යෙදුමෙන් කියවන්න

දසවරකථාවණ‍්ණනා අට‍්ඨකථා

දසවරකථාවණ‍්ණනා

දසවර ගාථා

ඵුස‍්සතී වරවණ‍්ණාභෙති ඉදං සත්‍ථා කපිලවත්‍ථුං උපනිස‍්සාය නිග්‍රොධාරාමෙ විහරන‍්තො පොක‍්ඛරවස‍්සං ආරබ‍්භ කථෙසි. යදා හි සත්‍ථා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුක‍්කමෙන රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ හෙමන‍්තං වීතිනාමෙත්‍වා උදායිත්‍ථෙරෙන මග‍්ගදෙසකෙන වීසතිසහස‍්සඛීණාසවපරිවුතො පඨමගමනෙන කපිලවත්‍ථුං අගමාසි, තදා සක්‍යරාජානො “මයං අම‍්හාකං ඤාතිසෙට‍්ඨං පස‍්සිස‍්සාමා”ති සන‍්නිපතිත්‍වා භගවතො වසනට‍්ඨානං වීමංසමානා “නිග්‍රොධසක‍්කස‍්සාරාමො රමණීයො”ති සල‍්ලක‍්ඛෙත්‍වා තත්‍ථ සබ‍්බං පටිජග‍්ගනවිධිං කත්‍වා ගන්‍ධපුප‍්ඵාදිහත්‍ථා පච‍්චුග‍්ගමනං කරොන‍්තා සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතෙ දහරදහරෙ නාගරදාරකෙ ච නාගරදාරිකායො ච පඨමං පහිණිංසු, තතො රාජකුමාරෙ ච රාජකුමාරිකායො ච. තෙසං අන‍්තරා සාමං ගන්‍ධපුප‍්ඵචුණ‍්ණාදීහි සත්‍ථාරං පූජෙත්‍වා භගවන‍්තං ගහෙත්‍වා නිග්‍රොධාරාමමෙව අගමිංසු. තත්‍ථ භගවා වීසතිසහස‍්සඛීණාසවපරිවුතො පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදි. තදා හි සාකියා මානජාතිකා මානත්‍ථද‍්ධා. තෙ “අයං සිද‍්ධත්‍ථකුමාරො අම‍්හෙහි දහරතරො, අම‍්හාකං කනිට‍්ඨො භාගිනෙය්‍යො පුත‍්තො නත‍්තා”ති චින‍්තෙත්‍වා දහරදහරෙ රාජකුමාරෙ ච රාජකුමාරිකායො ච ආහංසු “තුම‍්හෙ භගවන‍්තං වන්‍දථ, මයං තුම‍්හාකං පිට‍්ඨිතො නිසීදිස‍්සාමා”ති.

ඵුසතිවර වණ්ණාහෙ යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ කපිලවත්‍ථුපුරය ආශ්‍රය කොට නිග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කළ සේක. යම්කලෙක ශාස්තෲන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහනුවරට ගොස් එහි ශීතකාලය ගතකොට මාර්ගදේශක වූ උදායී තෙරුන් විසින් විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩියේය. එකල්හි ශාක්‍ය රජවරු අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාව දකිමුයයි රැස්වී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු නිග්‍රෝධ ශක්‍රයාගේ ආරාමය සුන්දරයයි සළකා එහි සියළු සංස්කරණ වැඩ යොදා සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව පෙරගමන් කරන්නාවු සියළු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන් ද දැරියන් ද පළමුකොට යැවූහ. අනතුරුව රාජකුමාරයන්ද, කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන් ගඳමල් සුවඳසුණු ආදියෙන් ශාස්තෲන් වහන්සේට පූජා පවත්වන්නාහු භාග්‍යවතුන් වහන්සේව වඩමවාගෙන නිග්‍රෝධාරාමයටම ගියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩසිටි සේක. ශාක්‍යයෝ මානයෙන් තද වූවාහු සිද්ධාර්ථ කුමාරයන් අපට වඩා බාලය. අපගේ බෑනාය. පුතාය. මුණුබුරාය ආදී ලෙස සිතා, තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය. නුඹලා වඳිව්. අපි පසුපසින් සිටින්නෙමු.

තෙසු එවං අවන්‍දිත්‍වා නිසින‍්නෙසු භගවා තෙසං අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා “න මං ඤාතයො වන්‍දන‍්ති, හන්‍ද ඉදානෙව වන්‍දාපෙස‍්සාමී”ති අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය ආකාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා තෙසං සීසෙ පාදපංසුං ඔකිරමානො විය කණ‍්ඩම‍්බරුක‍්ඛමූලෙ යමකපාටිහාරියසදිසං පාටිහාරියං අකාසි. රාජා සුද‍්ධොදනො තං අච‍්ඡරියං දිස‍්වා ආහ “භන‍්තෙ, තුම‍්හාකං ජාතදිවසෙ කාළදෙවලස‍්ස වන්‍දනත්‍ථං උපනීතානං වො පාදෙ පරිවත‍්තිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස මත්‍ථකෙ ඨිතෙ දිස‍්වා අහං තුම‍්හාකං පාදෙ වන්‍දිං, අයං මෙ පඨමවන්‍දනා. පුනපි වප‍්පමඞ‍්ගලදිවසෙ ජම‍්බුච‍්ඡායාය සිරිසයනෙ නිසින‍්නානං වො ජම‍්බුච‍්ඡායාය අපරිවත‍්තනං දිස‍්වාපි අහං තුම‍්හාකං පාදෙ වන්‍දිං, අයං මෙ දුතියවන්‍දනා. ඉදානි ඉමං අදිට‍්ඨපුබ‍්බං පාටිහාරියං දිස‍්වාපි තුම‍්හාකං පාදෙ වන්‍දාමි, අයං මෙ තතියවන්‍දනා”ති. රඤ‍්ඤා පන වන්‍දිතෙ අවන්‍දිත්‍වා ඨාතුං සමත්‍ථො නාම එකසාකියොපි නාහොසි, සබ‍්බෙ වන්‍දිංසුයෙව.

ඔවුන් නොවැඳ මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන නෑයෝ මට නොවඳිත්. දැන් වන්දවන්නෙමීයි අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී ඔවුන්ගේ හිසට පාදූවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩම්බ වෘක්‍ෂමූලයේ පැවැත්වූ යමක ප්‍රාතිහාර්යයට සමාන ප්‍රාතිහාර්යය පෑ සේක. රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීය. ස්වාමීනි, ඔබවහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමුකළ ඔබගේ පා පෙරළී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබවහන්සේට වැන්දෙමි. මේ මගේ පළමු වැඳීමයි. වප්මගුල් දිනයේ දඹරුකමුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබවහන්සේ දඹසෙවනෙහි නොසිටි බව දැකීමෙන් ද ඔබවහන්සේගේ පා වැන්දෙමි. මේ මාගේ දෙවෙනි වැඳීමය. දැන් මේ නුදුටුවිරූ ප්‍රාතිහාර්ය දැක ද ඔබවහන්සේගේ පා වඳිමි. මේ මාගේ තුන්වන වැඳීමයි. රජු වැන්ද කල්හි නොවැඳ සිටිය හැකි එක් ශාක්‍යයෙක්වත් නොවීය. සියල්ලෝම වැන්දාහ.

ඉති භගවා ඤාතයො වන්‍දාපෙත්‍වා ආකාසතො ඔතරිත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදි. නිසින‍්නෙ ච භගවති සිඛාපත‍්තො ඤාතිසමාගමො අහොසි, සබ‍්බෙ එකග‍්ගචිත‍්තා හුත්‍වා නිසීදිංසු. තතො මහාමෙඝො උට‍්ඨහිත්‍වා පොක‍්ඛරවස‍්සං වස‍්සි, තම‍්බවණ‍්ණං උදකං හෙට‍්ඨා විරවන‍්තං ගච‍්ඡති. යෙ තෙමෙතුකාමා, තෙ තෙමෙන‍්ති. අතෙමෙතුකාමස‍්ස සරීරෙ එකබින්‍දුමත‍්තම‍්පි න පතති. තං දිස‍්වා සබ‍්බෙ අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා අහෙසුං. “අහො අච‍්ඡරියං අහො අබ‍්භුතං අහො බුද‍්ධානං මහානුභාවතා, යෙසං ඤාතිසමාගමෙ එවරූපං පොක‍්ඛරවස‍්සං වස‍්සී”ති භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං. තං සුත්‍වා සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි මම ඤාතිසමාගමෙ මහාමෙඝො පොක‍්ඛරවස‍්සං වස‍්සියෙවා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදැයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ ආසනයෙහි වැඩ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි නෑයෝ එක්රැස් වූහ. සියළුදෙනම එක්සිත් ඇත්තෝ වූහ. ඉක්බිති මහාමේඝයක් නැගී පොකුරු වැස්සක් වැස්සේය. තඹවන් ජලය පහතට නද දෙමින් ගලා බසී. යමෙක් තෙමෙනු කැමැත්තේද, ඔවුහු තෙමෙත්. නොතෙමෙනු කැමැත්තහුගේ ශරීරයේ ජලබිඳුවක්වත් නොවැටේ. එය දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු වූහ. අහෝ පුදුමය. බුදුවරුන්ගේ ආනුභාවයෙන් නෑ සමාගමයෙහි මෙබඳු පොකුරු වැස්සක් වැස්සේ ද යන කථාවක් පැතිර ගියේය. එය අසා ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොවෙයි. පෙරද මාගේ ඤාති සමාගමයේදී මහාමේඝයක් ඇතිවී පොකුරු වැස්සක් වැස්සේයැයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ සිවිරට‍්ඨෙ ජෙතුත‍්තරනගරෙ සිවිමහාරාජා නාම රජ‍්ජං කාරෙන‍්තො සඤ‍්ජයං නාම පුත‍්තං පටිලභි. සො තස‍්ස වයප‍්පත‍්තස‍්ස මද‍්දරාජධීතරං ඵුස‍්සතිං නාම රාජකඤ‍්ඤං ආනෙත්‍වා රජ‍්ජං නිය්‍යාදෙත්‍වා ඵුස‍්සතිං අග‍්ගමහෙසිං අකාසි. තස‍්සා අයං පුබ‍්බයොගො – ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සී නාම සත්‍ථා ලොකෙ උදපාදි. තස‍්මිං බන්‍ධුමතිනගරං නිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ එකො රාජා රඤ‍්ඤො බන්‍ධුමස‍්ස අනග‍්ඝෙන චන්‍දනසාරෙන සද‍්ධිං සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණමාලං පෙසෙසි. රඤ‍්ඤො පන ද‍්වෙ ධීතරො අහෙසුං. සො තං පණ‍්ණාකාරං තාසං දාතුකාමො හුත්‍වා චන්‍දනසාරං ජෙට‍්ඨිකාය අදාසි, සුවණ‍්ණමාලං කනිට‍්ඨාය අදාසි. තා උභොපි “න මයං ඉමං අත‍්තනො සරීරෙ පිළන්‍ධිස‍්සාම, සත්‍ථාරමෙව පූජෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා රාජානං ආහංසු “තාත, චන්‍දනසාරෙන ච සුවණ‍්ණමාලාය ච දසබලං පූජෙස‍්සාමා”ති. තං සුත්‍වා රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. ජෙට‍්ඨිකා සුඛුමචන්‍දනචුණ‍්ණං කාරෙත්‍වා සුවණ‍්ණසමුග‍්ගං පූරෙත්‍වා ගණ‍්හාපෙසි. කනිට‍්ඨභගිනී පන සුවණ‍්ණමාලං උරච‍්ඡදමාලං කාරාපෙත්‍වා සුවණ‍්ණසමුග‍්ගෙන ගණ‍්හාපෙසි. තා උභොපි මිගදායවිහාරං ගන‍්ත්‍වා ජෙට‍්ඨිකා චන්‍දනචුණ‍්ණෙන දසබලස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං පූජෙත්‍වා සෙසචුණ‍්ණානි ගන්‍ධකුටියං විකිරිත්‍වා “භන‍්තෙ, අනාගතෙ තුම‍්හාදිසස‍්ස බුද‍්ධස‍්ස මාතා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. කනිට‍්ඨභගිනීපි තථාගතස‍්ස සුවණ‍්ණවණං සරීරං සුවණ‍්ණමාලාය කතෙන උරච‍්ඡදෙන පූජෙත්‍වා “භන‍්තෙ, යාව අරහත‍්තප‍්පත‍්ති, තාව ඉදං පසාධනං මම සරීරා මා විගතං හොතූ”ති පත්‍ථනං අකාසි. සත්‍ථාපි තාසං අනුමොදනං අකාසි.

අතීතයෙහි සිවිරටෙහි ජේතුත්තර නගරයේ සිව්මහරජ නම් වූ රජෙක් රාජ්‍යය කරවන්නේ සංජය නම් වූ පුතකු ලැබුවේය. හෙතෙම වැඩිවිය පත් තම පුතුට මදුරජ දියණිය වූ ඵුසති නම් රාජකන්‍යාව කැඳවා ගෙනවිත් රාජ්‍යය පවරා දී ඵුසති දේවිය අගමෙහෙසුන් කළේය. ඔහුගේ මේ පළමු යෙදීමයි. මෙයින් අනූඑක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකර ක්‍ෂේම වූ මිගදායෙහි වැඩසිටින කල්හි එක් රජකෙනෙක් රජුගේ නෑයකුට ඉතා වටිනා සඳුන් තෙල් සමග ලක්‍ෂයක් වටිනා රන්මාලයක් යැවීය. රජුට වනාහි දූවරු දෙදෙනෙක් වූහ. හෙතෙම ඒ ත්‍යාගය ඇයට දෙනු කැමැත්තේ වී සඳුන්තෙල් වැඩිමල් තැනැත්තියට දුන්නේය. රන්මාලය නැගනියට දුන්නේය. ඒ දෙදෙනාට, අපි මෙය තමන්ගේ ශරීරයේ නොයොදන්නෙමු. එයින් ශාස්තෲන් වහන්සේ පුදමුයයි සිතා රජුට කීහ. පියාණෙනි, සඳුන්තෙලින්ද රන්මාලයෙන් ද දසබලයන් වහන්සේට පුදමු. එය අසා රජු යහපතැයි අනුමත කළේය. වැඩිමල් තැනැත්තිය ඉතා සියුම් සඳුන්කුඩු පිළියෙල කර රන් සුමුඟක් පුරවා ගත්තේය. බාල සොයුරිය වනාහි රන්මාලයෙන් උරස්තාලයක් සාදවා රන්සුමුගක තැන්පත් කළේය. ඒ දෙදෙනාම මිගදායෙහි විහාරයට ගොස් වැඩිමල් තැනැත්තිය සඳුන් සුන්නෙන් දශබලයන් වහන්සේගේ රන්වන් ශරීරය පුදා ඉතිරි සුනු ගඳකුටියේ විසුරුවා ස්වාමීනි, අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුගේ මව වෙම්වායි ප්‍රාර්ථනා කළාය. බාල නැගනිය තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර රන්මාලාවකින් සැදූ පපුවැස්මකින් පුදා ස්වාමීනි, රහත්බවට පත්වනතුරු මේ පළඳනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවායි ප්‍රාර්ථනා කළාය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට අනුමෙවෙනි බණ දේශනා කළ සේක.

තා උභොපි යාවතායුකං ඨත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. තාසු ජෙට‍්ඨභගිනී දෙවලොකතො මනුස‍්සලොකං , මනුස‍්සලොකතො දෙවලොකං සංසරන‍්තී එකනවුතිකප‍්පාවසානෙ අම‍්හාකං බුද‍්ධුප‍්පාදකාලෙ බුද‍්ධමාතා මහාමායාදෙවී නාම අහොසි. කනිට‍්ඨභගිනීපි තථෙව සංසරන‍්තී කස‍්සපදසබලස‍්ස කාලෙ කිකිස‍්ස රඤ‍්ඤො ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. සා චිත‍්තකම‍්මකතාය විය උරච‍්ඡදමාලාය අලඞ‍්කතෙන උරෙන ජාතත‍්තා උරච‍්ඡදා නාම කුමාරිකා හුත්‍වා සොළසවස‍්සිකකාලෙ සත්‍ථු භත‍්තානුමොදනං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය අපරභාගෙ භත‍්තානුමොදනං සුණන‍්තෙනෙව පිතරා සොතාපත‍්තිඵලං පත‍්තදිවසෙයෙව අරහත‍්තං පත්‍වා පබ‍්බජිත්‍වා පරිනිබ‍්බායි. කිකිරාජාපි අඤ‍්ඤා සත‍්ත ධීතරො ලභි. තාසං නාමානි –

ඒ දෙදෙනාම දිවි ඇතිතෙක් සිට දෙව්ලොව උපන්හ. ඔවුනතුරෙන් දෙටු සොයුරිය දෙව්ලොවින් මිනිස්ලොවත් මිනිස්ලොවින් දෙව්ලොවත් සැරිසරන්නී අනූඑක්වන කල්පය අවසානයේ බුදුමව වන මහාමායා දේවිය වූවාය. බාලසොයුරිය එසේම ඇවිදින්නී කාශ්‍යප බුදුන් කල කිකී රජුගේ දුවණිය වී උපන්නාය. සිතුවමකින් කළාක් මෙන් උරස්මාලයකින් සැරසීගත් පසුපෙදෙසකින් යුක්ත වූ බැවින් ‘උරච්ඡදා’ නම් වූ කුමාරිකාව වී සොළොස්වියේදී ශාස්තෲන් වහන්සේගේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් අසා සෝවාන් පෙළෙහි පිහිටා පසුකලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන්ඵලයට පත් දවසේම රහත්බවට පත්ව පැවිදිවී පිරිනිවන්පෑවාය. කිකීරජු ද තවත් දූවරුන් සත්දෙනෙක් ලැබීය. ඔවුන්ගේ නම් මේවාය.

“සමණී සමණගුත‍්තා ච, භික‍්ඛුනී භික‍්ඛදායිකා; ධම‍්මා චෙව සුධම‍්මා ච, සඞ‍්ඝදාසී ච සත‍්තමී”ති.

සමණී සමණගුත්තා ච භික්ඛුනී භික්ඛදායිකා, ධම්මාචෙව සුධම්මා ච සංඝදාසී ද සත්තිමා

(සමණී - සමණගුත්තා - භික්ඛුණී - භක්ඛදායිකා - ධම්මා - සුධම්මා සංඝදාසී යන සත්දෙනාය.)

තා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ –

ඔව්හු මේ බුද්ධෝත්පාද කාලයේදී

“ඛෙමා උප‍්පලවණ‍්ණා ච, පටාචාරා ච ගොතමී; ධම‍්මදින‍්නා මහාමායා, විසාඛා චාපි සත‍්තමී”ති.

ඛෙමා උප්පලවණ්ණාච පටාචාරා ච ගොතමී, ධම්මදින්නා මහාමායා විසාඛාචාති සත්තිමා

(ඛේමා - උප්පලවණ්ණා - පටාචාරා - ගෝතමී - ධම්මදින්නා - මහාමායා - විශාබා)

තාසු ඵුස‍්සතී සුධම‍්මා නාම හුත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා විපස‍්සිසම‍්මාසම‍්බුද‍්ධස‍්ස කතාය චන්‍දනචුණ‍්ණපූජාය ඵලෙන රත‍්තචන්‍දනරසපරිප‍්ඵොසිතෙන විය සරීරෙන ජාතත‍්තා ඵුස‍්සතී නාම කුමාරිකා හුත්‍වා දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තී අපරභාගෙ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො අග‍්ගමහෙසී හුත්‍වා නිබ‍්බත‍්ති. අථස‍්සා යාවතායුකං ඨත්‍වා පඤ‍්චසු පුබ‍්බනිමිත‍්තෙසු උප‍්පන‍්නෙසු සක‍්කො දෙවරාජා තස‍්සා පරික‍්ඛීණායුකතං ඤත්‍වා මහන‍්තෙන යසෙන තං ආදාය නන්‍දනවනුය්‍යානං ගන‍්ත්‍වා තත්‍ථ තං අලඞ‍්කතසයනපිට‍්ඨෙ නිසින‍්නං සයං සයනපස‍්සෙ නිසීදිත්‍වා එතදවොච “භද‍්දෙ ඵුස‍්සති, තෙ දස වරෙ දම‍්මි, තෙ ගණ‍්හස‍්සූ”ති වදන‍්තො ඉමස‍්මිං ගාථාසහස‍්සපටිමණ‍්ඩිතෙ මහාවෙස‍්සන‍්තරජාතකෙ පඨමං ගාථමාහ –

ඔවුනතුරෙන් ඵුසති දේවිය සුධර්මා නමින් දානාදී පිංකම්කොට විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන ලද සඳුන්සුණු පූජාවේ ප්‍රතිඵලය වශයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙන්නී පසුකලෙක ශක්‍රදේවේන්ද්‍රයාගේ අගමෙහෙසියව උපන්නාය. ඉක්බිති ඇය දිවි ඇතිතෙක් සිට පස්පෙරනිමිති පහළ වූ කල්හි ශක්‍රදේවේන්ද්‍රයා ඇගේ ආයුෂ පිරිහීගොස් ඇති බව දැනගෙන මහත් යසසින් ඇයව ගෙන නන්දන වන උයනට ගොස් එහි ඇයව අලංකෘත සයනයක් මත හිඳුවා තමන් සයනය අසලින් සිට මෙසේ කීය. සොඳුර, ඵුසතිය, ඔබට වර දහයක් දෙමි. ගන්න යැයි කියමින් ගාථා දහසක් ඇති මහා වෙස්සන්තර ජාතකයෙහි පළමු ගාථාව කීය.

“ඵුස‍්සතී වරවණ‍්ණාභෙ, වරස‍්සු දසධා වරෙ; පථබ්‍යා චාරුපුබ‍්බඞ‍්ගි, යං තුය‍්හං මනසො පිය”න‍්ති.

ඵුසති බිසොවුනි! උතුම් පැහැසපුයෙන් යුත් තැනැත්තිය දසවිධ වරයක් ලබාගන්න. උතුම් ලකුණින් හොබනා තැනැත්තිය, පොළවෙහි යමක් තොප සිතට ප්‍රිය නම් එය ගන්න.

එවමෙසා මහාවෙස‍්සන‍්තරධම‍්මදෙසනා දෙවලොකෙ පතිට‍්ඨාපිතා නාම හොති.

මෙසේ මේ මහා වෙස්සන්තර ධර්මදේශනාව දෙව්ලොව පිහිටියා නම් වන්නේය.

තත්‍ථ ඵුස‍්සතීති තං නාමෙනාලපති. වරවණ‍්ණාභෙති වරාය වණ‍්ණාභාය සමන‍්නාගතෙ. දසධාති දසවිධෙ. පථබ්‍යාති පථවියං ගහෙතබ‍්බෙ කත්‍වා වරස‍්සු ගණ‍්හස‍්සූති වදති. චාරුපුබ‍්බඞ‍්ගීති චාරුනා පුබ‍්බඞ‍්ගෙන වරලක‍්ඛණෙන සමන‍්නාගතෙ. යං තුය‍්හං මනසො පියන‍්ති යං යං තව මනසා පියං, තං තං දසහි කොට‍්ඨාසෙහි ගණ‍්හාහීති වදති.

එහි ඵුසති යනුවෙන් ඇයට නමින් අමතයි. වරවණ්ණාභෙ උතුම් වූ වර්ණයෙන් බබලන. දසධා දසවැදෑරුම් කොටස් පථව්‍යා පොළවෙහි ගතයුතු දේ කොට. වරස්සු ගන්නයැයි කියයි. චාරු පුබ්බංගි උතුම් ලකුණුවලින් සමන්විත යං තුය්හං මනසො පියං යම් යම් දෙයක් ඔබගේ සිතට ප්‍රියද ඒ ඒ දේවල් කොටස් දහයකින් ගන්න යැයි කියයි.

සා අත‍්තනො චවනධම‍්මතං අජානන‍්තී පමත‍්තා හුත්‍වා දුතියගාථමාහ –

ඕ තොමෝ තමාගේ වචනයන්හි ස්වභාවය නොදන්නා ප්‍රමාද වී දෙවන ගාථාව කීවාය.

“දෙවරාජ නමො ත්‍යත්‍ථු, කිං පාපං පකතං මයා; රම‍්මා චාවෙසි මං ඨානා, වාතොව ධරණීරුහ”න‍්ති.

දෙව්රජ, ඔබහට නමස්කාර වේවා. මා කවරනම් පාපයක් කරන ලදද සැඩපවන ගසක් හෙළන්නා සේ කුමක් හෙයින් යහපත් තැනින් මා පහකරන්නේද?

තත්‍ථ නමො ත්‍යත්‍ථූති නමො තෙ අත්‍ථු. කිං පාපන‍්ති කිං මයා තව සන‍්තිකෙ පාපං පකතන‍්ති පුච‍්ඡති. ධරණීරුහන‍්ති රුක‍්ඛං.

එහි තමොත්‍යත්‍ථු ඔබට නමස්කාර වේවා. කිංපාපං මා විසින් ඔබ ළඟ කවරනම් පාපයක් කරන ලදදැයි අසයි. ධරණීරුහං ගසක් මෙන්.

අථස‍්සා පමත‍්තභාවං ඤත්‍වා සක‍්කො ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති ඇය ප්‍රමාද බව දැන ශක්‍රයා ගාථා දෙකක් පැවසීය.

“න චෙව තෙ කතං පාපං, න ච මෙ ත්‍වමසි අප‍්පියා; පුඤ‍්ඤඤ‍්ච තෙ පරික‍්ඛීණං, යෙන තෙවං වදාමහං.

තොප කළ පාපයෙක් නැත. තෙපි මට අප්‍රියද නොවන්නාහ. යම් හෙයකින් තොපට මෙසේ පවසම්ද ඒ තොපගේ පින් පිරිහුණු බැවිනි.

“සන‍්තිකෙ මරණං තුය‍්හං, විනාභාවො භවිස‍්සති; පටිග‍්ගණ‍්හාහි මෙ එතෙ, වරෙ දස පවෙච‍්ඡතො”ති.

තොපගේ මරණය ආසන්නය අප කෙරෙන් වෙන්වීම සිදුවන්නේය. මා දෙන මේ දසවිධ වරයන් පිළිගන්න.

තත්‍ථ යෙන තෙවන‍්ති යෙන තෙ එවං වදාමි. තුය‍්හං විනාභාවොති තව අම‍්හෙහි සද‍්ධිං වියොගො භවිස‍්සති. පවෙච‍්ඡතොති දදමානස‍්ස.

එහි යෙනතෙවං යම් හෙයකින් ඔබට මෙසේ කියමි. තුය්හං විනාභාවො ඔබ අපගෙන් වෙන්වීම සිදුවන්නේය. පවෙච්ඡතො දෙන්නාට.

සා සක‍්කස‍්ස වචනං සුත්‍වා නිච‍්ඡයෙන අත‍්තනො මරණං ඤත්‍වා වරං ගණ‍්හන‍්තී ආහ –

ඇය ශක්‍රයාගේ වචනය අසා ස්ථිරවම තමන්ගේ මරණය දැන වරයක් ගන්නී මෙසේ කීය.

“වරං චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; සිවිරාජස‍්ස භද‍්දන‍්තෙ, තත්‍ථ අස‍්සං නිවෙසනෙ.

සියළු සතුනට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් ඔබහට අභිවෘද්ධියක් වේවා. පින්වත, සිවිරජුගේ භවනයෙහි අගමෙහෙසිය වෙම්වා.

“නීලනෙත‍්තා නීලභමු, නීලක‍්ඛී ච යථා මිගී; ඵුස‍්සතී නාම නාමෙන, තත්‍ථපස‍්සං පුරින්‍දන.

සක්දෙව් රජුනි! නිල්වන් ඇස් ඇති මුවැත්තියක සේ නිල්වන් නෙත් නිල්වන් බැම ඇත්තක් වෙම්වා. එහිදු ‘ඵුසති’ නමින් යුක්ත වෙම්වා.

“පුත‍්තං ලභෙථ වරදං, යාචයොගං අමච‍්ඡරිං; පූජිතං පටිරාජූහි, කිත‍්තිමන‍්තං යසස‍්සිනං.

කැමැති සම්පත් දෙන ඉල්වන්නට සුදුසු නොමසුරු කීර්ති ඇති පිරිවර ඇති යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා.

“ගබ‍්භං මෙ ධාරයන‍්තියා, මජ‍්ඣිමඞ‍්ගං අනුන‍්නතං; කුච‍්ඡි අනුන‍්නතො අස‍්ස, චාපංව ලිඛිතං සමං.

ගැබ් දරණ මාගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක් සෙයින් උස්නොවූ මැද පෙදෙස වේවා.

“ථනා මෙ නප‍්පපතෙය්‍යුං, පලිතා න සන‍්තු වාසව; කායෙ රජො න ලිම‍්පෙථ, වජ‍්ඣඤ‍්චාපි පමොචයෙ.

සක්දෙව් රජුනි, මගේ පියොවුරු නොඑල්බේවා. පැසුනු හිසකෙස් නොපෙනේවා. සිරුරෙහි රජස් නොවැකේවා. වධයට පත්වූවන් මුදන්නටද සමත් වෙම්වා.

“මයූරකොඤ‍්චාභිරුදෙ, නාරිවරගණායුතෙ; ඛුජ‍්ජචෙලාපකාකිණ‍්ණෙ, සූතමාගධවණ‍්ණිතෙ.

පින්වත් සක්දෙව් රජුනි, මොනරුන් හා කොස්වාළිහිණියන් විසින් කැරෙන නාද ඇති. උත්තම කාන්තාවන් ගැවසෙන කුරුන්, කුදුන් හා ළදරුවන් බලවතුන්ගෙන් ගැවසීගත් වන්දිභට්ටයන් හා කවීන්ගෙන් කෙරුණු වැණුම් ඇති.

“චිත්‍රග‍්ගළෙරුඝුසිතෙ, සුරාමංසපබොධනෙ; සිවිරාජස‍්ස භද‍්දන‍්තෙ, තත්‍ථස‍්සං මහෙසී පියා”ති.

පසඟතුරු නාදයට බඳු කන්කලු රාවයෙන් යුත් මනහර විසිතුරු සත්රුවනින් හෙබි දොරකවුළු ඇති සුරාමසින් ප්‍රබෝධමත් වන මිනිසුන් ඇති ඒ මැදුරෙහි සිවිරජහට අගමෙහෙසුන් තන්හි වෙම්වා.

තත්‍ථ සිවිරාජස‍්සාති සා සකලජම‍්බුදීපතලං ඔලොකෙන‍්තී අත‍්තනො අනුච‍්ඡවිකං සිවිරඤ‍්ඤො නිවෙසනං දිස‍්වා තත්‍ථ අග‍්ගමහෙසිභාවං පත්‍ථෙන‍්තී එවමාහ. යථා මිගීති එකවස‍්සිකා හි මිගපොතිකා නීලනෙත‍්තා හොති, තෙනෙවමාහ. තත්‍ථපස‍්සන‍්ති තත්‍ථපි ඉමිනාව නාමෙන අස‍්සං. ලභෙථාති ලභෙය්‍යං. වරදන‍්ති අලඞ‍්කතසීසඅක‍්ඛියුගලහදයමංසරුධිරසෙතච‍්ඡත‍්තපුත‍්තදාරෙසු යාචිතයාචිතස‍්ස වරභණ‍්ඩස‍්ස දායකං. කුච‍්ඡීති “මජ‍්ඣිමඞ‍්ග”න‍්ති වුත‍්තං සරූපතො දස‍්සෙති. ලිඛිතන‍්ති යථා ඡෙකෙන ධනුකාරෙන සම‍්මා ලිඛිතං ධනු අනුන‍්නතමජ‍්ඣං තුලාවට‍්ටං සමං හොති, එවරූපො මෙ කුච‍්ඡි භවෙය්‍ය.

එහි සිටි රාජස්ස දඹදිව් තලය බලන්නී තමන්ට යෝග්‍ය සිවි රජුගේ නිවෙස්න දැක එහි අගමෙහෙසුන් බව පතන්නී මෙසේ කීවාය. යථාමිගී එක්වස් මුවපෝතිකාවට නිර්මල නිල්වන් ඇස් ඇත්තීය. ඒ නිසා මෙසේ කීය. තත්‍ථපස්සනති එහිදීද මේ නමින්ම වෙම්වා. ලභෙථ පුතකු ලබන්නෙමි. වරදං අලංකාර කළ හිස, නෙත්යුගල, හෘදයමාංශය, සේසත, දරුවන්, භාර්යාවන්, ආදීන් අතුරෙන් ඉල්වන ඉල්වන තැනැත්තාට ඒ ඒ භාණ්ඩය දෙන්නා වූ. කුච්ඡි ඇඟෙහි මැද පෙදෙස ගැන කියන ලදී. හැඩරුව අනුව දක්වයි. ලිඛිතං යම්සේ දක්‍ෂ දුනු ශිල්පියකු විසින් මනාව ලියවන ලද දුන්න ඉතා නුස් වූ මැදපෙදෙස්. බෝලයකට සමාන වෙයි. මාගේ කුස මෙබඳු එකක් වේවා.

නප‍්පපතෙය්‍යුන‍්ති පතිත්‍වා ලම‍්බා න භවෙය්‍යුං. පලිතා න සන‍්තු වාසවාති වාසව දෙවසෙට‍්ඨ, පලිතානිපි මෙ සිරස‍්මිං න සන‍්තු මා පඤ‍්ඤායිංසු. “පලිතානි සිරොරුහා”තිපි පාඨො. වජ‍්ඣඤ‍්චාපීති කිබ‍්බිසකාරකං රාජාපරාධිකං වජ‍්ඣප‍්පත‍්තචොරං අත‍්තනො බලෙන මොචෙතුං සමත්‍ථා භවෙය්‍යං. ඉමිනා අත‍්තනො ඉස‍්සරියභාවං දීපෙති. භූතමාගධවණ‍්ණිතෙති භොජනකාලාදීසු ථුතිවසෙන කාලං ආරොචෙන‍්තෙහි සූතෙහි චෙව මාගධකෙහි ච වණ‍්ණිතෙ. චිත්‍රග‍්ගළෙරුඝුසිතෙති පඤ‍්චඞ‍්ගිකතූරියසද‍්දසදිසං මනොරමං රවං රවන‍්තෙහි සත‍්තරතනවිචිත‍්තෙහි ද‍්වාරකවාටෙහි උග‍්ඝොසිතෙ. සුරාමංසපබොධනෙති “පිවථ, ඛාදථා”ති සුරාමංසෙහි පබොධියමානජනෙ එවරූපෙ සිවිරාජස‍්ස නිවෙසනෙ තස‍්ස අග‍්ගමහෙසී භවෙය්‍යන‍්ති ඉමෙ දස වරෙ ගණ‍්හි.

නප්පපතෙය්‍යුං පහතට වැටී එල්බෙන ඒවා නොවේවා. පලිතා නස්සන්තු වාසව ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි, මාගේ පැසුණු හිසකෙස් නැසේවා. නොපෙනේවා. පලිතානි සිරොරුහා යනුවෙන්ද පාඨයක් හමුවේ. වජ්ඣඤ්චාපි කිසියම් කාරණයක් නිසා රාජාපරාධකරුවකු වී වධයට පත් සොරකු තමන්ගේ බලයෙන් මුදවාගන්නට හැකිවෙම්වා. මෙයින් තමාගේ ඉසුරුමත් බව පෙන්වයි. සුතමාගධවණ්ණිතෙ ආහාර ගන්නා අවස්ථාවන්හිදී ස්තුති වශයෙන් කාලය දන්වන්නා වූ වන්දිභට්ටයන් හා මගධ වැසියන් විසින් වර්ණනා කරන ලද චිත්‍රග්ගළෙසුසිතෙ පංචාංගික තූර්ය නාදයට සමාන මනහර නාදය, ඇතිකරන්නා වූ සත්රුවත්වලින් අලංකාර වූ විසිතුරු කරන ලද දොරකවුළුවලින් උස්හඬින් හඬනගන ලද කල්හි සුරාමංසප්පබොධනෙන කව්. බොව්. කියා සුරාවෙන් හා මස්මාංශවලින් ප්‍රබෝධමත්වන ජනයා සිටින මෙබඳු වූ සිවිරජුගේ මාලිගාවේ ඔහුගේ අගමෙහෙසුන් තනතුරේ පිහිටන්නේය. යන වර දසය ගත්තේ,

තත්‍ථ සිවිරාජස‍්ස අග‍්ගමහෙසිභාවො පඨමො වරො, නීලනෙත‍්තතා දුතියො, නීලභමුකතා තතියො, ඵුස‍්සතීති නාමං චතුත්‍ථො, පුත‍්තපටිලාභො පඤ‍්චමො, අනුන‍්නතකුච‍්ඡිතා ඡට‍්ඨො, අලම‍්බත්‍ථනතා සත‍්තමො, අපලිතභාවො අට‍්ඨමො, සුඛුමච‍්ඡවිභාවො නවමො, වජ‍්ඣප‍්පමොචනසමත්‍ථතා දසමො වරොති.

එහි සිවි රජුගේ අගමෙහෙසිය වීම පළමුවැනි වරයයි. නිල් ඇස් ඇති බව දෙවන වරයයි. නිල් බැම ඇති බව තුන්වැන්නයි. ඵුසති නම සතරවැන්නයි. පුත්‍රයකු ලැබීම පස්වැන්නය. උස්නොවූ කුසක් ඇති බව සයවැන්නයි. පහතට කඩා නොවැටෙන පියවුරු ඇතිබව සත්වැන්නය. සුදුකෙස් නැති බව අටවැන්නය. සියුම් වූ සමක් ඇති බව නවවැන්නයි. වරදට පත්වූවකු එයින් මුදවා ගැනීම දසවැන්නයි.

සක‍්කො ආහ –

ශක්‍රයා මෙසේ පැවසීය.

“යෙ තෙ දස වරා දින‍්නා, මයා සබ‍්බඞ‍්ගසොභනෙ; සිවිරාජස‍්ස විජිතෙ, සබ‍්බෙ තෙ ලච‍්ඡසී වරෙ”ති.

සියළු අඟපසඟින් හොබනා තැනැත්තිය මා විසින් යම් දසවර කෙනෙක් තොපට දෙන ලදද ඒ සියළුවර සිවිරජුගේ රාජ්‍යයෙහිදී ලබන්නහුය.

අථස‍්සා සක‍්කො දෙවරාජා ඵුස‍්සතියා දස වරෙ අදාසි, දත්‍වා ච පන “භද‍්දෙ ඵුස‍්සති, තව සබ‍්බෙ තෙ සමිජ‍්ඣන‍්තූ”ති වත්‍වා අනුමොදි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

[missing trans]

“ඉදං වත්‍වාන මඝවා, දෙවරාජා සුජම‍්පති; ඵුස‍්සතියා වරං දත්‍වා, අනුමොදිත්‍ථ වාසවො”ති.

මෙපවත් කියා සුජම්පතී වූ මසවානම් නම් සක්දෙව් රජු ඵුසතියට දසවරය දී සතුටු සිත් ඇත්තේ විය.

තත්‍ථ අනුමොදිත්‍ථාති “සබ‍්බෙ තෙ ලච‍්ඡසි වරෙ”ති එවං වරෙ දත්‍වා පමුද‍්දිතො තුට‍්ඨමානසො අහොසීති අත්‍ථො.

එහි අනුමොදිත්‍ථ යනු ඒ සියලු වරයක් ලබන්නෙහි. මෙසේ වරයන් දී සතුටු වූයේ ප්‍රමුදිත වූයේ විය.

දසවරකථා නිට‍්ඨිතා.

දසවර ගාථා නිමියේ ය.