මහාඋමඞ්ගකණ්ඩං අට්ඨකථා
මහාඋමඞ්ගකණ්ඩං
මහාඋම්මග්ග කාණ්ඩය
තං සුත්වා මහාසත්තො චින්තෙසි “රාජා මම අනිච්ඡමානස්සෙව ගමිස්සති, ගන්ත්වා ච පන මහාවිනාසං පාපුණිස්සති. අථ මය්හං ‘එවරූපස්ස නාම යසදායකස්ස රඤ්ඤො වචනං හදයෙ කත්වා තස්ස සඞ්ගහං නාකාසී’ති ගරහාපි උප්පජ්ජිස්සති, මාදිසෙ පණ්ඩිතෙ විජ්ජමානෙ කිංකාරණා එස නස්සිස්සති, අහං රඤ්ඤො පුරෙතරමෙව ගන්ත්වා චූළනිං දිස්වා සුවිභත්තං කත්වා විදෙහරඤ්ඤො නිවාසත්ථාය නගරං මාපෙත්වා ගාවුතමත්තං ජඞ්ඝඋමඞ්ගං, අඩ්ඪයොජනිකඤ්ච මහාඋමඞ්ගං, කාරෙත්වා චූළනිරඤ්ඤො ධීතරං අභිසිඤ්චිත්වා අම්හාකං රඤ්ඤොපාදපරිචාරිකං කත්වා අට්ඨාරසඅක්ඛොභණිසඞ්ඛෙහි බලෙහි එකසතරාජූසු පරිවාරෙත්වා ඨිතෙස්වෙව අම්හාකං රාජානං රාහුමුඛතො චන්දං විය මොචෙත්වා ආදායාගමනං නාම මම භාරො”ති. තස්සෙවං චින්තෙන්තස්ස සරීරෙ පීති උප්පජ්ජි. සො පීතිවෙගෙන උදානං උදානෙන්තො ඉමං උපඩ්ඪගාථමාහ –
එය අසා මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මා අකමැති වුවත් රජු යන්නේය. ගොස් ද වහා විනාශයකට පත්වන්නේය. ඉක්බිති මට මෙබඳු වූ යසඉසුරු සම්පත් දෙන රජුගේ වචනය සිතේ තබාගෙන ඔහුට උපකාරයක් නොකළේ යැයි නින්දාවක් වන්නේය. මා වැනි පණ්ඩිතයන් සිටින කල්හි කුමක් නිසා මොහු නැසෙන්නේද? රජුට පළමු ගොස් චූළනී රජුව දැක මනාව කොටස්කර වේදේහ රජුට නතරව සිටින නගරයක් මවා ගව්වක් පමණ සුළු උමඟක්ද අඩයොදුනක් පමණ මහා උමඟක්ද කරවා චූළනී රජුගේ දියණිය අභිෂේක කොට අපගේ රජතුමාට බිරිඳ කොට අටළොස් අක්ෂෞභිණියක් බලසේනා හා එක්සියයක් රජුන් පිරිවරාගෙන සිටිනා වූ අපගේ රජතුමාව රාහු මුඛයෙන් චන්ද්‍රයාව මෙන් මුදවා ගෙන ඒම නම් මට භාරය. මෙසේ සිතන්නා වූ ඔහුගේ ශරීරයෙහි ප්‍රීතිය උපන්නේය. ඔහු ප්‍රීති වේගයෙන් උදන් අනන්නේ;
“යස්සෙව ඝරෙ භුඤ්ජෙය්ය භොගං, තස්සෙව අත්ථං පුරිසො චරෙය්යා”ති.
“යස්සෙව ඝරෙ භුඤ්ජෙය්ය භොගං, තස්සෙව අත්ථෙං පුරිසො චරෙය්ය”
යමෙකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂ තෙමේ ඔහුගේම අර්ථය උදෙසා ක්‍රියා කරන්නේය. එහි විස්තරාර්ථ මෙසේය.
තස්සත්ථො – යස්ස රඤ්ඤො සන්තිකෙ පුරිසො මහන්තං ඉස්සරියං ලභිත්වා භොගං භුඤ්ජෙය්ය, අක්කොසන්තස්සපි පහරන්තස්සපි ගලෙ ගහෙත්වා නික්කඩ්ඪන්තස්සපි තස්සෙව අත්ථං හිතං වුඩ්ඪිං පණ්ඩිතො කායද්වාරාදීහි තීහි ද්වාරෙහි චරෙය්ය. න හි මිත්තදුබ්භිකම්මං පණ්ඩිතෙහි කාතබ්බන්ති.
යම් රජකුගේ සමීපයේ පුරුෂයෙක් යසඉසුරු ලැබ භෝග අනුභව කරන්නේ ද ආක්‍රෝශ පරිභව කළත් ගෙලෙන් අල්ලා ඇද දැම්මත් ඔහුගේම යහපත දියුණුව සඳහා කටයුතු කරන්නේය. පණ්ඩිතයෝ කායද්වාර ආදී තුන්දොරින් හැසිරෙන්නේ නමුත් පණ්ඩිතයන් විසින් මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් නොකරන්නේය.
ඉති චින්තෙත්වා සො න්හත්වා අලඞ්කරිත්වා මහන්තෙන යසෙන රාජකුලං ගන්ත්වා රාජානං වන්දිත්වා එකමන්තං ඨිතො ආහ – “කිං, දෙව, ගච්ඡිස්සථ උත්තරපඤ්චාලනගර”න්ති? “ආම, තාත, පඤ්චාලචන්දිං අලභන්තස්ස මම කිං රජ්ජෙන, මා මං පරිච්චජි, මයා සද්ධිංයෙව එහි. තත්ථ අම්හාකං ගතකාරණා ද්වෙ අත්ථා නිප්ඵජ්ජිස්සන්ති, ඉත්ථිරතනඤ්ච ලච්ඡාමි, රඤ්ඤා ච මෙ සද්ධිං මෙත්ති පතිට්ඨහිස්සතී”ති. අථ නං පණ්ඩිතො “තෙන හි, දෙව, අහං පුරෙ ගන්ත්වා තුම්හාකං නිවෙසනානි මාපෙස්සාමි, තුම්හෙ මයා පහිතසාසනෙන ආගච්ඡෙය්යාථා”ති වදන්තො ද්වෙ ගාථා අභාසි –
ඔහු ස්නානය කොට සැරසී මහත් යසසින් රජගෙදරට ගොස් රජුට වැඳ එකත්පසෙක සිටියේ මෙසේ කීය. කිම දේවයන් වහන්ස! උත්තරපංචාල නගරයට යන්නේද? එසේය දරුව. පංචාලචණ්ධීව නොලබන්නා වූ මට රාජ්‍යයෙන් කවර වැඩෙක්ද? මා අත් නොහරින්න. මා සමගම එන්න. එහිදී අපට කරුණු දෙකක් ඉටුවේ. ස්ත්‍රී රත්නයක් ලබමි. රජු සමගද මිත්‍රත්වයක් ඇතිවන්නේය. ඉක්බිති පණ්ඩිතයෝ රජුට මෙසේ කීය. එසේනම් දේවයන් වහන්ස! මම පළමුව ගොස් ඔබවහන්සේට වාසස්ථාන සූදානම් කරමි. මා විසින් පණිවිඩයක් එවූ කල්හි ඔබවහන්සේ පැමිණෙන්නයැයි කියමින් ගාථා දෙකක් ප්‍රකාශ කළේය.
“හන්දාහං ගච්ඡාමි පුරෙ ජනින්ද, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං; නිවෙසනානි මාපෙතුං, වෙදෙහස්ස යසස්සිනො.
මහරජ, එසේනම් මම පළමුකොට යසස් ඇති වේදේහ රජුට නිවෙස් තැනීමට පංචාල රජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
“නිවෙසනානි මාපෙත්වා, වෙදෙහස්ස යසස්සිනො; යදා තෙ පහිණෙය්යාමි, තදා එය්යාසි ඛත්තියා”ති.
මහරජ! ඉසුරුමත් වේදේහයනට නිවසේ සාදා යම්දිනක ඔබට පණිවුඩයක් එවන්නෙම්ද එකල එහි පැමිණෙනු මැනවි.
තත්ථ වෙදෙහස්සාති තව විදෙහරාජස්ස. එය්යාසීති ආගච්ඡෙය්යාසීති.
එහි වේදෙහස්ස යනු වේදේහ රජුට ථය්යාසි පැමිණෙන්න.
තං සුත්වා රාජා “න කිර මං පණ්ඩිතො පරිච්චජතී”ති හට්ඨතුට්ඨො හුත්වා ආහ – “තාත, තව පුරෙ ගච්ඡන්තස්ස කිං ලද්ධුං වට්ටතී”ති? “බලවාහනං, දෙවා”ති. “යත්තකං ඉච්ඡසි, තත්තකං ගණ්හ, තාතා”ති. “චත්තාරි බන්ධනාගාරානි විවරාපෙත්වා චොරානං සඞ්ඛලිකබන්ධනානි භින්දාපෙත්වා තෙපි මයා සද්ධිං පෙසෙථ දෙවා”ති. “යථාරුචි කරොහි, තාතා”ති. මහාසත්තො බන්ධනාගාරද්වාරානි විවරාපෙත්වා සූරෙ මහායොධෙ ගතට්ඨානෙ කම්මං නිප්ඵාදෙතුං සමත්ථෙ නීහරාපෙත්වා “මං උපට්ඨහථා”ති වත්වා තෙසං සක්කාරං කාරෙත්වා වඩ්ඪකිකම්මාරචම්මකාරඉට්ඨකපාසාණකාරචිත්තකාරාදයො නානාසිප්පකුසලා අට්ඨාරස සෙනියො ආදාය වාසිඵරසුකුද්දාලඛණිත්තිආදීනි බහූනි උපකරණානි ගාහාපෙත්වා මහාබලකායපරිවුතො නගරා නික්ඛමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එය අසා රජු පණ්ඩිතයන් මා අත්හරින්නේ නැතැයි තුටුපහටු වූයේ මෙසේ කීය. දරුව, පළමුව යන්නා වූ ඔබට අවශ්‍ය මොනවාද? දේවයනි! බලවාහන අවශ්‍යයි. දරුව, ඔබට අවශ්‍ය තරම් ගන්න. සිරගෙවල් සතරක් විවෘත කරවා සොරුන්ගේ හැකිලි බැඳීම් ආදිය බිඳ දමා ඔවුන් මා සමඟ එවන්න දේවයිනි යැයි කීය. දරුව, කැමැති ලෙස කරන්න. මහාසත්ත්වයෝ බන්ධනාගාරය විවෘත කරවා දක්ෂ වූ මහා යෝධයන් ගියතැන වැඩ කරන්නට සමර්ථ අයව බැහැරට ගෙන ඔබලා මට සේවය කරන්නැයි ඔවුන්ට සත්කාර කොට වඩුවන්, කම්මල්කරුවන්, සම්වැඩකරුවන් චිත්රකාරයන් ආදී වූ නානා ශිල්පයන්හි දක්ෂ අටළොස් සේනාවක් ගෙන වෑය, පොරව, උදැල්ල, අලවංගු ආදී වූ බොහෝ උපකරණ ගෙන්වාගෙන මහා බලසේනා පෙරටු කොටගෙන නගරයෙන් නික්ම ගියේයෙ. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තතො ච පායාසි පුරෙ මහොසධො, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං; නිවෙසනානි මාපෙතුං, වෙදෙහස්ස යසස්සිනො”ති.
ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පංචාල රජුගේ රමණීය පුරවරයට ගියේය.
මහාසත්තොපි ගච්ඡන්තො යොජනන්තරෙ යොජනන්තරෙ එකෙකං ගාමං නිවෙසෙත්වා එකෙකං අමච්චං “තුම්හෙ රඤ්ඤො පඤ්චාලචන්දිං ගහෙත්වා නිවත්තනකාලෙ හත්ථිඅස්සරථෙ කප්පෙත්වා රාජානං ආදාය පච්චාමිත්තෙ පටිබාහන්තා ඛිප්පං මිථිලං පාපෙය්යාථා”ති වත්වා ඨපෙසි. ගඞ්ගාතීරං පන පත්වා ආනන්දකුමාරං පක්කොසාපෙත්වා “ආනන්ද, ත්වං තීණි වඩ්ඪකිසතානි ආදාය උද්ධංගඞ්ගං ගන්ත්වා සාරදාරූනි ගාහාපෙත්වා තිසතමත්තා නාවා මාපෙත්වා නගරස්සත්ථාය තත්ථෙව තච්ඡාපෙත්වා සල්ලහුකානං දාරූනං නාවාය පූරාපෙත්වා ඛිප්පං ආගච්ඡෙය්යාසී”ති පෙසෙසි. සයං පන නාවාය ගඞ්ගං තරිත්වා ඔතිණ්ණට්ඨානතො පට්ඨාය පදසඤ්ඤායෙව ගණෙත්වා “ඉදං අඩ්ඪයොජනට්ඨානං, එත්ථ මහාඋමඞ්ගො භවිස්සති, ඉමස්මිං ඨානෙ රඤ්ඤො නිවෙසනනගරං භවිස්සති, ඉතො පට්ඨාය යාව රාජගෙහා ගාවුතමත්තෙ ඨානෙ ජඞ්ඝඋමඞ්ගො භවිස්සතී”ති පරිච්ඡින්දිත්වා නගරං පාවිසි. චූළනිරාජා බොධිසත්තස්ස ආගමනං සුත්වා “ඉදානි මෙ මනොරථො මත්ථකං පාපුණිස්සති, පච්චාමිත්තානං පිට්ඨිං පස්සිස්සාමි, ඉමස්මිං ආගතෙ වෙදෙහොපි න චිරස්සෙව ආගමිස්සති, අථ නෙ උභොපි මාරෙත්වා සකලජම්බුදීපතලෙ එකරජ්ජං කරිස්සාමී”ති පරමතුට්ඨිං පත්තො අහොසි. සකලනගරං සඞ්ඛුභි “එස කිර මහොසධපණ්ඩිතො, ඉමිනා කිර එකසතරාජානො ලෙඩ්ඩුනා කාකා විය පලාපිතා”ති.
මහාසත්ත්වයන් වහන්සේ යන්නේ යොදුනක් යොදුනක් අතර එක එක ගම බැගින් පිහිටුවා එකිනෙක ඇමැතිවරුන්ට තෙපි රජු පංචාලචණ්ධී කුමරියව ගෙන නතරවන කල්හි ඇත් අස් සේනාවන් සූදානම් කර රජුවත් රැගෙන සතුරන් මැඩපවත්වා වහා මියුළු නුවරට පැමිණෙන්නහු යැයි කියා තැබීය. ගංතෙරට පැමිණ ආනන්ද කුමාර නමැත්තකු කැඳවා ආනන්දය! ඔබ තුන්සියයක් වඩුවන් ගෙන ගඟේ උඩ පෙදෙසට ගොස් ශක්තිමත් දැව ගෙන තුන්සියයක් පමණ නැව් සාදා නගරය සඳහා එහිම ලී සමූහය ඇස සැහැල්ලු ලීවලින් නැව පුරවා වහා එව්යැයි පිටත්කර හැරියේය. තෙමේ වනාහි නැවෙන් එගොඩට ගොස් බැස්ස තැන සිට පාසළකුණෙන් ගණන් කර මේ අඩයොදුන් තැනයි සළකා මෙතන මහා උමඟ වන්නේය. මෙතැන අපගේ රජුට නතරව සිටින නගරය වන්නේය. මෙතැන් පටන් රජගෙදර දක්වා ගව්වක් පමණ සුළු උමඟ වන්නේයැයි වෙන්කර නගරයට පිවිසියේය. චූළනී රජු බෝධිසත්ත්වයන්ගේ පැමිණීම අසා දැන් මාගේ මනදොළ සපිරෙන්නේය. සතුරන් පිටුදකින්නෙමි. මොහු පැමිණි කල්හි වේදේහද ඉක්මණින්ම එන්නේය. ඉක්බිති ඔවුන් දෙදෙනාවම මරා, දඹදිව ඒකරාජ්යය කරමියි අතිශයින් සතුටට පත්විය. මුළු නගරයම කැළඹිණි. මේ මහෞෂධ පණ්ඩිතයන්ය. මොහු විසින් එක්සියයක් රජවරු ගල්කැටවලින් කවුඩන් මෙන් පලවාහරින ලදහ.
මහාසත්තො නාගරෙසු අත්තනො රූපසම්පත්තිං පස්සන්තෙසුයෙව රාජද්වාරං ගන්ත්වා රඤ්ඤො පටිවෙදෙත්වා “පවිසතූ”ති වුත්තෙ පවිසිත්වා රාජානං වන්දිත්වා එකමන්තං නිසීදි. අථ නං රාජා පටිසන්ථාරං කත්වා “තාත, රාජා කදා ආගමිස්සතී”ති පුච්ඡි. “මයා පෙසිතකාලෙ, දෙවා”ති. “ත්වං පන කිමත්ථං ආගතොසී”ති. “අම්හාකං රඤ්ඤො නිවෙසනං මාපෙතුං, දෙවා”ති. “සාධු, තාතා”ති. අථස්ස සෙනාය පරිබ්බයං දාපෙත්වා මහාසත්තස්ස මහන්තං සක්කාරං කාරෙත්වා නිවෙසනගෙහං දාපෙත්වා “තාත, යාව තෙ රාජා නාගච්ඡති, තාව අනුක්කණ්ඨමානො අම්හාකම්පි කත්තබ්බයුත්තකං කරොන්තොව වසාහි ත්ව”න්ති ආහ. සො කිර රාජනිවෙසනං අභිරුහන්තොව මහාසොපානපාදමූලෙ ඨත්වා “ඉධ ජඞ්ඝඋමඞ්ගද්වාරං භවිස්සතී”ති සල්ලක්ඛෙසි. අථස්ස එතදහොසි “රාජා ‘අම්හාකම්පි කත්තබ්බයුත්තකං කරොහී’ති වදති, උමඞ්ගෙ ඛණියමානෙ යථා ඉදං සොපානං න ඔසක්කති, තථා කාතුං වට්ටතී”ති. අථ රාජානං එවමාහ – “දෙව, අහං පවිසන්තො සොපානපාදමූලෙ ඨත්වා නවකම්මං ඔලොකෙන්තො මහාසොපානෙ දොසං පස්සිං. සචෙ තෙ රුච්චති, අහං දාරූනි ලභන්තො මනාපං කත්වා අත්ථරෙය්ය”න්ති. “සාධු, පණ්ඩිත, අත්ථරාහී”ති. සො “ඉධ උමඞ්ගද්වාරං භවිස්සතී”ති සල්ලක්ඛෙත්වා තං පොරාණසොපානං හරිත්වා යත්ථ උමඞ්ගද්වාරං භවිස්සති, තත්ථ පංසුනො අපතනත්ථාය ඵලකසන්ථාරං කාරෙත්වා යථා සොපානං න ඔසක්කති, එවං නිච්චලං කත්වා සොපානං අත්ථරි. රාජා තං කාරණං අජානන්තො “මම සිනෙහෙන කරොතී”ති මඤ්ඤි.
මහාසත්ත්වයෝ නාගරිකයන් අතර තමන්ගේ රූපසම්පත්තිය බලාසිටියදීම රජගෙදර දොරටුව ළඟට ගොස් රථයට නැගී රජුට දැනුම්දී එන්නයැයි දැන්වූ කල්හි පිවිස රජුට වැඳ එකත්පසෙක සිටියෝය. ඉක්බිති රජු ඔහු සමග පිළිසඳර කථාකොට මෙසේ විචාළේය. දරුව, රජතුමා කවදා එන්නේන්ද? ස්වාමීනි! මා විසින් දන්වා යැවූ කල්හි යැයි කීය. ඔබ කුමක් සඳහා පැමිණියෙහිදැයි ඇසීය. ස්වාමීනි! අපගේ රජතුමාට නතරවීමට තැනක් සැදීම සඳහාය. යහපත් දරුව. ඉක්බිති ඔහුගේ සේනාවට වියදම් දී මහාසත්ත්වයන්ට බොහෝ සත්කාර කොට නතරවීමට නිවසක්ද ලබාදී දරුව, ඔබගේ රජතුමා පැමිණෙන තෙක් නොකලකිරී අපගේද කළයුතු වැඩක් ඇත්නම් එයද ඉටුකර දෙමින් මෙහි වාසය කරන්නයැයි පැවසීය. ඔහු ද වනාහි රජගෙදරට නගිමින්ම පඩිපෙළ මුල සිට මෙහි සුළු උමගේ දොරටුව වන්නේයැයි සැළකීය. ඉක්බිති ඔහුට මෙසේ සිතිණ. රජු අපටද කළයුතු දෙයක් ඇතොත් කරදෙන්න යැයි කියයි. උමග සාරනවිට යම්සේ මේ පඩිපෙළ පසු නොබසීද එසේ කළයුතුයයි සිතා රජුට මෙසේ කීය. දේවයන් වහන්ස! රජගෙට පිවිසෙනවිටම පඩිපෙළ මුල සිට අළුතින් කරන වැඩකටයුතු බලනවිට ලොකු පඩිපෙළේ දොසක් දුටුවෙමි. ඉදින් ඔබවහන්සේ කැමැති වන්නේ නම් මට ලී ලබාදුනහොත් විසිතුරු ලෙස අතුරන්නෙමි. යහපති. දරුව, එසේ කරන්න. හෙතෙම මෙහි උමංදොරටුව වන්නේයැයි මනාව සළකාගෙන ඒ පඩිපෙළ ඉවත්කර යම්තැනක උමගේ දොරටුව වේද එහි පස් නොවැටීම පිණිස ලෑලි අතුරවා යම්සේ බැස නොගනීද, එසේ නිශ්චලකොට පඩිපෙළ ඇතිරීය. රජතෙම එහි වෙනස නොදැන මට හිතවත්කම නිසා කරන්නේයැයි සිතීය.
එවං තං දිවසං තෙනෙව නවකම්මෙන වීතිනාමෙත්වා පුනදිවසෙ රාජානං ආහ – “දෙව, සචෙ අම්හාකං රඤ්ඤො වසනට්ඨානං ජානෙය්යාම, මනාපං කත්වා පටිජග්ගෙය්යාමා”ති. සාධු, පණ්ඩිත, ඨපෙත්වා මම නිවෙසනං සකලනගරෙ යං නිවෙසනං ඉච්ඡසි, තං ගණ්හාති. මහාරාජ, මයං ආගන්තුකා, තුම්හාකං බහූ වල්ලභා යොධා, තෙ අත්තනො අත්තනො ගෙහෙසු ගය්හමානෙසු අම්හෙහි සද්ධිං කලහං කරිස්සන්ති. “තදා, දෙව, තෙහි සද්ධිං මයං කිං කරිස්සාමා”ති? “තෙසං වචනං මා ගණ්හ. යං ඉච්ඡසි, තං ඨානමෙව ගණ්හාපෙහී”ති. “දෙව, තෙ පුනප්පුනං ආගන්ත්වා තුම්හාකං කථෙස්සන්ති, තෙන තුම්හාකං චිත්තසුඛං න ලභිස්සති. සචෙ පන ඉච්ඡෙය්‍යාථ, යාව මයං නිවෙසනානි ගණ්හාම, තාව අම්හාකංයෙව මනුස්සා දොවාරිකා අස්සු. තතො තෙ ද්වාරං අලභිත්වා නාගමිස්සන්ති. එවං සන්තෙ තුම්හාකම්පි චිත්තසුඛං ලභිස්සතී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡි.
මෙසේ ඒ දවස අලුත් වැඩකටයුතුවලින් ගතකොට පසුදා රජුට කීය. රජතුමනි! අපගේ රජතුමාගේ වාසස්ථානය දන්නේ නම් එය මනාව කරවා පිළියෙල කරන්නෙමුයි පැවසීය. පණ්ඩිතය! මැනවි. මාගේ වාසස්ථානය හැර සියලු නගරයෙහිම යම් නිවසක් කැමැත්තේද එය ගන්න යැයි කීය. මහරජතුමනි, අපි අමුක්තෝ වෙමු. ඔබවහන්සේගේ බොහෝ සේවක යෝධයෝ සිටිත්. ඔව්හු තමන්ගේ නිවෙස් ගන්නා කල්හි අප සමග කලහ කරන්නාහ. ඔවුන් සමග අපි කුමක් කරන්නෙමුද? පණ්ඩිතයන් ඔවුන්ගේ වචන නොසලකා හරින්න. ඔබට රුචි තැන්ම ගන්න. දේවයන් වහන්ස, ඔව්හු නැවත නැවත අවුත් ඔබවහන්සේට කියන්නාහ. එයින් ඔබවහන්සේට අපහසුතාවයක් ඇති වන්නේය. ඉදින් කැමැතිනම් අප ගෙවල් ලබාගන්නාතුරු අපගේ පුරුෂයෝම දොරටුපාලයෝ වෙත්වා. එයින් දොරෙන් ඇතුල්වීමට නොහැකිව යන්නාහ. එය ඔබවහන්සේගේද අපගේද හිතසුව පිණිස වන්නේය. රජු යහපතැයි පිළිතුරු දුන්නේය.
මහාසත්තො සොපානපාදමූලෙ සොපානසීසෙ මහාද්වාරෙති සබ්බත්ථ අත්තනො මනුස්සෙයෙව ඨපෙත්වා “කස්සචි පවිසිතුං මා අදත්ථා”ති වත්වා අථ රඤ්ඤො මාතු නිවෙසනං ගන්ත්වා “භින්දනාකාරං දස්සෙථා”ති මනුස්සෙ ආණාපෙසි. තෙ ද්වාරකොට්ඨකාලින්දතො පට්ඨාය ඉට්ඨකා ච මත්තිකා ච අපනෙතුං ආරභිංසු. රාජමාතා තං පවත්තිං සුත්වා ආගන්ත්වා “කිස්ස, තාතා, මම ගෙහං භින්දථා”ති ආහ. “මහොසධපණ්ඩිතො භින්දාපෙත්වා අත්තනො රඤ්ඤො නිවෙසනං කාතුකාමො”ති. “යදි එවං ඉධෙව වසථා”ති. “අම්හාකං රඤ්ඤො මහන්තං බලවාහනං, ඉදං නප්පහොති, අඤ්ඤං මහන්තං ගෙහං කරිස්සාමා”ති. “තුම්හෙ මං න ජානාථ, අහං රාජමාතා, ඉදානි පුත්තස්ස සන්තිකං ගන්ත්වා ජානිස්සාමී”ති. “මයං රඤ්ඤො වචනෙන භින්දාම, සක්කොන්තී වාරෙහී”ති. සා කුජ්ඣිත්වා “ඉදානි වො කත්තබ්බං ජානිස්සාමී”ති රාජද්වාරං අගමාසි. අථ නං “මා පවිසා”ති දොවාරිකා වාරයිංසු. “අහං රාජමාතා”ති. “න මයං තං ජානාම, මයං රඤ්ඤා ‘කස්සචි පවිසිතුං මා අදත්ථා’ති ආණත්තා, ගච්ඡ ත්ව”න්ති. සා ගහෙතබ්බගහණං අපස්සන්තී නිවත්තිත්වා අත්තනො නිවෙසනං ඔලොකෙන්තී අට්ඨාසි. අථ නං එකො පුරිසො “කිං ඉධ කරොසි, ගච්ඡසි, න ගච්ඡසී”ති ගීවාය ගහෙත්වා භූමියං පාතෙසි.
මහාසත්ත්වයෝ පඩිපෙළ පාමුල, පඩිපෙළ මත්තේ, මහා දොරටුවෙහි යන සියළු තන්හි තමන්ගේ පුරුෂයන්ටම තබා කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙන ලෙස පැවසීය. ඉක්බිති රජු මවගේ වාසභවනයට ගොස් එය කඩාදමන බවක් අඟවන්නයැයි පුරුෂයන්ට අණ කළේය. ඔහු දොරටුව හා ආලින්දයේ පටන් ගඩොල් ද පස් ද ඉවත් කරන්නට වූහ. රජුගේ මව ඒ පුවත අසා අවුත් කිම දරුවෙනි! මගේ නිවස කඩන්නහුදැයි විමසුවාය. මෙය කඩා අපේ රජතුමාට වාසස්ථානයක් කරන බව මහෞෂධ පඬිතුමා පැවසීය. ඉදින් ඔබ මෙහි මේ ලෙසට වාසය කරන්නෙහි නම් අපගේ රජතුමාගේ මහත් වූ බලවාහනවලට මෙය ප්‍රමාණවත් නොවේ. වෙනත් විශාල එකක් කරවන්නෙමු. නුඹලා මා කවුදැයි නොහඳුනන්නාහ. මම රජතුමාගේ මව වෙමි. දැන් පුතා සමීපයට ගොස් දැනගන්නෙමි. අපි රජුගේ වචනයෙන් කඩන්නෙමු. හැකිනම් වලක්වන්න. ඇය කිපී දැන් තොපට කළයුතු දේ දනිමියි රජගෙදර දොරටුව වෙත ගියාය. ඉක්බිති ඇයව වැලැක්වූහ. දරුවෙනි, මම රජුගේ මව වෙමියි කීවාය. අපි නොදනිමු. කිසිවකුටත් ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජු විසින් අණකරන ලද බැවින්ය. ඔබ ආපසු යන්න. ඇය ගතයුතු දෙයක් නොදැක නතරවී තම නිවෙස දෙස බලමින් සිටියාය. ඉක්බිති එක් පුරුෂයෙක්, කිම මෙහි කුමක් කරන්නීද? මෙතනින් යන්නේ ද? නොයන්නේ ද කියා අසා නැගිට ගෙලෙන් අල්ලා බිම හෙළීය.
සා චින්තෙසි “අද්ධා ඉමෙ රඤ්ඤො ආණත්තා භවිස්සන්ති, ඉතරථා එවං කාතුං න සක්ඛිස්සන්ති, පණ්ඩිතස්සෙව සන්තිකං ගච්ඡිස්සාමී”ති. සා ගන්ත්වා “තාත මහොසධ, කස්මා මම නිවෙසනං භින්දාපෙසී”ති ආහ. සො තාය සද්ධිං න කථෙසි, සන්තිකෙ ඨිතො පුරිසො පනස්ස “දෙවි, කිං කථෙසී”ති ආහ. “තාත, මහොසධපණ්ඩිතො කස්මා මම ගෙහං භින්දාපෙතී”ති? “වෙදෙහරඤ්ඤො වසනට්ඨානං කාතු”න්ති. “කිං, තාත, එවං මහන්තෙ නගරෙ අඤ්ඤත්ථ නිවෙසනට්ඨානං න ලබ්භතී”ති මඤ්ඤති. “ඉමං සතසහස්සං ලඤ්ජං ගහෙත්වා අඤ්ඤත්ථ ගෙහං කාරෙතූ”ති. “සාධු, දෙවි, තුම්හාකං ගෙහං විස්සජ්ජාපෙස්සාමි, ලඤ්ජස්ස ගහිතභාවං මා කස්සචි කථයිත්ථ. මා නො අඤ්ඤෙපි ලඤ්ජං දත්වා ගෙහානි විස්සජ්ජාපෙතුකාමා අහෙසු”න්ති. සාධු, තාත, “රඤ්ඤො මාතා ලඤ්ජං අදාසී”ති මය්හම්පි ලජ්ජනකමෙව, තස්මා න කස්සචි කථෙස්සාමීති. සො “සාධූ”ති තස්සා සන්තිකා සතසහස්සං ගහෙත්වා ගෙහං විස්සජ්ජාපෙත්වා කෙවට්ටස්ස ගෙහං අගමාසි. සොපි ද්වාරං ගන්ත්වා වෙළුපෙසිකාහි පිට්ඨිචම්මුප්පාටනං ලභිත්වා ගහෙතබ්බගහණං අපස්සන්තො පුන ගෙහං ගන්ත්වා සතසහස්සමෙව අදාසි. එතෙනුපායෙන සකලනගරෙ ගෙහට්ඨානං ගණ්හන්තෙන ලඤ්ජං ගහෙත්වා ලද්ධකහාපණානඤ්ඤෙව නව කොටියො ජාතා.
ඒකාන්තයෙන් රජු විසින් අණකළා විය යුතුයි. එසේ නොමැතිනම් මෙසේ කරන්නේ නැතැයි පණ්ඩිතයන් සමීපයට ම යන්නෙමියි කියා එහි ගොස් දරුව! මහෞෂධ, කුමක් නිසා මගේ නිවස බිඳවන්නේදැයි ඇසීය. ඔහු ඇය සමග කථා නොකළේය. සමීපයෙහි සිටි පුරුෂයෙක් දේවිය කුමක් කීවේදැයි ඇසීය. කුමක් නිසා පණ්ඩිතයන් ගෙය කඩා දමන්නේදැයි කියාය. වේදේහ රජුට වාසස්ථානයක් සදන්නට යැයි කීය. කිම දරුව, මේ විශාල නගරයේ වෙන ස්ථානයක් නැත්තේ ද? මේ ලක්ෂයක් අල්ලස ගෙන වෙන තැනක කරයැයි පැවසුවාය. දේවිය යහපති. ඔබගේ නිවෙස අත්හැර දමන්නෙමු. අල්ලස ගත්බව කිසිවකු සමගවත් නොකියන්න. අන් අයද අල්ලස් දී ගෙවල් නිදහස් කරගන්නට නොඅසත්වා. දරුව, රජුගේ මව අල්ලස් දුන්නේය යන්න මට ලජ්ජාවකි. කාහටවත් නොකියන්නෙමි. හෙතෙම යහපතැයි ඇගෙන් ලක්ෂයක් ගෙන ගෙය අතහැර දමා කේවට්ටයාගේ නිවසට ගියේය. හෙතෙම රජදොරටුව ළඟට ගොස් උණපටිවලින් ගසා පිටෙහි සම ගලවා ගතයුතු දෙයක් නොදැක ලක්ෂයක්ම දුන්නේය. මේ ආකාරයෙන් මුළු නගරයෙහිම ගෙය සෑදීමට තැනක් ගැනීමේ ක්‍රමයෙන් අල්ලස් ගෙන ලැබුනු ප්‍රමාණය කහවනු නවකෝටියක් විය.
මහාසත්තො සකලනගරං විචරිත්වා රාජකුලං අගමාසි. අථ නං රාජා පුච්ඡි “කිං, පණ්ඩිත, ලද්ධං තෙ වසනට්ඨාන”න්ති? “මහාරාජ, අදෙන්තා නාම නත්ථි, අපිච ඛො පන ගෙහෙසු ගය්හමානෙසු කිලමන්ති. තෙසං පියවිප්පයොගං කාතුං අම්හාකං අයුත්තං. බහිනගරෙ ගාවුතමත්තෙ ඨානෙ ගඞ්ගාය ච නගරස්ස ච අන්තරෙ අසුකට්ඨානෙ අම්හාකං රඤ්ඤො වසනනගරං කරිස්සාමී”ති. තං සුත්වා රාජා “අන්තොනගරෙ යුජ්ඣිතුම්පි දුක්ඛං, නෙව සකසෙනා, න පරසෙනා ඤාතුං සක්කා. බහිනගරෙ පන සුඛං යුද්ධං කාතුං, තස්මා බහිනගරෙයෙව තෙ කොට්ටෙත්වා මාරෙස්සාමා”ති තුස්සිත්වා “සාධු, පණ්ඩිත, තයා සල්ලක්ඛිතට්ඨානෙයෙව කාරෙහී”ති ආහ. “මහාරාජ, අහං කාරෙස්සාමි, තුම්හාකං පන මනුස්සෙහි දාරුපණ්ණාදීනං අත්ථාය අම්හාකං නවකම්මට්ඨානං නාගන්තබ්බං. ආගච්ඡන්තා හි කලහං කරිස්සන්ති, තෙනෙව තුම්හාකඤ්ච අම්හාකඤ්ච චිත්තසුඛං න භවිස්සතී”ති. “සාධු, පණ්ඩිත, තෙන පස්සෙන නිසඤ්චාරං කාරෙහී”ති. “දෙව, අම්හාකං හත්ථී උදකාභිරතා උදකෙයෙව කීළිස්සන්ති. උදකෙ ආවිලෙ ජාතෙ ‘මහොසධස්ස ආගතකාලතො පට්ඨාය පසන්නං උදකං පාතුං න ලභාමා’ති සචෙ නාගරා කුජ්ඣිස්සන්ති, තම්පි සහිතබ්බ”න්ති . රාජා “විස්සත්ථා තුම්හාකං හත්ථී කීළන්තූ”ති වත්වා නගරෙ භෙරිං චරාපෙසි – “යො ඉතො නික්ඛමිත්වා මහොසධස්ස නගරමාපිතට්ඨානං ගච්ඡති, තස්ස සහස්සදණ්ඩො”ති.
මහාසත්ත්වයෝ මුළු නුවරම ඇවිද රජගෙදරට ගියහ. ඉක්බිති රජු. කිම පණ්ඩිතය, ඔබට වාසස්ථානයක් ලැබුනේදැයි පණ්ඩිතයන්ගෙන් ඇසීය. මහරජතුමනි, නොදෙන කෙනෙක්නම් නැත. එසේ නමුත් ගෙවල් ලබාගැනීමේදී වෙහෙසට පත්වෙති. ඔවුන්ට ප්‍රිය විප්‍රයෝග ඇතිකිරීමද අපට සුදුසු නැත. පිටත නගරයෙහි ගව්වක් පමණ තැන ගංගාවටත් නගරයටත් අතර අසවල් තැන නම් අපගේ රජුට වාසයට නගරයක් කරන්නෙමු. රජු ඒ අසා ඇතුල්නුවර යුද්ධ කිරීමද දුකකි. තමන්ගේ සේනාවත් සතුරු සේනාවත් හඳුනාගන්නට බැරිය. පිටත නගරයේ වනාහි පහසුවෙන් යුද්ධ කළ හැක. ඒ නිසා පිටත නගරයේදී ඔවුන්කොටා මරන්නෙමියි සතුටුව දරුව යහපති. ඔබ විසින් සළකුණු කළ තැනට කරන්න යැයි කීය. මහරජ, මම කරවන්නෙමි. ඔබතුමන්ගේ මිනිසුන් විසින් දර, කොළ ආදිය සඳහා අපගේ අලුත් වැඩබිමට නොයා යුතුයි. යන්නවුන්ට කෝලාහල කරත්. එයින්ම ඔබටත් අපටත් සිතේ සතුටක් ඇතිවන්නේ නැත. පණ්ඩිතය! එසේය. ඒ පැත්තෙන් සංචාරය නොකරන්න. දේවයන් වහන්ස! අපගේ ඇත්තු දියෙහි ආශා ඇත්තාහු ජලයේ ක්‍රීඩා කරත්. ජලය කැළඹුණු කල්හි මහෞෂධයන් ආ දවස්වල පටන් පැහැදි ජලය පානය කරන්නට නොලබමු, ඉදින් නුවරවැස්සෝ කිපෙත්නම් එයද ඉවසාගත යුතුයි. රජු ද ඔබගේ ඇත්තු සැක නැතිව ක්‍රීඩා කරත්වා කියා. යමෙක් මෙතනින් නික්ම මහෞෂධ පණ්ඩිතයන් නගර නිර්මාණය කරන තැනට යයිද ඔහුට දහසක් දඩයයි නගරයේ අණබෙර හැසිරවීය.
මහාසත්තො රාජානං වන්දිත්වා අත්තනො පරිසං ආදාය නික්ඛමිත්වා යථාපරිච්ඡින්නට්ඨානෙ නගරං මාපෙතුං ආරභි. පාරගඞ්ගාය වග්ගුලිං නාම ගාමං කාරෙත්වා හත්ථිඅස්සරථවාහනඤ්චෙව ගොබලිබද්දඤ්ච තත්ථ ඨපෙත්වා නගරකරණං විචාරෙන්තො “එත්තකා ඉදං කරොන්තූ”ති සබ්බකම්මානි විභජිත්වා උමඞ්ගකම්මං පට්ඨපෙසි. මහාඋමඞ්ගද්වාරං ගඞ්ගාතිත්ථෙ අහොසි. සට්ඨිමත්තානි යොධසතානි මහාඋමඞ්ගං ඛණන්ති. මහන්තෙහි චම්මපසිබ්බකෙහි වාලුකපංසුං හරිත්වා ගඞ්ගාය පාතෙන්ති. පාතිතපාතිතං පංසුං හත්ථී මද්දන්ති, ගඞ්ගා ආළුලා සන්දති. නගරවාසිනො “මහොසධස්ස ආගතකාලතො පට්ඨාය පසන්නං උදකං පාතුං න ලභාම, ගඞ්ගා ආළුලා සන්දති, කිං නු ඛො එත”න්ති වදන්ති. අථ නෙසං පණ්ඩිතස්ස උපනික්ඛිත්තකපුරිසා ආරොචෙන්ති “මහොසධස්ස කිර හත්ථී උදකං කීළන්තා ගඞ්ගාය කද්දමං කරොන්ති, තෙන ගඞ්ගා ආළුලා සන්දතී”ති.
මහාසත්ත්වයෝ රජුට වැඳ තමන්ගේ පිරිස ගෙන නුවරින් නික්ම වෙන්කරගත් තැන නගරය මවන්නට පටන් ගත්තේය. ගඟෙන් එගොඩ ගඟුල් ගමුව ගම කරවා ඇත් අස් වාහනද ගවයන් ගොනුන් ආදීන්ද එහි තබා නගර නිර්මාණය විචාරන්නේ මෙපමණ, මෙතෙක් යනාදී ලෙස කළයුතු වැඩ ප්‍රමාණයන් නියමකොට උමග සෑදීමේ කටයුතු ආරම්භ කළේය. මහා උමගෙහි දොරටුව ගංඉවුරේ විය. යෝධයන් හයසියයක් පමණ මහඋමඟ සාරත්. විශාල සම්මලු ආදියෙන් පස් බැහැරකොට ගඟට හෙළත්. හෙළන හෙළන ලද පස් ඇත්තු පාගත්. ගඟ කැළඹී ගලාබසී. නගරවැසියෝ, මහෞෂධ පණ්ඩිතයන් පැමිණි කාලයේ පටන් ප්‍රසන්න ජලය පානය කරන්නට නොලබමු. ගංගාව කැළඹී ගලාබසී. මේ කුමක් නිසාදැයි කියත්. ඉක්බිති පණ්ඩිතයන් විසින් යොදන ලද මිනිස්සු ඔවුන්ට මෙසේ කියත්. මහෞෂධයන්ගේ ඇත්තු ජල ක්‍රීඩා කරන්නාහු ගඟේ ජලය මඩ කරත්. ඒ නිසා ගඟ කැළඹී ගලාබසී.
බොධිසත්තානං අධිප්පායො නාම සමිජ්ඣති, තස්මා උමඞ්ගෙ මූලානි වා ඛාණුකානි වා මරුම්බානි වා පාසාණානි වා සබ්බෙපි භූමියං පවිසිංසු. ජඞ්ඝඋමඞ්ගස්ස ද්වාරං තස්මිංයෙව නගරෙ අහොසි. තීණි පුරිසසතානි ජඞ්ඝඋමඞ්ගං ඛණන්ති , චම්මපසිබ්බකෙහි පංසුංහරිත්වා තස්මිං නගරෙ පාතෙන්ති. පාතිතපාතිතං උදකෙන මද්දාපෙත්වා පාකාරං චිනන්ති, අඤ්ඤානි වා කම්මානි කරොන්ති. මහාඋමඞ්ගස්ස පවිසනද්වාරං නගරෙ අහොසි අට්ඨාරසහත්ථුබ්බෙධෙන යන්තයුත්තද්වාරෙන සමන්නාගතං. තඤ්හි එකාය ආණියා අක්කන්තාය පිධීයති, එකාය ආණියා අක්කන්තාය විවරීයති. මහාඋමඞ්ගස්ස ද්වීසු පස්සෙසු ඉට්ඨකාහි චිනිත්වා සුධාකම්මං කාරෙසි, මත්ථකෙ ඵලකෙන ඡන්නං කාරෙත්වා උල්ලොකං මත්තිකාය ලිම්පාපෙත්වා සෙතකම්මං කාරෙත්වා චිත්තකම්මං කාරෙසි. සබ්බානි පනෙත්ථ අසීති මහාද්වාරානි චතුසට්ඨි චූළද්වාරානි අහෙසුං, සබ්බානි යන්තයුත්තානෙව. එකාය ආණියා අක්කන්තාය සබ්බානෙව පිධීයන්ති, එකාය ආණියා අක්කන්තාය සබ්බානෙව විවරීයන්ති. ද්වීසු පස්සෙසු අනෙකසතදීපාලයා අහෙසුං, තෙපි යන්තයුත්තායෙව. එකස්මිං විවරියමානෙ සබ්බෙ විවරීයන්ති, එකස්මිං පිධීයමානෙ සබ්බෙ පිධීයන්ති. ද්වීසු පස්සෙසු එකසතානං ඛත්තියානං එකසතසයනගබ්භා අහෙසුං. එකෙකස්මිං ගබ්භෙ නානාවණ්ණපච්චත්ථරණත්ථතං එකෙකං මහාසයනං සමුස්සිතසෙතච්ඡත්තං, එකෙකං මහාසයනං නිස්සාය එකෙකං මාතුගාමරූපකං උත්තමරූපධරං පතිට්ඨිතං. තං හත්ථෙන අපරාමසිත්වා “මනුස්සරූප”න්ති න සක්කා ඤාතුං, අපිච උමඞ්ගස්ස උභොසු පස්සෙසු කුසලා චිත්තකාරා නානප්පකාරං චිත්තකම්මං කරිංසු. සක්කවිලාසසිනෙරුසත්තපරිභණ්ඩචක්කවාළසාගරසත්තමහාසර- චතුමහාදීප-හිමවන්ත-අනොතත්තසර-මනොසිලාතල චන්දිමසූරිය-චාතුමහාරාජිකාදිඡකාමාවචරසම්පත්තියොපි සබ්බා උමඞ්ගෙයෙව දස්සයිංසු. භූමියං රජතපට්ටවණ්ණා වාලුකා ඔකිරිංසු, උපරි උල්ලොකපදුමානි දස්සෙසුං. උභොසු පස්සෙසු නානප්පකාරෙ ආපණෙපි දස්සයිංසු. තෙසු තෙසු ඨානෙසු ගන්ධදාමපුප්ඵදාමාදීනි ඔලම්බෙත්වා සුධම්මාදෙවසභං විය උමඞ්ගං අලඞ්කරිංසු.
බෝසත්වරුන්ගේ අදහස් සඵල වේ. ඒ නිසා උමගෙහි මුල් හෝ ගල් හෝ කැටගල්, පොළව තුලට කිඳා බැස්සේය. සුළු උමගේ දොරටුව ඒ නගරයෙහි විය. පුරුෂයෝ සත්සියයක් පමණ ඒ උමඟ සාරත්. සම් පසුම්බි ආදියෙන් පස් ගෙනවුත් ඒ නගරයෙහි හෙළත්. හෙළන හෙළන ලද පස් ජලයෙන් නානා ප්‍රාකාරය බඳිත් වෙනත් දෙයක් හෝ කරත්. මහ උමඟෙහි පිවිසෙන දොරටුව නගරයෙහි විය. දහඅට රියනක් උස යන්ත්‍ර ද්වාරයකින් යුක්තය. එය වනාහි එක් ඇණයක් තද කළවිට වැසී යයි. එක් ඇණයක් තද කළවිට විවෘත වෙයි. මහ උමග දෙපැත්තේ ගඩොල් බැඳ සුණු පිළියම් කරවීය. මත්තේ ලෑලිගසා සිවිලිමෙහි මැටි ආලේප කර සුදුපාට කරවීය. මෙහි මහ දොරටු අසූවක්ද හැටසතරක් කුඩා දොරටුද විය. සියල්ලම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරයි. එක් ඇණයක් තද කිරීමෙන් සියල්ල වැසී යයි. සියල්ල විවෘත වෙයි. දෙපැත්තේ සියගණන් ආලෝකහල් විය. ඒ සියල්ලද යන්ත්‍රානුසාරයෙන් යුක්තය. එකක් විවෘත කරනවිට සියල්ල විවෘත වෙයි. එකක් වසනවිට සියල්ල වැසී යයි. එකිනෙකෙහි නොයෙක් වර්ණයන්ගෙන් යුත් ඇතිරිලි අතුරන ලද එකිනෙක මහා සයනයන්, ඔසවන ලද සේසත් ඇති එකිනෙක සිංහාසන ප්රධානසයනය ළඟින්, අතින් ස්පර්ශ නොකොට මිනිස් රුවක්යැයි දැනගත නොහැකිවන අඳින ලද කාන්තාරූප ඇති, තව ද උමඟ දෙපස දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් නොයෙක් ආකාර චිත්රකර්මයන් කරන ලදී. ශක්‍ර විලාශය, මහමෙර, සාගර, මහාසාගර, සිව්වන දිවයින් හිමාලය, අනෝතත්ත විල, මනෝසිලා කාලය, ඉරසඳ, චාතුර්මහා රාජිකය ආදිකොට ඇති කාමලෝක සය ආදී වූ කොටස් සියල්ල උමගෙහි දැක්වූහ. බිම රිදී තහඩු පාට වැලි අතුරා මත්තෙහි සුපුෂ්පිත නෙළුම් මල් දැක්වූහ. දෙපස නොයෙක් ආකාර වෙළඳසැල් ද පෙන්වූහ. ඒ ඒ තැන්වල සුවඳ දාමයන් මාලාදාමයන් එල්වා සුධර්මා දිව්‍යසභාව මෙන් උමග අලංකාර කළහ.
තානිපි ඛො තීණි වඩ්ඪකිසතානි තීණි නාවාසතානි බන්ධිත්වා නිට්ඨිතපරිකම්මානං දබ්බසම්භාරානං පූරෙත්වා ගඞ්ගාය ආහරිත්වා පණ්ඩිතස්ස ආරොචෙසුං . තානි සො නගරෙ උපයොගං නෙත්වා “මයා ආණත්තදිවසෙයෙව ආහරෙය්යාථා”ති වත්වා නාවා පටිච්ඡන්නට්ඨානෙ ඨපාපෙසි. නගරෙ උදකපරිඛා, කද්දමපරිඛා, සුක්ඛපරිඛාති තිස්සො පරිඛායො කාරෙසි. අට්ඨාරසහත්ථො පාකාරො ගොපුරට්ටාලකො රාජනිවෙසනානි හත්ථිසාලාදයො පොක්ඛරණියොති සබ්බමෙතං නිට්ඨං අගමාසි. ඉති මහාඋමඞ්ගො ජඞ්ඝඋමඞ්ගො නගරන්ති සබ්බමෙතං චතූහි මාසෙහි නිට්ඨිතං. අථ මහාසත්තො චතුමාසච්චයෙන රඤ්ඤො ආගමනත්ථාය දූතං පාහෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
වඩුවෝ තුන්සියයක් නැව් තුන්සීයක් බැඳ අවසන්කළ පරිකර්ම ඇත්තේ ලීදඬු පුරවාගෙන ගඟෙන් ගෙනවුත් පණ්ඩිතයන්ට දැනුම් දුන්හ. හෙතෙම ඒවා නගරය සමීපයට ගෙන්වා මා විසින් නියම කරන දිනයක ගෙන එන්නයැයි නැව සැඟවුනු තැනක තැබීය. නගරයේ දියඅගල රියන් අටළොසකි. ප්‍රාකාරය, දොරටුගෙවල්, රාජ වාසස්ථාන, වාසස්ථාන ඇත්හල් ආදියත් පොකුණු ද යන සියල්ල නිමකළේය. මෙසේ සුළු උමග, මහ උමග, නගරය යන මේ සියල්ල සිව්මසකින් නිමාවට පත්විය. ඉක්බිති මහාසත්ත්වයෝ සිව්මසක් ගතවූ පසු රජුට පැමිණීම සඳහා දූතයකු යැවීය. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ,
“නිවෙසනානි මාපෙත්වා, වෙදෙහස්ස යසස්සිනො; අථස්ස පාහිණී දූතං, වෙදෙහං මිථිලග්ගහං; එහි දානි මහාරාජ, මාපිතං තෙ නිවෙසන”න්ති.
වේදේහ රජුට නිවෙස් සාදා ඉක්බිතිව මහරජ, ඔබට නිවෙස් වැවීමි. පැමිණෙනු මැනවයි පණිවිඩකරුවකු යැවීය.
තත්ථ පාහිණීති පෙසෙසි.
එහි පහිණී යනු යැවීය.
රාජා දූතස්ස වචනං සුත්වා තුට්ඨචිත්තො හුත්වා මහන්තෙන පරිවාරෙන නගරා නික්ඛමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජු දූතයාගේ වචනය අසා සතුටු සිතැත්තේ මහත් පිරිවරින් පිටත්විය. මේ කාරණය වදාරණ ශාස්තෲන් වහන්සේ අනික් ගාථාවක් වදාළහ.
“තතො ච රාජා පායාසි, සෙනාය චතුරඞ්ගියා; අනන්තවාහනං දට්ඨුං, ඵීතං කපිලියං පුර”න්ති.
ඉක්බිති වේදේහ රජතෙමේ සිවුරඟ සෙනග සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලය නගරය දක්නා පිණිස පිටත්විය.
තත්ථ අනන්තවාහනන්ති අපරිමිතහත්ථිඅස්සාදිවාහනං. කපිලියං පුරන්ති කපිලරට්ඨෙ මාපිතං නගරං.
එහි අනන්තවාහනං යනු අප්‍රමාණ වූ අශ්ව ආදී වාහන කම්පිල්ලියං පුරං කම්පිල්ල රටෙහි මවන ලද නගරය.
සො අනුපුබ්බෙන ගන්ත්වා ගඞ්ගාතීරං පාපුණි. අථ නං මහාසත්තො පච්චුග්ගන්ත්වා අත්තනා කතනගරං පවෙසෙසි. සො තත්ථ පාසාදවරගතො නානග්ගරසභොජනං භුඤ්ජිත්වා ථොකං විස්සමිත්වා සායන්හසමයෙ අත්තනො ආගතභාවං ඤාපෙතුං චූළනිරඤ්ඤො දූතං පෙසෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
හෙතෙම අනුපිළිවෙළින් ගංතෙරට පැමිණියේය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ පෙරගමන්කොට රජතුමාව තමන් විසින් කරන ලද නගරයට ඇතුල් කළේය. රජතුමා එහි උතුම් ප්‍රාසාදයට ගියේ නොයෙක් රසැති අග්‍ර භෝජනයක් වළඳා ටික වේලාවක් විවේක ගෙන සවස් කාලයේ තමන් පැමිණි බව දන්වන්නට චූළනී රජු වෙතට දූතයකු යැවීය. ඒ කාරණය පැහැදිලි කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තතො ච ඛො සො ගන්ත්වාන, බ්රහ්මදත්තස්ස පාහිණි; ආගතොස්මි මහාරාජ, තව පාදානි වන්දිතුං.
ඉක්බිති වේදේහ රජු එහි ගොස් මහරජ, ඔබගේ පා වැඳුමට ආයෙමියි බඹදත් රජුට හසුන් යැවීය.
“දදාහි දානි මෙ භරියං, නාරිං සබ්බඞ්ගසොභිනිං; සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛත”න්ති.
සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව (ඔබ දියණිය) රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුවකු මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනවි.
තත්ථ වන්දිතුන්ති වෙදෙහො මහල්ලකො, චූළනිරාජා තස්ස පුත්තනත්තමත්තොපි න හොති, කිලෙසවසෙන මුච්ඡිතො පන හුත්වා “ජාමාතරෙන නාම සසුරො වන්දනීයො”ති චින්තෙත්වා තස්ස චිත්තං අජානන්තොව වන්දනසාසනං පහිණි. දදාහි දානීති අහං තයා “ධීතරං දස්සාමී”ති පක්කොසාපිතො, තං මෙ ඉදානි දෙහීති පහිණි. සුවණ්ණෙන පටිච්ඡන්නන්ති සුවණ්ණාලඞ්කාරෙන පටිමණ්ඩිතං.
එහි වන්දිතුං යනු වේදේහ රජු මහළුය. චූළනී රජු ඔහුගේ පුත්‍රයා තරම්වත් නොවෙයි. කෙලෙස්වලින් මුළා වී බෑණා වනාහි මාමණ්ඩියට වැඳිය යුතුයැයි සිතා ඔහුගේ සිතේ කැමැත්ත දන්වා වදින පණිවිඩය යැව්වේය. දදාහිදානි මම ඔබ විසින් දියණිය දෙන්නේ යැයි කැඳවන ලද්දේ වෙමි. දැන් මට ඇයව දෙන්න යැයි පණිවිඩ යැවීය. සුවණ්ණෙන පටිච්ඡන්නං රන් අබරණවලින් සරසා.
චූළනිරාජා දූතස්ස වචනං සුත්වා සොමනස්සප්පත්තො “ඉදානි මෙ පච්චාමිත්තො කුහිං ගමිස්සති, උභින්නම්පි නෙසං සීසානි ඡින්දිත්වා ජයපානං පිවිස්සාමා”ති චින්තෙත්වා කෙවලං සොමනස්සං දස්සෙන්තො දූතස්ස සක්කාරං කත්වා අනන්තරං ගාථමාහ –
චූළනී රජු දූතයාගේ කථාව අසා සොම්නස් වූයේ දැන් මාගේ සතුරා කොහි යන්නේද? ඔවුන් දෙදෙනාගේම හිස් සිඳ ජයපැන් බොන්නෙමුයි ක්‍රෝධය හා මුසු වූ සතුටක් පෙන්වමින් දූතයාට සංග්‍රහ කර අනතුරුව මේ ගාථාව කීය.
“ස්වාගතං තෙව වෙදෙහ, අථො තෙ අදුරාගතං; නක්ඛත්තඤ්ඤෙව පරිපුච්ඡ, අහං කඤ්ඤං දදාමි තෙ; සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛත”න්ති.
වේදේහය! ඔබේ පැමිණීම සුභ සම්ප්රාප්තියෙකි. තව ද නපුරුකොට ඊමෙක්ද නොවේ. නැකැත් පමණක් විමසව. රනින් සැරසූ දියණිය දැසිදස් ගණයා පෙරටු කොට ඔබට දෙන්නෙමි.
තත්ථ වෙදෙහාති වෙදෙහස්ස සාසනං සුත්වා තං පුරතො ඨිතං විය ආලපති. අථ වා “එවං බ්රහ්මදත්තෙන වුත්තන්ති වදෙහී”ති දූතං ආණාපෙන්තො එවමාහ.
එහි වේදේහ යනු වේදේහයන්ගේ පණිවිඩය අසා ඉදිරිපිට සිටියාක් මෙන් කථා කරයි. එසේ නැතහොත් බ්‍රහ්මදත්ත විසින් කියන ලදීයැයි දන්වන්න යැයි දූතයාට නියම කරන්නේ මෙසේ කීය.
තං සුත්වා දූතො වෙදෙහස්ස සන්තිකං ගන්ත්වා “දෙව, මඞ්ගලකිරියාය අනුච්ඡවිකං නක්ඛත්තං කිර ජානාහි, රාජා තෙ ධීතරං දෙතී”ති ආහ. සො “අජ්ජෙව නක්ඛත්තං සොභන”න්ති පුන දූතං පහිණි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එය අසා දූතයා වේදේහ සමීපයට ගොස්, දේවයිනි! මංගල කටයුතු සඳහා සුදුසු නැකැතක් දන්නෙහිද? රජු ඔබට දියණිය දෙයි යැයි කීය. හෙතෙම අදම නැකැත සුභයැයි නැවත දූතයකු යැවීය. ඒ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“තතො ච රාජා වෙදෙහො, නක්ඛත්තං පරිපුච්ඡථ; නක්ඛත්තං පරිපුච්ඡිත්වා, බ්රහ්මදත්තස්ස පාහිණි.
ඉක්බිති වේදේහ රජ නකත් විචාළේය. නැකැත් විචාරා බ්‍රහ්මදත්ත රජුට හසුන් යැවීය.
“දදාහි දානි මෙ භරියං, නාරිං සබ්බඞ්ගසොභිනිං; සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛත”න්ති.
සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්යව රනින් සරසා දැසිදස්සන් පෙරටුකොට මගේ බිරිඳ ලෙසින් දැන් එවනු මැනවැයි දූතයන් යැවීය.
චූළනිරාජාපි –
“දදාමි දානි තෙ භරියං, නාරිං සබ්බඞ්ගසොභිනිං; සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛත”න්ති. –
චූළනී රජු ද සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසිදස්සන් පෙරටුකොට ඔබට බිරිඳ ලෙසින් දෙන්නෙමියි චූළනී රජ දැන්වී.
ඉමං ගාථං වත්වා “ඉදානි පෙසෙමි, ඉදානි පෙසෙමී”ති මුසාවාදං කත්වා එකසතරාජූනං සඤ්ඤං අදාසි “අට්ඨාරසඅක්ඛොභණිසඞ්ඛාය සෙනාය සද්ධිං සබ්බෙ යුද්ධසජ්ජා හුත්වා නික්ඛමන්තු, අජ්ජ උභින්නම්පි පච්චත්ථිකානං සීසානි ඡින්දිත්වා ස්වෙ ජයපානං පිවිස්සාමා”ති. තෙ සබ්බෙපි නික්ඛමිංසු. සයං නික්ඛන්තො පන මාතරං චලාකදෙවිඤ්ච අග්ගමහෙසිං, නන්දාදෙවිඤ්ච, පුත්තං පඤ්චාලචන්දඤ්ච, ධීතරං පඤ්චාලචන්දිඤ්චාති චත්තාරො ජනෙ ඔරොධෙහි සද්ධිං පාසාදෙ නිවාසාපෙත්වා නික්ඛමි. බොධිසත්තොපි වෙදෙහරඤ්ඤො චෙව තෙන සද්ධිං ආගතසෙනාය ච මහන්තං සක්කාරං කාරෙසි . කෙචි මනුස්සා සුරං පිවන්ති, කෙචි මච්ඡමංසාදීනි ඛාදන්ති, කෙචි දූරමග්ගා ආගතත්තා කිලන්තා සයන්ති. විදෙහරාජා පන සෙනකාදයො චත්තාරො පණ්ඩිතෙ ගහෙත්වා අමච්චගණපරිවුතො අලඞ්කතමහාතලෙ නිසීදි.
මේ ගාථාව කියා දැන් යවමි. දැන් යවමි යැයි බොරුකර එක්සියයක් රජවරුන්ට සංඥාවක් දුන්නේය. අටළොස් අක්ෂෞභිණියක් සමග සියල්ලෝම යුද්ධයට සැරසී නික්මෙත්වා. සතුරන් දෙදෙනාගේ ම හිස් සිඳ හෙට ජයපැන් බොන්නෙමු. ඒ සියල්ලෝම නික්මුණාහ. නික්මෙන්නේ මව තලතා දේවියත්, අගමෙහෙසිය වන නන්දා දේවියත් පංචාල චණ්ඩ පුතාත්, පංචාලචන්ධී දියණියත් යන සතර දෙනාව අන්තඃපුරය සමග ගෙදර නතරකර නික්මිණ. බෝධිසත්ත්වයෝ වේදේහ රජුටත් ඔහු සමග පැමිණි සේනාවටත් මහත් සත්කාර කළේය. සමහර කෙනෙක් සුරාපානය කරත්. තවත් සමහරෙක් මත්ස්‍යමාංශ අනුභව කරත්. තව කෙනෙක් දුරමගක ආ බැවින් වෙහෙසට පත්ව නිදත්. වේදේහ රජු වනාහි සේනකාදී පණ්ඩිතයන් රැගෙන ඇමැති සමූහයා පිරිවරා අලංකාර කළ උඩුමහලෙහි සිටියේය.
චූළනිරාජාපි අට්ඨාරසඅක්ඛොභණිසඞ්ඛාය සෙනාය සබ්බං තං නගරං තිසන්තිං චතුසඞ්ඛෙපං පරික්ඛිපිත්වා අනෙකසතසහස්සාහි උක්කාහි ධාරියමානාහි අරුණෙ උග්ගච්ඡන්තෙයෙව ගහණසජ්ජො හුත්වා අට්ඨාසි. තං ඤත්වා මහාසත්තො අත්තනො යොධානං තීණි සතානි පෙසෙසි “තුම්හෙ ජඞ්ඝඋමඞ්ගෙන ගන්ත්වා රඤ්ඤො මාතරඤ්ච අග්ගමහෙසිඤ්ච පුත්තඤ්ච ධීතරඤ්ච ජඞ්ඝඋමඞ්ගෙන ආනෙත්වා මහාඋමඞ්ගෙන නෙත්වා උමඞ්ගද්වාරතො බහි අකත්වා අන්තොඋමඞ්ගෙයෙව ඨපෙත්වා යාව අම්හාකං ආගමනා රක්ඛන්තා තත්ථ ඨත්වා අම්හාකං ආගමනකාලෙ උමඞ්ගා නීහරිත්වා උමඞ්ගද්වාරෙ මහාවිසාලමාළකෙ ඨපෙථා”ති. තෙ තස්ස වචනං සම්පටිච්ඡිත්වා ජඞ්ඝඋමඞ්ගෙන ගන්ත්වා සොපානපාදමූලෙ ඵලකසන්ථරණං උග්ඝාටෙත්වා සොපානපාදමූලෙ සොපානසීසෙ මහාතලෙති එත්තකෙ ඨානෙ ආරක්ඛමනුස්සෙ ච ඛුජ්ජාදිපරිචාරිකායො ච හත්ථපාදෙසු බන්ධිත්වා මුඛඤ්ච පිදහිත්වා තත්ථ තත්ථ පටිච්ඡන්නට්ඨානෙ ඨපෙත්වා රඤ්ඤො පටියත්තං ඛාදනීයභොජනීයං කිඤ්චි ඛාදිත්වා කිඤ්චි භින්දිත්වා චුණ්ණවිචුණ්ණං කත්වා අපරිභොගං කත්වා ඡඩ්ඩෙත්වා උපරිපාසාදං අභිරුහිංසු. තදා චලාකදෙවී නන්දාදෙවිඤ්ච රාජපුත්තඤ්ච රාජධීතරඤ්ච ගහෙත්වා “කො ජානාති, කිං භවිස්සතී”ති මඤ්ඤමානා අත්තනා සද්ධිං එකසයනෙයෙව සයාපෙසි. තෙ යොධා ගබ්භද්වාරෙ ඨත්වා පක්කොසිංසු. සා නික්ඛමිත්වා “කිං, තාතා”ති ආහ. “දෙවි, අම්හාකං රාජා වෙදෙහඤ්ච මහොසධඤ්ච ජීවිතක්ඛයං පාපෙත්වා සකලජම්බුදීපෙ එකරජ්ජං කත්වා එකසතරාජපරිවුතො මහන්තෙන යසෙන අජ්ජ මහාජයපානං පිවන්තො තුම්හෙ චත්තාරොපි ජනෙ ගහෙත්වා ආනෙහී”ති අම්හෙ පහිණීති.
චූළනී රජු ද අටළොස් අක්ෂෞභිණියක් පමණ සේනාවෙන් නගරය තුන්හතර වටයක් වටකර නොයෙක් සිය දහස් ගණන් පන්දම් දරමින් අරුණ නැග එනවිටම සියළුදෙනාට ඒකරාශී වී සිටියහ. ඒ බව දැනගත් මහාසත්ත්වයෝ තමන්ගේ යෝධයන් තුන්සියයක් යැවීය. තෙපි සුළු උමගින් ගොස් රජුගේ මවද, අගමෙහෙසියද පුතාද, දුවද එම උමං මාර්ගයෙන් ගෙනවුත් එයින් මහා උමගින් ගෙන උමං දොරටුවෙන් පිටනොකර අප පැමිණෙන කල්හි උමගින් බැහැරට ගෙන උමං දොරටුවේ මහා විශාල මාලකයේ තබන්න. ඔහු ඔහුගේ වචනය පිළිගෙන සුළු උමගෙන් ගොස් පඩිපෙල පාමුල අතුරන ලද ඇතිරිල්ල ගලවා පඩිපෙළ පාමුල, පඩිපෙළ මුදුනේ, මහා තට්ටුවේ, අතුරා තිබුණු ඇතිරිලි උගුල්ලා පඩිපෙළ පාමුළ පඩිපෙළ මුදුනේ, මහා තලයේ යන මෙතෙක් තැන්වල ආරක්ෂක භටයන් ද කුදාලා ආදී පරිවාර ජනයාද අත්පා බැඳ කට වසා ඒ ඒ සැඟවුණු තැන්වල ඔවුන් තබා රජුට පිළියෙල කළ කෑමවලින් කොටසක් අනුභවකොට ඇතැම් ඒවා සුණු විසුණු කොට ප්‍රාසාදයේ උඩුමහලට නැංගාහ. එවිට තලතා දේවියද, නන්දා දේවියද, රාජපුත්‍රයාද රජ දියණියද කුමක් වන්නේදැයි කවුරු දනින්ද කියා තමන් සමග එක් සයනයෙහිම නිදාගත්හ. ඒ යෝධයෝ කාමරයේ දොරටුව ළඟ තබා මෙසේ කැඳවීය. ඇය නික්ම දරුවෙනි, කුමක්දැයි ඇසීය. දේවියනි! අපගේ රජු වේදේහයන්ද මහෞෂධයන්ද ජීවිතක්ෂයට පත්කර මුළු දඹදිව ඒකරාජ්යයක් කොට එක්සියයක් රජුන් පිරිවරා මහත් යසසින් මහා ජයපානය බොන්නේ ඔබලා සතරදෙනාවද ගෙන එන්නට අපව එවන ලදීයැයි කීහ.
තෙපි තෙසං වචනං සද්දහිත්වා පාසාදා ඔතරිත්වා සොපානපාදමූලං අගමිංසු. අථ නෙ ගහෙත්වා ජඞ්ඝඋමඞ්ගං පවිසිංසු. තෙ ආහංසු “මයං එත්තකං කාලං ඉධ වසන්තා ඉමං වීථිං න ඔතිණ්ණපුබ්බා”ති. “දෙවි, ඉමං වීථිං න සබ්බදා ඔතරන්ති, මඞ්ගලවීථි නාමෙසා, අජ්ජ මඞ්ගලදිවසභාවෙන රාජා ඉමිනා මග්ගෙන ආනෙතුං ආණාපෙසී”ති. තෙ තෙසං වචනං සද්දහිංසු. අථෙකච්චෙ තෙ චත්තාරො ගහෙත්වා ගච්ඡිංසු. එකච්චෙ නිවත්තිත්වා රාජනිවෙසනෙ රතනගබ්භෙ විවරිත්වා යථිච්ඡිතං රතනසාරං ගහෙත්වා ආගමිංසු. ඉතරෙපි චත්තාරො ඛත්තියා පුරතො මහාඋමඞ්ගං පත්වා අලඞ්කතදෙවසභං විය උමඞ්ගං දිස්වා “රඤ්ඤො අත්ථාය සජ්ජිත”න්ති සඤ්ඤං කරිංසු. අථ නෙ ගඞ්ගාය අවිදූරඨානං නෙත්වා අන්තොඋමඞ්ගෙයෙව අලඞ්කතගබ්භෙ නිසීදාපෙත්වා එකච්චෙ ආරක්ඛං ගහෙත්වා අච්ඡිංසු. එකච්චෙ තෙසං ආනීතභාවං ඤාපෙතුං ගන්ත්වා බොධිසත්තස්ස ආරොචෙසුං. සො තෙසං කථං සුත්වා “ඉදානි මෙ මනොරථො මත්ථකං පාපුණිස්සතී”ති සොමනස්සජාතො රඤ්ඤො සන්තිකං ගන්ත්වා එකමන්තං අට්ඨාසි. රාජාපි කිලෙසාතුරතාය “ඉදානි මෙ ධීතරං පෙසෙස්සති, ඉදානි මෙ ධීතරං පෙසෙස්සතී”ති පල්ලඞ්කතො උට්ඨාය වාතපානෙන ඔලොකෙන්තො අනෙකෙහි උක්කාසතසහස්සෙහි එකොභාසං ජාතං නගරං මහතියා සෙනාය පරිවුතං දිස්වා ආසඞ්කිතපරිසඞ්කිතො “කිං නු ඛො එත”න්ති පණ්ඩිතෙහි සද්ධිං මන්තෙන්තො ගාථමාහ –
ඔවුහු ප්‍රාසාදයෙන් බැස පඩිපෙළ මුලට ගියාහ. ඉක්බිති ඔවුන්ව ගෙන සුළු උමගට පිවිසියාහ. ඔවුහු ඇසූහ. මෙතෙක් කල් මෙහි වසන අපි මේ වීදියට නොබැස්සෝ වෙමු. මේ වීදියට හැමදිනම නොබසිත්. මෙය මංගල වීදියයි. අද මංගල දිනය බැවින් රජු මේ මාර්ගයෙන් කැඳවාගෙන එන්නට නියම කළේය. ඔවුහු ඔවුන්ගේ වචනය විශ්වාස කළහ. ඉක්බිති ඇතැමෙක් ඒ සතරදෙනාව රැගෙන ගියහ. ඇතැමෙක් නතරවී රජගෙදර රුවන් ගබඩාව විවෘත කොට ඇතිතරම් ධන සමූහයක් රැගෙන ගියහ. අනික් අය සතරදෙනාව පෙරටු කොටගෙන මහා උමගට ගොස් අලංකාර කළ දිව්‍ය සභාව බඳු උමඟ දැක රජු සඳහා පිළියෙල කරන ලදැයි හැඟවූහ. ඉක්බිති ඔවුන්ව මහා ගංගාවට නුදුරු තැනකට ගෙනගොස් උමග තුළදීම සැරසූ කාමරයක හිඳුවා කීපදෙනෙක් ආරක්ෂාවට සිටියහ. තව කෙනෙක් ඔවුන්ව රැගෙන ආ බව ගොස් බෝධිසත්ත්වයන්ට දැන්වූහ. ඔහු ඔවුන්ගේ කථාව අසා දැන් මාගේ මනදොළ සම්පූර්ණ වන්නේයැයි සොම්නස් වූයේ රජුගේ සමීපයට ගොස් එකත්පසෙක සිටියේය. රජු ද කෙලෙසුන්ගෙන් රෝගාතුර වූ බැවින් දැන් මට දියණිය එවන්නේය. දැන් එවන්නේය කියා ආසනයෙන් නැගිට සුළං කවුළුවෙන් බලන්නේ නොයෙක් සියදහස් ගණන් පන්දම් එළියෙන් ඒකාලෝක වූ නගරය විශාල සේනාවකින් වටකර සිටිනු දැක හටගත් සැකසංකා ඇත්තේ මේ කුමක්දැයි පණ්ඩිතයන් සමග කථාකරමින් මේ ගාථාව කීය.
“හත්ථී අස්සා රථා පත්තී, සෙනා තිට්ඨන්ති වම්මිතා; උක්කා පදිත්තා ඣායන්ති, කිං නු මඤ්ඤන්ති පණ්ඩිතා”ති.
[missing pali]
තත්ථ කිං නු මඤ්ඤන්තීති චූළනිරාජා අම්හාකං තුට්ඨො, උදාහු කුද්ධො, කිං නු පණ්ඩිතා මඤ්ඤන්තීති පුච්ඡි.
[missing trans]
තං සුත්වා සෙනකො ආහ – “මා චින්තයිත්ථ, මහාරාජ, අතිබහූ උක්කා පඤ්ඤායන්ති, රාජා තුම්හාකං දාතුං ධීතරං ගහෙත්වා එති මඤ්ඤෙ”ති. පුක්කුසොපි “තුම්හාකං ආගන්තුකසක්කාරං කාතුං ආරක්ඛං ගහෙත්වා ඨිතො භවිස්සතී”ති ආහ. එවං තෙසං යං යං රුච්චති, තං තං කථයිංසු. රාජා පන “අසුකට්ඨානෙ සෙනා තිට්ඨන්තු, අසුකට්ඨානෙ ආරක්ඛං ගණ්හථ, අප්පමත්තා හොථා”ති වදන්තානං සද්දං සුත්වා ඔලොකෙන්තො සන්නද්ධපඤ්චාවුධං සෙනං පස්සිත්වා මරණභයභීතො හුත්වා මහාසත්තස්ස කථං පච්චාසීසන්තො ඉතරං ගාථමාහ –
[missing trans]
“හත්ථී අස්සා රථා පත්තී, සෙනා තිට්ඨන්ති වම්මිතා; උක්කා පදිත්තා ඣායන්ති, කිං නු කාහන්ති පණ්ඩිතා”ති.
සන්නාහ සන්නද්ධ ඇත්, අස්, රිය, පාබල සේනාවෝ රැස්ව සිටිත්. දැල්වූ විලක්කු ද බැබලේ. පණ්ඩිතවරු මොවුන් අපට කුමක් කරත්දැයි දනිත්ද?
තත්ථ කිං නු කාහන්ති පණ්ඩිතාති පණ්ඩිත, කිං නාම චින්තෙසි, ඉමා සෙනා අම්හාකං කිං කරිස්සන්තීති.
එහි කින්නුකාහනති පණ්ඩිතා යනු පණ්ඩිතයෙනි! කුමක් සිතන්නෙහිද? මේ සේනාව අපට කුමක් කරත්ද?
තං සුත්වා මහාසත්තො “ඉමං අන්ධබාලං ථොකං සන්තාසෙත්වා පච්ඡා මම පඤ්ඤාබලං දස්සෙත්වා අස්සාසෙස්සාමී”ති චින්තෙත්වා ආහ –
එය අසා මහා සත්ත්වයෝ මේ මෝඩයාව ටිකක් බියකොට පසුව මාගේ බලය පෙන්වා අස්වසන්නෙමියි සිතා මෙසේ කීය.
“රක්ඛති තං මහාරාජ, චූළනෙය්යො මහබ්බලො; පදුට්ඨො බ්රහ්මදත්තෙන, පාතො තං ඝාතයිස්සතී”ති.
මහරජ! මහත් බල ඇති චූළනී රජතෙමේ ඔබ යා නොදී රකී. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්ත රජ උදෑසන ඔබ නසන්නේය.
තං සුත්වා සබ්බෙ මරණභයතජ්ජිතා ජාතා. රඤ්ඤො කණ්ඩො සුස්සි මුඛෙ ඛෙළො පරිඡිජ්ජි, සරීරෙ දාහො උප්පජ්ජි. සො මරණභයභීතො පරිදෙවන්තො ද්වෙ ගාථා ආහ –
එය අසා සියල්ලෝම මරණ භයින් බියට පත්වූවාහුය. රජුගේ උගුර වියළී ගියේය. මුවෙහි කෙළ සිඳී ගියේය. ශරීරයේ ඩාදිය නැගිණ. හෙතෙම මරණ භයින් බිය වූයේ හඬන්නේ ගාථා දෙකක් කීය.
“උබ්බෙධති මෙ හදයං, මුඛඤ්ච පරිසුස්සති; නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪොව ආතපෙ.
මා හද සැලෙයි. මුඛයද වියළෙන්නේය. ගිනි වැදුනකු අව්වේ තබන්නාක් මෙන් නිවීමට නොපැමිණෙන්නෙමි.
“කම්මාරානං යථා උක්කා, අත්ථො ඣායති නො බහි; එවම්පි හදයං මය්හං, අන්තො ඣායති නො බහී”ති.
කඹුරන්ගේ උදුන යම්සේ ඇතුළ දවයිද පිටත නොදවයිද එසේ මාගේ ඇතුළු හද දැවෙයි. පිටත නොදැවෙයි.
තත්ථ උබ්බෙධතීති තාත මහොසධපණ්ඩිත, හදයං මෙ මහාවාතප්පහරිතං විය පල්ලවං කම්පති. අන්තො ඣායතීති සො “උක්කා විය මය්හං හදයමංසං අබ්භන්තරෙ ඣායති, බහි පන න ඣායතී”ති පරිදෙවති.
එහි උබ්බෙධතෙ යනු දරුව, මහෞෂධය, මාගේ හදවත මහා වාතයකට සෙලවෙන දල්ලක් මෙන් කම්පා වෙයි. අන්තොඣායති හෙතෙම කඹුරාගේ ගිනිඋදුන මෙන් මාගේ හෘදයමාංශය ඇතුළතින් දැවෙයි. පිටතින් නොපෙනෙයි කියා හඬයි.
මහාසත්තො තස්ස පරිදෙවිතසද්දං සුත්වා “අයං අන්ධබාලො අඤ්ඤෙසු දිවසෙසු මම වචනං න අකාසි, භිය්යො නං නිග්ගණ්හිස්සාමී”ති චින්තෙත්වා ආහ –
මහාසත්ත්වයන් ඔහුගේ වැළපීම අසා මේ අඳබාලයා වෙන දිනවල මාගේ වචනය නොකරන්නේය. බියවූයේ ඔහුට නින්දා කරන්නෙමි කියා මෙසේ පැවසීය.
“පමත්තො මන්තනාතීතො, භින්නමන්තොසි ඛත්තිය; ඉදානි ඛො තං තායන්තු, පණ්ඩිතා මන්තිනො ජනා.
මහරජ, ප්‍රමාදයට පැමිණ මාගේ වචන ඉක්මවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහිය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිතයෝම ඔබ රකිත්වා.
“අකත්වාමච්චස්ස වචනං, අත්ථකාමහිතෙසිනො; අත්තපීතිරතො රාජා, මිගො කූටෙව ඔහිතො.
අභිවෘද්ධිය කැමති හිතවත් ඇමැතියාගේ වචන නොපිළිගෙන තමා පිනවීමෙහිම ඇලුණු ඔබ මළපුඩුවැ අසුවූ මුවකු වැනිය.
“යථාපි මච්ඡො බළිසං, වඞ්කං මංසෙන ඡාදිතං; ආමගිද්ධො න ජානාති, මච්ඡො මරණමත්තනො.
යම්සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක්වූ බිලිය නොදැක ඇමෙහි ගිජුව තමනට පැමිණෙන මරණය නොදක්නේද?
“එවමෙව තුවං රාජ, චූළනෙය්යස්ස ධීතරං; කාමගිද්ධො න ජානාසි, මච්ඡොව මරණමත්තනො.
මහරජ, එසේම ඔබද චූළනී රජුගේ දුව පිළිබඳ ආශාවෙන් මුළා වූවාහු ඇම ගිලි මත්ස්‍යයා මෙන් තම මරණය නොදකිති.
“සචෙ ගච්ඡසි පඤ්චාලං, ඛිප්පමත්තං ජහිස්සසි; මිගං පන්ථානුබන්ධංව, මහන්තං භයමෙස්සති.
ඉදින් පංචාල නුවරට යන්නෙහි නම් වහා සියදිවි හරණේය. මගට පිළිපන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නෙහිය.
“අනරියරූපො පුරිසො ජනින්ද, අහීව උච්ඡඞ්ගගතො ඩසෙය්‍ය; න තෙන මිත්තිං කයිරාථ ධීරො, දුක්ඛො හවෙ කාපුරිසෙන සඞ්ගමො.
මහරජ, අනාර්ය ස්වරූප ඇති පුරුෂයා ඇකයෙහි වූ සර්පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්වයක් නොකරන්නේය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.
“යදෙව ජඤ්ඤා පුරිසං ජනින්ද, සීලවායං බහුස්සුතො; තෙනෙව මිත්තිං කයිරාථ ධීරො, සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමො”ති.
මහරජ, යම්හෙයකින් මේතෙමේ සිල්වතෙක. උගතෙකැයි දන්නේද, එබඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේය.
තත්ථ පමත්තොති මහාරාජ, ත්වං කාමෙන පමත්තො. මන්තනාතීතොති මයා අනාගතභයං දිස්වා පඤ්ඤාය පරිච්ඡින්දිත්වා මන්තිතමන්තනං අතික්කමන්තො. භින්නමන්තොති මන්තනාතික්කන්තත්තායෙව භින්නමන්තො, යො වා තෙ සෙනකාදීහි සද්ධිං මන්තො ගහිතො, එසො භින්නොතිපි භින්නමන්තොසි ජාතො. පණ්ඩිතාති ඉමෙ සෙනකාදයො චත්තාරො ජනා ඉදානි තං රක්ඛන්තු, පස්සාමි නෙසං බලන්ති දීපෙති. අකත්වාමච්චස්සාති මම උත්තමඅමච්චස්ස වචනං අකත්වා. අත්තපීතිරතොති අත්තනො කිලෙසපීතියා අභිරතො හුත්වා. මිගො කූටෙව ඔහිතොති යථා නාම නිවාපලොභෙන ආගතො මිගො කූටපාසෙ බජ්ඣති, එවං මම වචනං අග්ගහෙත්වා “පඤ්චාලචන්දිං ලභිස්සාමී”ති කිලෙසලොභෙන ආගන්ත්වා ඉදානි කූටපාසෙ බද්ධො මිගො විය ජාතොසීති.
එහි පමත්තො යනු මහරජ, ඔබ කාමයෙන් ප්‍රමාද වූවෙකි. මන්තනාතීතො මා විසින් අනාගත බියක් දැක ප්‍රඥාවෙන් පිරිසිඳ දැන කරන ලද මන්ත්‍රණය ඉක්මවා ගියේය. හින්නමන්තො මන්ත්‍රණය ඉක්මවා ගිය බැවින් භින්නමන්ත නම් වේ. සේනකාදීන් සමග ගන්නා ලද මොහු බිඳුනේ නමුත් භින්න වූ මන්ත්‍ර ඇත්තේ වන්නෙහි. පණ්ඩිතා මේ සේනක ආදී වූ සතරදෙනා දැන් ඔහුව රකිත්වා. ඔවුන්ගේ බලය බලමුයැයි දක්වයි. අකත්වාමච්චස්ස උතුම් ඇමැතියකු වූ මාගේ වචනය නොකොට අත්තපීතිරතො තමන්ගේ කෙලෙස් සතුටින් ප්‍රීතිමත් වූයේ වී. කූටෙව ඔහිතො යම්සේ වනාහි ගොදුරට ඇති ලෝභකමෙන් ආවා වූ මුවා උගුලෙහි බැඳෙයි. මෙසේ මාගේ වචනය පිළිනොගෙන පංචාල චණ්ඩි කුමරිය ලබන්නෙමියි තණ්හාවෙන් අවුත් දැන් උගුලෙහි අසුවූ මුවකු මෙන් වූයෙහිය.
“යථාපි මච්චො”ති ගාථාද්වයං “තදා මයා අයං උපමා ආභතා”ති දස්සෙතුං වුත්තං. “සචෙ ගච්ඡසී”ති ගාථාපි “න කෙවලං එත්තකමෙව, ඉමම්පි අහං ආහරි”න්ති දස්සෙතුං වුත්තා. අනරියරූපොති කෙවට්ටබ්රාහ්මණසදිසො අසප්පුරිසජාතිකො නිල්ලජ්ජපුරිසො. න තෙන මිත්තින්ති තාදිසෙන සද්ධිං මිත්තිධම්මං න කයිරාථ, ත්වං පන කෙවට්ටෙන සද්ධිං මිත්තිධම්මං කත්වා තස්ස වචනං ගණ්හි. දුක්ඛොති එවරූපෙන සද්ධිං සඞ්ගමො නාම එකවාරම්පි කතො ඉධලොකෙපි පරලොකෙපි මහාදුක්ඛාවහනතො දුක්ඛො නාම හොති. යදෙවාති යං එව, අයමෙව වා පාඨො. සුඛොති ඉධලොකෙපි පරලොකෙපි සුඛොයෙව.
යථාපිමච්ඡො එකල්හි මා විසින් මේ උපමාව ගෙනහැර දැක්වූ බව පෙන්වන්නට කියන ලදී. සචෙ ගච්ඡසි හුදෙක් මෙයම නොව ම් උපමාවද ගෙනාවේයැයි දක්වන්නට කියන ලදී. අනරිය රූපො කේවට්ට බමුණා හා සමාන අසත්පුරුෂයෙක්, ලජ්ජා නැති පුරුෂයෙක්. න තෙන මෙත්ති එබන්දකු සමග මිතුරුකමක් නොපවත්වන්න. ඔබ වනාහි කේවට්ටයා සමග මිත්‍රත්වයක් ඇතිකරගෙන ඔහුගේ වචනය පිළිගත්තේය. දුක්ඛො යනු මෙබඳු ස්වරූප ඇත්තකු සමග එක්වීම වනාහි එක්වරක් කළේ නම් මෙලොවද පරලොවද මහා දුකක් ගෙනඑන බැවින් ‘දුක්ඛ’ නම් වේ. යනෙත්ව වා යමක් වනාහි ‘අයමෙව’ (මෙයම) කියාද පාඨයක් ඇත. සුඛො යනු මෙලොවද පරලොවද සැපමය.
අථ නං “පුන එවරූපං කරිස්සතී”ති සුට්ඨුතරං නිග්ගණ්හන්තො පුබ්බෙ රඤ්ඤා කථිතකථං ආහරිත්වා දස්සෙන්තො –
ඉක්බිති ඔහුට නැවත මෙබඳු දෙයක් නොකරන්නෙහි කියා මනාව නින්දා කරමින් පෙර රජු විසින් කියන ලද කථාව බැහැරකොට දක්වන්නේ.
“බාලො තුවං එළමූගොසි රාජ, යො උත්තමත්ථානි මයී ලපිත්ථො; කිමෙවහං නඞ්ගලකොටිවඩ්ඪො, අත්ථානි ජානාමි යථාපි අඤ්ඤෙ.
මහරජ, යම් උතුම් මංගල කාරණයක් මා සමග කී ඔබම කෙළතොලු වන්නෙහිය. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙසු අය මෙන් මංගල කාරණ දන්නෙම්ද?
“ඉමං ගලෙ ගහෙත්වාන, නාසෙථ විජිතා මම; යො මෙ රතනලාභස්ස, අන්තරායාය භාසතී”ති. –
යමෙක් මාගේ රත්න ලාභයට අන්තරාය පිණිස කථා කරයිද ඒ මොහු ගෙලෙන් අල්ලාගෙන මාගේ විජිතයෙන් නෙරපවු.
ඉමා ද්වෙ ගාථා වත්වා “මහාරාජ, අහං ගහපතිපුත්තො, යථා තව අඤ්ඤෙ සෙනකාදයො පණ්ඩිතා අත්ථානි ජානන්ති, තථා කිමෙව අහං ජානිස්සං, අගොචරො එස මය්හං, ගහපතිසිප්පමෙවාහං ජානාමි, අයං අත්ථො සෙනකාදීනං පණ්ඩිතානං පාකටො හොති, අජ්ජ තෙ අට්ඨාරසඅක්ඛොභණිසඞ්ඛාය සෙනාය පරිවාරිතස්ස සෙනකාදයො අවස්සයා හොන්තු, මං පන ගීවායං ගහෙත්වා නික්කඩ්ඪිතුං ආණාපෙසි, ඉදානි මං කස්මා පුච්ඡසී”ති එවං සුනිග්ගහිතං නිග්ගණ්හි.
මේ ගාථා දෙක කියා මහරජ, මම ගෘහපති පුත්‍රයෙක් වෙමි. ඔබගේ අනිකුත් සේනකාදී පණ්ඩිතයෝ අර්ථයන් දනිත්. එසේ මම කුමක් දැනගන්නෙම්ද? මෙය මට ගෝචර නොවේ. මම ගෘහපති ශිල්පය පමණක් දනිමි. මේ කාරණය සේනක ආදීන්ට ප්රකටය. පණ්ඩිතයන් වූ ඔවුහු අද අටළොස් අක්ෂෞභිණියක් පිරිවරා සිටින ඔබට අවශ්‍ය වන්නාහ. මා වනාහි ගෙලෙන් අල්ලා තල්ලුකර දමන්නට නියෝග කරන්න. දැන් කුමක් නිසා මගෙන් විචාරන්නේද? මෙසේ මනා ලෙස නින්දා කළේය.
තං සුත්වා රාජා චින්තෙසි “පණ්ඩිතො මයා කථිතදොසමෙව කථෙති. පුබ්බෙව හි ඉදං අනාගතභයං ජානි, තෙන මං අතිවිය නිග්ගණ්හාති, න ඛො පනායං එත්තකං කාලං නික්කම්මකොව අච්ඡිස්සති, අවස්සං ඉමිනා මය්හං සොත්ථිභාවො කතො භවිස්සතී”ති. අථ නං පරිග්ගණ්හන්තො ද්වෙ ගාථා අභාසි –
එය අසා රජු මෙසේ සිතීය. පණ්ඩිතයෝ මා විසින් කරන ලද වරදම කියති. කලින්ම මේ අනාගත බිය දැනගත්තේය. ඒ නිසා මා අතිශයින් නිග්‍රහවට ලක් කරයි. මෙතෙක්කල් වැඩක් නැතිව සිටියේ නොවිය යුතුයි. මොහු විසින් මට යහපතක් කළා වන්නේයැයි ඉක්බිති ඔහුව පරීක්ෂා කරන්නේ ගාථා දෙකක් කීය.
“මහොසධ අතීතෙන, නානුවිජ්ඣන්ති පණ්ඩිතා, කිං මං අස්සංව සම්බද්ධං, පතොදෙනෙව විජ්ඣසි.
මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නොවිදිත්. කුමක් නිසාද? දැඩිලෙස බඳින ලද අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහිද?
“සචෙ පස්සසි මොක්ඛං වා, ඛෙමං වා පන පස්සසි; තෙනෙව මං අනුසාස, කිං අතීතෙන විජ්ඣසී”ති.
ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දන්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
තත්ථ නානුවිජ්ඣන්තීති අතීතදොසං ගහෙත්වා මුඛසත්තීහි න විජ්ඣන්ති. අස්සංව සම්බද්ධන්ති සත්තුසෙනාය පරිවුතත්තා සුට්ඨු බන්ධිත්වා ඨපිතං අස්සං විය කිං මං විජ්ඣසි. තෙනෙව මන්ති එවං තෙ මොක්ඛො භවිස්සති, එවං ඛෙමන්ති තෙනෙව සොත්ථිභාවෙන මං අනුසාස අස්සාසෙහි, තඤ්හි ඨපෙත්වා අඤ්ඤං මෙ පටිසරණං නත්ථීති.
එහි නානුවිජ්ඣන්ති යනු පැරණි වරදක් ගෙන වචන නමැති ඊවලින් නොවිදිත්. සම්බද්ධං යනු විරුද්ධ සේනාවෙන් වටකරන ලද බැවින් මනාව බැඳතබන ලද අශ්වයකු මෙන් කුමක් නිසා මට විදින්නෙහිද? තෙනෙවමං මෙසේ ඔබගේ මිදීමක් වන්නේද මෙසේ යහපතක් වන්නේද ඒ යහපත් බැවින් මා අනුශාසනා කරන්න. ඔහුව අස්වසන්න. මා හැර ඔහුට වෙන පිහිටක් නැත.
අථ නං මහාසත්තො “අයං රාජා අතිවිය අන්ධබාලො, පුරිසවිසෙසං න ජානාති, ථොකං කිලමෙත්වා පච්ඡා තස්ස අවස්සයො භවිස්සමී”ති චින්තෙත්වා ආහ –
ඉක්බිති මහාසත්ත්වයෝ මේ රජු අතිශයින් මෝඩය. පෞරුෂය යනු කුමක්දැයි නොදනී. තරමක් පීඩාකර පසුව ඔහුට පිහිට වන්නෙමියි සිතා මෙසේ කීය.
“අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං; න තං සක්කොපි මොචෙතුං, ත්වං පජානස්සු ඛත්තිය.
මෙයින් මිදීමට මිනිසකු විසින් කළ හැකි දේ ඉක්ම ගියේය. මෙය අභිභවනය කරන්නට නොහැක. ඔබව මිදවීමට නො හැක්කෙමි. මහරජ, මෙයින් මිදීමට ඔබම මාර්ගයක් දැනගන්න.
“සන්ති වෙහායසා නාගා, ඉද්ධිමන්තො යසස්සිනො; තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු සිටිත්. යමකුට එබඳු හස්තීහු වෙත්නම් ඔහු හෝ ගෙන යන්නාහ.
“සන්ති වෙහායසා අස්සා, ඉද්ධිමන්තො යසස්සිනො; තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ ඇත්තාහ. යමකුට එබඳු අශ්වයෝ වෙත්නම් ඔහු හෝ රැගෙන යන්න.
“සන්ති වෙහායසා පක්ඛී, ඉද්ධිමන්තො යසස්සිනො; තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරි පක්ෂීහු ඇත්තාහ. යමකුට එබඳු වූ පක්ෂීහු වෙත්නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
“සන්ති වෙහායසා යක්ඛා, ඉද්ධිමන්තො යසස්සිනො; තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
සෘද්ධිමත් වූ යශස් ඇති ආකාශචාරී යක්ෂයෝ ඇත්තාහ. යමකුට එබඳු යක්ෂයෝ වෙත්නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
“අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං; න තං සක්කොමි මොචෙතුං, අන්තලික්ඛෙන ඛත්තියා”ති.
මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්යයෝ ඉක්ම ගියහ. මෙම කාර්යය දුෂ්කරද අභිභවනය කිරීමට දුෂ්කරද වෙයි. අහසින් ගෙන ගොස් මිදවීමටද මම අපොහොසත් වෙමි.
තත්ථ කම්මන්ති මහාරාජ, ඉදං ඉතො තව මොචනං නාම අතීතං, මනුස්සෙහි කත්තබ්බකම්මං අතීතං. දුක්කරං දුරභිසම්භවන්ති නෙව කාතුං, න සම්භවිතුං සක්කා. න තං සක්කොමීති අහං තං ඉතො මොචෙතුං න සක්කොමි. ත්වං පජානස්සු ඛත්තියාති මහාරාජ, ත්වමෙවෙත්ථ කත්තබ්බං ජානස්සු. වෙහායසාති ආකාසෙන ගමනසමත්ථා. නාගාති හත්ථිනො. යස්සාති යස්ස රඤ්ඤො. තථාවිධාති ඡද්දන්තකුලෙ වා උපොසථකුලෙ වා ජාතා නාගා හොන්ති, තං රාජානං තෙ ආදාය ගච්ඡෙය්යුං. අස්සාති වලාහකඅස්සරාජකුලෙ ජාතා අස්සා. පක්ඛීති ගරුළ්හං සන්ධායාහ. යක්ඛාති සාතාගිරාදයො යක්ඛා. අන්තලික්ඛෙනාති අන්තලික්ඛෙන මොචෙතුං න සක්කොමි, තං ආදාය ආකාසෙන මිථිලං නෙතුං න සක්කොමීති අත්ථො.
එහි කම්මං යනු මහරජ, මෙය එයින් මිදීමක් නම් වේ. අතීතං මිනිසුන් විසින් කළ හැකි දේ පසුවී ගොස්ය. දුක්කරං දුරභිසම්භවං කරන්නට හෝ ඉවසන්නට නොහැකිය. න තං සක්කොමි. මම ඔහුව මෙයින් මුදවා ගන්නට නොහැක්කෙමි. ත්වංපි ජානස්සු ඛත්තියා මහරජ, ඔබම මෙහිදී කළයුතු දෙය දැනගත යුතුයි. වෙහාසයා අහසින් යාමට සමත් ඇත්තු. යස්ස යම් රජකුගේ එබඳු වූ ඡද්දන්ත කුලයෙහි හෝ උපෝසථ කුලයෙහි හෝ උපන් ඇත්තු වෙත්. ඒ රජුව ඔවුහු ගෙනයන්නාහ. අස්සා යනු වළාහක රාජකුලයෙහි උපන් අශ්වයෝ. පක්ඛි ගුරුළා සඳහා කියන ලදී. යක්ඛා සාතාගිර ආදී යක්ෂයෝ, අන්තලික්ඛෙන මම අහසින් ගෙන ගොස් මුදවාගන්නට නොහැක්කෙමි. ඔහුව ගෙන අහසින් මියුළු නුවරට ගෙනයන්ට නොහැක්කෙමි යන අර්ථයි.
රාජා තං සුත්වා අප්පටිභානො නිසීදි. අථ සෙනකො චින්තෙසි “ඉදානි රඤ්ඤො චෙව අම්හාකඤ්ච ඨපෙත්වා පණ්ඩිතං අඤ්ඤං පටිසරණං නත්ථි, රාජා පනස්ස කථං සුත්වා මරණභයතජ්ජිතො කිඤ්චි වත්තුං න සක්කොති, අහං පණ්ඩිතං යාචිස්සාමී”ති. සො යාචන්තො ද්වෙ ගාථා අභාසි –
රජු එය අසා නොවැටහී සිටියේය. ඉක්බිති සේනක මෙසේ සිතීය. දැන් රජුටත් අපටත් පණ්ඩිතයන් හැර වෙන පිළිසරණක් නැත. රජු වනාහි මොවුන්ගේ කථාව අසා බියෙන් තැතිගත්තේ කිසිවක් කියන්නට නොහැකිව සිටී. මම පණ්ඩිතයන්ගෙන් ඉල්ලා සිටිමියි ඉල්ලමින් ගාථා දෙකක් පැවසීය.
“අතීරදස්සී පුරිසො, මහන්තෙ උදකණ්ණවෙ; යත්ථ සො ලභතෙ ගාධං, තත්ථ සො වින්දතෙ සුඛං.
මහ සයුරට වැටී තෙරක් නොදකින මිනිසෙක් යම්තැනක දිවයිනක් ලබන්නේ එතැන අපමණ සුවයක් විඳින්නේය.
“එවං අම්හඤ්ච රඤ්ඤො ච, ත්වං පතිට්ඨා මහොසධ; ත්වං නොසි මන්තිනං සෙට්ඨො, අම්හෙ දුක්ඛා පමොචයා”ති.
මහෞෂධ පණ්ඩිතය, එනිසා රජුටද අපටද පිහිට ඔබටය. මන්ත්‍රීන් අතර ඔබම ශ්‍රේෂ්ඨ වන්නහුය. අප දුකින් මුදනු මැන.
තත්ථ අතීරදස්සීති සමුද්දෙ භින්නනාවො තීරං අපස්සන්තො. යත්ථාති ඌමිවෙගබ්භාහතො විචරන්තො යම්හි පදෙසෙ පතිට්ඨං ලභති. පමොචයාති පුබ්බෙපි මිථිලං පරිවාරෙත්වා ඨිතකාලෙ තයාව පමොචිතම්හා, ඉදානිපි ත්වමෙව අම්හෙ දුක්ඛා මොචෙහීති යාචි.
එහි අතීරදස්සී යනු සමුද්‍රයේ බිඳීගිය නැව තෙරක් නොදක්නේ. යත්ථ යනු රළ පහරින් මඩිනා ලදින් හැසිරෙමින් යම්තැනක පිහිටක් ලබයි. පාමොචය පෙර මියුළුනුවර වටකරගෙන සිටිය කාලයේද ඔබ විසින් අපි මුදන ලද්දෝ වෙමු. දැන්ද ඔබම අපව දුකින් මුදවා ගන්නයැයි ආයාචනා කළේය.
අථ නං නිග්ගණ්හන්තො මහාසත්තො ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ඔහුට නින්දා කරමින් මහාසත්ත්වයෝ ගාථාවකින් කීය.
“අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං; න තං සක්කොමි මොචෙතුං, ත්වං පජානස්සු සෙනකා”ති.
මිනිසුන් විසින් කළ හැකි කාර්යයෝ ඉක්ම ගියහ. මේ භය දුෂ්කර වූවක් ද අභිභවනය කිරීමට දුෂ්කර වූවක්ද වන්නේය. මෙයින් මුදන්නට මම නොපොහොසත්මි. සේනකය, තෙපිම මඟක් දනුව.
තත්ථ පජානස්සු සෙනකාති සෙනක, අහං න සක්කොමි, ත්වං පන ඉමං රාජානං ආකාසෙන මිථිලං නෙහීති.
එහි ත්වම්පි ජානස්සු සෙනක යනු සේනකය, මම අසමත් වෙමි. නුඹ මේ රජුව අහසින් මියුළු නුවරට ගෙනයව.
රාජා ගහෙතබ්බගහණං අපස්සන්තො මරණභයතජ්ජිතො මහාසත්තෙන සද්ධිං කථෙතුං අසක්කොන්තො “කදාචි සෙනකොපි කිඤ්චි උපායං ජානෙය්ය, පුච්ඡිස්සාමි තාව න”න්ති පුච්ඡන්තො ගාථමාහ –
රජතෙමේ ගතයුතු දෙයක් නොදක්නේ මරණ බයෙන් බියපත් වූයේ මහාසත්ත්වයන් සමග කථා කරන්නට නොහැක්කේ, සේනකද කුමක් හෝ උපායක් දන්නේ විය යුතුයයි සිතා ඔහුගෙන් විචාරන්නෙමියි ගාථාවක් කීය.
“සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං; සෙනකං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසී”ති.
මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් සේනකයන් විචාරමි. මෙහිලා තොප කවරක් සිතන්නහුද?
තත්ථ කිං කිච්චන්ති කිං කාතබ්බයුත්තකං ඉධ මඤ්ඤසි, මහොසධෙනම්හි පරිච්චත්තො, යදි ත්වං ජානාසි, වදෙහීති.
එහි කිං කිච්චං මෙහිදී කුමක් කළයුතු දැයි සිතන්නෙහිද? මහෞෂධයන් විසින් අත්හරින ලද්දේ වෙමි. ඉදින් නුඹ දන්නේ නම් කියව.
තං සුත්වා සෙනකො “මං රාජා උපායං පුච්ඡති, සොභනො වා හොතු මා වා, කථෙස්සාමි එකං උපාය”න්ති චින්තෙත්වා ගාථමාහ –
එය අසා සේනක මෙසේ සිතයි. රජු උපායක් අසයි. එය හොඳ වේවා හෝ නොවේවා. මොහුට එක් උපායක් කියන්නෙමියි සිතා ගාථාවක් පැවසීය.
“අග්ගිං වා ද්වාරතො දෙම, ගණ්හාමසෙ විකන්තනං; අඤ්ඤමඤ්ඤං වධිත්වාන, ඛිප්පං හිස්සාම ජීවිතං; මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයී”ති.
බ්‍රහ්මදත්ත රජ අපට බොහෝකලක් දුක්දී නොමරාවයි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධකොටගෙන වහා දිවි අත්හරිමු.
තත්ථ ද්වාරතොති ද්වාරං පිදහිත්වා තත්ථ අග්ගිං දෙම. විකන්තනන්ති අඤ්ඤමඤ්ඤං විකන්තනං සත්ථං ගණ්හාම. හිස්සාමාති ජීවිතං ඛිප්පං ජහිස්සාම, අලඞ්කතපාසාදොයෙව නො දාරුචිතකො භවිස්සති.
එහි දවාරතො යනු දොර වසා එහි ගිනි තබමු. විකත්තනං ඔවුනොවුන් හාරාකපන ආයුධ ගනිමු. හෙස්සාම වහා ජීවිතය අත්හරින්නෙමු. අලංකාර කළ ප්‍රාසාදයම අපට දරසෑය වන්නේය.
තං සුත්වා රාජා අනත්තමනො “අත්තනො පුත්තදාරස්ස එවරූපං චිතකං කරොහී”ති වත්වා පුක්කුසාදයො පුච්ඡි. තෙපි අත්තනො පතිරූපා බාලකථායෙව කථයිංසු. තෙන වුත්තං –
එය අසා රජු අසතුටට පත්වූයේ තමන්ගේ දරුවන්ට, භාර්යාවන්ට මෙබඳු චිතකයක් කරන්න යැයි කියා පුක්කුසාදීන්ගෙන් ඇසීය. ඔවුහුද තමන්ට යෝග්‍ය බොළඳ කථාවන්ම කීවාහ. එබැවින් කියන ලදී.
“සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං; පුක්කුසං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි.
මාගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් පුක්කුසයන් විචාරමි. මෙහිලා තොප කුමක් සිතන්නෙහිද?
“විසං ඛාදිත්වා මීයාම, ඛිප්පං හිස්සාම ජීවිතං; මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයි.
බ්‍රහ්මදත්ත රජ අපට බොහෝකලක් දුක් දී නොමරාවායි විස කා මියෙමු. වහා දිවි අත්හරිමු.
“සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං; කාමින්දං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි.
මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් කාවින්දයන් විචාරමි. මෙහිලා තොප කුමක් සිතන්නහුද?
“රජ්ජුයා බජ්ඣ මීයාම, පපාතා පපතාමසෙ; මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයි.
බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නොමරාවායි රැහැනෙන් බැඳී මියෙමු. ප්‍රපාතයට හෝ පනිමු.
“සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං; දෙවින්දං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි.
මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් දේවින්දයන් විචාරමි. මෙහිලා තොප කුමක් සිතන්නෙහිද?
“අග්ගිං වා ද්වාරතො දෙම, ගණ්හාමසෙ විකන්තනං; අඤ්ඤමඤ්ඤං වධිත්වාන, ඛිප්පං හිස්සාම ජීවිතං; න නො සක්කොති මොචෙතුං, සුඛෙනෙව මහොසධො”ති.
දොර පටන් ගෙට ගිනි හෝ දල්වමු. ආයුධ ගෙන ඔවුනොවුන් වධකොට වහා දිවි අත්හරිමු. මහෞෂධය! අපට සුවසේ මිදීමට නම් නොහැක්කේය.
අපිච එතෙසු දෙවින්දො “අයං රාජා කිං කරොති, අග්ගිම්හි සන්තෙ ඛජ්ජොපනකං ධමති, ඨපෙත්වා මහොසධං අඤ්ඤො ඉධ සොත්ථිභාවං කාතුං සමත්ථො නාම නත්ථි, අයං තං අපුච්ඡිත්වා අම්හෙ පුච්ඡති, මයං කිං ජානාමා”ති චින්තෙත්වා අඤ්ඤං උපායං අපස්සන්තො සෙනකෙන කථිතමෙව කථෙත්වා මහාසත්තං වණ්ණෙන්තො ද්වෙ පාදෙ ආහ. තත්රායං අධිප්පායො – “මහාරාජ, මයං සබ්බෙපි පණ්ඩිතමෙව යාචාම. සචෙ පන යාචියමානොපි න නො සක්කොති මොචෙතුං සුඛෙනෙව මහොසධො, අථ සෙනකස්ස වචනං කරිස්සාමා”ති.
තවද ඔවුනතුරෙන් දේවිද තෙමේ මෙසේ සිතීය. මේ රජ කුමක් කරයිද? ගිනි ඇති කල්හි කණාමැදිරියන්ට පිඹියි. මෙහිදී මහෞෂධයන් හැර වෙන කිසිවෙක් යහපතක් කරන්නට සමත් නොවෙයි. මොහු ඔහුගෙන් නොඅසා අපගෙන් විමසයි. අපි කුමක් දනිමුදැයි සිතා වෙනත් අපායක් නොදක්නේ සේනකයා විසින් කියූ දෙයම කියා මහාසත්ත්වයන් වර්ණනා කරමින් දෙපදයක් කීය. එහිදී අප සැමගේ තීරණය මෙයයි. රජතුමනි! අපි සියල්ලෝම පණ්ඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු. ඉදින් වනාහි ඉල්වද්දිත් නානො සක්කොති මොචෙකුං සුඛෙනෙව මහොසධො (ඉදින් මහෞෂධයෝ සුවසේ අපව මුදවාගන්නට නොහැකි වුවහොත්) ඉක්බිති සේනකයන්ගේ වචනය කරන්නෙමු.
තං සුත්වා රාජා පුබ්බෙ බොධිසත්තස්ස කථිතදොසං සරිත්වා තෙන සද්ධිං කථෙතුං අසක්කොන්තො තස්ස සුණන්තස්සෙව පරිදෙවන්තො ආහ –
එය අසා රජු කලින් බෝධිසත්ත්වයන්ට කරන ලද දෝෂාරෝපණය සිහිකොට ඔහු සමග කථාකරන්නට නොහැක්කේ හඬමින් අසන්නා වූ ඔහුට කීය.
“යථා කදලිනො සාරං, අන්වෙසං නාධිගච්ඡති; එවං අන්වෙසමානා නං, පඤ්හං නජ්ඣගමාමසෙ.
යම්සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නො ලබයිද එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් ඔවුන්ගෙන් නොලද්දෙමු.
“යථා සිම්බලිනො සාරං, අන්වෙසං නාධිගච්ඡති; එවං අන්වෙසමානා නං, පඤ්හං නජ්ඣගමාමසෙ.
යම්සේ ඉඹුල්ගස්හි හර සොයන්නේ ඒ නොලබයිද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නොලද්දෙමු.
“අදෙසෙ වත නො වුට්ඨං, කුඤ්ජරානං වනොදකෙ; සකාසෙ දුම්මනුස්සානං, බාලානං අවිජානතං.
දිය නැති මහවනය ඇතුනට මෙන් අඥාන, දුෂ්ට මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නුසුදුසු පෙදෙසක වාසය කිරීමකි.
“උබ්බෙධති මෙ හදයං, මුඛඤ්ච පරිසුස්සති; නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪොව ආතපෙ.
මගේ හදවත වෙවුලයි. මුඛයද වියැළෙයි. ගිනි වැදුනද අව්වේ හෙලූ කලෙක මෙන් සැනසීමක් නොලබමි.
“කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහි; එවම්පි හදයං මය්හං, අන්තො ඣායති නො බහී”ති.
[missing trans]
තත්ථ කදලිනොති යථා කදලික්ඛන්ධස්ස නිස්සාරත්තා සාරත්ථිකො පුරිසො අන්වෙසන්තොපි තතො සාරං නාධිගච්ඡති, එවං මයං ඉමම්හා දුක්ඛා මුච්චනුපායං පඤ්හං පඤ්ච පණ්ඩිතෙ පුච්ඡිත්වා අන්වෙසමානාපි පඤ්හං නජ්ඣගමාමසෙ. අම්හෙහි පුච්ඡිතං උපායං අජානන්තා අස්සුණන්තා විය ජාතා, මයං තං පඤ්හං නාධිගච්ඡාම. දුතියගාථායපි එසෙව නයො. කුඤ්ජරානං වනොදකෙති යථා කුඤ්ජරානං නිරුදකෙ ඨානෙ වුට්ඨං අදෙසෙ වුට්ඨං නාම හොති, තෙ හි තථාරූපෙ නිරුදකෙ වනගහනෙ පදෙසෙ වසන්තා ඛිප්පමෙව පච්චාමිත්තානං වසං ගච්ඡන්ති, එවං අම්හෙහිපි ඉමෙසං දුම්මනුස්සානං බාලානං සන්තිකෙ වසන්තෙහි අදෙසෙ වුට්ඨං. එත්තකෙසු හි පණ්ඩිතෙසු එකොපි මෙ ඉදානි පටිසරණං නත්ථීති නානාවිධෙන විලපති.
කඹුරන්ගේ උදුන යම්සේ කෙසෙල්කඳ නිසරු බැවින් සාරයක් කැමැති පුරුෂයා සොයන්නේ නමුදු එයින් සාරයක් නොලබයි. මෙසේ අපි මේ දුකෙන් මිදෙන ආකාරය පිළිබඳ ප්රශ්නය පණ්ඩිතයන් පස්දෙනාගෙන් අසා සොයන්නේ නමුදු ප්රශ්නය වටහා නොගත්තෙමු. අප විසින් අසන ලද උපාය නොඅසන්නා වූ අපි ප්රශ්නය වටහා නොගන්නෙමු. දෙවෙනි ගාථාවෙහිද මේ ක්‍රමයමැයි. කුඤ්ජරානං වනොදකෙ යම්සේ ඇතුන්ට ජලය නැති තැනක වාසය කිරීමට අයෝග්‍ය දේශයක වාසය නම් වෙයි. ඔවුහු වනාහි එබඳු වූ නිරුදක වනගැබෙහි වසන්නාහු වහාම සතුරන්ගේ වසඟයට පත්වෙති. මෙසේ අප විසින්ද මේ මෝඩ නොමිනිසුන් ළඟ වාසය කරන අප විසින්ද නුසුදුසු දේශයක වාසය කළා වන්නේය. මෙපමණ පණ්ඩිතයන් සිටියදී එක්කෙනෙකුගෙන්වත් මට දැන් පිහිටක් නැතැයි නොයෙක් අයුරින් වැළපෙති.
තං සුත්වා පණ්ඩිතො “අයං රාජා අතිවිය කිලමති. සචෙ නං න අස්සාසෙස්සාමි, හදයෙන ඵලිතෙන මරිස්සතී”ති චින්තෙත්වා අස්සාසෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එය අසා පණ්ඩිතයෝ මේ රජ අතිශයින් පීඩාවට පත්වන්නේය. ඉදින් මා ඔහුව අස්වසන්නේ නැත්නම් හදවත පැලී මිය යන්නේයැයි සිතා ඔහුව අස්වැසීය.
“තතො සො පණ්ඩිතො ධීරො, අත්ථදස්සී මහොසධො; වෙදෙහං දුක්ඛිතං දිස්වා, ඉදං වචනමබ්රවි.
ඉක්බිති මහාප්‍රාඥ වූ අර්ථදර්ශී වූ මහෞෂධ පණ්ඩිත තෙමේ දුකට පත් වේදේහ රජු දැක මේ වචනය කීය.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, රාහුග්ගහංව චන්දිමං.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. රාහු ගිලගත් චන්ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, රාහුග්ගහංව සූරියං.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. රාහු ගිලගත් සූර්යයා සේ මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, පඞ්කෙ සන්නංව කුඤ්ජරං.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. මඩෙහි ගිලුනු ඇතෙකු මෙන් මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, පෙළාබද්ධංව පන්නගං.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. පේළාවෙක බැඳුණු නාගයකු සේ මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, පක්ඛිං බද්ධංව පඤ්ජරෙ.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. පඤ්ජරයේ බැඳි පක්ෂියකු සේ මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, මච්ඡෙ ජාලගතෙරිව.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. දැලට හසු වූ මසුන් සේ මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; අහං තං මොචයිස්සාමි, සයොග්ගබලවාහනං.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. බලවාහන සහිතව ම මම ඔබ මුදවන්නෙමි.
“මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ; පඤ්චාලං වාහයිස්සාමි, කාකසෙනංව ලෙඩ්ඩුනා.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. ගකැටයකින් කවුඩු රළක් පළවා හරින්නාක් මෙන් පංචාල සේනාව පලවා හරින්නෙමි. මම ඔබ මුදවන්නෙමි.
“අදු පඤ්ඤා කිමත්ථියා, අමච්චො වාපි තාදිසො; යො තං සම්බාධපක්ඛන්දං, දුක්ඛා න පරිමොචයෙ”ති.
යම් ඇමැතියෙක් දුකට පත් රජු ඒ දුකින් නොමුදන්නේ නම් එබඳු අමාත්‍යයා කුමකටද? ඔහුගේ නුවණ කුමකටද?
තත්ථ ඉදන්ති දවඩාහදඩ්ඪෙ අරඤ්ඤෙ ඝනවස්සං වස්සාපෙන්තො විය නං අස්සාසෙන්තො ඉදං “මා ත්වං භායි, මහාරාජා”තිආදිකං වචනං අබ්‍රවි. තත්ථ සන්නන්ති ලග්ගං. පෙළාබද්ධන්ති පෙළාය අබ්භන්තරගතං සප්පං. පඤ්චාලන්ති එතං එවං මහන්තිම්පි පඤ්චාලරඤ්ඤො සෙනං. වාහයිස්සාමීති පලාපෙස්සාමි . අදූති නාමත්ථෙ නිපාතො, පඤ්ඤා නාම කිමත්ථියාති අත්ථො. අමච්චො වාපි තාදිසොති තාදිසො පඤ්ඤාය සම්පන්නො අමච්චො වාපි කිමත්ථියො, යො තං එවං මරණසම්බාධප්පත්තං දුක්ඛා න පරිමොචයෙ. මහාරාජ, අහං පඨමතරං ආගච්ඡන්තො නාම කිමත්ථං ආගතොති මඤ්ඤසි. මා භායි, අහං තං ඉමම්හා දුක්ඛා මොචයිස්සාමීති අස්සාසෙසි.
එහි ඉදං යනු ලැව්ගින්නෙන් දැවුනා වූ අරණ්‍යයෙහි තද වර්ෂාවක් වස්සන්නාක් මෙන් ඔහුව අස්වසමින් මේ මා ත්වං භායි මහාරාජ (මහරජ, බිය නොවන්න.) ආදී වූ වචන පැවසීය. එහි සන්නං ඇලුනු. පෙළා බද්ධං පෙට්ටිය ඇතුළට ගිය. පඤ්චාලං යනු මෙය මෙසේ විශාල නමුත් පංචාල රජුගේ සේනාව වාහයිස්සාමි පළවා හරින්නෙමි. ආදූ යනු නාමර්ථයේ නිපාතයකි. ප්‍රඥාවෙන් කවර ප්‍රයෝජනයක්ද? අමච්චොවාපි තාදිසො එබඳු වූ ප්‍රඥාවෙන් යුක්ත වූ ඇමැතියාගෙන් කවර අර්ථයක්ද? යමෙක් ඔහුව මෙසේ මරණය හේතුවෙන් ඇතිවූ බියෙන් මුදා නොගනීද, එබඳු වූ ප්‍රඥාවෙන් කවර ප්‍රයෝජනයක්ද? මහරජතුමනි, පළමුවෙන්ම මා මෙහි පැමිණියේ කුමක් සඳහා දැයි වැටහෙන්නේද? බිය නොවන්න. මම ඔබව මේ දුකින් මුදන්නෙමියි අස්වැසීය.
සොපි තස්ස වචනං සුත්වා “ඉදානි මෙ ජීවිතං ලද්ධ”න්ති අස්සාසං පටිලභි. බොධිසත්තෙන සීහනාදෙ කතෙ සබ්බෙ ච තුස්සිංසු. අථ නං සෙනකො පුච්ඡි “පණ්ඩිත, ත්වං සබ්බෙ අම්හෙ ගහෙත්වා ගච්ඡන්තො කෙනුපායෙන ගමිස්සසී”ති? “අලඞ්කතඋමඞ්ගෙන නෙස්සාමි, තුම්හෙ ගමනසජ්ජා හොථා”ති වත්වා උමඞ්ගද්වාරවිවරණත්ථං යොධෙ ආණාපෙන්තො ගාථමාහ –
හෙතෙමේ ද ඔහුගේ වචනය අසා දැන් මම ජීවිතය ලද්දෙමියි අස්වැසීමක් ලැබීය. බෝධිසත්ත්වයන් විසින් සීහනාද පැවැත්වූ කල්හි සියල්ලෝම සතුටු වූහ. ඉක්බිති සේනක ඇසීය. පණ්ඩිතයෙනි! ඔබ අප සැම රැගෙන යන්නේ කවරනම් උපායකින් යන්නෙහිද? ඔබලාව සරසන ලද උමගකින් ගෙන යන්නෙමි. සූදානම් වව් යැයි කියා උමං දොරටුව විවෘත කිරීමට යෝධයන්ට අණ කරමින් මේ ගාථාව කීය.
“එථ මාණවා උට්ඨෙථ, මුඛං සොධෙථ සන්ධිනො; වෙදෙහො සහමච්චෙහි, උමඞ්ගෙන ගමිස්සතී”ති.
මාණවකයෙනි, එව්. නැගිටිව්. උමංදොර විවර කරව්. ඇමැතියන් සමග වේදේහ රජු උමගින් ගමන් කරන්නේය.
තත්ථ මාණවාති තරුණාධිවචනං. මුඛං සොධෙථාති උමඞ්ගද්වාරං විවරථ. සන්ධිනොති ඝරසන්ධිනො ච ද්වාරං සොධෙථ, එකසතානං සයනගබ්භානං ද්වාරං විවරථ, අනෙකසතානං දීපාලයානං ද්වාරං විවරථාති.
එහි මාණවා යනු තරුණ යන්නට තවත් වචනයකි. මුඛං සොධෙථ උමං දොර විවෘත කරව්. සන්ධිනො යනු ගෘහසන්ධීන්හි දවාරං සොධෙථ දොරටු විවෘත කරව්. සියගණනක් ආලෝක ශාලාවල දොරටු විවෘත කරන්න.
තෙ උට්ඨාය උමඞ්ගද්වාරං විවරිංසු. සකලො උමඞ්ගො එකොභාසො අලඞ්කතදෙවසභා විය විරොචි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔහු නැගිට උමගෙහි දොර විවෘත කළහ. මුළු උමගම ඒකාලෝක වී අලංකාර කළ දේවසභාව මෙන් බැබලිණි.
“තස්ස තං වචනං සුත්වා, පණ්ඩිතස්සානුචාරිනො; උමඞ්ගද්වාරං විවරිංසු, යන්තයුත්තෙ ච අග්ගළෙ”ති.
මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මහෞෂධ පණ්ඩිතයන්ගේ බස් ඇසූ අනුචර ජනයෝ උමංදොරද යතුරු යෙදූ දොරකවුළු ද විවර කළහ.
තත්ථ අනුචාරිනොති වෙය්යාවච්චකරා. යන්තයුත්තෙ ච අග්ගළෙති සූචිඝටිකසම්පන්නානි ච ද්වාරකවාටානි.
එහි අනුසාරිනො යනු සේවකයෝ යන්තයුත්තෙච අග්ගළෙ දොර අගුල් යොදන ලද දොරකවුළු.
තෙ උමඞ්ගද්වාරං විවරිත්වා මහාසත්තස්ස ආරොචෙසුං. සො රඤ්ඤො සඤ්ඤමදාසි “කාලො, දෙව, පාසාදා ඔතරථා”ති. තං සුත්වා රාජා ඔතරි. අථ සෙනකො සීසතො නාළිපට්ටං අපනෙත්වා සාටකං ඔමුඤ්චිත්වා කච්ඡං දළ්හං බන්ධි. අථ නං මහාසත්තො දිස්වා “සෙනක, කිං කරොසී”ති පුච්ඡි. “පණ්ඩිත, උමඞ්ගෙන ගච්ඡන්තෙහි නාම වෙඨනං මොචෙත්වා කච්ඡං දළ්හං බන්ධිත්වා ගන්තබ්බ”න්ති . “සෙනක, ‘උමඞ්ගං පවිසන්තො ඔනමිත්වා ජණ්ණුකෙහි පතිට්ඨාය පවිසිස්සාමී’ති මා සඤ්ඤමකාසි. සචෙ හත්ථිනා ගන්තුකාමොසි, හත්ථිං අභිරුය්හ ගච්ඡාහි. සචෙ අස්සෙන ගන්තුකාමොසි, අස්සං අභිරුය්හ ගච්ඡාහි. උච්චො උමඞ්ගො අට්ඨාරසහත්ථුබ්බෙධො විසාලද්වාරො, ත්වං යථාරුචියා අලඞ්කතප්පටියත්තො රඤ්ඤො පුරතො ගච්ඡාහී”ති ආහ. බොධිසත්තො කිර සෙනකස්ස ගමනං පුරතො විචාරෙත්වා රාජානං මජ්ඣෙ කත්වා සයං පච්ඡතො අහොසි. කිං කාරණා? රාජා අලඞ්කතඋමඞ්ගං ඔලොකෙන්තො මා සණිකං අගමාසීති. උමඞ්ගෙ මහාජනස්ස යාගුභත්තඛාදනීයාදීනි අප්පමාණානි අහෙසුං. තෙ මනුස්සා ඛාදන්තා පිවන්තා උමඞ්ගං ඔලොකෙන්තා ගච්ඡන්ති. මහාසත්තො “යාථ මහාරාජ, යාථ මහාරාජා”ති චොදෙන්තො පච්ඡතො යාති. රාජා අලඞ්කතදෙවසභං විය උමඞ්ගං ඔලොකෙන්තො යාති. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔව්හු දොරකවුළු විවෘතකොට මහා සත්ත්වයන්ට දැනුම් දුන්හ. ඔහු රජුට දැනුම් දුන්නේය. දේවයන් වහන්ස! දැන් සුදුසු වේලාවය. ප්‍රාසාදයෙන් බසින්න. රජු බැස්සේය. සේනකයා හිස්වැසුම ඉවත්කරයි. සළුව ගලවයි. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුව දැක කුමක් කරන්නෙහිදැයි ඇසීය. පණ්ඩිතය, උමගින් යන්නවුන් විසින් තලප්පාව ගලවා පටිය තදින් බැඳගෙන යායුතුය. සේනකය, උමගට පිවිසෙන්නා නැමී දණගසාගෙන පිවිසිය යුතුයයි නියම කළේ නැත. ඉදින් ඇතුපිටින් යනු කැමැත්තේද ඇතා පිට නැග යන්න. උමග උසය. දහඅට රියනක් පළලය. විශාල දොරටුවක් ඇත. ඔබ කැමැති පරිදි සැරසී සූදානම් වී රජුගේ ඉදිරියෙන් යන්නයැයි පැවසීය. බෝධිසත්ත්වයෝ වනාහි සේනකයන් ඉදිරියෙන් ම යවා රජු මැදිකර තමා පසුපසින් සිටියේය. කුමක් නිසාද? උමග බලන තැනැත්තාට ඉක්මණින් පැමිණිය නොහැක. උමගෙහි මහජනයාට කැඳ, බත්, කැවිලි ආදිය අප්‍රමාණ ලෙස තිබිණ. ඒ මිනිස්සු කමින්, බොමින් උමග බලමින් යත්. මහාසත්ත්වයෝ ද යන්න මහරජතුමනි, යන්න යැයි කියමින් පසුපසින් යති. රජු අලංකාර කළ දේව සභාව බඳු උමග බලමින් යයි. ඒ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“පුරතො සෙනකො යාති, පච්ඡතො ච මහොසධො; මජ්ඣෙ ච රාජා වෙදෙහො, අමච්චපරිවාරිතො”ති.
සේනකයා ඉදිරියෙහිද මහෞෂධ පණ්ඩිත තෙමේ පසුපස ද ඇමැතිජනයා පිරිවරන ලද වේදේහ රජ මැදින් ද ගමන් කරත්.
රඤ්ඤො ආගතභාවං ඤත්වා තෙ මාණවා රාජමාතරඤ්ච දෙවිඤ්ච පුත්තඤ්ච ධීතරඤ්ච උමඞ්ගා නීහරිත්වා මහාවිසාලමාළකෙ ඨපෙසුං. රාජාපි බොධිසත්තෙන සද්ධිං උමඞ්ගා නික්ඛමි. තෙ රාජානඤ්ච පණ්ඩිතඤ්ච දිස්වා “නිස්සංසයං පරහත්ථං ගතම්හා, අම්හෙ ගහෙත්වා ආගතෙහි පණ්ඩිතස්ස පුරිසෙහි භවිතබ්බ”න්ති මරණභයතජ්ජිතා මහාවිරවං විරවිංසු. චූළනිරාජාපි කිර වෙදෙහරඤ්ඤො පලායනභයෙන ගඞ්ගාතො ගාවුතමත්තට්ඨානෙ අට්ඨාසි. සො සන්නිසින්නාය රත්තියා තෙසං විරවං සුත්වා “නන්දාදෙවියා විය සද්දො”ති වත්තුකාමොපි “කුහිං නන්දාදෙවිං පස්සිස්සසී”ති පරිහාසභයෙන න කිඤ්චි ආහ. මහාසත්තො පන තස්මිං ඨානෙ පඤ්චාලචන්දිං කුමාරිකං රතනරාසිම්හි ඨපෙත්වා අභිසිඤ්චිත්වා “මහාරාජ, ත්වං ඉමිස්සා කාරණා ආගතො, අයං තෙ අග්ගමහෙසී හොතූ”ති ආහ. තීණි නාවාසතානි උපට්ඨාපෙසුං, රාජා විසාලමාළකා ඔතරිත්වා අලඞ්කතනාවං අභිරුහි. තෙපි චත්තාරො ඛත්තියා නාවං අභිරුහිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජු පැමිණි බව දැනගත් ඒ තරුණයෝ චූළනී රජුගේ මවද පුතාවද දියණියවද උමගින් බැහැරකොට විශාල ශාලාවේ තැබූහ. රජුද බෝධිසත්ත්වයන් සමග උමගින් නික්මිණ. ඔවුහු රජුවද පණ්ඩිතයන්වද දැක නිසැකයෙන්ම අපි අනුන් යටතට පත්වූවෝ වෙමු. අපව ගෙන ආවාහු පණ්ඩිතයන් ගේ පුරුෂයන් විය යුතුයි. මරණ බියෙන් බියපත් වූවාහු මහා හඬින් හැඬූහ. චූළනී රජු ද වේදේහ රජු පළා යයි යන බියෙන් ගඟට ගව්වක් පමණ තැන සිටියේය. ඔහු හුන්නා වූ රාත්‍රියෙහි ඔවුන්ගේ ඝෝෂාව අසා එය නන්දා දේවියගේ හඬ වැනි යයි කියනු කැමැත්තේ විය. නන්දා දේවිය කොහේ සිටින්නීදැයි නින්දාවට බියෙන් කිසිවක් නොකීවේය. මහාසත්ත්වයෝ එම ස්ථානයේ පංචාලචණ්ඩි කුමාරිකාව මාණික්‍ය රාශියක තබා අභිෂේක කොට මහරජ, නුඹ මේ හේතුවෙන් ආවේ වන. මේ ඔබගේ අගමෙහෙසිය වේවායි කීය. නැව් තුන්සියයක් ගෙනැවිත් තැබූහ. රජු විශාල මහල්තලයෙන් බැස සැරසූ නැවට නැංගේය. ඒ ක්ෂත්රියයෝ සතරදෙනාද නැවට නැංගාහ. ඒ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“උමඞ්ගා නික්ඛමිත්වාන, වෙදෙහො නාවමාරුහි; අභිරුළ්හඤ්ච තං ඤත්වා, අනුසාසි මහොසධො.
උමගින් නික්මුණු වේදේහ රජු නැවට නැංගේය. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැගි රජුට අනුශාසනා කළේය.
“අයං තෙ සසුරො දෙව, අයං සස්සු ජනාධිප; යථා මාතු පටිපත්ති, එවං තෙ හොතු සස්සුයා.
දේවයන් වහන්ස, මේ ඔබගේ මයිලණුවන්ගේ පුත්ය. මහරජ, මේ ඔබගේ නැන්දනියයි. යම්සේ මව කෙරෙහි පවත්නේද එසේ නැන්දනිය කෙරෙහි පවතුව.
“යථාපි නියකො භාතා, සඋදරියො එකමාතුකො; එවං පඤ්චාලචන්දො තෙ, දයිතබ්බො රථෙසභ.
මහරජ, යම්සේ එක මව්කුස උපන් සොහොයුරා කෙරෙහි පවත්නේද එසේ මේ පංචාලචණ්ඩ කුමරුට ආදරය කළ යුතුය.
“අයං පඤ්චාලචන්දී තෙ, රාජපුත්තී අභිච්ඡිතා; කාමං කරොහි තෙ තාය, භරියා තෙ රථෙසභා”ති.
මහරජ, මේ ඔබ විසින් අතිශයින් රුචිකරනු ලබන පංචාලචණ්ධී රජකුමරියයි. ඕ තොමෝ ඔබගේ බිරිඳයි. ඇය සමග කැමැති සේ පවතින්න.
තත්ථ අනුසාසීති එවං කිරස්ස අහොසි “කදාචි එසො කුජ්ඣිත්වා චූළනිරඤ්ඤො මාතරං මාරෙය්ය, අභිරූපාය නන්දාදෙවියා සද්ධිං සංවාසං කප්පෙය්ය, රාජකුමාරං වා මාරෙය්ය, පටිඤ්ඤමස්ස ගණ්හිස්සාමී”ති. තස්මා “අයං තෙ”තිආදීනි වදන්තො අනුසාසි. තත්ථ අයං තෙ සසුරොති අයං තව සසුරස්ස චූළනිරඤ්ඤො පුත්තො පඤ්චාලචන්දියා කනිට්ඨභාතිකො, අයං තෙ ඉදානි සසුරො. අයං සස්සූති අයං ඉමිස්සා මාතා නන්දාදෙවී නාම තව සස්සු. යථාමාතූති යථා මාතු පුත්තා වත්තප්පටිවත්තං කරොන්ති , එවං තෙ එතිස්සා හොතු, බලවතිං මාතුසඤ්ඤං පච්චුපට්ඨාපෙත්වා මා නං කදාචි ලොභචිත්තෙන ඔලොකෙහි. නියකොති අජ්ඣත්තිකො එකපිතරා ජාතො. එකමාතුකොති එකමාතරා ජාතො. දයිතබ්බොති පියායිතබ්බො. භරියාති අයං තෙ භරියා, මා එතිස්සා අවමානං අකාසීති රඤ්ඤො පටිඤ්ඤං ගණ්හි.
එහි අනුසාසී යනු ඔහුට මෙසේ අදහසක් විය. යම්දිනක මොහු කිපී චූළනී රජුගේ මව මරවන්නේය. රූමත් වූ නන්දා දේවිය සමග සංවාසයේ යෙදෙන්නේය. රාජකුමාරයාවද මරවන්නේය. මොහුගෙන් පොරොන්දුවක් ගන්නෙමි. ඒ නිසා අයං තෙ ආදිය කියමින් අනුශාසනා කළේය. එහි අයං තෙ සසුරො මේ ඔබගේ මාමණ්ඩිය වූ චූළනී රජුගේ පුත්‍රයාය. පංචාලචණ්ඩියගේ බාල සොහොයුරාය. මෙතෙමේ දැන් ඔබගේ මස්සිනාය. අයං යස්සූ යනු මේ මැයගේ මව නන්දා දේවියයි. ඔබගේ නැන්දනියයි. යම්සේ දරුවන් මවට මෙන් වත්පිළිවෙත් කරත්. මෙසේ ඇය කෙරෙහි බලවත් ලෙස මව යන හැඟීම ඇතිකරගත යුතු අතර කිසිදිනක ඈ කෙරෙහි ආශාවෙන් නොබලන්න. නියකො අභ්‍යන්තර ලෙස එක පියකුගෙන් උපන්. එකමාතුකො එක් මවකගෙන් උපන්. දයිතබ්බො ප්‍රිය කළයුතුයි. භරියා මේ ඔබගේ භාර්යාවයි. ඇයට අවමන් නොකරන්නැයි රජුගෙන් පොරොන්දුවක් ගත්තේය.
රාජාපි “සාධූ”ති සම්පටිච්ඡි. රාජමාතරං පන ආරබ්භ කිඤ්චි න කථෙසි. කිං කාරණා? තස්සා මහල්ලකභාවෙනෙව. ඉදං පන සබ්බං බොධිසත්තො තීරෙ ඨත්වාව කථෙසි. අථ නං රාජා මහාදුක්ඛතො මුත්තතාය ගන්තුකාමො හුත්වා “තාත, ත්වං තීරෙ ඨිතොව කථෙසී”ති වත්වා ගාථමාහ –
රජු යහපතැයි පිළිගත්තේය. රජුගේ මව පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළේ නැත. කුමක් නිසාද ඇය මහලු බැවිනි. මේ සියල්ලම බෝධිසත්ත්වයෝ ගංඉවුරේ සිට ප්‍රකාශ කළහ. ඉක්බිති මහා දුකකින් මිදුණු රජු නැවට යනු කැමැත්තේ වී ඔහුට මෙසේ කීය. දරුව, ඔබ ගංඉවුරේ සිටම කථා කරන්නෙහියැයි කියා මේ ගාථාව කීය.
“ආරුය්හ නාවං තරමානො, කිං නු තීරම්හි තිට්ඨසි; කිච්ඡා මුත්තාම්හ දුක්ඛතො, යාම දානි මහොසධා”ති.
මහෞෂධ පණ්ඩිතය, වහා නැවට නගින්න. කුමක් නිසා ඉවුරේ සිටින්නෙහිද? අපි ඉතා අපහසුවෙන් මිදුනෝ වෙමු. දැන් වහා පලා යමු.
මහාසත්තො “දෙව, තුම්හෙහි සද්ධිං ගමනං නාම මය්හං අයුත්ත”න්ති වත්වා ආහ –
මහාසත්ත්වයෝ දේවයන් වහන්ස, ඔබ සමග යාමනම් මට සුදුසු නැතැයි කියා මෙසේ පැවසීය.
“නෙස ධම්මො මහාරාජ, යොහං සෙනාය නායකො; සෙනඞ්ගං පරිහාපෙත්වා, අත්තානං පරිමොචයෙ.
මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැරපියා මම පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නොවෙයි.
“නිවෙසනම්හි තෙ දෙව, සෙනඞ්ගං පරිහාපිතං; තං දින්නං බ්රහ්මදත්තෙන, ආනයිස්සං රථෙසභා”ති.
මහරජ, ඔබගේ සේනාව ඒ නගරයෙහි හැරදමන ලද්දේය. මහරජ, බඹදත් රජු විසින් දෙනු ලබන ඒ සේනාව රැගෙන එන්නෙමි.
තත්ථ ධම්මොති සභාවො. නිවෙසනම්හීති තං නගරං සන්ධායාහ. පරිමොචයෙති පරිමොචෙය්යං. පරිහාපිතන්ති ඡඩ්ඩිතං. තෙසු හි මනුස්සෙසු දූරමග්ගං ආගතත්තා කෙචි කිලන්තා නිද්දං ඔක්කන්තා කෙචි ඛාදන්තා පිවන්තා අම්හාකං නික්ඛන්තභාවම්පි න ජානිංසු, කෙචි ගිලානා. මයා සද්ධිං චත්තාරො මාසෙ කම්මං කත්වා මම උපකාරකා මනුස්සා චෙත්ථ බහූ, න සක්කා මයා එකමනුස්සම්පි ඡඩ්ඩෙත්වා ගන්තුං, අහං පන නිවත්තිත්වා සබ්බම්පි තං තව සෙනං බ්රහ්මදත්තෙන දින්නං අප්පටිවිද්ධං ආනෙස්සාමි. තුම්හෙ, මහාරාජ, කත්ථචි අවිලම්බන්තා සීඝං ගච්ඡථ. මයා එවා අන්තරාමග්ගෙ හත්ථිවාහනාදීනි ඨපිතානි, කිලන්තකිලන්තානි පහාය සමත්ථසමත්ථෙහි සීඝං මිථිලමෙව පවිසථාති.
එහි ධම්මො යනු ස්වභාවයයි. නිවෙසනම්හිතෙ ඒ නගරය ගැන කීය. පරිමොචයෙ මුදන්නෙමි. පරිහාපිතං අත්හැර දමන ලදී. ඒ මිනිසුන් බොහෝදුරක් ආ බැවින් ඇතැමෙක් වෙහෙසට පත්ව නින්දට වැටෙන්නාහු තව කෙනෙක් කන්නාහු, බොන්නාහු අප පිටත්වූ බවද නොදන්නාහ. ඇතැමෙක් රෝගාතුරව සිටිත්. මා සමග සිව්මසක් වැඩකොට මට බොහෝ උපකාර කළ මිනිස්සු වෙත්. මා විසින් එක මිනිසකුවත් අතහැර දමා යන්නට නොහැක. මම නතරවී බ්‍රහ්මදත්ත විසින් දෙන ලද අවබෝධ නොකළ ඔබගේ ඒ සියලු සේනාව ගෙනෙන්නෙමි. මහරජ, ඔබ කිසිතැනක ප්‍රමාද නොවී වහා යන්න. මා විසින් ඔබගේ අතරමග ඇත්වාහන ආදිය තබන ලදී. වෙහෙසට පත්වූවන් හැර හැකි හැකි අය සමග වහා මියුළු නුවරට පිවිසෙන්න.
තතො රාජා ගාථමාහ –
ඉක්බිති රජතුමා මෙසේ කීය,
“අප්පසෙනො මහාසෙනං, කථං විග්ගය්හ ඨස්සසි; දුබ්බලො බලවන්තෙන, විහඤ්ඤිස්සසි පණ්ඩිතා”ති.
පණ්ඩිතයෙනි, මද සෙනග ඇති ඔබ මහ සෙනග ඇත්තාට කෙසේ විරුද්ධව සිටිනවුද? බලවතා විසින් දුර්වලයා පෙළනු ලබන්නේ මැයි.
තත්ථ විග්ගය්හාති පරිප්ඵරිත්වා. විහඤ්ඤිස්සසීති හඤ්ඤිස්සසි.
එහි විග්ගය්හ යනු කලහකොට. විහඤ්ඤස්සති නසන්නෙහිද?
තතො බොධිසත්තො ආහ –
ඉක්බිති බෝධිසත්ත්වයෝ ගාථාවක් කීහ,
“අප්පසෙනොපි චෙ මන්තී, මහාසෙනං අමන්තිනං; ජිනාති රාජා රාජානො, ආදිච්චොවුදයං තම”න්ති.
මඳ සෙනග ඇති නුවණැත්තා මහාසේනා ඇති අඥානයා ජය ගනී. උදාහිරු අඳුර දුරුකරන්නාක් මෙන් නුවණැති රජ අනුවණ රජු ජයග්‍රහණය කරයි.
තත්ථ මන්තීති මන්තාය සමන්නාගතො පඤ්ඤවා උපායකුසලො. අමන්තිනන්ති අනුපායකුසලං ජිනාති, පඤ්ඤවා දුප්පඤ්ඤං ජිනාති. රාජා රාජානොති එකොපි ච එවරූපො රාජා බහූපි දුප්පඤ්ඤරාජානො ජිනාතියෙව. යථා කින්ති? ආදිච්චොවුදයං තමන්ති, යථා ආදිච්චො උදයන්තො තමං විද්ධංසෙත්වා ආලොකං දස්සෙති, එවං ජිනාති චෙව සූරියො විය විරොචති ච.
එහි මන්තී යනු මන්ත්‍රණයෙන් යුත් ඥානවන්ත උපායෙහි දක්ෂ. අමන්තිනං උපායෙහි දක්ෂ නැත්තහුව දිනයි. ප්‍රඥාවන්තයා මෝඩයාව පරාජය කරයි. රාජා රාජානො එකෙක් ද මෙබඳු වූ රජු බොහෝ වූ අඥාන රජවරුන් දිනයි. යම්සේ කවරක් මෙන්ද ආදිච්චොවුදයං තමං යම්සේ හිරු උදාවන්නේ අඳුර දුරුකොට ආලෝකය දක්වයි. එපරිද්දෙන් දිනන්නේමය. සූර්යයා මෙන් බබලන්නේ ද වෙයි.
ඉදං වත්වා මහාසත්තො රාජානං “ගච්ඡථ තුම්හෙ”ති වන්දිත්වා උය්යොජෙසි. සො “මුත්තො වතම්හි අමිත්තහත්ථතො, ඉමිස්සා ච ලද්ධත්තා මනොරථොපි මෙ මත්ථකං පත්තො”ති බොධිසත්තස්ස ගුණෙ ආවජ්ජෙත්වා උප්පන්නපීතිපාමොජ්ජො පණ්ඩිතස්ස ගුණෙ සෙනකස්ස කථෙන්තො ගාථමාහ –
මෙය කියා මහා සත්ත්වයෝ රජුට වැඳ ඔබතුමන් යන්න යැයි කියා පිටත්කර හැරියේය. හෙතෙම සතුරා අතින් මිදුනේ වෙමි. මැයව ලැබීමෙන් මාගේ මනදොළ සම්පූර්ණ විය. බෝධිසත්ත්වයන්ගේ ගුණ සිහි කරමින් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ පණ්ඩිතයන්ගේ ගුණ සේනකයන්ට කියමින් මේ ගාථාව ප්‍රකාශ කළහ.
“සුසුඛං වත සංවාසො, පණ්ඩිතෙහීති සෙනක; පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො”ති.
සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේය. කූඩුවෙහි බැඳි පක්ෂීන් මෙන්ද දැලෙහි බැඳුණු මසුන් මෙන්ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතයෝ මුදවාලූහ.
තත්ථ සුසුඛං වතාති අතිසුඛං වත ඉදං, යො සංවාසො පණ්ඩිතෙහි. ඉතීති කාරණත්ථෙ නිපාතො. ඉදං වුත්තං හොති – යස්මා අමිත්තහත්ථගතෙ මොචයි නො මහොසධො, තස්මා, සෙනක, වදාමි. සුසුඛං වත ඉදං, යො එස පණ්ඩිතෙහි සංවාසොති.
එහි සුසුඛංවත මෙය වනාහි අතිශයින් සැපයකි. යමෙක් සංවාසො පණ්ඩිතෙහි කාරණාර්ථයේ ඉති නිපාතයයි. මෙය කියන ලද්දේ වන. යම්හෙයකින්, අමිත්තහත්ථත්ථගතෙ මොචයිනො මහොසධො (මහෞෂධයෝ සතුරන් අතට පත් අය මුදවාගන්නේ) ඒ නිසා සේනකය, යම් මේ පණ්ඩිතයන් සමග එක්වීම වනාහි අතිශයින් සැපයකැයි කියමි.
තං සුත්වා සෙනකොපි පණ්ඩිතස්ස ගුණෙ කථෙන්තො ආහ –
එය අසා සේනක තෙමේ ද පණ්ඩිතයන්ගේ ගුණ කියමින් මෙසේ කීය.
“එවමෙතං මහාරාජ, පණ්ඩිතා හි සුඛාවහා; පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො”ති.
මහරජ, එය එසේමය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නෝය. මැදිරියෙහි බැඳුණු පක්ෂීන් සේද දැල්හි බැඳුණු මසුන් සේද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතයෝ මුදවා ගත්හ.
අථ වෙදෙහරාජා නදිං උත්තරිත්වා යොජනන්තරෙ යොජනන්තරෙ මහාසත්තෙන කාරිතගාමං සම්පත්තො. තත්රස්ස බොධිසත්තෙන ඨපිතමනුස්සා හත්ථිවාහනාදීනි චෙව අන්නපානාදීනි ච අදංසු. සො කිලන්තෙ හත්ථිඅස්සරථාදයො ඨපෙත්වා ඉතරෙ ආදාය තෙහි සද්ධිං අඤ්ඤං ගාමං පාපුණි. එතෙනුපායෙන යොජනසතිකං මග්ගං අතික්කමිත්වා පුනදිවසෙ පාතොව මිථිලං පාවිසි. මහාසත්තොපි උමඞ්ගද්වාරං ගන්ත්වා අත්තනා සන්නද්ධඛග්ගං ඔමුඤ්චිත්වා උමඞ්ගද්වාරෙ වාලුකං වියූහිත්වා ඨපෙසි. ඨපෙත්වා ච පන උමඞ්ගං පවිසිත්වා උමඞ්ගෙන ගන්ත්වා නගරං පවිසිත්වා පාසාදං අභිරුය්හ ගන්ධොදකෙන න්හත්වා නානග්ගරසභොජනං භුඤ්ජිත්වා සයනවරගතො “මනොරථො මෙ මත්ථකං පත්තො”ති ආවජ්ජෙන්තො නිපජ්ජි. අථ තස්සා රත්තියා අච්චයෙන චූළනිරාජා සෙනඞ්ගං විචාරයමානො තං නගරං උපාගමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති වේදේහ රජු ගඟින් එතෙර වී යොදුනක් පමණ දුරින් පිහිටි මහාසත්ත්වයන් විසින් කරන ලද ගමට සැපත් විය. එහිදී බෝධිසත්ත්වයන් විසින් යොදා සිටිය මිනිස්සු ඔහුට ඇත්වාහන ආදියද ආහාරපානාදියද දුන්හ. ඔහු විඩාපත් පත් ඇත්, අස්, රථ නතරකර අනික්වා ගෙන ඔවුන් සමග වෙනත් ගමකට පැමිණියේය. මේ ක්‍රමයෙන් සියක්යොදුන් මග ගෙවා පසුදා උදයම මියුළුනුවරට පැමිණියේය. බෝධිසත්ත්වයෝ ද උමංදොර වෙත ගොස් තමා විසින් පැළඳ සිටි කඩුව ගලවා තබා උමංදොර ළඟ වැලි විසුරුවා තැබීය. එසේ තබා උමගට පිවිස උමගින් ගොස් ඒ නගරයට පිවිස සුවඳ පැනින් නා නොයෙක් අග්‍ර රසයන්ගෙන් යුත් බොජුන් වළඳා යහනට ගියේ මාගේ මනදොල සම්පූර්ණ වූයේ යැයි කල්පනා කරමින් හොත්තේය. ඉක්බිති ඒ රාත්‍රිය ගතවූ කල්හි චූළනී රජු සේනාව හසුරුවමින් ඒ නගරයට ළඟාවිය. ඒ කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“රක්ඛිත්වා කසිණං රත්තිං, චූළනෙය්යො මහබ්බලො; උදෙන්තං අරුණුග්ගස්මිං, උපකාරිං උපාගමි.
මහත් බල ඇති චූළනී බ්‍රහ්මදත්ත රජු මුළු රෑ රැකවල් කොට අරුණලු නැගෙන කල්හි උපකාරි නුවරට ළඟාවිය.
“ආරුය්හ පවරං නාගං, බලවන්තං සට්ඨිහායනං; රාජා අවොච පඤ්චාලො, චූළනෙය්යො මහබ්බලො.
මහා බල ඇති පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සැම අවුරුද්දෙන් මද නැගී සිටින්නා වූ බලවත් හස්තියකු පිටට පැන නැගී සිය සෙනඟට මෙසේ කීය.
“සන්නද්ධො මණිවම්මෙන, සරමාදාය පාණිනා; පෙසියෙ අජ්ඣභාසිත්ථ, පුථුගුම්බෙ සමාගතෙ”ති.
මැණික් ඔබා කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ රජ බොහෝ යුද්ධ ශිල්පයන්හි දක්ෂ වූ අතින් දුනු හී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට පළමුකොට පැවසීය.
තත්ථ කසිණන්ති සකලං නිස්සෙසං. උදෙන්තන්ති උදෙන්තෙ. උපකාරින්ති පඤ්චාලනගරං උපාදාය මහාසත්තෙනකාරිතත්තා “උපකාරී”ති ලද්ධනාමකං තං නගරං උපාගමි. අවොචාති අත්තනො සෙනං අවොච. පෙසියෙති අත්තනො පෙසනකාරකෙ. අජ්ඣභාසිත්ථාති අධිඅභාසිත්ථ, පුරෙතරමෙව අභාසිත්ථ, පුථුගුම්බෙති බහූසු සිප්පෙසු පතිට්ඨිතෙ අනෙකසිප්පජානනකෙති.
එහි කසිණං යනු සම්පූර්ණ උදෙනතං උදාවන. උපකාරිං පංචාල නගරය සමානකොට මහාසත්ත්වයන් විසින් කරවන ලද බැවින් ලබන ලද නම් ඇති ඒ නගරයට පැමිණියේය. අවොච තමන්ගේ සේනාවට කීවේය. පෙස්සියෙ තමාට එවන්නවුන්. අජ්ඣභාසිත්ථ පළමුවෙන් කීවේය. කල්ඇතිවම කීවේය. පුථුගුම්බෙ බොහෝ ශිල්පයන්හි පිහිටි, ශිල්ප දන්නා.
ඉදානි තෙ සරූපතො දස්සෙතුමාහ –
දැන් ඔබට සමාන වශයෙන් දක්වන්නට,
“හත්ථාරොහෙ අනීකට්ඨෙ, රථිකෙ පත්තිකාරකෙ; උපාසනම්හි කතහත්ථෙ, වාලවෙධෙ සමාගතෙ”ති.
ඇතුන් නැගෙන්නා වූද අසුන් නැගෙන්නා වූද රියට නැගෙන්නා වූද පයින් ගමන් කරන්නා වූද මහ සෙනගද රැස්වූ අති දක්ෂ වාළවේධී ධනුර්ධරයන්ද යැයි කියන ලදී.
තත්ථ උපාසනම්හීති ධනුසිප්පෙ. කතහත්ථෙති අවිරජ්ඣනවෙධිතාය සම්පන්නහත්ථෙ.
එහි උපාසනම්හි දුනු ශිල්පයේ කතහත්ථෙ නොවරදින ලෙස විදීමෙහි කෘතහස්ත.
ඉදානි රාජා වෙදෙහං ජීවග්ගාහං ගණ්හාපෙතුං ආණාපෙන්තො ආහ –
දැන් රජු වේදේහ රජුව ජීවග්රාහයෙන් අල්ලා ගැනීමට නියෝග කරමින් මෙසේ කීය.
“පෙසෙථ කුඤ්ජරෙ දන්තී, බලවන්තෙ සට්ඨිහායනෙ; මද්දන්තු කුඤ්ජරා නගරං, වෙදෙහෙන සුමාපිතං.
බලවත් වූ සැට අවුරුද්දෙන් මද නැගී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙයවවු. වේදේහ රජු විසින් නිර්මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා.
“වච්ඡදන්තමුඛා සෙතා, තික්ඛග්ගා අට්ඨිවෙධිනො; පණුන්නා ධනුවෙගෙන, සම්පතන්තුතරීතරා.
දුනු වේගයෙන් මුදාහළ නියන් බඳු මුව ඇති සුදු පැහැති තියුණු අගේ ඇති ඇට විදුනා ශර මතු මත්තේ වැටෙත්වා,
“මාණවා වම්මිනො සූරා, චිත්රදණ්ඩයුතාවුධා; පක්ඛන්දිනො මහානාගා, හත්ථීනං හොන්තු සම්මුඛා.
සන්නාහයෙන් සැරසුණු විසිතුරු දඬුවලින් යුත් ආයුධ අතින් ගත් ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නොසැලෙන මහත් බලැති තරුණ යෝධයෝ ඇතුන් වෙත එකතු වෙත්වා,
“සත්තියො තෙලධොතායො, අච්චිමන්තා පභස්සරා; විජ්ජොතමානා තිට්ඨන්තු, සතරංසීව තාරකා.
කෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාමත් වූ අඩයටි සියක්රැසින් යුත් ඕසධී තාරකා සෙයින් බබළමින් සිටීවා.
“ආවුධබලවන්තානං , ගුණිකායූරධාරිනං; එතාදිසානං යොධානං, සඞ්ගාමෙ අපලායිනං; වෙදෙහො කුතො මුච්චිස්සති, සචෙ පක්ඛීව කාහිති.
ආයුධ බලයෙන් යුත් යුද්ධ සැට හා අඟු පළඳනා දරන්නා වූ සංග්රාමයන්හි නොපසුබස්නා මෙබඳු යෝධයන් වෙතින් කෙසේනම් වේදේහයා මිදෙන්නේද, ඉදින් පක්ෂියෙකු සේ අහසින් ගමන් කළද නොමිදෙන්නේමයැ.
“තිංස මෙ පුරිසනාවුත්යො, සබ්බෙවෙකෙකනිච්චිතා; යෙසං සමං න පස්සාමි, කෙවලං මහීමං චරං.
එක් එක් කෙනෙකු වෙන වෙනම තෝරාගන්නා ලද සියල්ල තිස්නව දහසක් වූ මාගේ යෝධයන්ට සම වූවත් මේ මුළු පොළවෙහි ඇවිද බැලුවද නොදකිමි.
“නාගා ච කප්පිතා දන්තී, බලවන්තො සට්ඨිහායනා; යෙසං ඛන්ධෙසු සොභන්ති, කුමාරා චාරුදස්සනා.
සැට අවුරුද්දෙන් මද නැගී සිටින්නා වූ මනාව සරසන ලද බලවත් දළ ඇතුන් මතැ රන්වන් කුමාරවරු බබලත්.
“පීතාලඞ්කාරා පීතවසනා, පීතුත්තරනිවාසනා; නාගඛන්ධෙසු සොභන්ති, දෙවපුත්තාව නන්දනෙ.
නන්දන උයනේ දේවපුත්‍රයන් සේ රන්වන් හඳනා පොරෝනාවෙන් හා රන්වන් අලංකාරයෙන් බබලන යෝධයෝ ඇතුන්පිට බබලත්.
“පාඨීනවණ්ණා නෙත්තිංසා, තෙලධොතා පභස්සරා; නිට්ඨිතා නරධීරෙභි, සමධාරා සුනිස්සිතා.
පෙටියන්ගේ උදරයට සමාන වර්ණ ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනාවැ මුවහත් කරන ලද සම වූ මුවහත ඇති.
“වෙල්ලාලිනො වීතමලා, සික්කායසමයා දළා; ගහිතා බලවන්තෙභි, සුප්පහාරප්පහාරිභි.
මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසිදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහරදෙන යෝධයන් විසින් ගන්නා ලද.
“සුවණ්ණථරුසම්පන්නා, ලොහිතකච්ඡුපධාරිතා; විවත්තමානා සොභන්ති, විජ්ජූවබ්භඝනන්තරෙ.
රන්කම් කල මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබමොබ පෙරළෙන්නාහු වැසි වළාකුළු අතර විදුලිය සේ බබළත්.
“පටාකා වම්මිනො සූරා, අසිචම්මස්ස කොවිදා; ධනුග්ගහා සික්ඛිතරා, නාගඛන්ධෙ නිපාතිනො.
දරණ ලද සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරීමෙහි අතිශයින් දක්ෂ වූ හස්තියකුගේ කඳ පවා දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි පිනුම් ගසන යෝධයෝ ඇත්තාහ.
“එතාදිසෙහි පරික්ඛිත්තො, නත්ථි මොක්ඛො ඉතො තව; පභාවං තෙ න පස්සාමි, යෙන ත්වං මිථිලං වජෙ”ති.
මෙබඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමක් නම් නැත්තේය. යම් ක්‍රමයකින් නුඹ මියුළු නුවරට යන්නෙහි නම් එවැනි රාජානුභාවයක් නොදක්නෙමි.
තත්ථ දන්තීති සම්පන්නදන්තෙ. වච්ඡදන්තමුඛාති නිඛාදනසදිසමුඛා. පණුන්නාති විස්සට්ඨා. සම්පතන්තුතරීතරාති එවරූපා සරා ඉතරීතරා සම්පතන්තු සමාගච්ඡන්තු. ඝනමෙඝවස්සං විය සරවස්සං වස්සථාති ආණාපෙසි. මාණවාති තරුණයොධා. වම්මිනොති වම්මහත්ථා. චිත්රදණ්ඩයුතාවුධාති චිත්රදණ්ඩයුත්තෙහි ආවුධෙහි සමන්නාගතා. පක්ඛන්දිනොති සඞ්ගාමපක්ඛන්දිකා. මහානාගාති මහානාගෙසු කොඤ්චනාදං කත්වා ආගච්ඡන්තෙසුපි නිච්චලා ඨත්වා තෙසං දන්තෙ ගහෙත්වා ලුඤ්චිතුං සමත්ථා යොධා. සතරංසීව තාරකාති සතරංසී විය ඔසධිතාරකා. ආවුධබලවන්තානන්ති ආවුධබලෙන යුත්තානං සමන්නාගතානං. ගුණිකායූරධාරිනන්ති ගුණි වුච්චති කවචං, කවචානි චෙව කායූරාභරණානි ච ධාරෙන්තානං, කවචසඞ්ඛාතානි වා කායූරානි ධාරෙන්තානං. සචෙ පක්ඛීව කාහිතීති සචෙපි පක්ඛී විය ආකාසෙ පක්ඛන්දනං කරිස්සති, තථාපි කිං මුච්චිස්සතීති වදති.
එහි දන්තී දන්තයන් ඇති. වච්ඡදන්තමුබා නියනට සමාන මුහුණත ඇති. පහුන්නා විදින ලද, මුදාහරින ලද, සම්පතන්තූ මේ ආකාර ඊතල වෙනවෙනම වැටෙත්වා. එක්තැන් වෙත්වා. ඝන වර්ෂාවක් මෙන් වසීවායි ආණාපෙති නියෝග කරයි. මාණවා - තරුණ යෝධයෝ. චම්මිනො සම් යෙදූ අත් ඇති. චිත්රදණ්ඩයුතාවුධා විසිතුරු මිටකින් යුත් ආයුධවලින් සමන්විත. පක්ඛන්දිනො සංග්‍රාමය තුළට පැනයන. මහානාගා මහා හස්තීන් කුංචනාද කොට එනකල්හි. නිශ්චලව සිට. ඔවුන්ගේ දළවලින් අල්ලා ඒවා කපාදැමීමට දක්ෂ යෝධයෝ. සතරංසාවිය තාරකා සියක් රැසින් යුත් ඕසධී තාරකාව මෙන්. ආවුධබලවන්තානං ආයුධ බලයෙන් යුක්ත වූවන්ගේ ගුණිකායූරධාරිනං ගුණී යනු යුද හැට්ටය ඒවාම ආභරණ ලෙස දරන්නවුන්ගේ, යුදහැට්ට සංඛ්‍යාත බාහු වළලු දරන්නවුන්ගේ. සචෙ පක්ඛීව කාහති ඉදින් පක්ෂියකු මෙන් අහසේ පැනයයි. එසේ වුවත් කෙසේ මිදෙන්නේදැයි කියයි.
තිංස මෙ පුරිසනාවුත්යොති පුරිසානං තිංසසහස්සානි නවුතිසතානි තිංසනාවුත්යොති වුච්චන්ති. සබ්බෙවෙකෙකනිච්චිතාති එත්තකා මය්හං පරෙසං හත්ථතො ආවුධං ගහෙත්වා පච්චාමිත්තානං සීසපාතනසමත්ථා එකෙකං විචිනිත්වා ගහිතා අනිවත්තිනො යොධාති දස්සෙති. කෙවලං මහීමං චරන්ති සකලම්පි ඉමං මහිං චරන්තො යෙසං සමං සදිසං න පස්සාමි, කුතො උත්තරිතරං, තෙයෙව මෙ යොධා එත්තකාති දස්සෙති. චාරුදස්සනාති චාරු වුච්චති සුවණ්ණං, සුවණ්ණවණ්ණාති අත්ථො. පීතාලඞ්කාරාති පීතවණ්ණසුවණ්ණාලඞ්කාරා. පීතවසනාති පීතවණ්ණසුවණ්ණවත්ථා. පීතුත්තරනිවාසනාති පීතඋත්තරාසඞ්ගනිවත්ථා. පාඨීනවණ්ණාති පාසාණමච්ඡසදිසා. නෙත්තිංසාති ඛග්ගා. නරධීරෙභීති පණ්ඩිතපුරිසෙහි. සුනිස්සිතාති සුනිසිතා අතිතිඛිණා.
තිංසමෙ පුරිසනාවුත්යො පුරුෂයන් තිස්දාහයි. නවදාහයි. තිස්නවදාහයි. සබ්බෙවකෙක නිච්ඡිතා මාගේ මෙපමණක්, අනුන්ගේ අතින් ආයුධ ගෙන සතුරන්ගේ හිස් දැමීමට සමර්ථ එකිනෙකා වෙනම තෝරාගත්තා වූ නොනවතින්නා වූ යෝධයෝ. කෙවලං මහමංචරං මේ මුළු පොළවේම ඇවිද්දත් සමානයන් නැති එබඳු වූ යෝධයෙන් මෙපමණකැයි දක්වයි. චාරුදස්සනා චාරු යනු රත්රය. රන්වන් පාට යනු අර්ථයි. පීතාලංකාරා කහපාට උතුරුසළුව ඇති. පාඨිනවණ්ණා පෙටියා නම් වූ මත්ස්‍යයාට සමාන. නෙත්තිංසා කඩු. නරවීරෙහි පණ්ඩිත පුරුෂයන් විසින්. සූනිස්සිතා අතිශයින් තියුණු.
වෙල්ලාලිනොති ඨිතමජ්ඣන්හිකෙ සූරියො විය විජ්ජොතමානා. සික්කායසමයාති සත්ත වාරෙ කොඤ්චසකුණෙ ඛාදාපෙත්වා ගහිතෙන සික්කායසෙන කතා. සුප්පහාරප්පහාරිභීති දළ්හප්පහාරෙහි යොධෙහි. ලොහිතකච්ඡුපධාරිතාති ලොහිතවණ්ණාය කොසියා සමන්නාගතා. පටාකාති ආකාසෙ පරිවත්තනසමත්ථා. සූරාති ජාතිසූරා. අසිචම්මස්ස කොවිදාති එතෙසං ගහණෙ කුසලා. ධනුග්ගහාති ධනුග්ගහකා. සික්ඛිතරාති එතස්මිං ධනුග්ගහණෙ අතිවිය සික්ඛිතා. නාගඛන්ධෙ නිපාතිනොති හත්ථික්ඛන්ධෙ ඛග්ගෙන ඡින්දිත්වා නිපාතනසමත්ථා. නත්ථි මොක්ඛොති අම්භො, වෙදෙහ, ත්වං පඨමං තාව ගහපතිපුත්තස්සානුභාවෙන මුත්තොසි, ඉදානි පන නත්ථි තව මොක්ඛොති වදති. පභාවං තෙති ඉදානි තෙ රාජානුභාවං න පස්සාමි, යෙන ත්වං මිථිලං ගමිස්සසි ඛිප්පං, ජාලෙ පවිට්ඨමච්ඡො විය ජාතොසීති.
වෙල්ලාළිනො මධ්‍යාහ්නයේ සිටි සූර්යයා මෙන් බබළන. සික්කාය සමයා සත්වරක් කොස්වාළිහිණියන් ලවා කවවා ගන්නා ලද පිරිසිදු ලෝහයෙන් කරන ලද සුප්පහාරප්පහාරිහි දැඩි ලෙස ප්‍රහාර දෙන යෝධයන් විසින් ලොහිතකච්ඡූපධාරිතා රක්තවරණ කඩු කොපුවෙන් යුක්ත. පතාකා අහසෙහි පිනුම්ගැසීමට සමර්ථ. අසිචම්මස්සකොවිදා කඩුව හා පලිහ යන මේවා දැරීමේ අතිදක්ෂ ථරුග්ගහසික්ඛිතාරො කඩුමිට ඇල්ලීමෙහි අතිශයින් පුහුණුව ලත්. නාගක්ඛන්ධාතිපාතිනො ඇත්කඳක් කඩුවෙන් කපා හෙලීමට සමර්ථ. නත්ථිමොක්ඛො එම්බා වේදේහය, පළමු ගෘහපති පුත්‍රයාගේ අනුභාවයෙන් මිදුන්නේ වෙහි. දැන් වනාහි තට ගැලවීමක් නම් නැතැයි කියයි. පභාවංතෙ දැන් නුඹගේ රාජානුභාවයක් නොදකිමි. මියුළු නුවරට යන්නා වූ නුඹ අද ළිඳකට වැටුණු මත්ස්‍යයකු බඳුය.
චූළනිරාජා වෙදෙහං තජ්ජෙන්තො “ඉදානි නං ගණ්හිස්සාමී”ති වජිරඞ්කුසෙන නාගං චොදෙන්තො “ගණ්හථ, භින්දථ, විජ්ඣථා”ති සෙනං ආණාපෙන්තො උපකාරිනගරං අවත්ථරන්තො විය උපාගමි. අථ නං මහාසත්තස්ස උපනික්ඛිත්තකපුරිසා “කො ජානාති, කිං භවිස්සතී”ති අත්තනො උපට්ඨාකෙ ගහෙත්වා පරිවාරයිංසු. තස්මිං ඛණෙ බොධිසත්තො සිරිසයනා වුට්ඨාය කතසරීරප්පටිජග්ගනො භුත්තපාතරාසො අලඞ්කතප්පටියත්තො සතසහස්සග්ඝනකං කාසිකවත්ථං නිවාසෙත්වා රත්තකම්බලං එකංසෙ කරිත්වා සත්තරතනවිචිත්තං වලඤ්ජනදණ්ඩකං ආදාය සුවණ්ණපාදුකං ආරුය්හ දෙවච්ඡරාය විය අලඞ්කතඉත්ථියා වාලබීජනියා බීජියමානො අලඞ්කතපාසාදෙ සීහපඤ්ජරං විවරිත්වා චූළනිරඤ්ඤො අත්තානං දස්සෙන්තො සක්කදෙවරාජලීලාය අපරාපරං චඞ්කමි. චූළනිරාජාපි තස්ස රූපසිරිං ඔලොකෙත්වා චිත්තං පසාදෙතුං නාසක්ඛි, “ඉදානි නං ගණ්හිස්සාමී”ති තුරිතතුරිතොව හත්ථිං පෙසෙසි. පණ්ඩිතො චින්තෙසි “අයං ‘වෙදෙහො මෙ ලද්ධො’ති සඤ්ඤාය තුරිතතුරිතොව ආගච්ඡති, න ජානාති අත්තනො පුත්තදාරං ගහෙත්වා අම්හාකං රඤ්ඤො ගතභාවං, සුවණ්ණාදාසසදිසං මම මුඛං දස්සෙත්වා කථෙස්සාමි තෙන සද්ධි”න්ති. සො වාතපානෙ ඨිතොව මධුරස්සරං නිච්ඡාරෙත්වා තෙන සද්ධිං කථෙන්තො ආහ –
මෙසේ වේදේහයන්ට තර්ජනය කරමින් දැන් ඔහුව අල්ලාගන්නෙමියි තියුණු අංකුශයෙන් ඇතාව මෙහෙයවන්නේ ගනිව්. බිඳිව්. විදිව් කියා සේනාවට අණදෙමින් චූළනී රජු උපකාරී නගරයට මර්ධනය කරන්නාක් මෙන් එළඹියේය. ඉක්බිති ඔහුව මහාසත්ත්වයන් විසින් යොදවා සිටි පුරුෂයෝ කවරෙක් දනීද? කුමක් වන්නේදැයි තමන්ගේ සේවකයන් ගෙන් පිරිවරා ගත්හ. ඒ මොහොතේ බෝධිසත්ත්වයෝ සිරියහනාවෙන් නැගිට කරන ලද සිරුරු පිළිදැගුම් ඇත්තේ උදේ ආහාරය ගෙන සැරසී ලක්ෂයක් වටිනා කසී සළුවක් හැඳ රතුකම්බිලියක් ඒකාංශකොට සප්ත රත්නයෙන් විසිතුරු කළ සැරයටිය ගෙන රන්මිරිවැඩි සඟල පැළඳ දෙවඟනන් බඳු අලංකාර වූ ස්ත්‍රියක විසින් වල්විදුනාවකින් පවන්සලනු ලබන්නේ අලංකාර ප්‍රාසාදයේ සීමැදුරු කවුළුව විවෘතකර චූළනී රජුට තමාව පෙනෙන සේ ශක්රදේවේන්ද්ර විලාශයෙන් ඔබමොබ සක්මන් කළේය. චූළනී රජු ඔහුගේ රූපශ්‍රීය බලා සිත පහදවා ගන්නට අපොහොසත් විය. දැන් ඔහුව අල්ලා ගන්නෙමියි වහවහා ඇතු මෙහෙයවීය. පණ්ඩිතයෝ මෙසේ සිතුහ. මේ වේදේහයා මට ලැබුණේය යන හැඟීමෙන් වහවහා එයි. අපගේ රජතුමා තමන්ගේ භාර්යාවරුන් ගෙනගිය බව නොදනී. රන් කැඩපතක් බඳු මාගේ මුහුණ පෙන්වා ඒ බව ඔහු සමග කියන්නෙමි. ඔහු කවුළුව ළඟ සිටම මිහිරි ස්වරයෙන් ඔහුට කියන්නේ මෙසේ කීය.
“කිං නු සන්තරමානොව, නාගං පෙසෙසි කුඤ්ජරං; පහට්ඨරූපො ආපතසි, සිද්ධත්ථොස්මීති මඤ්ඤසි.
කිම! වහ වහා උතුම් ඇතු මෙහෙයවන්නෙහිද? ප්‍රීතිමත් ස්වභාවයෙන් ඉදිරියට එන්නෙහි. ආත්මාර්ථය ඉෂ්ට වීයැයි සිතන්නෙහිද?
“ඔහරෙතං ධනුං චාපං, ඛුරප්පං පටිසංහර; ඔහරෙතං සුභං වම්මං, වෙළුරියමණිසන්ථත”න්ති.
දුන්න දමාපුව මැනව. හී හකුලාගන්න. විදුරුමිණියෙන් අලංකාර කරන ලද සන්නාහය ඉවත් කරන්න.
තත්ථ කුඤ්ජරන්ති සෙට්ඨං. පහට්ඨරූපොති හට්ඨතුට්ඨචිත්තො සොමනස්සජාතො. ආපතසීති ආගච්ඡසි. සිද්ධත්ථොස්මීති නිප්ඵන්නත්ථොස්මි, මනොරථො මෙ මත්ථකං පත්තොති මඤ්ඤසි. ඔහරෙතන්ති ඉමං චාපසඞ්ඛාතං ධනුං ඔහර, අවහර, ඡඩ්ඩෙහි, කො නු තෙ එතෙනත්ථො. පටිසංහරාති අපනෙත්වා අඤ්ඤස්ස වා දෙහි, පටිච්ඡන්නෙ වා ඨානෙ ඨපෙහි, කිං ඛුරප්පෙන කරිස්සසි. වම්මන්ති එතං වම්මම්පි අපනෙහි. ඉදං තයා හිය්යො පටිමුක්කං භවිස්සති, ඡඩ්ඩෙහි නං, මා තෙ සරීරං උප්පණ්ඩුකං අහොසි, අකිලමෙත්වා පාතොව නගරං පවිසාහීති රඤ්ඤා සද්ධිං කෙළිමකාසි.
එහි කුඤ්ජරං ශ්‍රේෂ්ඨ වූ. ආපතසි එනෙහි. ලද්ධත්ථොස්මි සඵල වූ මනදොළ ඇත්තේ වෙමි. මාගේ බලාපොරොත්තු සඵලවිය කියා සිතන්නෙහි. ඔහරෙ මේ චාප සංඛ්‍යාත වූ දුන්න ඉවත් කරන්න. බැහැර කරන්න. මෙයින් කවර ප්‍රයෝජනයක්ද? පටිසංහර බැහැරකොට වෙන කෙනෙකුට හෝ දෙන්න. සුරක්ෂිත තැනක හෝ තබන්න. ඊතලවලින් කුමක් කරන්නෙහිද? වම්මං මේ යුද ඇඳුමද ඉවත් කරන්න. මෙය ඔබ විසින් බොහෝසෙයින් ඇඳගත්තේ වන්නේය. එය ඉවත දමන්න. ඔබගේ ශරීරය සුදුමැලි කර නොගන්න. වෙහෙසට පත්නොවී උදෑසනම ඔබගේ නගරයට යන්න කියා රජු සමග විහිළු කළේය.
සො තස්ස වචනං සුත්වා “ගහපතිපුත්තො මයා සද්ධිං කෙළිං කරොති, අජ්ජ තෙ කත්තබ්බං ජානිස්සාමී”ති තං තජ්ජෙන්තො ගාථමාහ –
හෙතෙම ඔහුගේ වචන අසා, ගෘහපති පුත්‍රයා මා සමග සෙල්ලම් කරයි. අද නුඹට කළයුතු දේ දනිමි යැයි තර්ජනය කර මේ ගාථාව කීය.
“පසන්නමුඛවණ්ණොසි , ම්හිතපුබ්බඤ්ච භාසසි; හොති ඛො මරණකාලෙ, එදිසී වණ්ණසම්පදා”ති.
ප්‍රසන්න මුඛ වර්ණ ඇත්තෙහිය. මඳ සිනා පෙරදැරිකොට බෙණෙන්නෙහිය. මරණාසන්නයෙහි එබඳු වර්ණ සම්පත්තියක් වේ.
තත්ථ ම්හිතපුබ්බඤ්චාති පඨමං ම්හිතං කත්වා පච්ඡා භාසන්තො ම්හිතපුබ්බමෙව භාසසි, මං කිස්මිඤ්චි න ගණෙසි. හොති ඛොති මරණකාලෙ නාම වණ්ණසම්පදා හොතියෙව, තස්මා ත්වං විරොචසි, අජ්ජ තෙ සීසං ඡින්දිත්වා ජයපානං පිවිස්සාමාති.
එහි මිහිත පුබ්බඤ්ච පළමුව සිනාසී පසුව කථා කරන්නේ, මදසිනා සහිතව කථා කරන්නෙහි. කෙසේත් මා ගණන් ගන්නේ නැත. හොතිඛො මරණ කාලයෙහි වනාහි මෙබඳු වර්ණ සම්පත්තියක් වේ. ඒ නිසා නුඹ බබළන්නෙහිය. අද තාගේ හිස සිඳ ජයපැන් බොන්නෙමු.
එවං තස්ස තෙන සද්ධිං කථනකාලෙ මහාබලකායො මහාසත්තස්ස රූපසිරිං දිස්වා “අම්භො, අම්හාකං රාජා මහොසධපණ්ඩිතෙන සද්ධිං මන්තෙති , කිං නු ඛො කථෙසි, එතෙසං කථං සුණිස්සාමා”ති රඤ්ඤො සන්තිකමෙව අගමාසි. පණ්ඩිතොපි තස්ස කථං සුත්වා “න මං ‘මහොසධපණ්ඩිතො’ති ජානාසි. නාහං අත්තානං මාරෙතුං දස්සාමි, මන්තො තෙ , දෙව, භින්නො, කෙවට්ටෙන ච තයා ච හදයෙන චින්තිතං න ජාතං, මුඛෙන කථිතමෙව ජාත”න්ති පකාසෙන්තො ආහ –
මෙසේ ඔහු සමග කථාකරන වේලාවේ මහා බලසෙනග මහාසත්ත්වයන්ගේ රූපශ්‍රීය දැක අපගේ රජු මහෞෂධ පණ්ඩිතයන් සමග කථාකරයි. කුමක් කථා කරන්නේද? මොවුන්ගේ කථා අසන්නෙමුයි රජු ළඟටම ගියේය. පණ්ඩිතයෝද ඔහුගේ කථාව අසා මා මහෞෂධ පණ්ඩිතයන් බව නොදන්නෙහිද? මම තමාව මරන්නට නොදෙමි. ඔබගේ මන්ත්‍රණය බිඳුනේ වෙයි. කේවට්ටයා විසිනුත් නුඹ විසිනුත් හදවතින් සිතූ දෙය සිදු නොවීය. එය කට වචනයක් පමණක් බවට පත්වීයැයි ප්‍රකාශ කරන්නේ මෙසේ කීය.
මොඝං තෙ ගජ්ජිතං රාජ, භින්නමන්තොසි ඛත්තිය; දුග්ගණ්හොසි තයා රාජා, ඛළුඞ්කෙනෙව සින්ධවො.
මහරජ! තොපගේ ගර්ජනාව හිස්ය. ක්ෂත්රියය, තෙපි බිඳීගිය මන්ත්‍රණ ඇත්තේ වන්නහුය. කොටළුවකුට ජාති සෛන්ධවයකු අල්වාගත නොහැක්කා සේ තොප විසිනුදු වේදේහ රජ අල්වාපියනු නොහැක්කේමය.
“තිණ්ණො හිය්යො රාජා ගඞ්ගං, සාමච්චො සපරිජ්ජනො; හංසරාජං යථා ධඞ්කො, අනුජ්ජවං පතිස්සසී”ති.
වේදේහ රජ ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමග ගඟ තරණය කළේය. ඔහු ලුහුබඳින්නේ හංසරාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිම හොත්තේය.
තත්ථ භින්නමන්තොසීති යො තයා කෙවට්ටෙන සද්ධිං සයනගබ්භෙ මන්තො ගහිතො, තං මන්තං න ජානාතීති මා සඤ්ඤං කරි, පගෙව සො මයා ඤාතො, භින්නමන්තො අසි ජාතො. දුග්ගණ්හොසි තයාති මහාරාජ, තයා අම්හාකං රාජා අස්සඛළුඞ්කෙන සින්ධවො විය දුග්ගණ්හොසි, ඛළුඞ්කං ආරුළ්හෙන ජවසම්පන්නං ආජානීයං ආරුය්හ ගච්ඡන්තො විය ගහෙතුං න සක්කාති අත්ථො. ඛළුඞ්කො විය හි කෙවට්ටො, තං ආරුළ්හපුරිසො විය ත්වං, ජවසම්පන්නො සින්ධවො විය අහං, තං ආරුළ්හපුරිසො විය අම්හාකං රාජාති දස්සෙති. තිණ්ණො හිය්යොති හිය්යොව උත්තිණ්ණො. සො ච ඛො සාමච්චො සපරිජනො, න එකකොව පලායිත්වා ගතො. අනුජ්ජවන්ති සචෙ පන ත්වං තං අනුජවිස්සසි අනුබන්ධිස්සසි, අථ යථා සුවණ්ණහංසරාජං අනුජවන්තො ධඞ්කො අන්තරාව පතිස්සති, එවං පතිස්සසි, අන්තරාව විනාසං පාපුණිස්සසීති වදති.
එහි භින්නමන්තොසි යමෙක් නුඹ විසින් කේක්වට්ටයා සමග නිදන කාමරයේදී මන්ත්‍රණයක් කළේද එය මා නොදනීයයි නොහඟවන්න. මුලදීම ඔහු මා විසින් දන්නා ලදී. භින්න මන්ත්‍ර ඇත්තේ වහු. දුග්ගණොති තයා මහරජ, අපගේ රජතුමා කොටළුවකු විසින් සෛන්ධවයකු මෙන් අල්ලා ගන්නට නොහැකිය. කුළු අශ්වයකු පිට නැග්ගහු විසින් ජව සම්පන්න වූ ආජානීය අශ්වයකු පිට යන්නහුව මෙන් අල්ලා ගන්නට නොහැකි වෙයි යන අර්ථයි. කේවට්ටයා වනාහි කොටලුවකු බඳුය. ඔබ ඒ පිට නැගි පුරුෂයෙක් බඳුය. අපගේ රජතුමා කියා දක්වයි. තිණ්ණො යනු බොහෝසෙයින් එතෙර විය. ඔහු ද වනාහි හුදෙකලාව නොව සපිරිවරින් පැන ගියේය. අනුජ්ජවං ඉදින් වනාහි නුඹ පසුපස්සේ එළවන්නෙහිද? එය ස්වර්ණහංස රාජයකු පසුපස එළවන කවුඩකු මෙන් විපතට පත්වෙයි. මෙසේ පපතිස්සසි අනතුරට විනාශයටද පැමිණෙන්නෙහි යැයි කියයි.
ඉදානි සො අඡම්භිතකෙසරසීහො විය උදාහරණං ආහරන්තො ආහ –
දැන් බිය නොවූ සිංහයකු මෙන් උදාහරණ දක්වමින් කීවේය.
“සිඞ්ගාලා රත්තිභාගෙන, ඵුල්ලං දිස්වාන කිංසුකං; මංසපෙසීති මඤ්ඤන්තා, පරිබ්යූළ්හා මිගාධමා.
මෘගයන් අතර අධම වූ සිවල්ලු රාත්‍රී කාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්ෂයක් දැක මස්වැදලි යයි සිතන්නෝ පිරිවරා සිටියහ.
“වීතිවත්තාසු රත්තීසු, උග්ගතස්මිං දිවාකරෙ; කිං සුකං ඵුල්ලිතං දිස්වා, ආසච්ඡින්නා මිගාධමා.
හිරු නැග රැය පහන් වූ කල්හි සුපිපි කෑල ගස දැක සිවල්ලු සුන් වූ ආශා ඇත්තෝ වූහ.
“එවමෙව තුවං රාජ, වෙදෙහං පරිවාරිය; ආසච්ඡින්නො ගමිස්සසි, සිඞ්ගාලා කිංසුකං යථා”ති.
මහරජ! එසෙයින් තෙපිදු වේදේහ රජු පිරිවරා සිට කෑලගස වටා සිටි සිවලුන් මෙන් සුන් වූ ආශා ඇත්තෝව යන්නාහුය.
තත්ථ දිස්වානාති චන්දාලොකෙන ඔලොකෙත්වා. පරිබ්යූළ්හාති පාතොව මංසපෙසිං ඛාදිත්වා ගමිස්සාමාති පරිවාරෙත්වා අට්ඨංසු. වීතිවත්තාසූති තෙ යාසු යාසු රත්තීසු එවං අට්ඨංසු, තාසු තාසු රත්තීසු අතීතාසු. දිස්වාති සූරියාලොකෙන කිංසුකං දිස්වා “න ඉදං මංස”න්ති ඤත්වා ඡින්නාසා හුත්වා පලායිංසු. සිඞ්ගාලාති යථා සිඞ්ගාලා කිංසුකං පරිවාරෙත්වා ආසච්ඡින්නා ගතා, එවං තුවම්පි ඉධ වෙදෙහරඤ්ඤො නත්ථිභාවං ඤත්වා ආසච්ඡින්නො හුත්වා ගමිස්සසි, සෙනං ගහෙත්වා පලායිස්සසීති දීපෙති.
එහි දිස්වා යනු සඳඑළියෙන් බලා පරිබ්බූළ්හා උදෑසනම මස්වැදැල්ලක් කාදමා යන්නෙමු යයි පිරිවරා සිටියහ. වීතිවත්තාසු ඔවුහු යම් යම් රාත්‍රීන්හිදී මෙසේ සිටියාහු ද ඒ ඒ අතීත කාලයන්හි දිස්වා හිරු එළියෙන් කෑලමලක් දැක මෙය මස්වැදැල්ලක් නොවේයයි දැනගෙන බලාපොරොත්තු සුන්වී පැන ගියහ. සිගාලා යම්සේ සිවල්ලු කෑලමල පිරිවරා සුවූ ආසා ඇත්තෝ වූහ ද එසේම ඔබ ද මෙහි වේදේහ රජු නැති බව දැනගෙන යන්නෙහිය. සේනාව ගෙන පලා යන්නැයි දැක්වීය.
රාජා තස්ස අඡම්භිතවචනං සුත්වා චින්තෙසි “අයං ගහපතිපුත්තො අතිසූරො හුත්වා කථෙසි, නිස්සංසයං වෙදෙහො පලාතො භවිස්සතී”ති. සො අතිවිය කුජ්ඣිත්වා “පුබ්බෙ මයං ගහපතිපුත්තං නිස්සාය උදරසාටකස්සපි අස්සාමිකා ජාතා, ඉදානි තෙන අම්හාකං හත්ථගතො පච්චාමිත්තො පලාපිතො, බහුස්ස වත නො අනත්ථස්ස කාරකො, උභින්නං කත්තබ්බකාරණං ඉමස්සෙව කරිස්සාමී”ති තස්ස කාරණං කාතුං ආණාපෙන්තො ආහ –
රජු ඔහුගේ ඒ නිර්භීත වචන අසා මෙසේ සිතීය. මේ ගෘහපති පුත්‍රයා අතිශයින් දක්ෂයෙක්ව කථා කරයි. නිසැකවම වේදේහයන් පැනගියා වන්නේය කියා අතිශයින් කැපී පෙර අපි ගෘහපති පුත්‍රයා නිසා උතුරුසළුවද අහිමි කරගත්තෝ වෙමු. දැන් ඔහු අපගේ අත ළඟටම ආවේය. සතුරා පැන ගියේය. අපගේ බොහෝ අනර්ථයන් කළේ මොහුය. දෙදෙනාටම කළයුතු දේ මොහුටම කරන්නෙමියි ඔහුට යමක් කරන්නට අණදෙන්නේ මෙසේ කීය.
“ඉමස්ස හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡින්දථ; යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි.
යමෙක් මා අතට පත් සතුරු වේදේහයන් මුදාහැරියේද ඒ මොහුගේ අත් පා කන් නාසා සිඳිව්.
“ඉමං මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචන්තු නං; යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි.
යමෙක් මා අතට පත් සතුරු වේදේහයා මිදුන්ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතුය. මෘගයන්ගේ මස් මෙන් කපා හුලකැ ඇන පිසත්වා.
“යථාපි ආසභං චම්මං, පථබ්‍යා විතනීයති; සීහස්ස අථො බ්යග්ඝස්ස, හොති සඞ්කුසමාහතං.
යම්සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම ගලවා උල් ගසා බිම අතුරණු ලබන්නේද?
“එවං තං විතනිත්වාන, වෙධයිස්සාමි සත්තියා; යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයී”ති.
එසේම යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදාහළේ ද ඒ මොහු බිම අතුරුවා සැතින් විදවන්නෙමි.
තත්ථ පාතබ්යන්ති පාචයිතබ්බං පචිතබ්බයුත්තකං මිගාදීනං මංසං විය ඉමං ගහපතිපුත්තං සූලෙ ආවුණිත්වා පචන්තු. සීහස්ස අථො බ්යග්ඝස්සාති එතෙසඤ්ච යථා චම්මං සඞ්කුසමාහතං හොති, එවං හොතු. වෙධයිස්සාමීති විජ්ඣාපෙස්සාමි.
එහි පාතබ්බං පිසිය යුතු මෘගාදීන්ගේ මස් මෙන් මේ ගෘහපති පුත්‍රයාව හුල්වල අමුණා පියත්වා. සීහස්ස අථො ව්යග්ඝස්ස සිංහයකු ගේ හෝ ව්‍යාඝ්‍රයකු ගේ යන මොවුන්ගේ සම උල්ගසනු ලබයි. එසේම වෙධයිස්සාමි විදවන්නෙමි.
තං සුත්වා මහාසත්තො හසිතං කත්වා “අයං රාජා අත්තනො දෙවියා ච බන්ධවානඤ්ච මයා මිථිලං පහිතභාවං න ජානාති, තෙන මෙ ඉමං කම්මකාරණං විචාරෙති, කොධවසෙන ඛො පන මං උසුනා වා විජ්ඣෙය්ය, අඤ්ඤං වා අත්තනො රුච්චනකං කරෙය්ය, සොකාතුරං ඉමං වෙදනාප්පත්තං කත්වා හත්ථිපිට්ඨෙයෙව විසඤ්ඤිං නං නිපජ්ජාපෙතුං තං කාරණං ආරොචෙස්සාමී”ති චින්තෙත්වා ආහ –
එය අසා මහාසත්ත්වයෝ සිනාසී, මේ රජ තමන්ගේ දේවියද නෑයන් ද මා විසින් මියුළු නුවරට යවන ලද බව නොදනී. ඒ නිසා මොහු මේ කර්ම කාරණා කියයි. ක්‍රෝධ වශයෙන් වනාහි මට ඊයෙන් විදින්නේය. තමන්ට රුචි වෙන දෙයක් හෝ කරයි. ඔහුව ශෝකාතුරව වේදනාවට පත්කර ඇතුපිටදීම ඔහුව සිහි නැතිකර හෙළන්නට ඒ කාරණය දන්වන්නෙමියි සිතා මෙසේ කීය.
“සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි; එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො ඡෙදයිස්සති.
ඉදින් මාගේ අත් පා හෝ කන් නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩ කුමාරයාගේ ද එසේ සිඳවන්නේ ය.
“සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි; එවං පඤ්චාලචන්දියා, වෙදෙහො ඡෙදයිස්සති.
ඉදින් මාගේ අත් පා හෝ කන් නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩී කුමරියගේ ද එසේ සිඳවන්නේ ය.
“සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි; එවං නන්දාය දෙවියා, වෙදෙහො ඡෙදයිස්සති.
ඉදින් මාගේ අත් පා හෝ කන් නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ නන්දා දේවියන්ගේ ද එසේ සිඳවන්නේ ය.
“සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි; එවං තෙ පුත්තදාරස්ස, වෙදෙහො ඡෙදයිස්සති.
ඉදින් මාගේ අත් පා හෝ කන් නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍ර දාරාවන්ගේ ද එසේ සිඳවන්නේ ය.
“සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි; එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො පාචයිස්සති.
ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩ කුමරාගේ ද (මස්) එසේ පිසවන්නේය.
“සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි; එවං පඤ්චාලචන්දියා, වෙදෙහො පාචයිස්සති.
ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩී කුමරියගේ ද (මස්) එසේ පිසවන්නේය.
“සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි; එවං නන්දාය දෙවියා, වෙදෙහො පාචයිස්සති.
ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ නන්දා දේවියගේ ද (මස්) එසේ පිසවන්නේය.
“සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි; එවං තෙ පුත්තදාරස්ස, වෙදෙහො පාචයිස්සති.
ඉදින් මෘගාදීන්ගේ පිසිය යුතු මසක් සෙයින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍ර දාරාවන්ගේ ද මස් එසේ පිසවන්නේය.
“සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා; එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො වෙධයිස්සති.
ඉදින් මා බිම අතුරුවා, හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩ කුමාරයාටද එසේ විදවන්නේය.
“සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා; එවං පඤ්චාලචන්දියා, වෙදෙහො වෙධයිස්සති.
ඉදින් මා බිම අතුරුවා, හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පංචාලචණ්ඩී කුමරියට ද එසේ විදවන්නේය.
“සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා; එවං නන්දාය දෙවියා, වෙදෙහො වෙධයිස්සති.
ඉදින් මා බිම අතුරුවා, හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ නන්දා දේවියටද එසේ විදවන්නේය.
“සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා; එවං තෙ පුත්තදාරස්ස, වෙදෙහො වෙධයිස්සති; එවං නො මන්තිතං රහො, වෙදෙහෙන මයා සහ.
ඉදින් මා බිම අතුරුවා, හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්රදාරාවනටද එසේ විදවන්නේය. වේදේහ රජු මා හා මෙසේ රහසින් මන්ත්‍රණය කරන ලද්දේය.
“යථාපි පලසතං චම්මං, කොන්තිමන්තාසුනිට්ඨිතං; උපෙති තනුතාණාය, සරානං පටිහන්තවෙ.
යම්සේ සම්කරුවන්ගේ සිතින් මනාවැ නිමවන ලද සියයක් පටින් කළ හෙයින් ‘පලසක’ නම් වූ සන්නාහය ශරයන් වළකා ශරීරක්ෂාවට පැමිණේද,
“සුඛාවහො දුක්ඛනුදො, වෙදෙහස්ස යසස්සිනො; මතිං තෙ පටිහඤ්ඤාමි, උසුං පලසතෙන වා”ති.
එසේම වේදේහ රජුගේ දුක් දුරුකොට සැප එලවන්නෙමි. ‘පලසක’ සන්නාහය හී වළකන්නා සේ මාගේ නුවණින් තොපගේ නුවණ වළකන්නෙමි.
තත්ථ ඡෙදයිස්සතීති “පණ්ඩිතස්ස කිර චූළනිනා හත්ථපාදා ඡින්නා”ති සුත්වාව ඡෙදයිස්සති. පුත්තදාරස්සාති මම එකස්ස ඡින්දනපච්චයා තව ද්වින්නං පුත්තානඤ්චෙව අග්ගමහෙසියා චාති තිණ්ණම්පි ජනානං අම්හාකං රාජා ඡෙදයිස්සති. එවං නො මන්තිතං රහොති මහාරාජ, මයා ච වෙදෙහරාජෙන ච එවං රහසි මන්තිතං “යං යං ඉධ මය්හං චූළනිරාජා කාරෙති, තං තං තත්ථ තස්ස පුත්තදාරානං කාතබ්බ”න්ති. පලසතන්ති පලසතප්පමාණං බහූ ඛාරෙ ඛාදාපෙත්වා මුදුභාවං උපනීතං චම්මං. කොන්තිමන්තාසුනිට්ඨිතන්ති කොන්තිමන්තා වුච්චති චම්මකාරසත්ථං, තාය කන්තනලිඛිතානං වසෙන කතත්තා සුට්ඨු නිට්ඨිතං. තනුතාණායාති යථා තං චම්මං සඞ්ගාමෙ සරානං පටිහන්තවෙ සරීරතාණං උපෙති, සරෙ පටිහනිත්වා සරීරං රක්ඛති. සුඛාවහොති මහාරාජ, අහම්පි අම්හාකං රඤ්ඤො පච්චාමිත්තානං වාරණත්ථෙන තං සරපරිත්තාණචම්මං විය සුඛාවහො. දුක්ඛනුදොති කායිකසුඛචෙතසිකසුඛඤ්ච ආවහාමි, දුක්ඛඤ්ච නුදෙමි. මතින්ති තස්මා තව මතිං පඤ්ඤං උසුං තෙන පලසතචම්මෙන විය අත්තනො මතියා පටිහනිස්සාමීති.
එහි ඡෙදයිස්සති චූළනී රජු විසින් පණ්ඩිතයන්ගේ අත්පා සිඳවන ලදැයි අසා ම සිඳවන්නේය. පුත්තදාරස්ස යනු එකම මාගේ අවයව සිඳීම හේතුවෙන් අපගේ රජතුමා ඔබගේ පුත්‍රයන් දෙදෙනාගේ ද අගමෙහෙසියගේද යන තුන්දෙනාගේම සිඳවන්නේය. එවං නො මන්තිකං රහො මහරජ, මා විසින් ද වේදේහ රජු විසින් ද මෙසේ රහසිගතව මන්ත්‍රණය කරන ලදී. යම් යම් දෙයක් මෙහි චූළනී රජු කරයිද ඒ ඒ දෙය එහිදී ඔහුගේ පුත්‍ර දාරකාදීන්ට ද කළයුතුය. පලසතං පොටවල් සියයක් පමණ බොහෝ ඝන කොටස් ඉවත්කර මෘදු බවට පත්කළ සම, කොන්තිමන්තීසුනිට්ඨිතං කොන්තිමන්ති යනු සම්වැඩකරුවන්ගේ ආයුධයකි. ඒ ආයුධයෙන් ඉරා මනාව පිළියෙල කළ. තනුතාණාය යම්සේ ඒ සම යුද්ධයේදී ඊතල පටිහන්තවෙ වලින් ශරීරය ආරක්ෂා කරදෙයි. ඊතල ඇනී ශරීරය ආරක්ෂා කරයි. සුඛාවහො මහරජ, මම ද අපගේ රජුගේ සතුරන් වළක්වන අර්ථයෙන් ඒ හීතල වලක්වන සම මෙන්. සුඛාවහො දුක්ඛනුදො කායික චෛතසික සැප ගෙන දෙමි. දුකක් නොදෙමි. මතිං තෙ ඒ නිසා ඔබගේ නුවණ, ප්‍රඥාව, සම්වඩුවා විසින් පොටවල් සියයක් ඇති සමින් මෙන් තමන්ගේ නුවණින් හප්පන්නේය.
තං සුත්වා රාජා චින්තෙසි “ගහපතිපුත්තො කිං කථෙති, යථා කිර අහං එතස්ස කරිස්සාමි, එවං වෙදෙහරාජා මම පුත්තදාරානං කම්මකාරණං කරිස්සති, න ජානාති මම පුත්තදාරානං ආරක්ඛස්ස සුසංවිහිතභාවං, ‘ඉදානි මාරෙස්සතී’ති මරණභයෙන විලපති, නාස්ස වචනං සද්දහාමී”ති. මහාසත්තො “අයං මං මරණභයෙන කථෙතීති මඤ්ඤති, ජානාපෙස්සාමි න”න්ති චින්තෙත්වා ආහ –
ඒ අසා රජු මෙසේ සිතීය. ගෘහපති පුත්‍රයා කුමක් කියයිද? යම්සේ වනාහි මම මොහුට යමක් කරම්ද? වේදේහ රජු මගේ පුත්රදාරකාදීන්ටද එසේ කරයි. මාගේ දරුවන්ගේ හා භාර්යාදීන්ගේ ආරක්ෂාවිධාන යොදා ඇති බව මොහු නොදනී දැන් මරන්නේය යන මරණ බියෙන් විලාප නගයි කියා ඔහුගේ වචනය විශ්වාස කළේ නැත. මහාසත්ත්වයෝ, මෙතෙමේ බය නිසා මට මෙසේ කියයි යැයි හඟිමියි ඔහුට දන්වන්නෙමියි මෙසේ කීය.
“ඉඞ්ඝ පස්ස මහාරාජ, සුඤ්ඤං අන්තෙපුරං තව; ඔරොධා ච කුමාරා ච, තව මාතා ච ඛත්තිය; උමඞ්ගා නීහරිත්වාන, වෙදෙහස්සුපනාමිතා”ති.
මහරජ. එසේ නම් ඔබගේ හිස් වූ අන්තඃපුරය බලව. ක්ෂත්රියය, ඔබගේ දේවියද කුමරාද මවුබිසවද උමගින් හැරගෙන ගොස් වේදේහ රජුට පවරන ලදී.
තත්ථ උමඞ්ගාති මහාරාජ, මයා අත්තනො මාණවෙ පෙසෙත්වා පාසාදා ඔතරාපෙත්වා ජඞ්ඝඋමඞ්ගෙන ආහරාපෙත්වා මහාඋමඞ්ගා නීහරිත්වා බන්ධවා තෙ වෙදෙහස්ස උපනාමිතාති.
එහි උම්මග්ගා යනු මා විසින් තමන්ගේ තරුණයන් යවා ප්‍රාසාදයෙන් බස්සවා උමගින්ම ගෙන්වා මහා උමගින් පිටතට ගෙන ඔබගේ නෑයෝ වේදේහ රජුට භාරදෙන ලදහ.
තං සුත්වා රාජා චින්තෙසි “පණ්ඩිතො අතිවිය දළ්හං කත්වා කථෙති, මයා ච රත්තිභාගෙ ගඞ්ගාපස්සෙ නන්දාදෙවියා සද්දො විය සුතො, මහාපඤ්ඤො පණ්ඩිතො කදාචි සච්චං භණෙය්යා”ති. සො උප්පන්නබලවසොකොපි සතිං උපට්ඨාපෙත්වා අසොචන්තො විය එකං අමච්චං පක්කොසාපෙත්වා ජානනත්ථාය පෙසෙන්තො ඉමං ගාථමාහ –
එය අසා රජු සිතීය. පණ්ඩිතයා අතිශය දැඩිකොට කියයි. මා විසින්ද රාත්‍රියෙහිදී ගඟ පෙදෙසේ නන්දා දේවියගේ හඬද අසන ලදී. පණ්ඩිතයෝ මහාප්රාඥයෙකි. යම්හෙයකින් මෙය සත්‍යයක් විය හැකිය කියා හටගත් මහත් ශෝක ඇත්තේ ධෛර්යය උපදවාගෙන ශෝක නොකරන්නාක් මෙන් එක් ඇමතියකු කැඳවා, එය දැනගැනීම සඳහා පිටත්කර යවන්නේ තවත් ගාථාවක් කීය.
“ඉඞ්ඝ අන්තෙපුරං මය්හං, ගන්ත්වාන විචිනාථ නං; යථා ඉමස්ස වචනං, සච්චං වා යදි වා මුසා”ති.
එසේනම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේදැයි සොයා බලව.
සො සපරිවාරො රාජනිවෙසනං ගන්ත්වා ද්වාරං විවරිත්වා අන්තො පවිසිත්වා හත්ථපාදෙ බන්ධිත්වා මුඛඤ්ච පිදහිත්වා නාගදන්තකෙසු ඔලග්ගිතෙ අන්තෙපුරපාලකෙ ච ඛුජ්ජවාමනකාදයො ච භාජනානි භින්දිත්වා තත්ථ තත්ථ විප්පකිණ්ණඛාදනීයභොජනීයඤ්ච රතනඝරද්වාරානි විවරිත්වා කතරතනවිලොපං විවටද්වාරං සිරිගබ්භඤ්ච යථාවිවටෙහි එව වාතපානෙහි පවිසිත්වා චරමානං කාකගණඤ්ච ඡඩ්ඩිතගාමසදිසං සුසානභූමියං විය ච නිස්සිරිකං රාජනිවෙසනඤ්ච දිස්වා පුනාගන්ත්වා රඤ්ඤො ආරොචෙන්තො ආහ –
ඔහු පිරිවර සහිතව රජගෙදරට ගොස් දොර විවරකර ඇතුළට පිවිස අත්පා බැඳ මුඛය වසා නාගදන්තගේ එල්වා සිටිය අන්තඃපුර පාලකයන්ද කුදු, මිටි පුද්ගලයෝ ද භාජන බිඳ දමා ඒ ඒ තැන්වල විසුරුවා තිබුණු සැටිත්, ඒ ඒ තැන්වල ආහාරපාන විසුරුවා ඇති සැටිත්, රුවන්ගබඩාවේ දොරවල් විවෘත කර කරන ලද මාණික්‍ය සොරකමද, විවෘත කරන ලද සිරියහන් ගබඩාවද, විවෘතව පැවති ජනෙල්වලින් ඇතුල්වී හැසිරෙන කවුඩු සමූහයාද අතහැර දමන ලද ගමක් වැනි සොහොන් බිමක් බඳු සිරියාවක් නොමැති රාජභවනය දැක රජුට දන්වමින් මෙසේ කීය.
“එවමෙතං මහාරාජ, යථා ආහ මහොසධො; සුඤ්ඤං අන්තෙපුරං සබ්බං, කාකපට්ටනකං යථා”ති.
මහරජ, මහෞෂධයන් කී දේ සැබෑමය. හිස් වූ මුළු අන්තඃපුරය කපුටන් එක්වූ මුහුදුතෙර ගමක් මෙනි.
තත්ථ කාකපට්ටනකං යථාති මච්ඡගන්ධෙන ආගතෙහි කාකගණෙහි සමාකිණ්ණො සමුද්දතීරෙ ඡඩ්ඩිතගාමකො විය.
එහි කාකපට්ටනකං යථා යනු මාළු ගඳට ආවා වූ කවුඩන් රැස් වූ මුහුදුතෙර ඇති අත්හැර දමන ලද ගමක් මෙන් විය.
තං සුත්වා රාජා චතුන්නං ජනානං පියවිප්පයොගසම්භවෙන සොකෙන කම්පමානො “ඉදං මම දුක්ඛං ගහපතිපුත්තං නිස්සාය උප්පන්න”න්ති දණ්ඩෙන ඝට්ටිතො ආසීවිසො විය බොධිසත්තස්ස අතිවිය කුජ්ඣි. මහාසත්තො තස්සාකාරං දිස්වා “අයං රාජා මහායසො කදාචි කොධවසෙන ‘කිං මම එතෙහී’ති ඛත්තියමානෙන මං විහෙඨෙය්‍ය, යංනූනාහං නන්දාදෙවිං ඉමිනා අදිට්ඨපුබ්බං විය කරොන්තො තස්සා සරීරවණ්ණං වණ්ණෙය්යං. අථ සො තං අනුස්සරිත්වා ‘සචාහං මහොසධං මාරෙස්සාමි, එවරූපං ඉත්ථිරතනං න ලභිස්සාමි, අමාරෙන්තො පුන තං ලභිස්සාමී’ති අත්තනො භරියාය සිනෙහෙන න කිඤ්චි මය්හං කරිස්සතී”ති චින්තෙත්වා අත්තනො අනුරක්ඛණත්ථං පාසාදෙ ඨිතොව රත්තකම්බලන්තරා සුවණ්ණවණ්ණං බාහුං නීහරිත්වා තස්සා ගතමග්ගාචික්ඛනවසෙන වණ්ණෙන්තො ආහ –
රජු ජනයන් සතරදෙනාගේ වියෝව නිසා හටගත් ශෝකයෙන් කම්පාවෙමින්, මේ දුක ගෘහපති පුත්‍රයා නිසා මට ඇතිවීයැයි දණ්ඩෙන් පහරකෑ සර්පයකු සේ බෝසතුන්ට අතිශයින් කිපුණේය. මහාසත්ත්වයෝ ඒ ස්වභාවය දැක මේ රජු මහා යසස් ඇත්තෙකි. යම්විටක ක්‍රෝධයෙන් ඔවුන්ගෙන් මට කවර ප්‍රයෝජනදැයි සිතා ක්ෂත්රිය මානයෙන් මට විදින්නේය. නන්දා දේවිය මොහු විසින් නොදක්නා ලද්දාක් මෙන් කරන්නේ ඇගේ ශරීර වර්ණය වර්ණනා කරන්නේ නම් මැනවි. ඉක්බිති ඔහු එය සිහිකර, ඉදින් මම මහෞෂධයන් මරන්නෙම් නම් මේ ආකාර ස්ත්‍රී රත්නයක් නොලබන්නෙමියි සිතා තමන්ගේ භාර්යාවට ඇති සෙනෙහස නිසා මට කිසිවක් නොකරන්නේ යැයි සිතා ආත්මාරක්ෂාව සඳහා ප්‍රාසාදයේ සිටිමින්ම රතුකම්බිලිය තුළින් රන්වන් බාහුව පිටතට ගෙන ඇය ගිය මග කියන අන්දමට වර්ණනා කරන්නේ මෙසේ කීය.
“ඉතො ගතා මහාරාජ, නාරී සබ්බඞ්ගසොභනා; කොසම්බඵලකසුස්සොණී, හංසගග්ගරභාණිනී.
මහරජ, ස්වර්ණ ඵලකයක් වැනි උකුළු පෙදෙසින් යුත් හංසධේනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියළු අඟපසඟින් ශෝභන වූ නන්දා දේවි තෙල උමගින් ගියාය.
“ඉතො නීතා මහාරාජ, නාරී සබ්බඞ්ගසොභනා; කොසෙය්යවසනා සාමා, ජාතරූපසුමෙඛලා.
මහරජ, කසීසළු හඳනා රනින් මොනවට කළ මෙවුල්දම් පළඳනා ස්වර්ණවර්ණ වූ සියල් අඟපසඟින් ශෝභමාන වූ නන්දා දේවිය මේ උමගින් ගෙනයන ලද්දීය.
“සුරත්තපාදා කල්‍යාණී, සුවණ්ණමණිමෙඛලා; පාරෙවතක්ඛී සුතනූ, බිම්බොට්ඨා තනුමජ්ඣිමා.
ඇය රත්පෑ පා ඇත්තේය. පංචකල්‍යාණයෙන් යුක්ත වන්නීය. රන්මිණිමෙවුල් ඇත්තීය. පරෙවියනට බඳු ඇස් ඇත්තීය. බිඹුපල වැනි තොල් ඇත්තීය. මනා සිරුරින් හා කෘශ වූ මැද පෙදෙසින් යුක්ත වන්නීය.
“සුජාතා භුජලට්ඨීව, වෙදීව තනුමජ්ඣිමා; දීඝස්සා කෙසා අසිතා, ඊසකග්ගපවෙල්ලිතා.
මනාව හටගත් නාගලතාවකට බඳු ලෙලෙන ගාත්රා ඇත්තීය. සිහින් වූ රන් පෝරුවකට බඳු මධ්‍ය ප්‍රදේශ ඇත්තීය. දික් වූ නිල් වූ අක්බඹරු කෙස්කළඹ ඇත්තීය.
“සුජාතා මිගඡාපාව, හෙමන්තග්ගිසිඛාරිව; නදීව ගිරිදුග්ගෙසු, සඤ්ඡන්නා ඛුද්දවෙළුභි.
ඕ තොමෝ සුජාත මුප පෙල්ලක බඳුය. හේමන්තයේ ගිනිසිළුවකට සමානය. ගිරිදුර්ගයකින් ගලා බස්නා කුඩා උණකොළ සමූහයෙන් ගැවසීගත් නදියක් බඳු රෝමරාජි ඇත්තීය.
“නාගනාසූරු කල්‍යාණී, පරමා තිම්බරුත්ථනී; නාතිදීඝා නාතිරස්සා, නාලොමා නාතිලොමසා”ති.
ඇසොඩක් බඳු ඌරු යුග්මයෙන් ශෝභමාන වූවාය. පංචකල්‍යාණ ඇත්තීය. ප්‍රථම වයසැ සිටියාය. තිඹිරිඵල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමුවැන්නීය. ඉතා උස් නොවූ ඉතා මිටි නොවූවාය. ලොම් නැත්තීද බොහෝ ලොම් ඇත්තීද නොවූවාය.
තත්ථ ඉතොති උමඞ්ගං දස්සෙති. කොසම්බඵලකසුස්සොණීති විසාලකඤ්චනඵලකං විය සුන්දරසොණී. හංසගග්ගරභාණිනීති ගොචරත්ථාය විචරන්තානං හංසපොතකානං විය ගග්ගරෙන මධුරෙන සරෙන සමන්නාගතා. කොසෙය්යවසනාති කඤ්චනඛචිතකොසෙය්යවත්ථවසනා. සාමාති සුවණ්ණසාමා. පාරෙවතක්ඛීති පඤ්චසු පසාදෙසු රත්තට්ඨානෙ පාරෙවතසකුණිසදිසක්ඛී. සුතනූති සොභනසරීරා. බිම්බොට්ඨාති බිම්බඵලං විය සුරජ්ජිතමට්ඨොට්ඨපරියොසානා. තනුමජ්ඣිමාති කරමිතතනුමජ්ඣිමා. සුජාතා භුජලට්ඨීවාති විජම්භනකාලෙ වාතෙරිතරත්තපල්ලවවිලාසිනී සුජාතා භුජලතා විය විරොචති. වෙදීවාති කඤ්චනවෙදි විය තනුමජ්ඣිමා. ඊසකග්ගපවෙල්ලිතාති ඊසකං අග්ගෙසු ඔනතා. ඊසකග්ගපවෙල්ලිතා වා නෙත්තිංසාය අග්ගං විය විනතා.
එහි ඉතො යනෙන් උමග පෙන්ටයි. කොසුම්භඵලක සුස්සොණි විශාල රන්ඵලකයක් බඳු සුන්දර උකුලු පෙදෙස. හංස ගග්ගරභාණිනී ගොදුරු පිණිස හැසිරෙන හංසපෝතකයන්ගේ මෙන් ගුගුරන මිහිරි හඬින් යුත්. කොසෙය්යවසනා රනින් වැඩ දැමූ කොසෙය්ය වස්ත්‍ර හඳනා. සාමා රන් හා සමාන. පාරෙවතක්ඛී පස්පැහැයෙන් යුත් රතුපාට, පරෙවියන්ගේ ඇස් බඳු ඇස් ඇති සුතනු සුන්දර සිරුර. බිම්බොට්ඨා බිඹුඵල වැනි පිරුණු තොල් අග ඇති. තනුමජ්ඣිමා සිහින් මැදපෙදෙස් ඇති. සුජාතාභුජගලට්ඨිවා ඇඟකිලිපොළන කල්හි වාතයෙන් සෙලවෙන රතුපාට දල්ලක් මෙන් බබළන, මනාව හටගත් නාගලතාවක් මෙන් බබළයි. වෙල්ලිවා රන්තහඩුවක් බඳු මැදපෙදෙස. ඊසකග්ගපවෙල්ලිතා ස්වල්පයක් අගින් නැමුණු, අගින් නැමුණු.
මිගඡාපාවාති පබ්බතසානුම්හි සුජාතා එකවස්සිකබ්යග්ඝපොතිකා විය විලාසකුත්තියුත්තා. හෙමන්තග්ගිසිඛාරිවාති ඔභාසසම්පන්නතාය හෙමන්තෙ අග්ගිසිඛා විය සොභති. ඛුද්දවෙළුභීති යථා ඛුද්දකෙහි උදකවෙළූහි සඤ්ඡන්නා නදී සොභති, එවං තනුකලොමාය ලොමරාජියා සොභති. කල්යාණීති ඡවිමංසකෙසන්හාරුඅට්ඨීනං වසෙන පඤ්චවිධෙන කල්යාණෙන සමන්නාගතා. පරමා තිම්බරුත්ථනීති තිම්බරුත්ථනී පරමා උත්තමා, සුවණ්ණඵලකෙ ඨපිතසුවණ්ණවණ්ණතිම්බරුඵලද්වයමිවස්සා සුසණ්ඨානසම්පන්නං නිරන්තරං ථනයුගලං.
මිගජාපීවා කඳු පාමුලක මනාව හටගත් මුවපෝතිකාවක වැනි පැවැත්ම ඇති. හෙමන්තග්ගිසිඛාරිව බැබළෙන බැවින් හේමන්ත කාලයේ ගිනිසිළුවක් මෙන් බබළයි. ඛුද්දවෙළුහි යම්සේ කුඩා ජලාශ්‍රිත උණගස්වලින් ගැවසී ගත් ඒ ගංගාව ශෝභමාන වෙයි. එපරිද්දෙන් තුනීව පිහිටි ලෝම සමූහයෙන් ශෝභමානය. කල්‍යාණී සම, මස්, කෙස්, නහර, ඇට යනාදී ලෙස පස්වැදෑරුම් කල්‍යාණයෙන් සමන්විත. පඨමාතිම්බරුත්ථනී තිඹිරිගෙඩිවන් පියවුරු ඇත්තියන්ගෙන් ප්‍රථමයා, උත්තම වූ, රන්ඵලකයක තබන ලද ස්වර්ණමය තිඹිරිඵල දෙකක් බඳු ඇගේ මනාව පිහිටි වඩා උස් නොවූ පියයුරු යුගලය.
එවං මහාසත්තෙ තස්සා රූපසිරිං වණ්ණෙන්තෙව තස්ස සා පුබ්බෙ අදිට්ඨපුබ්බා විය අහොසි, බලවසිනෙහං උප්පාදෙසි. අථස්ස සිනෙහුප්පත්තිභාවං ඤත්වා මහාසත්තො අනන්තරං ගාථමාහ –
මෙසේ මහාසත්ත්වයන් ඇගේ රූසිරිය වර්ණනා කරන කල්හි ඔහුට ඇය පෙර නුදුටුවාක් මෙන් විය. බලවත් ආදරයක් ඉපිදවීය. ඉක්බිති ඔහුට ආදරයක් ඇති වූ බව දැනගෙන මහාසත්ත්වයෝ අනතුරු ගාථාව කීහ.
“නන්දාය නූන මරණෙන, නන්දසි සිරිවාහන; අහඤ්ච නූන නන්දා ච, ගච්ඡාම සමසාධන”න්ති.
මහරජ, මෙවැනි නන්දා දේවියගේ මරණින් ඔබ තුටුවන්නේ නම් මම ද නන්දා දේවියද යමරජු වෙත යන්නෙමු.
තත්ථ සිරිවාහනාති සිරිසම්පන්නවාහන මහාරාජ, නූන ත්වං එවං උත්තමරූපධරාය නන්දාය මරණෙන නන්දසීති වදති. ගච්ඡාමාති සචෙ හි ත්වං මං මාරෙස්සසි, එකංසෙනෙව අම්හාකං රාජා නන්දං මාරෙස්සති. ඉති නන්දා ච අහඤ්ච යමස්ස සන්තිකං ගමිස්සාම, යමො අම්හෙ උභො දිස්වා නන්දං මය්හමෙව දස්සති, තස්ස තුය්හං මං මාරෙත්වා තාදිසං ඉත්ථිරතනං අලභන්තස්ස කිං රජ්ජෙන, නාහං අත්තනො මරණෙන පරිහානිං පස්සාමි, දෙවාති.
එහි සිරිවාහනා මෙබඳු ශ්‍රී සම්පත්තිය ඇත්තා වූ මහරජ, ඔබ මෙසේ උතුම් රූපය දරන්නා වූ නන්දාවගේ මරණයෙන් සතුටු වන්නේයයි කියන්නෙහිද? ගච්ඡාම ඉදින් නුඹ මා මරන්නෙහි නම් ඒකාන්තයෙන් අපගේ රජු නන්දා දේවියව මරන්නේය. මෙසේ නන්දා ද මම ද යමයාගේ සමීපයට යන්නෙමු. යමයා අප දෙදෙනාව දැක නන්දාව මටම දෙයි. ඒ මට මළත් එබඳු වූ ස්ත්‍රී රත්නයක් ලැබේනම් කුමක් හිස්වේද? රජතුමනි. මම මගේ මරණයෙන් හානියක් නොදකිමියි මෙසේ ඔහුට කීය.
ඉති මහාසත්තො එත්තකෙ ඨානෙ නන්දමෙව වණ්ණෙසි, න ඉතරෙ තයො ජනෙ. කිංකාරණා? සත්තා හි නාම පියභරියාසු විය සෙසෙසු ආලයං න කරොන්ති, මාතරං වා සරන්තො පුත්තධීතරොපි සරිස්සතීති තස්මා තමෙව වණ්ණෙසි, රාජමාතරං පන මහල්ලිකාභාවෙන න වණ්ණෙසි. ඤාණසම්පන්නෙ මහාසත්තෙ මධුරස්සරෙන වණ්ණෙන්තෙයෙව නන්දාදෙවී ආගන්ත්වා රඤ්ඤො පුරතො ඨිතා විය අහොසි. තතො රාජා චින්තෙසි “ඨපෙත්වා මහොසධං අඤ්ඤො මම භරියං ආනෙතුං සමත්ථො නාම නත්ථී”ති. අථස්ස නං සරන්තස්ස සොකො උප්පජ්ජි. අථ නං මහාසත්තො “මා චින්තයිත්ථ, මහාරාජ, දෙවී ච තෙ පුත්තො ච මාතා ච තයොපි ආගච්ඡිස්සන්ති, මම ගමනමෙවෙත්ථ පමාණං, තස්මා ත්වං අස්සාසං පටිලභ, නරින්දා”ති රාජානං අස්සාසෙසි. අථ රාජා චින්තෙසි “අහං අත්තනො නගරං සුරක්ඛිතං සුගොපිතං කාරාපෙත්වා ඉමං උපකාරිනගරං එත්තකෙන බලවාහනෙන පරික්ඛිපිත්වාව ඨිතො. අයං පන පණ්ඩිතො එවං සුගොපිතාපි මම නගරා දෙවිඤ්ච මෙ පුත්තඤ්ච මාතරඤ්ච ආනෙත්වා වෙදෙහස්ස දාපෙසි. අම්හෙසු ච එවං පරිවාරෙත්වා ඨිතෙස්වෙව එකස්සපි අජානන්තස්ස වෙදෙහං සසෙනාවාහනං පලාපෙසි. කිං නු ඛො දිබ්බමායං ජානාති, උදාහු චක්ඛුමොහන”න්ති. අථ නං පුච්ඡන්තො ආහ –
මෙසේ මහාසත්ත්වයෝ මෙපමණ තැනකින් නන්දාවම වර්ණනා කළෝය. අනික් අයව වර්ණනා කළේ නැත. කුමක් නිසාද? සත්ත්වයෝ වනාහි ප්‍රිය භාර්යාවන් කෙරෙහි මිස අන් අය කෙරෙහි ආදරය නොකරත්. මව ගැන හෝ සිහිපත් කරන්නේ දූපුතුන්වද සිහිකරයි කියා ඇයවම වර්ණනා කළේය. රජුගේ මව මහළු බැවින් වර්ණනා කළේ නැත. ඤාණ සම්පන්න වූ මහාසත්ත්වයන් මිහිරි හඬින් වර්ණනා කරත් කරත් ම නන්දා දේවිය අවුත් රජු ඉදිරියේ සිටියාක් මෙන් වූවාය. ඉක්බිති රජ සිතීය. මහෞෂධයන් හැර වෙන අන් කෙනෙක් මට භාර්යාව ගෙනැත් දෙන්නට සමත් නොවෙයි. ඉක්බිති එය ගැන සිතන ඔහුට ශෝකයක් හටගත්තේය. ඉක්බිති ඔහුට මහාසත්ත්වයෝ මෙසේ කීහ. මහරජ, නොසිතන්න. ඔබගේ දේවියත්, පුතාත් මවත් යන තුන්දෙනාම පැමිණෙන්නාහ. මෙහිලා මගේ ගමනම ප්‍රමාණවත් වෙයි. ඔබ අස්වැසීමක් ලබන්න රජතුමනි කියා රජුව අස්වැසීය. ඉක්බිති රජ මෙසේ සිතීය. මම මගේ නගරය මනාව ආරක්ෂාව යොදවා, සුරක්ෂිත කරවා උපකාරී නගරය මෙපමණ වූ බලවාහනවලින් වටකරවා සිටියේය. මේ නගරය මෙතරම් සුරක්ෂිතව තිබියදීත් නගරයෙන් දේවියත්, පුත්‍රයාත්, මවත් ගෙනවුත් වේදේහයන්ට දෙවීය. අපද මෙසේ පිරිවරාගෙන සිටියදීත් කිසිවකුටත් නොදැනෙන සේ වේදේහයන්ව සේනා සහිතව පළවා හැරියේය. කිම? කිසියම් දිව්‍යමය මායාවක් දන්නේද? නැතහොත් මෙය ඇස්බැන්දුමක්දැයි ඔහුගෙන් විචාරමින් මෙසේ කීය.
“දිබ්බං අධීයසෙ මායං, අකාසි චක්ඛුමොහනං; යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයී”ති.
යමෙක් මා අතට පත් සතුරු වේදේහයන් මිදුයේ වේද, ඒ දිව්‍ය මායමක් දන්නෙහිද? ඇසට ඉන්ද්රජාලයක් කළහුද?
තං සුත්වා මහාසත්තො “අහං දිබ්බමායං ජානාමි, පණ්ඩිතා හි නාම දිබ්බමායං උග්ගණ්හිත්වා භයෙ සම්පත්තෙ අත්තානම්පි පරම්පි දුක්ඛතො මොචයන්තියෙවා”ති වත්වා ආහ –
ඒ අසා මහාසත්ත්වයෝ මහරජ, මම දිව්‍ය මායම් දනිමි. පණ්ඩිතයෝ වනාහි දිව්‍ය මායම් ඉගෙනගෙන බියක් ඇතිවූ කල්හි තමන්ටද අන් අයවද දුකින් මුදවත්ම යැයි කියා මෙසේ කීය.
“අධීයන්ති මහාරාජ, දිබ්බමායිධ පණ්ඩිතා; තෙ මොචයන්ති අත්තානං, පණ්ඩිතා මන්තිනො ජනා.
මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්යමායම් හදාරති. ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදවා ගනිත්.
“සන්ති මාණවපුත්තා මෙ, කුසලා සන්ධිඡෙදකා; යෙසං කතෙන මග්ගෙන, වෙදහො මිථිලං ගතො”ති.
උමං බිඳීමෙහි දක්ෂ තරුණ යෝධයෝ මට ඇත්තාහ. ඔවුන් විසින් කරන ලද උමගින් වේදේහ රජ මියුළු නුවරට ගියේය.
තත්ථ දිබ්බමායිධාති දිබ්බමායං ඉධ. මාණවපුත්තාති උපට්ඨාකතරුණයොධා. යෙසං කතෙනාති යෙහි කතෙන. මග්ගෙනාති අලඞ්කතඋමඞ්ගෙන.
එහි මායිධා යනු මෙහි මායමක්. මාණවපුත්තා උපස්ථායක තරුණ යෝධයෝ. යෙසං කතෙන යමකු විසින් කරන ලද මග්ගෙන අලංකාර කළ උමගින්.
තං සුත්වා රාජා “අලඞ්කතඋමඞ්ගෙන කිර ගතො, කීදිසො නු ඛො උමඞ්ගො”ති උමඞ්ගං දට්ඨුකාමො අහොසි. අථස්ස ඉච්ඡිතං ඤත්වා මහාසත්තො “රාජා උමඞ්ගං දට්ඨුකාමො, දස්සෙස්සාමිස්ස උමඞ්ග”න්ති දස්සෙන්තො ආහ –
මෙය වනාහි අසා ‘අලංකාර කළ උමගින් ගියේල’ මේ උමග කෙබඳු එකක්ද? රජු උමග දකිනු කැමැති විය. මොහුට උමග පෙන්වන්නෙමියි දක්වමින් කීය.
“ඉඞ්ඝ පස්ස මහාරාජ, උමඞ්ගං සාධු මාපිතං; හත්ථීනං අථ අස්සානං, රථානං අථ පත්තිනං; ආලොකභූතං තිට්ඨන්තං, උමඞ්ගං සාධු මාපිත”න්ති.
ආලෝකමත් වූ උමග මනාවැ නිමකොට ඇත්තේය. ඇත්, අස්, රිය, පාබල සෙනග පිළිරූ සිතියම් ලෙස තනවා ඇත. මහරජ, එසේනම් මනා නිමවූ උමග බලනු මැනවි.
තත්ථ හත්ථීනන්ති ඉට්ඨකකම්මචිත්තකම්මවසෙන කතානං එතෙසං හත්ථිආදීනං පන්තීහි උපසොභිතං අලඞ්කතදෙවසභාසදිසං එකොභාසං හුත්වා තිට්ඨන්තං උමඞ්ගං පස්ස, දෙවාති.
එහි හත්ථීනං ඝන රෙදිවල ඇඳීම, චිත්‍රකර්ම යන ක්‍රමවලින් කරන ලද මේ ඇත්පෙළ ආදියෙන් සුන්දර වූ අලංකාර කරන ලද දේව සභාවට සමාන වූ ඒකාලෝක වී තිබෙන උමග බලන දේවයන් වහන්ස.
එවඤ්ච පන වත්වා “මහාරාජ, මම පඤ්ඤාය මාපිතෙ චන්දස්ස ච සූරියස්ස ච උට්ඨිතට්ඨානෙ විය පාකටෙ අලඞ්කතඋමඞ්ගෙ අසීතිමහාද්වාරානි චතුසට්ඨිචූළද්වාරානි එකසතසයනගබ්භෙ අනෙකසතදීපගබ්භෙ ච පස්ස, මයා සද්ධිං සමග්ගො සම්මොදමානො හුත්වා අත්තනො බලෙන සද්ධිං උපකාරිනගරං පවිස, දෙවා”ති නගරද්වාරං විවරාපෙසි. රාජා එකසතරාජපරිවාරො නගරං පාවිසි. මහාසත්තො පාසාදා ඔරුය්හ රාජානං වන්දිත්වා සපරිවාරං ආදාය උමඞ්ගං පාවිසි. රාජා අලඞ්කතදෙවසභං විය උමඞ්ගං දිස්වා බොධිසත්තස්ස ගුණෙ වණ්ණෙන්තො ආහ –
මෙසේද කියා මහරජ, මාගේ ප්‍රඥා නමැති චන්ද්‍රයාත් ඤාණ නමැති සූර්යයාත් නැගී ආ තැන අලංකාර කළ උමගෙහි මහා දොරටු අසූවක්ද හැටහතරක්ද කුඩා දොරටුද එක්සියයක් නිදන කාමරද නොයෙක් සියගණන් ආලෝක ගබඩාවන්ද නරඹන්න. මා සමග සමගිව සතුටු වී තමන්ගේ බලසේනාව සමග උපකාර නගරයට පිවිසෙන්න දේවයිනි කියා නගරයේ දොර විවර කළේය. රජු එක්සියයක් රජුන් පිරිවරා නගරයට පිවිසියේය. මහාසත්ත්වයෝ ප්‍රාසාදයෙන් බැස රජුට වැඳ පිරිවර ගෙන උමගට පිවිසියේය. රජු අලංකාර කළ දේව නගරය මෙන් වූ උමග දැක බෝධිසත්ත්වයන්ගේ ගුණය වර්ණනා කරන්නේ මෙසේ කීය.
“ලාභා වත විදෙහානං, යස්සිමෙදිසා පණ්ඩිතා; ඝරෙ වසන්ති විජිතෙ, යථා ත්වංසි මහොසධා”ති.
මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යගෙයක හෝ රටක හෝ වෙසෙත්නම් ඒ විදේහ වැස්සන්ටද වූයේ මහත් ලාභයකි.
තත්ථ විදෙහානන්ති එවරූපානං පණ්ඩිතානං ආකරස්ස උට්ඨානට්ඨානභූතස්ස විදෙහානං ජනපදස්ස ලාභා වත. යස්සිමෙදිසාති යස්ස ඉමෙ එවරූපා පණ්ඩිතා උපායකුසලා සන්තිකෙ වා එකඝරෙ වා එකජනපදෙ වා එකරට්ඨෙ වා වසන්ති, තස්සපි ලාභා වත. යථා ත්වංසීති යථා ත්වං අසි, තාදිසෙන පණ්ඩිතෙන සද්ධිංයෙව එකරට්ඨෙ වා එකජනපදෙ වා එකනගරෙ වා එකඝරෙ වා වසිතුං ලභන්ති. තෙසං විදෙහරට්ඨවාසීනඤ්චෙව මිථිලනගරවාසීනඤ්ච තයා සද්ධිං එකතො වසිතුං ලභන්තානං ලාභා වතාති වදති.
එහි විදෙහානං මෙබඳු පණ්ඩිතයන්ට ආකරයක් වූ උසස් තැනකට පත් විදේහයන්ගේ ජනපදයට වූයේ ලාභයක්මය. යස්ස මෙ එදිසා යමෙකුට මේ මෙබඳු පණ්ඩිතයෝ උපායෙහි දක්ෂයෝය. එක් නිවසක හෝ එක් ජනපදයක හෝ එක රටෙක හෝ වසත්නම් ඔහුටද ලාභයකි. යථා ත්වංසි යම්සේ ඔබ එබඳු වූ පණ්ඩිතයකු සමග යමෙක් එක රටක, එක ජනපදයක, එක නගරයක, එක ගෙයක වාසය කරන්නට ලැබේද ඒ විදේහ රටවැසියන්ටද මියුළුනුවර වාසීන්ටද නුඹ සමග එකට වාසය කරන්නට වූයේ ලාභයකි යැයි කියයි.
අථස්ස මහාසත්තො එකසතසයනගබ්භෙ දස්සෙති. එකස්ස ද්වාරෙ විවටෙ සබ්බෙසං විවරීයති. එකස්ස ද්වාරෙ පිදහිතෙ සබ්බෙසං පිධීයති. රාජා උමඞ්ගං ඔලොකෙන්තො පුරතො ගච්ඡති, පණ්ඩිතො පන පච්ඡතො. සබ්බා සෙනා උමඞ්ගමෙව පාවිසි. රාජා උමඞ්ගතො නික්ඛමි. පණ්ඩිතො තස්ස නික්ඛන්තභාවං ඤත්වා සයං නික්ඛමිත්වා අඤ්ඤෙසං නික්ඛමිතුං අදත්වා උමඞ්ගද්වාරං පිදහන්තො ආණිං අක්කමි. තාවදෙව අසීතිමහාද්වාරානි චතුසට්ඨිචූළද්වාරානි එකසතසයනගබ්භද්වාරානි අනෙකසතදීපගබ්භද්වාරානි ච එකප්පහාරෙනෙව පිදහිංසු. සකලො උමඞ්ගො ලොකන්තරියනිරයො විය අන්ධකාරො අහොසි. මහාජනො භීතතසිතො අහොසි. මහාසත්තො හිය්යො උමඞ්ගං පවිසන්තො යං ඛග්ගං වාලුකෙ ඨපෙසි, තං ගහෙත්වා භූමිතො අට්ඨාරසහත්ථුබ්බෙධං ආකාසං උල්ලඞ්ඝිත්වා ඔරුය්හ රාජානං හත්ථෙ ගහෙත්වා අසිං උග්ගිරිත්වා තාසෙත්වා “මහාරාජ, සකලජම්බුදීපෙ රජ්ජං කස්ස රජ්ජ”න්ති පුච්ඡි. සො භීතො “තුය්හමෙව පණ්ඩිතා”ති වත්වා “අභයං මෙ දෙහී”ති ආහ. “මා භායිත්ථ, මහාරාජ, නාහං තං මාරෙතුකාමතාය ඛග්ගං පරාමසිං, මම පඤ්ඤානුභාවං දස්සෙතුං පරාමසි”න්ති ඛග්ගං රඤ්ඤො අදාසි. අථ නං ඛග්ගං ගහෙත්වා ඨිතං “මහාරාජ, සචෙ මං මාරෙතුකාමොසි, ඉදානෙව ඉමිනා ඛග්ගෙන මාරෙහි. අථ අභයං දාතුකාමො, අභයං දෙහී”ති ආහ. “පණ්ඩිත, මයා තුය්හම්පි අභයං දින්නමෙව, ත්වං මා චින්තයී”ති අසිං ඨපෙත්වා උභොපි අඤ්ඤමඤ්ඤං අදුබ්භාය සපථං කරිංසු.
ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට එක්සියයක් යහන්ගැබ් පෙන්වීය. එක්දොරක් විවෘත කළවිට සියල්ල විවෘත වෙයි. එකක් වැසූකල්හි සියල්ල වැසී යයි. රජු උමග බලන් ඉදිරියෙන් යයි. පණ්ඩිතයෝ පසුපසින් යති. සියළු සේනා උමගට පිවිසියේය. රජ උමගින් නික්ම ගියේය. පණ්ඩිතයෝ ඔහු නික්ම ගිය බව දැන තමාද නික්ම අන් අයට නික්මෙන්නට නොදී උමංදොර වසන්නේ ඇණයක් තද කළේය. අසූවක් මහා දොරටු හැටහතරක් කුඩා දොරටු එක්සියයක් නිදන කාමර දොරවල් නොයෙක් සිය ගණන් ආලෝක ගබඩා දොරවල් එක පහරින් වැසුනාහ. මුළු උමගම ලෝකන්තරික නරකය මෙන් අඳුරු විය. මහජනයා බියෙන් තැති ගත්තේය. මහාසත්ත්වයෝ ඊයේ උමගට පිවිසෙන්නේ යම් කඩුවක් තැබීද එය ගෙන පොළවෙන් දහඅටරියනක් අහසට පැන නැගී ඉන් බැස රජුගේ අතින් අල්ලා කඩුව උදුරාගෙන බියගන්වා මහරජ, සියළු දඹදිව රාජ්‍යය කාහටදැයි විචාළේය. ඔහු බිය වූයේ පණ්ඩිතයෙනි! ඔබට යැයි කියා මට අභයදානය දෙවයි ඉල්ලීය. මහරජ, බිය නොවන්න. මම ඔබව මරනු කැමැතිව කඩුව ස්පර්ශ කළේ නැත. මාගේ ප්‍රඥා අනුභාවය පෙන්වන්නට ස්පර්ශ කළෙමියි රජුට කඩුව දුන්නේය. ඉක්බිති කඩුව ගෙන සිටි ඔහුට මෙසේ කීය. මහරජ, ඉදින් ඔබ මා මරනු කැමැති වේනම් දැන්ම මේ කඩුවෙන් මා මරන්න. ඉක්බිති අභය දෙනු කැමැති නම් අභයම දෙන්න. පණ්ඩිතය, මා විසින් නුඹට අභය දෙන ලදමය. ඔබ නොසිතන්න. කඩුව ගෙන දෙදෙනාම ඔවුනොවුන් මිත්‍රද්‍රෝහී නොවන බවට ගිවිස ගත්හ.
අථ රාජා බොධිසත්තං ආහ – “පණ්ඩිත, එවං ඤාණබලසම්පන්නො හුත්වා රජ්ජං කස්මා න ගණ්හාසී”ති? “මහාරාජ, අහං ඉච්ඡමානො අජ්ජෙව සකලජම්බුදීපෙ රාජානො මාරෙත්වා රජ්ජං ගණ්හෙය්යං, පරං මාරෙත්වා ච යසග්ගහණං නාම පණ්ඩිතෙහි න පසත්ථ”න්ති. “පණ්ඩිත, මහාජනො ද්වාරං අලභමානො පරිදෙවති, උමඞ්ගද්වාරං විවරිත්වා මහාජනස්ස ජීවිතදානං දෙහී”ති . සො ද්වාරං විවරි, සකලො උමඞ්ගො එකොභාසො අහොසි. මහාජනො අස්සාසං පටිලභි. සබ්බෙ රාජානො අත්තනො සෙනාය සද්ධිං නික්ඛමිත්වා පණ්ඩිතස්ස සන්තිකං ආගමිංසු. සො රඤ්ඤා සද්ධිං විසාලමාළකෙ අට්ඨාසි. අථ නං තෙ රාජානො ආහංසු “පණ්ඩිත, තං නිස්සාය ජීවිතං ලද්ධං, සචෙ මුහුත්තං උමඞ්ගද්වාරං න විවරිත්ථ, සබ්බෙසං නො තත්ථෙව මරණං අභවිස්සා”ති. “න මහාරාජානො ඉදානෙව තුම්හෙහි මඤ්ඤෙව නිස්සාය ජීවිතං ලද්ධං, පුබ්බෙපි ලද්ධංයෙවා”ති. “කදා, පණ්ඩිතා”ති? “ඨපෙත්වා අම්හාකං නගරං සකලජම්බුදීපෙ රජ්ජං ගහෙත්වා උත්තරපඤ්චාලනගරං ගන්ත්වා උය්යානෙ ජයපානං පාතුං සුරාය පටියත්තකාලං සරථා”ති? “ආම, පණ්ඩිතා”ති. තදා එස රාජා කෙවට්ටෙන සද්ධිං දුම්මන්තිතෙන විසයොජිතාය සුරාය චෙව මච්ඡමංසෙහි ච තුම්හෙ මාරෙතුං කිච්චමකාසි. අථාහං “මාදිසෙ පණ්ඩිතෙ ධරමානෙ ඉමෙ අනාථමරණං මා මරන්තූ”ති අත්තනො යොධෙ පෙසෙත්වා සබ්බභාජනානි භින්දාපෙත්වා එතෙසං මන්තං භින්දිත්වා තුම්හාකං ජීවිතදානං අදාසින්ති.
ඉක්බිති රජතුමා බෝධිසත්ත්වයන්ට මෙසේ කීය. පණ්ඩිතය, මෙබඳු වූ ප්‍රඥාබල සම්පන්නව සිට කුමක් නිසා රාජ්‍යය අල්ලා නොගන්නෙහිද? මහරජ, මම සිතන්නේ නම් අද සියළු දඹදිව රජවරුන් මරා රජකම ගන්නේය. අනුන් මරා යසස ලැබීම පණ්ඩිතයන් විසින් පසසන්නේ නැත. පණ්ඩිතය, මහජනයා දොරටුවක් නැතිව හඬා වැළපෙත්. උමංදොර විවරකොට මහජනයාට ජීවිත දානය දෙන්න. හෙතෙම දොර විවෘත කළේය. මුළු උමගම ඒකාලෝක විය. මහජනයා සැනසුමක් ලැබුවේය. සියළු රජවරු තමන්ගේ සේනා සමග නික්ම පණ්ඩිතයන් සමීපයට ගියහ. ඔහු රජු සමග විශාල ශාලාවේ සිටියේය. ඉක්බිති ඔහුට රජවරු මෙසේ කීහ. පණ්ඩිතය, නුඹ නිසා අපි ජීවිතය ලැබුවෙමු. ඉදින් මොහොතක් උමංදොර විවෘත නොකළේද අප සියළු දෙනාටම එහිදී මරණය සිදුවන්නේය. මහරජ, දැන් පමණක් නොවෙයි. පෙරද නුඹලා මා නිසා ජීවිතය ලැබූහ. පණ්ඩිතයෙනි, කවදාද? අපගේ නගරය හැර සියළු දඹදිව රාජ්‍යය ගෙන උත්තරපංචාල නගරයට ගොස් උයනෙහි ජයපැන් බොන්නට සුරාව සූදානම් කළ කාලය සිහිපත් කරව්. එසේය පණ්ඩිතයෙනි, එදා මේ රජු කේවට්ටයා සමග කරන ලද නරක මන්ත්‍රණයෙන් විෂ යෙදූ සුරාවෙන් ද මස්මාලුවලින්ද නුඹලාව මරන්නට ඒ කටයුතු කළේය. ඉක්බිති මම මොවුන් මා බලාසිටියදීම අසරණ ලෙස මරණය නොවේවායි මගේ පුරුෂයන් යවා සියළු භාජන බිඳවා ඔවුන්ගේ කුමන්ත්‍රණය බිඳදමා නුඹලාට ජීවිතදානය දුන්නෙමි.
තෙ සබ්බෙපි උබ්බිග්ගමානසා හුත්වා චූළනිරාජානං පුච්ඡිංසු “සච්චං කිර, මහාරාජා”ති? “ආම, මයා කෙවට්ටස්ස කථං ගහෙත්වා කතං, සච්චමෙව පණ්ඩිතො කථෙතී”ති. තෙ සබ්බෙපි මහාසත්තං ආලිඞ්ගිත්වා “පණ්ඩිත, ත්වං සබ්බෙසං නො පතිට්ඨා ජාතො, තං නිස්සාය මයං ජීවිතං ලභිම්හා”ති සබ්බපසාධනෙහි මහාසත්තස්ස පූජං කරිංසු. පණ්ඩිතො රාජානං ආහ – “මහාරාජ, තුම්හෙ මා චින්තයිත්ථ, පාපමිත්තසංසග්ගස්සෙව එස දොසො, ඉමෙ රාජානො ඛමාපෙථා”ති. රාජා “මයා දුප්පුරිසං නිස්සාය තුම්හාකං එවරූපං කතං, එස මය්හං දොසො, ඛමථ මෙ දොසං, පුන එවරූපං න කරිස්සාමී”ති ඛමාපෙසි. තෙ අඤ්ඤමඤ්ඤං අච්චයං දෙසෙත්වා සමග්ගා සම්මොදමානා අහෙසුං. අථ රාජා බහූනි ඛාදනීයභොජනීයගන්ධමාලාදීනි ආහරාපෙත්වා සබ්බෙහි සද්ධිං සත්තාහං උමඞ්ගෙයෙව කීළිත්වා නගරං පවිසිත්වා මහාසත්තස්ස මහාසක්කාරං කාරෙත්වා එකසතරාජපරිවුතො මහාතලෙ නිසීදිත්වා පණ්ඩිතං අත්තනො සන්තිකෙ වසාපෙතුකාමතාය ආහ –
ඒ සියල්ලෝම බියට පත් චූළනී රජුගෙන් ඇසූහ. මහරජතුමනි, සත්‍යයක්ද? එසේය. මා විසින් කේවට්ටයාගේ වචනය පිළිගෙන කරන ලදී. පණ්ඩිතයෝ සත්‍යයක්ම කියති. ඒ සියල්ලෝම මහාසත්ත්වයන් වැළඳගෙන පණ්ඩිතය, ඔබ අප සියලු දෙනාටම පිහිටවිය. ඔබ නිසා අපි ජීවිතය ලැබුවෝ වෙමු. සියල්ලෝම ප්‍රසාදයෙන් බෝධිසත්ත්වයන්ට පූජා කළහ. පණ්ඩිතයෝ රජතුමාට කීය. මහරජතුමනි, ඔබ කිසිවක් නොසිතන්න. මේ පාපමිත්‍ර සංසර්ගයේ දෝෂයයි. මේ රජවරුන් ක්ෂමා කරන්න. රජු මා විසින් දුර්ජනයකු නිසා නුඹලාට මෙබඳු දෙයක් කරන ලදී. මේ මාගේ දෝෂයකි. මට සමාවන්න. නැවත මෙබන්දක් නොකරන්නෙමියි ක්ෂමා කළේය. ඔවුහු ඔවුනොවුන් වරද දෙසාගෙන සමගි වූහ. ඉක්බිති රජතුමා බොහෝ කෑමබීම ආහාරපාන, සුවඳ මල්දම් ආදිය ගෙන්වාගෙන ඒ සියලු දෙනා සමග සත්දිනක් උමග තුළම ප්‍රීතිවී නගරයට පිවිස මහාසත්ත්වයන්ට බොහෝ සත්කාර කරවවා එක්සියයක් රජුන් පිරිවරා ලොකු ශාලාවේ සිට පණ්ඩිතයන් තමන් ළඟ නතරකරගන්නා පිණිස මෙසේ කීය.
“වුත්තිඤ්ච පරිහාරඤ්ච, දිගුණං භත්තවෙතනං; දදාමි විපුලෙ භොගෙ, භුඤ්ජ කාමෙ රමස්සු ච; මා විදෙහං පච්චගමා, කිං විදෙහො කරිස්සතී”ති.
වෘත්තියද, ගම්බිම් ආදියද බත් වැටුපද දෙගුණකොට දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත්ද දෙන්නෙමි. කාමයන් අනුභව කරව. රමණය කරව. විදේහපුරයට පෙරළා නොයන්න. විදේහ කුමක් කරන්නේද?
තත්ථ වුත්තින්ති යසනිස්සිතං ජීවිතවුත්තිං. පරිහාරන්ති ගාමනිගමදානං. භත්තන්ති නිවාපං. වෙතනන්ති පරිබ්බයං. භොගෙති අඤ්ඤෙපි තෙ විපුලෙ භොගෙ දදාමි.
එහි වුත්තිං යනු යශස් සහිත දිවිපැවැත්ම. පරිහාරං ගම් නියම්ගම් පරිත්‍යාගය. භත්තං ආහාර. වෙතනං වියදම. භොගෙ අනිකුත් බොහෝ සම්පත් දෙමි.
පණ්ඩිතො තං පටික්ඛිපන්තො ආහ –
පණ්ඩිතයෝ වනාහි එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීය.
“යො චජෙථ මහාරාජ, භත්තාරං ධනකාරණා; උභින්නං හොති ගාරය්හො, අත්තනො ච පරස්ස ච; යාව ජීවෙය්ය වෙදෙහො, නාඤ්ඤස්ස පුරිසො සියා.
මහරජ, යමෙක් ධන හේතුවෙන් තම ස්වාමියා හරන්නේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින්ම ගැරහිය යුත්තේය. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනිකකුගේ සේවකයෙක් නොවන්නෙමි.
“යො චජෙථ මහාරාජ, භත්තාරං ධනකාරණා; උභින්නං හොති ගාරය්හො, අත්තනො ච පරස්ස ච; යාව තිට්ඨෙය්ය වෙදෙහො, නාඤ්ඤස්ස විජිතෙ වසෙ”ති.
මහරජ, යමෙක් ධන හේතුවෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින්ම ගර්හා ලැබිය යුත්තේ වෙයි. වේදේහ රජු වසනා තෙක් අන් විජිතයක නොවසන්නෙමි.
තත්ථ අත්තනො ච පරස්ස චාති එවරූපඤ්හි “ධනකාරණා මයා අත්තනො භත්තාරං පරිච්චජන්තෙන පාපං කත”න්ති අත්තාපි අත්තානං ගරහති, “ඉමිනා ධනකාරණා අත්තනො භත්තා පරිච්චත්තො, පාපධම්මො අය”න්ති පරොපි ගරහති. තස්මා න සක්කා තස්මිං ධරන්තෙ මයා අඤ්ඤස්ස විජිතෙ වසිතුන්ති.
එහි අත්තනො ච පරස්ස ච මෙබඳු වූ ධනය හේතුවෙන් වනාහි තමාගේ සහෝදරයාව අත්හරින්නහු විසින් පාපයක් කරන ලදැයි තමා ගර්හා කරයි. මේ ධන හේතුවෙන් තමන්ගේ ස්වාමියාව අත්හරින්නේ, මෙය පවිටු වැඩක් යැයි අන්‍යයෝද ගරහති. ඒ නිසා ඔහු සිටිනතාක් මා විසින් වෙනත් රාජ්‍යයක වාසය කිරීම කළ නොහැක.
අථ නං රාජා ආහ – “තෙන හි, පණ්ඩිත, තව රඤ්ඤො දිවඞ්ගතකාලෙ ඉධාගන්තුං පටිඤ්ඤං දෙහී”ති. සො “සාධු, දෙව, අහං ජීවන්තො ආගමිස්සාමී”ති ආහ. අථස්ස රාජා සත්තාහං මහාසක්කාරං කත්වා සත්තාහච්චයෙන පුන ආපුච්ඡනකාලෙ “අහං තෙ, පණ්ඩිත, ඉදඤ්චිදඤ්ච දම්මී”ති වදන්තො ගාථමාහ –
ඉක්බිති රජු මෙසේ කීය. එසේනම් පණ්ඩිතය, ඔබගේ රජතුමා මියගිය කල්හි මෙහි එන බවට පොරොන්දු වන්න. මහරජ, ජීවත්ව සිටියොත් එන්නෙමි. ඉක්බිති රජු ඔහුට සත්දිනක් ගරු සත්කාරකොට දින සතක් ගත වූ පසු නැවත විචාරණ කල්හි පණ්ඩිතය, මම ඔබට මේ මේ දේ දෙමියි කියන්නේ මේ ගාථාව කීය.
“දම්මි නික්ඛසහස්සං තෙ, ගාමාසීතිඤ්ච කාසිසු; දාසිසතානි චත්තාරි, දම්මි භරියාසතඤ්ච තෙ; සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිං ගච්ඡ මහොසධා”ති.
මහෞෂධය, ඔබට රන් නිෂ්ක දහසක්, කසී රටේ ගම් අසූවක්ද, අසුන් සාරසියයක්ද බිරියන් සියයක්ද දෙමි. සියලු සෙනග ගෙන සුවසේ යව.
තත්ථ නික්ඛසහස්සන්ති පඤ්චසුවණ්ණෙන නික්ඛෙන නික්ඛානං සහස්සං. ගාමාති යෙ ගාමා සංවච්ඡරෙ සංවච්ඡරෙ සහස්සසහස්සුට්ඨානකා, තෙ ච ගාමෙ තෙ දම්මි. කාසිසූති කාසිරට්ඨෙ. තං විදෙහරට්ඨස්ස ආසන්නං, තස්මා තත්ථස්ස අසීතිගාමෙ අදාසි.
එහි නික්ඛසහස්සං යනු රත්රන් නිෂ්ක පහේ ඒවා දහසක්. ගාමා යම් ගමක් වර්ෂයකට ලක්ෂයක් උපයාද එය ඔබට දෙමි. කාසිසූ කාසි රටෙහි එය විදේහ රටට සමීපය. ඒ නිසා ඔහුට එහි ගම් අසූවක් දෙවීය.
සොපි රාජානං ආහ – “මහාරාජ, තුම්හෙ බන්ධවානං මා චින්තයිත්ථ, අහං මම රඤ්ඤො ගමනකාලෙයෙව ‘මහාරාජ, නන්දාදෙවිං මාතුට්ඨානෙ ඨපෙය්යාසි, පඤ්චාලචන්දං කනිට්ඨට්ඨානෙ’ති වත්වා ධීතාය තෙ අභිසෙකං දාපෙත්වා රාජානං උය්යොජෙසිං, මාතරඤ්ච දෙවිඤ්ච පුත්තඤ්ච සීඝමෙව පෙසෙස්සාමී”ති. සො “සාධු, පණ්ඩිතා”ති අත්තනො ධීතු දාතබ්බානි දාසිදාසවත්ථාලඞ්කාරසුවණ්ණහිරඤ්ඤඅලඞ්කතහත්ථිඅස්සරථාදීනි “ඉමානි තස්සා දදෙය්යාසී”ති මහාසත්තං පටිච්ඡාපෙත්වා සෙනාවාහනස්ස කත්තබ්බකිච්චං විචාරෙන්තො ආහ –
ඔහුද රජුට මෙසේ කීය. මහරජතුමනි, ඔබවහන්සේ නෑදැයන් පිළිබඳව කිසිවක් නොසිතන්න. මම මාගේ රජුට, යන කාලයේදීම මහරජ, නන්දා දේවිය මව් තනතුරේ තබන්න. පංචාලචණ්ඩව කණිටු තනතුරේද තියා ඔබගේ දුවණියට අභිෂේක දී රජුව පිටත්කර හැරියේය. මවද දේවියද ඔබගේ පුත්‍රයාවද ඉක්මණින් එවන්නෙමි. රජු යහපති පණ්ඩිතය, කියා තමාගේ දුවට දිය යුතු දාස දාසියන් වස්ත්රාභරණ රත්රන්, සැරසූ ඇත්, අස් රථ ආදී මේ සියල්ල ඇයට දෙන්නයැයි මහාසත්ත්වයන්ට පවරා සේනා වාහනවලට කළයුතු කටයුතු විචාරන්නේ මෙසේ කීය.
“යාව දදන්තු හත්ථීනං, අස්සානං දිගුණං විධං; තප්පෙන්තු අන්නපානෙන, රථිකෙ පත්තිකාරකෙ”ති.
ඇතුනට හා අසුනට යම් පමණ දේ අවශ්‍ය වේද, එය දෙගුණකොට ප්‍රමාණවත් පමණ දෙන්න. රථ සේනාවන් හා පාබලසේනාවන් ආහාරපානයෙන් සතුටු කරත්වා.
තත්ථ යාවාති න කෙවලං දිගුණමෙව, යාව පහොති, තාව හත්ථීනඤ්ච අස්සානඤ්ච යවගොධුමාදිවිධං දෙථාති වදති. තප්පෙන්තූති යත්තකෙන තෙ අන්තරාමග්ගෙ අකිලන්තා ගච්ඡන්ති, තත්තකං දෙන්තා තප්පෙන්තු.
එහි යාවං හුදෙක් දෙගුණයක්ම නොවේ. යම් පමණ අවශ්‍ය වේ ඒ තාක් ඇතුන්ටද අශ්වයන්ටද යව, තිරිඟු ආදී දේ දෙව්යයි කියයි. තප්පෙන්තු යම්පමණකින් අතරමග වෙහෙසට පත්නොවී යෙත්ද එපමණක් දෙමින් සතුටු කරත්වා.
එවඤ්ච පන වත්වා පණ්ඩිතං උය්යොජෙන්තො ආහ –
මෙසේද කියා පණ්ඩිතයන් පිටත් කරමින් මෙසේ කීය.
“හත්ථී අස්සෙ රථෙ පත්තී, ගච්ඡෙවාදාය පණ්ඩිත; පස්සතු තං මහාරාජා, වෙදෙහො මිථිලං ගත”න්ති.
මහෞෂධ පණ්ඩිතය! ඇත්, අස්, රිය, පාබල සේනාවන් ගෙනැ යව. මියුළු නුවරට ගිය තොප ඒ වේදේහ රජු දකීවා.
තත්ථ මිථිලං ගතන්ති සොත්ථිනා තං මිථිලනගරං සම්පත්තං පස්සතු.
එහි මිථිලං ගතං සුවසේ ඒ මියුළු නුවරට පැමිණියහු දකීවා.
ඉති සො පණ්ඩිතස්ස මහන්තං සක්කාරං කත්වා උය්යොජෙසි. තෙපි එකසතරාජානො මහාසත්තස්ස සක්කාරං කත්වා බහුං පණ්ණාකාරං අදංසු. තෙසං සන්තිකෙ උපනික්ඛිත්තකපුරිසාපි පණ්ඩිතමෙව පරිවාරයිංසු. සො මහන්තෙන පරිවාරෙන පරිවුතො මග්ගං පටිපජ්ජිත්වා අන්තරාමග්ගෙයෙව චූළනිරඤ්ඤා දින්නගාමතො ආයං ආහරාපෙතුං පුරිසෙ පෙසෙත්වා විදෙහරට්ඨං සම්පාපුණි. සෙනකොපි කින්තරාමග්ගෙ අත්තනො පුරිසං ඨපෙසි “චූළනිරඤ්ඤො පුන ආගමනං වා අනාගමනං වා ජානිත්වා යස්ස කස්සචි ආගමනඤ්ච මය්හං ආරොචෙය්යාසී”ති. සො තියොජනමත්ථකෙයෙව මහාසත්තං දිස්වා ආගන්ත්වා “පණ්ඩිතො මහන්තෙන පරිවාරෙන ආගච්ඡතී”ති සෙනකස්ස ආරොචෙසි. සො තං සුත්වා රාජකුලං අගමාසි . රාජාපි පාසාදතලෙ ඨිතො වාතපානෙන ඔලොකෙන්තො මහතිං සෙනං දිස්වා “මහොසධපණ්ඩිතස්ස සෙනා මන්දා, අයං අතිවිය මහතී සෙනා දිස්සති, කිං නු ඛො චූළනිරාජා ආගතො සියා”ති භීතතසිතො තමත්ථං පුච්ඡන්තො ආහ –
මෙසේ ඔහු පණ්ඩිතයන්ට මහත් සත්කාර කොට පිටත්කළේය. ඒ එක්සියයක් රජවරු මහා සත්කාරකොට බොහෝ ත්‍යාග දුන්හ. ඔවුන් සමීපයෙහි යොදවන ලද පුරුෂයෝ පණ්ඩිතයන්වම පිරිවරා ගත්හ. හෙතෙම මහත් පිරිවරින් මගට බැස අතරමගදීම චූළනී රජු විසින් දෙන ලද ගම්වල බදු ගෙන ඒමට පුරුෂයන් යවා විදේහ රටට ළඟාවිය. සේනක තෙමේ ද අතරමග පුරුෂයකු තැබීය. චූළනී රජු ආපසු එන නොඑන බව දැනගන්න. යම්කිසිවකුගේ පැමිණෙන වේලාවද මට දන්වන්න. හෙතෙම තුන්යොදුනක් පමණ ගිය තැන මහාසත්ත්වයන් දැක අවුත් පණ්ඩිතයෝ මහත් පිරිවරින් එන්නේ යයි සැලකළේය. ඔහු එය අසා රජගෙදරට ගියේය. දැක මහෞෂධයගේ සේනාව ස්වල්පයකි. මේ අතිශයින් විශාලය. කිම චූළනී රජු ආවේදෝහෝයි බියෙන් තැතිගත්තේ ඒ කාරණය විමසමින් මෙසේ කීය.
“හත්ථී අස්සා රථා පත්තී, සෙනා පදිස්සතෙ මහා; චතුරඞ්ගිනී භීසරූපා, කිං නු මඤ්ඤසි පණ්ඩිතා”ති.
ඇත්, අස්, රිය, පාබල යන අතිවිශාල වූ භයානක චතුරංගනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරු ඒ කුමක්දැයි සිතන්නහුද?
අථස්ස සෙනකො තමත්ථං ආරොචෙන්තො ආහ –
ඉක්බිති සේනක තෙමේ ඒ කාරණය ඔහුට දන්වන්නේ මෙසේ කීය.
“ආනන්දො තෙ මහාරාජ, උත්තමො පටිදිස්සති; සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිං පත්තො මහොසධො”ති.
මහරජ, ඔබගේ සිත තුටුකරන උතුමා පෙරළා එනු පෙනේ. සියළු සෙනග ගෙන මහෞෂධ පඬිතුමා සුවසේ මෙහි පැමිණියේය.
තං සුත්වා රාජා ආහ – “සෙනක, පණ්ඩිතස්ස සෙනා මන්දා, අයං පන මහතී”ති. “මහාරාජ, චූළනිරාජා තෙන පසාදිතො භවිස්සති, තෙනස්ස පසන්නෙන දින්නා භවිස්සතී”ති. රාජා නගරෙ භෙරිං චරාපෙසි “නගරං අලඞ්කරිත්වා පණ්ඩිතස්ස පච්චුග්ගමනං කරොන්තූ”ති. නාගරා තථා කරිංසු. පණ්ඩිතො නගරං පවිසිත්වා රාජකුලං ගන්ත්වා රාජානං වන්දිත්වා එකමන්තං නිසීදි. අථ නං රාජා උට්ඨාය ආලිඞ්ගිත්වා පල්ලඞ්කවරගතො පටිසන්ථාරං කරොන්තො ආහ –
එය අසා රජු මෙසේ කීය. සේනකය! පණ්ඩිතයන්ගේ සේනාව කුඩාය. මෙය වනාහි ඉතා විශාලය. මහරජ, රජු ඔහුට පැහැදුනේ විය යුතුය. පැහැදුනා වූ ඔහුට දෙන ලද්දේ විය යුතුය. රජු නගරයෙහි බෙර හැසිරවීය. නගරය සරසා පණ්ඩිතයන්ට පෙරගමන් කරත්වා. නාගරිකයෝ එසේ කළහ. පණ්ඩිතයෝ නගරයට පිවිස රජගෙදරට ගොස් රජුට වැන්දේය. ඉක්බිති රජු නැගිට ඔහු වැළඳගෙන උතුම් ආසනයකට වී පිළිසඳර කථා කරන්නේ මෙසේ කීහ.
“යථා පෙතං සුසානස්මිං, ඡඩ්ඩෙත්වා චතුරො ජනා; එවං කපිලය්යෙ ත්යම්හ, ඡඩ්ඩයිත්වා ඉධාගතා.
යම්සේ සතරදෙනෙක් මළ මිනිසකු ඔසවාගෙන ගොස් අමුසොහොනෙහි හැරදමා එත්ද එසෙයින් අපිදු තොපව කම්පිල්ල රටෙහි හැරදමා මෙහි ආවෙමු.
“අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා; කෙන වා අත්ථජාතෙන, අත්තානං පරිමොචයී”ති.
එසේ ඇතිකල කවර ක්‍රමයෙකින් කවර හේතුවකින් කවර අර්ථයකින් සතුරන්ගෙන් තම ජීවිතය මුදවා ගත්තහුද?
තත්ථ චතුරො ජනාති පණ්ඩිත, යථා නාම කාලකතං චතුරො ජනා මඤ්චකෙන සුසානං නෙත්වා තත්ථ ඡඩ්ඩෙත්වා අනපෙක්ඛා ගච්ඡන්ති, එවං කපිලය්යෙ රට්ඨෙ තං ඡඩ්ඩෙත්වා මයං ඉමාගතාති අත්ථො. කෙන වණ්ණෙනාති කෙන කාරණෙන. හෙතුනාති පච්චයෙන. අත්ථජාතෙනාති අත්ථෙන. අත්තානං පරිමොචයීති අමිත්තහත්ථගතො කෙන කාරණෙන පච්චයෙන කෙන අත්ථෙන ත්වං අත්තානං පරිමොචෙසීති පුච්ඡති.
එහි චතුරො ජනා පණ්ඩිතය, යම්සේ වනාහි මළ ඇත්තහුව මිනිසුන් සතරදෙනෙක් ඇඳක තබා සොහොනට ගෙන ගොස් අතහැර දමා බලාපොරොත්තු රහිතව යත්. එපරිද්දෙන් කම්පිල්ල රටේ ඔබව අතහැර දමා අපි මෙහි ආවේ වෙමු යන අර්ථයි. වණ්ණෙන කරුණෙන් හෙතුනා හේතුවෙන්. අත්ථජාතෙන හටගත් අර්ථයෙන්. මොචයී සතුරන්ගේ අතට පත්වූයේ කවර හේතුවකින් කවර අර්ථයකින් ඔබ තමාව මුදවා ගත්තේද?
තතො මහාසත්තො ආහ –
ඉක්බිති මහාසත්ත්වයෝ මෙසේ කීහ.
“අත්ථං අත්ථෙන වෙදෙහ, මන්තං මන්තෙන ඛත්තිය; පරිවාරයිං රාජානං, ජම්බුදීපංව සාගරො”ති.
මහරජ, ඔවුන්ගේ අර්ථය මාගේ අර්ථයෙන්ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරුවෙමි. ඒ මතුනොව දඹදිව පිරිවැරූ සයුර සේ එක්සියක් රජුන් පිරිවරන ලද ඒ රජුද පිරිවරන්නෙමි.
තස්සත්ථො – අහං, මහාරාජ, තෙන චින්තිතං අත්ථං අත්තනො චින්තිතෙන අත්ථෙන, තෙන ච මන්තිතං මන්තං අත්තනො මන්තිතෙන මන්තෙන පරිවාරෙසිං. න කෙවලඤ්ච එත්තකමෙව, එකසතරාජපරිවාරං පන තං රාජානං ජම්බුදීපං සාගරො විය පරිවාරයිස්සන්ති. සබ්බං අත්තනො කතකම්මං විත්ථාරෙත්වා කථෙසි.
එහි විස්තරාර්ථය නම් මහරජතුමනි, මම ඔවුන් විසින් සිතන ලද කාරණය තමන්ගේ සිතිවිල්ලෙන්, ඔවුන් විසින් කරන ලද මන්ත්‍රණය තමන්ගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරූවෙමි. හුදෙක් මෙපමණක්ම නොවේ. පිරිවරා සිටිත්. මෙසේ තමන් විසින් කළ කටයුතු සියල්ල විස්තර වශයෙන් පැවසීය.
තං සුත්වා රාජා අතිවිය තුස්සි. අථස්ස පණ්ඩිතො චූළනිරඤ්ඤා අත්තනො දින්නං පණ්ණාකාරං ආචික්ඛන්තො ආහ –
ඒ අසා රජු සතුටු විය. ඉක්බිති පණ්ඩිතයෝ තමන්ට චූළනී රජු විසින් දෙන ලද ත්‍යාගයන් කියන්නේ මෙසේ කීහ.
“දින්නං නික්ඛසහස්සං මෙ, ගාමාසීති ච කාසිසු; දාසිසතානි චත්තාරි, දින්නං භරියාසතඤ්ච මෙ; සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිනාම්හි ඉධාගතො”ති.
රන් නිෂ්ක දහසක්ද කසීරටෙහි ගම් අසූවක්ද දැස්සන් සාරසියයක්ද බිරියන් සියයක්ද මට දෙන ලදහ. සියලු සේනා කොටස් ගෙන සුවසේ මෙහි ආවෙමි.
තතො රාජා අතිවිය තුට්ඨපහට්ඨො මහාසත්තස්ස ගුණං වණ්ණෙන්තො තමෙව උදානං උදානෙසි –
ඉක්බිති රජතුමා අතිශයින් තුටපහටු වූයේ මහාසත්ත්වයන්ගේ ගුණ වර්ණනා කරමින් ඒ උදානයම පැවසීය.
“සුසුඛං වත සංවාසො, පණ්ඩිතෙහීති සෙනක; පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො”ති.
සේනකය! නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේය. මැදිරියක බැඳුණු කුරුල්ලන්ගේද දැලෙහි හසු වූ මත්ස්‍යයන් සේද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙමේ මුදවාලීය.
සෙනකොපි තස්ස වචනං සම්පටිච්ඡන්තො තමෙව ගාථමාහ –
සේනකයා ද ඔහුගේ වචනය අනුමත කරමින් එම ගාථාවම කීය.
“එවමෙතං මහාරාජ, පණ්ඩිතා හි සුඛාවහා; පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො”ති.
මහරජ! එය එසේමය. පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේය. මැදිරියෙක්හි බැඳුනු පක්ෂීන් සේද දැලෙක බැඳුනු මත්ස්‍යයන් සේද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙමේ මුදවාපීය.
අථ රාජා නගරෙ ඡණභෙරිං චරාපෙත්වා “සත්තාහං මහාඡණං කරොන්තු, යෙසං මයි සිනෙහො අත්ථි, තෙ සබ්බෙ පණ්ඩිතස්ස සක්කාරං සම්මානං කරොන්තූ”ති ආණාපෙන්තො ආහ –
ඉක්බිති රජතුමා නගරයෙහි උත්සව පවත්වන ලෙස අණබෙර හැසිරවීය. සත් දිනක් සැණකෙළි පවත්වව්. මට ආදරයක් ඇති සියල්ලෝම පණ්ඩිතයන්ට සත්කාර සම්මාන කරත්වා.
“ආහඤ්ඤන්තු සබ්බවීණා, භෙරියො දින්දිමානි ච; ධමෙන්තු මාගධා සඞ්ඛා, වග්ගූ නදන්තු දුන්දුභී”ති.
මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ. සියළු වීණාද බෙර ද පණා බෙරද වාදනය කරවු. මාගධ සංඛ නාදකරත්වා. මහබෙර මිහිරි ලෙස නාද දේවා.
තත්ථ ආහඤ්ඤන්තූති වාදියන්තු. මාගධා සඞ්ඛාති මගධරට්ඨෙ සඤ්ජාතා සඞ්ඛා. දුන්දුභීති මහාභෙරියො.
එහි ආහඤ්ඤන්තු වාදනය කරන්වා. මාගධා සංඛා මගධ රටෙහි හටගත්. සංඛ. දුන්දුභි මහබෙර.
අථ තෙ නාගරා ච ජානපදා ච පකතියාපි පණ්ඩිතස්ස සක්කාරං කාතුකාමා භෙරිසද්දං සුත්වා අතිරෙකතරං අකංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
නාගරිකයෝ ද ජානපදිකයෝ ද ස්වභාවයෙන්ම පණ්ඩිතයන්ට සත්කාර කරනු කැමැත්තාහු අණබෙරය අසා අමතර සත්කාර ආදියද කළහ. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
අන්තඃපුර කාන්තාවෝ ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද බොහෝ වූ ආහාරපාන පණ්ඩිතයන් වෙත පිරිනැමූහ.
“හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
ඇත්, අස්, රිය, පාබල සේනාවෝ ද පණ්ඩිතයනට බොහෝ වූ ආහාරපාන පිරිනැමූහ.
“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
රැස් වූ දහම් වැස්සෝ රැස් වූ නියම්ගම් වැසෝ පණ්ඩිතයනට බොහෝ වූ ආහාරපාන එළැවූහ.
“බහුජනො පසන්නොසි, දිස්වා පණ්ඩිතමාගතං; පණ්ඩිතම්හි අනුප්පත්තෙ, චෙලුක්ඛෙපො අවත්තථා”ති.
පණ්ඩිතයන් ආ කලැ දැක බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කල පිළි හිසැ සිසෑරීමද පැවැත්විණි.
තත්ථ ඔරොධාති උදුම්බරදෙවිං ආදිං කත්වා අන්තෙපුරිකා. අභිහාරයුන්ති අභිහාරාපෙසුං, පහිණිංසූති අත්ථො. බහුජනොති භික්ඛවෙ, නගරවාසිනො ච චතුද්වාරගාමවාසිනො ච ජනපදවාසිනො චාති බහුජනො පසන්නො අහොසි. දිස්වා පණ්ඩිතමාගතන්ති පණ්ඩිතං මිථිලං ආගතං දිස්වා. අවත්තථාති පණ්ඩිතම්හි මිථිලං අනුප්පත්තෙ “අයං නො පඨමමෙව පච්චාමිත්තවසං ගතං රාජානං මොචෙත්වා පෙසෙත්වා පච්ඡා එකසතරාජානො අඤ්ඤමඤ්ඤං ඛමාපෙත්වා සමග්ගෙ කත්වා චූළනිං පසාදෙත්වා තෙන දින්නං මහන්තං යසං ආදාය ආගතො”ති තුට්ඨචිත්තෙන ජනෙන පවත්තිතො චෙලුක්ඛෙපො පවත්තථ.
එහි ඔරොධා යනු උදුම්බරා දේය ආදිකොට ඇති අන්තඃපුර කාන්තාවෝ. අභිහාරයුං පිරිනැමූහ. එවූහ. බහුජ්ජනො යනු මහණෙනි! නගරවැසියෝ ද සිව්දොරටුගම් වැසියෝ ද ජනපද වැසියෝ ද යන බොහෝජනයා පැහැදුනේ වූහ. දිස්වාපණ්ඩිතමාගතෙ. පණ්ඩිතයන් මියුළුනුවරට පැමිණි බව දැක. අවත්තථා පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කල්හි මෙතෙමේ පළමුව සතුරන් අතට පත්ව සිටි අපගේ රජතුමාව මුදවා මෙහි එවා පසුව එක්සියයක් රජදරුවන් ඔවුනොවුන් සමාකරවා, සමගි කර චූළනී රජුව පහදවා ඔහු විසින් දෙන ලද මහත් වූ කීර්තිය රැගෙන ආවේයයි කියා සතුටු සිතින් ජනයා විසින් පවත්වන පිළිහිස සිසෑරීම් පවත්වන ලදී.
අථ මහාසත්තො ඡණාවසානෙ රාජකුලං ආගන්ත්වා “මහාරාජ, චූළනිරඤ්ඤො මාතරඤ්ච දෙවිඤ්ච පුත්තඤ්ච සීඝං පෙසෙතුං වට්ටතී”ති ආහ. “සාධු, තාත, පෙසෙහී”ති. සො තෙසං තිණ්ණං ජනානං මහන්තං සක්කාරං කත්වා අත්තනා සද්ධිං ආගතසෙනායපි සක්කාරං සම්මානං කාරෙත්වා තෙ තයො ජනෙ මහන්තෙන පරිවාරෙන අත්තනො පුරිසෙහි සද්ධිං පෙසෙසි. රඤ්ඤා අත්තනො දින්නා සතභරියා ච චත්තාරි දාසිසතානි ච නන්දාදෙවියා සද්ධිං පෙසෙසි, අත්තනා සද්ධිං ආගතසෙනම්පි තෙහි සද්ධිංයෙව පෙසෙසි. තෙ මහන්තෙන පරිවාරෙන උත්තරපඤ්චාලනගරං පාපුණිංසු. අථ රාජා මාතරං පුච්ඡි “කිං, අම්ම, වෙදෙහරාජෙන තෙ සඞ්ගහො කතො”ති? “කිං තාත, කථෙසි, මං දෙවතාඨානෙ ඨපෙත්වා සක්කාරමකාසි, නන්දාදෙවිම්පි මාතුට්ඨානෙ ඨපෙසි, පඤ්චාලචන්දං කනිට්ඨභාතිකට්ඨානෙ ඨපෙසී”ති. තං සුත්වා රාජා අතිවිය තුස්සිත්වා බහුං පණ්ණාකාරං පෙසෙසි. තතො පට්ඨාය තෙ උභොපි සමග්ගා සම්මොදමානා වසිංසූති.
ඉක්බිති මහාසත්ත්වයෝ සැණකෙළිය අවසානයේ රජගෙදරට ගොස් මහරජතුමනි, චූළනී රජුගේ මව ද දේවිය ද පුතා ද වහා පිටත්කර යැවිය යුතුය. යහපත් දරුව, යවන්න. හෙතෙම ඒ තුන්දෙනාට මහත් සත්කාරකොට තමා සමග ආ සේනාවටද සත්කාර සම්මාන කරවවා ඒ තුන්දෙනාව මහත් පිරිවරින් තමන්ගේ පුරුෂයන් සමග පිටත්කර හැරියේය. රජු විසින් තමන්ට පැවරූ භාර්යාවන් සද්දෙනාද හාරසියයක් දාසීන්ද නන්දා දේවිය සමග යැවීය. තමා සමග පැමිණි සේනාවද ඔවුන් සමග යැවීය. ඔවුහු මහත් පෙරහරින් උත්තරපංචාල නගරයට සැපත් වූහ. ඉක්බිති රජතුමා මවගෙන් මෙසේ ඇසීය. කිම මෑණියනි! වේදේහ රජු විසින් ඔබට සළකන ලද්දේ ද? දරුව, කුමක් කියන්නෙහිද? මා දෙවියකු ලෙස සළකා සත්කාර කළේය. නන්දා දේවියද මවක් ලෙස සැළකූ බවද කීවාය. පංචාලචණ්ඩව කණිටු සොහොයුරු ලෙස සැළකීය. එය අසා රජු අතිශයින් සතුටුවී බොහෝ තුටුපඬුරු යැවීය. එතැන් පටන් දෙපක්ෂයම සමගිව සතෝෂයෙන් කල්ගත කළහ.
මහාඋමඞ්ගඛණ්ඩං නිට්ඨිතං.
මහා උම්මග්ග කාණ්ඩය නිමියේ ය.