යෙදුමෙන් කියවන්න

ගද්‍රභපඤ‍්හො අට‍්ඨකථා

ගද්‍රභපඤ‍්හො

ගද්‍රභ ප්‍රශ්නය

දණ‍්ඩොති අථෙකදිවසං රාජා “පණ‍්ඩිතං වීමංසිස‍්සාමා”ති ඛදිරදණ‍්ඩං ආහරාපෙත්‍වා තතො විදත්‍ථිං ගහෙත්‍වා චුන්‍දකාරෙ පක‍්කොසාපෙත්‍වා සුට‍්ඨු ලිඛාපෙත්‍වා පාචීනයවමජ‍්ඣකගාමං පෙසෙසි “පාචීනයවමජ‍්ඣකගාමවාසිනො කිර පණ‍්ඩිතා, ‘ඉමස‍්ස ඛදිරදණ‍්ඩස‍්ස ඉදං අග‍්ගං, ඉදං මූල’න‍්ති ජානන‍්තු, අජානන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති. ගාමවාසිනො සන‍්නිපතිත්‍වා ජානිතුං අසක‍්කොන‍්තා සෙට‍්ඨිනො කථයිංසු “කදාචි මහොසධපණ‍්ඩිතො ජානෙය්‍ය, පක‍්කොසාපෙත්‍වා තං පුච‍්ඡථා”ති. සෙට‍්ඨි පණ‍්ඩිතං කීළාමණ‍්ඩලා පක‍්කොසාපෙත්‍වා තමත්‍ථං ආරොචෙත්‍වා “තාත, මයං ජානිතුං න සක‍්කොම, අපි නු ත්‍වං සක‍්ඛිස‍්සසී”ති පුච‍්ඡි. තං සුත්‍වා පණ‍්ඩිතො චින‍්තෙසි “රඤ‍්ඤො ඉමස‍්ස අග‍්ගෙන වා මූලෙන වා පයොජනං නත්‍ථි, මම වීමංසනත්‍ථාය පෙසිතං භවිස‍්සතී”ති. චින‍්තෙත්‍වා ච පන “ආහරථ, තාත, ජානිස‍්සාමී”ති ආහරාපෙත්‍වා හත්‍ථෙන ගහෙත්‍වාව “ඉදං අග‍්ගං ඉදං මූල”න‍්ති ඤත්‍වාපි මහාජනස‍්ස හදයග‍්ගහණත්‍ථං උදකපාතිං ආහරාපෙත්‍වා ඛදිරදණ‍්ඩකස‍්ස මජ‍්ඣෙ සුත‍්තෙන බන්‍ධිත්‍වා සුත‍්තකොටියං ගහෙත්‍වා ඛදිරදණ‍්ඩකං උදකපිට‍්ඨෙ ඨපෙසි. මූලං භාරියතාය පඨමං උදකෙ නිමුජ‍්ජි. තතො මහාජනං පුච‍්ඡි “රුක‍්ඛස‍්ස නාම මූලං භාරියං හොති, උදාහු අග‍්ග”න‍්ති? “මූලං පණ‍්ඩිතා”ති. තෙන හි ඉමස‍්ස පඨමං නිමුග‍්ගං පස‍්සථ, එතං මූලන‍්ති ඉමාය සඤ‍්ඤාය අග‍්ගඤ‍්ච මූලඤ‍්ච ආචික‍්ඛි. ගාමවාසිනො “ඉදං අග‍්ගං ඉදං මූල”න‍්ති රඤ‍්ඤො පහිණිංසු. රාජා “කො ඉමං ජානාතී”ති පුච‍්ඡිත්‍වා “සිරිවඩ‍්ඪනසෙට‍්ඨිනො පුත‍්තො මහොසධපණ‍්ඩිතො”ති සුත්‍වා “කිං, සෙනක, ආනෙම පණ‍්ඩිත”න‍්ති පුච‍්ඡි. අධිවාසෙහි, දෙව, අඤ‍්ඤෙනපි උපායෙන නං වීමංසිස‍්සාමාති.

දණ්ඩො යනු ඉක්බිති එක්දිනක් පණ්ඩිතයන්ව පරීක්‍ෂා කරමුයැයි කිහිරි දණ්ඩක් ගෙන්වාගෙන එයින් වියතක් පමණ ගෙන ලියනවඩුවකු ලවා මනාව ලියවා පැදුන් යවමැදි ගමට යැවූහ. යව මැදුම්ගම වැසියෝ වනාහි පණ්ඩිතයෝය. මේ කිහිරි දණ්ඩෙකි. අග මෙයයි. මුල මෙයයි කියා දැනගනිත්වා. ඉදින් නොදනිත්ද දහසක් දඩයයි කියා යැවීය. ගම්වැසියෝ එක්රැස් වී එය දැනගන්නට නොහැකි වූවාහු සිටුවරයාට කීහ. යම්විටක මහෞෂධ පඬිතුමා දන්නේද කැඳවා එය අසා දැනගන්න යැයි කීහ. සිටුවරයා පණ්ඩිතයන්ට ක්‍රීඩා මණ්ඩපයෙන් කැඳවා ඒ කාරණය දන්වා, දරුව අපි නොදන්නෙමු. දරුව, නුඹ හැකිවන්නේදැයි විචාළේය. එය අසා පඬිතුමා රජුට මෙහි අගින් හෝ මුලෙන් ප්‍රයෝජනයක් නැත. මා විමසා බැලීම සඳහා එවන ලදීයැයි සිතා මෙහි ගෙනෙව් දරුවෙනි, මම දනිමියි අතින් ගෙන මෙය මුලයි. මෙය අගයයි දැනගෙන නමුත් මහජනයාගේ සිත දිනාගැනීම සඳහා ජල භාජනයක් ගෙන්වා කිහිරි දණ්ඩ මැදින් නූලක් බැඳ නූල අගින් අල්ලා ගෙන කිහිරි දණ්ඩ ජලය මතුපිට තැබීය. මුල බර වැඩි බැවින් පළමුව වතුරෙහි ගිලුනේය. ඉක්බිති මහජනයාගෙන් විමසීය. ගසෙහි වනාහි මුල බර වැඩිද, නැතහොත් අග බර වැඩිද? පණ්ඩිතයෝ මුලයැයි කීහ. එසේනම් මෙහි මුලින් ගිලුනු පැත්ත බලව්. මේ මුලයැයි කීය. මේ සළකුණෙන් අග හා මුල දැක්වීය. ගම්වැසියෝ ද මේ මුලය. මේ අගය කියා රජුට යැවූහ. රජු සතුටු වී කවරෙක් මෙය දැනගත්තේදැයි විචාරා සිරිවඩු සිටුපුත් මහෞෂධ පණ්ඩිතයන් යැයි අසා, කිම සේනකය, අපි ඔහුව ගෙන්වා ගනිමුදැයි විචාළේය. දේවයන් වහන්ස! ඉවසන සේක්වා. වෙනත් උපායකින්ද ඔහුව විමසා බලමු.

සීසන‍්ති අථෙකදිවසං ඉත්‍ථියා ච පුරිසස‍්ස චාති ද‍්වෙ සීසානි ආහරාපෙත්‍වා “ඉදං ඉත්‍ථිසීසං, ඉදං පුරිසසීසන‍්ති ජානන‍්තු, අජානන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති පහිණිංසු. ගාමවාසිනො අජානන‍්තා පණ‍්ඩිතං පුච‍්ඡිංසු. සො දිස‍්වාව අඤ‍්ඤාසි. කථං ජානාති? පුරිසසීසෙ කිර සිබ‍්බිනී උජුකාව හොති, ඉත්‍ථිසීසෙ සිබ‍්බිනී වඞ‍්කා හොති, පරිවත‍්තිත්‍වා ගච‍්ඡති. සො ඉමිනා අභිඤ‍්ඤාණෙන “ඉදං ඉත්‍ථියා සීසං, ඉදං පුරිසස‍්ස සීස”න‍්ති ආචික‍්ඛි. ගාමවාසිනොපි රඤ‍්ඤො පහිණිංසු. සෙසං පුරිමසදිසමෙව.

සීසං යනු එක්දිනක් ස්ත්‍රියකගේද පුරුෂයෙකුගේ ද කියා හිස් දෙකක් ගෙන්වාගෙන මේ ස්ත්‍රියගේ හිසය. මේ පුරුෂයාගේ හිසය කියා දනිත්වා යැයිද නොදන්නවුන්ට දහසක් දඩයැයිද කියා යැවූහ. ගම්වැසියෝ නොදන්නාහු මහාසත්ත්වයන් වහන්සේගෙන් ඇසූහ. ඔහු දුටු පමණින්ම දැනගත්තේය. පුරුෂ හිසෙහි වනාහි හිස්කබලේ මූට්ටුව සෘජු වෙයි. ස්ත්‍රී ශීර්ෂයෙහි ඇදට ඇඹරි යයි. ඔහු මේ සළකුණෙන් මේ හිස ස්ත්‍රියකගේය. මේ හිස පුරුෂයකුගේය කියා කීවේය. ගම්වැසියෝ රජුට දැනුම් දුන්හ. ඉතිරිය පෙර පරිද්දෙනි.

අහීති අථෙකදිවසං සප‍්පඤ‍්ච සප‍්පිනිඤ‍්ච ආහරාපෙත්‍වා “අයං සප‍්පො, අයං සප‍්පිනීති ජානන‍්තු, අජානන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති වත්‍වා ගාමවාසීනං පෙසෙසුං. ගාමවාසිනො අජානන‍්තා පණ‍්ඩිතං පුච‍්ඡිංසු. සො දිස‍්වාව ජානාති. සප‍්පස‍්ස හි නඞ‍්ගුට‍්ඨං ථූලං හොති, සප‍්පිනියා තනුකං හොති, සප‍්පස‍්ස සීසං පුථුලං හොති, සප‍්පිනියා තනුකං හොති, සප‍්පස‍්ස අක‍්ඛීනි මහන‍්තානි, සප‍්පිනියා ඛුද‍්දකානි, සප‍්පස‍්ස සොවත‍්තිකො පරාබද‍්ධො හොති, සප‍්පිනියා විච‍්ඡින‍්නකො. සො ඉමෙහි අභිඤ‍්ඤාණෙහි “අයං සප‍්පො, අයං සප‍්පිනී”ති ආචික‍්ඛි. සෙසං වුත‍්තනයමෙව.

අහි යනු ඉක්බිති එක්දිනක් සර්පයකු ද සැපින්නක ද ගෙන්වා ගෙන මේ සර්පයාය. මේ සැපින්නය කියා දැන ගනියැයි යැවූහ. ගම්වැසියෝ පණ්ඩිතයන් විචාළහ. හෙතෙම දකිත්ම දැනගත්තේය. සර්පයාගේ නගුට මහතය. සැපින්නගේ සිහින්ය. සර්පයාගේ හිස මහතය. සැපින්නගේ දිගය. සර්පයාගේ ඇස් විශාලය. සැපින්නගේ කුඩාය. සර්පයාගේ නයි පෙණයේ ප හැඩය ගත් රූපය එකට බැඳී ඇත. සැපින්නගේ එය වෙන්ව පිහිටියේය. හෙතෙම මේ සළකුණෙන් මේ සර්පයාය. මේ සැපින්න යැයි කීවේය. ඉතිරිය පෙර කියූ පරිදිය.

කුක‍්කුටොති අථෙකදිවසං “පාචීනයවමජ‍්ඣකගාමවාසිනො අම‍්හාකං සබ‍්බසෙතං පාදවිසාණං සීසකකුධං තයො කාලෙ අනතික‍්කමිත්‍වා නදන‍්තං උසභං පෙසෙන‍්තු, නො චෙ පෙසෙන‍්ති, සහස‍්සදණ‍්ඩො”ති පහිණිංසු. තෙ අජානන‍්තා පණ‍්ඩිතං පුච‍්ඡිංසු. සො ආහ – “රාජා වො සබ‍්බසෙතං කුක‍්කුටං ආහරාපෙසි, සො හි පාදනඛසිඛතාය පාදවිසාණො නාම, සීසචූළතාය සීසකකුධො නාම, තික‍්ඛත‍්තුං වස‍්සනතො තයො කාලෙ අනතික‍්කමිත්‍වා නදති නාම, තස‍්මා එවරූපං කුක‍්කුළං පෙසෙථා”ති ආහ. තෙ පෙසයිංසු.

කුක්කුටො යනු ඉක්බිති එක්දිනක් සැදුම් යවමැදිගම වැසියෝ අපට සම්පූර්ණ සුදු පාදයෙහි අං ඇති, හිසෙහි මොල්ලියක් ඇති තුන්කල්හි නොඉක්මවා නාදකරන ගවයකු එවන්න. ඉදින් නොවන්නේ නම් දහසක් දඩය කියා යැවූහ. නොදන්නාහු පණ්ඩිතයන්ගෙන් විමසූහ. හෙතෙම කීය. රජු තොපට සම්පූර්ණ සුදුපාට කුකුළෙකු එවන ලෙස දන්වයි. ඒ සතාගේ වනාහි පාදයේ නියපොතු ඇති බැවින් පාද විසාණ නම් වෙයි. හිසෙහි සිළුව ඇති බැවින් සීය කකුධ (මොල්ලිය) නම් වේ. තුන්වරක් හඬලන බැවින් තුන්කල්හි නොවරදවා නාදකරයි නම් වේ. ඒ නිසා මෙබඳු ස්වරූප ඇති කුකුලකු යවව් යැයි කීය. ඔව්හු යැවූහ.

මණීති සක‍්කෙන කුසරඤ‍්ඤො දින‍්නො මණික‍්ඛන්‍ධො අට‍්ඨසු ඨානෙසු වඞ‍්කො හොති. තස‍්ස පුරාණසුත‍්තං ඡින‍්නං, කොචි පුරාණසුත‍්තං නීහරිත්‍වා නවසුත‍්තං පවෙසෙතුං න සක‍්කොති, තස‍්මා එකදිවසං “ඉමස‍්මා මණික‍්ඛන්‍ධා පුරාණසුත‍්තං නීහරිත්‍වා නවසුත‍්තං පවෙසෙන‍්තූ”ති පෙසයිංසු. ගාමවාසිනො පුරාණසුත‍්තං නීහරිත්‍වා නවසුත‍්තං පවෙසෙතුං අසක‍්කොන‍්තා පණ‍්ඩිතස‍්ස ආචික‍්ඛිංසු. සො “මා චින‍්තයිත්‍ථ, මධුං ආහරථා”ති ආහරාපෙත්‍වා මණිනො ද‍්වීසු පස‍්සෙසු මධුනා ඡිද‍්දං මක‍්ඛෙත්‍වා කම‍්බලසුත‍්තං වට‍්ටෙත්‍වා කොටියං මධුනා මක‍්ඛෙත්‍වා ථොකං ඡිද‍්දෙ පවෙසෙත්‍වා කිපිල‍්ලිකානං නික‍්ඛමනට‍්ඨානෙ ඨපෙසි. කිපිල‍්ලිකා මධුගන්‍ධෙන නික‍්ඛමිත්‍වා මණිම‍්හි පුරාණසුත‍්තං ඛාදමානා ගන‍්ත්‍වා කම‍්බලසුත‍්තකොටියං ඩංසිත්‍වා කඩ‍්ඪන‍්තා එකෙන පස‍්සෙන නීහරිංසු. පණ‍්ඩිතො පවෙසිතභාවං ඤත්‍වා “රඤ‍්ඤො දෙථා”ති ගාමවාසීනං අදාසි. තෙ රඤ‍්ඤො පෙසයිංසු. සො පවෙසිතඋපායං සුත්‍වා තුස‍්සි.

මණි යනු ශක්‍රයා විසින් කුසරජුට දෙන ලද මැණික අට තැනකින් වක්වූයේ විය. එහි නූල දිරාගියේ විය. කිසිවෙක් පැරණි නූල බැහැරකොට අලුත් නූලක් යොදන්නට අසමත් විය. එක්දිනක් මේ මැණිකෙන් පැරණි නූල ඉවත්කර අළුත් නූලක් දමන්ට යැයි යැවූහ. ගම්වැසියෝ පැරණි නූල ඉවත්කරන්ට හෝ අළුත් නූලක් දමන්නට හෝ අසමත් වූහ. නොහැක්කාහු පණ්ඩිතයගෙන් ඇසූහ. හෙතෙම නොසිතව් යැයි කියා මීපැණි බිඳක් ගෙනෙව්යැයි ගෙන්වාගෙන මාණික්‍යයෙහි දෙපැත්තේ ඇති ජිද්‍රාවන්හි මීබිඳුව තවරා කම්බිලි වස්ත්‍රයක නූලක් අඹරා එහි අග මීපැණි තවරා ස්වල්පයක් සිදුරෙහි ප්‍රවේශ කොට කුහුඹුවන් නිකුත්වන තැන තැබුවේය. කුහුඹුවෝ මීපැණි සුවඳට බිලයෙන් නික්ම මැණිකෙහි ඇති පැරණි නූල කමින් ගොස් කම්බිලි නූල අගින් ඩැහැගෙන අදිමින් එක් පැත්තකින් බැහැරට ගියහ. පණ්ඩිතයෝ එසේ පිවිසි බව දැනගෙන රජුට දෙවයි ගම්වැසියන්ට දුන්නේය. ඔවුහු රජුට යැවූහ. ඔහු නූල දැමූ උපාය ගැන අසා සතුටට පත් විය.

විජායනන‍්ති අථෙකදිවසං රඤ‍්ඤො මඞ‍්ගලඋසභං බහූ මාසෙ ඛාදාපෙත්‍වා මහොදරං කත්‍වා විසාණානි ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා හලිද‍්දියා න‍්හාපෙත්‍වා ගාමවාසීනං පහිණිංසු “තුම‍්හෙ කිර පණ‍්ඩිතා, අයඤ‍්ච රඤ‍්ඤො මඞ‍්ගලඋසභො පතිට‍්ඨිතගබ‍්භො, එතං විජායාපෙත්‍වා සවච‍්ඡකං පෙසෙථ, අපෙසෙන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති. ගාමවාසිනො “න සක‍්කා ඉදං කාතුං, කිං නු ඛො කරිස‍්සාමා”ති පණ‍්ඩිතං පුච‍්ඡිංසු. සො “ඉමිනා එකෙන පඤ‍්හපටිභාගෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා “සක‍්ඛිස‍්සථ පනෙකං රඤ‍්ඤා සද‍්ධිං කථනසමත්‍ථං විසාරදං පුරිසං ලද‍්ධු”න‍්ති පුච‍්ඡි. “න ගරු එතං, පණ‍්ඩිතා”ති. “තෙන හි නං පක‍්කොසථා”ති. තෙ පක‍්කොසිංසු. අථ නං මහාසත‍්තො “එහි, භො පුරිස, ත්‍වං තව කෙසෙ පිට‍්ඨියං විකිරිත්‍වා නානප‍්පකාරං බලවපරිදෙවං පරිදෙවන‍්තො රාජද‍්වාරං ගච‍්ඡ, අඤ‍්ඤෙහි පුච‍්ඡිතොපි කිඤ‍්චි අවත්‍වාව පරිදෙව, රඤ‍්ඤා පන පක‍්කොසාපෙත්‍වා පරිදෙවකාරණං පුච‍්ඡිතොව සමානො ‘පිතා මෙ දෙව විජායිතුං න සක‍්කොති, අජ‍්ජ සත‍්තමො දිවසො, පටිසරණං මෙ හොහි, විජායනුපායමස‍්ස කරොහී’ති වත්‍වා රඤ‍්ඤා ‘කිං විලපසි අට‍්ඨානමෙතං, පුරිසා නාම විජායන‍්තා නත්‍ථී’ති වුත‍්තෙ ‘සචෙ දෙව, එවං නත්‍ථි, අථ කස‍්මා පාචීනයවමජ‍්ඣකගාමවාසිනො කථං මඞ‍්ගලඋසභං විජායාපෙස‍්සන‍්තී’ති වදෙය්‍යාසී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකාසි. රාජා “කෙනිදං පඤ‍්හපටිභාගං චින‍්තිත”න‍්ති පුච‍්ඡිත්‍වා “මහොසධපණ‍්ඩිතෙනා”ති සුත්‍වා තුස‍්සි.

විජායන යනු එක්දවසක් වනාහි රජුගේ මංගල වෘෂභයාව මාස ගණනක් කවා මහා උදරයක් ඇතිකොට අං සෝදා තෙල් ගා කහ වතුරෙන් නහවා පැදුම්යව මැදිගම් වැසියන්ට යැවූහ. නුඹලා වනාහි පණ්ඩිතයෝය. මේ රජුගේ මංගල වෘෂභයාය. ගැබ් පිහිටා ඇත. මැය වදවා වසුපැටියකු සමග එවන්න. නොඑවන්නන්ට දහසක් දඩ. ගම්වැසියෝ වනාහි මෙය කරන්නට නොහැක. කුමක් කරමුද කියා පණ්ඩිතයන්ගෙන් ඇසූහ. මෙය ප්‍රශ්නයක් හා සමාන වූවක් විය යුතුයයි සිතා රජු සමග කථා කිරීමට සමර්ථ විශාරද පුරුෂයකු සොයා ගැනීමට හැකිදැයි විචාළේය. පඬිතුමනි! එය අපහසු දෙයක් නොවේ. එසේනම් ඔහුව කැඳවව. ඔව්හු කැඳවූහ. ඉක්බිති මහාසත්ත්වයන් ඔහුට මෙසේ කීය. එම්බා පුරුෂය! ඔබ තමන්ගේ කෙස් පිටදිගේ විසුරුවාගෙන නොයෙක් ආකාර බලවත් විලාප නගමින් රජගෙයි දොරටුව ළඟට යව. වෙන අය විසින් විචාරකල්හි කිසිවක් නොකියා වැලපෙව. රජු විසින් වනාහි හැඬීමට කරුණු විචාළ කල්හි දේවයන් වහන්ස! මගේ පියා දරුවකු ප්‍රසූත කරන්නට අසමත් වෙයි. අදට සත් දවසකි. මට පිහිටවන්න. දරුවකු බිහිකිරීමට උපායක් කියන්න යැයි කියා කී කල්හි රජු විසින් කිම, නන් දොඩවන්නෙහිද? මෙය සිදුවිය නො හැක්කකි. පුරුෂයෝ වනාහි දරුවන් බිහි නොකරත් යැයි කී කල්හි, එසේනම් දේවයන් වහන්ස, මෙය සත්‍යයක් නම් පැදුම් යව මැදි ගම්වැසියෝ කෙසේනම් මංගල වෘෂභයා ලවා පැටවකු බිහිකරන්නේ කෙසේද කියා කියන්නැයි ඇසීය. ඔහු එසේයැයි පිළිතුරු දී එසේ කළේය. රජතුමා, මේ ප්‍රශ්නයට සමාන ප්‍රශ්න විසඳුම කවරකු විසින් සිතන ලදදැයි අසා මහෞෂධ පඬිතුමා විසින්යයි අසා සතුටට පත්විය.

ඔදනන‍්ති අපරස‍්මිං දිවසෙ “පණ‍්ඩිතං වීමංසිස‍්සාමා”ති “පාචීනයවමජ‍්ඣකගාමවාසිනො අම‍්හාකං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං අම‍්බිලොදනං පචිත්‍වා පෙසෙන‍්තු. තත්‍රිමානි අට‍්ඨඞ‍්ගානි – න තණ‍්ඩුලෙහි, න උදකෙන, න උක‍්ඛලියා, න උද‍්ධනෙන, න අග‍්ගිනා, න දාරූහි, න ඉත්‍ථියා න පුරිසෙන, න මග‍්ගෙනාති. අපෙසෙන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති පහිණිංසු. ගාමවාසිනො තං කාරණං අජානන‍්තා පණ‍්ඩිතං පුච‍්ඡිංසු. සො “මා චින‍්තයිත්‍ථා”ති වත්‍වා “න තණ‍්ඩුලෙහීති කණිකං ගාහාපෙත්‍වා, න උදකෙනාති හිමං ගාහාපෙත්‍වා, න උක‍්ඛලියාති අඤ‍්ඤං නවමත‍්තිකාභාජනං ගාහාපෙත්‍වා, න උද‍්ධනෙනාති ඛාණුකෙ කොට‍්ටාපෙත්‍වා, න අග‍්ගිනාති පකතිඅග‍්ගිං පහාය අරණිඅග‍්ගිං ගාහාපෙත්‍වා, න දාරූහීති පණ‍්ණානි ගාහාපෙත්‍වා අම‍්බිලොදනං පචාපෙත්‍වා නවභාජනෙ පක‍්ඛිපිත්‍වා ලඤ‍්ඡිත්‍වා, න ඉත්‍ථියා න පුරිසෙනාති පණ‍්ඩකෙන උක‍්ඛිපාපෙත්‍වා, න මග‍්ගෙනාති මහාමග‍්ගං පහාය ජඞ‍්ඝමග‍්ගෙන රඤ‍්ඤො පෙසෙථා”ති ආහ. තෙ තථා කරිංසු. රාජා “කෙන පනෙස පඤ‍්හො ඤාතො”ති පුච‍්ඡිත්‍වා “මහොසධපණ‍්ඩිතෙනා”ති සුත්‍වා තුස‍්සි.

ඔදනං යනු වෙනත් දිනයක පණ්ඩිතයන්ව පරික්‍ෂා කරන්නෙමියි යව මැදුම්ගම වැසියෝ අංග අටකින් යුත් ඇඹුල් බතක් පිස එවත්වා. එහි මේ අංග අට තිබිය යුතුයි. සහල් නොමැති ජලය නොමැතිවිය යුතුයි. හැලියක නොපිසිය යුතුයි. ලිපක නොපිසිය යුතුයි. ගින්නෙන් නොව, දරවලින් නොව, ස්ත්‍රියක විසින් නොව, පුරුෂයකු විසින් නොව මාර්ගයකින් නොව, නොඑවන්නවුන්ට දහසක් දඩය. ගම්වැසියෝ ඒ කාරණය නොදැන පණ්ඩිතයන්ගෙන් ඇසූහ. හෙතෙම, නොසිතන්න. සහල් නොවේනම් සුණුසහල් ගෙන්වාගෙන මැටි භාජනයක් ගෙන්වා උදුනක නොවේනම් උල් ගස්සවා ගින්න නොමැතිව නම් ප්‍රකෘති ගින්න හැර වනයේ ගින්නක් ඇතිකර දර නොමැතිව නම් කොළ ගෙන්වාගෙන ඇඹුල් බත පිසවා අලුත් බඳුනක දමා සීල් තබා ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් නොව නපුංසකයකු ලවා ඔවා මාර්ගයකින් තොරව යැයි කියූ නිසා මහාමාර්ගය හැර කුඩා අතුරු පාරකින් රජුට යවව් යැයි කීය. ඔවුහු එසේ කළහ. රජකවරකු විසින් ප්‍රශ්නය වටහාගත්තේදැයි අසා මහෞෂධ පණ්ඩිතයන් විසින් යැයි අසා සතුටුවිය.

වාලුකන‍්ති අපරස‍්මිං දිවසෙ පණ‍්ඩිතස‍්ස වීමංසනත්‍ථං ගාමවාසීනං පහිණිංසු “රාජා දොලාය කීළිතුකාමො, රාජකුලෙ පුරාණයොත‍්තං ඡින‍්නං, එකං වාලුකයොත‍්තං වට‍්ටෙත්‍වා පෙසෙන‍්තු, අපෙසෙන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති. තෙ පණ‍්ඩිතං පුච‍්ඡිංසු. පණ‍්ඩිතො “ඉමිනාපි පඤ‍්හපටිභාගෙනෙව භවිතබ‍්බ”න‍්ති ගාමවාසිනො අස‍්සාසෙත්‍වා වචනකුසලෙ ද‍්වෙ තයො පුරිසෙ පක‍්කොසාපෙත්‍වා “ගච‍්ඡථ තුම‍්හෙ, රාජානං වදෙථ ‘දෙව, ගාමවාසිනො තස‍්ස යොත‍්තස‍්ස තනුකං වා ථූලං වා පමාණං න ජානන‍්ති, පුරාණවාලුකයොත‍්තතො විදත්‍ථිමත‍්තං වා චතුරඞ‍්ගුලමත‍්තං වා ඛණ‍්ඩං පෙසෙථ, තං ඔලොකෙත්‍වා තෙන පමාණෙන වට‍්ටෙස‍්සන‍්තී’ති. සචෙ, වො රාජා ‘අම‍්හාකං ඝරෙ වාලුකයොත‍්තං නාම න කදාචි සුතපුබ‍්බ’න‍්ති වදති, අථ නං ‘සචෙ, මහාරාජ, වො එවරූපං න සක‍්කා කාතුං, පාචීනයවමජ‍්ඣකගාමවාසිනො කථං කරිස‍්සන‍්තී’ති වදෙය්‍යාථා”ති පෙසෙසි. තෙ තථා කරිංසු. රාජා “කෙන චින‍්තිතං පඤ‍්හපටිභාග”න‍්ති පුච‍්ඡිත්‍වා “මහොසධපණ‍්ඩිතෙනා”ති සුත්‍වා තුස‍්සි.

වාලුකා යනු වෙනත් දිනක පණ්ඩිතයන්ව විමසීම සඳහා ගම්වැසියන්ට පණිවිඩයක් යැවීය. රජතෙම ඔන්චිල්ලාවෙන් ක්‍රීඩා කරන්නට (ඔංචිලි පදින්නට) ආසා ඇත්තේ රජගෙදර ඇති වැලියොත පැරණිය දිරාගොස්ය. එක් වැලිගොතක් අඹරා එවන්න. නොඑවන්නේ නම් දහසක් දඩයැයි දන්වා යැවීය. ඔව්හු නොදැන පණ්ඩිතයන්ගෙන් විමසූහ. පණ්ඩිතයෝ මෙයද ප්‍රශ්නයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක්යැයි සිතා ගම්වැසියන් අසා කථාවෙහි දක්‍ෂ පුරුෂයන් දෙතුන් දෙනෙක් කැඳවා යව්. ගොස් රජුට මෙසේ කියව්. යවමැදුම් ගම්වැස්සෝ පැරණි වැලි යොත හීන් එකක් ද මහත එකක් දැයි නො දනිත්. එහෙයින් පැරණි වැලියොතින් වියතක් පමණ හෝ අඟල් සතරක් පමණ වූ හෝ කෑල්ලක් යවව. එය බලා ඒ ප්‍රමාණයෙන් අඹරත්. ඉදින් තොපට රජු අපගේ නිවසෙහි වැලියොතක් නම් කිසිදාක නොවූ විරූ යයි කියයි. ඉක්බිති මහරජතුමනි, එවැන්නක් සාදන්නට නොහැකිනම් යවවැදුම් ගම්වැසියෝ කෙසේනම් වැලියොතක් සාදත්දැයි කියව්යැයි පිටත්කර යැවූහ. ඔවුහු එසේ කළහ. රජු එය අසා කවරකු විසින් මෙබඳු පැන විසඳුමක් සිතන ලදදැයි අසා මෙය පණ්ඩිතයන් විසින් සිතන ලදැයි අසා සතුටු විය.

තළාකන‍්ති අපරස‍්මිං දිවසෙ පණ‍්ඩිතස‍්ස වීමංසනත්‍ථං “රාජා උදකකීළං කීළිතුකාමො, පඤ‍්චවිධපදුමසච‍්ඡන‍්නං පොක‍්ඛරණිං පෙසෙන‍්තු, අපෙසෙන‍්තානං සහස‍්සදණ‍්ඩො”ති ගාමවාසීනං පෙසයිංසු. තෙ පණ‍්ඩිතස‍්ස ආරොචෙසුං. සො “ඉමිනාපි පඤ‍්හපටිභාගෙනෙව භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා වචනකුසලෙ කතිපයෙ මනුස‍්සෙ පක‍්කොසාපෙත්‍වා “එථ තුම‍්හෙ උදකකීළං කීළිත්‍වා අක‍්ඛීනි රත‍්තානි කත්‍වා අල‍්ලකෙසා අල‍්ලවත්‍ථා කද‍්දමමක‍්ඛිතසරීරා යොත‍්තදණ‍්ඩලෙඩ‍්ඩුහත්‍ථා රාජද‍්වාරං ගන‍්ත්‍වා ද‍්වාරෙ ඨිතභාවං රඤ‍්ඤො ආරොචාපෙත්‍වා කතොකාසා පවිසිත්‍වා ‘මහාරාජ, තුම‍්හෙහි කිර පාචීනයවමජ‍්ඣකගාමවාසිනො පොක‍්ඛරණිං පෙසෙන‍්තූති පහිතා මයං තුම‍්හාකං අනුච‍්ඡවිකං මහන‍්තං පොක‍්ඛරණිං ආදාය ආගතා. සා පන අරඤ‍්ඤවාසිකත‍්තා නගරං දිස‍්වා ද‍්වාරපාකාරපරිඛාඅට‍්ටාලකාදීනි ඔලොකෙත්‍වා භීතතසිතා යොත‍්තානි ඡින්‍දිත්‍වා පලායිත්‍වා අරඤ‍්ඤමෙව පවිට‍්ඨා, මයං ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පොථෙන‍්තාපි නිවත‍්තෙතුං න සක‍්ඛිම‍්හා, තුම‍්හාකං අරඤ‍්ඤා ආනීතං පුරාණපොක‍්ඛරණිං පෙසෙථ, තාය සද‍්ධිං යොජෙත්‍වා හරිස‍්සාමා’ති වත්‍වා රඤ‍්ඤාන කදාචි මම අරඤ‍්ඤතො ආනීතපොක‍්ඛරණී නාම භූතපුබ‍්බා, න ච මයා කස‍්සචි යොජෙත්‍වා ආහරණත්‍ථාය පොක‍්ඛරණී පෙසිතපුබ‍්බා’ති වුත‍්තෙ ‘සචෙ, දෙව, වො එවං න සක‍්කා කාතුං, පාචීනයවමජ‍්ඣකගාමවාසිනො කථං පොක‍්ඛරණිං පෙසෙස‍්සන‍්තී’ති වදෙය්‍යාථා”ති වත්‍වා පෙසෙසි. තෙ තථා කරිංසු. රාජා පණ‍්ඩිතෙන ඤාතභාවං සුත්‍වා තුස‍්සි.

තළාකං යනු තවත් දිනක රජතුමා ජලක්‍රීඩා කරනු කැමැත්තේ පස්පියුමෙන් සැදි අලුත් පොකුණක් එවන්න. නොඑසේනම් දහසක් දඩයැයි ගම්වැසියන්ට දන්වා යැවූහ. ඔවුහු පණ්ඩිතයන්ට දැන්වූහ. හෙතෙම මෙයද ප්‍රශ්නයෙන් විසඳිය යුතු ප්‍රශ්නයෙකැයි සිතා කථාවෙහි දක්‍ෂ පුරුෂයන් කීපදෙනෙකු කැඳවවයි කියා කැඳවා මෙහි එච්. තෙපි ජලයෙහි ක්‍රීඩාකොට ඇස් රතුකර, තෙත් හිසකෙස් ඇතිව තෙත වස්ත්‍ර ඇතිව මඩ තැවරුණු සිරුරු ඇතිව ලණු, මුගුරු, ගල්කට ගත් අත් ඇත්තාහු රජගෙදර දොරටුව ළඟට ගොස් එහි සිටින බව රජතුමාට දන්වා යවා ලබන ලද අවසර ඇතිව එහි පිවිස මහරජතුමනි, ඔබවහන්සේ යව්මැදුම් ගම්වැසියන්ට පොකුණක් ගෙනෙන්ටයැයි දන්වා තිබුනු බැවින් අපි ඔබවහන්සේට යෝග්‍ය වූ විශාල පොකුණක් ගෙන ආවේ වෙමු. ඇය වනාහි අරණ්‍යවාසී බැවින් නගරය දැක ප්‍රාකාර, දිය අගල්, අට්ටාල ආදිය දැක බිය වූවා තැතිගත්තී ලණු කඩාගෙන පැනගොස් කැලයටම පිවිසියාය. අපි ගල්දඬු ආදියෙන් තලා නතරකර ගැනීමට සමත් නොවීමු. ඔබවහන්සේට වනාහි වනයෙන් ගෙනෙන ලද පැරණි පොකුණ දෙන්න. එය අනික හා යොදා ගෙන එන්නෙමුයි කියා, මම කිසිදාක වනයෙන් පොකුණක් ගෙනෙන ලද්දේ නොවෙයි කියා රජු පැවසීය. එසේම මා විසින් කිසිවකු යොදවා ගෙනඒම සඳහා පොකුණක් යවන ලද්දේ නොවෙයි කියා කී කල්හි කෙසේනම් යවමැදුම් වැසියන්ට කෙසේනම් පොකුණක් එවන්න යැයි කියා දන්වා යැවීද? ඔවුහු එසේ කළහ. රජතුමා පණ්ඩිතයන් විසින් දැනගත් බව අසා සතුටු විය.

උය්‍යානන‍්ති පුනෙකදිවසං “මයං උය්‍යානකීළං කීළිතුකාමා, අම‍්හාකඤ‍්ච පුරාණඋය්‍යානං පරිජිණ‍්ණං, ඔභග‍්ගං ජාතං, පාචීනයවමජ‍්ඣකගාමවාසිනො සුපුප‍්ඵිතතරුණරුක‍්ඛසඤ‍්ඡන‍්නං නවඋය්‍යානං පෙසෙන‍්තූ”ති පහිණිංසු. ගාමවාසිනො පණ‍්ඩිතස‍්ස ආරොචෙසුං. පණ‍්ඩිතො “ඉමිනාපි පඤ‍්හපටිභාගෙනෙව භවිතබ‍්බ”න‍්ති තෙ සමස‍්සාසෙත්‍වා මනුස‍්සෙ පෙසෙත්‍වා පුරිමනයෙනෙව කථාපෙසි.

උය්‍යානං යනු නැවත එක් දිනක් අපි උයකෙළි කෙළිනට ආශා ඇත්තාහු වීමු. අපගේ උද්‍යානයද පැරණිය. ඒ නිසා මනාව මල් පිපුණු ගස්වලින් ගැවසීගත් අලුත් උද්‍යානයක් එවන්න යැයි යවමැදුම්ගම වැසියන්ට දන්වා යැවීය. පණ්ඩිතයෝ මෙයද ප්‍රශ්නයෙන්ම විසඳිය යුතු සමාන ප්‍රශ්නයක් විය යුතුයයි ඔවුන් සනසා මිනිසුන් යවා පෙර පරිද්දෙන්ම කියවූහ.

තදාපි රාජා තුස‍්සිත්‍වා සෙනකං පුච‍්ඡි “කිං, සෙනක, ආනෙම පණ‍්ඩිත”න‍්ති. සො ලාභමච‍්ඡරියෙන “එත‍්තකෙන පණ‍්ඩිතො නාම න හොති, ආගමෙථ, දෙවා”ති ආහ. තස‍්ස තං වචනං සුත්‍වා රාජා චින‍්තෙසි “මහොසධපණ‍්ඩිතො සත‍්තදාරකපඤ‍්හෙහි මම මනං ගණ‍්හි, එවරූපෙසුපිස‍්ස ගුය‍්හපඤ‍්හවිස‍්සජ‍්ජනෙසු චෙව පඤ‍්හපටිභාගෙසු ච බුද‍්ධස‍්ස විය බ්‍යාකරණං, සෙනකො එවරූපං පණ‍්ඩිතං ආනෙතුං න දෙති, කිං මෙ සෙනකෙන, ආනෙස‍්සාමි න”න‍්ති. සො මහන‍්තෙන පරිවාරෙන තං ගාමං පායාසි. තස‍්ස මඞ‍්ගලඅස‍්සං අභිරුහිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස අස‍්සස‍්ස පාදො ඵලිතභූමියා අන‍්තරං පවිසිත්‍වා භිජ‍්ජි. රාජා තතොව නිවත‍්තිත්‍වා නගරං පාවිසි. අථ නං සෙනකො උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි “මහාරාජ, පණ‍්ඩිතං කිං ආනෙතුං පාචීනයවමජ‍්ඣකගාමං අගමිත්‍ථා”ති. “ආම, පණ‍්ඩිතා”ති. “මහාරාජ, තුම‍්හෙ මං අනත්‍ථකාමං කත්‍වා පස‍්සථ, ‘ආගමෙථ තාවා’ති වුත‍්තෙපි අතිතුරිතා නික‍්ඛමිත්‍ථ, පඨමගමනෙනෙව මඞ‍්ගලඅස‍්සස‍්ස පාදො භින‍්නො”ති.

එකල්හි සතුටු වූ රජු සේනකගෙන් විචාරා කිම පණ්ඩිතයන්ව ගෙන එමුදැයි ඇසීය. ලාභයෙහි ගිජු වූ ඔහු මෙතෙකින් පණ්ඩිත නොවෙයි. ඔහුගේ වචනය අසා රජු මෙසේ සිතීය. මහෞෂධ පඬිතුමා දාරක ප්‍රශ්නයෙන් මාගේ සිත් ගත්තේය. මෙබඳු වූද සැඟවුනු ප්‍රශ්න විසඳීමේදී ද ප්‍රශ්නවලට එවැනිම ප්‍රශ්නවලින් ගැටලු විසඳීමෙන් ද පැහැදිලි බුදුවරයෙක් මෙන් පැහැදිලිය. සේනක තෙමේ මෙබඳු පඬිවරයකු ගෙනෙන්නට ඉඩ නොදෙයි. සේනකගෙන් මට කවර වැඩෙක්ද, මම ඔහුව ගෙනෙන්නෙමි. ඔහු මහත් පිරිවරින් ගමට පිටත්කර හැරියේය. ඔහු නැගී යන මඟුල් අශ්වයාගේ පාදයක් බිඳුනු මාර්ගයේ වලකට වැටී කැඩී ගියේය. රජු එතනින් නතර වී ආපසු නගරයට ගියේය. ඉක්බිති සේනක රජු වෙත පැමිණ මෙසේ ඇසීය. මහරජතුමනි, පණ්ඩිතයන් ගෙනඒම පිණිස යවැමදුම්ගමට ගියහුද? එසේය පණ්ඩිතයෙනි, කීය. ඔබවහන්සේ මා ගණන් නොගෙන, බලමු. පැමිණියාවේ කියා කියද්දීත් බොහෝ කලබල වී නික්මුණාහුය. පළමු ගමනේදීම මංගල අශ්වයාගේ පාදයක් බිඳුනේය.

සො තස‍්ස වචනං සුත්‍වා තුණ‍්හී හුත්‍වා පුනෙකදිවසං තෙන සද‍්ධිං මන‍්තෙසි “කිං, සෙනක, ආනෙම පණ‍්ඩිත”න‍්ති. දෙව, සයං අගන‍්ත්‍වා දූතං පෙසෙථ “පණ‍්ඩිත, අම‍්හාකං තව සන‍්තිකං ආගච‍්ඡන‍්තානං අස‍්සස‍්ස පාදො භින‍්නො, අස‍්සතරං වා නො පෙසෙතු සෙට‍්ඨතරං වා”ති. “යදි අස‍්සතරං පෙසෙස‍්සති, සයං ආගමිස‍්සති. සෙට‍්ඨතරං පෙසෙන‍්තො පිතරං පෙසෙස‍්සති, අයමෙකො නො පඤ‍්හො භවිස‍්සතී”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා කත්‍වා දූතං පෙසෙසි. පණ‍්ඩිතො දූතස‍්ස වචනං සුත්‍වා “රාජා මමඤ‍්චෙව පිතරඤ‍්ච පස‍්සිතුකාමො”ති චින‍්තෙත්‍වා පිතු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “තාත, රාජා තුම‍්හෙ චෙව මමඤ‍්ච දට‍්ඨුකාමො, තුම‍්හෙ පඨමතරං සෙට‍්ඨිසහස‍්සපරිවුතා ගච‍්ඡථ, ගච‍්ඡන‍්තා ච තුච‍්ඡහත්‍ථා අගන‍්ත්‍වා නවසප‍්පිපූරං චන්‍දනකරණ‍්ඩකං ආදාය ගච‍්ඡථ. රාජා තුම‍්හෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා ‘ගහපති පතිරූපං ආසනං ඤත්‍වා නිසීදාහී’ති වක‍්ඛති, අථ තුම‍්හෙ තථාරූපං ආසනං ඤත්‍වා නිසීදෙය්‍යාථ. තුම‍්හාකං නිසින‍්නකාලෙ අහං ආගමිස‍්සාමි, රාජා මයාපි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා ‘පණ‍්ඩිත, තවානුරූපං ආසනං ඤත්‍වා නිසීදා’ති වක‍්ඛති, අථාහං තුම‍්හෙ ඔලොකෙස‍්සාමි, තුම‍්හෙ තාය සඤ‍්ඤාය ආසනා වුට‍්ඨාය ‘තාත මහොසධ, ඉමස‍්මිං ආසනෙ නිසීදා’ති වදෙය්‍යාථ, අජ‍්ජ නො එකො පඤ‍්හො මත්‍ථකං පාපුණිස‍්සතී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා වුත‍්තනයෙනෙව ගන‍්ත්‍වා අත‍්තනො ද‍්වාරෙ ඨිතභාවං රඤ‍්ඤො ආරොචාපෙත්‍වා “පවිසතූ”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.

ඔහු ඔහුගේ වචනය අසා නිහඬ වී වෙනත් දිනක ඔහු සමග කථා කළේය. සේනක, කෙසේද? අපි පණ්ඩිතයන් ගෙන එමුදැයි ඇසීය. එසේනම් දේවයන් වහන්ස, ඔබවහන්සේ නොගොස් දූතයකු යවන්න. පණ්ඩිතය! ඔබ සමීපයට එන්නා වූ අපගේ අශ්වයාගේ පාදයක් බිඳුනේය. අශ්වතරයෙකු හෝ ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නැයි මෙහෙවර කරන්නෙකු යැව්ව මැනව. ඉතින් හොඳ අශ්වතරයෙකු එවන්නේ නම් තමා එන්නේය. ඉතා ශ්‍රේෂ්ඨතරයකු එවන්නේ නම් පියාව එවන්නේය. මෙය අපට එක් ප්‍රශ්නයක් වන්නේය. රජු යහපතැයි පිළිගෙන එසේ කියා දූතයකු යැවීය. පඬිතුමා දූතයාගේ වචනය අසා රජතුමා මාත් මගේ පියාවත් දකිනු කැමැත්තේ යැයි සිතා පියා සමීපයට ගොස් වැඳ පියාණෙනි, රජතුමා ඔබවත් මාත් දකිනු කැමැත්තේ වෙයි. ඔබතුමා පළමුව දහසක් සිටුවරයන් පිරිවරා යන්න. යන්නාහු හිස් අතින් නොගොස් අලුත් ගිතෙල් පිරුණු සඳුන් කරඬුවක් රැගෙන යන්න. රජතුමා ඔබ සමග පිළිසඳර කථාකොට ආසනයක් දැනගෙන හිඳගන්න යැයි කියයි. ඔබ එබඳු වූ අසුනක් දැන හිඳගන්න. ඔබ හිඳගෙන සිටින කල්හි මම එන්නෙමි. රජු මා සමගද පිළිසඳර කථාකොට පණ්ඩිතය, ඔබට සුදුසු අසුනක් දැන හිඳගන්නයැයි කියයි. ඉක්බිති මම ඔබ දෙස බලන්නෙමි. ඔබ ඒ සළකුනෙන් අසුනින් නැගිට දරුව, මහෞෂධ පණ්ඩිතය! මේ ආසනයේ හිඳගන්න යැයි කියන්න. අද එක් ප්‍රශ්නයක් මස්තකප්‍රාප්ත වන්නේය. හෙතෙම යහපතැයි පිළිතුරු දී කී අයුරින්ම ගොස් තමා දොරටු ළඟ සිටි බව රජුට දන්වා එන්න යැයි කී කල්හි පිවිස රජුට වැඳ එකත්පසෙක හිඳගත්තේය.

රාජා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “ගහපති, තවපුත‍්තො මහොසධපණ‍්ඩිතො කුහි”න‍්ති පුච‍්ඡි. “පච‍්ඡතො ආගච‍්ඡති, දෙවා”ති. රාජා “පච‍්ඡතො ආගච‍්ඡතී”ති සුත්‍වා තුට‍්ඨමානසො හුත්‍වා “මහාසෙට‍්ඨි අත‍්තනො යුත‍්තාසනං ඤත්‍වා නිසීදා”ති ආහ. සො අත‍්තනො යුත‍්තාසනං ඤත්‍වා එකමන‍්තං නිසීදි. මහාසත‍්තොපි අලඞ‍්කතපටියත‍්තො දාරකසහස‍්සපරිවුතො අලඞ‍්කතරථෙ නිසීදිත්‍වා නගරං පවිසන‍්තො පරිඛාපිට‍්ඨෙ චරමානං එකං ගද්‍රභං දිස‍්වා ථාමසම‍්පන‍්නෙ මාණවෙ පෙසෙසි “අම‍්භො, එතං ගද්‍රභං අනුබන්‍ධිත්‍වා යථා සද‍්දං න කරොති, එවමස‍්ස මුඛබන්‍ධනං කත්‍වා කිලඤ‍්ජෙන වෙඨෙත්‍වා තස‍්මිං එකෙනත්‍ථරණෙන පටිච‍්ඡාදෙත්‍වා අංසෙනාදාය ආගච‍්ඡථා”ති. තෙ තථා කරිංසු. බොධිසත‍්තොපි මහන‍්තෙන පරිවාරෙන නගරං පාවිසි. මහාජනො “එස කිර සිරිවඩ‍්ඪනසෙට‍්ඨිනො පුත‍්තො මහොසධපණ‍්ඩිතො නාම, එස කිර ජායමානො ඔසධඝටිකං හත්‍ථෙන ගහෙත්‍වා ජාතො, ඉමිනා කිර එත‍්තකානං වීමංසනපඤ‍්හානං පඤ‍්හපටිභාගො ඤාතො”ති මහාසත‍්තං අභිත්‍ථවන‍්තො ඔලොකෙන‍්තොපි තිත‍්තිං න ගච‍්ඡති. සො රාජද‍්වාරං ගන‍්ත්‍වා පටිවෙදෙසි. රාජා සුත්‍වාව හට‍්ඨතුට‍්ඨො “මම පුත‍්තො මහොසධපණ‍්ඩිතො ඛිප‍්පං ආගච‍්ඡතූ”ති ආහ. සො දාරකසහස‍්සපරිවුතො පාසාදං අභිරුහිත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. රාජා තං දිස‍්වාව සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා මධුරපටිසන්‍ථාරං කත්‍වා “පණ‍්ඩිත, පතිරූපං ආසනං ඤත්‍වා නිසීදා”ති ආහ. අථ සො පිතරං ඔලොකෙසි. අථස‍්ස පිතාපි ඔලොකිතසඤ‍්ඤාය උට‍්ඨාය “පණ‍්ඩිත, ඉමස‍්මිං ආසනෙ නිසීදා”ති ආහ. සො තස‍්මිං ආසනෙ නිසීදි.

රජු ඔහු සමග පිළිසඳර කථාකොට ගෘහපතිය, ඔබ පුත් මහෞෂධ පඬිතුමා කොහේදැයි විචාළේය. දේවයිනි! පසුව එන්නේයැයි කීය. රජු (පඬිතුමා) එන්නේ යැයි සතුටු සිතැත්තේ තමාට සුදුසු අසුනක හිඳගන්න යැයි කීය. හෙතෙම තමාට යෝග්‍ය ආසනයක් දැකගෙන එකත්පස්ව සිටියේය. මහාසත්ත්වයන් වහන්සේ අලංකාර ලෙස සැරසුණු දහසක් තරුණයන් පිරිවරා අලංකාර රථයෙහි හිඳ නගරයට පිවිසෙන්නේ තාප්පය මත එක් කොටලුවකු දැක ශක්තිමත් තරුණයන් කීපදෙනෙකුට අණ කළේය. මේ කොටළුවාව ලුහුබැඳ ගොස් අල්ලාගෙන කෑගසන්නට නොහැකි සේ මුඛය බැඳ එක් කදක එල්ලා පැත්තකින් ගෙන එව්යැයි කීය. ඔහු එසේ කළහ. මහාසත්ත්වයෝ ද මහත් පිරිවරින් නගරයට පිවිසියේය. මහජනයා වනාහි ‘මේ වනාහි සිරිවඩු සිටුතුමාගේ පුත් මහෞෂධ පඬිතුමා නම් වෙයි මොහු වනාහි උපදිනවිට ඖෂධ ගැටයක් අතින් ගෙන උපන්නේය. මොහු විසින් වනාහි මෙතෙක් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු විසඳීම් දැනගන්නා ලදී. මහා සත්ත්වයන්ට ප්‍රශංසා කරමින් බලන්නේ තෘප්තියකට පත්නොවෙයි. හෙතෙම රජගෙදර දොරටු ළඟට ගොස් තමන් පැමිණි බවට පණිවිඩයක් යැවීය. රජු අසාම තුටුපහටු වූයේ මා පුත් මහෞෂධ පඬිතුමා වහා එන්නයැයි කීය. ඔහු තරුණයන් දහසක් පිරිවරා ප්‍රාසාදයට නැගී රජු වැඳ එකත්පසෙක හුන්නේය. රජු ඔහුව දැකම සොම්නසට පත්වූයේ වී මිහිරි පිළිසඳර කථාකොට පණ්ඩිතය, සුදුසු අසුනක් දැන හිඳගන්න යැයි කීය. ඔහු පියා දෙස බැලීය. ඉක්බිති ඔහුගේ පියා බැලූ සළකුනෙත් අසුනින් නැගිට පණ්ඩිතය, මේ අසුනෙහි හිඳගන්න යැයි කීය. ඔහු එහි හිඳගත්තේය.

තං තත්‍ථ නිසින‍්නං දිස‍්වාව සෙනකපුක‍්කුසකාමින්‍දදෙවින්‍දා චෙව අඤ‍්ඤෙ ච අන්‍ධබාලා පාණිං පහරිත්‍වා මහාහසිතං හසිත්‍වා “ඉමං අන්‍ධබාලං ‘පණ‍්ඩිතො’ති වදිංසු, සො පිතරං ආසනා වුට‍්ඨාපෙත්‍වා සයං නිසීදති, ඉමං ‘පණ‍්ඩිතො’ති වත‍්තුං අයුත‍්ත”න‍්ති පරිහාසං කරිංසු. රාජාපි දුම‍්මුඛො අනත‍්තමනො අහොසි. අථ නං මහාසත‍්තො පුච‍්ඡි “කිං, මහාරාජ, දුම‍්මුඛත්‍ථා”ති ? “ආම පණ‍්ඩිත, දුම‍්මුඛොම‍්හි, සවනමෙව තෙ මනාපං, දස‍්සනං පන අමනාපං ජාත”න‍්ති. “කිං කාරණා, මහාරාජා”ති? “පිතරං ආසනා වුට‍්ඨාපෙත්‍වා නිසින‍්නත‍්තා”ති. “කිං පන ත්‍වං, මහාරාජ, ‘සබ‍්බට‍්ඨානෙසු පුත‍්තෙහි පිතරොව උත‍්තමා’ති මඤ‍්ඤසී”ති. “ආම, පණ‍්ඩිතා”ති. අථ මහාසත‍්තො “නනු, මහාරාජ, තුම‍්හෙහි අම‍්හාකං ‘අස‍්සතරං වා පෙසෙතු සෙට‍්ඨතරං වා’ති සාසනං පහිත”න‍්ති වත්‍වා ආසනා වුට‍්ඨාය තෙ මාණවෙ ඔලොකෙත්‍වා “තුම‍්හෙහි ගහිතං ගද්‍රභං ආනෙථා”ති ආණාපෙත්‍වා රඤ‍්ඤො පාදමූලෙ නිපජ‍්ජාපෙත්‍වා “මහාරාජ, අයං ගද්‍රභො කිං අග‍්ඝතී”ති පුච‍්ඡි. “පණ‍්ඩිත, සචෙ උපකාරකො, අට‍්ඨ කහාපණෙ අග‍්ඝතී”ති. “ඉමං පටිච‍්ච ජාතො ආජානීයවළවාය කුච‍්ඡිම‍්හි වුට‍්ඨඅස‍්සතරො කිං අග‍්ඝතී”ති? “අනග‍්ඝො පණ‍්ඩිතා”ති. “දෙව, කස‍්මා එවං කථෙථ, නනු තුම‍්හෙහි ඉදානෙව වුත‍්තං ‘සබ‍්බට‍්ඨානෙසු පුත‍්තෙහි පිතරොව උත‍්තමා’ති. සචෙ තං සච‍්චං, තුම‍්හාකං වාදෙ අස‍්සතරතො ගද්‍රභොව උත‍්තමො හොති, කිං පන, මහාරාජ, තුම‍්හාකං පණ‍්ඩිතා එත‍්තකම‍්පි ජානිතුං අසක‍්කොන‍්තා පාණිං පහරිත්‍වා හසන‍්ති, අහො තුම‍්හාකං පණ‍්ඩිතානං පඤ‍්ඤාසම‍්පත‍්ති, කුතො වො එතෙ ලද‍්ධා”ති චත‍්තාරො පණ‍්ඩිතෙ පරිහසිත්‍වා රාජානං ඉමාය එකකනිපාතෙ ගාථාය අජ‍්ඣභාසි –

ඔහු එහි හිඳිනවා දැකම සේනක පුක්කුස කාවින්ද දේවින්ද ඇතුළු අනිකුත් අඳබාලයෝ අත්ළෙන් අත්ළගසා මහා හඬින් සිනාසී, මේ අන්ධ බාලයාට පණ්ඩිතයා යැයි කියත්. ඔහු තම පියාව අසුනෙන් නැගිටුවා තමා එහි හිඳියි. මොහුට පණ්ඩිතයැයි කීම සුදුසු නැතැයි නින්දා කළහ. රජුද දුර්මුඛ විය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ රජුගෙන් ඇසීය. කිම මහරජතුමනි! දුර්මුඛව සිටින්නේද? එසේ පණ්ඩිතයෙනි, දුර්මුඛව සිටිමි. ඔබ පිළිබඳ ඇසීම මනාප වුවත් තොපව දැකීම අයහපතක් ජනිත කළේය. කුමක් නිසාද? පියාව අසුනෙන් නැගිටුවා එහි හිඳගත් නිසායැයි කීය. කිම මහරජ, ඔබ සියලු තන්හි පුත්‍රයන්ට වඩා පියවරුන් උතුම්යැයි සිතන්නේද? එසේය පඬිතුමනි, ඉක්බිති මහරජුට මහාසත්ත්වයෝ මෙසේ කීය. මහරජතුමනි! ඔබතුමන් විසින් උතුම් අශ්වයකු හෝ ශ්‍රේෂ්ඨ අශ්වයකු එවන්නයැයි අපට පණිවිඩ යවන ලද්දේදැයි කියා අසුනෙන් නැගිට ඒ තරුණයන් බලා තොප විසින් අල්ලාගත් කොටලුවාව ගෙනෙව්යැයි නියමකොට රජුගේ පාමුළ හොවා මහරජතුමනි, මේ කොටළුවා කොපමණ වටිනේදැයි ඇසීය. ඉදින් උපකාරක නම් කහවණු අටක් වටනේය. මොහු නිසා ආජානීය වෙළඹකගේ කුසෙහි උපන් උතුම් අශ්වයකු කොපමණ වටීද? පණ්ඩිතය, නොවටනේයැයි කීය. දේවයන් වහන්ස කුමක් නිසා මෙසේ කියන්නේද? ඔබවහන්සේ විසින්, මේ දැන් සැමතන්හි පුත්‍රයන්ට වඩා පියවරුන් උතුම්යැයි කියන ලද්දේ නොවේද? ඉදින් එය සත්‍යයක් නම් ඔබවහන්සේගේ වාදයෙහි අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිම මහරජතුමනි! ඔබවහන්ගේ පණ්ඩිතයෝ මෙපමණකුත් දැනගන්නට අසමත් වූවාහු අත්පොළා සිනහ සෙත්. පුදුමයි. ඔබතුමන්ගේ පණ්ඩිතයන්ගේ ප්‍රඥා සම්පත්තිය. මොවුන්ව ඔබවහන්සේ කොහෙන් ලබාගත්තේදැයි පණ්ඩිතයන් සතරදෙනාටම නින්දාකොට රජුට මේ ඒකක නිපාතයේ ගාථාව ප්‍රකාශ කළේය.

“හංචි තුවං එවමඤ‍්ඤසි ‘සෙය්‍යො, පුත‍්තෙන පිතා’ති රාජසෙට‍්ඨ; හන්‍දස‍්සතරස‍්ස තෙ අයං, අස‍්සතරස‍්ස හි ගද්‍රභො පිතා”ති. (ජා· 1.1.111);

හංසී තුවං එවං මඤ්ඤෙසි සෙය්‍යො - පුත්තෙන පිතාති රාජසෙට්ඨ, හන්‍දස්සතරස්ස තෙ අයං - අස්සතරස්ස හි ගද්‍රභො පිතාති

තස‍්සත්‍ථො – යදි, ත්‍වං රාජසෙට‍්ඨ, සබ‍්බට‍්ඨානෙසු සෙය්‍යො පුත‍්තෙන පිතාති එවං මඤ‍්ඤසි, තව අස‍්සතරතොපි අයං ගද්‍රභො සෙය්‍යො හොතු. කිං කාරණා? අස‍්සතරස‍්ස හි ගද්‍රභො පිතාති.

රජතුමනි, ඔබ පියා පුතුට වඩා උතුම් යයි හඟින්නාහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටලුවාම උතුම් වන්නේ ය. අශ්වරයාගේ පියා කොටලුවා වන බැවිනි.

එහි හන්‍දස්සතරස්ස තෙ අයං යනු ඔබගේ උතුම් අශ්වයාට වඩා මොහු ශ්‍රේෂ්ඨ වන්නේය යන අර්ථයි. කුමක් නිසාද උතුම් අශ්වයාගේ පියා කොටලුවෙකි.

එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො ආහ – “මහාරාජ , සචෙ පුත‍්තතො පිතා සෙය්‍යො, මම පිතරං ගණ‍්හථ. සචෙ පිතිතො පුත‍්තො සෙය්‍යො, මං ගණ‍්හථ තුම‍්හාකං අත්‍ථායා”ති. රාජා සොමනස‍්සප‍්පත‍්තො අහොසි. සබ‍්බා රාජපරිසාපි “සුකථිතො පණ‍්ඩිතෙන පඤ‍්හො”ති උන‍්නදන‍්තා සාධුකාරසහස‍්සානි අදංසු, අඞ‍්ගුලිඵොටා චෙව චෙලුක‍්ඛෙපා ච පවත‍්තිංසු . චත‍්තාරො පණ‍්ඩිතාපි දුම‍්මුඛා පජ‍්ඣායන‍්තාව අහෙසුං. නනු මාතාපිතූනං ගුණං ජානන‍්තො බොධිසත‍්තෙන සදිසො නාම නත්‍ථි , අථ සො කස‍්මා එවමකාසීති? න සො පිතු අවමානනත්‍ථාය, රඤ‍්ඤා පන “අස‍්සතරං වා පෙසෙතු සෙට‍්ඨතරං වා”ති පෙසිතං, තස‍්මා තස‍්සෙව පඤ‍්හස‍්ස ආවිභාවත්‍ථං අත‍්තනො ච පණ‍්ඩිතභාවස‍්ස ඤාපනත්‍ථං චතුන‍්නඤ‍්ච පණ‍්ඩිතානං අප‍්පටිභානකරණත්‍ථං එවමකාසීති.

මෙසේ ද කියා එසේය මහරජතුමනි, ඉදින් පුත්‍රයාට වඩා පියා උතුම් නම් මගේ පියාව තෝරාගන්න. ඉදින් පියාට වඩා පුත්‍රයා උතුම් නම් මාව තෝරාගන්න. ඔබවහන්සේගේ යහපත සඳහා, රජු සතුටට පත්වූයේ විය. සියළු රජ පිරිස, පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනාව විසඳන ලදැයි මහ හඬින් සාධුකාර දුන්හ. ඇඟලි පෙළීමද උණගස් දහසක් එසවීමද කළහ. පණ්ඩිතයෝ සතරදෙන දුර්මුඛ වූහ. බෝධිසත්ත්වයන්ට සමානව මව්පියන්ගේ ගුණ දන්නා වූ කෙනෙක් නැත. හෙතෙම කුමක් නිසා මෙසේ කළේද? පියාට අවමන් කිරීම පිණිස නොවේ. රජු විසින් උතුම් අශ්වයකු හෝ ශ්‍රේෂ්ඨතරයකු එවන්නැයි පණිවිඩ යවන ලදී. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර හෙළිකිරීම සඳහාත් තමන්ගේ පණ්ඩිතභාවය ප්‍රකාශ කරන්නටත් පිළිතුර හෙළිකිරීම සඳහාත් තමන්ගේ පණ්ඩිතභාවය ප්‍රකාශ කරන්නටත් පණ්ඩිතයන් සතරදෙනාව ප්‍රතික්‍ෂේප කිරිම සඳහාත් මෙසේ කළේය.

ගද්‍රභපඤ‍්හො නිට‍්ඨිතො.

කොටළු පැනය නිමියේ ය.

එකූනවීසතිමපඤ‍්හො

එකුන්විසි පැන

රාජා තුස‍්සිත්‍වා ගන්‍ධොදකපුණ‍්ණං සුවණ‍්ණභිඞ‍්කාරං ආදාය “පාචීනයවමජ‍්ඣකගාමං රාජභොගෙන පරිභුඤ‍්ජතූ”ති සෙට‍්ඨිස‍්ස හත්‍ථෙ උදකං පාතෙත්‍වා “සෙසසෙට‍්ඨිනො එතස‍්සෙව උපට‍්ඨාකා හොන‍්තූ”ති වත්‍වා බොධිසත‍්තස‍්ස මාතු ච සබ‍්බාලඞ‍්කාරෙ පෙසෙත්‍වා ගද්‍රභපඤ‍්හෙ පසන‍්නො බොධිසත‍්තං පුත‍්තං කත්‍වා ගණ‍්හිතුං සෙට‍්ඨිං අවොච – “ගහපති, මහොසධපණ‍්ඩිතං මම පුත‍්තං කත්‍වා දෙහී”ති. “දෙව, අතිතරුණො අයං, අජ‍්ජාපිස‍්ස මුඛෙ ඛීරගන්‍ධො වායති, මහල‍්ලකකාලෙ තුම‍්හාකං සන‍්තිකෙ භවිස‍්සතී”ති. “ගහපති, ත්‍වං ඉතො පට‍්ඨාය එතස‍්මිං නිරාලයො හොහි, අයං අජ‍්ජතග‍්ගෙ මම පුත‍්තො, අහං මම පුත‍්තං පොසෙතුං සක‍්ඛිස‍්සාමි, ගච‍්ඡ ත්‍ව”න‍්ති තං උය්‍යොජෙසි. සො රාජානං වන්‍දිත්‍වා පණ‍්ඩිතං ආලිඞ‍්ගිත්‍වා උරෙ නිපජ‍්ජාපෙත්‍වා සීසෙ චුම‍්බිත්‍වා “තාත, අප‍්පමත‍්තො හොහී”ති ඔවාදමස‍්ස අදාසි. සොපි පිතරං වන්‍දිත්‍වා “තාත, මා චින‍්තයිත්‍ථා”ති අස‍්සාසෙත්‍වා පිතරං උය්‍යොජෙසි. රාජා පණ‍්ඩිතං පුච‍්ඡි “තාත, අන‍්තොභත‍්තිකො භවිස‍්සසි, උදාහු බහිභත‍්තිකො”ති. සො “මහා මෙ පරිවාරො, තස‍්මා බහිභත‍්තිකෙන මයා භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා “බහිභත‍්තිකො භවිස‍්සාමි, දෙවා”ති ආහ. අථස‍්ස රාජා අනුරූපං ගෙහං දාපෙත්‍වා දාරකසහස‍්සං ආදිං කත්‍වා පරිබ‍්බයං දාපෙත්‍වා සබ‍්බපරිභොගෙ දාපෙසි. සො තතො පට‍්ඨාය රාජානං උපට‍්ඨාසි.

රජු සතුටුව සුවඳ දිය පිරුණු රන් කෙණ්ඩියක් ගෙන පැදුන්යව මැදුම් රාජ්‍යය සම්පතක් ලෙස ප්‍රයෝජන ගන්නයැයි සිටුවරයාගේ අතපැන් වත්කොට, ඉතිරි සිටුවරු මොහුගේම උපස්ථායකයෝ වෙත්වායි කියා, බෝසතුන්ගේ මවට සියළු අලංකාර ආභරණ ආදිය යවා ගද්‍රභ ප්‍රශ්නය විසඳීම ගැන ප්‍රසාදයට පත්වූයේ බෝධිසත්ත්වයන්ව දරුකමට ගැනීමට සිටුතුමාගෙන් ඇසීය. ගෘහපතිය! මහෞෂධ පණ්ඩිතයන් මට දරුකමට දෙන්න. දේවයන් වහන්ස! මොහු තවම ළදරුය. අද පවා ඔහුගේ මුවින් කිරිසුවඳ හමයි. මහලු කල්හි ඔබවහන්සේ ළඟ සිටින්නේය. ගෘහපතිය! ඔබ මෙතැන් පටන් මොහු පිළිබඳ ආශා නැත්තෙක් වන්න. මෙතෙමේ අද පටන් මගේ දරුවෙකි. මම මාගේ පුත්‍රයාව පෝෂණය කරන්නට හැක්කෙමි. ඔබ යන්න යැයි ඔහුව පිටත්කර හැරියේය. ඔහු රජුට වැඳ පණ්ඩිතයන් වැළඳගෙන ළයෙහි හොවාගෙන හිස සිඹ ඔහුට අවවාද දුන්නේය. ඔහුද පියාට වැඳ පියාණෙනි! නොසිතන්න යැයි ඔහුව පිටත් කළේය. රජු පණ්ඩිතයන්ගෙන් ඇසීය. දරුව, ඔබ රජගෙදර අනුභව කරන්නේ ද? නැතහොත් පිටතින් අනුභව කරන්නේදැයි ඇසීය. හෙතෙම මෙසේ සිතීය. මගේ පිරිස විශාලය. මා පිටතින් අනුභව කරන්නකු විය යුතුය. ඉක්බිති රජතුමා ඔහුට යෝග්‍ය ගෘහයක් දී තරුණයන් දහස මුල්කොට වියදම් දී සියළු සම්පත් දෙවීය. ඔහු එතැන් පටන් රජුට උපස්ථාන කළේය.

රාජාපි නං වීමංසිතුකාමො අහොසි. තදා ච නගරස‍්ස දක‍්ඛිණද‍්වාරතො අවිදූරෙ පොක‍්ඛරණිතීරෙ එකස‍්මිං තාලරුක‍්ඛෙ කාකකුලාවකෙ මණිරතනං අහොසි. තස‍්ස ඡායා පොක‍්ඛරණියං පඤ‍්ඤායි. මහාජනො “පොක‍්ඛරණියං මණි අත්‍ථී”ති රඤ‍්ඤො ආරොචෙසි. සො සෙනකං ආමන‍්තෙත්‍වා “පොක‍්ඛරණියං කිර මණිරතනං පඤ‍්ඤායති, කථං තං ගණ‍්හාපෙස‍්සාමා”ති පුච‍්ඡිත්‍වා “මහාරාජ, උදකං නීහරාපෙත්‍වා ගණ‍්හිතුං වට‍්ටතී”ති වුත‍්තෙ “තෙන හි, ආචරිය, එවං කරොහී”ති තස‍්සෙව භාරමකාසි. සො බහූ මනුස‍්සෙ සන‍්නිපාතාපෙත්‍වා උදකඤ‍්ච කද‍්දමඤ‍්ච නීහරාපෙත්‍වා භූමිං භින්‍දිත්‍වාපි මණිං නාද‍්දස. පුන පුණ‍්ණාය පොක‍්ඛරණියා මණිච‍්ඡායා පඤ‍්ඤායි . සො පුනපි තථා කත්‍වා න ච අද‍්දස. තතො රාජා පණ‍්ඩිතං ආමන‍්තෙත්‍වා “තාත, පොක‍්ඛරණියං එකො මණි පඤ‍්ඤායති, සෙනකො උදකඤ‍්ච කද‍්දමඤ‍්ච නීහරාපෙත්‍වා භූමිං භින්‍දිත්‍වාපි නාද‍්දස, පුන පුණ‍්ණාය පොක‍්ඛරණියා පඤ‍්ඤායති, සක‍්ඛිස‍්සසි තං මණිං ගණ‍්හාපෙතු”න‍්ති පුච‍්ඡි. සො “නෙතං, මහාරාජ, ගරු, එථ දස‍්සෙස‍්සාමී”ති ආහ. රාජා තස‍්ස වචනං තුස‍්සිත්‍වා “පස‍්සිස‍්සාමි අජ‍්ජ පණ‍්ඩිතස‍්ස ඤාණබල”න‍්ති මහාජනපරිවුතො පොක‍්ඛරණිතීරං ගතො.

රජුද ඔහු ගැන විමසිලිමත්ව සිටියේය. ඉක්බිති දිනක නගරයේ දකුණු දොරටුවට නුදුරෙහි පොකුණු ඉවුරේ එක් තල්ගසක කවුඩු කැදැල්ලක මාණික්‍ය රත්නයක් විය. එහි සෙවණැල්ල පොකුණෙහි පෙනුනේය. පොකුණෙහි මැණිකක් යැයි රජුට දැන්වූහ. රජු සේනක අමතා පොකුණෙහි වනාහි උතුම් මැණිකක් පෙනෙයි. එය කෙසේ ලබාගන්නෙමුදැයි ඇසීය. එසේ අසා ජලය ඉවත්කර ගන්නට සුදුසුයැයි කීකල්හි එම් එසේ කරවයැයි ඔහුටම භාර කළේය. ඔහු බොහෝ මිනිසුන් රැස්කොට ජලයද මඩද ඉවත්කර ළිංපතුළ සෑරූ නමුත් මැණික දුටුවේ නැත. නැවත පොකුණ ජලයෙන් පිරුණු කල්හි මාණික්‍යය ඡායාව පෙනුනේය. ඔහු නැවතද එසේ කළ නමුත් දුටුවේ නැත. ඉක්බිති රජතුමා පණ්ඩිතයන් අමතා පොකුණෙහි එක් මැණිකක් පෙනෙයි. සේනක තෙමේ ජලය හා මඩ ඉවත්කර භූමිය හාරා බැලූ නමුත් මැණික දුටුවේ නැත. පොකුණ පිරුණුවිට නැවත පෙනෙයි. ඒ මැණික ගන්නට හැක්කෙහිදැයි ඇසීය. මහරජතුමනි, මෙය අපහසු දෙයක් නොවේ. එන්න පෙන්වන්නෙමියි ඔහු කීය. රජු සතුටුව දකින්නෙමුයි අද පණ්ඩිතයන්ගේ ඤාණ බලයයි කියා මහජනයා පිරිවරා පොකුණු ඉවුරට ගියේය.

මහාසත‍්තො තීරෙ ඨත්‍වා මණිං ඔලොකෙන‍්තො “නායං මණි පොක‍්ඛරණියං, තාලරුක‍්ඛෙ කාකකුලාවකෙ මණිනා භවිතබ‍්බ”න‍්ති ඤත්‍වා “නත්‍ථි, දෙව, පොක‍්ඛරණියං මණී”ති වත්‍වා “නනු උදකෙ පඤ‍්ඤායතී”ති වුත‍්තෙ “තෙන හි උදකපාතිං ආහරා”ති උදකපාතිං ආහරාපෙත්‍වා “පස‍්සථ, දෙව, නායං මණි පොක‍්ඛරණියංයෙව පඤ‍්ඤායති, පාතියම‍්පි පඤ‍්ඤායතී”ති වත්‍වා “පණ‍්ඩිත, කත්‍ථ පන මණිනා භවිතබ‍්බ”න‍්ති වුත‍්තෙ “දෙව, පොක‍්ඛරණියම‍්පි පාතියම‍්පි ඡායාව පඤ‍්ඤායති, න මණි, මණි පන තාලරුක‍්ඛෙ කාකකුලාවකෙ අත්‍ථි, පුරිසං ආණාපෙත්‍වා ආහරාපෙහී”ති ආහ. රාජා තථා කත්‍වා මණිං ආහරාපෙසි. සො ආහරිත්‍වා පණ‍්ඩිතස‍්ස අදාසි. පණ‍්ඩිතො තං ගහෙත්‍වා රඤ‍්ඤො හත්‍ථෙ ඨපෙසි. තං දිස‍්වා මහාජනො පණ‍්ඩිතස‍්ස සාධුකාරං දත්‍වා සෙනකං පරිභාසන‍්තො “මණිරතනං තාලරුක‍්ඛෙ කාකකුලාවකෙ අත්‍ථි, සෙනකබාලො බහූ මනුස‍්සෙ පොක‍්ඛරණිමෙව භින්‍දාපෙසි, පණ‍්ඩිතෙන නාම මහොසධසදිසෙන භවිතබ‍්බ”න‍්ති මහාසත‍්තස‍්ස ථුතිමකාසි. රාජාපිස‍්ස තුට‍්ඨො අත‍්තනො ගීවාය පිළන්‍ධනං මුත‍්තාහාරං දත්‍වා දාරකසහස‍්සානම‍්පි මුත‍්තාවලියො දාපෙසි. බොධිසත‍්තස‍්ස ච පරිවාරස‍්ස ච ඉමිනා පරිහාරෙන උපට‍්ඨානං අනුජානීති.

මහා සත්ත්වයෝ ඉවුරෙහි සිට මැණික බලන්නේම, මේ මැණික පොකුණෙහි නොවේ. මෙය තල්ගසෙහි විය යුතුයැයි දැනගෙන දේවයන් වහන්ස! පොකුණෙහි මැණිකක් නැතැයි කී කල්හි, ජලයෙහි පෙනෙනවා නොවේදැයි කී කල්හි ජල පාත්‍රයක් ගෙන්වා, දේවයන් වහන්ස බලනු මැනවි. මේ මැණික පොකුණෙහි පමණක් පෙනෙන්නේ නොවෙයි. ජල පාත්‍රයේ ද පෙනෙයි කියා පණ්ඩිතයෙනි, මැණික කොහේ තිබිය හැකිදැයි විචාළ කල්හි දේවයන් වහන්ස, පොකුණෙහි ඡායාව පමණක් පෙනෙයි. එහි මැණිකක් නැත. මැණික වනාහි මේ තල්ගසේ කවුඩු කුඩුවෙහි තිබේ. පුරුෂයකු යවා එය බිමට ගන්න යැයි කීය. රජු එසේ කොට මැණික ගෙන්නවීය. පඬිතුමා එය රැගෙන රජුගේ අතෙහි තැබීය. මහාජනයා පණ්ඩිතයන්ට සාධුකාර දී සේනකයන්ට නින්දා කරන්නේ, මාණික්‍ය රත්නය තල්ගසෙහි තබා සේනක තෙමේ ශක්තිමත් පුරුෂයන් ලවා පොකුණ බින්දවීය. පණ්ඩිතයන් නම් මහෞෂධයන්මයැයි මහා සත්ත්වයන්ට ස්තුති කළේය. රජු ද ඔහුට තමන්ගේ ගෙළ බැඳි මුතුහර දී තරුණයන් දහසටද මුතුවැල් දෙවීය. බෝධිසත්ත්වයන්ටත් පිරිසටත් උපස්ථානය අනුමත කළේය.

එකූනවීසතිමපඤ‍්හො නිට‍්ඨිතො.

එකුන්විසි පැන නිමියේ ය.