යෙදුමෙන් කියවන්න

සත‍්තදාරකපඤ‍්හා

සම්පූර්ණ පරිච්ඡේදය

5799. සබ‍්බසංහාරකො නත්‍ථි සුද‍්ධං කඞ‍්ගු පවායති, අලිකං භාසතයං ධුත‍්තී සච‍්චමාහු මහල‍්ලිකා.

5799. සර්‍වසංහාරක ගන්‍ධයෙක් නම් නැති. පිරිසුදු පුවඟු මල් සුවඳ හමයි. මේ ධූර්‍තස්ත්‍රී බොරු කියයි. මැහැල්ල සැබෑවක් කිවු.

සත‍්තදාරකපඤ‍්හා.

සත්දරු පැනය.

5800. හංසි තුවං එවං මඤ‍්ඤෙසි සෙය්‍යො පුත‍්තෙන පිතාති රාජසෙට‍්ඨ, හන්‍දස‍්සතරස‍්ස තෙ අයං අස‍්සතරස‍්ස හි ගද්‍රභො පිතා.

5800. රාජශ්‍රේෂ්ඨය, ඔබ පියා පුතුට වඩා උතුම් ය යි හඟින්නහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා ම උතුම් වන්නේ ය. අශ්වතරයාගේ පියා කොටළුවා වන බැවිනි.

ගද්‍රභපඤ‍්හො.

ගද්‍රභ පැනය.

එකූනවීසතිපඤ‍්හා නිට‍්ඨිතා.

එකුන්විසි පැන නිමි.

5801. නායං පුරෙ උන‍්නමති තොරණග‍්ගෙ කකණ‍්ටකො, මහොසධ විජානාහි කෙන ථද‍්ධො කකණ‍්ටකො.

5801. මහෞෂධ පණ්ඩිතය, තොරණ අගැ වසන මේ කටුසු තෙමේ පෙරැ මෙසේ මාන ඇත්තේ නො වෙයි. කිනම් කරුණෙකින් කටුසු තෙමේ (මානයෙන්) තද වූයේ දැ යි දනුව.

5802. අලද‍්ධපුබ‍්බං ලද‍්ධාන අද‍්ධමාසං කකණ‍්ටකො, අතිමඤ‍්ඤති රාජානං වෙදෙහං මිථිලග‍්ගහං.

5802. පෙරැ නො ලද විරූ අඩ මස්සක් ලැබ මේ බොහොඬා විදේහයෙහි මිථීලාපුර අගරජු ඉක්මවා සිතයි.

කකණ‍්ටක පඤ‍්හො.

කකණ්ටක පැනය.

5803. ඉත්‍ථි සියා රූපවතී සා ච සීලවතී සියා පුරිසො තං න ඉච‍්ඡෙය්‍ය සද‍්දහාසි මහොසධ.

5803. යම් ස්ත්‍රියක් අතිශය රූප සම්පත් ඇත්තී ද ආචාර ශීලයෙන් යුක්ත වන්නී ද වෙයි. එබඳු ස්ත්‍රියක යම් පුරුෂයෙක් නො පතයි නම් මහෞෂධය, මෙය තෙපි හදහන්නහු ද?

5804. සද‍්දහාමි මහාරාජ පුරිසො දුබ‍්භගො සියා, සිරී ච කාලකණ‍්ණි ච න සමොන‍්ති කුදාචනං.

5804. මහරජ, මම එය හදහමි, පුරුෂයා භාග්‍ය නැත්තෙකි. ශ්‍රීකාන්තාවත් කාලකණ්ණියාත් කිසි කලෙකත් එක් නො වන්නාහ.

සිරිකාලකණ‍්ණි පඤ‍්හො.

සිරිකාලකණ්ණි පැනය.