සත්තදාරකපඤ්හො අට්ඨකථා
සත්තදාරකපඤ්හො
සත්දරු ප්රශ්නය
තත්රිදං වීමංසනුද්දානං –
මේ එහි විමසීම් ප්‍රීති වාක්‍යයයි –
“මංසං ගොණො ගන්ථි සුත්තං, පුත්තො ගොතො රථෙන ච; දණ්ඩො සීසං අහී චෙව, කුක්කුටො මණි විජායනං; ඔදනං වාලුකඤ්චාපි, තළාකුය්යානං ගද්රභො මණී”ති.
මංසං ගොණො ගණ්ඨි සුත්තං පුත්තො ගොළ රථෙන ච, දණ්ඩො සීසං අහීචෙව කුක්කුටො මණි විජායනං, ඔදනං වාලුකඤ්චාපි තලාකුය්යානං ගද්රභො මණීති
තත්ථ මංසන්ති එකදිවසං බොධිසත්තෙ කීළාමණ්ඩලං ගච්ඡන්තෙ එකො සෙනො සූනඵලකතො මංසපෙසිං ගහෙත්වා ආකාසං පක්ඛන්දි. තං දිස්වා දාරකා “මංසපෙසිං ඡඩ්ඩාපෙස්සාමා”ති සෙනං අනුබන්ධිංසු. සෙනො ඉතො චිතො ච ධාවති. තෙ උද්ධං ඔලොකෙත්වා තස්ස පච්ඡතො පච්ඡතො ගච්ඡන්තා පාසාණාදීසු උපක්ඛලිත්වා කිලමන්ති. අථ නෙ පණ්ඩිතො ආහ “ඡඩ්ඩාපෙස්සාමි න”න්ති. “ඡඩ්ඩාපෙහි සාමී”ති. “තෙන හි පස්සථා”ති සො උද්ධං අනොලොකෙත්වාව වාතවෙගෙන ධාවිත්වා සෙනස්ස ඡායං අක්කමිත්වා පාණිං පහරිත්වා මහාරවං රවි. තස්ස තෙජෙන සො සද්දො සෙනස්ස කුච්ඡියං විනිවිජ්ඣිත්වා නිච්ඡාරිතො විය අහොසි. සො භීතො මංසං ඡඩ්ඩෙසි. මහාසත්තො ඡඩ්ඩිතභාවං ඤත්වා ඡායං ඔලොකෙන්තොව භූමියං පතිතුං අදත්වා ආකාසෙයෙව සම්පටිච්ඡි. තං අච්ඡරියං දිස්වා මහාජනො නදන්තො වග්ගන්තො අප්ඵොටෙන්තො මහාසද්දං අකාසි. අමච්චො තං පවත්තිං ඤත්වා රඤ්ඤො දූතං පෙසෙසි “පණ්ඩිතො ඉමිනා උපායෙන මංසපෙසිං ඡඩ්ඩාපෙසි, ඉදං දෙවො ජානාතූ”ති. තං සුත්වා රාජා සෙනකං පුච්ඡි “කිං, සෙනක, ආනෙම පණ්ඩිත”න්ති? සො චින්තෙසි “තස්ස ඉධාගතකාලතො පට්ඨාය මයං නිප්පභා භවිස්සාම, අත්ථිභාවම්පි නො රාජා න ජානිස්සති, න තං ආනෙතුං වට්ටතී”ති. සො බලවලාභමච්ඡරියතාය “මහාරාජ, එත්තකෙන පණ්ඩිතො නාම න හොති, අප්පමත්තකං කිඤ්චි එත”න්ති ආහ. රාජා මජ්ඣත්තොව හුත්වා “තත්ථෙව නං වීමංසතූ”ති පුන පෙසෙසි.
එහි මංසං යනු එක්දිනක් බෝධිසත්ත්වයන් වහන්සේ ක්‍රීඩා මණ්ඩපයට යන්නේ එක් උකුස්සෙක් මස් ලෑල්ලකින් මස් වැදැල්ලක් ගෙන අහසට නැග්ග. ඒ දැක දරුවෝ මස්වැදැල්ල බිම හෙළවන්නෙමුයි උකුස්සා ලුහුබැන්දාහ. උකුස්සා ඒ අත මේ අත දුවයි. ඔවුහු අහස දෙස බලාගෙන උකුස්සා පසුපස යන්නාහු ගල් ආදියෙහි හැපී වෙහෙසට පත්වෙති. ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය. මම එය හරවන්නෙමියි ස්වාමීනි! අත්හරවන්න. එසේනම් බලව් යැයි කීය. ඔහු උඩ නොබලාම වාත වේගයෙන් දුවගොස් උකුස්සාගේ සෙවණැල්ල පාගා මහා හඬක් නැගීය. ඔහුගේ තේජසින් ඒ හඬ උකුස්සාගේ උදරය විනිවිද ගියාක් මෙන් විය. ඌ බියපත්ව මස්වදැල්ල අත්හැරියේය. මහාසත්ත්වයන් වහන්සේ මස්කෑල්ල අත්හළ බව දැනගෙන සෙවනැල්ල දෙස බලමින් බිම වැටීමට ඉඩනොදී උඩදීම අල්ලා ගත්තේය. ඒ පුදුමය දැක මහජනයා හඬදෙමින්, අත්පොළසන් දෙමින් මහා හඬක් නැඟූහ. ඇමැතියා ඒ පුවත දැනගෙන රජුට හස්නක් යැවීය. පණ්ඩිතයා මෙනම් වූ උපායකින් මස්වැදැල්ල හරවාපීය. මෙය ඔබවහන්සේ දැනගනීවා. මේ පුවත අසා රජතෙමේ සේනකගෙන් විචාළේය. කෙසේද සේනක? අපි පණ්ඩිතයාව රැගෙන එමුද? ඔහු මෙසේ සිතීය. ඔහු මෙහි පැමිණි කාලයේ පටන් අපි ආලෝකයෙන් තොර වූවෝ වෙමු. අප සිටින බවවත් රජු නො දකින්නේ ය. ඒ නිසා ඔහුව මෙහි ගෙන එන්නට ඉඩ නොදිය යුතුයයි හෙතෙම ගුණමකු බව නිසා මහරජතුමනි! එපමණකින් පණ්ඩිත නොවෙයි. මෙය වනාහි සුළු දෙයකි යැයි කීය. රජු මධ්‍යස්ථව සිට එහිදීම ඔහුව විමසා බලන්නයැයි නැවතත් හසුනක් යැවීය.
ගොණොති එකො පාචීනයවමජ්ඣකගාමවාසී පුරිසො “වස්සෙ පතිතෙ කසිස්සාමී”ති ගාමන්තරතො ගොණෙ කිණිත්වා ආනෙත්වා ගෙහෙ වසාපෙත්වා පුනදිවසෙ ගොචරත්ථාය තිණභූමිං ආනෙත්වා ගොණපිට්ඨෙ නිසින්නො කිලන්තරූපො ඔතරිත්වා රුක්ඛමූලෙ නිපන්නොව නිද්දං ඔක්කමි. තස්මිං ඛණෙ එකො චොරො ගොණෙ ගහෙත්වා පලායි. සො පබුජ්ඣිත්වා ගොණෙ අපස්සන්තො ඉතො චිතො ච ඔලොකෙත්වා ගොණෙ ගහෙත්වා පලායන්තං චොරං දිස්වා වෙගෙන පක්ඛන්‍දිත්‍වා “කුහිං මෙ ගොණෙ නෙසී”ති ආහ. “මම ගොණෙ අත්තනො ඉච්ඡිතට්ඨානං නෙමී”ති. තෙසං විවාදං සුත්වා මහාජනො සන්නිපති. පණ්ඩිතො තෙසං සාලාද්වාරෙන ගච්ඡන්තානං සද්දං සුත්වා උභොපි පක්කොසාපෙත්වා තෙසං කිරියං දිස්වාව “අයං චොරො, අයං ගොණසාමිකො”ති ජානාති. ජානන්තොපි “කස්මා විවදථා”ති පුච්ඡි. ගොණසාමිකො ආහ – “සාමි, ඉමෙ අහං අසුකගාමතො අසුකස්ස නාම හත්ථතො කිණිත්වා ආනෙත්වා ගෙහෙ වසාපෙත්වා ගොචරත්ථාය තිණභූමිං නෙසිං, තත්ථ මම පමාදං දිස්වා අයං ගොණෙ ගහෙත්වා පලායි. ස්වාහං ඉතො චිතො ච ඔලොකෙන්තො ඉමං දිස්වා අනුබන්‍ධිත්‍වා ගණ්හිං, අසුකගාමවාසිනො මයා එතෙසං කිණිත්වා ගහිතභාවං ජානන්තී”ති. චොරො පන “මමෙතෙ ඝරජාතිකා, අයං මුසා භණතී”ති ආහ.
ගොණො යනු එක් මැදුම් යව ගම්වැසි පුරුෂයෙක් වැසිවට කල්හි කුඹුර සාන්නෙමියි වෙනත් ගමකින් ගොනුන් මිලට ගෙන අවුත් ගෙදර වැස ඊළඟ දවසේ තණකැවීම සඳහා තණ පිට්ටනියට ගෙනගොස් ගොනුපිට සිටියේ, වෙහෙසට පත්ව ඉන් බැස ගසමුල සිටියේ නින්දට වැටුනේය. ඒ වේලාවේ එක් සොරෙක් ගවයන් රැගෙන පලා ගියේය. ඔහු පිබිද ගවයන් නොදැක එහෙ මෙහෙ බලාගවයන් රැගෙන පලායන සොරු දැක වේගයෙන් හඹාගොස් මාගේ ගවයන් කොහි ගෙනයන්නේදැයි ඇසීය. මගේ ගවයන් මා කැමැති තැනකට ගෙනයමියි ඔහු කීය. ඔවුන්ගේ විවාදය අසා මහජනයා රැස්වූහ. පණ්ඩිතයෝ ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ හඬ අසා ඔවුන් දෙදෙනාවම කැඳවා ඔවුන්ගේ හැසිරීම දැකම මොහු සොරුය. මොහු ස්වාමියා යැයි දනී. එසේ දැනගෙනත් විවාද කරන්නේ ඇයිදැයි ඔවුන්ගෙන් ඇසීය. ගවයන් හිමි තැනැත්තා මෙසේ කීය. මම මේ ගවයන් අසවල් ගමෙන් අසවලාගෙන් මිළට ගෙන අවුත් ගෙදර තබාගෙන තණ පිට්ටනියට ගෙන ගියෙමි. එහිදී මාගේ ප්‍රමාදයක් දැක මේ තැනැත්තා ගවයන් රැගෙන පලා ගියේය. ඒ මම ඒ මේ අත බලන්නේ මොහුව දැක ලුහුබැඳ ගොස් අල්ලා ගත්තෙමි. අසවල් ගම්වැසියා මා විසින් මේ ගවයන් මිලදී ගත්බව දනීයැයිද කීවේය. සොරා මෙසේ කියයි. මේ මාගේ ගෙදර උපන් ගවයන්ය. මොහු බොරු කියයි යැයි කීවේය.
අථ නෙ පණ්ඩිතො “අහං වො අඩ්ඩං ධම්මෙන විනිච්ඡිනිස්සාමි, ඨස්සථ මෙ විනිච්ඡයෙ”ති පුච්ඡිත්වා “ආම, සාමි, ඨස්සාමා”ති වුත්තෙ “මහාජනස්ස මනං ගණ්හිතුං වට්ටතී”ති පඨමං චොරං පුච්ඡි “තයා ඉමෙ ගොණා කිං ඛාදාපිතා කිං පායිතා”ති? “යාගුං පායිතා තිලපිට්ඨඤ්ච මාසෙ ච ඛාදාපිතා”ති. තතො ගොණසාමිකං පුච්ඡි. සො ආහ – “සාමි, කුතො මෙ දුග්ගතස්ස යාගුආදීනි ලද්ධානි, තිණමෙව ඛාදාපිතා”ති. පණ්ඩිතො තෙසං කථං පරිසං ගාහාපෙත්වා පියඞ්ගුපත්තානි ආහරාපෙත්වා කොට්ටාපෙත්වා උදකෙන මද්දාපෙත්වා ගොණෙ පායෙසි. ගොණා තිණමෙව ඡඩ්ඩයිංසු. පණ්ඩිතො “පස්සථෙත”න්ති මහාජනස්ස දස්සෙත්වා චොරං පුච්ඡි “ත්වං චොරොසි, න චොරොසී”ති? සො “චොරොම්හී”ති ආහ. “තෙන හි ත්වං ඉතො පට්ඨාය මා එවරූපමකාසී”ති ඔවදි. බොධිසත්තස්ස පරිසා පන තං හත්ථපාදෙහි කොට්ටෙත්වා දුබ්බලමකාසි. අථ නං පණ්ඩිතො “දිට්ඨධම්මෙයෙව තාව ඉමං දුක්ඛං ලභසි, සම්පරායෙ පන නිරයාදීසු මහාදුක්ඛං අනුභවිස්සසි, සම්ම, ත්වං ඉතො පට්ඨාය පජහෙතං කම්ම”න්ති වත්වා තස්ස පඤ්ච සීලානි අදාසි. අමච්චො තං පවත්තිං යථාභූතං රඤ්ඤො ආරොචාපෙසි. රාජා සෙනකං පුච්ඡි “කිං, සෙනක, ආනෙම පණ්ඩිත”න්ති. “ගොණඅඩ්ඩං නාම, මහාරාජ, යෙ කෙචි විනිච්ඡිනන්ති, ආගමෙහි තාවා”ති වුත්තෙ රාජා මජ්ඣත්තො හුත්වා පුන තථෙව සාසනං පෙසෙසි. සබ්බට්ඨානෙසුපි එවං වෙදිතබ්බං. ඉතො පරං පන උද්දානමත්තමෙව විභජිත්වා දස්සයිස්සාමාති.
ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය. මම ඔබලාගේ නඩුව ධර්මයෙන් විසඳමි. විනිශ්චයෙහි සිටින්නහුදැයි විචාරා එසේයැයි කී කල්හි මහාජනයාගේ අදහස් දැනගැනීමද වටින්නේ යැයි පළමුව සොරාගෙන් ප්‍රශ්න කළේය. නුඹ විසින් මේ ගවයන්ට මොනවා කවන ලද ද? මොනවා පොවන ලද ද? කැඳ පොවන ලද බවත්, තල, පිටි, මෑ ඇට ආදිය කවන ලද බවත් පැවසීය. ඉක්බිති ගව හිමියාගෙන් විචාළේය. ඔහු මෙසේ කීය. ස්වාමීනි! දුප්පත් මට කැඳ ආදිය නැත. තණකොල කවන ලදී. පඬිතුමා ඔවුන්ගේ කථාව මහජනයාට දන්වා පියඟු කොල ගෙන්වාගෙන වංගෙඩියේ ලා කොටා ගවයන්ට පෙවීය. ගවයෝ තණකොළම වැමෑරූහ. පඬිතුමා මෙය බලන්න යැයි මහජනයාට පෙන්වා සොරාගෙන් විචාළේය. ඔබ සොරෙක්ද, නැද්ද? සොරක්මියි පිළිතුරු දුන්නේය. එසේනම් මෙතැන් පටන් මෙබඳු දේ නොකරව. බෝධිසත්ත්වයන්ගේ පරිවාර ජනයා ඔහුව බැහැරට ගෙන ගොස් අතින් පයින් තලා දුර්වල කළහ. ඉක්බිති පඬිතුමා ඔහු අමතා අවවාද කොට තොප ඇස් ඉදිරිපිට මේ දුක් විඳින්නෙහි. පරලොවදි වනාහි නිරයාදියෙහි මහත් වූ දුකක් අනුභව කරන්නෙහිය. මෙතැන් පටන් මේ වැරදි ක්‍රියාව අතහරුවයි පන්සිල් දුන්නේය. ඇමැතියා ඒ පුවත ඇති පරිදි රජුට සැල කළේය. රජු සේනකගෙන් අසා රජතුමනි! ගොන් ප්රශ්නය යමකු විසින් විනිශ්චය කරන ලද ද? කී කල්හි රජු මධ්‍යස්ථව නැවත එබඳු වූම පණිවිඩයක් යැවීය. මෙසේ සියලු වාදයන්හිදී දතයුතුයි. මෙයින් පසුව වනාහි උදාන වාක්‍ය පමණක් වෙන්කර දක්වන්නෙමු.
ගන්ථීති එකා දුග්ගතිත්ථී නානාවණ්ණෙහි සුත්තෙහි ගන්ථිකෙ බන්ධිත්වා කතං සුත්තගන්ථිතපිළන්ධනං ගීවතො මොචෙත්වා සාටකස්ස උපරි ඨපෙත්වා න්හායිතුං පණ්ඩිතෙන කාරිතපොක්ඛරණිං ඔතරි. අපරා තරුණිත්ථී තං දිස්වා ලොභං උප්පාදෙත්වා උක්ඛිපිත්වා “අම්ම, අතිවිය සොභනං ඉදං කිත්තකෙන තෙ කතං, අහම්පි අත්තනො එවරූපං කරිස්සාමි, ගීවාය පිළන්ධිත්වා පමාණං තාවස්ස උපධාරෙමී”ති වත්වා තාය උජුචිත්තතාය “උපධාරෙහී”ති වුත්තෙ ගීවාය පිළන්ධිත්වා පක්කාමි. ඉතරා තං දිස්වා සීඝං උත්තරිත්වා සාටකං නිවාසෙත්වා උපධාවිත්වා “කහං මෙ පිළන්ධනං ගහෙත්වා පලායිස්සසී”ති සාටකෙ ගණ්හි. ඉතරා “නාහං තව සන්තකං ගණ්හාමි, මම ගීවායමෙව පිළන්ධන”න්ති ආහ. මහාජනො තං සුත්වා සන්නිපති. පණ්ඩිතො දාරකෙහි සද්ධිං කීළන්තො තාසං කලහං කත්වා සාලාද්වාරෙන ගච්ඡන්තීනං සද්දං සුත්වා “කිං සද්දො එසො”ති පුච්ඡිත්වා උභින්නං කලහකාරණං සුත්වා පක්කොසාපෙත්වා ආකාරෙනෙව චොරිඤ්ච අචොරිඤ්ච ඤත්වාපි තමත්ථං පුච්ඡිත්වා “අහං වො ධම්මෙන විනිච්ඡිනිස්සාමි, මම විනිච්ඡයෙ ඨස්සථා”ති වත්වා “ආම, ඨස්සාම, සාමී”ති වුත්තෙ පඨමං චොරිං පුච්ඡි “ත්වං ඉමං පිළන්ධනං පිළන්ධන්තී කතරගන්ධං විලිම්පසී”ති? “අහං නිච්චං සබ්බසංහාරකං විලිම්පාමී”ති. සබ්බසංහාරකො නාම සබ්බගන්ධෙහි යොජෙත්වා කතගන්ධො. තතො ඉතරං පුච්ඡි. සා ආහ “කුතො, සාමි, ලද්ධො දුග්ගතාය මය්හං සබ්බසංහාරකො, අහං නිච්චං පියඞ්ගුපුප්ඵගන්ධමෙව විලිම්පාමී”ති. පණ්ඩිතො උදකපාතිං ආහරාපෙත්වා තං පිළන්ධනං තත්ථ පක්ඛිපාපෙත්වා ගන්ධිකං පක්කොසාපෙත්වා “එතං ගන්ධං උපසිඞ්ඝිත්වා අසුකගන්ධභාවං ජානාහී”ති ආහ. සො උපසිඞ්ඝන්තො පියඞ්ගුපුප්ඵභාවං ඤත්වා ඉමං එකකනිපාතෙ ගාථමාහ –
ගණ්ඨී යනු එක් දුප්පත් කතක් නොයෙක් වර්ණයෙන් යුත් නූලින් ගැට බැඳ කරන ලද නූල් කැටිවලින් සාදන ලද පළඳනාවක් ගෙලෙන් ගලවා සළුව මතුපිට තබා පණ්ඩිතයන් විසින් කරන ලද පොකුණට නාන්නට බැස්සේය. වෙනත් තරුණ කතක් එය දැක ලෝභ උපදවා එය ඔසවා මෑණියනි! මෙය අතිශයින් දැකුම්කළුය. මෙය මොනවායින් කරන ලදද? මම ද මට මෙයින් එකක් කරන්නෙමියි ගෙලෙහි පැළඳ එහි ප්‍රමාණය බලන්නෙමියි කී කල්හි ඇගේ අවංකකම නිසා එසේ පැළඳ බලන්නයැයි කී කල්හි ගෙලෙහි පැළඳගෙන පලා ගියාය. අනිත් තැනැත්තිය එය දැක වහා ගොඩට අවුත් සළුව හැඳ පසුපස දුවගොස් මාගේ පළඳනාව ගෙන කොහි යන්නේදැයි කියා සළුවෙන් අල්ලා ගත්තේය. අනිත් තැනැත්තිය (සෙර) මම නුඹ සතුවක් නොගත්තෙමි. මගේ ගෙලේ ඇත්තේ මගේ පළඳනාවයි කියා කීවාය. ඒඅසා මහජනයා එතැනට රැස්වූහ. පණ්ඩිතයෝ දරුවන් සමග ක්‍රීඩා කරන්නේ කෝළාහල කරමින් ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ ඝෝෂාව අසා මේ කවර හඬක්දැයි අසා දෙදෙනාගේ කලහයට හේතු වූ කරුණ අසා ඔවුන් කැඳවා ස්වරූපයෙන්ම මේ සෙරය. මේ සෙර නොවේ. කියා දැනගෙන ඒ කාරණය අසා මාගේ විනිශ්චයෙහි පිහිටන්නාහු දැයි විචාරා එසේයැයි කීකල්හි පළමුව සෙරගෙන් ඇසීය. නුඹ මේ පළඳනාව පළඳන්නී කවරනම් සුවඳ වර්ගයක් ඇඟ ගල්වන්නීදැයි ඇසීය. මම නිරන්තරයෙන් ‘සබ්බ සංහාරක’ (සියල්ල වනසන) නම් වූ සුගන්ධාලේපය ආලේප කරමියි කීවාය. සබ්බ සංහාරක යනු සියළු සුවඳ වර්ග යොදා සාදන ලද සුවඳ වර්ගයකි. අනතුරුව අනික් තැනැත්තියගෙන් විචාළේය. ඇය මෙසේ කීවාය. දුප්පත් වූ මට සබ්බසංහාරක කොයින්ද? මම නිරන්තරයෙන් පියඟු මල්සුවඳ ආලේප කරමියි කීවාය. පණ්ඩිතයාණෝ ජලපත්රයක් ගෙන්වාගෙන ඒ ආභරණය දමා සුවඳ වර්ග පිළිබඳ දන්නකු කැඳවා මේ වතුර භාජනය කවර සුවඳදැයි බලා කියන්නැයි කීය. ඔහු සුවඳ විමසා බලන්නේ පියඟු මස්සුවඳ බව දැනගෙන මේ ඒකක නිපාතයේ ආ ගාථාව ප්‍රකාශ කළේය.
“සබ්බසංහාරකො නත්ථි, සුද්ධං කඞ්ගු පවායති; අලිකං භාසතියං ධුත්තී, සච්චමාහු මහල්ලිකා”ති. (ජා· 1.1.110);
සබ්බ සංහාරකො නත්ථි සුද්ධං කංගු පවායති, අලිකං භාසිතයං ධුත්තී සච්චමාහු මහල්ලිකා
තත්ථ ධුත්තීති ධුත්තිකා. ආහූති ආහ, අයමෙව වා පාඨො.
එහි ධුත්තී යනු සෙර. ආහූ යනු කීය. කියයි. අයමෙව කියාද පාඨයක් ඇත.
එවං මහාසත්තො තං කාරණං මහාජනං ජානාපෙත්වා “ත්වං චොරීසි, න චොරීසී”ති පුච්ඡිත්වා චොරිභාවං පටිජානාපෙසි. තතො පට්ඨාය මහාසත්තස්ස පණ්ඩිතභාවො පාකටො ජාතො.
මහාසත්ත්වයෝ ඒ කාරණය මහජනයාට දන්වා ඔබ සෙරක්ද සෙරක් නොවන්නී ද කියා අසා සෙර බව ඒත්තු ගැන්වීය. එතැන් පටන් මහාසත්ත්වයන්ගේ පණ්ඩිත බව මහජනයාට ප්‍රකට විය.
සුත්තන්ති එකා කප්පාසක්ඛෙත්තරක්ඛිකා ඉත්ථී කප්පාසක්ඛෙත්තං රක්ඛන්තී තත්ථෙව පරිසුද්ධං කප්පාසං ගහෙත්වා සුඛුමසුත්තං කන්තිත්වා ගුළං කත්වා උච්ඡඞ්ගෙ ඨපෙත්වා ගාමං ආගච්ඡන්තී “පණ්ඩිතස්ස පොක්ඛරණියං න්හායිස්සාමී”ති තීරං ගන්ත්වා සාටකං මුඤ්චිත්වා සාටකස්ස උපරි සුත්තගුළං ඨපෙත්වා ඔතරිත්වා පොක්ඛරණියං න්හායති. අපරා තං දිස්වා ලුද්ධචිත්තතාය තං ගහෙත්වා “අහො මනාපං සුත්තං, අම්ම, තයා කත”න්ති අච්ඡරං පහරිත්වා ඔලොකෙන්තී විය උච්ඡඞ්ගෙ කත්වා පක්කාමි. සෙසං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං. පණ්ඩිතො පඨමං චොරිං පුච්ඡි “ත්වං ගුළං කරොන්තී අන්තො කිං පක්ඛිපිත්වා අකාසී”ති? “කප්පාසඵලට්ඨිමෙව සාමී”ති. තතො ඉතරං පුච්ඡි. සා “සාමි තිම්බරුඅට්ඨි”න්ති ආහ. සො උභින්නං වචනං පරිසං ගාහාපෙත්වා සුත්තගුළං නිබ්බෙඨාපෙත්වා තිම්බරුඅට්ඨිං දිස්වා තං චොරිභාවං සංපටිච්ඡාපෙසි. මහාජනො හට්ඨතුට්ඨො “සුවිනිච්ඡිතො අඩ්ඩො”ති සාධුකාරසහස්සානි පවත්තෙසි.
සුත්තං යනු ඒ එක් කපුකෙතක් රකින ස්ත්‍රියක් කෙත රකින්නී එහිම පිරිසිදු පුලුන් ගෙන ඉතා සියුම් නූලක් අඹරා පන්දුවක් කොට උකුලෙහි ගසාගෙන ගමට එන්නී පණ්ඩිතයන්ගේ පොකුණෙහි නාන්නෙමියි සලුව මත්තෙහි නූල්පන්දුව තබා නාන්නට බැස්සේය. ස්ත්‍රිය එය දැක හටගත් ලෝභ සිතැත්තී එය ගෙන, අහෝ! මැණියනි! ඔබ විසින් සිත්ගන්නා නූලක් කටින ලදැයි කියා අසුර ගසා බලන්නාක් මෙන් ඉණෙහි තබාගෙන යන්ට ගියාය. එය පෙර පරිද්දෙන්ම විස්තර දැනගත යුතුයි. පණ්ඩිතයෝ සෙරන්ගෙන් විචාළහ. නුඹ නූල් පන්දුව සාදනවිට කුමක් ඇතුලතට තබා එය කළේදැයි ඇසීය. ස්වාමීනි, කපුගෙඩියක ඇටය කීවාය. අනික් තැනැත්තියගෙන් ද විචාළහ. ඇය තිඹිරි ඇටයයි කීවාය. ඔහු දෙදෙනාගේම කථාව පිරිසට දන්වා නූල්පන්දුව පලා තිඹිරිඇට දැක ඒ සෙර බව පිළිගැන්වීය. මහජනයා තුටු පහටු වූයේ නඩුව මනාව විසඳන ලද්දේ යැයි දහස්වර සාදුකාර දුන්හ.
පුත්තොති එකදිවසං එකා ඉත්ථී පුත්තං ආදාය මුඛධොවනත්ථාය පණ්ඩිතස්ස පොක්ඛරණිං ගන්ත්වා පුත්තං න්හාපෙත්වා අත්තනො සාටකෙ නිසීදාපෙත්වා අත්තනො මුඛං ධොවිතුං ඔතරි. තස්මිං ඛණෙ එකා යක්ඛිනී තං දාරකං දිස්වා ඛාදිතුකාමා හුත්වා ඉත්ථිවෙසං ගහෙත්වා “සහායිකෙ, සොභති වතායං දාරකො, තවෙසො පුත්තො”ති පුච්ඡිත්වා “ආමා”ති වුත්තෙ “පායෙමි න”න්ති වත්වා “පායෙහී”ති වුත්තා තං ගහෙත්වා ථොකං කීළාපෙත්වා ආදාය පලායි. ඉතරා තං දිස්වා ධාවිත්වා “කුහිං මෙ පුත්තං නෙසී”ති ගණ්හි. යක්ඛිනී “කුතො තයා පුත්තො ලද්ධො, මමෙසො පුත්තො”ති ආහ. තා කලහං කරොන්තියො සාලාද්වාරෙන ගච්ඡන්ති. පණ්ඩිතො තං කලහසද්දං සුත්වා පක්කොසාපෙත්වා “කිමෙත”න්ති පුච්ඡි. තා තස්ස එතමත්ථං ආරොචෙසුං. තං සුත්වා මහාසත්තො අක්ඛීනං අනිමිසතාය චෙව රත්තතාය ච නිරාසඞ්කතාය ච ඡායාය අභාවතාය ච “අයං යක්ඛිනී”ති ඤත්වාපි “මම විනිච්ඡයෙ ඨස්සථා”ති වත්වා “ආම, ඨස්සාමා”ති වුත්තෙ භූමියං ලෙඛං කඩ්ඪයිත්වා ලෙඛාමජ්ඣෙ දාරකං නිපජ්ජාපෙත්වා යක්ඛිනිං හත්ථෙසු, මාතරං පාදෙසු ගාහාපෙත්වා “ද්වෙපි කඩ්ඪිත්වා ගණ්හථ, කඩ්ඪිතුං සක්කොන්තියා එව පුත්තො”ති ආහ.
පුත්තො යනු එක් ස්ත්‍රියක් දරුවකු ගෙන මුව සේදීම පිණිස පණ්ඩිතයන්ගේ පොකුණට ගොස් පුතා නහවා තමන්ගේ සළුවෙහි හිඳුවා මුහුණ සෝදා නාන්නට බැස්සාය. ඒ වේලාවේ එක් යකින්නක් ඒ දරුවා දැක කනු කැමැත්තී වී ස්ත්‍රී වේශයක් මවාගෙන මිතුරිය! මේ දරුවා දර්ශනීයයි. මේ ඔබගේ පුත්‍රයාදැයි ඇසීය. එසේය මෑණියන් යැයි කීකල්හි මම ඔහුව බලාගන්නම්යැයි කීවිට රැකබලා ගන්න යැයි කියද්දී දරුවා ගෙන ටික වේලාවක් ක්‍රීඩාකොට රැගෙන පලායන්ට විය. අනික් තැනැත්තිය එය දැක දුවගොස් මාගේ පුත්‍රයාව කොහි ගෙනයන්නේදැයි අල්ලා ගත්තාය. ඔබට පුතෙක් කොයින්ද? මේ මාගේ පුත්රයායැයි යක්ෂණිය කීවාය. කලහ කරන්නියෝ ශාලා දොරෙන් යත්. පණ්ඩිතයෝ කෝලාහල ශබ්දය අසා ඔවුන් කැඳවා මේ කුමක්දැයි විචාරා නඩුව අසා, ඇසිපිය නොහෙලීම නිසාද ඇස්වල රතුපාට නිසාද යක්ෂණියක් යැයි දැනගෙන ද මාගේ විනිශ්චයෙහි පිහිටන්නහුදැයි අසා එසේය කියා කී කල්හි ඉරක් ඇඳ ඉර මැද දරුවා තබා යක්ෂණිය ලවා පාවලින්ද මව ලවා අත්වලින්ද අල්ලාගෙන දෙදෙනාම ඇදගන්න. තමන්ගේ පැත්තට ඇද ගන්නට හැකි වන්නියට දරුවා අයත් වෙයි.
තා උභොපි කඩ්ඪිංසු. දාරකො කඩ්ඪියමානො දුක්ඛප්පත්තො හුත්වා විරවි. මාතා හදයෙන ඵලිතෙන විය හුත්වා පුත්තං මුඤ්චිත්වා රොදමානා අට්ඨාසි. පණ්ඩිතො මහාජනං පුච්ඡි “අම්භො, දාරකෙ, මාතු හදයං මුදුකං හොති, උදාහු අමාතූ”ති. “මාතු හදයං මුදුකං හොතී”ති. “කිං දානි දාරකං ගහෙත්වා ඨිතා මාතා හොති, උදාහු විස්සජ්ජෙත්වා ඨිතා”ති? “විස්සජ්ජෙත්වා ඨිතා පණ්ඩිතා”ති. “ඉමං පන දාරකචොරිං තුම්හෙ ජානාථා”ති? “න ජානාම, පණ්ඩිතා”ති. අථ නෙ පණ්ඩිතො ආහ – “යක්ඛිනී එසා, එතං ඛාදිතුං ගණ්හී”ති. “කථං ජානාසි, පණ්ඩිතා”ති. “අක්ඛීනං අනිමිසතාය චෙව රත්තතාය ච නිරාසඞ්කතාය ච ඡායාය අභාවෙන ච නික්කරුණතාය චා”ති. අථ නං පුච්ඡි “කාසි ත්ව”න්ති? “යක්ඛිනීම්හි සාමී”ති. “කස්මා ඉමං දාරකං ගණ්හී”ති? “ඛාදිතුං ගණ්හාමි, සාමී”ති. “අන්ධබාලෙ, ත්වං පුබ්බෙපි පාපකම්මං කත්වා යක්ඛිනී ජාතාසි, ඉදානි පුනපි පාපං කරොසි, අහො අන්ධබාලාසී”ති වත්වා තං පඤ්චසීලෙසු පතිට්ඨාපෙත්වා “ඉතො පට්ඨාය එවරූපං පාපකම්මං මා අකාසී”ති වත්වා තං උය්යොජෙසි. දාරකමාතාපි දාරකං ලභිත්වා “චිරං ජීවතු සාමී”ති පණ්ඩිතං ථොමෙත්වා පුත්තං ආදාය පක්කාමි.
ඒ දෙදෙනාම ඇද්දාහ. දරුවා අදිනු ලබන්නේ දුකට පත්ව හැඬුවේය. මව හදවත පැලුනාක් මෙන් දරුවා අතහැර හඬමින් සිටියාය. පණ්ඩිතයෝ මහජනයාගෙන් විචාළාහ. දරුවන් කෙරෙහි මෘදුබවට පත්වන්නේ මාතෘ හදවතද? එසේ නැතහොත් මව් නොවන තැනැත්තියගේ හදවතද කියා ඇසූවිට පණ්ඩිතයෙනි! මවගේ හදවතයැයි කීහ. දැන් මෙහි දරුවා අල්ලාගෙන සිටින්නේ මවද අත්හැර සිටින්නේ මවද කියා ඇසූවිට පණ්ඩිතයෙනි, අත්හැර සිටිය තැනැත්තිය මව යයි කීහ. මැය වනාහි දරුවන් සොරකම් කරන්නියකි. නුඹලා දන්නහුද? පණ්ඩිතයෙනි! නොදනිමු. මේ යක්ෂණිය දරුවා කෑමට ගත්තේය. පණ්ඩිතයෙනි! කෙසේ දන්නෙහිද? ඇසිපිය නොහෙළීමද ඇස් රතුවීමද සෙවනැල්ලක් නැතිවීමද සැකයක් නැති බැවින්ද කරුණා විරහිත බැවින්ද යන හේතූන්ගෙනි. ඉක්බිති නුඹ කවර තැනැත්තියකදැයි ඇගෙන් විමසීය. ස්වාමීනි! යක්ෂණියක් වෙමි. අන්ධබාල තැනැත්තිය, පෙරද පව්කොට යක්ෂණියක් වූවාය. දැන් නැවතද පව් කරන්නෙහි. අහෝ අඳබාල තැනැත්තියැයි අවවාද දී පන්සිල්හි පිහිටුවා පිටත්කර හැරියේය. දරුවාගේ මව ස්වාමීනි, බොහෝකල් ජීවත්වෙන්න යැයි පණ්ඩිතයන්ට ප්‍රශංසා කොට දරුවා රැගෙන නික්ම ගියාය.
ගොතොති එකො කිර ලකුණ්ඩකත්තා ගොතො, කාළවණ්ණතා ච කාළොති ගොතකාළො නාම පුරිසො සත්තසංවච්ඡරානි කම්මං කත්වා භරියං ලභි. සා නාමෙන දීඝතාලා නාම. සො එකදිවසං තං ආමන්තෙත්වා “භද්දෙ, පූවඛාදනීයං පචාහි, මාතාපිතරො දට්ඨුං ගමිස්සාමා”ති වත්වා “කිං තෙ මාතාපිතූහී”ති තාය පටික්ඛිත්තොපි යාවතතියං වත්වා පූවඛාදනීයං පචාපෙත්වා පාථෙය්යඤ්චෙව පණ්ණාකාරඤ්ච ආදාය තාය සද්ධිං මග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උත්තානවාහිනිං එකං නදිං අද්දස. තෙ පන ද්වෙපි උදකභීරුකජාතිකාව, තස්මා තං උත්තරිතුං අවිසහන්තා තීරෙ අට්ඨංසු. තදා දීඝපිට්ඨි නාමෙකො දුග්ගතපුරිසො අනුවිචරන්තො තං ඨානං පාපුණි. අථ නං තෙ දිස්වා පුච්ඡිංසු “සම්ම, අයං නදී ගම්භීරා උත්තානා”ති. සො තෙසං කථං සුත්වා උදකභීරුකභාවං ඤත්වා “සම්ම, අයං නදී ගම්භීරා බහුචණ්ඩමච්ඡාකිණ්ණා”ති ආහ. “සම්ම, කථං ත්වං ගමිස්සසී”ති? සො ආහ – “සංසුමාරමකරානං අම්හෙහි පරිචයො අත්ථි, තෙන තෙ අම්හෙ න විහෙඨෙන්තී”ති. “තෙන හි, සම්ම, අම්හෙපි නෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡි. අථස්ස තෙ ඛජ්ජභොජනං අදංසු. සො කතභත්තකිච්චො “සම්ම, කං පඨමං නෙමී”ති පුච්ඡි. සො ආහ – “තව සහායිකං පඨමං නෙහි, මං පච්ඡා නෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තං ඛන්ධෙ කත්වා පාථෙය්යඤ්චෙව පණ්ණාකාරඤ්ච ගහෙත්වා නදිං ඔතරිත්වා ථොකං ගන්ත්වා උක්කුටිකො නිසීදිත්වා පක්කාමි.
ගොළරථෙනවා කෙනෙක් වනාහි මිටි බැවින් ගෝළ නම්ව ද කාළවර්ණ බැවින් කාලෝ නම්ව ද ගොළකාලා නම් වූ පුරුෂයෙක් වර හතක් ගෙදරක මෙහෙකාරකම් කොට භාර්යාවක් ලබාගත්තේය. ඕ නමින් දික්තලා වූවාය. ඔහු එක්දිනක් ඇය අමතා සොඳුර, කැවුම් ආදි කැවිලි පිසින්න. මව්පියන් දකින්නට යමුයි කියා මව්පියන්ගෙන් ඔබට කවර වැඩක්දැයි ඇය විසින් ප්‍රතික්ෂේප කළ කල්හි තුන්වන වරත් කියා කැවුම් පිසවාගෙන මගට අවශ්‍ය දේද තෑගි බෝගද රැගෙන ඇය සමග මගට පිළිපන්නේ අතරමග නොගැඹුරු ගංගාවක් දුටුවේය. ඒ දෙදෙනාම වනාහි ජලයට බිය වූ අය වූහ. ඒ නිසා ඒ නදිය තරණය කරන්නට උනන්දු නොවී ගංඉවුරේ සිටියාහ. එකල්හි දිග්පිටියා නම් වූ එක් දුප්පත් මිනිසෙක් ඒ නදිය අසල ගැවසෙන්නේ එතැනට පැමිණියේය. ඔවුහු ඔහුව දැක විචාළාහ. යහළුව! මේ නදිය ගැඹුරු නැද්ද කියා ඇසීය. මත්ස්‍යයෝ සිටිත්යැයි කීය. මිතුර, ඔබ කෙසේ යන්නෙහිද? මෙහි කිඹුල් හා මකරුන් අපව හඳුනන බැවින් අපට හිංසා නොකරත්. එසේනම් අපව ගෙනයන්න යැයි කීවාහුය. එසේයැයි ඔහු පැවසීය. ඉක්බිති ඔහුට ආහාරපාන දුන්හ. ඔහු කරන ලද බත්කිස ඇත්තේ යහළුව, කවුරුන් පළමුව ගෙන යන්නදැයි විචාළේය. තොපගේ බැදෑනියන්දෑ පළමුව ගෙන යව, මා පසුව ගෙන යව යි කී කල්හි යහපතැයි ඇයව කරේ තබාගෙන මාර්ගෝපකරණ හා තෑගිබෝග ආදි සියල්ලද ගෙන ගඟට බැස ටිකදුරක් ගොස් ඇන තබා හිඳගෙන යන්ට විය.
ගොතකාළො තීරෙ ඨිතොව “ගම්භීරාවතායං නදී, එවං දීඝස්සපි නාම එවරූපා, මය්හං පන අපසය්හාව භවිස්සතී”ති චින්තෙසි. ඉතරොපි තං නදීමජ්ඣං නෙත්වා “භද්දෙ, අහං තං පොසෙස්සාමි, සම්පන්නවත්ථාලඞ්කාරා දාසිදාසපරිවුතා විචරිස්සසි, කිං තෙ අයං ලකුණ්ඩකවාමනකො කරිස්සති, මම වචනං කරොහී”ති ආහ. සා තස්ස වචනං සුත්වාව අත්තනො සාමිකෙ සිනෙහං භින්දිත්වා තංඛණඤ්ඤෙව තස්මිං පටිබද්ධචිත්තා හුත්වා “සාමි, සචෙ මං න ඡඩ්ඩෙස්සසි, කරිස්සාමි තෙ වචන”න්ති සම්පටිච්ඡි. “භද්දෙ, කිං වදෙසි, අහං තං පොසෙස්සාමී”ති. තෙ පරතීරං ගන්ත්වා උභොපි සමග්ගා සම්මොදමානා “ගොතකාළං පහාය තිට්ඨ ත්ව”න්ති වත්වා තස්ස පස්සන්තස්සෙව ඛාදනීයං ඛාදන්තා පක්කමිංසු. සො දිස්වා “ඉමෙ එකතො හුත්වා මං ඡඩ්ඩෙත්වා පලායන්ති මඤ්ඤෙ”ති අපරාපරං ධාවන්තො ථොකං ඔතරිත්වා භයෙන නිවත්තිත්වා පුන තෙසු කොපෙන “ජීවාමි වා මරාමි වා”ති උල්ලඞ්ඝිත්වා නදියං පතිතො උත්තානභාවං ඤත්වා නදිං උත්තරිත්වා වෙගෙන තං පාපුණිත්වා “අම්භො දුට්ඨචොර, කුහිං මෙ භරියං නෙසී”ති ආහ. ඉතරොපි තං “අරෙ දුට්ඨවාමනක, කුතො තව භරියා, මමෙසා භරියා”ති වත්වා ගීවායං ගහෙත්වා ඛිපි. සො දීඝතාලං හත්ථෙ ගහෙත්වා”තිට්ඨ ත්වං කුහිං ගච්ඡසි, සත්ත සංවච්ඡරානි කම්මං කත්වා ලද්ධභරියා මෙසී”ති වත්වා තෙන සද්ධිං කලහං කරොන්තො සාලාය සන්තිකං පාපුණි. මහාජනො සන්නිපති.
ගෝළකාළද ගංඉවුරේ සිට මේ නදිය උස තැනැත්තාට (දිග්තළා) මෙතරම් ගැඹුරුනම් එය මට කෙසේ වේදැයි සිතීය. අනික් තැනැත්තේද ගඟ මැදට ගෙන ගොස් සොඳුර, මම ඔබ පෝෂණය කරමි. වස්ත්‍රාලංකාර ආදියෙන් යුක්තව දැසි දස් ජනයා පිරිවරා සිටින්නෙහිය. මේ මිටි වාමනකයා ඔබට කුමක් කරන්නේද? මගේ වචනය කරන්න යැයි කීය. ඇය ඔහුගේ වචනය අසා තමාගේ සැමියා කෙරෙහි ඇති සෙනෙහස බිඳ දමා ඒ මොහොතේම ඔහු කෙරෙහි බැඳුනු සිතැත්තේ වී ස්වාමීනි, ඉදින් මා අත්නොහරින්නෙහිද? ඔබගේ වචනය කරන්නෙමියි කීය. ඔවුහු එගොඩටට ගොස් දෙදෙනාම සතුටු වී ගෝළකාළව අතහැර ඔබ සිටින්න යැයි කියා ඔහු බලාසිටියදීම ආහාර අනුභව කරමින් පිටත්ව ගියහ. ඔහු ඒ දැක මොවුහු එකතු වී මා හැරදමා පළායත්යැයි සිතා එහෙ මෙහෙ දුවන්නේ තරමක් ජලයට බැස බියෙන් නතරවී නැවත ඔවුන් කෙරෙහි කෝපයෙන් ජීවත්වෙමි. නැත්නම් මැරෙමියි පැන්නේ ගඟට බැස නොගැඹුරු බව දැනගෙන ගඟෙන් එගොඩවී වේගයෙන් ඔහු වෙතට පැමිණ එම්බා දුෂ්ට වූ චෞරය, මාගේ බිරිය කොයි ගෙන යන්නෙහිදැයි ඇසීය. අනිත් තැනැත්තාද එම්බා දුෂ්ට වාමනය, ඔබට භාර්යාවක් කොයින්ද? මේ මාගේ භාර්යාව යැයි කියා ගෙලෙන් අල්ලාගෙන බිම දැම්මේය. හෙතෙම දික්තලාව අතින් අල්ලාගෙන සිටුව, කොහි යන්නෙහිද? අවුරුදු සතක් ගෙයි වැඩ කොට ලබන ලද බිරිය යැයි කියා ඔහු සමග කලහ කරන්නේ ශාලාව සමීපයට පැමිණියේය. මහජනයා රැස්වූහ.
පණ්ඩිතො “කිං සද්දො නාමෙසො”ති පුච්ඡිත්වා තෙ උභොපි පක්කොසාපෙත්වා වචනප්පටිවචනං සුත්වා “මම විනිච්ඡයෙ ඨස්සථා”ති වත්වා “ආම, ඨස්සාමා”ති වුත්තෙ පඨමං දීඝපිට්ඨිං පක්කොසාපෙත්වා “ත්වං කොනාමොසී”ති පුච්ඡි. “දීඝපිට්ඨිකො නාම, සාමී”ති. “භරියා තෙ කා නාමා”ති? සො තස්සා නාමං අජානන්තො අඤ්ඤං කථෙසි. “මාතාපිතරො තෙ කෙ නාමා”ති? “අසුකා නාමා”ති. “භරියාය පන තෙ මාතාපිතරො කෙ නාමා”ති? සො අජානිත්වා අඤ්ඤං කථෙසි. තස්ස කථං පරිසං ගාහාපෙත්වා තං අපනෙත්වා ඉතරං පක්කොසාපෙත්වා පුරිමනයෙනෙව සබ්බෙසං නාමානි පුච්ඡි. සො යථාභූතං ජානන්තො අවිරජ්ඣිත්වා කථෙසි. තම්පි අපනෙත්වා දීඝතාලං පක්කොසාපෙත්වා “ත්වං කා නාමා”ති පුච්ඡි. “දීඝතාලා නාම සාමී”ති. “සාමිකො තෙ කොනාමො”ති? සා අජානන්තී අඤ්ඤං කථෙසි. “මාතාපිතරො තෙ කෙ නාමා”ති. “අසුකා නාම සාමී”ති. “සාමිකස්ස පන තෙ මාතාපිතරො කෙ නාමා”ති? සාපි විලපන්තී අඤ්ඤං කථෙසි . ඉතරෙ ද්වෙ පක්කොසාපෙත්වා මහාජනං පුච්ඡි “කිං ඉමිස්සා දීඝපිට්ඨිස්ස වචනෙන සමෙති, උදාහු ගොතකාළස්සා”ති. “ගොතකාළස්ස පණ්ඩිතා”ති. “අයං එතිස්සා සාමිකො, ඉතරො චොරො”ති. අථ නං “චොරොසි, න චොරොසී”ති පුච්ඡි. “ආම, සාමි, චොරොම්හී”ති චොරභාවං සම්පටිච්ඡි. පණ්ඩිතස්ස විනිච්ඡයෙන ගොතකාළො අත්තනො භරියං ලභිත්වා මහාසත්තං ථොමෙත්වා තං ආදාය පක්කාමි. පණ්ඩිතො දීඝපිට්ඨිමාහ “මා පුන එවමකාසී”ති.
මහාසත්ත්වයන් වහන්සේ මේ ඝෝෂාව කුමක්දැයි විමසා ඔවුන් දෙදෙනාම කැඳවා වචන හා පිළිතුරු වචන අසා මාගේ විනිශ්චයෙහි පිහිටන්නහුදැයි අසා එසේයැයි කී කල්හි පළමුව දික්පිටියා කැඳවා ඔබගේ නම කුමක්දැයි ඇසීය. ස්වාමීනි! මම දික්පිටියා වෙමියි කීය. ඔබගේ භාර්යාවගේ නම කුමක්ද? හෙතෙම ඇගේ නම නොදන්නේ වෙනත් නමක් කීවේය. ඔබගේ මව්පියන්ගේ නම් මොනවාද? අසවල් නම් යැයි කීය. භාර්යාවගේ මව්පියන්ගේ නම් මොනවාද? ඔහු එය නොදැන වෙනත් නම් කීය. ඉක්බිති ඔහුගේ කථාව පැමිණි පිරිසට දන්වා එතනින් ඉවත්කර අනිකා කැඳවා පෙර පරිදිම සියල්ලන්ගේම නම් ඇසීය. ඔහු නියම ලෙස දන්නේ නොපැකිල කීවේය. ඔහුවද ඉවත්කර දික්තලාව කැඳවා ඔබ කිනම් ඇත්තේදැයි ඇසීය. ස්වාමීනි, මම දික්තලා වෙමි. ඔබගේ සැමියාගේ නම කුමක්ද? ඇය නොදන්නී වෙනකක් කීවාය. ඔබගේ මව්පියන් කවරනම් ඇත්තහුද? ඇය නියම ලෙසින්ම කීවාය. ඔබගේ සැමියාගේ දෙමව්පියෝ කවර නම් ඇත්තහුද? ඇය දොඩවන්නී අනිකක් කීවාය. පණ්ඩිතයෝ ඉතිරි දෙදෙනාද කැඳවා මහජනයාගෙන් ඇසූහ. මැයගේ කථාව දික්පිටියාගේ වචන හා සමාන වන්නේද, නැතහොත් ගෝළකාළගේ වචන සමගදැයි ඇසූවිට, ස්වාමීනි, ගෝළකාළගේ වචන සමග යැයි කීහ. මොහු මැයගේ ස්වාමියාය. අනික් තැනැත්තා සොරායැයි කියා ඉක්බිති ඔහුගෙන් අසා ඔහුගේ චෞරභාවය ඔප්පු කළේය.
රථෙන චාති එකදිවසං එකො පන පුරිසො රථෙ නිසීදිත්වා මුඛධොවනත්ථාය නික්ඛමි. තස්මිං ඛණෙ සක්කො ආවජ්ජෙන්තො පණ්ඩිතං දිස්වා “මහොසධබුද්ධඞ්කුරස්ස පඤ්ඤානුභාවං පාකටං කරිස්සාමී”ති චින්තෙත්වා මනුස්සවෙසෙනාගන්ත්වා රථස්ස පච්ඡාභාගං ගහෙත්වා පායාසි. රථෙ නිසින්නො පුරිසො “තාත, කෙනත්ථෙනාගතොසී”ති පුච්ඡිත්වා “තුම්හෙ උපට්ඨාතු”න්ති වුත්තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා යානා ඔරුය්හ සරීරකිච්චත්ථාය ගතො. තස්මිං ඛණෙ සක්කො රථං අභිරුහිත්වා වෙගෙන පාජෙසි. රථසාමිකො පන සරීරකිච්චං කත්වා නික්ඛන්තො සක්කං රථං ගහෙත්වා පලායන්තං දිස්වා වෙගෙන ගන්ත්වා “තිට්ඨ තිට්ඨ, කුහිං මෙ රථං නෙසී”ති වත්වා “තව රථො අඤ්ඤො භවිස්සති, අයං පන මම රථො”ති වුත්තෙ තෙන සද්ධිං කලහං කරොන්තො සාලාද්වාරං පත්තො. පණ්ඩිතො “කිං නාමෙත”න්ති පුච්ඡිත්වා තෙ පක්කොසාපෙත්වා ආගච්ඡන්තෙ දිස්වා නිබ්භයතාය චෙව අක්ඛීනං අනිමිසතාය ච “අයං සක්කො, අයං රථසාමිකො”ති අඤ්ඤාසි, එවං සන්තෙපි විවාදකාරණං පුච්ඡිත්වා “මම විනිච්ඡයෙ ඨස්සථා”ති වත්වා “ආම, ඨස්සාමා”ති වුත්තෙ “අහං රථං පාජෙස්සාමි, තුම්හෙ ද්වෙපි රථං පච්ඡතො ගහෙත්වා ගච්ඡථ, රථසාමිකො න විස්සජ්ජෙස්සති, ඉතරො විස්සජ්ජෙස්සතී”ති වත්වා පුරිසං ආණාපෙසි “රථං පාජෙහී”ති. සො තථා අකාසි.
රථො යනු එක් පුරුෂයෙක් රථය නවතා මුහුණ සේදීමට ගියේය. ඒ වේලාවේ ශක්රදේවේන්ද්රයා ආවර්ජනා කර බලන කල්හි පණ්ඩිතයන් දැක බුද්ධාංකුර වූ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා මහිමය ප්‍රකට කරන්නෙමියි සිතා මිනිස් වෙසකින් අවුත් රථයෙහි පසුපස කොටසින් අල්ලාගෙන ගියේය. රථයෙහි සිටියා වූ පුරුෂයා දරුව, කුමක් නිසා ආවේදැයි විචාරා ඔබට සහාය වන්නට යැයි කී කල්හි යහපතැයි උත්තර දී රථයෙන් බැස ශරීරකෘත්‍යය සඳහා පිටතට ගියේය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයා රථයට නැගී වේගයෙන් පදවාගෙන ගියේය. රියහිමියා ශරීර කෘත්‍යය කොට පැමිණියේ ශක්‍රයා රථය ගෙන පලායනු දැක වේගයෙන් ගොස් නවතිනු. නවතිනු. මාගේ රිය කොහි ගෙනයන්නෙහිද කියා, ඔබගේ රිය වෙනකක් විය හැකිය. මේ වනාහි මගේය කියා ඔහු හා කෝළාහල කරමින් ශාලාව දොරටුව ළඟට පැමිණියේය. පණ්ඩිතයෝ මේ කුමක්දැයි විමසා ඔහුව කැඳවා එන්නහුව දැකම නිර්භය ස්වරූපය නිසාත් ඇසිපිය නොහෙළන නිසාත් ශක්‍රයා මොහුය. රිය හිමියා මොහුය කියා දැනගත්තේය. මෙසේ වූ කල්හිද විවාද කිරීමට කරුණු විමසා මාගේ විනිශ්චය පිළිගන්නහුදැයි විචාරා, එසේයැයි කී කල්හි මම රථය පදවන්නෙමි. නුඹලා දෙදෙනා ද රථය පසුපසින් අල්ලාගෙන යව්. රිය හිමියා අත් නොහරියි. අනිකා අත්හැර දමයි යැයි කියා රථය පදවන්නයැයි පුරුෂයාට අණ කළේය. ඔහු එසේ කළේය.
ඉතරෙපි ද්වෙ පච්ඡතො ගහෙත්වා ගච්ඡන්ති. රථසාමිකො ථොකං ගන්ත්වා විස්සජ්ජෙත්වා ඨිතො, සක්කො පන රථෙන සද්ධිං ගන්ත්වා රථෙනෙව සද්ධිං නිවත්ති. පණ්ඩිතො මනුස්සෙ ආචික්ඛි “අයං පුරිසො ථොකං ගන්ත්වා රථං විස්සජ්ජෙත්වා ඨිතො, අයං පන රථෙන සද්ධිං ධාවිත්වා රථෙනෙව සද්ධිං නිවත්ති, නෙවස්ස සරීරෙ සෙදබින්දුමත්තම්පි අත්ථි, අස්සාසපස්සාසොපි නත්ථි, අභීතො අනිමිසනෙත්තො, එස සක්කො දෙවරාජා”ති. අථ නං “සක්කො දෙවරාජාසී”ති පුච්ඡිත්වා “ආම, පණ්ඩිතා”ති වුත්තෙ “කස්මා ආගතොසී”ති වත්වා “තවෙව පඤ්ඤාපකාසනත්ථං පණ්ඩිතා”ති වුත්තෙ “තෙන හි මා පුන එවමකාසී”ති ඔවදති. සක්කොපි සක්කානුභාවං දස්සෙන්තො ආකාසෙ ඨත්වා “සුවිනිච්ඡිතො පණ්ඩිතෙන අඩ්ඩො”ති පණ්ඩිතස්ස ථුතිං කත්වා සකට්ඨානමෙව ගතො. තදා සො අමච්චො සයමෙව රඤ්ඤො සන්තිකං ගන්ත්වා “මහාරාජ, පණ්ඩිතෙන එවං රථඅඩ්ඩො සුවිනිච්ඡිතො, සක්කොපි තෙන පරාජිතො, කස්මා පුරිසවිසෙසං න ජානාසි, දෙවා”ති ආහ. රාජා සෙනකං පුච්ඡි “කිං, සෙනක, ආනෙම පණ්ඩිත”න්ති. සො ලාභමච්ඡරෙන “මහාරාජ, එත්තකෙන පණ්ඩිතො නාම න හොති, ආගමෙථ තාව වීමංසිත්වා ජානිස්සාමා”ති ආහ.
අනික් අය පසුපස රථය අල්ලාගෙන යති. රියහිමියා ටික දුරක් ගොස් දුවන්නට නොහැක්කේ අතහැර සිටියේය. ශක්‍රයා රථය සමගම දුවයි. පණ්ඩිතයෝ රිය නතරකර මිනිසුන්ට මෙසේ කීහ. මේ පුරුෂයා ටික දුරක් ගොස් රථය අතහැර සිටියේය. මොහු වනාහි ඒ සමගම දුවගොස් රථය සමගම නතරවිය. මොහුගේ ශරීරයෙහි දහඩිය බිඳකුදු නැත. ආශ්වාස ප්රශ්වාසයක්ද නැත. බියක් නැත. ඇසිපිය නොහෙළන්නේය. මේ සක්දෙව් රජය. ඉක්බිති ඔහුගෙන් දෙව්රජ වන්නෙහිදැයි විචාරා එසේයැයි කී කල්හි කුමක් නිසා පැමිණියෙහිදැයි අසන ලදුව, පණ්ඩිතය, ඔබගේ ප්‍රඥාව ප්‍රකට කිරිම සඳහා යැයි කීය. එසේනම් නුඹ විසින් මෙබඳු දෙයක් මින්පසුව නොකළ යුතුයයි අවවාද කළේය. ශක්‍ර දේවේන්ද්‍රයා තම ශක්රානුභාවය පෙන්වමින් අහසේ සිට නඩුව මනාව විසඳන ලදැයි පණ්ඩිතයන්ට ස්තූති කොට ස්වකීය භවනයටම ගියේය. එකල්හි ඒ අමාත්‍යයා තම රජු සමීපයට ගොස් මහරජතුමනි! පණ්ඩිතයන් විසින් මෙසේ රථය පිළිබඳ නඩුව විසඳන ලද්දේයැයි ද ශක්‍රයා එයින් පරාජයට පත්වූයේ යයිද කියා දේවයන් වහන්ස, කුමක් නිසා විශේෂ පුරුෂයන් ගැන නොදන්නේදැයි කීය. රජතුමා සේනකගෙන් විචාළේය. සේනකය. කිම අපි පණ්ඩිතයන් ගෙන්වමුද? මහරජතුමනි! මෙතෙකින් නම් පණ්ඩිත නොවන්නේය. තවත් විමසා බලා දැනගන්නෙමුයි.
සත්තදාරකපඤ්හො නිට්ඨිතො.
සප්තදාරක ප්‍රශ්න නිමියේ ය.