දසවරගාථා
6112. ඵුසතී වරවාණ්ණභෙ වරස්සු දසධා වරෙ, පථව්‍යා චාරුපුබ්බඞ්ගී යං තුය්හං මනසො පියං.
6112. සක්දෙව් රජ: ඵුසතී බිසොවුනි, උතුම් පැහැසපුවෙන් යුත් තැනැත්තිය, දසවිධ වරයක් ලැබැ ගන්න. උතුම් ලකුණින් හොබනා තැනැත්තිය, පොළොවෙහි යමක් තොප සිතට ප්‍රිය නම් එය ගන්න.
6113. දෙවරාජ නමො ත්යත්ථු කිං පාපං පකතං මයා, රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං.
6113. ඵුසතීදේවි: දෙව්රජ, ඔබහට නමස්කාර වේවා! මා කවර නම් පවක් කරන ලද ද? සැඬපවන රුකක් හෙළන්නා සේ කුමක් හෙයින් යහපත් තැනින් මා පහ කෙරෙත් ද?
6114. න චෙව තෙ කතං පාපං න ච මෙ ත්වමසි අප්පියා, පුඤ්ඤඤ්ච තෙ පරික්ඛීණං යෙන තෙවං වදාමහං.
6114. තොප කළ පවෙක් නැත. තෙපි මට අප්‍රිය ද නොවන්නහු. යම් හෙයෙකින් තොපට මෙසේ පවසම් ද ඒ තොපගේ පින් පිරිහුණු බැවිනි.
6115. පන්තිකෙ මරණං තුය්හං විනාභාවො භවිස්සති, පතිග්ගණහාහි මෙ එතෙ වරෙ දස පචෙච්ඡතො.
6115. තොපගේ මරණය ආසන්න ය. (අප කෙරෙන්) වෙන් වීම සිදු වන්නේ ය. මා දෙන මේ දසවිධ වරය පිළිගනු.
6116. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, සිවිරාජස්ස භද්දන්තෙ තත්ථ අස්සං නිවෙසනෙ.
6116. සව්සතුනට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙවු නම් ඔබහට අභිවෘද්ධියක් වේවා පින්වත, සිවිරජුගේ භවනෙහි අගමෙහෙසි වෙම්වා.
6117. නීලනෙත්තා නීලභමූ නිලක්ඛී ච යථාමිගී, ඵුසතී නාම නාමෙන තත්ථස්සං පුන්දදරි.
6117. සක්දෙව් රජුනි, නිල්වන් ඇස් ඇති මුවැත්තියක සේ නිල්වන් නෙත් නිල්වන් බැම ඇත්තක් වෙම්වා. එහිදු ඵුසතී නමින් යුතු වෙම්වා.
6118. පුත්තං ලභෙථ වරදං යාචයොගං අමච්ඡරිං, පූජිතං පතිරාජෙහි කිත්තිමන්තං යසස්සිනං.
6118. කැමැති සම්පත් දෙන ඉල්වන්නට සුදුසු නොමසුරු කීර්ති ඇති පිරිවර ඇති යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා.
6119. ගබ්භං මෙ ධාරයන්තියා මජ්ඣිමඞ්ගං අනුන්නත, කුච්ඡි අනුන්නතො අස්ස චාපංව ලිඛිතං සමං.
6119. ගැබ් දරන මාගේ කුස උස් නො වේවා. සමසේ ලියවුණු දුනුමිටක් සෙයින් උස් නො වූ මැද පෙදෙස වේවා.
6120. ථනා මෙ නප්පපතෙය්යුං පලිතා නස්සන්තු වාසව, කායෙ රජො න ලිප්පෙථ වජ්ඣං චාපි පමොචයෙ.
6120. සක්දෙව් රජුනි, මගේ පියොවුරු නො එල්බේවා. පැසුණු හිසකෙස් නො පැනේවා. සිරුරෙහි රජස් නො වැකේවා. වධයට පත් වූවන් මුදන්නට ද සමත් වෙම්වා.
6121. මයූරකොඤ්චාභිරුදෙ නාරීවරගණායුතෙ, ඛුජ්ජචෙලාපකාකිණ්ණෙ සූතමාගධවණ්ණිතෙ.
6121. පින්වත් සක්දෙව් රජුනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කැරෙන නද ඇති, උත්තම කාන්තාවන් ගැවැසෙන, කුරුන් කුදුන් හා ළදරුවන් බලවතුන් (රජමැදුර රකින රාජ පුරුෂයන්) ගෙන් ආකීර්ණ, වන්දිභට්ටයන් හා කිළිඟුන් විසින් කැරුණු වැණුම ඇති,
6122. චිත්රග්ගළෙරුඝුසිතෙ සුරාමංසප්පබොධනෙ, සිවිරාජස්ස භද්දන්තෙ තත්ථ අස්සං මහෙසියා.
6122. පසඟතුරු රැවට බඳු කන්කලු රැවින් යුත් මනහර විසිතුරු සත්රුවනින් හෙබි දොරකවුළු ඇති සුරාමසින් ප්‍රබෝධ වන මිනිසුන් ඇති ඒ මැදුරෙහි සිවිරජහට අගමෙහෙසුන් තන්හි වෙම්වා.
6123. යෙ තෙ දස වරා දින්නා මයා සබ්බඞ්ගසොභනෙ, සිවිරාජස්ස විජිතෙ සබ්බෙ තෙ ලච්ඡසී වරෙ.
6123. සක්දෙව් රජ: සියලු අඟපසඟින් හොබනා තැනැත්තිය, මා විසින් යම් දසවර කෙනෙක් තොපට දෙන ලද ද ඒ සියලු වර සිවිරජුගේ රාජ්‍යයෙහි දී ලබන්නහු ය.
6124. ඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, ඵුසතියා වරං දත්වා අනුමොදිත්ථ වාසවො.
6124. මෙපවත් කියා සුජාගේ හිමි වූ මඝවත් නම් සක්දෙව්රජ ඵුසතියට දසවරය දී සතුටු සිත් ඇත්තේ විය.