ද්වාදසනිපාතෙ මෙණ්ඩකපඤ්හං
5805. යෙසං න කදාචි භූතපුබ්බං සක්ඛිං සත්තපදම්පි ඉමස්මිං ලෙකෙ, ජාතා අමිත්තා දුවෙ සහායා පටිසන්ධාය චරන්ති කිස්ස හෙතු.
5805. මේ ලොවැ කිසි කලෙකත් සත් පියවරෙකුදු එක් වැ කළ ගමන් නැති පසමිතුරු දෙදෙනෙක් පෙරැ නො වූ විරූ ලෙසින් එක් වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේ ද?
5806. යදි මෙ අජ්ජ පාතරාසකාලෙ පඤ්හං න සක්කුණෙය්යාථ වත්තුමෙතං, රට්ඨා පබ්බාජයිස්සාමි වො සබ්බෙ න හි මත්ථො දුප්පඤ්ඤජාතිකෙහි.
5806. ඉදින්, අද පෙරබත් කාලයෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියලු දෙන ම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත්තේ ය.
5807. මහාජනසමාගමම්භි ඝොරෙ ජනකොලහලසමාගමම්භි ජාතෙ, වික්ඛිත්තමනා අනෙකචිත්තා පඤ්හං න සක්කුණොම වත්තුමෙතං.
5807. මහාජනයා රැස් වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතිවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට නො පොහොසතුම්හ.
5808. එකග්ගචිත්තා එකමෙකා රහසීගතා අත්ථං නිචින්තයිත්වා, පවිවෙකෙ සම්මසිත්වාන ධීරා අථ වක්ඛන්ති ජනින්ද අත්ථමෙතං.
5808. මහරජ, පණ්ඩිතයෝ ඒකාග්ර වූ චිත්තයෙන් යුක්ත වැ එකිනෙකා රහෝගත වැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චය කොට කියන්නට සමත් වන්නාහ.
5809. උග්ගපුත්තරාජපුත්තියාන උරබ්භමංසං පියං මනාපං, න තෙ සුනඛස්ස අදෙන්ති මංසං අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
5809. (සේනක) රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනක මස් නො බුදිත්. එතෙකුදුවත් එළුවාගේත් ශුනඛයාගේත් මිත්රභාවය වන්නේය.
5810. චම්මං විහනන්ති එළකස්ස අස්සපිට්ඨත්ථරණසුඛස්ස හෙතු, න තෙ සුනඛස්ස අත්ථරත්ති අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
5810. (පුක්කුස) අසු පිටැ ඇතිරීමෙහි සුවය සලකා එළුවාගේ සම නහන්නාහ. බලු සම එසේ නො අතුරත්. එකලැ ශුනකයාගේ හා එළුවාගේ මිත්රභාවය වන්නේ ය.
5811. ආවෙල්ලිතසිඞ්ගිකො හි මෙණ්ඩො න සුනඛස්ස විසාණානි අත්ථි, තිණභක්ඛො මංසභොජනො ච අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
5811. (කාවින්ද) එළුවා ඇඹරීගිය අං ඇත්තෙකි. ශුනකයාට විපාණයෝ නැත්තාහ. එළුවා තණ කන්නේ ය. බල්ලා මස් බුදින්නේ ය. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්රභාවය වන්නේ ය.
5812. තිණමාසි පාලසමාසි මෙණ්ඩො න සුනඛො තිණමාසි නො පලාසං, ගණ්හෙය්ය සුණො සසං බිළාරං අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
5812. (දේවින්ද) එළුවා තණ හා කොළ කන්නේ ය. බල්ලා තණ හා කොළ නො කන්නේ ය. බල්ලා සාවුන් බළලුන් කයි. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්රභාවය වන්නේය.
5813. අඩ්ඪට්ඨපාදො චතුප්පදස්ස මෙණ්ඩො අට්ඨනඛො අදිස්සමානො, ඡාදියං ආහරති අයං ඉමස්ස මංසං ආහරති අයං අමුස්ස.
5813. (මහෞෂධ) අඩඅටපා හෙවත් සිවුපා ඇති අට කුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නො පෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙ යි.
5814. පාසාදගතො විදෙහසෙට්ඨො වීතිහාරං අඤ්ඤමඤ්ඤභොජනානං, අද්දක්ඛි කිර සක්ඛි තං ජනින්දො භොභුක්කස්ස ච පුණ්ණමුඛස්ස චෙතං.
5814. ප්‍රාසාදයෙහි මතුමහලැ සිටි වේදේහරජ ඔවුනොවුන්ගේ අහර හුවමාරුව දුටුයේ වන, නරේන්ද්‍ර තෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්රභාවය ප්රත්යක්ෂයෙන් දිටී.
5815. ලාභා වත මෙ අනප්පරූපා යස්ස මෙ එදිසා පණ්ඩිතා කුලම්භි, ගම්භීරගතං නිපුණමත්ථං පටිවිජ්ඣන්ති සුභාසිතෙන ධීරා.
5815. (වේදේහ රජ) නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අරුත් දැනැ සුභාෂිතයෙන් පවසත් ද. මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත් ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයෙකි.
5816. අස්සතරීරථඤ්ච එකමෙකං ඵීතං ගාමවරඤ්ච එකමෙකං, සබ්බං වො දම්මි පණ්ඩිතානං පරමප්පතීතමනො සුභාසිතෙනාති.
5816. සුභාෂිතයෙන් ඉතා සතුටු වූයෙම් පණ්ඩිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ග්‍රාමයක් ද බැගින් දෙමි.