දකරක්ඛසපඤ්හො අට්ඨකථා
දකරක්ඛසපඤ්හො
උදකරාක්ෂස ප්රශ්නය
පඤ්චාලචන්දී විදෙහරඤ්ඤා පියා අහොසි මනාපා. සා දුතියෙ සංවච්ඡරෙ පුත්තං විජායි. තස්ස දසමෙ සංවච්ඡරෙ වෙදෙහරාජා කාලමකාසි. බොධිසත්තො තස්ස ඡත්තං උස්සාපෙත්වා “දෙව, අහං තව අය්යකස්ස චූළනිරඤ්ඤො සන්තිකං ගමිස්සාමී”ති ආපුච්ඡි. පණ්ඩිත, මා මං දහරං ඡඩ්ඩෙත්වා ගමිත්ථ, අහං තං පිතුට්ඨානෙ ඨපෙත්වා සක්කාරං කරිස්සාමීති. පඤ්චාලචන්දීපි නං “පණ්ඩිත, තුම්හාකං ගතකාලෙ අඤ්ඤං පටිසරණං නත්ථි, මා ගමිත්ථා”ති යාචි. සොපි “මයා රඤ්ඤො පටිඤ්ඤා දින්නා, න සක්කා අගන්තු”න්ති මහාජනස්ස කලුනං පරිදෙවන්තස්සෙව අත්තනො උපට්ඨාකෙ ගහෙත්වා නගරා නික්ඛමිත්වා උත්තරපඤ්චාලනගරං ගතො. රාජා තස්සාගමනං සුත්වා පච්චුග්ගන්ත්වා මහන්තෙන සක්කාරෙන නගරං පවෙසෙත්වා මහන්තං ගෙහං දත්වා ඨපෙත්වා පඨමදින්නෙ අසීතිගාමෙ න අඤ්ඤං භොගං අදාසි. සො තං රාජානං උපට්ඨාසි.
පංචාලචණ්ඩී දේවිය රජුට ප්‍රියමනාප වූවාය. ඕ දෙවන වර්ෂයේදී පුතකු බිහිකළාය. ඔහුගේ දසවන වසරේදී වේදේහ රජු මිය ගියේය. බෝධිසත්ත්වයෝ ඔහුට සේසත ඔසවා දේවයන් වහන්ස, මම ඔබගේ මුතුන් රජ්ජුරුවන් වන චූළනී රජු ළඟට යන්නදැයි විචාළේය. පණ්ඩිතය, වයසින් බාල වූ මා අතහැර නොයන්න. මම ඔබව සතුටුකර සත්කාර කරන්නෙමි කීය. පංචාලචණ්ඩියද පණ්ඩිතයෙනි! ඔබ ගිය කල්හි අපට වෙන පිළිසරණක් නැත. නොයන්න. පණ්ඩිතයෝද මා විසින් රජුට පොරොන්දු වූ බැවින් නොගොස් සිටිය නොහැකැයි මහජනයා හඬා වැළපෙද්දීම තමන්ගේ උපස්ථායකයන් ගෙන නික්ම උත්තරපංචාල නගරයට ගියේය. රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් ගරුසත්කාරයෙන් නගරයට කැඳවාගෙන අවුත් විශාල ගෘහයක් ඔහුට දී පළමුවෙන් දෙන ලද අසූවක් ගර අන්කිසිවක් වස්තූන් නොදුන්නේය. ඔහු ඒ රජුට සේවය කළේය.
තදා භෙරී නාම පරිබ්බාජිකා රාජගෙහෙ භුඤ්ජති, සා පණ්ඩිතා බ්යත්තා. තාය මහාසත්තො න දිට්ඨපුබ්බො, “මහොසධපණ්ඩිතො කිර රාජානං උපට්ඨාතී”ති සද්දමෙව සුණාති. තෙනපි සා න දිට්ඨපුබ්බා, “භෙරී නාම පරිබ්බාජිකා රාජගෙහෙ භුඤ්ජතී”ති සද්දමෙව සුණාති. නන්දාදෙවී පන “පියවිප්පයොගං කත්වා අම්හෙ කිලමාපෙසී”ති බොධිසත්තෙ අනත්තමනා අහොසි. සා පඤ්චසතා වල්ලභිත්ථියො ආණාපෙසි “මහොසධස්ස එකං දොසං උපධාරෙත්වා රඤ්ඤො අන්තරෙ පරිභින්දිතුං වායමථා”ති. තා තස්ස අන්තරං ඔලොකෙන්තියො විචරන්ති.
එකල්හි භේරී නම් වූ පරිබ්‍රාජිකාව රජගෙදර වළඳයි. ඇය පණ්ඩිතය. ව්‍යක්තය. ඇය මහාසත්ත්වයන්ට දැක නැත. මහෞෂධ පණ්ඩිතයෝ රජුට සේවය කරති යන හඬ පමණක් අසයි. එසේ ම පණ්ඩිතයන් විසින්ද ඇයව දැක නැත. භේරී නම් පරිබ්‍රාජිකාව රජගෙදර වළඳයි යන හඬ පමණක් අසයි. නන්දා දේවිය වනාහි ප්‍රියයන්ගෙන් වෙන්කර අපව පීඩාවට පත්කළේය කියා බෝධිසත්ත්වයන් කෙරෙහි නො සතුටු වූවාය. ඇය සේවිකාවන් පස්දෙනෙකුට මෙසේ අණ කළාය. මහෞෂධයන්ගේ එක් වරදක් සොයා ඔහුත් රජුත් අතර භේදයක් ඇතිකරන්නට උත්සාහ කරව්. මේ කාන්තාවෝ පණ්ඩිතයන්ගේ වරදක් සොයමින් හැසිරෙත්.
අථෙකදිවසං සා පරිබ්බාජිකා භුඤ්ජිත්වා රාජගෙහා නික්ඛන්තී බොධිසත්තං රාජුපට්ඨානං ආගච්ඡන්තං රාජඞ්ගණෙ පස්සි. සො තං වන්දිත්වා අට්ඨාසි. සා “අයං කිර පණ්ඩිතො, ජානිස්සාමි තාවස්ස පණ්ඩිතභාවං වා අපණ්ඩිතභාවං වා”ති හත්ථමුද්දාය පඤ්හං පුච්ඡන්තී බොධිසත්තං ඔලොකෙත්වා හත්ථං පසාරෙසි. සා කිර “කීදිසං, පණ්ඩිත, රාජා තං පරදෙසතො ආනෙත්වා ඉදානි පටිජග්ගති, න පටිජග්ගතී”ති මනසාව පඤ්හං පුච්ඡි. බොධිසත්තො “අයං හත්ථමුද්දාය මං පඤ්හං පුච්ඡතී”ති ඤත්වා පඤ්හං විස්සජ්ජෙන්තො හත්ථමුට්ඨිං අකාසි. සො කිර “අය්යෙ, මම පටිඤ්ඤං ගහෙත්වා පක්කොසිත්‍වා ඉදානි රාජා ගාළ්හමුට්ඨිව ජාතො, න මෙ අපුබ්බං කිඤ්චි දෙතී”ති මනසාව පඤ්හං විස්සජ්ජෙසි. සා තං කාරණං ඤත්වා හත්ථං උක්ඛිපිත්වා අත්තනො සීසං පරාමසි. තෙන ඉදං දස්සෙති “පණ්ඩිත, සචෙ කිලමසි, මයං විය කස්මා න පබ්බජසී”ති? තං ඤත්වා මහාසත්තො අත්තනො කුච්ඡිං පරාමසි. තෙන ඉදං දස්සෙති “අය්යෙ, මම පොසිතබ්බා පුත්තදාරා බහුතරා, තෙන න පබ්බජාමී”ති. ඉති සා හත්ථමුද්දාය පඤ්හං පුච්ඡිත්වා අත්තනො ආවාසමෙව අගමාසි. මහාසත්තොපි තං වන්දිත්වා රාජුපට්ඨානං ගතො.
ඉක්බිති එක්දිනක් ඒ පරිබ්‍රාජිකාව ආහාර අනුභව කොට රජගෙදර නික්ම යන්නී රාජසේවයට එන බෝධිසත්ත්වයින් රජගෙදර මිදුලේදී දුටුවාය. ඔහු ඇයට වැඳ සිටියේය. මොහු වනාහි පණ්ඩිතයෙකි. ඔහුගේ පණ්ඩිත බව හෝ අපණ්ඩිත බව දැනගන්නෙමියි ඇය සිතුවාය. එසේ සිතා හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරන්නී බෝධිසත්ත්වයින් බලා අත දිගු කළේය. ඇය වනාහි කෙබඳු පණ්ඩිතයන් සියගණනක් රජු වෙන රටවල් ගෙන්වා දැන් පෝෂණය කරයි ද නැද්ද යන්න සිතින් ප්‍රශ්න කළේය. බෝධිසත්ත්වයෝ හස්ත සංඥාවෙන් ප්‍රශ්නයක් විචාරන්නී යැයි දැනගෙන පැනය විසඳන්නේ මිට මෙළවීය. ඔහු වනාහි ආර්යාවෙනි, මගෙන් පොරොන්දු ගෙන කැඳවා දැන් රජු මිට තදකරගෙන මට අමුතු කිසිවක් නොදෙයි කියා මනසින් ප්රශ්නය විසඳීය. ඇය ඔහුගේ කථාව දැන අත ඔසවා තමන්ගේ හිස පිරිමැදීය. එයින් මෙය දක්වයි. පණ්ඩිතය, ඉදින් වෙහෙස වන්නෙහිද? අප මෙන් පැවිදි නොවන්නේ ඇයි? එය දැන මහාසත්ත්වයෝ තමන්ගේ කුස පිරිමැද්දේය. එයින් මේ බව කියවෙයි. ආර්යාවෙනි, මට පෝෂණය කළයුතු බොහෝ දෙනෙක් සිටිත්. ඒ නිසා පැවිදිවිය නොහැක. මෙසේ ඇය හස්තමුද්‍රාවෙන් ප්‍රශ්න විසඳා තමන්ගේ ආවාසයටම ගියාය. මහාසත්ත්වයෝද ඇයට වැඳ රාජසේවයට ගියේය.
නන්දාදෙවියා පයුත්තා වල්ලභිත්ථියො සීහපඤ්ජරෙ ඨිතා තං කිරියං දිස්වා චූළනිරඤ්ඤො සන්තිකං ගන්ත්වා “දෙව, මහොසධො භෙරිපරිබ්බාජිකාය සද්ධිං එකතො හුත්වා තුම්හාකං රජ්ජං ගණ්හිතුකාමො, තුම්හාකං පච්චත්ථිකො හොතී”ති පරිභින්දිංසු. රාජා ආහ – “කිං වො දිට්ඨං වා සුතං වා”ති? මහාරාජ , පරිබ්බාජිකා භුඤ්ජිත්වා ඔතරන්තී මහොසධං දිස්වා රාජානං හත්ථතලං විය ඛලමණ්ඩලං විය ච සමං කත්වා “රජ්ජං අත්තනො හත්ථගතං කාතුං සක්කොසී”ති හත්ථං පසාරෙසි. මහොසධොපි ඛග්ගග්ගහණාකාරං දස්සෙන්තො “කතිපාහච්චයෙන සීසං ඡින්දිත්වා රජ්ජං අත්තනො හත්ථගතං කරිස්සාමී”ති මුට්ඨිං අකාසි. සා “සීසමෙව ඡින්දාහී”ති අත්තනො හත්ථං උක්ඛිපිත්වා සීසං පරාමසි. මහොසධො “මජ්ඣෙයෙව නං ඡින්දිස්සාමී”ති කුච්ඡිං පරාමසි. අප්පමත්තා, මහාරාජ, හොථ, මහොසධං ඝාතෙතුං වට්ටතීති. සො තාසං කථං සුත්වා චින්තෙසි “න සක්කා පණ්ඩිතෙන මයි දුස්සිතුං, පරිබ්බාජිකං පුච්ඡිස්සාමී”ති.
නන්දා දේවිය විසින් මෙහෙයවන ලද සේනක කාන්තාවෝ ජනේලය ළඟ සිටියාහු මේ ක්‍රියාව දැක චූළනී රජු සමීපයට ගොස් රජතුමනි, මහෞෂධයෝ භේරි පරිබ්‍රාජිකාව සමග එක්වී ඔබගේ රාජ්‍යය ගන්නට අදහස් කරති. ඔබවහන්සේගේ සතුරෙකියි භේද කළහ. රජු මෙසේ ඇසීය. නුඹලා කුමක් ඇසුවේද? දුටුවේද? මහරජතුමනි, පරිබ්‍රාජිකාව වළඳා මහලෙන් බසින්නී මහෞෂධයන් දැක රජු අත්ල මෙන්, බලමණ්ඩලය මෙන් සමකොට රාජ්‍යය තමන්ගේ අතට ගන්නට නොහැක්කේහිදැයි අත දිග හැරියේය. මහෞෂධයෝද කඩුව ගන්නා ආකාරය පෙන්වමින් දින කීපයක් ගියතැන හිස සිඳ රාජ්‍යය තමන්ගේ අතට ගන්නෙමියි මිටමොළවා ගත්තේය. ඇය හිසම සිඳිය යුතුයයි තමන්ගේ අත ඔසවා හිස පිරිමැද්දාය. මහෞෂධයෝ ඔහුව ශරීරයේ මැදින් කපන්නෙමියි උදරය පිරිමැද්දේය. මහරජතුමනි, ප්‍රවේශම් වන්න. මහෞෂධයන් මරාදැමිය යුතුයි. රජු ඒ කාන්තාවන්ගේ කථාව අසා මෙසේ සිතීය. පණ්ඩිතයන් විසින් මා කෙරෙහි ද්වේෂවීමක් සිදුවිය නොහැක. පරිබ්‍රාජිකාවගෙන් අසා බලන්නෙමි.
සො පුනදිවසෙ පරිබ්බාජිකාය භුත්තකාලෙ තං උපසඞ්කමිත්වා පුච්ඡි “අය්යෙ, කච්චි තෙ මහොසධපණ්ඩිතො දිට්ඨො”ති? “ආම, මහාරාජ, හිය්යො ඉතො භුඤ්ජිත්වා නික්ඛන්තියා දිට්ඨො”ති. “කොචි පන වො කථාසල්ලාපො අහොසී”ති. “මහාරාජ, සල්ලාපො නත්ථි, ‘සො පන පණ්ඩිතො’ති සුත්වා ‘සචෙ පණ්ඩිතො, ඉදං ජානිස්සතී’ති හත්ථමුද්දාය නං පඤ්හං පුච්ඡන්තී “පණ්ඩිත, කච්චි තෙ රාජා පසාරිතහත්ථො, න සඞ්කුචිතහත්ථො, කච්චි තෙ සඞ්ගණ්හාතී”ති හත්ථං පසාරෙසිං. පණ්ඩිතො – “රාජා මම පටිඤ්ඤං ගහෙත්වා පක්කොසිත්‍වා ඉදානි කිඤ්චි න දෙතී”ති මුට්ඨිමකාසි. අථාහං – “සචෙ කිලමසි, මයං විය කස්මා න පබ්බජසී”ති සීසං පරාමසිං. සො – “මම පොසෙතබ්බා පුත්තදාරා බහුතරා, තෙන න පබ්බජාමී”ති අත්තනො කුච්ඡිං පරාමසීති. “පණ්ඩිතො, අය්යෙ, මහොසධො”ති? “ආම, මහාරාජ, පථවිතලෙ පඤ්ඤාය තෙන සදිසො නාම නත්ථී”ති. රාජා තස්සා කථං සුත්වා තං වන්දිත්වා උය්යොජෙසි. තස්සා ගතකාලෙ පණ්ඩිතො රාජුපට්ඨානං පවිට්ඨො. අථ නං පුච්ඡි “කච්චි තෙ, පණ්ඩිත, භෙරී නාම පරිබ්බාජිකා දිට්ඨා”ති? “ආම, මහාරාජ, හිය්යො ඉතො නික්ඛන්තිං පස්සිං, සා හත්ථමුද්දාය එවං මං පඤ්හං පුච්ඡි, අහඤ්චස්සා තථෙව විස්සජ්ජෙසි”න්ති තාය කථිතනියාමෙනෙව කථෙසි. රාජා තං දිවසං පසීදිත්වා පණ්ඩිතස්ස සෙනාපතිට්ඨානං අදාසි, සබ්බකිච්චානි තමෙව පටිච්ඡාපෙසි. තස්ස යසො මහා අහොසි.
ඔහු පසුදා පරිබ්‍රාජිකාව වැළඳු කල්හි එළඹ විචාළේය. ආර්යාවෙනි! කිම, ඔබ විසින් මහෞෂධ පණ්ඩිතයන්ව දකින ලද්දේද, එසේය මහරජතුමනි, ඊයේ මෙහි වළඳා යන්නා වූ මා විසින් දකින ලදී. කිසියම් කථාබහක් ඇතිවීද? නැත. ඔහු වනාහි පණ්ඩිතයෙකැයි අසා ඉදින් පණ්ඩිතයෙක් නම් මෙය දැනගත්තේය යන සිතින් හස්තමුද්‍රාවෙන් ඔහුගෙන් ප්‍රශ්නයක් අසන්නෙම් පණ්ඩිතය, රජතුමා කෙසේද? දිගුකළ අත් ඇත්තේ ද? හකුළන ලද අත් ඇත්තේද? කිම සංග්‍රහ කරයිද නැද්ද? කියා අත දිගු කළෙමි. පණ්ඩිතයෝ රජු මගෙන් පොරොන්දුවක් ගෙන කැඳවා දැන් කිසිවක් නොදෙයි කියා මිටමොළවා ගත්තේය. ඉක්බිති මම, ඉදින් වෙහෙසට, කරදරයට පත්වන්නේ නම් අප මෙන් පැවිදි වන්නයැයි හිස පිරිමැද්දෙමි. හෙතෙම මට පෝෂණය කළයුතු බොහෝ දෙනෙක් සිටිති. බොහෝ උදරයන් පෝෂණය කළයුතුයි. ඒ නිසා පැවිදි නොවෙමි. ඒ නිසා තමන්ගේ කුස පිරිමැද්දේය. ආර්යාවෙනි, මහෞෂධයෝ පණ්ඩිතයෙකි. එසේය මහරජ. මහපොළවෙහි ඔහුට සමාන ප්‍රඥාවන්තයෙක් නැත. රජු ඇගේ කථාව අසා ඇයට වැඳ පිටත්කර හැරියේය. ඇය ගිය කල්හි පණ්ඩිතයෝ පැමිණියහ. ඉක්බිති ඔහුගෙන් ඇසීය. කෙසේද පණ්ඩිතය, භේරී පරිබ්‍රාජිකාව දුටුවෙහිද? එසේය මහරජතුමනි, ඊයේ මෙතනින් නික්ම යන්නීව දුටුවෙමි. හස්ත මුද්‍රාවෙන් ඇය මගෙන් ප්‍රශ්නයක් ඇසීය. මම ද ඇයට එසේම පිළිතුරු දුන්නෙමි. ඇය විසින් කියන ලද අයුරින්ම කීවේය. රජු එදවස පැහැදී පණ්ඩිතයන්ට ස්නාපති තනතුර දුන්නේය. සියළු කටයුතු ඔහුම පිළියෙල කළේය. ඔහුගේ කීර්තිය විශාල විය.
රඤ්ඤො දින්නයසානන්තරමෙව සො චින්තෙසි “රඤ්ඤා එකප්පහාරෙනෙව මය්හං අතිමහන්තං ඉස්සරියං දින්නං, රාජානො ඛො පන මාරෙතුකාමාපි එවං කරොන්තියෙව, යංනූනාහං ‘මම සුහදයො වා නො වා’ති රාජානං වීමංසෙය්යං, න ඛො පනඤ්ඤො ජානිතුං සක්ඛිස්සති, භෙරී පරිබ්බාජිකා ඤාණසම්පන්නා, සා එකෙනුපායෙන ජානිස්සතී”ති. සො බහූනි ගන්ධමාලාදීනි ගහෙත්වා පරිබ්බාජිකාය ආවාසං ගන්ත්වා තං පූජයිත්වා වන්දිත්වා “අය්යෙ, තුම්හෙහි රඤ්ඤො මම ගුණකථාය කථිතදිවසතො පට්ඨාය රාජා අජ්ඣොත්ථරිත්වා මය්හං අතිමහන්තං යසං දෙති, තං ඛො පන ‘සභාවෙන වා දෙති, නො වා’ති න ජානාමි, සාධු වතස්ස, සචෙ එකෙනුපායෙන රඤ්ඤො මයි සිනෙහභාවං ජානෙය්යාථා”ති ආහ. සා “සාධූ”ති පටිස්සුණිත්වා පුනදිවසෙ රාජගෙහං ගච්ඡමානා දකරක්ඛසපඤ්හං නාම චින්තෙසි. එවං කිරස්සා අහොසි “අහං චරපුරිසො විය හුත්වා උපායෙන රාජානං පඤ්හං පුච්ඡිත්වා ‘පණ්ඩිතස්ස සුහදයො වා, නො වා’ති ජානිස්සාමී”ති. සා ගන්ත්වා කතභත්තකිච්චා නිසීදි. රාජාපි නං වන්දිත්වා එකමන්තං නිසීදි. තස්සා එතදහොසි “සචෙ රාජා පණ්ඩිතස්ස උපරි දුහදයො භවිස්සති, පඤ්හං පුට්ඨො අත්තනො දුහදයභාවං මහාජනමජ්ඣෙයෙව කථෙස්සති, තං අයුත්තං, එකමන්තෙ නං පඤ්හං පුච්ඡිස්සාමී”ති. සා “රහො පච්චාසීසාමි, මහාරාජා”ති ආහ. රාජා මනුස්සෙ පටික්කමාපෙසි. අථ නං සා ආහ – “මහාරාජ, තං පඤ්හං පුච්ඡාමී”ති. “පුච්ඡ, අය්යෙ, ජානන්තො කථෙස්සාමී”ති. අථ සා දකරක්ඛසපඤ්හෙ පඨමං ගාථමාහ –
රජුගේ යසස අනිකකි. ඔහු මෙසේ සිතීය. රජු විසින් එක්වරටම ඉතා උසස් තනතුරක් දෙන ලදී. රජවරු වනාහි මරවනු කැමැත්තාහුද මෙසේ කරත්. රජු මට හිතවත්ද නැද්ද කියා විමසයි යුතුයි. අන් කෙනෙක් දැනගන්නට අසමත් වෙයි. භේරි පරිබ්‍රාජිකාව ඤාණවන්තය. ඕ එක් උපායකින් දැනගන්නේයයි සිතා බොහෝ ගඳමල් ආදිය ගෙන පරිබ්‍රාජිකාවගේ ආවාසයට ගොස් ඇයට පුදා වැඳ උත්තමාවනි, ඔබ විසින් රජුට මගේ ගුණ කියූ දවසේ පටන් රජු මහත් උනන්දුවෙන් ම මහත් යසඉසුරු දෙයි. එය හොඳ හිතින් දීමක්ද. අහිතකින් දෙන දීමක්දැයි මම නොදනිමි. යම්කිසි උපායකින් මා පිළිබඳ රජුගේ අදහස දැනගන්නට හැකිනම් මැනවි. ඇය යහපතැයි පිළිතුරු දී පසුදා රජගෙදරට යනගමන්ම උදක රාක්ෂස නම් වූ ප්රශ්නය ගැන සිතීය. ඇයට මෙසේ සිතුනි. චරපුරුෂයෙක් මෙන් වී උපායකින් රජුගෙන් ප්‍රශ්නයක් අසා පණ්ඩිතයන්ට හිතවත්ද නැද්ද යන්න දැනගන්නෙමි. ඇය ගොස් බත්කිස අවසන් කර හුන්නාය. රජුද ඇයට වැඳ එකත්පසක සිටියේය. ඇයට මෙසේ සිතින. ඉදින් රජු පණ්ඩිතයන් කෙරෙහි අහිතක් ඇත්තේ වන්නේ ද ප්රශ්නය ඇසූවිට ඒ අහිතවත් බව මහජනයා මැදදීම කියන්නේය. එය සුදුසු නැත. එක් පැත්තකට වී රජුගෙන් අසන්නෙමියි ඕ තොමෝ මහරජතුමනි, හුදෙකලාව සිටින්නට කැමැත්තෙමියි කීය. රජු මිනිසුන්ව ඉවත් කළේය. ඉක්බිති ඇය ඔහුට මෙසේ කීවාය. මහරජතුමනි, ඔබගෙන් ප්‍රශ්නයක් අසමි. උත්තමාවෙනි, අසන්න. දන්නේ නම් කියන්නෙමි. ඉක්බිති ඇය දකරාක්ෂස ප්රශ්නයේ මුල් ගාථාව රජුට කීවාය.
“සචෙ වො වුය්හමානානං, සත්තන්නං උදකණ්ණවෙ; මනුස්සබලිමෙසානො, නාවං ගණ්හෙය්ය රක්ඛසො; අනුපුබ්බං කථං දත්වා, මුඤ්චෙසි දකරක්ඛසා”ති. (ජා· 1.16.224);
ඉදින් තොප සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්ෂාවෙන් එක් දිය රකුසෙක් නැව අල්ලා ගන්නේ නම් අනුපිළිවෙලින් දියරකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහිද?
තත්ථ සත්තන්නන්ති තුම්හාකං මාතා ච නන්දාදෙවී ච තිඛිණමන්තිකුමාරො ච ධනුසෙඛසහායො ච පුරොහිතො ච මහොසධො ච තුම්හෙ චාති ඉමෙසං සත්තන්නං. උදකණ්ණවෙති ගම්භීරවිත්ථතෙ උදකෙ. මනුස්සබලිමෙසානොති මනුස්සබලිං ගවෙසන්තො. ගණ්හෙය්යාති ථාමසම්පන්නො දකරක්ඛසො උදකං ද්විධා කත්වා නික්ඛමිත්වා තං නාවං ගණ්හෙය්ය, ගහෙත්වා ච පන “මහාරාජ, ඉමෙ ඡ ජනෙ මම අනුපටිපාටියා දෙහි, තං විස්සජ්ජෙස්සාමී”ති වදෙය්ය. අථ ත්වං අනුපුබ්බං කථං දත්වා මුඤ්චෙසි දකරක්ඛසා, කං පඨමං දත්වා…පෙ… කං ඡට්ඨං දත්වා දකරක්ඛසතො මුඤ්චෙය්යාසීති?
එහි සත්තන්නං යනු නුඹගේ මවත්, නන්දා යත් තිඛිණ මන්ත්‍රී කුමාරයාද ධනුශේඛර කුමාරයා ද, අග්‍ර පුරෝහිත කේවට්ටයා ද, මහෞෂධ හා ඔබත් යන මේ සත්දෙනා. උදකණ්ණවෙ ගැඹුරු පළල ජලයෙහි. මනුස්සබලිමෙසානො මිනිස් බිල්ලක් සොයන්නේ. ගණ්හෙය්ය ශක්තිමත් වූ දියරකුසා ජලය දෙබෑකොට නික්ම ඒ නැව අල්වා ගන්නේය. ගෙනද මහරජ, මේ ජනයන් සයදෙනාව මට අනුපිළිවෙලින් දෙව. එය විසඳන්නෙමියි කියන්නේය. ඉක්බිති ඔබ අනුපුබ්බං කථං දවා මුඤ්චෙසි දකරක්ඛිනො කවරකු මුලින්ම දී -පෙ- කවරකු සයවෙනිව දී දියරකුසාගෙන් මිදෙන්නෙහිද?
තං සුත්වා රාජා අත්තනො යථාජ්ඣාසයං කථෙන්තො ඉමං ගාථමාහ –
එය අසා රජු තමාගේ නියම අදහස කියන්නේ මේ ගාථාව කීය.
“මාතරං පඨමං දජ්ජං, භරියං දත්වාන භාතරං; තතො සහායං දත්වාන, පඤ්චමං දජ්ජං බ්රාහ්මණං; ඡට්ඨාහං දජ්ජමත්තානං, නෙව දජ්ජං මහොසධ”න්ති. (ජා· 1.16.225);
පළමුව වැදූ මව දෙන්නෙමි. දෙවනුව නන්දා දේවිය ද තුන්වෙනුව මලණුවන් ද ඉක්බිති යහළුවාද දී පස්වෙනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව තමාව දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නොදෙන්නෙමි.
තත්ථ ඡට්ඨාහන්ති අය්යෙ, පඤ්චමෙ ඛාදිතෙ අථාහං “භො දකරක්ඛස, මුඛං විවරා”ති වත්වා තෙන මුඛෙ විවටෙ දළ්හං කච්ඡං බන්ධිත්වා ඉමං රජ්ජසිරිං අගණෙත්වා “ඉදානි මං ඛාදා”ති තස්ස මුඛෙ පතෙය්යං, න ත්වෙව ජීවමානො මහොසධපණ්ඩිතං දදෙය්යන්ති, එත්තකෙන අයං පඤ්හො නිට්ඨිතො.
එහි ජට්ඨාහං උත්තමාවිය, පස්වැන්නාව කෑ කල්හි අනතුරුව මම එම්බා ජලරකුස, මුව විවර කරන්නැයි කියා ඔහු මුව විවෘත කළ කල්හි බැඳ මේ රජසිරිය ගණන් නොගෙන දැන් මාව කන්නයැයි ඔහුගේ මුවට පනින්නෙමි. ජීවත් වන්නෙම් මහෞෂධ පණ්ඩිතයන් නොදෙන්නෙමි.
එවං ඤාතං පරිබ්බාජිකාය රඤ්ඤො මහාසත්තෙ සුහදයතං, න පන එත්තකෙනෙව පණ්ඩිතස්ස ගුණො චන්දො විය පාකටො හොති. තෙනස්සා එතදහොසි “අහං මහාජනමජ්ඣෙ එතෙසං ගුණං කථයිස්සාමි, රාජා තෙසං අගුණං කථෙත්වා පණ්ඩිතස්ස ගුණං කථෙස්සති, එවං පණ්ඩිතස්ස ගුණො නභෙ පුණ්ණචන්දො විය පාකටො භවිස්සතී”ති. සා සබ්බං අන්තෙපුරජනං සන්නිපාතාපෙත්වා ආදිතො පට්ඨාය පුන රාජානං තමෙව පඤ්හං පුච්ඡිත්වා තෙන තථෙව වුත්තෙ “මහාරාජ, ත්වං ‘මාතරං පඨමං දස්සාමී’ති වදසි, මාතා නාම මහාගුණා, තුය්හඤ්ච මාතා න අඤ්ඤෙසං මාතුසදිසා. බහූපකාරා තෙ එසා”ති තස්සා ගුණං කථෙන්තී ගාථාද්වයමාහ –
මෙතෙකින් මේ ප්රශ්නය නිමවිය. මහාසත්ත්වයන් පිළිබඳව රජුගේ ඇති සුහදතාවය පරිබ්‍රාජිකාව විසින් දැනගන්නා ලදී. මෙපමණකින් පමණක් පණ්ඩිතයන්ගේ ගුණය ප්‍රකට නොවෙයි. ඒ නිසා ඇයට මෙසේ සිතින. මම මහජනයා මැද මොහුගේ ගුණ කියන්නෙමි. රජු ඔවුන්ගේ නුගුණ කියා පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේය. මෙසේ පණ්ඩිතයන්ගේ ගුණය අහසෙහි සඳ මෙන් ප්‍රකට වන්නේය. ඕ තොමෝ සියළු අන්තඃපුර වාසීන් රැස්කරවා මුලපටන් නැවත රජුගෙන් එම ප්‍රශ්නයම විචාරා ඔහු විසින් එසේම කී කල්හි මහරජ, නුඹ පළමුව මව ව දෙන්නෙමියි කියන්නෙහිය. මව වනාහි මහා ගුණැත්තියකි. ඔබගේ මව අන් මව්වරුන් හා සමාන නොවේ. ඇය ඔබට අතිශයින් උපකාරී වෙයි. මෙසේ ඇගේ ගුණ කියන්නී ගාථා දෙකක් කීවාය.
“පොසෙතා තෙ ජනෙත්තී ච, දීඝරත්තානුකම්පිකා; ඡබ්භී තයි පදුස්සති, පණ්ඩිතා අත්ථදස්සිනී; අඤ්ඤං උපනිසං කත්වා, වධා තං පරිමොචයි.
(තලතා දේවිය) තොපගේ මව තොපව පෝෂණය කළාය. බොහෝකල් අනුකම්පා ඇත්තීය. ජම්භී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කල නුවණැති අර්ථදර්ශී මවුතොමෝ අන්‍යයකු ඉදිරිපත් කොට තොප වධයෙන් මිදුවාය.
“තං තාදිසිං පාණදදිං, ඔරසං ගබ්භධාරිනිං; මාතරං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො”ති. (ජා· 1.16.226-227);
එසේ ප්‍රාණය දුන් ළෙහි හොවා හැදූ දසමසක් කුස දැරූ මැණියන් කිනම් දොසකින් දිය රකුසාට දෙන්නහුද?
තත්ථ පොසෙතාති දහරකාලෙ ද්වෙ තයො වාරෙ න්හාපෙත්වා පායෙත්‍වා භොජෙත්වා තං පොසෙසි. දීඝරත්තානුකම්පිකාති චිරකාලං මුදුනා හිතචිත්තෙන අනුකම්පිකා. ඡම්භී තයි පදුස්සතීති යදා තයි ඡම්භී නාම බ්රාහ්මණො පදුස්සි, තදා සා පණ්ඩිතා අත්ථදස්සිනී අඤ්ඤං තව පටිරූපකං කත්වා තං වධා පරිමොචයි.
එහි පොසෙතා කුඩා කාලයේ දෙතුන්වරක් නහවා, කවාපොවා පෝෂණය කළාය. දීඝරත්තානුකම්පිකා බොහෝ කලක් මොළොක් සිතෙන් අනුකම්පා කරන. ජම්භීතයිපදුට්ඨස්මිං යම්කලෙක ඔබ කෙරෙහි ජම්භී නම් බ්‍රාහ්මණයා ප්‍රකෝප වූ කල්හි එවිට ඔහු කෙරෙහි ඔබ කිපුණු කල්හි පණ්ඩිත වූ ඇය අත්ථදස්සිනී වෙන අයකුව ඔබ මෙන් සරසා ඔබව වධයෙන් මිදුවාය.
චූළනිස්ස කිර මහාචූළනී නාම පිතා අහොසි. සා ඉමස්ස දහරකාලෙ පුරොහිතෙන සද්ධිං මෙථුනං පටිසෙවිත්වා රාජානං විසෙන මාරාපෙත්වා බ්රාහ්මණස්ස ඡත්තං උස්සාපෙත්වා තස්ස අග්ගමහෙසී හුත්වා එකදිවසං “අම්ම, ඡාතොම්හී”ති වුත්තෙ පුත්තස්ස ඵාණිතෙන සද්ධිං පූවඛජ්ජකං දාපෙසි. අථ නං මක්ඛිකා පරිවාරයිංසු, සො “ඉමං නිම්මක්ඛිකං කත්වා ඛාදිස්සාමී”ති ථොකං පටික්කමිත්වා භූමියං ඵාණිතබින්දූනි පාතෙත්වා අත්තනො සන්තිකෙ මක්ඛිකා පොථෙත්වා පලාපෙසි. තා ගන්ත්වා ඉතරං ඵාණිතං පරිවාරයිංසු. සො නිම්මක්ඛිකං කත්වා ඛජ්ජකං ඛාදිත්වා හත්ථං ධොවිත්වා මුඛං වික්ඛාලෙත්වා පක්කාමි. බ්රාහ්මණො තස්ස තං කිරියං දිස්වා චින්තෙසි “අයං දාරකො ඉදානෙව නිම්මක්ඛිකං ඵාණිතං ඛාදති, වුඩ්ඪිප්පත්තො මම රජ්ජං න දස්සති, ඉදානෙව නං මාරෙස්සාමී”ති. සො දෙවියා තමත්ථං ආරොචෙසි.
චූළනී රජුගේ පියා මහා චූළ නම් වූයේය. ඔහුගේ පුරෝහිතයා ඡබ්බ නම් විය. චූළනී කුඩා කළ තලතා දේවිය පුරෝහිතයා සමග සංවාසයේ යෙදී ඒ රජුව වස දී මරවා බ්‍රාහ්මණයාට සේසත ඔසවා ඔහුට අගමෙහෙසිය වී එක්දිනක් චූළනී කුමාරයා මෑණියනි! බඩගිනි යැයි කී කල්හි පුත්‍රයාට පැණි සහිත කැවිලි වර්ගයක් දෙවීය. ඉක්බිති එයට මැස්සෝ එක්රැස් වූහ. හෙතෙම මෙය මැස්සන් නැතිව අනුභව කරන්නෙමියි ස්වල්පයක් ඉවත්කර බිම පැණිබිංදු හෙළා තමන් සමීපයේ සිටි මැස්සන් ගසා දමා පන්නා දැමීය. ඒ මැස්සෝ ගොස් අනික් පැණිගොඩට රැස්වූහ. හෙතෙම මැස්සන් නැතිව කැවිල්ල අනුභව කොට අත් සෝදාගෙන මුව සෝදාගෙන යන්ට ගියේය. බ්‍රාහ්මණයා ඔහුගේ ක්‍රියාව දැක මෙසේ සිතීය. මේ තෙමේ දැන්ම මේ උපක්‍රමයෙන් මැස්සන් නැති රසකැවිල්ල අනුභව කරයි. වැඩිවියට පත්ව මට රජකම නොදෙයි. දැන්ම ඔහුව මරවන්නෙමි. හෙතෙම ඒ බව තලතා දේවියට පැවසීය.
සා “සාධූ, දෙව, අහං තයි සිනෙහෙන අත්තනො සාමිකම්පි මාරෙසිං, ඉමිනා මෙ කො අත්ථො, මහාරාජ, එකම්පි අජානාපෙත්වා රහස්සෙන නං මාරෙස්සාමී”ති බ්රාහ්මණං වඤ්චෙත්වා “අත්ථෙසො උපායො”ති පණ්ඩිතං උපායකුසලං භත්තකාරකං පක්කොසාපෙත්වා “සම්ම, මම පුත්තො චූළනිකුමාරො ච තව පුත්තො ධනුසෙඛකුමාරො ච එකදිවසං ජාතා එකතො කුමාරපරිහාරෙන වඩ්ඪිතා පියසහායකා, ඡබ්භිබ්රාහ්මණො මම පුත්තං මාරෙතුකාමො, ත්වං තස්ස ජීවිතදානං දෙහී”ති වත්වා “සාධු, දෙවි, කිං කරොමී”ති වුත්තෙ “මම පුත්තො අභිණ්හං තව ගෙහෙ හොතු, ත්වඤ්ච තෙ ච කතිපාහං නිරාසඞ්කභාවත්ථාය මහානසෙයෙව සුපථ. තතො නිරාසඞ්කභාවං ඤත්වා තුම්හාකං සයනට්ඨානෙ එළකට්ඨීනි ඨපෙත්වා මනුස්සානං සයනවෙලාය මහානසෙ අග්ගිං දත්වා කඤ්චි අජානාපෙත්වා මම පුත්තඤ්ච තව පුත්තඤ්ච ගහෙත්වා අග්ගද්වාරෙනෙව නික්ඛමිත්වා තිරොරට්ඨං ගන්ත්වා මම පුත්තස්ස රාජපුත්තභාවං අනාචික්ඛිත්වා ජීවිතං අනුරක්ඛාහී”ති ආහ.
ස්වාමීනි, යහපති. මම ඔබ කෙරෙහි සෙනෙහසින් තමන්ගේ ස්වාමියාව ද මැරවූයෙමි. මොහුගෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මහජනයාට නොදැනෙන සේ රහසිගතව ඔහුව මරවන්නෙමියි බ්‍රාහ්මණයාව රවටා, අවශ්‍ය අවස්ථාවේ උපායක් යෙදිය යුතුයැයි සිතූ ඇය පණ්ඩිතය, උපායෙහි දක්ෂය, අරක්කැමියා කැඳවා හිතවත, මගේ පුතා චූළනී කුමාරයා ය. ඔබේ පුත්‍රයා ධනුශේඛර කුමාරයාය. එක්දිනයේම උපන්නෝය. එකට ම කුමර පෙරහරින් වැඩුනාහ. ප්‍රිය මිත්‍රයෝය. ජබ්බී බ්‍රාහ්මණයා මාගේ පුත්‍රයාව මරනු කැමැත්තේය. ඔබ ඔහුට ජීවිතදානය දෙන්න යැයි කියා දේවියනි, එසේය. කුමක් කරන්නෙම්දැයි ඇසූ කල්හි මාගේ පුත්‍රයා නිතරම ඔබගේ නිවසෙහි සිටීවා. ඔබද ඔහුද දින කීපයක් සැක නැති වීම සඳහා ප්‍රධාන කුස්සියේ ම නිදාගන්න. එයින් සැක නැතිකොට ඔබ නිදන තැන එළු ඇට තබා මිනිසුන් නිදාගන්නා වේලාවෙහි ප්‍රධාන කුස්සියෙහි ගිනි දල්වා කිසිවකුටත් නොදන්වා ඔබගේත් මගේත් පුත්‍රයන් ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම රට ඇතුළට ගොස් මාගේ පුත්‍රයාගේ රාජපුත්රභාවය හෙළිදරව් නොකොට ජීවිතය රැකදෙන්න යැයි කීවාය.
සො “සාධූ”ති සම්පටිච්ඡි. අථස්ස සා රතනසාරං අදාසි. සො තථා කත්වා කුමාරඤ්ච පුත්තඤ්ච ආදාය මද්දරට්ඨෙ සාගලනගරං ගන්ත්වා රාජානං උපට්ඨාසි. සො පොරාණභත්තකාරකං අපනෙත්වා තස්ස තං ඨානං අදාසි. ද්වෙපි කුමාරා තෙන සද්ධිංයෙව රාජනිවෙසනං ගච්ඡන්ති. රාජා “කස්සෙතෙ පුත්තා කුමාරා”ති පුච්ඡි. භත්තකාරකො “මය්හං පුත්තා”ති ආහ. “නනු ද්වෙ අසදිසා”ති? “ද්වින්නං ඉත්ථීනං පුත්තා, දෙවා”ති. තෙ ගච්ඡන්තෙ කාලෙ විස්සාසිකා හුත්වා මද්දරඤ්ඤො ධීතාය සද්ධිං රාජනිවෙසනෙයෙව කීළන්ති. අථ චූළනිකුමාරො ච රාජධීතා ච අභිණ්හදස්සනෙන අඤ්ඤමඤ්ඤං පටිබද්ධචිත්තා අහෙසුං. කීළනට්ඨානෙ කුමාරො රාජධීතරං ගෙණ්ඩුකම්පි පාසකම්පි ආහරාපෙති. අනාහරන්තිං සීසෙ පහරති, සා රොදති. අථස්සා සද්දං සුත්වා රාජා “කෙන මෙ ධීතා පහටා”ති වදති. ධාතියො ආගන්ත්වා පුච්ඡන්ති. කුමාරිකා “සචාහං ‘ඉමිනා පහටාම්හී’ති වක්ඛාමි , පිතා මෙ එතස්ස රාජදණ්ඩං කරිස්සතී”ති සිනෙහෙන න කථෙති, “නාහං කෙනචි පහටා”ති වදති.
හෙතෙම යහපතැයි පිළිගත්තේය. ඉක්බිති ඇය ඔහුට වටිනා මැණිකක් දුන්නාය. හෙතෙම එසේ කොට කුමාරයා ගෙන මදුරටෙහි සාගල නගරයට ගොස් රජුට උපස්ථාන කළේය. හෙතෙම පැරණි අරක්කැමියා ඉවත්කර ඔහුට ඒ තනතුර දුන්නේය. කුමාරවරු දෙදෙනා ද ඔහු සමගම රජගෙදරට යත්. මේ කාගේ දරුවන්දැයි රජු ඇසීය. අරක්කැමියා මාගේ දරුවන් යැයි කීය. ඔවුනොවුන් වෙනස් නොවේද? රජතුමනි, භාර්යාවන් දෙදෙනෙකුගේ දරුවන්ය. ඔහු කල්ගතවන කල්හි විශ්වාසවන්ත වී මදුරට රජුගේ දියණිය සමග රජගෙදරම ක්‍රීඩා කරත්. ඉක්බිති චූළනී කුමාරයා ද රජදියණිය ද නිතර දැකීමෙන් ඔවුනොවුන් බැඳුණු සිතැත්තෝ වූහ. ක්‍රීඩාකරන ස්ථානයෙහිදී රජකුමරු රජදියණිය ලවා පන්දුව ගෙන්වා ගත්තේය. නොගෙනෙන විට හිසට පහරදෙයි. ඇය හඬයි. ඉක්බිති ඇයගේ හඬ අසා රජු කවරකු විසින් මගේ දියණියට පහරදෙන ලදදැයි අසයි. කිරිමව්වරු අවුත් අසා බලත්. කුමාරිකාව, ඉදින් මොහු මට පහරදුන්නේ යයි කිවහොත් පියා මොහුට දඬුවම් කරයි කියා සිතා ඔහු කෙරෙහි ඇති සෙනෙහස නිසා නොකියන්නීය. කවුරුවත් මට පහරදුන්නේ නැතැයි කියයි.
අථෙකදිවසං මද්දරාජා නං පහරන්තං අද්දස. දිස්වානස්ස එතදහොසි “අයං කුමාරො න ච භත්තකාරකෙන සදිසො අභිරූපො පාසාදිකො අතිවිය අඡම්භිතො, න ඉමිනා එතස්ස පුත්තෙන භවිතබ්බ”න්ති. සො තතො පට්ඨාය තං පරිග්ගණ්හි. ධාතියො කීළනට්ඨානෙ ඛාදනීයං ආහරිත්වා රාජධීතාය දෙන්ති, සා අඤ්ඤෙසම්පි දාරකානං දෙති. තෙ ජණ්ණුනා පතිට්ඨාය ඔනතා ගණ්හන්ති. චූළනිකුමාරො පන ඨිතකොව තස්සා හත්ථතො අච්ඡින්දිත්වා ගණ්හාති. රාජාපි තං කිරියං අද්දස. අථෙකදිවසං චූළනිකුමාරස්ස ගෙණ්ඩුකො රඤ්ඤො චූළසයනස්ස හෙට්ඨා පාවිසි. කුමාරො තං ගණ්හන්තො අත්තනො ඉස්සරමානෙන “ඉමස්ස පච්චන්තරඤ්ඤො හෙට්ඨාසයනෙ න පවිසාමී”ති තං දණ්ඩකෙන නීහරිත්වා ගණ්හි. රාජා තම්පි කිරියං දිස්වා “නිච්ඡයෙනෙස න භත්තකාරකස්ස පුත්තො”ති තං පක්කොසාපෙත්වා “කස්සෙසො පුත්තො”ති පුච්ඡි. “මය්හං පුත්තො, දෙවා”ති. “අහං තව පුත්තඤ්ච අපුත්තඤ්ච ජානාමි, සභාවං මෙ කථෙහි, නො චෙ කථෙසි, ජීවිතං තෙ නත්ථී”ති ඛග්ගං උග්ගිරි. සො මරණභයභීතො “කථෙමි, දෙව, රහො පන පච්චාසීසාමී”ති වත්වා රඤ්ඤා ඔකාසෙ කතෙ අභයං යාචිත්වා යථාභූතං ආරොචෙසි. රාජා තථතො ඤත්වා අත්තනො ධීතරං අලඞ්කරිත්වා තස්ස පාදපරිචාරිකං කත්වා අදාසි.
ඉක්බිති එක්දිනක් මෙසේ පහරදෙන සැටි රජු දුටුවේය. දැන ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මේ කුමාරයා අරක්කැමියාට සමාන නොවේ. රූමත්ය. ප්රසාදජනකය. අතිශයින් නිර්භයය. මේ මොහුගේ දරුවෙක් නොවිය යුතුයි. ඔහු එතැන් පටන් සුපරීක්ෂාකාරී වෙයි. කිරි මව්වරු ක්‍රීඩාකරන තැනට කැවිලි වර්ග ගෙනවුත් රජ දියණියට දෙත්. ඇය අනිත් දරුවන්ටද දෙයි. ඔව්හු දණගසා නැමී ගනිත්. චූළනී කුමාරයා හිටගෙනම අතින් නොසිඳ ගනී. රජු ඒ ක්‍රියාවද දුටුවේය. ඉක්බිති එක්දිනක චූළනී කුමාරයාගේ පන්දුව රජුගේ කුඩා සයනය යටට ගියේය. කුමාරයා එය ගන්නේ තමන්ගේ මහන්තත්වය නිසා හටගත් මානයෙන්, මේ ප්‍රත්‍යන්ත රජකුගේ සයනය යටට නොයන්නෙමියි සිතා දණ්ඩකින් එය ගත්තේය. රජු ඒ ක්‍රියාවද දැන ස්ථිර වශයෙන්ම මොහු අරක්කැමියාගේ පුත්‍රයෙක් නොවෙයි සිතා ඔහු කැඳවා මේ කාගේ දරුවෝදැයි විචාළේය. මගේය දේවයන් වහන්සැයි කීය. මම ඔබගේ පුත්‍රයාවත්, පුත්‍රයා නොවන අයවත් දනිමි. මට සත්‍යය ප්‍රකාශ කරව. ඉදින් නොකියන්නේ නම් තාගේ ජීවිතය නැති කරමියි කඩුව එසවීය. ඔහු මරණ බියෙන් බියපත්වූයේ කියමි දේවයන් වහන්ස. රහස හෙළිකරන්නෙමියි කී කල්හි රජු අවසර දුන් කල්හි අභය ඉල්වා ඇති තතු පැවසීය. රජු ඇති තතු දැනගෙන තමන්ගේ දියණිය සරසා ඔහුට බිරිඳකොට පාවා දුන්නේය.
ඉමෙසං පන පලාතදිවසෙ “භත්තකාරකො ච චූළනිකුමාරො ච භත්තකාරකස්ස පුත්තො ච මහානසෙ පදිත්තෙයෙව දඩ්ඪා”ති සකලනගරෙ එකකොලාහලං අහොසි. චලාකදෙවීපි තං පවත්තිං සුත්වා බ්රාහ්මණස්ස ආරොචෙසි “දෙව, තුම්හාකං මනොරථො මත්ථකං පත්තො, තෙ කිර තයොපි භත්තගෙහෙයෙව දඩ්ඪා”ති. සො තුට්ඨහට්ඨො අහොසි. චලාකදෙවීපි “චූළනිකුමාරස්ස අට්ඨීනී”ති එළකස්ස අට්ඨීනි ආහරාපෙත්වා බ්රාහ්මණස්ස දස්සෙත්වා ඡඩ්ඩාපෙසි. ඉමමත්ථං සන්ධාය පරිබ්බාජිකා “අඤ්ඤං උපනිසං කත්වා, වධා තං පරිමොචයී”ති ආහ. සා හි එළකස්ස අට්ඨීනි “මනුස්සඅට්ඨීනී”ති දස්සෙත්වා තං වධා මොචෙසි. ඔරසන්ති යාය ත්වං උරෙ කත්වා වඩ්ඪිතො, තං ඔරසං පියං මනාපං. ගබ්භධාරිනින්ති යාය ත්වං කුච්ඡිනා ධාරිතො, තං එවරූපං මාතරං කෙන දොසෙන දකරක්ඛසස්ස දස්සසීති.
ඔවුන් පැනගිය කල්හි අරක්කැමියාද, චූළනී කුමාරයාද අරක්කැමියාගේ පුත්‍රයාද ප්‍රධාන කුස්සිය ගිනි ගනිද්දී දැවී ගියාහයි මුළු නගරයෙහිම පැතිරී ගියේය. තලතාදේවිය ඒ පුවත අසා බ්‍රාහ්මණයාට දැන්වූවාය. ස්වාමීනි, අපගේ බලාපොරොත්තුව සඵල විය. ඒ තුන්දෙනාම කුස්සියේදී දැවුනාහ. ඔහු අතිශයින් තුටු පහටු විය. තලතාදේවිය චූළනී කුමාරයාගේ ඇටකටු යැයි එළුඇට ගෙන්වා බ්‍රාහ්මණයාට පෙන්වා ඇත්ත බව හැඟවීය. මේ කාරණය වෙනුවෙන් පරිබ්‍රාජිකා අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොචයී යැයි කීය. ඕ තොමෝ වනාහි එළුඇට මිනිස් ඇට යයි පෙන්වා ඔහුව මරණයෙන් බේරාගත්තාය. ඔරසං යම් ඇත්තියක විසින් නුඹව කුසෙහි දරා වැඩුයේද ඔහු ඔරස නම් වේ. ප්‍රියමනාප වේ. ගබ්භධාරිණී යම් තැනැත්තියක විසින් ඔබ කුසින් දැරුවේද, එබඳු වූ මවක් කවර වරදකින් ජලරකුසාට දෙන්නෙහිද?
තං සුත්වා රාජා “අය්යෙ, බහූ මම මාතු ගුණා, අහඤ්චස්සා මම උපකාරභාවං ජානාමි, තතොපි පන මමෙව ගුණා බහුතරා”ති මාතු අගුණං කථෙන්තො ඉමං ගාථාද්වයමාහ –
ඒ අසා රජු ආර්යාවෙනි, මම මවගේ බොහෝ ගුණ ද මට කළ උපකාරද දනිමි. එයිනුත් මගේම ගුණ බොහෝයැයි මවගේ අගුණ කියමින් ගාථා දෙකක් පැවසීය.
“දහරා වියලඞ්කාරං, ධාරෙති අපිළන්ධනං; දොවාරිකෙ අනීකට්ඨෙ, අතිවෙලං පජග්ඝති.
තරුණ කතක සේ නොපැළඳිය යුතු ආභරණ පළඳින්නීය. දොරටුපල්ලන් හා සෙබළුන් සමග බොහෝකොට මහහඬින් සිනාසෙන්නීය.
“අථොපි පටිරාජූනං, සයං දූතානි සාසති; මාතරං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො”ති. (ජා· 1.16.228-229);
තවද අසල්වැසි රජුනට තොමෝ මැ දූතයන් යවන්නීය. මම ඒ දෝෂය හේතුකොටගෙන දිය රකුසාට මව බිලිකොටැ දෙන්නෙමි.
තත්ථ දහරා වියාති මහල්ලිකාපි හුත්වා තරුණී විය. ධාරෙති අපිළන්ධනන්ති පිළන්ධිතුං අයුත්තං අලඞ්කාරං ධාරෙති. සා කිර වජිරපූරිතං කඤ්චනමෙඛලං පිළන්ධිත්වා රඤ්ඤො අමච්චෙහි සද්ධිං මහාතලෙ නිසින්නකාලෙ අපරාපරං චඞ්කමති, මෙඛලාසද්දෙන රාජනිවෙසනං එකනින්නාදං හොති. පජග්ඝතීති එසා දොවාරිකෙ ච හත්ථිආචරියාදිකෙ අනීකට්ඨෙ ච, යෙ එතිස්සා උච්ඡිට්ඨකම්පි භුඤ්ජිතුං අයුත්තරූපා, තෙපි ආමන්තෙත්වා තෙහි සද්ධිං අතිවෙලං මහාහසිතං හසති. පටිරාජූනන්ති අඤ්ඤෙසං රාජූනං. සයං දූතානි සාසතීති මම වචනෙන සයං පණ්ණං ලිඛිත්වා දූතෙපි පෙසෙති “මම මාතා කාමෙ පරිභුඤ්ජනවයස්මිංයෙව ඨිතා, අසුකරාජා කිර ආගන්ත්වා තං ආනෙතූ”ති. තෙ “මයං රඤ්ඤො උපට්ඨාකා, කස්මා නො එවං වදෙසී”ති පටිපණ්ණානි පෙසෙන්ති. තෙසු පරිසමජ්ඣෙ වාචියමානෙසු මම සීසං ඡින්දනකාලො විය හොති, මාතරං තෙන දොසෙන දකරක්ඛසස්ස දස්සාමීති.
එහි දහරාවිය යනු මහළුව සිට තරුණියක් මෙන්. ධාරෙති පළඳියි. අපිළන්ධනං පැළඳීමට නුසුදුසු ඇය වනාහි දියමන්ති පිරවූ රත්රන් මාලයක් පැළඳ රජුගේ ඇමැතියන් සමග විශාල උඩුමහලේ සිටිනා කල්හි එහෙමෙහෙ ඇවිදියි. මෙඛලාවේ හඬින් රජගෙදර එකනින්නාද වෙයි. පජග්ඝති මේ දොරටුවේ සේවකයෝ ද ඇත්දැදුරෝ ද රජුගේ අංගාරක්ෂයෝද මැගේ ඉඳුල්වත් කරන්නට නුසුදුසු ඔවුන් අමතා ඔවුන් සමග බොහෝවේලා මහ හඬින් සිනාසෙයි. පටිරාජානං විරුද්ධ රජවරුන්ට. සයං දූතානි සාසති මගේ වචනයෙන් තමා ලියුමක් ලියා දූතයන් යැවීය. මාගේ මව කම්සැප විඳින වයසේ සිටියා අසවල් රජු පැමිණ සිටී. ඔහුව කැඳවාගෙන එන්න. ඔව්හු අපි රජුගේ සේවකයෝය. කුමක් නිසා අපට මෙසේ කියත්ද කියා පිළිතුරු ලිපි යවත්. ඔවුන් පිරිස් මැද කියනකල්හි මගේ හිස සිඳින්නාක් මෙන් වෙයි. ඒ නිසා ඇයව ජල රකුසාට දෙමි.
අථ පරිබ්බාජිකා “මහාරාජ, මාතරං තාව ඉමිනා දොසෙන දෙහි, භරියා පන තෙ බහූපකාරා”ති තස්සා ගුණං කථෙන්තී ද්වෙ ගාථා අභාසි –
මහරජ, ඔබ මේ දෝෂයෙන්ම මවව දෙන්නෙහිය. ඔබගේ භාර්යාව වනාහි ගුණවත්යැයි ඇගේ ගුණ කියත්.
“ඉත්ථිගුම්බස්ස පවරා, අච්චන්තං පියභාණිනී; අනුග්ගතා සීලවතී, ඡායාව අනපායිනී.
ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරුකල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත්නොහැර පවත්නා වූ,
“අක්කොධනා පුඤ්ඤවතී, පණ්ඩිතා අත්ථදස්සිනී; උබ්බරිං කෙන දොසෙන, අජ්ජාසි දකරක්ඛිනො”ති. (ජා· 1.16.230-231);
ක්‍රෝධ නොකරන සුලු නුවණැති පණ්ඩිත වූ අර්ථදර්ශී වූ උබ්බරිය (නන්දා) දේවිය කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නේද කියා කීය.
තත්ථ ඉත්ථිගුම්බස්සාති ඉත්ථිගණස්ස. අනුග්ගතාති දහරකාලතො පට්ඨාය අනුගතා. “අක්කොධනා”තිආදිකෙන පනස්සා ගුණෙ කථෙති. මද්දරට්ඨෙ සාගලනගරෙ වසනකාලෙ පහටාපි තව ආණාකරණභයෙන තයි සිනෙහෙන මාතාපිතූනං න කථෙසි, එවමෙසා අක්කොධනා පුඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනීති. ඉදං දහරකාලෙ අක්කොධනාදිභාවං සන්ධායාහ. උබ්බරින්ති ඔරොධං. එවං ගුණසම්පන්නං නන්දාදෙවිං කෙන දොසෙන දකරක්ඛසස්ස දස්සසීති වදති.
එහි ඉත්ථිගුම්බ යනු ස්ත්‍රී සමූහයාගේ අනුග්ගතා කුඩාකල පටන් අනුව ගියා වූ අක්කොධනා ආදී වූ මැගේ ගුණ කියන්නී මදුරට සාගල නගරයේ වාසය කරන කල්හි පහර දෙද්දීත් ඔබට දඬුවම් කරයි යන බියෙන් ඔබ කෙරෙහි සෙනෙහසින් මව්පියන්ට නොකීවේය. මෙසේ ඇය අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනී මෙය කුඩා කාලයේ කෝප නොවීම ආදී ස්වභාවයන් ගැන කීය. උබ්බරිං අනතඃපුර, මෙසේ ගුණසම්පන්න වූ නන්දා දේවිය කවර දොසකින් දිය රකුසාට දෙන්නෙහිදැයි ඇසීය.
සො තස්සා අගුණං කථෙන්තො ආහ –
හෙතෙම ඇගේ දොස් කියන්නේ,
“ඛිඩ්ඩාරතිසමාපන්නං, අනත්ථවසමාගතං; සා මං සකාන පුත්තානං, අයාචං යාචතෙ ධනං.
කාම සම්භෝගයෙහි ඇලුනු කෙලෙස් වසගයට පත් මගෙන් ඕ තොමෝ මගේ දරුවනට අයත් නොඉල්විය යුතු ධනය ඉල්ලන්නීය.
“සොහං දදාමි සාරත්තො, බහුං උච්චාවචං ධනං; සුදුච්චජං චජිත්වාන, පච්ඡා සොචාමි දුම්මනො; උබ්බරිං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො”ති. (ජා· 1.16.232-233);
ඒ මම අතිශයින් ඇලුනෙම් බොහෝ කුදුමහත් ධනය දෙන්නෙමි. නොදිය යුතු දේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරියව දියරකුසාට දෙන්නෙමි යැයි කීය.
තත්ථ අනත්ථවසමාගතන්ති තාය ඛිඩ්ඩාරතියා කාමකීළාය අනත්ථකාරකානං කිලෙසානං වසං ආගතං මං විදිත්වා. සා මන්ති සා නන්දාදෙවී මං. සකාන පුත්තානන්ති යං මයා අත්තනො පුත්තධීතානඤ්ච භරියානඤ්ච දින්නං පිළන්ධනං, තං අයාචිතබ්බරූපං “මය්හං දෙහී”ති යාචති. පච්ඡා සොචාමීති සා දුතියදිවසෙ “ඉමානි පිළන්ධනානි රඤ්ඤා මෙ දින්නානි, ආහරථෙතානී”ති තෙසං රොදන්තානං ඔමුඤ්චිත්වා ගණ්හාති. අථාහං තෙ රොදමානෙ මම සන්තිකං ආගතෙ දිස්වා පච්ඡා සොචාමි. එවං දොසකාරිකා එසා. ඉමිනා නං දොසෙන දකරක්ඛසස්ස දස්සාමීති.
එහි අනත්ථවසමාගතා ඒ කාම සම්භෝගයෙන් කාමක්රීඩාවෙන් අනර්ථය ඇතිකරන කෙලෙසුන්ගේ වසඟයට ගියා වූ මා දැනගෙන, සාමං ඒ නන්දාදේවිය, මා. සකානං පුත්තානං යමක් මා විසින් තමන්ගේ පුතුන්ටද දූවරුන්ටද භාර්යාවන්ටද දෙන ලද ද පැළඳවූයේද ඒ නොඉල්විය යුතු දේ මට දෙන්නයැයි ඉල්වන්නීය. පච්ඡාසොචාමි ඇය දෙවන දවසෙහි මේ පැළඳුම් රජු විසින් මට දෙන ලදී. මේවා ගෙනෙන්න යැයි ඒ අඬන්නවුන්ගේ ඇඳුම් පැළඳුම් ගලවා ගනී. ඉක්බිති මම ඔවුන් හඬන කල්හි මා සමීපයට ආ අය බලා පසුව ශෝක කරමියි මෙසේ දොස් ඇතිකරන්නා වූ මැයව මේ දෝෂයෙන් දියරකුසාට දෙන්නෙමි.
අථ නං පරිබ්බාජිකා “ඉමං තාව ඉමිනා දොසෙන දෙහි, කනිට්ඨො පන තෙ තිඛිණමන්තිකුමාරො උපකාරකො, තං කෙන දොසෙන දස්සතී”ති පුච්ඡන්තී ආහ –
ඉක්බිති ඔහුට පරිබ්‍රාජිකාව මෙසේ කීය. ඉදින් ඔබ මේ දෝෂයෙන් ඇයව දෙන්නෙහි නම් ඔබගේ කණිටු සොයුරු තිඛිණ මන්ත්‍රී කුමාරයා ඔබට බොහෝ උපකාරීය. කුමන දෝෂයකින් ඔහුව දෙන්නෙහිද?
“යෙනොචිතා ජනපදා, ආනීතා ච පටිග්ගහං; ආභතං පරරජ්ජෙභි, අභිට්ඨාය බහුං ධනං.
යමකු විසින් තොපගේ ජනපදවැසියෝ වඩනා ලද්දෝ ද බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දාහු ද බැහැරි රාජ්‍යයන්ගෙන් බොහෝ ධනය පැහැරගෙනෙන ලද්දේ ද?
ධනුග්ගහානං පවරං, සූරං තිඛිණමන්තිනං; භාතරං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො”ති. (ජා· 1.16.234-235);
ධනුර්ධරයන්ට අග්‍ර වූ ශූර වූ තීක්ෂණ මන්ත්‍රී නම් වූ ඒ සහෝදරයා කවර දොසක් නිසා දියරකුසාට දෙන්නෙහිද? යැයි කීය.
තත්ථ ඔචිතාති වඩ්ඪිතා. පටිග්ගහන්ති යෙන ච තුම්හෙ පරදෙසෙ වසන්තා පුන ගෙහං ආනීතා. අභිට්ඨායාති අභිභවිත්වා. තිඛිණමන්තිනන්ති තිඛිණපඤ්ඤං.
එහි ඔචිතා වර්ධනය කරන ලද. පටිග්ගහං යමකු විසින් වෙන රටක වාසයකරන ඔබව නැවත ගෙදරට ගෙනාවාහුද? අභිට්ඨාය අභිභවනය කොට තිඛිණමන්තිනං තියුණු ප්‍රඥා ඇත්තාව.
සො කිර මාතු බ්රාහ්මණෙන සද්ධිං වසනකාලෙ ජාතො. අථස්ස වයප්පත්තස්ස බ්රාහ්මණො ඛග්ගං හත්ථෙ දත්වා “ඉමං ගහෙත්වා මං උපට්ඨහා”ති ආහ. සො බ්රාහ්මණං “පිතා මෙ”ති සඤ්ඤාය උපට්ඨාසි. අථ නං එකො අමච්චො “කුමාර, න ත්වං එතස්ස පුත්තො, තව කුච්ඡිගතකාලෙ චලාකදෙවී රාජානං මාරෙත්වා එතස්ස ඡත්තං උස්සාපෙසි, ත්වං මහාචූළනිරඤ්ඤො පුත්තො”ති ආහ. සො කුජ්ඣිත්වා “එකෙන උපායෙන නං මාරෙස්සාමී”ති රාජකුලං පවිසන්තො තං ඛග්ගං එකස්ස පාදමූලිකස්ස දත්වා අපරං “ත්වං රාජද්වාරෙ ‘මමෙසො ඛග්ගො’ති ඉමිනා සද්ධිං විවාදං කරෙය්යාසී”ති වත්වා පාවිසි. තෙ කලහං කරිංසු. සො “කිං එස කලහො”ති එකං පුරිසං පෙසෙසි. සො ආගන්ත්වා “ඛග්ගත්ථායා”ති ආහ. බ්රාහ්මණො තං සුත්වා “කිං එත”න්ති පුච්ඡි. සො කිර තුම්හෙහි මම දින්නඛග්ගො පරස්ස සන්තකොති. “කිං වදෙසි, තාත, තෙන හි ආහරාපෙහි, සඤ්ජානිස්සාමි න”න්ති ආහ. සො තං ආහරාපෙත්වා කොසතො නික්කඩ්ඪිත්වා “පස්සථා”ති තං සඤ්ඣානාපෙන්තො විය උපගන්ත්වා එකප්පහාරෙනෙව තස්ස සීසං ඡින්දිත්වා අත්තනො පාදමූලෙ පාතෙසි. තතො රාජගෙහං පටිජග්ගිත්වා නගරං අලඞ්කරිත්වා තස්ස අභිසෙකෙ උපනීතෙ මාතා චූළනිකුමාරස්ස මද්දරට්ඨෙ වසනභාවං ආචික්ඛි. තං සුත්වා කුමාරො සෙනඞ්ගපරිවුතො තත්ථ ගන්ත්වා භාතරං ආනෙත්වා රජ්ජං පටිච්ඡාපෙසි. තතො පට්ඨාය තං “තිඛිණමන්තී”ති සඤ්ජානිංසු. පරිබ්බාජිකා තං “එවරූපං භාතරං කෙන දොසෙන දකරක්ඛසස්ස දජ්ජාසී”ති පුච්ඡි.
ඔහු වනාහි මව බමුණා සමග වාසය කරන කල්හි උපන්නේය. ඉක්බිති වැඩිවයසට පත් ඔහුට බමුණා කඩුව අතට දී මෙය ගෙන මා හට සේවය කරවයැයි කීය. හෙතෙම බ්‍රාහ්මණයා තමාගේ පියාය යන හැඟීමෙන් ඔහුට සේවය කරයි. ඉක්බිති ඔහුට එක් ඇමැතියෙක් කුමාරය, ඔබ මොහුගේ පුත්‍රයෙක් නොවේ. ඔබ කුසෙහි සිටින කාලයේ තලතා දේවිය රජු මරවා මොහුට ඡත්රය එසවූවාය. ඔබ මහා චූළනී රජුගේ පුත්රයෙකැයි කීය. හෙතෙම කිපී ඔහුව එක් උපායකින් මරවන්නෙමියි රජගෙදරට පිවිසෙමින් ඒ කඩුව එක් සේවකයකුට දී තව කෙනෙකුට මෙසේ කීය. නුඹ රජදොරටුව ළඟදී මේ මගේ කඩුවයැයි මොහු සමග විවාදයක් ඇතිකරන්නැයි කියා ගියේය. ඔවුහු කෝලාහල කළහ. හෙතෙම, මේ කුමන කෝලාහලයක්දැයි දැනගන්නට එක් පුරුෂයෙකු යැවීය. ඔහු අවුත් කඩුවක් සඳහා යැයි කීය. බ්‍රාහ්මණයා එය අසා මේ කුමක්දැයි විචාළේය. හෙතෙම වනාහි, ඔබ විසින් මට දුන් කඩුව වෙන කෙනෙකුට අයත්යැයි කියයි. දරුවෙනි, කුමක් කියන්නහුද? එසේනම් ගෙන්වා ගනිමි. එය ගෙනෙන්න යැයි ඔහුට දන්වන්න යැයි කීය. හෙතෙම එය ගෙන්වාගෙන කොපුවෙන් පිටතට ගෙන බලව්යැයි දන්වන්නාක් මෙන් ළඟට ගොස් එක පහරින්ම ඔහුගේ හිස සිඳ තමාගේ පාමුල හෙලුවේය. ඉක්බිති රජගෙදර පිරිසිදුකොට නගරය සරසා ඔහුගේ අභිෂේකය සූදානම් කළ කල්හි මව චූළනී කුමාරයා මදුරටේ සිටින බව කීවාය. එය අසා රාජකුමාරයා සේනාව පිරිවරාගෙන එහි ගොස් සොහොයුරාව ගෙනවුත් රාජ්‍යය පිළිගැන්වීය. එතැන් පටන් ඔහුව තීක්ෂණ බුද්ධි ඇති යැයි හැඳින්වූහ. පරිබ්‍රාජිකාව, මෙබඳු වූ සහෝදරයකු කවර දෝෂයකින් ජල රකුසාට දෙන්නෙහි දැයි ඔහුගෙන් ඇසීය.
රාජා තස්ස දොසං කථෙන්තො ආහ –
රජු ඔහුගේ දොස් කියමින්,
“යෙනොචිතා ජනපදා, ආනීතා ච පටිග්ගහං; ආභතං පරරජ්ජෙභි, අභිට්ඨාය බහුං ධනං.
මා විසින් ජනපදවැසියෝ වඩන ලද්දෝය. මොහුව රජගෙට ගෙනෙන ලදී. බොහෝ වූ ධනය පිටරටවලින් ගෙනෙන ලද්දේය.
“ධනුග්ගහානං පවරො, සූරො තිඛිණමන්ති ච; මයායං සුඛිතො රාජා, අතිමඤ්ඤති දාරකො.
මම ධනුර්ධරයන්ට උතුම්ය. ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි. මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේයැයි ඒ තරුණ තෙම මා ඉක්මවා හඟියි.
“උපට්ඨානම්පි මෙ අය්යෙ, න සො එති යථා පුරෙ; භාතරං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො”ති. (ජා· 1.16.236-238);
ආර්යාවනි, හෙතෙම පෙරසේ මට උපස්ථානයටද නොඑයි. ඒ දෝෂය හේතුකොටගෙන සහෝදරයා දිය රකුසාට දෙන්නෙමියි කීය.
තත්ථ පරරජ්ජෙභීති ඉමස්ස පරරජ්ජතො ච බහු ධනං ආභතං, අයඤ්ච පරරජ්ජෙ වසන්තො පුන ඉමං ගෙහං ආනෙත්වා “එස මයා මහති යසෙ පතිට්ඨාපිතො”ති වදති. යථා පුරෙති පුබ්බෙ පාතොව ආගච්ඡති, ඉදානි පන න තථා එති. ඉමිනා නං දොසෙන දකරක්ඛසස්ස දස්සාමීති.
එහි පර රජ්ජෙහි යනු මොහුට මා විසින් වෙනත් රටකින් බොහෝ ධනය ගෙනෙන ලදී. තමා ද වෙනත් රටක සිටිමින් නැවත මේ ගෙට ගෙන අවුත් හෙතෙම මා විසින් මහත් වූ සම්පතෙහි පිහිටුවන ලදී යයි මට කියයි. යථාපූරෙ කලින් උදෑසනම එයි. දැන් වනාහි එසේ නොඑයි. මේ දෝෂයෙන් ඔහුව දියරකුසාට දෙන්නෙමි.
අථ පරිබ්බාජිකා “භාතු තාව කො දොසො හොතු, ධනුසෙඛකුමාරො පන තයි සිනෙහගුණයුත්තො බහූපකාරො”ති තස්ස ගුණං කථෙන්තී ආහ –
පරිබ්‍රාජිකාව සොයුරාගේ ද්වේෂය තිබුණාවේ. ධනුශේඛර කුමාරයා වනාහි ඔබ කෙරෙහි සෙනෙහෙ ගුණයෙන් යුක්ත වූයේ බොහෝ උපකාර ඇත්තෙකැයි ඔහුගේ ගුණ කියන්නී.
“එකරත්තෙන උභයො, ත්වඤ්චෙව ධනුසෙඛ ච; උභො ජාතෙත්ථ පඤ්චාලා, සහායා සුසමාවයා.
තෙපිද මේ ධනුශේඛර කුමාරයාද යන දෙදෙනාම එකමැ රැයක මේ නගරයෙහිම උපන් පංචාලයෝය. සම වයස්හි යහලුවෝ වූහ.
“චරියා තං අනුබන්ධිත්ථො, එකදුක්ඛසුඛො තව; උස්සුක්කො තෙ දිවාරත්තිං, සබ්බකිච්චෙසු බ්යාවටො; සහායං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො”ති. (ජා· 1.16.239-240);
හේ ජනපද චාරිකාවේ ගෙනහැර පසුගමන් කළේය. තොප හා සමාන සුවදුක් ඇත්තේය. දිවා රාත්‍රී උත්සාහවත්වැ සියලු කටයුත්තෙහි නිරතය. කවර දෝෂයකින් යහළුවා දියරකුසාට දෙන්නෙහිද?
තත්ථ ධනුසෙඛචාති ධනුසෙඛො ච, ධනුසෙඛකුමාරො චාති අත්ථො. එත්ථාති ඉධෙව නගරෙ. පඤ්චාලාති උත්තරපඤ්චාලනගරෙ ජාතත්තා එවංවොහාරා. සුසමාවයාති සුට්ඨු සමවයා. චරියා තං අනුබන්ධිත්ථොති දහරකාලෙ ජනපදචාරිකාය පක්කන්තං තං අනුබන්ධි, ඡායාව න විජහි. උස්සුක්කොති තව කිච්චෙසු රත්ථින්දිවං උස්සුක්කො ඡන්දජාතො නිච්චං බ්යාවටො. තං කෙන දොසෙන දකරක්ඛසස්ස දස්සසීති.
එහි ධනුසෙඛවා දුනු ශිල්පය පුහුණුකරන බැවින් ධනුශේඛර කුමාරයා යැයි යන අර්ථයි. එත්ථ මේ නගරයේම. පඤ්චාලා උත්තරපංචාල නගරයේ උපන් බැවින් මෙබඳු ව්‍යවහාර ඇති. සුසමාවයා මනා වූ සමවයස් ඇති. චරියා තං අනුබන්ධිත්ථො කුඩා කාලයේ ජනපද චාරිකාව පිණිස පිටත්ව යන්නහු පසුපස ගියේය. සෙවනැල්ල මෙන් අත්නොහළේය. උස්සුක්කො ඔබගේ කටයුතුවලදී රෑ දාවල් උනන්දු වූයේ කැමැති වූයේ කටයුතුවල නිරත වූයේ වෙයි. කවර දෝෂයකින් ඔහුව දියරකුසාට දෙන්නෙහිද?
අථස්ස රාජා දොසං කථෙන්තො ආහ –
ඉක්බිති රජු ඔහුගේ දොස් කියමින්,
“චරියා මං අයං අය්යෙ, පජග්ඝිත්ථො මයා සහ; අජ්ජාපි තෙන වණ්ණෙන, අතිවෙලං පජග්ඝති.
ආර්යාවෙනි, මේ තෙම කුඩාකල මා සමග හැසිරෙන කල්හි මහහඬින් සිනාසුනේය. අද ද පෙරසේ මා සමග සීමා ඉක්මවා මහහඬින් සිනාසෙයි.
“උබ්බරියාපිහං අය්යෙ, මන්තයාමි රහොගතො; අනාමන්තො පවිසති, පුබ්බෙ අප්පටිවෙදිතො.
ආර්යාවෙනි, නන්දා දේවිය සමග රහොගතවැ මන්ත්‍රණයෙහි යෙදෙනවිටද කලින් නො දන්වා නො විමසා ඇතුළු ගබටද පිවිසෙයි.
“ලද්ධද්වාරො කතොකාසො, අහිරිකං අනාදරං; සහායං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො”ති. (ජා· 1.16.241-243);
වාරය ලදුවෙමි. කළ අවකාශ ඇත්තෙමියි ලජ්ජා නැති ආදර නැති යහළුවා ඒ දෝෂයෙන් මම දියරකුසාට දෙන්නෙමි.
තත්ථ අජ්ජාපි තෙන වණ්ණෙනාති යථා චරියාය පුබ්බෙ මං අනුබන්ධන්තො මයා අනාථෙන සද්ධිං එකතොව භුඤ්ජන්තො සයන්තො හත්ථං පහරිත්වා මහාහසිතං හසි, අජ්ජාපි තථෙව හසති, දුග්ගතකාලෙ විය මං මඤ්ඤති. අනාමන්තොති රහො නන්දාදෙවියා සද්ධිං මන්තෙන්තෙපි මයි අජානාපෙත්වා සහසාව පවිසති. ඉමිනා දොසෙන තං අහිරිකං අනාදරං දකරක්ඛසස්ස දස්සාමීති.
එහි අජ්ජාපි තෙණවණ්ණෙන යම්සේ හැසිරීමෙන් පෙර මා පසුපස එන්නේ අසරණ වූ මා සමග එකට අනුභව කරන්නේ අත් පහරවා මහත්සේ සිනා විය. අද ද එසේම සිනාසෙයි. අයහපත් කාලයේදී මෙන් මා දෙස බලයි. අනාමන්තා රහසිගතව නන්දා දේවිය සමග කථාකරමින් සිටිනවිට මට නො දන්වා වහා පිවිසෙයි. මේ වරදින් ලජ්ජා නැති ආදරයක් නැති ඔහුව දිය රකුසාට දෙන්නෙමි.
අථ පරිබ්බාජිකා “මහාරාජ, තව සහායකස්ස තාව එසො දොසො හොතු, පුරොහිතො පන තව බහූපකාරො”ති තස්ස ගුණං කථෙන්තී ආහ –
පරිබ්‍රාජිකාව හුදෙක් මොහුට දෝෂය වේවා. පුරෝහිතයා වනාහි ඔබට බොහෝ උපකාරී කෙනෙකි. ඔහුගේ ගුණ කියමින්,
“කුසලො සබ්බනිමිත්තානං, රුතඤ්ඤූ ආගතාගමො; උප්පාතෙ සුපිනෙ යුත්තො, නිය්යානෙ ච පවෙසනෙ.
සියලු නිමිත්තෙහි දක්ෂ වූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්ද්‍ර සූර්ය ග්‍රහණ උල්කාපාත, දික්දාහ ආදී වූ උත්පාතයන් හා සිහිනයන්හි ඉටු අනිටු ඵල දැනීමෙහි යෙදුනු ගෙයින් පිටවීමෙහි හා ගෙට ඇතුල්වීමෙහි ශුභ අශුභ කීමෙහි දක්ෂ වූ.
“පට්ඨො භූමන්තලික්ඛස්මිං, නක්ඛත්තපදකොවිදො; බ්රාහ්මණං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො”ති. (ජා· 1.16.244-245);
භූමියෙහි හා අන්තරීක්ෂයෙහි ද ගුණදොස් කීමට සමර්ථ වූ නක්ෂත්ර පාදයෙහි ඵලාඵල දැන්මෙහි දක්ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද? යැයි කීය.
තත්ථ සබ්බනිමිත්තානන්ති “ඉමිනා නිමිත්තෙන ඉදං භවිස්සති, ඉමිනා ඉද”න්ති එවං සබ්බනිමිත්තෙසු කුසලො. රුතඤ්ඤූති සබ්බරවං ජානාති. උප්පාතෙති චන්දග්ගාහසූරියග්ගාහඋක්කාපාතදිසාඩාහාදිකෙ උප්පාතෙ. සුපිනෙ යුත්තොති සුපිනෙ ච තස්ස නිප්ඵත්තිජානනවසෙන යුත්තො. නිය්යානෙ ච පවෙසනෙති ඉමිනා නක්ඛත්තෙන නිය්යායිතබ්බං, ඉමිනා පවිසිතබ්බන්ති ජානාති. පට්ඨොති ඡෙකො පටිබලො, භූමියඤ්ච අන්තලික්ඛෙ ච දොසගුණෙ ජානිතුං සමත්ථො. නක්ඛත්තපදකොවිදොති අට්ඨවීසතියා නක්ඛත්තකොට්ඨාසෙසු ඡෙකො. තං කෙන දොසෙන දකරක්ඛසස්ස දස්සසීති.
එහි සබ්බ නිමිත්තානං මෙයින් මෙය වන්නේය. මෙයින් මෙය වන්නේය යන ලෙස සියළු නිමිතිවල දක්ෂ වූ රුදුඤ්ඤු සියළු හඬ හඳුනයි. උප්පාදෙ චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, උල්කාපාත, දිශාඩාහ ආදී විපත්. සුපිනෙයුත්තො සිහිනයෙහිද, එහි උපත හඳුනාගැනීම් වශයෙන්. නීය්යාණෙච පවෙසනෙ මේ නැකැතින් පිටවිය යුතුයි. මේ නැකතින් ඇතුල්විය යුතුයි කියා දනියි. පද්ධො යනු දක්ෂ, සමර්ථ, පොළවෙහිද අහසෙහිද හොඳ නොහොඳ දැනගැනීමට සමත්. නක්ඛත්තපද කොවිදො විසිඅටක් වූ නැකැත් කොටස්වල දක්ෂ වූ ඔහුව කවර දෝෂයකින් ජලරකුසාට දෙන්නෙහිද?
රාජා තස්ස දොසං කථෙන්තො ආහ –
රජු දොස් කියන්නේ,
“පරිසායම්පි මෙ අය්යෙ, උම්මීලෙත්වා උදික්ඛති; තස්මා අච්චභමුං ලුද්දං, දජ්ජාහං දකරක්ඛිනො”ති. (ජා· 1.16.246);
ආර්යාවෙනි, මේ තැනැත්තා පිරිස් මැද ද මා දෙස ඇස දල්වා බලයි. එනිසා රෞද්‍ර වූ බැම නැඟීම් ඇති බ්‍රාහ්මණයා මම රකුසාට දෙමි යැයි කීය.
තස්සත්ථො – අය්යෙ, එස මං පරිසමජ්ඣෙ ඔලොකෙන්තොපි අක්ඛීනි උම්මීලෙත්වා කුද්ධො විය උදික්ඛති, තස්මා එවං අතික්කමිත්වා ඨිතභමුං අමනාපෙන උක්ඛිත්තභමුකං විය ලුද්දං භයානකං තං අහං දකරක්ඛසස්ස දස්සාමීති.
ආර්යාවෙනි, මොහු මා පිරිස් මැද දී බලන්නේ නමුදු ඇස් හකුළුවා කිපියක් මෙන් බලයි. ඒ නිසා මෙසේ ඉක්මවා සිටිය බැම කෝපයෙන් හකුලන ලද බැම මෙන් නපුරුය. භයානකය. මම ඔහුව දියරකුසාට දෙමි.
තතො පරිබ්බාජිකා “මහාරාජ, ත්වං ‘මාතරං ආදිං කත්වා ඉමෙ පඤ්ච දකරක්ඛසස්ස දම්මී’ති වදසි, ‘එවරූපඤ්ච සිරිවිභවං අගණෙත්වා අත්තනො ජීවිතම්පි මහොසධස්ස දම්මී’ති වදසි, කං තස්ස ගුණං පස්සසී”ති පුච්ඡන්තී ඉමා ගාථායො ආහ –
ඉක්බිති පරිබ්‍රාජිකාව මහරජ, ඔබ මව ආදිකොට මේ පස්දෙනාව දියරකුසාට දෙමියි කියයි. මේ ආකාර වූ ශ්‍රී සම්පත්තියක් ගණන් නොගෙන තමන්ගේ ජීවිතය මහෞෂධ පණ්ඩිතයන්ට දෙමියි කියන්නෙහි. ඔහුගේ කවර ගුණයක් දකින්නෙහිදැයි විචාරන්නී මේ ගාථාවන් පැවසීය.
“සසමුද්දපරියායං, මහිං සාගරකුණ්ඩලං; වසුන්ධරං ආවසති, අමච්චපරිවාරිතො.
ඇමැතියන් විසින් පිරිවරන ලද තෙපි සමුදුර සිසාරා ඇති පොළවට මහා සාගරය නමැති කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරණ පෘථිවියෙහි වාසය කරන්නාහුය.
“චාතුරන්තො මහාරට්ඨො, විජිතාවී මහබ්බලො; පථබ්‍යා එකරාජාසි, යසො තෙ විපුලං ගතො.
සතර මහා සාගරය හිම්කොට ඇති විශාල රටක් ඇත්තහුය. දිනූ සංග්රාම ඇත්තහුය. මහාබල ඇත්තහුය. මුළු ලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත්බවට පත්විය.
“සොළසිත්ථිසහස්සානි, ආමුත්තමණිකුණ්ඩලා; නානාජනපදා නාරී, දෙවකඤ්ඤූපමා සුභා.
පැළඳි මිණිකොඬොල් ඇති දිව්‍ය කන්‍යාවන් හා සමාන විවිධ ජනපදවලට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
“එවං සබ්බඞ්ගසම්පන්නං, සබ්බකාමසමිද්ධිනං; සුඛිතානං පියං දීඝං, ජීවිතං ආහු ඛත්තිය.
මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්වාංග සම්පූර්ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්ඝ වූයේද ප්රියයැයි පණ්ඩිතයෝ කියත්.
“අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා; පණ්ඩිතං අනුරක්ඛන්තො, පාණං චජසි දුච්චජ”න්ති. (ජා· 1.16.247-251);
එසේ ඇතිකලැ ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකරගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැපියන්නහුද?
තත්ථ සසමුද්දපරියායන්ති සමුද්දමරියාදසඞ්ඛාතෙන සමුද්දපරික්ඛෙපෙන සමන්නාගතං. සාගරකුණ්ඩලන්ති පරික්ඛිපිත්වා ඨිතස්ස සාගරස්ස කුණ්ඩලභූතං. විජිතාවීති විජිතසඞ්ගාමො. එකරාජාති අඤ්ඤස්ස අත්තනො සදිසස්ස රඤ්ඤො අභාවතො එකොව රාජා. සබ්බකාමසමිද්ධිනන්ති සබ්බෙසම්පි වත්ථුකාමකිලෙසකාමානං සමිද්ධියා සමන්නාගතානං. සුඛිතානන්ති එවරූපානං සුඛිතානං සත්තානං එවං සබ්බඞ්ගසම්පන්නං ජීවිතං දීඝමෙව පියං, න තෙ අප්පං ජීවිතමිච්ඡන්තීති පණ්ඩිතා වදන්ති. පාණන්ති එවරූපං අත්තනො ජීවිතං කස්මා පණ්ඩිතං අනුරක්ඛන්තො චජසීති.
එහි සසමුද්දපරියායං සමුද්‍රය වටකර ඇති. සාගර කුණ්ඩලං වටකර සිටියා වූ සාගරයට කුණ්ඩලාභරණයක් වූ. විජිතාවී දිනන ලද සංග්රාම ඇත්තේ. එකරාජා අනික් තමන් හා සමාන වූ රජකෙනෙක් නොමැති බැවින් එකම රජ වූ. සබ්බකාමසමිද්ධිනං සියළුම වස්තුකාම ක්ලේශකාමයන් වර්ධනය වෙමින්. සුඛිතානං රූපයන්ගේ සුඛිත බව, සත්ත්වයන්ගේ මෙසේ සියළු අංගයන්ගෙන් සම්පූර්ණ ජීවිතය දිගය. ප්‍රියය. ඔබට අල්ප වූ ජීවිතයක් නොපතන්නේ යයි පණ්ඩිතයෝ කියත්. පාණං මෙබඳු වූ තමාගේ ජීවිතය කුමක් නිසා පණ්ඩිතයන් ආරක්ෂාකිරීම සඳහා අත්හරින්නේද?
රාජා තස්සා කථං සුත්වා පණ්ඩිතස්ස ගුණං කථෙන්තො ඉමා ගාථා අභාසි –
හෙතෙම ඇගේ කථාව අසා පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේ මේ ගාථාවන් කීය.
“යතොපි ආගතො අය්යෙ, මම හත්ථං මහොසධො; නාභිජානාමි ධීරස්ස, අණුමත්තම්පි දුක්කටං.
ආර්යාවෙනි, මහෞෂධ පණ්ඩිතයෝ යම් දවසක මා වෙත පැමිණියේද, එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නොදනිමි.
“සචෙ ච කිස්මිචි කාලෙ, මරණං මෙ පුරෙ සියා; සො මෙ පුත්තෙ පපුත්තෙ ච, සුඛාපෙය්ය මහොසධො.
ඉදින් කිසිකලෙක මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධවේද මහෞෂධ පණ්ඩිත තෙමේ මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේය.
“අනාගතං පච්චුප්පන්නං, සබ්බමත්ථම්පි පස්සති; අනාපරාධකම්මන්තං, න දජ්ජං දකරක්ඛිනො”ති. (ජා· 1.16.252-254);
වර්තමාන, අනාගත සකල අර්ථයන් හොඳින් දකී. නිරපරාධි ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නොදෙමි.
තත්ථ කිස්මිචීති කිස්මිඤ්චි කාලෙ. සුඛාපෙය්යාති සුඛස්මිංයෙව පතිට්ඨාපෙය්ය. සබ්බමත්ථන්ති එස අනාගතඤ්ච පච්චුප්පන්නඤ්ච අතීතඤ්ච සබ්බං අත්ථං සබ්බඤ්ඤුබුද්ධො විය පස්සති. අනාපරාධකම්මන්තන්ති කායකම්මාදීසු අපරාධරහිතං. න දජ්ජන්ති අය්යෙ, එවං අසමධුරං පණ්ඩිතං නාහං දකරක්ඛසස්ස දස්සාමීති එවං සො මහාසත්තස්ස ගුණෙ චන්දමණ්ඩලං උද්ධරන්තො විය උක්ඛිපිත්වා කථෙසි.
එහි කිසච්චි කිසියම්. සුඛාපෙය්යා සැපතෙහිම පිහිටුවන්ය. සබ්බමත්ථං මොහු අනාගතයද, වරතමානයද මෙන්ම අතීතය ද පිළිබඳ සියළු කරුණු, සියල්ල දන්නේ, බුදුකෙනෙක් මෙන් දනියි. අනාපරාධ කම්මන්තං කායකර්ම ආදියෙහි අපරාධයක් නැති. නදජ්ජං ආර්යාවෙනි. මෙසේ අසහාය වූ පණ්ඩිතයන්ව මම දියරකුසාට නොදෙමියි මහාසත්ත්වයන්ගේ ගුණ සඳමඬලෙහි වද්දන්නාක් මෙන් උස්කොට කථා කළේය.
ඉති ඉමං ජාතකං යථානුසන්ධිප්පත්තං. අථ පරිබ්බාජිකා චින්තෙසි “එත්තකෙනපි පණ්ඩිතස්ස ගුණා පාකටා න හොන්ති, සකලනගරවාසීනං මජ්ඣෙ සාගරපිට්ඨෙ ආසිත්තතෙලං විප්පකිරන්තී විය තස්ස ගුණෙ පාකටෙ කරිස්සාමී”ති රාජානං ගහෙත්වා පාසාදා ඔරුය්හ රාජඞ්ගණෙ ආසනං පඤ්ඤපෙත්වා තත්ථ නිසීදාපෙත්වා නාගරෙ සන්නිපාතාපෙත්වා පුන රාජානං ආදිතො පට්ඨාය දකරක්ඛසස්ස පඤ්හං පුච්ඡිත්වා තෙන හෙට්ඨා කථිතනියාමෙනෙව කථිතකාලෙ නාගරෙ ආමන්තෙත්වා ආහ –
මෙසේ මේ ජාතකය පූර්වාපර ගැලපීය. ඉක්බිති පරිබ්‍රාජිකාව මෙසේ සිතුවාය. මෙපමණකින්ම පණ්ඩිතයන්ගේ ගුණ ප්‍රකට නොවේ. සියළු නුවරවැසියන් මැද සාගර ජලය මතුපිට සුවඳ තෙල් විසුරුවන්නාක් මෙන් ප්‍රකට කරන්නෙමියි රජුව ගෙන ප්‍රාසාදයෙන් බැස රජමාලිගා මිදුලේ ආසනයක් පනවා එහි හිඳ නුවරවැසියන් රැස්කරවා නැවත රජුගෙන් මුලපටන් දියරකුසාගේ ප්රශ්නය විචාරා ඔහු විසින් යට කියන ලද ආකාරයෙන්ම කියන ලද කාලයේ නුවරවැසියන් අමතා,
“ඉදං සුණාථ පඤ්චාලා, චූළනෙය්යස්ස භාසිතං; පණ්ඩිතං අනුරක්ඛන්තො, පාණං චජති දුච්චජං.
පංචාල රටවැසියනි, චූළනී රජුගේ මේ වචන අසත්වා. මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි තර ජීවිතය අත්හරියි.
“මාතු භරියාය භාතුච්ච, සඛිනො බ්රාහ්මණස්ස ච; අත්තනො චාපි පඤ්චාලො, ඡන්නං චජති ජීවිතං.
පංචාල රජු මවගේ ද බිරිඳගේ ද සොහොයුරාගේ ද යහළුවාගේ ද පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද තමාගේ ද යන සයදෙනාගේ ජීවිතයන් පණ්ඩිතයන් සඳහා හැරයයි.
“එවං මහත්ථිකා පඤ්ඤා, නිපුණා සාධුචින්තිනී; දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය චා”ති. (ජා· 1.16.255-257);
සූක්ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්ථ ඇත්තීය. යහපත් චින්තා ඇත්තේය. මෙලොව හිත පිණිසද පරලොව සුව පිණිසද පවත්නේය.
තත්ථ මහත්ථිකාති මහන්තං අත්ථං ගහෙත්වා ඨිතා. දිට්ඨධම්මහිතත්ථායාති ඉමස්මිංයෙව අත්තභාවෙ හිතත්ථාය ච පරලොකෙ සුඛත්ථාය ච හොතීති.
එහි මහත්ථිකා යනු මහත් වූ අර්ථයක් ගෙන සිටියා වූ. දිට්ඨධම්මෙ හිතත්ථාය මේ ආත්මභාවයේ යහපත සඳහා ද පරලොව සැප සඳහාද හේතුවෙයි.
ඉති සා රතනඝරස්ස මණික්ඛන්ධෙන කූටං ගණ්හන්තී විය මහාසත්තස්ස ගුණෙහි දෙසනාකූටං ගණ්හීති.
මෙසේ රුවන්ගෙයත් මාණික්‍ය සමූහයකින් කුළුගන්වන්නාක් මෙන් මහාසත්ත්වයන්ගේ ගුණයන්ගෙන් දේශනාව කොත්පැළඳවීය.
දකරක්ඛසපඤ්හො නිට්ඨිතො.
දිය රකුසාගේ ප්රශ්නය නිමියේ ය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව තථාගතො පඤ්ඤවා, පුබ්බෙපි පඤ්ඤවායෙවා”ති ජාතකං සමොධානෙන්තො ඔසානගාථා ආහ –
[missing trans] ජාතක සමෝධානය මෙසේය.
“භෙරී උප්පලවණ්ණාසි, පිතා සුද්ධොදනො අහු; මාතා ආසි මහාමායා, අමරා බිම්බසුන්දරී.
උප්පලවණ්ණා තොමෝ එකලැ භේරී පරිබ්‍රාජිකාව වූවාය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මවද බිම්බාදේවී අමරා දේවීද වූවාය.
“සුවො අහොසි ආනන්දො, සාරිපුත්තො ච චූළනී; දෙවදත්තො ච කෙවට්ටො, චලාකා ථුල්ලනන්දිනී.
ආනන්ද තෙරණුවෝ ගිරා පෝතකයාණෝ වූහ. ශාරිපුත්‍ර ස්ථවිර චූළනී බ්‍රහ්මදත්ත රජවිය. මහෞෂධ පණ්ඩිත තෙම මෙකල ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ යයි මෙසේ මේ ජාතකය දරව්.
“පඤ්චාලචන්දී සුන්දරී, සාළිකා මල්ලිකා අහු; අම්බට්ඨො ආසි කාමින්දො, පොට්ඨපාදො ච පුක්කුසො.
කෙවට්ටො දෙවදත්තොසි තලතා චුල්ලනන්දිකා, පඤ්චාලචණ්ඩී සුන්දරීදෙවී චාසි යසස්සිකා
“පිලොතිකො ච දෙවින්දො, සෙනකො ආසි කස්සපො; උදුම්බරා මඞ්ගලිකා, වෙදෙහො කාළුදායකො; මහොසධො ලොකනාථො, එවං ධාරෙථ ජාතක”න්ති.
අම්බට්ඨො ආසි කාවින්දො පොට්ඨපාදොච පුක්කුසො, පිළොතිකොච දෙවින්දො සෙනකොචාපි සච්චකො, දෙවිදුම්බරා දිට්ඨමංගලිකා සාළිකාචාපි කුණ්ඩලී වෙදෙහො ලාළුදායී,
කේවට්ට වූයේ දෙව්දත්ය. තලතාදේවී චුල්ලනන්දිකාය. පංචාලචණ්ඩි කුමරිය සුන්දරී දේවියයි. කාවින්ද වූයේ අම්බට්ඨයාය. පුක්කුස වූයේ පොට්ඨපාදය. දේවින්ද පිළොතිකය. සච්චක සේනක විය. උදුම්බරා දේවිය දිට්ඨමංගලිකාවයි. සාළිකාව වූයේ කුණ්ඩලීය. වේදේහ රජුනම් ලාළුදායීය.
බොහෝ සිංහල පොත්වල මේ ගාථා දෙක ද දක්නට ඇත.
උමඞ්ගජාතකවණ්ණනා පඤ්චමා.
මහා උම්මග්ග ජාතකය නිමියේ ය.
(ඡට්ඨො භාගො නිට්ඨිතො.)