මෙණ‍්ඩකපඤ‍්හො අට‍්ඨකථා
මෙණ‍්ඩකපඤ‍්හො
මෙණ්ඩක ප්‍රශ්නය
අපරස‍්මිං දිවසෙ රාජා කතපාතරාසො පාසාදස‍්ස දීඝන‍්තරෙ චඞ‍්කමන‍්තො වාතපානන‍්තරෙන ඔලොකෙන‍්තො එකං එළකඤ‍්ච සුනඛඤ‍්ච මිත‍්තසන්‍ථවං කරොන‍්තං අද‍්දස. සො කිර එළකො හත්‍ථිසාලං ගන‍්ත්‍වා හත්‍ථිස‍්ස පුරතො ඛිත‍්තං අනාමට‍්ඨතිණං ඛාදි. අථ නං හත්‍ථිගොපකා පොථෙත්‍වා නීහරිංසු. සො විරවිත්‍වා පලායි. අථ නං එකො පුරිසො වෙගෙනාගන‍්ත්‍වා පිට‍්ඨියං දණ‍්ඩෙන තිරියං පහරි. සො පිට‍්ඨිං ඔනාමෙත්‍වා වෙදනාප‍්පත‍්තො හුත්‍වා ගන‍්ත්‍වා රාජගෙහස‍්ස මහාභිත‍්තිං නිස‍්සාය පිට‍්ඨිකාය නිපජ‍්ජි. තං දිවසමෙව රඤ‍්ඤො මහානසෙ අට‍්ඨිචම‍්මාදීනි ඛාදිත්‍වා වඩ‍්ඪිතසුනඛො භත‍්තකාරකෙ භත‍්තං සම‍්පාදෙත්‍වා බහි ඨත්‍වා සරීරෙ සෙදං නිබ‍්බාපෙන‍්තෙ මච‍්ඡමංසගන්‍ධං ඝායිත්‍වා තණ‍්හං අධිවාසෙතුං අසක‍්කොන‍්තො මහානසං පවිසිත්‍වා භාජනපිධානං පාතෙත්‍වා මංසං ඛාදි. අථ භත‍්තකාරකො භාජනසද‍්දෙන පවිසිත්‍වා තං දිස‍්වා ද‍්වාරං පිදහිත්‍වා තං ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පොථෙසි. සො ඛාදිතමංසං මුඛෙනෙව ඡඩ‍්ඩෙත්‍වා විරවිත්‍වා නික‍්ඛමි. භත‍්තකාරකොපි තස‍්ස නික‍්ඛන‍්තභාවං ඤත්‍වා අනුබන්‍ධිත්‍වා පිට‍්ඨියං දණ‍්ඩෙන තිරියං පහරි. සො වෙදනාප‍්පත‍්තො පිට‍්ඨිං ඔනාමෙත්‍වා එකං පාදං උක‍්ඛිපිත්‍වා එළකස‍්ස නිපන‍්නට‍්ඨානමෙව පාවිසි. අථ නං එළකො “සම‍්ම, කිං පිට‍්ඨිං ඔනාමෙත්‍වා ආගච‍්ඡසි, කිං තෙ වාතො විජ‍්ඣතී”ති පුච‍්ඡි. සුනඛොපි “ත්‍වම‍්පි පිට‍්ඨිං ඔනාමෙත්‍වා නිපන‍්නොසි, කිං තෙ වාතො විජ‍්ඣතී”ති පුච‍්ඡි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං අත‍්තනො පවත‍්තිං ආරොචෙසුං.
වෙන දිනයක රජතෙමේ උදෑසන ආහාරය ගෙන දිග්ශාලාවේ සක්මන් කරන්නේ දොරෙහි සුළං කවුළුවෙන් එක් එළුවකු ද සුනඛයකු ද මිතුරුව සිටිනු දැක්කේය. ඒ එළුවා වනාහි ඇත්හළෙහි ඇතාගේ ඉදිරිපිට දමන ලද නොතැලුණු තණ කෑවේය. ඉක්බිති ඌව ඇත්ගොව්වෝ පහරදී පළවා හැරියහ. එක් අයෙක් වේගයෙන් දුවගොස් හඬනගා පැනයන්නහුගේ පිටට මුගුරකින් පහරදුන්නේය. ඌ පිට නමාගෙන වේදනාවෙන් යුතුව ගොස් රජගෙදර මහා බිත්තිය ළඟ පිළිකන්නේ හොත්තේය. ඒ දවසට රජුගේ මහා භෝජනාගාරයේ ඇට, සම් ආදිය කාදමා වැඩුනා වූ සුනඛයෙක් බත් උයන්නන් බත් සූදානම් කර පිටත සිට ශරීරයේ දහඩිය නිවාගන්නා කල්හි මස්මාළු සුවඳ ඉවසා ගන්නට නොහැකිව ප්‍රධාන කුස්සියට පිවිස පියන පෙරළා මස් කෑවේය. බත් උයන්නා භාජන සද්දය ඇසී කුස්සියට පිවිස ඒ සුනඛයාව දැක දොර වසා ඌට ගල් මුගුරු ආදියෙන් තැලුවේය. ඌ කන ලද මස් මුඛයෙන්ම ඉවත දමා මහා හඬ දී පැන ගියේය. බත් උයන්නාද ඌ පිටත ගිය බව දැන ලුහුබැඳ ගොස් පිට හරහා මුගුරකින් පහර දුන්නේය. ඌද පිටකොන්ද නමාගෙන එක් පාදයක් ඔසවාගෙන එළුවා වැටීසිටිය තැනටම ආවේය. ඉක්බිති එළුවා ඔහුගෙන් මෙසේ ඇසීය. මිත්‍රය! කුමක් නිසා පිටකොන්ද නමාගෙන එන්නෙහිද? කිම ඔබට වාතාබාධයක් තිබේද? සුනඛයාද මෙසේ ඇසීය. ඔබ ද පිට නමාගෙන එන්නෙහිය. කිම ඔබගේ ශරීරයේ වාත වේදනාවක් පවතීද, ඔහු තමාට සිදු වූ දේ විස්තර කළේය.
අථ නං එළකො පුච‍්ඡි “කිං පන ත්‍වං පුන භත‍්තගෙහං ගන‍්තුං සක‍්ඛිස‍්සසි සම‍්මා”ති? “න සක‍්ඛිස‍්සාමි, සම‍්ම, ගතස‍්ස මෙ ජීවිතං නත්‍ථී”ති. “ත්‍වං පන පුන හත්‍ථිසාලං ගන‍්තුං සක‍්ඛිස‍්සසී”ති. “මයාපි තත්‍ථ ගන‍්තුං න සක‍්කා, ගතස‍්ස මෙ ජීවිතං නත්‍ථී”ති. තෙ “කථං නු ඛො මයං ඉදානි ජීවිස‍්සාමා”ති උපායං චින‍්තෙසුං. අථ නං එළකො ආහ – “සචෙ මයං සමග‍්ගවාසං වසිතුං සක‍්කොම, අත්‍ථෙකො උපායො”ති. “තෙන හි කථෙහී”ති. “සම‍්ම, ත්‍වං ඉතො පට‍්ඨාය හත්‍ථිසාලං යාහි, “නායං තිණං ඛාදතී”ති තයි හත්‍ථිගොපකා ආසඞ‍්කං න කරිස‍්සන‍්ති, ත්‍වං මම තිණං ආහරෙය්‍යාසි. අහම‍්පි භත‍්තගෙහං පවිසිස‍්සාමි, “නායං මංසඛාදකො”ති භත‍්තකාරකො මයි ආසඞ‍්කං න කරිස‍්සති, අහං තෙ මංසං ආහරිස‍්සාමී”ති. තෙ “සුන්‍දරො උපායො”ති උභොපි සම‍්පටිච‍්ඡිංසු. සුනඛො හත්‍ථිසාලං ගන‍්ත්‍වා තිණකලාපං ඩංසිත්‍වා ආගන‍්ත්‍වා මහාභිත‍්තිපිට‍්ඨිකාය ඨපෙසි. ඉතරොපි භත‍්තගෙහං ගන‍්ත්‍වා මංසඛණ‍්ඩං මුඛපූරං ඩංසිත්‍වා ආනෙත්‍වා තත්‍ථෙව ඨපෙසි. සුනඛො මංසං ඛාදි, එළකො තිණං ඛාදි. තෙ ඉමිනා උපායෙන සමග‍්ගා සම‍්මොදමානා මහාභිත‍්තිපිට‍්ඨිකාය වසන‍්ති. රාජා තෙසං මිත‍්තසන්‍ථවං දිස‍්වා චින‍්තෙසි “අදිට‍්ඨපුබ‍්බං වත මෙ කාරණං දිට‍්ඨං, ඉමෙ පච‍්චාමිත‍්තා හුත්‍වාපි සමග‍්ගවාසං වසන‍්ති. ඉදං කාරණං ගහෙත්‍වා පඤ‍්හං කත්‍වා පඤ‍්ච පණ‍්ඩිතෙ පුච‍්ඡිස‍්සාමි, ඉමං පඤ‍්හං අජානන‍්තං රට‍්ඨා පබ‍්බාජෙස‍්සාමි, තං ජානන‍්තස‍්ස ‘එවරූපො පණ‍්ඩිතො නත්‍ථී’ති මහාසක‍්කාරං කරිස‍්සාමි. අජ‍්ජ තාව අවෙලා, ස‍්වෙ උපට‍්ඨානං ආගතකාලෙ පුච‍්ඡිස‍්සාමී”ති. සො පුනදිවසෙ පණ‍්ඩිතෙසු ආගන‍්ත්‍වා නිසින‍්නෙසු පඤ‍්හං පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –
ඉක්බිති එළුවා ඔහුගෙන් ඇසීය. කිම ඔබ නැවතත් කුස්සියට යන්නට හැකිවන්නෙහිද? නොහැක්කෙමි. ගියොත් මගේ ජීවිතය නැතිවෙයි. නුඹට ඇළට යන්නට හැකිද? මට ද එහි යා නොහැක. එහි ගියොත් මාගේ ජීවිතය නැතිවෙයි. අප දැන් කෙසේ හෝ ජීවත්විය යුතුයැයි උපායයක් සිතූහ. ඉක්බිති එළුවා මෙසේ කීය. ඉදින් අපි එකට ජීවත්වීමට හැක්කෙමු නම් එක් උපායක් ඇත. එසේනම් කියව. මිතුර, ඔබ මෙතැන්පටන් ඇත්හළට යව. මොහු තණකොළ නොකන්නේ යැයි ඔබ කෙරෙහි ඇත්ගොව්වෝ සැක පහළකර නොගනිත්. නුඹ මට තණකොළ ගෙනෙව. මම ද කුස්සියට පිවිසෙමි. මොහු මස් නොකන්නේයැයි බත් උයන්නා මා කෙරෙහි සැක නොකරයි. මම ද නුඹට මස් ගෙන එන්නෙමි. ඔව්හු මේ උපාය අපට ඇතැයි දෙදෙනාම පිළිගෙන සුනඛයා ඇත්හළට ගොස් තණමිටියක් කටින් ගෙන මහා බිත්ති පිළිකන්නෙහි තැබුවේය. අනිකාද කුස්සියට ගොස් මස්කෑල්ලක් මුව පිරෙන්නට ඩැහැගෙන අවුත් එහිම තබයි. සුනඛයා මස් කයි. එළුවා තණකොළ කයි. ඔව්හු මේ උපක්‍රමයෙන් සමගි වූවාහු සතුටු වූවාහු මහා බිත්ති පිළිකන්නෙහි වාසය කරති. රජු ඔවුන්ගේ මිතුදම දැක මෙසේ සිතීය. මා විසින් නුදුටුවිරු දෙයක් දකින ලදී. මොව්හු සතුරන් වුවත් සමගිව වාසය කරති. මේ කාරණය ගෙන ප්‍රශ්න කොට පණ්ඩිතයන්ගෙන් විචාරමි. මේ ප්‍රශ්නය නොදන්නහුව රටින් පිටුවහල් කරන්නෙමි. එය දන්නහුට මෙබදු පණ්ඩිතයෙක් නම් නැතැයි ඔහුට සත්කාර දක්වමි. අද වේලා නැත. හෙට උපස්ථාන වේලාවේ පැමිණිවිට අසන්නෙමි. ඔහු පසුදා පණ්ඩිතයත් සේවය සඳහා පැමිණි කල්හි ප්‍රශ්නය විචාරන්නේ මේ ගාථාව කීය.
“යෙසං න කදාචි භූතපුබ‍්බං, සඛ්‍යං සත‍්තපදම‍්පිමස‍්මි ලොකෙ; ජාතා අමිත‍්තා දුවෙ සහායා, පටිසන්‍ධාය චරන‍්ති කිස‍්ස හෙතූ”ති. (ජා· 1.12.94);
මේ ලොව කිසිකලෙකත් සත් පියවරකුදු එක්ව ගමන් නොකළ සතුරෝ දෙදෙනෙක් පෙර නොවූ විරූ ලෙසින් එක්වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේද?
තත්‍ථ පටිසන්‍ධායාති සද‍්දහිත්‍වා ඝටිතා හුත්‍වා.
එහි පටිසන්‍ධාය යනු විශ්වාසකොට එකට එකතුවී.
ඉදඤ‍්ච පන වත්‍වා පුන එවමාහ –
මෙයද කියා නැවත මෙසේ කීය,
“යදි මෙ අජ‍්ජ පාතරාසකාලෙ, පඤ‍්හං න සක‍්කුණෙය්‍යාථ වත‍්තුමෙතං; රට‍්ඨා පබ‍්බාජයිස‍්සාමි වො සබ‍්බෙ, න හි මත්‍ථො දුප‍්පඤ‍්ඤජාතිකෙහී”ති. (ජා· 1.12.95);
ඉදින් අද පෙරබත් වේලාවෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියළු දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත.
තදා පන සෙනකො අග‍්ගාසනෙ නිසින‍්නො අහොසි, පණ‍්ඩිතො පන පරියන‍්තෙ නිසින‍්නො. සො තං පඤ‍්හං උපධාරෙන‍්තො තමත්‍ථං අදිස‍්වා චින‍්තෙසි “අයං රාජා දන්‍ධධාතුකො ඉමං පඤ‍්හං චින‍්තෙත්‍වා සඞ‍්ඛරිතුං අසමත්‍ථො, කිඤ‍්චිදෙව, තෙන දිට‍්ඨං භවිස‍්සති, එකදිවසං ඔකාසං ලභන‍්තො ඉමං පඤ‍්හං නීහරිස‍්සාමි, සෙනකො කෙනචි උපායෙන අජ‍්ජෙකදිවසමත‍්තං අධිවාසාපෙතූ”ති. ඉතරෙපි චත‍්තාරො පණ‍්ඩිතා අන්‍ධකාරගබ‍්භං පවිට‍්ඨා විය න කිඤ‍්චි පස‍්සිංසු. සෙනකො “කා නු ඛො මහොසධස‍්ස පවත‍්තී”ති බොධිසත‍්තං ඔලොකෙසි. සොපි තං ඔලොකෙසි. සෙනකො බොධිසත‍්තස‍්ස ඔලොකිතාකාරෙනෙව තස‍්ස අධිප‍්පායං ඤත්‍වා “පණ‍්ඩිතස‍්සපි න උපට‍්ඨාති, තෙනෙකදිවසං ඔකාසං ඉච‍්ඡති, පූරෙස‍්සාමිස‍්ස මනොරථ”න‍්ති චින‍්තෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං විස‍්සාසෙන මහාහසිතං හසිත්‍වා “කිං, මහාරාජ, සබ‍්බෙව අම‍්හෙ පඤ‍්හං කථෙතුං අසක‍්කොන‍්තෙ රට‍්ඨා පබ‍්බාජෙස‍්සසි, එතම‍්පි ‘එකො ගණ‍්ඨිපඤ‍්හො’ති ත්‍වං සල‍්ලක‍්ඛෙසි, න මයං එතං කථෙතුං න සක‍්කොම, අපිච ඛො ථොකං අධිවාසෙහි. ගණ‍්ඨිපඤ‍්හො එස, න සක‍්කොම මහාජනමජ‍්ඣෙ කථෙතුං, එකමන‍්තෙ චින‍්තෙත්‍වා පච‍්ඡා තුම‍්හාකං කථෙස‍්සාම , ඔකාසං නො දෙහී”ති මහාසත‍්තං ඔලොකෙත්‍වා ඉමං ගාථාද‍්වයමාහ –
සේනක තෙමේ ප්‍රධාන අසුනෙහි හුන්නේ, පණ්ඩිතයන් ආසන කෙළවර හුන්නේය. ඔහු ඒ ප්‍රශ්නය ගැන කල්පනා කරන්නේ අර්ථය නොදැක මෙසේ සිතීය. මේ රජු අඥාන වූයේ මේ ප්‍රශ්නය ගැන සිතා විසඳා ගන්නට අසමත් වූයේ ඔහු විසින් කිසිවක් දකින ලදී. එක් දිනක් අවස්ථාව ලැබ මේ ප්‍රශ්නය විසඳන්නෙමියි සේනක තෙමේ කිසියම් උපායකින් අද එක් දවසක් ඉවසනු ලැබේවායි කීය. ඉතිරි සතර දෙනද අඳුරු කුටියකට පිවිසියාක්හු මෙන් කිසිවක් නුදුටුහ. සේනක තෙමේ මහෞෂධයන් පිළිබඳ තොරතුරු කෙසේදැයි බෝසතුන් දෙස බැලීය. ඔහු ද ඔහු දෙස බැලීය. සේනක බැලූ ආකාරයෙන්ම ඔහුගේ අදහස දැනගෙන පණ්ඩිතයන්ටද නොවැටහේ. ඒ නිසා එක් දවසක් කල් බලාපොරොත්තු වෙයි. මොහුගේ මනදොල පුරවන්නෙමියි රජු සමග විශ්වාසයක් මහා හඬින් සිනාසී, මහරජතුමනි! ප්‍රශ්නය විසඳන්නට නොහැකි අප සියල්ලන්වම රටින් පිටුවහල් කරන්නේද. මෙයද එක් ප්‍රශ්නයක් යැයි සැලකීය. අපි මේ ප්‍රශ්නය කියන්නට අපොහොසත් වෙමු. තවද තරමක් ගැටලු සහිත ප්‍රශ්නය මොහු මහජනයා මැදදී කියන්නට නොහැකිය. එක් පැත්තක් ගැන සිතා පසුව නුඹලාටම කියන්නෙමු. අපට ඉඩක් ලබාදෙන්න. මහා සත්ත්වයන් තර්කකොට මේ ගාථා දෙක කීය.
“මහාජනසමාගමම‍්හි ඝොරෙ, ජනකොලාහලසඞ‍්ගමම‍්හි ජාතෙ; වික‍්ඛිත‍්තමනා අනෙකචිත‍්තා, පඤ‍්හං න සක‍්කුණොම වත‍්තුමෙතං.
මහජනයා රැස්වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතුවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වෙමු.
“එකග‍්ගචිත‍්තාව එකමෙකා, රහසි ගතා අත්‍ථං නිචින‍්තයිත්‍වා; පවිවෙකෙ සම‍්මසිත්‍වාන ධීරා, අථ වක‍්ඛන‍්ති ජනින්‍ද එතමත්‍ථ”න‍්ති. (ජා· 1.12.96-97);
මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුතුවැ එකිනෙකා රහසිගතවැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චයකොට කියන්නට සමත් වන්නාහ.
තත්‍ථ සම‍්මසිත්‍වානාති කායචිත‍්තවිවෙකෙ ඨිතා ඉමෙ ධීරා ඉමං පඤ‍්හං සම‍්මසිත්‍වා අථ වො එතං අත්‍ථං වක‍්ඛන‍්ති.
එහි සම්මසිත්‍වාන යනු කය සිත දෙකේ විවේකයෙන් සිටියා වූ මේ ධීරයෝ මේ ප්‍රශ්නය සළකා බලා ඉක්බිති ඔහු මේ කාරණය කියත්.
රාජා තස‍්ස කථං සුත්‍වා අනත‍්තමනො හුත්‍වාපි “සාධු චින‍්තෙත්‍වා කථෙථ, අකථෙන‍්තෙ පන වො පබ‍්බාජෙස‍්සාමී”ති තජ‍්ජෙසියෙව. චත‍්තාරො පණ‍්ඩිතා පාසාදා ඔතරිංසු. සෙනකො ඉතරෙ ආහ – “සම‍්මා, රාජා සුඛුමපඤ‍්හං පුච‍්ඡි, අකථිතෙ මහන‍්තං භයං භවිස‍්සති, සප‍්පායභොජනං භුඤ‍්ජිත්‍වා සම‍්මා උපධාරෙථා”ති. තෙ අත‍්තනො අත‍්තනො ගෙහං ගතා. පණ‍්ඩිතොපි උට‍්ඨාය උදුම‍්බරදෙවියා සන‍්තිකං ගන‍්ත්‍වා “දෙවි, අජ‍්ජ වා හිය්‍යො වා රාජා කත්‍ථ චිරං අට‍්ඨාසී”ති පුච‍්ඡි. “තාත, දීඝන‍්තරෙ වාතපානෙන ඔලොකෙන‍්තො චඞ‍්කමතී”ති. තතො පණ‍්ඩිතො චින‍්තෙසි “රඤ‍්ඤා ඉමිනා පස‍්සෙන කිඤ‍්චි දිට‍්ඨං භවිස‍්සතී”ති. සො තත්‍ථ ගන‍්ත්‍වා බහි ඔලොකෙන‍්තො එළකසුනඛානං කිරියං දිස‍්වා “ඉමෙ දිස‍්වා රඤ‍්ඤා පඤ‍්හො අභිසඞ‍්ඛතො”ති සන‍්නිට‍්ඨානං කත්‍වා ගෙහං ගතො. ඉතරෙපි තයො චින‍්තෙත්‍වා කිඤ‍්චි අදිස‍්වා සෙනකස‍්ස සන‍්තිකං අගමංසු. සො තෙ පුච‍්ඡි “දිට‍්ඨො වො පඤ‍්හො”ති. “න දිට‍්ඨො ආචරියා”ති. “යදි එවං රාජා වො පබ‍්බාජෙස‍්සති, කිං කරිස‍්සථා”ති? “තුම‍්හෙහි පන දිට‍්ඨො”ති? “අහම‍්පි න පස‍්සාමී”ති. “තුම‍්හෙසු අපස‍්සන‍්තෙසු මයං කිං පස‍්සාම, රඤ‍්ඤො පන සන‍්තිකෙ ‘චින‍්තෙත්‍වා කථෙස‍්සාමා’ති සීහනාදං නදිත්‍වා ආගතම‍්හා, අකථිතෙ අම‍්හෙ රාජා කුජ‍්ඣිස‍්සති, කිං කරොම, අයං පඤ‍්හො න සක‍්කා අම‍්හෙහි දට‍්ඨුං , පණ‍්ඩිතෙන පන සතගුණං සහස‍්සගුණං සතසහස‍්සගුණං කත්‍වා චින‍්තිතො භවිස‍්සති, එථ තස‍්ස සන‍්තිකං ගච‍්ඡාමා”ති තෙ චත‍්තාරො පණ‍්ඩිතා බොධිසත‍්තස‍්ස ඝරද‍්වාරං ආගතභාවං ආරොචාපෙත්‍වා “පවිසන‍්තු පණ‍්ඩිතා”ති වුත‍්තෙ ගෙහං පවිසිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං ඨිතා මහාසත‍්තං පුච‍්ඡිංසු “කිං පන, පණ‍්ඩිත, චින‍්තිතො පඤ‍්හො”ති? “ආම, චින‍්තිතො, මයි අචින‍්තෙන‍්තෙ අඤ‍්ඤො කො චින‍්තයිස‍්සතී”ති. “තෙන හි පණ‍්ඩිත අම‍්හාකම‍්පි කථෙථා”ති.
රජු ඔහුගේ කථාව අසා සතුටු නොවූ සිත් ඇත්තේ නමුත් යහපත්ව සිතා කියන්න. නොකියන්නවුන් පිටුවහල් කරන්නෙමියි තර්ජනය කළේය. පණ්ඩිතයෝ සතරදෙනම ප්‍රාසාදයෙන් බැස්සාහ. සේනක අන් අයට මෙසේ කීය. දරුවෙනි, රජු සූක්‍ෂම ප්‍රශ්නයක් ඇසීය. නොකියන්නේ නම් මහත් බියක් ඇති වන්නේය. නුඹලා සුදුසු බොජුන් වළඳා හොඳින් විමසා බලන්න. ඔව්හු තම තමන්ගේ නිවෙස්වලට ගියහ. පණ්ඩිතයෝ ද නැගිට උදුම්බරා දේවියගේ සමීපයට ගොස් දේවියනි, අද හෝ ඊයේ රජතුමා බොහෝ වේලාවක් කොහි ගත කළේදැයි ඇසීය. මලණ්ඩ, දිග්ශාලාවේ වා කවුළුවෙන් බලන්නේ සක්මන් කරයි. ඉක්බිති බෝධිසත්ත්වයෝ මෙසේ සිතූහ. රජු විසින් මේ පැත්තෙන් කිසිවක් දුටුවා විය යුතුය. එහි ගොස් පිටත බලන්නේ එලුවාගේ හා සුනඛයාගේ ක්‍රියාව දැක රජු විසින් ප්‍රශ්නය සකස්කරන ලදී යැයි සනිටුහන් කොට ගෙදර ගියේය. ඉතිරි තුන්දෙනාම සිතා කිසිවක් නොදැක සේනක සමීපයට ගියහ. ඔහු ඔවුන් විචාළේය. නුඹලා විසින් ප්‍රශ්නයට විසඳුම් දකින ලද ද? ආචාර්යයෙනි! නැත. ඉදින් මෙසේනම් තොපව පිටුවහල් කරන්නේය. කුමක් කරන්නහුද? අපි කුමක් දකින්නෙමුද? ඔබ දුටුවෙහිද? මම ද නො දකිමි. නුඹලා නොදක්නා කල්හි අපි කෙසේ දකින්නෙමු ද? රජු සමීපයේ සිතා කියන්නෙමුයි සිංහනාද කොට ආවෝ වෙමු. නොකියන කල්හි රජු කිපෙන්නේය. කුමක් කරවුද? අප විසින් විසඳුමක් මේ ප්‍රශ්නයට දකින්නට නොහැක. පණ්ඩිතයන් විසින් සියවරක් සිතුයේ වන්නේය. එච්. ඔහු සමීපයට යමුයි ඒ සතරදෙනද බෝධිසත්ත්වයන්ගේ ගේ දොරකඩට ගොස් එකත්පස්ව සිටියාහු මහා සත්ත්වයන්ගෙන් විමසූහ. කිම, පණ්ඩිතයෙනි. ඔබ විසින් ප්‍රශ්නය ගැන සිතන ලද්දේ ද? මා නොසිතන්නේ නම් වෙන කවරෙක් සිතන්නේද? එසේය. සිතුවෙමි. එසේනම් අපටත් කියන්න.
පණ‍්ඩිතො “සචාහං එතෙසං න කථෙස‍්සාමි, රාජා තෙ රට‍්ඨා පබ‍්බාජෙස‍්සති, මං පන සත‍්තහි රතනෙහි පූජෙස‍්සති, ඉමෙ අන්‍ධබාලා මා විනස‍්සන‍්තු, කථෙස‍්සාමි තෙස”න‍්ති චින‍්තෙත්‍වා තෙ චත‍්තාරොපි නීචාසනෙ නිසීදාපෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගණ‍්හාපෙත්‍වා රඤ‍්ඤා දිට‍්ඨතං අජානාපෙත්‍වා “රඤ‍්ඤා පුච‍්ඡිතකාලෙ එවං කථෙය්‍යාථා”ති චතුන‍්නම‍්පි චතස‍්සො ගාථායො බන්‍ධිත්‍වා පාළිමෙව උග‍්ගණ‍්හාපෙත්‍වා උය්‍යොජෙසි. තෙ දුතියදිවසෙ රාජුපට‍්ඨානං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිංසු. රාජා සෙනකං පුච‍්ඡි “ඤාතො තෙ, සෙනක, පඤ‍්හො”ති? “මහාරාජ, මයි අජානන‍්තෙ අඤ‍්ඤො කො ජානිස‍්සතී”ති. “තෙන හි කථෙහී”ති. “සුණාථ දෙවා”ති සො උග‍්ගහිතනියාමෙනෙව ගාථමාහ –
පණ්ඩිතයෝ මෙසේ සිතූහ. ඉදින් මම මොවුන්ට නොකියන්නෙම්ද, රජු මොවුන් පිටුවහල් කරන්නේය. මා සත්රුවනින් පුදන්නේය. මේ බාලයෝ නොනසිත්වා. මොවුන්ට කියන්නෙමියි ඒ සතරදෙනාව වාඩිකරවා ඇඳිලි බැඳගෙන (වැඳගෙන) රජු විසින් දුටු දෙය නොදන්වා, රජු විසින් අසන ලද කල්හි මෙසේ කියව්යැයි සතරදෙනාට ගාථා සතරක් ගොතා පෙළම උගන්වා පිටත්කර හැරියේය. ඔවුහු දෙවෙනි දවසෙහි රාජසේවයට ගොස් පනවන ලද ආසනයෙහි හුන්හ. රජු සේනකගෙන් ඇසීය. සේනකය! ඔබ විසින් ප්‍රශ්නය තේරුම් ගත්තේද? මහරජතුමනි! මා නොදන්නා කල්හි අන් කවරෙක් දන්නේ ද? එසේනම් කියව. දේවයන් වහන්ස! අසන්න. උගත් ආකාරයටම ගාථාව කීය.
“උග‍්ගපුත‍්තරාජපුත‍්තියානං, උරබ‍්භස‍්ස මංසං පියං මනාපං; න සුනඛස‍්ස තෙ අදෙන‍්ති මංසං, අථ මෙණ‍්ඩස‍්ස සුණෙන සඛ්‍යමස‍්සා”ති. (ජා· 1.12.98);
රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔවුහු සුනඛ මස් නොබුදිත්. එසේ නමුත් එළුවාගේත් සුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය.
තත්‍ථ උග‍්ගපුත‍්තරාජපුත‍්තියානන‍්ති උග‍්ගතානං අමච‍්චපුත‍්තානඤ‍්චෙව රාජපුත‍්තානඤ‍්ච.
එහි උග්ගපුත්තරාජ පුත්තියානං උසස් වූ ඇමැති පුතුන්ට ද රාජපුත්‍රයන්ට ද.
ගාථං වත්‍වාපි සෙනකො අත්‍ථං න ජානාති. රාජා පන අත‍්තනො දිට‍්ඨභාවෙන පජානාති, තස‍්මා “සෙනකෙන තාව ඤාතො”ති පුක‍්කුසං පුච‍්ඡි. සොපිස‍්ස “කිං අහම‍්පි අපණ‍්ඩිතො”ති වත්‍වා උග‍්ගහිතනියාමෙනෙව ගාථමාහ –
ගාථාව කියා ද සේනකයා අර්ථය නොදනී. රජු වනාහි අර්ථය ප්‍රකට බැවින් තමා දනී. ඒ නිසා පළමුව සේනකයන් විසින් දැනගන්නා ලද අතර පුක්කුසගෙන් අසමියි ඇසීය. ඔහු ද මම පමණක් පණ්ඩිත නොවෙන්නේ කෙසේදැයි කියා ඉගෙනගත් ක්‍රමයටම ගාථාව කීය.
“චම‍්මං විහනන‍්ති එළකස‍්ස, අස‍්සපිට‍්ඨත්‍ථරස‍්සුඛස‍්ස හෙතු; න ච තෙ සුනඛස‍්ස අත්‍ථරන‍්ති, අථ මෙණ‍්ඩස‍්ස සුණෙන සඛ්‍යමස‍්සා”ති. (ජා· 1.12.99);
අසුපිට ඇතිරීමෙහි සුවය සළකා එළුවාගේ සම නසත්. බලු සම එසේ අතුරන්නේ නැත. එකල සුනඛයාගේත් එළුවාගේත් මිත්‍රභාවය වන්නේය.
තස‍්සපි අත්‍ථො අපාකටොයෙව. රාජා පන අත‍්තනො පාකටත‍්තා “ඉමිනාපි පුක‍්කුසෙන ඤාතො”ති කාමින්‍දං පුච‍්ඡි. සොපි උග‍්ගහිතනියාමෙනෙව ගාථමාහ –
එහි අර්ථයද අප්‍රකටමය. රජු වනාහි තමාට පැහැදිලි බැවින් මොහු විසින්ද දන්නා ලදැයි කාවින්දගෙන් ඇසීය. ඔහුද ගාථාව කීය.
“ආවෙල‍්ලිතසිඞ‍්ගිකො හි මෙණ‍්ඩො, න ච සුනඛස‍්ස විසාණකානි අත්‍ථි; තිණභක‍්ඛො මංසභොජනො ච, අථ මෙණ‍්ඩස‍්ස සුණෙන සඛ්‍යමස‍්සා”ති. (ජා· 1.12.100);
එළුවා ඇඹරීගිය අං ඇත්තෙකි. සුනඛයාට අං නැත. එළුවා තණ කන්නේය. බල්ලා මස් බුදින්නේය. එසේ වුවත් එළුවාගේත් සුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය.
රාජා “ඉමිනාපි ඤාතො”ති දෙවින්‍දං පුච‍්ඡි. සොපි උග‍්ගහිතනියාමෙනෙව ගාථමාහ –
රජු මොහු විසින් ද දන්නා ලද්දේ යැයි දේවින්දගෙන් ඇසීය. ඔහු ද උගත් අයුරින්ම ගාථාව කීය.
“තිණමාසි පලාසමාසි මෙණ‍්ඩො, න ච සුනඛො තිණමාසි නො පලාසං; ගණ‍්හෙය්‍ය සුණො සසං බිළාරං, අථ මෙණ‍්ඩස‍්ස සුණෙන සඛ්‍යමස‍්සා”ති. (ජා· 1.12.101);
එළුවා තණ හා කොළ කන්නේය. බල්ලා තණ හා කොළ නොකන්නේය. බල්ලා සාවුන් බළලුන් කයි. එසේ වුවත් එළුවාගෙත් බල්ලාගේත් මිත්‍රත්වය වන්නේය.
තත්‍ථ තිණමාසි පලාසමාසීති තිණඛාදකො චෙව පණ‍්ණඛාදකො ච. නො පලාසන‍්ති පණ‍්ණම‍්පි න ඛාදති.
එහි තිණමාසි පලායමාසි තණකොල කන්නේද කොළවර්ග කන්නේද නො පලාසං යනු තණ හෝ කොළ අනුභව නොකරයි.
අථ රාජා පණ‍්ඩිතං පුච‍්ඡි – “තාත, ත්‍වම‍්පි ඉමං පඤ‍්හං ජානාසී”ති? “මහාරාජ, අවීචිතො යාව භවග‍්ගා මං ඨපෙත්‍වා කො අඤ‍්ඤො එතං ජානිස‍්සතී”ති. “තෙන හි කථෙහී”ති. “සුණ මහාරාජා”ති තස‍්ස පඤ‍්හස‍්ස අත‍්තනො පාකටභාවං පකාසෙන‍්තො ගාථාද‍්වයමාහ –
ඉක්බිති රජතුමා පණ්ඩිතයන්ගෙන් ඇසීය. දරුව! නුඹ මේ ප්‍රශ්නය දන්නෙහිද? මහරජතුමනි! අවීචි මහා නරකයේ පටන් භවාග්‍රය තෙක් මා හැර වෙන කවරනම් කෙනෙක් මෙය දන්නේද? එසේනම් කියන්න. මහරජතුමනි! අසන්න යැයි ඒ කාරණය තමන් දන්නා බව හෙළිකරන්නේ මේ ගාථා දෙක ප්‍රකාශ කළේය.
“අට‍්ඨඩ‍්ඪපදො චතුප‍්පදස‍්ස, මෙණ‍්ඩො අට‍්ඨනඛො අදිස‍්සමානො; ඡාදියමාහරතී අයං ඉමස‍්ස, මංසං ආහරතී අයං අමුස‍්ස.
අඩ අටපා හෙවත් සිවුපා ඇති අටකුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නොපෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙයි.
“පාසාදවරගතො විදෙහසෙට‍්ඨො, වීතිහාරං අඤ‍්ඤමඤ‍්ඤභොජනානං; අද‍්දක‍්ඛි කිර සක‍්ඛිකං ජනින්‍දො, බුභුක‍්කස‍්ස පුණ‍්ණංමුඛස‍්ස චෙත”න‍්ති. (ජා· 1.12.102-103);
ප්‍රාසාදයේ මතුමහලේ සිටි වේදේහ රජු ඔවුනොවුන් ආහාර හුවමාරු කරනවා දුටුවේ වන. රජතෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්‍රභාවය ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දුටුවේය.
තත්‍ථ අට‍්ඨඩ‍්ඪපදොති බ්‍යඤ‍්ජනකුසලතාය එළකස‍්ස චතුප‍්පාදං සන්‍ධායාහ. මෙණ‍්ඩොති එළකො. අට‍්ඨනඛොති එකෙකස‍්මිං පාදෙ ද‍්වින‍්නං ද‍්වින‍්නං ඛුරානං වසෙනෙතං වුත‍්තං. අදිස‍්සමානොති මංසං ආහරණකාලෙ අපඤ‍්ඤායමානො. ඡාදියන‍්ති ගෙහච‍්ඡදනං. තිණන‍්ති අත්‍ථො. අයං ඉමස‍්සාති සුනඛො එළකස‍්ස. වීතිහාරන‍්ති වීතිහරණං. අඤ‍්ඤමඤ‍්ඤභොජනානන‍්ති අඤ‍්ඤමඤ‍්ඤස‍්ස භොජනානං. මෙණ‍්ඩො හි සුනඛස‍්ස භොජනං හරති, සො තස‍්ස වීතිහරති, සුනඛොපි තස‍්ස හරති, ඉතරො වීතිහරති. අද‍්දක‍්ඛීති තං තෙසං අඤ‍්ඤමඤ‍්ඤභොජනානං වීතිහරණං සක‍්ඛිකං අත‍්තනො පච‍්චක‍්ඛං කත්‍වා අද‍්දස. බුභුක‍්කස‍්සාති භුභූති සද‍්දකරණසුනඛස‍්ස. පුණ‍්ණංමුඛස‍්සාති මෙණ‍්ඩස‍්ස. ඉමෙසං එතං මිත‍්තසන්‍ථවං රාජා සයං පස‍්සීති.
එහි අඩ්ඪට්ඨපාදො සළකුණු හඳුනා ගැනීම පිණිස එළුවාගේ සිව්පද සඳහා කියන ලදී. මෙණ්ඩො එළුවා. අට්ඨනඛො යනු එළුවාගේ එක් එක් පාදයෙහි කුර දෙක බැගින් මෙය කියන ලදී. අදිස්සමානො මස් ගෙනෙන වේලෙහි නොපෙනී සිට. ඡාදියං ගෙවල් සෙවිලි කරන තණකොළ යන අර්ථයි. අයං ඉමස්ස යනු සුනඛයා එළුවාට, වීතිහාරං මාරුවෙන් මාරුවට ගෙනෙත්. අඤ්ඤමඤ්ඤභොජනානං ඔවුනොවුන්ගේ භෝජනය - එළුවා වනාහි සුනඛයාට ආහාර ගෙන එයි. ඔහු ඔහුට ගෙනෙයි. සුනඛයාද ඔහුට ගෙනෙයි. අනිකා මාරුවෙන් මාරුවට ගෙන යයි. අද්දක්ඛි ඒ ඔවුන්ගේ ආහාරය ඔවුනොවුන් ගෙනදීම. සක්ඛි ප්‍රත්‍යක්‍ෂ ලෙස දුටුවේය. භොභුක්කස්ස බුරන බල්ලාට, පුණ්ණමුඛස්ස එළුවාගේ මේ ඔවුන්ගේ මෛත්‍රී ධර්මය රජු තමාම දුටුවේය.
රාජා ඉතරෙහි බොධිසත‍්තං නිස‍්සාය ඤාතභාවං අජානන‍්තො “පඤ‍්ච පණ‍්ඩිතා අත‍්තනො අත‍්තනො ඤාණබලෙන ජානිංසූ”ති මඤ‍්ඤමානො සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා ඉමං ගාථමාහ –
රජු අන් අය ද බෝධිසත්ත්වයන් නිසා ප්‍රශ්නය දැනගත් බව නොදන්නේ මේ පස්දෙනා ම තමන්ගේ ප්‍රඥා බලයෙන් දැනගත්තාහ යැයි සිතන්නේ සතුටට පත්ව මේ ගාථාව කීය.
“ලාභා වත මෙ අනප‍්පරූපා, යස‍්ස මෙදිසා පණ‍්ඩිතා කුලම‍්හි; පඤ‍්හස‍්ස ගම‍්භීරගතං නිපුණමත්‍ථං, පටිවිජ‍්ඣන‍්ති සුභාසිතෙන ධීරා”ති. (ජා· 1.12.104);
නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අර්ථ දැනගෙන සුභාෂිතයෙන් පවසත් ද මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත්ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයකි.
තත්‍ථ පටිවිජ‍්ඣන‍්තීති සුභාසිතෙන තෙ විදිත්‍වා කථෙන‍්ති.
එහි පටිවිජ්න්‍ධන්ති යනු සුභාෂිතයෙන් දැනගෙන කියත්.
අථ නෙසං “තුට‍්ඨෙන නාම තුට‍්ඨාකාරො කත‍්තබ‍්බො”ති තං කරොන‍්තො ඉමං ගාථමාහ –
ඉක්බිති ඔවුන්ට සතුටින් සතුටු වූ ආකාරයක් කළ යුතුයැයි එය කරමින් මේ ගාථාව කීය.
“අස‍්සතරිරථඤ‍්ච එකමෙකං, ඵීතං ගාමවරඤ‍්ච එකමෙකං; සබ‍්බෙසං වො දම‍්මි පණ‍්ඩිතානං, පරමප‍්පතීතමනො සුභාසිතෙනා”ති. (ජා· 1.12.105);
සුභාෂිතයෙන් ඉතා ප්‍රීතියට පත්වූයෙමි. පණ්ඩිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ගමක් ද බැගින් දෙමි යි,
ඉති වත්‍වා තෙසං තං සබ‍්බං දාපෙසි.
කියා අවශ්‍ය සියල්ල දෙවීය.
ද‍්වාදසනිපාතෙ මෙණ‍්ඩකපඤ‍්හො නිට‍්ඨිතො.
දොළොස්වන නිපාතයේ මෙණ්ඩක ප්‍රශ්නය නිමියේ ය.