යෙදුමෙන් කියවන්න

යුද‍්ධපරාජයකණ‍්ඩං අට‍්ඨකථා

යුද‍්ධපරාජයකණ‍්ඩං

යුද්ධපරාජයකණ්ඩං

තතො පට‍්ඨාය පණ‍්ඩිතොව රඤ‍්ඤො අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසති. සො චින‍්තෙසි “රඤ‍්ඤො සෙතඡත‍්තමත‍්තමෙව, රජ‍්ජං පන අහමෙව විචාරෙමි , මයා අප‍්පමත‍්තෙන භවිතුං වට‍්ටතී”ති. සො නගරෙ මහාපාකාරං නාම කාරෙසි, තථා අනුපාකාරඤ‍්ච ද‍්වාරට‍්ටාලකෙ අන‍්තරට‍්ටාලකෙ උදකපරිඛං කද‍්දමපරිඛං සුක‍්ඛපරිඛන‍්ති තිස‍්සො පරිඛායො කාරෙසි, අන‍්තොනගරෙ ජිණ‍්ණගෙහානි පටිසඞ‍්ඛරාපෙසි, මහාපොක‍්ඛරණියො කාරෙත්‍වා තාසු උදකනිධානං කාරෙසි, නගරෙ සබ‍්බකොට‍්ඨාගාරානි ධඤ‍්ඤස‍්ස පූරාපෙසි, හිමවන‍්තප‍්පදෙසතො කුලුපකතාපසෙහි කුද්‍රූසකුමුදබීජානි ආහරාපෙසි, උදකනිද‍්ධමනානි සොධාපෙත්‍වා තත්‍ථ රොපාපෙසි, බහිනගරෙපි ජිණ‍්ණසාලාපටිසඞ‍්ඛරණකම‍්මං කාරෙසි. කිං කාරණා? අනාගතභයපටිබාහනත්‍ථං. තතො තතො ආගතවාණිජකෙපි “සම‍්මා, තුම‍්හෙ කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “අසුකට‍්ඨානතො”ති වුත‍්තෙ “තුම‍්හාකං රඤ‍්ඤා කිං පිය”න‍්ති පුච‍්ඡිත්‍වා “අසුකං නාමා”ති වුත‍්තෙ තෙසං සම‍්මානං කාරෙත්‍වා උය්‍යොජෙත්‍වා අත‍්තනො එකසතෙ යොධෙ පක‍්කොසාපෙත්‍වා “සම‍්මා, මයා දින‍්නෙ පණ‍්ණාකාරෙ ගහෙත්‍වා එකසතරාජධානියො ගන‍්ත්‍වා ඉමෙ පණ‍්ණාකාරෙ අත‍්තනො පියකාමතාය තෙසං රාජූනං දත්‍වා තෙයෙව උපට‍්ඨහන‍්තා තෙසං කිරියං වා මන‍්තං වා ඤත්‍වා මය‍්හං සාසනං පෙසෙන‍්තා තත්‍ථෙව වසථ, අහං වො පුත‍්තදාරං පොසෙස‍්සාමී”ති වත්‍වා කෙසඤ‍්චි කුණ‍්ඩලෙ, කෙසඤ‍්චි පාදුකායො, කෙසඤ‍්චි ඛග‍්ගෙ, කෙසඤ‍්චි සුවණ‍්ණමාලායො අක‍්ඛරානි ඡින්‍දිත්‍වා “යදා මම කිච‍්චං අත්‍ථි, තදා පඤ‍්ඤායන‍්තූ”ති අධිට‍්ඨහිත්‍වා තෙසං හත්‍ථෙ දත්‍වා පෙසෙසි. තෙ තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා තෙසං තෙසං රාජූනං පණ‍්ණාකාරං දත්‍වා “කෙනත්‍ථෙනාගතා”ති වුත‍්තෙ “තුම‍්හෙව උපට‍්ඨාතුං ආගතම‍්හා”ති වත්‍වා “කුතො ආගතත්‍ථා”ති පුට‍්ඨා ආගතට‍්ඨානං අවත්‍වා අඤ‍්ඤානි ඨානානි ආචික‍්ඛිත්‍වා “තෙන හි සාධූ”ති සම‍්පටිච‍්ඡිතෙ උපට‍්ඨහන‍්තා තෙසං අබ‍්භන‍්තරිකා අහෙසුං.

එතැන් පටන් පණ්ඩිතයෝ රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කරයි. ඔහු මෙසේ සිතීය. මම රජුගේ සේසත් සමග වූ රාජ්‍යය විචාරමි. මා අප්‍රමාදී විය යුතුය. හෙතෙම නගරය වටා මහා ප්‍රාකාරයක් තැනවීය. එපරිද්දෙන් අප්‍රධාන ප්‍රාකාර දොරටුවල අට්ටාලද අභ්‍යන්තර අටලුද දියඅගල මඩඅගල වියලි අගලක්ද යන අගල් තුනක් කරවීය. නගරාභ්‍යන්තරයේ පැරණි නිවාස ප්‍රතිසංස්කරණය කරවීය. මහා පොකුණු සාදවා ඒවායේ ජල උල්පත් කරවීය. නගරයේ සියලු ගබඩා ධාන්‍යයෙන් පිරවීය. හිමවත් ප්‍රදේශයෙන් මඩ සහ නෙලුම් ඇට ගෙන්වා ගත්තේය. ජලාපවාහන මාර්ගද පිරිසිදු කරනවා නගරයෙන් පිටතද දිරාගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවීය. ඒ ඒ තැනින් ආවා වූ වෙළෙඳුන් අතින් කොහේ සිට ආවේදැයි විචාරා අසවල් තැනින් යැයි කීවිට තොපගේ රජතුමා කවර දෙයක් වඩාත් ප්‍රිය කරන්නේදැයි, අසා අසවල් දේ යැයි කීවිට ඒ ඒ අයට සැළකිලි දක්වා තමන්ගේ එකසිය එකක් යෝධයන් කැඳවා මා දුන් පණිවිඩ ගෙන එක්සියයක් රාජධානිවලට ගොස් මේ ලිපි තමන් කැමති අයුරින් ඒ රජවරුන්ට දී ඔවුන්ට උපස්ථාන කොට ඔවුන්ගේ කටයුතු හෝ සාකච්ඡාවන් දැනගෙන මා හට එවමින් එහිම වාසය කරව්. මම තොපගේ දූදරුවන් පෝෂණය කරන්නෙමියි කියා සමහර අයට කුණ්ඩලාභරණද ඇතැමුන්ට රන්මිරිවැඩි ද සමහරුන්ට කඩු ද සමහරුන්ට ස්වර්ණමාලාවන් ද යනුවෙන් අකුරු ලියවා යම්විටක මට අවශ්‍ය වුවහොත් පෙනෙත්වායි අධිෂ්ඨාන කොට ඔවුන් අත යැවීය. ඔවුහු ඒ ඒ තැන්වල ගොස් ඔවුන්ගේ රජවරුන්ට පණිවිඩ ලිපි භාරදී නුඹලා රජුට සහාය සඳහා පැමිණි බව කියා කොහෙන්දැයි විචාළවිට ආවා වූ තැන්වලට වෙනස් තැන් කියා ඔවුන් විසින් යහපතැයි පිළිගත් කල්හි සේවය කරන්නාහු ඔවුන්ගේ හිතවත්තු වූහ.

තදා කපිලරට‍්ඨෙ සඞ‍්ඛබලකො නාම රාජා ආවුධානි සජ‍්ජාපෙසි, සෙනං සඞ‍්කඩ‍්ඪි. තස‍්ස සන‍්තිකෙ උපනික‍්ඛිත‍්තකපුරිසො පණ‍්ඩිතස‍්ස සාසනං පෙසෙසි “සාමි, මයං ඉධ පවත‍්තිං ‘ඉදං නාම කරිස‍්සතී’ති න ජානාම, ආවුධානි සජ‍්ජාපෙති, සෙනං සඞ‍්කඩ‍්ඪති, තුම‍්හෙ පුරිසවිසෙසෙ පෙසෙත්‍වා ඉදං පවත‍්තිං තථතො ජානාථා”ති. අථ මහාසත‍්තො සුවපොතකං ආමන‍්තෙත්‍වා “සම‍්ම, කපිලරට‍්ඨෙ සඞ‍්ඛබලකො නාම රාජා ආවුධානි සජ‍්ජාපෙසි, ත්‍වං තත්‍ථ ගන‍්ත්‍වා ‘ඉමං නාම කරොතී’ති තථතො ඤත්‍වා සකලජම‍්බුදීපං ආහිණ‍්ඩිත්‍වා මය‍්හං පවත‍්තිං ආහරාහී”ති වත්‍වා මධුලාජෙ ඛාදාපෙත්‍වා මධුපානීයං පායෙත්‍වා සතපාකසහස‍්සපාකෙහි තෙලෙහි පක‍්ඛන‍්තරං මක‍්ඛෙත්‍වා පාචීනසීහපඤ‍්ජරෙ ඨත්‍වා විස‍්සජ‍්ජෙසි. සොපි තත්‍ථ ගන‍්ත්‍වා තස‍්ස පුරිසස‍්ස සන‍්තිකා තස‍්ස රඤ‍්ඤො පවත‍්තිං තථතො ඤත්‍වා සකලජම‍්බුදීපං පරිග‍්ගණ‍්හන‍්තො කපිලරට‍්ඨෙ උත‍්තරපඤ‍්චාලනගරං පාපුණි. තදා තත්‍ථ චූළනිබ්‍රහ‍්මදත‍්තො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස කෙවට‍්ටො නාම බ්‍රාහ‍්මණො අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසති, පණ‍්ඩිතො බ්‍යත‍්තො. සො පච‍්චූසකාලෙ පබුජ‍්ඣිත්‍වා දීපාලොකෙන අලඞ‍්කතප‍්පටියත‍්තං සිරිගබ‍්භං ඔලොකෙන‍්තො අත‍්තනො මහන‍්තං යසං දිස‍්වා “අයං මම යසො, කස‍්ස සන‍්තකො”ති චින‍්තෙත්‍වා “න අඤ‍්ඤස‍්ස සන‍්තකො චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස , එවරූපං පන යසදායකං රාජානං සකලජම‍්බුදීපෙ අග‍්ගරාජානං කාතුං වට‍්ටති, අහඤ‍්ච අග‍්ගපුරොහිතො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා පාතොව න‍්හත්‍වා භුඤ‍්ජිත්‍වා අලඞ‍්කරිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “මහාරාජ, සුඛං සයථා”ති සුඛසෙය්‍යං පුච‍්ඡිත්‍වා “ආම, පණ‍්ඩිතා”ති වුත‍්තෙ රාජානං “දෙව, මන‍්තෙතබ‍්බං අත්‍ථී”ති ආහ. “වද, ආචරියා”ති. “දෙව, අන‍්තොනගරෙ රහො නාම න සක‍්කා ලද‍්ධුං, උය්‍යානං ගච‍්ඡාමා”ති. “සාධු, ආචරියා”ති රාජා තෙන සද‍්ධිං උය්‍යානං ගන‍්ත්‍වා බලකායං බහි ඨපෙත්‍වා ආරක‍්ඛං කාරෙත්‍වා බ්‍රාහ‍්මණෙන සද‍්ධිං උය්‍යානං පවිසිත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටෙ නිසීදි.

එකල්හි ඒකබල රටෙහි සංඛපාල නම් වූ රජු ආයුධ පිළියෙල කරයි. සේනාව එකතු කරයි. ඔහු සමීපයෙහි යොදන ලද පුරුෂයා පණ්ඩිතයන්ට හසුනක් යැවීය. මෙහි තොරතුරු මේවාය. මෙ මේ දේ කරයි. නොදනිමු. සුදුසු කෙනෙකුන් යවා ඇති තතු දැනගනිත්වා. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ ගිරාපෝතකයාට කථාකොට, හිතවත, ගොස් ඒකබල රටෙහි සංඛපාල රජු මෙය කරන්නේයැයි දැනගෙන සියළු දඹදිව ඇවිද මට තොරතුරු දන්වන්නැයි කියා මීපැණි සහිත විළඳ කවා මීපැණි පොවා සියවර දහස්වර පිසින ලද තෙලෙන් පියාපත් පිරිමැද පෙරදිග සීමැදුරු කවුළුවේ සිට පිටත් කළේය. ඒ ගිරවා එහි ගොස් ඒ පුරුෂයා වෙතින් රජු පිළිබඳ තොරතුරු ඇති පරිදි දැනගෙන දඹදිව පුරා සංචාරය කරන්නේ කම්පිල්ල නම් රටෙහි උත්තර පංචාල නගරයට ළඟා විය. එකල්හි එහි චූලනී බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කළේය. ඔහුගේ කේවට්ට නම් බ්‍රාහ්මණයෙක් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරයි. ඔහු දක්‍ෂය. පණ්ඩිතය. ඔහු අළුයම් වේලෙහි පිබිද ප්‍රදීපාලෝකයෙන් අලංකාර වූ සිරියහන්ගැබ බලා මහත් වූ යසස දැක මාගේ මේ යසස කවුරුන් සතුදැයි සිතන්නේ අනිකකුගේ නොවේ. චූලනී බ්‍රහ්මදත්ත රජු සතුය. මෙබඳු වූ යසසක් දෙන්නා වූ රජුව මුළු දඹදිව රජු කරවන්නට වටනේය. මම ද අග්‍ර පුරෝහිත වන්නෙමියි සිතුවේය. ඔහු උදෑසනම රජු සමීපයට ගොස් සුවසේ සැතපුන්ද යනාදිය විමසා දේවයිනි, සාකච්ඡා කළයුතු දෙයක් ඇත. ආචාරීනි, කියව යැයි රජු පැවසීය. රජතුමනි, නගරාභ්‍යන්තරයේ රහසක් කථා කරන්නට නොහැකිය. උයනට යමු. යහපති ආචාරීනි යැයි කීය. රජු ඔහු සමග උයනට ගොස් බලසේනාව පිටත තබා ආරක්‍ෂා යොදා බ්‍රාහ්මණයා සමග උයනට පිවිස මඟුල් ගල්තලාවේ හිඳ ගත්තේය.

තදා සුවපොතකොපි තං කිරියං දිස‍්වා “භවිතබ‍්බමෙත්‍ථ කාරණෙන, අජ‍්ජ පණ‍්ඩිතස‍්ස ආචික‍්ඛිතබ‍්බයුත‍්තකං කිඤ‍්චි සුණිස‍්සාමී”ති උය්‍යානං පවිසිත්‍වා මඞ‍්ගලසාලරුක‍්ඛස‍්ස පත‍්තන‍්තරෙ නිලීයිත්‍වා නිසීදි. රාජා “කථෙථ, ආචරියා”ති ආහ. “මහාරාජ, තව කණ‍්ණෙ ඉතො කරොහි, චතුක‍්කණ‍්ණොව මන‍්තො භවිස‍්සති. සචෙ, මහාරාජ, මම වචනං කරෙය්‍යාසි, සකලජම‍්බුදීපෙ තං අග‍්ගරාජානං කරොමී”ති. සො මහාතණ‍්හතාය තස‍්ස වචනං සුත්‍වා සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා “කථෙථ, ආචරිය, කරිස‍්සාමි තෙ වචන”න‍්ති ආහ. “දෙව, මයං සෙනං සඞ‍්කඩ‍්ඪිත්‍වා පඨමං ඛුද‍්දකනගරං රුම‍්භිත්‍වා ගණ‍්හිස‍්සාම, අහඤ‍්හි චූළද‍්වාරෙන නගරං පවිසිත්‍වා රාජානං වක‍්ඛාමි – මහාරාජ, තව යුද‍්ධෙන කිච‍්චං නත්‍ථි, කෙවලං අම‍්හාකං රඤ‍්ඤො සන‍්තකො හොහි, තව රජ‍්ජං තවෙව භවිස‍්සති, යුජ‍්ඣන‍්තො පන අම‍්හාකං බලවාහනස‍්ස මහන‍්තතාය එකන‍්තෙන පරාජිස‍්සසී”ති. “සචෙ මෙ වචනං කරිස‍්සති, සඞ‍්ගණ‍්හිස‍්සාම නං. නො චෙ, යුජ‍්ඣිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ද‍්වෙ සෙනා ගහෙත්‍වා අඤ‍්ඤං නගරං ගණ‍්හිස‍්සාම, තතො අඤ‍්ඤන‍්ති එතෙනුපායෙන සකලජම‍්බුදීපෙ රජ‍්ජං ගහෙත්‍වා ‘ජයපානං පිවිස‍්සාමා’ති වත්‍වා එකසතරාජානො අම‍්හාකං නගරං ආනෙත්‍වා උය්‍යානෙ ආපානමණ‍්ඩපං කාරෙත්‍වා තත්‍ථ නිසින‍්නෙ විසමිස‍්සකං සුරං පායෙත්‍වා සබ‍්බෙපි තෙ රාජානො ජීවිතක‍්ඛයං පාපෙත්‍වා එකසතරාජධානීසු රජ‍්ජං අම‍්හාකං හත්‍ථගතං කරිස‍්සාම. එවං ත්‍වං සකලජම‍්බුදීපෙ අග‍්ගරාජා භවිස‍්සසී”ති. සොපි “සාධු, ආචරිය, එවං කරිස‍්සාමී”ති වදති. “මහාරාජ, චතුක‍්කණ‍්ණො මන‍්තො නාම, අයඤ‍්හි මන‍්තො න සක‍්කා අඤ‍්ඤෙන ජානිතුං, තස‍්මා පපඤ‍්චං අකත්‍වා සීඝං නික‍්ඛමථා”ති. රාජා තුස‍්සිත්‍වා “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

ගිරා පෝතකයා ඒ ක්‍රියාව දැක මෙහි යම්කිසිවක් සිදුවිය හැකිය. අද පණ්ඩිතයන්ට දැනුම් දියයුතු යම්කිසිවක් අසන්නෙමියි උයනට පිවිස මගුල්සල් ගසක පත්‍ර අතර සැඟවී සිටියේය. රජු ආචාරීනි දැන් කියන්න යැයි පැවසීය. මහරජතුමනි, ඔබවහන්සේගේ කන් මා වෙත ළං කරන්න. කන් සතරකින් ඇසූ දෙය පමණක් රහසක් වන්නේය. ඉදින් මහරජතුමනි, මාගේ වචනය කරන්නේ නම් සියළු දඹදිව ඔබ වහන්සේව අගරජ කරමි. හෙතෙම මහත් වූ තණ්හාවකින් ඔහුගේ වචනය අසා සතුටට පත්වූයේ වී කියන්න ඇදුරුතුමනි, මම කරන්නෙමියි කීය. දේවයිනි! අපි සේනාව රැස්කරවා පළමුව කුඩා නගරයක් වටකර අල්ලාගනිමු. මම වනාහි කුඩා දොරටුවෙන් නගරයට පිවිස රජුට කියමි. රජතුමනි! ඔබට යුද්ධයෙන් වැඩක් නැත. හුදෙක් අප සතුවන්නේය. ඔබවහන්සේගේ රාජ්‍යය ඔබටම වන්නේය. යුධ කරන්නේ වනාහි අපගේ බලසේනා විශාල බැවින් ඒකාන්තයෙන් පරාජය වන්නේය. ඉදින් මාගේ වචනය කරන්නෙහිද ඔහුට සංග්‍රහ කරමි. ඉදින් මා කියන ලෙස නො කළේ නම් යුදකොට ජීවිතක්‍ෂයට පත්කර සේනාව ගෙන වෙනත් නගරයකට, එතනින් වෙන නගරයකට, යන උපක්‍රමයෙන් සියළු දඹදිව රාජ්‍යය ගෙන ජයපැන් බොමුයි කියා එක්සියයක් රජවරු අපගේ නගරයට ගෙනවිත් උයනෙහි මධුපාන මණ්ඩපයක් සූදානම් කර එහි සිටියවුන් විෂ මිශ්‍ර සුරාපානය කොට ඔවුන් සියල්ලන්ව ජීවිතක්‍ෂයට පත්කර ගඟට දමා එක්සියයක් රාජධානිවල රාජ්‍යය අපගේ අතට පත්කර ගන්නෙමුයි මෙසේ සියළු දඹදිව අගරජ වන්නෙහිය. හෙතෙම, ආචාරිය, එසේය. කරන්නෙමියි කීය. මහරජතුමනි! මේ රහස වනාහි සිව්කන් රහසකි. මෙය වනාහි වෙන කෙනෙකු විසින් දැනගත නොහැකිය. ඒ නිසා ප්‍රමාද නොවී වහා නික්ම යන්න. රජු සතුටුව යහපතැයි පිළිතුරු දුන්නේය.

සුවපොතකො තං සුත්‍වා තෙසං මන‍්තපරියොසානෙ සාඛායං ඔලම‍්බකං ඔතාරෙන‍්තො විය කෙවට‍්ටස‍්ස සීසෙ ඡකණපිණ‍්ඩං පාතෙත්‍වා “කිමෙත”න‍්ති මුඛං විවරිත්‍වා උද‍්ධං ඔලොකෙන‍්තස‍්ස අපරම‍්පි මුඛෙ පාතෙත්‍වා “කිරි කිරී”ති සද‍්දං විරවන‍්තො සාඛතො උප‍්පතිත්‍වා “කෙවට‍්ට, ත්‍වං චතුක‍්කණ‍්ණමන‍්තොති මඤ‍්ඤසි, ඉදානෙව ඡක‍්කණ‍්ණො ජාතො, පුන අට‍්ඨකණ‍්ණො භවිත්‍වා අනෙකසතකණ‍්ණොපි භවිස‍්සතී”ති වත්‍වා “ගණ‍්හථ, ගණ‍්හථා”ති වදන‍්තානඤ‍්ඤෙව වාතවෙගෙන මිථිලං ගන‍්ත්‍වා පණ‍්ඩිතස‍්ස නිවෙසනං පාවිසි. තස‍්ස පන ඉදං වත‍්තං – සචෙ කුතොචි ආභතසාසනං පණ‍්ඩිතස‍්සෙව කථෙතබ‍්බං හොති, අථස‍්ස අංසකූටෙ ඔතරති, සචෙ අමරාදෙවියාපි සොතුං වට‍්ටති, උච‍්ඡඞ‍්ගෙ ඔතරති, සචෙ මහාජනෙන සොතබ‍්බං, භූමියං ඔතරති. තදා සො පණ‍්ඩිතස‍්ස අංසකූටෙ ඔතරි. තාය සඤ‍්ඤාය “රහස‍්සෙන භවිතබ‍්බ”න‍්ති මහාජනො පටික‍්කමි. පණ‍්ඩිතො තං ගහෙත්‍වා උපරිපාසාදතලං අභිරුය‍්හ “කිං තෙ, තාත, දිට‍්ඨං සුත”න‍්ති පුච‍්ඡි. අථස‍්ස සො “අහං, දෙව, සකලජම‍්බුදීපෙ විචරන‍්තො අඤ‍්ඤස‍්ස රඤ‍්ඤො සන‍්තිකෙ කිඤ‍්චි ගුය‍්හං න පස‍්සාමි, උත‍්තරපඤ‍්චාලනගරෙ පන චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස පුරොහිතො කෙවට‍්ටො නාම බ්‍රාහ‍්මණො රාජානං උය්‍යානං නෙත්‍වා චතුක‍්කණ‍්ණමන‍්තං ගණ‍්හි. අථාහං සාඛන‍්තරෙ නිසීදිත්‍වා තෙසං මන‍්තං සුණිත්‍වා මන‍්තපරියොසානෙ තස‍්ස සීසෙ ච මුඛෙ ච ඡකණපිණ‍්ඩං පාතෙත්‍වා ආගතොම‍්හී”ති වත්‍වා සබ‍්බං කථෙසි. ‘රඤ‍්ඤා සම‍්පටිච‍්ඡිත”න‍්ති වුත‍්තෙ “සම‍්පටිච‍්ඡි, දෙවා”ති ආහ.

ගිරා පෝතකයා එය අසා ඔවුන්ගේ රහස් මන්ත්‍රණයේ අවසානයේ එල්ලා තිබෙන දෙයක් පහතට හෙළන්නාක් මෙන් කේවට්ටයාගේ හිසෙහි වර්චස් පිඩක් හෙළා, මේ කුමක්දැයි මුව විවරකොට උඩ බලන්නහුගේ මුවෙහි තවත් පිඩක් හෙළා අත්තෙන් උඩට පැන, කේවට්ටය! නුඹ ඔබගේ රහස සිව්කන් මන්ත්‍රණයක්කැයි සිතන්නෙහිද? දැන්ම කන් සයකට ගියේය. නැවත කන් අටකට ගොස් නොයෙක් සියදහස් කන්වලට යන්නේයැයි කීය. රාජපුරුෂයනි, ගිරවා අල්වව්, අල්වව් කියා කියද්දීම වාතවේගයෙන් මිථිලා නුවරට ගොස් පණ්ඩිතයන්ගේ නිවෙස්නට පිවිසියේය. ඔහුගේ වනාහි මේ චාරිත්‍රයයි. එනම් ඉදින් යම්තැනකින් ගෙනෙන ලද ආරංචියක් පණ්ඩිතයන්ටම කිවයුතු වන්නේ නම් ඉක්බිති පණ්ඩිතයන්ගේ දසරුවට බසියි. ඉදින් අමරාදේවිය ද ඇසීමට යෝග්‍ය නම් උකුලෙහි ලගී. ඉදින් මහජනයා විසින් ඇසිය යුත්තක් නම් බිමට බසී. ඔහු පණ්ඩිතයන්ගේ දසරුවෙහි ලැගුම් ගත්තේය. ඒ සළකුනෙන් රහසක් විය යුතුයයි සිතා මහජනයා නික්ම ගියේය. පණ්ඩිතයෝ ඔහුව (ගිරවා) රැගෙන උඩුමහල් තලයට නැග දරුව, ඔබ විසින් යමක් දකින ලද්දේ ද? අසන ලද්දේදැයි විචාළේය. ඉක්බිති ඔහුට මම දේවයන් වහන්ස! මුළු දඹදිව වෙනත් රජකුගෙන් කිසි බියක් නොදකිමි. උත්තර පංචාල රටෙහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත වූ කේවට්ට නමැත්තා රජුව උයනට ගෙනගොස් සිව්කන් මන්ත්‍රණයක් කරන ලදී. මම අතු අතර සිට ඔහුගේ මුවෙහි වර්චස් පිඩක් හෙළා ආවෙමියි කියා අසන ලද සියල්ල, දකින ලද සියල්ල පණ්ඩිතයන්ට කීවේය. රජු විසින් පිළිගන්නා ලදදැයි කී කල්හි දේවයිනි, පිළිගන්නා ලදැයි කීවේය.

අථස‍්ස පණ‍්ඩිතො කත‍්තබ‍්බයුත‍්තකං සක‍්කාරං කරිත්‍වා තං මුදුපච‍්චත්‍ථරණෙ සුවණ‍්ණපඤ‍්ජරෙ සුට‍්ඨු සයාපෙත්‍වා “කෙවට‍්ටො මම මහොසධස‍්ස පණ‍්ඩිතභාවං න ජානාති මඤ‍්ඤෙ, අහං න දානිස‍්ස මන‍්තස‍්ස මත්‍ථකං පාපුණිතුං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා නගරතො දුග‍්ගතකුලානි නීහරාපෙත්‍වා බහි නිවාසාපෙසි, රට‍්ඨජනපදද‍්වාරගාමෙසු සමිද‍්ධානි ඉස‍්සරියකුලානි ආහරිත්‍වා අන‍්තොනගරෙ නිවාසාපෙසි, බහුං ධනධඤ‍්ඤං කාරෙසි. චූළනිබ්‍රහ‍්මදත‍්තොපි කෙවට‍්ටස‍්ස වචනං ගහෙත්‍වා සෙනඞ‍්ගපරිවුතො ගන‍්ත්‍වා එකං ඛුද‍්දකනගරං පරික‍්ඛිපි. කෙවට‍්ටොපි වුත‍්තනයෙනෙව තත්‍ථ පවිසිත්‍වා තං රාජානං සඤ‍්ඤාපෙත්‍වා අත‍්තනො සන‍්තකමකාසි. ද‍්වෙ සෙනා එකතො කත්‍වා තතො අඤ‍්ඤං නගරං රුම‍්භති. එතෙනුපායෙන පටිපාටියා සබ‍්බානි තානි නගරානි ගණ‍්හි. එවං චූළනිබ්‍රහ‍්මදත‍්තො කෙවට‍්ටස‍්ස ඔවාදෙ ඨිතො, ඨපෙත්‍වා වෙදෙහරාජානං සෙසරාජානො සකලජම‍්බුදීපෙ අත‍්තනො සන‍්තකෙ අකාසි. බොධිසත‍්තස‍්ස පන උපනික‍්ඛිත‍්තකපුරිසා “චූළනිබ්‍රහ‍්මදත‍්තෙන එත‍්තකානි නගරානි ගහිතානි , අප‍්පමත‍්තො හොතූ”ති නිච‍්චං සාසනං පහිණිංසු. සොපි තෙසං “අහං ඉධ අප‍්පමත‍්තො වසාමි, තුම‍්හෙපි අනුක‍්කණ‍්ඨන‍්තා අප‍්පමත‍්තො හුත්‍වා වසථා”ති පටිපෙසෙසි.

පණ්ඩිතයෝ ඔහුට කළයුතු සියළු සත්කාර කොට ඔහුව (ගිරවා) මෘදු වූ ඇතිරිල්ලක ස්වර්ණමය මැදිරියේ හොවා කේවට්ටයා මා මහෞෂධ බව නොදනියි සිතමි. දැන් ඔහුගේ කරන ලද කුමන්ත්‍රණය මස්තකප්‍රාප්ත වන්නට ඉඩ නොදෙමියි සිතා නගරයෙන් දුප්පත් පවුල් බැහැරකොට පිටත වාසය කරවීය. රටේ ජනපද දොරටුගම්වල සමෘද්ධිමත් පොහොසත් පවුල් කැඳවා නගරයෙහි වාසය කරවීය. බොහෝ ධනධාන්‍ය රැස්කරවීය. චූලනී බ්‍රහ්මදත්ත රජු කේවට්ටයාගේ වචනය පිළිගෙන සේනා පිරිවරාගෙන ගොස් එක් නගරයක් වටකළේය. කේවට්ටයා කියන ලද ආකාරයට එහි පිවිස ඒ බව රජුට දැනුම් දී තමන් සතුකොට සේනා දෙකක් එකට එකතුකර වෙනත් රජ කෙනෙක් යනාදී ලෙස චූලනී බ්‍රහ්මදත්ත රජු කේවට්ටයාගේ අවවාදයෙහි පිහිටියේ, වේදේහ රජු හැර දඹදිව සියළු රජවරු තමන් යටතට ගත්තේය. බෝධිසත්ත්වයන්ගේ යොදන ලද පුරුෂයෝ බ්‍රහ්මදත්ත රජු විසින් මෙපමණ නගර අල්ලා ගන්නා ලදී. මෙපමණ අල්ලා ගන්නා ලදී යන ලෙස අප්‍රමාදී වන්නයැයි නිතරම පණිවුඩ එවත්. ඔහුද මම මෙහි අප්‍රමාදීව කටයුතු කරමි. නුඹලා නොකලකිරී අප්‍රමාදීව වාසය කරන්න යැයි කියා යැවීය.

චූළනිබ්‍රහ‍්මදත‍්තො සත‍්තදිවසසත‍්තමාසාධිකෙහි සත‍්තසංවච‍්ඡරෙහි විදෙහරජ‍්ජං වජ‍්ජෙත්‍වා සෙසං සකලජම‍්බුදීපෙ රජ‍්ජං ගහෙත්‍වා කෙවට‍්ටං ආහ – “ආචරිය, මිථිලායං විදෙහරජ‍්ජං ගණ‍්හාමා”ති. “මහාරාජ, මහොසධපණ‍්ඩිතස‍්ස වසනනගරෙ රජ‍්ජං ගණ‍්හිතුං න සක‍්ඛිස‍්සාම. සො හි එවං ඤාණසම‍්පන‍්නො එවං උපායකුසලො”ති සො විත්‍ථාරෙත්‍වා චන්‍දමණ‍්ඩලං උට‍්ඨාපෙන‍්තො විය මහොසධස‍්ස ගුණෙ කථෙසි. අයඤ‍්හි සයම‍්පි උපායකුසලොව, තස‍්මා “මිථිලනගරං නාම දෙව අප‍්පමත‍්තකං, සකලජම‍්බුදීපෙ රජ‍්ජං අම‍්හාකං පහොති, කිං නො එතෙනා”ති උපායෙනෙව රාජානං සල‍්ලක‍්ඛාපෙසි. සෙසරාජානොපි “මයං මිථිලරජ‍්ජං ගහෙත්‍වාව ජයපානං පිවිස‍්සාමා”ති වදන‍්ති. කෙවට‍්ටො තෙපි නිවාරෙත්‍වා “විදෙහරජ‍්ජං ගහෙත්‍වා කිං කරිස‍්සාම, සොපි රාජා අම‍්හාකං සන‍්තකොව, තස‍්මා නිවත‍්තථා”ති තෙ උපායෙනෙව බොධෙසි. තෙ තස‍්ස වචනං සුත්‍වා නිවත‍්තිංසු. මහාසත‍්තස‍්ස උපනික‍්ඛිත‍්තකපුරිසා සාසනං පෙසයිංසු “බ්‍රහ‍්මදත‍්තො එකසතරාජපරිවුතො මිථිලං ආගච‍්ඡන‍්තොව නිවත‍්තිත්‍වා අත‍්තනො නගරමෙව ගතො”ති. සොපි තෙසං “ඉතො පට‍්ඨාය තස‍්ස කිරියං ජානන‍්තූ”ති පටිපෙසෙසි. බ්‍රහ‍්මදත‍්තොපි කෙවට‍්ටෙන සද‍්ධිං “ඉදානි කිං කරිස‍්සාමී”ති මන‍්තෙත්‍වා “ජයපානං පිවිස‍්සාමා”ති වුත‍්තෙ උය්‍යානං අලඞ‍්කරිත්‍වා චාටිසතෙසු චාටිසහස‍්සෙසු සුරං ඨපෙථ, නානාවිධානි ච මච‍්ඡමංසාදීනි උපනෙථා”ති සෙවකෙ ආණාපෙසි. උපනික‍්ඛිත‍්තකපුරිසා තං පවත‍්තිං පණ‍්ඩිතස‍්ස ආරොචෙසුං. තෙ පන “විසෙන සුරං යොජෙත්‍වා රාජානො මාරෙතුකාමො”ති න ජානිංසු. මහාසත‍්තො පන සුවපොතකස‍්ස සන‍්තිකා සුතත‍්තා තථතො ජානිත්‍වා “නෙසං සුරාපානදිවසං තථතො ජානිත්‍වා මම පෙසෙථා”ති පටිසාසනං පෙසෙසි. තෙ තථා කරිංසු.

බ්‍රහ්මදත්ත රජු සත්දවස් සත්මස් අධික කොට ඇති අවුරුදු සතකින් වේදේහ රාජ්‍යය හැර දඹදිව සෙසු රාජ්‍යයන් අල්ලාගෙන කේවට්ටයාට මෙසේ කීය. ඇදුරුතුමනි, වේදේහ රජුගේ මිථිලා නුවර රාජ්‍යය අල්ලා ගනිමු යැයි කීය. රජතුමනි! මහෞෂධ පණ්ඩිතයන් වාසයකරන නගරයේ රාජ්‍යය අල්ලාගැනීමට නොහැක. ඔහු වනාහි මෙබඳු දක්‍ෂතාවයකින් උපාය කුසලතාවයකින් යුක්ත කෙනෙකි. මෙසේ ඔහු විස්තර කොට සඳමඬලෙහි පහර දෙන්නාක් මෙන් මහෞෂධයන්ගේ ගුණ ප්‍රකාශ කළේය. මොහු වනාහි, තෙමේ ද උපායෙහි දක්‍ෂයෙකි. ඒ නිසා මිථිලා රාජ්‍යය වනාහි සුළු එකකි. සියළු දඹදිව රාජ්‍යය අපට සෑහේ. මෙයින් අපට කවර ප්‍රයෝජනයක්ද? යැයි රජුට වටහා දුන්නේය. ඉතිරි රජවරු ද අපි මිථිලා රාජ්‍යය අල්ලාගෙන ම ජයපැන් බොන්නෙමු යැයි කියත්. කේවට්ටයා ඔවුන්වද වලකා විදේහ රාජ්‍යය අල්ලාගෙන කුමක් කරන්නෙමුද, ඒ රජු අප සතුය. නවතිව්. ඔව්හු උපායයෙන් වටහා දුන්නේය. ඔහු ඔහුගේ වචනය අසා නතර වූහ. පුරුෂයෝ බෝධිසත්ත්වයන්ට පණිවිඩ එවූහ. බ්‍රහ්මදත්ත රජු එක්සියයක් රජුන් පිරිවරා මිථිලාවට එන්නේ නතරවී තමන්ගේ නගරයටම ගියේය. හෙතෙමේද ඔවුන්ට එතැන් පටන් ඔහුගේ ක්‍රියාව දැනගනිත්වායි හරවා යැවීය. බ්‍රහ්මදත්ත රජුද කේවට්ටයන් සමග දැන් කුමන කාර්යයක් කරන්නෙමුදැයි සාකච්ඡාකොට අපි ජයපැන් බොන්නෙමුයි උයන සරසා හැලි දහසක සුරාව තබව්. නන්වැදෑරුම් මත්ස්‍යමාංශ ආදියද තබව්යැයි සේවකයන්ට අණ කළේය. ඒ පුවතද පණ්ඩිතයන් යොදන ලද පුරුෂයෝ යැවූහ. ඔව්හු වනාහි විෂ යොදා රජවරුන් මරනු කැමැත්තේයැයි නොදනී. මහාසත්ත්වයෝ වනාහි ගිරාපෝතකයාගේ සමීපයෙන් අසන ලද බැවින් දනියි. ඔහු සුරාපානාදිය නියම අයුරින් දැනගෙන මට දන්වා එවව්යැයි හසුනක් යැවීය. ඔහු එසේ කළහ.

පණ‍්ඩිතො “මාදිසෙ ධරමානෙ එත‍්තකානං රාජූනං මරණං අයුත‍්තං, අවස‍්සයො නෙසං භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සහජාතං යොධසහස‍්සං පක‍්කොසාපෙත්‍වා “සම‍්මා, චූළනිබ්‍රහ‍්මදත‍්තො කිර උය්‍යානං අලඞ‍්කාරාපෙත්‍වා එකසතරාජපරිවුතො සුරං පාතුකාමො, තුම‍්හෙ තත්‍ථ ගන‍්ත්‍වා රාජූනං ආසනෙසු පඤ‍්ඤත‍්තෙසු කිස‍්මිඤ‍්චි අනිසින‍්නෙයෙව ‘චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස අනන‍්තරං මහාරහං ආසනං අම‍්හාකං රඤ‍්ඤොව දෙථා’ති වදන‍්තා ගහෙත්‍වා තෙසං පුරිසෙහි ‘තුම‍්හෙ කස‍්ස පුරිසා’ති වුත‍්තෙ ‘විදෙහරාජස‍්සා’ති වදෙය්‍යාථ. තෙ තුම‍්හෙහි සද‍්ධිං ‘මයං සත‍්තදිවසසත‍්තමාසාධිකානි සත‍්තවස‍්සානි රජ‍්ජං ගණ‍්හන‍්තා එකදිවසම‍්පි විදෙහරාජානං න පස‍්සාම, කිං රාජා නාමෙස, ගච‍්ඡථ පරියන‍්තෙ ආසනං ගණ‍්හථා’ති වදන‍්තා කලහං කරිස‍්සන‍්ති. අථ තුම‍්හෙ ‘ඨපෙත්‍වා බ්‍රහ‍්මදත‍්තං අඤ‍්ඤො අම‍්හාකං රඤ‍්ඤො උත‍්තරිතරො ඉධ නත්‍ථී’ති කලහං වඩ‍්ඪෙත්‍වා අම‍්හාකං රඤ‍්ඤො ආසනමත‍්තම‍්පි අලභන‍්තා ‘න දානි වො සුරං පාතුං මච‍්ඡමංසං ඛාදිතුං දස‍්සාමා’ති නදන‍්තා වග‍්ගන‍්තා මහාඝොසං කරොන‍්තා තෙසං සන‍්තාසං ජනෙන‍්තා මහන‍්තෙහි ලෙඩ‍්ඩුදණ‍්ඩෙහි සබ‍්බචාටියො භින්‍දිත්‍වා මච‍්ඡමංසං විප‍්පකිරිත්‍වා අපරිභොගං කත්‍වා ජවෙන සෙනාය අන‍්තරං පවිසිත්‍වා දෙවනගරං පවිට‍්ඨා අසුරා විය උල‍්ලොළං උට‍්ඨාපෙත්‍වා ‘මයං මිථිලනගරෙ මහොසධපණ‍්ඩිතස‍්ස පුරිසා, සක‍්කොන‍්තා අම‍්හෙ ගණ‍්හථා’ති තුම‍්හාකං ආගතභාවං ජානාපෙත්‍වා ආගච‍්ඡථා”ති පෙසෙසි. තෙ “සාධූ”ති තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා වන්‍දිත්‍වා සන‍්නද‍්ධපඤ‍්චාවුධා නික‍්ඛමිත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා නන්‍දනවනමිව අලඞ‍්කතඋය්‍යානං පවිසිත්‍වා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ එකසතරාජපල‍්ලඞ‍්කෙ ආදිං කත්‍වා අලඞ‍්කතප‍්පටියත‍්තං සිරිවිභවං දිස‍්වා මහාසත‍්තෙන වුත‍්තනියාමෙනෙව සබ‍්බං කත්‍වා මහාජනං සඞ‍්ඛොභෙත්‍වා මිථිලාභිමුඛා පක‍්කමිංසු. රාජපුරිසාපි තං පවත‍්තිං තෙසං රාජූනං ආරොචෙසුං. චූළනිබ්‍රහ‍්මදත‍්තොපි “එවරූපස‍්ස නාම මෙ විසයොගස‍්ස අන‍්තරායො කතො”ති කුජ‍්ඣි. රාජානොපි “අම‍්හාකං ජයපානං පාතුං නාදාසී”ති කුජ‍්ඣිංසු. බලකායාපි “මයං අමූලකං සුරං පාතුං න ලභිම‍්හා”ති කුජ‍්ඣිංසු.

ඒ අසා පණ්ඩිතයෝ, ‘මා වැනි පණ්ඩිතයකු ජීවමාන කල්හි මෙපමණ රජුගේ මරණය සිදුවීම යුක්තියුක්ත නොවේයැයි සිතා සහජාත යෝධයන් දහස කැඳවා, හිතවතුනි, චූලනී බ්‍රහ්මදත්ත රජු උයන සරසවා එකසියයක් රජුන් පිරිවරා සුරාපානය කරනු කැමැත්තේය. තෙපි එහි ගොස් රජවරුන්ට ආසන පැනවූ කල්හි කිසිවකුත් අසුන් නොගත් කල්හි බ්‍රහ්මදත්ත රජුට අනතුරුව ඉතා වටිනා ආසනයක් අපගේ රජතුමාටයැයි ගෙන, ඔවුන්ගේ පුරුෂයන් විසින් නුඹලා කාගේ පුරුෂයෝදැයි විචාළ කල්හි වේදේහ රජුගේ යයි කියව්. ඔව්හු සත්දවස් සත්මස් අධික කොට ඇති වර්ෂ හතක් රාජ්‍යයන් අල්ලා ගන්නාහු එක් දිනක්වත් වේදේහ කියා රජකු නුදුටුවෙමු. මේ කවරනම් රජෙක්ද? යව්. අවසානයේ ආසනයක් ගනිව්යයි තොප සමග කෝලාහල කරත්. තෙපි බ්‍රහ්මදත්ත රජු හැර අපේ රජුට වඩා කෝලාහල කරත්. තෙපි බ්‍රහ්මදත්ත රජු හැර අපේ රජුට වඩා උසස් කෙනෙක් නැතැයි කෝලාහලය වැඩිකොට අපගේ රජතුමාට ආසනයක්වත් නොලැබ තොප සුරාපානය කරන්නට හෝ මස්මාළු අනුභව කරන්නට හෝ නොදෙන්නෙමු යැයි කෑගසමින් කණ්ඩායම් ලෙස කෑගසමින් ඒ හඬින්ම ඔවුන්ට සන්ත්‍රාසය ඇතිකොට විශාල මුගුරුවලින් සියළු හැළි බිඳවා මත්ස්‍යමාංශ විසුරුවා දමා අනුභව කළ නොහැකි සේ කොට වේගයෙන් සේනාව තුළට පිවිස දෙව්ලොවට පිවිසි අසුරයන් මෙන් කලබලයක් ඇතිකොට අපි මිථිලා නගරයේ මහෞෂධ පණ්ඩිතයන්ගේ පුරුෂයෝ වෙමු. හැකිනම් අපව අල්ලා ගනිව් යැයි තොප ගිය බව හඟවා ආපසු එව්යැයි කියා යැවීය. ඔව්හු යහපතැයි එතුමන්ගේ වචනය පිළිගෙන පංචායුධයෙන් සන්නද්ධව නික්ම එහි ගොස් නඳුන්උයන මෙන් සරසන ලද උයනට පිවිස ඔසවන ලද සේසත් ඇති එක්සියයක් රාජාසන මුල්කොට පිළියෙල කරන ලද ශ්‍රී විභූතිය දැක මහාසත්ත්වයන් විසින් කියන ලද ආකාරයෙන්ම සියල්ල කොට මහජනයා කළඹවා මිථිලා නුවර දෙසට නික්ම ගියහ. රාජ පුරුෂයෝ ද ඒ රජවරුන්ට ඒ පුවත සැළ කළහ. බ්‍රහ්මදත්ත තෙමේ මෙබඳු වූ මේ විෂ යෙදීමකට බාධා කළේ යයි කිපියේය. රජවරුද අපට ජයපැන් බොන්නට ඉඩ නුදුන්හයි කිපුනාහ. බලසේනාවෝ ද අපට නොමිලේ ලැබෙන්නට තිබුණු සුරාව බොන්නට නොලැබිනැයි කිපියහ.

චූළනිබ්‍රහ‍්මදත‍්තො තෙ රාජානො ආමන‍්තෙත්‍වා “එථ, භො, මිථිලං ගන‍්ත්‍වා විදෙහරාජස‍්ස ඛග‍්ගෙන සීසං ඡින්‍දිත්‍වා පාදෙහි අක‍්කමිත්‍වා නිසින‍්නා ජයපානං පිවිස‍්සාම, සෙනං ගමනසජ‍්ජං කරොථා”ති වත්‍වා පුන රහොගතො කෙවට‍්ටස‍්සපි එතමත්‍ථං කථෙත්‍වා “අම‍්හාකං එවරූපස‍්ස මන‍්තස‍්ස අන‍්තරායකරං පච‍්චාමිත‍්තං ගණ‍්හිස‍්සාම, එකසතරාජූනං අට‍්ඨාරසඅක‍්ඛොභණිසඞ‍්ඛාය සෙනාය පරිවුතා ගච‍්ඡාම, එථ, ආචරියා”ති ආහ. බ්‍රාහ‍්මණො අත‍්තනො පණ‍්ඩිතභාවෙන චින‍්තෙසි “මහොසධපණ‍්ඩිතං ජිනිතුං නාම න සක‍්කා, අම‍්හාකංයෙව ලජ‍්ජිතබ‍්බං භවිස‍්සති, නිවත‍්තාපෙස‍්සාමි න”න‍්ති. අථ නං එවමාහ – “මහාරාජ, න එස විදෙහරාජස‍්ස ථාමො, මහොසධපණ‍්ඩිතස‍්ස සංවිධානමෙතං, මහානුභාවො පනෙස, තෙන රක‍්ඛිතා මිථිලා සීහරක‍්ඛිතගුහා විය න සක‍්කා කෙනචි ගහෙතුං, කෙවලං අම‍්හාකං ලජ‍්ජනකං භවිස‍්සති, අලං තත්‍ථ ගමනෙනා”ති. රාජා පන ඛත‍්තියමානෙන ඉස‍්සරියමදෙන මත‍්තො හුත්‍වා “කිං සො කරිස‍්සතී”ති වත්‍වා එකසතරාජපරිවුතො අට‍්ඨාරසඅක‍්ඛොභණිසඞ‍්ඛාය සෙනාය සද‍්ධිං නික‍්ඛමි. කෙවට‍්ටොපි අත‍්තනො කථං ගණ‍්හාපෙතුං අසක‍්කොන‍්තො “රඤ‍්ඤො පච‍්චනීකවුත‍්ති නාම අයුත‍්තා”ති තෙන සද‍්ධිංයෙව නික‍්ඛමි. තෙපි යොධා එකරත‍්තෙනෙව මිථිලං පත්‍වා අත‍්තනා කතකිච‍්චං පණ‍්ඩිතස‍්ස කථයිංසු. පඨමං උපනික‍්ඛිත‍්තකපුරිසාපිස‍්ස සාසනං පහිණිංසු. “චූළනිබ්‍රහ‍්මදත‍්තො ‘විදෙහරාජානං ගණ‍්හිස‍්සාමී’ති එකසතරාජපරිවුතො ආගච‍්ඡති, පණ‍්ඩිතො අප‍්පමත‍්තො හොතු, අජ‍්ජ අසුකට‍්ඨානං නාම ආගතො, අජ‍්ජ අසුකට‍්ඨානං, අජ‍්ජ නගරං පාපුණිස‍්සතී”ති පණ‍්ඩිතස‍්ස නිබද‍්ධං පෙසෙන‍්තියෙව. තං සුත්‍වා මහාසත‍්තො අප‍්පමත‍්තො අහොසි. විදෙහරාජා පන “බ්‍රහ‍්මදත‍්තො කිර ඉමං නගරං ගහෙතුං ආගච‍්ඡතී”ති පරම‍්පරඝොසෙන අස‍්සොසි.

බ්‍රහ්මදත්ත රජතෙමේද අනිත් රජවරුන් අමතා, එන්න. ඔබලා මියුළු නුවරට ගොස් වේදේහ රජුගේ හිස කඩුවෙන් සිඳ පාදයෙන් මැඩගෙන ජයපැන් බොන්නෙමුයි සේනාවට ගමන් සූදානම් කරන්නැයි කියා නැවත රහසිගතව කේවට්ටයාද ඒ කාරණය කියා අපගේ මෙබඳු වූ සැලසුමකට හානිකරන සතුරා අල්ලා ගන්නෙමු යි එක්සියයක් රජදරුවන්ට දහඅට අක්‍ෂෞභිණියක් සේනාව පිරිවරාගෙන ඒ නගරයට යන්නෙමු. ඇදුරුතුමනි, එන්න යැයි කීය. බ්‍රාහ්මණයා තමන්ගේ පණ්ඩිතභාවයෙන් මෙසේ සිතීය. මහෞෂධ පණ්ඩිතයන් දිනීම නම් කළ නොහැකිය. අපටද ලජ්ජාවීමට සිදුවෙයි. රජතුමාව නතර කරවන්නෙමි. ඉක්බිති රජුට මෙසේ කීය. මහරජතුමනි, මෙය වේදේහ රජුගේ බලයක් නොවේ. මෙය මහෞෂධ පණ්ඩිතයන්ගේ සංවිධානයයි. මොහු වනාහි මහානුභාව සම්පන්නය. ඔහු විසින් රක්‍ෂිත මියුළුනුවර සිංහයකු විසින් රකින ගුහාවක් මෙන් කිසිවකු විසින්වත් අල්ලා ගන්නට නොහැකි වෙයි. රජු වනාහි ක්‍ෂත්‍රිය මානයෙනුත් ඓශ්වර්ය මදයෙනුත් මත්වී ඔහු කුමක් කරන්නේදැයි කියා එක්සියයක් රජුන් පිරිවරා අටලොස් අක්‍ෂෞභිණියක් සේනාව සමග පිටත්විය. කේවට්ටයාද තමන්ගේ කථාව පිළිගන්වන්නට නොහැකිව රජුගේ පිළිවෙලට වෙන යාම සුදුසු නැත. ඒ නිසා ඔහු සමගම නික්ම ගියේය. ඒ යෝධයෝද එක් රැයකින්ම මියුළු නුවරට පැමිණ තමා විසින් කළ වැඩ පණ්ඩිතයන්ට කියූහ. පළමු යවන ලද ඒ ඒ තැන්වල යොදන ලද පුරුෂයෝ ද පණිවිඩ යැවූහ. චූලනී බ්‍රහ්මදත්ත රජු වේදේහ රජුට යටත්කර ගන්නෙමියි එක්සියයක් රජුන් පිරිවරා එයි. පඬිතුමා අප්‍රමාදී විය යුතුයයි ද අද අසවල් තැනට පැමිණියේය. අද අසවල් තැනට, අද නගරයට පැමිණෙන්නෙමු යනාදී ලෙස නිරන්තරයෙන් පණිවිඩ යවන්නාහ. ඒ අසා මහාසත්ත්වයෝ අතිශයින් අප්‍රමාදී විය. වේදේහ රජු වනාහි, බ්‍රහ්මදත්ත මේ නගරය අල්ලා ගන්නට එන්නේයයි පරපුරේ ඝෝෂාවෙන් ඇසීය.

අථ බ්‍රහ‍්මදත‍්තො අග‍්ගපදොසෙයෙව උක‍්කාසතසහස‍්සෙන ධාරියමානෙන ආගන‍්ත්‍වා සකලනගරං පරිවාරෙසි. අථ නං හත්‍ථිපාකාරරථපාකාරාදීහි පරික‍්ඛිපාපෙත්‍වා තෙසු තෙසු ඨානෙසු බලගුම‍්බං ඨපෙසි. මනුස‍්සා උන‍්නාදෙන‍්තා අප‍්ඵොටෙන‍්තා සෙළෙන‍්තා නච‍්චන‍්තා ගජ‍්ජන‍්තා තජ‍්ජෙන‍්තා මහාඝොසං කරොන‍්තා අට‍්ඨංසු. දීපොභාසෙන චෙව අලඞ‍්කාරොභාසෙන ච සකලසත‍්තයොජනිකා මිථිලා එකොභාසා අහොසි. හත්‍ථිඅස‍්සරථතූරියානං සද‍්දෙන පථවියා භිජ‍්ජනකාලො විය අහොසි. චත‍්තාරො පණ‍්ඩිතා උල‍්ලොළසද‍්දං සුත්‍වා අජානන‍්තා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “මහාරාජ, උල‍්ලොළසද‍්දො ජාතො, න ඛො පන මයං ජානාම, කිං නාමෙතං, වීමංසිතුං වට‍්ටතී”ති ආහංසු. තං සුත්‍වා රාජා “චූළනිබ්‍රහ‍්මදත‍්තො නු ඛො ආගතො භවෙය්‍යා”ති සීහපඤ‍්ජරං විවරිත්‍වා ඔලොකෙන‍්තො තස‍්සාගමනභාවං ඤත්‍වා භීතතසිතො “නත්‍ථි අම‍්හාකං ජීවිතං, සබ‍්බෙ නො ජීවිතක‍්ඛයං පාපෙස‍්සතී”ති තෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො නිසීදි. මහාසත‍්තො පන තස‍්සාගතභාවං ඤත්‍වා සීහො විය අඡම‍්භිතො සකලනගරෙ ආරක‍්ඛං සංවිදහිත්‍වා “රාජානං අස‍්සාසෙස‍්සාමී”ති රාජනිවෙසනං අභිරුහිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. රාජා තං දිස‍්වාව පටිලද‍්ධස‍්සාසො හුත්‍වා “ඨපෙත්‍වා මම පුත‍්තං මහොසධපණ‍්ඩිතං අඤ‍්ඤො මං ඉමම‍්හා දුක‍්ඛා මොචෙතුං සමත්‍ථො නාම නත්‍ථී”ති චින‍්තෙත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො ආහ –

ඉක්බිති බ්‍රහ්මදත්ත රජු ඉතා අළුයම සියදහස් ගණනක් පන්දම් රැගෙන අවුත් මුළු නගරයම පිරිවරා ගත්තේය. ඉක්බිති ඇත් පවුර, රිය පවුර, අශ්ව පවුර යන මේවායින් වටකොට ඒ ඒ තැන්වල බලසේනා ආරක්‍ෂාව තැබීය. මිනිස්සු හඬනගමින්, අත්පොළසන් දෙමින්, නටමින් ඝෝෂා කරමින් සිටියාහ. පහන් ආලෝකයෙන් අලංකාර ආලෝකයෙන්ද මුළු සත්යොදුන් මියුළු නුවර ඒකාලෝක විය. ඇත්, අස්, රිය, පා, තූර්ය යන ශබ්දයන්ගෙන් මහපොළොව පැලෙන කලක් මෙන් විය. පණ්ඩිතයෝ සතරදෙන මහාඝෝෂාව අසා නොදන්නාහු රජු සමීපයට ගොස් මහරජතුමනි! මහා ඝෝෂාවකි. මම නොදනිමි. විමසා බැලීමට වටී. එය අසා බ්‍රහ්මදත්ත රජතෙමේ ආවේ විය යුතුයි. සීමැදුරු කවුළුව විවෘතකර බලන්නේ ඔහු පැමිණි බව දැන බියෙන් තැතිගත්තේ අපගේ ජීවිතය නැතිවෙයි. අපි සියලුදෙනාම හෙට ජීවිතක්‍ෂයට පත්වන්නේ යැයි ඔවුන් සමග කථා කරමින් හුන්නේය. මහාසත්ත්වයන් වහන්සේ ඔහුගේ පැමිණීම දැනගෙන සිංහයෙකු මෙන් බිය නැතිව මුළු නුවරම ආරක්‍ෂාව යොදා රජුව සනසන්නෙමියි රජමැදුරට නැග වැඳ එකත්පස්ව සිටියේය. රජු ඔහු දැක ලබන ලද අස්වැසුම් ඇත්තේ මා පුත් මහෞෂධ පණ්ඩිතයන් හැර වෙන කවරෙක් මේ දුකින් මුදවාගන්නට සමර්ථ වන්නේ නම් නැතැයි සිතා ඔහු සමග සාකච්ඡා කරන්නේ මෙසේ කීය.

“පඤ‍්චාලො සබ‍්බසෙනාය, බ්‍රහ‍්මදත‍්තොයමාගතො; සායං පඤ‍්චාලියා සෙනා, අප‍්පමෙය්‍යො මහොසධ.

මහෞෂධ පණ්ඩිතය! පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බලසෙනඟ සමග ආයේය. ඒ මේ පංචාල රජු සතු සේනාව අපමණය.

“වීථිමතී පත‍්තිමතී, සබ‍්බසඞ‍්ගාමකොවිදා; ඔහාරිනී සද‍්දවතී, භෙරිසඞ‍්ඛප‍්පබොධනා.

ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්තය. පාබළ සෙනඟින් යුක්තය. සියළු සංග්‍රාම උපායන්හි දක්‍ෂය. සතුරන් හිස් සිඳලීමෙහි දක්‍ෂය. දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින්ද ප්‍රබෝධමත්ය.

“ලොහවිජ‍්ජාලඞ‍්කාරාභා, ධජිනී වාමරොහිනී; සිප‍්පියෙහි සුසම‍්පන‍්නා, සූරෙහි සුප‍්පතිට‍්ඨිතා.

ලෝහ විද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නීය. ධජ පතාකයන්ගෙන්ද වටින් නැගිය යුතු ඇතුන් හා අසුන්ගෙන්ද විවිධ ශිල්පීන්ගෙන්ද යුක්ත වූවාය. අති දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියේය.

“දසෙත්‍ථ පණ‍්ඩිතා ආහු, භූරිපඤ‍්ඤා රහොගමා; මාතා එකාදසී රඤ‍්ඤො, පඤ‍්චාලියං පසාසති.

මෙමැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මවද එකොළොස්වැන්නී වූවා පංචාල සේනාවට අනුශාසනා කරයි.

“අථෙත්‍ථෙකසතං ඛත්‍යා, අනුයන‍්තා යසස‍්සිනො; අච‍්ඡින‍්නරට‍්ඨා බ්‍යථිතා, පඤ‍්චාලියං වසං ගතා.

තව ද රටවල් පැහැර ගැනීමෙන් පෙලුණු පංචාල දේශයට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගත වැ සිටිත්.

“යංවදා තක‍්කරා රඤ‍්ඤො, අකාමා පියභාණිනො; පඤ‍්චාලමනුයායන‍්ති, අකාමා වසිනො ගතා.

යමක් කියන්නාහු නම් එය කරන්නා වූ රජුට නොකැමැත්තෙන් නමුදු ප්‍රියවචන කියන්නා වූ නොකැමැත්තෙන් යටත් වූවෝද පංචාල රජු අනුව යති.

“තාය සෙනාය මිථිලා, තිසන්‍ධිපරිවාරිතා; රාජධානී විදෙහානං, සමන‍්තා පරිඛඤ‍්ඤති.

ඒ සිව්රඟ සේනාවෙන් මියුළු නුවර ත්‍රිසන්ධියකින් වටකරන ලද්දේය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ.

“උද‍්ධං තාරකජාතාව, සමන‍්තා පරිවාරිතා; මහොසධ විජානාහි, කථං මොක‍්ඛො භවිස‍්සතී”ති.

මස්තකයෙහි තාරකා පහළ වූවාක් මෙන් දඬුවැට පහන්ගෙන හාත්පසින් වටකරන ලදී. මහෞෂධයෙනි. කෙසේ මිදීම වන්නේදැයි දනුව. මෙසේ වේදේහ රජු පිළිවිසීය.

තත්‍ථ සබ‍්බසෙනායාති සබ‍්බාය එකසතරාජනායිකාය අට‍්ඨාරසඅක‍්ඛොභණිසඞ‍්ඛාය සෙනාය සද‍්ධිං ආගතො කිර, තාතාති වදති. පඤ‍්චාලියාති පඤ‍්චාලරඤ‍්ඤො සන‍්තකා. වීථිමතීති වීථියා ආනීතෙ දබ‍්බසම‍්භාරෙ ගහෙත්‍වා විචරන‍්තෙන වඩ‍්ඪකිගණෙන සමන‍්නාගතා. පත‍්තිමතීති පදසඤ‍්චරෙන බලකායෙන සමන‍්නාගතා. සබ‍්බසඞ‍්ගාමකොවිදාති සබ‍්බසඞ‍්ගාමෙ කුසලා. ඔහාරිනීති පරසෙනාය අන‍්තරං පවිසිත්‍වා අපඤ‍්ඤායන‍්තාව පරසීසං ආහරිතුං සමත්‍ථා. සද‍්දවතීති දසහි සද‍්දෙහි අවිවිත‍්තා. භෙරිසඞ‍්ඛප‍්පබොධනාති “එථ යාථ යුජ‍්ඣථා”තිආදීනි තත්‍ථ වචීභෙදෙන ජානාපෙතුං න සක‍්කා, තාදිසානි පනෙත්‍ථ කිච‍්චානි භෙරිසඞ‍්ඛසද‍්දෙහෙව බොධෙන‍්තීති භෙරිසඞ‍්ඛප‍්පබොධනා. ලොහවිජ‍්ජාලඞ‍්කාරාභාති එත්‍ථ ලොහවිජ‍්ජාති ලොහසිප‍්පානි. සත‍්තරතනපටිමණ‍්ඩිතානං කවචචම‍්මජාලිකාසීසකරෙණිකාදීනං එතං නාමං. අලඞ‍්කාරාති රාජමහාමත‍්තාදීනං අලඞ‍්කාරා. තස‍්මා ලොහවිජ‍්ජාහි චෙව අලඞ‍්කාරෙහි ච භාසතීති ලොහවිජ‍්ජාලඞ‍්කාරාභාති අයමෙත්‍ථ අත්‍ථො. ධජිනීති සුවණ‍්ණාදිපටිමණ‍්ඩිතෙහි නානාවත්‍ථසමුජ‍්ජලෙහි රථාදීසු සමුස‍්සිතධජෙහි සමන‍්නාගතා. වාමරොහිනීති හත්‍ථී ච අස‍්සෙ ච ආරොහන‍්තා වාමපස‍්සෙන ආරොහන‍්ති, තෙන “වාමරොහිනී”ති වුච‍්චන‍්ති, තෙහි සමන‍්නාගතා, අපරිමිතහත්‍ථිඅස‍්සසමාකිණ‍්ණාති අත්‍ථො. සිප‍්පියෙහීති හත්‍ථිසිප‍්පඅස‍්සසිප‍්පාදීසු අට‍්ඨාරසසු සිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තෙහි සුට‍්ඨු සමන‍්නාගතා සුසමාකිණ‍්ණා. සූරෙහීති තාත, එසා කිර සෙනා සීහසමානපරක‍්කමෙහි සූරයොධෙහි සුප‍්පතිට‍්ඨිතා.

එහි සබ්බසේනාය යනු සියළු එක්සියයක් රාජ්‍ය නායකයන්ගේ අටළොස් අක්‍ෂෞභිණියක් පමණ වූ සේනාව සමග ආවේය. දරුව, පංචාලියා පංචාල දේශයේ රජුට අයත්. පිට්ඨිමතී බලයෙන් යුක්ත වූ. සබ්බසංගාම කොවිදා සියළුම සංග්‍රාමයන්හි ද. ඔහාරිණී සේනාව අතරට පිවිස නොපෙනී සිට අනුන්ගේ හිස සිඳ ගෙනෙන්නට සමර්ථ. සද්දවතී දශවිධ ශබ්දයන්ගෙන් තොර නොවූ. භෙරිසංඛප්පබොධනා මෙහි ලෝහ විද්‍යාව නම් ලෝහ ශිල්පයන්ය. සප්තවිධ රත්නයන්ගෙන් යුත් යුද ඇඳුම් දැල් ඇතින්නන්ගේ ඇඳුම් යන මේවා අලංකාර නම් වේ. රාජරාජමහා මාත්‍යාදීන්ගේ සැරසිලි, ඒ නිසා ලෝහවිජ්ජා යන්නෙන් අලංකාරයන්ගෙන් බබලන. ලෝහවිජ්ජා අලංකාරයන්ගෙන් ප්‍රභාව යනු මෙහි අර්ථයි. ධජිනී ස්වර්ණාදියෙන් යුක්ත වූ නොයෙක් වස්ත්‍රයන්ගෙන් බබලන රථ ආදියෙහි ඔසවන ලද ධජයන්ගෙන් යුක්ත. වාමරොහිණී ඇතුන් හා අශ්වයන් පිට නගින්නාහු වම් පැත්තෙන් නගිත්. ඒ නිසා ඔවුන් වාමරොහිණී නම් වේ. ඔවුන්ගෙන් යුක්ත වූ. අප්‍රමාණ වූ ඇත් අස් ආදීන්ගෙන් යුක්ත වූ යන අර්ථයි. සිප්පියෙහි හස්ති ශිල්ප, අශ්ව ශිල්ප ආදී වූ අටළොස් ශිල්පයන්හි පරතෙරට පත්වූවන් විසින් මනාව යුක්ත වූ ගැවසීගත්තා වූ. සූරෙහි දරුව! මේ සේනාව වනාහි සිංහයන් හා සමාන වූ දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියා වූ.

ආහූති දස කිරෙත්‍ථ සෙනාය පණ‍්ඩිතාති වදන‍්ති. භූරිපඤ‍්ඤාති පථවිසමාය විපුලාය පඤ‍්ඤාය සමන‍්නාගතා. රහොගමාති රහො ගමනසීලා රහො නිසීදිත්‍වා මන‍්තනසීලා. තෙ කිර එකාහද‍්වීහං චින‍්තෙතුං ලභන‍්තා පථවිං පරිවත‍්තෙතුං ආකාසෙ ගණ‍්හිතුං සමත්‍ථා. එකාදසීති තෙහි කිර පණ‍්ඩිතෙහි අතිරෙකතරපඤ‍්ඤා පඤ‍්චාලරඤ‍්ඤො මාතා. සා තෙසං එකාදසී හුත්‍වා පඤ‍්චාලියං සෙනං පසාසති අනුසාසති.

ආහූ පණ්ඩිතය, මෙහි වනාහි දස සේනාවන්ය කියත්. රහොගමා රහසිගතව යන සුළු. රහසිගතව සිට මන්ත්‍රණය කරන සුළු, ඔව්හු වනාහි එක් දවසක්, දෙදවසක් සිතන්නට ලැබේනම් පොළව පෙරළන්නට අහසට ගැටගසන්ට සමර්ථය. එකාදසී ඒ පණ්ඩිතයන් විසින් අතිරේක වූ ප්‍රඥාවෙන් යුක්ත වූ රජුගේ මව ඔවුන්ට එකොළොස්වැන්නී වී. පංචාලියං සේනාවට පසාසති අනුශාසනා කරයි.

එකදිවසං කිරෙකො පුරිසො එකං තණ‍්ඩුලනාළිඤ‍්ච පුටකභත‍්තඤ‍්ච කහාපණසහස‍්සඤ‍්ච ගහෙත්‍වා “නදිං තරිස‍්සාමී”ති ඔතිණ‍්ණො නදිමජ‍්ඣං පත්‍වා තරිතුං අසක‍්කොන‍්තො තීරෙ ඨිතෙ මනුස‍්සෙ එවමාහ – “අම‍්භො, මම හත්‍ථෙ එකා තණ‍්ඩුලනාළි පුටකභත‍්තං කහාපණසහස‍්සඤ‍්ච අත්‍ථි, ඉතො යං මය‍්හං රුච‍්චති, තං දස‍්සාමි. යො සක‍්කොති, සො මං උත‍්තාරෙතූ”ති. අථෙකො ථාමසම‍්පන‍්නො පුරිසො ගාළ‍්හං නිවාසෙත්‍වා නදිං ඔගාහෙත්‍වා තං හත්‍ථෙ ගහෙත්‍වා පරතීරං උත‍්තාරෙත්‍වා “දෙහි මෙ දාතබ‍්බ”න‍්ති ආහ. “සො තණ‍්ඩුලනාළිං වා පුටකභත‍්තං වා ගණ‍්හාහී”ති . “සම‍්ම, අහං ජීවිතං අගණෙත්‍වා තං උත‍්තාරෙසිං, න මෙ එතෙහි අත්‍ථො, කහාපණං මෙ දෙහී”ති. අහං “ඉතො මය‍්හං යං රුච‍්චති, තං දස‍්සාමී”ති අවචං, ඉදානි මය‍්හං යං රුච‍්චති, තං දම‍්මි, ඉච‍්ඡන‍්තො ගණ‍්හාති. සො සමීපෙ ඨිතස‍්ස එකස‍්ස කථෙසි. සොපි තං “එස අත‍්තනො රුච‍්චනකං තව දෙති, ගණ‍්හා”ති ආහ. සො “අහං න ගණ‍්හිස‍්සාමී”ති තං ආදාය විනිච‍්ඡයං ගන‍්ත්‍වා විනිච‍්ඡයාමච‍්චානං ආරොචෙසි. තෙපි සබ‍්බං සුත්‍වා තථෙවාහංසු. සො තෙසං විනිච‍්ඡයෙන අතුට‍්ඨො රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. රාජාපි විනිච‍්ඡයාමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා තෙසං සන‍්තිකෙ උභින‍්නං වචනං සුත්‍වා විනිච‍්ඡිනිතුං අජානන‍්තො අත‍්තනො ජීවිතං පහාය නදිං ඔතිණ‍්ණං පරජ‍්ජාපෙසි.

එක් දිනක් එක් පුරුෂයෙක් එක් සහල් නැලියක්ද බත්මුලක්ද කහවනු දහසක්ද ගෙන ගඟ තරණය කරන්නෙමියි ගඟට බැස ගඟ මැදට පැමිණ එතෙර වන්නට අපොහොසත් වූයේ ගංඉවුරේ සිටි මිනිසුන්ට මෙසේ කීය. පින්වතුනි! මා ළඟ එක් සහල් නැලියක්ද බත්මුලක්ද, කහවණු දහසක්ද ඇත. යමෙක් මා ගඟෙන් එතෙර කරන්නේ ද මෙයින් ඔහු කැමති දෙයක් දෙමි යි කීවෙමි. දැන් මට යමක් රුචිවේද එය දෙමි. කැමැති කෙනෙක් ගන්න. ඔහු ළඟ සිටි කෙනෙකුට මෙසේ කීය. හෙතෙමේද මොහු ඔබට කැමැති දෙයක් වෙයි. මෙය ගන්නයැයි කීය. හෙතෙම, මම නොගනින්නෙමියි ඔහුව රැගෙන උසාවියට ගොස් විනිශ්චය කරන ඇමැතිවරුන්ට දන්වා සිටියේය. ඔව්හු සියල්ලෝම අසා එසේ කීවාහුය. ඔහු ඔවුන්ගේ විනිශ්චයෙන් නොසතුටු වූයේ රජුට දන්වා සිටියේය. රජු විනිශ්චය භාර ඇමැතිවරුන් කැඳවා ඔවුන් සමීපයෙහි දෙදෙනාගේම කථාවන්ට සවන්දී එසේ කියා විනිශ්චය කරන්ට නොදත්තේ තමාගේ ජීවිතය අත්හැර ගඟට බැස්සහුව පරාජය කළේය.

තස‍්මිං ඛණෙ රඤ‍්ඤො මාතා චලාකදෙවී නාම අවිදූරෙ නිසින‍්නා අහොසි. සා රඤ‍්ඤො දුබ‍්බිනිච‍්ඡිතභාවං ඤත්‍වා “තාත, ඉමං අඩ‍්ඩං ඤත්‍වාව සුට‍්ඨු විනිච‍්ඡිත”න‍්ති ආහ. “අම‍්ම, අහං එත‍්තකං ජානාමි. සචෙ තුම‍්හෙ උත‍්තරිතරං ජානාථ, තුම‍්හෙව විනිච‍්ඡිනථා”ති. සා “එවං කරිස‍්සාමී”ති වත්‍වා තං පුරිසං පක‍්කොසාපෙත්‍වා “එහි, තාත, තව හත්‍ථගතානි තීණිපි භූමියං ඨපෙහී”ති පටිපාටියා ඨපාපෙත්‍වා “තාත, ත්‍වං උදකෙ වුය‍්හමානො ඉමස‍්ස කිං කථෙසී”ති පුච‍්ඡිත්‍වා “ඉදං නාමය්‍යෙ”ති වුත‍්තෙ “තෙන හි තව රුච‍්චනකං ගණ‍්හා”ති ආහ. සො සහස‍්සත්‍ථවිකං ගණ‍්හි. අථ නං සා ථොකං ගතකාලෙ පක‍්කොසාපෙත්‍වා “තාත, සහස‍්සං තෙ රුච‍්චතී”ති පුච‍්ඡිත්‍වා “ආම, රුච‍්චතී”ති වුත‍්තෙ “තාත, තයා ‘ඉතො යං මය‍්හං රුච‍්චති, තං දස‍්සාමී’ති ඉමස‍්ස වුත‍්තං, න වුත‍්ත”න‍්ති පුච‍්ඡිත්‍වා “වුත‍්තං දෙවී”ති වුත‍්තෙ “තෙන හි ඉමං සහස‍්සං එතස‍්ස දෙහී”ති වත්‍වා දාපෙසි. සො රොදන‍්තො පරිදෙවන‍්තො අදාසි. තස‍්මිං ඛණෙ රාජා අමච‍්චා ච තුස‍්සිත්‍වා සාධුකාරං පවත‍්තයිංසු. තතො පට‍්ඨාය තස‍්සා පණ‍්ඩිතභාවො සබ‍්බත්‍ථ පාකටො ජාතො. තං සන්‍ධාය විදෙහරාජා “මාතා එකාදසී රඤ‍්ඤො”ති ආහ.

එකෙණෙහි රජුගේ මව තලතා දේවිය නුදුරෙහි සිටියා රජුගේ අසාධාරණ විනිශ්චය දැන දරුව, මේ නඩුව දැනගෙන විනිශ්චය කළේදැයි ඇසීය. මෑණියනි! මම මෙපමණක් දනිමි. ඉදින් ඔබ ඊට වඩා දන්නේ නම් ඒ නඩුව විනිශ්චය කරන්න යැයි කීය. ඇය එසේ කරන්නෙමියි කියා ඒ පුරුෂයා කැඳවා දරුව එන්න. ඔබගේ අතේ ඇති භාණ්ඩ තුන බිම තබන්න යැයි පිළිවෙලින් තබවා නුඹ ජලයෙහි ගසාගෙන යනවිට මොහුට කුමක් කීවෙහිදැයි විචාරා මේ යැයි කී කල්හි එසේනම් දැන් ඔබට කැමැති දෙයක් ගන්න යැයි කීය. හෙතෙම දහසින් බැඳි පසුම්බිය ගත්තේය. ඉක්බිති ඕතොමෝ ඔහුට ටික වේලාවක් ගියපසු කැඳවා දරුව, ඔබට දහස ප්‍රියදැයි විචාරා එසේය රුචිය කියා කීකල්හි දරුව, නුඹ විසින් මෙයින් යමක් රුචිවේද, එය දෙන්නෙමියි මොහුට කියන ලදීද? නැද්ද? දේවීනි, කියන ලදී. එසේනම් මේ දහස මොහුට දෙවයි කීවාය. ඔහු හඬමින්, වැළපෙමින් දුන්නේය. ඒ වේලාවේ රජුද ඇමැතිවරු ද සතුටුවී සාධුකාර දුන්හ. එතැන් පටන් ඇගේ පණ්ඩිත බව සැමතන්හි ප්‍රකට විය. සඳහා වේදේහ රජු මාතා එකාදසී (මව එකොළොස්වැන්නී) යැයි කීය.

ඛත්‍යාති ඛත‍්තියා. අච‍්ඡින‍්නරට‍්ඨාති චූළනිබ්‍රහ‍්මදත‍්තෙන අච‍්ඡින්‍දිත්‍වා ගහිතරට‍්ඨා. බ්‍යථිතාති මරණභයභීතා අඤ‍්ඤං ගහෙතබ‍්බගහණං අපස‍්සන‍්තා. පඤ‍්චාලියං වසං ගතාති එතස‍්ස පඤ‍්චාලරඤ‍්ඤො වසං ගතාති අත්‍ථො. සාමිවචනත්‍ථෙ හි එතං උපයොගවචනං. යංවදා තක‍්කරාති යං මුඛෙන වදන‍්ති, තං රඤ‍්ඤො කාතුං සක‍්කොන‍්තාව. වසිනො ගතාති පුබ‍්බෙ සයංවසිනො ඉදානි පනස‍්ස වසං ගතාති අත්‍ථො. තිසන්‍ධීති පඨමං හත්‍ථිපාකාරෙන පරික‍්ඛිත‍්තා, තතො රථපාකාරෙන, තතො අස‍්සපාකාරෙන, තතො යොධපත‍්තිපාකාරෙන පරික‍්ඛිත‍්තාති ඉමෙහි චතූහි සඞ‍්ඛෙපෙහි තිසන්‍ධීහි පරිවාරිතා. හත්‍ථිරථානඤ‍්හි අන‍්තරං එකො සන්‍ධි, රථඅස‍්සානං අන‍්තරං එකො සන්‍ධි, අස‍්සපත‍්තීනං අන‍්තරං එකො සන්‍ධි. පරිඛඤ‍්ඤතීති ඛනීයති. ඉමඤ‍්හි ඉදානි උප‍්පාටෙත්‍වා ගණ‍්හිතුකාමා විය සමන‍්තතො ඛනන‍්ති. උද‍්ධං තාරකජාතාවාති තාත, යාය සෙනාය සමන‍්තා පරිවාරිතා, සා අනෙකසතසහස‍්සදණ‍්ඩදීපිකාහි උද‍්ධං තාරකජාතා විය ඛායති. විජානාහීති තාත මහොසධපණ‍්ඩිත, අවීචිතො යාව භවග‍්ගා අඤ‍්ඤො තයා සදිසො උපායකුසලො පණ‍්ඩිතො නාම නත්‍ථි, පණ‍්ඩිතභාවො නාම එවරූපෙසු ඨානෙසු පඤ‍්ඤායති, තස‍්මා ත්‍වමෙව ජානාහි, කථං අම‍්හාකං ඉතො දුක‍්ඛා පමොක‍්ඛො භවිස‍්සතීති.

ඛත්‍යා ක්‍ෂත්‍රිය. අච්ඡින්නරට්ඨා රටා බ්‍රහ්මදත්ත විසින් නොසිඳ ගන්නා ලද රටවල්. බ්‍යථිතා මරණ බියෙන් බය වූ අනික් ගතයුතු දෙයක් නොදැක. පඤ්චාලීනංවසංගතා මේ පංචාල රජුගේ වසඟයට පත්වූ යන අර්ථයි. සාමි වචනාර්ථයේ මෙය උපයෝග වචනයයි. යං වදා තක්කරා යමක් මුවින් කියත්ද, එය රජුට කරන්නට හැකි වසීතො ගතා පෙර ස්වයංවසී වූ දැන් වනාහි මොහුගේ වසඟයට ගිය යන අර්ථයි. තිසන්‍ධී යනු පළමුව යෝධ ඇත් ප්‍රාකාරයෙන් වටකරන ලද අනතුරුව රියපව්වෙන්, පසුව අශ්ව ප්‍රාකාරයෙන් ඉන් පසුව යෝධ පාබලසේනා නමැති ප්‍රාකාරයෙන් යන මේ සතර ආකාරයෙන් සන්‍ධිස්ථාන තුනක් පිරිවරා ඇත් රථවලට අතර එක් සන්ධියක් රථ හා අශ්වයන් අතර එකක්. අශ්වයන් හා පාබල සේනා අතර එකක් පරිඛඤ්ඤති සාරයි. මෙය දැන් උදුරා දමා අල්ලාගනු කැමැත්තන් මෙන් හාත්පසින් සාරත්. උද්ධංතාරකජාතාවා දරුව, යම් සේනාවක හාත්පසින් පිරිවරන ලද නොයෙක් සිය දහස් ගණන් දඬුපහන්වලින් උඩ තුරු පෑවුවාක් මෙන් බබලයි. විජානාහි දරුව, මහෞෂධය, අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඔබ සමාන උපායේ දක්‍ෂ පණ්ඩිතයෙක් නම් නැත. පණ්ඩිත බවද මෙබඳු අවස්ථාවලදී පැහැදිලි වෙයි. ඒ නිසා ඔබම දැනගන්න. මේ දුකින් කෙසේනම් ගැලවෙම්ද කියා.

ඉමං රඤ‍්ඤො කථං සුත්‍වා මහාසත‍්තො චින‍්තෙසි “අයං රාජා අතිවිය මරණභයභීතො, ගිලානස‍්ස ඛො පන වෙජ‍්ජො පටිසරණං, ඡාතස‍්ස භොජනං, පිපාසිතස‍්ස පානීයං, ඉමස‍්සපි මං ඨපෙත්‍වා අඤ‍්ඤං පටිසරණං නත්‍ථි, අස‍්සාසෙස‍්සාමි න”න‍්ති. අථ මහාසත‍්තො මනොසිලාතලෙ නදන‍්තො සීහො විය “මා භායි, මහාරාජ, රජ‍්ජසුඛං අනුභව, අහං ලෙඩ‍්ඩුං ගහෙත්‍වා කාකං විය, ධනුං ගහෙත්‍වා මක‍්කටං විය ච, ඉමං අට‍්ඨාරසඅක‍්ඛොභණිසඞ‍්ඛං සෙනං උදරෙ බන්‍ධසාටකානම‍්පි අස‍්සාමිකං කත්‍වා පලාපෙස‍්සාමී”ති වත්‍වා නවමං ගාථමාහ –

රජුගේ මේ කථාව අසා මහා සත්ත්වයෝ සිතූහ. මේ රජු අතිශයින් මරණ බියෙන් බිය වූයේ වෙයි. රෝගියාට වනාහි වෛද්‍යවරයා පිහිටයි. බඩසයින් පෙලෙන්නාට ආහාරය, පිපාසිතයාට පැන්, මොහුටද මා හැර වෙනත් පිහිටක් නැත. ඔහුව සනසමි. ඉක්බිති ඔහුට මහාසත්ත්වයන් වහන්සේ මනෝශිලා තලයේ නාද කරන සිංහයෙක් මෙන්, මහරජතුමනි, බිය නොවන්න. රජසැප අනුභව කරන්න. මම ගල්කැටයක් ගෙන කවුඩන් පන්නන්නාක් මෙන් දුන්න ගෙන වඳුරන් එළවන්නාක් මෙන් මේ අටළොස් අක්‍ෂෞභිණියක් සේනාව ඉන බැඳි වස්ත්‍රද අහිමි කරමින් පලවා හරින්නෙමියි කියා මේ ගාථාව කීය.

“පාදෙ දෙව පසාරෙහි, භුඤ‍්ජ කාමෙ රමස‍්සු ච; හිත්‍වා පඤ‍්චාලියං සෙනං, බ්‍රහ‍්මදත‍්තො පලායිතී”ති.

දේවයන් වහන්ස, පා දිගුකළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වාසය කරන්න. පංචාලීය ස්මාව හැරදමා බ්‍රහ්මදත්ත රජ පලායන්නේ යැයි මහෞෂධ පණ්ඩිතයෝ පැවසූහ.

තස‍්සත්‍ථො – “දෙව, ත්‍වං යථාසුඛං අත‍්තනො රජ‍්ජසුඛසඞ‍්ඛාතෙ තෙ පාදෙ පසාරෙහි, පසාරෙන‍්තො ච සඞ‍්ගාමෙ චිත‍්තං අකත්‍වා භුඤ‍්ජ, කාමෙ රමස‍්සු ච, එස බ්‍රහ‍්මදත‍්තො ඉමං සෙනං ඡඩ‍්ඩෙත්‍වා පලායිස‍්සතී”ති.

දේවයන් වහන්ස, සුවපහසු පරිදි තමන්ගේ රජසැප සංඛ්‍යාත වූ පාදයන් දිගහරින්න. දිගු කරන්නේද සංග්‍රාම අදහස නැතිව භුඤ්ජකාමෙ රමස්සූ. මේ බ්‍රහ්මදත්ත තෙමේ මේ සේනාව අත්හැර දමා පලායන්නේය.

එවං පණ‍්ඩිතො රාජානං සමස‍්සාසෙත්‍වා වන්‍දිත්‍වා රාජනිවෙසනා නික‍්ඛමිත්‍වා නගරෙ ඡණභෙරිං චරාපෙත්‍වා නාගරෙ ආහ – “අම‍්භො, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, සත‍්තාහං මාලාගන්‍ධවිලෙපනපානභොජනාදීනි සම‍්පාදෙත්‍වා ඡණකීළං පට‍්ඨපෙථ. තත්‍ථ තත්‍ථ මනුස‍්සා යථාරූපං මහාපානං පිවන‍්තු, ගන්‍ධබ‍්බං කරොන‍්තු, වාදෙන‍්තු වග‍්ගන‍්තු සෙළෙන‍්තු නදන‍්තු නච‍්චන‍්තු ගායන‍්තු අප‍්ඵොටෙන‍්තු, පරිබ‍්බයො පන වො මම සන‍්තකොව හොතු, අහං මහොසධපණ‍්ඩිතො නාම, පස‍්සිස‍්සථ මෙ ආනුභාව”න‍්ති. තෙ තථා කරිංසු. තදා ගීතවාදිතාදිසද‍්දං බහිනගරෙ ඨිතා සුණන‍්ති, චූළද‍්වාරෙන මනුස‍්සා නගරං පවිසන‍්ති. ඨපෙත්‍වා පටිසත‍්තුං දිට‍්ඨං දිට‍්ඨං න ගණ‍්හන‍්ති, තස‍්මා සඤ‍්චාරො න ඡිජ‍්ජති, නගරං පවිට‍්ඨමනුස‍්සා ඡණකීළනිස‍්සිතං ජනං පස‍්සන‍්ති.

පඬිතුමා රජුව අස්වසා නික්ම නගරයේ සැණකෙළිය පිළිබඳව අණබෙර හසුරුවා නාගරිකයන්ට මෙසේ දැනුම් දුන්නේය. නුඹලා නොසිතන්න. සත්දිනක් මාලා, සුවඳ විළවුන්, පාන, භෝජන ආදිය පිළියෙල කරගෙන සැණකෙළිය පටන්ගෙන එහි මිනිස්සු ඇති පරිදි මහා සුරාපානය කරත්වා. බෙර වාදනය කරත්වා. නටත්වා. ප්‍රීතිඝෝෂා කරත්වා. අත්පොළසන් දෙත්වා. ඔබලාගේ වියදම් මම භාරගන්නෙමි. මම මහෞෂධ පණ්ඩිත වෙමි. මාගේ ආනුභාවය බලව් යැයි නාගරිකයන්ව අස්වැසීය. ඔවුහු එසේ කළහ. ගීතවාදිත ආදියේ ශබ්දය නගරයෙන් පිටත සිටියාහු අසත්. කුඩා දොරටුවෙන් මිනිස්සු පිවිසෙත්. සතුරා හැර දුටු දුටුවන් අල්ලා නොගනිත්. ඒ නිසා සංචාරය නොසිඳෙයි. නගරයට පිවිසියාහු සැණකෙළියෙහි යෙදී සිටින ජනයාව බලත්.

චූළනිබ්‍රහ‍්මදත‍්තොපි නගරෙ කොලාහලං සුත්‍වා අමච‍්චෙ එවමාහ – “අම‍්භො, අම‍්හෙසු අට‍්ඨාරසඅක‍්ඛොභණියා සෙනාය නගරං පරිවාරෙත්‍වා ඨිතෙසු නගරවාසීනං භයං වා සාරජ‍්ජං වා නත්‍ථි, ආනන්‍දිතා සොමනස‍්සප‍්පත‍්තා අප‍්ඵොටෙන‍්ති නදන‍්ති සෙළෙන‍්ති නච‍්චන‍්ති ගායන‍්ති, කිං නාමෙත”න‍්ති? අථ නං උපනික‍්ඛිත‍්තකපුරිසා මුසාවාදං කත්‍වා එවමාහංසු “දෙව, මයං එකෙන කම‍්මෙන චූළද‍්වාරෙන නගරං පවිසිත්‍වා ඡණනිස‍්සිතං මහාජනං දිස‍්වා පුච‍්ඡිම‍්හා ‘අම‍්භො , සකලජම‍්බුදීපරාජානො ආගන‍්ත්‍වා තුම‍්හාකං නගරං පරික‍්ඛිපිත්‍වා ඨිතා, තුම‍්හෙ පන අතිපමත‍්තා, කිං නාමෙත’න‍්ති? තෙ එවමාහංසු ‘අම‍්භො, අම‍්හාකං රඤ‍්ඤො කුමාරකාලෙ එකො මනොරථො අහොසි සකලජම‍්බුදීපරාජූහි නගරෙ පරිවාරිතෙ ඡණං කරිස‍්සාමීති, තස‍්ස අජ‍්ජ මනොරථො මත්‍ථකං පත‍්තො, තස‍්මා ඡණභෙරිං චරාපෙත්‍වා සයං මහාතලෙ මහාපානං පිවතී’”ති.

චූලනී බ්‍රහ්මදත්ත රජු ද නගරයේ කලබලය අසා ඇමැතියන්ට මෙසේ කීය. අපගේ අටළොස් අක්‍ෂෞභිණියක් සේනාව නගරය වටකර සිටින කල්හි නගරවැසියන්ට බියක් හෝ බැඳීමක් නැත. සතුටුවූවාහු ප්‍රීතිදොම්නස් බවට පත්වූවාහු අත්පොළසන් දෙත්. නාදකරත්. ප්‍රීතිඝෝෂා කරත්. ගායනා කරත්. මේ කුමක්ද? ඉක්බිති එහි යොදන ලද පුරුෂයෝ බොරුවක් කොට මෙසේ කීවාහ. දේවයන් වහන්ස, අපි එක් වැඩකින් සුළු දොරටුවෙන් නගරයට පිවිස සැණකෙළි කෙලින ජනයා දැක ඇසුවෙමු. භවත්නි! මුළු දඹදිව රජවරු පැමිණ ඔබලාගේ නගරය වටකොට සිටියාහුය. නුඹලා වනාහි අතිශයින් ප්‍රමාද වූවෝය. මේ කුමක්ද? ඔවුහු මෙසේ කීවාහ. අපගේ රජතුමාගේ කුඩා කාලයේ එක් මනදොලක් විය. එනම් මුළු දඹදිව රජුන් විසින් නගරය වටකරගත් කල්හි සැණකෙලියක් කරන්නෙමු කියා අද ඔහුගේ මනදොළ සඵල විය. ඒ නිසා සැණකෙළි පවත්වන බවට අණබෙරකරුවන් යවා තෙමේ උඩුමහල් තලයේ මහාසුරා පානය කරයි.

රාජා තෙසං කථං සුත්‍වා කුජ‍්ඣිත්‍වා සෙනං ආණාපෙසි – “භොන‍්තො, ගච‍්ඡථ, ඛිප‍්පං ඉතො චිතො ච නගරං අවත්‍ථරිත්‍වා පරිඛං භින්‍දිත්‍වා පාකාරං මද‍්දන‍්තා ද‍්වාරට‍්ටාලකෙ භින්‍දන‍්තා නගරං පවිසිත්‍වා සකටෙහි කුම‍්භණ‍්ඩානි විය මහාජනස‍්ස සීසානි ගණ‍්හථ, විදෙහරඤ‍්ඤො සීසං ආහරථා”ති. තං සුත්‍වා සූරයොධා නානාවුධහත්‍ථා ද‍්වාරසමීපං ගන‍්ත්‍වා පණ‍්ඩිතස‍්ස පුරිසෙහි සක‍්ඛරවාලුකකලලසිඤ‍්චනපාසාණපතනාදීහි උපද‍්දුතා පටික‍්කමන‍්ති. “පාකාරං භින්‍දිස‍්සාමා”ති පරිඛං ඔතිණ‍්ණෙපි අන‍්තරට‍්ටාලකෙසු ඨිතා උසුසත‍්තිතොමරාදීහි විජ‍්ඣන‍්තා මහාවිනාසං පාපෙන‍්ති. පණ‍්ඩිතස‍්ස යොධා චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස යොධෙ හත්‍ථවිකාරාදීනි දස‍්සෙත්‍වා නානප‍්පකාරෙහි අක‍්කොසන‍්ති පරිභාසන‍්ති තජ‍්ජෙන‍්ති. “තුම‍්හෙ කිලමන‍්තා භත‍්තං අලභන‍්තා ථොකං පිවිස‍්සථ ඛාදිස‍්සථා”ති සුරාපිට‍්ඨකානි චෙව මච‍්ඡමංසසූලානි ච පසාරෙත්‍වා සයමෙව පිවන‍්ති ඛාදන‍්ති, අනුපාකාරෙ චඞ‍්කමන‍්ති. ඉතරෙ කිඤ‍්චි කාතුං අසක‍්කොන‍්තා චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “දෙව, ඨපෙත්‍වා ඉද‍්ධිමන‍්තෙ අඤ‍්ඤෙහි නිද‍්ධරිතුං න සක‍්කා”ති වදිංසු.

රජු ඔවුන්ගේ කථාව අසා කිපී සේනාවන්ට අණ කළේය. වහා එහෙ මෙහෙ නගරය මැඩගෙන දියඅගල කඩාබිඳ ප්‍රාකාරයට පහරදෙන්නාහු දොරටු අටල්ල බිඳ නගරයට පිවිස ගැල්වලින් කලගෙඩි මෙන් මහාජනයාගේ හිස් ගනිව්. වේදේහ රජුගේ හිස ගෙනෙව්. එය අසා දක්‍ෂ යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත් ඇතිව දොරටුව සමීපයට ගියාහුය. පණ්ඩිතයන්ගේ යෝධයන් විසින් උණුකළ මඩ ඉසීම, ගල් පෙරළීම, වැලි දැමීම් ආදී උපක්‍රමයන්ගෙන් මහත් විනාශයට පත් වූහ. පවුර බිඳින්නෙමුයි අගලට බැස්ස නමුත් අතුරු අටලුවල සිට ඊතල, හෙල්ල, තෝමර ආදියෙන් මහා විපත් ඇතිකරත්. පණ්ඩිතයන්ගේ යෝධයෝ බ්‍රහ්මදත්ත රජුගේ යෝධයන්ට උසුළුවිසුළු පාමින් නොයෙක් අයුරින් බැන වදිත්. තර්ජනය කරත්. කිසිවක් නැත්තා වූ තොප ස්වල්පයක් පානය කරව්. අනුභව කරව් කියා සුරාබඳුන් මත්ස්‍යමාංශ ආදිය ඔවුන් වෙතට දිගුකරමින් තමන්ම අනුභව කරත්, අතුරු ප්‍රාකාරයෙහි ඇවිදිත්. අන් අය කිසිවක් කරගත නොහැකිව චූලනී බ්‍රහ්මදත්ත රජු සමීපයට ගොස්, දේවයන් වහන්ස, ඍද්ධිමතුන්ට හැර වෙන කිසිවකුට එගොඩවන්නට නොහැකි යැයි කීහ.

රාජා චතුපඤ‍්චාහං වසිත්‍වා ගහෙතබ‍්බයුත‍්තකං අපස‍්සන‍්තො කෙවට‍්ටං පුච‍්ඡි “ආචරිය, නගරං ගණ‍්හිතුං න සක‍්කොම, එකොපි උපසඞ‍්කමිතුං සමත්‍ථො නත්‍ථි, කිං කාතබ‍්බ”න‍්ති. කෙවට‍්ටො “හොතු, මහාරාජ, නගරං නාම බහිඋදකං හොති, උදකක‍්ඛයෙන නං ගණ‍්හිස‍්සාම, මනුස‍්සා උදකෙන කිලමන‍්තා ද‍්වාරං විවරිස‍්සන‍්තී”ති ආහ. සො “අත්‍ථෙසො උපායො”ති සම‍්පටිච‍්ඡි. තතො පට‍්ඨාය උදකං පවෙසෙතුං න දෙන‍්ති. පණ‍්ඩිතස‍්ස උපනික‍්ඛිත‍්තකපුරිසා පණ‍්ණං ලිඛිත්‍වා කණ‍්ඩෙ බන්‍ධිත්‍වා තං පවත‍්තිං පෙසෙසුං. තෙනපි පඨමමෙව ආණත‍්තං “යො යො කණ‍්ඩෙ පණ‍්ණං පස‍්සති, සො සො මෙ ආහරතූ”ති. අථෙකො පුරිසො තං දිස‍්වා පණ‍්ඩිතස‍්ස දස‍්සෙසි. සො තං පවත‍්තිං ඤත්‍වා “න මෙ පණ‍්ඩිතභාවං ජානන‍්තී”ති සට‍්ඨිහත්‍ථං වෙළුං ද‍්විධා ඵාලෙත්‍වා පරිසුද‍්ධං සොධාපෙත්‍වා පුන එකතො කත්‍වා චම‍්මෙන බන්‍ධිත්‍වා උපරි කලලෙන මක‍්ඛෙත්‍වා හිමවන‍්තතො ඉද‍්ධිමන‍්තතාපසෙහි ආනීතං කුද්‍රූසකුමුදබීජං පොක‍්ඛරණිතීරෙ කලලෙසු රොපාපෙත්‍වා උපරි වෙළුං ඨපාපෙත්‍වා උදකස‍්ස පූරාපෙසි. එකරත‍්තෙනෙව වඩ‍්ඪිත්‍වා පුප‍්ඵං වෙළුමත්‍ථකතො උග‍්ගන‍්ත්‍වා රතනමත‍්තං අට‍්ඨාසි.

රජු දින සතරක්, පහක් වාසය කරත්. අල්ලාගතයුතු කිසිවක් නොදැක කේවට්ටයන්ගෙන් විචාළේය. ආචාරීනි, නගරය අල්ලා ගැනීමට නොහැක්කෙමු. එක් අයෙක්වත් එහි යන්නට සමර්ථ නොවේ. කුමක් කළයුතුද? මහරජතුමනි! වේවා. නගරය නම් පිටතින් ජලය ඇත්තේය. ජලය හිස්කර අල්ලා ගනිමු. ජනයෝ ජලය නැතිව පීඩාවට පත්ව දොර විවෘත කරත්. හෙතෙම මේ උපාය යහපතැයි පිළිගත්තේය. එතැන් පටන් ජලය නගරයට යාමට ඉඩ නොදෙයි. පණ්ඩිතයන්ගේ ඔත්තුකරුවෝ ලිපියක් ලියා ඊතලයක ගැටගසා ඒ ආරංචිය දන්වා යැවූහ. එයිනුත් පළමුව එවන ලද ඊයක ලිපියක් දකීද එය වහා ගෙන එවයි නියෝග කරන ලදී. ඉක්බිති එක් පුරුෂයෙක් එය දැක පණ්ඩිතයන්ට පෙන්වීය. ඔහු ඒ පුවත දැන ඔහු මා මහෞෂධ පණ්ඩිත බව නොදනිති. හැටරියනක් දිග උණගස් දෙකට පලා මනාව සෝදා නැවත එකතුකොට සම්වලින් බැඳ මතුපිට මඩ තවරා හිමවතින් ඍද්ධිමත් තවුසන් විසින් ගෙනෙන ලද මඩ හා මානෙල් මල්ඇට පොකුණ අසල මඩෙහි සිටුවා ඒ මත්තෙහි උණගස් තබා ජලයෙන් පිරවීය. එක රැයින්ම හැදීවැඩී එහි මල් උණගසේ මතුපිටින් අවුත් රියනක් පමණ සිටියේය.

අථ නං උප‍්පාටෙත්‍වා “ඉදං චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස දෙථා”ති අත‍්තනො පුරිසානං දාපෙසි. තෙ තස‍්ස දණ‍්ඩකං වලයං කත්‍වා “අම‍්භො, බ්‍රහ‍්මදත‍්තස‍්ස පාදමූලිකා ඡාතකෙන මා මරිත්‍ථ, ගණ‍්හථෙතං උප‍්පලං පිළන්‍ධිත්‍වා දණ‍්ඩකං කුච‍්ඡිපූරං ඛාදථා”ති වත්‍වා ඛිපිංසු. තමෙකො පණ‍්ඩිතස‍්ස උපනික‍්ඛිත‍්තකපුරිසො උට‍්ඨාය ගණ‍්හි, අථ තං රඤ‍්ඤො සන‍්තිකං ආහරිත්‍වා “පස‍්සථ, දෙව, ඉමස‍්ස දණ‍්ඩකං, න නො ඉතො පුබ‍්බෙ එවං දීඝදණ‍්ඩකො දිට‍්ඨපුබ‍්බො”ති වත්‍වා “මිනථ න”න‍්ති වුත‍්තෙ පණ‍්ඩිතස‍්ස පුරිසා සට‍්ඨිහත්‍ථං දණ‍්ඩකං අසීතිහත්‍ථං කත්‍වා මිනිංසු. පුන රඤ‍්ඤා “කත්‍ථෙතං ජාත”න‍්ති වුත‍්තෙ එකො මුසාවාදං කත්‍වා එවමාහ – “දෙව, අහං එකදිවසං පිපාසිතො හුත්‍වා ‘සුරං පිවිස‍්සාමී’ති චූළද‍්වාරෙන නගරං පවිට‍්ඨො, නාගරානං උදකකීළත්‍ථාය කතං මහාපොක‍්ඛරණිං පස‍්සිං, මහාජනො නාවාය නිසීදිත්‍වා පුප‍්ඵානි ගණ‍්හාති. තත්‍ථ ඉදං තීරප‍්පදෙසෙ ජාතං, ගම‍්භීරට‍්ඨානෙ ජාතස‍්ස පන දණ‍්ඩකො සතහත්‍ථො භවිස‍්සතී”ති.

ඉක්බිති එය උදුරාගෙන මෙය බ්‍රහ්මදත්තයන්ට දෙවයි තමන්ගේ පුරුෂයන්ට දුන්නේය. ඔවුහු එහි දඬු රවුම්කර එම්බා ජනයනි, බ්‍රහ්මදත්තයන්ගේ ගැත්තන් වී නොමැරෙව්. මේ උපුල්මල් ගෙන පැළඳ කුස පිරෙන්නට දඬු අනුභව කරව් යැයි කියා විසිකළහ. එය පණ්ඩිතයන් විසින් යොදා සිටිය පුරුෂයන්ගෙන් එක් උපස්ථායකයෙක් ගත්තේය. ඔහු එය රජු සමීපයට ගෙනගොස් දේවයිනි! බලන්න. දේවයිනි! මේ මල්දණ්ඩ බලන්න. මීට පෙර මෙබඳු දිග දණ්ඩක් නොදුටුවිරූ යැයි කියා එය මනින්ට යැයි කී කල්හි පණ්ඩිතයන්ගේ පුරුෂයෝ හැටරියනක් දිගදණ්ඩ අසූරියනක් කොට මැන්නාහ. ඉක්බිති රජු විසින් මෙය කොහේ හටගත්තේදැයි ඇසූවිට එක් අයෙක් මෙබඳු මුසාවක් පැවසීය. දේවයන් වහන්ස, මම එක්දිනක් පිපාසාවෙන් යුක්ත වූයේ වී සුරාපානය කරන්නෙමියි සුළු දොරින් නගරයට පිවිසියෙම් නුවරවැසියන්ට ජලක්‍රීඩා කිරීම පිණිස කරන ලද පොකුණු දුටුවෙමි. මහජනයා නැවෙහි හිඳ මල් කඩාගනිත්. මෙය එහි ඉවුරේ හටගත් එකකි. ගැඹුරු තැන හටගත් දඬුව රියන් සියයක් වන්නේය.

තං සුත්‍වා රාජා කෙවට‍්ටං ආහ – “ආචරිය, න සක‍්කා උදකක‍්ඛයෙන ඉදං ගණ‍්හිතුං, හරථෙකං උපාය”න‍්ති. “තෙන හි, දෙව, ධඤ‍්ඤක‍්ඛයෙන ගණ‍්හිස‍්සාම, නගරං නාම බහිධඤ‍්ඤං හොතී”ති. එවං හොතු ආචරියාති, පණ‍්ඩිතො පුරිමනයෙනෙව තං පවත‍්තිං ඤත්‍වා “න මෙ කෙවට‍්ටබ්‍රාහ‍්මණො පණ‍්ඩිතභාවං ජානාතී”ති අනුපාකාරමත්‍ථකෙ කලලං කත්‍වා වීහිං තත්‍ථ රොපාපෙසි. බොධිසත‍්තානං අධිප‍්පායො නාම සමිජ‍්ඣතීති වීහී එකරත‍්තෙනෙව වුට‍්ඨාය පාකාරමත්‍ථකෙ නීලා හුත්‍වා පඤ‍්ඤායන‍්ති. තං දිස‍්වා චූළනිබ්‍රහ‍්මදත‍්තො “අම‍්භො, කිමෙතං පාකාරමත්‍ථකෙ නීලං හුත්‍වා පඤ‍්ඤායතී”ති පුච‍්ඡි. පණ‍්ඩිතස‍්ස උපනික‍්ඛිත‍්තකපුරිසො රඤ‍්ඤො වචනං මුඛතො ජිව‍්හං ලුඤ‍්චන‍්තො විය ගහෙත්‍වා “දෙව, ගහපතිපුත‍්තො මහොසධපණ‍්ඩිතො අනාගතභයං දිස‍්වා පුබ‍්බෙව රට‍්ඨතො ධඤ‍්ඤං ආහරාපෙත්‍වා කොට‍්ඨාගාරාදීනි පූරාපෙත්‍වා සෙසධඤ‍්ඤං පාකාරපස‍්සෙ නික‍්ඛිපාපෙසි. තෙ කිර වීහයො ආතපෙන සුක‍්ඛන‍්තා වස‍්සෙන තෙමෙන‍්තා තත්‍ථෙව සස‍්සං ජනෙසුං. අහං එකදිවසං එකෙන කම‍්මෙන චූළද‍්වාරෙන පවිසිත්‍වා පාකාරමත්‍ථකෙ වීහිරාසිතො වීහිං හත්‍ථෙන ගහෙත්‍වා වීථියං ඡඩ‍්ඩෙන‍්තෙ පස‍්සිං. අථ තෙ මං පරිහාසන‍්තා ‘ඡාතොසි මඤ‍්ඤෙ, වීහිංසාටකදසන‍්තෙ බන්‍ධිත්‍වා තව ගෙහං හරිත්‍වා කොට‍්ටෙත්‍වා පචාපෙත්‍වා භුඤ‍්ජාහී’ති වදිංසූ”ති ආරොචෙසි.

එය අසා රජු කේවට්ටයාට මෙසේ කීය. ආචාර්යයෙනි, මෙය ජලය නැතිකිරිමෙන් අල්ලා ගන්නට නොහැක. එසේනම් දේවයන් වහන්ස, ධාන්‍ය හිඟ කිරීමෙන් අල්ලා ගනිමු. ධාන්‍ය ඇත්තේ නගරයෙන් පිටය. ආචාරීනි, එසේනම් එය කරන්න. පණ්ඩිතයෝ පෙර පරිද්දෙන්ම එය දැන කේවට්ට බ්‍රාහ්මණයා මාගේ පණ්ඩිත බව නොදනීයි කියා දෙවන දින ප්‍රාකාරය මත්තේ මඩ දමා එහි වී වැපිරවීය. බෝසත්වරුන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි. එක් රැයකින්ම නැගී සිටි ගොයම් ප්‍රාකාරය මත්තෙන් පෙනෙන ලෙසට සිටියේය. එය ද දැක බ්‍රහ්මදත්ත තෙමේ එම්බා වැසියනි, ප්‍රාකාරයට උඩින් නිල්වන්ව පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. පණ්ඩිතයන් යොදවා සිටි පුරුෂයෝ රජුගේ වචනය මුවින් නිකුත් වනවාත් සමගම දේවයන් වහන්ස! මහෞෂධ ගෘහපති පුත්‍රයා අනාගත බිය දැක පිටරටින් ධාන්‍ය ගෙන්වා ගබඩාවන්හි පුරවා ඉතිරි ධාන්‍ය තාප්පය පසුපස දැම්මවීය. ඒ ධාන්‍ය වනාහි අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් එහිම පැලවී වැඩින. මටද එක්දිනක් කිසියම් කටයුත්තක් සඳහා සුළු දොරටුවෙන් පිවිස තාප්පය පසුපස වී ගොඩෙන් වී ටිකක් අතින් ගෙන වීදියෙහි දැම්මෙමි. ඉක්බිති මට බැනවදින්නාහු, නුඹ බඩසයින් පෙලෙන්නේද? වී පිටේ බැඳ ඔබගේ නිවසට ගෙනගොස් බත් උයාගෙන කවයි කීහ.

තං සුත්‍වා රාජා කෙවට‍්ටං “ආචරිය, ධඤ‍්ඤක‍්ඛයෙනපි ගණ‍්හිතුං න සක‍්කා, අයම‍්පි අනුපායො”ති ආහ. “තෙන හි, දෙව, දාරුක‍්ඛයෙන ගණ‍්හිස‍්සාම, නගරං නාම බහිදාරුකං හොතී”ති. “එවං හොතු, ආචරියා”ති. පණ‍්ඩිතො පුරිමනයෙනෙව තං පවත‍්තිං ඤත්‍වා පාකාරමත්‍ථකෙ වීහිං අතික‍්කමිත්‍වා පඤ‍්ඤායමානං දාරුරාසිං කාරෙසි. පණ‍්ඩිතස‍්ස මනුස‍්සා චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස පුරිසෙහි සද‍්ධිං පරිහාසං කරොන‍්තා “සචෙ ඡාතත්‍ථ, යාගුභත‍්තං පචිත්‍වා භුඤ‍්ජථා”ති මහන‍්තමහන‍්තානි දාරූනි ඛිපිංසු. රාජා “පාකාරමත්‍ථකෙන දාරූනි පඤ‍්ඤායන‍්ති, කිමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “දෙව, ගහපතිපුත‍්තො කිර මහොසධපණ‍්ඩිතො අනාගතභයං දිස‍්වා දාරූනි ආහරාපෙත්‍වා කුලානං පච‍්ඡාගෙහෙසු ඨපාපෙත්‍වා අතිරෙකානි පාකාරං නිස‍්සාය ඨපාපෙසී”ති උපනික‍්ඛිත‍්තකානඤ‍්ඤෙව සන‍්තිකා වචනං සුත්‍වා කෙවට‍්ටං ආහ – “ආචරිය, දාරුක‍්ඛයෙනපි න සක‍්කා අම‍්හෙහි ගණ‍්හිතුං, ආහරථෙකං උපාය”න‍්ති. “මා චින‍්තයිත්‍ථ, මහාරාජ, අඤ‍්ඤො උපායො අත්‍ථී”ති. “ආචරිය, කිං උපායො නාමෙස, නාහං තව උපායස‍්ස අන‍්තං පස‍්සාමි, න සක‍්කා අම‍්හෙහි වෙදෙහං ගණ‍්හිතුං, අම‍්හාකං නගරමෙව ගමිස‍්සාමා”ති. “දෙව, ‘චූළනිබ්‍රහ‍්මදත‍්තො එකසතඛත‍්තියෙහි සද‍්ධිං වෙදෙහං ගණ‍්හිතුං නාසක‍්ඛී’ති අම‍්හාකං ලජ‍්ජනකං භවිස‍්සති, කිං පන මහොසධොව පණ‍්ඩිතො, අහම‍්පි පණ‍්ඩිතොයෙව, එකං ලෙසං කරිස‍්සාමී”ති. “කිං ලෙසො නාම, ආචරියා”ති. “ධම‍්මයුද‍්ධං නාම කරිස‍්සාම, දෙවා”ති. “කිමෙතං ධම‍්මයුද‍්ධං නාමා”ති? “මහාරාජ න සෙනා යුජ‍්ඣිස‍්සන‍්ති, ද‍්වින‍්නං පන රාජූනං ද‍්වෙ පණ‍්ඩිතා එකට‍්ඨානෙ භවිස‍්සන‍්ති. තෙසු යො වන්‍දිස‍්සති, තස‍්ස පරාජයො භවිස‍්සති. මහොසධො පන ඉමං මන‍්තං න ජානාති, අහං මහල‍්ලකො, සො දහරො, මං දිස‍්වාව වන්‍දිස‍්සති, තදා විදෙහො පරාජිතො නාම භවිස‍්සති, අථ මයං විදෙහං පරාජෙත්‍වා අත‍්තනො නගරමෙව ගමිස‍්සාම, එවං නො ලජ‍්ජනකං න භවිස‍්සති. ඉදං ධම‍්මයුද‍්ධං නාමා”ති.

රජු ඒ අසා කේවට්ටයන්ට මෙසේ කීය. ආචරිය, ධාන්‍ය හිඟ කිරීමෙන් මෙය අල්ලාගන්නට නොහැකිය. එසේනම් දේවයන් වහන්ස, දර හිඟවීමෙන් නගරය අල්ලා ගනිමු. දර ඇත්තේ නගරයෙන් පිටතය. ආචාරීනි, එසේ කරන්න. පණ්ඩිතයෝ පෙර පරිද්දෙන්ම ඒ පුවත දැනගෙන ප්‍රාකාරය මත්තෙන් වී ඉවත්කර පෙනෙන ප්‍රමාණයට දර රැස්කරවීය. මිනිස්සු බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයන්ට අවමන් කරන්නාහු ඉදින් බඩසයින් යුක්ත වූවහු නම් කැඳ බත් පිස අනුභව කරව් යැයි විශාල ප්‍රමාණයේ දර දමාගසත්. රජු ද පවුර මත්තෙන් දර පෙනේ. මේ කුමක්දැයි අසා ගෘහපුත්‍රයා වනාහි අනාගත බිය දැක දර ගෙන්වාගෙන ගෙවල්වල පිටුපස තබ්බවා ඉතිරි ඒවා තාප්පය ළඟ තැබ්බවීයැයි මහෞෂධ පණ්ඩිතයන් යොදවා සිටි පුරුෂයන්ගෙන්ම මේ බව අසා කේවට්ටයාට මෙසේ කීය. ආචාරීනි! දරු හිඟවීමෙන් නගරය අල්ලාගත නොහැක. ඒ උපාය අත්හරින්න. මහරජතුමනි, නොසිතන්න. වෙනත් උපායක් ඇත. කුමක්ද ආචාරීනි, ඒ උපාය. මට ඔබගේ උපායයන්හි අවසානයක් නොදකිමි. අපට වේදේහ රජුව යටත් කරගන්නට නොහැක. අපි ආපසු නගරයට යමු. ස්වාමීනි! චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්‍ෂත්‍රියයන් සමග වේදේහ රජුව අල්ලාගන්ට අසමත් වීයැයි අපට මහත් ලජ්ජාවක් වන්නේය. පණ්ඩිත වන්නේ මහෞෂධ පමණක් නොවෙයි. මම ද පණ්ඩිතයෙමි. එක සුළු දෙයක් කරන්නෙමු. ආචාරීනි, සුළු දෙයක් යනු කුමක්ද? ධර්ම යුද්ධයක් කරමි. ඒ ධර්ම යුද්ධය යනු කුමක්ද? මහරජතුමනි, සේනාවෝ යුධ නොකරත්. රජවරුන් දෙදෙනාගේ පණ්ඩිතයෝ දෙදෙනා එක්තැනකට පැමිණෙත්. ඔවුනතුරෙන් යමෙක් වඳින්නේද ඔහුට පරාජය වන්නේය. මහෞෂධයෝ වනාහි මේ මන්ත්‍රය නොදනිති. මම වනාහි මහළු වෙමි. ඔහු තරුණය. ඔහු මා දැක වඳින්නේය. එවිට වේදේහ රජු පරාජය වූයේ වන්නේය. ඉක්බිති අපි වේදේහ පරාජයකොට තමන්ගේ නගරයට යන්නෙමු. මෙසේ අපට ලජ්ජාවක් නොවන්නේය. ධර්ම යුද්ධය යනු මෙයයි.

පණ‍්ඩිතො තම‍්පි රහස‍්සං පුරිමනයෙනෙව ඤත්‍වා “සචෙ කෙවට‍්ටස‍්ස පරජ‍්ජාමි, නාහං පණ‍්ඩිතොස‍්මී”ති චින‍්තෙසි. චූළනිබ්‍රහ‍්මදත‍්තොපි “සොභනො, ආචරිය, උපායො”ති වත්‍වා “ස‍්වෙ ධම‍්මයුද‍්ධං භවිස‍්සති, ද‍්වින‍්නම‍්පි පණ‍්ඩිතානං ධම‍්මෙන ජයපරාජයො භවිස‍්සති. යො ධම‍්මයුද‍්ධං න කරිස‍්සති, සොපි පරාජිතො නාම භවිස‍්සතී”ති පණ‍්ණං ලිඛාපෙත්‍වා චූළද‍්වාරෙන වෙදෙහස‍්ස පෙසෙසි. තං සුත්‍වා වෙදෙහො පණ‍්ඩිතං පක‍්කොසාපෙත්‍වා තමත්‍ථං ආචික‍්ඛි. තං පවත‍්තිං සුත්‍වා පණ‍්ඩිතො “සාධු, දෙව, ස‍්වෙ පාතොව පච‍්ඡිමද‍්වාරෙ ධම‍්මයුද‍්ධමණ‍්ඩලං සජ‍්ජෙස‍්සන‍්ති, ‘ධම‍්මයුද‍්ධමණ‍්ඩලං ආගච‍්ඡතූ’ති පෙසෙථා”ති ආහ. තං සුත්‍වා රාජා ආගතදූතස‍්සෙව හත්‍ථෙ පණ‍්ණකං අදාසි. පණ‍්ඩිතො පුනදිවසෙ “කෙවට‍්ටස‍්සෙව පරාජයො හොතූ”ති පච‍්ඡිමද‍්වාරෙ ධම‍්මයුද‍්ධමණ‍්ඩලං සජ‍්ජාපෙසි. තෙපි ඛො එකසතපුරිසා “කො ජානාති, කිං භවිස‍්සතී”ති පණ‍්ඩිතස‍්ස ආරක‍්ඛත්‍ථාය කෙවට‍්ටං පරිවාරයිංසු. තෙපි එකසතරාජානො ධම‍්මයුද‍්ධමණ‍්ඩලං ගන‍්ත්‍වා පාචීනදිසං ඔලොකෙන‍්තා අට‍්ඨංසු, තථා කෙවට‍්ටබ්‍රාහ‍්මණොපි.

පණ්ඩිතයෝ ද ඒ රහස පෙර පරිදිම දැනගෙන ඉදින් මම කේවට්ටයාට පරාජය වන්නේ නම් මම පණ්ඩිතයෙක් නොවෙමියි සිතීය. බ්‍රහ්මදත්ත රජුද ආචාරීනි! ඔබගේ උපාය නම් මනහරය කියා හෙට ධර්ම යුද්ධය වන්නේයැයි පණ්ඩිතයන් දෙදෙනාටම දැහැමින් සෙමින් ජයපරාජය වන්නේය. යමෙක් ධර්ම යුද්ධය නොකරන්නේද හෙතෙමේ ද පරාජය වූයේ වන්නේ යැයි ලිපියක් ලියවා සුළු දොරටුවෙන් වේදේහ රජු වෙතට යැවීය. එය අසා වේදේහ රජු පණ්ඩිතයන් කැඳවා ඒ බව දැන්වීය. පණ්ඩිතයෝ දේවයන් වහන්ස! මැනවි. හෙට උදෑසනම පැදුම් දොරටුවේ ධර්ම යුද්ධ මණ්ඩලය පිළියෙලකරත්. ධර්මයුද්ධ මණ්ඩලයට එන්නයැයි කියා යවන්න. මෙය අසා පැමිණ සිට දූතයාටම ඒ ලිපිය භාරදුන්නේය. පණ්ඩිතයෝ පසුවදා කේවට්ටයාට පරාජය වේවායි පැදුම්දොරටුවේ ධර්ම යුද්ධ මණ්ඩලය පිළියෙල කරවීය. එක්සියයක් පුරුෂයෝ, කවරෙක් දනීද? කුමක් වන්නේද? කියා පණ්ඩිතයන්ගේ ආරක්‍ෂාවට කේවට්ටයන් පිරිවරා ගත්හ. එක්සියයක් රජවරුද ධර්මයුද්ධ මණ්ඩලයට ගොස් පෙරදිග බලමින් සිටියහ. කේවට්ට බ්‍රාහ්මණයාද එසේමය.

බොධිසත‍්තො පන පාතොව ගන්‍ධොදකෙන න‍්හත්‍වා සතසහස‍්සග‍්ඝනකං කාසිකවත්‍ථං නිවාසෙත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා මහන‍්තෙන පරිවාරෙන රාජද‍්වාරං ගන‍්ත්‍වා “පවිසතු මෙ පුත‍්තො”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං ඨත්‍වා “කුහිං ගමිස‍්සසි, තාතා”ති වුත‍්තෙ “ධම‍්මයුද‍්ධමණ‍්ඩලං ගමිස‍්සාමී”ති ආහ. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “දෙව, කෙවට‍්ටබ්‍රාහ‍්මණං මණිරතනෙන වඤ‍්චෙතුකාමොම‍්හි, අට‍්ඨවඞ‍්කං මණිරතනං ලද‍්ධුං වට‍්ටතී”ති. “ගණ‍්හ, තාතා”ති. සො තං ගහෙත්‍වා රාජානං වන්‍දිත්‍වා රාජනිවෙසනා ඔතිණ‍්ණො සහජාතෙහි යොධසහස‍්සෙහි පරිවුතො නවුතිකහාපණසහස‍්සග‍්ඝනකං සෙතසින්‍ධවයුත‍්තං රථවරමාරුය‍්හ පාතරාසවෙලාය ද‍්වාරසමීපං පාපුණි. කෙවට‍්ටො පන “ඉදානි ආගමිස‍්සති, ඉදානි ආගමිස‍්සතී”ති තස‍්සාගමනං ඔලොකෙන‍්තොයෙව අට‍්ඨාසි, ඔලොකනෙන දීඝගීවතං පත‍්තො විය අහොසි, සූරියතෙජෙන සෙදා මුච‍්චන‍්ති. මහාසත‍්තොපි මහාපරිවාරතාය මහාසමුද‍්දො විය අජ‍්ඣොත්‍ථරන‍්තො කෙසරසීහො විය අඡම‍්භිතො විගතලොමහංසො ද‍්වාරං විවරාපෙත්‍වා නගරා නික‍්ඛම‍්ම රථා ඔරුය‍්හ සීහො විය විජම‍්භමානො පායාසි. එකසතරාජානොපි තස‍්ස රූපසිරිං දිස‍්වා “එස කිර සිරිවඩ‍්ඪනසෙට‍්ඨිපුත‍්තො මහොසධපණ‍්ඩිතො පඤ‍්ඤාය සකලජම‍්බුදීපෙ අදුතියො”ති උක‍්කුට‍්ඨිසහස‍්සානි පවත‍්තයිංසු.

බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි උදෑසන ම සුවඳ පැනින් ස්නානය කොට සියක් දහසක් වටිනා කසීසළුවක් පොරවා සියළු අලංකාරයන්ගෙන් සැරසී නොයෙක් රසැති බොජුන් වළඳා මහත් පිරිවරින් රජගෙදර දොරටුව ළඟට ගොස්, මගේ පුත්‍රය, එන්න යැයි කී කල්හි පිවිස රජුට වැඳ එකත්පසෙක සිට දරුව! මහෞෂධයෙනි, කෙසේදැයි ඇසූ කල්හි ධර්මයුද්ධ මණ්ඩලයට යන්නෙමියි කීය. මා විසින් කුමක් කළයුතුද? කියා ඇසීය. දේවයන් වහන්ස! කේවට්ට බ්‍රාහ්මණයාව මැණිකකින් රවටනු කැමැත්තෙමි. අෂ්ටවංක මාණික්‍ය රත්නය ලදොත් යෙහෙකියි කීවිට දරුව! එය ගන්න යැයි රජු පැවසීය. හෙතෙම එය රැගෙන රජුට වැඳ මඟට පිළිපන්නේ සහජාත යෝධයන් දහස පිරිවරාගෙන අනූදහසක් කහවණු වටිනා සුදු අශ්වයන් යොදන ලද උතුම් රියකට නැගී උදෑසනින් දොරටුව සමීපයට ළඟාවිය. කේවට්ට තෙමේද දැන් එයි. දැන් එයි කියා ඔහු එන ගමන්මග බලා සිටින්නේය. බලා සිටීමෙන් දිග ගෙලක් ඇති බවට පත්වූවාක් මෙන් හිරු රැසින් දහඩිය මුදමින් සිටියේය. මහාසත්ත්වයෝද මහා පිරිවර ඇති බැවින් මහමුහුද මෙන් පැතිරගෙන කේසර සිංහයෙක් මෙන් නිර්භයව ලොමුදැහැ ගැන්මක් නැතිව දොරටුව විවෘත කරවවා නගරයෙන් නික්ම රථයට නැගී සිංහයෙක් මෙන් බබලමින් පිටත්ව ගියේය. එක්සියයක් රජවරු ඔහුගේ රූපශ්‍රීය දැක මේ වනාහි සිරිවර්ධන සිටුතුමාගේ පුත් මහෞෂධ පණ්ඩිතයෝය. ප්‍රඥාවෙන් මුළු දඹදිව නොදෙවෙනි කෙනෙක් යැයි ඔල්වරසන් දහසක් පැවැත්වූහ.

සොපි මරුගණපරිවුතො විය සක‍්කො අනොමෙන සිරිවිභවෙන තං මණිරතනං හත්‍ථෙන ගහෙත්‍වා කෙවට‍්ටාභිමුඛො අගමාසි. කෙවට‍්ටොපි තං දිස‍්වාව සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො පච‍්චුග‍්ගමනං කත්‍වා එවමාහ – “පණ‍්ඩිත මහොසධ, මයං ද‍්වෙ පණ‍්ඩිතා, අම‍්හාකං තුම‍්හෙ නිස‍්සාය එත‍්තකං කාලං වසන‍්තානං තුම‍්හෙහි පණ‍්ණාකාරමත‍්තම‍්පි න පෙසිතපුබ‍්බං, කස‍්මා එවමකත්‍ථා”ති? අථ නං මහාසත‍්තො “පණ‍්ඩිත, තුම‍්හාකං අනුච‍්ඡවිකං පණ‍්ණාකාරං ඔලොකෙන‍්තා අජ‍්ජ මයං ඉමං මණිරතනං ලභිම‍්හා, හන්‍ද, ඉමං මණිරතනං ගණ‍්හථ, එවරූපං නාම අඤ‍්ඤං මණිරතනං නත්‍ථී”ති ආහ. සො තස‍්ස හත්‍ථෙ ජලමානං මණිරතනං දිස‍්වා “දාතුකාමො මෙ භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “තෙන හි, පණ‍්ඩිත, දෙහී”ති හත්‍ථං පසාරෙසි. මහාසත‍්තො “ගණ‍්හාහි, ආචරියා”ති ඛිපිත්‍වා පසාරිතහත්‍ථස‍්ස අඞ‍්ගුලීසු පාතෙසි. බ්‍රාහ‍්මණො ගරුං මණිරතනං අඞ‍්ගුලීහි ධාරෙතුං නාසක‍්ඛි. මණිරතනං පරිගළිත්‍වා මහාසත‍්තස‍්ස පාදමූලෙ පති. බ්‍රාහ‍්මණො ලොභෙන “ගණ‍්හිස‍්සාමි න”න‍්ති තස‍්ස පාදමූලෙ ඔණතො අහොසි. අථස‍්ස මහාසත‍්තො උට‍්ඨාතුං අදත්‍වා එකෙන හත්‍ථෙන ඛන්‍ධට‍්ඨිකෙ, එකෙන පිට‍්ඨිකච‍්ඡායං ගහෙත්‍වා “උට‍්ඨෙථ ආචරිය, උට‍්ඨෙථ ආචරිය, අහං අතිදහරො තුම‍්හාකං නත‍්තුමත‍්තො, මා මං වන්‍දථා”ති වදන‍්තො අපරාපරං කත්‍වා මුඛං භූමියං ඝංසිත්‍වා ලොහිතමක‍්ඛිතං කත්‍වා “අන්‍ධබාල, ත්‍වං මම සන‍්තිකා වන්‍දනං පච‍්චාසීසසී”ති ගීවායං ගහෙත්‍වා ඛිපි. සො උසභමත‍්තෙ ඨානෙ පතිත්‍වා උට‍්ඨාය පලායි. මණිරතනං පන මහාසත‍්තස‍්ස මනුස‍්සායෙව ගණ‍්හිංසු.

ඔහු ද දේව සමූහයා පිරිවරාගත් ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් අප්‍රමාණ වූ ශ්‍රී විභූතියෙන් ඒ මාණික්‍ය රත්නය අතින් ගෙන කේවට්ට සිටින දිශාවට අභිමුඛව සිටියේය. කේවට්ටයා ඔහුව දැක ම ස්වකීය ස්වභාවයෙන් සිටින්නට අපොහොසත්ව පෙරගමන්කොට මෙසේ කීය. මහෞෂධ පණ්ඩිතයෙනි! අපි දෙදෙනාම පණ්ඩිතයෝ වෙමු. ඔබ වෙනුවෙන් මෙතෙක් කල් වාසය කරන අපට ත්‍යාගයක් පමණවත් නොඑවන ලද්දේ මන්දැයි ඇසීය. ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. පණ්ඩිතය! ඔබට දීමට සුදුසු ත්‍යාගයක් බලන්නේ අද මේ මාණික්‍ය රත්නය ලදිමි. එසේනම් එය ගන්න. මේ හා සමාන වූ වෙනත් මාණික්‍ය රත්නයක් නම් නැත. හෙතෙම ඔහුගේ අතෙහි දිලිසෙන මාණික්‍ය රත්නය දැක මට දෙනු කැමැත්තේ වන්නේ යැයි සිතා එසේනම් දෙන්න යැයි අත දිගු කළේය. මහාසත්ත්වයෝ එසේනම් ගන්න යැයි අත දිගුකරන ලද අතේ ඇඟිලි අගට හෙලීය. බ්‍රාහ්මණයාට බර මැණික ඇඟිලිවලින් දරාගන්නට නොහැකි විය. එය මහාසත්ත්වයන්ගේ පාමුල වැටුනේය. බ්‍රාහ්මණයා ලෝභකමින් යුක්තව එය ගන්නෙමියි බෝසතුන්ගේ පා ළඟ පහත් විය. ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට නැගී සිටින්නට නොදී එක් අතකින් පිටකොන්දෙනුත්, අනික් අතින් ගෙලෙනුත් අල්ලාගෙන නැගිටින්න. ආචාරීනි, නැගිටින්න. මම බාල වෙමි. ඔබගේ මුනුබුරෙක් බඳු මාහට නොවඳින්න යැයි කියමින් එහාට මෙහාට සොලවා මුව සමග නළල බිම උලා ලේ ගන්වා මෝඩය! නුඹ මා සමීපයෙන් වැඳුම් ලබන්නට සිතුවෙහිදැයි ගෙලෙන් අල්ලා බැහැර කළේය. හෙතෙම බඹයක් පමණ තැන් බිම වැටී නැගිට පැන ගියේය. මාණික්‍ය රනය මහාසත්ත්වයන්ගේ පුරුෂයෝ ගත්හ.

බොධිසත‍්තස‍්ස පන “උට‍්ඨෙථ ආචරිය, උට‍්ඨෙථ ආචරිය, මා මං වන්‍දථා”ති වචීඝොසො සකලපරිසං ඡාදෙත්‍වා අට‍්ඨාසි. “කෙවට‍්ටබ්‍රාහ‍්මණො මහොසධස‍්ස පාදෙ වන්‍දතී”ති පුරිසාපිස‍්ස එකප‍්පහාරෙනෙව උන‍්නාදාදීනි අකංසු. බ්‍රහ‍්මදත‍්තං ආදිං කත්‍වා සබ‍්බෙපි තෙ රාජානො කෙවට‍්ටං මහාසත‍්තස‍්ස පාදමූලෙ ඔණතං අද‍්දසංසුයෙව. තෙ “අම‍්හාකං පණ‍්ඩිතෙන මහොසධො වන්‍දිතො, ඉදානි පරාජිතම‍්හා, න නො ජීවිතං දස‍්සතී”ති අත‍්තනො අත‍්තනො අස‍්සෙ අභිරුහිත්‍වා උත‍්තරපඤ‍්චාලාභිමුඛා පලායිතුං ආරභිංසු. තෙ පලායන‍්තෙ දිස‍්වා බොධිසත‍්තස‍්ස පුරිසා “චූළනිබ්‍රහ‍්මදත‍්තො එකසතඛත‍්තියෙ ගහෙත්‍වා පලායතී”ති පුන උක‍්කුට‍්ඨිමකංසු. තං සුත්‍වා තෙ රාජානො මරණභයභීතා භිය්‍යොසොමත‍්තාය පලායන‍්තා සෙනඞ‍්ගං භින්‍දිංසු. බොධිසත‍්තස‍්ස පුරිසාපි නදන‍්තා වග‍්ගන‍්තා සුට‍්ඨුතරං කොලාහලමකංසු . මහාසත‍්තො සෙනඞ‍්ගපරිවුතො නගරමෙව පාවිසි. චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස සෙනාපි තියොජනමත‍්තං පක‍්ඛන්‍දි.

නැගිටින්න. නැගිටින්න. නොවඳින්න යන බෝධිසත්ත්වයන්ගේ වචනය මුළු පිරිස වසාගෙන පැතිර ගියේය. කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ පා වඳින ලදැයි ඔහුගේ පිරිසද එක්වර ඝෝෂා කළහ. බ්‍රහ්මදත්ත මුල්කොට ඒ සියලු රජවරු බෝධිසත්ත්වයන්ගේ පාමුල කේවට්ටයන් පහත්වන සැටි දුටුවාහ. ඔව්හු අපගේ පණ්ඩිතයා විසින් මහෞෂධයන් වඳිනු ලැබීය. දැන් අපි පරාජිත වූවෝ වෙමු. අපට ජීවිතය නොලැබෙයි යැයි තම තමන්ගේ අශ්වයන් පිට නැගී උත්තරපංචාල දේශය බලා පලායන්ට පටන් ගත්හ. පලායන්නා වූ ඔවුන් දැක බෝධිසත්ත්වයන්ගේ පුරුෂයෝ චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්‍ෂත්‍රියයන් රැගෙන පලායන්නේ යැයි නැවත ඝෝෂා කළහ. ඒ අසා ඒ රජවරු මරණ බියෙන් බිය වූවෝ බොහෝසෙයින් පලායන්නේ සේනාව බිඳී ගියාහ. බෝධිසත්ත්වයන්ගේ පිරිසද හඬනගත්. මනාව කලබල කළහ. මහාසත්ත්වයෝ සේනාව පිරිවරාගෙන නගරයටම ගියේය. බ්‍රහ්මදත්ත රජුගේ සේනාවෝ යොදුන් තුනක් පැන දිව්වාහ.

කෙවට‍්ටො අස‍්සං අභිරුය‍්හ නලාටෙ ලොහිතං පුඤ‍්ඡමානො සෙනං පත්‍වා අස‍්සපිට‍්ඨියං නිසින‍්නොව “භොන‍්තො මා පලායථ, භොන‍්තො මා පලායථ, නාහං ගහපතිපුත‍්තං වන්‍දාමි, තිට‍්ඨථ තිට‍්ඨථා”ති ආහ. සෙනා අසද‍්දහන‍්තා අට‍්ඨත්‍වා ආගච‍්ඡන‍්තං කෙවට‍්ටං අක‍්කොසන‍්තා පරිභාසන‍්තා “පාපධම‍්ම දුට‍්ඨබ්‍රාහ‍්මණ, ‘ධම‍්මයුද‍්ධං නාම කරිස‍්සාමී’ති වත්‍වා නත‍්තුමත‍්තං අප‍්පහොන‍්තම‍්පි වන්‍දති, නත්‍ථි තව කත‍්තබ‍්බ”න‍්ති කථං අසුණන‍්තා විය ගච‍්ඡන‍්තෙව. සො වෙගෙන ගන‍්ත්‍වා සෙනං පාපුණිත්‍වා “භොන‍්තො වචනං සද‍්දහථ මය‍්හං, නාහං තං වන්‍දාමි, මණිරතනෙන මං වඤ‍්චෙසී”ති සබ‍්බෙපි තෙ රාජානො නානාකාරණෙහි සම‍්බොධෙත්‍වා අත‍්තනො කථං ගණ‍්හාපෙත්‍වා තථා භින‍්නං සෙනං පටිනිවත‍්තෙසි. සා පන තාව මහතී සෙනා සචෙ එකෙකපංසුමුට‍්ඨිං වා එකෙකලෙඩ‍්ඩුං වා ගහෙත්‍වා නගරාභිමුඛා ඛිපෙය්‍ය, පරිඛං පූරෙත්‍වා පාකාරප‍්පමාණා රාසි භවෙය්‍ය. බොධිසත‍්තානං පන අධිප‍්පායො නාම සමිජ‍්ඣතියෙව, තස‍්මා එකොපි පංසුමුට‍්ඨිං වා ලෙඩ‍්ඩුං වා නගරාභිමුඛං ඛිපන‍්තො නාම නාහොසි. සබ‍්බෙපි තෙ නිවත‍්තිත්‍වා අත‍්තනො අත‍්තනො ඛන්‍ධාවාරට‍්ඨානමෙව පච‍්චාගමිංසු .

කේවට්ටයා අසුපිට නැගී නළලෙහි ලේ පිස දමමින් සේනාව මැදට පැමිණ අශ්වයා පිට සිටියේ තෙපි පලා නොයව්. මම ගෘහපති පුත්‍රයාට නොවඳිමි. සිටිව්. සිටිව් යයි කීය. සේනාව නොසිටම යන්නේ කේවට්ටයාට ආක්‍රෝශ පරිභව කරන්නාහු පව්කාරය, දුෂ්ට බමුණ, ධර්ම යුද්ධයක් නම් කරන්නෙමියි ගොස් මුනුබුරකු තරම් වූත් නුසුදුස්සකුට වැන්දේය. ඔබට කළ හැකි දෙයක් නම් නැතැයි ඔහුන්ගේ කථාවට සවන් නොදී යත්. ඔහු වේගයෙන් ගොස් සේනාව මුනගැසී, මා කියන දේ විශ්වාස කරව්. මම ඔහුට නොවඳිමි. මාණික්‍ය රත්තයෙන් මා රැවටීය යන ලෙස කියා ඒ සියළු රජවරුන්ට නොයෙක් අයුරින් වටහා දී තමාගේ කථාව පිළිගන්නවා එසේ බිඳීගිය සේනාව නතරකර ගත්තේය. ඒ වනාහි විශාල සේනාවකි. ඉදින් එක එක පස්මිටක් හෝ එක එක ගල්කැටයක් ගෙන දමාගසන්නේ නම් දියඅගල පිරී තාප්පය පමණ වූ රාශියක් වන්නේය. බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය ඉටුවන්නේය. එක් අයෙක්වත් එක් පස්පිඩක්වත්, එක් ගල් කැටයක්වත් නගරය දෙසට දමාගසන්නෙක් නොවීය. සියල්ලෝම නතරවී තමන්ගේ කඳවුරු තිබුණු තැන්වලටම ආපසු පැමිණියාහ.

රාජා කෙවට‍්ටං පුච‍්ඡි “කිං කරොම, ආචරියා”ති. “දෙව, කස‍්සචි චූළද‍්වාරෙන නික‍්ඛමිතුං අදත්‍වා සඤ‍්චාරං ඡින්‍දාම, මනුස‍්සා නික‍්ඛමිතුං අලභන‍්තා උක‍්කණ‍්ඨිත්‍වා ද‍්වාරං විවරිස‍්සන‍්ති, අථ මයං පච‍්චාමිත‍්තං ගණ‍්හිස‍්සාමා”ති. පණ‍්ඩිතො තං පවත‍්තිං පුරිමනයෙනෙව ඤත්‍වා චින‍්තෙසි “ඉමෙසු චිරං ඉධෙව වසන‍්තෙසු ඵාසුකං නාම නත්‍ථි. උපායෙනෙව තෙ පලාපෙතුං වට‍්ටතී”ති. සො “මන‍්තෙන තෙ පලාපෙස‍්සාමී”ති එකං මන‍්තකුසලං උපධාරෙන‍්තො අනුකෙවට‍්ටං නාම බ්‍රාහ‍්මණං දිස‍්වා තං පක‍්කොසාපෙත්‍වා “ආචරිය, අම‍්හාකං එකං කම‍්මං නිද‍්ධරිතුං වට‍්ටතී”ති ආහ. “කිං කරොම, පණ‍්ඩිත, වදෙහී”ති. “ආචරිය, තුම‍්හෙ අනුපාකාරෙ ඨත්‍වා අම‍්හාකං මනුස‍්සානං පමාදං ඔලොකෙත්‍වා අන‍්තරන‍්තරා බ්‍රහ‍්මදත‍්තස‍්ස මනුස‍්සානං පූවමච‍්ඡමංසාදීනි ඛිපිත්‍වා “අම‍්භො, ඉදඤ‍්චිදඤ‍්ච ඛාදථ මා උක‍්කණ‍්ඨථ, අඤ‍්ඤං කතිපාහං වසිතුං වායමථ, නගරවාසිනො පඤ‍්ජරෙ බද‍්ධකුක‍්කුටා විය උක‍්කණ‍්ඨිතා නචිරස‍්සෙව වො ද‍්වාරං විවරිස‍්සන‍්ති. අථ තුම‍්හෙ වෙදෙහඤ‍්ච දුට‍්ඨගහපතිපුත‍්තඤ‍්ච ගණ‍්හිස‍්සථා”ති වදෙය්‍යාථ . අම‍්හාකං මනුස‍්සා තං කථං සුත්‍වා තුම‍්හෙ අක‍්කොසිත්‍වා තජ‍්ජෙත්‍වා බ්‍රහ‍්මදත‍්තස‍්ස මනුස‍්සානං පස‍්සන‍්තානඤ‍්ඤෙව තුම‍්හෙ හත්‍ථපාදෙසු ගහෙත්‍වා වෙළුපෙසිකාදීහි පහරන‍්තා විය හුත්‍වා කෙසෙ ඔහාරෙත්‍වා පඤ‍්ච චූළා ගාහාපෙත්‍වා ඉට‍්ඨකචුණ‍්ණෙන ඔකිරාපෙත්‍වා කණවීරමාලං කණ‍්ණෙ කත්‍වා කතිපයපහාරෙ දත්‍වා පිට‍්ඨියං රාජියො දස‍්සෙත්‍වා පාකාරං ආරොපෙත්‍වා සික‍්කාය පක‍්ඛිපිත්‍වා යොත‍්තෙන ඔතාරෙත්‍වා “ගච‍්ඡ මන‍්තභෙදක, චොරා”ති චූළනිබ්‍රහ‍්මදත‍්තස‍්ස මනුස‍්සානං දස‍්සන‍්ති. තෙ තං රඤ‍්ඤො සන‍්තිකං ආනෙස‍්සන‍්ති. රාජා තං දිස‍්වා “කො තෙ අපරාධො”ති පුච‍්ඡිස‍්සති. අථස‍්ස එවං වදෙය්‍යාථ “මහාරාජ, මය‍්හං පුබ‍්බෙ යසො මහන‍්තො, ගහපතිපුත‍්තො මන‍්තභෙදකො”ති මං කුජ‍්ඣිත්‍වා රඤ‍්ඤො කථෙත්‍වා සබ‍්බං මෙ විභවං අච‍්ඡින්‍දි, “අහං මම යසභෙදකස‍්ස ගහපතිපුත‍්තස‍්ස සීසං ගණ‍්හාපෙස‍්සාමී”ති තුම‍්හාකං මනුස‍්සානං උක‍්කණ‍්ඨිතමොචනෙන එතෙසං ඨිතානං ඛාදනීයං වා භොජනීයං වා දෙමි. එත‍්තකෙන මං පොරාණවෙරං හදයෙ කත්‍වා ඉමං බ්‍යසනං පාපෙසි. “තං සබ‍්බං තුම‍්හාකං මනුස‍්සා ජානන‍්ති, මහාරාජා”ති නානප‍්පකාරෙහි තං සද‍්දහාපෙත්‍වා විස‍්සාසෙ උප‍්පන‍්නෙ වදෙය්‍යාථ “මහාරාජ, තුම‍්හෙ මමං ලද‍්ධකාලතො පට‍්ඨාය මා චින‍්තයිත්‍ථ. ඉදානි වෙදෙහස‍්ස ච ගහපතිපුත‍්තස‍්ස ච ජීවිතං නත්‍ථි, අහං ඉමස‍්මිං නගරෙ පාකාරස‍්ස ථිරට‍්ඨානදුබ‍්බලට‍්ඨානඤ‍්ච පරිඛායං කුම‍්භීලාදීනං අත්‍ථිට‍්ඨානඤ‍්ච නත්‍ථිට‍්ඨානඤ‍්ච ජානාමි, න චිරස‍්සෙව වො නගරං ගහෙත්‍වා දස‍්සාමී”ති. අථ සො රාජා සද‍්දහිත්‍වා තුම‍්හාකං සක‍්කාරං කරිස‍්සති, සෙනාවාහනඤ‍්ච පටිච‍්ඡාපෙස‍්සති. අථස‍්ස සෙනං වාළකුම‍්භීලට‍්ඨානෙසුයෙව ඔතාරෙය්‍යාථ. තස‍්ස සෙනා කුම‍්භීලභයෙන න ඔතරිස‍්සති, තදා තුම‍්හෙ රාජානං උපසඞ‍්කමිත්‍වා “තුම‍්හාකං සෙනාය, දෙව, ගහපතිපුත‍්තෙන ලඤ‍්ජො දින‍්නො, සබ‍්බෙ රාජානො ච ආචරියකෙවට‍්ටඤ‍්ච ආදිං කත්‍වා න කෙනචි ලඤ‍්ජො අග‍්ගහිතො නාම අත්‍ථි. කෙවලං එතෙ තුම‍්හෙ පරිවාරෙත්‍වා චරන‍්ති, සබ‍්බෙ පන ගහපතිපුත‍්තස‍්ස සන‍්තකාව, අහමෙකොව තුම‍්හාකං පුරිසො. සචෙ මෙ න සද‍්දහථ, සබ‍්බෙ රාජානො අලඞ‍්කරිත්‍වා මං දස‍්සනාය ආගච‍්ඡන‍්තූ”ති පෙසෙථ. “අථ නෙසං ගහපතිපුත‍්තෙන අත‍්තනො නාමරූපං ලිඛිත්‍වා දින‍්නෙසු වත්‍ථාලඞ‍්කාරඛග‍්ගාදීසු අක‍්ඛරානි දිස‍්වා නිට‍්ඨං ගච‍්ඡෙය්‍යාථා”ති වදෙය්‍යාථ. සො තථා කත්‍වා තානි දිස‍්වා නිට‍්ඨං ගන‍්ත්‍වා භීතතසිතො තෙ රාජානො උය්‍යොජෙත්‍වා “ඉදානි කිං කරොම පණ‍්ඩිතා”ති තුම‍්හෙ පුච‍්ඡිස‍්සති. තමෙනං තුම‍්හෙ එවං වදෙය්‍යාථ “මහාරාජ, ගහපතිපුත‍්තො බහුමායො. සචෙ අඤ‍්ඤානි කතිපයදිවසානි වසිස‍්සථ, සබ‍්බං වො සෙනං අත‍්තනො හත්‍ථගතං කත්‍වා තුම‍්හෙ ගණ‍්හිස‍්සති. තස‍්මා පපඤ‍්චං අකත්‍වා අජ‍්ජෙව මජ‍්ඣිමයාමානන‍්තරෙ අස‍්සපිට‍්ඨියං නිසීදිත්‍වා පලායිස‍්සාම, මා නො පරහත්‍ථෙ මරණං හොතූ”ති. සො තුම‍්හාකං වචනං සුත්‍වා තථා කරිස‍්සති. තුම‍්හෙ තස‍්ස පලායනවෙලාය නිවත‍්තිත්‍වා අම‍්හාකං මනුස‍්සෙ ජානාපෙය්‍යාථාති.

රජු කේවට්ටයන් ඇමතීය. ආචාරීනි, කුමක් දැන් කරන්නෙමුද? රජතුමනි, කිසිවකුටත් කුඩා දොරටුවෙන් පිටත යාමට ඉඩනොදී ගමනාගමනය නතර කරමු. මිනිස්සු පිටත යන්නට නොහැක්කාහු කලකිරී දොරටුව විවෘත කරත්. අනතුරුව අපි සතුරන් අල්ලා ගන්නෙමු. පණ්ඩිතයෝ පෙර පරිදිම ඒ පුවත අසා මෙසේ සිතීය. මොවුන් මෙහි බොහෝකල් නතරවී සිටීම පහසු නොවේ. උපායකින් පලවා හැරිය යුතුය. හෙතෙම ඔවුන් කුමන්ත්‍රණයකින් පලවා හරින්නෙමියි සිතා එක් මන්ත්‍රණයෙහි ද ඇමැතියෙකු ගැන සිතා බලන්නේ අනුකේවට්ට නමැත්තාව කැඳවා ආචාරීනි, අපට එක් කටයුත්තක් ඉටුකර දිය යුතුව ඇත. පණ්ඩිතයෙනි, කුමක් කරමිද කියන්න. ඔබ අනුප්‍රාකාරයේ සිට අපගේ මිනිසුන්ගේ ප්‍රමාදයක් දැක ඉඳහිට බ්‍රහ්මදත්තගේ මිනිසුන්ට කැවිලි මත්ස්‍යමාංශ ආදිය දමා හිතවතුනි, මේ මේ දේ අනුභව කරන්න. නොකලකිරෙව්. තව දින කීපයකින් සිටින්නට උත්සාහ කරන්න. නගරවැසියෝ කුඩුවෙහි දමන ලද කුකුළන් මෙන් කලකිරුනාහු නොබෝ දිනකින්ම ඔබලාට දොර විවර කරන්නාහ. ඉක්බිති නුඹලා වේදේහ රජුවද දුෂ්ට ගෘහපති පුත්‍රයාවද අල්ලා ගනිව් යැයි කියන්න. අපගේ මනුෂ්‍යයෝ ඒ කථාව අසා තොපට ආක්‍රෝශ කර තර්ජනය කොට බ්‍රහ්මදත්තයන්ගේ මිනිසුන් බලාසිටියදීම නුඹලා අත්පාවලින් අල්ලා උණපතුරු ආදියෙන් පහරදෙන්නාක් මෙන් වී බස්සවා සිළු පහක් ගෙන්වාගෙන ගඩොල්කුඩු විසුරුවා කනේරු මල්මාලාවක් ගෙලෙහි දමා පහර කීපයක් දී පිටෙහි ඉරි පෙන්වා ප්‍රාකාරයට නංවා පැසක බහා ලණුවකින් බස්සවා යව. මන්ත්‍රභේදක සොරුයැයි බ්‍රහ්මදත්ත මනුෂ්‍යයන්ට පෙන්වති. ඔවුහු ඔහුව රජුගේ සමීපයට ගෙනයත්. රජු තොපගේ අපරාධය කුමක්දැයි අසයි. ඉක්බිති ඔහුට මෙසේ කියන්නේය. මහරජතුමනි, මාගේ පෙර යසස විශාලය. මන්ත්‍රභේදක වූ ගෘහපති පුත්‍රයා මට කිපී රජුට කියා සියල්ල කපා හැරියේය. මම මගේ යසස නැතිකර දැමූ ගෘහපති පුත්‍රයාගේ හිස ගන්වන්නෙමියි නුඹගේ මිනිසුන් කලකිරීමට බියෙන් මොවුන්ට කෑමබීම දෙමි. මෙපමණකින් පැරණි වෛරය හදවතේ තබා මේ විපතට පත්කළේය. මහරජතුමනි, ඔබගේ ජනයා සියල්ල දනිත්. නොයෙක් අයුරින් ඔහුව විශ්වාස කොට විශ්වාස කළ කල්හි මහරජතුමනි, ඔබවහන්සේ මා ලද කාලයේ පටන් නොසිතන්න. දැන් වේදේහයන්ගේද ගෘහපති පුත්‍රයාගේද ජීවිතය නැත. මම මේ නගරයෙහි ප්‍රාකාරයෙහි ස්ථිර තැන්ද දුර්වල තැන්ද දියඅගලේ කිඹුලන් සිටින තැන් හා නොසිටින තැන්ද දනිමි. නොබෝකලකින්ම නගරය අල්ලාගෙන තොපට පෙන්වමියි කියවේ. ඉක්බිති ඒ රජතෙමේ විශ්වාස කොට සැළකිලි දක්වන්නේය. සේනාවාහන සඟවන්නේය. ඉක්බිති ඔහුගේ සේනාව නපුරු කිඹුලන් සිටින තැන්වලද බස්වන්නාහ. ඔහුගේ සේනා කිඹුලන්ට ඇති බිය නිසා නොබසියි. එවිට ඔබගේ සේනාව දේවයන් වහන්ස, ගෘහපති පුත්‍රයා විසින් භේදකරන ලදී. සියළු රජවරු ආචාරීන් මුල්කරගෙන කිසිදු අල්ලසක් ගත්තේ නැත. හුදෙක් මොවුහු ඔබ පිරිවරා යත්. සියල්ලෝම ගෘහපති පුත්‍රයා සතුය. මේ එකම මම ඔබගේ පුරුෂයා වෙමි. ඉදින් මා විශ්වාස නොකරන්නෙහිද සියළු රජවරු සැරසී මා දැකීමට එත්වායි යවව්. ඉක්බිති ඔවුන්ට ගෘහපති පුත්‍රයා විසින් තමන්ගේ නාමරූපයන් ලියා දුන්කල්හි ඇඳුම්, සැරසිලි, කඩුව ආදියෙහි අකුරු දැක තීරණයක් කරන්න. හෙතෙම එසේකොට ඒවා දැක නිගමනයකට බැස බිය වූයේ තැතිගත්තේ ඒ රජවරුන් උනන්දු කරවා දැන් කුමක් කරමුද? පණ්ඩිතයෙනි! ඔබගෙන් අසන්නේය. ඔබ ඔහුට මෙසේ කියන්න. මහරජතුමනි! ගෘහපති පුත්‍රයා මායම්කාරයෙකි. ඉදින් තව දින කීපයක් වාසය කරන්නහුද සියළු ඔබගේ සේනාව තමන්ගේ අතට ගෙන ඔබව ගත්තෙහිය. ප්‍රමාද නොකොට අදට මැදියරැය අතරේදී අසුපිට හිඳ පැනයන්නෙමු. අපගේ මරණය අනුන් අතට පත්නොවේවා. ඔහු ඔබගේ වචන අසා එසේ කරන්නේය. ඔබ ඔහු පැනයන වේලාවෙහි නතරවී අපගේ මිනිසුන් හඳුනා ගන්න.

තං සුත්‍වා අනුකෙවට‍්ටබ්‍රාහ‍්මණො “සාධු පණ‍්ඩිත, කරිස‍්සාමි තෙ වචන”න‍්ති ආහ. “තෙන හි කතිපයපහාරෙ සහිතුං වට‍්ටතී”ති. “පණ‍්ඩිත , මම ජීවිතඤ‍්ච හත්‍ථපාදෙ ච ඨපෙත්‍වා සෙසං අත‍්තනො රුචිවසෙන කරොහී”ති. සො තස‍්ස ගෙහෙ මනුස‍්සානං සක‍්කාරං කාරෙත්‍වා අනුකෙවට‍්ටං වුත‍්තනයෙන විප‍්පකාරං පාපෙත්‍වා යොත‍්තෙන ඔතාරෙත්‍වා බ්‍රහ‍්මදත‍්තමනුස‍්සානං දාපෙසි. අථ තෙ තං ගහෙත්‍වා තස‍්ස දස‍්සෙසුං. රාජා තං වීමංසිත්‍වා සද‍්දහිත්‍වා සක‍්කාරමස‍්ස කත්‍වා සෙනං පටිච‍්ඡාපෙසි. සොපි තං වාළකුම‍්භීලට‍්ඨානෙසුයෙව ඔතාරෙති. මනුස‍්සා කුම‍්භීලෙහි ඛජ‍්ජමානා අට‍්ටාලකට‍්ඨිතෙහි මනුස‍්සෙහි උසුසත‍්තිතොමරෙහි විජ‍්ඣියමානා මහාවිනාසං පාපුණන‍්ති. තතො පට‍්ඨාය කොචි භයෙන උපගන‍්තුං න සක‍්කොති. අනුකෙවට‍්ටො රාජානං උපසඞ‍්කමිත්‍වා “තුම‍්හාකං අත්‍ථාය යුජ‍්ඣනකා නාම නත්‍ථි, සබ‍්බෙහි ලඤ‍්ජො ගහිතො, අසද‍්දහන‍්තො පක‍්කොසාපෙත්‍වා නිවත්‍ථවත්‍ථාදීසු අක‍්ඛරානි ඔලොකෙථා”ති ආහ. රාජා තථා කත්‍වා සබ‍්බෙසං වත්‍ථාදීසු අක‍්ඛරානි දිස‍්වා “අද‍්ධා ඉමෙහි ලඤ‍්ජො ගහිතො”ති නිට‍්ඨං ගන‍්ත්‍වා “ආචරිය, ඉදානි කිං කත‍්තබ‍්බ”න‍්ති පුච‍්ඡිත්‍වා “දෙව, අඤ‍්ඤං කාතබ‍්බං නත්‍ථි. සචෙ පපඤ‍්චං කරිස‍්සථ, ගහපතිපුත‍්තො වො ගණ‍්හිස‍්සති, ආචරියකෙවට‍්ටොපි කෙවලං නලාටෙ වණං කත්‍වා චරති, ලඤ‍්ජො පන එතෙනපි ගහිතො. අයඤ‍්හි මණිරතනං ගහෙත්‍වා තුම‍්හෙ තියොජනං පලාපෙසි, පුන සද‍්දහාපෙත්‍වා නිවත‍්තෙසි, අයම‍්පි පරිභින්‍දකොව. එකරත‍්තිවාසොපි මය‍්හං න රුච‍්චති, අජ‍්ජෙව මජ‍්ඣිමයාමසමනන‍්තරෙ පලායිතුං වට‍්ටති, මං ඨපෙත්‍වා අඤ‍්ඤො තව සුහදයො නාම නත්‍ථී”ති වුත‍්තෙ “තෙන හි ආචරිය තුම‍්හෙයෙව මෙ අස‍්සං කප‍්පෙත්‍වා යානසජ‍්ජං කරොථා”ති ආහ.

ඒ අසා අනුකේවට්ට බ්‍රාහ්මණයා පණ්ඩිතයෙනි! යහපති. ඔබගේ වචනය කරන්නෙමියි කීය. එසේනම් පහර කීපයක් ඉවසන්නට වටී. පණ්ඩිතයෙනි! මාගේ ජීවිතයද අත්පාද හැර ඉතිරියම තමන්ට රුචි දෙයක් කරන්න. හෙතෙම තමන්ගේ නිවසෙහි ජනයාට සත්කාරකොට අනුකේවට්ටයාව කී ආකාරයෙන්ම මහත් පෙරළියට පත්කොට ලණුවකින් බස්සවා බ්‍රහ්මදත්ත රජුගේ මිනිසුන්ට දුන්නේය. රජු ඔහුව විමසා, විශ්වාසකොට ඔහුට සත්කාර කොට සේනාව මෙහෙයවීය. ඔහුද සේනාව භයානක කිඹුලන් සිටින තැන්වලට බැස්සවීය. මිනිස්සු කිඹුලන් විසින් කාදමන්නාහු අටලුවල සිටින්නන් විසින් ඊ, හෙළි, තෝමර, වර්ෂාවන් වස්වමින් විනාශයට පමුණුවනු ලබත්. එතැන් පටන් බියෙන් ළඟාවන්නට නොහැකි වෙත්. අනුකේවට්ටයා රජු වෙත පැමිණ මහරජතුමනි, ඔබවහන්සේ වෙනුවෙන් සටන්කරන කෙනෙක් නැත. සියල්ලන් විසින්ම අල්ලස් ගෙන ඇත. ඉදින් මා විශ්වාස නොකරන්නේ නම් රජවරුන් කැඳවා හැඳි වස්ත්‍ර ආදියෙහි අක්‍ෂර බලන්නැයි කීය. රජු එසේ කොට සියල්ලන්ගේ වස්ත්‍ර ආදියෙහි අකුරු දැක ඒකාන්තයෙන් මොවුන් විසින් අල්ලස් ගන්නා ලදැයි තීරණයකොට ආචාර්යයෙනි, දැන් කුමක් කළ යුතුදැයි විචාරා දේවයන් වහන්ස, වෙනත් කළයුතු දෙයක් නැත. ඉදින් ප්‍රමාද වන්නේ නම් ගෘහපති පුත්‍රයා නුඹලාව අල්ලා ගත්තේය. මහරජ! කේවට්ට ආචාරීහු ද මුළු නළලෙහිම තුවාලයක් සාදාගෙන ඇවිදියි. මොහු විසින්ද අල්ලස ගත්තේ විය යුතුයි. මේ මාණික්‍ය රත්නය ගෙන ඔබ යොදුන් තුනක් පලාගිය කල්හි නැවත විශ්වාස කොට නතර විය. මෙසේ භේද වී එක්රැයක්වත් නතරවී සිටීම මට රුචි නැත. අදම මැදියම් රැය තුළ පැන යායුතුයි. මා හැර ඔබට වෙන මිතුරෙක් නැතැයි කී කල්හි එසේනම් ආචාරීනි, ඔබම මාගේ අශ්වයාව සූදානම් කර යානය පිළියෙල කරන්නයැයි කීය.

බ්‍රාහ‍්මණො තස‍්ස නිච‍්ඡයෙන පලායනභාවං ඤත්‍වා “මා භායි, මහාරාජා”ති අස‍්සාසෙත්‍වා බහි නික‍්ඛමිත්‍වා උපනික‍්ඛිත‍්තකපුරිසානං “අජ‍්ජ රාජා පලායිස‍්සති, මා නිද‍්දායිත්‍ථා”ති ඔවාදං දත්‍වා රඤ‍්ඤො අස‍්සො යථා ආකඩ‍්ඪිතො සුට‍්ඨුතරං පලායති, එවං අවකප‍්පනාය කප‍්පෙත්‍වා මජ‍්ඣිමයාමසමනන‍්තරෙ “කප‍්පිතො, දෙව, අස‍්සො, වෙලං ජානාහී”ති ආහ. රාජා අස‍්සං අභිරුහිත්‍වා පලායි. අනුකෙවට‍්ටොපි අස‍්සං අභිරුහිත්‍වා තෙන සද‍්ධිං ගච‍්ඡන‍්තො විය ථොකං ගන‍්ත්‍වා නිවත‍්තො. අවකප‍්පනාය කප‍්පිතඅස‍්සො ආකඩ‍්ඪියමානොපි රාජානං ගහෙත්‍වා පලායි. අනුකෙවට‍්ටො සෙනාය අන‍්තරං පවිසිත්‍වා “චූළනිබ්‍රහ‍්මදත‍්තො පලාතො”ති උක‍්කුට‍්ඨිමකාසි. උපනික‍්ඛිත‍්තකපුරිසාපි අත‍්තනො මනුස‍්සෙහි සද‍්ධිං උපඝොසිංසු. සෙසරාජානො තං සුත්‍වා “මහොසධපණ‍්ඩිතො ද‍්වාරං විවරිත්‍වා නික‍්ඛන‍්තො භවිස‍්සති, න නො දානි ජීවිතං දස‍්සතී”ති භීතතසිතා උපභොගපරිභොගභණ‍්ඩානිපි අනොලොකෙත්‍වා ඉතො චිතො ච පලායිංසු. මනුස‍්සා “රාජානො පලායන‍්තී”ති සුට‍්ඨුතරං උපඝොසිංසු. තං සුත්‍වා ද‍්වාරට‍්ටාලකාදීසු ඨිතාපි උන‍්නාදිංසු අප‍්ඵොටයිංසු. ඉති තස‍්මිං ඛණෙ පථවී විය භිජ‍්ජමානා සමුද‍්දො විය සඞ‍්ඛුභිතො සකලනගරං අන‍්තො ච බහි ච එකනින‍්නාදං අහොසි. අට‍්ඨාරසඅක‍්ඛොභණිසඞ‍්ඛා මනුස‍්සා “මහොසධපණ‍්ඩිතෙන කිර බ්‍රහ‍්මදත‍්තො එකසතරාජානො ච ගහිතා”ති මරණභයභීතා අත‍්තනො අත‍්තනො උදරබද‍්ධසාටකම‍්පි ඡඩ‍්ඩෙත්‍වා පලායිංසු. ඛන්‍ධාවාරට‍්ඨානං තුච‍්ඡං අහොසි. චූළනිබ්‍රහ‍්මදත‍්තො එකසතෙ ඛත‍්තියෙ ගහෙත්‍වා අත‍්තනො නගරමෙව ගතො. පුනදිවසෙ පන පාතොව නගරද‍්වාරානි විවරිත්‍වා බලකායා නගරා නික‍්ඛමිත්‍වා මහාවිලොපං දිස‍්වා “කිං කරොම, පණ‍්ඩිතා”ති මහාසත‍්තස‍්ස ආරොචයිංසු. සො ආහ – “එතෙහි ඡඩ‍්ඩිතං ධනං අම‍්හාකං පාපුණාති, සබ‍්බෙසං රාජූනං සන‍්තකං අම‍්හාකං රඤ‍්ඤො, දෙථ, සෙට‍්ඨීනඤ‍්ච කෙවට‍්ටබ්‍රාහ‍්මණස‍්ස ච සන‍්තකං අම‍්හාකං ආහරථ, අවසෙසං පන නගරවාසිනො ගණ‍්හන‍්තූ”ති. තෙසං මහග‍්ඝරතනභණ‍්ඩමෙව ආහරන‍්තානං අඩ‍්ඪමාසො වීතිවත‍්තො. සෙසං පන චතූහි මාසෙහි ආහරිංසු. මහාසත‍්තො අනුකෙවට‍්ටස‍්ස මහන‍්තං සක‍්කාරමකාසි. තතො පට‍්ඨාය ච කිර මිථිලවාසිනො බහූ හිරඤ‍්ඤසුවණ‍්ණා ජාතා. බ්‍රහ‍්මදත‍්තස‍්සපි තෙහි රාජූහි සද‍්ධිං උත‍්තරපඤ‍්චාලනගරෙ වසන‍්තස‍්ස එකවස‍්සං අතීතං.

බ්‍රාහ්මණයා, නිශ්චය වශයෙන්ම ඔහු පලා යන බව දැන මහරජතුමනි, බිය නොවන්නැයි අස්වසා පිටතට ගොස් යොදවන ලද පුරුෂයින්ට, අද රජු පලායන්නේය. නිදා නොගනිව් යැයි අවවාද දී රජුගේ අශ්වයා යම්සේ ඇද්දවිට මනාව පැනයයි ද එසේ නුහුරු ආකාරයට ගලපා මැදියම් රාත්‍රියේ පිළියෙල කර, දේවයන් වහන්ස, අශ්වයා සූදානම් යැයි කීය. රජු අශ්වයා පිට නැගී පලාගියේය. අනුකේවට්ටයාද අශ්වයා පිට නැගී ඔහු සමග යන්නාක් මෙන් හඟවා ටිකක් දුර ගොස් නතරවිය. නුහුරු ආකාරයට සූදානම් කළ අශ්වයා අදිනු ලබන්නේ නමුත් රජුවත් රැගෙන පලා ගියේය. අනුකේවට්ටයා සේනාව අතරට පිවිස චූලනී බ්‍රහ්මදත්ත රජු පලා ගියේයැයි මහාඝෝෂා කළේය. යොදවන ලද මිනිස්සුද තමන්ගේ මිනිසුන් සමග කෑගැසූහ. සෙසු රජවරු ඒ හඬ අසා මහෞෂධ පණ්ඩිතයන් දොර විවෘතකොට නික්ම එන්නේ වන. අපගේ ජීවිතය නැතිවෙයි කියා බයෙන්, සන්ත්‍රාසයෙන් යුක්ත වූයේ උපභෝග පරිභෝග වස්තූන් පවා නොබලා එයින් පලාගියහ. මිනිස්සු රජවරුන් පැනයතියි මනාව හඬනැගුහ. සෙස්සෝ ඒ හඬ අසා දොර, අටලු ආදීයෙහිද හඩ නැගූහ. අත්පුඩි ගැසූහ. මෙසේ ඒ මොහොතෙහිදී බිඳෙන්නා වූ පඨවිය මෙන්ද කැළඹුණු මහසයුර මෙන්ද සියළු නගරයේ ඇතුළතද පිටතද එකනින්නාද විය. අටළොස් අක්‍ෂෞභිණියක් වූ මිනිස්සු මහෞෂධ පණ්ඩිතයන් විසින් බ්‍රහ්මදත්ත රජුද එක්සියයක් රජවරුන් ද අල්ලා ගන්නා ලදැයි මරණ බයෙන් බිය වූවාහු පිහිටක් නැත්තාහු අසරණ වූවාහු බඩබැඳි සළුවද අතහැර පලාගියහ. කඳවුරු භූමිය හිවිය. චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්‍ෂත්‍රියයන් ගෙන තමන්ගේ නගරයටම ගියේය. පසුදා උදෑසනම නගරයේ දොරටු විවෘතකොට බලසේනා නගරයෙන් නික්ම මහා විනාශය දැක පණ්ඩිතයෙනි, කුමක් කරන්නෙමුදැයි මහා සත්ත්වයන්ට කීය. හෙතෙම මෙසේ කීය. මොවුන් විසින් අතහැර දමා ගිය ධනය අපට අයත්ය. සියළු රජවරුන්ට අයත් දේ අපගේ රජතුමාට දෙව්. සිටුවරයන්ටද කේවට්ට බ්‍රාහ්මණයාගේද සන්තක දෙය අපට ගෙන එව්. ඉතිරිය නගරවැසියෝ ගනිත්වා. ඔවුන්ගේ වටිනා මාණික්‍ය භාණ්ඩ ම ගෙනඒමට මාස භාගයක් ගතවිය. ඉතිරිය සිව්මසකින් ගෙන ආහ. මහාසත්ත්වයන් වහන්සේ අනුකේවට්ටයාට බොහෝ සත්කාර කළේය. එතැන් පටන් වනාහි මියුළුනුවර වැසියන් රන්හිමයන් වූ අතර බ්‍රහ්මදත්තයන්ටද ඒ රජුන් සමග උත්තරපංචාල නගරයෙහි වසන්නහුට එක් වර්ෂයක් ගෙවී ගියේය.

බ්‍රහ‍්මදත‍්තස‍්ස යුද‍්ධපරාජයකණ‍්ඩං නිට‍්ඨිතං.