යෙදුමෙන් කියවන්න

මහාඋම‍්මග‍්ගකණ‍්ඩං

5881. පඤ‍්චාලො සබ‍්බසෙනාය බ්‍රහ‍්මදත‍්තො සමාගතො, සායං පඤ‍්චාලියා සෙනා අප‍්පමෙය්‍යා මහොසධ.

5881. මහෞෂධ පණ්ඩිතය, පඤ්චාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බළ සෙනඟ සමග ආයේ ය. ඒ මේ පඤ්චාල රජු සතු සේනාව අපමණ ය.

5882. පිට‍්ඨිමතී පත‍්තිමතී සබ‍්බසඞ‍්ගාමකොවිදා, ඔහාරිනී සද‍්දවතී භෙරිසඞ‍්ඛප‍්පබොධනා.

5882. ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්ත ය, පාබළ සෙනගින් යුක්තය, සකල සංග්‍රාමොපායයන්හි දක්‍ෂය. සතුරන් හිස් සිඳලීමෙහි දක්‍ෂය, දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින් ද ප්‍රබෝධවත් ය.

5883. ලොහවිජ‍්ජාලඞ‍්කාරාභා ධජිනී වාමරොහිණී සිප‍්පියෙහි සුසම‍්පන‍්නා සූරෙහි සුප‍්පතිට‍්ඨිතා.

5883. ලෝහවිද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නීය. ධජ පතාකයන්ගෙන් ද වමින් නැඟිය යුතු ඇතුන් හා අසුන්ගෙන් ද විවිධ ශිල්පීන්ගෙන් ද යුක්ත වූවාය. අති දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියා ය.

5884. දසෙත්‍ථ පණ‍්ඩිතා ආහු භූරිපඤ‍්ඤා රහොගමා, මාතා එකාදසී රඤ‍්ඤො පඤ‍්චාලියං පසාසති.

5884. මෙ මැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මව ද එකොළොස්වැන්නී වූවා පඤ්චාලසේනාවට අනුශාසනා කරයි.

5885. අථෙත්‍ථෙකසතං ඛත්‍යා අනුයුත‍්තා යසස‍්සිනො, අච‍්ඡින‍්නරට‍්ඨා බ්‍යථිතා පඤ‍්චාලීනං වසංගතා.

5885. තව ද රටවල් පැහැර ගැන්මෙන් පෙළුණු පඤ්චාලීනට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝ ද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගත වැ සිටිත්.

5886. යංවදා තක‍්කරා රඤ‍්ඤො අකාමා පියභාණිනො, පඤ‍්චාලමනුයායන‍්ති අකාමා වසිනො ගතා.

5886. යමක් කියන්නාහු නම් එය කරන්නා වූ රජුට නො කැමැත්තෙන් නමුදු ප්‍රිය වචන කියන්නා වූ නො කැමැත්තෙන් යටත්වූවෝ ද පඤ්චාලරජු අනුව යති.

5887. තාය සෙනාය මිථිලා තිසන්‍ධි පරිවාරිතා, රාජධානි විදෙහානං සමන‍්තා පරිඛඤ‍්ඤති.

5887. ඒ (සිවුරඟ) සේනාවෙන් මිථිලා පුරය ත්‍රිසන්‍ධියෙකින් වටකරන ලද්දේ ය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ.

5888. උද‍්ධං තාරකජාතාව සමන‍්තා පරිවාරිතා, මහොසධ විජානාහි කථං මොක‍්ඛො භවිස‍්සති.

5888. මස්තකයෙහි තාරකා පහළ වූවාක් සෙයින් (දඬු වැට පහන් ගෙන) හාත්පසින් වටකරන ලදය. මහෞෂධයෙනි කෙසේ මිදීම වන්නේ දැයි දනුව. මෙසේ වේදේහ රජ පිළිවිසි.

5889. පාදෙ දෙව පසාරෙහි භුඤ‍්ජ කාමෙ රමස‍්සු ච, හිත්‍වා පඤ‍්චාලියං සෙනා බ්‍රහ‍්මදත‍්තො පලායති.

5889. දේවයන් වහන්ස, පා දිගු කළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වෙසෙනු මැනව. පඤ්චාලීය සේනාව හැර දමා බ්‍රහ්මදත්තරජ පලායන්නේ ය යි මහෞෂධ පඬිතෙමේ කීය.

5890. රාජා සන්‍ථවකාමො තෙ රතනානි පවෙච‍්ඡති, ආගච‍්ඡන‍්තු තතො දූතා මඤ‍්ජුකා පියභාණිනො.

5890. (කේවට්ට) සමඟිය කැමැති (බ්‍රහ්මදත්ත) රජ තෙමේ ඔබ වහන්සේට රත්නයන් (පඬුරු කොටැ) එවන්නේ ය. පඤ්චාල නගරයේ සිට මිහිරි වූ ප්‍රියවචන ඇති දූතයෝ ද එත්වා.

5891. භාසන‍්තු මුදුකා වාචා යා වාචා පටිනන්‍දිතා, පඤ‍්චාලා ච විදෙහා ච උහො එකා භවන‍්තු තෙ.

5891. යම් බසක් සතුට ඇති කෙරේ ද එ බඳු මෘදු වචන මැ තෙපලත්වා. පඤ්චාලයෝ ද විදේහයෝ ද යන දෙ පස එකමුතු වෙත්වා. (සමගි වෙත්වා.)

5892. කථන‍්නු කෙවට‍්ට මහොසධෙන සමාගමො ආසි තදිඞ‍්ඝ බ්‍රූහි කච‍්චි තෙ පටිනිජ‍්ඣන‍්තො කච‍්චි තුට‍්ඨො මහොසධො.

5892. (වේදේහරජ) කෙසේ ද කේවට්ටය, මහොසධයන් හා සමඟිය වී ද, කිම තෙපි කමා කරනු ලැබූහු ද, කිම මහොසධයෝ තුටු වූහු ද? (තොරතුරු) මට කියව.

5893. අනරියරූපො පුරිසො ජනින්‍ද, අසම‍්මොදකො ථද‍්ධො අසබ‍්භිරූපො යථා මූගො ච බධිරො ච න කිඤ‍්චත්‍ථං අභාසථ.

5893. මහරජ, හේ අනාර්‍ය්‍යස්වරූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිතස්වාභව ඇත්තේ ය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් නො තෙපළේ ය යි කේවට්ට කීය.

5894. අද‍්ධා ඉදං මන‍්තපදං සුදුද‍්දසං අත්‍ථො සුද‍්ධො නරවිරියෙන දිට‍්ඨො, තථා හි කායො මම සම‍්පවෙධති හිත්‍වා සයං කො පරහත්‍ථමෙස‍්සති.

5894. රජ මෙසේ සිතයි. ඒකාන්තයෙන් මේ මන්ත්‍රපදය දක්නට ඉතා අපහසුය. නරවීරයා (මහෞෂධ) විසින් මෙහි යථාර්‍තය දක්නා ලද්දේ ය. ඒ එසේමැ යි. මා ගත වෙවුල යි. සියරට හැර කවරෙක් නම් තෙමේ මැ මෙරමා අතට පත්වන්නේ ද?

5895. ඡන‍්නං හි එකාව මතී සමෙති යෙ පණ‍්ඩිතා උත‍්තමභූරිපත‍්තා, යානං අයානං අථවාපි ඨානං මහොසධ ත්‍වම‍්පි මතිං කරොහි.

5895. (රජ) නුවණින් ඉතා උතුම් තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත් ද ඒ අප සදෙනාගේ ම අදහස සම වෙයි. මහෞෂධය, (පඤ්චාල නුවරට) යාම හෝ නො යාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳ වැ තෙපි දු අදහසක් ප්‍රකාශ කරව.

5896. ජානාසි ඛො රාජ මහානුභාවො මහබ‍්බලො චූළනිබ්‍රහ‍්මදත‍්තො රාජා ච තං ඉච‍්ඡති කාරණත්‍ථං මිගං යථා ඔකචරෙන ලුද‍්දො.

5896. (මහෞෂධ) මහරජ, චූළනීබ්‍රහ්මදත්ත රජ මහත් බල ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙකැ යි දන්නෙහි. වැද්දකු දඩ මුවකු කරණ කොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්තරජ ද ඔබ මරනු රිසි වෙයි.

5897. යථාපි මච‍්ඡො බළිසං වඞ‍්කං මංසෙන ඡාදිතං, ආමගිද‍්ධො න ජානාති මච‍්ඡො මරණමත‍්තනො.

5897. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය ගිලීද, ඇමට ගිජු ඒ මත්ස්‍ය තෙමේ තමාගේ මරණය නො දකීද,

5898. එවමෙව තුවං රාජ චූළනීයස‍්ස ධීතරං, කාමගිද‍්ධො න ජානාසි මච‍්ඡොව මරණමත‍්තනො.

5898. එසේ මැ මහරජ, කාමයෙහි ගිජු වූ ඔබ ද මත්ස්‍යයා තමාගේ මරණය නො දන්නා සේ චූළනීරජුගේ දුව (පිළිබඳ කාරණය) නො දන්නාහු ය.

5899. සචෙ ගච‍්ඡසි පඤ‍්චාලං ඛිප‍්පමත‍්තං ජහිස‍්සසි, මිගං පථානුපන‍්නංව මහන‍්තං භයමෙස‍්සති.

5899. ඉදින් ඔබ පඤ්චාල නුවරට යන්නහු නම් වහා සිය දිවි හරනහු ය. ගම්දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නහු ය.

5900. මයමෙව බාලම‍්හසෙ එළමූගා යෙ උත‍්තමත්‍ථානි තයී ලපිම‍්භ, කිමෙව ත්‍වං නඞ‍්ගලකොටිවද‍්ධො අත්‍ථානි ජානාසි යථාපි අඤ‍්ඤෙ.

5900. (රජ) යම් කෙනෙක් මඞ්ගලාර්‍ත්‍ථයන් පිළිබඳවැ තා සමඟ කථා කළෝ ද ඒ අපි මැ මෝඩ කෙළතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය (කේවට්ටාදි) පණ්ඩිතයන් සේ උත්තමාර්‍ත්‍ථයන් දන්නෙහි ද?

5901. ඉමං ගලෙ ගහෙත්‍වාන නාසෙථ විජිතා මම, යො මෙ රතනලාභස‍්ස අන‍්තරායාය භාසති.

5901. යමෙක් මගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මගේ රටින් නෙරවු.

5902. තතො ච සො අපක‍්කම‍්ම වෙදෙහස‍්ස උපන‍්තිකා, අථ ආමන‍්තයී දූතං මාඪරං සුවපණ‍්ඩිතං.

5902. ඉක්බිති හෙතෙම (මහෞෂධ පණ්ඩිත) වේදේහ රජු වෙතින් ඉවත් වැ ගොස් පණිවුඩකරු වූ මාඪර නම් ගිරා පණ්ඩිතයන් ඇමති ය:

5903. එහි සම‍්ම හරීපක‍්ඛ වෙය්‍යාවච‍්චං කරොහි මෙ, අත්‍ථි පඤ‍්චාලරාජස‍්ස සාළිකා සයනපාලිකා.

5903. යහළු රන්වන් පියාපත් ඇත්ත, මෙහි එව. මට එක් මෙහෙවරක් කරන්නෙහි ය. පඤ්චාල රජුට යහන් බලන එක් සැළලිහිණියක් ඇත.

5904. තං පත්‍ථරෙන පුච‍්ඡස‍්සු සා හි සබ‍්බස‍්ස කොවිදා, සා තෙසං සබ‍්බං ජානාති රඤ‍්ඤො ච කොසියස‍්ස ච.

5904. ඕ තොමෝ සියල්ලෙහි දක්‍ෂ වන්නී ය. ඇය රහසින් විචාරව. රජුත් කේවට්ටයාත් අතරැ (වන) සියලු මන්ත්‍රණ ඕ දන්නී ය.

5905. ආමොති සො පටිස‍්සුත්‍වා මාඪරො සුවපණ‍්ඩිතො, අගමාසි හරීපක‍්ඛො සාළිකාය උපන‍්තිකං.

5905. ස්වර්‍ණවර්‍ණ පක්‍ෂ පත්‍ර ඇති මාඪර නම් ගිරා පණ්ඩිතයා ද එසේ ය යි පිළිගෙන ශාරිකාව වෙතැ ගියේ ය.

5906. තතො, ච ඛො සො ගන‍්ත්‍වාන මාඪරො සුවපණ‍්ඩිතො, අථ ආමන‍්තයී සුඝරං සාළිකං මඤ‍්ජුභාණිකං.

5906. ගිරා පණ්ඩිතයා ද එතැනින් පිටත් වැ ගොස් ඉක්බිති රන් මැදිරියේ වෙසෙන මිහිරි සේ බෙණෙන ශාරිකාව ඇමතී ය:

5907. කච‍්චි තෙ සුඝරෙ ඛමනීයං කච‍්චි වෙස‍්සෙ අනාමයං, කච‍්චි තෙ මධුනා ලාජා ලබ‍්භතෙ සුඝරෙ තව.

5907. රන් මැදිරියේ වෙසෙන්නිය, තිගේ සුව කෙසේ ද? වෛශ්‍ය කුලයෙහි උපන්න, කිම නිරෝග වැ වෙසෙන්නී ද? රන් මැදිරියේ වෙසෙන තී මී මුසු විලඳ ලබන්නී ද?

5908. කුසලඤ‍්චෙව මෙ සම‍්ම අථො සම‍්ම අනාමයං, අථො මෙ මධුනා ලාජා ලබ‍්භතෙ සුවපණ‍්ඩිත.

5908. (සැළලිහිණිය) යහළු, මම සුවසේ ද නිරෝග වැ ද වෙසෙමි. තවද, ගිරා පණ්ඩිතය, මට විලඳ හා මී ද ලැබේ.

5909. කුතො නු සම‍්ම ආගම‍්ම කස‍්ස වා පහිතො තුවං, න ච මෙසි ඉතො පුබ‍්බෙ දිට‍්ඨො වා යදි වා සුතො.

5909. යහළු, තෙපි කොහි සිට පැමිණ සිටින්නහු ද, කවුරුන් විසින් එවන ලද්දහු ද, මින් පෙරැ තෙපි දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙමි.

5910. අහොසිං සිවිරාජස‍්ස පාසාදො සයනපාලකො, තතො සො ධම‍්මිකො රාජා බද‍්ධෙ මොචෙසි බන්‍ධනා.

5910. (ගිරාපණ්ඩිත) මම සිවිරජුගේ ප්‍රාසාදයෙහි ශයන පාලකයා වීමි. ඒ දැහැමි රජ බැඳුම්හි සිටියවුන් බැඳුමින් මිදී ය.

5911. තස‍්ස මෙකා දුතියාසි සාළිකා මඤ‍්ජුභාණිකා, තං තත්‍ථ අවධී සෙනො පෙක‍්ඛතො සුඝරෙ මම.

5911. පියබස් බෙණෙන එක් සැළලිහිණියක් මට බිරිඳ වූවා ය. මා රන්මැදිරියේ බලා සිටිය දී ම ඕ උකුස්සකු විසින් මරණ ලද්දී ය.

5912. තස‍්සා කාමා හි සම‍්මත‍්තො ආගතොස‍්මි තවන‍්තිකෙ, සචෙ කරෙය්‍යාසි ඔකාසං උභයොව වසාමසෙ.

5912. ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. තී සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙන එක් වැ වසමු.

5913. සුවොව සුවිං කාමෙය්‍ය සාළිකො පන සාළිකං, සුවස‍්ස සාළිකාය ච සංවාසො හොති කීදිසො.

5913. (සැළලිහිණිය) ගිරවා ගිරවියක ද, සැළලිහිණියා සැළලිහිණියක ද කැමැති වන්නේ ය. ගිරවකු හා සැළලිහිණියක අතරැ කෙබඳු සංවාසයෙක් ද?

5914. යං යං කාමී කාමයති අපි චණ‍්ඩාලිකාමපි, සබ‍්බෙහි සදිසො හොති නත්‍ථි කාමෙ අසාදිසො.

5914. කාමියෙක් යමක කැමැත්තේ නම් ඇය සැඩොලක වුව ද කැමැති වන්නේ ය. තවද කාම සේවනයෙහිදී සියල්ලෝ මැ සම වන්නෝ ය. අසමානයෝ නැත්තාහ යි ගිරා පණ්ඩිත කීය.

5915. අත්‍ථි ජම‍්බාවතී නාම මාතා සිවිස‍්ස රාජිනො, සා භරියා වාසුදෙවස‍්ස කණ‍්හස‍්ස මහෙසී පියා.

5915. සිවි රජුගේ මවු තොමෝ ජම්බාවතී නම් සැඩොලක් වූවා ය. ඕ කෘෂ්ණගෝත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවා ය.

5916. රථාවතී කිම‍්පුරිසී සාපි වච‍්ඡං අකාමයි, මනුස‍්සො මිගියා සද‍්ධිං නත්‍ථි කාමෙ අසාදිසො.

5916. පෙරැ රථාවතී නම් කිඳුරියක් වූවා ය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමැති කරවාගත්තා ය. මනුෂ්‍යයෙක් තිරිසනක සමග වාසය කළේ ය. කාමයෙහි අසමානබවක් නැත.

5917. හන්‍ද ඛොහං ගමිස‍්සාමි සාළිකෙ මංජුභාණිකෙ, පච‍්චක‍්ඛානුපදං හෙතං අතිමඤ‍්ඤසි නූන මං.

5917. මිහිරිබස් ඇති ශාරිකාව, එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල තී හැර දැමීමට කරුණු ය. තෝ මා ඉක්මවා සිතන්නෙහි.

5918. න සිරී තරමානස‍්ස මාඪර සුවපණ‍්ඩිත, ඉධෙව තාව අච‍්ඡස‍්සු යාව රාජානං දක‍්ඛසි, සොස‍්සසි සද‍්දං මුතිඞ‍්ගානං ආනුභාවඤ‍්ච රාජිනො.

5918. (සැළලිහිණිය) ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරු වන්නී ය. එ නිසා රජු දක්නා තෙක් මෙහි රැඳෙව. මිහිඟු බෙර හඬ අසන්නෙහි ය. රජුගේ අනුභාව දක්නෙහි ය.

5919. යො නු ඛොයං තිබ‍්බො සද‍්දො තිරොජනපදෙ සුතො, ධීතා පඤ‍්චාලරාජස‍්ස ඔසධී විය වණ‍්ණිනී; තං දස‍්සති විදෙහානං සො විවාහො භවිස‍්සති.

5919. (ගිරාපණ්ඩිත) පඤ්චාලරජුගේ, ඕසධීතාරකාව සේ රුසිරින් වොරඳනා දූකුමරිය වේදේහරජුට දෙන්නේ ය යන මහත් ඝෝෂාවක් පසල්දනවුවල දී අසන ලද්දේය. ඒ විවාහය සිදුවන්නේ ද?

5920. නෙදිසො තෙ අමිත‍්තානං විවාහො හොතු මාඪර, යථා පඤ‍්චාලරාජස‍්ස වෙදෙහෙන භවිස‍්සති.

5920. (සැළලිහිණිය) මාඪරය, යම් සේ වේදේහ රජු හා පඤ්චාලරජුගේ මෙන් තොපගේ පසමිතුරන් අතරැ හෝ එබඳු විවාහයෙක් නො වේවා.

5921. ආනයිත්‍වාන වෙදෙහං පඤ‍්චාලානං රථෙසභො, තතො නං ඝාතයිස‍්සති නාස‍්ස සක‍්ඛි භවිස‍්සති.

5921. පඤ්චාලරජ වේදේහ රජු මෙහි ගෙන්වා නසන්නේ ය. වේදේහරජු සමග මිතුරු බවක් නම් නො වන්නේ ය.

5922. හන්‍ද ඛො මං අනුජානාහි රත‍්තියො සත‍්තමත‍්තියො, යාවාහං සිවිරාජස‍්ස ආරොචෙමි මහෙසිනො, ලද‍්ධො ච මෙ ආවසථො සාළිකාය උපන‍්තිකං.

5922. (ගිරාපණ්ඩිත) ශාරිකා සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැ යි සිවිරජුට හා මෙහෙසියට දන්වා එනතෙක් සත් රැයකට මට අවසර දෙව.

5923. හන්‍ද ඛො තං අනුජානාමි රත‍්තියො සත‍්තමත‍්තියො, සචෙ ත්‍වං සත‍්තරත‍්තෙන නාගච‍්ඡසි මමන‍්තිකෙ; මඤ‍්ඤෙ ඔක‍්කන‍්තසත‍්තං මං මතාය ආගමිස‍්සසි.

5923. එසේ නම් ම විසින් අනුමත කළ තොප සත් රැයකින් (ආපසු) මා වෙත නො පැමිණියහොත් මගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැ යි සිතනු යි ශාරිකා කීය.

5924. තතො ච ඛො සො ගන‍්ත්‍වාන මාඪරො සුවපණ‍්ඩිතො, මහොසධස‍්ස අක‍්ඛාසි සාළියා වචනං ඉදං.

5924. ඉක්බිති මාඪර නම් ගිරා පණ්ඩිත තෙමේ එතැනින් පිටත් වැ ගොස් ශාරිකාවගේ වචනය මහෞෂධ පණ්ඩිතයනට කීයේ ය.

5925. යස‍්සෙව ඝරෙ භුඤ‍්ජෙය්‍ය භොගං, තස‍්සෙව අත්‍ථං පුරිසො චරෙය්‍ය.

5925. යමකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂතෙමේ ඔහුගේ මැ අර්‍ත්‍ථය උදෙසා ක්‍රියා කරන්නේ ය.

5926. හන්‍දාහං ගච‍්ඡාමි පුරෙ ජනින්‍ද, පඤ‍්චාලරාජස‍්ස පුරං සුරම‍්මං; නිවෙසනානි මාපෙතුං වෙදෙහස‍්ස යසස‍්සිනො.

5926. මහරජ, එසේනම් මම පළමු කොට යශස් ඇති වේදේහ රජුට (ඔබට) නිවෙස් තැනීමට පඤ්චාලරජුගේ රමණීය පුරවරයට යන්නෙමි.

5927. නිවෙසනානි මාපෙත්‍වා වෙදෙහස‍්ස යසස‍්සිනො. යදා තෙ පහිණෙය්‍යාමි තදා එය්‍යාසි ඛත‍්තිය.

5927. මහරජ, ඉසුරුමත් වේදේහයනට නිවෙස් මවා යම් දිනෙක ඔබට පණිවුඩයක් එවන්නෙම් ද එකලැ එහි පැමිණෙනු මැනැවි.

5928. තතො ච පායාසි පුරෙ මහොසධො, පඤ‍්චාලරාජස‍්ස පුරං සුරම‍්මං; නිවෙසනානි මාපෙතුං වෙදෙහස‍්ස යසස‍්සිනො.

5928. ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පඤ්චාල රජුගේ රමණීය පුරවරයට ගියේ ය.

5929. නිවෙසනානි මාපෙත්‍වා වෙදෙහස‍්ස යසස‍්සිනො; අථස‍්ස පහිණී දූතං (වෙදෙහං මිථිලග‍්ගහං) එහිදානි මහාරාජ මාපිතං තෙ නිවෙසනං.

5929. වේදේහරජුට නිවෙස් සාදා ඉක්බිති වැ “මහරජ ඔබට නිවෙස් මැවීමි. පැමිණෙනු මැනැවැ” යි (මිථිලාධිපති වේදේහ රජුට ) පණිවුඩකරුවකු යැවී ය.

5930. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ‍්ගියා, අනන‍්තවාහනං දට‍්ඨුං ඵීතං කම‍්පිල‍්ලියං පුරං.

5930. ඉක්බිති වේදේහ රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලිය නගරය දක්නා පිණිස පිටත්විය.

5931. තතො ච ඛො සො ගන‍්ත්‍වාන බ්‍රහ‍්මදත‍්තස‍්ස පාහිණී, ආගතොස‍්මි මහාරාජ තව පාදානි වන්‍දිතුං.

5931. ඉක්බිති වේදේහරජ එහි ගොස් “මහරජ ඔබගේ පා වැඳුමට ආයෙමි” යි බඹදත්රජුට හසුන් යැවී ය.

5932. දදාහිදානි මෙ භරියං නාරිං සබ‍්බඞ‍්ගසොභිනිං, සුවණ‍්ණෙන පටිච‍්ඡන‍්නං දාසීගණපුරක‍්ඛතං.

5932. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව (ඔබ දියණිය) රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුවැ මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනැව.

5933. ස‍්වාගතං තෙ වෙදෙහ අථො තෙ අදුරාගතං, නක‍්ඛත‍්තඤ‍්ඤෙව පරිපුච‍්ඡ අහං කඤ‍්ඤං දදාමි තෙ; සුවණ‍්ණෙන පටිච‍්ඡන‍්නං දාසීගණපුරක‍්ඛතං.

5933. වේදේහය, ඔබේ පැමිණීම ශුභ සම්ප්‍රාප්තියෙකි. තව ද නපුරු කොටැ ඊමෙක් ද නොවේ. නැකැත් පමණක් විමසව. රනින් සැරැසූ දියණිය දැසි දස් ගණයා පෙරටු කොටැ ඔබට දෙන්නෙමි.

5934. තතො ච රාජා වෙදෙහො නක‍්ඛත‍්තං පරිපුච‍්ඡථ, නක‍්ඛත‍්තං පරිපුච‍්ඡිත්‍වා බ්‍රහ‍්මදත‍්තස‍්ස පාහිණී.

5934. ඉක්බිති වේදේහ රජ නකත් විචාළේ ය. නකත් විචාරා බ්‍රහ්මදත්ත රජුට හසුන් යැවී ය.

5935. දදාහිදානි මෙ භරියං නාරිං සබ‍්බඞ‍්ගසොභිනිං, සුවණ‍්ණෙන පටිච‍්ඡන‍්නං දාසීගණපුක‍්ඛතං.

5935. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොටැ මගේ බිරිඳ ලෙසින් දැන් එවනු මැනැයි දූතයන් යැවී.

5936. දදාමිදානි මෙ භරියං නාරිං සබ‍්බඞ‍්ගසොභිනිං, සුවණ‍්ණෙන පටිච‍්ඡන‍්නං දාසීගණපුරක‍්ඛතං.

5936. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොට ඔබට බිරිඳ ලෙසින් දෙන්නෙමි යි චූළනී රජ දැන්වී.

5937. හත්‍ථි අස‍්සා රථා පත‍්තී සෙනා තිට‍්ඨන‍්ති වම‍්මිතා, උක‍්කා පදිත‍්තා ඣායන‍්ති කින‍්නු මඤ‍්ඤන‍්ති පණ‍්ඩිතා.

5937. (වේදේහරජ) ඇත් අස් රිය පාබළ සේනාවෝ රැස්ව සිටිත්. දැල් වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු මේ කිමෙකැ යි සිතන්නාහු ද?

5938. හත්‍ථි අස‍්සා රථා පත‍්ති සෙනා තිට‍්ඨන‍්ති වම‍්මිතා, උක‍්කා පදිත‍්තා ඣායන‍්ති කින‍්නු කාහන‍්ති පණ‍්ඩිතා.

5938. සන්නාහ සන්නද්ධ ඇත් අස් රිය පා බළ සේනාවෝ රැස් වැ සිටිත්. දැල්වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු “මොහු කුමක් කරන්නාහු දැ” යි දනිත් ද?

5939. රක‍්ඛති තං මහාරාජ චූළනීයො මහබ‍්බලො, පදුට‍්ඨො තෙ බ්‍රහ‍්මදත‍්තො පාතො තං ඝාතයිස‍්සති.

5939. (මහෞෂධ) මහරජ, මහත් බල ඇති චූළනී රජ තෙමෙ ඔබ යා නොදී රකියි. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්තරජ උදාසන ඔබ නසන්නේ ය.

5940. උබ‍්බෙධතෙ මෙ හදයං මුඛඤ‍්ච පරිසුස‍්සති, නිබ‍්බුතිං නාධිගච‍්ඡාමි අග‍්ගිදඩ‍්ඪොව ආතපෙ.

5940. (වේදේහරජ) මා හද සැලෙයි. මුව ද වියැළෙන්නේ ය. ගිනි වැදුනකු අවුවේ ලූ සෙයින් නිවීමට නො පැමිණෙන්නෙමි.

5941. කම‍්මාරානං යථා උක‍්කා අන‍්තො ඣායති නො බහි, එවම‍්පි හදයං මය‍්හං අන‍්තො ඣායති නො බහි.

5941. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මා ඇතුළුහද දැවෙයි. පිටත නො දැවෙයි.

5942. පමත‍්තො මන‍්තනාතීතො භින‍්නමන‍්තොසි ඛත‍්තිය, ඉදානි ඛො තං තායන‍්තු පණ‍්ඩිතා මන‍්තිනො ජනා.

5942. (මහෞෂධ) මහරජ, ප්‍රමාදයට පැමිණ මගේ වචන ඉක්මැවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහි ය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිත ජනයෝ ම ඔබ රකිත්වා.

5943. අකත්‍වාමච‍්චස‍්ස වචනං අත්‍ථකාමහිතෙසිනො, අන‍්තපීතිරතො රාජ මිගො කූටෙව ඔහිතො.

5943. අභිවෘද්ධිය කැමැති හිතවත් ඇමැතියාගේ වචන නො පිළිගෙන තමා පිණැවීමෙහි මැ ඇලුණු ඔබ මළපුඬුවැ වැටුණු මුවකු වැනිය.

5944. යථාපි මච‍්ඡො බළිසං වඞ‍්කං මංසෙන ඡාදිතං, ආමගිද‍්ධො න ජානාති මච‍්ඡො මරණමත‍්තනො.

5944. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය නො දැක ඇමෙහි ගිජු වැ තමනට පැමිණෙන මරණය නො දක්නේ ද.

5945. එවමෙව තුවං රාජ චූළනෙය්‍යස‍්ස ධීතරං, කාමගිද‍්ධො න ජානාසි මච‍්ඡොව මරණමත‍්තනො.

5945. මහරජ, එසේ මැ ඔබ ද චූළනී රජුගේ දුව පිළිබඳ කාමයෙන් මුළා වූවාහු ඇම ගිලි මසු මෙන් තම මරණය නො දන්නාහ.

5946. සචෙ ගච‍්ඡසි පඤ‍්චාලං ඛිප‍්පමත‍්තං ජහෙස‍්සසි, මිගං පථානුපන‍්නංව මහන‍්තං භයමෙස‍්සති.

5946. ඉදින් පඤ්චාල නුවරට යන්නෙහි නම් වහා සිය දිවි හරනෙහි ය. වීථියට පිළිපන් මෘගයකු සේ මහත් බියට පැමිණෙන්නෙහි ය.

5947. අනරියරූපො පුරිසො ජනින්‍ද අහීව උච‍්ඡඞ‍්ගගතො ඩසය්‍යෙ, න තෙන මෙත‍්තිං කයිරාථ ධීරො දුක‍්ඛො හවෙ කාපුරිසෙන සඞ‍්ගමො.

5947. මහරජ, අනාර්‍ය්‍යස්වරූප පුරුෂ තෙමේ ඇකයෙහි වූ සර්‍පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේ ය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්‍වයක් නො කරන්නේ ය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.

5948. යන‍්ත්‍වෙව ජඤ‍්ඤා පුරිසං ජනින්‍ද සීලවායං බහුස‍්සුතො, තෙනෙව තෙත‍්තිං කයිරාථ ධීරො සුඛො භවෙ සප‍්පුරිසෙන සඞ‍්ගමො.

5948. මහරජ, යම් හෙයකින් මේ තෙමේ සිල්වතෙක උගතෙකැ යි දන්නේ ද, එ බඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේ ය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව එළවන්නේ ය.

5949. බාලො තුවං ඵළමූගොසි රාජ යො උත‍්තමත්‍ථානි මයී ලපිත්‍ථො, කිමෙවාහං නඞ‍්ගලකොටිවද‍්ධො අත්‍ථානි ජානිස‍්සං යථාපි අඤ‍්ඤෙ.

5949. මහරජ, යම් උතුම් මඞ්ගලාර්‍ත්‍ථයක් මා සමඟ කී ඔබ මැ කෙළ තොලු වෙති. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙස්සන් සේ මඞ්ගලාර්‍ත්‍ථයන් දන්නෙම් ද?

5950. ඉමං ගලෙ ගහෙත්‍වාන නාසෙථ විජිතා මම, යො මෙ රතනලාභස‍්ස අන‍්තරායාය භාසති.

5950. යමෙක් මාගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මාගේ විජිතයෙන් නෙරවු.

5951. මහොසධ අතීතෙන නානුවිජ‍්ඣන‍්ති පණ‍්ඩිතා, කි මං අස‍්සං ච සම‍්බද‍්ධං පතොදෙනෙව විජ‍්ඣසි.

5951. (වේදේහරජ) මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නො විදිත්. කිම, දැඩි වැ බැඳි අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහි ද?

5952. සචෙ පස‍්සසි මොක‍්ඛං මෙ ඛෙමං වා පන පස‍්සසි, තෙනෙව මං අනුසාස කිං අතීතෙන විජ‍්ඣසි.

5952. ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දන්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති (ප්‍රයෝජනය) කිම?

5953. අතීතං මානුසං කම‍්මං දුක‍්කරං දුරභිසම‍්භවං, න තං සක‍්කොමි මොචෙතුං ත්‍වම‍්පි ජානස‍්සු ඛත‍්තිය.

5953. (මහෞෂධ) මෙයින් මිදීමට මිනිසකු විසින් කළ හැකි දේ ඉක් මැ ගියේ ය. මෙය අභිභවනය කිරීමට නො හැක්ක. ඔබ මිදැවීමට නොහැක්කෙමි. මහරජ, (මෙයින් මිදීමට) ඔබ මැ මඟක් දනුව.

5954. සන‍්ති වෙහාසයා නාගා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, තෙපි ආදාය ගච‍්ඡෙය්‍යුං යස‍්ස හොන‍්ති තථාවිධා.

5954. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු ඇත්තාහ. යමකුට එබඳු හස්තීහු වෙත් නම් ඔහු හෝ ගෙනැ යන්නා හ.

5955. සන‍්ති වෙහාසයා අස‍්සා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, තෙපි ආදාය ගච‍්ඡෙය්‍යුං යස‍්ස හොන‍්ති තථාවිධා.

5955. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ ඇත්තාහ. යමකුට එ බඳු අශ්වයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.

5956. සන‍්ති වෙහාසයා පක‍්ඛී ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, තෙපි ආදාය ගච‍්ඡෙය්‍යුං යස‍්ස හොන‍්ති තථාවිධා.

5956. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී පක්‍ෂීහු ඇත්තාහ. යමකුට එබඳු පක්‍ෂීහු වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.

5957. සන‍්ති වෙහාසයා යක‍්ඛා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, තෙපි ආදාය ගච‍්ඡෙය්‍යුං යස‍්ස හොන‍්ති තථාවිධා.

5957. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී යක්‍ෂයෝ ඇත්තාහ. යමකුට එබඳු යක්‍ෂයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.

5958. අතීතං මානුසං කම‍්මං දුක‍්කරං දුරභිසම‍්භවං, න තං සක‍්කොමි මොචෙතුං අන‍්තලික‍්ඛෙන ඛත‍්තිය.

5958. මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මෙම කාර්‍ය්‍යය දුෂ්කර ද අභිභවනය කිරීමට අපහසු ද වෙයි. අහසින් ගෙනැ ගොස් මිදැවීමට ද මම අපොහොසත්මි.

5959. අතීරදස‍්සී පුරිසො මහන‍්තෙ උදකණ‍්ණවෙ, යත්‍ථ සො ලභතෙ ගාධං තත්‍ථ සො වින්‍දතෙ සුඛං.

5959. (සේනක) මහසයුරට වැටී තෙරක් නො දක්නා වූ පිහිටක් මිනිසෙක් යම් තැනක (දිවයිනක්) ලබන්නේ නම් එතැන අපමණ සුවයක් විඳින්නේ ය.

5960. එවං අම‍්භඤ‍්ච අඤ‍්ඤො ච ත්‍වං පතිට‍්ඨා මහොසධ, ත්‍වං නොසි මන‍්තිනං සෙට‍්ඨො අම‍්හෙ දුක‍්ඛා පමොචය.

5960. මහෞෂධ පණ්ඩිතය, එ නිසා අපට ද රජුට ද පිහිට තෙපිය. මන්ත්‍රීන් අතරැ තෙපි මැ ශ්‍රේෂ්ඨ වන්නහු ය. අප දුකින් මිදෙවුව මැන.

5961. අතීතං මානුසං කම‍්මං දුක‍්කරං දුරභිසම‍්භවං, න තං සක‍්කොමි මොචෙතුං ත්‍වම‍්පි ජානස‍්සු සෙනක.

5961. මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මේ බිය දුෂ්කර වූවක් ද අභිභවනය කිරීමට අපහසු වූවක් ද වන්නේ ය. මෙයින් මුදන්නට මම නො පොහොසත්මි. සේනකය, තෙපි මැ මඟක් දනුව.

5962. සුණොහි මෙතං වචනං පස‍්සසෙතං මහබ‍්භයං, සෙනකංදානි පුච‍්ඡාමි කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසි.

5962. (වේදේහරජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් සේනකයන් විචාරමි. මෙහිලා තෝ කවරක් සිතන්නෙහි ද?

5963. අග‍්ගිං ද‍්වාරතො දෙම ගණ‍්හාමසෙ විකත‍්තනං, අඤ‍්ඤමඤ‍්ඤං වධිත්‍වාන ඛිප‍්පං හෙස‍්සාම ජීවිතං. මා නො රාජා බ්‍රහ‍්මදත‍්තො චිරං දුක‍්ඛෙන මාරයි.

5963. (සේනක) “බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා” යි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධ කොට ගෙනැ වහා දිවි අත් හරිමු.

5964. සුණොහි එතං වචනං පස‍්සසෙතං මහබ‍්භයං, පුක‍්කුසංදානි පුච‍්ඡාමි කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසි.

5964. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් පුක්කුසයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?

5965. විසං ඛාදිත්‍වා මීය්‍යාම ඛිප‍්පං හෙස‍්සාම ජීවිතං, මා නො රාජා බ්‍රහ‍්මදත‍්තො චිරං දුක‍්ඛෙන මාරයි.

5965. (පුක්කුස) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි විස කා මියෙමු. වහා දිවි අත් හරිමු.

5966. සුණොහි එතං වචනං පස‍්සසෙතං මහබ‍්භයං, කාවින්‍දංදානි පුච‍්ඡාමි කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසි.

5966. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් කාවින්‍දයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?

5967. රජ‍්ජුයා බජ‍්ඣ මිය්‍යාම පපාතා පපතෙමසෙ, මා නො රාජා බ්‍රහ‍්මදත‍්තො චිරං දුක‍්ඛෙන මාරයි.

5967. (කාවින්‍ද) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි රැහැනෙන් බැඳී මියෙමු. ප්‍රපාතයට හෝ පනිමු.

5968. සුණොහි එතං වචනං පස‍්සසෙතං මහබ‍්භයං, දෙවින්‍දංදානි පුච‍්ඡාමි කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසි.

5968. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් දේවින්‍දයන් විචාරමි. මෙහිලා තෝ කුමක් සිතන්නෙහි ද?

5969. අග‍්ගිං ද‍්වාරතො දෙම ගණ‍්හාමසෙ විකත‍්තනං, අඤ‍්ඤමඤ‍්ඤං වධිත්‍වාන ඛිප‍්පං හෙස‍්සාම ජීවිතං. න නො සක‍්කොති මොචෙතුං සුඛෙනෙව මහොසධො.

5969. (දේවින්‍ද) දොර පටන් ගෙට ගිනි හෝ දල්වමු. ආයුධ ගෙනැ ඔවුනොවුන් වධ කොටැ වහා දිවි අත් හරිමු. මහොසධය අපට සුවසේ මිදීමට නම් නො හැක්කේ ය.

5970. යථා කදලිනො සාරං අන්‍වෙසං නාධිගච‍්ඡති, එවං අන්‍වෙසමානා නං පඤ‍්හං නාජ‍්ඣගමාමසෙ.

5970. (රජ වැලපෙහි) යම් සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නො ලබයි ද, එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.

5971. යථා සිම‍්බලිනො සාරං අන්‍වෙසං නාධිගච‍්ඡති, එවං අන්‍වෙසමානානං පඤ‍්හං නාජ‍්ඣගමාමසෙ.

5971. යම් සේ හිඹුල් ගස්හි හර සොයන්නේ ඒ නො ලබයි ද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.

5972. අදෙසෙ වත නො වුත්‍ථං කුඤ‍්ජරානංව නොදකෙ, සකාසෙ දුම‍්මනුස‍්සානං බාලානමවිජානතං.

5972. දිය නැති මහවනය ඇතුනට සෙයින් අඥාන දුෂ්ට මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නො සුදුසු පෙදෙසකැ විසීමකි.

5973. උබ‍්බෙධතෙ මෙ හදයං මුඛඤ‍්ච පරිසුස‍්සති, නිබ‍්බුතිං නාධිගච‍්ඡාමි අග‍්ගිදඩ‍්ඪොව ආතපෙ.

5973. මගේ හදවත වෙවුලයි. මුඛය ද වියැළෙයි. ගිනි වැදුනකු අවුවේ හෙලූ කලෙක සේ සැනැසීමක් නො ලබමි.

5974. කම‍්මාරානං යථා උක‍්කා අන‍්තො ඣායති නො බහි, එවම‍්පි හදයං මය‍්හං අන‍්තො ඣායති නො බහි.

5974. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මැ මාගේ හදවත ද ඇතුළ දැවේ. පිටත නො දැවේ.

5975. තතො සො පණ‍්ඩිතො ධීරො අත්‍ථදස‍්සී මහොසධො, වෙදෙහං දුක‍්ඛිතං දිස‍්වා ඉදං වචනමබ්‍රවි.

5975. ඉක්බිති මහාප්‍රාඥ වූ අර්‍ත්‍ථදර්ශී මහෞෂධ පණ්ඩිත තෙමේ දුකට පත් වේදේහරජු දැක මේ වචනය කීය.

5976. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි රාහුගහිතංව චන්‍දිමං.

5976. මහරජ බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් චන්‍ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි.

5977. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි රාහුගහිතංව සූරියං.

5977. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් සූර්‍ය්‍යයා සේ මම ඔබ මුදවන්නෙමි.

5978. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි පඞ‍්කෙ සත‍්තංව කුඤ‍්ජරං.

5978. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. මඩෙහි ගිලුණු ඇතකු සේ මම ඔබ මුදවන්නෙමි.

5979. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි පෙළාබද‍්ධංව පන‍්නගං.

5979. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පේළාවෙකැ බැඳුණු නාගයෙකු සේ මම ඔබ මුදවන්නෙමි.

5980. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි පක‍්ඛිං බද‍්ධංව පඤ‍්ජරෙ.

5980. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පඤ්ජරයෙහි බද්ධ පක්‍ෂියකු සේ මම ඔබ මුදවන්නෙමි.

5981. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි මච‍්ඡෙ ජාලගතෙරිව.

5981. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. දැලට හසු වූ මසුන් සේ මම ඔබ මුදවන්නෙමි.

5982. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, අහං තං මොචයිස‍්සාමි සයොග‍්ගබලවාහනං.

5982. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. බලවාහන සහිතවම මම ඔබ මුදවන්නෙමි.

5983. මා ත්‍වං භායි මහාරාජ මා ත්‍වං භායි රථෙසභ, පඤ‍්චාලං වාහයිස‍්සාමි කාකසෙනංව ලෙඩ‍්ඩුනා.

5983. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. කැටෙකින් කපුටු රළක් සේ පඤ්චාල සේනාව පල වා හරින්නෙමි.

5984. දාදු පඤ‍්ඤා කිමත්‍ථියා අමච‍්චො වාපි තාදිසො, යො තං සම‍්බාධපක‍්ඛන‍්නං දුක‍්ඛා න පරිමොචයෙ.

5984. යම් ඇමැතියෙක් දුකට පත් රජු දුකින් නො මුදන්නේ නම් එ බඳු ඇමැතියා කුමටද? ඔහුගේ නුවණ කුමටද?

5985. එථ මාණවා උට‍්ඨෙථ මුඛං සොධෙථ සන්‍ධිනො, වෙදෙහො සහමච‍්චෙහි උම‍්මග‍්ගෙන ගමිස‍්සති.

5985. මාණවකයෙනි, එව, නැඟිටිවු, උමං දොර විවර කරවු. ඇමැතියන් සමග වේදේහ රජ උමඟින් ගමන් කරන්නේ ය.

5986. තස‍්ස තං වචනං සුත්‍වා පණ‍්ඩිතස‍්සානුසාරිනො, උම‍්මග‍්ගද‍්වාරං විවරිංසු යන‍්තයුත‍්තෙ ච අග‍්ගළෙ.

5986. මහෞෂධ පණ්ඩිතයන්ගේ බස් ඇසූ අනුචර ජනයෝ උමන් දොර ද යතුරු යෙදූ දොර කවුළු ද විවර කළහ.

5987. පුරතො සෙනකො යාති පච‍්ඡතො ච මහොසධො, මජ‍්ඣෙ ච රාජා වෙදෙහො අමච‍්චපරිවාරිතො.

5987. සේනකයා ඉදිරියෙහි ද මහෞෂධ පණ්ඩිත තෙමේ පසු පස්හි ද ඇමැති ජනයා පිරිවරන ලද වේදේහ රජ මැද ද යෙත්.

5988. උම‍්මග‍්ගා නික‍්ඛමිත්‍වාන වෙදෙහො නාවමාරුහි, අභිරූළ‍්හඤ‍්ච තං ඤත්‍වා අනුසාසි මහොසධො.

5988. උමඟින් නික්මුණු වේදේහ රජ නැවට නැංගේ ය. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැඟි රජුට අනුශාසනා කළේ ය.

5989. අහං තෙ සාසුරො දෙව අයං සස‍්සු ජනාධිප, යථා මාතු පටිපත‍්ති එවං තෙ හොතු සස‍්සුයා.

5989. දේවයන් වහන්ස, මේ ඔබේ මයිලණුවන්ගේ පුත් ය. මහරජ, මේ ඔබේ නැන්දණිය යි. යම්සේ මව කෙරෙහි පවත්නේ ද එසේ නැන්දණිය කෙරෙහි ද පවතුව.

5990. යථාපි නියකො භාතා සඋදරියො එකමාතුකො, එවං පඤ‍්චාලචණ‍්ඩො තෙ දයිතබ‍්බො රථෙසභ.

5990. මහරජ, යම්සේ එක මව කුසැ උපන් සොහොයුරා කෙරෙහි පවත්නේ ද එසේ මේ පඤ්චාලචණ්ඩ කුමරුට ද ආදර කළයුත්තේ ය.

5991. අයං පඤ‍්චාලචණ‍්ඩි තෙ රාජපුත‍්ති අභිජ‍්ඣිතා, කාමං කරොහි තෙ තාය භරියා තෙ රථෙසභ.

5991. මහරජ, මෝ තොප විසින් අතිශයින් රුචි කරනු ලබන පඤ්චාලචණ්ඩි රජකුමරිය යි. ඕ තොමෝ තොපගේ බිරිඳ යි. ඇය සමඟ කැමැති සේ පවතිනු මැනැවි.

5992. ආරුය‍්හ නාවං තරමානො කින‍්නු තීරම‍්භි තිට‍්ඨසි, කිච‍්ඡා මුත‍්තම‍්හ දුක‍්ඛාතො යාමදානි මහොසධ.

5992. මහෞෂධ පණ්ඩිතය, වහා නැවු නැඟෙව. කුමක් නිසා ඉවුරැ සිටිනෙහි ද, අපි ඉතා අපහසුවෙන් මිදුණමෝ වම්හ. දැන් වහා පලායම්හ.

5993. නෙස ධම‍්මො මහාරාජ යොහං සෙනාය නායකො, සෙනඞ‍්ගං පරිහාපෙත්‍වා අත‍්තානං පරිමොචයෙ.

5993. මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැර පියා මම් පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නො වෙයි.

5994. නිවෙසනම‍්හි තෙ දෙව සෙනඞ‍්ගං පරිහාපිතං, තං දින‍්නං බ්‍රහ‍්මදත‍්තෙන අනායිස‍්සං රථෙසභ.

5994. මහරජ, තොපගේ සේනාව ඒ නගරයෙහි හැර දමන ලද්දේ ය. මහරජ, බඹදත්රජු විසින් දෙනු ලබන ඒ සේනාව රැගෙන එන්නෙමි.

5995. අප‍්පසෙනො මහාසෙනං කථං විග‍්ගය‍්හ ඨස‍්සසි, දුබ‍්බලො බලවන‍්තෙන විහඤ‍්ඤිස‍්සසි පණ‍්ඩිත.

5995. පණ්ඩිතය, මඳසෙනඟ ඇති තෙපි මහසෙනඟ ඇත්තාට කෙසේ විරුද්ධ වැ සිටිනවු ද? බලවතා විසින් දුර්‍වලයා පෙළනු ලබන්නේ මැ ය.

5996. අප‍්පසෙනොපි චෙ මන‍්තී මහාසෙනං අමන‍්තිනං, ජිනාති රාජා රාජානො ආදිච‍්චොවුදයං තමං.

5996. මඳසෙනඟ ඇති නුවණැත්තා මහා සේනා ඇති අඥානයා ජයගනී. උදාහිරු අඳුර දුරු කරන්නාක් මෙන් නුවණැති රජ අනුවණ රජු ජයග්‍රහණය කරයි.

5997. සුසුඛං වත සංවාසො පණ‍්ඩිතෙහීති සෙනක, පක‍්ඛීව පඤ‍්ජරෙ බද‍්ධෙ මච‍්ඡෙ ජාලගතෙරිව අමිත‍්තහත්‍ථත්‍ථගතෙ මොචයී නො මහොසධො.

5997. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. පඤ්ජරයෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැලෙහි බැඳුණු මසුන් සේ ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවාලිය.

5998. එවමෙතං මහාරාජ පණ‍්ඩිතා හි සුඛාවහා. පක‍්ඛීව පඤ‍්ජරෙ බද‍්ධෙ මච‍්ඡෙ ජාලගතෙරිව; අමිත‍්තහත්‍ථත්‍ථගතෙ මොචයී නො මහොසධො.

5998. මහරජ, එය එසේ මැ ය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නෝ ය. මැදිරියෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැල්හි බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවා ලීයැ.

5999. රක‍්ඛිත්‍වා කසිණං රත‍්තිං චූළනීයො මහබ‍්බලො, උදෙන‍්තං අරුණුග‍්ගමහි උපකාරිං උපාගමි.

5999. මහත් බල ඇති චූළනීබ්‍රහ්මදත්ත රජ මුළු රෑ රකවල් කොටැ අරුණලු නැඟෙන කලැ උපකාරී නුවරට එළැඹියේ ය.

6000. ආරුය‍්හ පවරං නාගං බලවන‍්තං සට‍්ඨිහායනං, රාජා අවොච පඤ‍්චාලො චූළනීයො මහබ‍්බලො.

6000. මහාබල ඇති පඤ්චාලදේශවාසී බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ බලවත් හස්තියකු පිටට පැන නැඟී සිය සෙනඟට මෙසේ කී යැ.

6001. සන‍්නද‍්ධො මණිවම‍්මෙන සරමාදාය පාණිනා, පෙස‍්සියෙ අජ‍්ඣභාසිත්‍ථ පුථුගුම‍්බෙ සමාගතෙ.

6001. මැණික් ඔබා කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ රජ බොහෝ යුද්ධශිල්පයන්හි දක්‍ෂ වූ අතින් දුනුහී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට පළමු කොට පැවසී යැ.

6002. හත්‍ථාරූහෙ අනීකට‍්ඨෙ රථිකෙ පත‍්තිකාරකෙ, උපාසනම‍්හි කතහත්‍ථෙ වාළවෙධෙ සමාගතෙ.

6002. ඇතුන් නැඟෙන්නා වූ ද අසුන් නැඟෙන්නා වූ ද රිය නැඟෙන්නා වූ ද පයින් ගමන් කරන්නා වූ මහ සෙනඟ ද රැස් වූ අතිදක්‍ෂ වාළවේධී ධනුර්ධරයන් ද (ඇමැතී ය.)

6003. පෙසෙථ කුඤ‍්ජරෙ දන‍්තී බලවන‍්තෙ සට‍්ඨිහායනෙ, මද‍්දන‍්තු කුඤ‍්ජරා නගරං වෙදෙහෙන සුමාපිතං.

6003. බලවත් වූ සැට හවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙයවවු. වේදේහ රජු විසින් නිර්‍මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා.

6004. වච‍්ඡදන‍්තමුඛා සෙතා තිඛිණග‍්ගා අට‍්ඨීවෙධිනො, පනුන‍්නා ධනුවෙගෙන සම‍්පතන‍්තු තරීතරං.

6004. දුනුවෙයින් මුදාහළ, නියන් බඳු මුවඇති සුදු පැහැති තියුණු අග ඇති ඇට විදුනා (ශරයෝ) මතුමත්තෙහි (හී වර්‍ෂා සෙයින්) වැටෙත්වා.

6005. මාණවා වම‍්මිනො සූරා චිත්‍රදණ‍්ඩයුතාවුධා, පක‍්ඛන්‍දිනො මහානාගා හත්‍ථීනං හොන‍්තු සම‍්මුඛා.

6005. සන්නාහයෙන් සැරැසුණු, විසිතුරු දඬුවලින් යුත් ආයුධ අතින් ගත්, ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නො සැලෙනසුලු මහත් බල ඇති තරුණ යෝධයෝ ඇතුන් වෙතැ එකතුවෙත්වා.

6006. සත‍්තියො තෙලධොතායො අච‍්චිමන‍්තී පභස‍්සරා, විජ‍්ජොතමානා තිට‍්ඨන‍්තු සතරංසා විය තාරකා.

6006. තෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාස්වර වූ අඩයටි සියක්රැසින් යුත් (ඕසධී) තාරකා සෙයින් බබළමින් සිටීවා.

6007. ආවුධබලවන‍්තානං ගුණිකායූරධාරිනං, එතාදිසානං යොධානං සඞ‍්ගාමෙ අපලායිනං. වෙදෙහො කුතො මුච‍්චිස‍්සති සචෙ පක‍්ඛීව කාහති.

6007. ආයුධ බලයෙන් යුත්, යුද්ධ සැට්ට හා අඟු පළඳනා දරන්නා වූ සංග්‍රාමයන්හි නො පසු බස්නා වූ මෙ වැනි යෝධයන් වෙතින් කෙසේ නම් වේදේහයා මිදෙන්නේ ද? ඉදින් පක්‍ෂියකු සේ අහසින් ගමන් කළ ද නො මිදෙන්නේ මැ ය.

6008. තිංස මෙ පුරිසනාවුත්‍යො සබ‍්බෙ වෙකෙකනිච‍්ඡිතා, යෙසං සමං න පස‍්සාමි කෙවලං මහිමං චරං.

6008. එක් එක් කෙනකු වෙන වෙන මැ තෝරා ගන්නාලද සියල්ල තිස්නව දහසක් වූ මාගේ යෝධයන්ට සම වූවන් මේ මුළු පොළොවෙහි ඇවිද බැලුව ද නො දක්මි.

6009. නාගා ච කප‍්පිතා දන‍්ති බලවන‍්තො සට‍්ඨිහායනා, යෙසං ඛන්‍ධෙසු සොභන‍්ති කුමාරා චාරුදස‍්සනා.

6009. සැට හවුරුද්දෙන් මඳ නැඟී හිඳුනා වූ මනා වැ සරසන ලද බලවත් දළ ඇතුන් මතැ රන්වන් කුමාරවරු බබළත්.

6010. පීතාලඞ‍්කාරා පීතවසනා පීතුත‍්තරනිවාසනා, නාගක‍්ඛන්‍ධෙසු සොභන‍්ති දෙවපුත‍්තාව නන්‍දනෙ.

6010. නඳුනුයනැ දෙව්පුතුන් සේ රන්වන් හඳනා පොරෝනා වෙන් හා ස්වර්‍ණවර්‍ණාලංකාරයෙන් විභූෂිත යෝධයෝ ඇතුන් පිටැ බබළත්.

6011. පාඨිනවණ‍්ණා නෙත‍්තිංසා තෙලධොතා පභස‍්සරා, නිට‍්ඨිතා නරවීරෙහි සමධාරා සුනිස‍්සිතා.

6011. පෙටියන් බඩ පෑ සමාන වර්‍ණ ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ, නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනා වැ මුවහත් කරන ලද සම වූ ධාරා (මුවහත) ඇති-

6012. වෙල‍්ලාලිනො වීතමලා සික‍්කායස‍්මයා දළ‍්හා, ගහිතා බලවන‍්තෙහි සුප‍්පහාරප‍්පහාරිහි.

6012. මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසුදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහර දෙන යෝධයන් විසින් ගන්නා ලද-

6013. සුවණ‍්ණථරුසම‍්පන‍්නා ලොහිතකච‍්ඡුපධාරිතා, විවත‍්තමානා සොභන‍්ති විජ‍්ජුවබ‍්භඝනන‍්තරෙ.

6013. රන් කම් කළ මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබ මොබ පෙරළෙන්නාහු වැසි වලාකුළු අතරැ විදුලිය සේ බබළත්.

6014. පතාකා වම‍්මිනො සූරා අසිචම‍්මස‍්ස කොවිදා, ථරුග‍්ගහා සික‍්ඛිතාරො නාගක‍්ඛන්‍ධාතිපාතිනො.

6014. දැරූ සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරීමෙහි අතිදක්‍ෂ වූ ඇත්කඳ වුව දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි කරනම් ගසන යෝධයෝ ඇත්තාහ.

6015. එදිසෙහි පරික‍්ඛිත‍්තො නත්‍ථි මොක‍්ඛො ඉතො තව, පභාවං තෙ න පස‍්සාමි යෙන ත්‍වං මිථිලං වජෙ.

6015. මෙ බඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමෙක් නම් නැත්තේ ය. යම් ක්‍රමයෙකින් තෝ මිථිලා පුරයට යන්නෙහි නම් එ වැනි රාජානුභාවයෙක් නො දක්නෙමි.

6016. කින‍්නු සන‍්තරමානොව නාගං පෙසෙසි කුඤ‍්ජරං, පහට‍්ඨරූපො ආපතසි ලද‍්ධත්‍ථොස‍්මීති මඤ‍්ඤසි,

6016. (මහරජ), කිම වහ වහා උතුම් ඇතු මෙහෙයවන්නෙහි? ප්‍රීතිමත් ස්වභාවයෙන් පෙරට එන්නෙහි, ආත්මාර්‍ත්‍ථය සිද්ධ වී ය යි සිතන්නෙහි ද?

6017. ඔහරෙතං ධනු චාපං ඛුරප‍්පං පටිසංහර, ඔහරෙතං සුභං චම‍්මං වෙළුරියමණියන්‍ථතං.

6017. (මහරජ), චාපසංඛ්‍යාත දුන්න දමාපුව මැනව. හී හකුළාපුව මැනව. වෛඩූර්‍ය්‍යමාණික්‍යයෙන් අලඞ්කෘත සන්නාහය තැබුව මැනව.

6018. පසන‍්නමුඛවණ‍්ණොසි මිහිතපුබ‍්බඤ‍්ච භාසසි, හොති ඛො මරණකාලෙ තාදිසී වණ‍්ණසම‍්පදා.

6018. ප්‍රසන්න මුඛ වර්‍ණ ඇත්තෙහි. මඳ සිනා පෙරදැරි කොටැ බෙණෙන්නෙහි. මරණාසන්නයෙහි වනාහි එවැනි වර්‍ණසම්පත්තියෙක් වේ.

6019. මොඝං තෙ ගජ‍්ජිතං භින‍්තමන‍්තොසි ඛත‍්තිය, දුග‍්ගණ‍්හො හි තයා රාජා ඛළුඞ‍්කෙනෙව සින්‍ධවො.

6019. මහරජ, තොපගේ ගර්‍ජනාව හිස් ය. ක්‍ෂත්‍රීයය, තෙපි භින්නමන්ත්‍රණ ඇති වූවහු ය. කොටළුවකුට ජාති සෛන්‍ධවයකු අල්වාපියනු නො පිළිවන් සේ තොප විසිනුදු වේදේහ රජ අල්වාපියනු නො හැක්කේ ම ය.

6020. තිණ‍්ණෙ හිය්‍යො රාජා ගඞ‍්ගං සාමච‍්චො සපරිජ‍්ජනො, හංසරාජං යථා ධඞ‍්කො අනුජ‍්ජවං පපතිස‍්සසි.

6020. වේදේහ රජ ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමඟ ගඟ තරණය කළේ ය. ඔහු ලුහුබඳින්නේ හංස රාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිමැ හෙන්නේ ය.

6021. සිගාලා රත‍්තිභාගෙන ඵුල‍්ලං දිස‍්වාන කිංසුකං, මංසපෙසීති මඤ‍්ඤන‍්තා පරබ‍්බූළ‍්හා මිගාධමා.

6021. මෘගාධම සිවල්ලු රාත්‍රිකාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්‍ෂයක් (සඳරැසින්) දැක මස්වැදැලි ය යි සිතන්නෝ පිරිවරා සිටියහ.

6022. වීතිවත‍්තාසු රත‍්තීසු උග‍්ගතස‍්මිං දිවාකරෙ, කිංසුකං ඵුල‍්ලිතං දිස‍්වා ආසච‍්ඡින‍්තා මිගාධමා.

6022. හිරු නැඟැ රැය පහන් වූ කලැ සුපිපි කෑල ගස දැකැ ශෘගාලයෝ සුන් වූ ආසා ඇත්තෝ වූහ.

6023. එවමෙව තුවං රාජ වෙදෙහං පරිවාරිය, ආසච‍්ඡින‍්නො ගමිස‍්සසි සිගාලා කිංසුකං යථා.

6023. මහරජ, එසෙයින් තෙපි දු වේදේහ රජු පිරිවරා සිටැ කෑලගස වටා සිටි සිවලුන් සේ සුන් වූ ආසා ඇත්තෝ වැ යන්නාහුය.

6024. ඉමස‍්ස හත්‍ථපාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡින්‍දථ, යො මෙ අමිත‍්තං හත්‍ථගතං වෙදෙහං පරිමොචයි.

6024. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ අත් පා කන් නාසා ද සිඳිවු.

6025. ඉම මංසංව පාතබ‍්බං සූලෙ කත්‍වා පචන‍්තු තං, යො මෙ අමිත‍්තං හත්‍ථගතං වෙදෙහං පරිමොචයි.

6025. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතු (මෘගාදීන්ගේ) මසක් මෙන් කපා හුලැ ඇනැ පිසත්වා.

6026. යථාපි ආසභං චම‍්මං පථව්‍යා විතනිය්‍යති, සීහස‍්ස අථො ව්‍යග‍්ඝස‍්ස හොති සඞ‍්කුසමාහතං.

6026. යම් සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම නඟා හුල් ගසා බිමැ අතුරනු ලබන්නේ වෙයි ද,

6027. එවං තං විතනිත්‍වාන වෙධයිස‍්සාමි සත‍්තියා, යො මෙ අමිත‍්තං හත්‍ථගතං වෙදෙහං පරිමොචයි.

6027. එසේ මැ යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදා හළේ ද, ඒ මොහු බිමැ වතුරුවා සැතින් විදවන්නෙමි.

6028. සචෙ මෙ හත්‍ථෙ ච පාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡෙච‍්ඡසි, එවං පඤ‍්චාලචණ‍්ඩස‍්ස වෙදෙහො ඡෙදයිස‍්සති.

6028. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරාගේ ද එසේ සිඳවන්නේ ය.

6029. සචෙ මෙ හත්‍ථෙ ච පාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡෙච‍්ඡසි, එවං පඤ‍්චාලචණ‍්ඩියා වෙදෙහො ඡෙදයිස‍්සති.

6029. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳවන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියගේ ද එසේ සිඳවන්නේ ය.

6030. සචෙ මෙ හත්‍ථෙ ච පාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡෙච‍්ඡසි, එවං නන්‍දාය දෙවියා වෙදෙහො ඡෙදයිස‍්සති.

6030. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දෙවියගේ ද එසේ සිඳවන්නේ ය.

6031. සචෙ මෙ හත්‍ථෙ ච පාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡෙච‍්ඡසි, එවං තෙ පුත‍්තදාරස‍්ස වෙදෙහො ඡෙදයිස‍්සති.

6031. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ සිඳවන්නේ ය.

6032. සචෙ මංසංව පාතබ‍්බං සූලෙ කත්‍වා පවිස‍්සසි, එවං පඤ‍්චාලචණ‍්ඩස‍්ස වෙදෙහො පාචයිස‍්සති.

6032. ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරාගේ ද එසේ පිසවන්නේ ය.

6033. සචෙ මංසංව පාතබ‍්බං සූලෙ කත්‍වා පවිස‍්සසි, එවං පඤ‍්චාලචණ‍්ඩියා වෙදෙහො පාචයිස‍්සති.

6033. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරියගේ ද එසේ පිසවන්නේ ය.

6034. සචෙ මංසංව පාතබ‍්බං සූලෙ කත්‍වා පචිස‍්සසි, එවං නන්‍දාය දෙවියා වෙදෙහො පාචයිස‍්සති.

6034. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියගේ ද එසේ පිසවන්නේ ය.

6035. සචෙ මංසංව පාතබ‍්බං සූලෙ කත්‍වා පචිස‍්සසි, එවං තෙ පුත‍්තදාරස‍්ස වෙදෙහො පාචයිස‍්සති.

6035. ඉදින් මෘගාදීන්ගේ පිසියයුතු මසක් සෙයින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ පිසවන්නේ ය.

6036. සචෙ මං විතනිත්‍වාන වෙධයිස‍්සසි සත‍්තියා, එවං පඤ‍්චාලචණ‍්ඩස‍්ස වෙදෙහො වෙධයිස‍්සති.

6036. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමාරයාට ද එසේ විදවන්නේ ය.

6037. සචෙ මං විතනිත්‍වාන වෙධයිස‍්සසි සත‍්තියා, එවං පඤ‍්චාලචණ‍්ඩියා වෙදෙහො වෙධයිස‍්සති.

6037. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියටද එසේ විදවන්නේ ය.

6038. සචෙ මං විතනිත්‍වාන වෙධයිස‍්සසි සත‍්තියා, එවං නන්‍දාය දෙවියා වෙදෙහො වෙධයිස‍්සති.

6038. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියට ද එසේ විදවන්නේ ය.

6039. සචෙ මං විතනිත්‍වාන වෙධයිස‍්සසි සත‍්තියා, එවං තෙ පුත‍්තදාරස‍්ස වෙදෙහො වෙධයිස‍්සති; එවං නො මන‍්තිතං රහො වෙදෙහෙන මයා සභ.

6039. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවනටද එසේ විදුවන්නේ ය. වේදේහ රජු මාහා මෙසේ රහසින් මන්ත්‍රණය කරන ලද්දේය.

6040. යථා පලසතං චම‍්මං කොන‍්තිමන‍්තීසුනිට‍්ඨිතං, උපෙති තනුතාණාය සරානං පටිහන‍්තවෙ.

6040. යම්සේ සම්කරුවන්ගේ සැතින් මනා වැ නිමවන ලද සියයක් පටින් කළ හෙයින් පලසත නම් සන්නාහය ශරයන් වළකා ශරීරාරක්‍ෂාවට පැමිණේ ද?

6041. සුඛාවහො දුක‍්ඛනුදො වෙදෙහස‍්ස යසස‍්සිනො, මතිං තෙ පටිහඤ‍්ඤාමි උසුං පලසතෙනිව.

6041. එසේ මැ වේදේහ රජුගේ දුක් දුරුකොටැ සැප එළවන්නෙමි. පලසත සන්නාහය හී වළකන්නා සේ මාගේ නුවණින් තොපගේ නුවණ වළකන්නෙමි.

6042. ඉඞ‍්ඝ පස‍්ස මහාරාජ සුඤ‍්ඤං අන‍්තෙපුරං තව, ඔරොධා ච කුමාරා ච තව මාතා ච ඛත‍්තිය උම‍්මග‍්ගා නීහරිත්‍වාන වෙදෙහස‍්සුපනාමිතා.

6042. මහරජ, එසේ නම් ඔබගේ සිස් වූ අන්තඃපුරය බලව. ක්‍ෂත්‍රියය, ඔබගේ දේවිය ද, කුමරා ද, මවු බිසව ද උමඟින් හැරැගෙනැ ගොස් වේදේහ රජුට පවරනලදහ.

6043. ඉඞ‍්ඝ අන‍්තෙපුරං මය‍්හං ගන‍්ත්‍වාන විචිනාථ නං, යථා ඉමස‍්ස වචනං සච‍්චං වා යදි වා මුසා.

6043. එසේ නම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේ දැයි සොයා බලව.

6044. එවමෙතං මහාරාජ යථා ආහ මහොසධො, සුඤ‍්ඤං අන‍්තෙපුරං සබ‍්බං කාකපට‍්ටනකං යථා.

6044. මහරජ, මහෞෂධයන් කී දේ සැබෑම ය. සිස් වූ මුළු ඇතොවුර කපුටන් එක් වූ මුහුදු තෙරැ ගමක් මෙනි.

6045. ඉතො ගතා මහාරාජ නාරී සබ‍්බඞ‍්ගසොභනා, කොසුම‍්භඵලකසුස‍්සොණී හංසගග‍්ගරභාණිනී.

6045. මහරජ, ස්වර්‍ණ ඵලකයක් වැනි ශ්‍රෝණියෙන් යුක්ත වූ හංසධේනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියලු අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී තෙල උමඟින් ගියා ය.

6046. ඉතො නීතා මහාරාජ නාරී සබ‍්බඞ‍්ගසොභනා, කොසෙය්‍යවසනා සාමා ජාතරූපසුමෙඛලා.

6046. මහරජ, කසීසළු හඳනා, රනින් මොනවට කළ මෙවුල්දම් පළදනා, ස්වර්‍ණවර්‍ණ වූ, සියල් අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී මේ උමඟින් ගෙන යන ලද්දීය.

6047. සුරත‍්තපාදා කල්‍යාණී සුවණ‍්ණමණිමෙඛලා, පාරෙවතක‍්ඛී සුතනු බිම‍්බොට‍්ඨා තනුමජ‍්ඣිමා.

6047. (ඕ නන්‍දා දේවී තොමෝ) රත්පෑ පා ඇත්තී ය. පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වන්නී ය. රන්මිණිමෙවුල් ඇත්තී ය. පරෙවියනට බඳු ඇස් ඇත්තී ය. බිඹුපල වැනි තොල් ඇත්තීය. මනාසිරුරින් හා කෘශ වූ මධ්‍යප්‍රදේශයෙන් ද යුක්ත වන්නී ය.

6048. සුජාතා භුජගලට‍්ඨිව වෙල‍්ලීව තනුමජ‍්ඣිමා, දීඝස‍්සා කෙසා අසිතා ඊසකග‍්ගපවෙල‍්ලිතා.

6048. මනා වැ හටගත් නාග ලතාවකට බඳු ලෙලෙන ගාත්‍රා ඇත්තී ය. සිහින් වූ රන්පෝරුවකට බඳු මධ්‍යප්‍රදේශ ඇත්තී ය. දික් වූ, නිල් වූ, අක්බමරු කේශ කලාප ඇත්තී ය.

6049. සුජාතා මිගඡාපීව හෙමන‍්තග‍්ගිසිඛාරිව, නදීව ගිරිදුග‍්ගෙසු සඤ‍්ඡන‍්නා ඛුද‍්දවෙළුහි.

6049. ඕ තොමෝ සුජාත මුව පෙල්ලක බඳු ය. හිමවත් කලැ ගිනිසිළුවකට සමාන වන්නී ය. ගිරිදුර්‍ගයෙකින් ගලා බස්නා කුඩා නළ කොළ සමූහයෙන් ගැවසීගත් නදියක් බඳු රෝමරාජී ඇත්තී ය.

6050. නාගනාසූරු කල්‍යාණි පඨමා තිම‍්බරුත්‍ථනී, නාතිදීඝා නාතිරස‍්සා නාලොමා නාතිලොමසා.

6050. ඇත් සොඬෙක අයුරින් පිහිටි ඌරු යුග්මයෙන් ශෝභමාන වූවා ය. පඤ්ච කල්‍යාණ ඇත්තී ය. ප්‍රථම වසසැ සිටියා ය. තිඹිරි එල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමු වැන්නී ය. නො උස් නො මිටි වූවා ය. ලොම් නැත්තී ද බොහෝ ලොම් ඇත්තී ද, නො වූවා ය.

6051. නන්‍දාය නූන මරණෙන නන්‍දසි සිරිවාහන, අහඤ‍්ච නූන නන්‍දා ච ගච‍්ඡාම යමසාධනං.

6051. මහරජ, මෙ වැනි නන්‍දා දේවියගේ මරණින් ඔබ තුටු වන්නාහු නම් මම ද නන්‍දාදේවි ද යමරජු වෙත යන්නෙමු.

6052. දිබ‍්බං අධීයසෙ මායං අකාසි චක‍්ඛුමොහනං, යො මෙ අමිත‍්තං හත්‍ථගතං වෙදෙහං පරිමොචයි.

6052. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ වේ ද, ඒ ඔබ දිව්‍ය මායමක් දන්නාහු ද? ඇසට ඉන්‍ද්‍රජාලයක් කළාහු ද?

6053. අධීයන‍්ති මහාරාජ දිබ‍්බමායිධ පණ‍්ඩිතා, තෙ මොචයන‍්ති අත‍්තානං පණ‍්ඩිතා මන‍්තිනො ජනා.

6053. මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්‍ය මායම් හදාරත්. ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදා ගනිත්.

6054. සන‍්ති මාණවපුත‍්ත කුසලා සන්‍ධිඡෙදකා, යෙසං කතෙන මග‍්ගෙන වෙදෙහො මිථිලං ගතො.

6054. උමං බිඳීමෙහි දක්‍ෂ තරුණ යෝධයෝ මට ඇත්තා හ. ඔවුන් විසින් කරන ලද උමඟින් වේදේහ රජ මිථිලා පුරයට ගියේ ය.

6055. ඉඞ‍්ඝ පස‍්ස මහාරාජ උම‍්මග‍්ගං සාධු මාපිතං, හත්‍ථීනං අථ අස‍්සානං රථානං අථ පත‍්තිනං. ආලොකභූතං තිට‍්ඨන‍්තං උම‍්මග‍්ගං සාධු නිට‍්ඨිතං.

6055. ආලෝකවත් වැ සිටින උමඟ මනා වැ නිම කොටැ ඇත්තේ ය. ඇත්, අස්, රිය, පාබළ සෙනඟ පිළිරූ සිතියම් ලෙසින් තනවා ඇත්තේ ය. මහරජ, එසේ නම් මනා වැ නිම වූ උමඟ බලනු මැන.

6056. ලාභා වත විදෙහානං යස‍්ස මෙ එදිසා පණ‍්ඩිතා, ඝරෙ වසන‍්ති විජිතෙ යථා ත්‍වංසි මහොසධ.

6056. මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යම් ගෙයෙකැ හෝ රටෙකැ හෝ වෙසෙත් නම් ඒ විදේහ වැස්සනට ද වූයේ මහත් ලාභයෙකි.

6057. වුත‍්තිඤ‍්ච පරිහාරඤ‍්ච දිගුණං භත‍්තවෙතනං, දදාමි විපුලං භොගං භුඤ‍්ජ කාමෙ රමස‍්සු ච. මා විදෙහං පච‍්චගමා කිං විදෙහො කරිස‍්සති.

6057. වෘත්තීය ද ගම් බිම් ආදිය හා බත් වැටුප ද දෙගුණ කොටැ දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත් ද දෙන්නෙමි. කාමයන් අනුභව කරව, රමණය කරව, විදේහ පුරයට පෙරළා නො යා. විදේහ කුමක් කරන්නේ ද?

6058. යො චජෙථ මහාරාජ භත‍්තාරං ධනකාරණා, උභින‍්නං හොති ගාරය‍්හො අත‍්තනො ච පරස‍්ස ච; යාව ජීවෙය්‍ය වෙදෙහො නාඤ‍්ඤස‍්ස පුරිසො සියා.

6058. මහරජ, යමෙක් ධන හේතුයෙන් තම ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගැරැහිය යුත්තෙක් වේ. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනෙකකුගේ සේවකයෙක් නො වන්නෙමි.

6059. යො චජෙථ මහාරාජ භත‍්තාරං ධනකාරණා, උභින‍්නං හොති ගාරය‍්හො අත‍්තනො ච පරස‍්ස ච; යාව තිට‍්ඨෙය්‍ය වෙදෙහො නාඤ‍්ඤස‍්ස විජිතෙ වසෙ.

6059. මහරජ, යමෙක් ධන හේතුයෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගර්‍හා ලැබිය යුත්තෙක් වේ. වේදේහ රජු වසනා තාක් අන් විජිතයෙකැ නො වසන්නෙමි.

6060. දම‍්මි නික‍්ඛසහස‍්සං තෙ ගාමාසීතිඤ‍්ච කාසිසු, දාසීසතානි චත‍්තාරි දම‍්මි භරියාසතඤ‍්ච තෙ; සබ‍්බං සෙනඞ‍්ගමාදාය සොත්‍ථිං ගච‍්ඡ මහොසධ.

6060. මහෞෂධය, ඔබට රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද, දාසීන් සාරසියයක් ද, බිරියන් සියයක් ද දෙමි. සියලු සෙනග ගෙනැ සුවසේ යව.

6061. යාචං දදන‍්තු හත්‍ථීනං අස‍්සානං ද‍්විගුණං විධං, තප‍්පෙන‍්තු අන‍්නපානෙන රථිකෙ පත‍්තිකාරකෙ.

6061. ඇතුනට හා අසුනට යම් පමණ දෑ අවශ්‍ය වේ ද, එය ද්විගුණ කොට පොහෝනා පමණ දෙත්වා. රථ සේනාවන් හා පාබළ සේනාවන් ආහාර පානයෙන් සතුටු කරත්වා.

6062. හත්‍ථි අස‍්සෙ රථෙ පත‍්ති ගච‍්ඡෙවාදාය පණ‍්ඩිත, පස‍්සතු තං මහාරාජා වෙදෙහො මිථිලං ගතං.

6062. මහෞෂධ පණ්ඩිතය, ඇත් අස් රිය පාබළ සේනාවන් ගෙනැ යව. මිථිලා පුරයට ගිය තොප ඒ වේදේහ රජ දකීවා.

6063. හත්‍ථි අස‍්සා රථා පත‍්ති සෙනා පදිස‍්සතෙ මහා, චතුරඞ‍්ගිනී භිංසරූපා කින‍්නු මඤ‍්ඤන‍්ති පණ‍්ඩිතා.

6063. ඇත්, අස්, රිය, පාබළ යන අතිවිශාල වූ භයානක චතුරඞ්ගිනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරු ඒ කුමකැ යි සිතන්නාහු ද?

6064. ආනන්‍දො තෙ මහාරාජ උත‍්තමො පතිදිස‍්සති, සබ‍්බං සෙනඞ‍්ගමාදාය සොත්‍ථිං පත‍්තො මහොසධො.

6064. මහරජ, ඔබගේ සිත තුටු කරන උතුමා පෙරළා එනු පෙනේ. සියලු සෙනඟ ගෙනැ මහෞෂධ පඬිතුමා මෙහි සුවසේ පැමිණියේ ය.

6065. යථා පෙතං සුසානස‍්මිං ඡඩ‍්ඩෙත්‍වා චතුරො ජනා, එවං කම‍්පිල‍්ලියෙ ත්‍යම‍්හා ඡඩ‍්ඩයිත්‍වා ඉධාගතා.

6065. යම්සේ සතරදෙනෙක් මළ මිනිසකු ඔසොවා ගෙනැ ගොස් අමුසොහොනැ හැරැ දමා එත් ද, එසෙයින් අපි දු තොප කම්පිල්ලිය රටෙහි හැරැ දමා මෙහි ආවෙමු.

6066. අථ ත්‍වං කෙන වණ‍්ණෙන කෙන වා පන හෙතුනා, කෙන වා අත්‍ථජාතෙන අත‍්තානං පරිමොචයි.

6066. එසේ ඇති කලැ කවර ක්‍රමයෙකින්, කවර හේතු යෙකින්, කෙවර අර්‍ත්‍ථයෙකින් සතුරන්ගෙන් තම දිවි මුදා ගත්තහු ද?

6067. අත්‍ථං අත්‍ථෙන වෙදෙහ මන‍්තං මන‍්තෙන ඛත‍්තිය, පරිවාරයිස‍්සං රාජානං ජම‍්බුදීපංව සාගරො.

6067. මහරජ, ඔවුන්ගේ අර්‍ත්‍ථය මාගේ අර්‍ත්‍ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරූවෙමි. එ මතු නොව දඹදිව පිරිවැරූ සයුර සේ එක් සියක් රජුන් පිරිවරනලද එරජු ද පිරිවරන්නෙමි.

6068. දින‍්නං නික‍්ඛසහස‍්සං මෙ ගාමාසීති ච කාසිසු, දාසීසතානි චත‍්තාරි දින‍්නං භරියාසතඤ‍්ච මෙ සබ‍්බං සෙනඞ‍්ගමාදාය සොත්‍ථිනම‍්භි ඉධාගතො.

6068. රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද දැස්සන් සාරසියයක් ද, බිරියන් සියයක් ද මට දෙන ලද ය. සියලු සේනා කොටස් ගෙනැ සුවසේ මෙහි ආවෙමි.

6069. සුසුඛං වත සංවාසො පණ‍්ඩිතෙහීති සෙනක, පක‍්ඛීව පඤ‍්ජරෙ බද‍්ධෙ මච‍්ඡෙ ජාලගතෙරිව; අමිත‍්තහත්‍ථත්‍ථගතෙ මොචයී නො මහොසධො.

6069. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙකැ බැඳුණු කුරුල්ලන් සේ ද දැලෙහි හසු වූ මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මුදාලීය.

6070. එවමෙතං මහාරාජ පණ‍්ඩිතා හි සුඛාවහා, පක‍්ඛීව පඤ‍්ජරෙ බද‍්ධෙ මච‍්ඡෙ ජාලගතෙරිව; අමිත‍්තහත්‍ථත්‍ථගතෙ මොචයී නො මහොසධො.

6070. මහරජ, එය එසේ මැ යැ. පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙක්හි බැඳුණු කුරුල්ලන් සේ ද, දැලෙක බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මිදීය.

6071. ආහඤ‍්ඤන‍්තු සබ‍්බවීණා භෙරියො දෙණ‍්ඩිමානි ච, නදන‍්තු මාගධා සඞ‍්ඛා වග‍්ගු වදතු දුන්‍දුභි.

6071. සියලු වීණාද බෙර ද පණා බෙර ද වාදනය කරවු. මාගධසඞ්ඛයෝ නාද කෙරෙත්වා. මහබෙර මිහිරි ලෙස නදදේවා.

6072. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, බහුං අන‍්නං ච පානඤ‍්ච පණ‍්ඩිතස‍්සාභිහාරයුං.

6072. ඇතොවුරැ කාන්තාවෝ ද, කුමාරවරු ද, වෛශ්‍යයෝ ද, බමුණෝ ද බොහෝ වූ ආහාර පාන පණ්ඩිතයන් වෙතැ එළැවූහ.

6073. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, බහුං අන‍්නඤ‍්ච පානඤ‍්ච පණ‍්ඩිතස‍්සාභිහාරයුං.

6073. ඇත්, අස්, රිය, පාබළ සේනාවෝ ද, පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන එළැවූහ.

6074. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බහුං අන‍්නඤ‍්ච පානඤ‍්ච පණ‍්ඩිතස‍්සාභිහාරයුං.

6074. රැස් වූ දනවුවැස්සෝ රැස්වූ නියම්ගම් වැස්සෝ (ඔහු) පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන ද එළැවූහ.

6075. බහුජ‍්ජනො පසන‍්නොසි දිස‍්වා පණ‍්ඩිතමාගතෙ, පණ‍්ඩිතම‍්හි අනුප‍්පත‍්තෙ චෙලුක‍්ඛෙපො අවත‍්තථාති.

6075. පණ්ඩිතයන් ආ කලැ දැකැ බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කලැ පිළී හිස සිසෑරීම ද පැවැත්විණි.

මහාඋම‍්මග‍්ගකණ‍්ඩං.

මහාඋම්මග්ග කාණ්ඩය යි.