සිරිකාළකණ්ණිපඤ්හො අට්ඨකථා
සිරිකාළකණ්ණිපඤ්හො
සිරිකාලකණ්ණි ප්රශ්නය
අථෙකො මිථිලවාසී පිඞ්ගුත්තරො නාම මාණවො තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛාචරියස්ස සන්තිකෙ සිප්පං සික්ඛන්තො ඛිප්පමෙව සික්ඛි. සො අනුයොගං දත්වා “ගච්ඡාමහ”න්ති ආචරියං ආපුච්ඡි. තස්මිං පන කුලෙ “සචෙ වයප්පත්තා ධීතා හොති, ජෙට්ඨන්තෙවාසිකස්ස දාතබ්බා”ති වත්තංව, තස්මා තස්ස ආචරියස්ස වයප්පත්තා එකා ධීතා අත්ථි, සා අභිරූපා දෙවච්ඡරාපටිභාගා. අථ නං ආචරියො “ධීතරං තෙ, තාත, දස්සාමි, තං ආදාය ගමිස්සසී”ති ආහ. සො පන මාණවො දුබ්භගො කාළකණ්ණී, කුමාරිකා පන මහාපුඤ්ඤා. තස්ස තං දිස්වා චිත්තං න අල්ලීයති. සො තං අරොචෙන්තොපි “ආචරියස්ස වචනං න භින්දිස්සාමී”ති සම්පටිච්ඡි. ආචරියො ධීතරං තස්ස අදාසි. සො රත්තිභාගෙ අලඞ්කතසිරිසයනෙ නිපන්නො තාය ආගන්ත්වා සයනං අභිරුළ්හමත්තාය අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො පකම්පමානො ඔතරිත්වා භූමියං නිපජ්ජි. සාපි ඔතරිත්වා තස්ස සන්තිකං ගන්ත්වා නිපජ්ජි, සො උට්ඨාය සයනං අභිරුහි. සාපි පුන සයනං අභිරුහි, සො පුන සයනා ඔතරිත්වා භූමියං නිපජ්ජි. කාළකණ්ණී නාම සිරියා සද්ධිං න සමෙති. කුමාරිකා සයනෙයෙව නිපජ්ජි, සො භූමියං සයි.
ඉක්බිති මිථිලා නුවර වැසි පිංගුත්තර නම් එක් මානවකයෙක් තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමන් ළඟ ශිල්ප හදාරන්නේ ඉතා ඉක්මණින් ඉගෙන ගත්තේය. හෙතෙම දැනුම් දී ගුරුතුමාණෙනි! මම යන්නෙමියි පැවසීය. ඒ කුලයෙහි වනාහි වයසට පත් දුවණියක් සිටීනම් ඇය ප්‍රධාන ශිෂ්‍යයාට දිය යුතුය යනු චාරිත්‍රයයි. ඔහුගේ ගුරුතුමාගේ එක් දුවණියක් සිටී. ඇය රූමත්ය. දෙවඟනක් මෙනි. ඉක්බිති ඔහුට කථාකොට දරුව, මේ දියණියව ඔබට දෙමි. ඇයවද රැගෙන යන්න යැයි කීය. ඒ තරුණයා වනාහි අවාසනාවන්තයෙකි. කාළකණ්ණියෙකි. කුමාරිකාව මහා පුණ්‍යවන්තය. ඔහුට ඇය දැක සිත නොඇලෙයි. ඔහු ඒ බව දන්වන්නේ නමුදු ගුරුතුමාගේ වචනය කඩ නොකරමියි යෝජනාව පිළිගත්තේය. බ්‍රාහ්මණයා තම දියණියව ඔහුට දුන්නේය. හෙතෙම රාත්‍රී භාගයෙහි අලංකාර සිරි යහනෙහි හොත්තේ ඇය අවුත් සයනයට නගිනවිටම ක්ලාන්ත වූවාක් මෙන් ඇඳෙන් බැස බිම වැතිරුණේය. ඇයද ඇඳෙන් බැස ඔහුගේ සමීපයට ගියාය. ඔහු නැගිට නැවතත් සයනයට නැග්ගේය. ඇයද නැවත සයනයට නැග්ගේය. ඔහු නැවතත් සයනයෙන් බැස්සේය. කාලකණ්ණියකු ශ්‍රීදේවිය හා සම නොවෙයි. කුමාරිකාව සයනෙහිම වැතිර සිටියාය. ඔහු බිම නිදාගත්තේය.
එවං සත්තාහං වීතිනාමෙත්වා තං ආදාය ආචරියං වන්දිත්වා නික්ඛමි, අන්තරාමග්ගෙ ආලාපසල්ලාපමත්තම්පි නත්ථි. අනිච්ඡමානාව උභොපි මිථිලං සම්පත්තා. අථ පිඞ්ගුත්තරො නගරා අවිදූරෙ ඵලසම්පන්නං උදුම්බරරුක්ඛං දිස්වා ඛුදාය පීළිතො තං අභිරුහිත්වා ඵලානි ඛාදි. සාපි ඡාතජ්ඣත්තා රුක්ඛමූලං ගන්ත්වා “සාමි, මය්හම්පි ඵලානි පාතෙථා”ති ආහ. කිං තව හත්ථපාදා නත්ථි, සයං අභිරුහිත්වා ඛාදාති. සා අභිරුහිත්වා ඛාදි. සො තස්සා අභිරුළ්හභාවං ඤත්වා ඛිප්පං ඔතරිත්වා රුක්ඛං කණ්ටකෙහි පරික්ඛිපිත්වා “මුත්තොම්හි කාළකණ්ණියා”ති වත්වා පලායි. සාපි ඔතරිතුං අසක්කොන්තී තත්ථෙව නිසීදි. අථ රාජා උය්යානෙ කීළිත්වා හත්ථික්ඛන්ධෙ නිසින්නො සායන්හසමයෙ නගරං පවිසන්තො තං දිස්වා පටිබද්ධචිත්තො හුත්වා “සපරිග්ගහා, අපරිග්ගහා”ති පුච්ඡාපෙසි. සාපි “අත්ථි මෙ, සාමි, කුලදත්තිකො පති, සො පන මං ඉධ නිසීදාපෙත්වා ඡඩ්ඩෙත්වා පලාතො”ති ආහ. අමච්චො තං කාරණං රඤ්ඤො ආරොචෙසි. රාජා “අසාමිකභණ්ඩං නාම රඤ්ඤො පාපුණාතී”ති තං ඔතාරෙත්වා හත්ථික්ඛන්ධං ආරොපෙත්වා නිවෙසනං නෙත්වා අභිසිඤ්චිත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. සා තස්ස පියා අහොසි මනාපා. උදුම්බරරුක්ඛෙ ලද්ධත්තා “උදුම්බරදෙවී”ත්වෙවස්සා නාමං සඤ්ජානිංසු.
මෙසේ දින සතක් ගතකොට ඇයව ගෙන ගුරුතුමාට වැඳ පිටත්ව ගියේය. අතරමගදී කථාබස් පමණකුදු නොවීය. අකමැත්තෙන්ම දෙදෙනා මියුළු නුවරට පැමිණියාහ. පිංගුත්තර තෙමේ නගරයට නුදුරෙහි එක් ගෙඩි සහිත දිඹුල් ගසක් දැක බඩසයින් පෙලුන්නේ ගසට නැග දිඹුල් කෑවේය. ඕතොමෝද හටගත් ආශා ඇතී මටත් ගෙඩි බිමට හෙළන්නයැයි කීවාය. කිම නුඹට අත්පා නැද්ද? තමාම ගසට නැග ගෙඩි කන්න යැයි කීවේය. ඇය ගසට නැග ගෙඩි කෑවාය. ඔහු ඇය ගසට නැගුණු බව දැන වහා ගසින් බැස ගසයට කටු අතුරා කාළකණ්ණි තැනැත්තියගෙන් මිදුනේ වෙමියි කියා පළාගියේය. ඕ තොමෝ ගසින් බැස යන්නට අසමත් වන්නී එහිම සිටියාය. ඉක්බිති රජතුමා උයන්කෙළි කෙළ ඇතාගේ පිට සිටියේ සවස් වේලාවේ නගරයට පිවිසෙන්නේ එහි සිටිය ඇයව දැක හටගත් පිළිබඳ සිත් ඇත්තේ ස්වාමියෙක් සිටීද, නැද්ද කියා ඇස්සවීය. ඕ තොමෝ ස්වාමීනි, හිමියකු සිටී. කුලයෙන් දෙන ලද ස්වාමියාය. ඔහු වනාහි මා මෙහි හැරදමා පළාගියේ යයි කීවාය. ඇමැතියා රජුට ඒ කරුණ සැළ කළේය. අයිතිකරුවකු නැති භාණ්ඩයක් රජුට අයත්යැයි රජු ඇයව බස්සවාගෙන ඇතුපිට නංවාගෙන රජ ගෙදරට ගෙන ගොස් අභිෂේක කොට අගමෙහෙසුන් තනතුරේ තැබීය. ඇය ඔහුට ප්‍රිය වූවාය. මනාප වූවාය. දිඹුල් ගසේ දකින ලද නිසා උදුම්බරා දේවිය යැයි නම් කළහ.
අථෙකදිවසං රඤ්ඤො උය්යානගමනත්ථාය ද්වාරගාමවාසිකෙහි මග්ගං පටිජග්ගාපෙසුං. පිඞ්ගුත්තරොපි භතිං කරොන්තො කච්ඡං බන්ධිත්වා කුද්දාලෙන මග්ගං තච්ඡි. මග්ගෙ අනිට්ඨිතෙයෙව රාජා උදුම්බරදෙවියා සද්ධිං රථෙ නිසීදිත්වා නික්ඛමි. උදුම්බරදෙවී කාළකණ්ණිං මග්ගං තච්ඡන්තං දිස්වා “එවරූපං සිරිං ධාරෙතුං නාසක්ඛි අයං කාළකණ්ණී”ති තං ඔලොකෙන්තී හසි. රාජා හසමානං දිස්වා කුජ්ඣිත්වා “කස්මා හසී”ති පුච්ඡි. දෙව, අයං මග්ගතච්ඡකො පුරිසො මය්හං පොරාණකසාමිකො, එස මං උදුම්බරරුක්ඛං ආරොපෙත්වා කණ්ටකෙහි පරික්ඛිපිත්වා ගතො, ඉමාහං ඔලොකෙත්වා “එවරූපං සිරිං ධාරෙතුං නාසක්ඛි කාළකණ්ණී අය”න්ති චින්තෙත්වා හසින්ති. රාජා “ත්වං මුසාවාදං කථෙසි, අඤ්ඤං කඤ්චි පුරිසං දිස්වා තයා හසිතං භවිස්සති, තං මාරෙස්සාමී”ති අසිං අග්ගහෙසි. සා භයප්පත්තා “දෙව, පණ්ඩිතෙ තාව පුච්ඡථා”ති ආහ. රාජා සෙනකං පුච්ඡි “සෙනක, ඉමිස්සා වචනං ත්වං සද්දහසී”ති. “න සද්දහාමි, දෙව, කො නාම එවරූපං ඉත්ථිරතනං පහාය ගමිස්සතී”ති. සා තස්ස කථං සුත්වා අතිරෙකතරං භීතා අහොසි. අථ රාජා “සෙනකො කිං ජානාති, පණ්ඩිතං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා තං පුච්ඡන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති එක්දිනක් රජුට උයනට යාම සඳහා දොරටුව අසල ගම්වැසියන් විසින් මාර්ගය සකස් කළහ. පිංගුත්තර තෙමේද එහි කුලී වැඩ කරන්නේ කැසපට ගසාගෙන උදැල්ලෙන් මාර්ගය කොටයි. මාර්ගය සාදා නොනිමි කල්හිම රජු උදුම්බරා දේවිය සමග රථයෙහි නැගී පිටත් විය. උදුම්බරා දේවියද මාර්ගය කොටන්නා වූ ඒ කාලකණ්ණියාව බලන්නී සිනාසුනාය. රජු ඇය සිනාසෙන සැටි දැක කිපී කුමක් නිසා සිනාසෙන්නීදැයි ඇසීය. දේවයන් වහන්ස, මේ මාර්ගය කොටන්නා වූ පුරුෂයා මාගේ පැරණි සැමියාය. මොහු මා දිඹුල්ගසට නංවා ගසයට කටු දමා ගියේය. මම මොහුව දැක මෙබඳු වූ වාසනාවක් දරාගන්නට මේ කාලකණ්ණියා අපොහොසත් වියැයි සිතමින් සිනාසුනෙමි. රජු තා බොරු කියන්නීය. අන් කිසිවකු දැක ඔබ සිනහ විය. මම ඔහුව මරවමියි කඩුව ගත්තේය. බියට පත්වූ ඕ තොමෝ දේවයන් වහන්ස! පළමුව පණ්ඩිතයන්ගෙන් විමසන්නයැයි කීවාය. රජු සේනකගෙන් ඇසීය. ඔබ මැයගේ වචනය විශ්වාස කරන්නේද? නැත ස්වාමීනි, කවරෙක් නම් මෙබඳු වූ ස්ත්‍රියක් අතහැර දමා යන්නේද? කියා කීය. ඇය ඔහුගේ කථාව අසා වැඩිමනත් බිය වූවාය. ඉක්බිති රජතුමා සේනකයෝ මොනවා දනිත්ද? පණ්ඩිතයන් විචාරන්නෙමියි සිතා ඔහුගෙන් අසමින් මේ ගාථාව ප්‍රකාශ කළහ.
“ඉත්ථී සියා රූපවතී, සා ච සීලවතී සියා; පුරිසො තං න ඉච්ඡෙය්ය, සද්දහාසි මහොසධා”ති. (ජා· 1.2.83);
ඉත්ථි සියා රූපවතී සාච සීලවතී සියා, පුරිසො තං න ඉච්ඡෙය්ය සද්දහාසි මහොසධ
ස්ත්‍රිය රූප සම්පන්නය. සිල්වත්ය. පුරුෂයෙක් ඇය කැමැති නොවන්නේය. මහෞෂධයෙනි, ඔබ මෙය විශ්වාස කරන්නෙහිද?
තත්ථ සීලවතීති ආචාරගුණසම්පන්නා.
එහි සීලවතී යනු ආචාර සම්පන්න වූ.
තං සුත්වා පණ්ඩිතො ගාථමාහ –
එය අසා පණ්ඩිතයෝ මේ ගාථාව කීහ,
“සද්දහාමි මහාරාජ, පුරිසො දුබ්භගො සියා; සිරී ච කාළකණ්ණී ච, න සමෙන්ති කුදාචන”න්ති. (ජා· 1.2.84);
සද්දහාමි මහාරාජ පුරිසො දුබ්භගො සියා, සිරීච කාලකණ්ණී ච න සමෙන්ති කුදාචනං
මහරජතුමනි, මෙය මම විශ්වාස කරමි. පුරුෂයා අවාසනාවන්තයෙක් වන්නේ නම් ශ්‍රී කාන්තාව හා කාලකණ්ණියා කිසිදාක එක සමාන නොවෙත්.
තත්ථ න සමෙන්තීති සමුද්දස්ස ඔරිමතීරපාරිමතීරානි විය ච ගගනතලපථවිතලානි විය ච න සමාගච්ඡන්ති.
එහි න සමෙන්ති යනු සමුද්‍රයට එතෙර මෙතෙර මෙන් අහසට පොළව මෙන් එකට එක් නොවෙත්.
රාජා තස්ස වචනෙන තං කාරණං සුත්වා තස්සා න කුජ්ඣි, හදයමස්ස නිබ්බායි. සො තස්ස තුස්සිත්වා “සචෙ පණ්ඩිතො නාභවිස්ස, අජ්ජාහං බාලසෙනකස්ස කථාය එවරූපං ඉත්ථිරතනං හීනො අස්සං, තං නිස්සාය මයා එසා ලද්ධා”ති සතසහස්සෙන පූජං කාරෙසි. දෙවීපි රාජානං වන්දිත්වා “දෙව, පණ්ඩිතං නිස්සාය මයා ජීවිතං ලද්ධං, ඉමාහං කනිට්ඨභාතිකට්ඨානෙ ඨපෙතුං වරං යාචාමී”ති ආහ. “සාධු, දෙවි, ගණ්හාහි, දම්මි තෙ වර”න්ති. “දෙව, අජ්ජ පට්ඨාය මම කනිට්ඨං විනා කිඤ්චි මධුරරසං න ඛාදිස්සාමි, ඉතො පට්ඨාය වෙලාය වා අවෙලාය වා ද්වාරං විවරාපෙත්වා ඉමස්ස මධුරරසං පෙසෙතුං ලභනකවරං ගණ්හාමී”ති. “සාධු, භද්දෙ, ඉමඤ්ච වරං ගණ්හාහී”ති.
රජු ඔහුගේ වචනයේ ඒ කරුණට කිපුණේ නැත. ඔහුගේ හදවත නිවුනේය. රජු, ඔහුට සතුටුවී පණ්ඩිතය! ඉදින් නුඹ මෙහි නොසිටින්න අද මම අඥාන වූ සේනකගේ වචනයේ පිහිටා මෙබඳු වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නේය. දැන් ඔබ නිසා මවිසින් මැය ලබන ලදී යැයි පණ්ඩිතයන්ට දසදහසින් පූජා කළේය. ඉක්බිති දේවියද රජුට වැඳ දේවයිනි! පණ්ඩිතයන් නිසා මම ජීවිතය ලැබුවෙමි. මම මොහුව කණිටු සොහොයුරු තන්හි තබන්නට වරයක් ඉල්ලමියි කීවාය. දේවිය යහපති. ඔබට ඒ වරය දෙමි. ගන්න. දේවයන් වහන්ස, මම අද පටන් මාගේ කණිටු සොහොයුරා නැතිව කිසිම මිහිරි ආහාරයක් නොබුදින්නෙමි. මෙතැන් පටන් වේලාවේ හෝ අවේලාවේ දොර විවෘතකොට මොහුට මිහිරි රස යවන්නට හැකි වරයක් ගනිමි. සොඳුර, මැනවි. මේ වරයද ගන්න.
සිරිකාළකණ්ණිපඤ්හො නිට්ඨිතො.
සිරි කාලකණ්ණි ප්රශ්නය නිමියේ ය.