච ද්විගුණ පලාසොච පුප්ඵිතො එතනින් ගොස් කොබෝලීල ගසමුල සිට දකුණු පැත්තට යන්න. වම්පස අතහරින්න. එසමග්ගො යවමජ්ඣකස්ස යවමැදුම්ගමේ පිහිටි අපගේ ගෙදරට. එතං මෙසේ මා විසින් කියන ලද සැඟවුනු. ඡන්නපථං සැඟවුනු මාර්ගය හෝ සැඟවුණු කාරණය විජානහි දැනගන්න. එත්ථහි යෙනාදාමි යම් අතකින් පිළිගනීද, දකුණු අත සඳහා කියන ලදී. අනික වම් අත. මෙසේ ඕ තොමෝ ඔහුට මාර්ගය කියා පියාට කැඳ රැගෙන ගියාය.
ඡන්නපථපඤ්හො නිට්ඨිතො.
සැඟවුනු මාර්ග ප්රශ්නය නිමියේ ය.