යෙදුමෙන් කියවන්න

වීසතිනිපාතෙ පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හො

5859. පඤ‍්ච පණ‍්ඩිතා සමාගතා පඤ‍්හො මෙ පටිභාති තං සුණාථ, නින්‍දියමත්‍ථං පසංසියං වා කස‍්සෙවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5859. මෙහි පැමිණි පඤ්ච පණ්ඩිතවරුනි, මට වැටැහෙන එක් ප්‍රශ්නයෙක් ඇත. එය අසවු. නින්‍දා කටයුතු වූ හෝ ප්‍රශංසා කටයුතු වූ හෝ රහස කවරකුට හෙළි කළ යුත්තේදැ යි වේදේහ රජ පිළිවිසී.

5860. ත්‍වං නො ආවිකරොහි භූමිපාල භත‍්තා භාරසහො තුවං වදෙතං, තව ඡන්‍දඤ‍්ච රුචිඤ‍්ච සම‍්මසිත්‍වා අථ වක‍්ඛන‍්ති ජනින්‍ද පඤ‍්ච ධීරා.

5860. මහරජ, ඔබ මැ අපට එය ප්‍රකාශ කරනු මැනව. ඔබ අපගේ ස්වාමියා ද, බර උසුලන්නා ද වෙති. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.

5861. යා සීලවතී අනඤ‍්ඤධෙය්‍යා භත‍්තුච‍්ඡන්‍දවසානුගා පියා මනාපා, නින්‍දියමත්‍ථං පසංසියං වා භරියායාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5861. (වේදේහ රජ) යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නො පවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද, ප්‍රිය මනාප වන්නී ද එබඳු බිරිඳට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කියැ යුත්තේ ය.

5862. යො කිච‍්ඡගතස‍්ස ආතුරස‍්ස සරණං හොති ගතී පරායණඤ‍්ච, නින්‍දියමත්‍ථං පසංසියං වා සඛිනොවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5862. (සේනක) යමෙක් දුකට පත් ආතුරයාට සරණ වැ පිහිට වැ උපකාරී වැ පවතී ද එ බඳු මිත්‍රයාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.

5863. ජෙට‍්ඨො අථ මජ‍්ඣිමො කණිට‍්ඨො සො චෙ සීලසමාහිතො ඨිතත‍්තො, නින්‍දියමත්‍ථං පසංසියං වා භාතුවාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5863. (පුක්කුස) ඉදින් යමකුට ජ්‍යේෂ්ඨ හෝ මධ්‍යම හෝ කණිෂ්ඨ හෝ සොහොයුරෙක් වේ ද හෙ ද ශීලයෙහි මනා වැ පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොවුරාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.

5864. යො චෙ පිතුහදයස‍්ස පද‍්ධගු අනුජාතො පිතරං අනොමපඤ‍්ඤො, නින්‍දියමත්‍ථං පසංසියං වා පුත‍්තස‍්සාවීකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5864. (කාවින්‍ද) ඉදින් යමෙක් පියා ගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥායෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේ ද එ බඳු පුතුට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.

5865. මාතා දිපදා ජනින්‍දසෙට‍්ඨ යො තං පොසෙති ඡන්‍දසා පියෙන, නින්‍දියමත්‍ථං පසංසියං වා මාතුයාවිකරෙය්‍ය ගුය‍්හමත්‍ථං.

5865. (දේවින්‍ද) දෙපා ඇත්තනට නායක මහරජ, යම් මවක් ස්නේහයෙන්, ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එ බඳු මවට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.

5866. ගුය‍්හස‍්ස හි ගුය‍්හමෙව සාධු න හි ගුය‍්හස‍්ස පසත්‍ථමාවිකම‍්මං, අනිප‍්ඵාදාය සහෙය්‍ය ධීරො නිප‍්ඵන‍්නත්‍ථො යථාසුඛං භණෙය්‍ය.

5866. (මහෞෂධ) සැඟැවියැ යුතු දේ සැඟැවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළි කිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය සිද්ධිය නොවී නම් (කාර්‍ය්‍ය සිද්ධිය තෙක්) රහස දරන්නේ ය. සිද්ධ වූ අර්‍ත්‍ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.

5867. කින‍්නු ත්‍වං විමනො රාජසෙට‍්ඨ දිපදින්‍ද වචනං සුණොම නෙතං, කිං චින‍්තයමානො දුම‍්මනොසි නූන දෙව අපරාධො අත්‍ථි මය‍්හං.

5867. මහරජ ඔබේ සිත් පෙරැළියට හේතු කවරේ ද? කවර හෙයින් ඔබෙන් වචනයක් නො අසම් ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද? දේවයිනි, මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත් දැයි උඳුම්බරාදේවි විචාළාය.

5868. පඤ‍්ඤො වජ‍්ඣො මහොසධොති ආණත‍්තො මෙ වධාය භූරිපඤ‍්ඤො, තං චින‍්තයන‍්තො දුම‍්මනොස‍්මි න හි දෙවි අපරාධො අත්‍ථි තුය‍්හං.

5868. මහාප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිත මැරිය යුතුය යි මා විසින් වධයට අණ කරන ලද්දේ ය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය, ඔබ කළ අපරාධයෙක් නැත යි රජතෙමේ කීය.

5869. අභිදොසගතො ඉදානි එසි කිං සුත්‍වා කිමාසංකතෙ මනො තෙ, කො තෙ කිමවොච භූරිපඤ‍්ඤ ඉඞ‍්ඝ තං වචනං සුණොම බ්‍රූහි මෙතං.

5869. මහාප්‍රාඥය, ඊයේ ගියා වූ තෙපි දැන් එන්නහු ය. කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේ ද? කවරෙක් තොපට කුමක් කීයේ ද? ඒකාන්තයෙන් ඒ වචනය මට කියව, එය අසන්නෙමි යි වේදේහ රජ මහෞෂධ පඬිතුමාගෙන් පිළිවිසී.

5870. පඤ‍්ඤො වජ‍්ඣො මහොසධොති යදි තෙ මන‍්තයිතං ජනින්‍ද දොසං, භරියාය රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

5870. (මහෞෂධ) මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතු යැ යි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලද ද. රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළිකළ ඒ රහස මා විසින් අසන ලද්දේ ය.

5871. යං සාලවනස‍්මිං සෙනකො පාපකම‍්මං අකාසි අසබ‍්භිරූපං, සඛිනොව රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

5871. සේනක තෙමේ සල් උයනැ සිටැ යම් ලාමක වූ පාප කර්‍මයක් කළේ ද, එය මිත්‍රයකුට කීයේ ය. ඒ හෙළි කළ රහස මා විසින් අසන ලදී.

5872. පුක‍්කුසපුරිසස‍්ස තෙ ජනින්‍ද උප‍්පන‍්නො රොගො අරාජයුත‍්තො, භාතුච‍්ච රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

5872. මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජපුරුෂයාට රජුන් විසින් නො ළං වියයුතු රෝගයෙක් උපන. හේ රහසිගත වැ සෝවුරාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.

5873. ආබාධොයං අසබ‍්භිරූපො කාවින්‍දො නරදෙවෙන ඵුට‍්ඨො, පුත‍්තස‍්ස රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

5873. කාවින්‍දයා නරදේව නම් යකකු විසින් ස්පර්‍ශ කරන ලද්දේ ය. මේ ආබාධය නො සරුප් සබා ඇත්තේ ය. හේ එය රහසිගත වැ පුත්‍රයාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.

5874. අට‍්ඨවඞ‍්කං මණිරතනං උළාරං සක‍්කො තෙ අදදා පිතාමහස‍්ස, දෙවින්‍දස‍්ස ගතං තදජ‍්ජ හත්‍ථං මාතුච‍්ච රහොගතො අසංසි ගුය‍්හං පාතුකතං සුතං මමෙතං.

5874. සක්දෙව්රජ ඔබගේ මී මුත්තණුවනට මහඟු අෂ්ටවඞ්ක නම් මාණික්‍ය රත්නයක් දුන්නේ ය. ඒ මිණි රුවන දැන් දේවින්‍දයා අතට පත්වැ ඇත. හේ එය මවට රහසේ කීය. රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.

5875. ගුය‍්හස‍්ස හි ගුය‍්හමෙව සාධු න හි ගුය‍්හස‍්ස පසත්‍ථමාවිකම‍්මං, අනිප‍්ඵාදාය සහෙය්‍ය ධීරො නිප‍්ඵන‍්නත්‍ථො යථාසුඛං භණෙය්‍ය.

5875. සැඟැවිය යුත්ත සැඟැවීම මැ මැනැවි. රහස හෙළි කිරීම ප්‍රශස්ත නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේ ය. කාර්‍ය්‍ය සංසිද්ධියෙන් ඉක්බිති වැ රිසිසේ කියන්නේ ය.

5876. න ගුය‍්හමත්‍ථං විවරෙය්‍ය රක‍්ඛෙය්‍ය නං යථා නිධිං, න හි පාතුකතො සාධු ගුය‍්හො අත්‍ථො පජානතා.

5876. සැඟැවිය යුත්ත හෙළි නො කටයුත්තේ ය. එද නිධානයක් සේ ආරක්‍ෂා කළ යුතු ය. නුවණැත්තහු විසින් රහස් හෙළි කිරීම උචිත නොවේ.

5877. ථියා ගුය‍්හං න සංසෙය්‍ය අමිත‍්තස‍්ස ච පණ‍්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්‍ථෙනො ච යො නරො.

5877. නුවණැත්තා ස්ත්‍රියට ද හතුරාට ද යමෙක් ආමිෂ හේතුයෙන් පෙළඹේ නම් ඔහුට ද කෛරාටික සිතැත්තාට ද (රහස් හෙළි නො කරන්නේ ය.)

5878. ගුය‍්හමත්‍ථමසම‍්බුද‍්ධං සම‍්බොධයති යො නරො, මන‍්තභෙදභයා තස‍්ස දසභූතො තිතික‍්ඛති.

5878. යම් මිනිසෙක් අනුන් විසින් නො දත යුතු රහසක් (යමකුට) කීයේ නම් රහස් හෙළිවේ ය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.

5879. යාවන‍්තො පුරිසස‍්සත්‍ථං ගුය‍්හං ජානන‍්ති මන‍්තිනං, තාවන‍්තො තස‍්ස උබ‍්බෙගා තස‍්මා ගුය‍්හං න විස‍්සජෙ.

5879. මන්ත්‍රණය කළවුන් අතරැ යම් තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද, ඔහුට එපමණ තැති ගැනුම් ඇති වේ. එනිසා රහස නො හළ යුත්තේ ය. හෙළි නො කළ යුත්තේ ය.

5880. විවිච‍්ච භාසෙය්‍ය දිවා රහස‍්සං රත‍්තිං ගිරං නාතිවෙල පමුඤ‍්චෙ, උපස‍්සුතිකා හි සුණන‍්ති මන‍්තං තස‍්මා මන‍්තො ඛිප‍්පමුපෙති භෙදං.

5880. රහස දවල් කාලයෙහි විවේක වැ කියැ යුත්තේ ය. රැයෙහි සීමාව ඉක්ම වූ වචන (හඬ නගා ) නො කියන්නේ ය. අසලැ සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.

වීසතිනිපාතෙ පඤ‍්චපණ‍්ඩිතපඤ‍්හො.

පඤ්චපණ්ඩිත ප්‍රශ්නය යි.