යෙදුමෙන් කියවන්න

සිරිමන‍්තපඤ‍්හො අට‍්ඨකථා

සිරිමන‍්තපඤ‍්හො

සිරිමන්‍ද ප්‍රශ්නය

උදුම‍්බරදෙවී පන ඉතරෙහි පණ‍්ඩිතං නිස‍්සාය පඤ‍්හස‍්ස ඤාතභාවං ඤත්‍වා “රඤ‍්ඤා මුග‍්ගං මාසෙන නිබ‍්බිසෙසකං කරොන‍්තෙන විය පඤ‍්චන‍්නං සමකොව සක‍්කාරො කතො, නනු මය‍්හං කනිට‍්ඨස‍්ස විසෙසං සක‍්කාරං කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡි “දෙව, කෙන වො පඤ‍්හො කථිතො”ති? “පඤ‍්චහි පණ‍්ඩිතෙහි, භද‍්දෙ”ති. “දෙව, චත‍්තාරො ජනා තං පඤ‍්හං කං නිස‍්සාය ජානිංසූ”ති? “න ජානාමි, භද‍්දෙ”ති. “මහාරාජ, කිං තෙ ජානන‍්ති, පණ‍්ඩිතො පන ‘මා නස‍්සන‍්තු ඉමෙ බාලා’ති පඤ‍්හං උග‍්ගණ‍්හාපෙසි, තුම‍්හෙ සබ‍්බෙසං සමකං සක‍්කාරං කරොථ, අයුත‍්තමෙතං, පණ‍්ඩිතස‍්ස විසෙසකං කාතුං වට‍්ටතී”ති. රාජා “අත‍්තානං නිස‍්සාය ඤාතභාවං න කථෙසී”ති පණ‍්ඩිතස‍්ස තුස‍්සිත්‍වා අතිරෙකතරං සක‍්කාරං කාතුකාමො චින‍්තෙසි “හොතු මම පුත‍්තං එකං පඤ‍්හං පුච‍්ඡිත්‍වා කථිතකාලෙ මහන‍්තං සක‍්කාරං කරිස‍්සාමී”ති. සො පඤ‍්හං චින‍්තෙන‍්තො සිරිමන‍්තපඤ‍්හං චින‍්තෙත්‍වා එකදිවසං පඤ‍්චන‍්නං පණ‍්ඩිතානං උපට‍්ඨානං ආගන‍්ත්‍වා සුඛනිසින‍්නකාලෙ සෙනකං ආහ – “සෙනක, පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති. “පුච‍්ඡ දෙවා”ති. රාජා සිරිමන‍්තපඤ‍්හෙ පඨමං ගාථමාහ –

උදුම්බරා දේවිය වනාහි අනිත් අය පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය අවබෝධ කරගත් බව දැන රජු විසින් වෙනසක් නොකරන්නා මෙන් පස්දෙනාටම සමව සත්කාර කළේය. මාගේ කණිටු බෑයාට විශේෂ සැලකිල්ලක් කරන්නට වටනේ යැයි රජු සමීපයට ගොස් විචාළේය. දේවයිනි! ඔබට කවුරුන් විසින් ප්‍රශ්නය කියන ලද්දේ ද? සොඳුර, පණ්ඩිතයන් පස්දෙනා විසින් දේවයිනි! සතරදෙනාම ඒ ප්‍රශ්නය ඔහු නිසා (පණ්ඩිතයන් නිසා) දැනගත්හ. සොඳුර, මම නොදනිමි. මහරජ! ඔබතුමන් කුමක් දන්නේ ද? පණ්ඩිතයෝ වනාහි මේ මෝඩයන් නොනසත්වා’යි ඔවුන්ට ප්‍රශ්නය ඉගැන්වූහ. ඔබතුමා සියල්ලන්ටම සමාන සැලකිලි දක්වයි. මෙය අයුතුය. පණ්ඩිතයන්ට විශේෂයක් කළ යුතුය. රජු තමා නිසා ඔවුන් ප්‍රශ්නය දැනගත් බව පණ්ඩිතයන් නොකියූ බවත් කියා පණ්ඩිතයන් කෙරෙහි සතුටුව අතිරේක ලාභසත්කාර කරනු කැමැත්තේ මෙසේ සිතීය. වේවා! මගේ පුත්‍රයාගෙන් එක ප්‍රශ්නයක් අසා එය කියන ලද කල්හි මහා සත්කාර කරන්නෙමි. හෙතෙම ප්‍රශ්නය සිතන්නේ සිරිමන්ද ප්‍රශ්නය ගැන සිතීය. සිතා එක් දිනක් පණ්ඩිතයන් පස්දෙනා සේවයට පැමිණ සුවසේ සිටිය කල්හි සේනකගෙන් ප්‍රශ්නය විචාරමියි කීවිට දේවයන් වහන්ස! අසන්න යැයි කීය. රජතුමා සිරිමන්ද ප්‍රශ්නයේ පළමු ගාථාව කීය.

“පඤ‍්ඤායුපෙතං සිරියා විහීනං, යසස‍්සිනං වාපි අපෙතපඤ‍්ඤං; පුච‍්ඡාමි තං සෙනක එතමත්‍ථං, කමෙත්‍ථ සෙය්‍යො කුසලා වදන‍්තී”ති. (ජා· 1.15.83);

සේනකය! ප්‍රඥාවෙන් යුක්ත වූ සම්පත්තියෙන් තොර වූත් සම්පත්තියෙන් යුත් ප්‍රඥාවෙන් තොරවූත් යන මේ දෙදෙනා අතුරින් නුවණැත්තෝ කවරකු උතුම්කොට සලකන්නාහුදැයි මෙහි අර්ථය විචාරමි.

තත්‍ථ කමෙත්‍ථ සෙය්‍යොති ඉමෙසු ද‍්වීසු කතරං පණ‍්ඩිතා සෙය්‍යොති වදන‍්ති.

එහි කමෙත්‍ථ සෙය්‍යො මේ දෙදෙනා අතර කවර පණ්ඩිතයෙක් උතුම්දැයි කියත්ද?

අයඤ‍්ච කිර පඤ‍්හො සෙනකස‍්ස වංසානුගතො, තෙන නං ඛිප‍්පමෙව කථෙසි –

මේ ප්‍රශ්නය වනාහි සේනකයන්ගේ පරපුරෙන් ආ එකකි. ඔහු විසින් වහාම මෙසේ කීය.

“ධීරා ච බාලා ච හවෙ ජනින්‍ද, සිප‍්පූපපන‍්නා ච අසිප‍්පිනො ච; සුජාතිමන‍්තොපි අජාතිමස‍්ස, යසස‍්සිනො පෙසකරා භවන‍්ති; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.84);

මහරජ! නුවණ ඇත්තෝද නුවණ නැත්තෝද ශිල්ප හදාළ අයද ශිල්ප නොහදාළ අයද උසස් ජාති ඇත්තෝද හීන ජාති ඇත්තෝද සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණු දැක මම නුවණැත්තේ හීනයයිද සම්පත්තියෙන් යුක්ත වූයේ උතුම්යයි ද කියමි.

තත්‍ථ පඤ‍්ඤො නිහීනොති පඤ‍්ඤවා නිහීනො, ඉස‍්සරොව උත‍්තමොති අත්‍ථො.

එහි පඤ්ඤො නිහීනො යනු ප්‍රඥාවන්තයා පහත්ය. ඉසුරු ඇත්තා උතුම්ය.

රාජා තස‍්ස වචනං සුත්‍වා ඉතරෙ තයො අපුච‍්ඡිත්‍වා සඞ‍්ඝනවකං හුත්‍වා නිසින‍්නං මහොසධපණ‍්ඩිතං ආහ –

රජු ඔහුගේ වචනය අසා ඉතිරි තුන්දෙනා නොවිමසාම පිරිසේ නවකයා ලෙස සිටියා වූ මහෞෂධ පණ්ඩිතයන්ට කීය.

“තුවම‍්පි පුච‍්ඡාමි අනොමපඤ‍්ඤ, මහොසධ කෙවලධම‍්මදස‍්සි; බාලං යසස‍්සිං පණ‍්ඩිතං අප‍්පභොගං, කමෙත්‍ථ සෙය්‍යො කුසලා වදන‍්තී”ති. (ජා· 1.15.85);

මහා ප්‍රාඥ වූ සියළු ධර්ම දක්වා වූ මහෞෂධය! තොපගෙන් අසමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්ප සම්පත් ඇත්තා වූ ද දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්දැයි නුවණැත්තෝ කියත් ද?

තත්‍ථ කෙවලධම‍්මදස‍්සීති සබ‍්බධම‍්මදස‍්සි.

එහි කෙවල ධම්මදස්සී සියළු ධර්මය දකින්නා වූ.

අථස‍්ස මහාසත‍්තො “සුණ, මහාරාජා”ති වත්‍වා කථෙසි –

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ එසේම් මහරජතුමනි, අසන්න යැයි කීවේය.

“පාපානි කම‍්මානි කරොති බාලො, ඉධමෙව සෙය්‍යො ඉති මඤ‍්ඤමානො; ඉධලොකදස‍්සී පරලොකමදස‍්සී, උභයත්‍ථ බාලො කලිමග‍්ගහෙසි; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.86);

මෙලොව සම්පත් උතුම්ය කියා සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නොදක්නා වූ අඥානයා දෙලොවින්මැ පරාද වෙයි. මේ කාරණය දැක නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයිද යසසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නොවේයැයි මම කියමි.

තත්‍ථ ඉධමෙව සෙය්‍යොති ඉධලොකෙ ඉස‍්සරියමෙව මය‍්හං සෙට‍්ඨන‍්ති මඤ‍්ඤමානො. කලිමග‍්ගහෙසීති බාලො ඉස‍්සරියමානෙන පාපකම‍්මං කත්‍වා නිරයාදිං උපපජ‍්ජන‍්තො පරලොකෙ ච පුන තතො ආගන‍්ත්‍වා නීචකුලෙ දුක‍්ඛභාවං පත්‍වා නිබ‍්බත‍්තමානො ඉධලොකෙ චාති උභයත්‍ථ පරාජයමෙව ගණ‍්හාති. එතම‍්පි කාරණං අහං දිස‍්වා පඤ‍්ඤාසම‍්පන‍්නොව උත‍්තමො, ඉස‍්සරො පන බාලො න උත‍්තමොති වදාමි.

එහි ඉධමේව යනු මේ ලෝකයෙහි මේ සැපසම්පත්ම මට ශ්‍රේෂ්ඨ යැයි හඟින්නා වූ. කලිමග්ගහෙසී බාලයා ඉසුරු මදයෙන් පව්කොට නිරයාදියෙහි උපදින්නේ නැවත එයින් අවුත් පහත් කුලවල දුකට පත්වී උපදින්නේ මෙලොවත් පරලොවත් යන උභය ලෝකයේම පරාජයට පත්වෙයි. මම මේ කරුණ ද දැක දැන ප්‍රඥා සම්පන්න වූ තැනැත්තා උතුම්ය. පොහොසත් වුවත් මෝඩ නම් උතුම් නොවේයැයි කියමි.

එවං වුත‍්තෙ රාජා සෙනකං ඔලොකෙත්‍වා “නනු මහොසධො පඤ‍්ඤවන‍්තමෙව උත‍්තමොති වදතී”ති ආහ. සෙනකො “මහාරාජ, මහොසධො දහරො, අජ‍්ජාපිස‍්ස මුඛෙ ඛීරගන්‍ධො වායති, කිමෙස ජානාතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙසේ කී කල්හි රජු සේනක දෙස බලා මහෞෂධයන් ප්‍රඥාවන්තයා වට උතුම් යයි කියන්නේ නොවේදැයි කීය. මහරජතුමනි! මහෞෂධ තෙමේ බාලයා අද ද ඔහුගේ මුවින් කිරි සුවඳ හමයි. මොහු කුමක් දන්නේදැයි කියා මේ ගාථාව කීය.

“නිසිප‍්පමෙතං විදධාති භොගං, න බන්‍ධුවා න සරීරවණ‍්ණො යො; පස‍්සෙළමූගං සුඛමෙධමානං, සිරී හි නං භජතෙ ගොරවින්‍දං; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති.

මේ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් භෝග නොලැබේ. ඥාතීහුද නොවෙත්. ශරීර අවකාශයෙක්ද නොවේ. කෙළතොලු වැ සුව විඳින ගෝරිමන්ද සිටාණන් බැලුව මැනවි. ශ්‍රීකාන්තාව ඔහුව ඇසුරු කරයි. මේ දැක නුවණැත්තා ශ්‍රේෂ්ඨ නොවෙයි. සම්පත් ඇති අඥානයා උතුම්යයි කියමි.

තත්‍ථ එළමූගන‍්ති පග‍්ඝරිතලාලමුඛං. ගොරවින්‍දන‍්ති සො කිර තස‍්මිංයෙව නගරෙ අසීතිකොටිවිභවො සෙට‍්ඨි විරූපො. නාස‍්ස පුත‍්තො න ච ධීතා, න කිඤ‍්චි සිප‍්පං ජානාති. කථෙන‍්තස‍්සපිස‍්ස හනුකස‍්ස උභොහිපි පස‍්සෙහි ලාලාධාරා පග‍්ඝරති. දෙවච‍්ඡරා විය ද‍්වෙ ඉත්‍ථියො සබ‍්බාලඞ‍්කාරෙහි විභූසිතා සුපුප‍්ඵිතානි නීලුප‍්පලානි ගහෙත්‍වා උභොසු පස‍්සෙසු ඨිතා තං ලාලං නීලුප‍්පලෙහි සම‍්පටිච‍්ඡිත්‍වා නීලුප‍්පලානි වාතපානෙන ඡඩ‍්ඩෙන‍්ති. සුරාසොණ‍්ඩාපි පානාගාරං පවිසන‍්තා නීලුප‍්පලෙහි අත්‍ථෙ සති තස‍්ස ගෙහද‍්වාරං ගන‍්ත්‍වා “සාමි ගොරවින්‍ද, සෙට‍්ඨී”ති වදන‍්ති. සො තෙසං සද‍්දං සුත්‍වා වාතපානෙ ඨත්‍වා “කිං, තාතා”ති වදති. අථස‍්ස ලාලාධාරා පග‍්ඝරති . තා ඉත්‍ථියො තං නීලුප‍්පලෙහි සම‍්පටිච‍්ඡිත්‍වා නීලුප‍්පලානි අන‍්තරවීථියං ඛිපන‍්ති. සුරාධුත‍්තා තානි ගහෙත්‍වා උදකෙන වික‍්ඛාලෙත්‍වා පිළන්‍ධිත්‍වා පානාගාරං පවිසන‍්ති. එවං සිරිසම‍්පන‍්නො අහොසි. සෙනකො තං උදාහරණං කත්‍වා දස‍්සෙන‍්තො එවමාහ.

එහි එළ මූගං වැගිරෙන කෙළ ඇති මුව. ගොරිමන්‍ද ඔහු වනාහි ඒ නගරයේම අසූ කෝටියක් සම්පත් ඇති සිටුවරයාය. විරූපීය. ඔහුට පුත්‍රයෙක් නැත. දුවක් නැත. කිසි ශිල්පයක් නොදනී. කථා කරනවිට ඔහුගේ කට දෙකෙළවරින් කෙළ වැගිරෙයි. දෙවඟනන් බඳු කාන්තාවෝ දෙදෙනෙක් සියළු අබරණින් සැරසී පිපුණු නිලුපුල් ගෙන දෙපසට වී ඒ කෙළ නිලුපුල්වලින් පිසදමා ඒ මල් ඉවත දමත්. සුරාසොඬහු අවන්හළට පැමිණ නිලුපුල්වලින් වැඩක් ඇති කල්හි ඔහුගේ ගේදොරකඩට ගොස් ස්වාමීනි! ගොරිමන්ද සිටුතුමාණනි යි කියත්. ඔහු ඔවුන්ගේ හඬ අසා සුළං කවුළුව ළඟ සිට කිම දරුවෙනි. කියා අසයි. ඉක්බිති ඔහුගේ මුවින් කෙළ වැගිරෙයි. ඒ ස්ත්‍රීහු එය නිලුපුල්වලින් පිසදමා නිලුපුල් ඇතුල් වීදියට විසිකරත්. සුරා ධූර්තයෝ ඒවා රැගෙන ජලයේ දමා සෝදා පැළඳගෙන අවන්හළට පිවිසෙත්. මෙබඳු සිරි සම්පත් ඇත්තේ විය. සේනක තෙමේ ඒ උදාහරණය ගෙනහැර දක්වමින් මේ ගාථාව කීය.

තං සුත්‍වා රාජා “කීදිසං, තාත, මහොසධපණ‍්ඩිතා”ති ආහ. පණ‍්ඩිතො “දෙව, කිං සෙනකො ජානාති, ඔදනසිත්‍ථට‍්ඨානෙ කාකො විය දධිං පාතුං ආරද‍්ධසුනඛො විය ච යසමෙව පස‍්සති, සීසෙ පතන‍්තං මහාමුග‍්ගරං න පස‍්සති, සුණ, දෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එය අසා රජතෙමේ, දරුවෙනි! මහෞෂධ පඬිතුමා කෙබඳු කෙනෙක්දැයි කීය. පණ්ඩිතයෝ, දේවයන් වහන්ස, සේනක කුමක් දනීද? බත්ඇට විසුරුවන ලද තැනක සිටින කාකයකු මෙන් ද දීකිරි බීමට පටන්ගත් සුනඛයකු මෙන් යසසම පතයි. හිසට වදින මහා මුගුර නොදකී. දේවයන් වහන්ස, මෙය අසන්නැයි මේ ගාථාව කීය.

“ලද‍්ධා සුඛං මජ‍්ජති අප‍්පපඤ‍්ඤො, දුක‍්ඛෙන ඵුට‍්ඨොපි පමොහමෙති; ආගන‍්තුනා දුක‍්ඛසුඛෙන ඵුට‍්ඨො, පවෙධති වාරිචරොව ඝම‍්මෙ; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.88);

අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුක්ඛ ස්පර්ශයෙන් අතිශය මුලාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වේ. ඉසුරුමත් බාලයා උතුම් නොවේයයි සිතමි.

තත්‍ථ සුඛන‍්ති ඉස‍්සරියසුඛං ලභිත්‍වා බාලො පමජ‍්ජති, පමත‍්තො සමානො පාපං කරොති. දුක‍්ඛෙනාති කායිකචෙතසිකදුක‍්ඛෙන. ආගන‍්තුනාති න අජ‍්ඣත‍්තිකෙන. සත‍්තානඤ‍්හි සුඛම‍්පි දුක‍්ඛම‍්පි ආගන‍්තුකමෙව, න නිච‍්චපවත‍්තං. ඝම‍්මෙති උදකා උද‍්ධරිත්‍වා ආතපෙ ඛිත‍්තමච‍්ඡො විය.

එහි සුඛං යනු යසඉසුරු සැප ලබා බාලයා මජ්ජති ප්‍රමාද වෙයි. ප්‍රමාදී පුද්ගලයා පව් කරයි. දුක්ඛෙන යනු කායික හා චෛතසික දුකින් ආගන්තුනා අධ්‍යාත්මිකව නොව සත්ත්වයන්ගේ සැපය ද දුක ද ආගන්තුකය. නිත්‍ය වශයෙන් පවත්නා එකක් නොවේ. සම්මෙති ජලයෙන් උඩට ගෙන අව්වෙහි තබන ලද මත්ස්‍යයකු මෙන් වෙහෙසේ යන අර්ථයි.

තං සුත්‍වා රාජා “කීදිසං ආචරියා”ති ආහ. සෙනකො “දෙව, කිමෙස ජානාති, තිට‍්ඨන‍්තු තාව මනුස‍්සා, අරඤ‍්ඤෙ ජාතරුක‍්ඛෙසුපි ඵලසම‍්පන‍්නමෙව බහූ විහඞ‍්ගමා භජන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එය අසා රජු ආචාර්යයෙනි, කෙසේදැයි ඇසීය. සේනක තෙමේ දේවයන් වහන්ස! මොහු කුමක් දනීද? මනුෂ්‍යයන් පිළිබඳව කවර කතාද? වනයේ හටගත් වෘක්‍ෂය පවා ඵල ඇත්තේම පක්‍ෂීහු සේවනය කරත්යැයි මේ ගාථාව කීය.

“දුමං යථා සාදුඵලං අරඤ‍්ඤෙ, සමන‍්තතො සමභිසරන‍්ති පක‍්ඛී; එවම‍්පි අඩ‍්ඪං සධනං සභොගං, බහුජ‍්ජනො භජති අත්‍ථහෙතු; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.89);

වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්‍ෂය හාත්පසැ යම්සේ පක්‍ෂීහු හැසිරෙත්ද එසේම ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයාද ධනය නිසා බොහෝදෙන සේවනය කරති. මේ කරුණු දැක මම ප්‍රඥා ඇත්තා හීනය. යසස් ඇත්තේම උතුම්මැයි කියමි.

තත්‍ථ බහුජ‍්ජනොති මහාජනො.

එහි බහුජ්ජනො යනු බොහෝ ජනයා.

තං සුත්‍වා රාජා “කීදිසං තාතා”ති ආහ. පණ‍්ඩිතො “කිමෙස මහොදරො ජානාති, සුණ, දෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඒ අසා රජු දරුවෙනි, කෙසේදැයි ඇසීය. පණ්ඩිතයා මේ මහා උදර ඇත්තා කුමක් දනීද? දේවයනි! අසන්න යැයි මේ ගාථාව කීය.

“න සාධු බලවා බාලො, සාහසා වින්‍දතෙ ධනං; කන්‍දන‍්තමෙතං දුම‍්මෙධං, කඩ‍්ඪන‍්ති නිරයං භුසං; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.90);

බලවත් වූ බාලයා යහපත් නොවේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වැළපෙන්නා වූ ඒ මෝඩයාව මහා නිරයට පමුණුවත්. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නොවේයයි කියමි.

තත්‍ථ සාහසාති සාහසෙන සාහසිකකම‍්මං කත්‍වා ජනං පීළෙත්‍වා ධනං වින්‍දති. අථ නං නිරයපාලා කන්‍දන‍්තමෙව දුම‍්මෙධං බලවවෙදනං නිරයං කඩ‍්ඪන‍්ති.

එහි සාහසං යනු සැහැසිකමෙන් සාහසික ක්‍රියාවක් කොට ජනයා පීඩාකොට ධනය ලබයි. ඉක්බිති ඔහුව නරපල්ලෝ හඬන්නා වූ මෝඩයාව බලවත් වූ වේදනා ගෙනදෙන නිරයට පමුණුවත්.

පුන රඤ‍්ඤා “කිං සෙනකා”ති වුත‍්තෙ සෙනකො ඉමං ගාථමාහ –

නැවත සේනක තෙමේ, රජු විසින් සේනකය කෙසේදැයි කී කල්හි ගාථාව කීය.

“යා කාචි නජ‍්ජො ගඞ‍්ගමභිස‍්සවන‍්ති, සබ‍්බාව තා නාමගොත‍්තං ජහන‍්ති; ගඞ‍්ගා සමුද‍්දං පටිපජ‍්ජමානා, න ඛායතෙ ඉද‍්ධිං පඤ‍්ඤොපි ලොකෙ; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.91);

යම්සේ කුඩා නදීහු මහා ගංගාව කරා ගලාබසිත්ද ඒ සියල්ලෝ පෙර නම්ගොත් හැරදමත්. ගඟ මුහුදට වදනා කල්හිද කලින් පැවැති නම් නොපැනෙයි. ඒකාන්තයෙන් ලෝවැස්සෝ සම්පත්තිය පිහිටකොට ඇත්තාහ. මම මේ කරුණ [missing trans] නුවණැත්තෝ නිහීනය. සම්පත් ඇත්තේම උතුම්යැයි කියමි.

තත්‍ථ නජ‍්ජොති නින‍්නා හුත්‍වා සන්‍දමානා අන‍්තමසො කුන‍්නදියොපි ගඞ‍්ගං අභිස‍්සවන‍්ති. ජහන‍්තීති ගඞ‍්ගාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති, අත‍්තනො නාමගොත‍්තං ජහන‍්ති. න ඛායතෙති සාපි ගඞ‍්ගා සමුද‍්දං පටිපජ‍්ජමානා න පඤ‍්ඤායති, සමුද‍්දොත්‍වෙව නාමං ලභති. එවමෙව මහාපඤ‍්ඤොපි ඉස‍්සරසන‍්තිකං පත‍්තො න ඛායති න පඤ‍්ඤායති,සමුද‍්දං පවිට‍්ඨගඞ‍්ගා විය හොති.

එහි නජ්ජො පහතට නැඹුරුව ගලන. අඩුම තරමින් දියකඳුරක් සඳහා. ජහන්ති ගංගා යන සංඥාව ලබත්. තම තමන්ගේ නාමගෝත්‍ර අත්හරිත්. නඛායතෙ යනු ඒ ගංගාව සමුද්‍රයට වැටෙන්නේ නොපෙනී යයි. සමුද්‍ර යන නම ම ලබයි. එපරිද්දෙන් මහා ප්‍රාඥයාද යසඉසුරු ලබා නොවැටහේ. පෙනී නොසිටියි. සමුද්‍රයට වැටුණු ගංගාව මෙන් වන්නේය යන අර්ථයි.

පුන රාජා “කිං පණ‍්ඩිතා”ති ආහ. සො “සුණ, මහාරාජා”ති වත්‍වා ඉමං ගාථාද‍්වයමාහ –

නැවත රජු පණ්ඩිතයෙනි, කෙසේදැයි ඇසීය. හෙතෙම මහරජ, අසන්න යයි කියා මේ ගාථා දෙක ප්‍රකාශ කළේය.

“යමෙතමක‍්ඛා උදධිං මහන‍්තං, සවන‍්ති නජ‍්ජො සබ‍්බකාලමසඞ‍්ඛ්‍යං; සො සාගරො නිච‍්චමුළාරවෙගො, වෙලං න අච‍්චෙති මහාසමුද‍්දො.

තෙපි යම් මේ මහා සාගරයක් ගැන කීහුද? එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළවේග ඇත්තේය. එහෙත් මහසයුර වෙරළ නොඉක්මවයි.

“එවම‍්පි බාලස‍්ස පජප‍්පිතානි, පඤ‍්ඤං න අච‍්චෙති සිරී කදාචි; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.92-93);

එබැවින් බාලයාගේ කථා ප්‍රාඥයා නොඉක්මවයි. කිසිකලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නොයයි. මම මේ කරුණු දැකැ ප්‍රාඥයාම උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නොවේයයි කියමි.

තත්‍ථ යමෙතමක‍්ඛාති යං එතං අක‍්ඛාසි වදෙසි. අසඞ‍්ඛ්‍යන‍්ති අගණනං. වෙලං න අච‍්චෙතීති උළාරවෙගොපි හුත්‍වා ඌමිසහස‍්සං උක‍්ඛිපිත්‍වාපි වෙලං අතික‍්කමිතුං න සක‍්කොති, වෙලං පත්‍වා අවස‍්සං සබ‍්බා ඌමියො භිජ‍්ජන‍්ති. එවම‍්පි බාලස‍්ස පජප‍්පිතානීති බාලස‍්ස වචනානිපි එවමෙව පඤ‍්ඤවන‍්තං අතික‍්කමිතුං න සක‍්කොන‍්ති, තං පත්‍වාව භිජ‍්ජන‍්ති. පඤ‍්ඤං න අච‍්චෙතීති පඤ‍්ඤවන‍්තං සිරිමා නාම නාතික‍්කමති. න හි කොචි මනුජො අත්‍ථානත්‍ථෙ උප‍්පන‍්නකඞ‍්ඛො තංඡින්‍දනත්‍ථාය පඤ‍්ඤවන‍්තං අතික‍්කමිත්‍වා බාලස‍්ස ඉස‍්සරස‍්ස පාදමූලං ගච‍්ඡති, පඤ‍්ඤවන‍්තස‍්ස පන පාදමූලෙයෙව විනිච‍්ඡයො නාම ලබ‍්භතීති.

එහි යමෙතමක්ඛා නුඹ මේ යමක් කියන්නෙහිද? අසංඛ ගණන් කළ නොහැකි කාලයක්. වෙලංග අච්චති විශාල වේගයක් ඇතිව නමුත් රැළපන්ති දහසක් උඩට ඔසවා නමුත් වෙරළ ඉක්මවා යාමට අපොහොසත් වෙයි. එහි වෙරළට පැමිණ සියළු රළගෙඩි බිඳී යයි. එවම්පි යනු බාලයා කියූ දේ එපරිද්දෙන් ප්‍රඥාවන්තයාව ඉක්මවා යාමට නොහැකි වෙයි. ඒ වෙත පැමිණ බිඳී යයි. පඤ්ඤං න අච්චෙති සෞභාග්‍ය වනාහි ප්‍රඥාවන්තයාව නොඉක්මවයි. කිසිම අර්ථානර්ථයක උපන්නා වූ සැක ඇත්තේ ප්‍රඥාවන්තයාගේ පාමුලදී විනිශ්චයක් ලබන්නේය යන අර්ථයි.

තං සුත්‍වා රාජා “කථං සෙනකා”ති ආහ. සො “සුණ, දෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඒ අසා රජු සේනක කෙසේදැයි ඇසීය. හෙතෙම රජතුමනි, අසන්න යැයි මේ ගාථාව කීය.

“අසඤ‍්ඤතො චෙපි පරෙසමත්‍ථං, භණාති සන්‍ධානගතො යසස‍්සී; තස‍්සෙව තං රූහති ඤාතිමජ‍්ඣෙ, සිරී හි නං කාරයතෙ න පඤ‍්ඤා; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.94);

කාය ආදියෙහි සංයමයක් නැත්තේද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයේ සිටියේ අනුන්ගේ අර්ථය ප්‍රකාශ කෙරෙයි. ඥාති මධ්‍යයේදී ඔහුගේ මැ වචනය පිළිගැනෙයි. එය සම්පත්තියම කරවයි. ප්‍රඥාව නොවේ. මම මේ කරුණ දැක නුවණැත්තේ හීනය. යසස් ඇත්තේම උතුම් වන්නේ යැයි සිතමි.

තත්‍ථ අසඤ‍්ඤතො චෙපීති ඉස‍්සරො හි සචෙපි කායාදීහි අසඤ‍්ඤතො දුස‍්සීලො. සන්‍ධානගතොති විනිච‍්ඡයෙ ඨිතො හුත්‍වා පරෙසං අත්‍ථං භණති, තස‍්මිං විනිච‍්ඡයමණ‍්ඩලෙ මහාපරිවාරපරිවුතස‍්ස මුසාවාදං වත්‍වා සාමිකම‍්පි අස‍්සාමිකං කරොන‍්තස‍්ස තස‍්සෙව තං වචනං රුහති. සිරී හි නං තථා කාරයතෙ න පඤ‍්ඤා, තස‍්මා පඤ‍්ඤො නිහීනො, සිරිමාව සෙය්‍යොති වදාමි.

එහි අසඤ්ඤතොචෙපි යනු භවභෝග සම්පත් ඇත්තේ නමුදු කායාදියෙන් අසංයත වූයේ - දුස්සීල වූයේ. සන්තානගතො විනිශ්චයෙහි පිහිටා අනුන්ට යහපත කියා දෙයි. ඒ විනිශ්චය මණ්ඩලයෙහි මහා පිරිස් පිරිවරා ගත්තහුට බොරු කියා ස්වාමියා අස්වාමියා කරන ඔහුගේ ඒ වචනය නැගී සිටියි. එසේ සම්පත් රහිතද කෙරේ. ප්‍රඥාව නොවේ. ඒ නිසා ප්‍රඥාව නිහීනය. සම්පත්ම ශ්‍රේෂ්ඨයයි කියයි.

පුන රඤ‍්ඤා “කිං, තාතා”ති වුත‍්තෙ පණ‍්ඩිතො “සුණ, දෙව, බාලසෙනකො කිං ජානාතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

නැවත රජු විසින් කිම දරුවෙනි කියා කී කල්හි පණ්ඩිතයෝ, දේවයන් වහන්ස! අසන්න. බාල වූ සේනකයා කුමක් දනීදැයි කියා මේ ගාථාව කීය.

“පරස‍්ස වා අත‍්තනො වාපි හෙතු, බාලො මුසා භාසති අප‍්පපඤ‍්ඤො; සො නින්‍දිතො හොති සභාය මජ‍්ඣෙ, පච‍්ඡාපි සො දුග‍්ගතිගාමී හොති; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.95);

මන්දප්‍රාඥ වූ බාලයා තමා හෝ අනුන් හෝ උදෙසා බොරු කියයි. සබා මැද නින්දා ලබන හෝ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේයැයි කියමි.

තතො සෙනකො ඉමං ගාථමාහ –

ඉක්බිති සේනක මේ ගාථාව කීය.

“අත්‍ථම‍්පි චෙ භාසති භූරිපඤ‍්ඤො, අනාළ‍්හියො අප‍්පධනො දලිද‍්දො; න තස‍්ස තං රූහති ඤාතිමජ‍්ඣෙ, සිරී ච පඤ‍්ඤාණවතො න හොති; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.96);

සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළින්දා මහ නුවණැත්තේ ඉදින් යම් අර්ථයක් කියන්නවුන් ඔහුගේ ඒ වචනය නෑයන් මැද නො නැඟෙන්නේය. සෞභාග්‍යය ද නුවණැත්තාට නැත. මම මේ කරුණ දැක නුවණැත්තේ නිහීනය. ඉසුරුමත් තැනැත්තේම උතුම් වන්නේයයි කියමි.

තත්‍ථ අත්‍ථම‍්පීති කාරණම‍්පි චෙ භාසති. ඤාතිමජ‍්ඣෙති පරිසමජ‍්ඣෙ. පඤ‍්ඤාණවතොති මහාරාජ, පඤ‍්ඤාණවන‍්තස‍්ස සිරිසොභග‍්ගප‍්පත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පකතියා විජ‍්ජමානාපි සිරී නාම න හොති. සො හි තස‍්ස සන‍්තිකෙ සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකො විය ඛායතීති දස‍්සෙති.

එහි අත්‍ථම්පි ඉදින් කාරණයක් කියයි. ඤාතිමජ්ඣෙ පිරිස මැද පඤ්ඤාණවතො මහරජතුමනි! ඤාණවන්තයාටද සිරිභෝග සම්පත් ලවා ප්‍රකෘතියෙන් විද්‍යමාන වූ ශ්‍රී සම්පත්තියක් නැත. එයද ඔහු ළඟ හිරු උදාවනවිට කණාමැදිරියකු මෙන් ක්‍ෂය වී යන්නේයයි දක්වයි.

පුන රඤ‍්ඤා “කීදිසං, තාතා”ති වුත‍්තෙ පණ‍්ඩිතො “කිං ජානාති, සෙනකො, ඉධලොකමත‍්තමෙව ඔලොකෙති, න පරලොක”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

නැවත රජු විසින් කෙසේද දරුවෙනි කියා ඇසූ කල්හි පණ්ඩිතයෝ, සේනකයන් කුමක් දන්නේද, මෙලොව පමණක් බලයි. පරලොව ගැන නොබලයි කියා මේ ගාථාව කීය.

“පරස‍්ස වා අත‍්තනො වාපි හෙතු, න භාසති අලිකං භූරිපඤ‍්ඤො; සො පූජිතො හොති සභාය මජ‍්ඣෙ, පච‍්ඡාපි සො සුග‍්ගතිගාමී හොති; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.97);

තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නොකියයි. හේ සභා මධ්‍යයෙහි පූජිත වෙයි. පරලොවද සුගතිගාමී වෙයි. මම මේ කරුණු දැක නුවණැත්තේම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේයයි මම කියමි.

එහි පෙච්චං යනු පරලොව යන්නහුට පාපයක් නැත යන අර්ථයි.

තතො සෙනකො ගාථමාහ –

ඉක්බිති සේනක තෙමේ මේ ගාථාව කීය.

“හත්‍ථී ගවාස‍්සා මණිකුණ‍්ඩලා ච, ථියො ච ඉද‍්ධෙසු කුලෙසු ජාතා; සබ‍්බාව තා උපභොගා භවන‍්ති, ඉද‍්ධස‍්ස පොසස‍්ස අනිද‍්ධිමන‍්තො; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.98);

ඇත් ගව අස් යන සත්ත්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාටම උපභෝග පිණිස පවත්නාහ. මම මේ කරුණ දැක ප්‍රාඥයා නිහීනයැ. ඉසුරුමත් තැනැත්තේම උතුම් වන්නේ යයි කියමි.

තත්‍ථ ඉද‍්ධස‍්සාති ඉස‍්සරස‍්ස. අනිද‍්ධිමන‍්තොති න කෙවලං තා නාරියොව, අථ ඛො සබ‍්බෙ අනිද‍්ධිමන‍්තොපි සත‍්තා තස‍්ස උපභොගා භවන‍්ති.

එහි ඉද්ධස්ස යනු භවභෝග සම්පත් ඇත්තාට අනිද්ධිමන්තො හුදෙක් ඒ ස්ත්‍රීහුද ඉක්බිති සියළු ඉසුරුමත් නොවූ සත්ත්වයෝ ද ඔහුට සේවය පිණිස වෙත්.

තතො පණ‍්ඩිතො “කිං එස ජානාතී”ති වත්‍වා එකං කාරණං ආහරිත්‍වා දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ –

ඉක්බිති පණ්ඩිතයා මොහු කුමක් දන්නේ ද කියා එක් කරුණක් ගෙනහැර දක්වමින් මේ ගාථාව කීය.

“අසංවිහිතකම‍්මන‍්තං, බාලං දුම‍්මෙධමන‍්තිනං; සිරී ජහති දුම‍්මෙධං, ජිණ‍්ණංව උරගො තචං; එතම‍්පි දිස‍්වාන අහං වදාමි; පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.99);

අසංවිහිත කර්මාන්ත ඇති දුෂ්ට මන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්ප්‍රාඥ බාලයා උරගයකු පැරණි හැව හරණා සේ ශ්‍රී කාන්තාව අත්හරියි. මම මේ කරුණ දැක නුවණැත්තේම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේ යයි කියමි.

තත්‍ථ “සිරී ජහතී”ති පදස‍්ස චෙතියජාතකෙන (ජා· 1.8.45 ආදයො) අත්‍ථො වණ‍්ණෙතබ‍්බො.

එහි සිරි ජහන්ති යන පදයට චේතිය ජාතකයෙන් අර්ථ වර්ණනා කළ යුතුයි.

අථ සෙනකො රඤ‍්ඤා “කීදිස”න‍්ති වුත‍්තෙ “දෙව, කිං එස තරුණදාරකො ජානාති, සුණාථා”ති වත්‍වා “පණ‍්ඩිතං අප‍්පටිභානං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

ඉක්බිති සේනක තෙමේ රජු විසින් කෙසේදැයි කී කල්හි, රජතුමනි, මේ ලාබාල තරුණයා කුමක් දනීද, අසන්නයැයි පණ්ඩිතයන් නූගතකු කරන්නෙමියි සිතා මේ ගාථාව කීය.

“පඤ‍්ච පණ‍්ඩිතා මයං භද‍්දන‍්තෙ, සබ‍්බෙ පඤ‍්ජලිකා උපට‍්ඨිතා; ත්‍වං නො අභිභුය්‍ය ඉස‍්සරොසි, සක‍්කොව භූතපති දෙවරාජා; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤො නිහීනො සිරීමාව සෙය්‍යො”ති. (ජා· 1.15.100);

ස්වාමීනි! පණ්ඩිත වූ අපි පස්දෙන, සියල්ලෝම වැඳගෙන ඔබ වෙත එළඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා සේ ඔබ අප මැඩගෙන ඉසුරුමත්ව සිටින්නෙහිය. මේ කරුණු දැක මම ප්‍රාඥයා හීනය. ඉසුරුමත් තැනැත්තේම උතුම් වන්නේයැයි කියමි.

ඉදං කිර සුත්‍වා රාජා “සාධුරූපං සෙනකෙන කාරණං ආභතං, සක‍්ඛිස‍්සති නු ඛො මෙ පුත‍්තො ඉමස‍්ස වාදං භින්‍දිත්‍වා අඤ‍්ඤං කාරණං ආහරිතු”න‍්ති චින‍්තෙත්‍වා “කීදිසං පණ‍්ඩිතා”ති ආහ. සෙනකෙන කිර ඉමස‍්මිං කාරණෙ ආභතෙ ඨපෙත්‍වා බොධිසත‍්තං අඤ‍්ඤො තං වාදං භින්‍දිතුං සමත්‍ථො නාම නත්‍ථි, තස‍්මා මහාසත‍්තො අත‍්තනො ඤාණබලෙන තස‍්ස වාදං භින්‍දන‍්තො “මහාරාජ, කිමෙස බාලො ජානාති, යසමෙව ඔලොකෙති, පඤ‍්ඤාය විසෙසං න ජානාති, සුණාථා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙය අසා රජු, සේනකයන් විසින් මනා ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී. කිම මාගේ පුත්‍රයා මොහුගේ වාද බිඳ දමා වෙන කරුණක් ඉදිරිපත් කරන්නට හැකිවන්නේද කියා සිතා පණ්ඩිතයෙනි. කෙසේද කියා ඇසීය. මේ කාරණයෙහිලා සේවකයන් විසින් ගෙනෙන ලද වාද කරුණු බිඳ දමන්ට බෝධිසත්ත්වයන් හැර වෙන කෙනෙක් සමත් නොවන්නේය. ඒ නිසා මහාසත්ත්වයන් වහන්සේ තමන්ගේ ඤාණ බලයෙන් ඔහුගේ වාද බිඳ හෙළන්නේ මහරජතුමනි! මේ බාලයා කුමක් දනීද? කීර්තියම බලයි. ප්‍රඥාවගේ විශේෂත්වයක් නැත. මහරජතුමනි, අසන්න යැයි කියා මේ ගාථාව කීය.

“දාසොව පඤ‍්ඤස‍්ස යසස‍්සි බාලො, අත්‍ථෙසු ජාතෙසු තථාවිධෙසු; යං පණ‍්ඩිතො නිපුණං සංවිධෙති, සම‍්මොහමාපජ‍්ජති තත්‍ථ බාලො; එතම‍්පි දිස‍්වාන අහං වදාමි, පඤ‍්ඤොව සෙය්‍යො න යසස‍්සි බාලො”ති. (ජා· 1.15.101);

නුවණැත්තන් විසින් කළයුතු යමක් උපන් කල්හි ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු බවට පත්වෙයි. නුවණැත්තා දක්‍ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේද එහිලා අඥානයා මහත් සේ මුළාවට පත්වෙයි. මම මේ කරුණු දැක නුවණ ඇත්තේ ම උතුම් වන්නේය. ඉසුරුමත් බාලයා උතුම් නොවන්නේ යයි කියමි.

තත්‍ථ අත්‍ථෙසූති කිච‍්චෙසු ජාතෙසු. සංවිධෙතීති සංවිදහති.

එහි අත්‍ථෙසු යනු කටයුතුවල. සංවිධෙති පිළියෙල කරයි.

ඉති මහාසත‍්තො සිනෙරුපාදතො සුවණ‍්ණවාලුකං උද‍්ධරන‍්තො විය ගගනතලෙ පුණ‍්ණචන්‍දං උට‍්ඨාපෙන‍්තො විය ච නයකාරණං දස‍්සෙසි. එවං මහාසත‍්තෙන පඤ‍්ඤානුභාවං දස‍්සෙත්‍වා කථිතෙ රාජා සෙනකං ආහ – “කීදිසං, සෙනක, සක‍්කොන‍්තො උත‍්තරිපි කථෙහී”ති. සො කොට‍්ඨෙ ඨපිතධඤ‍්ඤං විය උග‍්ගහිතකං ඛෙපෙත්‍වා අප‍්පටිභානො මඞ‍්කුභූතො පජ‍්ඣායන‍්තො නිසීදි. සචෙ හි සො අඤ‍්ඤං කාරණං ආහරෙය්‍ය, න ගාථාසහස‍්සෙනපි ඉමං ජාතකං නිට‍්ඨායෙථ. තස‍්ස පන අප‍්පටිභානස‍්ස ඨිතකාලෙ ගම‍්භීරං ඔඝං ආනෙන‍්තො විය මහාසත‍්තො උත‍්තරිපි පඤ‍්ඤමෙව වණ‍්ණෙන‍්තො ඉමං ගාථමාහ –

මෙසේ සිනේරු පර්වත පාදයෙන් ස්වර්ණමය වැලි මතුකරන්නාක් මෙන් ගගන තලයෙහි පූර්ණ චන්ද්‍රයාව මතුකරන්නාක් මෙන් කරුණු දැක්වීය. මෙසේ මහාසත්ත්වයන් ප්‍රඥාවේ බලය පෙන්වා කී කල්හි රජු සේනකගෙන් ඇසීය. කෙසේද සේනකයිනි! හැකිනම් පිළිතුරක් දෙන්න. ඔහු ගබඩාවෙහි තබන ලද ධනයක් මෙන් උගත් දෙය අවසන් කර ප්‍රතිභානයෙන් තොර වූයේ නිහඬ වූයේ සිතිවිලි සිතමින් හුන්නේය. එසේ නමුත් ඔහු වෙනත් කරුණක් ගෙනහැර දක්වන්නේ ද ගාථා දහසකින්වත් මේ ජාතක කථාව නිමාවන්නේ නැත. යමෙක් ඔහු නොවැටහී සිටිය කාලයෙහි ගැඹුරු ජලකඳක් හෙලන්නාක් මෙන් මහා සත්ත්වයන් වහන්සේ තවදුරටත් ප්‍රඥාවම වර්ණනා කරමින් මේ ගාථාව කීය.

“අද‍්ධා හි පඤ‍්ඤාව සතං පසත්‍ථා, කන‍්තා සිරී භොගරතා මනුස‍්සා; ඤාණඤ‍්ච බුද‍්ධානමතුල්‍යරූපං, පඤ‍්ඤං න අච‍්චෙති සිරී කදාචී”ති. (ජා· 1.15.102);

ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණම පසස්නා ලද්දේය. සම්පත්ති අන්‍ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රීකාන්ත තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේය. ශ්‍රී තොමෝ කවර කලෙකත් ප්‍රඥා ඇත්තහු ඉක්ම නොයයි.

තත්‍ථ සතන‍්ති බුද‍්ධාදීනං සප‍්පුරිසානං. භොගරතාති මහාරාජ, යස‍්මා අන්‍ධබාලමනුස‍්සා භොගරතාව, තස‍්මා තෙසං සිරී කන‍්තා. යසො නාමෙස පණ‍්ඩිතෙහි ගරහිතො බාලානං කන‍්තොති චායං අත්‍ථො භිසජාතකෙන (ජා· 1.14.78 ආදයො) වණ‍්ණෙතබ‍්බො. බුද‍්ධානන‍්ති සබ‍්බඤ‍්ඤුබුද‍්ධානඤ‍්ච ඤාණං. කදාචීති කිස‍්මිඤ‍්චි කාලෙ ඤාණවන‍්තං සිරී නාම නාතික‍්කමති, දෙවාති.

එහි සතං යනු බුද්ධාදී සත්පුරුෂයන්ට භොගරතා යනු මහරජ! යම්හෙයකින් අඳබාල මිනිස්සු භවභෝග සම්පන්හි ඇලුනාහු ද ඒ නිසා ඔවුන්ගේ ශ්‍රී කාන්තාව නම් වූ යසස පණ්ඩිතයන් විසින් ගරහන ලදී. භිස ජාතකයෙන් වර්ණනා කළ යුතුයි. බුද්ධානං යනු ඤාණ වෘද්ධයන්ට කදාචි කිසියම් කාලයකදී ඤාණවන්තයාව ශ්‍රීදේවිය ඉක්මවා නොයන්නේය දේවයන් වහන්ස!

තං සුත්‍වා රාජා මහාසත‍්තස‍්ස පඤ‍්හබ්‍යාකරණෙන තුට‍්ඨො ඝනවස‍්සං වස‍්සෙන‍්තො විය මහාසත‍්තං ධනෙන පූජෙන‍්තො ඉමං ගාථමාහ –

එය අසා රජු ප්‍රශ්න විසඳීම පිළිබඳව මහාසත්ත්වයන්ට සතුටුව ඝන වර්ෂාවක් වසින්නාක් මෙන් මහාසත්ත්වයන් වහන්සේව ධනයෙන් පූජා කරන්නේ ගාථාව කීය.

“යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො, මහොසධ කෙවලධම‍්මදස‍්සී; ගවං සහස‍්සං උසභඤ‍්ච නාගං, ආජඤ‍්ඤයුත‍්තෙ ච රථෙ දස ඉමෙ; පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන තුට‍්ඨො, දදාමි තෙ ගාමවරානි සොළසා”ති. (ජා· 1.15.103);

නිවැරදි සේ ධර්මය දක්වා වූ මහෞෂධ පණ්ඩිතය! අපි යමක් විචාළමෝ නම් අපට එය කීවහුය. ප්‍රශ්න විසඳීම පිළිබඳව සතුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානේය අශ්වයන් යෙදූ මේ රථ දසයද ගම්වර සොළසක්ද තොපට දෙමි.

තත්‍ථ උසභඤ‍්ච නාගන‍්ති තස‍්ස ගවං සහස‍්සස‍්ස උසභං කත්‍වා අලඞ‍්කතපටියත‍්තං ආරොහනීයං නාගං දම‍්මීති.

එහි උසභඤ්චනාගං ඒ ගවයන් දහසම වෘෂභයකු කොට අලංකාර ලෙස සරසන ලද පිටට නැගිය යුතු හස්තිරාජයකු ද දෙමියි සියල්ල දෙවාපීය.

වීසතිනිපාතෙ සිරිමන‍්තපඤ‍්හො නිට‍්ඨිතො.

විසිවෙනි නිපාතයේ සිරිමන්ද ප්‍රශ්නය නිමියේ ය.