හිමවන්තවණ්ණනා අට්ඨකථා
හිමවන්තවණ්ණනා
හිමාලය වර්ණනාව
ඉති සා වරෙ ගහෙත්වා තතො චුතා මද්දරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති. ජායමානා ච චන්දනචුණ්ණපරිකිණ්ණෙන විය සරීරෙන ජාතා. තෙනස්සා නාමග්ගහණදිවසෙ “ඵුස්සතී”ත්වෙව නාමං කරිංසු. සා මහන්තෙන පරිවාරෙන වඩ්ඪිත්වා සොළසවස්සකාලෙ උත්තමරූපධරා අහොසි. අථ නං සිවිමහාරාජා පුත්තස්ස සඤ්ජයකුමාරස්ස අත්ථාය ආනෙත්වා තස්ස ඡත්තං උස්සාපෙත්වා සොළසන්නං ඉත්ථිසහස්සානං ජෙට්ඨිකං කත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. තෙන වුත්තං –
මෙසේ ඇය වර ලබාගෙන එතනින් චුත වූවා මදුරජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. උපදින්නේ වනාහි සඳුන්සුනු තැවරුණාක් බඳු සිරුරක් ඇතිව උපන් බැවින් ඇයට නම්තබන දිනයේ ඵුසති කියා නම්කළහ. ඇය මහත්සැප සම්පතින් වැඩී සොළොස්වයස් කල්හි අතිශයින් රූමත් වූවාය. ඉක්බිති සිවිමහරජ සංජයකුමාර නම් පුත්‍රයා සඳහා කැඳවාගෙන අවුත් ඔහුට සේසත් නංවා ඇයව සොළොස් දහසක් කාන්තාවන්ට ප්‍රධානකොට අගමෙහෙසුන් තනතුරේ පිහිටුවාලීය. ඒ නිසා මෙසේ කියා ඇත.
“තතො චුතා සා ඵුස්සතී, ඡත්තියෙ උපපජ්ජථ; ජෙතුත්තරම්හි නගරෙ, සඤ්ජයෙන සමාගමී”ති.
ඒ දෙව්ලොවින් චුත වූ ඒ ඵුසති තොමෝ ක්ෂත්රිය කුලයෙහි උපන්නා ජයතුරා නුවර සංජය කුමරු හා එක්වූවාය.
සා සඤ්ජයස්ස පියා මනාපා අහොසි. අථ නං සක්කො ආවජ්ජමානො “මයා ඵුස්සතියා දින්නවරෙසු නව වරා සමිද්ධා”ති දිස්වා “එකො පන පුත්තවරො න තාව සමිජ්ඣති, තම්පිස්සා සමිජ්ඣාපෙස්සාමී”ති චින්තෙසි. තදා මහාසත්තො තාවතිංසදෙවලොකෙ වසති, ආයු චස්ස පරික්ඛීණං අහොසි. තං ඤත්වා සක්කො තස්ස සන්තිකං ගන්ත්වා “මාරිස, තයා මනුස්සලොකං ගන්තුං වට්ටති, තත්ථ සිවිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිතුං වට්ටතී”ති වත්වා තස්ස චෙව අඤ්ඤෙසඤ්ච චවනධම්මානං සට්ඨිසහස්සානං දෙවපුත්තානං පටිඤ්ඤං ගහෙත්වා සකට්ඨානමෙව ගතො. මහාසත්තොපි තතො චවිත්වා තත්ථුපපන්නො, සෙසදෙවපුත්තාපි සට්ඨිසහස්සානං අමච්චානං ගෙහෙසු නිබ්බත්තිංසු. මහාසත්තෙ කුච්ඡිගතෙ ඵුස්සතී දොහළිනී හුත්වා චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ රාජනිවෙසනද්වාරෙ චාති ඡසු ඨානෙසු ඡ දානසාලායො කාරාපෙත්වා දෙවසිකං ඡ සතසහස්සානි විස්සජ්ජෙත්වා මහාදානං දාතුකාමා අහොසි.
ඇය සංජය කුමරුට ප්‍රියමනාප වූවාය. ඉක්බිති ශක්‍රයා ආවර්ජනා කර බලන්නේ මා විසින් ඵුසති දේවියට දෙන ලද වරයන්ගෙන් වර නමයක් ඉෂ්ට වීයැයි දැක එක් උතුම් පුත්‍රයෙක් තවම ලැබුනේ නැත. එයද මැයට සමෘද්ධකර දෙන්නෙමියි සිතුවේය. එකල්හි මහාසත්ත්වයෝ තව්තිසා දෙව්ලොව වසති. ඔහුගේ ආයුෂද ගෙවීගියේ වන. ඒ බව දැනගත් ශක්‍රයා ඔහුගේ සමීපයට ගොස් දේවතාවනි, ඔබ මිනිස්ලොවට යායුතුයි. එහිද සිවිරජුගේ අගමෙහෙසිය වූ ඵුසති දේවියගේ කුසෙහි පිළිසිඳ ගන්නට සුදුසුයැයි ඔහුට මෙන්ම සෙසු හැටදහසක් චුතවීමට සිටින දේවපුත්රයන්ගෙන්ද පොරොන්දු ලබාගෙන තමන්ගේ ස්ථානයටම ගියෙ. මහාසත්ත්වයෝ ද එතනින් නික්ම එහි උපන්නේ සෙසු දිව්‍යපුත්‍රයෝ ද හැටදහසක් ඇමැතිවරුන්ගේ නිවෙස්වල උපන්නාහ. මහාසත්ත්වයන් කුසට ආ කල්හි ඵුසති දේවියට දොළදුක් ඇතිවී සිව්මහා නගර දොරටුවලත් නගර මධ්‍යයෙහිත් රජමැදුරේ දොරටුව ළඟ යන තැන්වල දානශාලා හයක් සාදවා දිනපතා හයලක්ෂයක් වියදම් කර දන් දෙනු කැමැති වූවාය.
රාජා තස්සා දොහළං සුත්වා නෙමිත්තකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා පුච්ඡි. නෙමිත්තකා – “මහාරාජ, දෙවියා කුච්ඡිම්හි දානාභිරතො සත්තො උප්පන්නො, දානෙන තිත්තිං න ගමිස්සතී”ති වදිංසු. තං සුත්වා රාජා තුට්ඨමානසො හුත්වා ඡ දානසාලායො කාරාපෙත්වා වුත්තප්පකාරං දානං පට්ඨපෙසි. බොධිසත්තස්ස පටිසන්ධිග්ගහණකාලතො පට්ඨාය රඤ්ඤො ආයස්ස පමාණං නාම නාහොසි. තස්ස පුඤ්ඤානුභාවෙන සකලජම්බුදීපරාජානො පණ්ණාකාරං පහිණිංසු. දෙවී මහන්තෙන පරිවාරෙන ගබ්භං ධාරෙන්තී දසමාසෙ පරිපුණ්ණෙ නගරං දට්ඨුකාමා හුත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා නගරං දෙවනගරං විය අලඞ්කාරාපෙත්වා දෙවිං රථවරං ආරොපෙත්වා නගරං පදක්ඛිණං කාරෙසි. තස්සා වෙස්සානං වීථියා වෙමජ්ඣං සම්පත්තකාලෙ කම්මජවාතා චලිංසු. අථ අමච්චා රඤ්ඤො ආරොචෙසුං. තං සුත්වා වෙස්සවීථියංයෙව තස්සා සූතිඝරං කාරාපෙත්වා වාසං ගණ්හාපෙසි. සා තත්ථ පුත්තං විජායි. තෙන වුත්තං –
රජු ඇයගේ ආශාව ගැන අසා නිමිති දන්නවුන්ගෙන් විචාරා මහරජ, දේවියගේ කුසෙහි දන්දීමෙහි ආශාකරන සත්ත්වයෙක් උපන්නේය. දන්දීමෙන් සෑහීමකට පත් නොවන්නේයැයි අසා සතුටු සිතැත්තේ කියූ අයුරින් දානය පිළියෙල කළේය. බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා කාලයේ පටන් රජුගේ ආදායම් ප්‍රමාණය අසීමිත විය. ඔහුගේ පිං බලයෙන් සියළු දඹදිව සියළු දඹදිව රජවරු ත්‍යාග එවත්. දේවිය මහත් සැපසම්පතින් යුතුව ගැබ්දරන්නී දසමස් පිරුණු කල්හි නගරය දකිනු කැමැති වූවා රජුට දැන්වූවාය. රජු නගරය දෙව්පුරයක් මෙන් සරසවා දේවිය උතුම් රථයකට නංවා නගරය ප්රදක්ෂිණා කරවීය. වාණිජ වීදියට පැමිණි කල්හි ඇගේ කර්මජ වාතයෝ සැලුනාහ. රජුට දැන්වූහ. ඔහු එම වීදියේම ඇයට තිඹිරිගෙයක් සූදානම්කර දුන්නේය. ඇය එහි පුතකු වැදුවාය. එබැවින් කියන ලදී.
“දස මාසෙ ධාරයිත්වාන, කරොන්තී පුරං පදක්ඛිණං; වෙස්සානං වීථියා මජ්ඣෙ, ජනෙසි ඵුස්සතී මම”න්ති. (චරියා· 1.76);
ඵුසතී තොමෝ දසමසක් මුළුල්ලෙහි කුසින් දරා නුවර පැදකුණු කරන්නී වාණිජ වීදිය මැද කරවූ සූතිඝරයෙහි මා ප්‍රසූත කළාය.
මහාසත්තො මාතු කුච්ඡිතො නික්ඛන්තොයෙව විසදො හුත්වා අක්ඛීනි උම්මීලෙත්වා නික්ඛමි. නික්ඛන්තොයෙව ච මාතු හත්ථං පසාරෙත්වා “අම්ම, දානං දස්සාමි, අත්ථි කිඤ්චි තෙ ධන”න්ති ආහ. අථස්ස මාතා “තාත, යථාඅජ්ඣාසයෙන දානං දෙහී”ති පසාරිතහත්ථෙ සහස්සත්ථවිකං ඨපෙසි. මහාසත්තො හි උමඞ්ගජාතකෙ ඉමස්මිං ජාතකෙ පච්ඡිමත්තභාවෙති තීසු ඨානෙසු ජාතමත්තෙයෙව මාතරා සද්ධිං කථෙසි. අථස්ස නාමග්ගහණදිවසෙ වෙස්සවීථියං ජාතත්තා “වෙස්සන්තරො”ති නාමං කරිංසු.
මහාසත්ත්වයෝ මව්කුසින් නික්මෙන්නේ පිරිසිදුව ඇස් විවෘත කරගෙන නික්මුනේය. නික්මෙමින් මවට අත දිගුකර මෑණියනි දානයක් දෙමි. කිසිවක් තිබේය ඇසීය. ඉක්බිති ඕ තොමෝ ඔහුට දරුව, සිත් පරිදි දන් දෙන්නයැයි දිගුකළ අතෙහි දහසින් බැඳි පසුම්බියක් තැබුවාය. මහාසත්ත්වයෝ උම්මග්ග ජාතකයෙහි, මේ ජාතකයෙහි, අවසාන ආත්මභාවයේදී යන තුන් තැනක උපන් විගසම කථා කළේය. ඉක්බිති ඔහුට නම්තබන දිනයේ වෙළඳ වීදියේ උපන් බැවින් වෙස්සන්තර යැයි නම් කළහ.
තෙන වුත්තං –
එබැවින් කියන ලදී.
“න මය්හං මත්තිකං නාමං, නපි පෙත්තිකසම්භවං; ජාතොම්හි වෙස්සවීථියං, තස්මා වෙස්සන්තරො අහු”න්ති. (චරියා· 1.77);
මාගේ නම මව්පසට අයත් නොවෙයි. පියපසටද අයත් නොවෙයි. යම්හෙයකින් වෙළඳ වීදියක උපන්නෙම්ද, වෙසතුරු නම් වීමි.
ජාතදිවසෙයෙව පනස්ස එකා ආකාසචාරිනී කරෙණුකා අභිමඞ්ගලසම්මතං සබ්බසෙතං හත්ථිපොතකං ආනෙත්වා මඞ්ගලහත්ථිට්ඨානෙ ඨපෙත්වා පක්කාමි. තස්ස මහාසත්තං පච්චයං කත්වා උප්පන්නත්තා “පච්චයො”ත්වෙව නාමං කරිංසු. තං දිවසමෙව අමච්චගෙහෙසු සට්ඨිසහස්සකුමාරකා ජායිංසු. රාජා මහාසත්තස්ස අතිදීඝාදිදොසෙ විවජ්ජෙත්වා අලම්බථනියො මධුරඛීරායො චතුසට්ඨි ධාතියො උපට්ඨාපෙසි. තෙන සද්ධිං ජාතානඤ්ච සට්ඨිදාරකසහස්සානං එකෙකා ධාතියො උපට්ඨාපෙසි. සො සට්ඨිසහස්සෙහි දාරකෙහි සද්ධිං මහන්තෙන පරිවාරෙන වඩ්ඪති. අථස්ස රාජා සතසහස්සග්ඝනකං කුමාරපිළන්ධනං කාරාපෙසි. සො චතුප්පඤ්චවස්සිකකාලෙ තං ඔමුඤ්චිත්වා ධාතීනං දත්වා පුන තාහි දීයමානම්පි න ගණ්හි. තා රඤ්ඤො ආරොචයිංසු. රාජා තං සුත්වා “මම පුත්තෙන දින්නං බ්රහ්මදෙය්යමෙව හොතූ”ති අපරම්පි කාරෙසි. කුමාරො තම්පි අදාසියෙව. ඉති දාරකකාලෙයෙව ධාතීනං නව වාරෙ පිළන්ධනං අදාසි.
මොහුගේ උපන්දිනයේම වනාහි අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පූර්ණයෙන් ස්වේතවර්ණ වූ හස්ති පෝතකයකු ගෙනවුත් මගුල් ඇතුගේ තැන තබා ගියේය. ඒ මහාසත්ත්වයන් සඳහා උපන් බැවින් පච්චය යැයි නම්කළහ. රජු මහාසත්ත්වයන්ට බොහෝ උස ආදී දෝෂයන් හැර මිහිරි කිරි ඇති හැටහතරක් කිරිමවුන් යෙදවීය. ඔහු සමග උපන් හැටදහසක් දරුවන්ටද කිරිමවුන් ලබාදුන්නේය. හෙතෙම හැටදහසක් දරුවන් සමග මහත් සැපසම්පතින් වැඩෙයි. ඉක්බිති රජු ඔහුට ලක්ෂයක් වටිනා කුමාර පැළඳුම් කරවා දුන්නේය. හෙතෙම සතරපස් වයස් කාලයේ ඒ පළඳනා ගලවා කිරිමව්වරුන්ට දී නැවත ඒ තැනැත්තියන් විසින් ආපසු දෙනවිට ගත්තේ නැත. කිරිමව්වරු ඒ පුවත රජුට දැන්වූවාහ. රජතෙමේ මාගේ පුත්‍රයා විසින් දෙන ලද, මනා දීමනාව බ්‍රහ්මයා විසින් දෙන ලද්දක් මෙන් වේවායි වෙනත් පළඳනාවක් කරවාපීය. කුමාරයා එය ද දුන්නේය. හෙතෙම කුඩා කාලයේම කිරිමව්වරුන්ට නව වාරයක් පළඳනාව දුන්නේය.
අට්ඨවස්සිකකාලෙ පන පාසාදවරගතො සිරිසයනපිට්ඨෙ නිසින්නොව චින්තෙසි “අහං බාහිරකදානමෙව දෙමි, තං මං න පරිතොසෙති, අජ්ඣත්තිකදානං දාතුකාමොම්හි, සචෙ මං කොචි සීසං යාචෙය්ය, සීසං ඡින්දිත්වා තස්ස දදෙය්යං. සචෙපි මං කොචි හදයං යාචෙය්ය, උරං භින්දිත්වා හදයං නීහරිත්වා දදෙය්යං. සචෙ අක්ඛීනි යාචෙය්ය, අක්ඛීනි උප්පාටෙත්වා දදෙය්යං. සචෙ සරීරමංසං යාචෙය්ය, සකලසරීරතො මංසං ඡින්දිත්වා දදෙය්යං. සචෙපි මං කොචි රුධිරං යාචෙය්ය, රුධිරං ගහෙත්වා දදෙය්යං. අථ වාපි කොචි ‘දාසො මෙ හොහී’ති වදෙය්ය, අත්තානමස්ස සාවෙත්වා දාසං කත්වා දදෙය්ය”න්ති. තස්සෙවං සභාවං චින්තෙන්තස්ස චතුනහුතාධිකද්වියොජනසතසහස්සබහලා අයං මහාපථවී මත්තවරවාරණො විය ගජ්ජමානා කම්පි. සිනෙරුපබ්බතරාජා සුසෙදිතවෙත්තඞ්කුරො විය ඔනමිත්වා ජෙතුත්තරනගරාභිමුඛො අට්ඨාසි. පථවිසද්දෙන දෙවා ගජ්ජන්තො ඛණිකවස්සං වස්සි, අකාලවිජ්ජුලතා නිච්ඡරිංසු, සාගරො සඞ්ඛුභි. සක්කො දෙවරාජා අප්ඵොටෙසි, මහාබ්රහ්මා සාධුකාරමදාසි. පථවිතලතො පට්ඨාය යාව බ්රහ්මලොකා එකකොලාහලං අහොසි.
අටවැනි වියේදී සයනය මත සිටියේ මෙසේ සිතීය. මම ශරීරයේ අභ්‍යන්තරික දෙයක් දෙනු කැමැත්තෙමි. ඉදින් කිසිවෙක් මගේ හදවත ඉල්ලන්නේද පපුව පලා හදවත බැහැරට ගෙන දෙන්නෙමි. ඉදින් ඇස් ඉල්වන්නේ නම් ඇස් උගුලා දෙන්නෙමි. ඉදින් සිරුර ඉල්ලන්නේද මුළු සිරුරෙන්ම මස් ගලවා දෙන්නෙමි. මෙසේ ඔහුට මෙබඳු සිතිවිල්ලක් ඇතිවනවිට සිව් නහුතයක් අධික කොට ඇති යොදුන් දෙලක්ෂයක් ඝන වූ මේ පොළව මත් හස්තිරාජයෙක් මෙන් ගුගුරමින් කම්පා විය. මහාමේරු පර්වතරාජයා හුමාලයෙන් මනාව තැම්බු වේවැල් අංකුරයක් මෙන් නැමී නටන්නාක් මෙන් ද වෙළඳ නගරයට අභිමුඛව සිටියේය. පෘථිවි ශබ්දයෙන් මේඝ ගර්ජනා කරමින් හදිසි වර්ෂාවක් වැස්සේය. විදුලිය නික්මින. සාගරය උඩට නැගුනේය. ශක්‍ර දේවේන්ද්‍රයා අත්පොළසන් දුන්නේය. මහා බ්‍රහ්මයා සාධුකාර දුන්නේය. බඹලොව තෙක් ඒකාකෝලාහල විය.
වුත්තම්පි චෙතං –
මෙය මෙසේ කියා ඇත.
“යදාහං දාරකො හොමි, ජාතියා අට්ඨවස්සිකො; තදා නිසජ්ජ පාසාදෙ, දානං දාතුං විචින්තයිං.
මම යම්කලෙක උපතින් අට හැවිරිදි දරුවීම්ද එක පහයෙහි හිඳ දන් දෙන්නට සිතීමි.
“හදයං දදෙය්යං චක්ඛුං, මංසම්පි රුධිරම්පි ච; දදෙය්යං කායං සාවෙත්වා, යදි කොචි යාචයෙ මමං.
ඉදින් කිසිවෙක් මගෙන් ඉල්වන්නේ නම් ඕහට හදවත ද ඇස්ද මස් ද ලෙහෙ ද දෙනුයෙමි. ඉදින් යමෙක් මගෙන් ඉල්ලන්නේ නම් කය ද දාස බව අස්වා මුළු සිරුර ම දෙන්නෙමි.
“සභාවං චින්තයන්තස්ස, අකම්පිතමසණ්ඨිතං; අකම්පි තත්ථ පථවී, සිනෙරුවනවටංසකා”ති. (චරියා· 1.78-80);
මසුරු බැව්හි නොපිහිටි අචල වූ දන්දෙනු කැමති ස්වභාවය සිතන වෙසතුරු කුමරහුගේ සිත අනුව මෙරගල මුදුන්මල්කොට ඇති පෘථිවි තොමෝ කම්පිත විය.
බොධිසත්තො සොළසවස්සිකකාලෙයෙව සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පාපුණි. අථස්ස පිතා රජ්ජං දාතුකාමො මාතරා සද්ධිං මන්තෙත්වා මද්දරාජකුලතො මාතුලධීතරං මද්දිං නාම රාජකඤ්ඤං ආනෙත්වා සොළසන්නං ඉත්ථිසහස්සානං ජෙට්ඨිකං අග්ගමහෙසිං කත්වා මහාසත්තං රජ්ජෙ අභිසිඤ්චි. මහාසත්තො රජ්ජෙ පතිට්ඨිතකාලතො පට්ඨාය දෙවසිකං ඡ සතසහස්සානි විස්සජ්ජෙන්තො මහාදානං පවත්තෙසි. අපරභාගෙ මද්දිදෙවී පුත්තං විජායි. තං කඤ්චනජාලෙන සම්පටිච්ඡිංසු, තෙනස්ස “ජාලීකුමාරො”ත්වෙව නාමං කරිංසු. තස්ස පදසා ගමනකාලෙ ධීතරං විජායි. තං කණ්හාජිනෙන සම්පටිච්ඡිංසු, තෙනස්සා “කණ්හාජිනා”ත්වෙව නාමං කරිංසු. මහාසත්තො මාසස්ස ඡක්ඛත්තුං අලඞ්කතහත්ථික්ඛන්ධවරගතො ඡ දානසාලායො ඔලොකෙසි. තදා කාලිඞ්ගරට්ඨෙ දුබ්බුට්ඨිකා අහොසි, සස්සානි න සම්පජ්ජිංසු, මනුස්සානං මහන්තං ඡාතභයං පවත්ති. මනුස්සා ජීවිතුං අසක්කොන්තාචොරකම්මං කරොන්ති. දුබ්භික්ඛපීළිතා ජානපදා රාජඞ්ගණෙ සන්නිපතිත්වා රාජානං උපක්කොසිංසු . තං සුත්වා රඤ්ඤා “කිං, තාතා”ති වුත්තෙ තමත්ථං ආරොචයිංසු. රාජා “සාධු, තාතා, දෙවං වස්සාපෙස්සාමී”ති තෙ උය්යොජෙත්වා සමාදින්නසීලො උපොසථවාසං වසන්තොපි දෙවං වස්සාපෙතුං නාසක්ඛි. සො නාගරෙ සන්නිපාතෙත්වා “අහං සමාදින්නසීලො සත්තාහං උපොසථවාසං වසන්තොපි දෙවං වස්සාපෙතුං නාසක්ඛිං, කිං නු ඛො කාතබ්බ”න්ති පුච්ඡි. සචෙ, දෙව, දෙවං වස්සාපෙතුං න සක්කොසි, එස ජෙතුත්තරනගරෙ සඤ්ජයස්ස රඤ්ඤො පුත්තො වෙස්සන්තරො නාම දානාභිරතො. තස්සං කිර සබ්බසෙතො මඞ්ගලහත්ථී අත්ථි, තස්ස ගතගතට්ඨානෙ දෙවො වස්සි. බ්රාහ්මණෙ පෙසෙත්වා තං හත්ථිං යාචාපෙතුං වට්ටති, ආණාපෙථාති.
බෝධිසත්ත්වයෝ සොළොස්වියෙහිදී සියළු ශිල්පයන්හි නිමාවට පත්විය. ඉක්බිති පියා රාජ්‍යය දෙනු කැමැත්තේ මව සමග මන්ත්‍රණයකොට මදුරජ කුලයෙන් මාතුල දියණිය වූ මද්දි නම් වූ කුමරිය ගෙනවුත් සොළොස් දහසක් ස්ත්රීන්ට දෙටු අගමෙහෙසිය කොට මහාසත්ත්වයන්ට රාජ්‍යයෙහි අභිෂේක කළේය. මහාසත්ත්වයෝ රාජ්‍යයෙහි පිහිටි කාලයේ පටන් දිනපතා හයලක්ෂයක් වියදම්කොට මහදන් පැවැත්වීය. පසුකලෙක මද්‍රී දේවිය පුතකු වැදුවාය. ඔහුව රත්දැලකින් වැසුවාහ. ඒ නිසා ඔහුට ජාලිය කුමාරයා යැයි නම් කළහ. ඔහු ඇවිදින කාලයේ දුවක් වැදුවාය. ඇයව කළු අඳුන්දිවිසමකින් වැසුවාහ. ඒ නිසා ඇයට කෘෂ්ණජිනා යැයි නම්කළහ. මහාසත්ත්වයෝ එක්මසකට සයවාරයක් අලංකාර කළ ඇතා පිට නැගී දන්ශාලා හය බලයි. එකල්හි කලිඟුරටෙහි නියඟයක් විය. ශස්‍ය නොනැඟින. මහත් දුර්භික්ෂයක් විය. මිනිස්සු ජීවත්වීමට නොහැක්කාහු සොරකම් කරත්. දුර්භික්ෂයෙන් පීඩාවට පත්වූ ජානපදිකයෝ රාජංගනයේ රැස්වී දෝෂාරෝපණය කරන්ට වූහ. ඒ අසා රජතුමා කිම, දරුවෙනියි කියා ඇසූ කල්හි ඒ බව දැන්වූහ. රජු දරුවෙනි, යහපති. මම වැසි වස්සන්නෙමියි ඔවුන් පිටත්කර යවා සමාදන් වූ සිල් ඇත්තේ උපෝසථය සමාදන් වී වැසි වස්වන්නට නොහැකි විය. ඔහු නුවරවැසියන් කැඳවා මම සමාදන් වූ සිල් ඇත්තෙම් දවස් හතක්ම ගතකළ නමුත් වැසි වස්සන්නට නොහැකි වූයෙමි. කුමක් කළයුතුදැයි විචාරා ඉදින් දේවයන් වහන්ස, වැසි වස්සන්නට නොහැක්කෙහිද, මේ වෙළඳ නගරයේ සංජය රාජපුත්‍රයා වූ වෙස්සන්තර දන්දෙනු කැමැත්තේ ඔහුට සම්පූර්ණයෙන් ශ්වේතවර්ණ මංගල හස්තිරාජයෙක් සිටී. ඒ ඇතා ගිය ගිය තැන වර්ෂාව වසී. බ්‍රාහ්මණයන් යවා ඒ ඇතාව ඉල්වාගෙන එවයි කීය. හෙතෙම යහපතැයි පිළිගෙන බ්‍රාහ්මණයන් රැස්කරවා ඔවුනතුරෙන් අටදෙනෙක් තෝරාගෙන ඔවුන්ට වියදම් දී යව්. ඒ වෙස්සන්තරයන්ගෙන් හස්තියා ඉල්ලාගෙන එව්යැයි යැවීය.
සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා බ්රාහ්මණෙ සන්නිපාතෙත්වා තෙසු ගුණවණ්ණසම්පන්නෙ අට්ඨ ජනෙ විචිනිත්වා තෙසං පරිබ්බයං දත්වා “ගච්ඡථ, තුම්හෙ වෙස්සන්තරං හත්ථිං යාචිත්වා ආනෙථා”ති පෙසෙසි. බ්රාහ්මණා අනුපුබ්බෙන ජෙතුත්තරනගරං ගන්ත්වා දානග්ගෙ භත්තං පරිභුඤ්ජිත්වා අත්තනො සරීරං රජොපරිකිණ්ණං පංසුමක්ඛිතං කත්වා පුණ්ණමදිවසෙ රාජානං හත්ථිං යාචිතුකාමා හුත්වා රඤ්ඤො දානග්ගං ආගමනකාලෙ පාචීනද්වාරං අගමංසු. රාජාපි “දානග්ගං ඔලොකෙස්සාමී”ති පාතොව න්හත්වා නානග්ගරසභොජනං භුඤ්ජිත්වා අලඞ්කරිත්වා අලඞ්කතහත්ථික්ඛන්ධවරගතො පාචීනද්වාරං අගමාසි. බ්රාහ්මණා තත්ථොකාසං අලභිත්වා දක්ඛිණද්වාරං ගන්ත්වා උන්නතපදෙසෙ ඨත්වා රඤ්ඤො පාචීනද්වාරෙ දානග්ගං ඔලොකෙත්වා දක්ඛිණද්වාරාගමනකාලෙ හත්ථෙ පසාරෙත්වා “ජයතු භවං වෙස්සන්තරො”ති තික්ඛත්තුං ආහංසු. මහාසත්තො තෙ බ්රාහ්මණෙ දිස්වා හත්ථිං තෙසං ඨිතට්ඨානං පෙසෙත්වා හත්ථික්ඛන්ධෙ නිසින්නො පඨමං ගාථමාහ –
බ්‍රාහ්මණයෝ අනුපිළිවෙලින් වෙළඳ නගරයට ගොස් දන්ශාලාවේ ආහාර වළඳා තමන්ගේ ශරීරය දූවිලි තැවරුණු කිළිටි වැකුණු එකක්කොට පසළොස්වක් දිනයේ රජුගෙන් ඇතා ඉල්වනු කැමැති වී රජු දන්ශාලාවට එනකල්හි පෙරදිග දොරටුවට ගියහ. රජුද දන්හල දකිනු කැමැත්තෙමියි උදෑසනම සුවඳ පැන් සොළොස් කළයක් නා අනුභවකොට සැරසී අලංකාර කළ ඇතාපිට නැගී පෙරදිග දොරටුව වෙත ගියේය. බ්‍රාහ්මණයෝ එයට අවස්ථාවක් නොලැබ නැගී, දකුණු දොරටුව වෙත ගොස් උස්තැනක සිට රජුගේ පැදුම් දොරටුවේ දානය බලා දකුණු දොරටුව වෙත එනකල්හි අත් දිගහැර වෙස්සන්තර පින්වතාණෙනි! ජයවේවායි කීහ. මහාසත්ත්වයෝ බ්‍රාහ්මණයන් බලා ඇතාව ඔවුන් සිටි තැනට යවා ඇතාපිට සිටම පළමු ගාථාව කීය.
“පරූළ්හකච්ඡනඛලොමා , පඞ්කදන්තා රජස්සිරා; පග්ගය්හ දක්ඛිණං බාහුං, කිං මං යාචන්ති බ්රාහ්මණා”ති.
දිග් වූ කිහිලි ලොම්, නිය, සිරුරේ ලොම් ඇති, කිළිටි දත් ඇති ධූලි වැකුණු කෙහෙඇති බමුණෝ දකුණත නගා මා අතින් කුමක් ඉල්වත්ද?
බ්රාහ්මණා ආහංසු –
එය අසා බ්‍රාහ්මණයෝ මෙසේ පැවසූහ.
“රතනං දෙව යාචාම, සිවීනං රට්ඨවඩ්ඪන; දදාහි පවරං නාගං, ඊසාදන්තං උරූළ්හව”න්ති.
සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ. කවර රුවනක්ද? රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත්රුවන දුන මැනවි.
තත්ථ උරූළ්හවන්ති උබ්බාහනසමත්ථං.
එහි උරූළ්හවං යනු දැරීමට සමර්ථ
තං සුත්වා මහාසත්තො “අහං සීසං ආදිං කත්වා අජ්ඣත්තිකදානං දාතුකාමොම්හි, ඉමෙ පන මං බාහිරකදානමෙව යාචන්ති, පූරෙස්සාමි තෙසං මනොරථ”න්ති චින්තෙත්වා හත්ථික්ඛන්ධවරගතො තතියං ගාථමාහ –
එය අසා මහාසත්ත්වයෝ මෙසේ සිතීය. මම හිස ආදිකොට ඇති අභ්‍යන්තර දානයක් දෙනු කැමැත්තේ නමුත් මොහු බාහිර දෙයක්ම ඉල්වත්. මොවුන්ගේ මනදොළ පුරවන්නෙමියි සිතා ඇතාගේ පිටට නැගී මෙසේ කීය.
“දදාමි න විකම්පාමි, යං මං යාචන්ති බ්රාහ්මණා; පභින්නං කුඤ්ජරං දන්තිං, ඔපවය්හං ගජුත්තම”න්ති.
බමුණෝ මා අතින් යමක් ඉල්වත්ද ගිලියෙන මද ඇති මනා දළ ඇති රාජවාහනය වූ උතුම් ඇත්රජහු දෙමි. කම්පිත නොවෙමි.
පටිජානිත්වා ච පන –
එසේයයි පිළිගෙන,
“හත්ථික්ඛන්ධතො ඔරුය්හ, රාජා චාගාධිමානසො; බ්රාහ්මණානං අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො”ති.
සිවිරට වඩන වෙසතුරු මහරජ, ත්‍යාගයෙහි පිහිටි සිත් ඇතිවැ ඇත් කඳින් බැස බමුණන්ට ඇත්රජු දන් දුන්හ.
තත්ථ ඔපවය්හන්ති රාජවාහනං. චාගාධිමානසොති චාගෙන අධිකමානසො රාජා. බ්රාහ්මණානං අදා දානන්ති සො වාරණස්ස අනලඞ්කතට්ඨානං ඔලොකනත්ථං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා අනලඞ්කතට්ඨානං අදිස්වා කුසුමමිස්සකසුගන්ධොදකපූරිතං සුවණ්ණභිඞ්ගාරං ගහෙත්වා “ඉතො එථා”ති වත්වා අලඞ්කතරජතදාමසදිසං හත්ථිසොණ්ඩං ගහෙත්වා තෙසං හත්ථෙ ඨපෙත්වා උදකං පාතෙත්වා අලඞ්කතවාරණං බ්රාහ්මණානං අදාසි.
එහි ඔපවුය්හං නැගීයාමට සුදුසු රාජවාහනය. චාගාධිමානසො ත්‍යාග චේතනාවෙහි පිහිටි සිත් ඇති. අදා යනු ඇතාගේ සරසා නැති තැනක් තුන්වරක් ප්රදක්ෂිණාකර එසේ නොසැරසූ තැනක් නොදැක මල් හා මුසු වූ සුවඳ දියෙන් පිරි රන්කෙණ්ඩියක් ගෙන මෙහි එව්යැයි අලංකාර කරන ලද රිදීමල්දමක් සමාන ඇතාගේ සොඬ ඔවුන්ගේ අතෙහි තබා පැන් වත්කොට සැරසූ ඇතාව දන් දුන්නේය.
තස්ස චතූසු පාදෙසු අලඞ්කාරො චත්තාරි සතසහස්සානි අග්ඝති, උභොසු පස්සෙසු අලඞ්කාරො ද්වෙ සතසහස්සානි, හෙට්ඨා උදරෙ කම්බලං සතසහස්සං, පිට්ඨියං මුත්තජාලං මණිජාලං කඤ්චනජාලන්ති තීණි ජාලානි තීණි සතසහස්සානි, උභොසු කණ්ණෙසු අලඞ්කාරො ද්වෙ සතසහස්සානි, පිට්ඨියං අත්ථරණකම්බලං සතසහස්සං, කුම්භාලඞ්කාරො සතසහස්සං, තයො වටංසකා තීණි සතසහස්සානි, කණ්ණචූළාලඞ්කාරො ද්වෙ සතසහස්සානි, ද්වින්නං දන්තානං අලඞ්කාරො ද්වෙ සතසහස්සානි, සොණ්ඩාය සොවත්ථිකාලඞ්කාරො සතසහස්සං, නඞ්ගුට්ඨාලඞ්කාරො සතසහස්සං, ආරොහණනිස්සෙණි සතසහස්සං, භුඤ්ජනකටාහං සතසහස්සං, ඨපෙත්වා අනග්ඝං භණ්ඩං කායාරුළ්හපසාධනං ද්වාවීසති සතසහස්සානි . එවං තාව එත්තකං ධනං චතුවීසතිසතසහස්සානි අග්ඝති. ඡත්තපිණ්ඩියං පන මණි, චූළාමණි, මුත්තාහාරෙ මණි, අඞ්කුසෙ මණි, හත්ථිකණ්ඨෙ වෙඨනමුත්තාහාරෙ මණි, හත්ථිකුම්භෙ මණීති ඉමානි ඡ අනග්ඝානි, හත්ථීපි අනග්ඝොයෙවාති හත්ථිනා සද්ධිං සත්ත අනග්ඝානීති සබ්බානි තානි බ්රාහ්මණානං අදාසි. තථා හත්ථිනො පරිචාරකානි පඤ්ච කුලසතානි හත්ථිමෙණ්ඩහත්ථිගොපකෙහි සද්ධිං අදාසි. සහ දානෙනෙවස්ස හෙට්ඨා වුත්තනයෙනෙව භූමිකම්පාදයො අහෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඇතාගේ පා සතරෙහි ඇති සැරසිලි හාරලක්ෂයක් වටී. දෙපැත්තේ ඇති ඒවා ලක්ෂ දෙකක් වටී. උදරය යට කම්බිලිය ලක්ෂයකි. පිටෙහි මුතුදැල රත්රන් දැල මැණික් දැල යන දැල් තුන් ලක්ෂයකි. දෙකන්හි ඇති ඝණ්ඨා දෙක ලක්ෂයකි. පිටෙහි අතුරා ඇති කම්බිලිය ලක්ෂයකි. කුම්භස්ථල අලංකාරය ලක්ෂයකි. හිස්පළඳනා තුන ලක්ෂ තුනක් වටී. කණෙහි සුළු පළඳනාව ලක්ෂ දෙකකි. දළ දෙකේ සැරසිලි ලක්ෂ දෙකකි. සොඬෙහි ස්වස්තික අලංකාරය ලක්ෂයක් වටී. අනර්ඝ වූ භාණ්ඩ හැර පිටට නැගීමට ඇති ආධාරකය ලක්ෂ විසිදෙකකි. නගින හිණිමග ලක්ෂයකි. ඇතාට ආහාර දෙන කටාරය ලක්ෂයකි. මෙපමණක් දේ ලක්ෂ විසිහතරක් වටනේය. සේසතෙහි මත්තෙහි මාණික්‍යය, සිළුමිණ, මුතුහරේ මාණික්‍යය, අංකුසයෙහි මැණික, ඇතාගේ ගෙලෙහි වෙළත මුතුහරෙහි මාණික්‍ය ඇත්කුඹෙහි මාණික්‍යය යන මේ ඉතා අනර්ඝ මැණික් හා අනර්ඝ ඇතා යන මේවායැයි ඇතා සමග වටිනා අනර්ඝ වස්තු සතක් යන මේ සියල්ල බ්‍රාහ්මණයන්ට දුන්නේය. එසේම ඇතාගේ ආවතේව සඳහා පන්සියයක් කුල ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් ද සමග පහත දක්වන ආකාරයට දානය දෙන කල්හි පොළව කම්පාවීම ආදිය සිදුවිය. ඒ කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; හත්ථිනාගෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
උතුම් ඇත්රජු දුන්කල්හි පොළව කම්පා විය. එකල්හි යම් බිහිසුණු බවක් වීද එසඳ ලොමුදැහැගැන්ම විය.
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; හත්ථිනාගෙ පදින්නම්හි, ඛුභිත්ථ නගරං තදා.
ඇත්රජු දුන් කල්හි නුවර කැළඹින. එදා යම් හිංසනයක් වීද එසඳ ලොමුදැහැ ගැන්ම විය.
“සමාකුලං පුරං ආසි, ඝොසො ච විපුලො මහා; හත්ථිනාගෙ පදින්නම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ”ති.
සිවිරටවඩන ඇත්රජහු දුකල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂාවක්ද විය.
තත්ථ තදාසීති තදා ආසි. හත්ථිනාගෙති හත්ථිසඞ්ඛාතෙ නාගෙ. ඛුභිත්ථ නගරං තදාති තදා ජෙතුත්තරනගරං සඞ්ඛුභිතං අහොසි.
එහි තදාසී යනු එකල විය. හත්ථිනාගෙ යනු හස්ති සංඛ්‍යාත වූ නාගයන්. ඛුම්භිත්ථා ජයතුරු නගරය කැළැඹී ගියේය.
බ්රාහ්මණා කිර දක්ඛිණද්වාරෙ හත්ථිං ලභිත්වා හත්ථිපිට්ඨෙ නිසීදිත්වා මහාජනපරිවාරා නගරමජ්ඣෙන පායිංසු. මහාජනො තෙ දිස්වා “අම්භො බ්රාහ්මණා, අම්හාකං හත්ථිං ආරුළ්හා කුතො වො හත්ථී ලද්ධා”ති ආහ. බ්රාහ්මණා “වෙස්සන්තරමහාරාජෙන නො හත්ථී දින්නො, කෙ තුම්හෙ”ති මහාජනං හත්ථවිකාරාදීහි ඝට්ටෙන්තා නගරමජ්ඣෙන ගන්ත්වා උත්තරද්වාරෙන නික්ඛමිංසු. නාගරා දෙවතාවට්ටනෙන බොධිසත්තස්ස කුද්ධා රාජද්වාරෙ සන්නිපතිත්වා මහන්තං උපක්කොසමකංසු. තෙන වුත්තං –
බ්‍රාහ්මණයෝ වනාහි දකුණු දොරටුවෙහිදී ඇතා ලැබ ඇතාපිට හිඳ මහජනයා පිරිවරා නගරය මැදින් ගියහ. මහජනයා දැක එම්බා බ්‍රාහ්මණය, අපගේ ඇතාපිට නැගී අපගේ ඇතාව කොහි ගෙනයන්නෙහිදැයි ඇසූහ. බ්‍රාහ්මණයෝ වෙසතුරු මහරජ විසින් අපට ඇතා දෙන ලදැයිද තෙපි කවරහුදැයි මහජනයාට හස්තවිකාර ආදියෙන් හප්පමින් නගරය මැදින් ගොස් උතුරු දොරටුවෙන් නික්ම ගියහ. නුවරවැසියෝ දෙවියන් ආවේසවීමෙන් බෝසතුන්ට කිපී රජගෙදර දොරටුව ළඟ රැස්ව මහත් උඝෝෂණයක් කළහ. එබැවින් කියන ලදී.
“සමාකුලං පුරං ආසි, ඝොසො ච විපුලො මහා; හත්ථිනාගෙ පදින්නම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
ඇත් රජු දුන්කල්හි පොළව කම්පා විය. එසඳ එහි මහත් වූ බිහිසුණු හඬෙක් පවතී.
“අථෙත්ථ වත්තති සද්දො, තුමුලො භෙරවො මහා; හත්ථිනාගෙ පදින්නම්හි, ඛුභිත්ථ නගරං තදා.
[missing trans]
“අථෙත්ථ වත්තති සද්දො, තුමුලො භෙරවො මහා; හත්ථිනාගෙ පදින්නම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ”ති.
[missing trans]
තත්ථ ඝොසොති උපක්කොසනසද්දො පත්ථටත්තා විපුලො, උද්ධං ගතත්තා මහා. සිවීනං රට්ඨවඩ්ඪනෙති සිවිරට්ඨස්ස වුද්ධිකරෙ.
ඛුම්භිත්ථනගරංත දා එකල්හි මෙසේ නගරය කැළඹිණ. ඝොසොති මහා අපහාස හඬක් පැතිරගිය බැවින්. මහත් හඬක් මතු වූ බැවින්. රට්ඨවඩ්ඪනෙ සිවිරටෙහි අභිවෘද්ධිය ඇතිකරන.
අථස්ස දානෙන සඞ්ඛුභිතචිත්තා හුත්වා නගරවාසිනො රඤ්ඤො ආරොචෙසුං. තෙන වුත්තං –
ඉක්බිති ඔහුගේ දානයෙන් කැළඹුණු සිත් ඇත්තාහු වී නගරවාසීහු රජුට සැළකළහ. එබැවින් කියන ලදී.
“උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා; හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා.
ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෙළෙන්දෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබල සෙනඟ ද මුළු නියම්ගම් වැසි කෙළෙඹියෝ ද සිවිරට වැසියෝ ද එක්රැස්ව ඇතු රැගෙන යනු දැක පියරජුට සැළකළහ.
“කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා; දිස්වා නාගං නීයමානං, තෙ රඤ්ඤො පටිවෙදයුං.
“විධමං දෙව තෙ රට්ඨං, පුත්තො වෙස්සන්තරො තව; කථං නො හත්ථිනං දජ්ජා, නාගං රට්ඨස්ස පූජිතං.
දේවයන් වහන්ස, තොපගේ රට නසමින් තොපගේ පුත් වෙසතුරු රජ රටවැසියා පිදු අපගේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේනම් දෙන්නේද?
“කථං නො කුඤ්ජරං දජ්ජා, ඊසාදන්තං උරූළ්හවං; ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං, සබ්බසෙතං ගජුත්තමං.
රිය හිස් බඳු දළ ඇති බර උසුලනු සමත් සියලු යුදයෙහි ජයභූමි දත් හැම අවයව සුදු වූ අපගේ උතුම් ඇතු කෙසේ නම් දෙන්නේද?
“පණ්ඩුකම්බලසඤ්ඡන්නං, පභින්නං සත්තුමද්දනං; දන්තිං සවාලබීජනිං, සෙතං කෙලාසසාදිසං.
රත්පළඳින් වැඩුණු මද වැහෙන සතුරන් මඩනා මහා දළ ඇති කෛලාසකූට පර්වතය බඳු සුදු පැහැති චාමර සහිත.
“සසෙතච්ඡත්තං සඋපාධෙය්යං, සාථබ්බනං සහත්ථිපං; අග්ගයානං රාජවාහිං, බ්රාහ්මණානං අදා ගජ”න්ති.
සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත්වෙදුන් සහිත වූ ඇත්ගොව්වන් සහිත වූ රජු උසුලන අග්‍ර යානය වූ ධනය කලිඟුරට බමුණන්ට කුමක් හෙයින් දුන්නේද?
තත්ථ උග්ගාති උග්ගතා පඤ්ඤාතා. නිගමොති නෙගමකුටුම්බිකජනො. විධමං දෙව තෙ රට්ඨන්ති දෙව, තව රට්ඨං විධමං. කථං නො හත්ථිනං දජ්ජාති කෙන කාරණෙන අම්හාකං හත්ථිනං අභිමඞ්ගලසම්මතං කාලිඞ්ගරට්ඨවාසීනං බ්රාහ්මණානං දදෙය්ය. ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානන්ති සබ්බයුද්ධානං ඛෙත්තභූමිසීසජානනසමත්ථං. දන්තින්ති මනොරමදන්තයුත්තං. සවාලබීජනින්ති සහවාලබීජනිං. සඋපාධෙය්යන්ති සඅත්ථරණං. සාථබ්බනන්ති සහත්ථිවෙජ්ජං. සහත්ථිපන්ති හත්ථිපරිචාරකානං පඤ්චන්නං කුලසතානං හත්ථිමෙණ්ඩහත්ථිගොපකානඤ්ච වසෙන සහත්ථිපං.
එහි උග්ගා යනු මතු වූ පෙනුනා වූ. නිගමො නියම්ගම්වැසි කෙළෙඹි ජනයා. විධමං දෙව තෙ රට්ඨං දේවයිනි, ඔබගේ රට වනසන ලදී. කථං නො හත්ථීනං දජ්ජා කවර කරුණකින් උසස් මංගල සම්මත වූ අපගේ ඇතාව බ්‍රාහ්මණයන්ට දෙන්නේද? ඛෙත්තඤ්ඤුං සබ්බ යුද්ධානං සියළුම සටන්වල ජයභූමි දැනගැනීමේ සමථ. දන්තං මනරම් වූ දන්ත ඇති. සවාළවීජනිං වල්විදුනාව සමග. සවුපථෙය්යං අතුර භාණ්ඩ. බුමුතුරුණු. සාථබ්බණං ඇත්වෙදුන් සමග. සහත්ථිපං පිරිවර කුල පන්සියයක්, ඇත්වෙදුන්, ඇත්ගොව්වන් වශයෙන් ඇත්රජු සමග.
එවඤ්ච පන වත්වා පුනපි ආහංසු –
මෙසේද කියා නැවත මෙසේ කීහ.
“අන්නං පානඤ්ච යො දජ්ජා, වත්ථසෙනාසනානි ච; එතං ඛො දානං පතිරූපං, එතං ඛො බ්රාහ්මණාරහං.
හෙතෙම ආහාරපානද වස්ත්‍ර ද සෙනසුන්ද දෙන්නේයැ. තෙල දනට නිසිය. තෙල බ්‍රාහ්මණයන්ට යෝග්‍යය.
“අයං තෙ වංසරාජා නො, සිවීනං රට්ඨවඩ්ඪනො; කථං වෙස්සන්තරො පුත්තො, ගජං භාජෙති සඤ්ජය.
සංජය රජතුමනි, මේ වෙස්සන්තර පරපුරෙන් අපට ආ රජෙක. තොපගේ වෙසතුරුපුත් කෙසේනම් සිවිරට වර්ධනය කරන ඇතු දෙන්නේද?
“සචෙ ත්වං න කරිස්සසි, සිවීනං වචනං ඉදං; මඤ්ඤෙ තං සහ පුත්තෙන, සිවී හත්ථෙ කරිස්සරෙ”ති.
ඉදින් තෙපි සිවිරට වැසියන්ගේ මේ බස නොකරන්නහු නම් සිවිරට වැසියෝ පුතු හා සමග තොප අත්පත් කරතී සිතම්හ.
තත්ථ වංසරාජාති පවෙණියා ආගතො මහාරාජා. භාජෙතීති දෙති. සිවී හත්ථෙ කරිස්සරෙති සිවිරට්ඨවාසිනො සහ පුත්තෙන තං අත්තනො හත්ථෙ කරිස්සන්තීති.
එහි වංසරාජානො පරපුරෙන් ආ මහරජ. භජෙතී දෙයි. සිවි හත්ථෙ කරිස්සරෙ සිවිරට වැසියෝ පුත්‍රයා සමග එය තමන්ගේ අත්පත් කරන්නේය.
තං සුත්වා රාජා “එතෙ වෙස්සන්තරං මාරාපෙතුං ඉච්ඡන්තී”ති සඤ්ඤාය ආහ –
එය අසා රජු, මොහු වෙස්සන්තරව මරන්නට කැමැති වෙත්යැයි හැඟීමෙන් මෙන් කීය.
“කාමං ජනපදො මාසි, රට්ඨඤ්චාපි විනස්සතු; නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං; පබ්බාජෙය්යං සකා රට්ඨා, පුත්තො හි මම ඔරසො.
ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම සිවුරට වැසියන්ගේ වචන හේතුවෙන් නිර්දෝෂී රාජපුත්රයාව සියරටින් නෙරපන්නේ නැත. මාගේ ඖරස පුත්‍රයා බැවිනි.
“කාමං ජනපදො මාසි, රට්ඨඤ්චාපි විනස්සතු; නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං; පබ්බාජෙය්යං සකා රට්ඨා, පුත්තො හි මම අත්රජො.
[missing trans]
“න චාහං තස්මිං දුබ්භෙය්යං, අරියසීලවතො හි සො; අසිලොකොපි මෙ අස්ස, පාපඤ්ච පසවෙ බහුං; කථං වෙස්සන්තරං පුත්තං, සත්ථෙන ඝාතයාමසෙ”ති.
මම ඔහුට ද්‍රෝහි නොවෙමි. යම්හෙයකින් හෝ උතුම් සිල් ඇත්තේද, එහෙයිනි. මට අපකීර්තියද වෙයි. බොහෝ පව්ද රැස්වේ. කවර හෙයින් වෙස්සන්තර පුත්‍රයා අවියකින් මරවම්දැයි
තත්ථ මාසීති මා ආසි, මා හොතූති අත්ථො. අරියසීලවතොති අරියෙන සීලවතෙන අරියාය ච ආචාරසම්පත්තියා සමන්නාගතො. ඝාතයාමසෙති ඝාතයිස්සාම.
එහි මාසී නොවේවා. අරියසීලවකො ආර්ය වූ සිල්වන්තයකු විසින් ආර්ය වූ ආචාර සම්පත්තියෙන් යුක්ත වූ ඝාතයාමසෙ නසන්නෙමි.
තං සුත්වා සිවයො අවොචුං –
සිවයෝ මෙසේ කීහ;
“මා නං දණ්ඩෙන සත්ථෙන, න හි සො බන්ධනාරහො; පබ්බාජෙහි ච නං රට්ඨා, වඞ්කෙ වසතු පබ්බතෙ”ති.
ඔහු දඬින් ද සැතින් ද නො නැසුව මැනවි. හේ දඟගෙට ද නොනිසිය. ඔහු රටින් නෙරපුව මැනවි. වංකගිරියෙහි වෙසේවා.
තත්ථ මා නං දණ්ඩෙන සත්ථෙනාති දෙව, තුම්හෙ තං දණ්ඩෙන වා සත්ථෙන වා මා ඝාතයිත්ථ. න හි සො බන්ධනාරහොති සො බන්ධනාරහොපි න හොතියෙව.
එහි මා තං දණ්ඩෙන සත්ථෙන රජතුමනි! ඔබ ඔහුට දණ්ඩෙන් හා ආයුධයෙන් ඝාතනය නොකරන්න. නහිසො බන්ධනාරහො හෙතෙම හිරගෙදර නො තබන්න. ඔහුව රටින් පිටුවහල් කරන්න.
රාජා ආහ –
රජතුමා කීය;
“එසො චෙ සිවීනං ඡන්දො, ඡන්දං න පනුදාමසෙ; ඉමං සො වසතු රත්තිං, කාමෙ ච පරිභුඤ්ජතු.
ඉදින් මේ සිවිරට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත නොදුරලම්හ. හේ මේ රාත්‍රිය වෙසේවා. කාම සම්පත් ද අනුභව කෙරේවා.
“තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති; සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්තු න”න්ති.
ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන කලැ සිවිරට වැසියෝ සමගිවැ ඔහු රටින් පිටකෙරෙත්වායි කීයැ.
තත්ථ වසතූති පුත්තදාරස්ස ඔවාදං දදමානො වසතු, එකරත්තිඤ්චස්ස ඔකාසං දෙථාති වදති.
එහි වස්තු පුත්රදාරකාදීන්ට අවවාද දෙමින් වාසය කෙරේවා. ඔහුට එක රාත්‍රියක් ඉඩ දෙන්නැයි කියයි.
තෙ “එකරත්තිමත්තං වසතූ”ති රඤ්ඤො වචනං සම්පටිච්ඡිංසු. අථ රාජා නෙ උය්යොජෙත්වා පුත්තස්ස සාසනං පෙසෙන්තො කත්තාරං ආමන්තෙත්වා තස්ස සන්තිකං පෙසෙසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා වෙස්සන්තරස්ස නිවෙසනං ගන්ත්වා තං පවත්තිං ආරොචෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔවුන් එක රාත්‍රියක් පමණක් වාසය කෙරේවා යි රජුගේ වචනය පිළිගෙන [missing trans] වෙස්සන්තර මාලිගයට ගොස් ඒ පුවත සැළකළේය. මේ කාරණය පවසන්නට මේ ගාථාවන් කීය.
“උට්ඨෙහි කත්තෙ තරමානො, ගන්ත්වා වෙස්සන්තරං වද; ‘සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
කාර්යයන් සිදුකරන ඇමැතියා වහා නැගීසිටුව. වෙස්සන්තර වෙත ගොස් මෙසේ කියව. දේවයිනි, සිවිහුද නියම්ගම් වැසි කෙළෙඹියෝ ද එක්රැස්වැ තොපට කිපුණාහ.
“උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා; හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා.
ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබල සෙනගද නියම්ගම්වැසි සියල්ලෝ ද සිවිහුද එක්රැස්වූහ.
“අස්මා රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති; සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති තං’.
මෙම රැය ඉක්මැ හිරු උදාවන වේලෙහි සිවිහු සමගවැ තොප රටින් නෙරපති.
“ස කත්තා තරමානොව, සිවිරාජෙන පෙසිතො; ආමුත්තහත්ථාභරණො, සුවත්ථො චන්දනභූසිතො.
සිවිරජු විසින් මෙහෙයන ලද ඒ කටයුතු කරවන ඇමැතිවරයා වෙලෙවිවැ පැළැඳි හස්තාභරණ ඇතියේ මොනවට හඳින ලද පිළි ඇත්තේ සඳුනෙන් සැරසුණේ.
“සීසං න්හාතො උදකෙ සො, ආමුත්තමණිකුණ්ඩලො; උපාගමි පුරං රම්මං, වෙස්සන්තරනිවෙසනං.
හිසින් ස්නාන කළේ තෙත් කෙහෙ ඇතිවැ පළන් මිණිකොඬොල් ඇතිව වෙසතුරු නිවෙස් වූ රම්‍ය වූ පුරයට එළඹියේයැ.
“තත්ථද්දස කුමාරං සො, රමමානං සකෙ පුරෙ; පරිකිණ්ණං අමච්චෙහි, තිදසානංව වාසවං.
ඒ ඇමැති සිය නුවරැ තව්තිසා දෙවියන් මැද ප්‍රීතිවෙන සක්දෙව් රජ මෙන් ඇමැතියෙක් පිරිවරා දුන් දනෙහි සිත් අලවන වෙසතුරු කුමරු දිටී.
“සො තත්ථ ගන්ත්වා තරමානො, කත්තා වෙස්සන්තරංබ්රවි; ‘දුක්ඛං තෙ වෙදයිස්සාමි, මා මෙ කුජ්ඣි රථෙසභ’.
ඒ කාරිය කරවන ඇමැතියා එහි ගොස් ප්‍රිය වන වෙසතුරු කුමරුන්ට මෙසේ කීය. රජතුමනි, නුඹවහන්සේට දුක්ඛදායක හසුනක් දන්වන්නෙමි. මට නොකිපෙව.
“වන්දිත්වා රොදමානො සො, කත්තා රාජානමබ්රවි; භත්තා මෙසි මහාරාජ, සබ්බකාමරසාහරො.
ඒ ඇමැති රජතුමන් වැඳ හඬමින් මෙසේ කීය. මහරජ, තෙපි වනාහි කැමැති සියළු රස ගෙනදෙන මාගේ ස්වාමි වන්න.
“දුක්ඛං තෙ වෙදයිස්සාමි, තත්ථ අස්සාසයන්තු මං; සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
නුඹවහන්සේට දුක් පණිවිඩයක් දන්වන්නෙමි. එහිලා මා සනසත්වා. දේවයන් වහන්ස, සිවිරට වැසියෝ නුඹවහන්සේට කිපියහ. නියම්ගම් වැස්සෝ ද ප්‍රසිද්ධ පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙන්දෝද බමුණෝ ද රැස් වූහ. ඇතරුවෝ ද අසරුවෝ ද රථාචාරිහු ද පාබල සෙනග ද හුදෙක් නියම්ගම් වැස්සෝ ද සිවිහු ද වූහ.
“උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා; හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා.
“අස්මා රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති; සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති ත”න්ති.
මෙම රාත්‍රිය අවසන්හි හිරු උදාවන සමයෙහි සිවීන් සමගැ නුඹවහන්සේ රටින් නෙරපතියි කියති.
තත්ථ කුමාරන්ති මාතාපිතූනං අත්ථිතාය “කුමාරො”ත්වෙව සඞ්ඛං ගතං රාජානං. රමමානන්ති අත්තනා දින්නදානස්ස වණ්ණං කථයමානං සොමනස්සප්පත්තං හුත්වා නිසින්නං. පරිකිණ්ණං අමච්චෙහීති අත්තනා සහජාතෙහි සට්ඨිසහස්සෙහි අමච්චෙහි පරිවුතං සමුස්සිතසෙතච්ඡත්තෙ රාජාසනෙ නිසින්නං. වෙදයිස්සාමීති කථයිස්සාමි. තත්ථ අස්සාසයන්තු මන්ති තස්මිං දුක්ඛස්සාසනාරොචනෙ කථෙතුං අවිසහවසෙන කිලන්තං මං, දෙව, තෙ පාදා අස්සාසයන්තු, විස්සත්ථො කථෙහීති මං වදථාති අධිප්පායෙනෙවමාහ.
එහි කුමාරං මව්පියන් ඇති බැවින් කුමාරයාම සැකයට පත් රජු. රම්මානං තමන් විසින් දෙන ලද දානයේ වර්ණනාව කියන සොම්නසට පත්ව සිටියා වූ. අමච්චෙහි එකට උපන් හැටදහසක් ඇමැතියන් පිරිවරා ගත්. ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි හුන්නා වූ වෙදයිස්සාමි කියන්නෙමි. තත්ථ අස්සාසයන්තු මං ඒ දුක් පුවත සැළකර සිටියදී විඩාවට පත්වන්නා වූ දේවයන් විසින් සනසා අස්වසන්නේ විශ්වාසකර කියන්න. මා සමග කියන්න යන බලාපොරොත්තුවෙන් කීය.
මහාසත්තො ආහ –
මහා සත්ත්වයෝ කීහ.
“කිස්මිං මෙ සිවයො කුද්ධා, නාහං පස්සාමි දුක්කටං; තං මෙ කත්තෙ වියාචික්ඛ, කස්මා පබ්බාජයන්ති ම”න්ති.
සිවිරට වැස්සෝ කුමක් නිසා මට කිපියාහුද? නපුරුකොට කරන ලද්දක් මම නොදක්මි. කාර්යභාර ඇමතිය, මට එය විස්තරකර කියව. කවර හෙයින් මා නෙරපත්ද?
තත්ථ කිස්මින්ති කතරස්මිං කාරණෙ. වියාචික්ඛාති විත්ථාරතො කථෙහි.
එහි කිස්මිං යනු කවර කාරණයක්හි වියාචික්ඛ විස්තර ඇතිව කියන්න.
කත්තා ආහ –
කාර්යභාර ඇමැතියා මෙසේ කීය.
“උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා; හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; නාගදානෙන ඛිය්යන්ති, තස්මා පබ්බාජයන්ති ත”න්ති.
ප්‍රකට පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙන්දෝ ද බමුණෝ ද ඇත්ගොව්වෝ ද අසරුවෝ ද රියකරුවෝ ද පාබල සෙනග ද ඇතු දන්දීම හේතුවෙන් දොස් කියති. එහෙයින් ඔබවහන්සේ නෙරපති.
තත්ථ ඛිය්යන්තීති කුජ්ඣන්ති.
එහි ඛීයන්ති කිපෙත්.
තං සුත්වා මහාසත්තො සොමනස්සප්පත්තො හුත්වා ආහ –
එය අසා මහා සත්ත්වයෝ සොම්නසට පත්ව මෙසේ කීය.
“හදයං චක්ඛුම්පහං දජ්ජං, කිං මෙ බාහිරකං ධනං; හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා මණි.
මම හදවත ද ඇස් ද දෙන්නෙමි. මාගේ බාහිර ධනය දීම ගැන කියනු කිම. රන් හෝ අමුරන් හෝ මුතුමැණික් හෝ වෙරළුමිණි හෝ දෙන්නෙමි. නොවරදවන්නෙමි. මා සිත දීමෙහි ඇලේ.
“දක්ඛිණං වාපහං බාහුං, දිස්වා යාචකමාගතෙ; දදෙය්යං න විකම්පෙය්යං, දානෙ මෙ රමතෙ මනො.
“කාමං මං සිවයො සබ්බෙ, පබ්බාජෙන්තු හනන්තු වා; නෙව දානා විරමිස්සං, කාමං ඡින්දන්තු සත්තධා”ති.
ඒකාන්තයෙන් සියළු සිවීහු මා රටින් නෙරපත්වා. නැතහොත් නසත්වා. ඒකාන්තයෙන් සත්කඩක් කොට කපත්වා. එහෙත් දීමෙන් නොවළකින්නෙමියි වෙසතුරු කීය.
තත්ථ යාචකමාගතෙති යාචකෙ ආගතෙ තං යාචකං දිස්වා. නෙව දානා විරමිස්සන්ති නෙව දානා විරමිස්සාමි.
එහි යාචකමාගතෙ යාචකයන් පැමිණි කල්හි ඒ යාචකයාව දැක නෙව දානා විරමිස්සති දානයෙන් නොවැළකෙන්නෙමි.
තං සුත්වා කත්තා නෙව රඤ්ඤා දින්නං න නාගරෙහි දින්නං අත්තනො මතියා එව අපරං සාසනං කථෙන්තො ආහ –
එය අසා කර්තෘකාරක ඇමැතිවරයා, රජු විසින් දෙන ලද්දේ නොවෙයි. නගරවැසියන් විසින් දෙන ලද්දේ නොවෙයි. තමන්ගේ අදහස අනුවම දෙන ලදී. වෙනත් හසුනක් කියමින් මෙසේ කීය.
“එවං තං සිවයො ආහු, නෙගමා ච සමාගතා; කොන්තිමාරාය තීරෙන, ගිරිමාරඤ්ජරං පති; යෙන පබ්බාජිතා යන්ති, තෙන ගච්ඡතු සුබ්බතො”ති.
සිවිහුද රැස්වූ නියම්ගම් වැසියෝද ඔබට මෙසේ කීහ. කොන්තිමාර නම් ගංතෙරින් අරඤ්ජර නමැති පරිවතය බලා වරද කළ රජදරුවෝ යම් මගකින් යෙත්ද, ඒ මගින් මහා පැවතුම් ඇති වෙසතුරු රජ යේවායි ඇමති අනෙක් හස්නක් යැවීය.
තත්ථ කොන්තිමාරායාති කොන්තිමාරාය නාම නදියා තීරෙන. ගිරිමාරඤ්ජරං පතීති ආරඤ්ජරං නාම ගිරිං අභිමුඛො හුත්වා. යෙනාති යෙන මග්ගෙන රට්ඨා පබ්බාජිතා රාජානො ගච්ඡන්ති, තෙන සුබ්බතො වෙස්සන්තරොපි ගච්ඡතූති එවං සිවයො කථෙන්තීති ආහ. ඉදං කිර සො දෙවතාධිග්ගහිතො හුත්වා කථෙසි.
එහි කොන්තිමාරාය කොන්තිමාර නම් ගංතෙර ගිරිං ආරඤ්ජරංපති ආරඤ්ජර නම් පර්වතය අභිමුඛකොට. යෙන යම් මගකින් රටින් පිටුවහල් කළ රජවරු යත්ද ඒ මගින්. සුබ්බතො වෙස්සන්තර ද යා යුතුයැයි මෙසේ සිවිරට වැස්සෝ කියත්යැයි පැවසීය. මෙය වනාහි හෙතෙම දේවතාරූඪ වී කියන ලදී.
තං සුත්වා බොධිසත්තො “සාධු දොසකාරකානං ගතමග්ගෙන ගමිස්සාමි, මං ඛො පන නාගරා න අඤ්ඤෙන දොසෙන පබ්බාජෙන්ති, මයා හත්ථිස්ස දින්නත්තා පබ්බාජෙන්ති. එවං සන්තෙපි අහං සත්තසතකං මහාදානං දස්සාමි, නාගරා මෙ එකදිවසං දානං දාතුං ඔකාසං දෙන්තු, ස්වෙ දානං දත්වා තතියදිවසෙ ගමිස්සාමී”ති වත්වා ආහ –
බෝධිසත්ත්වයෝ යහපති. වැරදිකාරයන් යන මගින් යන්නෙමි. මා වනාහි නුවරවැස්සන් අන් වරදකින් පිටුවහල් කරන්නේ නොවේ. ඇතා දන්දීම නිසාවෙන්ම පිටුවහල් කරත්. මෙසේ ඇති කල්හි මම සත්සියයක් මහදන් දෙන්නෙමි. නුවරවැස්සෝ එක්දිනක් දන් දෙන්නට මට අවකාස දෙත්වා. හෙට දන් දී තුන්වන දිනයේ යන්නෙමියි කීය.
“සොහං තෙන ගමිස්සාමි, යෙන ගච්ඡන්ති දූසකා; රත්තින්දිවං මෙ ඛමථ, යාව දානං දදාමහ”න්ති.
වරද කළ ඇත්තෝ යම් මගකින් යන්නාහුද, ඒ මගින් ඒ මම ද යන්නෙමි. මම දානයක් දෙමි. එක් දවසකට මට සමාව දෙවයි වෙසතුරු කීය.
තං සුත්වා කත්තා “සාධු, දෙව, නාගරානං වක්ඛාමී”ති වත්වා පක්කාමි. මහාසත්තො තං උය්යොජෙත්වා මහාසෙනගුත්තං පක්කොසාපෙත්වා ‘තාත, අහං ස්වෙ සත්තසතකං නාම මහාදානං දස්සාමි, සත්ත හත්ථිසතානි, සත්ත අස්සසතානි, සත්ත රථසතානි, සත්ත ඉත්ථිසතානි, සත්ත ධෙනුසතානි, සත්ත දාසසතානි, සත්ත දාසිසතානි ච පටියාදෙහි, නානප්පකාරානි ච අන්නපානාදීනි අන්තමසො සුරම්පි සබ්බං දාතබ්බයුත්තකං උපට්ඨපෙහී”ති සත්තසතකං මහාදානං විචාරෙත්වා අමච්චෙ උය්යොජෙත්වා එකකොව මද්දියා වසනට්ඨානං ගන්ත්වා සිරිසයනපිට්ඨෙ නිසීදිත්වා තාය සද්ධිං කථං පවත්තෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
කාරිය ඇමැතිවරයා රජතුමනි, යහපති. මම නුවරවැසියන්ට කියන්නෙමියි පිටව ගියේය. මහාසත්ත්වයෝ ඔහු පිටත්කර යවා සේනාරක්ෂකයා කැඳවා මම හෙට සත්තසතික නම් වූ දානයක් දෙන්නෙමි. ඇතුන් සත්සියයක්, අශ්වයන් සත්සියයක්, රිය සක්සියයක්, ස්ත්‍රීන් සත්සියයක්, දෙනුන් සත්සියයක්, දාසින් සත්සියයක්, දාසයන් සත්සියයක් සූදානම් කරන්න. නොයෙක් ආකාර ආහාරපානාදියත් යටත්පිරිසෙන් සුරාවද යන දීමට සුදුසු සියළුම දන්දිය යුතු දේ සූදානම් කරවයැයි සත්තසතික මහාදානය සංවිධානය කොට ඇමැතියන් පිටත්කර යවා හුදෙකලාව මද්දි දේවිය සිටින තැනට ගොස් ශ්‍රී යහනාව මත වාඩිවී ඇය සමග කථා කළේය. එම කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“ආමන්තයිත්ථ රාජානං, මද්දිං සබ්බඞ්ගසොභනං; යං තෙ කිඤ්චි මයා දින්නං, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති.
වෙසතුරු රජ, සියළු අඟපසඟින් හෙබි මද්‍රි දේවිය ඇමතීය. මා තොපට දුන් ධනධාන්‍යයන් තිබේද?
“හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා බහූ; සබ්බං තං නිදහෙය්යාසි, යඤ්ච තෙ පෙත්තිකං ධන”න්ති.
අමුරන් හෝ රත්රන් හෝ බොහෝ වූ මුතු හෝ වෙරළුමිණි හෝ ඇද්ද? පියාගෙන් ගෙනෙන ලද යම් ධනයක් වේද? ඒ සියල්ල නිදන්කොට තබවයි කී.
තත්ථ නිදහෙය්යාසීති නිධිං කත්වා ඨපෙය්යාසි. පෙත්තිකන්ති පිතිතො ආගතං.
එහි නිදහෙය්යාසි නිධන්කොට තබන්න. පෙත්තිකං පියාගෙන් ගෙනෙන ලද.
“තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා; කුහිං දෙව නිදහාමි, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
සියළු අඟපසඟින් හොබනා මද්‍රි දේවිය දේවයිනි, කවර තැනක නිදන්කොට තබන්නෙම්ද? විචාරණ ලද මට ඒ ස්ථානය කියවයි පැවසීය.
තත්ථ තමබ්රවීති “මය්හං සාමිකෙන වෙස්සන්තරෙන එත්තකං කාලං ‘ධනං නිධෙහී’ති න වුත්තපුබ්බං, ඉදානෙව වදති, කුහිං නු ඛො නිධෙතබ්බං, පුච්ඡිස්සාමි න”න්ති චින්තෙත්වා තං අබ්‍රවි.
එහි තමබ්රවී යනු මගේ ස්වාමියා වූ වෙස්සන්තර විසින් මෙතෙක් කල් ධනය නිධන් කරන්නයැයි නොකියූ විරූය. දැන් මෙසේ කියයි. කොහේ නිධන්කර තබන්නෙම්දැයි විචාරන්නෙමියි සිතා ඔහුට මෙසේ කීය.
වෙස්සන්තරො ආහ –
වෙස්සන්තර කීය.
“සීලවන්තෙසු දජ්ජාසි, දානං මද්දි යථාරහං; න හි දානා පරං අත්ථි, පතිට්ඨා සබ්බපාණින”න්ති.
මද්‍රිදේවිය, සිල්වන්තයන් කෙරෙහි සුදුසු පරිදි දෙව. සියළු සත්ත්වයන්ට දානයට වැඩි උතුම් පිහිටක් නැත.
තත්ථ දජ්ජාසීති භද්දෙ, මද්දි කොට්ඨාදීසු අනිදහිත්වා අනුගාමිකනිධිං නිදහමානා සීලවන්තෙසු දදෙය්යාසි. න හි දානා පරන්ති දානතො උත්තරිතරං පතිට්ඨා නාම න හි අත්ථි.
එහි දජ්ජාසි යනු සොඳුර, මද්‍රිදේවිය, ගබඩා ආදියේ නොතබා අනුගාමික නිධානයක් නිධන්කොට සිල්වතුන් කෙරෙහි දෙන්නෙහිය. නහි දානාපරං දානයට වඩා උත්තරීතර වූ පිහිටක් නම් නැත.
සා “සාධූ”ති තස්ස වචනං සම්පටිච්ඡි. අථ නං උත්තරිපි ඔවදන්තො ආහ –
ඇය යහපතැයි ඔහුගේ වචනය පිළිගත්තාය. ඉක්බිති ඇයට මත්තේද අවවාද කරන්නේ මෙසේ කීය.
“පුත්තෙසු මද්දි දයෙසි, සස්සුයා සසුරම්හි ච; යො ච තං භත්තා මඤ්ඤෙය්ය, සක්කච්චං තං උපට්ඨහෙ.
මද්රිදේවීනි, දරුවන් කෙරෙහිද නැදිමයිලන් කෙරෙහිද දයා මෛත්‍රී පතුරුව. යමෙක් ඔබගේ ස්වාමියා යැයි අදහස් කරන්නේ නම් ඔහුට මනාව උපස්ථාන කරව.
“නො චෙ තං භත්තා මඤ්ඤෙය්ය, මයා විප්පවසෙන තෙ; අඤ්ඤං භත්තාරං පරියෙස, මා කිසිත්ථො මයා විනා”ති.
මාගේ වෙන්වීමෙන් පසුව ඒ මා තොපගේ සැමියකු ලෙස නො සිතව. වෙන ස්වාමිපුරුෂයකු සොයා ගනුව. මාගේ වෙන්වීම හේතුකොට ගෙන කෘශ නොවන්න.
තත්ථ දයෙසීති දයං මෙත්තං කරෙය්යාසි. යො ච තං භත්තා මඤ්ඤෙය්යාති භද්දෙ, යො ච මයි ගතෙ “අහං තෙ භත්තා භවිස්සාමී”ති තං මඤ්ඤිස්සති, තම්පි සක්කච්චං උපට්ඨහෙය්යාසි. මයා විප්පවසෙන තෙති මයා සද්ධිං තව විප්පවාසෙන සචෙ කොචි “අහං තෙ භත්තා භවිස්සාමී”ති තං න මඤ්ඤෙය්ය, අථ සයමෙව අඤ්ඤං භත්තාරං පරියෙස. මා කිසිත්ථො මයා විනාති මයා විනා හුත්වා මා කිසා භවි, මා කිලමීති අත්ථො.
එහි දය්යාසි දයාව, මෛත්‍රි කරන්න. යොච තං භත්තා මඤ්ඤෙය්යා සොඳුර, මා ගිය කල්හි යමෙක් ඔබගේ ස්වාමියා යැයි හඟින්නේ ද ඔහුට හොඳින් උපස්ථාන කරන්න. මයා විප්පවසෙන තෙ මා සමග ඔබගේ වෙන්වීමෙන් ඉදින් කිසිවෙක් මම ඔබගේ ස්වාමියා වන්නෙමියි කියයි ද ඔහු ගැන නොසිතන්න. ඉක්බිති තෙමේම අනිත් ස්වාමියකු සොයන්න. මා කිසිත්ථ මා හැර සිටියා වූ ඔබ කෘශ නොවන්න. වෙහෙසට පත් නොවන්න.
අථ නං මද්දී “කිං නු ඛො එස එවරූපං වචනං මං භණතී”ති චින්තෙත්වා “කස්මා, දෙව, ඉමං අයුත්තං කථං කථෙසී”ති පුච්ඡි. මහාසත්තො “භද්දෙ, මයා හත්ථිස්ස දින්නත්තා සිවයො කුද්ධා මං රට්ඨා පබ්බාජෙන්ති, ස්වෙ අහං සත්තසතකං මහාදානං දත්වා තතියදිවසෙ නගරා නික්ඛමිස්සාමී”ති වත්වා ආහ –
ඉක්බිති ඔහුට, මද්‍රි දේවිය, කුමක් නිසා මේ වෙස්සන්තර මෙබඳු වචනයක් කියයිදැයි සිතා, ස්වාමීනි! කුමක් නිසා මේ නුසුදුසු කථාවක් කියන්නෙහිදැයි විචාළාය. මහාසත්ත්වයෝ, සොඳුර, මා විසින් ඇතා දෙන ලද බැවින් සිවිරට වැස්සෝ කිපියාහ. මා රටින් පිටුවහල් කරත්. හෙට මම සත්තසතික මහාදානයක් දී තුන්වන දවසේ නගරයෙන් නික්ම යන්නෙමියි කියා මෙසේ පැවසීය.
“අහඤ්හි වනං ගච්ඡාමි, ඝොරං වාළමිගායුතං; සංසයො ජීවිතං මය්හං, එකකස්ස බ්රහාවනෙ”ති.
මම බිහිසුණු ව්‍යාල මෘගයන්ගෙන් ගැවසීගත් මහා වනයට යමි. මහ වනයෙහි හුදෙකලාව වෙසෙන මාගේ ජීවිතය සැක සහිතය.
තත්ථ සංසයොති අනෙකපච්චත්ථිකෙ එකකස්ස සුඛුමාලස්ස මම වනෙ වසතො කුතො ජීවිතං, නිච්ඡයෙන මරිස්සාමීති අධිප්පායෙනෙවං ආහ.
එහි සංසයො යනු මහා වනයේ වාසය කරන ඒකාන්තයෙන් සුඛුමාල වූ මාගේ ජීවිතය කොයින්ද? ස්ථිර වශයෙන් ම මැරෙන්නෙමි යන පරමාර්ථයෙන් ම මෙසේ කීය.
“තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා; අභුම්මෙ කථං නු භණසි, පාපකං වත භාසසි.
සෑම අඟපසඟකින් ම හෙබි මද්‍රි දේවි අහෝ! පෙර නොපැවසූ වදනක් අද කියහි. ඒකාන්තයෙන් නපුරක් අද කියහිදැයි වෙස්සන්තර රජහට කීවාය.
“නෙස ධම්මො මහාරාජ, යං ත්වං ගච්ඡෙය්ය එකකො; අහම්පි තෙන ගච්ඡාමි, යෙන ගච්ඡසි ඛත්තිය.
මහරජ, යම්හෙයකින් හුදෙකලාවැ තෙපි වනයට යන්නහු නම් ඒ ධර්මය නොවෙයි. දේවයිනි! යම්තැනකට තෙපි යන්නහු නම් මම ද එතැනට යන්නෙමි.
“මරණං වා තයා සද්ධිං, ජීවිතං වා තයා විනා; තදෙව මරණං සෙය්යො, යං චෙ ජීවෙ තයා විනා.
තොප සමග මරණය හෝ තොපගෙන් වියෝවැ ජීවත්වීම හෝ යන මේ දෙකින් තොපගෙන් වෙන්වැ ජීවත්වීමට වඩා මරණය උතුම්ය.
“අග්ගිං උජ්ජාලයිත්වාන, එකජාලසමාහිතං; තත්ථ මෙ මරණං සෙය්යො, යං චෙ ජීවෙ තයා විනා.
තොපගෙන් වෙන්ව ජීවත්වීමට වඩා චිතකයේ ගිනි දල්වා එකමැ ගිනි ජාලාවක් වූ කලැ එහි මාගේ මරණය උතුමි.
“යථා ආරඤ්ඤකං නාගං, දන්තිං අන්වෙති හත්ථිනී; ජෙස්සන්තං ගිරිදුග්ගෙසු, සමෙසු විසමෙසු ච.
යම්සේ ඇතිනි සම විසම ගිරි දුර්ගයන්හි හැසිරෙන අරණ්‍යවාසී දළ ඇතකු අනුවැ යේද,
“එවං තං අනුගච්ඡාමි, පුත්තෙ ආදාය පච්ඡතො; සුභරා තෙ භවිස්සාමි, න තෙ හෙස්සාමි දුබ්භරා”ති.
එසෙයින් දරුවන් රැගෙන තොප අනුවැ එමි. තොප විසින් සුවසේ පෝෂණය කළ හැකි තැනැත්තියක් වන්නෙමි. පෝෂණයට අපහසු කෙනෙක් නොවෙමි.
තත්ථ අභුම්මෙති අභූතං වත මෙ කථෙය්යාසි. නෙස ධම්මොති න එසො සභාවො, නෙතං කාරණං. තදෙවාති තයා සද්ධිං යං මරණං අත්ථි, තදෙව මරණං සෙය්යො. තත්ථාති තස්මිං එකජාලභූතෙ දාරුචිතකෙ. ජෙස්සන්තන්ති විචරන්තං.
එහි අභුම්මෙ නුඹ මට නුසුදුසු දෙයක් කියන්නෙහි. නෙස ධම්මො මේ ස්වභාවය කාරණයක් නොවෙයි. තදෙව යම් ඒ නුඹ සමග මරණය උතුම්ය. තත්ථ ඒ එකම ගිනිජාලාවක් වූ දරසෑයෙහි. ජෙස්සන්තං හැසිරෙන්නා වූ.
එවඤ්ච පන වත්වා සා පුන දිට්ඨපුබ්බං විය හිමවන්තප්පදෙසං වණ්ණෙන්තී ආහ –
මෙසේ කියා නැවත ඇය දුටුවාක් බඳු හිමාලය ප්‍රදේශය වර්ණනා කරන්නී මෙසේ කීය.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ; ආසීනෙ වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති මහවනයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ; කීළන්තෙ වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති මහවනයෙහි සෙල්ලම් කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ; අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති රමණීය ආශ්‍රමයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ; කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති සිත්කලු අසපුවෙහි සෙල්ලම් කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ; අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දන්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ; කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
රමණීය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දන්නේ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා දක්ඛිසි නච්චන්තෙ, කුමාරෙ මාලධාරිනෙ; අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන කුමරුන් යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි
“යදා දක්ඛිසි නච්චන්තෙ, කුමාරෙ මාලධාරිනෙ; කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
රමණිය අසපුවෙහි මල්මාලා දරමින් නටන සෙල්ලම් කරන කුමරුන් යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා දක්ඛිසි මාතඞ්ගං, කුඤ්ජරං සට්ඨිහායනං; එකං අරඤ්ඤෙ චරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
හුදෙකලාව වනයෙහි හැසිරෙන සැටවස් පිරුණු මාතංග නම් ඇතු යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා දක්ඛිසි මාතඞ්ගං, කුඤ්ජරං සට්ඨිහායනං; සායං පාතො විචරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතංග නම් ඇතු යම් කලෙක දක්නෙහිද, එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා කරෙණුසඞ්ඝස්ස, යූථස්ස පුරතො වජං; කොඤ්චං කාහති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො; තස්ස තං නදතො සුත්වා, න රජ්ජස්ස සරිස්සසි.
යම්කලෙක ඇතිනි රැළෙහිද ඇත්පිළෙහිද පෙරටුව යන පිරුණු සැටවස් ඇති මාතංග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද. නාදකරන ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“දුභතො වනවිකාසෙ, යදා දක්ඛිසි කාමදො; වනෙ වාළමිගාකිණ්ණෙ, න රජ්ජස්ස සරිස්සසි.
වනමෘගයන් ගැවසුණු කැමැති සම්පත් දෙන දෙපසැ වනයෙහි වන ගළ යම්කලෙක දක්නෙහිද එකල රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“මිගං දිස්වාන සායන්හං, පඤ්චමාලිනමාගතං; කිම්පුරිසෙ ච නච්චන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
සවස් වේලෙහි පැමිණි අංදළු පහක් ඇති මුවා ද නටන කිඳුරන්ද දැක රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා සොස්සසි නිග්ඝොසං, සන්දමානාය සින්ධුයා; ගීතං කිම්පුරිසානඤ්ච, න රජ්ජස්ස සරිස්සසි.
බැස යන දියෙහි ඝෝෂාවද කිඳුරන්ගේ ගී හඬද යම්කලෙක අසන්නෙහිද එකල රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා සොස්සසි නිග්ඝොසං, ගිරිගබ්භරචාරිනො; වස්සමානස්සුලූකස්ස, න රජ්ජස්ස සරිස්සසි.
පර්වත ගුහාවල හැසිරෙන හඬන බකමූණන්ගේ නාදය යම්කලෙක අසන්නෙහිද එකල රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා සීහස්ස බ්යග්ඝස්ස, ඛග්ගස්ස ගවයස්ස ච; වනෙ සොස්සසි වාළානං, න රජ්ජස්ස සරිස්සසි.
වනයෙහි සිංහ, ව්යාඝ්ර, කඟවේණ, ගවර යන සතුන්ගේ ද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා මොරීහි පරිකිණ්ණං, බරිහීනං මත්ථකාසිනං; මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
පර්වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවසුණු මොනර සෙබඩුන් පිරිවරා නටන මොනරා යම්කලෙක දන්නෙහිද, එකල රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා මොරීහි පරිකිණ්ණං, අණ්ඩජං චිත්රපක්ඛිනං; මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
[missing trans]
“යදා මොරීහි පරිකිණ්ණං, නීලගීවං සිඛණ්ඩිනං; මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
සෙබඩුන් පිරිවැරූ නිල්ගෙල ඇති හිස සිළු ඇති නටන මොනරා යම්කලෙක දක්නෙහිද එක රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා දක්ඛිසි හෙමන්තෙ, පුප්ඵිතෙ ධරණීරුහෙ; සුරභිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
හේමන්ත සෘතුවෙහි පිපුණු සුවඳ හමන ගස් යම්කලෙක දක්නෙහිද එකල රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා හෙමන්තිකෙ මාසෙ, හරිතං දක්ඛිසි මෙදනිං; ඉන්දගොපකසඤ්ඡන්නං, න රජ්ජස්ස සරිස්සසි.
හේමන්ත මාසයෙහි රතිඳුගොව්වන් ගැවැසුණු නිල්පැහැ යුත් පොළොව යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා දක්ඛිසි හෙමන්තෙ, පුප්ඵිතෙ ධරණීරුහෙ; කුටජං බිම්බජාලඤ්ච, පුප්ඵිතං ලොද්දපද්ධකං; සුරතිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
හේමන්ත සෘතුවෙහි පිපුණු කෙළිඳගස් හා රත්කරවු ගද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවඳ හමන ගස් යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
“යදා හෙමන්තිකෙ මාසෙ, වනං දක්ඛිසි පුප්ඵිතං; ඔපුප්ඵානි ච පද්ධානි, න රජ්ජස්ස සරිස්සසී”ති.
හේමන්ත ඍතුවෙහි පිපුණු වනයද වැටුණු නෙළුම් මල් ද යම්කලෙක දක්නෙහිද එකලැ රාජ්‍යය සිහි නොකරන්නෙහි.
තත්ථ මඤ්ජුකෙති මධුරකථෙ. කරෙණුසඞ්ඝස්සාති හත්ථිනිඝටාය. යූථස්සාති හත්ථියූථස්ස පුරතො වජන්තො ගච්ඡන්තො. දුභතොති උභයපස්සෙසු. වනවිකාසෙති වනඝටායො. කාමදොති මය්හං සබ්බකාමදො. සින්ධුයාති නදියා. වස්සමානස්සුලූකස්සාති උලූකසකුණස්ස වස්සමානස්ස. වාළානන්ති වාළමිගානං. තෙසඤ්හි සායන්හසමයෙ සො සද්දො පඤ්චඞ්ගිකතූරියසද්දො විය භවිස්සති, තස්මා තෙසං සද්දං සුත්වා රජ්ජස්ස න සරිස්සසීති වදති, බරිහීනන්ති කලාපසඤ්ඡන්නං . මත්ථකාසිනන්ති නිච්චං පබ්බතමත්ථකෙ නිසින්නං. “මත්තකාසින”න්තිපි පාඨො, කාමමදමත්තං හුත්වා ආසීනන්ති අත්ථො. බිම්බජාලන්ති රත්තඞ්කුරරුක්ඛං. ඔපුප්ඵානීති ඔලම්බකපුප්ඵානි පතිතපුප්ඵානි.
එහි මඤ්ජුකෙ මිහිරි කථාවන්. කරෙණුසංඝස්ස ඇති සමූහයා. යූථස්ස ඇත්රළෙහි පෙරටුව යන්නේ. දුභතො දෙපැත්තෙන්. වතවිකාසෙ වනරොද. කාමදං මට කැමැති සියල්ල දෙන. සින්ධුයා නදියෙන්. වස්සමානස්ස ලූකස්ස බකමූණන් වාසයකරන. වාළානං ව්යාලමෘගයන්, ඔවුන්ගේ වනාහි සවස්කාලයේ ඒ ශබ්දය පංචාගික තූර්යනාදය හා සමාන වන්නේය. ඒ නිසා න රජස්ස සරිස්සසි කියයි. බරිහිනං සමූහය ගැවසීගත්. මත්ථකාසිනං පාඨය කාම මදයෙන් මත්ව හුන්නා වූ යන අර්ථය. බිම්බජාලං රතු කුරවක ගස්. ඔපුප්ඵානි වැටුණු මල්.
එවං මද්දී හිමවන්තවාසිනී විය එත්තකාහි ගාථාහි හිමවන්තං වණ්ණෙසීති.
මෙසේ මද්‍රිදේවිය හිමවත වාසය කරන්නියක් මෙන් මෙපමණක් ගාථාවලින් හිමවත වර්ණනාව කළේය.
හීමවන්තවණ්ණනා නිට්ඨිතා.
හිමාලය වර්ණනාව නිමියේ ය.