යෙදුමෙන් කියවන්න

කකණ‍්ටකපඤ‍්හො අට‍්ඨකථා

කකණ‍්ටකපඤ‍්හො

කකණ්ටක ප්‍රශ්නය

පුනෙකදිවසං රාජා පණ‍්ඩිතෙන සද‍්ධිං උය්‍යානං අගමාසි. තදා එකො කකණ‍්ටකො තොරණග‍්ගෙ වසති. සො රාජානං ආගච‍්ඡන‍්තං දිස‍්වා ඔතරිත්‍වා භූමියං නිපජ‍්ජි. රාජා තස‍්ස තං කිරියං ඔලොකෙත්‍වා “පණ‍්ඩිත, අයං කකණ‍්ටකො කිං කරොතී”ති පුච‍්ඡි. මහාසත‍්තො “මහාරාජ, තුම‍්හෙ සෙවතී”ති ආහ. “සචෙ එවං අම‍්හාකං සෙවති, එතස‍්ස මා නිප‍්ඵලො හොතු, භොගමස‍්ස දාපෙහී”ති. “දෙව, තස‍්ස භොගෙන කිච‍්චං නත්‍ථි, ඛාදනීයමත‍්තං අලමෙතස‍්සා”ති . “කිං පනෙස, ඛාදතී”ති? “මංසං දෙවා”ති. “කිත‍්තකං ලද‍්ධුං වට‍්ටතී”ති? “කාකණිකමත‍්තග‍්ඝනකං දෙවා”ති. රාජා එකං පුරිසං ආණාපෙසි “රාජදායො නාම කාකණිකමත‍්තං න වට‍්ටති, ඉමස‍්ස නිබද‍්ධං අඩ‍්ඪමාසග‍්ඝනකං මංසං ආහරිත්‍වා දෙහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය තථා අකාසි. සො එකදිවසං උපොසථෙ මාඝාතෙ මංසං අලභිත්‍වා තමෙව අඩ‍්ඪමාසකං විජ‍්ඣිත්‍වා සුත‍්තෙන ආවුනිත්‍වා තස‍්ස ගීවායං පිළන්‍ධි. අථස‍්ස තං නිස‍්සාය මානො උප‍්පජ‍්ජි. තං දිවසමෙව රාජා පුන මහොසධෙන සද‍්ධිං උය්‍යානං අගමාසි. සො රාජානං ආගච‍්ඡන‍්තං දිස‍්වාපි ධනං නිස‍්සාය උප‍්පන‍්නමානවසෙන “වෙදෙහ, ත්‍වං නු ඛො මහද‍්ධනො, අහං නු ඛො”ති රඤ‍්ඤා සද‍්ධිං අත‍්තානං සමං කරොන‍්තො අනොතරිත්‍වා තොරණග‍්ගෙයෙව සීසං චාලෙන‍්තො නිපජ‍්ජි. රාජා තස‍්ස තං කිරියං ඔලොකෙත්‍වා “පණ‍්ඩිත, එස පුබ‍්බෙ විය අජ‍්ජ න ඔතරති, කිං නු ඛො කාරණ”න‍්ති පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

නැවත එක්දිනක් රජතුමා පණ්ඩිතයන් සමග උයනට ගියේය. එකල්හි එක් බොහොඬෙක් (කටුස්සෙක්) තොරණ අග වාසය කරයි. ඌ රජතුමා එනු දකිනවිට එයින් බැස භූමියෙහි හොත්තේය. රජතුමා ඔහුගේ ක්‍රියාව දැක පණ්ඩිතය! මේ කටුස්සා කුමක් කරන්නේදැයි විචාළේය. මහරජතුමනි! ඔබවහන්සේට සේවය කරයි. ඉදින් මෙසේ අපගේ සේවය නිශ්ඵල නොවේවා. මොහු සම්පත් දෙමි. දේවයන් වහන්ස, ඌට භෝග සම්පත්වලින් ප්‍රයෝජනයක් නැත. මොහුට කෑමට යමක් දීම ප්‍රමාණවත්ය. මොහු කුමක් අනුභව කරන්නේද? දේවයන් වහන්ස, මස් කොපමණ දෙන්නට වටීද? දේවයන් වහන්ස, තුට්ටුවක් පමණ වටිනා මස්. රජු එක් පුරුෂයකුට අණ කළේය. රජු විසින් දෙන දෙය නම් තුට්ටුවක් පමණය. එය නොවටී. මොහුට නිරන්තරයෙන් අඩමස්සක් වටිනා මස් ගෙන දෙන්නයැයි කීය. ඔහු යහපතැයි එතැන් පටන් එසේ කළේය. හෙතෙම එක් දවසක් සත්ත්ව ඝාතනය නොකරන පෝය දිනයක් බැවින් මස් නොලැබ ඒ අඩමස්ස විද නූලකින් ගැටගසා බොහොඬාගේ ගෙලෙහි බැන්දේය. ඉක්බිති ඔහුට ඒ හේතුවෙන් මානයක් ඇතිවිය. ඒ දවසේම රජු නැවත උයනට ගියේය. ඔහු එන්නා වූ රජු දැක ධනය නිසා උපන් මානයෙන් යුතුව වේදේහය! ඔබ වනාහි මහා ධනවතෙකි. මමත් එසේය. මෙසේ තමාව රජු සමග සමකරන්නේ බිමට නොබැස තොරණ අගම සිට හිස සොළවමින් සිටියේය. රජු ඔහුගේ ක්‍රියාව බලා පණ්ඩිතය, මොහු පෙර මෙන් අද බිමට නොබසියි. කුමන කරුණක් නිසාදැයි විමසමින් ප්‍රථම ගාථාව කීය.

“නායං පුරෙ උන‍්නමති, තොරණග‍්ගෙ කකණ‍්ටකො; මහොසධ විජානාහි, කෙන ථද‍්ධො කකණ‍්ටකො”ති. (ජා· 1.2.39);

මේ බොහොඬා පෙර තොරණ අගට වී ගර්වයෙන් සිටියේ නැත. මේ කටුස්සා කුමක් නිසා මෙසේ තද බවට පත්වී ඇත්දැයි මහෞෂධ පඬිතුමනි, දැනගන්න.

තත්‍ථ උන‍්නමතීති යථා අජ‍්ජ අනොතරිත්‍වා තොරණග‍්ගෙයෙව සීසං චාලෙන‍්තො උන‍්නමති, එවං පුරෙ න උන‍්නමති. කෙන ථද‍්ධොති කෙන කාරණෙන ථද‍්ධභාවං ආපන‍්නොති.

එහි උන්නමති යනු යම්සේ අද බිමට නොබැස තොරණ අග සිට හිස සොළවමින් සිටියි. මෙසේ පෙර සිටියේ නැත. කෙන ථද්ධො කවර කරුණක් නිසා සිතෙහි දැඩි බවට පත්වූයේද?

පණ‍්ඩිතො තස‍්ස වචනං සුත්‍වා “මහාරාජ, උපොසථෙ මාඝාතෙ මංසං අලභන‍්තෙන රාජපුරිසෙන ගීවාය බද‍්ධං අඩ‍්ඪමාසකං නිස‍්සාය තස‍්ස මානෙන භවිතබ‍්බ”න‍්ති ඤත්‍වා ඉමං ගාථමාහ –

පොහොය දිනයේ සත්ත්ව ඝාතනය නොමැති බැවින් මස් නොලබන්නා වූ රාජපුරුෂයා විසින් ගෙළෙහි බඳින ලද අඩමස්ස නිසා හටගත් මානය නිසා විය යුතුයයි පණ්ඩිතයන් දැනගෙන මේ ගාථාව ප්‍රකාශ කළහ.

“අලද‍්ධපුබ‍්බං ලද‍්ධාන, අඩ‍්ඪමාසං කකණ‍්ටකො; අතිමඤ‍්ඤති රාජානං, වෙදෙහං මිථිලග‍්ගහ”න‍්ති. (ජා· 1.2.40);

බොහොඬා කලින් නොලද අඩමස්සක් ලැබ මිථිලා නුවර වේදේහ රජුට නින්දා කරයි.

රාජා තස‍්ස වචනං සුත්‍වා තං පුරිසං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි. සො යථාභූතං රඤ‍්ඤො ආරොචෙසි. රාජා තං කථං සුත්‍වා “කඤ‍්චි අපුච‍්ඡිත්‍වාව සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන විය පණ‍්ඩිතෙන කකණ‍්ටකස‍්ස අජ‍්ඣාසයො ඤාතො”ති අතිවිය පසීදිත්‍වා පණ‍්ඩිතස‍්ස චතූසු ද‍්වාරෙසු සුඞ‍්කං දාපෙසි. කකණ‍්ටකස‍්ස පන කුජ‍්ඣිත්‍වා වත‍්තං හාරෙතුං ආරභි. පණ‍්ඩිතො පන “මා හාරෙහි මහාරාජා”ති තං නිවාරෙසි.

රජතුමා ඒ පුරුෂයා කැඳවා මෙසේ විචාළේය. ඔහු ඇති තතු වාර්තා කළේය. රජු කිසිවක් නොවිචාරා ම සර්වඥයන් වහන්සේ නමක් මෙන් පණ්ඩිතයන් විසින් කටුස්සාගේ සිතැඟි දැනගත්තේයැයි අතිශයින් සතුටට පත්ව පණ්ඩිතයන්ට සිව්දිසාවෙන් බදු ගෙව්වේය. රජු වනාහි කටුස්සා කෙරෙහි කිපී දෙනු ලබන මස් ආහාරය නතර කරන්ට පටන් ගත්තේය. පණ්ඩිතයෝ වනාහි එසේ කිරීම අසාධාරණයයි එය නතර කරවීය.

කකණ‍්ටකපඤ‍්හො නිට‍්ඨිතො.

කටුසු ප්‍රශ්නය නිමියේ ය.