යෙදුමෙන් කියවන්න

හිමවන‍්තවණ‍්ණනා

6125. තතො චුතා සා ඵුසතී ඛත‍්තියො උපපජ‍්ජථ, ජෙතුන‍්තරම‍්භි නගරෙ සඤ‍්ජයෙන සමාගමී.

6125. ඒ දෙව්ලොවින් චුත වූ ඒ ඵුසතී තොමෝ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නා ජේතුත්තර නුවර සඤ්ජය කුමරු හා එක් (මෙහෙසි) වූවා ය.

6126. දස මාසෙ ධාරයිත්‍වාන කාරොන‍්තී පුරපදක‍්ඛිණං, වෙස‍්සානං විථිසා මජ‍්ඣෙ ජනෙසි ඵුසතී මමං.

6126. ඵුසතී තොමෝ දසමසක් මුළුල්ලෙහි කුසින් දරා නුවර පැදකුණු කරන්නී වාණිජවීථිය මැදැ කරවූ සූතිඝරයෙහි මා ප්‍රසූත කළා.

6127. න මය‍්හං මත‍්තිකං නාමං නපි පෙත‍්තිකසමභවං, ජාතොම‍්හි වෙස‍්සවීථියං තස‍්මා වෙස‍්සන‍්තරො අහු.

6127. මාගේ (වෙසතුරු) නම මවුපසට අයත් නො වෙයි. පියපසට ද අයත් නො වෙයි. යම් හෙයෙකින් වෙළෙඳ වීථියක උපනිම් ද එහෙයින් වෙසතුරු නම් වීමි.

6128. යදාහං දාරකො හොමි ජාතියා අට‍්ඨවස‍්සිකො, තදා නිසජ‍්ජ පාසාදෙ දානං දාතුං විචින‍්තයිං.

6128. මම යම් කලෙක උපතින් අට හැවිරිදි දරුවීම් ද එ කලැ පහයෙහි (පලක් බැඳ) හිඳැ දන් දෙන්නට සිතීමි.

6129. හදයං දදෙය්‍යං චක‍්ඛුම‍්පි මංසම‍්පි රුධිරම‍්පි ච, දදෙය්‍යං කායං සාවෙත්‍වා යදි කොචි යාචයෙ මමං.

6129. ඉදින් කිසිවෙක් මා යදනේ නම් (ඕහට) හදවත ද ඇසුදු මසුදු ලෙහෙදු දෙනුයෙම්, කය ද දස්බව අස්වා දෙන්නෙමි.

6130. සභාවං චින‍්තයන‍්තස‍්ස අකම‍්පිතමසණ‍්ඨිතං, අකම‍්පි තත්‍ථ පඨවී සිනෙරුවනවටංසකා.

6130. මසුරු බැව්හි නො පිහිටි අචල වූ දන් දියටි ස්වභාවය සිතන වෙසතුරු කුමරුහුගේ සිත අනුව මෙරගල මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ.

6131. පරූළ‍්හකච‍්ඡනඛලොමා පංකදන‍්තා රජස‍්සිරා, පග‍්ගය‍්හ දක‍්ඛිණං බාහුං කිං මං යාචන‍්ති බ්‍රාහ‍්මණා.

6131. දික් වූ කිහිලි ලොම් නිය වෙරලොම් ඇති මල හුන් දත් ඇති ධූලි වගුළ කෙහෙ ඇති බමුණෝ දකුණ’ත නඟා මා අතින් කුමක් ඉල්වත් ද? (කුමර ඇසී).

6132. රතනං දෙව යාචාම සිවීනං රට‍්ඨවඩ‍්ඪන, දදාහි පවරං නාගං ඊසාදන‍්තං උරූළ‍්හවං.

6132. සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ. කවර රුවනෙක යත්: රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත් රුවන දුන මැනවි.

6133. දදාමි න විකම‍්පාමි යං මං යාචන‍්ති බ්‍රාහ‍්මණා, පභින‍්නං කුඤ‍්ජරං දන‍්තිං ඔපවුය‍්හං ගජුත‍්තමං.

6133. බමුණෝ මා අතින් යමක් ඉල්වත් ද ගිලියෙන මද ඇති මනාදළ ඇති රාජවාහන වූ උතුම් ඇත්රජහු දෙමි. කම්පිත නො වෙමි.

6134. හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ රාජා චාගාධිමානසො, බ්‍රාහ‍්මණානං අදා දානං සිවීනං රට‍්ඨවඩ‍්ඪනො.

6134. සිවිරට වඩන වෙසතුරු මහරජ ත්‍යාගයෙහි පිහිටි සිත් ඇති වැ ඇත් කඳින් බැසැ බමුණන්ට ඇත්රජු දන් දින.

6135. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි මෙදිනී සමකම‍්පථ.

6135. උතුම් ඇත්රජු දුන් කල්හි පොළොව සැලිණ. එසඳ යම් බිහිසුණු බවක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.

6136. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි ඛුබ‍්භීත්‍ථ නරං තදා.

6136. ඇත්රජු දුන් කල්හි නුවර කැළැඹිණ, එදා යම් භිංසනකයෙක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.

6137. සමාකුලං පුරං ආසි ඝොසො ච විපුලො මහා, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

6137. සිවිරට වඩන ඇත්රජහු දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂයෙක් ද වී.

6138. අථෙත්‍ථ වත‍්තති සද‍්දො තුමුලො භෙරවො මහා, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි මෙදිනී සමකම‍්පථ.

6138. ඇත්රජු දුන් කල්හි පොළොව කම්පා විය. එසඳ එහි මහත් වූ බිහිසුණු හඬෙක් පවතී.

6139. අථෙත්‍ථ වන‍්තතී සද‍්දො තුමුලො භෙරවො මහා, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි ඛුබ‍්භිත්‍ථ නගරං තදා

6139. එසඳ ඇත්රජු දුන් කල්හි නුවර කැළඹිණ. ඉක්බිති එහි පැතිර උස් වූ බිහිසුණු මහ හඬෙක් පවතී.

6140. අථෙත්‍ථ වත‍්තතී සද‍්දො තුමුලො භෙරවො මහා, හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

6140. සිවිරට වඩන උතුම් ඇතු දන් දුන් කලැ මහත් බිහිසුණු විශාල හඬෙක් ඒ නගරයෙහි පවතී.

6141. උග‍්ගා ච රාජපුත‍්තා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, හත්‍ථාරුහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා.

6141. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෙළෙඳෝ ද, බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද-

6142. කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා, දිස‍්වා නාගං නීයමානං තෙ රඤ‍්ඤො පටිවෙදයුං.

6142. මුළු නියම්ගම් වැසි කෙලෙඹියෝ ද සිවිරට වැසියෝ ද එක්රැස් වැ ඇතු රැගෙන යනු දැකැ (පිය) රජුට සැලකළාහ.

6143. විධමං දෙව තෙ රට‍්ඨං පුත‍්තො වෙස‍්සන‍්තරො තව, කථං නො හත්‍ථිනං දජ‍්ජා නාගං රට‍්ඨස‍්ස පූජිතං.

6143. දේවයන් වහන්ස, තොපගේ රට නසමින් තොපගේ පුත් වෙසතුරු රජ රටවැසියා පිදූ අපගේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේ නම් දෙන්නේ ද?

6144. කථං නො කුඤ‍්ජරං දජ‍්ජා ඊසාදන‍්තං උරූළ‍්හවං, ඛෙත‍්තඤ‍්ඤුං සබ‍්බයුද‍්ධානං සබ‍්බසෙතං ගජුත‍්තමං.

6144. රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් සියලු යුදයෙහි ජයභූමි දත් හැම අවයව සුදු වූ අපගේ උතුම් ඇතු කෙසේ නම් දෙන්නේ ද?

6145. පණ‍්ඩුකම‍්බලසඤ‍්ඡන‍්නං පභින‍්නං සත‍්තුමද‍්දනං, දන‍්තිං සවාළවිජනිං සෙතං කෙලාසසාදිසං.

6145. රත්පලසින් වැසුණු මද වැහෙනු වූ සතුරන් මඩනා මනා දළ ඇති කෛලාසකූට පර්‍වතයට බඳු සුදුපැහැති චාමර සහිත,

6146. සසෙතච‍්ඡත‍්තං සවුපථෙය්‍යං සාථබ‍්බණං සහත්‍ථිපං, අග‍්ගයානං රාජවාහිං බ්‍රාහ‍්මණානං අදා ධනං.

6146. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත් වෙදුන් සහිත වූ ඇත් ගොව්වන් සහිත වූ රජු උසුලන අග්‍ර යාන වූ ධනය කලිඟුරට බමුණන්ට (කවර හෙයින්) දුන්නේ ද?

6147. අන‍්නං පානඤ‍්ච සො දජ‍්ජා වත්‍ථසෙනාසනානි ච, එතං ඛො දානපතිරූපං එතං ඛො බ්‍රාහ‍්මණාරහං.

6147. හෙතෙම ආහාරපාන ද වස්ත්‍ර ද සෙනසුන් ද දෙන්නේ යැ. තෙල දනට නිසි ය. තෙල බමුණන්ට යෝග්‍ය යැ.

6148. අයං තෙ වංසරාජා නො සිවීනං රට‍්ඨවඩ‍්ඪනං, කථං වෙස‍්සන‍්තරො පුත‍්තො ගජං හාජෙති සඤ‍්ජය.

6148. සඤ්ජය රජතුමනි, මේ වෙසතුරු පරපුරු විසින් අපට ආ රජෙක. තොපගේ වෙසතුරු පුත් කෙසේ නම් සිවිරට වඩන ඇතු දෙන්නේ ද?

6149. සචෙ ත්‍වං න කරිස‍්සසි සිවීනං වචනං ඉමං, මඤ‍්ඤෙ තං සහපුත‍්තෙන සිවී හත්‍ථෙ කරිස‍්සරෙ.

6149. ඉදින් තෙපි සිවිරට වැසියන්ගේ මෙ බස නො කරන්නවු නම් සිවිරට වැසියෝ පුතු හා සමග තොප අත්පත් කරතී සිතම්හ.

6150. කාමං ජනපදො මාසි රට‍්ඨං චාපි විනස‍්සතු, නාහං සිවීනං වචනා රාජපුත‍්තං අදූසකං; පබ‍්බාජෙය්‍යං සකා රට‍්ඨා පුත‍්තො හි මම ඔරසො.

6150. ඒකාන්තයෙන් ජනපදය නැති වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ වචන හේතුවින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. මාගේ ඖරසපුත්‍ර හෙයිනි.

6151. කාමං ජනපදො මාසි රට‍්ඨං චාපි විනස‍්සතු, නාහං සිවීනං වචනා රාජපුත‍්තං අදූසකං; පබ‍්බාජෙය්‍යං සකා රට‍්ඨා පුත‍්තො හි මම අත්‍රජො.

6151. ඒකාන්තයෙන් ජනපදය මට නො වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ බස් හෙයින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. හේ මා නිසා උපන් පුත් හෙයිනි.

6152. නචාහං තස‍්ස දුබ‍්භෙය්‍යං අරියසීලවතො හි සො, අසිලොකොපි මෙ අස‍්ස පාපඤ‍්ච පසවෙ බහුං; කථං වෙස‍්සන‍්තරං පුත‍්තං සත්‍ථෙන ඝාතයාමසෙ.

6152. මම ඔහුට ද්‍රෝහී නො වෙමි. යම් හෙයෙකින් හේ උතුම් සිල් ඇත්තේ ද එහෙයිනි. මට අපකීර්ති ද වෙයි. බොහෝ පව් ද රැස් වේ. කවර හෙයින් වෙසතුරු පුතු අවියෙකින් මරවම් දැ යි (සඳමහරජ කී.)

6153. මා නං දණ‍්ඩෙන සත්‍ථෙන න හි සො බන්‍ධනාරහො, පබ‍්බාජෙහි ච නං රට‍්ඨා වඞ‍්කෙ වසතු පබ‍්බතෙ.

6153. ඔහු දඬින් ද සැතින් ද නො නැසුව මැනැවි. හේ දඟගෙට ද නො නිසිය. ඔහු රටින් නෙරැපුව මැනැවි. වඞ්කගිරියෙහි වෙසේවා යි(සිවිරට වැසියෝ කීහු.)

6154. එසො චෙ සිවීනං ඡන්‍දො ඡන්‍දං න පනුදාමසෙ, ඉමං සො වසතු රත‍්තිං කාමෙ ච පරිභුඤ‍්ජතු.

6154. ඉදින් මේ සිවිරට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත නො දුරලම්හ. හේ මේ රාත්‍රිය වෙසේවා. කාමසම්පත් ද අනුභව කෙරේවා.

6155. තතො රත්‍යා විවසනෙ සුරියස‍්සුග‍්ගමනම‍්පති, සමග‍්ගා සිවයො හුත්‍වා රට‍්ඨා පබ‍්බාජයන‍්තු නං.

6155. ඉක්බිති රාත්‍රිය අවසන්හි ඉරු උදාවන කලැ සිවිරට වැසියෝ සමගි වැ ඔහු රටින් පිට කෙරෙත්වා යි (රජ) කීයැ.

6156. උට‍්ඨෙහි කත‍්තෙ තරමානො ගන‍්ත්‍වා වෙස‍්සන‍්තරං වද, සිවයො දෙව තෙ කුද‍්ධා නෙගමා ච සමාගතා.

6156. කාරියකරවන ඇමැතිය, වහා නැඟෙව. වෙස්සන්තර වෙත ගොස් මෙසේ කියව: දේවයිනි, සිවීහු ද නියම්ගම් වැසි කෙළෙඹියෝ ද එක්රැස් වැ තොපට කිපුණාහ.

6157. උග‍්ගා ච රාජපුත‍්තා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, හත්‍ථාරුහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා; කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා.

6157. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද නියම්ගම්වැසි සියල්ලෝ ද සිවීහු ද එක්රැස් වූහ.

6158. අස‍්මා රත්‍යා විවසනෙ සුරීයස‍්සුග‍්ගනම‍්පති, සමග‍්ගා සිවයො හුත්‍වා රට‍්ඨා පබ‍්බාජයන‍්ති තං.

6158. මෙ රැය ඉක්මැ හිරු උදාවන වේලෙහි සිවීහු සමග වැ තොප රටින් නෙරති යනු යි.

6159. ස කත‍්තා තරමානොව සිවිරාජෙන පෙසිතො, ආමුත‍්තහත්‍ථාභරණො සුවත්‍ථො චන්‍දනභූසිතො.

6159. සිවිරජු විසින් මෙහෙයන ලද ඒ කාරියකරවන ඇමැති වෙලෙවි වැ මැ පැළැඳි හස්තාභරණ ඇතියේ මොනොවට හන් පිළී ඇත්තේ සඳුනෙන් සැරසුණේ,

6160. සීසං නහාතො උදකෙසො ආමුත‍්තමණිකුණ‍්ඩලො, උපාගමි පුරං රම‍්මං වෙස‍්සන‍්තරනිවෙසනං.

6160. හිසින් ස්නාන කෙළේ තෙත් කෙහෙ ඇති වැ පළන් මිණිකොඬොල් ඇති වැ වෙසතුරු නිවෙස් වූ රම්‍ය වූ පුරයට එළැඹියේ යැ.

6161. තත්‍ථදස‍්ස කුමාරං සො රමමානං සකෙ පුරෙ, පරිකිණ‍්ණං අමච‍්චෙහි තිදසානංව වාසවං.

6161. ඒ ඇමැති සිය නුවරැ තව්තිසා දෙවියන් මැදැ ප්‍රීත වන සක්දෙව් රජු මෙන් ඇමැතියන් පිරිවැරූ දුන් දනෙහි සිත් අලවන වෙසතුරු කුමරු දිටී.

6162. සො තත්‍ථ ගන‍්ත්‍වා රමමානං කත‍්තා වෙස‍්සන‍්තරං බ්‍රවි, දුක‍්ඛං තෙ වෙදයිස‍්සාමි මා මෙ කුජ‍්ඣි රථෙසභ.

6162. ඒ කාරියකරවන ඇමැති එහි ගොස් ප්‍රීත වන වෙසතුරු කුමරුහට මෙසේ කී: රජතුමනි, තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. මට නහමක් කිපෙව.

6163. වන්‍දිත්‍වා රොදමානො සො කත‍්තා රාජානමබ්‍රවි භත‍්තා මෙසි මහාරාජ සබ‍්බකාමරසාහරො; දුක‍්ඛං තෙ වෙදයිස‍්සාමි තත්‍ථ අස‍්සාසයන‍්තු මං.

6163. ඒ ඇමැති රජතුමන් වැඳැ හඬමින් මෙසේ කී: මහරජ, තෙපි වනාහි කැමැති සියලු රස ගෙන දෙන මාගේ ස්වාමි වව. තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. එහිලා මා සනසත්වා.

6164. සිවයො දෙව තෙ කුද‍්ධා නෙගමා ව සමාගතා, උග‍්ගා ච රාජපුත‍්තා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා.

6164. දේවයන් වහන්ස, සිවීහු තොප වහන්සේට කිපියහ. නියම්ගම් වැස්සෝ ද ප්‍රසිද්ධ පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද රැස්වූහ.

6165. හත්‍ථාරුහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා.

6165. ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද හුදෙක් නියම්ගම්වැස්සෝ ද සිවීහු ද වූහ.

6166. අස‍්මා රත්‍යා විවසනෙ සුරියස‍්සුග‍්ගමනම‍්පති, සමග‍්ගා සිවයො හුත්‍වා රට‍්ඨා පබ‍්බාජයන‍්ති තං.

6166. මෙ රෑ අවසන්හි හිරු උදාවන සමයෙහි සිවීහු සමග වැ තොප වහන්සේ රටින් නෙරති යි (කී යැ.)

6167. කිස‍්මිං මෙ සිවයො කුද‍්ධා නාහං පස‍්සාමි දුක‍්කතං, තම‍්මෙ කත‍්තෙ වියාචික‍්ඛ කස‍්මා පබ‍්බාජයන‍්ති මං.

6167. සිවීහු කවර කරුණෙහි මට කිපියාහු ද? නපුරු කොට කරනලද්දක් මම නො දක්මි. කාරියකරවන ඇමැතිය, මට එය විස්තර කොට කියව. කවර හෙයින් මා නෙරත් ද?

6168. උග‍්ගා ච රාජපුත‍්තා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, හත්‍ථාරුහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා; නාගදානෙන ඛීයන‍්ති තස‍්මා පබ‍්බාජයන‍්ති තං.

6168. ප්‍රකට පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද ඇතු දන් දීම් හේතුයෙන් දොස් පහළ කෙරෙති. එහෙයින් තොප වහන්සේ නෙරති.

6169. හදයං චක‍්ඛුම‍්පහං දජ‍්ජං කිං මෙ බාහිරකං ධනං, හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා මුත‍්තා වෙළුරියා මණී.

6169. මම හදවත (පපුමස්) ද ඇස් ද දෙන්නෙමි. මාගේ බාහිර ධන දීම ගැන කියනු කිම? රන් හෝ අමුරන් හෝ මුතු මැණික් හෝ වෙරළුමිණි හෝ දෙන්නෙමි.

6170. දක‍්ඛිණං වාපහං බාහුං දිස‍්වා යාචකමාගතෙ, දදෙය්‍යං න විකම‍්පෙය්‍යං දානෙ මෙ රමතී මනො.

6170. වෙත පැමිණි යාචකයන් දැකැ දකුණත හෝ දෙන්නෙමි. නො වරදවන්නෙමි. මා සිත දීමෙහි ඇලේ.

6171. කාමං මං සිවයො සබ‍්බෙ පබ‍්බාජෙන‍්තු හනන‍්තු වා, නෙව දානා විරමිස‍්සං කාමං ඡින්‍දන‍්තු සත‍්තධා.

6171. ඒකාන්තයෙන් සියලු සිවීහු මා රටින් නෙරත්වා. නොහොත් නසත්වා. (ඔහු) ඒකාන්තයෙන් (මා) සත්කඩක් කොටැ කපත්වා. එහෙත් දීමෙන් නො වළකින්නෙමි යි වෙසතුරු රජ කීය.

6172. එවං තං සිවයො ආහු නෙගමා ච සමාගතා, කොන‍්තිමාරාය තීරෙන ගිරං ආරඤ‍්ජරං පති; යෙන පබ‍්බජිතා යන‍්ති තෙන ගච‍්ඡතු සුබ‍්බතො.

6172. සිවීහු ද රැස්වූ නියම්ගම් වැසියෝ ද (තොපට) මෙසේ කීහ: කොන්තිමාරා නමැති ගංතෙරින් අරඤ්ජර නමැති පර්‍වතය බලා වරද කළ රජදරුවෝ යම් මඟෙකින් යෙද් ද ඒ මඟින් මනා පැවතුම් ඇති වෙසතුරු රජ යේවා යි ඇමති අනෙක් හස්නක් දකී.

6173. සොහං තෙන ගමිස‍්සාමි යෙන ගච‍්ඡන‍්ති දූසකා, රත‍්තින්‍දිවං මෙ ඛමථ යාව දානං දදාමහං.

6173. වරද කළ තැනැත්තෝ යම් මඟෙකින් යන්නාහු ද එ මඟින් ඒ මම ද යන්නෙමි. මම දානයක් දෙමි. එක් දවසකට මට සමාව දෙව යි වෙසතුරු කී.

6174. ආමන‍්තයිත්‍ථ රාජා නං මද‍්දිං සබ‍්බඞ‍්ගසොභනං, යං තෙ කිඤ‍්චි මයා දින‍්නං ධනං ධඤ‍්ඤඤ‍්ච විජ‍්ජති.

6174. වෙසතුරු රජ සියලු අඟපසඟින් හොබනා මද්‍රී දේවිය ඇමතී: මා තොපට දුන් ධනධාන්‍යයක් ඇද්ද

6175. හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා මුත‍්තා වෙළුරියා බහු, සබ‍්බං තං නිදහෙය්‍යාසි යඤ‍්ච තෙ පෙත‍්තිකං ධනං.

6175. අමුරන් හෝ රත්රන් හෝ බොහෝ වූ මුතු හෝ වෙරළුමිණි හෝ ඇද්ද පියාගෙන් (මවුපියන්ගෙන්) ගෙනෙන ලද යම් ධනයක් ඇද්ද ඒ සියල්ල නිදන් කොටැ තබවයි කී.

6176. තමබ්‍රවී රාජපුත‍්ති මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා, කුහිං දෙව නිදහෙය්‍යාමි තම‍්මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

6176. සියලු අඟපසඟින් හොබනා මද්‍රී නම් රජ දුව දේවයිනි, කවර නම් තැනෙකැ නිදන් කොටැ තබනෙම් ද? විචාරන ලද මට ඒ ස්ථානය කියවයි පැවසූ ය.

6177. සීලවන‍්තෙසු දජ‍්ජාසි දානං මද‍්දි යථාරහං, න හි දානා පරං අත්‍ථි පතිට‍්ඨා සබ‍්බපාණිනං.

6177. මද්‍රීදේවීනි, සීලවන්තයන් කෙරෙහි සුදුසු පරිදි දෙව. සව්සතුනට දානයට වැඩි උතුම් පිහිටෙක් නැත.

6178. පුත‍්තෙසු මද‍්දි දය්‍යාසි සස‍්සුයා සසුරම‍්හි ච, යො ච තං භත‍්තා මඤ‍්ඤෙය්‍ය සක‍්කච‍්චං තං අපට‍්ඨහෙ.

6178. මද්‍රීදේවීනි, දරුවන් කෙරෙහි ද නැදිමයිලන් කෙරෙහි ද දයාමෛත්‍රී පතුරව. යමෙක් තොපගේ ස්වාමියා යැ යි අදහස් කෙරෙවු නම් ඔහුට මැනැවින් උපස්ථාන කරව.

6179. නො චෙ තං භත‍්තා මඤ‍්ඤෙය්‍ය මයා විප‍්පවසෙන තෙ, අඤ‍්ඤං භත‍්තාරං පරියෙස මා කිසිත්‍ථ මයා විනා.

6179. මාගේ වෙන් වීමෙන් පසු ඒ මා තොපගේ සැමියකු ලෙස නො සිතව. වෙන ස්වාමිපුරුෂයකු සොයා ගනුව. මාගේ වෙන් වීම හේතු කොටැගෙන කෘශ නො වව.

6180. අහං හි වනං ගච‍්ඡාමි ඝොරං වාළමිගායුතං, සංසයො ජීවිතං මය‍්හං එකකස‍්ස බ්‍රහාවනෙ.

6180. මම බිහිසුණු වල්මුවන් ගැවැසුණු මහවනයට යමි. මහවනයෙහි හුදෙකලාවැ වෙසෙන මාගේ ජීවිතය සැක සහිත ය.

6181. තමබ්‍රවී රාජපුත‍්ති මද‍්දි සබ‍්බඞ‍්ගසොභනා, අභුම‍්මෙ කථං නු භණසි පාපකං වත භාසසි.

6181. හැම අඟපසඟින් හොබනා මද්‍රීදේවී, අහෝ පෙරැ නො පැවසූ වදනක් (අද) කියහි. ඒකාන්තයෙන් නපුරක් - අනර්‍ත්‍ථයක් (අද) කියහි යැ යි වෙසතුරු රජහට කීවා ය.

6182. නෙස ධම‍්මො මහාරාජ යං ත්‍වං ගච‍්ඡෙය්‍ය එකකො, අහම‍්පි තෙන ගච‍්ඡාමි යෙන ගච‍්ඡසි ඛත‍්තිය.

6182. මහරජ, යම් හෙයෙකින් හුදෙකලා වැ තෙපි (වනයට) යන්නහු නම් ඒ ධර්‍මය නො වෙයි. දේවයිනි, යම් තැනකට තෙපි යන්නෙහු නම් මම ද එ තැනට යමි.

6183. මරණං වා තයා සද‍්ධිං ජීවිතං වා තයා විනා, තදෙව මරණං සෙය්‍යො යඤ‍්චෙ ජීවෙ තයා විනා.

6183. තොප සමග මරණය හෝ තොපගෙන් වියෝ වැ ජීවත්වීම හෝ යන මේ දෙකින් තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා මරණය උතුමි.

6184. අග‍්ගිං නිජ‍්ජාලයිත්‍වාන එකජාලසමාහිතං, තත්‍ථ මෙ මරණං සෙය්‍යො යඤ‍්චෙ ජීවෙ තයා විනා.

6184. තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා චිතකයෙහි ගිනි දල්වා එක මැ ගිනි ජාලාවක් වූ කලැ එහි මාගේ මරණය උතුමි.

6185. යථා ආරඤ‍්ඤකං නාගං දන‍්තිං අන්‍වෙති හත්‍ථිනී, ජෙස‍්සන‍්තං ගිරිදුග‍්ගෙසු සමෙසු විසමෙසු ච.

6185. යම්සේ ඇතිනි සම විසම ගිරි දුර්‍ගයන්හි හැසිරෙන අරනවැසි දළඇතකු අනු වැ යේ ද,

6186. එවං තං අනුගච‍්ඡාමි පුත‍්තෙ ආදාය පච‍්ඡතො, සුභරා තෙ භවිස‍්සාමි න තෙ හෙස‍්සාමි දුබ‍්භරා.

6186. එසෙයින් දරුවන් රැගෙන තොප අනු වැ එමි. තොප විසින් සුවසේ පෝෂණය කළ හැකි තැනැත්තියක් වන්නෙමි. දුහර නො වන්නෙමි.

6187. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මඤ‍්ජුකෙ පියභාණිනො, ආසීනෙ වනගුම‍්බස‍්මිං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6187. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6188. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මඤ‍්ජුකෙ පියභාණිනො, කීළන‍්තෙ වනගුම‍්බස‍්මිං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6188. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි ක්‍රීඩා කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6189. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මඤ‍්ජුකෙ පියභාණිනො, අස‍්සමෙ රමණීයම‍්හි න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6189. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති රමණීය ආශ්‍රමයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6190. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මඤ‍්ජුකෙ පියභාණිනො, කීළන‍්තෙ අස‍්සමෙ රම‍්මෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6190. මිහිරි බස් ඇති ප්‍රිය තෙපුල් ඇති සිත්කලු අසපුවෙහි සෙල්ලම්කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6191. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මාලාධාරී අලඞ‍්කතෙ, අස‍්සමෙ රමණීයම‍්හි න න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6191. රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6192. ඉමෙ කුමාරෙ පස‍්සන‍්තො මාලධාරි අලඞ‍්කතෙ, කීළන‍්තෙ අස‍්සමෙ රම‍්මෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6192. රම්‍ය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6193. යදා දක‍්ඛිසි නච‍්චන‍්තෙ කුමාරෙ මාලධාරිනො, අස‍්සමෙ රමණීයම‍්හි න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6193. රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6194. යදා දක‍්ඛිසි නච‍්චන‍්තෙ කුමාරෙ මාලධාරිනො, කීළන‍්තෙ අස‍්සමෙ රම‍්මෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6194. රම්‍ය වූ අසපුවෙහි මල්මාලා දරමින් නටන සෙල්ලම් කරන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6195. යදා දක‍්ඛිසි මාතඞ‍්ගං කුඤ‍්ජරං සට‍්ඨිහායනං, එකං අරඤ‍්ඤෙ විචරන‍්තං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6195. හුදෙකලා වැ වනයෙහි හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6196. යදා දක‍්ඛිසි මාතඞ‍්ගං කුඤ‍්ජරං සට‍්ඨිහායනං, සායං පාතො විචරන‍්තං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6196. උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6197. යදා කණෙරුසඞ‍්ඝස‍්ස යූථස‍්ස පුරතො වජං, කොඤ‍්චං කාහති මාතඞ‍්ගො කුඤ‍්ජරො සට‍්ඨිහායනො; තස‍්ස තං නදතො සුත්‍වා න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6197. යම් කලෙක ඇතිනිරැළෙහි ද ඇත්රැලෙහිද පෙරටුවැ යන පිරුණු සැටවස් ඇති මාතඞ්ග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද නාද කරන ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6198. දුභතො වනවිකාසෙ යදා දක‍්ඛිසි කාමදං, වනෙ වාළමිගාකිණ‍්ණෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6198. වනමෘගයන් ගැවසුණු කැමැති සම්පත් දෙන දෙපසැ වනයෙහි වනගළ -(ඒකාබද්ධ වූ මහවනය) යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6199. මිගං දිස‍්වාන සායන‍්හං පඤ‍්චමාලිනමාගතං, කිම‍්පුරිසෙ ච නච‍්චන‍්තෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6199. සවස් වේලෙහි පැමිණි අංදළු පහක් ඇති මුවා ද නටන කිඳුරන් ද දැක රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6200. යදා සොස‍්සසි නිග‍්ඝොසං සන්‍දමානාය සින්‍ධුයා, ගීතං කිම‍්පුරිසානඤ‍්ච න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6200. බැස යන නදියගේ ඝෝෂාව ද කිඳුරන්ගේ ගී හඬ ද යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6201. යදා සොස‍්සසි නිග‍්ඝොසං ගිරිගබ‍්භරචාරිනො, වස‍්සමානස‍්ස ලූකස‍්ස න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6201. පර්‍වත ගුහාවල හැසිරෙන හඬන බකමුහුණන්ගේ නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6202. යදා සීහස‍්ස ව්‍යග‍්ඝස‍්ස ඛග‍්ගස‍්ස ගවයස‍්ස ච, වනෙ සොස‍්සසි වාළානං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6202. වනයෙහි (වෙසෙන) සිංහ, ව්‍යාඝ්‍ර, කගවෙහෙණ, ගවර යන සතුන්ගේ ද (සෙසු) වනමෘගයන්ගේ ද නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6203. යදා මොරීහි පරිකිණ‍්ණං බරිහීනං මත්‍ථකාසීනං, මොරං දක‍්ඛිසි නච‍්චන‍්තං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6203. පර්‍වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවැසුණු මොනරියන් පිරිවැරූ නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6204. යදා මොරීහි පරිකිණ‍්ණං අණ‍්ඩජං චිත්‍ර පෙක‍්ඛුනං, මොරං දක‍්ඛිසි නච‍්චන‍්තං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6204. සෙබඩුන් විසින් පිරිවැරුණු විසිතුරු පිල් ඇති බිජුවටින් උපන් නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6205. යදා මොරීහි පරිකිණ‍්ණං නිලගීවං සිඛණ‍්ඩිනං, මොරං දක‍්ඛිසි නච‍්චන‍්තං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6205. සෙබඩුන් පිරිවරූ නිල්ගෙල ඇති හිසැ සිළු ඇති නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6206. යදා දක‍්ඛිසි හෙමන‍්තෙ පුප‍්ඵිතෙ ධරණීරුහෙ, සුරභිසම‍්පවායන‍්තෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6206. හේමන්ත ඍතුවෙහි පිපුණු සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6207. යදා හෙමන‍්තිකෙ මාසෙ හරිතං දක‍්ඛිසි මෙදිනිං, ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නං න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6207. හේමන්ත මාසයෙහි (මැදින් මසැ) රතිඳුගොව්වන් ගැවැසුණු නිල් පැහැ යුත් පොළොව යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6208. යදා දක‍්ඛිසි හෙමන‍්තෙ පුප‍්ඵිතෙ ධරණීරුහෙ, කුටජං බිම‍්බජාලඤ‍්ච පුප‍්ඵිතං ලොමපදමකං, සුරභිසම‍්පවායන‍්තෙ න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6208. හේමන්ත ඍතුවෙහි පිපුණු කෙළිඳගස් හා රත්කරවුගස් ද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

6209. යදා හෙමන‍්තිකෙ මාසෙ වනං දක‍්ඛිසි පුප‍්ඵිතං, ඔපුප‍්ඵානි ච පදුමානි න රජ‍්ජස‍්ස සරිස‍්සසි.

6209. හේමන්ත ඍතුවෙහි පිපුණු වනය ද වැටුණු නෙළුම් මල් ද යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.

හිමවන‍්තවණ‍්ණනා.

හිමවත් වැනුම යි.