යෙදුමෙන් කියවන්න

අමරාදෙවිපරියෙසනා අට‍්ඨකථා

අමරාදෙවිපරියෙසනා

අමරාදේවිය සෙවීම

සොපි තාය කථිතමග‍්ගෙනෙව තං ගෙහං ගතො. අථ නං අමරාදෙවියා මාතා දිස‍්වා ආසනං දත්‍වා “යාගුං පිවිස‍්සසි, සාමී”ති ආහ. “අම‍්ම, කනිට‍්ඨභගිනියා මෙ අමරාදෙවියා ථොකා යාගු මෙ දින‍්නා”ති. තං සුත්‍වා සා “ධීතු මෙ අත්‍ථාය ආගතො භවිස‍්සතී”ති අඤ‍්ඤාසි. මහාසත‍්තො තෙසං දුග‍්ගතභාවං ජානන‍්තොපි “අම‍්ම, අහං තුන‍්නවායො, කිඤ‍්චි සිබ‍්බිතබ‍්බයුත‍්තකං අත්‍ථී”ති පුච‍්ඡි. “අත්‍ථි, සාමි, මූලං පන නත්‍ථී”ති? “අම‍්ම මූලෙන කම‍්මං නත්‍ථි, ආනෙහි, සිබ‍්බිස‍්සාමි න”න‍්ති. සා ජිණ‍්ණසාටකානි ආහරිත්‍වා අදාසි. බොධිසත‍්තො ආහටාහටං නිට‍්ඨාපෙසියෙව. පුඤ‍්ඤවතො හි කිරියා නාම සමිජ‍්ඣතියෙව. අථ නං ආහ “අම‍්ම, වීථිභාගෙන ආරොචෙය්‍යාසී”ති. සා සකලගාමං ආරොචෙසි. මහාසත‍්තො තුන‍්නවායකම‍්මං කත්‍වා එකාහෙනෙව සහස‍්සං කහාපණං උප‍්පාදෙසි. මහල‍්ලිකාපිස‍්ස පාතරාසභත‍්තං පචිත්‍වා දත්‍වා “තාත, සායමාසං කිත‍්තකං පචාමී”ති ආහ. “අම‍්ම, යත‍්තකා ඉමස‍්මිං ගෙහෙ භුඤ‍්ජන‍්ති, තෙසං පමාණෙනා”ති. සා අනෙකසූපබ්‍යඤ‍්ජනං බහුභත‍්තං පචි. අමරාදෙවීපි සායං සීසෙන දාරුකලාපං, උච‍්ඡඞ‍්ගෙන පණ‍්ණං ආදාය අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා පුරගෙහද‍්වාරෙ දාරුකලාපං නික‍්ඛිපිත්‍වා පච‍්ඡිමද‍්වාරෙන ගෙහං පාවිසි. පිතාපිස‍්සා සායතරං ආගමාසි. මහාසත‍්තො නානග‍්ගරසභොජනං භුඤ‍්ජි. ඉතරා මාතාපිතරො භොජෙත්‍වා පච‍්ඡා සයං භුඤ‍්ජිත්‍වා මාතාපිතූනං පාදෙ ධොවිත්‍වා මහාසත‍්තස‍්ස පාදෙ ධොවි.

ඔහු ඇය විසින් කියන ලද මාර්ගයෙන් ඒ ගෙදර ගියේය. ඉක්බිති ඔහුව අමරාදේවියගේ මව දුටුවිට අසුනක් දී ස්වාමී කැඳ පිළිගන්වමියි කීවාය. මෑණියනි! බාල සොහොයුරිය අමරාදේවිය විසින් කැඳ ටිකක් දෙන ලදී. ඒ දියණිය මා වෙනුවෙන් ආවේයැයි සිතමි. මහාසත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ දුප්පත් බව දැනගෙනද මෑණියෙනි! මම ඇඳුම් මසන්නෙක්මි. මැසිය යුතු කිසිවක් තිබේද? ස්වාමීනි ඇත. නමුත් කුලිය දෙන්නට මුදල් නැත. මෑණියෙනි! මුදල්වලින් වැඩක් නැත. ගෙනෙන්න. මසා දෙන්නෙමි. ඇය දිරාගිය කඩමාලු ගෙනැවිත් දුන්නාය. බෝධිසත්ත්වයන් ගෙනා ගෙනා එක මසා නිම කළේය. පුණ්‍යවන්තයන්ගේ ක්‍රියාව නම් ඉටුවන්නේය. ඉක්බිති මෑණියෙනි! වීදියේ අන් අයටද කියන්නයැයි ඔහු කීය. ඇය මුළු ගමටම දැනුම් දුන්නාය. මහාසත්ත්වයෝ මහණකම (ඇඳුම් මැසීම) කොට එක දවසින් දහසක් උපයා ගත්තේය. මැහැළියද ඔහුට උදෑසන බත ද පිස දී සවස දරුව, කොපමණ ආහාර පිසම්දැයි ඇසුවාය. මෑණියෙනි! යම්පමණ පිරිසක් මේ ගෘහයෙහි අනුභව කරත්ද, ඒ අයට ප්‍රමාණවත් වනසේ යැයි කීය. ඕ තොමෝ නොයෙක් ව්‍යඤ්ජනයන් හා බොහෝ බත් පිසුවාය. අමරා දේවියද සවස හිසෙන් දරමිටියක්ද උකුලෙන් කොළ ද රැගෙන වනයෙන් අවුත් නගර දොරටුවේ දර දමා පසුපස දොරටුවෙන් ගෙට පිවිසියාය. ඇගේ පියාද බොහෝ සවස් වී ආවේය. මහාසත්ත්වයෝ බොහෝ රසයන්ගෙන් යුත් ආහාර අනුභව කළහ. අනික් තැනැත්තිය මව්පියන් වළඳවා තමන් පසුව අනුභව කොට මව්පියන්ගේ පා සෝදා මහා සත්ත්වයන්ගේ පා සේදීය.

සො තං පරිග‍්ගණ‍්හන‍්තො කතිපාහං තත්‍ථෙව වසි. අථ නං වීමංසන‍්තො එකදිවසං ආහ – “භද‍්දෙ, අඩ‍්ඪනාළිකතණ‍්ඩුලෙ ගහෙත්‍වා තතො මය‍්හං යාගුඤ‍්ච පූවඤ‍්ච භත‍්තඤ‍්ච පචාහී”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තණ‍්ඩුලෙ කොට‍්ටෙත්‍වා මූලතණ‍්ඩුලෙහි භත‍්තං, මජ‍්ඣිමතණ‍්ඩුලෙහි යාගුං, කණකාහි පූවං පචිත්‍වා තදනුරූපං සූපබ්‍යඤ‍්ජනං සම‍්පාදෙත්‍වා මහාසත‍්තස‍්ස සබ්‍යඤ‍්ජනං යාගුං අදාසි. සා යාගු මුඛෙ ඨපිතමත‍්තාව සත‍්ත රසහරණිසහස‍්සානි ඵරිත්‍වා අට‍්ඨාසි. සො තස‍්සා වීමංසනත්‍ථමෙව “භද‍්දෙ, යාගුං පචිතුං අජානන‍්තී කිමත්‍ථං මම තණ‍්ඩුලෙ නාසෙසී”ති කුද‍්ධො විය සහ ඛෙළෙන නිට‍්ඨුභිත්‍වා භූමියං පාතෙසි. සා තස‍්ස අකුජ‍්ඣිත්‍වාව “සාමි, සචෙ යාගු න සුන්‍දරා, පූවං ඛාදා”ති පූවං අදාසි. තම‍්පි තථෙව අකාසි. “සචෙ, සාමි, පූවං න සුන්‍දරං, භත‍්තං භුඤ‍්ජා”ති භත‍්තං අදාසි. භත‍්තම‍්පි තථෙව කත්‍වා “භද‍්දෙ, ත්‍වං පචිතුං අජානන‍්තී මම සන‍්තකං කිමත්‍ථං නාසෙසී”ති කුද‍්ධො විය තීණිපි එකතො මද‍්දිත්‍වා සීසතො පට‍්ඨාය සකලසරීරං ලිම‍්පිත්‍වා “ගච‍්ඡ, ද‍්වාරෙ නිසීදාහී”ති ආහ. සා අකුජ‍්ඣිත්‍වාව “සාධු, සාමී”ති ගන‍්ත්‍වා තථා අකාසි. සො තස‍්සා නිහතමානභාවං ඤත්‍වා “භද‍්දෙ, එහී”ති ආහ. සා අකුජ‍්ඣිත්‍වා එකවචනෙනෙව ආගතා. මහාසත‍්තො පන ආගච‍්ඡන‍්තො කහාපණසහස‍්සෙන සද‍්ධිං එකසාටකයුගං තම‍්බූලපසිබ‍්බකෙ ඨපෙත්‍වා ආගතො. අථ සො තං සාටකං නීහරිත්‍වා තස‍්සා හත්‍ථෙ ඨපෙත්‍වා “භද‍්දෙ, තව සහායිකාහි සද‍්ධිං න‍්හායිත්‍වා ඉමං සාටකං නිවාසෙත්‍වා එහී”ති ආහ. සා තථා අකාසි.

හෙතෙම එය පරීක්‍ෂාකොට දවස් කීපයක් එහිම වාසය කළේය. ඉක්බිති ඇයව විමසන්නේ එක් දවසක් මෙසේ කීය. සොඳුර අමරාදේවිය! අඩනැළියක් පමණ සහල් ගෙන එයින් මට කැඳ ද කැවිලි ද බත් ද පිසන්න. ඇය යහපතැයි පිළිගෙන ඒ සහල් කොටා ප්‍රධාන සහල්වලින් කැඳ ද, මධ්‍යම ප්‍රමාණයේ සහල්වලින් බත් ද සුනුසාල්වලින් කැවිලි ද පිස එයට ගැලපෙන ව්‍යඤ්ජනද සපයා මහාසත්ත්වයන්ට ව්‍යඤ්ජන සහිත කැඳ දුන්නේය. කැඳ මුඛයෙහි තබනවාත් සමගම රසනහර පිනාගියේය. හෙතෙම ඇයව විමසීම සඳහාම සොඳුර, පිසන්නට නොදන්නී කුමක් සඳහා මාගේ සහල් විනාශ කළාදැයි කැඳ කෙළ සමග කෙළ ගසා බිම හෙළීය. ඇය නොකිපී, ඉදින් කැඳ යහපත් නොවේනම් කැවිලි කන්න ස්වාමීනි යැයි කියා කැවිලි දුන්නාය. එය ද එසේම කළේය. බත්වලටද එසේ කොට ඔබ පිසන්නට නොදන්නී මා සතු දේ කුමක් නිසා නැසී ද කියා කිපුනාක් මෙන් කෑම වර්ග තුනම එකට අඹරා හිසේ පටන් මුළු සිරුරෙහි තවරා දොරටුවෙහි සිටින්න යැයි කීවේය. ඕ තොමෝ නොකිපී ස්වාමීනි, එසේයැයි එය කළේය. හෙතෙම ඇගේ නිහතමානී බව දැනගෙන සොඳුර එන්නයැයි කීය. ඕ තොමෝ එක වචනයෙන්ම ආවාය. මහාසත්ත්වයන් වහන්සේ නුවරින් එද්දීම කහවණු දහසක් සමග එක් සළුවක් ද බුලත් පසුම්බියෙහි දමා ගෙන ආවේය. හෙතෙම ඒ සළුව බැහැරට ගෙන ඇගේ අතේ තබා සොඳුර, ඔබගේ සහායිකාව සමග නා මේ සළුව පොරවාගෙන එන්න යැයි කීය. ඕ තොමෝ එසේ කළාය.

පණ‍්ඩිතො උප‍්පාදිතධනඤ‍්ච, ආභතධනඤ‍්ච සබ‍්බං තස‍්සා මාතාපිතූනං දත්‍වා සමස‍්සාසෙත්‍වා සසුරෙ ආපුච‍්ඡිත්‍වා තං ආදාය නගරාභිමුඛො අගමාසි. අන‍්තරාමග‍්ගෙ තස‍්සා වීමංසනත්‍ථාය ඡත‍්තඤ‍්ච උපාහනඤ‍්ච දත්‍වා එවමාහ – “භද‍්දෙ, ඉමං ඡත‍්තං ගහෙත්‍වා අත‍්තානං ධාරෙහි, උපාහනං අභිරුහිත්‍වා යාහී”ති. සා තං ගහෙත්‍වා තථා අකත්‍වා අබ‍්භොකාසෙ සූරියසන‍්තාපෙ ඡත‍්තං අධාරෙත්‍වා වනන‍්තෙ ධාරෙත්‍වා ගච‍්ඡති, ථලට‍්ඨානෙ උපාහනං පටිමුඤ‍්චිත්‍වා උදකට‍්ඨානං සම‍්පත‍්තකාලෙ අභිරුහිත්‍වා ගච‍්ඡති. බොධිසත‍්තො තං කාරණං දිස‍්වා පුච‍්ඡි “කිං, භද‍්දෙ, ථලට‍්ඨානෙ උපාහනං පටිමුඤ‍්චිත්‍වා උදකට‍්ඨානෙ අභිරුහිත්‍වා ගච‍්ඡසි, සූරියසන‍්තාපෙ ඡත‍්තං අධාරෙත්‍වා වනන‍්තෙ ධාරෙත්‍වා”ති? සා ආහ – “සාමි, ථලට‍්ඨානෙ කණ‍්ටකාදීනි පස‍්සාමි, උදකට‍්ඨානෙ මච‍්ඡකච‍්ඡපකණ‍්ටකාදීනි න පස‍්සාමි, තෙසු පාදෙ පවිට‍්ඨෙසු දුක‍්ඛවෙදනා භවෙය්‍ය, අබ‍්භොකාසෙ සුක‍්ඛරුක‍්ඛකණ‍්ටකාදීනි නත්‍ථි, වනන‍්තරං පවිට‍්ඨානං පන සුක‍්ඛරුක‍්ඛදණ‍්ඩාදිකෙසු මත්‍ථකෙ පතිතෙසු දුක‍්ඛවෙදනා භවෙය්‍ය, තස‍්මා තානි පටිඝාතනත්‍ථාය එවං කරොමී”ති.

පණ්ඩිතයෝ උපයාගත් ධනයද ගෙනෙන ලද ධනයද යන සියල්ල ඇගේ මව්පියන්ට දී ඔවුන් සනසා ඇයව ගෙන නගරයට ගොස් [missning trans]

බොධිසත‍්තො ද‍්වීහි කාරණෙහි තස‍්සා කථං සුත්‍වා තුස‍්සිත්‍වා ගච‍්ඡන‍්තො එකස‍්මිං ඨානෙ ඵලසම‍්පන‍්නං එකං බදරරුක‍්ඛං දිස‍්වා බදරරුක‍්ඛමූලෙ නිසීදි. සා බදරරුක‍්ඛමූලෙ නිසින‍්නං මහාසත‍්තං දිස‍්වා “සාමි, අභිරුහිත්‍වා බදරඵලං ගහෙත්‍වා ඛාදාහි, මය‍්හම‍්පි දෙහී”ති ආහ. “භද‍්දෙ, අහං කිලමාමි, අභිරුහිතුං න සක‍්කොමි, ත්‍වමෙව අභිරුහා”ති. සා තස‍්ස වචනං සුත්‍වා බදරරුක‍්ඛං අභිරුය‍්හ සාඛන‍්තරෙ නිසීදිත්‍වා ඵලං ඔචිනි. බොධිසත‍්තො තං ආහ – “භද‍්දෙ, ඵලං මය‍්හං දෙහී”ති. සා “අයං පුරිසො පණ‍්ඩිතො වා අපණ‍්ඩිතො වා වීමංසිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං ආහ “සාමි, උණ‍්හඵලං ඛාදිස‍්සසි, උදාහු සීතඵල”න‍්ති? සො තං කාරණං අජානන‍්තො විය එවමාහ – “භද‍්දෙ, උණ‍්හඵලෙන මෙ අත්‍ථො”ති . සා ඵලානි භූමියං ඛිපිත්‍වා “සාමි, ඛාදා”ති ආහ. බොධිසත‍්තො තං ගහෙත්‍වා ධමෙන‍්තො ඛාදි. පුන වීමංසමානො නං එවමාහ – “භද‍්දෙ, සීතලං මෙ දෙහී”ති. අථ සා බදරඵලානි තිණභූමියා උපරි ඛිපි. සො තං ගහෙත්‍වා ඛාදිත්‍වා “අයං දාරිකා අතිවිය පණ‍්ඩිතා”ති චින‍්තෙත්‍වා තුස‍්සි. අථ මහාසත‍්තො තං ආහ – “භද‍්දෙ, බදරරුක‍්ඛතො ඔතරාහී”ති. සා මහාසත‍්තස‍්ස වචනං සුත්‍වා රුක‍්ඛතො ඔතරිත්‍වා ඝටං ගහෙත්‍වා නදිං ගන‍්ත්‍වා උදකං ආනෙත්‍වා මහාසත‍්තස‍්ස අදාසි. මහාසත‍්තො පිවිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා තතො උට‍්ඨාය ගච‍්ඡන‍්තො නගරමෙව සම‍්පත‍්තො.

[missing trans]

අථ සො තං වීමංසනත්‍ථාය දොවාරිකස‍්ස ගෙහෙ ඨපෙත්‍වා දොවාරිකස‍්ස භරියාය ආචික‍්ඛිත්‍වා අත‍්තනො නිවෙසනං ගන‍්ත්‍වා පුරිසෙ ආමන‍්තෙත්‍වා “අසුකගෙහෙ ඉත්‍ථිං ඨපෙත්‍වා ආගතොම‍්හි, ඉමං සහස‍්සං ආදාය ගන‍්ත්‍වා තං වීමංසථා”ති සහස‍්සං දත්‍වා පෙසෙසි. තෙ තථා කරිංසු. සා ආහ – “ඉදං මම සාමිකස‍්ස පාදරජම‍්පි න අග‍්ඝතී”ති. තෙ ආගන‍්ත්‍වා පණ‍්ඩිතස‍්ස ආරොචෙසුං. පුනපි යාවතතියං පෙසෙත්‍වා චතුත්‍ථෙ වාරෙ මහාසත‍්තො තෙයෙව “තෙන හි නං හත්‍ථෙ ගහෙත්‍වා කඩ‍්ඪන‍්තා ආනෙථා”ති ආහ. තෙ තථා කරිංසු. සා මහාසත‍්තං මහාසම‍්පත‍්තියං ඨිතං න සඤ‍්ජානි, නං ඔලොකෙත්‍වා ච පන හසි චෙව රොදි ච. සො උභයකාරණං පුච‍්ඡි. අථ නං සා ආහ – “සාමි, අහං හසමානා තව සම‍්පත‍්තිං ඔලොකෙත්‍වා ‘අයං අකාරණෙන න ලද‍්ධා, පුරිමභවෙ කුසලං කත්‍වා ලද‍්ධා, අහො පුඤ‍්ඤානං ඵලං නාමා’ති හසිං. රොදමානා පන ‘ඉදානි පරස‍්ස රක‍්ඛිතගොපිතවත්‍ථුම‍්හි අපරජ‍්ඣිත්‍වා නිරයං ගමිස‍්සතී’ති තයි කාරුඤ‍්ඤෙන රොදි”න‍්ති.

විමසීම සඳහා ඇයව දොරටුපාලයන්ගේ නිවසෙහි හිඳුවා දොරටුපාලයාගේ බිරිඳට කියා තමන්ගේ වාසභවනයට ගොස් පුරුෂයන් කැඳවා අසවල් ගෘහයෙහි කාන්තාවක් තබා ආවෝ වෙමු. මේ දහස ගෙන ඇය ගැන විමසා බලන්නයැයි දහසක් දී යැව්වේය. ඔවුහු එසේ කළහ. ඕ තොමෝ මෙය මගේ ස්වාමියාගේ පා දූවිලි තරම්වත් නොවටීයැයි කැමැති නොවීය. ඔවුහු ගොස් පණ්ඩිතයන්ට සැළකළහ. නැවතද තුන්වරක් යවා සතරවන වාරයෙහි එසේනම් එය අතින් අල්ලාගෙන ඇදගෙන එවයි කීය. ඔවුහු එසේ කළහ. ඇය මහාසත්ත්වයන් මහා සම්පත් ඇත්තකු බව නොදත්තාය. බලා සිනාසුනේය. හැඬුවේය. හෙතෙම දෙදෙනාගෙන්ම කරුණු විමසීය. ඉක්බිති ඕතොමෝ ඔහුට මෙසේ කීවාය. ස්වාමීනි, මම සිනහවෙමින් ඔබගේ සම්පත්තිය බලා මේ සම්පත්තිය අහේතුකව ලබන ලද්දේ නොවෙයි. පෙර භවයෙහි පින්කොට ලබන ලද්දේ වන්නේය. අහෝ! පින්වල පුදුමය කියා සිනහසුනෙමි. හඬන්නේ වනාහි මේ අනුන් විසින් රකින ලද වස්තුවෙහි අපරාධකොට නිරයට යන්නේය කියා ඔබ කෙරෙහි කරුණාවෙන් හඬයි.

සො තං වීමංසිත්‍වා සුද‍්ධභාවං ඤත්‍වා “ගච‍්ඡථ නං තත්‍ථෙව නෙථා”ති වත්‍වා පෙසෙත්‍වා පුන තුන‍්නවායවෙසං ගහෙත්‍වා ගන‍්ත්‍වා තාය සද‍්ධිං සයිත්‍වා පුනදිවසෙ පාතොව රාජකුලං පවිසිත්‍වා උදුම‍්බරදෙවියා ආරොචෙසි. සා රඤ‍්ඤො ආරොචෙත්‍වා අමරාදෙවිං සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා මහායොග‍්ගෙ නිසීදාපෙත්‍වා මහන‍්තෙන සක‍්කාරෙන මහාසත‍්තස‍්ස ගෙහං නෙත්‍වා මඞ‍්ගලං කාරෙසි. රාජා බොධිසත‍්තස‍්ස සහස‍්සමූලං පණ‍්ණාකාරං පෙසෙසි. දොවාරිකෙ ආදිං කත්‍වා සකලනගරවාසිනො පණ‍්ණාකාරෙ පහිණිංසු. අමරාදෙවීපි රඤ‍්ඤා පහිතං පණ‍්ණාකාරං ද‍්විධා භින්‍දිත්‍වා එකං කොට‍්ඨාසං රඤ‍්ඤො පෙසෙසි. එතෙනුපායෙන සකලනගරවාසීනම‍්පි පණ‍්ණාකාරං පෙසෙත්‍වා නගරං සඞ‍්ගණ‍්හි. තතො පට‍්ඨාය මහාසත‍්තො තාය සද‍්ධිං සමග‍්ගවාසං වසන‍්තො රඤ‍්ඤො අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසි.

හෙතෙම එය විමසා පිරිසිදු බව දැනගෙන යව්. ඔහුව එහිම ගෙනයන්න කියා යවා නැවත සන්නාසි වේසයක් ගෙන ඇය සමග ඒ රාත්‍රිය ගතකොට පසුදා උදයේ රජගෙදරට පිවිස උදුම්බරා දේවියට සැළ කළේය. ඕ තොමෝ රජුට දන්වා අමරා දේවියව සියළු අලංකාරයන්ගෙන් සරසා මහා රථයක හිඳුවා මහත් සත්කාරයෙන් මහාසත්ත්වයන්ව ගෙදරට ගෙනගොස් මඟුල් කරවීය. රජතෙමේ බෝධිසත්ත්වයන්ට දහසින් බැඳි පියල්ලක් තෑගි ලෙස යැවීය. දොරටුපාලයා ඇතුළු සියළු නුවරවාසින්ටම ත්‍යාග යැවීය. අමරාදේවිය රජු විසින් යවන ලද ත්‍යාගය දෙකට බෙදා එක් කොටසක් රජුට යැවීය. මේ ආකාරයෙන් සියළු නුවර වැසියන්ටද තෑගි යවා නගරයට සංග්‍රහ කළේය. එතැන් පටන් මහා සත්ත්වයෝ ඇය සමග එකට වසන්නේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේය.

අමරාදෙවිපරියෙසනා නිට‍්ඨිතා.

අමරාදේවිය සෙවීම නිම විය.