යෙදුමෙන් කියවන්න

දානකණ‍්ඩවණ‍්ණනා අට‍්ඨකථා

දානකණ‍්ඩවණ‍්ණනා

දාන කාණ්ඩය

ඵුස‍්සතීපි ඛො දෙවී “පුත‍්තස‍්ස මෙ කටුකසාසනං ගතං, කිං නු ඛො කරොති, ගන‍්ත්‍වා ජානිස‍්සාමී”ති පටිච‍්ඡන‍්නයොග‍්ගෙන ගන‍්ත්‍වා සිරිගබ‍්භද‍්වාරෙ ඨිතා තෙසං තං සල‍්ලාපං සුත්‍වා කලුනං පරිදෙවි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඵුසති දේවියද මාගේ පුත්‍රයා පිළිබඳ කටුක ආරංචියක් පැතිරිණ. කුමක් කරන්නේදැයි ගොස් දැනගන්නෙමියි ඇය වෙස්වලාගෙන ගොස් සිරියහන් ගබඩා දොරටුව ළඟ සිටියා ඔවුන්ගේ ඒ කථා සල්ලාපය අසා කරුණාව දනවන හැඬිල්ලක් හැඬුවාය. ඒ බව ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“තෙසං ලාලප‍්පිතං සුත්‍වා, පුත‍්තස‍්ස සුණිසාය ච; කලුනං පරිදෙවෙසි, රාජපුත‍්තී යසස‍්සිනී.

පුතාය, ලේලිය යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසති දේවී තොමෝ බැගෑ ලෙස හැඬූය.

“සෙය්‍යො විසං මෙ ඛායිතං, පපාතා පපතෙය්‍යහං; රජ‍්ජුයා බජ‍්ඣ මිය්‍යාහං, කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං; පබ‍්බාජෙන‍්ති අදූසකං.

නිවැරදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිටකෙරෙත්ද? මා විසින් විස අනුභව කරන ලද්දේ නම් හෝ ප්‍රපාතයෙන් පනින්නේ නම් හෝ ගෙලවැල ලා මැරෙන්නෙම් නම් හෝ එයට වඩා උතුම්ය.

“අජ‍්ඣායකං දානපතිං, යාචයොගං අමච‍්ඡරිං; පූජිතං පටිරාජූහි, කිත‍්තිමන‍්තං යසස‍්සිනං; කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං, පබ‍්බාජෙන‍්ති අදූසකං.

ත්‍රිවේදයෙහි ද නානා ශිල්පයන්හිද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නොමසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් රටින් පිට කෙනෙක්ද?

“මාතාපෙත‍්තිභරං ජන‍්තුං, කුලෙ ජෙට‍්ඨාපචායිකං; කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං, පබ‍්බාජෙන‍්ති අදූසකං.

මව්පියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් පිට කෙරෙත්ද?

“රඤ‍්ඤො හිතං දෙවිහිතං, ඤාතීනං සඛිනං හිතං; හිතං සබ‍්බස‍්ස රට‍්ඨස‍්ස, කස‍්මා වෙස‍්සන‍්තරං පුත‍්තං; පබ‍්බාජෙන‍්ති අදූසක”න‍්ති.

රජුට හිතැති දෙවියනට හිතැති නෑයනට හිතැති යහළුවනට හිතැති සියලු රටවැසියනට හිතැති නිවැරදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත්ද?

තත්‍ථ රාජපුත‍්තීති ඵුස‍්සතී මද‍්දරාජධීතා. පපතෙය්‍යහන‍්ති පපතෙය්‍යං අහං. රජ‍්ජුයා බජ‍්ඣ මිය්‍යාහන‍්ති රජ‍්ජුයා ගීවං බන්‍ධිත්‍වා මරෙය්‍යං අහං. කස‍්මාති එවං අමතායමෙව මයි කෙන කාරණෙන මම පුත‍්තං අදූසකං රට‍්ඨා පබ‍්බාජෙන‍්ති. අජ‍්ඣායකන‍්ති තිණ‍්ණං වෙදානං පාරඞ‍්ගතං, නානාසිප‍්පෙසු ච නිප‍්ඵත‍්තිං පත‍්තං.

එහි රාජපුත්තී ඵුසති නම් වූ මදුරජ දියණිය. පපතෙය්‍යහං මම ප්‍රපාතයෙන් පනින්නෙම්ද, රජ්ජුයා බජ්ඣමිය්‍යාහං ගෙල වැළලා මම මැරෙන්නෙමි. කස්මා මෙසේ නොමළ මා කවරනම් හේතුවකින් නිවැරදි මාගේ පුත්‍රයාව පිටුවහල් කරන්නෙම්ද? අජ්ඣායකං ත්‍රිවේදයෙහි පරතෙරට ගිය නානා ශිල්පයන්හිද නිමාවට පත්.

ඉති සා කලුනං පරිදෙවිත්‍වා පුත‍්තඤ‍්ච සුණිසඤ‍්ච අස‍්සාසෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා ආහ –

මෙසේ ඇය කාරුණිකව හඬා පුතුවද ලේලියද අස්වසා රජු සමීපයට ගොස්.

“මධූනිව පලාතානි, අම‍්බාව පතිතා ඡමා; එවං හෙස‍්සති තෙ රට‍්ඨං, පබ‍්බාජෙන‍්ති අදූසකං.

නිවැරදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත්ද, ඔබගේ දේශය මැස්සන් හැරදමා ගිය මීවදයක් මෙන්ද ගිලිහී බිම වැටුනු අඹ මෙන්ද වන්නේය.

“හංසො නිඛීණපත‍්තොව, පල‍්ලලස‍්මිං අනූදකෙ; අපවිද‍්ධො අමච‍්චෙහි, එකො රාජා විහිය්‍යසි.

මහරජ, දිය සිඳුනු විලෙක පියාපත් හැලුණු හංසයකු මෙන් ඇමැතියන් විසින් හැරදැමූ තෙපි හුදෙකලාව පීඩිත වන්නාහුය.

“තං තං බ්‍රූමි මහාරාජ, අත්‍ථො තෙ මා උපච‍්චගා; මා නං සිවීනං වචනා, පබ‍්බාජෙසි අදූසක”න‍්ති.

මහරජ, ඔබට ඒ කරුණ කියමි. ප්‍රයෝජනය ඉක්ම නොයේවා. සිවිරට වැසියන්ගේ බසට නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරන්න.

තත්‍ථ පලාතානීති පලාතමක‍්ඛිකානි මධූනි විය. අම‍්බාව පතිතා ඡමාති භූමියං පතිතඅම‍්බපක‍්කානි විය. එවං මම පුත‍්තෙ පබ‍්බාජිතෙ තව රට‍්ඨං සබ‍්බසාධාරණං භවිස‍්සතීති දීපෙති. නිඛීණපත‍්තොවාති පග‍්ඝරිතපත‍්තො විය. අපවිද‍්ධො අමච‍්චෙහීති මම පුත‍්තෙන සහජාතෙහි සට‍්ඨිසහස‍්සෙහි අමච‍්චෙහි ඡඩ‍්ඩිතො හුත්‍වා. විහිය්‍යසීති කිලමිස‍්සසි. සිවීනං වචනාති සිවීනං වචනෙන මා නං අදූසකං මම පුත‍්තං පබ‍්බාජෙසීති.

එහි පලාතානි යනු මැස්සන් හැරදමා ගිය මීවදයක් මෙන්. පතිතා ජමා බිම වැටුණා වූ අඹගෙඩි මෙන් මෙසේ මගේ දරුවන් රටින් නෙරපා දැමූවිට දේවයන් වහන්ස, ඔබගේ රට සැම අයුරකින් අසාධාරණ වන්නේ යැයි දක්වයි. නික්ඛීණ පත්තො පියාපත් හැලුණු. අමච්චෙහි මාගේ පුත්‍රයා හා එක්දින උපන් හැටදහසක් ඇමැතියන් අත්හරින ලද. විහීයසි පීඩාවට පත්වන්නෙහිය. සිවීනං වචනා සිවිරට වැසියන්ගේ වචනයෙන් ඒ නිවැරදි පුත්‍රයාව පිටුවහල් නොකරන්න.

තං සුත්‍වා රාජා ආහ –

එය අසා රජු මෙසේ කීය.

“ධම‍්මස‍්සාපචිතිං කුම‍්මි, සිවීනං විනයං ධජං; පබ‍්බාජෙමි සකං පුත‍්තං, පාණා පියතරො හි මෙ”ති.

සොඳුර, මම සිවිරට වැස්සන්ගේ ධජයක් බඳු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවහල් කරමි. සිවීන්ගේ පරපුරේ ධර්මතාවයට ගරු කරමි. මාගේ පුත්‍රයා වනාහි ප්‍රාණයටද වඩා මට අතිශයින් ප්‍රියය.

තස‍්සත්‍ථො – භද‍්දෙ, අහං සිවීනං ධජං වෙස‍්සන‍්තරං කුමාරං විනයන‍්තො පබ‍්බාජෙන‍්තො සිවිරට‍්ඨෙ පොරාණකරාජූනං පවෙණිධම‍්මස‍්ස අපචිතිං කුම‍්මි කරොමි, තස‍්මා සචෙපි මෙ පාණා පියතරො සො, තථාපි නං පබ‍්බාජෙමීති.

සවිස්තරාර්ථය. සොඳුර, මම සිවිරට වාසීන්ගේ ධජය වූ වෙස්සන්තර කුමාරයාව හික්මවන්නේ පිටුවහල් කරන්නේ සිවිරටෙහි පැරණි රජවරුන්ගේ පාරම්පරික ධර්මතාවය කඩකිරීම කෙසේ කරම්ද? ඒ නිසා ඉතින් මට මාගේ ප්‍රාණයට වඩා ප්‍රියතම වූ ඔහුව පිටුවහල් කරන්නෙමි.

තං සුත්‍වා සා පරිදෙවමානා ආහ –

එය අසා දේවිය හඬා වැළපෙමින් මෙසේ කීවාය.

“යස‍්ස පුබ‍්බෙ ධජග‍්ගානි, කණිකාරාව පුප‍්ඵිතා; යායන‍්තමනුයායන‍්ති, ස‍්වජ‍්ජෙකොව ගමිස‍්සති.

පෙර යමකුගේ ධජය අග පිපුණු මල් ඇති කිණිහිරි ගස් මෙන් යන්නහු අනුව යෙත් ද, හේ අද හුදෙකලා වැ යන්නේය.

“යස‍්ස පුබ‍්බෙ ධජග‍්ගානි, කණිකාරවනානිව; යායන‍්තමනුයායන‍්ති, ස‍්වජ‍්ජෙකොව ගමිස‍්සති.

පෙර යමෙකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනුවැ යේද හේ අද වනාහි හුදෙකලාව යන්නේය.

“යස‍්ස පුබ‍්බෙ අනීකානි, කණිකාරාව පුප‍්ඵිතා; යායන‍්තමනුයායන‍්ති, ස‍්වජ‍්ජෙකොව ගමිස‍්සති.

පෙර යමකුගේ ඇතුන් ආදිකොට ඇති සෙනග පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නහු අනුව යෙද්ද, හේ අද හුදෙකලාව යෙයි.

“යස‍්ස පුබ‍්බෙ අනීකානි, කණිකාරවනානිව; යායන‍්තමනුයායන‍්ති, ස‍්වජ‍්ජෙකොව ගමිස‍්සති.

පෙර යමෙකුගේ ඇතුන් ආදිකොට ඇති සෙනග පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.

“ඉන්‍දගොපකවණ‍්ණාභා, ගන්‍ධාරා පණ‍්ඩුකම‍්බලා; යායන‍්තමනුයායන‍්ති, ස‍්වජ‍්ජෙකොව ගමිස‍්සති.

යමකුගේ පෙර ඉඳුගොව්වන්ගේ පැහැයට බඳු ගන්ධාර රටෙහි සාදන ලද රතුකම්බිලි පෙර වූ සෙනග යන්නහු අනුවැ යෙද්ද හේ අද හුදෙකලාව යයි.

“යො පුබ‍්බෙ හත්‍ථිනා යාති, සිවිකාය රථෙන ච; ස‍්වජ‍්ජ වෙස‍්සන‍්තරො රාජා, කථං ගච‍්ඡති පත‍්තිකො.

යමෙක් පෙර ඇතුපිටින්ද දෝලාවෙන් ද රියෙන්ද ගියේ නම් ඒ වෙස්සන්තර රජතෙමේ අද කෙසේනම් පයින් යයිද?

“කථං චන්‍දනලිත‍්තඞ‍්ගො, නච‍්චගීතප‍්පබොධනො; ඛුරාජිනං ඵරසුඤ‍්ච, ඛාරිකාජඤ‍්ච හාහිති.

සඳුන් ගැල්වූ සිරුරු ඇති ගීතයෙන්, නැටුමෙන් පුබුදුවන වෙස්සන්තර රජ අද අඳුන්දිවි සමද පොරොවද තවුස් පිරිකර සහිත කදද කෙසේනම් ගෙන යන්නේද?

“කස‍්මා නාභිහරිස‍්සන‍්ති, කාසාවා අජිනානි ච; පවිසන‍්තං බ්‍රහාරඤ‍්ඤං, කස‍්මා චීරං න බජ‍්ඣරෙ.

මහා වනාන්තරයට පිවිසෙන්නහුට කසාවන් වස්ත්‍ර හෝ අඳුන් දිවිසම් කවර හෙයින් ගෙන නොයද්ද, කවර හෙයින් වැහැරි නොබඳිත්ද?

“කථං නු චීරං ධාරෙන‍්ති, රාජපබ‍්බජිතා ජනා; කථං කුසමයං චීරං, මද‍්දී පරිදහිස‍්සති.

රජවැ සිට පැවිදි වූවෝ කෙසේනම් වැහැරියෙන් කළ සිවුරු දරත්ද? කුසතණයෙන් කළ වැහැරි මද්‍රිදේවී කෙසේ හඳින්නීද?

“කාසියානි ච ධාරෙත්‍වා, ඛොමකොටුම‍්බරානි ච; කුසචීරානි ධාරෙන‍්තී, කථං මද‍්දී කරිස‍්සති.

කසීසළු ද ඛෝම රටෙහි, කෝදුම්බර රටෙහි, නිපන් සලු ද දරාසිටිය මද්‍රිදේවිය කෙසේනම් කුස වැහැරි දරන්නීද?

“වය‍්හාහි පරියායිත්‍වා, සිවිකාය රථෙන ච; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, පථං ගච‍්ඡති පත‍්තිකා.

හිදොළුයෙන් සිවිකායෙන්, හාරියෙන් මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේනම් පා ගමනින් මහමග යන්නීද?

“යස‍්සා මුදුතලා හත්‍ථා, චරණා ච සුඛෙධිතා; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, පථං ගච‍්ඡති පත‍්තිකා.

යමකගේ සුවසේ වැඩුණු මොළොක් අතුල් පතුල් ඇති හස්තපාදයෝ වෙත්ද, නිදොස් සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යාද?

“යස‍්සා මුදුතලා පාදා, චරණා ච සුඛෙධිතා; පාදුකාහි සුවණ‍්ණාහි, පීළමානාව ගච‍්ඡති; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, පථං ගච‍්ඡති පත‍්තිකා.

යමකට සුවසේ වැඩුණු මොලොක් අතුල් පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩි සඟළින් යුතුව මිරිකෙමින්මැ යාද ප්‍රශස්ත අවයව ඇති ඕ අද කෙසේනම් පා ගමනින් මහමග යන්නීද?

“යාස‍්සු ඉත්‍ථිසහස‍්සානං, පුරතො ගච‍්ඡති මාලිනී; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, වනං ගච‍්ඡති එකිකා.

පැළඳි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටුව යාද ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේනම් තනියම වනයට යාද?

“යාස‍්සු සිවාය සුත්‍වාන, මුහුං උත‍්තසතෙ පුරෙ; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, වනං ගච‍්ඡති භීරුකා.

යම් ස්ත්‍රියක් පෙර සිවල් දෙනකගේ හඬ අසා එකෙණෙහි තැති ගනීද, ප්‍රශස්ත සිරුරු ඇති බියසුළු ඕ අද කෙසේනම් වනයට යාද?

“යාස‍්සු ඉන්‍දසගොත‍්තස‍්ස, උලූකස‍්ස පවස‍්සතො; සුත්‍වාන නදතො භීතා, වාරුණීව පවෙධති; සා කථජ‍්ජ අනුජ‍්ඣඞ‍්ගී, වනං ගච‍්ඡති භීරුකා.

යම් ස්ත්‍රියක් නාදකරන කෞෂික ගෝත්‍ර ඇති මහමුහුණකුගේ හඬ අසා බියවැ දෙවියන් ආවේෂ වූ යක්‍ෂ දාසියක් මෙන් වෙවුළාද ප්‍රශස්ත ශරීර ඇති බියසුළු ඕ අද කෙසේ නම් වනයට යේද?

“සකුණී හතපුත‍්තාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං, සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.

හිස් වූ කැදැල්ල දැක දරුවන් විනාශ වූ ලිහිණියක මෙන් මට දරුවන්ගෙන් හිස් වූ මේ නිවෙසට අවුත් බොහෝකලක් දුකින් බර සිතිවිලිවලට බරවී සිටින්නෙමි.

“සකුණී හතපුත‍්තාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; කිසා පණ‍්ඩු භවිස‍්සාමි, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලියක මෙන් මම හිස් වූ මේ නිවෙසට පැමිණ ප්‍රිය පුතුන් නොදක්නී කෘශ වී පඬුවන් වන්නෙමි.

“සකුණී හතපුත‍්තාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; තෙන තෙන පධාවිස‍්සං, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මේ නිවෙසට අවුත් ප්‍රිය පුතුන් නොදක්නී ඒ ඒ තැන දිවයන්නෙමි.

“කුරරී හතඡාපාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං, සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙන මෙන් මම හිස් වූ මේ නිවෙසට අවුත් දිගුකලක් සිතිවිලි පර වන්නෙමි.

“කුරරී හතඡාපාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; කිසා පණ‍්ඩු භවිස‍්සාමි, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙනක මෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘශවැ පඬුවන් වන්නෙමි.

“කුරරී හතඡාපාව, සුඤ‍්ඤං දිස‍්වා කුලාවකං; තෙන තෙන පධාවිස‍්සං, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රිය පුතුන් නොදක්නී ඒ ඒ තැන දිවයන්නෙමි.

“සා නූන චක‍්කවාකීව, පල‍්ලලස‍්මිං අනූදකෙ; චිරං දුක‍්ඛෙන ඣායිස‍්සං, සුඤ‍්ඤං ආගම‍්මිමං පුරං.

දියසිඳුණු මඩෙහි සක්වාළිහිණියක මෙන් ඒ මට දරුවන් නැති බැවින් හිස් වූ නිවෙසට අවුත් බොහෝ කලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලි පර වන්නෙමි.

“සා නූන චක‍්කවාකීව, පල‍්ලලස‍්මිං අනූදකෙ; කිසා පණ‍්ඩු භවිස‍්සාමි, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

දිය සුන් මඩෙහි සක්වාළිහිණියක මෙන් ඒ මට ඒකාන්තයෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘශවැ පඬුවන් වන්නෙමි.

“සා නූන චක‍්කවාකීව, පල‍්ලලස‍්මිං අනූදකෙ; තෙන තෙන පධාවිස‍්සං, පියෙ පුත‍්තෙ අපස‍්සතී.

දියසිඳුණු මඩෙහි සක්වාළිහිණියක මෙන් මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නොදක්නී ඒ ඒ තැන්වල දිවයන්නෙමි.

“එවං මෙ විලපන‍්තියා, රාජා පුත‍්තං අදූසකං; පබ‍්බාජෙසි වනං රට‍්ඨා, මඤ‍්ඤෙ හිස‍්සාමි ජීවිත”න‍්ති.

මෙසේ වැලපෙන මම අනදර කොට නිර්දෝෂී රජ පුතු රටින් වනයට නෙරපීයැ. මම ජීවිතය හෙළන්නෙමි. සිතමි.

තත්‍ථ කණිකාරාවාති සුවණ‍්ණාභරණසුවණ‍්ණවත්‍ථපටිමණ‍්ඩිතත‍්තා සුපුප‍්ඵිතා කණිකාරා විය. යායන‍්තමනුයායන‍්තීති උය්‍යානවනකීළාදීනං අත්‍ථාය ගච‍්ඡන‍්තං වෙස‍්සන‍්තරං අනුගච‍්ඡන‍්ති. ස‍්වජ‍්ජෙකොවාති සො අජ‍්ජ එකොව හුත්‍වා ගමිස‍්සති. අනීකානීති හත්‍ථානීකාදීනි. ගන්‍ධාරා පණ‍්ඩුකම‍්බලාති ගන්‍ධාරරට‍්ඨෙ උප‍්පන‍්නා සතසහස‍්සග‍්ඝනකා සෙනාය පාරුතා රත‍්තකම‍්බලා. හාහිතීති ඛන්‍ධෙ කත්‍වා හරිස‍්සති. පවිසන‍්තන‍්ති පවිසන‍්තස‍්ස. කස‍්මා චීරං න බජ‍්ඣරෙති කස‍්මා බන්‍ධිතුං ජානන‍්තා වාකචීරං න බන්‍ධන‍්ති. රාජපබ‍්බජිතාති රාජානො හුත්‍වා පබ‍්බජිතා. ඛොමකොටුම‍්බරානීති ඛොමරට‍්ඨෙ කොටුම‍්බරරට‍්ඨෙ උප‍්පන‍්නානි සාටකානි.

එහි කණිකාරා ව රන් අබරණ රන් වස්ත්‍රාදියෙන් යුක්ත බැවින්. මල් පිපුණු කිණිහිරියා ගසක් මෙන්. යායන්තමනුයායන්ති උද්‍යාන ක්‍රීඩා සඳහා යන්නහු අනුව යත්. ස්වාජ්ජෙකො ඒ මම අද හුදෙකලාව යන්නේය. අනීකානී ඇත් ආදී බලඇණි. ගන්‍ධාරා පණ්ඩුකම්බලා ගන්ධාර රටෙහි උපන් ලක්‍ෂයක් වටිනා සේනාව විසින් පොරවන ලද රතුකම්බිලි. හාහීති කරෙහි තබාගෙන යත්. පවිසන්ති පිවිසෙන්නහුගේ. කස්මා නාභිහරියන්ති කුමක් නිසා බඳින්නට දන්නාහු වැහැරිසිවුර නොබඳිත්ද, රාජපබ්බජිතා රජව සිට පැවිදි වූවාහු. ඛොමකොදුම්බරාතිච ඛෝම රටෙහිත් කොදුම්බර රටෙහිත් හටගත්තා වූ.

සා කථජ‍්ජාති සා කථං අජ‍්ජ. අනුජ‍්ඣඞ‍්ගීති අගරහිතඅඞ‍්ගී. පීළමානාව ගච‍්ඡතීති කම‍්පිත්‍වා කම‍්පිත්‍වා තිට‍්ඨන‍්තී විය ගච‍්ඡති. යාස‍්සු ඉත්‍ථිසහස‍්සානන‍්තිආදීසු අස‍්සූති නිපාතො, යාති අත්‍ථො. “යා සා”තිපි පාඨො. සිවායාති සිඞ‍්ගාලියා. පුරෙති පුබ‍්බෙ නගරෙ වසන‍්තී. ඉන්‍දසගොත‍්තස‍්සාති කොසියගොත‍්තස‍්ස. වාරුණීවාති දෙවතාපවිට‍්ඨා යක‍්ඛදාසී විය. දුක‍්ඛෙනාති පුත‍්තවියොගසොකදුක‍්ඛෙන. ආගම‍්මි මං පුරන‍්ති ඉමං මම පුත‍්තෙ ගතෙ පුත‍්තනිවෙසනං ආගන‍්ත්‍වා. පියෙ පුත‍්තෙති වෙස‍්සන‍්තරඤ‍්චෙව මද‍්දිඤ‍්ච සන්‍ධායාහ. හතඡාපාති හතපොතකා. පබ‍්බාජෙසි වනං රට‍්ඨාති යදි නං රට‍්ඨා පබ‍්බාජෙසීති.

සා කථජ්ජා ඕ අද කෙසේද? අනුච්චංගී නින්දා නොකළ නොගරහන ලද ශරීර අවයව ඇත්තී. පීළමානාව කම්පා වී සිටින්නාක් මෙන් යයි. යාස්සු ඉත්‍ථිසහස්සස්සා ආදී වූ පදවල අස්සූ යනු නිපාතයකි යයි යන අර්ථයි. යාසා කියාද පාඨයක් ඇත. සිවායා සිවලියකගේ පරෙ පෙර නගරයෙහි වාසය කරත්. ඉන්‍දස්ස ගොත්තස්ස කෝසිය ගෝත්‍රයේ වාරුණීවා දේවතාවියක් ආවේශ වූ යක්‍ෂ දාසියක් මෙන්. දුක්ඛෙන දරුවන්ගෙන් වෙන්වීම නිසා හටගත් ශෝකයෙන්. ආගම්මිමං පුරං මැය දරුවන් ගිය කල්හි දරුවන්ගේ නිවසට පැමිණ. පිය පුත්තෙ වෙස්සන්තර හා මද්‍රිදේවිය උදෙසා කියන ලදී. හතජාපා නසන ලද පැටව් ඇති. පබ්බාජෙසි වනං ඉතින් ඒ වෙස්සන්තර කුමාරයන්ව රටින් නෙරපන්නෙහිද?

දෙවියා පරිදෙවිතසද‍්දං සුත්‍වා සබ‍්බා සඤ‍්ජයස‍්ස සිවිකඤ‍්ඤා සමාගතා පක‍්කන්‍දිංසු. තාසං පක‍්කන්‍දිතසද‍්දං සුත්‍වා මහාසත‍්තස‍්සපි නිවෙසනෙ තථෙව පක‍්කන්‍දිංසු. ඉති ද‍්වීසු රාජකුලෙසු කෙචි සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා වාතවෙගෙන පමද‍්දිතා සාලා විය පතිත්‍වා පරිවත‍්තමානා පරිදෙවිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

දේවියගේ විලාප හඬ අසා සියලුම සංජයගේ සිවි කාන්තාවෝ එතනට රැස් හැඬුවාහ. ඈලාගේ වැළපීම් හඬ අසා මහාසත්ත්වයන්ගේ නිවෙසනයේ එසේම හැඬූහ. මෙසේ රජපවුල් දෙකේම කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාත වේගයෙන් පීඩාවට පත්වූ ශාලාවක් මෙන් බිම වැටී හැඬුවාහ. මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“තස‍්සා ලාලප‍්පිතං සුත්‍වා, සබ‍්බා අන‍්තෙපුරෙ බහූ; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, සිවිකඤ‍්ඤා සමාගතා.

ඇගේ වැළපීම අසා රැස්වූ අන්තඃපුරයේ බොහෝ සිවි කන්‍යාවෝ හිස අත්බැඳගෙන හැඬූහ.

“සාලාව සම‍්පමථිතා, මාලුතෙන පමද‍්දිතා; සෙන‍්ති පුත‍්තා ච දාරා ච, වෙස‍්සන‍්තරනිවෙසනෙ.

වෙස්සන්තර මාලිගයේ අඹුදරුවෝද සොවින් මඩනා ලදුවැ ඇළලී ගිය සල්වනයක් මෙන් ඇදවැටෙයි.

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, වෙස‍්සන‍්තරනිවෙසනෙ.

වෙස්සන්තර මාලිගාවේ අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිසැ අත්බැඳගෙන වැළපුනාහ.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, වෙස‍්සන‍්තරනිවෙසනෙ.

වෙස්සන්තර මාලිගාවේ අසරුවෝ ද ඇත්ගොව්වෝ ද රියැදුරෝද පාබළ සෙනගද හිසැ අත් බැඳගෙන හැඬූහ.

“තතො රත්‍යා විවසානෙ, සූරියස‍්සුග‍්ගමනං පති; අථ වෙස‍්සන‍්තරො රාජා, දානං දාතුං උපාගමි.

ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන වේලෙහි වෙසතුරු රජ දන්දෙන පිණිස පැමිණියේය.

“වත්‍ථානි වත්‍ථකාමානං, සොණ‍්ඩානං දෙථ වාරුණිං; භොජනං භොජනත්‍ථීනං, සම‍්මදෙව පවෙච‍්ඡථ.

වස්ත්‍ර කැමැත්තන්ට වස්ත්‍රද රහසොඬුන්ට මත්පැන් ද බොජුන් කැමැතියන්ට බොජුන් ද මැනවින් දෙවයි කීය.

“මා ච කඤ‍්චි වනිබ‍්බකෙ, හෙට‍්ඨයිත්‍ථ ඉධාගතෙ; තප‍්පෙථ අන‍්නපානෙන, ගච‍්ඡන‍්තු පටිපූජිතා.

මෙහි ආ කිසි දුගියකු පීඩාවට පත් නොකරව්. ආහාරපානයෙන් පිනවවු. මා විසින් පුදන ලදුවැ පෙරළා යෙත්වා.

“අථෙත්‍ථ වත‍්තතී සද‍්දො, තුමුලො භෙරවො මහා; දානෙන තං නීහරන‍්ති, පුන දානං අදා තුවං.

[missing trans]

“තෙ සු මත‍්තා කිලන‍්තාව, සම‍්පතන‍්ති වනිබ‍්බකා; නික‍්ඛමන‍්තෙ මහාරාජෙ, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වර්ධනය කරන රජතුමා නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත්වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් බිම ඇද වැටෙති.

“අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං, නානාඵලධරං දුමං; යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා, පබ‍්බාජෙන‍්ති අදූසකං.

භවත්නි! නිදොස් වෙස්සන්තර රජුව යම්සේ රටින් නෙරපියත්ද ඔව්හු ඒකාන්තයෙන් නොයෙක් පල දරන වෘක්‍ෂයක් සිඳලූය.

“අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං, සබ‍්බකාමදදං දුමං; යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා, පබ‍්බාජෙන‍්ති අදූසකං.

භවත්නි! නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපී යවත් ද ඔහු ඒකාන්තයෙන් හැම කැමැති දේ දෙන වෘක්‍ෂයක් සිඳලූය.

“අච‍්ඡෙච‍්ඡුං වත භො රුක‍්ඛං, සබ‍්බකාමරසාහරං; යථා වෙස‍්සන‍්තරං රට‍්ඨා, පබ‍්බාජෙන‍්ති අදූසකං.

භවත්නි නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපී යත්ද ඔහු ඒකාන්තයෙන් සියලු කැමැති රස එළවන රුකක් සිඳලූය.

“යෙ වුඩ‍්ඪා යෙ ච දහරා, යෙ ච මජ‍්ඣිමපොරිසා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, නික‍්ඛමන‍්තෙ මහාරාජෙ; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවි රට වර්ධනය කරන මහරජ, නික්මෙන කල බාල වූද වෘද්ධ වූද මධ්‍යම වූද යම් පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනා හිසැ අත්බැඳ හැඬූහ.

“අතියක‍්ඛා වස‍්සවරා, ඉත්‍ථාගාරා ච රාජිනො; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, නික‍්ඛමන‍්තෙ මහාරාජෙ; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන මහරජ නික්මැ යන කල භූත විද්‍යාධරයෝ ද බීජෝද්ධරණය කළ අන්තඃපුර පාලකයෝ ද රජුගේ අන්තඃපුරය ද හිසැ අත්බැඳගෙන හැඬූහ.

“ථියොපි තත්‍ථ පක‍්කන්‍දුං, යා තම‍්හි නගරෙ අහු; නික‍්ඛමන‍්තෙ මහාරාජෙ, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන මහරජ නික්මැ යනකල එනුවර යම් ස්ත්‍රීහු වූවහු නම් ඔහුද එහි හැඬූහ.

“යෙ බ්‍රාහ‍්මණා යෙ ච සමණා, අඤ‍්ඤෙ වාපි වනිබ‍්බකා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘අධම‍්මො කිර භො’ ඉති.

බමුණුයැ. මහණයැ. තව ද ගුණ කියන යදියෝයැ යන යම්කෙනෙක් ඇද්ද ඒ හැමදෙන භවත්නි අධර්මයෙකැයි හිසැ අත් බැඳ හැඬූහ.

“යථා වෙස‍්සන‍්තරො රාජා, යජමානො සකෙ පුරෙ; සිවීනං වචනත්‍ථෙන, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

වෙසතුරු රජ යම්සේ සිය නුවර දන්දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සිය රටින් නික්ම යාද,

“සත‍්ත හත්‍ථිසතෙ දත්‍වා, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; සුවණ‍්ණකච‍්ඡෙ මාතඞ‍්ගෙ, හෙමකප‍්පනවාසසෙ;

සව් බරණින් සරසන ලද රන්පොරෝදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහ සිරුරැති අඩයටි අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගි ඇතුන් සත්සීයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජ සියරටින් නික්මැ යයි.

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, තොමරඞ‍්කුසපාණිභි; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

“සත‍්ත අස‍්සසතෙ දත්‍වා, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; ආජානීයෙව ජාතියා, සින්‍ධවෙ සීඝවාහනෙ.

දුනුහී දරණ අසරුවන් නැගි සව්බරණින් සරසන ලද ඉක්මන් ගමන් ඇති සින්දු දේශයේ උපන් ආජානේය අශ්වයන් සත්සියයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජ සිය රටින් නික්මැ යයි.

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, ඉල‍්ලියාචාපධාරිභි; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

“සත‍්ත රථසතෙ දත්‍වා, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙයග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

දුනු හී ඵලක ආයුධ, ගත් අත් ඇති රථාචාරීන් නැඟී දිවිසමින් හා ව්‍යාඝ්‍ර සමින් වටකළ සියළු අලංකාරයෙන් සරහන ලද නගන ලද ධ්වජ ඇති සන්නද්ධ රථ සත්සියයක් දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්මී යයි.

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

“සත‍්ත ඉත්‍ථිසතෙ දත්‍වා, එකමෙකා රථෙ ඨිතා; සන‍්නද‍්ධා නික‍්ඛරජ‍්ජූහි, සුවණ‍්ණෙහි අලඞ‍්කතා.

ස්වර්ණාභරණයෙන් සැරසුණු රන් හවඩියෙන් බඳනා ලද කසාවන් අලංකාර ඇති කසාවන් වස්ත්‍ර ඇති කසාවන් අබරණින් සරසන ලද විශාල ඇස්බැම ඇති මඳ සිනා පෙරදැරි කථා ඇති මනා උකුළු ඇති සිහිනිඟ ඇති සත්සියයක් ස්ත්‍රීන් දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.

“පීතාලඞ‍්කාරා පීතවසනා, පීතාභරණභූසිතා; ආළාරපම‍්හා හසුලා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; එස වෙස‍්සන‍්තරා රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

“සත‍්ත ධෙනුසතෙ දත්‍වා, සබ‍්බා කංසුපධාරණා; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

එක් එක් දෙනාට රිදියෙන් සෑදු කිරි දෝනා බඳුන් සහිතව දෙනුන් සත්සියයක් දන් දී මේ වෙසතුරු රජ සිය රටින් නික්මෙයි.

“සත‍්ත දාසිසතෙ දත්‍වා, සත‍්ත දාසසතානි ච; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

සත්සියයක් දාසීන් ද සත්සියයක් දාසයන්ද දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.

“හත්‍ථී අස‍්සරථෙ දත්‍වා, නාරියො ච අලඞ‍්කතා; එස වෙස‍්සන‍්තරො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජති.

ඇතුන් ද අසුන් ද රිය ද සරසන ලද ස්ත්‍රීන් ද දන් දී මේ වෙසතුරු රජ සිය රටින් නික්ම යයි.

“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; මහාදානෙ පදින‍්නම‍්හි, මෙදනී සම‍්පකම‍්පථ.

මහදන් දුන් කල්හි මහපොළව කම්පා විය. එකලැ බිහිසුණු බවෙක් විය. එකල ලොමුදැහැ ගැන්මෙක් විය.

“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; යං පඤ‍්ජලිකතො රාජා, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජතී”ති.

යම්කලෙක ඇඳිලි බැඳ රජ සියරටින් නික්මැ ගියේද එකලැ බිහිසුණු බවෙක් විය. එකලැ ලොමුදැහැ ගැන්මෙක් විය.

තත්‍ථ සිවිකඤ‍්ඤාති භික‍්ඛවෙ, ඵුස‍්සතියා පරිදෙවිතසද‍්දං සුත්‍වා සබ‍්බාපි සඤ‍්ජයස‍්ස සිවිරඤ‍්ඤො ඉත්‍ථියො සමාගතා හුත්‍වා පක‍්කන්‍දුං පරිදෙවිංසු. වෙස‍්සන‍්තරනිවෙසනෙති තත්‍ථ ඉත්‍ථීනං පක‍්කන්‍දිතසද‍්දං සුත්‍වා වෙස‍්සන‍්තරස‍්සපි නිවෙසනෙ තථෙව පක‍්කන්‍දිත්‍වා ද‍්වීසු රාජකුලෙසු කෙචි සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා වාතවෙගෙන සම‍්පමථිතා සාලා විය පතිත්‍වා පරිවත‍්තන‍්තා පරිදෙවිංසු. තතො රත්‍යා විවසානෙති භික‍්ඛවෙ, තතො තස‍්සා රත‍්තියා අච‍්චයෙන සූරියෙ උග‍්ගතෙ දානවෙය්‍යාවතිකා “දානං පටියාදිත”න‍්ති රඤ‍්ඤො ආරොචයිංසු. අථ වෙස‍්සන‍්තරො රාජා පාතොව න‍්හත්‍වා සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතො සාදුරසභොජනං භුඤ‍්ජිත්‍වා මහාජනපරිවුතො සත‍්තසතකං මහාදානං දාතුං දානග‍්ගං උපාගමි.

එහි සිවිකඤ්ඤා යනු මහණෙනි, ඵුසති දේවියගේ විලාප හඬ අසා සියලුම සංජය සිවිරජුගේ ස්ත්‍රීහු රැස්වී හැඬූහ. වැළපුනහ. වෙස්සන්තර නිවෙසනෙ එහි කාන්තාවන්ගේ හැඩීම් හඬ අසා වෙස්සන්තර නිවෙස්නෙහි එසේම හඬා රජ පවුල් දෙකේම කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාතවේගයෙන් මඩින ලද ශාලාවක් මෙන් වැටී පෙරළී හැඬූහ. නතො රත්‍යා මහණෙනි, ඉක්බිති ඒ රාත්‍රිය ඉක්ම යාමෙන් හිරු උදාවූ කල්හි දානය සංවිධානය කරන්නා දානය සූදානම් යැයි රජුට දැන්වීය. ඉක්බිති වෙසතුරු රජ උදෑසනම නා සියලු අලංකාරයන්ගෙන් සැරසී මහා රසපිරි බොජුන් වළඳා මහජනයා පිරිවරාගෙන සත්තසතික මහාදානය දෙන්නට දන්ශාලාවට පැමිණියේය.

දෙථාති තත්‍ථ ගන‍්ත්‍වා සට‍්ඨිසහස‍්සඅමච‍්චෙ ආණාපෙන‍්තො එවමාහ. වාරුණින‍්ති “මජ‍්ජදානං නාම නිප‍්ඵල”න‍්ති ජානාති, එවං සන‍්තෙපි “සුරාසොණ‍්ඩා දානග‍්ගං පත්‍වා ‘වෙස‍්සන‍්තරස‍්ස දානග‍්ගෙ සුරං න ලභිම‍්හා’ති වත‍්තුං මා ලභන‍්තූ”ති දාපෙසි. වනිබ‍්බකෙති වනිබ‍්බකජනෙසු කඤ‍්චි එකම‍්පි මා විහෙඨයිත්‍ථ. පටිපූජිතාති මයා පූජිතා හුත්‍වා යථා මං ථොමයමානා ගච‍්ඡන‍්ති , තථා තුම‍්හෙ කරොථාති වදති.

දෙථ එහි ගොස් හැටදහසක් ඇමැතියන් අණවන්නේ මෙසේ කීය. චාරුණී මත්පැන් දීම නිෂ්ඵලයැයි දනියි. එසේ ඇති කල්හිත් සුරාසොඬහු දාන ශාලාවට ගොස් දාන ගෙදරදී සුරාව ලැබෙන්නේ නැතැයි කියන්නට ඉඩ නොතබා සුරාව දෙවාපීය. වනිබ්බකෙ දුප්පත් ජනයා අතර කිසිම එක යාචකයකුට හෝ කරදර නොකරන්න. පටිපූජිතා මා විසින් පුදනු ලැබ යම්සේ මට ස්තුති කරත්ද එසේ කරන්නයැයි කියයි.

ඉති සො සුවණ‍්ණාලඞ‍්කාරානං සුවණ‍්ණධජානං හෙමජාලප‍්පටිච‍්ඡන‍්නානං හත්‍ථීනං සත‍්තසතානි ච, තථාරූපානඤ‍්ඤෙව අස‍්සානං සත‍්තසතානි ච, සීහචම‍්මාදීහි පරික‍්ඛිත‍්තානං නානාරතනවිචිත්‍රානං සුවණ‍්ණධජානං රථානං සත‍්තසතානි, සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතානං උත‍්තමරූපධරානං ඛත‍්තියකඤ‍්ඤාදීනං ඉත්‍ථීනං සත‍්තසතානි, සුවිනීතානං සුසික‍්ඛිතානං දාසානං සත‍්තසතානි, තථා දාසීනං සත‍්තසතානි, වරඋසභජෙට‍්ඨකානං කුණ‍්ඩොපදොහිනීනං ධෙනූනං සත‍්තසතානි, අපරිමාණානි පානභොජනානීති සත‍්තසතකං මහාදානං අදාසි. තස‍්මිං එවං දානං දදමානෙ ජෙතුත‍්තරනගරවාසිනො ඛත‍්තියබ්‍රාහ‍්මණවෙස‍්සසුද‍්දාදයො “සාමි, වෙස‍්සන‍්තර සිවිරට‍්ඨවාසිනො තං ‘දානං දෙතී’ති පබ‍්බාජෙන‍්ති, ත්‍වං පුන දානමෙව දෙසී”ති පරිදෙවිංසු. තෙන වුත‍්තං –

මෙසේ ඔහු ස්වරණ අලංකාරයක් ඇති රන්දැලින් ගැවසීගත් ඇතුන් සත්සියයක් එබඳු ලෙසම අශ්වයන් සත්සියයක්ද සිංහ සම් ආදියෙන් ආවරණය වූ නොයෙක් රත්නයන්ගෙන් විසිතුරු කළ ස්වරණ ධජ යෙදූ රථ හත්සියයක් ද සියළු අලංකාරයන්ගෙන් යුක්ත උතුම් රූප සම්පන්න ක්‍ෂත්‍රිය කන්‍යාවන් ඇතුළු කාන්තාවන් සත්සියයක්ද, දෙනුන් සත්සියයක් ද, මනාව හික්මුණු කීකරු දාසීන් සත්සියයක් ද, එසේම දාසයන් සත්සියයක් ද අප්‍රමාණ වූ ආහාරපානාදිය ද සහිත සත්තසතික මහාදානයක් දුන්නේය. එසේ දෙන කල්හි ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන වෙළඳ නගරවැසියෝ වෙස්සන්තර ස්වාමීනි, සිවිරට වැසියෝ ඔබතුමා දන් දෙන්නේ යැයි ඔබව පිටුවහල් කරන්නාහ. ඔබතුමා නැවත දානයම දෙන්නේය විලාප නැගූහ. ඒ නිසා කියා ඇත.

“අථෙත්‍ථ වත‍්තතී සද‍්දො, තුමුලො භෙරවො මහා; දානෙන තං නීහරන‍්ති, පුන දානං අදා තුව”න‍්ති.

ඉක්බිති දන් දීම හේතුවෙන් තොප රටින් නෙරපති. ඒ තොප යළිත් දන් දුන්හ යයි මහත් බිහිසුණු ඝෝෂාවක් කළහ.

දානපටිග‍්ගාහකා පන දානං ගහෙත්‍වා “ඉදානි කිර වෙස‍්සන‍්තරො රාජා අම‍්හෙ අනාථෙ කත්‍වා අරඤ‍්ඤං පවිසිස‍්සති, ඉතො පට‍්ඨාය කස‍්ස සන‍්තිකං ගමිස‍්සාමා”ති ඡින‍්නපාදා විය පතන‍්තා ආවත‍්තන‍්තා පරිවත‍්තන‍්තා මහාසද‍්දෙන පරිදෙවිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

දානය ලබාගත් අය දන් ලබාගෙන දැන් වනාහි වෙස්සන්තර අපව අනාථකර අරණ්‍යයට පිවිසෙන්නේය. මෙතැන් පටන් කවුරුන් සමීපයට යමුදැයි පාසිඳියවුන් මෙන් බිම වැටෙමින් පෙරළෙමින් මහ හඬින් විලාප නැගූහ. මේ කාරණය පවසන්නට,

“තෙ සු මත‍්තා කිලන‍්තාව, සම‍්පතන‍්ති වනිබ‍්බකා; නික‍්ඛමන‍්තෙ මහාරාජෙ, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ”ති.

සිවින්ගේ රට වඩන වෙසතුරු රජ නික්මෙන කලැ ඒ මහා ජනකාය අතුරෙහි ගුණ කියමින් යදින ජනයෝ මත්වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් ඇද වැටෙති. ආදිය කියන ලදී.

තත්‍ථ තෙ සු මත‍්තාති සු-කාරො නිපාතමත‍්තො, තෙ වනිබ‍්බකාති අත්‍ථො. මත‍්තා කිලන‍්තාවාති මත‍්තා විය කිලන‍්තා විය ච හුත්‍වා. සම‍්පතන‍්තීති පරිවත‍්තිත්‍වා භූමියං පතන‍්ති. අච‍්ඡෙච‍්ඡුං වතාති ඡින්‍දිංසු, වතාති නිපාතමත‍්තං. යථාති යෙන කාරණෙන. අතියක‍්ඛාති භූතවිජ‍්ජා ඉක‍්ඛණිකාපි. වස‍්සවරාති උද‍්ධටබීජා ඔරොධපාලකා. වචනත්‍ථෙනාති වචනකාරණෙන. සම‍්හා රට‍්ඨා නිරජ‍්ජතීති අත‍්තනො රට‍්ඨා නිග‍්ගච‍්ඡති. ගාමණීයෙහීති හත්‍ථාචරියෙහි. ආජානීයෙවාති ජාතිසම‍්පන‍්නෙ . ගාමණීයෙහීති අස‍්සාචරියෙහි. ඉල‍්ලියාචාපධාරිභීති ඉල‍්ලියඤ‍්ච චාපඤ‍්ච ධාරෙන‍්තෙහි. දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙති දීපිචම‍්මබ්‍යග‍්ඝචම‍්මපරික‍්ඛිත‍්තෙ. එකමෙකා රථෙ ඨිතාති සො කිර එකමෙකං ඉත්‍ථිරතනං රථෙ ඨපෙත්‍වා අට‍්ඨඅට‍්ඨවණ‍්ණදාසීහි පරිවුතං කත්‍වා අදාසි.

එහි තෙසුමත්තා යන තැන ‘සු’ කාරය නිපාත මාත්‍රයකි. ඒ දුප්පත්තු යන අර්ථයි. මත්තා කිලන්තා වා මත්වූවන් මෙන් ද ක්ලාන්ත වූවන් මෙන්ද වී, සම්පතන්ති පෙරලී බිම වැටෙත්. අචේඡච්ජුංවත සිඳ දැමූහ. යථා යම් කාරණයකින් අතියක්ඛා භූත විද්‍යාඥයෝ, අනාවැකි කියන්නෝ වස්සවරා උදුරන ලද, අණ්ඩ ඇති, අන්තඃපුර පාලකයෝ. වචනත්‍ථෙන වචන හේතුවෙන්. සම්හා රට්ඨා නිරජ්ජති තමන්ගේ රටින් පිටව යයි. ගාමණීයෙහි ඇත්ගොව්වන් විසින්. ආජානියෙ උසස් ජාති සම්පන්න. ගාමණීයෙහි අශ්වාචාරින් විසින් ඉල්ලියා චාපධාරිහී කඩු දුනු දරන්නන් විසින්. දීපෙ අථොපි වෙය්‍යග්ඝෙ දිවියන්ගේ, ව්‍යාඝ්‍රයන්ගේ සම්වලින් වටකරන ලද. එකමෙකා රථෙ ඨිතා ඔහු වනාහි එක් එක් ස්ත්‍රීරත්නයක් රථයේ තබා වර්ණදාසීන් අටදෙනා බැගින් පිරිවරන ලදුව දෙන ලදී.

නික‍්ඛරජ‍්ජූහීති සුවණ‍්ණසුත‍්තමයෙහි පාමඞ‍්ගෙහි. ආළාරපම‍්හාති විසාලක‍්ඛිගණ‍්ඩා. හසුලාති ම‍්හිතපුබ‍්බඞ‍්ගමකථා. සුසඤ‍්ඤාති සුස‍්සොණියො. තනුමජ‍්ඣිමාති කරතලමිව තනුමජ‍්ඣිමභාගා. තදා පන දෙවතායො ජම‍්බුදීපතලෙ රාජූනං “වෙස‍්සන‍්තරො රාජා මහාදානං දෙතී”ති ආරොචයිංසු, තස‍්මා තෙ ඛත‍්තියා දෙවතානුභාවෙනාගන‍්ත්‍වා තා ගණ‍්හිත්‍වා පක‍්කමිංසු. කංසුපධාරණාති ඉධ කංසන‍්ති රජතස‍්ස නාමං, රජතමයෙන ඛීරපටිච‍්ඡනභාජනෙන සද‍්ධිඤ‍්ඤෙව අදාසීති අත්‍ථො. පදින‍්නම‍්හීති දීයමානෙ. සම‍්පකම‍්පථාති දානතෙජෙන කම‍්පිත්‍ථ. යං පඤ‍්ජලිකතොති යං සො වෙස‍්සන‍්තරො රාජා මහාදානං දත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අත‍්තනො දානං නමස‍්සමානො “සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස මෙ ඉදං පච‍්චයො හොතූ”ති පඤ‍්ජලිකතො අහොසි, තදාපි භීසනකමෙව අහොසි, තස‍්මිං ඛණෙ පථවී කම‍්පිත්‍ථාති අත්‍ථො. නිරජ‍්ජතීති එවං කත්‍වා නිග‍්ගච‍්ඡතියෙව, න කොචි නං නිවාරෙතීති අත්‍ථො.

නික්ඛ රජ්ජූහි රන්නූලෙන් ගොතන ලද හවඩිවලින්. අළාරපඛුමා විශාල ඇහිබැම. හසුලා මදසිනා පෙරටු කරගත් කථා. සුසඤ්ඤා මනා උකුළු පෙදෙස් ඇති. කංසූපධාරණා කංසු යනු රිදීයෙන් සාදන ලද කිරිදෝනා බඳුන් සමගම දුන්නේය යන අර්ථයි. පදින්නම්හි දෙනු ලබන කල්හි. සමකම්පථා දානවේගයෙන් කම්පා විය. යං පඤ්ජලීකතො වෙස්සන්තර රජු යම් මහා දානයක් දී ඇඳිලි බැඳගෙන තමන්ගේ දානයට ගෞරව දක්වමින් මාගේ මේ දානය සර්වඥතාඥානය ලැබීම පිණිස හේතුවේවායි වැඳගෙන සිටියේය. එවිටද බිහිසුණු විය. ඒ මොහොතේ පොළව කම්පාවිය යන අර්ථයි. නිරජ්ජති මෙසේ කොට ද නික්ම යයි. කිසිවෙක් ඔහුව නොවළක්වයි යන අර්ථයි. තව ද වනාහි දෙවියෝ සියළු දඹදිව රජුන්ට, වෙස්සන්තර රජු ක්‍ෂත්‍රිය කන්‍යා ආදීන් මහදන් දෙන්නේයයි දන්වා සිටියහ. ඒ නිසා ක්‍ෂත්‍රියයෝ දේවානුභාවයෙන් රථයෙන් අවුත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් ආදී දානය ලබාගෙන පිටත්ව ගියහ. මෙසේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ආදීහු දානය ගෙන ගියහ.

අපිච ඛො තස‍්ස දානං දදන‍්තස‍්සෙව සායං අහොසි. සො අත‍්තනො නිවෙසනමෙව ගන‍්ත්‍වා “මාතාපිතරො වන්‍දිත්‍වා ස‍්වෙ ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අලඞ‍්කතරථෙන මාතාපිතූනං වසනට‍්ඨානං ගතො. මද‍්දීදෙවීපි “අහං සාමිනා සද‍්ධිං ගන‍්ත්‍වා මාතාපිතරො අනුජානාපෙස‍්සාමී”ති තෙනෙව සද‍්ධිං ගතා. මහාසත‍්තො පිතරං වන්‍දිත්‍වා අත‍්තනො ගමනභාවං කථෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

දන් දෙන්නා වූ ඔහුට සවස් විය. හෙතෙම තමන්ගේ වාසස්ථානයට ම ගොස් මව්පියන් වැඳ හෙට යන්නෙමියි සරසන ලද රථයෙන් මව්පියන් වසන තැනට ගියේය. මද්‍රි දේවිය මම ද මොහු සමග ගොස් මව්පියන්ට දන්වන්නෙමියි ඔහු සමග ගියේය. මහාසත්ත්වයෝ පියාට වැඳ තමන් යන ගමන දැන්වීය. ඒ කාරණය පැහැදිලි කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“ආමන‍්තයිත්‍ථ රාජානං, සඤ‍්ජයං ධම‍්මිනං වරං; අවරුද‍්ධසි මං දෙව, වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං.

දැහැමි රජුන් අතරෙහි උතුම් වූ සංජය රජ ඇමැති දේවයිනි, තෙපි මා රටින් නෙරපියව. මම වංකගිරියට යමි.

“යෙ හි කෙචි මහාරාජ, භූතා යෙ ච භවිස‍්සරෙ; අතිත‍්තායෙව කාමෙහි, ගච‍්ඡන‍්ති යමසාධනං.

මහරජතුමනි, යම් කෙනෙක් අතීතයේ වූවාහුද අනාගතයේ වන්නාහුද වර්තමානයේ වෙත්ද ඔවුහු හැමදෙන කාමයෙන් තෘප්ත නොවූවාහුම මරණයට පත්වෙති.

“ස‍්වාහං සකෙ අභිස‍්සසිං, යජමානො සකෙ පුරෙ; සිවීනං වචනත්‍ථෙන, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජහං.

ඒ මම සිය නුවරු දන් දෙන්නෙම්. තමාගේ නුවරවැසියන් පෙළීමි. ඒ මම සිවි රටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි.

“අඝං තං පටිසෙවිස‍්සං, වනෙ වාළමිගාකිණ‍්ණෙ; ඛග‍්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ‍්ඤානි කරොමි; තුම‍්හෙ පඞ‍්කම‍්හි සීදථා”ති.

කඟවෙහෙණුන්, දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විඳිය යුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කරමි. තෙපි කාම නමැති මඩෙහි ගැලෙව.

තත්‍ථ ධම‍්මිනං වරන‍්ති ධම‍්මිකරාජූනං අන‍්තරෙ උත‍්තමං. අවරුද‍්ධසීති රට‍්ඨා නීහරසි. භූතාති අතීතා. භවිස‍්සරෙති යෙ ච අනාගතෙ භවිස‍්සන‍්ති , පච‍්චුප‍්පන‍්නෙ ච නිබ‍්බත‍්තා. යමසාධනන‍්ති යමරඤ‍්ඤො ආණාපවත‍්තිට‍්ඨානං. ස‍්වාහං සකෙ අභිස‍්සසින‍්ති සො අහං අත‍්තනො නගරවාසිනොයෙව පීළෙසිං. කිං කරොන‍්තො? යජමානො සකෙ පුරෙති. පාළියං පන “සො අහ”න‍්ති ලිඛිතං. නිරජ‍්ජහන‍්ති නික‍්ඛන‍්තො අහං. අඝං තන‍්ති යං අරඤ‍්ඤෙ වසන‍්තෙන පටිසෙවිතබ‍්බං දුක‍්ඛං, තං පටිසෙවිස‍්සාමි. පඞ‍්කම‍්හීති තුම‍්හෙ පන කාමපඞ‍්කම‍්හි සීදථාති වදති.

එහි ධම්මීනං වරං යනු ධාර්මික රජවරුන් අතර උතුය. අවරුද්ධසි රටින් බැහැර කරව. භූතා අතීතයේ වූවෝ. භවිස්සරෙ අනාගතයේ වන්නාහ. වර්තමානයේ උපන්නාහු සොහං සකෙ අභිසසිං ඒ මම තමන්ගේ නගරවාසීන්ද පීඩාවට පත්කළෙමි. කුමක් කරන්නේ ද, යජමානො සකෙපුරෙ තමන්ගේ පුරයෙහි ඉල්වමින්, පෙළෙහි වනාහි සොහං කියා ලියා ඇත. නිරජ්ජහං පිටත්ව යන්නා වූ මම. අසංතං අරණ්‍යයෙහි වාසය කරන්නහු විසින් යමක් සේවය කළයුතු ද ඒ සේවනය කළයුතු දුක අත්විඳින්නෙමි. පංකම්හි නුඹලා වනාහි කාම නමැති මඩෙහි ගිලෙව්.

ඉති මහාසත‍්තො ඉමාහි චතූහි ගාථාහි පිතරා සද‍්ධිං කථෙත්‍වා මාතු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං අනුජානාපෙන‍්තො එවමාහ –

මෙසේ මහාසත්ත්වයෝ මේ ගාථා සතරින් පියා සමග කියා මව සමීපයට ගොස් වැඳ පැවිද්ද අනුමත කරවා ගන්නේ මෙසේ කීහ.

“අනුජානාහි මං අම‍්ම, පබ‍්බජ‍්ජා මම රුච‍්චති; ස‍්වාහං සකෙ අභිස‍්සසිං, යජමානො සකෙ පුරෙ; සිවීනං වචනත්‍ථෙන, සම‍්හා රට‍්ඨා නිරජ‍්ජහං.

මෑණියනි, මට පැවිද්දට කැමැත්ත දෙන්න. මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සිය නුවර දන් දෙන්නෙම් සිය නුවරවැසියන් පෙළීමි. ඒ මම සිවිරට වැසියන්ගේ වචන හේතුවෙන් සියරටින් නික්මුනෙමි.

“අඝං තං පටිසෙවිස‍්සං, වනෙ වාළමිගාකිණ‍්ණෙ; ඛග‍්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ‍්ඤානි කරොමි; තුම‍්හෙ පඞ‍්කම‍්හි සීදථා”ති.

කඟවෙහෙණුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විඳිය යුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කරමි. තෙපි කාම පංකයෙහි ගැලෙව.

තං සුත්‍වා ඵුස‍්සතී ආහ –

එය අසා ඵුසතී දේවිය කීවාය.

“අනුජානාමි තං පුත‍්ත, පබ‍්බජ‍්ජා තෙ සමිජ‍්ඣතු; අයඤ‍්ච මද‍්දී කල්‍යාණී, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; අච‍්ඡතං සහ පුත‍්තෙහි, කිං අරඤ‍්ඤෙ කරිස‍්සතී”ති.

පුත, පැවිද්ද අනුදනිමි. තොපගේ පැවිද්ද සමෘද්ධ වේවා. වැළිත් මනා උකුළු ඇති සිහිනිඟ ඇති යහපත් වූ මේ මද්‍රි දේවී දරුවන් හා සමග මෙහිමැ සිටීවා. වෙනෙහි කුමක් කරන්නීද?

තත්‍ථ සමිජ‍්ඣතූති ඣානෙන සමිද‍්ධා හොතු. අච‍්ඡතන‍්ති අච‍්ඡතු, ඉධෙව හොතූති වදති.

එහි සමිජ්ඣතු ධ්‍යානයෙන් සමෘද්ධ වේවා! අච්ඡතං සිටීවා. මෙහිම වේවා යැයි කියයි.

වෙස‍්සන‍්තරො ආහ –

වෙස්සන්තර මෙසේ කීය.

“නාහං අකාමා දාසිම‍්පි, අරඤ‍්ඤං නෙතුමුස‍්සහෙ; සචෙ ඉච‍්ඡති අන්‍වෙතු, සචෙ නිච‍්ඡති අච‍්ඡතූ”ති.

නොකැමැත්තෙන් දාසියක ද වනයට ගෙන යන්නට මම උත්සාහ නොකරමි. ඉදින් ඕ කැමති වූ නම් මා අනුව ඒවා. ඉදින් නොකැමැති වූ නම් සිටීවා.

තත්‍ථ අකාමාති අම‍්ම, කිං නාමෙතං කථෙථ, අහං අනිච‍්ඡාය දාසිම‍්පි නෙතුං න උස‍්සහාමීති.

එහි අකාමා යනු මෑණියනි, මේ කුමක්දැයි කියන්න. මම අකමැත්තෙන් එක් දාසියකද ගෙන යන්නට උත්සාහ නොකරමි.

තතො පුත‍්තස‍්ස කථං සුත්‍වා රාජා සුණ‍්හං යාචිතුං පටිපජ‍්ජි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති පුත්‍රයාගේ කථාව අසා රජු ඔහුගෙන් ඉල්ලා සිටින්ට විය. ඒ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“තතො සුණ‍්හං මහාරාජා, යාචිතුං පටිපජ‍්ජථ; මා චන්‍දනසමාචාරෙ, රජොජල‍්ලං අධාරයි.

ඉක්බිති පිය මහරජ ලේලියගෙන් යදින්නට පටන් ගත්තේය. රත්සඳුන් ආලේප කළ සිරුරෙහි රජස්දැලි නොදරව.

“මා කාසියානි ධාරෙත්‍වා, කුසචීරං අධාරයි; දුක‍්ඛො වාසො අරඤ‍්ඤස‍්මිං, මා හි ත්‍වං ලක‍්ඛණෙ ගමී”ති.

කසීසළු දරා කුස වැහැරි නොදරව. වනයේ වාසය දුකකි. සුන්දර ලක්‍ෂණ ඇත්තීය. තෙපි නොයව.

තත්‍ථ පටිපජ‍්ජථාති භික‍්ඛවෙ, පුත‍්තස‍්ස කථං සුත්‍වා රාජා සුණ‍්හං යාචිතුං පටිපජ‍්ජි. චන්‍දනසමාචාරෙති ලොහිතචන්‍දනෙන පරිකිණ‍්ණසරීරෙ. මා හි ත්‍වං ලක‍්ඛණෙ ගමීති සුභලක‍්ඛණෙන සමන‍්නාගතෙ මා ත්‍වං අරඤ‍්ඤං ගමීති.

එහි පටිපජ්ජෙථ මහණෙනි, පුත්‍රයාගේ කථාව අසා රජු ලේලියගෙන් ඉල්ලා සිටින්නට විය. චන්‍දන සමාචාරෙ රත්සඳුනෙන් වැකුණු සිරුරේ මාහිත්‍වං ලක්ඛණෙ ගමි සුභ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ නුඹ අරණ්‍යයට නොයන්න.

“තමබ්‍රවි රාජපුත‍්තී, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා; නාහං තං සුඛමිච‍්ඡෙය්‍යං, යං මෙ වෙස‍්සන‍්තරං විනා”ති.

සියළු අඟපසඟින් හෙබි මද්‍රි රාජ දුහිතෘ තොමෝ රජහට මෙසේ කිවූ. වෙස්සන්තර රජුගෙන් වෙන්වැ මට යම් සුවයක් ලැබේනම් මම ඒ සුව නොකැමැත්තෙමි.

තත්‍ථ තමබ්‍රවීති තං සසුරං අබ්‍රවි.

එහි තමබ්‍රවී යනු මාමණ්ඩියට කීය.

“තමබ්‍රවි මහාරාජා, සිවීනං රට‍්ඨවඩ‍්ඪනො; ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි, වනෙ යෙ හොන‍්ති දුස‍්සහා.

සිවීන්ගේ රට වඩනා මහරජ ඇයට මෙසේ කීය. එම්බා මද්‍රි දේවීනි, වනයෙහි නොඉවසිය හැකි යම්බඳු දුඃඛයෝ වෙත් ද ඒ දුක් අසව.

“බහූ කීටා පටඞ‍්ගා ච, මකසා මධුමක‍්ඛිකා; තෙපි තං තත්‍ථ හිං සෙය්‍යුං, තං තෙ දුක‍්ඛතරං සියා.

එහි කුඩා ප්‍රාණීහුය. පළඟැටියෝය. මදුරුවෝය. මීමැස්සෝය යන මොහු බොහෝ වෙත්. ඔහු ද එහිදී තොපට හිංසා කරන්නාහුය. එය තොපට අතිශයින් දුක් වන්නේය.

“අපරෙ පස‍්ස සන‍්තාපෙ, නදීනුපනිසෙවිතෙ; සප‍්පා අජගරා නාම, අවිසා තෙ මහබ‍්බලා.

ගංඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන අනෙක් සත්ත්ව කෙනෙකුන් බලව. විෂ නැති පිඹුරු නමැති සර්ප කෙනෙක් ඇත. ඔවුහු මහත් බල ඇත්තාහ.

“තෙ මනුස‍්සං මිගං වාපි, අපි මාසන‍්නමාගතං; පරික‍්ඛිපිත්‍වා භොගෙහි, වසමානෙන‍්ති අත‍්තනො.

ඔවුහු තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැලින් වෙළා තම වසයට ගනිති.

“අඤ‍්ඤෙපි කණ‍්හජටිනො, අච‍්ඡා නාම අඝම‍්මිගා; න තෙහි පුරිසො දිට‍්ඨො, රුක‍්ඛමාරුය‍්හ මුච‍්චති.

හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නා ලද පුරුෂයා ගසට නැග නොමිදෙයි.

“සඞ‍්ඝට‍්ටයන‍්තා සිඞ‍්ගානි, තික‍්ඛග‍්ගාතිප‍්පහාරිනො; මහිංසා විචරන‍්තෙත්‍ථ, නදිං සොතුම‍්බරං පති.

මෙහි සෝතුම්බර ගංතෙරෙහි තියුණු අග ඇති අං ගටමින් පහරදෙන කුළුමීමෝ හැසිරෙති.

“දිස‍්වා මිගානං යූථානං, ගවං සඤ‍්චරතං වනෙ; ධෙනුව වච‍්ඡගිද‍්ධාව, කථං මද‍්දි කරිස‍්සසි.

වනයෙහි හැසිරෙන මුවරැළ ගවරැළ දැක වසා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් මද්‍රි කුමක් කරන්නීද?

“දිස‍්වා සම‍්පතිතෙ ඝොරෙ, දුමග‍්ගෙසු ප‍්ලවඞ‍්ගමෙ; අඛෙත‍්තඤ‍්ඤාය තෙ මද‍්දි, භවිස‍්සතෙ මහබ‍්භයං.

මද්‍රි දේවීනි, රුක්මත පනින විරූප වූ වඳුරන් දැක වනමග නොදන්නා තොපට මහත් භයක් වන්නේයැ.

“යා ත්‍වං සිවාය සුත්‍වාන, මුහුං උත‍්තසයී පුරෙ; සා ත්‍වං වඞ‍්කමනුප‍්පත‍්තා, කථං මද‍්දි කරිස‍්සසි.

යම්බඳු තෙපි පෙර සිවල්දෙනකගේ හඬ අසා පුන පුනා තැති ගත්තේය. ඒ තෙපි වංකගිරියට පැමිණියහු කුමක් කරන්නහුද?

“ඨිතෙ මජ‍්ඣන‍්හිකෙ කාලෙ, සන‍්නිසින‍්නෙසු පක‍්ඛිසු; සණතෙව බ්‍රහාරඤ‍්ඤං, තත්‍ථ කිං ගන‍්තුමිච‍්ඡසී”ති.

මධ්‍යාහ්න වේලෙහි පක්‍ෂීන් නිහඬවැ සිටි කල්හි මහවනය නාද කරන්නාක් වැන්න. එහි කුමට යනු කැමැත්තවුද?

තත්‍ථ තමබ්‍රවීති තං සුණ‍්හං අබ්‍රවි. අපරෙ පස‍්ස සන‍්තාපෙති අඤ‍්ඤෙපි සන‍්තාපෙ භයජනකෙ පෙක‍්ඛ. නදීනුපනිසෙවිතෙති නදීනං උපනිසෙවිතෙ ආසන‍්නට‍්ඨානෙ, නදීකූලෙ වසන‍්තෙති අත්‍ථො. අවිසාති නිබ‍්බිසා. අපි මාසන‍්නන‍්ති ආසන‍්නං අත‍්තනො සරීරසම‍්ඵස‍්සං ආගතන‍්ති අත්‍ථො. අඝම‍්මිගාති අඝකරා මිගා, දුක‍්ඛාවහා මිගාති අත්‍ථො. නදිං සොතුම‍්බරං පතීති සොතුම‍්බරාය නාම නදියා තීරෙ. යූථානන‍්ති යූථානි, අයමෙව වා පාඨො. ධෙනුව වච‍්ඡගිද‍්ධාවාති තව දාරකෙ අපස‍්සන‍්තී වච‍්ඡගිද‍්ධා ධෙනු විය කථං කරිස‍්සසි. ව-කාරො පනෙත්‍ථ නිපාතමත‍්තොව. සම‍්පතිතෙති සම‍්පතන‍්තෙ. ඝොරෙති භීසනකෙ විරූපෙ. ප‍්ලවඞ‍්ගමෙති මක‍්කටෙ. අඛෙත‍්තඤ‍්ඤායාති අරඤ‍්ඤභූමිඅකුසලතාය. භවිස‍්සතෙති භවිස‍්සති. සිවාය සුත්‍වානාති සිඞ‍්ගාලියා සද‍්දං සුත්‍වා. මුහුන‍්ති පුනප‍්පුනං. උත‍්තසයීති උත‍්තසසි. සණතෙවාති නදති විය සණන‍්තං විය භවිස‍්සති.

එහි තමබ්‍රවී ඒ ලේලියට කීවේය. අපරෙ පස්ස සන්තාපෙ අන්‍ය වූ පසුතැවිලි බලන්න. නදීනුපනිසෙවිතෙ ගංගා ඇසුරුකළ, සමීපයේ ගංඉවුරේ වාසය කරත් යන අර්ථයි. අවිසා යනු විෂ නැති. අපිමාසන්න සමීපයේ තමාගේ ශරීර ස්පර්ශයට පත් යන අර්ථයි. නදිං සොතුම්බරං පති සෝතුම්බර නම් ගඟ අසබඩ. යූථාතං සමූහ. අයමෙව කියාද පාඨයක් ඇත. ධෙනූච වච්ඡගිද්ධා වා නුඹගේ දරුවන් නොදකින්නී වසුපැටියාට ආදරය කරන දෙන මෙන් කෙසේ කරන්නෙහිද? මෙහි ‘ච’ කාරය වනාහි නිපාත මාත්‍රයකි. සම්පතීතෙ වැටුණු. ඝොරෙ විරූප වූ. පලවංගමෙ වඳුරන්. අඛෙත්තඤ්ඤාය වනයෙහි සිටීමට අසමත්. භවිතන්තෙ ඔබට වන්නේය. සිවාය සුත්‍වාන හිවල්දෙනගේ හඬ අසා. මුහුං නගරයේ වාසය කරන්නේ නමුත් නැවත නැවත තැති ගැන්මට පත්වන්නෙහි. සනතෙවා නාදකරයි. ශබ්ද කරන්නාක් මෙන් වන්නේය.

“තමබ්‍රවි රාජපුත‍්තී, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා; යානි එතානි අක‍්ඛාසි, වනෙ පටිභයානි මෙ; සබ‍්බානි අභිසම‍්භොස‍්සං, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

සර්වාංග ශෝභන වූ මද්‍රිරාජ පුත්‍රිය, ඒ රජහට මෙසේ කීය. වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහිද ඒ හැම ඉවසන්නෙමු. උතුමාණෙනි, යන්නෙමු.

“කාසං කුසං පොටකිලං, උසිරං මුඤ‍්චපබ‍්බජං; උරසා පනුදහිස‍්සාමි, නස‍්ස හෙස‍්සාමි දුන‍්නයා.

කාශතෘණය, කෘශතෘණය, පෝටකීල තෘණය සැවැන්දරයා. මෘදු තෘණය. බබුස් තෘණය යන මේවා උරයෙන් දෙපසට කර බැහැර කරන්නෙමු. මේ වෙසතුරු රජු විසින් දුකසේ ගෙනයන්නක් නොවන්නමු.

“බහූහි වත චරියාහි, කුමාරී වින්‍දතෙ පතිං; උදරස‍්සුපරොධෙන, ගොහනුවෙඨනෙන ච.

කුමාරි තොමෝ බොහෝ ව්‍රත චර්යාවන්ගෙන් ස්වාමියකු ලබා ගනී. උපවාසයෙන්ද, ගව හනුයෙන් උකුළු තලය තැළීමෙන් ද, උදරය වෙළීමෙන්ද, ගිනි පිදීමෙන්ද, දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. ලොව වැන්දඹු බව අමිහිරිය. හිමියා සමග යන්නෙමු.

“අග‍්ගිස‍්ස පාරිචරියාය, උදකුම‍්මුජ‍්ජනෙන ච; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

“අපිස‍්සා හොති අප‍්පත‍්තො, උච‍්ඡිට‍්ඨමපි භුඤ‍්ජිතුං; යො නං හත්‍ථෙ ගහෙත්‍වාන, අකාමං පරිකඩ‍්ඪති; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

යම් නීච ජාතිකයෙක් ඒ වැන්දඹුව නොකැමැත්තෙන් අතගෙන අදනේ වේද හෝ ඇයගේ ඉඳුල් බුදිනට පවා නොලබනුයේ වෙයි. ඔසවා බිම හෙළා පයින් කෙස්මැඩ අවමන් කරයි. අනල්ප වූ බොහෝ දුක් දී ද ඉවත්වැ නොයයි. මහරජුනි, ලොවැ වැන්දඹු බව කටුකයැ. එහෙයින් ඒකාන්තයෙන් යන්නෙමු.

“කෙසග‍්ගහණමුක‍්ඛෙපා, භූම්‍යා ච පරිසුම‍්භනා; දත්‍වා ච නො පක‍්කමති, බහුං දුක‍්ඛං අනප‍්පකං; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

“සුක‍්කච‍්ඡවී වෙධවෙරා, දත්‍වා සුභගමානිනො; අකාමං පරිකඩ‍්ඪන‍්ති, උලූකඤ‍්ඤෙව වායසා; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

සුදු සමක් ඇති නිසා සුන්දරයැයි කළ මාන ඇති වැන්දඹුවන් සොයන්නෝ අල්පමාත්‍ර ධනයක් දී කවුඩුවෝ මහ මුහුණකු අදින්නාක් මෙන් නොකැමැත්තෙන් ඇද ගනිති. මහරජතුමනි, ලොව වැන්දඹු බව කටුකය. එහෙයින් යන්නෙමු මැයි.

“අපි ඤාතිකුලෙ ඵීතෙ, කංසපජ‍්ජොතනෙ වසං; නෙවාතිවාක්‍යං න ලභෙ, භාතූහි සඛිනීහිපි; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

රන්කැලුමෙන් බබලන, ආඪ්‍ය වූ ඤාතිකුලයේ වසන්නී නමුදු සොහොයුරන් යෙහෙළියන් කෙරෙන් නින්දාවක් නො ලබන්නී නොවෙමි. මහරජතුමනි, ලොවැ වැන්දඹු බව කටුකය. එහෙයින් යන්නෙමුයැ.

“නග‍්ගා නදී අනුදකා, නග‍්ගං රට‍්ඨං අරාජකං; ඉත්‍ථීපි විධවා නග‍්ගා, යස‍්සාපි දස භාතරො; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

දිය නැති ගඟ නග්නයැ. රජ නැති රට නග්නයැ. යම් ස්ත්‍රියකට දසබෑ කෙනෙක් ඇත්තාහු නමුදු වැන්දඹු ස්ත්‍රියද නග්නයැ. මහරජතුමනි, ලොවැ වැන්දඹු බව කටුකයැ. එහෙයින් යන්නමු මැයි.

“ධජො රථස‍්ස පඤ‍්ඤාණං, ධූමො පඤ‍්ඤාණමග‍්ගිනො; රාජා රට‍්ඨස‍්ස පඤ‍්ඤාණං, භත‍්තා පඤ‍්ඤාණමිත්‍ථියා; වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

ධ්වජය රථයට සලකුණය. ධුමය ගින්නට සළකුණයැ. රජ රටට සළකුණයැ. ස්වාමියා ස්ත්‍රියට සළකුණයැ. මහරජුනි, වැන්දඹු බව ලොව කටුකය. එහෙයින් යන්නෙමු මැයි.

“යා දලිද‍්දී දලිද‍්දස‍්ස, අඩ‍්ඪා අඩ‍්ඪස‍්ස කිත‍්තිමා; තං වෙ දෙවා පසංසන‍්ති, දුක‍්කරඤ‍්හි කරොති සා.

යම් කීර්තිමත් ස්ත්‍රියක් දිළිඳු හිමි හට දිළිඳුවැ පොහොසත් හිමිහට පොහොසත්වැ කල්ගෙවා ද දෙවියෝ ඒකාන්තයෙන් ඇය පසසති. යම්හෙයකින් ඕ දුෂ්කරයක් කෙරේද එහෙයිනි.

“සාමිකං අනුබන්‍ධිස‍්සං, සදා කාසායවාසිනී; පථබ්‍යාපි අභිජ‍්ජන‍්ත්‍යා, වෙධබ්‍යං කටුකිත්‍ථියා.

සැමකල්හි කසාවත් දරමින් හිමියා පසුපස යන්නෙමු. නොබෙදූ පොළවෙහි ඉසුරු බවද වෙසතුරු රජහැර නොයමු. මහරජුනි, ලෝකයෙහි වැන්දඹු බව කටුකය. එහෙයින් යන්නෙමු.

“අපි සාගරපරියන‍්තං, බහුවිත‍්තධරං මහිං; නානාරතනපරිපූරං, නිච‍්ඡෙ වෙස‍්සන‍්තරං විනා.

බොහෝ සම්පත් දරණ නොයෙක් රුවනින් පිරිපුන් මහසයුර හිම්කොට ඇති මහපොළව පවා වෙසතුරු රජ හැර නොකැමැත්තෙමු.

“කථං නු තාසං හදයං, සුඛරා වත ඉත්‍ථියො; යා සාමිකෙ දුක‍්ඛිතම‍්හි, සුඛමිච‍්ඡන‍්ති අත‍්තනො.

යම් ස්ත්‍රියක් හිමියා දුක්පත් කල්හි තමාට සුව කැමති වෙත්නම් ඔවුන්ගේ හදවත කෙබඳුයැ. එවන් ස්ත්‍රීහු අතිශයින් කෘෘර වෙත්.

“නික‍්ඛමන‍්තෙ මහාරාජෙ, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ; තමහං අනුබන්‍ධිස‍්සං, සබ‍්බකාමදදො හි මෙ”ති.

සිවින්ගේ රට වඩන මහරජ, නික්ම යන කල්හි මම ඔහු පසුපස්සෙන් යමි. හේ මට සියලු කැමති සැපත් දෙනුයේමයි.

තත්‍ථ තමබ්‍රවීති භික‍්ඛවෙ, මද‍්දී රඤ‍්ඤො වචනං සුත්‍වා තං රාජානං අබ්‍රවි. අභිසම‍්භොස‍්සන‍්ති සහිස‍්සාමි අධිවාසෙස‍්සාමි. පොටකිලන‍්ති පොටකිලතිණං. පනුදහිස‍්සාමීති ද‍්වෙධා කත්‍වා වෙස‍්සන‍්තරස‍්ස පුරතො ගමිස‍්සාමි. උදරස‍්සුපරොධෙනාති උපවාසෙන ඛුදාධිවාසෙන. ගොහනුවෙඨනෙන චාති විසාලකටියො ඔනතපස‍්සා ච ඉත්‍ථියො සාමිකං ලභන‍්තීති කත්‍වා ගොහනුනා කටිඵලකං කොට‍්ටාපෙත්‍වා වෙඨනෙන ච පස‍්සානි ඔනාමෙත්‍වා කුමාරිකා පතිං ලභති. කටුකන‍්ති අසාතං. ගච‍්ඡඤ‍්ඤෙවාති ගමිස‍්සාමියෙව.

එහි තමබ්‍රවී යනු මහණෙනි, මද්‍රිදේවිය රජුගේ වචනය අසා රජුට කීය. අභිසම්හොස්සං ඉවසමි. අධිවාසනය කරමි. පොටකිලං පෝටකිල තෘණය. පදනු හෙස්සාමි. දෙපලු කොට පෙරටුව යමි. උදරස්සුපරොධෙන උපවාසයෙන්. ගොහනුබ්බෙඨනෙන විශාල වූ උකුළු පෙදෙස් ඇති පහතට නැමුණු ස්ත්‍රීහු ස්වාමියකු ලබත් යැයි කොට ගව හක්කෙන් උකුළු පෙදෙස කොටවා, වෙලීමෙන් ද කුමාරිකාවෝ හිමියකු ලබත්. කටුක, දුක් සහිත. ගච්ජඤ්ඤෙවා යන්නෙම්මය.

අපිස‍්සා හොති අප‍්පත‍්තොති තස‍්සා විධවාය උච‍්ඡිට‍්ඨකම‍්පි භුඤ‍්ජිතුං අනනුච‍්ඡවිකොව. යො නන‍්ති යො නීචජච‍්චො තං විධවං අනිච‍්ඡමානඤ‍්ඤෙව හත්‍ථෙ ගහෙත්‍වා කඩ‍්ඪති. කෙසග‍්ගහණමුක‍්ඛෙපා, භූම්‍යා ච පරිසුම‍්භනාති අසාමිකං ඉත්‍ථිං හත්‍ථපාදෙහි කෙසග‍්ගහණං, උක‍්ඛෙපා, භූමියං පාතනන‍්ති එතානි අවමඤ‍්ඤනානි කත්‍වා අතික‍්කමන‍්ති. දත්‍වා චාති අසාමිකාය ඉත්‍ථියා එවරූපං බහුං අනප‍්පකං දුක‍්ඛං පරපුරිසො දත්‍වා ච නො පක‍්කමති නිරාසඞ‍්කො ඔලොකෙන‍්තොව තිට‍්ඨති.

අප්පත්තො ඒ වැන්දඹුවගේ ඉඳුල් හෝ අනුභව කරන්නට සුදුසු නොවෙයි. යොතං යම් ඒ පහත් ජන්ම ඇත්තා ඒ වැන්දඹුව අකමැත්තෙන් ම අතින් අල්ලා අදියි. කෙසග්ගහණ මුක්ඛො පා භූම්‍යා ච පරිසුම්භනා අස්වාමික ස්ත්‍රියක් පාදයෙන් හෝ කෙස්රොදින් අල්ලා හෝ බිම හෙලන්නේද මේ අවමානය නොඉක්මවත්. දත්‍වා ච අස්වාමික ස්ත්‍රියට මෙබඳු වූ බොහෝ දුක් වෙනත් පුරුෂයෙක් දී ඉක්ම නොයයි ද ආශා නැතිව බලාසිටින්නේම වෙයි ද

සුක‍්කච‍්ඡවීති න‍්හානීයචුණ‍්ණෙන උට‍්ඨාපිතච‍්ඡවිවණ‍්ණා. වෙධවෙරාති විධවිත්‍ථිකාමා පුරිසා. දත්‍වාති කිඤ‍්චිදෙව අප‍්පමත‍්තකං ධනං දත්‍වා. සුභගමානිනොති මයං සුභගාති මඤ‍්ඤමානා. අකාමන‍්ති තං විධවං අසාමිකං අකාමං. උලූකඤ‍්ඤෙව වායසාති කාකා වියඋලූකං පරිකඩ‍්ඪන‍්ති. කංසපජ‍්ජොතනෙති සුවණ‍්ණභාජනාභාය පජ‍්ජොතන‍්තෙ. වසන‍්ති එවරූපෙපි ඤාතිකුලෙ වසමානා. නෙවාතිවාක්‍යං න ලභෙති “අයං ඉත්‍ථී නිස‍්සාමිකා, යාවජීවං අම‍්හාකඤ‍්ඤෙව භාරො ජාතො”තිආදීනි වචනානි වදන‍්තෙහි භාතූහිපි සඛිනීහිපි අතිවාක්‍යං ගරහවචනං නෙව න ලභති. පඤ‍්ඤාණන‍්ති පාකටභාවකාරණං.

සුක්කච්ඡවී ස්නානය කිරීමෙන් ආලේප කරන සුණුවලින් වඩන ලද සමෙහි වර්ණ ඇති. වෙධවෙරා වැන්දඹු කාන්තාව. දත්‍වා කිසියම් සුළු මුදලක් දී. සුභගමානිනො අපි වාසනාවන්තයෝ යැයි සිතන්නාහු. අකාමං ඒ වැන්දඹුව බකමුහුණකුව කවුඩකු විසින් මෙන් අදිත්. කංසපජ්ජොතනෙ රන්පැහැයෙන් බබලන්නේ. වසන්ති මෙබඳු වූ ද නෑදෑ කුලයෙහි වසමින් නෙවාති වාක්‍යං නලභෙ යනු මේ වැන්දඹුව දිවි ඇතිතෙක් අපට බරක්ය ආදී වචන කියන්නා වූ සහෝදරයන්ගෙන් ද යෙහෙළියන්ගෙන් ද නින්දා සහගත වචන කවදාවත් නොලබන්නේ නොවේ. ලබන්නේමය. පඤ්ඤාණං ප්‍රකටවීමට හේතුව.

යා දලිද‍්දී දලිද‍්දස‍්සාති දෙව, කිත‍්තිසම‍්පන‍්නා යා ඉත්‍ථී අත‍්තනො සාමිකස‍්ස දලිද‍්දස‍්ස දුක‍්ඛප‍්පත‍්තකාලෙ සයම‍්පි දලිද‍්දී සමානා දුක‍්ඛාව හොති, තස‍්ස අඩ‍්ඪකාලෙ තෙනෙව සද‍්ධිං අඩ‍්ඪා සුඛප‍්පත‍්තා හොති, තං වෙ දෙවා පසංසන‍්ති. අභිජ‍්ජන‍්ත්‍යාති අභිජ‍්ජන‍්තියා. සචෙපි හි ඉත්‍ථියා සකලපථවී න භිජ‍්ජති, තාය සකලාය පථවියා සාව ඉස‍්සරා හොති, තථාපි වෙධබ්‍යං කටුකමෙවාති අත්‍ථො. සුඛරා වත ඉත්‍ථියොති සුට‍්ඨු ඛරා වත ඉත්‍ථියො.

යා දළිද්දී දේවියනි, යම් කීර්තිමත් ස්ත්‍රියක් තමන්ගේ දුප්පත් සැමියා දුකට පත් කල්හි තමාද දිළිඳුව සමාන දුක්වේදනා ඇත්තී වෙයි. ඔහුට ලැබෙන කල්හි ඔහු සමග ඒකාන්තයෙන් සැපවත් බවට පත්වන්නීය. දෙවියෝ ඔහුට පසසත්. අභෙජ්ජන්ත්‍යා නොබෙදන්නිය විසින්. එසේම වනාහි මුළු පෘථුවිය නොබෙදේ ද, සියලු මහපොළවෙහි ඇය ඉසුරුමත් තැනැත්තිය වන්ද එසේ වුවත් වැන්දඹු බව කටුකමය යන අර්ථයි. සුඛරාවත ඉත්‍ථියො ස්ත්‍රීහු වනාහි අතිශයින් කෘෘරය.

“තමබ්‍රවි මහාරාජා, මද‍්දිං සබ‍්බඞ‍්ගසොභනං; ඉමෙ තෙ දහරා පුත‍්තා, ජාලී කණ‍්හාජිනා චුභො; නික‍්ඛිප‍්ප ලක‍්ඛණෙ ගච‍්ඡ, මයං තෙ පොසයාමසෙ”ති.

සඳමහරජ, සර්වාංගශෝභන වූ ඒ මද්‍රිදේවියට මෙසේ කීය. තොපගේ මේ ජාලිය කෘෂ්ණජිනා යන දෙදෙන ළදරුය. ඔවුන් මෙහි තබා යන්න. අපි ඔවුන් රැකබලා ගනිමු.

තත්‍ථ ජාලී කණ‍්හාජිනා චුභොති ජාලී ච කණ‍්හාජිනා චාති උභො. නික‍්ඛිප‍්පාති ඉමෙ නික‍්ඛිපිත්‍වා ගච‍්ඡාහීති.

එහි ජාලිකණ්හාජිනාදුභො ජාලිය, කෘෂ්ණජිනා යන දෙදෙනා මෙහි තබා යන්න.

“තමබ්‍රවි රාජපුත‍්තී, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා; පියා මෙ පුත‍්තකා දෙව, ජාලී කණ‍්හාජිනා චුභො; ත්‍යම‍්හං තත්‍ථ රමෙස‍්සන‍්ති, අරඤ‍්ඤෙ ජීවසොකින”න‍්ති.

සර්වාංගශෝභන වූ මද්‍රි දේවිය ඒ රජහට මෙසේ කීය. දේවයිනි, මේ ජාලිය, කෘෂ්ණජිනා යන දෙදරු සිඟිත්තෝ මට ප්‍රියයෝය. ඔහු ඒ අරණ්‍යයෙහිදී පහනොවන ශෝක ඇති අප සිත් අලවන්නාහ.

තත්‍ථ ත්‍යම‍්හන‍්ති තෙ දාරකා අම‍්හාකං තත්‍ථ අරඤ‍්ඤෙ. ජීවසොකිනන‍්ති අවිගතසොකානං හදයං රමයිස‍්සන‍්තීති අත්‍ථො.

එහි ත්‍යම්හං ඒ දරුවෝ, අපේ, ඒ අරණෙහි. ජීවසොකිනං පහ නොවූ ශෝක ඇති අපගේ හෘදය සතුටු කරන්නාහ.

“තමබ්‍රවි මහාරාජා, සිවීනං රට‍්ඨවඩ‍්ඪනො; සාලීනං ඔදනං භුත්‍වා, සුචිං මංසූපසෙචනං; රුක‍්ඛඵලානි භුඤ‍්ජන‍්තා, කථං කාහන‍්ති දාරකා.

සිවිරට වඩන සඳමහරජු ඇයට මෙන්සේ කීය. රසමසවුලෙන් යුතු පිරිසිදු ඇල්සහලේ බත් වළඳා පුරුදු දරුවෝ වනයේ පලවැළ වැළඳීම කෙසේ කරන්නහුද?

“භුත්‍වා සතපලෙ කංසෙ, සොවණ‍්ණෙ සතරාජිකෙ; රුක‍්ඛපත‍්තෙසු භුඤ‍්ජන‍්තා, කථං කාහන‍්ති දාරකා.

සියක් පලමින්කළ සියක් හිරි ඇඳි රන්තලියෙහි වළඳා පුරුදු දරුවෝ වෘක්‍ෂ පත්‍රයන්හි වැළඳීම කෙසේ කරන්නහුද?

“කාසියානි ච ධාරෙත්‍වා, ඛොමකොටුම‍්බරානි ච; කුසචීරානි ධාරෙන‍්තා, කථං කාහන‍්ති දාරකා.

කසීසළු කොමුපිළි කෝදුම්බර පිළි දරා පුරුදු දරුවෝ කුස වැහැරි දරනු කෙසේ කරන්නාහුද?

“වය‍්හාහි පරියායිත්‍වා, සිවිකාය රථෙන ච; පත‍්තිකා පරිධාවන‍්තා, කථං කාහන‍්ති දාරකා.

හිදොළුයෙන්ද සිවිකායෙන්ද රියෙන්ද සිසාරා ඇවිද පුරුදු දරුවෝ [missing trans] රුක්මුල්හි නිදනු කෙසේ කරන්නහුද?

“කූටාගාරෙ සයිත්‍වාන, නිවාතෙ ඵුසිතග‍්ගළෙ; සයන‍්තා රුක‍්ඛමූලස‍්මිං, කථං කාහන‍්ති දාරකා.

“පල‍්ලඞ‍්කෙසු සයිත්‍වාන, ගොනකෙ චිත‍්තසන්‍ථතෙ; සයන‍්තා තිණසන්‍ථාරෙ, කථං කාහන‍්ති දාරකා.

යහන්හි දික්ලොම් ඇති කළුකොඳු පලස්හි විසිතුරු ඇතිරියෙහි නිදා පුරුදු දරුවෝ තණ ඇතිරියෙහි නිදනු කෙසේ කරන්නහුද?

“ගන්‍ධකෙන විලිම‍්පිත්‍වා, අගරුචන්‍දනෙන ච; රජොජල‍්ලානි ධාරෙන‍්තා, කථං කාහන‍්ති දාරකා.

අගිල්, සඳුන් සුවඳ සුණුයෙන් විලෙවුන් කොට පුරුදු දරුවෝ රජස්දැලි දරනු කෙසේ කරන්නහුද?

“චාමරමොරහත්‍ථෙහි, බීජිතඞ‍්ගා සුඛෙධිතා; ඵුට‍්ඨා ඩංසෙහි මකසෙහි, කථං කාහන‍්ති දාරකා”ති.

සුවසේ වැඩුණු සෙමෙරවලින් මොනරපිළින් පවන් සලන ලද අගපසඟ ඇති දරුවෝ මැසිමදුරුවන් විසින් දෂ්ට කරන ලද්දාහු කුමක් කරන්නහුද?

තත්‍ථ පලසතෙ කංසෙති පලසතෙන කතාය කඤ‍්චනපාතියා. ගොනකෙ චිත‍්තසන්‍ථතෙති මහාපිට‍්ඨියං කාළකොජවෙ චෙව විචිත‍්තකෙ සන්‍ථරෙ ච. චාමරමොරහත්‍ථෙහීති චාමරෙහි චෙව මොරහත්‍ථෙහි ච බීජිතඞ‍්ගා.

එහි කංසෙ සියක් පලමින් කරන ලද රන් පාත්‍රයෙන්. ගොණකෙ මිත්ත සන්‍ථතෙ කළුකොඳ පලස්වලින් විසිතුරු වූ ඇතිරිවල ද, චමරී මොරහත්‍ථෙහි සෙමෙරවලින් ද මොණර පිළින් ද පවන්සලන ලද අඟපසඟ ඇති.

එවං තෙසං සල‍්ලපන‍්තානඤ‍්ඤෙව රත‍්ති විභායි, සූරියො උග‍්ගඤ‍්ඡි. මහාසත‍්තස‍්ස චතුසින්‍ධවයුත‍්තං අලඞ‍්කතරථං ආනෙත්‍වා රාජද‍්වාරෙ ඨපයිංසු. මද‍්දීපි සස‍්සුසසුරෙ වන්‍දිත්‍වා සෙසිත්‍ථියො අපලොකෙත්‍වා ද‍්වෙ පුත‍්තෙ ආදාය වෙස‍්සන‍්තරතො පඨමතරං ගන‍්ත්‍වා රථෙ අට‍්ඨාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ ද ඔවුන් කථාබහ කරද්දී රාත්‍රිය ගතවිය. රාත්‍රිය පහවීමෙන් හිරු උදාවිය. මහාසත්ත්වයන්ගේ සෛන්ධවයන් සතරදෙනා යොදන ලද අලංකාර කරන ලද රථය ගෙනවුත් රජගෙදර දොරටුව ළඟ තැබුවාහ. මද්‍රි දේවිය නැන්දාට හා මාමාට වැඳ සෙසු කාන්තාවන් විචාරා සමුගෙන දරුවන් දෙදෙනා රැගෙන වෙස්සන්තරට පළමු ගොස් රථයෙහි හිඳගත්තාය. ඒ බව දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“තමබ්‍රවි රාජපුත‍්තී, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා; මා දෙව පරිදෙවෙසි, මා ච ත්‍වං විමනො අහු; යථා මයං භවිස‍්සාම, තථා හෙස‍්සන‍්ති දාරකා.

සර්වාංග ශෝභන වූ මද්‍රි රජදුව ඒ සඳමහ රජහට මෙසේ කීවාය. මහරජ, නොහඬන්න. තොප දොම්නස් නොවන්න. අපි යම්සේ වන්නෙමුද? දරුවෝ ද එසේ වෙති.

“ඉදං වත්‍වාන පක‍්කාමි, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා; සිවිමග‍්ගෙන අන්‍වෙසි, පුත‍්තෙ ආදාය ලක‍්ඛණා”ති.

සකලාංගයන්ගෙන් හොබනා මද්‍රි දේවිය මෙතෙපුල් කියා පිටත්වැ ගියාය. සුන්දර ලක්‍ෂණ ඇති මද්‍රි දේවිය දෙදරුවන් ගෙන සිවිරජු යායුතු මගින්ම ගියාය.

තත්‍ථ සිවිමග‍්ගෙනාති සිවිරඤ‍්ඤො ගන‍්තබ‍්බමග‍්ගෙන. අන්‍වෙසීති තං අගමාසි, පාසාදා ඔතරිත්‍වා රථං අභිරුහීති අත්‍ථො.

එහි සිවි මග්ගෙන යනු සිවි රජු විසින් යායුතු මාර්ගයෙන් ම අන්‍වෙසී එමගින් ගියාය. ප්‍රාසාදයෙන් බැස රථයට නැග සිටියාය යන අර්ථයි.

“තතො වෙස‍්සන‍්තරො රාජා, දානං දත්‍වාන ඛත‍්තියො; පිතු මාතු ච වන්‍දිත්‍වා, කත්‍වා ච නං පදක‍්ඛිණං.

ඉක්බිති ක්‍ෂත්‍රිය කුල උපන් වෙස්සන්තර රජ (පෙරදින) දන් දී මව්පියන් වැඳ ප්‍රදක්ෂිණා කොට

“චතුවාහිං රථං යුත‍්තං, සීඝමාරුය‍්හ සන්‍දනං; ආදාය පුත‍්තදාරඤ‍්ච, වඞ‍්කං පායාසි පබ‍්බත”න‍්ති.

අසුන් සතර දෙනෙකුන් යොදන ලද රථයට වහා නැගී අඹුදරුවන් ගෙන වංකගිරිය බලා පිටත්වැ ගියේය.

තත්‍ථ තතොති භික‍්ඛවෙ, තස‍්සා මද‍්දියා රථං අභිරුහිත්‍වා ඨිතකාලෙ. දත්‍වාති හිය්‍යො දානං දත්‍වා. කත්‍වා ච නං පදක‍්ඛිණන‍්ති පදක‍්ඛිණඤ‍්ච කත්‍වා. නන‍්ති නිපාතමත‍්තං.

එහි තතො යනු මහණෙනි, ඒ මද්‍රිදේවිය රථයට නැග සිටි කල්හි. දත්‍වා ඊයේ දන් දී. කත්‍වා ච නං පදක්ඛිණං ප්‍රදක්‍ෂිණා කොට. නං යනු නිපාත මාත්‍රයකි.

“තතො වෙස‍්සන‍්තරො රාජා, යෙනාසි බහුකො ජනො; ආමන‍්ත ඛො තං ගච‍්ඡාම, අරොගා හොන‍්තු ඤාතයො”ති.

ඉක්බිති වෙසතුරු මහරජ යම්තැනෙක බොහෝ ජනයා රැස්වීද ඔවුන්ට දන්වා යම්හ. අපගේ නෑයෝ නීරෝග වෙත්වායි කී.

තස‍්සත්‍ථො – භික‍්ඛවෙ, තතො වෙස‍්සන‍්තරො රාජා යත්‍ථ “වෙස‍්සන‍්තරං රාජානං පස‍්සිස‍්සාමා”ති බහුකො ජනො ඨිතො ආසි, තත්‍ථ රථං පෙසෙත්‍වා මහාජනං ආපුච‍්ඡන‍්තො “ආමන‍්ත ඛො තං ගච‍්ඡාම, අරොගා හොන‍්තු ඤාතයො”ති ආහ. තත්‍ථ තන‍්ති නිපාතමත‍්තං. භික‍්ඛවෙ, තතො වෙස‍්සන‍්තරො රාජා ඤාතකෙ ආහ – “තුම‍්හෙ ආමන‍්තෙත්‍වා මයං ගච‍්ඡාම, තුම‍්හෙ සුඛිතා හොථ නිදුක‍්ඛා”ති.

විස්තරාර්ථය - මහණෙනි, ඉක්බිති වෙස්සන්තර රජු යම්තැනක රජුන් දකිම්හයි බොහෝ ජනයා රැස්ව සිටියාහුද එහි රථය යවා මහජනයාට කථාකරමින් ආමන්ත ඛො තං ගච්ඡාම අරොගාහොන්තු ඤාතයො (ඔවුන්ට කථාකර යන්නෙමු. නෑයෝ නීරෝග වෙත්වා.) යැයි කීය. එහි තං යනු නිපාත මාත්‍රයකි. මහණෙනි, ඉක්බිති වෙස්සන්තර රජ නෑයන්ට කීය. ඔබලාට කථාකොට අපි යන්නෙමු. නුඹලා නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.

එවං මහාසත‍්තො මහාජනං ආමන‍්තෙත්‍වා “අප‍්පමත‍්තා හොථ, දානාදීනි පුඤ‍්ඤානි කරොථා”ති තෙසං ඔවදිත්‍වා පක‍්කාමි. ගච‍්ඡන‍්තෙ පන බොධිසත‍්තෙ මාතා “පුත‍්තො මෙ දානවිත‍්තකො දානං දෙතූ”ති ආභරණෙහි සද‍්ධිං සත‍්තරතනපූරානි සකටානි උභොසු පස‍්සෙසු පෙසෙසි. සොපි අත‍්තනො කායාරුළ‍්හමෙව ආභරණභණ‍්ඩං ඔමුඤ‍්චිත්‍වා සම‍්පත‍්තයාචකානං අට‍්ඨාරස වාරෙ දත්‍වා අවසෙසං සබ‍්බං අදාසි. සො නගරා නික‍්ඛමිත්‍වා ච නිවත‍්තිත්‍වා ඔලොකෙතුකාමො අහොසි. අථස‍්ස මනං පටිච‍්ච රථප‍්පමාණට‍්ඨානෙ මහාපථවී භිජ‍්ජිත්‍වා කුලාලචක‍්කං විය පරිවත‍්තිත්‍වා රථං නගරාභිමුඛං අකාසි. සො මාතාපිතූනං වසනට‍්ඨානං ඔලොකෙසි. තෙන කාරණෙන පථවීකම‍්පො අහොසි. තෙන වුත‍්තං –

මෙසේ මහාසත්ත්වයෝ මහාජනයාට කථාකර අප්‍රමාදීව දානාදී පින්කම් කරව්යැයි අවවාද දී යන කල්හි වනාහි බෝධිසත්ත්වයන්ගේ මව, දානය ධනය කොට ඇති මාගේ පුත්‍රයා දන් දෙනු ලැබේවායි ආභරණ සමග සප්ත රත්නයෙන් පිරුණු ගැල් දෙපැත්තටම යැවීය. ඔහු ද තමාගේ ඇඟෙහි පැළඳගෙන සිටිය ආභරණ ගලවා පැමිණි යදියන්ට අටළොස් වාරයක් දන්දී ඉතිරි සියල්ලද දන් දුන්නේය. හෙතෙම නගරයෙන් නික්ම පෙරළා බලනු කැමැත්තේ විය. ඉක්බිති ඔහුගේ සිතැඟි පරිදි රථයක් පමණ තැන මහපොළව බිඳී පෙරළී රථය නගරය දෙසට යොමුවී සිටියේය. හෙතෙම මව්පියන් සිටින තැන බැලුවේය. ඒ කාරුණිකත්වයෙන් පොළව කම්පා වීම ආදිය සිදුවිය. එබැවින් කියන ලදී.

“නික‍්ඛමිත්‍වාන නගරා, නිවත‍්තිත්‍වා විලොකිතෙ; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා”ති. (චරියා· 1.93);

නගරයෙන් නික්ම නතරවී බලනකල්හි මහමෙර නමැති මුදුන්මල්කඩ සහිත මහපොළව කම්ප විය.

සයං පන ඔලොකෙත්‍වා මද‍්දිම‍්පි ඔලොකාපෙතුං ගාථමාහ –

තමා වනාහි බලා මද්‍රි ලවා ද බලවන්නට මේ ගාථාව කීය.

“ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි, රම‍්මරූපංව දිස‍්සති; ආවාසං සිවිසෙට‍්ඨස‍්ස, පෙත‍්තිකං භවනං මමා”ති.

මද්‍රි දේවිය බලව. සිවිරජුගේ නිවාසය. රමණීයවැ පෙනෙයි. ඒ මාගේ පිය පරම්පරාවෙන් ආ මාලිගයයි.

තත්‍ථ නිසාමෙහීති ඔලොකෙහි.

එහි නිසාමෙහි යනු බලන්න යන අර්ථයි.

අථ මහාසත‍්තො සහජාතෙ සට‍්ඨිසහස‍්සඅමච‍්චෙ ච සෙසජනඤ‍්ච නිවත‍්තාපෙත්‍වා රථං පාජෙන‍්තො මද‍්දිං ආහ – “භද‍්දෙ, සචෙ පච‍්ඡතො යාචකා ආගච‍්ඡන‍්ති, උපධාරෙය්‍යාසී”ති. සාපි ඔලොකෙන‍්තී නිසීදි. අථස‍්ස සත‍්තසතකං මහාදානං සම‍්පාපුණිතුං අසක‍්කොන‍්තා චත‍්තාරො බ්‍රාහ‍්මණා නගරං ආගන‍්ත්‍වා “කුහිං වෙස‍්සන‍්තරො රාජා”ති පුච‍්ඡිත්‍වා “දානං දත්‍වා ගතො”ති වුත‍්තෙ “කිඤ‍්චි ගහෙත්‍වා ගතො”ති පුච‍්ඡිත්‍වා “රථෙන ගතො”ති සුත්‍වා “අස‍්සෙ නං යාචිස‍්සාමා”ති අනුබන්‍ධිංසු. අථ මද‍්දී තෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “යාචකා ආගච‍්ඡන‍්ති, දෙවා”ති ආරොචෙසි. මහාසත‍්තො රථං ඨපෙසි. තෙ ආගන‍්ත්‍වා අස‍්සෙ යාචිංසු. මහාසත‍්තො අස‍්සෙ අදාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති මහාසත්ත්වයෝ සහජාත හැටදහසක් අමාත්‍යයන්වද සෙසු ජනයාද බලා නතරකරවා රථය පදවන්නේ මද්‍රි දේවියට කීය. සොඳුර, ඉදින් පසුපස්සේ යාචකයෝ එත්දැයි විමසිලිමත් වන්න. ඇයද බලමින් සිටියාය. ඉක්බිති ඔහුගේ සත්තසතික දානයට පැමිණීමට නොහැකි වූ බ්‍රාහ්මණයෝ සතරදෙනෙක් නගරයට අවුත් රජතුමා කොහේදැයි විචාරා දන් දී ගියේයැයි කී කල්හි යමක් රැගෙන ගියේදැයි අසා රථයෙන් ගිය බව අසා ඔහුගෙන් අශ්වයන් ඉල්වන්නෙමුයි ලුහුබැඳ ගියහ. ඉක්බිති මද්‍රිදේවිය එන්නා වූ ඔවුන් දැක ස්වාමීනි, යාචකයෝ යැයි දැන්වූවාය. මහාසත්ත්වයෝ රථය නතර කළේය. ඔවුහු අවුත් අශ්වයන් ඉල්ලූහ. මහාසත්ත්වයෝ අශ්වයන් සතරදෙනා ඔවුන්ට දුන්නේය. එම කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ වදාළහ.

“තං බ්‍රාහ‍්මණා අන්‍වගමුං, තෙ නං අස‍්සෙ අයාචිසුං; යාචිතො පටිපාදෙසි, චතුන‍්නං චතුරො හයෙ”ති.

බමුණෝ සතර දෙනෙක් ඔහු ලුහුබැඳ ගියෝ ඔහුගෙන් අසුන් ඉල්ලූහ. අයදනා ලද වෙසතුරු රජ ඒ සතරදෙනාට අසුන් සතරදෙනා ලබා දුන්නේය.

අස‍්සෙසු පන දින‍්නෙසු රථධුරං ආකාසෙයෙව අට‍්ඨාසි. අථ බ්‍රාහ‍්මණෙසු ගතමත‍්තෙසුයෙව චත‍්තාරො දෙවපුත‍්තා රොහිච‍්චමිගවණ‍්ණෙන ආගන‍්ත්‍වා රථධුරං සම‍්පටිච‍්ඡිත්‍වා අගමංසු. මහාසත‍්තො තෙසං දෙවපුත‍්තභාවං ඤත්‍වා ඉමං ගාථමාහ –

අශ්වයන් දුන්කල්හි රථයේ වියගහ අහසෙහි පිහිටියේය. ඉක්බිති ඒ බමුණන් නික්ම යන්නාත් සමග දේවපුත්‍රයෝ සතරදෙනෙක් තිත්මුව වෙසින් අවුත් රථයේ වියගහ භාරගෙන ගියහ. මහාසත්ත්වයෝ ඔවුන්ගේ දේවපුත්‍ර භාවය දැනගෙන මේ ගාථාව කීය.

“ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි, චිත‍්තරූපංව දිස‍්සති; මිගරොහිච‍්චවණ‍්ණෙන, දක‍්ඛිණස‍්සා වහන‍්ති ම”න‍්ති.

එම්බා මද්‍රිය බලව. විසිතුරු රූපයක් මෙන් පෙනෙයි. තිත්මුව වෙසින් අවුත් පුහුණු අසුන් මෙන් මා උසුලති.

තත්‍ථ දක‍්ඛිණස‍්සාති සුසික‍්ඛිතා අස‍්සා විය මං වහන‍්ති.

එහි දක්ඛිණස්සාවහන්තිමං යනු මනාව පුහුණු අශ්වයන් මෙන් මා උසුලාගෙන යත්.

අථ නං එවං ගච‍්ඡන‍්තං අපරො බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා රථං යාචි. මහාසත‍්තො පුත‍්තදාරං ඔතාරෙත්‍වා තස‍්ස රථං අදාසි. රථෙ පන දින‍්නෙ දෙවපුත‍්තා අන‍්තරධායිංසු. රථස‍්ස දින‍්නභාවං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති මෙසේ යන්නා වූ ඔහුගෙන් වෙනත් බ්‍රාහ්මණයෙක් අවුත් රථය ඉල්වීය. මහාසත්ත්වයෝ දරුවන් හා බිසව රථයෙන් බස්සවා රථය ඔහුට දුන්නේය. රථය දුන්කල්හි දේවපුත්‍රයෝ අතුරුදන් වූහ. රථය දුන් බව දේශනා කරන ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“අථෙත්‍ථ පඤ‍්චමො ආගා, සො තං රථමයාචථ; තස‍්ස තං යාචිතොදාසි, න චස‍්සුපහතො මනො.

නැවත මේ මඟැ පස්වෙනි බමුණෙක් ආයේය. හේ ඔහුගෙන් රථය ඉල්වීය. අයදනා ලද්දේ ඕහට එය දුන්නේය. ඔබගේ සිත නොපසුබට වී.

“තතො වෙස‍්සන‍්තරො රාජා, ඔරොපෙත්‍වා සකං ජනං; අස‍්සාසයි අස‍්සරථං, බ්‍රාහ‍්මණස‍්ස ධනෙසිනො”ති.

ඉක්බිති වෙසතුරු මහරජ අඹුදරුවන් බස්සවා ධනය සොයන බමුණාට රථය දී අස්වැසීය.

තත්‍ථ අථෙත්‍ථාති අථ තස‍්මිං වනෙ. න චස‍්සුපහතො මනොති න චස‍්ස මනො ඔලීනො. අස‍්සාසයීති පරිතොසෙන‍්තො නිය්‍යාදෙසි.

එහි අථෙත්‍ථ යනු ඉක්බිති එම ස්ථානයෙහි. නචස්සුපහතො මනො ඔහුගේ සිත පසුබට නොවීය. අස්සාසයී සතුටුකරමින් භාරදුන්නේය.

තතො පට‍්ඨාය පන තෙ සබ‍්බෙපි පත‍්තිකාව අහෙසුං. අථ මහාසත‍්තො මද‍්දිං අවොච –

එතැන්පටන් වනාහි සබ්බෙ ඔහු පාගමනින් යන්නෝ වූහ. ඉක්බිති මහාසත්ත්වයෝ මද්‍රිදේවියට කීවේය.

“ත්‍වං මද‍්දි කණ‍්හං ගණ‍්හාහි, ලහු එසා කනිට‍්ඨිකා; අහං ජාලිං ගහෙස‍්සාමි, ගරුකො භාතිකො හි සො”ති.

මද්‍රිදේවීනි! ඔබ ක්‍රිෂ්ණජිනාව ගන්න. මේ ළදැරිය නොබරය. මම ජාලිය කුමරු ගනිමි. ඒ වැඩිමලා බරය.

එවඤ‍්ච පන වත්‍වා උභොපි ඛත‍්තියා ද‍්වෙ දාරකෙ අඞ‍්කෙනාදාය පක‍්කමිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේද කියා දෙදෙනාම දරුවන් දෙදෙනාව ඇකයෙන් ගෙන පිටත්ව ගියහ. ඒ කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“රාජා කුමාරමාදාය, රාජපුත‍්තී ච දාරිකං; සම‍්මොදමානා පක‍්කාමුං, අඤ‍්ඤමඤ‍්ඤං පියංවදා”ති.

රජතෙම කුමරු ද රජ දූ දියණියවද ගෙන ඔවුනොවුන් ප්‍රියතෙපුල් බණනුවෝ සතුටුවෙමින් ගියහ.

දානකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

දාන කාණ්ඩය නිමියේ ය.