සුවකණ්ඩං අට්ඨකථා
සුවකණ්ඩං
සුවකණ්ඩං
අථෙකදිවසං කෙවට්ටො ආදාසෙ මුඛං ඔලොකෙන්තො නලාටෙ වණං දිස්වා “ඉදං ගහපතිපුත්තස්ස කම්මං, තෙනාහං එත්තකානං රාජූනං අන්තරෙ ලජ්ජාපිතො”ති චින්තෙත්වා සමුප්පන්නකොධො හුත්වා “කදා නු ඛ්වස්ස පිට්ඨිං පස්සිතුං සමත්ථො භවිස්සාමී”ති චින්තෙන්තො “අත්ථෙසො උපායො, අම්හාකං රඤ්ඤො ධීතා පඤ්චාලචන්දී නාම උත්තමරූපධරා දෙවච්ඡරාපටිභාගා, තං විදෙහරඤ්ඤො දස්සාමා”ති වත්වා “වෙදෙහං කාමෙන පලොභෙත්වා ගිලිතබළිසං විය මච්ඡං සද්ධිං මහොසධෙන ආනෙත්වා උභො තෙ මාරෙත්වා ජයපානං පිවිස්සාමා”ති සන්නිට්ඨානං කත්වා රාජානං උපසඞ්කමිත්වා ආහ – “දෙව, එකො මන්තො අත්ථී”ති. “ආචරිය, තව මන්තං නිස්සාය උදරබද්ධසාටකස්සපි අස්සාමිනො ජාතම්හා, ඉදානි කිං කරිස්සසි, තුණ්හී හොහී”ති. “මහාරාජ, ඉමිනා උපායෙන සදිසො අඤ්ඤො නත්ථී”ති. “තෙන හි භණාහී”ති. “මහාරාජ, අම්හෙහි ද්වීහියෙව එකතො භවිතුං වට්ටතී”ති. “එවං හොතූ”ති. අථ නං බ්රාහ්මණො උපරිපාසාදතලං ආරොපෙත්වා ආහ – “මහාරාජ, විදෙහරාජානං කිලෙසෙන පලොභෙත්වා ඉධානෙත්වා සද්ධිං ගහපතිපුත්තෙන මාරෙස්සාමා”ති. “සුන්දරො, ආචරිය, උපායො, කථං පන තං පලොභෙත්වා ආනෙස්සාමා”ති? “මහාරාජ, ධීතා වො පඤ්ඡාලචන්දී උත්තමරූපධරා, තස්සා රූපසම්පත්තිං චාතුරියවිලාසෙන කවීහි ගීතං බන්ධාපෙත්වා තානි කබ්බානි මිථිලායං ගායාපෙත්වා ‘එවරූපං ඉත්ථිරතනං අලභන්තස්ස විදෙහනරින්දස්ස කිං රජ්ජෙනා’ති තස්ස සවනසංසග්ගෙනෙව පටිබද්ධභාවං ඤත්වා අහං තත්ථ ගන්ත්වා දිවසං වවත්ථපෙස්සාමි. සො මයි දිවසං වවත්ථපෙත්වා ආගතෙ ගිලිතබළිසො විය මච්ඡො ගහපතිපුත්තං ගහෙත්වා ආගමිස්සති, අථ නෙ මාරෙස්සාමා”ති.
ඉක්බිති එක්දින කේවට්ටයා කැඩපතින් මුහුණ බලන්නේ නළලෙහි වණය දැක මේ ගෘහපති පුත්‍රයාගේ වැඩකි. එසේ නම් මෙතෙක් රජවරුන් අතර ලජ්ජාවට පත්වූයේ යැයි සිතා හටගත් ක්‍රෝධ ඇත්තේ වී කවදානම් ඔහු පිටු දකින්නට සමර්ථ වන්නෙම්දැයි සිතන්නේ, එක් උපායක් ඇත. අපගේ රජතුමාගේ පංචාලචණ්ධී නම් වූ උතුම් රූසිරියෙන් යුත් දෙවඟනන් පරයන දියණිය වේදේහ රජුට දෙන්නෙමුයි කියා වේදේහයන්ව කාමයෙන් පොළඹවාගෙන ඇම ගිලින ලද මත්ස්‍යයකු මෙන් මහෞෂධයන් සමග ගෙනවිත් ඒ දෙදෙනාවම මරා ජයපැන් බොන්නෙමුයි සනිටුහන් කොට රජු වෙතට පැමිණ මෙසේ කීය. දේවයන් වහන්ස, එක් උපායක් ඇත. ආචාරීනි, ඔබගේ මන්ත්‍රණය නිසා උතුරුසළුව පවා නැතිවිය. දැන් කුමක් කරන්නෙහිද? නිහඬ වන්න. මහරජතුමනි, මේ උපායට සමාන කිසි උපායක් නැත. එසේනම් කියවයි රජු පැවසීය. රජතුමනි! අප දෙදෙනා පමණක් සිටිය යුතුය. එසේ වේවායි ඉක්බිති බ්‍රාහ්මණයා ඔහුව ප්‍රාසාදයේ උඩුමහලට නංවා මෙසේ කීය. මහරජතුමනි! වේදේහ රජුව කෙලෙස්වලින් පොළඹවා මෙහි ගෙනවුත් ගෘහපති පුත්‍රයා සමග මරවන්නෙමි. ආචාරිනි, උපාය නම් කදිමය. කෙසේනම් ඔහුව පොළඹවාගෙන ගෙන එමුද? රජතුමනි, ඔබතුමාගේ පංචාලචණ්ඩී දියණිය උතුම් රූසපුවකින් යුක්ත වූවා ඇගේ රූපසම්පත්තියද දක්ෂ විලාසයන්ද ගැන කවීන් ලවා ගීත බන්ධනය කොට ඒ කාව්‍යයන් මියුළු නුවර ගායනා කරවා මේ ආකාර ස්ත්‍රීරත්නයක් නොලබන්නා වූ වේදේහ රජුට රාජ්‍යයෙන් කවර වැඩෙක්ද? ඔහුගේ කණ හා බැඳුනු බව දැනගෙන දිනයක් යොදා ගන්නෙමි. හෙතෙම මා හට දිනයක් නියමකර ආ කල්හි ඇම ගිලින ලද මත්ස්‍යයකු මෙන් ගෘහපති පුත්‍රයාද රැගෙන එන්නේය. ඉක්බිති ඔවුන්ව මරවන්නෙමු.
රාජා තස්ස වචනං සුත්වා තුස්සිත්වා “සුන්දරො උපායො, ආචරිය, එවං කරිස්සාමා”ති සම්පටිච්ඡි. තං පන මන්තං චූළනිබ්රහ්මදත්තස්ස සයනපාලිකා සාළිකා සුත්වා පච්චක්ඛමකාසි. රාජා නිපුණෙ කබ්බකාරෙ පක්කොසාපෙත්වා බහුං ධනං දත්වා ධීතරං තෙසං දස්සෙත්වා “තාතා, එතිස්සා රූපසම්පත්තිං නිස්සාය කබ්බං කරොථා”ති ආහ. තෙ අතිමනොහරානි ගීතානි බන්ධිත්වා රාජානං සාවයිංසු. රාජා තුස්සිත්වා බහුං ධනං තෙසං අදාසි. කවීනං සන්තිකා නටා සික්ඛිත්වා සමජ්ජමණ්ඩලෙ ගායිංසු. ඉති තානි විත්ථාරිතානි අහෙසුං. තෙසු මනුස්සානං අන්තරෙ විත්ථාරිතත්තං ගතෙසු රාජා ගායකෙ පක්කොසාපෙත්වා ආහ – “තාතා, තුම්හෙ මහාසකුණෙ ගහෙත්වා රත්තිභාගෙ රුක්ඛං අභිරුය්හ තත්ථ නිසින්නා ගායිත්වා පච්චූසකාලෙ තෙසං ගීවාසු කංසතාලෙ බන්ධිත්වා තෙ උප්පාතෙත්වා ඔතරථා”ති. සො කිර “පඤ්චාලරඤ්ඤො ධීතු සරීරවණ්ණං දෙවතාපි ගායන්තී”ති පාකටභාවකරණත්ථං තථා කාරෙසි. පුන රාජා කවී පක්කොසාපෙත්වා “තාතා, ඉදානි තුම්හෙ ‘එවරූපා කුමාරිකා ජම්බුදීපතලෙ අඤ්ඤස්ස රඤ්ඤො නානුච්ඡවිකා, මිථිලායං වෙදෙහරඤ්ඤො අනුච්ඡවිකා’ති රඤ්ඤො ච ඉස්සරියං ඉමාය ච රූපං වණ්ණෙත්වා ගීතානි බන්ධථා”ති ආහ. තෙ තථා කත්වා රඤ්ඤො ආරොචයිංසු.
රජු ඔහුගේ වචනය අසා සතුටුවී ආචාරීනි, කදිම උපායකි. එසේ කරන්නෙමුයි පිළිගත්තේය. ඒ මන්ත්‍රණය වනාහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ සයනපාලිකාව වූ සැළලිහිණියා අසා තේරුම් ගත්තාය. රජු දක්ෂ කවීන් කැඳවා බොහෝ ධනය දී දුවණියන්ව ඔවුන්ට පෙන්වා දරුවෙනි, මැයගේ රූප සම්පත්තිය පිළිබඳව කාව්‍ය රචනා කරන්නැයි කීය. ඔව්හු අතිශයින් සුන්දර ගී පද රචනාකොට රජුට ඇස්සවූහ. රජු බොහෝ ධනය දුන්නේය. කවීන්ගේ ඉදිරියේ නැට්ටුවෝ ඉගෙනගෙන උත්සවශාලාවේ ගායනා කළහ. මෙසේ ඒවා පැතිරී ගියේය. ඒවා මිනිසුන් අතර පැතිර ගිය කල්හි රජු ගායකයන් කැඳවා මෙසේ කීය. දරුවෙනි, තෙපි ලොකු පක්ෂීන් ගෙන රාත්‍රියෙහි ගසට නැග එහි හිඳ ගායනාකොට අළුයම් වේලාවේ ඔවුන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා ඔවුන් ඔසවාගෙන ගසින් බසිව්. ඔහු වනාහි පංචාල රජුගේ දියණියගේ ශරීර වර්ණය දේවතාවෝ පවා ගායනා කරත්යැයි ප්‍රකට කිරීම පිණිස එසේ කරවීය. නැවතද රජු ඒ කවීන් කැඳවා දරුවෙනි! තෙපි දැන් මෙබඳු වූ කුමාරිකාවක් දඹදිව අන් රජෙකුට සුදුසු නැති බවත් මියුළුනුවර වේදේහ රජුට පමණක් සුදුසු බවත්, රජුගේ යසඉසුරුත් මැයගේ රූපයද වර්ණනා කොට ගී පද බඳිව් යැයි නියම කළේය. එසේ කොට රජුට දැන්වූහ.
රාජා තෙසං ධනං දත්වා පුන ගායකෙ පක්කොසාපෙත්වා “තාතා, මිථිලං ගන්ත්වා තත්ථ ඉමිනාව උපායෙන ගායථා”ති පෙසෙසි. තෙ තානි ගායන්තා අනුපුබ්බෙන මිථිලං ගන්ත්වා සමජ්ජමණ්ඩලෙ ගායිංසු. තානි සුත්වා මහාජනො උක්කුට්ඨිසහස්සානි පවත්තෙත්වා තෙසං බහුං ධනං අදාසි. තෙ රත්තිසමයෙ රුක්ඛෙසුපි ගායිත්වා පච්චූසකාලෙ සකුණානං ගීවාසු කංසතාලෙ බන්ධිත්වා ඔතරන්ති. ආකාසෙ කංසතාලසද්දං සුත්වා “පඤ්චාලරාජධීතු සරීරවණ්ණං දෙවතාපි ගායන්තී”ති සකලනගරෙ එකකොලාහලං අහොසි. රාජා සුත්වා ගායකෙ පක්කොසාපෙත්වා අන්තොනිවෙසනෙ සමජ්ජං කාරෙත්වා “එවරූපං කිර උත්තමරූපධරං ධීතරං චූළනිරාජා මය්හං දාතුකාමො”ති තුස්සිත්වා තෙසං බහුං ධනං අදාසි. තෙ ආගන්ත්වා බ්රහ්මදත්තස්ස ආරොචෙසුං. අථ නං කෙවට්ටො ආහ – “ඉදානි, මහාරාජ, දිවසං වවත්ථපනත්ථාය ගමිස්සාමී”ති. “සාධු, ආචරිය, කිං ලද්ධුං වට්ටතී”ති? “ථොකං පණ්ණාකාර”න්ති. “තෙන හි ගණ්හා”ති දාපෙසි. සො තං ආදාය මහන්තෙන පරිවාරෙන වෙදෙහරට්ඨං පාපුණි. තස්සාගමනං සුත්වා නගරෙ එකකොලාහලං ජාතං “චූළනිරාජා කිර වෙදෙහො ච මිත්තසන්ථවං කරිස්සන්ති, චූළනිරාජා අත්තනො ධීතරං අම්හාකං රඤ්ඤො දස්සති , කෙවට්ටො දිවසං වවත්ථපෙතුං එතී”ති. වෙදෙහරාජාපි සුණි, මහාසත්තොපි, සුත්වාන පනස්ස එතදහොසි “තස්සාගමනං මය්හං න රුච්චති, තථතො නං ජානිස්සාමී”ති. සො චූළනිසන්තිකෙ උපනික්ඛිත්තකපුරිසානං සාසනං පෙසෙසි “ඉමමත්ථං තථතො ජානිත්වා පෙසෙන්තූ”ති. අථ තෙ “මයමෙතං තථතො න ජානාම, රාජා ච කෙවට්ටො ච සයනගබ්භෙ නිසීදිත්වා මන්තෙන්ති, රඤ්ඤො පන සයනපාලිකා සාළිකා සකුණිකා එතමත්ථං ජානෙය්යා”ති පටිපෙසයිංසු.
රජු ඔවුන්ට ධනය දී දරුවෙනි! මිථිලාවටද ගොස් එහිදීද මේ ක්‍රමයෙන්ම ගායනා කරව්යැයි පිටත්කර හැරීය. ඔහු ඒවා ගායනා කරන්නාහු පිළිවෙලින් මියුළු නුවරට ගොස් උත්සව සභාවන්හිදී ගායනා කළහ. ඒවා අසා මහජනයා දහස් ගණනින් ප්‍රීතිඝෝෂා පවත්වා ඔවුන්ට බොහෝ ධනය දුන්හ. ඔව්හු රාත්‍රී කාලයේ ගස්වලට වී ගායනාකොට අළුයම පක්ෂීන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා බසිත්. අහසෙහි පිත්තල තැලිවල හඬ අසා පංචාල රාජ දියණියගේ රූසපුව දේවතාවෝ ද ගායනා කරත්යැයි නගරයේ ඝෝෂා පැවැත්වූහ. රජු ඒ බව අසා කවිකාරයන් කැඳවා තමන්ගේ නිවසෙහි උත්සව පවත්වා මෙබඳු වූ උතුම් රූසිරියෙන් යුත් දුවණියව චූලනී රජු මට දෙනු කැමැති වෙයි කියා සතුටු වී ඔවුන්ට බොහෝ ධනය දෙවීය. ඔවුහු අවුත් බ්‍රහ්මදත්ත රජුට සැල කළහ. ඉක්බිති රජුට කේවට්ට තෙමේ මෙසේ කීය. මහරජතුමනි! දැන් මම එක්දිනක් වෙන්ව යන්නෙමි. ආචාරීනි, මැනවි. කුමක් අවශ්‍ය වන්නේද? සුළු පඬුරක් එසේනම් ගන්න යැයි දෙවීය. හෙතෙම එයත් රැගෙන මහත් පිරිවරින් විදේහ රටට සම්ප්‍රාප්ත විය. ඔහුගේ පැමිණීම චූළනී රජු වේදේහ රජු සමග මිත්‍ර සම්බන්ධයක් ඇතිකර ගැනීමට යයි කියා නගරයෙහි මහත් ඝෝෂාවක් ඇතිවිය. චූළනී රජු තම දියණිය රජුට දෙයි. කේවට්ටයා වනාහි දවසක් ගතකරන්නට එයි. වේදේහ රජුද ඇසීය. මහාසත්ත්වයන්ටද දැනගන්නට ලැබිණ. අසා ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. ඔහුගේ පැමිණීම මට රුචි නොවේ. ඇති පරිදි ඔහුව දැනගන්නෙමි. මේ මන්ත්‍රණය නියම අයුරින් දැනගෙන දන්වා එවන්නයැයි හෙතෙම චූළනී රජු සමීපයේ යොදවා සිටි පුරුෂයන්ට හසුනක් යැවීය. රජුත් කේවට්ටයාත් නිදන කාමරයේ සිට සාකච්ඡා කළහ. අපිද ඇති තතු නොදන්නෙමු. රජුගේ වනාහි සයන පාලිකාව වූ සැළලිහිණිය දෙනක් සිටී. ඇය මේ මන්ත්‍රණය දන්නීයැයි නැවත පිළිතුරු යැවූහ.
තං සුත්වා මහාසත්තො චින්තෙසි “යථා පච්චාමිත්තානං ඔකාසො න හොති, එවං සුවිභත්තං කත්වා සුසජ්ජිතං නගරං අහං කෙවට්ටස්ස දට්ඨුං න දස්සාමී”ති. සො නගරද්වාරතො යාව රාජගෙහා, රාජගෙහතො ච යාව අත්තගෙහා, ගමනමග්ගං උභොසු පස්සෙසු කිලඤ්ජෙහි පරික්ඛිපාපෙත්වා මත්ථකෙපි කිලඤ්ජෙහි පටිච්ඡාදාපෙත්වා චිත්තකම්මං කාරාපෙත්වා භූමියං පුප්ඵානි විකිරිත්වා පුණ්ණඝටෙ ඨපාපෙත්වා කදලියො බන්ධාපෙත්වා ධජෙ පග්ගණ්හාපෙසි. කෙවට්ටො නගරං පවිසිත්වා සුවිභත්තං නගරං අපස්සන්තො “රඤ්ඤා මෙ මග්ගො අලඞ්කාරාපිතො”ති චින්තෙත්වා නගරස්ස අදස්සනත්ථං කතභාවං න ජානි. සො ගන්ත්වා රාජානං දිස්වා පණ්ණාකාරං පටිච්ඡාපෙත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදිත්වා රඤ්ඤා කතසක්කාරසම්මානො ආගතකාරණං ආරොචෙන්තො ද්වෙ ගාථා අභාසි –
එය අසා මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මම සතුරන්ට ඉඩක් නොලැබෙන පරිදි කොටස් වශයෙන් සකස්කළ නගරය කේවට්ටයාට දකින්නට ඉඩ නොදෙමි. හෙතෙම නගර දොරටුවේ සිට රජගෙදර දක්වාද රජගෙදර සිට තමන්ගේ නිවස දක්වාද දෙපස කලාලවලින් වටකොට උඩින්ද කලාලවලින් වසා විසිතුරු සිතුවම්කොට බිම මල් විසුරුවා පුන්කලස් තම්බවා කෙසෙල්කැන් බඳවා ධ්වජ එසවීය. කේවට්ටයා ඒ නගරයට පිවිස මනාව බෙදා සකස්කළ නගරය නොදැක රජු විසින් මට මාර්ගය අලංකාර කරවන ලදැයි සිතීය. නගරය නොපෙනීම සඳහා මෙසේ කළ බව ඔහු නොදනී. ඔහු ගොස් රජු දැක ත්‍යාග පිළිගන්වා එකත්පසෙක සිට රජු විසින් කරන ලද සත්කාර සම්මානත් තමන්ගේ පැමිණි කාරණයත් දන්වන්නේ මේ ගාථාව ප්‍රකාශ කළේය.
“රාජා සන්ථවකාමො තෙ, රතනානි පවෙච්ඡති; ආගච්ඡන්තු ඉතො දූතා, මඤ්ජුකා පියභාණිනො.
සමගිය කැමැති (බ්‍රහ්මදත්ත) රජතෙමේ ඔබවහන්සේට (පඬුරු ලෙස) රත්නයන් එවන්නේය. පංචාල නගරයේ සිට මිහිරි වූ ප්‍රියවචන ඇති දූතයෝ ද එත්වා.
“භාසන්තු මුදුකා වාචා, යා වාචා පටිනන්දිතා; පඤ්චාලො ච විදෙහො ච, උභො එකා භවන්තු තෙ”ති.
යම් බසක් සතුට ඇති කරන්නේද, එබඳු මෘදු වචනම තෙපලත්වා. පංචාලයෝ ද විදේහයෝද යන දෙපාර්ශ්වය එකමුතු වෙත්වා.
තත්ථ සන්ථවකාමොති මහාරාජ, අම්හාකං රාජා තයා සද්ධිං මිත්තසන්ථවං කාතුකාමො. රතනානීති ඉත්ථිරතනං අත්තනො ධීතරං ආදිං කත්වා තුම්හාකං සබ්බරතනානි දස්සති. ආගච්ඡන්තූති ඉතො පට්ඨාය කිර උත්තරපඤ්චාලනගරතො පණ්ණාකාරං ගහෙත්වා මධුරවචනා පියභාණිනො දූතා ඉධ ආගච්ඡන්තු, ඉතො ච තත්ථ ගච්ඡන්තු. එකා භවන්තූති ගඞ්ගොදකං විය යමුනොදකෙන සද්ධිං සංසන්දන්තා එකසදිසාව හොන්තූති.
එහි සන්ථවකාමො යනු මහරජ, අපගේ රජතුමා ඔබ සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට කැමතිය. රතනානි යනු ස්ත්‍රීරත්නය තමන්ගේ දියණිය මුල්කොට ඔබට සියළු රත්නයන් දෙයි. ආගච්ඡන්තු මෙතැන් පටන් වනාහි උත්තරපංචාල නගරයෙන් ත්‍යාග රැගෙන මිහිරි වචන කථාකරන දූතයෝ මෙහි එත්වා. මෙයින්ද එහි යත්වා. එකාහවන්තු යනු ගංගානම් ගඟ හා සසඳමින් එකසමාන වෙත්වා.
එවඤ්ච පන වත්වා “මහාරාජ, අම්හාකං රාජා අඤ්ඤං මහාමත්තං පෙසෙතුකාමො හුත්වාපි ‘අඤ්ඤො මනාපං කත්වා සාසනං ආරොචෙතුං න සක්ඛිස්සතී’ති මං පෙසෙසි ‘ආචරිය, තුම්හෙ රාජානං සාධුකං පබොධෙත්වා ආදාය ආගච්ඡථා’ති, ගච්ඡථ රාජසෙට්ඨ අභිරූපඤ්ච කුමාරිකං ලභිස්සථ, අම්හාකඤ්ච රඤ්ඤා සද්ධිං මිත්තභාවො පතිට්ඨහිස්සතී”ති ආහ. සො තස්ස වචනං සුත්වා තුට්ඨමානසො “උත්තමරූපධරං කිර කුමාරිකං ලභිස්සාමී”ති සවනසංසග්ගෙන බජ්ඣිත්වා “ආචරිය, තුම්හාකඤ්ච කිර මහොසධපණ්ඩිතස්ස ච ධම්මයුද්ධෙ විවාදො අහොසි, ගච්ඡථ පුත්තං මෙ පස්සථ, උභොපි පණ්ඩිතා අඤ්ඤමඤ්ඤං ඛමාපෙත්වා මන්තෙත්වා එථා”ති ආහ. තං සුත්වා කෙවට්ටො “පස්සිස්සාමි පණ්ඩිත”න්ති තං පස්සිතුං අගමාසි. මහාසත්තොපි තං දිවසං “තෙන මෙ පාපධම්මෙන සද්ධිං සල්ලාපො මා හොතූ”ති පාතොව ථොකං සප්පිං පිවි, ගෙහම්පිස්ස බහලෙන අල්ලගොමයෙන ලෙපාපෙසි, ථම්භෙ තෙලෙන මක්ඛෙසි, තස්ස නිපන්නමඤ්චකං ඨපෙත්වා සෙසානි මඤ්චපීඨාදීනි නීහරාපෙසි.
මෙය ද කියා මහරජ, අපගේ රජතුමා අනික් මහඇමතියකු එවනු කැමැත්තේ වී නමුත් වෙන කෙනෙක් මනාප ලෙස පණිවිඩය දන්වන්නට හැකි නොවන්නේයැයි මා ම එවීය. ආචාරිනි, ඔබ රජුට හොඳින් අවබෝධ කරදී රජුව රැගෙන එන්න. මහරජතුමනි, යන්න. ශ්‍රේෂ්ඨ වූ රූමත් වූ කුමාරිකාවක් ලබන්නේය. අපගේ රජු සමග මිත්‍රත්වයද ඇතිකර ගන්නේය. හෙතෙම ඔහුගේ වචනය අසා ම සතුටු සිතැත්තේ උතුම් රූසපුවකින් යුත් කුමාරිකාවක් ලබන්නෙමියි ඇසීමෙන් ඇතිවන එක්වීමකින් බැඳී ආචාරීනි! ඔබගේද මහෞෂධ පණ්ඩිතයන්ගේද ධර්ම යුද්ධයේදී විවාදයක් ඇතිවිය. යන්න. මාගේ පුත්‍රයා දකින්න. පණ්ඩිතයන් දෙදෙනා ඔවුනොවුන් සමාවී සාකච්ඡා කර එන්නයැයි කීය. එය අසා කේවට්ට තෙමේ පණ්ඩිතයන් දකිමැයි ඔහු දැකීමට ගියේය. මහාසත්ත්වයෝද එදවස ඒ පවිටා සමග මාගේ කතාබහක් නොවේවායි උදෑසනම ගිතෙල් ස්වල්පයක් පානය කළේය. ඔහුගේ නිවසට තෙත් ගොම ඝනව ආලේප කළේය. කනුවල තෙල් තැවරීය. ඔහුට හිඳගැනීමට එක් රෙදි ඇඳක් තබා ඉතිරි ඇඳපුටු ආදිය බැහැර කළහ.
සො මනුස්සානං සඤ්ඤමදාසි “තාතා, බ්රාහ්මණෙ කථෙතුං ආරද්ධෙ එවං වදෙය්යාථ ‘බ්‍රාහ්මණ, මා පණ්ඩිතෙන සද්ධිං කථයිත්ථ, අජ්ජ තෙන තිඛිණසප්පි පිවිත’න්ති. මයි ච තෙන සද්ධිං කථනාකාරං කරොන්තෙපි ‘දෙව තිඛිණසප්පි තෙ පිවිතං, මා කථෙථා’ති මං නිවාරෙථා”ති. එවං විචාරෙත්වා මහාසත්තො රත්තපටං නිවාසෙත්වා සත්තසු ද්වාරකොට්ඨකෙසු මනුස්සෙ ඨපෙත්වා සත්තමෙ ද්වාරකොට්ඨකෙ පටමඤ්චකෙ නිපජ්ජි. කෙවට්ටොපිස්ස පඨමද්වාරකොට්ඨකෙ ඨත්වා “කහං පණ්ඩිතො”ති පුච්ඡි. අථ නං තෙ මනුස්සා “බ්‍රාහ්මණ, මා සද්දමකරි, සචෙපි ආගච්ඡිතුකාමො, තුණ්හී හුත්වා එහි, අජ්ජ පණ්ඩිතෙන තිඛිණසප්පි පීතං, මහාසද්දං කාතුං න ලබ්භතී”ති ආහංසු. සෙසද්වාරකොට්ඨකෙසුපි නං තථෙව ආහංසු. සො සත්තමද්වාරකොට්ඨකං අතික්කමිත්වා පණ්ඩිතස්ස සන්තිකං අගමාසි. පණ්ඩිතො කථනාකාරං දස්සෙසි. අථ නං මනුස්සා “දෙව, මා කථයිත්ථ, තිඛිණසප්පි තෙ පීතං, කිං තෙ ඉමිනා දුට්ඨබ්රාහ්මණෙන සද්ධිං කථිතෙනා”ති වත්වා වාරයිංසු. ඉති සො තස්ස සන්තිකං ගන්ත්වා නෙව නිසීදිතුං, න ආසනං නිස්සාය ඨිතට්ඨානං ලභි, අල්ලගොමයං අක්කමිත්වා අට්ඨාසි.
මෙසේ කියව්. බ්‍රාහ්මණය, පණ්ඩිතයන් සමග කථා නොකරන්න. අද ඔහු විසින් ගිතෙල් පානය කරන ලදී. මාද ඔහු සමග කථාකරන ආකාරයක් දක්වන කල්හි, දේවයිනි, ඔබ ගිතෙල් පානය කළා නොවේද? කථා නොකරන්න. මෙසේ විමසා මහාසත්ත්වයෝ රතු පටසලුවක් හැඳ සත්වන දොරටුවේ රෙදි ඇඳක වාඩිවිය. කේවට්ටයාද පළමු දොරකොටුවේ සිට පඬිතුමා කොහේදැයි ඇසීය. ඉක්බිති ඔහුට මිනිස්සු, බ්‍රාහ්මණය, මහහඬ නොනගන්න. ඉදින් එන්නේ නම් නිහඬව ඉන්න. අද පණ්ඩිතයන් විසින් ගිතෙල් පානය කරන ලදී. මහා ඝෝෂාවක් කරන්නට නොලැබෙයි යැයි කීහ. සෙසු දොරටුවලදී ද එයම කීවාහ. හෙතෙම සත්වන දොරකොටුව ඉක්මවා පණ්ඩිතයන් සමීපයට ගියේය. පණ්ඩිතයෝ කථා කරන්නට සූදානම්වන විලාශයක් දැක්වීය. ඉක්බිති ඔහුට ස්වාමීනි! කථා නොකරන්න. ඉතා මොළොක් ගිතෙල් පානය කළා නොවේද? මේ දුෂ්ට බ්‍රාහ්මණයා සමග කථා කිරිමෙන් ඔබතුමාට කවර ප්‍රයෝජනයක්දැයි පවසා වැළැක්වූහ. මෙසේ ඔහු පණ්ඩිතයන් සමීපයට ගොස් වාඩිවීමට අසුනක් හෝ හේත්තු වී සිටීමට තැනක් හෝ ලැබුණේ නැත. තෙත ගොම මැඩගෙන සිටියේය.
අථ නං ඔලොකෙත්වා එකො අක්ඛීනි නිමීලි, එකො භමුකං උක්ඛිපි, එකො කප්පරං කණ්ඩූයි. සො තෙසං කිරියං ඔලොකෙත්වා මඞ්කුභූතො “ගච්ඡාමහං පණ්ඩිතා”ති වත්වා අපරෙන “අරෙ දුට්ඨබ්රාහ්මණ, ‘මා සද්දමකාසී’ති වුත්තො සද්දමෙව කරොසි, අට්ඨීනි තෙ භින්දිස්සාමී”ති වුත්තෙ භීතතසිතො හුත්වා නිවත්තිත්වා ඔලොකෙසි. අථ නං අඤ්ඤො වෙළුපෙසිකාය පිට්ඨියං තාලෙසි, අඤ්ඤො ගීවායං ගහෙත්වා ඛිපි, අඤ්ඤො පිට්ඨියං හත්ථතලෙන පහරි. සො දීපිමුඛා මුත්තමිගො විය භීතතසිතො නික්ඛමිත්වා රාජගෙහං ගතො. රාජා චින්තෙසි “අජ්ජ මම පුත්තො ඉමං පවත්තිං සුත්වා තුට්ඨො භවිස්සති, ද්වින්නං පණ්ඩිතානං මහතියා ධම්මසාකච්ඡාය භවිතබ්බං, අජ්ජ උභො අඤ්ඤමඤ්ඤං ඛමාපෙස්සන්ති, ලාභා වත මෙ”ති. සො කෙවට්ටං දිස්වා පණ්ඩිතෙන සද්ධිං සංසන්දනාකාරං පුච්ඡන්තො ගාථමාහ –
ඉක්බිති ඔහුව බලා කෙනෙක් ඇස් කුඩා කළහ. තවෙකෙක් බැම එසවීය. එකෙක් වැලමිට කැසීය. හෙතෙම ඔවුන්ගේ ක්‍රියාවන් දැක නිහඬ වූයේ පණ්ඩිතයෙනි, මම යමියි කියා, අනිකකු විසින් දුෂ්ට බ්‍රාහ්මණය, ශබ්ද නොකරවයි කියද්දීත් ශබ්ද කරන්නෙහිය. තොපගේ ඇට බිඳින්නෙමියි කී කල්හි බියවූයේ තැතිගත්තේ වී නැවත නැවතී බැලුවේය. ඉක්බිති ඔහුට වෙනකෙක් උණපතුරෙන් පිටට ගැසුවේය. තවකෙනෙක් ගෙලෙන් අල්ලා තල්ලු කළේය. තව කෙනෙක් පිටට අතින් ගැසීය. හෙතෙම දිවියෙකුගේ මුඛයෙන් මිදුණු මුවකු මෙන් බියවූයේ තැති ගත්තේ නික්ම රජගෙදරට ගියේය. අද මාගේ පුත්‍රයා මේ පුවත අසා සතුටු වූයේ වන්නේය. පණ්ඩිතයන් දෙදෙනාගේ මහත් වූ ධර්ම සාකච්ඡාවක් වන්නේය. අද දෙදෙනාම ඔවුනොවුන් සමාකර ගනිත්. මට එය ලාභයකි. හෙතෙම කේවට්ටයන් දැක පණ්ඩිතයන් සමග සැසඳීමේ ස්වභාවයෙන් විමසන්නේ මේ ගාථාව කීය.
“කථං නු කෙවට්ට මහොසධෙන, සමාගමො ආසි තදිඞ්ඝ බ්රූහි; කච්චි තෙ පටිනිජ්ඣත්තො, කච්චි තුට්ඨො මහොසධො”ති.
කෙසේද කේවට්ටය! මහෞෂධයන් හා සමගිය වීද? තෙපි කිම ක්ෂමා කරවූවහුද? කිම මහෞෂධයන් සතුටු වූවහුද?
තත්ථ පටිනිජ්ඣත්තොති ධම්මයුද්ධමණ්ඩලෙ පවත්තවිග්ගහස්ස වූපසමනත්ථං කච්චි ත්වං තෙන, සො ච තයා නිජ්ඣත්තො ඛමාපිතො. කච්චි තුට්ඨොති කච්චි තුම්හාකං රඤ්ඤා පෙසිතං පවත්තිං සුත්වා තුට්ඨොති.
එහි පටිනිජ්ඣත්තො යනු ධර්ම යුද්ධ මණ්ඩලයෙහි පැවැති අමනාපය සංසිඳවීම පිණිස කිම ඔහු සමගද ඔහු ඔබ සමගද අන්‍යොන්‍ය වැටහීමෙන් කථා කරන ලද්දේ ද? කච්චි තුට්ඨො යනු කිම නුඹට රජු විසින් එවන ලද ප්‍රවෘත්තිය අසා සතුටු වන්නෙහිද?
තං සුත්වා කෙවට්ටො “මහාරාජ, තුම්හෙ ‘පණ්ඩිතො’ති තං ගහෙත්වා විචරථ, තතො අසප්පුරිසතරො නාම නත්ථී”ති ගාථමාහ –
මෙසේ කී කල්හි කේවට්ට තෙමේ මහරජතුමනි, ඔබ ඔහුව පණ්ඩිතයා යැයි ගෙන හැසිරෙන්නේය. ඊට වඩා අසත්පුරුෂතර කෙනෙක් නැත යන අදහසින් මේ ගාථාව කීය.
“අනරියරූපො පුරිසො ජනින්ද, අසම්මොදකො ථද්ධො අසබ්භිරූපො; යථා මූගො ච බධිරො ච, න කිඤ්චිත්ථං අභාසථා”ති.
මහරජ, හේ අනාර්ය රූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිත ස්වභාව ඇත්තේය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් තෙපළේ නැතැයි කේවට්ට කීය.
තත්ථ අසබ්භිරූපොති අපණ්ඩිතජාතිකො. න කිඤ්චිත්ථන්ති මයා සහ කිඤ්චි අත්ථං න භාසිත්ථ, තෙනෙව නං අපණ්ඩිතොති මඤ්ඤාමීති බොධිසත්තස්ස අගුණං කථෙසි.
එහි අසබ්භිරූපො පණ්ඩිත නොවන ස්වභාව ඇති. න කිඤ්චත්ථං මා සමග කිසි කරුණක් කීවේ නැත. එයින්ම ඔහු පණ්ඩිතයෙක් නොවේයැයි හඟිමි යනුවෙන් බෝසතුන්ගේ අගුණ පැවසීය.
රාජා තස්ස වචනං අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තස්ස ච තෙන සද්ධිං ආගතානඤ්ච පරිබ්බයඤ්චෙව නිවාසගෙහඤ්ච දාපෙත්වා “ගච්ඡථාචරිය, විස්සමථා”ති තං උය්යොජෙත්වා “මම පුත්තො පණ්ඩිතො පටිසන්ථාරකුසලො, ඉමිනා කිර සද්ධිං නෙව පටිසන්ථාරං අකාසි, න තුට්ඨිං පවෙදෙසි. කිඤ්චි තෙන අනාගතභයං දිට්ඨං භවිස්සතී”ති සයමෙව කථං සමුට්ඨාපෙසි –
රජු ඔහුගේ වචනයෙන් සතුටු නොවී නොවිචාරා ඔහුටද ඔහු සමග පැමිණි අයටද වියදමත්, වාසයට ගෙයක්ද ලබාදී යන්න ආචාරිනී, විවේක ගන්න යැයි ඔහුව පිටත්කර යවා මාගේ පුත්‍රයා පණ්ඩිතය. සාකච්ඡාවේ දක්ෂය. මොහු සමග වනාහි පිළිසඳර කථාවක් නොකෙළේය. සතුටක් හැඟවූයේ නැත. කිම ඔහු විසින් කිසියම් අනාගත බියක් දුටුවා විය හැකියැයි තමාම ගාථාවක් සාදා කීය.
“අද්ධා ඉදං මන්තපදං සුදුද්දසං, අත්ථො සුද්ධො නරවිරියෙන දිට්ඨො; තථා හි කායො මම සම්පවෙධති, හිත්වා සයං කො පරහත්ථමෙස්සතී”ති.
රජු මෙසේ සිතයි. ඒකාන්තයෙන් මේ මන්ත්‍ර පදය දක්නට ඉතා අපහසුය. නරවීරයා (මහෞෂධ)යන් විසින් මෙහි යථාර්ථය දක්නා ලද්දේය. ඒ එසේමැයි. මා ගත වෙවුලයි. සියරට හැර කවරෙක් නම් තෙමේම අනුන්ගේ අතට පත්වන්නේද?
තත්ථ ඉදන්ති යං මම පුත්තෙන දිට්ඨං, අද්ධා ඉදං මන්තපදං අඤ්ඤෙන ඉතරපුරිසෙන සුදුද්දසං. නරවිරියෙනාති වීරියවන්තෙන මහොසධපණ්ඩිතෙන සුද්ධො අත්ථො දිට්ඨො භවිස්සති. සයන්ති සකං රට්ඨං හිත්වා කො පරහත්ථං ගමිස්සති.
එහි ඉදං යනු යමක් මාගේ පුත්‍රයා විසින් දකින ලද මේ මන්ත්‍ර පදය අන්‍ය වූ ස්වල්ප පුද්ගලයකු විසින් දකින්නට අපහසුය. නරවිරියෙන උත්සාහවන්ත මනුෂ්‍යයකු විසින් ශුද්ධ වූ අර්ථය දුටුවා වන්නේය. සයං ස්වකීය රට අතහැර කවරෙක් අන්‍යයන්ගේ අතට පත්වන්නේද?
“මම පුත්තෙන බ්රාහ්මණස්ස ආගමනෙ දොසො දිට්ඨො භවිස්සති. අයඤ්හි ආගච්ඡන්තො න මිත්තසන්ථවත්ථාය ආගමිස්සති, මං පන කාමෙන පලොභෙත්වා නගරං නෙත්වා ගණ්හනත්ථාය ආගතෙන භවිතබ්බං. තං අනාගතභයං දිට්ඨං භවිස්සති පණ්ඩිතෙනා”ති තස්ස තමත්ථං ආවජ්ජෙත්වා භීතතසිතස්ස නිසින්නකාලෙ චත්තාරො පණ්ඩිතා ආගමිංසු. රාජා සෙනකං පුච්ඡි “සෙනක, රුච්චති තෙ උත්තරපඤ්චාලනගරං ගන්ත්වා චූළනිරාජස්ස ධීතු ආනයන”න්ති? කිං කථෙථ මහාරාජ, න හි සිරිං ආගච්ඡන්තිං දණ්ඩෙන පහරිත්වා පලාපෙතුං වට්ටති. සචෙ තුම්හෙ තත්ථ ගන්ත්වා තං ගණ්හිස්සථ, ඨපෙත්වා චූළනිබ්රහ්මදත්තං අඤ්ඤො තුම්හෙහි සමො ජම්බුදීපතලෙ න භවිස්සති. කිං කාරණා? ජෙට්ඨරාජධීතාය ගහිතත්තා. සො හි “සෙසරාජානො මම මනුස්සා, වෙදෙහො එකොව මයා සදිසො”ති සකලජම්බුදීපෙ උත්තමරූපධරං ධීතරං තුම්හාකං දාතුකාමො ජාතො, කරොථස්ස වචනං. මයම්පි තුම්හෙ නිස්සාය වත්ථාලඞ්කාරෙ ලභිස්සාමාති. රාජා සෙසෙපි පුච්ඡි. තෙපි තථෙව කථෙසුං. තස්ස තෙහි සද්ධිං කථෙන්තස්සෙව කෙවට්ටබ්රාහ්මණො අත්තනො නිවාසගෙහා නික්ඛමිත්වා “රාජානං ආමන්තෙත්වා ගමිස්සාමී”ති ආගන්ත්වා “මහාරාජ, න සක්කා අම්හෙහි පපඤ්චං කාතුං, ගමිස්සාම මයං නරින්දා”ති ආහ. රාජා තස්ස සක්කාරං කත්වා තං උය්යොජෙසි. මහාසත්තො තස්ස ගමනභාවං ඤත්වා න්හත්වා අලඞ්කරිත්වා රාජුපට්ඨානං ආගන්ත්වා රාජානං වන්දිත්වා එකමන්තං නිසීදි. රාජා චින්තෙසි “පුත්තො මෙ මහොසධපණ්ඩිතො මහාමන්තී මන්තපාරඞ්ගතො අතීතානාගතපච්චුප්පන්නං අත්ථං ජානාති. අම්හාකං තත්ථ ගන්තුං යුත්තභාවං වා අයුත්තභාවං වා පණ්ඩිතො ජානිස්සතී”ති. සො අත්තනා පඨමං චින්තිතං අවත්වා රාගරත්තො මොහමූළ්හො හුත්වා තං පුච්ඡන්තො ගාථමාහ –
මාගේ පුත්‍රයා විසින් බ්‍රාහ්මණයාගේ පැමිණීමේ දොසක් දුටුවා වන්නේය. මොහු වනාහි එන්නේ මිත්‍ර සන්ථවයක් සඳහා නොවෙයි. මාව කාමයෙන් පොළඹවා නගරයට ගෙනගොස් අල්ලාගැනීම සඳහා ආවා විය යුතුයි. පණ්ඩිතයන් විසින් අනාගත බයක් දුටුවා විය යුතුයි. ඔහුගේ ඒ අදහස සිහිකර බියෙන් සිටි කල්හි පණ්ඩිතයෝ සතරදෙන පැමිණියහ. රජු සේනකගෙන් ඇසීය. සේනකය, ඔබ උත්තරපංචාල නගරයට ගොස් චූළනී බ්‍රහ්මදත්ත රජුගේ දියණියව ගෙනඒමට කැමති වන්නේද? මහරජතුමනි, කුමක් කියන සේක්ද? එන්නා වූ ශ්‍රීකාන්තාවට පහරදී පන්නා දමන්නට වටීද? ඉදින් ඔබතුමා එහි ගොස් ඇයව භාරගන්නේද? චූළනී බ්‍රහ්මදත්ත හැර අන් කවරෙක් මේ දඹදිව්තලයේ සමාන නො වන්නේද? කුමක්නිසාද යත්, දෙටු රජකෙනෙකුගේ දුව ගැනීම නිසා හෙතෙම වනාහි සෙසු රජවරු මාගේ මිනිස්සු මා හා සමානවන්නේ එකම වේදේහ පමණයැයි සියළු දඹදිව උතුම් රූසපුවකින් යුත් දියණිය ඔබතුමන්ට දෙනු කැමැත්තේ විය. ඔහුගේ වචනය ඉටුකරන්න. අපිද ඔබතුමන් නිසා වස්ත්‍රාලංකාර ආදිය ලබන්නෙමු. රජු සෙසු අයගෙන් විචාරීය. ඔහුද එසේම පැවසූහ. ඔවුන් සමග කථා කරමින් සිටිනවිට කේවට්ට බ්‍රාහ්මණයා නිවසින් නික්ම රජු අමතා යන්නෙමියි කියා අවුත් මහරජතුමනි, අප විසින් ප්‍රමාද කරන්නට නොහැක. රජතුමනි, අපි යන්නෙමු. රජු ඔහුට සැලකිලි දක්වා ඔහුව පිටත්කර හැරියේය. මහාසත්ත්වයෝ ඔහු ගිය බව දැන ස්නානය කොට සැරසී රාජසේවයට අවුත් රජුට වැඳ එකත්පසෙක හුන්නේය. රජු මෙසේ සිතීය. මා පුත් මහෞෂධ පණ්ඩිතයෝ මහා මන්ත්‍රීවරයාය. මන්ත්‍රණයෙහි පරතෙරට ගියේ වෙයි. අතීත අනාගත වර්තමාන යන තුන්කල්හි කරුණු දනී. අප එහි යායුතු බව හෝ නොයා යුතු බව පණ්ඩිතයෝ දනිතියි හෙතෙම පළමු තමාගේ සිතිවිල්ලෙහි නොපිහිටා රාගයෙන් රත්වූයේ මෝහයෙන් මුළා වූයේ වී ඔහුගෙන් විචාරන්නේ මේ ගාථාව කීය.
“ඡන්නඤ්හි එකාව මතී සමෙති, යෙ පණ්ඩිතා උත්තමභූරිපත්තා; යානං අයානං අථ වාපි ඨානං, මහොසධ ත්වම්පි මතිං කරොහී”ති.
නුවණින් ඉතා උතුම්තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත්ද ඒ අප සදෙනාගේම අදහස සම වෙයි. මහෞෂධය, පංචාලයට යාම හෝ නොයාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳව තෙපිදු අදහසක් ප්‍රකාශ කරව.
තත්ථ ඡන්නන්ති පණ්ඩිත, කෙවට්ටබ්රාහ්මණස්ස ච මම ච ඉමෙසඤ්ච චතුන්නන්ති ඡන්නං අම්හාකං එකාව මති එකොයෙව අජ්ඣාසයො ගඞ්ගොදකං විය යමුනොදකෙන සංසන්දති සමෙති. යෙ මයං ඡපි ජනා පණ්ඩිතා උත්තමභූරිපත්තා, තෙසං නො ඡන්නම්පි චූළනිරාජධීතු ආනයනං රුච්චතීති. ඨානන්ති ඉධෙව වාසො. මතිං කරොහීති අම්හාකං රුච්චනකං නාම අප්පමාණං, ත්වම්පි චින්තෙහි, කිං අම්හාකං ආවාහත්ථාය තත්ථ යානං, උදාහු අයානං, අදු ඉධෙව වාසො රුච්චතීති.
එහි ඡන්නං යනු පණ්ඩිත කේවට්ට බ්‍රාහ්මණයාගේ ද මාගේ ද මේ සතරදෙනාගේ ද යන අප සයදෙනාගේ එකම අදහසය. එකම බලාපොරොත්තුවයි. ගංගානම් ගඟේ ජලයත් යමුනා ගඟේ ජලයත් එක හා සැසඳේ. අපි පණ්ඩිතයෝ සයදෙනා සමවෙති. උත්තමභූරිපත්තා ඒ අපි සයදෙනාම චූළනී රජුගේ දියණියව මෙහි ගෙනඒමට කැමැත්ත දක්වමුයයි කියයි. ඨානං මෙහිම වාසය. මතං කරොහි අපගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ ද සිතා බලන්න. කිම අප කුමරිය කැඳවාගෙන ඒම සඳහා එහි යාම හෝ නොයාම එසේත් නැත්නම් මෙහිම වාසය රුචිවන්නේද?
තං සුත්වා පණ්ඩිතො “අයං රාජා අතිවිය කාමගිද්ධො අන්ධබාලභාවෙන ඉමෙසං චතුන්නං වචනං ගණ්හාති, ගමනෙ දොසං කථෙත්වා නිවත්තෙස්සාමි න”නි චින්තෙත්වා චතස්සො ගාථායො අභාසි –
එය අසා පණ්ඩිතයෝ, මේ රජු අතිශයින් කාමයෙහි ගිජු වූවෙකි. නූගත්කම නිසා මේ සතරදෙනාගේ වචනය පිළිගනී. ගමනෙහි දොස් කියා මොහුව නතර කරන්නෙමියි සිතා ගාථා සතරක් පැවසීය.
“ජානාසි ඛො රාජ මහානුභාවො, මහබ්බලො චූළනිබ්රහ්මදත්තො; රාජා ච තං ඉච්ඡති මාරණත්ථං, මිගං යථා ඔකචරෙන ලුද්දො.
මහරජ, චූළනී බ්‍රහ්මදත්ත රජු මහත් බල ඇත්තෙක. මහත් ආනුභාව ඇත්තෙකැයි දන්නෙහි. වැද්දකු දඩමුවකු කරණකොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්ත රජුද ඔබ මරනු රිසිවෙයි.
“යථාපි මච්ඡො බළිසං, වඞ්කං මංසෙන ඡාදිතං; ආමගිද්ධො න ජානාති, මච්ඡො මරණමත්තනො.
යම්සේ මත්ස්‍යයෙක් මසින් වැසුනු වක් වූ බිළීකටුව ගිලීද, ඇමට ගිජු ඒ මත්ස්‍යයා තමාගේ මරණය නොදකීද?
“එවමෙව තුවං රාජ, චූළනෙය්යස්ස ධීතරං; කාමගිද්ධො න ජානාසි, මච්ඡොව මරණමත්තනො.
එසේම මහරජ, කාමයෙහි ගිජු වූ ඔබද මත්ස්‍යයා තමාගේ මරණය නොදන්නා සේ චූළනී රජුගේ දියණිය පිළිබඳ කාරණය නොදන්නාහුය.
“සචෙ ගච්ඡසි පඤ්චාලං, ඛිප්පමත්තං ජහිස්සසි; මිගං පන්ථානුබන්ධංව, මහන්තං භයමෙස්සතී”ති.
ඉදින් ඔබ පංචාල නුවරට යන්නහු නම් වහා සියදිවි හරනහුය. ගම්දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නහුය.
තත්ථ රාජාති විදෙහං ආලපති. මහානුභාවොති මහායසො. මහබ්බලොති අට්ඨරසඅක්ඛොභණිසඞ්ඛෙන බලෙන සමන්නාගතො. මාරණත්ථන්ති මාරණස්ස අත්ථාය. ඔකචරෙනාති ඔකචාරිකාය මිගියා. ලුද්දො හි එකං මිගිං සික්ඛාපෙත්වා රජ්ජුකෙන බන්ධිත්වා අරඤ්ඤං නෙත්වා මිගානං ගොචරට්ඨානෙ ඨපෙසි. සා බාලමිගං අත්තනො සන්තිකං ආනෙතුකාමා සකසඤ්ඤාය රාගං ජනෙන්තී විරවති. තස්සා සද්දං සුත්වා බාලමිගො මිගගණපරිවුතො වනගුම්බෙ නිපන්නො සෙසමිගීසු සඤ්ඤං අකත්වා තස්සා සද්දස්සවනසංසග්ගෙන බද්ධො වුට්ඨාය නික්ඛමිත්වා ගීවං උක්ඛිපිත්වා කිලෙසවසෙන තං මිගිං උපගන්ත්වා ලුද්දස්ස පස්සං දත්වා තිට්ඨති. තමෙනං සො තිඛිණාය සත්තියා විජ්ඣිත්වා ජීවිතක්ඛයං පාපෙති. තත්ථ ලුද්දො විය චූළනිරාජා, ඔකචාරිකා විය අස්ස ධීතා, ලුද්දස්ස හත්ථෙ ආවුධං විය කෙවට්ටබ්රාහ්මණො. ඉති යථා ඔකචරෙන ලුද්දො මිගං මාරණත්ථාය ඉච්ඡති, එවං සොපි රාජා තං ඉච්ඡතීති අත්ථො.
එහි වෙදෙහං යන්නෙන් වේදේහ රජුට අමතයි. මහානුභාවො යනු මහා යසස් ඇත්තේ. මහබ්බලො අටළොස් අක්ෂෞභිණියක් පමණ බලයෙන් සමන්විතය. කාරණත්ථං මරණ කාර්යය පිණිස. ඔකචරෙන අල්ලාගැනීම පිණිස. වැද්දා වනාහි මුවදෙනක් පුහුණුකර රැහැනින් බැඳ වනයට ගෙනගොස් මුවන්ගේ ගොදුරු ඇති තැන තබන්නේය. ඇය තරුණ මුවකු තමන්ගේ සමීපයට ගෙනෙනු කැමැත්තී ස්වකීය හැඟවීමෙන් රාශී බවක් උපදවමින් හඬ නගයි. ඇගේ හඬ අසා තරුණ මුවා මුවරැළ පිරිවරාගෙන වනරොදෙහි හුන්නේ අනිත් මුවදෙනුන් කෙරෙහි සළකුණු නොකොට ඇගේ හඬ කෙරෙහි බැඳුනේ නැගිට නික්ම ගෙළ ඔසවා රාගිකව ඒ මුවදෙන ළඟට පැමිණ වැද්දාට පිටුපා සිටී. හෙතෙම ඒ මුවාට තියුණු ආයුධයකින් විද ජීවිතක්ෂයට පත්කරයි. එහිදී වැද්දා මෙන් චූළනී රජු, ඇමට යොදන මුවදෙන මෙන් ඔහුගේ දියණිය, වැද්දාගේ අතෙහි ආයුධය මෙන් කේවට්ට බ්‍රාහ්මණයා මෙසේ යම්සේ මායමට යොදන මුවදෙන කැමතිවෙයි. මෙසේ ඒ රජු ද එය කැමැතිවෙයි යන අර්ථයි.
ආමගිද්ධොති බ්යාමසතගම්භීරෙ උදකෙ වසන්තොපි තස්මිං බළිසස්ස වඞ්කට්ඨානං ඡාදෙත්වා ඨිතෙ ආමසඞ්ඛාතෙ ආමිසෙ ගිද්ධො හුත්වා බළිසං ගිලති, අත්තනො මරණං න ජානාති. ධීතරන්ති චූළනිබාළිසිකස්ස කෙවට්ටබ්රාහ්මණස්ස වචනබළිසං ඡාදෙත්වා ඨිතං ආමිසසදිසං. තස්ස රඤ්ඤො ධීතරං කාමගිද්ධො හුත්වා මච්ඡො අත්තනො මරණසඞ්ඛාතං ආමිසං විය න ජානාසි. පඤ්චාලන්ති උත්තරපඤ්චාලනගරං. අත්තන්ති අත්තානං. පන්ථානුබන්ධන්ති යථා ගාමද්වාරමග්ගං අනුබන්ධමිගං මහන්තං භයමෙස්සති, තඤ්හි මිගං මාරණත්ථාය ආවුධානි ගහෙත්වා නික්ඛන්තෙසු මනුස්සෙසු යෙ යෙ පස්සන්ති, තෙ තෙ මාරෙන්ති, එවං උත්තරපඤ්චාලනගරං ගච්ඡන්තම්පි තං මහන්තං මරණභයං එස්සති උපගමිස්සතීති.
ආමගිද්ධො බඹ සියයක් ගැඹුරු ජලයෙහි වසන්නා වූ මත්ස්‍යයා ඒ බිලීකටුවේ ඇදවී ඇති තැන වසාගෙන තිබෙන ඇම නම් වූ කෑම කෙරෙහි ගිජුවී බිලීකටුව ගිලියි. තමන්ගේ මරණය නොදනී. ධීතරං චූලනී නම් වූ බිලීබාන්නාට කේවට්ට බමුණාගේ වචන නමැති බිලිය වසාගෙන ඇති කෑමක් හා සමාන වූ රජුගේ දියණියව කාමයට ගිජුවී මත්ස්‍යයා තමන්ගේ මරණ සංඛ්‍යාත ආමිෂය මෙන් නොදන්නේය. පංචාල උත්තර පංචාල නගරය. අත්තං තමන්ගේ. පථානුපත්තං යම්සේ ගම්දොර මගට පත් මුවා මහත් බියකට පත්වෙයි. ඒ මුවාව මස් පිණිස ආයුධ ගෙන මිනිසුන් නික්මෙන කල්හි යම් යම් කෙනෙක් දකිත්ද ඒ ඒ අය මරත්. මෙසේ උත්තරපංචාල නගරයට යන්නා වූ ඔහුද මරණ භයට පැමිණෙයි. ළඟාවෙයි,
එවං මහාසත්තො චතූහි ගාථාහි රාජානං නිග්ගණ්හිත්වා කථෙසි. සො රාජා තෙන අතිවිය නිග්ගහිතොව “අයං මං අත්තනො දාසං විය මඤ්ඤති, රාජාති සඤ්ඤම්පි න කරොති, අග්ගරාජෙන ‘ධීතරං දස්සාමී’ති මම සන්තිකං පෙසිතං ඤත්වා එකම්පි මඞ්ගලපටිසංයුත්තං කථං අකථෙත්වා මං ‘බාලමිගො විය, ගිලිතබළිසමච්ඡො විය පන්ථානුබන්ධමිගො විය, මරණං පාපුණිස්සතී’ති වදතී”ති කුජ්ඣිත්වා අනන්තරං ගාථමාහ –
යනුවෙන් ගාථා සතරකින් රජුට නිග්රහකර ප්‍රකාශ කළේය. ඔහු අධික ලෙස නිග්‍රහ කිරීමෙන් කෝපයට පත්ව මෙතෙමේ මා තමන්ගේ දාසයකු මෙන් සිතයි. රජුය කියා හැඟීමක්වත් නැත. අගරජු විසින් දියණියව දෙන්නෙමියි මා සමීපයට පණිවිඩ එවූ බව දැනගෙන මංගලමය වූ එක් දෙයක්වත් නොකියා මා ලොල් වූ මුවකු මෙන් බිලිය ගිලින ලද මත්ස්‍යයකු මෙන් මගට පත් වූවකු මෙන් මරණයට පත්වන්නේ යැයි කියයි යැයි කිපී අනතුරුව මේ ගාථාව කීය.
“මයමෙව බාලම්හසෙ එළමූගා, යෙ උත්තමත්ථානි තයී ලපිම්හා; කිමෙව ත්වං නඞ්ගලකොටිවඩ්ඪො, අත්ථානි ජානාසි යථාපි අඤ්ඤෙ”ති.
යම්කෙනෙක් මංගලාර්ථයන් පිළිබඳවැ තා සමග කථා කළෝද, ඒ අපිමැ මෝඩ කෙලතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය පණ්ඩිතයන් සේ උත්තමාර්ථයන් දන්නෙහිද?
තත්ථ බාලම්හසෙති බාලාම්හ. එළමූගාති ලාලමුඛා මයමෙව. උත්තමත්ථානීති උත්තමඉත්ථිරතනපටිලාභකාරණානි. තයී ලවිම්හාති තව සන්තිකෙ කථයිම්හා. කිමෙවාති ගරහත්ථෙ නිපාතො. නඞ්ගලකොටිවඩ්ඪොති ගහපතිපුත්තො දහරකාලතො පට්ඨාය නඞ්ගලකොටිං වහන්තොයෙව වඩ්ඪති, තමත්ථං සන්ධාය “ත්වං ගහපතිකම්මමෙව ජානාසි, න ඛත්තියානං මඞ්ගලකම්ම”න්ති ඉමිනා අධිප්පායෙනෙවමාහ. අඤ්ඤෙති යථා කෙවට්ටො වා සෙනකාදයො වා අඤ්ඤෙ පණ්ඩිතා ඉමානි ඛත්තියානං මඞ්ගලත්ථානි ජානන්ති, තථා ත්වං තානි කිං ජානාසි, ගහපතිකම්මජානනමෙව තවානුච්ඡවිකන්ති.
එහි බාලම්හසෙ බාල වූ අපි. එළමූගා මුවෙන් කෙළ වැගිරෙන අප ම. උත්තමත්ථානි උතුම් මාණික්‍ය රත්නයක් ලබාදෙන. තයි ලපිම්හ ඔබ ළඟ කීවෙමු. කිමෙව ගරහමින් කීය. නංගල කොටිවද්ධො ගෘහපති පුත්‍රයෝ කුඩාකල පටන් නගුල් කෙළවර අල්ලාගෙනම වැඩෙත්. ඒ සඳහා නුඹ ගෘහපති කර්මයම පමණක් දන්නෙහිය. ක්ෂත්රියයන්ගේ මංගල කරුණු දන්නේ නැත. මේ අදහසින් කියන ලදී. අඤ්ඤෙ යම්සේ කේවට්ටයා හෝ සේනකාදීහු හෝ අන්‍ය පණ්ඩිතයෝ මේ ක්ෂත්රියයන්ගේ මංගලාර්ථ දනිත්. ඒවා කෙසේ ඔබ දන්නෙහිද? ගෘහපති කර්මයන් දැනගැනීම පමණක් නුඹට සුදුසුය.
ඉති නං අක්කොසිත්වා පරිභාසිත්වා “ගහපතිපුත්තො මම මඞ්ගලන්තරායං කරොති, නීහරථ න”න්ති නීහරාපෙතුං ගාථමාහ –
මෙසේ ඔහුට බැනවැදී නින්දාකොට ගෘහපති පුත්‍රයා මාගේ මංගල්‍යයට අනතුරක් කරයි. මොහුව බැහැර කරව්යැයි බැහැර කරන්නට මේ ගාථාව කීය.
“ඉමං ගලෙ ගහෙත්වාන, නාසෙථ විජිතා මම; යො මෙ රතනලාභස්ස, අන්තරායාය භාසතී”ති.
යමෙක් මගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද මොහු ගෙලෙන් ගෙනැ මගේ රටින් නෙරපව්.
සො රඤ්ඤො කුද්ධභාවං ඤත්වා “සචෙ ඛො පන මං කොචි රඤ්ඤො වචනං ගහෙත්වා හත්ථෙ වා ගීවාය වා පරාමසෙය්ය, තං මෙ අලං අස්ස යාවජීවං ලජ්ජිතුං, තස්මා සයමෙව නික්ඛමිස්සාමී”ති චින්තෙත්වා රාජානං වන්දිත්වා අත්තනො ගෙහං ගතො. රාජාපි කෙවලං කොධවසෙනෙව වදති, බොධිසත්තෙ පන ගරුචිත්තතාය න කඤ්චි තථා කාතුං ආණාපෙසි. අථ මහාසත්තො “අයං රාජා බාලො අත්තනො හිතාහිතං න ජානාති , කාමගිද්ධො හුත්වා ‘තස්ස ධීතරං ලභිස්සාමියෙවා’ති අනාගතභයං අජානිත්වා ගච්ඡන්තො මහාවිනාසං පාපුණිස්සති. නාස්ස කථං හදයෙ කාතුං වට්ටති, බහුපකාරො මෙ එස මහායසදායකො, ඉමස්ස මයා පච්චයෙන භවිතුං වට්ටති. පඨමං ඛො පන සුවපොතකං පෙසෙත්වා තථතො ඤත්වා පච්ඡා අහං ගමිස්සාමී”ති චින්තෙත්වා සුවපොතකං පෙසෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
හෙත්තෙම රජු කිපුණු බව දැනගෙන ඉදින් වනාහි යම්කෙනෙක් රජුගේ වචනය පිළිගෙන මාගේ අතින් හෝ ගෙලෙන් හෝ අල්ලන්නේද එය මට සුදුසු නොවේ. එය දිවි ඇතිතෙක් ලජ්ජාවීමට හේතු වෙයි. ඒ නිසා තමන්ම නික්ම යායුතුයැයි සිතා රජුට වැඳ තම ගෘහයට ගියේය. රජුද හුදෙක් කෝපයෙන්ම කථාකරයි. බෝධිසත්ත්වයන් කෙරෙහි කිසිදු ගරුසරුබවක් නොමැතිව එසේ කරන්නට අණ කළේය. ඉක්බිති මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මේ රජු නූගත්ය. තමන්ම හොඳ නරක නොදනී. කාමයට ගිජු වී ඔහුගේ දියණිය ලබන්නෙමියි කියා අනාගත බිය නොදැක යන්නේ මහා විපතකට පැමිණෙන්නේය. මා විසින් ඔහුගේ කථාව සිතේ තබාගන්නට නොවටී. මොහු මට බොහෝ උපාකාරී කෙනෙකි. යසස දෙන්නෙකි. මොහුට මා පිහිටුවිය යුතුය. පළමුව ගිරා පෝතකයාව යවා ඇති පරිදි දැනගෙන පසුව තෙමේම යන්නෙමියි සිතා ගිරා පෝතකයාව යැවීය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තතො ච සො අපක්කම්ම, වෙදෙහස්ස උපන්තිකා; අථ ආමන්තයී දූතං, මාධරං සුවපණ්ඩිතං.
ඉක්බිති හෙතෙම වේදේහ රජු වෙතින් ඉවත්ව ගොස් පණිවිඩකර වූ ‘මාඨර’ නම් වූ ගිරා පෝතකයන් ඇමතීය.
“එහි සම්ම හරිතපක්ඛ, වෙය්යාවච්චං කරොහි මෙ; අත්ථි පඤ්චාලරාජස්ස, සාළිකා සයනපාලිකා.
යහළු රන්වන් පියාපත් ඇත. මෙහි එව. මට එක් මෙහෙවරක් කරන්නෙහිය. පංචාල රජුට යහන් බලන එක් සැළලිහිණියක් ඇත.
“තං බන්ධනෙන පුච්ඡස්සු, සා හි සබ්බස්ස කොවිදා; සා තෙසං සබ්බං ජානාති, රඤ්ඤො ච කොසියස්ස ච.
ඕ තොමෝ සියල්ලෙහි දක්ෂ වන්නීය. ඇය රහසින් විචාරව. රජුත් කේවට්ටයාත් අතරැ සියළු මන්ත්‍රණ ඕ දන්නීය.
“ආමොති සො පටිස්සුත්වා, මාධරො සුවපණ්ඩිතො; අගමාසි හරිතපක්ඛො, සාළිකාය උපන්තිකං.
ස්වර්ණ වර්ණ පක්ෂපත්ර ඇති මාඨර නම් ගිරා පණ්ඩිතයා ද එසේයයි පිළිගෙන ශාරිකාව වෙත ගියේය.
“තතො ච ඛො සො ගන්ත්වාන, මාධරො සුවපණ්ඩිතො; අථාමන්තයි සුඝරං, සාළිකං මඤ්ජුභාණිකං.
ගිරා පණ්ඩිතයාද එතැනින් පිටත්ව ගොස් ඉක්බිති රන් මැදිරියේ වෙසෙන මිහිරි සේ බෙණෙන ශාරිකාව ඇමතීය.
“කච්චි තෙ සුඝරෙ ඛමනීයං, කච්චි වෙස්සෙ අනාමයං; කච්චි තෙ මධුනා ලාජා, ලබ්භතෙ සුඝරෙ තුවං.
රන් මැදිරියේ වෙසෙන්නිය! තිගේ සුව කෙසේද? වෛශ්‍ය කුලයෙහි උපන් තැනැත්ත, කිම නිරෝගීව වෙසෙන්නීද? රන්මැදිරියේ වෙසෙන තී මීපැණි මිශ්‍ර විළඳ ලබන්නී ද?
“කුසලඤ්චෙව මෙ සම්ම, අථො සම්ම අනාමයං; අථො මෙ මධුනා ලාජා, ලබ්භතෙ සුවපණ්ඩිත.
[missing trans]
“කුතො නු සම්ම ආගම්ම, කස්ස වා පහිතො තුවං; න ච මෙසි ඉතො පුබ්බෙ, දිට්ඨො වා යදි වා සුතො”ති.
යහළුව! තෙපි කොහි සිට පැමිණ සිටින්නහු ද? කවුරුන් විසින් එවන ලද්දහු ද? මින් පෙර තෙපි දක්නා ලද හෝ අසන ලද හෝ නොවෙමි.
තත්ථ හරිතපක්ඛාති හරිතපත්තසමානපක්ඛා. වෙය්යාවච්චන්ති “එහි, සම්මා”ති වුත්තෙ ආගන්ත්වා අඞ්කෙ නිසින්නං “සම්ම, අඤ්ඤෙන මනුස්සභූතෙන කාතුං අසක්කුණෙය්යං මමෙකං වෙය්යාවටිකං කරොහී”ති ආහ.
එහි හරිපක්ඛා යනු කොළපාට පත්‍ර හා සමාන පියාපත්. වෙය්යාවච්චං එහි සම්මා කී කල්හි අවුත් ඇකයෙහි සිටිනා වූ අන් මනුෂ්‍යයකු විසින් කළ නොහැකි මාගේ එක් ශාරීරික වතාවත් කරන්නයැයි කීය.
“කිං කරොමි, දෙවා”ති වුත්තෙ “සම්ම, කෙවට්ටබ්රාහ්මණස්ස දූතෙය්යෙනාගතකාරණං ඨපෙත්වා රාජානඤ්ච කෙවට්ටඤ්ච අඤ්ඤෙ න ජානන්ති, උභොව රඤ්ඤො සයනගබ්භෙ නිසින්නා මන්තයිංසු. තස්ස පන අත්ථි පඤ්චාලරාජස්ස සාළිකා සයනපාලිකා. සා කිර තං රහස්සං ජානාති, ත්වං තත්ථ ගන්ත්වා තාය සද්ධිං මෙථුනපටිසංයුත්තං විස්සාසං කත්වා තෙසං තං රහස්සං බන්ධනෙන පුච්ඡස්සු. තං සාළිකං පටිච්ඡන්නෙ පදෙසෙ යථා තං කොචි න ජානාති, එවං පුච්ඡ. සචෙ හි තෙ කොචි සද්දං සුණාති, ජීවිතං තෙ නත්ථි, තස්මා පටිච්ඡන්නෙ ඨානෙ සණිකං පුච්ඡා”ති. සා තෙසං සබ්බන්ති සා තෙසං රඤ්ඤො ච කොසියගොත්තස්ස ච කෙවට්ටස්සාති ද්වින්නම්පි ජනානං සබ්බං රහස්සං ජානාති.
ස්වාමීනි! කුමක් කරම්දැයි කී කල්හි හිතවත! කේවට්ට බමුණාගේ දූතමෙහෙවර සඳහා පැමිණි කාරණය පසෙක තබා රජුද කේවට්ටයාද අන් අය නොදනිත්. රජවරු දෙදෙන යහන්ගබ සිට මන්ත්‍රණය කළහ. ඔහුගේ වනාහි අත්ථිපඤ්චාලරාජස්ස සාළිකා සයනපාලිකා ඇය වනාහි ඒ රහස දනියි. නුඹ මෙහි ගොස් ඇය සමග කාමුක එක්වීම හා බැඳි හිතවත්කමක් ඇතිකරගෙන ඔවුන්ගේ රහස තං පත්ථරෙන පුච්ඡස්සු යම්සේ කිසිවකුට නොදැනෙන පරිදි රහස්තැනක සිට මෙසේ විචාරව. ඉදින් ඔව්හු කිසියම් හඬක් අසත්නම් ඔබගේ ජීවිතය නැතිවෙයි. ඒ නිසා රහසිගත තැනකදී වහා විමසන්න. සා තෙසං සබ්බං ඕ තොමෝ රජුගේද කෝසිය ගෝත්‍රයේ කේවට්ටයාගේ ද යන දෙදෙනාගේ ම සියලු රහස් දනී.
ආමොතීති භික්ඛවෙ, සො සුවපොතකො පණ්ඩිතෙන පුරිමනයෙනෙව සක්කාරං කත්වා පෙසිතො “ආමො”ති තස්ස පටිස්සුත්වා මහාසත්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා විවටසීහපඤ්ජරෙන නික්ඛමිත්වා වාතවෙගෙන සිවිරට්ඨෙ අරිට්ඨපුරං නාම ගන්ත්වා තත්ථ පවත්තිං සල්ලක්ඛෙත්වා සාළිකාය සන්තිකං ගතො. කථං? සො හි රාජනිවෙසනස්ස කඤ්චනථුපිකාය නිසීදිත්වා රාගනිස්සිතං මධුරරවං රවි. කිං කාරණා? ඉමං සද්දං සුත්වා සාළිකා පටිරවිස්සති, තාය සඤ්ඤාය තස්සා සන්තිකං ගමිස්සාමීති. සාපි තස්ස සද්දං සුත්වා රාජසයනස්ස සන්තිකෙ සුවණ්ණපඤ්ජරෙ නිසින්නා රාගරත්තචිත්තා හුත්වා තික්ඛත්තුං පටිරවි. සො ථොකං ගන්ත්වා පුනප්පුනං සද්දං කත්වා තාය කතසද්දානුසාරෙන කමෙන සීහපඤ්ජරඋම්මාරෙ ඨත්වා පරිස්සයාභාවං ඔලොකෙත්වා තස්සා සන්තිකං ගතො. අථ නං සා “එහි, සම්ම, සුවණ්ණපඤ්ජරෙ නිසීදා”ති ආහ. සො ගන්ත්වා නිසීදි. ආමන්තයීති එවං සො ගන්ත්වා මෙථුනපටිසංයුත්තං විස්සාසං කත්තුකාමො හුත්වා තං ආමන්තෙසි. සුඝරන්ති කඤ්චනපඤ්ජරෙ වසනතාය සුන්දරඝරං. වෙස්සෙති වෙස්සිකෙ වෙස්සජාතිකෙ. සාළිකා කිර සකුණෙසු වෙස්සජාතිකා නාම, තෙන තං එවං ආලපති. තුවන්ති සුඝරෙ තං පුච්ඡාමි “කච්චි තෙ මධුනා සද්ධිං ලාජා ලබ්භතී”ති. ආගම්මාති සම්ම, කුතො ආගන්ත්වා ඉධ පවිට්ඨොති පුච්ඡති. කස්ස වාති කෙන වා පෙසිතො ත්වං ඉධාගතොති.
ආමොති මහණෙනි! ඒ ගිරාපෝතකයාව පණ්ඩිතයන් විසින් පෙර පරිදිම සත්කාරකොට විශ්වාස බවට පත්ව එසේයැයි ඔහුගේ වචනය පිළිගෙන මහාසත්ත්වයන්ට වැඳ පැදකුණු කොට විවෘත සීමැදුරු කවුළුවෙන් නික්ම වාත වේගයෙන් සිවි රටේ අරිට්ඨපුරය තෙක් ගොස් එහි තොරතුරු සලකා බලා උත්තරා පංචාලයේ සැළලිහිණි ධේනුව සමීපයට ගියේය. කෙසේද යත්, ඔහු රජගෙදර රන්කොත් කැරැල්ලේ හිඳ රාග නිශ්රිත මධුර නාදයක් හැඬීය. කුමක්නිසාද? මේ ශබ්දය අසා සැළලිහිණි ධේනුව ප්රතිරාවය කරන්නේය. ඒ සළකුණෙන් ඇගේ සමීපයට යන්නෙමි. ඇයද ඔහුගේ හඬ අසා රාජ සයනය අසල රන්කූඩුවේ සිටියා සරාගී සිත් ඇත්තේ තුන්වරක් නාදකළා ය. ඔහු ටිකක් ළඟට ගොස් නැවත නැවත හඬ නගා ඇය විසින් කරන ලද ශබ්දය අනුසාරයෙන් ක්‍රමයෙන් සීමැදුරු කවුළුවේ උළුවස්සේ සිට අනතුරු රහිත බව දැනගෙන ඇය සමීපයට ගියේය. ඉක්බිති ඔහුට ඕතොමෝ එන්න මිතුර, රන්කූඩුවේ සිටින්නයැයි කීවාය. ඔහු එහි ගොස් හුන්නේය. ආමන්තයී මෙසේ ඔහු ගොස් මෛථුන කර්මයට තරම් විශ්වාසී බවක් ඇතිකරගනු කැමතිව සිට ඇයට ඇමතුවේය. සූසරං රන්කුඩුවේ වසන බැවින් සුන්දර නිවසක් ඇති. වෙස්සෙ වෛශ්‍ය ජාතිකය. සැළලිහිණි ධෙනුව පක්ෂීන් අතර වෛශ්යජාතික වේ. ඒ නිසා එනමින් අමතයි. තව මනා වූ නිවසේ ඔබට කියමි. කිම ඔබට මීපැණි සමග විළඳ ලැබෙයිදැයි විචාරයි. ආගම්ම යනු මිතුර, කොහේසිට පැමිණ ඔබ මෙහි ඇතුල්වීද කියා අසයි. කස්ස වා කවරකු විසින් එවන ලද්දේ ඔබ මෙහි පැමිණියේද?
සො තස්සා වචනං සුත්වා “සචාහං ‘මිථිලතො ආගතො’ති වක්ඛාමි, එසා මරණමාපන්නාපි මයා සද්ධිං විස්සාසං න කරිස්සති. සිවිරට්ඨෙ ඛො පන අරිට්ඨපුරං සල්ලක්ඛෙත්වා ආගතො, තස්මා මුසාවාදං කත්වා සිවිරාජෙන පෙසිතො හුත්වා තතො ආගතභාවං කථෙස්සාමී”ති චින්තෙත්වා ආහ –
ඔහු ඇගේ වචන අසා ඉදින් මම මියුළුනුවර සිට ආවෙම්යැයි කියම්ද? මැය මළත් මා සමග විශ්වාසයක් ඇතිකර ගන්නේ නැත. සිවිරට අරිට්ඨපුරයේ සිට ආ බවත් කියමි. ඒ නිසා බොරුකොට සිවිරජු විසින් එවන ලද බව කියා එහි සිට ආවේයැයි කියන්නෙමියි සිතා මෙසේ කීය.
“අහොසිං සිවිරාජස්ස, පාසාදෙ සයනපාලකො; තතො සො ධම්මිකො රාජා, බද්ධෙ මොචෙසි බන්ධනා”ති.
මම සිවිරජුගේ ප්‍රාසාදයේ සයන පාලකයා වීමි. ඒ දැහැමි රජ බන්ධනගතව සිටි අයව මුදාහැරියේය.
තත්ථ බද්ධෙති අත්තනො ධම්මිකතාය සබ්බෙ බද්ධකෙ බන්ධනා මොචෙසි. එවං මොචෙන්තො මම්පි සද්දහිත්වා “මුඤ්චථ න”න්ති මොචාපෙසි. සොහං විවටා සුවණ්ණපඤ්ජරා නික්ඛමිත්වාපි බහිපාසාදෙ යත්ථිච්ඡාමි, තත්ථ ගොචරං ගහෙත්වා සුවණ්ණපඤ්ජරෙයෙව වසාමි. යථා ත්වං, න එවං නිච්චකාලං පඤ්ජරෙයෙව අච්ඡාමීති.
එහි බද්ධෙ යනු තමන්ගේ ධාර්මික බව නිසා සියලු බන්ධනගත අය එයින් මුදාපීය. එසේ මුදන්නේ මා විශ්වාසකොට මොහුව මුදාහරින්න යැයි කීය. ඒ මම රන්කූඩුවෙන් නික්ම ප්‍රාසාදයෙන් පිටත කැමැති තැනක සිට ගොදුරුගෙන රන්මැදිරියේම වාසය කරමි. ඔබ මෙන් නිරන්තරයෙන්ම කුඩුවේ නොවසමි.
අථස්ස සා අත්තනො අත්ථාය සුවණ්ණතට්ටකෙ ඨපිතෙ මධුලාජෙ චෙව මධුරොදකඤ්ච දත්වා “සම්ම, ත්වං දූරතො ආගතො, කෙනත්ථෙන ඉධාගතොසී”ති පුච්ඡි. සො තස්සා වචනං සුත්වා රහස්සං සොතුකාමො මුසාවාදං කත්වා ආහ –
ඉක්බිති ඇය තමා සඳහා රන්තැටියේ තබන ලද මීපැණි මිශ්‍ර විළඳ හා මීපැණි ඔහුට දී යහළුව, නුඹ දුර සිට පැමිණියේ, කුමක් සඳහා මෙහි ආවේදැයි විචාළාය. ඔහු ඇගේ වචනය අසා රහසිගතව අසනු කැමැත්තේ බොරුවක් කොට මෙසේ කීය.
“තස්ස මෙකා දුතියාසි, සාළිකා මඤ්ජුභාණිකා; තං තත්ථ අවධී සෙනො, පෙක්ඛතො සුඝරෙ මමා”ති.
පියබස් බෙණෙන එක් සැළලිහිණි ධේනුවක් මට බිරිඳ වූවාය. මා රන්මැදිරියේ බලාසිටියදීම ඕ උකුස්සකු විසින් මරණ ලද්දීය.
තත්ථ තස්ස මෙකාති තස්ස මය්හං එකා. දුතියාසීති පුරාණදුතියිකා අහොසි.
එහි තස්සමෙකා යනු ඒ මාගේ එක් දුතියාසි පුරාණ දූතිකාව වූවාය.
අථ නං සා පුච්ඡි “කථං පන තෙ භරියං සෙනො අවධී”ති? සො තස්සා ආචික්ඛන්තො “සුණ භද්දෙ, එකදිවසං අම්හාකං රාජා උදකකීළං ගච්ඡන්තො මම්පි පක්කොසි. අථාහං භරියං ආදාය තෙන සද්ධිං ගන්ත්වා කීළිත්වා සායන්හසමයෙ තෙනෙව සද්ධිං පච්චාගන්ත්වා රඤ්ඤා සද්ධිංයෙව පාසාදං අභිරුය්හ සරීරං සුක්ඛාපනත්ථාය භරියං ආදාය සීහපඤ්ජරෙන නික්ඛමිත්වා කූටාගාරකුච්ඡියං නිසීදිං. තස්මිං ඛණෙ එකො සෙනො කූටාගාරා නික්ඛන්තො අම්හෙ ගණ්හිතුං පක්ඛන්දි. අහං මරණභයභීතො වෙගෙන පලායිං. සා පන තදා ගරුගබ්භා අහොසි, තස්මා වෙගෙන පලායිතුං නාසක්ඛි. අථ සො මය්හං පස්සන්තස්සෙව තං මාරෙත්වා ආදාය ගතො. අථ මං තස්සා සොකෙන රොදමානං දිස්වා අම්හාකං රාජා ‘සම්ම, කිං රොදසී’ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා ‘මා බාළ්හං, සම්ම, රොදසි, අඤ්ඤං භරියං පරියෙසාහී’ති වත්වා ‘කිං, දෙව, අඤ්ඤාය අනාචාරාය දුස්සීලාය භරියාය ආනීතාය, තතොපි එකකෙනෙව චරිතුං වර’න්ති වුත්තෙ ‘සම්ම, අහං එකං සකුණිකං සීලාචාරසම්පන්නං අස්සොසිං, තව භරියාය සදිසමෙව. චූළනිරාජස්ස හි සයනපාලිකා සාළිකා එවරූපා, ත්වං තත්ථ ගන්ත්වා තස්සා මනං පුච්ඡිත්වා ඔකාසං කාරෙත්වා සචෙ තෙ රුච්චති, ආගන්ත්වා අම්හාකං ආචික්ඛ. අථාහං වො විවාහං කත්වා මහන්තෙන පරිවාරෙන තං ආනෙස්සාමා’ති වත්වා මං ඉධ පහිණි, තෙනම්හි කාරණෙනාගතො”ති වත්වා ගාථං ආහ –
ඉක්බිති ඇය ඔහුගෙන් මෙසේ විමසුවාය. කෙසේ වනාහි ඔබගේ බිරිඳව උකුස්සා විසින් මරණ ලදීද? ඇය විසින් අසනු ලැබූ ඔහු සොඳුර, අසන්න. එක් දිනක් අපගේ රජතුමා ජල ක්‍රීඩාවට යන්නේ මට ද කථා කළේය. මම භාර්යාවද ගෙන ඔහු සමග ක්‍රීඩාකොට සවස්කාලයේ ඔහු සමගම පසුගමන් කොට රජු සමගම ප්‍රාසාදයට නැගී සිරුර වේලීම සඳහා භාර්යාවත් රැගෙන සීමැදුරු කවුළුවෙන් නික්ම කුළුගෙය මුදුනේ සිටියෙමි. ඒ වේලාවේ එක් උකුස්සෙක් කුළුගෙයින් නික්මෙන්නේ අපව අල්ලාගැනීම පිණිස පැන්නේය. මෙම මරණ බියෙන් බිය වූයෙම් වේගයෙන් පලා ගියෙමි. ඇය වනාහි එකල්හි ගැබ්බරව සිටියාය. ඒ නිසා ඇය වේගයෙන් පැනයන්නට අසමත් වූවාය. ඉක්බිති ඔහු මා බලාසිටියදීම ඇයව මරා රැගෙන ගියේය. ඉක්බිති ඇය පිළිබඳ ශෝකයෙන් මා හඬමින් සිටිනු දැක අපගේ රජතුමා ඒ කාරණය අසා හිතවත, හැඬීමෙන් ඵලයක් නැත. නොහඬන්න. වෙනත් බිරිඳක් සොයාගන්න යැයි කියා කීවිට දේවයන් වහන්ස, අනාචාරී දුස්සීල තැනැත්තියක් ගෙන එනවාට වඩා හුදෙකලාව සිටීම වඩාත් හොඳයැයි කීවිට මිත්‍රය, මම සීලාචාර වූ එක් බිරිඳක් දකිමි. ඔබගේ බිරිඳට සමාන වූම චූළනී රජුගේ සයනපාලිකාව වූ සැළලිහිණි ධෙනුව මෙබඳු රූප ඇත්තීය. නුඹ එහි ගොස් ඇගේ අදහස් විමසා අවස්ථාවක් ලබාගෙන ඉදින් ඇය රුචිවන්නී නම් අවුත් අපට පවසන්න. ඉක්බිති මම හෝ දේවිය හෝ ගොස් මහත් පෙරහරින් ඇයව කැඳවාගෙන එන්නෙමුයි කියා මා මෙහි එවීය. ඒ කාරණය නිසාවෙන් ආවේ වෙමියි කියා මෙසේ කීය.
“තස්සා කාමා හි සම්මත්තො, ආගතොස්මි තවන්ති කෙ; සචෙ කරෙය්ය ඔකාසං, උභයොව වසාමසෙ”ති.
ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. ඒ සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙනා එක්වැ වසමු.
සා තස්ස වචනං සුත්වා සොමනස්සප්පත්තා අහොසි. එවං සන්තෙපි අත්තනො පියභාවං අජානාපෙත්වා අනිච්ඡමානා විය ආහ –
ඇය ඔහුගේ වචනය අසා සොම්නසට පත්වූවාය. තමන්ගේ අදහස නොදන්වා අකමැත්තියක් මෙන් මෙසේ කීවාය.
“සුවොව සුවිං කාමෙය්ය, සාළිකො පන සාළිකං; සුවස්ස සාළිකායෙව, සංවාසො හොති කීදිසො”ති.
ගිරවා ගිරවියකද, සැළලිහිණියා සැළලිහිණියකද කැමැති වන්නේය. ගිරවකු හා සැළලිහිණියක අතර කෙබඳු සංවාසයෙක්ද?
තත්ථ සුවොති සම්ම සුවපණ්ඩිත, සුවොව සුවිං කාමෙය්ය. කීදිසොති අසමානජාතිකානං සංවාසො නාම කීදිසො හොති. සුවො හි සමානජාතිකං සුවිං දිස්වා චිරසන්ථවම්පි සාළිකං ජහිස්සති, සො පියවිප්පයොගො මහතො දුක්ඛාය භවිස්සති, අසමානජාතිකානං සංවාසො නාම න සමෙතීති.
එහි සුවොවාති යහළු ගිරා පණ්ඩිතය, ගිරවා ගිරවියක කැමති වන්නේය. කීදිසො අසමාන ජාතීන් අතර සංවාසය නම් කෙබඳු වන්නේද? ගිරවා වනාහි සමාන ජාති වූ ගිරවියක දැක බොහෝකල් ඇසුරුකළේ නමුත් අත්හරින්නේද, ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ මහත් දුකක් වන්නේය. අසමාන ජාතීන්ගේ සංවාසය නම් සමාන නොවේ.
ඉතරො තං සුත්වා “අයං මං න පටික්ඛිපති, පරිහාරමෙව කරොති, අද්ධා මං ඉච්ඡිස්සති, නානාවිධාහි නං උපමාහි සද්දහාපෙස්සාමී”ති චින්තෙත්වා ආහ –
අනිකා එය අසා මොහු මා ප්‍රතික්ෂේප නොකරයි. ආරක්ෂාවට යොදයි. ඒකාන්තයෙන් මා කැමැති වන්නේය. නොයෙක් ආකාර උපමාවලින් එය විශ්වාස කරවන්නෙමියි මෙසේ කීය.
“යොයං කාමෙ කාමයති, අපි චණ්ඩාලිකාමපි; සබ්බො හි සදිසො හොති, නත්ථි කාමෙ අසාදිසො”ති.
කාමියෙක් යමක් කැමැත්තේ නම් ඇය සැඬොලක වුවද කැමැති වන්නේය. තවද කාමසේවනයේදී සියල්ලෝම සමාන වන්නෝය. අසමානයෝ නැත්තාහයි ගිරා පණ්ඩිතයෝ කීහ.
තත්ථ චණ්ඩාලිකාමපීති චණ්ඩාලිකං අපි. සදිසොති චිත්තසදිසතාය සබ්බො සංවාසො සදිසොව හොති. කාමස්මිඤ්හි චිත්තමෙව පමාණං, න ජාතීති.
එහි චණ්ඩාලිකාමපි සැඩොලියක වුවද සදිසො සිතේ ස්වභාවයෙන් සියල්ලන්ගේ සංවාසය සමාන ම වන්නේය. කාමෙ කාමය පිළිබඳ සිත පමණක්ම ප්රමාණවත්ය. ජාතිය. නොවේ.
එවඤ්ච පන වත්වා මනුස්සෙසු තාව නානාජාතිකානං සමානභාවදස්සනත්ථං අතීතං ආහරිත්වා දස්සෙන්තො අනන්තරං ගාථමාහ –
මෙසේ වනාහි කියා මිනිසුන් අතර නොයෙක් ජාති ප්‍රමාණ හා අදහස් පිළිබඳ කරුණු ගෙනහැර දක්වන්නේ අනතුරු ගාථාව කීය.
“අත්ථි ජම්පාවතී නාම, මාතා සිවිස්ස රාජිනො; සා භරියා වාසුදෙවස්ස, කණ්හස්ස මහෙසී පියා”ති.
සිවි රජුගේ මව් තොමෝ ජම්බාවතී නම් සැඩොලියක් වූවාය. ඕ කෘෂ්ණ ගෝත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවාය.
තත්ථ ජම්පාවතීති සිවිරඤ්ඤො මාතා ජම්පාවතී නාම චණ්ඩාලී අහොසි. සා කණ්හායනගොත්තස්ස දසභාතිකානං ජෙට්ඨකස්ස වාසුදෙවස්ස පියා මහෙසී අහොසි. සො කිරෙකදිවසං ද්වාරවතිතො නික්ඛමිත්වා උය්යානං ගච්ඡන්තො නගරං පවිසන්තිං එකමන්තෙ ඨිතං අභිරූපං එකං චණ්ඩාලිකං දිස්වාව පටිබද්ධචිත්තො හුත්වා “කිං ජාතිකා”ති පුච්ඡාපෙත්වා “චණ්ඩාලජාතිකා”ති සුත්වාපි පටිබද්ධචිත්තතාය අසාමිකභාවං පුච්ඡාපෙත්වා “අසාමිකා”ති සුත්වා තං ආදාය තතො නිවත්තිත්වා නිවෙසනං නෙත්වා අග්ගමහෙසිං අකාසි. සා සිවිං නාම පුත්තං විජායි. සො පිතු අච්චයෙන ද්වාරවතියං රජ්ජං කාරෙසි. තං සන්ධායෙතං වුත්තං.
එහි ජම්බාවතී යනු සිවිරජුගේ මව ජම්බාවතී නම් සැඩොලිය වූවාය. ඇය කෘෂ්ණ ගෝත්‍රයේ සහෝදරයන් දසදෙනාගෙන් වැඩිමල් වාසුදේවගේ ප්‍රිය මෙහෙසිය වූවාය. ඔහු එක්දිනෙක දොරටුවෙන් නික්ම උයනට යන්නේ සැඩොල්ගමෙන් කිසියම් කටයුත්තක් සඳහා නගරයට පිවිසෙන එකත්පසෙක සිටි එක් සුරූපී කුමාරිකාවක් දුටුවිටම පිළිබඳ සිත් ඇතිව කුමන ජාතිදැයි අස්වවා සැඩොල් ජාතියේ යැයි අසාත් පිළිබඳ සිත් ඇති බැවින් විපිළිසරව විවාහක බව විමසා අවිවාහක යැයි දැනගෙන ඇයව ගෙන එතනින් නික්ම වාසභවනයට ගෙන ගොස් රත්න සමූහයක් උඩට තබා අගමෙහෙසිය කළේය. ඇය ‘සිවි’ නම් පුතකු වැදුවාය. ඔහු පියාගේ ඇවෑමෙන් බරණැස රාජ්‍යය කළේය. ඒ පිළිබඳව මෙය කියන ලදී.
ඉති සො ඉමං උදාහරණං ආහරිත්වා “එවරූපොපි නාම ඛත්තියො චණ්ඩාලියා සද්ධිං සංවාසං කප්පෙසි, අම්හෙසු තිරච්ඡානගතෙසු කිං වත්තබ්බං, අඤ්ඤමඤ්ඤං සංවාසරොචනංයෙව පමාණ”න්ති වත්වා අපරම්පි උදාහරණං ආහරන්තො ආහ –
ඉක්බිති හෙතෙම මේ උදාහරණය ගෙනහැර දක්වා මෙබඳු වූ ක්ෂත්රියයෙක් පවා සැඩොලියක සමග එකට වාසය කළේය. තිරිසන් සතුන් වූ අප කෙරෙහි කවර කථාද? ඔවුනොවුන් අතර සංවාසයට කැමැත්ත පමණක් ප්‍රමාණවත්යයි කියා වෙනත් උදාහරණයක් ද ගෙනහැර දක්වමින් මෙසේ කීය.
“රට්ඨවතී කිම්පුරිසී, සාපි වච්ඡං අකාමයි; මනුස්සො මිගියා සද්ධිං, නත්ථි කාමෙ අසාදිසො”ති.
පෙර රථාවතී නම් කිඳුරියක් වූවාය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමති කරවාගත්තාය. මනුෂ්‍යයෙක් තිරිසනක හා එකට වාසය කළේය. කාමයෙහි අසමාන කමක් නැත.
තත්ථ වච්ඡන්ති එවංනාමකං තාපසං. කථං පන සා තං කාමෙසීති? අතීතස්මිඤ්හි එකො බ්රාහ්මණො කාමෙසු ආදීනවං දිස්වා මහන්තං යසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ පණ්ණසාලං මාපෙත්වා වසි. තස්ස පණ්ණසාලතො අවිදූරෙ එකිස්සා ගුහාය බහූ කින්නරා වසන්ති. තත්ථෙව එකො මක්කටකො ද්වාරෙ වසති. සො ජාලං විනෙත්වා තෙසං සීසං භින්දිත්වා ලොහිතං පිවති. කින්නරා නාම දුබ්බලා හොන්ති භීරුකජාතිකා. සොපි මක්කටකො අතිවිසාලො. තෙ තස්ස කිඤ්චි කාතුං අසක්කොන්තා තං තාපසං උපසඞ්කමිත්වා කතපටිසන්ථාරා ආගතකාරණං පුට්ඨා “දෙව, එකො මක්කටකො ජීවිතං නො හනති, තුම්හෙ ඨපෙත්වා අම්හාකං අඤ්ඤං පටිසරණං න පස්සාම, තං මාරෙත්වා අම්හාකං සොත්ථිභාවං කරොහී”ති ආහංසු. තං සුත්වා තාපසො “අපෙථ න මාදිසා පාණාතිපාතං කරොන්තී”ති අපසාදෙසි. තෙසු රට්ඨවතී නාම කින්නරී අභිරූපා පාසාදිකා අසාමිකා අහොසි. තෙ තං අලඞ්කරිත්වා තාපසස්ස සන්තිකං නෙත්වා “දෙව, අයං තෙ පාදපරිචාරිකා හොතු, අම්හාකං පච්චාමිත්තං වධෙහී”ති ආහංසු. තාපසො තං දිස්වාව පටිබද්ධචිත්තො හුත්වා තාය සද්ධිං සංවාසං කප්පෙත්වා ගුහාද්වාරෙ ඨත්වා ගොචරත්ථාය නික්ඛන්තං මක්කටකං මුග්ගරෙන පොථෙත්වා ජීවිතක්ඛයං පාපෙසි. සො තාය සද්ධිං සමග්ගවාසං වසන්තො පුත්තධීතාහි වඩ්ඪිත්වා තත්ථෙව කාලමකාසි. එවං සා තං කාමෙසි. සුවපොතකො ඉමං උදාහරණං ආහරිත්වා “වච්ඡතාපසො තාව මනුස්සො හුත්වා තිරච්ඡානගතාය කින්නරියා සද්ධිං සංවාසං කප්පෙසි, කිමඞ්ගං පන අම්හාකං? මයඤ්හි උභො පක්ඛිනොව තිරච්ඡානගතාවා”ති දීපෙන්තො “මනුස්සො මිගියා සද්ධි”න්ති ආහ. එවං මනුස්සා තිරච්ඡානගතාහි සද්ධිං සමග්ගවාසං වසන්ති, නත්ථි කාමෙ අසාදිසො නාම, චිත්තමෙව පමාණන්ති කථෙසි.
එහි වච්ඡං යනු මෙබඳු නමක් ඇති තවුසකු. කෙසේනම් ඇය ඔහුව කැමති කරවා ගත්තීද? අතීතයෙහි එක් බ්‍රාහ්මණයෙක් කාමයන්හි ආදීනව දැක මහත්වූ යසස අතහැර ඍෂි පැවිද්දෙන් පැවිදිව හිමවත පන්සලක් මවාගෙන වාසය කළේය. ඒ පන්සලට නුදුරෙහි එක් ගුහාවක බොහෝ කිඳුරෝ වාසය කරත්. එහි එක් මකුළුවෙක් වාසය කරයි. ඔහු දැලක් වියා ඔවුන්ගේ හිසබිඳ ලේ බොයි. කිඳුරෝ නම් දුබලයෝය. බියවනසුළුය. ඒ මකුළුවා විශාලය. ඒ නිසා ඔහුට විරුද්ධව කිසිවක් කරන්නට නොහැක්කාහු ඒ තාපසයා ළඟට පැමිණ කරන ලද පිළිසඳර කථා ඇත්තී පැමිණි කාරණය විමසන ලද්දී ස්වාමීනි, එක් මකුළුවෙක් අපගේ ජීවිත පැහැරගනී. අන් පිහිටක් නැත. ඔහුව මරා අපට යහපතක් කරන්න. තවුසා, නික්ම යව්. මා වැන්නෝ ප්‍රාණඝාතය නොකරත්යැයි ප්‍රතික්ෂේප කළේය. ඔවුන් අතර රථාවතී නම් කිඳුරිය සැමියකු නැත්තීය. ඔවුහු ඇයව සරසවා තවුසා සමීපයට ගෙනගොස් ස්වාමීනි! මැය ඔබගේ බිරිඳ වේවා. අපගේ සතුරාව විනාශ කරන්නයැයි කීහ. තවුසා ඇයව දුටුවිටම පිළිබඳ සිත් ඇත්තේ වී ඇය සමග සංවාසයේ යෙදී ගුහා දොරටුව ළඟ සිට ගොදුරු පිණිස නික්ම යන මකුළුවාව මුගුරකින් පහරදී මරණයට පත්කළේය. ඔහු ඇය සමග එකට වාසය කරන්නේ දූපුතුන් ඇතිදැඩිකොට කළුරිය කළේය. මෙපරිද්දෙන් ඕ තොමෝ ඔහුව කැමැති විය. ගිරා පෝතකයා මේ උදාහරණය ගෙනහැර දක්වා වච්ඡ තාපසයා මනුෂ්‍යයෙක්ව තිරිසන්ගත කිඳුරිය සමග සංවාසයේ යෙදුනේය. අප ගැන කවර කථාද? අපි දෙදෙනාම පක්ෂීන් වන අතර තිරිසන්ගත අය වෙමු යන්න දක්වමින් මනුස්සො මගියා සද්ධිං යනු මිනිසෙක් මුවදෙනක් සමග යන්න කීය. මෙසේ මිනිස්සු තිරිසන්ගත අය සමග සංවාසයේ යෙදෙන්නාහු දූපුතුන් හදාවඩාගෙන සිටිත්. නත්ථිකාමෙ අසාදිසො මෙහි සිත පමණක් ප්රමාණවත්ය.
සා තස්ස වචනං සුත්වා “සාමි, චිත්තං නාම සබ්බකාලං එකසදිසං න හොති, පියවිප්පයොගස්ස භායාමී”ති ආහ. සොපි සුවපොතකො ඉත්ථිමායාසු කුසලො, තෙන තං වීමංසන්තො පුන ගාථමාහ –
ඇය ඔහුගේ වචනය අසා ස්වාමීනි! සිත නම් සැමකල්හිම එකසමාන නොවේ. පිය විප්‍රයෝගයට බිය වෙමියි කීය. ඒ පණ්ඩිතයා ස්ත්‍රී මායාවන්හි දක්ෂයෙකි. ඒ නිසා ඇයව විමසමින් නැවත මේ ගාථාව කීය.
“හන්ද ඛ්වාහං ගමිස්සාමි, සාළිකෙ මඤ්ජුභාණිකෙ; පච්චක්ඛානුපදඤ්හෙතං, අතිමඤ්ඤසි නූන ම”න්ති.
මිහිරි වචන ඇති ශාරිකාව. එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල ඒ හැර දැමීමට කරුණුය. තෝ මා ඉක්මවා සිතන්නෙහි.
තත්ථ පච්චක්ඛානුපදං හෙතන්ති යං ත්වං වදෙසි, සබ්බමෙතං පච්චක්ඛානස්ස අනුපදං, පච්චක්ඛානකාරණං පච්චක්ඛානකොට්ඨාසො පනෙස. අතිමඤ්ඤසි නූන මන්ති “නූන මං ඉච්ඡති අය”න්ති ත්වං මං අතික්කමිත්වා මඤ්ඤසි, මය්හං සාරං න ජානාසි . අහඤ්හි රාජපූජිතො, න මය්හං භරියා දුල්ලභා, අඤ්ඤං භරියං පරියෙසිස්සාමීති.
එහි පච්චක්ඛානුපදං හෙතං ඔබ යමක් කියන්නෙහිද ඒ සියල්ල ප්රත්යක්ෂය. ප්රත්යක්ෂයට කාරණය ප්රත්යක්ෂයේ කොටසකි. අතිමඤ්ඤසි නූන මං ඒකාන්තයෙන් මා කැමැතිවෙයිද එය, ඔබ මා ඉක්මවා සිතන්නෙහිය. මාගේ හරය නොදන්නෙහිය. මම රාජපූජිත වෙමි. මට භාර්යාවන් දුර්ලභ නැත. අන් බිරියක් සොයන්නෙමි.
සා තස්ස වචනං සුත්වාව භිජ්ජමානහදයා විය තස්ස සහ දස්සනෙනෙව උප්පන්නකාමරතියා අනුඩය්හමානා විය හුත්වාපි අත්තනො ඉත්ථිමායාය අනිච්ඡමානා විය හුත්වා දියඩ්ඪං ගාථමාහ –
යන්නෙමියි කියූ ඔහුගේ වචනය ඇය අසාම බිඳුනු හදවතක් ඇත්තාක් මෙන් ඔහු දැකීම පමණින්ම උපන්නා වූ කාමාශාව හේතුවෙන් දැවෙන්නාක් මෙන් වී කොටස් එකහමාරක ගාථාවක් කීය.
“න සිරී තරමානස්ස, මාධර සුවපණ්ඩිත; ඉධෙව තාව අච්ඡස්සු, යාව රාජාන දක්ඛසි; සොස්සි සද්දං මුදිඞ්ගානං, ආනුභාවඤ්ච රාජිනො”ති.
ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරස්ථ වන්නෙහිය. ඒ නිසා රජු දක්නා තෙක් මෙහි රැඳෙව. මිහිඟු බෙරහඬ අසන්නෙහිය. රජුගේ අනුභාව දක්නෙහිය.
තත්ථ න සිරීති සම්ම සුවපණ්ඩිත, තරමානස්ස සිරී නාම න හොති, තරමානෙන කතකම්මං න සොභති, “ඝරාවාසො ච නාමෙස අතිගරුකො”ති චින්තෙත්වා තුලෙත්වා කාතබ්බො. ඉධෙව තාව අච්ඡස්සු, යාව මහන්තෙන යසෙන සමන්නාගතං අම්හාකං රාජානං පස්සිස්සසි. සොස්සීති සායන්හසමයෙ කින්නරිසමානලීලාහි උත්තමරූපධරාහි නාරීහි වජ්ජමානානං මුදිඞ්ගානං අඤ්ඤෙසඤ්ච ගීතවාදිතානං සද්දං ත්වං සුණිස්සසි, රඤ්ඤො ච ආනුභාවං මහන්තං සිරිසොභග්ගං පස්සිස්සසි. “සම්ම, කිං ත්වං තුරිතොසි, කිං ලෙසම්පි න ජානාසි, අච්ඡස්සු තාව, පච්ඡා ජානිස්සාමා”ති.
එහි න සිරී යනු හිතවත, ගිරා පණ්ඩිතය. ඉක්මන් නොවන්නාට සෞභාග්‍යය ලැබේ. කලබලකාරයා විසින් කරන ලද ක්‍රියා හොබනේ නොවේ. ගිහිගෙය වාසය නම් වූ මෙය වගකීම් සහිත එකක් ලෙස සිතා කටයුතු කළ යුත්තේය. මහත් යසඉසුරියන් යුත් අපගේ රජතුමා දකින තෙක් මෙහිම නතරවන්න. සොස්සසි සවස් කාලයේ කිඳුරියන්ට සමාන විලාසයෙන් යුත් උතුම් රූ ඇති කාන්තාවන් විසින් වාදනය කරනු ලබන මිහිඟු බෙරවලද අනික් නෘත්‍ය ගීතවාදයන්හි හඬ අසන්නෙහි. රජුගේද ආනුභාවයත් මහත් වූ ශ්‍රී සෞභාග්‍යයත් දකින්නෙහි. යහළුව! කිම ඔබ ඉක්මන් වන්නෙහිද? ස්වල්පයක්වත් ඔබ නොදන්නෙහිය. නතරවන්න. පසුව දැනගන්නෙමු.
අථ තෙ සායන්හසමනන්තරෙ මෙථුනසංවාසං කරිංසු, සමග්ගා සම්මොදමානා පියසංවාසං වසිංසු. අථ නං සුවපොතකො “න ඉදානෙසා මය්හං රහස්සං ගුහිස්සති, ඉදානි නං පුච්ඡිත්වා ගන්තුං වට්ටතී”ති චින්තෙත්වා “සාළිකෙ”ති ආහ. “කිං, සාමී”ති? “අහං කිඤ්චි තෙ වත්තුකාමොම්හී”ති. “වද, සාමී”ති. “හොතු, අජ්ජ අම්හාකං මඞ්ගලදිවසො, අඤ්ඤතරස්මිං දිවසෙ ජානිස්සාමී”ති. “සචෙ මඞ්ගලපටිසංයුත්තා කථා භවිස්සති, කථෙහි. නො චෙ, මා කථෙහි සාමී”ති. “මඞ්ගලකථාවෙසා, භද්දෙ”ති. “තෙන හි කථෙහී”ති. අථ නං “භද්දෙ, සචෙ සොතුකාමා භවිස්සසි, කථෙස්සාමි තෙ”ති වත්වා තං රහස්සං පුච්ඡන්තො දියඩ්ඪං ගාථමාහ –
ඉක්බිති ඔව්හු සැඳෑ වේලාවේ මෛථුන සංවාසයෙහි යෙදුනාහ. සමගිව, සතුටුව, ප්‍රීතිමත් ලෙස එකට එක්වූහ. ඉක්බිති ඇයට ගිරා පෝතකයා මෙසේ සිතීය. ඇය දැන් මට රහසක් නො සඟවන්නීය. දැන් ඇයගෙන් අසා යන්ට වටනේයැයි සිතා, සොඳුර, සාළිය! කියා ඇමතීය. ස්වාමීනි ඇයිදැයි ඇසුවාය. ඔබට කිසිවක් කියනු කැමැත්තෙමි. එය කියමි. ස්වාමීනි, කියන්න. වේවා! අද අපගේ මංගල දවසය. වෙනත් දිනක දැනගන්නෙමි. ඉදින් මංගල්‍යමය කථාවක් පමණක් කියන්න. එසේ නොවේනම් ස්වාමීනි නොකියන්න. මෙය වනාහි මංගල කථාවකි. එසේනම් කියන්න. ඉදින් අසනු කැමැත්තේ නම් ඔබට කියන්නෙමියි ඒ රහස අසන්නේ ගාථා එකහමාරක් කීය.
“යො නු ඛ්වායං තිබ්බො සද්දො, තිරොජනපදෙ සුතො; ධීතා පඤ්චාලරාජස්ස, ඔසධී විය වණ්ණිනී; තං දස්සති විදෙහානං, සො විවාහො භවිස්සතී”ති.
පංචාල රජුගේ ඔසධී තාරකාව සේ රූපශ්‍රීයෙන් බබලන දූකුමරිය වේදේහ රජුට දෙන්නේය යන මහත් ඝෝෂාවක් පසල් දනව්වලදී අසන ලද්දේය. ඒ විවාහය සිදුවන්නේද?
තස්සත්ථො – යො නු ඛො අයං සද්දො තිබ්බො බහලො, තිරොජනපදෙ සුතො පරරට්ඨෙසු ජනපදෙසු විස්සුතො පඤ්ඤාතො පාකටො පත්ථටො. කින්ති? ධීතා පඤ්චාලරාජස්ස ඔසධීතාරකා විය විරොචමානා තාය එව සමානවණ්ණිනී අත්ථි, තං සො විදෙහානං දස්සති, සො විවාහො භවිස්සති. යො සො එවං පත්ථටො සද්දො, අහං තං සුත්වා චින්තෙසිං “අයං කුමාරිකා උත්තමරූපධරා, විදෙහරාජාපි චූළනිරඤ්ඤො පටිසත්තු අහොසි. අඤ්ඤෙ බහූ රාජානො චූළනිබ්රහ්මදත්තස්ස වසවත්තිනො සන්ති, තෙසං අදත්වා කිං කාරණා විදෙහස්ස ධීතරං දස්සතී”ති?
එහි විස්තරාර්ථය කෙසේද? පංචාල රජුගේ ඕසධී තාරකාව මෙන් බබළන ඒ හා සමාන වර්ණ ඇති දියණියව වේදේහ රජුට දෙන්නේය. ඒ විවාහය වන්නේය යන මේ මහා ඝෝෂාව, රාවය පසල් දනව්වල වෙනත් රටවල වෙනත් ජනපදවල පැතිරී ගියේය. ප්‍රකට විය. මෙසේ පැතිරගිය ශබ්දය මම ඇසුවෙමි. අසා මෙසේ සිතුවෙමි. මේ කුමාරිකාව උතුම් රූ සපුවක් ඇත්තීය. වේදේහ රජු චූළනී රජුට සතුරෙකි. අනිත් බොහෝ රජවරු බ්‍රහ්මදත්ත රජුගේ යටතේ සිටින්නෝය. ඔවුන්ට නොදී කුමන කරුණක් නිසා වේදේහ රජුට දියණියව දෙයිද?
සා තස්ස වචනං සුත්වා එවමාහ – “සාමි, කිං කාරණා මඞ්ගලදිවසෙ අවමඞ්ගලං කථෙසී”ති? “අහං, භද්දෙ, ‘මඞ්ගල’න්ති කථෙමි, ත්වං ‘අවමඞ්ගල’න්ති කථෙසි, කිං නු ඛො එත”න්ති? “සාමි, අමිත්තානම්පි තෙසං එවරූපා මඞ්ගලකිරියා මා හොතූ”ති. “කථෙහි තාව භද්දෙ”ති. “සාමි, න සක්කා කථෙතු”න්ති. “භද්දෙ, තයා විදිතං රහස්සං මම අකථිතකාලතො පට්ඨාය නත්ථි අම්හාකං සමග්ගසංවාසො”ති. සා තෙන නිප්පීළියමානා “තෙන හි, සාමි, සුණාහී”ති වත්වා ඉමං ගාථමාහ –
ඕ තොමෝ ඔහුගේ වචනය අසා මෙසේ කීය. ස්වාමීනි! කුමක් නිසා මංගල දිනයෙහි අවමංගල කථාවක් කරන්නෙහිද? මම මංගලයයි කියමි. ඔබ එය අවමංගලයැයි කියයි. මේ කුමක්ද? හිමියනි! සතුරු වූ ඔවුන්ට මෙබඳු මංගල්‍යයක් නොවේවා! සොඳුර කියන්න. ඒ කවරක්ද? හිමියනි කිව නොහැක. සොඳුර, ඔබ විසින් දැනගත් රහස මට නොකියන තාක් අපගේ එකතුවීමක් නම් නොවන්නේය. ඕ තොමෝ එයින් පීඩාවට පත්වන්නී එසේනම් හිමියනි! අසාගන්න යැයි කියා මේ ගාථාව පැවසුවාය.
“එදිසො මා අමිත්තානං, විවාහො හොතු මාධර; යථා පඤ්චාලරාජස්ස, වෙදෙහෙන භවිස්සතී”ති.
මාඨරය, යම්සේ වේදේහ රජු හා පංචාල රජුගේ මෙන් තොපගේ සතුරන් අතර හෝ එබඳු විවාහයක් නොවේවා.
ඉමං ගාථං වත්වා පුන තෙන “භද්දෙ, කස්මා එවරූපං කථං කථෙසී”ති වුත්තෙ “තෙන හි සුණාහි, එත්ථ දොසං තෙ කථෙස්සාමී”ති වත්වා ඉමං ගාථමාහ –
මේ ගාථාව කියා නැවත ඔහු විසින් සොඳුර, කුමක් නිසා මෙබඳු කථාවක් කීවෙහිදැයි ඇසූ කල්හි එසේනම් මෙහි දොස් කියන්නෙමියි කියා ඉතිරි ගාථාවද කීවාය.
“ආනයිත්වාන වෙදෙහං, පඤ්චාලානං රථෙසභො; තතො නං ඝාතයිස්සති, නස්ස සඛී භවිස්සතී”ති.
පංචාල රජු වේදේහ රජුව මෙහි ගෙන්වා නසන්නේය. වේදේහ රජු සමග මිතුරුබවක් නම් නොවන්නේය.
තත්ථ තතො නං ඝාතයිස්සතීති යදා සො ඉමං නගරං ආගතො භවිස්සති, තදා තෙන සද්ධිං සඛිභාවං මිත්තධම්මං න කරිස්සති, දට්ඨුම්පිස්ස ධීතරං න දස්සති. එකො කිරස්ස පන අත්ථධම්මානුසාසකො මහොසධපණ්ඩිතො නාම අත්ථි, තෙන සද්ධිං තං ඝාතෙස්සති. තෙ උභො ජනෙ ඝාතෙත්වා ජයපානං පිවිස්සාමාති කෙවට්ටො රඤ්ඤා සද්ධිං මන්තෙත්වා තං ගණ්හිත්වා ආගන්තුං ගතොති.
එහි තතො නං සාතයිස්සති. යම් කලෙක හෙතෙම මේ නගරයට ආවේ වන්නේද එකල්හි ඔහු සමග මිතුරුබවක් යහළුබවක, නොකරන්නේය. ඔහුගේ දුවණියව දකින්නටවත් නොදෙයි. මොහුට වනාහි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මහෞෂධ නම් පණ්ඩිතයෙක් සිටී. ඔහුවද ඒ සමග නසන්නේය. ඒ දෙදෙනාවම ඝාතනය කර ජයපැන් බොන්නෙමුයි කේවට්ටයා රජු සමග මන්ත්‍රණය කොට ඔහුව රැගෙන එන්නට එහි ගියේය.
එවං සා ගුය්හමන්තං නිස්සෙසං කත්වා සුවපණ්ඩිතස්ස කථෙසි. තං සුත්වා සුවපණ්ඩිතො “ආචරියො කෙවට්ටො උපායකුසලො, අච්ඡරියං තස්ස රඤ්ඤො එවරූපෙන උපායෙන ඝාතන”න්ති කෙවට්ටං වණ්ණෙත්වා “එවරූපෙන අවමඞ්ගලෙන අම්හාකං කො අත්ථො, තුණ්හීභූතා සයාමා”ති වත්වා ආගමනකම්මස්ස නිප්ඵත්තිං ඤත්වා තං රත්තිං තාය සද්ධිං වසිත්වා “භද්දෙ, අහං සිවිරට්ඨං ගන්ත්වා මනාපාය භරියාය ලද්ධභාවං සිවිරඤ්ඤො දෙවියා ච ආරොචෙස්සාමී”ති ගමනං අනුජානාපෙතුං ආහ –
මෙසේ ඇය සැගවුනු රහස සම්පූර්ණයෙන් ම ගිරා පණ්ඩිතයන්ට පැවසුවාය. ඔහු එය අසා කේවට්ට ඇදුරා උපායෙහි දක්ෂයෙකි. ඔහුගේ රජුව මෙබඳු උපායකින් ඝාතනය කිරිම පුදුමයට හේතුවක් නොවේයැයි කේවට්ටයන්ව වර්ණනා කර මෙබඳු අවමංගලයකින් අපට කවර ප්‍රයෝජනයක්ද? නිහඬව නිදාගන්න යැයි පැමිණි කාරණය සඵල වූ බව දැන ඒ රාත්‍රියේ ඇය සමග වාසය කොට සොඳුර, මම සිවිරටට ගොස් මනාප වූ බිරිඳක් ලද බව සිවිරජුට දන්වන්නෙමියි තමන්ගේ ගමන ඇය ලවා අනුමත කරවා ගන්නට මෙසේ කීය.
“හන්ද ඛො මං අනුජානාහි, රත්තියො සත්තමත්තියො; යාවාහං සිවිරාජස්ස, ආරොචෙමි මහෙසිනො; ලද්ධො ච මෙ ආවසථො, සාළිකාය උපන්තික”න්ති.
ශාරිකාව සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැයි සිවිරජුට හා මෙහෙසියට දන්වා එනතෙක් සත්රැයකට මට අවසර දෙන්න.
තත්ථ මහෙසිනොති මහෙසියා චස්ස. ආවසථොති වසනට්ඨානං. උපන්තිකන්ති අථ නෙ “එථ තස්සා සන්තිකං ගච්ඡාමා”ති වත්වා අට්ඨමෙ දිවසෙ ඉධානෙත්වා මහන්තෙන පරිවාරෙන තං ගහෙත්වා ගමිස්සාමි, යාව මමාගමනං, තාව මා උක්කණ්ඨීති.
එහි මහෙසිනො යනු මහේසිකාවට. ආවසථො වාසය කරන තැනක්. උපනතිකං මෙහි එන්න. ඇගේ සමීපයට යමියි කියා අටවන දවසෙහි මෙහි ගෙනවුත් මහත් පෙරහරින් ඇයව ගෙන යන්නෙමියි මා එනතෙක් නොකළකිරෙව.
තං සුත්වා සාළිකා තෙන වියොගං අනිච්ඡමානාපි තස්ස වචනං පටික්ඛිපිතුං අසක්කොන්තී අනන්තරං ගාථමාහ –
එය අසා සැළලිහිණි දෙන ඔහුගෙන් වෙන්වීමක් අකමැති වුවත් ඔහුගේ වචනය ප්‍රතික්ෂේප කරන්නට නොහැක්කී තවත් ගාථාවක් පැවසුවාය.
“හන්ද ඛො තං අනුජානාමි, රත්තියො සත්තමත්තියො; සචෙ ත්වං සත්තරත්තෙන, නාගච්ඡසි මමන්තිකෙ; මඤ්ඤෙ ඔක්කන්තසත්තං මං, මතාය ආගමිස්සසී”ති.
එසේනම් මවිසින් අනුමත කළ තොප සත් රැයකින් ආපසු මා වෙත නොපැමිණියහොත් මාගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැයි සිතන්න යැයි ශාරිකාව කීවාය.
තත්ථ මඤ්ඤෙ ඔක්කන්තසත්තං මන්ති එවං සන්තෙ අහං මං අපගතජීවිතං සල්ලක්ඛෙමි. සො ත්වං අට්ඨමෙ දිවසෙ අනාගච්ඡන්තො මයි මතාය ආගමිස්සසි, තස්මා මා පපඤ්චං අකාසීති.
එහි මඤ්ඤෙ ඔක්කන්තසත්තං මං යනු මෙසේ ඇති කල්හි මම පහවූ ජීවිත ඇති, මළ කෙනෙක් ලෙස සළකමි. ඒ නුඹ අටවැනි දවසේ නොඑන්නේ මාගේ මළගමට එන්නෙහිය. ඒ නිසා ප්‍රමාද නොවන්න.
ඉතරොපි “භද්දෙ, කිං වදෙසි, මය්හම්පි අට්ඨමෙ දිවසෙ තං අපස්සන්තස්ස කුතො ජීවිත”න්ති වාචාය වත්වා හදයෙන පන “ජීව වා ත්වං මර වා, කිං තයා මය්හ”න්ති චින්තෙත්වා උට්ඨාය ථොකං සිවිරට්ඨාභිමුඛො ගන්ත්වා නිවත්තිත්වා මිථිලං ගන්ත්වා පණ්ඩිතස්ස අංසකූටෙ ඔතරිත්වා මහාසත්තෙන පන තාය සඤ්ඤාය උපරිපාසාදං ආරොපෙත්වා පුට්ඨො සබ්බං තං පවත්තිං පණ්ඩිතස්ස ආරොචෙසි. සොපිස්ස පුරිමනයෙනෙව සබ්බං සක්කාරමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
අනිකාය, සොඳුර! කුමක් කියන්නෙහිද? අටවැනි දවසේ ඔබට දකින්නට නොලැබෙන මට ද ජීවිතයක් කොයින්ද කියා වචනයෙන් පවසා නුඹ මළත්, ජීවත්වුනත් මට කවර ප්‍රයෝජනයක්දැයි හදවතින් සිතා නැගිට සිවිරට දෙසට ගොස් නතරවී මියුළුනුවරට ගොස් පණ්ඩිතයන්ගේ උරහිසට බැස මහාසත්ත්වයන් විසින් ඉහළ මාලයට ගෙනගොස් විචාරන ලද්දේ ඒ සියළු පුවත සැළ කළේය. පණ්ඩිතයෝ ඔහුට පෙර පරිදිම සියලු සත්කාර කළේය. ඒ කාරණය පැහැදිලි කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තතො ච ඛො සො ගන්ත්වාන, මාධරො සුවපණ්ඩිතො; මහොසධස්ස අක්ඛාසි, සාළිකාවචනං ඉද”න්ති.
ඉක්බිති මාඨර නම් ගිරා පණ්ඩිත තෙමේ එතැනින් පිටත්වැ ගොස් ශාරිකාවගේ වචනය මහෞෂධ පණ්ඩිතයන්ට කීයේය.
තත්ථ සාළිකාවචනං ඉදන්ති ඉදං සාළිකාය වචනන්ති සබ්බං විත්ථාරෙත්වා කථෙසීති.
එහි සාළියා වචනං යනු මේ ශාලිකාවගේ වචනයයි. සියල්ල විස්තර ඇතිව ප්‍රකාශ කළේය.
සුවඛණ්ඩං නිට්ඨිතං.