යෙදුමෙන් කියවන්න

වනපවෙසනකණ‍්ඩවණ‍්ණනා අට‍්ඨකථා

වනපවෙසනකණ‍්ඩවණ‍්ණනා

වන ප්‍රවේශ කාණ්ඩය

තෙ පටිපථං ආගච‍්ඡන‍්තෙ මනුස‍්සෙ දිස‍්වා “කුහිං වඞ‍්කපබ‍්බතො”ති පුච‍්ඡන‍්ති. මනුස‍්සා “දූරෙ”ති වදන‍්ති. තෙන වුත‍්තං –

ඔව්හු ඉදිරි මාර්ගයෙහි යන්නාහු මිනිසුන් දැක වංකගිරිය කොහේදැයි අසන්නාහු තව දුරයැයි මිනිස්සු කියත්. එනිසා කියන ලදී.

“යදි කෙචි මනුජා එන‍්ති, අනුමග‍්ගෙ පටිපථෙ; මග‍්ගං තෙ පටිපුච‍්ඡාම, ‘කුහිං වඞ‍්කතපබ‍්බතො’.

අනුමඟද පෙරමඟද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නාහු නම් වංකගිරිය කොහිදැයි ඔවුන් අතින් මාර්ගය විමසන්නෙමු.

“තෙ තත්‍ථ අම‍්හෙ පස‍්සිත්‍වා, කලුනං පරිදෙවයුං; දුක‍්ඛං තෙ පටිවෙදෙන‍්ති, දූරෙ වඞ‍්කතපබ‍්බතො”ති.

ඒ මිනිස්සු ඒ මඟැ අප දැක ශෝකරාවයෙන් හැඬූහ. වංකගිරිය දුර යැයි ඔව්හු දුකින් දන්වත්.

මග‍්ගස‍්ස උභොසු පස‍්සෙසු විවිධඵලධාරිනො රුක‍්ඛෙ දිස‍්වා දාරකා කන්‍දන‍්ති. මහාසත‍්තස‍්සානුභාවෙන ඵලධාරිනො රුක‍්ඛා ඔනමිත්‍වා හත්‍ථසම‍්ඵස‍්සං ආගච‍්ඡන‍්ති. තතො සුපක‍්කඵලාඵලානි උච‍්චිනිත්‍වා තෙසං දෙති. තං දිස‍්වා මද‍්දී අච‍්ඡරියං පවෙදෙසි. තෙන වුත‍්තං –

එහි මග දෙපස නොයෙක් පලබරින් යුත් ගස් දැක දරුවෝ කෑ ගසත්. මහාසත්ත්වයන්ගේ අනුභාවයෙන් පලබර වූ ගස් නැමී අත් ළඟට එත්. එයින් මනාව පැසුනු ගෙඩි කඩාගෙන ඔවුන්ට දෙයි. එය දැක මද්‍රිදේවිය පුදුමය ප්‍රකාශ කළාය. ඒ නිසා කියන ලදී,

“යදි පස‍්සන‍්ති පවනෙ, දාරකා ඵලිනෙ දුමෙ; තෙසං ඵලානං හෙතුම‍්හි, උපරොදන‍්ති දාරකා.

ඉදින් දරුවෝ මහවනයෙහි පලගත් ගස් දකිත්ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස හඬත්.

“රොදන‍්තෙ දාරකෙ දිස‍්වා, උබ‍්බිද‍්ධා විපුලා දුමා; සයමෙවොනමිත්‍වාන, උපගච‍්ඡන‍්ති දාරකෙ.

වැළපෙන දරුවන් දැක කම්පා වූ මියුරු ඵලයෙන් යුත් මහා වෘක්‍ෂයෝ තුමූ මැ නැමී දරුවනට සමීප වෙති.

“ඉදං අච‍්ඡෙරකං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; සාධුකාරං පවත‍්තෙසි, මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා.

සියළු අඟපසඟින් හොබනා මද්‍රි දේවිය නොවූවිරූ ලොමුදහගන්වන පුදුමය දැක වෙසතුරු රජුගේ තෙදින් වෘක්‍ෂයෝ තමන්ම නැමුනාහ. මේ වූ කලී ලෝකයේ අපූර්ව වූ ලොමුදහ ගන්වන අසිරියෙක්මැයි කියා සාධුකාර පැවැත්වූහ.

“අච‍්ඡෙරං වත ලොකස‍්මිං, අබ‍්භුතං ලොමහංසනං; වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන, සයමෙවොනතා දුමා”ති.

ජෙතුත‍්තරනගරතො සුවණ‍්ණගිරිතාලො නාම පබ‍්බතො පඤ‍්ච යොජනානි, තතො කොන‍්තිමාරා නාම නදී පඤ‍්ච යොජනානි, තතො අඤ‍්චරගිරි නාම පබ‍්බතො පඤ‍්ච යොජනානි, තතො දුන‍්නිවිට‍්ඨබ්‍රාහ‍්මණගාමො නාම පඤ‍්ච යොජනානි, තතො මාතුලනගරං දස යොජනානි. ඉති තං මග‍්ගං ජෙතුත‍්තරනගරතො තිංසයොජනං හොති. දෙවතා තං මග‍්ගං සංඛිපිංසු. තෙ එකදිවසෙනෙව මාතුලනගරං පාපුණිංසු. තෙන වුත‍්තං –

ජයතුරා නගරයෙන් රුවන්ගිරිතල පර්වතයට යොදුන් පසකි. එයින් කොන්නිමාර නම් වූ නදියට යොදුන් පසකි. එයින් ආරඤ්ජරගිරි පර්වතයට යොදුන් පසකි. එයින් දුන්නිවිට්ඨ බ්‍රාහ්මණ ගමට පස්යොදුනකි. එතැනින් මා තුල නගරයට දස යොදුනකි. මෙසේ ඒ මාර්ගය ජයතුරා නගරයේ සිට තිස්යොදුනකි. දෙවියෝ මාර්ගගය හැකිලූහ. එක් දවසකින්ම ඔව්හු මා තුල නගරයට පැමිණියාහ. එබැවින් කියන ලදී.

“සඞ‍්ඛිපිංසු පථං යක‍්ඛා, අනුකම‍්පාය දාරකෙ; නික‍්ඛන‍්තදිවසෙනෙව, චෙතරට‍්ඨං උපාගමු”න‍්ති.

දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මඟ හැකිලූහ. නික්මුණු දවසේම චේතිය රටට පැමිණියාහ.

උපගච‍්ඡන‍්තා ච පන ජෙතුත‍්තරනගරතො පාතරාසසමයෙ නික‍්ඛමිත්‍වා සායන‍්හසමයෙ චෙතරට‍්ඨෙ මාතුලනගරං පත‍්තා. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

යන්නාහු වනාහි ජයතුරා නගරයෙන් උදේ ආහාර වේලාවේ නික්ම සවස්භාගයේ චේතිය රටේ මා තුළ නගරයට පැමිණියාහ. මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ වදාළහ;

“තෙ ගන‍්ත්‍වා දීඝමද‍්ධානං, චෙතරට‍්ඨං උපාගමුං; ඉද‍්ධං ඵීතං ජනපදං, බහුමංසසුරොදන”න‍්ති.

ඔව්හු දිග්මඟ ගොස් සමෘද්ධ වූ විපුල වූ බොහෝ වූ මස් රස සහිත ආහාර ඇති ජනපදවලින් යුත් චේතිය රටට පැමිණියහ.

තදා මාතුලනගරෙ සට‍්ඨි ඛත‍්තියසහස‍්සානි වසන‍්ති. මහාසත‍්තො අන‍්තොනගරං අපවිසිත්‍වා නගරද‍්වාරෙයෙව සාලායං නිසීදි. අථස‍්ස මද‍්දී බොධිසත‍්තස‍්ස පාදෙසු රජං පුඤ‍්ඡිත්‍වා පාදෙ සම‍්බාහිත්‍වා “වෙස‍්සන‍්තරස‍්ස ආගතභාවං ජානාපෙස‍්සාමී”ති සාලාතො නික‍්ඛමිත්‍වා තස‍්ස චක‍්ඛුපථෙ සාලාද‍්වාරෙ අට‍්ඨාසි. නගරං පවිසන‍්තියො ච නික‍්ඛමන‍්තියො ච ඉත්‍ථියො තං දිස‍්වා පරිවාරෙසුං. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

[missing trans]

“චෙතියො පරිවාරිංසු, දිස‍්වා ලක‍්ඛණමාගතං; සුඛුමාලී වත අය්‍යා, පත‍්තිකා පරිධාවති.

චේතිය රටේ කාන්තාවෝ ස්ත්‍රී ලක්‍ෂණයෙන් පරිපූර්ණ මද්‍රිදේවිය ආවා දැක පිරිවරා ගත්හ. මේ බිසෝ ඉතා සියුමැලිය. එසේ නමුත් පා ගමනින් යෙයි.

“වය‍්හාහි පරියායිත්‍වා, සිවිකාය රථෙන ච; සාජ‍්ජ මද‍්දී අරඤ‍්ඤස‍්මිං, පත‍්තිකා පරිධාවතී”ති.

මේ බිසෝ පෙර දවස් හිදොළුවෙන්ද රන්සිවි ගෙයින්ද ඇවිදැ ඒ මද්‍රිදේවි අද වනයේ පා ගමනින්ම යයි.

තත්‍ථ ලක‍්ඛණමාගතන‍්ති ලක‍්ඛණසම‍්පන‍්නං මද‍්දිං ආගතං. පරිධාවතීති එවං සුඛුමාලී හුත්‍වා පත‍්තිකාව විචරති. පරියායිත්‍වාති ජෙතුත‍්තරනගරෙ විචරිත්‍වා. සිවිකායාති සුවණ‍්ණසිවිකාය.

එහි ලක්ඛණමාගතං සියළු අංග ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ ආවා වූ මද්‍රි දේවිය. පරිධාවති මෙසේ සියුමැලි වී පයින්ම යයි. පරියායිත්‍වා ජේගුත්තර නගරයේ හැසිර. සිවිකාය රන්සිවි ගෙයින්.

මහාජනො මද‍්දිඤ‍්ච වෙස‍්සන‍්තරඤ‍්ච ද‍්වෙ පුත‍්තෙ චස‍්ස අනාථාගමනෙන ආගතෙ දිස‍්වා ගන‍්ත්‍වා රාජූනං ආචික‍්ඛි. සට‍්ඨිසහස‍්සා රාජානො රොදන‍්තා පරිදෙවන‍්තා තස‍්ස සන‍්තිකං ආගමංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මහජනයා ඒ මද්‍රි දේවියද වෙස්සන්තර රජ ද දරුවන්ද අනාථයන් ලෙස පැමිණ ඇති බව දැක ගොස් රජුට සැළකළහ. හැටදහසක් රජවරු හඬා වැළපෙමින් ඔහු සමීපයට පැමිණියාහ. ඒ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ වදාළහ;

“තං දිස‍්වා චෙතපාමොක‍්ඛා, රොදමානා උපාගමුං; කච‍්චි නු දෙව කුසලං, කච‍්චි දෙව අනාමයං; කච‍්චි පිතා අරොගො තෙ, සිවීනඤ‍්ච අනාමයං.

චේතිය රටේ රජවරු ඒ වෙස්සන්තර රජු දැක වැළපෙමින් ආවාහ. දේවයිනි. කිම නිරෝගීද? දුකක් නැද්ද? කිම තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද?

“කො තෙ බලං මහාරාජ, කො නු තෙ රථමණ‍්ඩලං; අනස‍්සකො අරථකො, දීඝමද‍්ධානමාගතො; කච‍්චාමිත‍්තෙහි පකතො, අනුප‍්පත‍්තොසිමං දිස”න‍්ති.

මහරජතුමනි! ඔබගේ සේව්නාව කොහිද? ඔබගේ රථසමූහය කොහිද? කිම සතුරන් විසින් යටකරන ලද ද? අසුන් නැතිව රිය නැතිවැ මෙරටට පැමිණියහුද?

තත්‍ථ දිස‍්වාති දූරතොව පස‍්සිත්‍වා. චෙතපාමොක‍්ඛාති චෙතරාජානො. උපාගමුන‍්ති උපසඞ‍්කමිංසු. කුසලන‍්ති ආරොග්‍යං. අනාමයන‍්ති නිද‍්දුක‍්ඛභාවං. කො තෙ බලන‍්ති කුහිං තව බලකායො. රථමණ‍්ඩලන‍්ති යෙනාසි රථෙන ආගතො, සො කුහින‍්ති පුච‍්ඡන‍්ති. අනස‍්සකොති අස‍්සවිරහිතො. අරථකොති අයානකො. දීඝමද‍්ධානමාගතොති දීඝමග‍්ගං ආගතො. පකතොති අභිභූතො.

එහි දිස්වා දුරදීම දැක. චෙතපාමොක්ඛා චේතිය රටේ රජවරු. උපාගමුං ළඟාවූහ. කුසලං නිරෝගීද? අනාමයං දුකක් නැතියේද? කො තෙ බලං ඔබගේ බලසේනාව කොහිද? රථමණ්ඩලං ආවා වූ අලංකාර කරන ලද රථය කොහිදැයි අසත්. අනස්සකො අශ්වයන් නැත්තේය. අරථකො රථයක් නැත්තේය. දීඝමද්ධාන මාගතො දිගමගක් ආවේය. පකතො යටත් කරන ලද්දේ ද?

අථ නෙසං මහාසත‍්තො අත‍්තනො ආගතකාරණං කථෙන‍්තො ආහ –

ඉක්බිති ඒ රජවරුන්ට මහාසත්ත්වයෝ තමන්ගේ පැමිණි කාරණය පවසන්නේ මෙසේ කීය.

“කුසලඤ‍්චෙව මෙ සම‍්මා, අථො සම‍්මා අනාමයං; අථො පිතා අරොගො මෙ, සිවීනඤ‍්ච අනාමයං.

සබඳිනි, මට රෝග නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකෙක් නැත.

“අහඤ‍්හි කුඤ‍්ජරං දජ‍්ජං, ඊසාදන‍්තං උරූළ‍්හවං; ඛෙත‍්තඤ‍්ඤුං සබ‍්බයුද‍්ධානං, සබ‍්බසෙතං ගජුත‍්තමං.

යම්හෙයකින් මම රියහිස් බඳු දළ ඇති බර උසුලන. සියලු යුද්ධවලදී නියම භූමිය හඳුනන සම්පූර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි.

“පණ‍්ඩුකම‍්බලසඤ‍්ඡන‍්නං, පභින‍්නං සත‍්තුමද‍්දනං; දන‍්තිං සවාලබීජනිං, සෙතං කෙලාසසාදිසං.

රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩිනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන් ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද?

“සසෙතච‍්ඡත‍්තං සඋපාධෙය්‍යං, සාථබ‍්බනං සහත්‍ථිපං; අග‍්ගයානං රාජවාහිං, බ්‍රාහ‍්මණානං අදාසහං.

“තස‍්මිං මෙ සිවයො කුද‍්ධා, පිතා චුපහතොමනො; අවරුද‍්ධසි මං රාජා, වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ, වනෙ යත්‍ථ වසාමසෙ”ති.

ඒ කාරණයේලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීයැ. එබැවින් වංකගිරියට යමි. මිත්‍රවරුනි, අපි වනයේ යම්තැනක වසමෝ නම් එහි අපට සුදුසු පෙදෙසක් දැන කියව.

තත්‍ථ තස‍්මිං මෙති තස‍්මිං කාරණෙ මය‍්හං සිවයො කුද‍්ධා. උපහතොමනොති උපහතචිත‍්තො කුද‍්ධොව මං රට‍්ඨා පබ‍්බාජෙසි. යත්‍ථාති යස‍්මිං වනෙ මයං වසෙය්‍යාම, තත්‍ථ වසනොකාසං ජානාථාති.

එහි තස්මිං මෙ ඒ කරුණ නිසා මට සිවිරට වැස්සෝ කිපුණාහ. උපහතො මනො පලුදු වූ සිතැත්තේ, කිපුණේ මා රටින් නෙරපා දැමීය. යත්‍ථ යනු යම් වනයක. අපි වසන්නෙමුද, එහි අපට යෝග්‍ය තැනක් දන්වන්නැයි කීය.

තෙ රාජානො ආහංසු –

රජවරු කීහ.

“ස‍්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; ඉස‍්සරොසි අනුප‍්පත‍්තො, යං ඉධත්‍ථි පවෙදය.

මහරජුනි, තොප ආයේ මැනවැ. තවද තොපගේ ඊම නිදොස්ය. මෙයට පැමිණියහු අපට ඉසුරු වව. තොප රිසියෙන් යමක් මෙහි ඇත්නම් කියව.

“සාකං භිසං මධුං මංසං, සුද‍්ධං සාලීනමොදනං; පරිභුඤ‍්ජ මහාරාජ, පාහුනො නොසි ආගතො”ති.

මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුක බව පලාද නෙළුඹල ද මී ද මස් ද පිරිසිදු හැල්බත් ද වළඳව.

තත්‍ථ පවෙදයාති කථෙහි, සබ‍්බං පටියාදෙත්‍වා දස‍්සාම. භිසන‍්ති භිසමූලං, යංකිඤ‍්චි කන්‍දජාතං වා.

එහි පවෙදය කියන්න. සියල්ල පිළියෙල කර දෙන්නෙමු. භිසං නෙළුම් අල හෝ යම්කිසි අල වර්ගයක්.

වෙස‍්සන‍්තරො ආහ –

වෙස්සන්තර රජ කීය.

“පටිග‍්ගහිතං යං දින‍්නං, සබ‍්බස‍්ස අග‍්ඝියං කතං; අවරුද‍්ධසි මං රාජා, වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ, වනෙ යත්‍ථ වසාමසෙ”ති.

හැමදෙනා විසින් දෙන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලද මැ මා විසිනුදු පිළිගන්නා ලද මැ වේවා. පියමහරජ, මා නෙරැපීයයි, එහෙයින් වංකගිරියට යමි. සබඳිනි! අපි වනයේ යම්තැනක වසමෝද එහි අපට නිසි පෙදෙසක් දනිමු.

තත්‍ථ පටිග‍්ගහිතන‍්ති සබ‍්බමෙතං තුම‍්හෙහි දින‍්නං මයා ච පටිග‍්ගහිතමෙව හොතු, සබ‍්බස‍්ස තුම‍්හෙහි මය‍්හං අග‍්ඝියං නිවෙදනං කතං. රාජා පන මං අවරුද‍්ධසි රට‍්ඨා පබ‍්බාජෙසි, තස‍්මා වඞ‍්කමෙව ගමිස‍්සාමි, තස‍්මිං මෙ අරඤ‍්ඤෙ වසනට‍්ඨානං ජානාථාති.

එහි පටිග්ගහිතං මේ සියල්ල ඔබලා විසින් දෙන ලදී. මා විසින්ද පිළිගන්නා ලද්දේ වේවා. සබ්බස්ස අග්ඝියං කතං සියල්ලට නුඹලා විසින් ආගන්තුක සත්කාරය කරන ලදී. රජ වනාහි මා අවරුද්ධති. රටින් පිටුවහල් කරයි. ඒ නිසා වංකගිරියටම යමි. ඒ වනයේ මට වාසයට තැනක් දන්වන්න.

තෙ රාජානො ආහංසු –

ඔහු රජුට කීහ.

“ඉධෙව තාව අච‍්ඡස‍්සු, චෙතරට‍්ඨෙ රථෙසභ; යාව චෙතා ගමිස‍්සන‍්ති, රඤ‍්ඤො සන‍්තික යාචිතුං.

චේතිය මහ රජහු සිවිරට වඩනා සඳමහ රජහට තොප නිදොස් බව දන්වන්න. ඔබ අයදහම සඳමහරජ සමීපයට යෙත්ද මහරජුනි, උන් එන තෙක් මේ චේතිය රටේ වාසය කරන්න.

“නිජ‍්ඣාපෙතුං මහාරාජං, සිවීනං රට‍්ඨවඩ‍්ඪනං; තං තං චෙතා පුරක‍්ඛත්‍වා, පතීතා ලද‍්ධපච‍්චයා; පරිවාරෙත්‍වාන ගච‍්ඡන‍්ති, එවං ජානාහි ඛත‍්තියා”ති.

චේතිය රජහු ලද පිහිට ඇතියාහු ඒ කරුණින් සතුටුවැ තොප පෙරටුකොට පිරිවරා යෙති. ක්‍ෂත්‍රියෙනි, මෙසේ දනුව.

තත්‍ථ රඤ‍්ඤො සන‍්තික යාචිතුන‍්ති රඤ‍්ඤො සන‍්තිකං යාචනත්‍ථාය ගමිස‍්සන‍්ති. නිජ‍්ඣාපෙතුන‍්ති තුම‍්හාකං නිද‍්දොසභාවං ජානාපෙතුං. ලද‍්ධපච‍්චයාති ලද‍්ධපතිට‍්ඨා. ගච‍්ඡන‍්තීති ගමිස‍්සන‍්ති.

එහි රඤ්ඤො රජු සමීපයට ඉල්ලීම පිණිස යන්නාහ. නිජ්ඣාපෙතුං තොපගේ නිදොස් බව දන්වන්නට ලද්ධපච්චයා ලබන ලද පිහිට ඇත්තාහු. ගච්ඡන්ති යන්නාහ.

මහාසත‍්තො ආහ –

මහාසත්ත්වයෝ කීහ.

“මා වො රුච‍්චිත්‍ථ ගමනං, රඤ‍්ඤො සන‍්තික යාචිතුං; නිජ‍්ඣාපෙතුං මහාරාජං, රාජාපි තත්‍ථ නිස‍්සරො.

මහරජහට මා නිදොස් බව දන්වන්නට ඔබ අයදනට රජ අබියසට යාමට තොප රැස් නොවන්න. ඒ කරුණෙහිලා රජ ද ඉසුරු නොවෙයි.

“අච‍්චුග‍්ගතා හි සිවයො, බලග‍්ගා නෙගමා ච යෙ; තෙ විධංසෙතුමිච‍්ඡන‍්ති, රාජානං මම කාරණා”ති.

සිවිහු ද බලකායද නියම්ගම්වැසි කෙළෙඹියෝ ද යන ඔව්හු ඉතා කිපියාහුමයැ. මා හේතුවෙන් රජ නෙරපීමටද රිසි වෙති.

තත්‍ථ තත්‍ථාති තස‍්මිං මම නිද‍්දොසභාවං නිජ‍්ඣාපනෙ රාජාපි අනිස‍්සරො. අච‍්චුග‍්ගතාති අතිකුද‍්ධා. බලග‍්ගාති බලකායා. විධංසෙතුන‍්ති රජ‍්ජතො නීහරිතුං. රාජානන‍්ති රාජානම‍්පි.

එහි තත්‍ථ යනු එහිදී මාගේ නිදොස් බව දන්වා සිටීමෙහිදී රජු ද අප්‍රධාන වෙයි. අච්චුග්ගතා අතිශයින් කිපුණාහු. බලත්‍ථ බලකායයන්. පධංසෙතුං රාජ්‍යයෙන් බැහැර කරන්ට. රාජානං රජු ද.

තෙ රාජානො ආහංසු –

ඒ රජවරු කීහ.

“සචෙ එසා පවත‍්තෙත්‍ථ, රට‍්ඨස‍්මිං රට‍්ඨවඩ‍්ඪන; ඉධෙව රජ‍්ජං කාරෙහි, චෙතෙහි පරිවාරිතො.

රට වඩන මහරජුනි, ඉදින් එරට එපවත් වීනම් චේතිය රටවැසියන් විසින් පිරිවරන ලදුවැ මෙහිමැ රජය කරව.

“ඉද‍්ධං ඵීතඤ‍්චිදං රට‍්ඨං, ඉද‍්ධො ජනපදො මහා; මතිං කරොහි ත්‍වං දෙව, රජ‍්ජස‍්ස මනුසාසිතු”න‍්ති.

දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණෙයැ. සමෘද්ධයැ. විශාලයැ. මේ රජයට අනුශාසනා කරන්නට තෙපි අදහස් කරව.

තත්‍ථ සචෙ එසා පවත‍්තෙත්‍ථාති සචෙ එතස‍්මිං රට‍්ඨෙ එසා පවත‍්ති. රජ‍්ජස‍්ස මනුසාසිතුන‍්ති රජ‍්ජං සමනුසාසිතුං, අයමෙව වා පාඨො.

එහි සචෙ එසා පවත්තෙත්‍ථ යනු ඉදින් මේ රටෙහි මේ පැවැත්මයි. රජ්ජස්සමනුසාසිතුං රාජ්‍යයට අනුශාසනා කරන්නට. අයමෙව (මෙයම) කියාද පාඨයක් ඇත.

වෙස‍්සන‍්තරො ආහ –

වෙස්සන්තර මෙසේ කීය.

“න මෙ ඡන්‍දො මති අත්‍ථි, රජ‍්ජස‍්ස අනුසාසිතුං; පබ‍්බාජිතස‍්ස රට‍්ඨස‍්මා, චෙතපුත‍්තා සුණාථ මෙ.

රටින් නෙරපන ලද මට රාජ්‍යානුශාසනාවට කැමැත්තෙක් හෝ බුද්ධියක් නැත. මාගේ බස් අසව්.

“අතුට‍්ඨා සිවයො ආසුං, බලග‍්ගා නෙගමා ච යෙ; පබ‍්බාජිතස‍්ස රට‍්ඨස‍්මා, චෙතා රජ‍්ජෙභිසෙචයුං.

රටින් නෙරපන ලද වෙසතුරු හට චේතිය රටේ වැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හයි සිවිහුද බලකාය ද නියම්ගම් වැසියෝද යන යම්කෙනෙක් වෙත්ද ඔව්හු සැමදෙන නොසතුටු වන්නාහ.

“අසම‍්මොදියම‍්පි වො අස‍්ස, අච‍්චන‍්තං මම කාරණා; සිවීහි භණ‍්ඩනං චාපි, විග‍්ගහො මෙ න රුච‍්චති.

මා නිසා තොපගේ අසමගියද නිරතුරුව වන්නේය. එවිට සිවි වැසියන්ගේ කලහයද විග්‍රහයද මට රුචි නොවෙයි.

“අථස‍්ස භණ‍්ඩනං ඝොරං, සම‍්පහාරො අනප‍්පකො; එකස‍්ස කාරණා මය‍්හං, හිංසෙය්‍ය බහුකො ජනො.

තවද කර්කශ කලහයද පහරදීමද නොමදව වන්නේය. එසේ ඇති කල්හි එකලා මා නිසා බොහෝදෙනා නැසෙන්නේය.

“පටිග‍්ගහිතං යං දින‍්නං, සබ‍්බස‍්ස අග‍්ඝියං කතං; අවරුද‍්ධසි මං රාජා, වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ, වනෙ යත්‍ථ වසාමසෙ”ති.

හැමදෙනා විසින් සම්මාදන් වී කරන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලදමැ මා විසිනුදු පිළිගන්නා ලදමැ වේවා. පියමහරජ මා නෙරපීයයි. එහෙයින් වංකගිරියට යමි. සබඳිනි, වෙනෙහි යම්තැනක වසමෝද එහි අපට නිසි පෙදෙසක් දනිමු.

තත්‍ථ චෙතා රජ‍්ජෙභිසෙචයුන‍්ති චෙතරට‍්ඨවාසිනො කිර වෙස‍්සන‍්තරං රජ‍්ජෙ අභිසිඤ‍්චිංසූති තුම‍්හාකම‍්පි තෙ අතුට‍්ඨා ආසුං. අසම‍්මොදියන‍්ති අසාමග‍්ගියං. අස‍්සාති භවෙය්‍ය. අථස‍්සාති අථ මය‍්හං එකස‍්ස කාරණා තුම‍්හාකං භණ‍්ඩනං භවිස‍්සතීති.

එහි චෙතා රජ්ජෙභි සෙචයුං චෙතිය රටවැස්සෝ වනාහි වෙස්සන්තර රජුට රාජ්‍යයෙහි අභිෂේක කළාහුයැයි තොපට කිපී අසතුටු වන්නාහ. අසම්මොදියං අසමගිය. අස්ස එකම මා නිසා ඔබලාගේ භේදවීමක් ඇතිවන්නේය.

එවං මහාසත‍්තො අනෙකපරියායෙන යාචිතොපි රජ‍්ජං න ඉච‍්ඡි. අථස‍්ස තෙ චෙතරාජානො මහන‍්තං සක‍්කාරං කරිංසු. සො නගරං පවිසිතුං න ඉච‍්ඡි. අථ නං සාලමෙව අලඞ‍්කරිත්‍වා සාණියා පරික‍්ඛෙපං කත්‍වා මහාසයනං පඤ‍්ඤාපෙත්‍වා සබ‍්බෙ ආරක‍්ඛං කරිංසු. සො එකරත‍්තිං තෙහි සඞ‍්ගහිතාරක‍්ඛො සාලායං සයිත්‍වා පුනදිවසෙ පාතොව න‍්හත්‍වා නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා තෙහි පරිවුතො නික‍්ඛමි. සට‍්ඨිසහස‍්සා ඛත‍්තියා තෙන සද‍්ධිං පන‍්නරසයොජනමග‍්ගං ගන‍්ත්‍වා වනද‍්වාරෙ ඨත්‍වා පුරතො පන‍්නරසයොජනමග‍්ගං ආචික‍්ඛන‍්තා ආහංසු –

මෙසේ මහාසත්ත්වයෝ නොයෙක් අයුරින් ඉල්ලා සිටිය නමුත් රාජ්‍යය කැමැති නොවීය. ඉක්බිති ඔහුට ඒ රජවරු බොහෝ සත්කාර කළහ. හෙතෙම නගරයට පිවිසෙන්ට අකමැති වෙයි. ඉක්බිති ඒ ශාලාවට අලංකාර කොට තිරයකින් වටකොට මහා ආසනයක් සූදානම් කර ආරක්‍ෂා යොදා සියල්ලෝම පිරිවරා ගත්හ. හෙතෙම එක්දිනක් එක් රාත්‍රියක් ඔවුන් විසින් ආරක්‍ෂා කරන ශාලාවේ වාසයකොට පසුදා උදෑසනම නොයෙක් අග්‍ර රසයෙන් පිරිපුන් භෝජන අනුභවකොට ඒ රජවරුන් විසින් පිරිවරන ලද්දේ ශාලාවෙන් නික්ම ගියේය. හැටදහසක් පමණ ක්‍ෂත්‍රියයෝ ඔහු සමග පසළොස් යොදුන්මග ගෙවා ගොස් වනදොරටුවේ සිට ඉදිරියේ පසළොස් යොදුන් මාර්ගය අසන්නාහු පැවසූහ.

“තග‍්ඝ තෙ මයමක‍්ඛාම, යථාපි කුසලා තථා; රාජිසී යත්‍ථ සම‍්මන‍්ති, ආහුතග‍්ගී සමාහිතා.

පුදන ලද ගිනි ඇති එකඟ සිත් ඇති රාජර්ෂීහු යම්තැනෙක සංහිඳෙත් ද එයට යන භාරිය දක්‍ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට අපි කියම්හ.

“එස සෙලො මහාරාජ, පබ‍්බතො ගන්‍ධමාදනො; යත්‍ථ ත්‍වං සහ පුත‍්තෙහි, සහ භරියාය චච‍්ඡසි.

මහරජුනි, තෙපි දරුවන් හා භාර්යාව සමග යම්තැනක වාසය කරන්නහු නම් එයට නිසි තෙල පර්වතය ගන්‍ධමාදන නම් වේ.

“තං චෙතා අනුසාසිංසු, අස‍්සුනෙත‍්තා රුදංමුඛා; ඉතො ගච‍්ඡ මහාරාජ, උජුං යෙනුත‍්තරාමුඛො.

කඳුළු පිරුණු නෙත් ඇති වලප්නා මුහුණු ඇති චේතිය රටේ රජු වෙස්සන්තර රජුට අනුශාසනා කළහ. මහරජුනි, මේ මගින් සෘජුව උතුරුදිග බලා යව.

“අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ, වෙපුල‍්ලං නාම පබ‍්බතං; නානාදුමගණාකිණ‍්ණං, සීතච‍්ඡායං මනොරමං.

තොපට යහපතක්ම වේවා. ඉක්බිති නොයෙක් වෘක්‍ෂ සමූහයෙන් ගැවසීගත් මනහර සිහිල් සෙවණ ඇති විපුල නම් පර්වතය දක්නහු.

“තමතික‍්කම‍්ම භද‍්දන‍්තෙ, අථ දක‍්ඛිසි ආපගං; නදිං කෙතුමතිං නාම, ගම‍්භීරං ගිරිගබ‍්භරං.

ඒ ගල ඉක්ම යළිදු පොකුලොම් මසුන් ගැවසීගත් මනාකොට ඇති බොහෝ දිය ඇති ගැඹුරු වූ ගල්කුසින් බට කේතුමතී නම් මහ හොයක් දක්නාහු එහි නහා පැන් බී තම දරුවන් අස්වසා.

“පුථුලොමමච‍්ඡාකිණ‍්ණං, සුපතිත්‍ථං මහොදකං; තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා ච, අස‍්සාසෙත්‍වා සපුත‍්තකෙ.

“අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ, නිග්‍රොධං මධුපිප‍්ඵලං; රම‍්මකෙ සිඛරෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං.

පින්වතාණෙනි, ඉක්බිති රමණීය වූ කඳු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරඵල ඇති නුගරුකක් දක්නහු.

“අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ, නාළිකං නාම පබ‍්බතං; නානාදිජගණාකිණ‍්ණං, සෙලං කිම‍්පුරිසායුතං.

පින්වතාණෙනි! ඉක්බිති නොයෙක් ළිහිණි ගණයා විසින් ගැවසීගත් කිඳුරන් ගහන වූ නාලික නම් ශෛල පර්වතය දක්නහු.

“තස‍්ස උත‍්තරපුබ‍්බෙන, මුචලින්‍දො නාම සො සරො; පුණ‍්ඩරීකෙහි සඤ‍්ඡන‍්නො, සෙතසොගන්‍ධිකෙහි ච.

ඒ නාලික, පර්වතයට ඊසානදින්හි හෙළ පියුමින්ද හෙල්මැලි කල්හාරයෙන්ද ගැවැසීගත් විලක් ඇත. ඒ මුචලින්ද නම් වේ.

“සො වනං මෙඝසඞ‍්කාසං, ධුවං හරිතසද‍්දලං; සීහොවාමිසපෙක‍්ඛීව, වනසණ‍්ඩං විගාහය; පුප‍්ඵරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නං, ඵලරුක‍්ඛෙහි චූභයං.

ඒ තෙපි නිල් වලාකුළක් බඳු නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින්ද පලරුකින්ද යන දෙකින් ගැවසීගත් වනලැහැබට ගොදුරු කැමැති සිංහයකු මෙන් පිවිසෙව.

“තත්‍ථ බින්‍දුස‍්සරා වග‍්ගූ, නානාවණ‍්ණා බහූ දිජා; කූජන‍්තමුපකූජන‍්ති, උතුසංපුප‍්ඵිතෙ දුමෙ.

එහි ඒකරාශීවැ පවත්නා හඬ ඇති මියුර රාවයන් ඇති නන්පැහැ නන් කුළු ඇති බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපිරුක්හි හිඳ කූජනය කරන්නවුන් අනුව කූජනය කරති.

“ගන‍්ත්‍වා ගිරිවිදුග‍්ගානං, නදීනං පභවානි ච; සො දක‍්ඛිසි පොක‍්ඛරණිං, කරඤ‍්ජකකුධායුතං.

ඒ තෙපි එහි ගොස් ගිරිකඳුරුද ගංගාවන්ට ප්‍රභව ස්ථාන වූ ගිරිකඳුරුද කරඳ හා කුඹුකින් යුත් පොතුලොම් මසුන් ගැවසීගත් මනාකොට ඇති පිළිකුල් ගඳ නැති මිහිරි වූ බොහෝ දිය පිරුණු සමාන සතරැස් වූ පොකුණක් දක්නහු.

“පුථුලොමමච‍්ඡාකිණ‍්ණං, සුපතිත්‍ථං මහොදකං; සමඤ‍්ච චතුරංසඤ‍්ච, සාදුං අප‍්පටිගන්‍ධියං.

“තස‍්සා උත‍්තරපුබ‍්බෙන, පණ‍්ණසාලං අමාපය; පණ‍්ණසාලං අමාපෙත්‍වා, උඤ‍්ඡාචරියාය ඊහථා”ති.

ඒ පොකුණට ඊසානදිගින් පන්සලක් මවන්නාහු පන්සලක් මවාගෙන වනමුල්, වනඵලයෙන් යැපෙමින් නොපමාව වාසය කරව.

තත්‍ථ රාජිසීති රාජානො හුත්‍වා පබ‍්බජිතා. සමාහිතාති එකග‍්ගචිත‍්තා. එසාති දක‍්ඛිණහත්‍ථං උක‍්ඛිපිත්‍වා ඉමිනා පබ‍්බතපාදෙන ගච‍්ඡථාති ආචික‍්ඛන‍්තා වදන‍්ති. අච‍්ඡසීති වසිස‍්සසි. ආපගන‍්ති උදකවාහනදිආවට‍්ටං. ගිරිගබ‍්භරන‍්ති ගිරීනං කුච‍්ඡිතො පවත‍්තං. මධුපිප‍්ඵලන‍්ති මධුරඵලං. රම‍්මකෙති රමණීයෙ. කිම‍්පුරිසායුතන‍්ති කිම‍්පුරිසෙහි ආයුතං පරිකිණ‍්ණං. සෙතසොගන්‍ධීකෙහි චාති නානප‍්පකාරෙහි සෙතුප‍්පලෙහි චෙව සොගන්‍ධිකෙහි ච සඤ‍්ඡන‍්නො. සීහොවාමිසපෙක‍්ඛීවාති ආමිසං පෙක‍්ඛන‍්තො සීහො විය.

එහි රාජිසි රජව සිට පැවිදි වූ සමාහිතා එකඟ වූ සිත් ඇති. එසා යනු දකුණු අත ඔසවා මේ පර්වත පාදයෙන් යවැයි කියන්නාහු. අච්ඡසි. වාසය කරන්නෙහි. ආපකං ගංගාව ජලවාහක ගංගාව, ගිරිගබ්හරං ගිරිකුසින් පවත්නා මධුවිප්ඵලං මිහිරිඵලයක්. රම්මකෙ රමණීය. කිමපුරිසායුතං කිඳුරන්ගෙන් ගැවසීගත්තා වූ. සෙතසොගන්‍ධියෙහි නොයෙක් ආකාර සුදුමල්වලින්ද හෙල්මැලි ආදියෙන් ද යුත්. සීහොවාමිසපෙක්ඛී ගොදුරක් බලාපොරොත්තුවන සිංහයකු මෙන්.

බින්‍දුස‍්සරාති සම‍්පිණ‍්ඩිතස‍්සරා. වග‍්ගූති මධුරස‍්සරා. කූජන‍්තමුපකූජන‍්තීති පඨමං කූජමානං පක‍්ඛිං පච‍්ඡා උපකූජන‍්ති. උතුසංපුප‍්ඵිතෙ දුමෙති උතුසමයෙ පුප‍්ඵිතෙ දුමෙ නිලීයිත්‍වා කූජන‍්තං උපකූජන‍්ති. සො දක‍්ඛිසීති සො ත්‍වං පස‍්සිස‍්සසීති අත්‍ථො. කරඤ‍්ජකකුධායුතන‍්ති කරඤ‍්ජරුක‍්ඛෙහි ච කකුධරුක‍්ඛෙහි ච සම‍්පරිකිණ‍්ණං. අප‍්පටිගන්‍ධියන‍්ති පටිකූලගන්‍ධවිරහිතං මධුරොදකපරිකිණ‍්ණංනානප‍්පකාරපදුමුප‍්පලාදීහි සඤ‍්ඡන‍්නං. පණ‍්ණසාලං අමාපයාති පණ‍්ණසාලං මාපෙය්‍යාසි. අමාපෙත්‍වාති මාපෙත්‍වා. උඤ‍්ඡාචරියාය ඊහථාති අථ තුම‍්හෙ, දෙව, උඤ‍්ඡාචරියාය යාපෙන‍්තා අප‍්පමත‍්තා ඊහථ, ආරද‍්ධවීරියා හුත්‍වා විහරෙය්‍යාථාති අත්‍ථො.

බින්‍දුස්සරා එක්වූ හඬ. වග්ගු මිහිරි ස්වරය. කුජ්ජන්ත මු පකුජ්ජන්ති පළමුව කූජනය කරන පක්‍ෂියා අනුව නැවත කූජනය කරති. උතුසංපුප්ඵිතෙ දුමෙ. සෘතුවෙහි මල් පිපුණු ගස්වල සිට කූජනය කරන පක්‍ෂීන් අනුව කූජනය කරත්. සොදක්ඛසි ඔහු ඔබව දකින්නේය. කරඤ්ජකකුධායුතං කරඳ ගස්වලින්ද කුඹුක් ගස්වලින්ද ගැවසීගත්තා වූ. අප්පටිගන්‍ධියං පිළිකුල් ගඳ රහිත මිහිරි ජලයෙන් යුත් නොයෙක් ආකාර නෙළුම්, උපුල් පුෂ්පයන්ගෙන් ගැවසීගත්. පණ්ණසාලං අමාපය පන්සලක් මවන්නෙහි. අමාපෙත්‍වා මවා. උඤ්ජාචරියාය ඊහථා ඉක්බිති දේවයිනි, ඔබ වනමුල්, වනඵලයන්ගෙන් යැපෙමින් අප්‍රමාදී වන්න. අරඹන ලද වීර්යය ඇතිව වාසය කරන්න යන අර්ථයි.

එවං තෙ රාජානො තස‍්ස පන‍්නරසයොජනමග‍්ගං ආචික‍්ඛිත්‍වා තං උය්‍යොජෙත්‍වා වෙස‍්සන‍්තරස‍්ස අන‍්තරායභයස‍්ස විනොදනත්‍ථං “මා කොචිදෙව පච‍්චාමිත‍්තො ඔකාසං ලභෙය්‍යා”ති චින‍්තෙත්‍වා එකං බ්‍යත‍්තං සුසික‍්ඛිතං චෙතපුත‍්තං ආමන‍්තෙත්‍වා “ත්‍වං ගච‍්ඡන‍්තෙ ච ආගච‍්ඡන‍්තෙ ච පරිග‍්ගණ‍්හාහී”ති වනද‍්වාරෙ ආරක‍්ඛණත්‍ථාය ඨපෙත්‍වා සකනගරං ගමිංසු. වෙස‍්සන‍්තරොපි සපුත‍්තදාරො ගන්‍ධමාදනපබ‍්බතං පත්‍වා, තං දිවසං තත්‍ථ වසිත්‍වා තතො උත‍්තරාභිමුඛො වෙපුල‍්ලපබ‍්බතපාදෙන ගන‍්ත්‍වා, කෙතුමතියා නාම නදියා තීරෙ නිසීදිත්‍වා වනචරකෙන දින‍්නං මධුමංසං ඛාදිත්‍වා තස‍්ස සුවණ‍්ණසූචිං දත්‍වා තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා පටිප‍්පස‍්සද‍්ධදරථො නදිතො උත‍්තරිත්‍වා සානුපබ‍්බතසිඛරෙ ඨිතස‍්ස නිග්‍රොධස‍්ස මූලෙ ථොකං නිසීදිත්‍වා නිග්‍රොධඵලානි ඛාදිත්‍වා උට‍්ඨාය ගච‍්ඡන‍්තො නාළිකං නාම පබ‍්බතං පත්‍වා තං පරිහරන‍්තො මුචලින්‍දසරං ගන‍්ත්‍වා සරස‍්ස තීරෙන පුබ‍්බුත‍්තරකණ‍්ණං පත්‍වා, එකපදිකමග‍්ගෙන වනඝටං පවිසිත්‍වා තං අතික‍්කම‍්ම ගිරිවිදුග‍්ගානං නදිප‍්පභවානං පුරතො චතුරංසපොක‍්ඛරණිං පාපුණි.

මෙසේ ඒ රජවරු ඔහුට පසළොස් යොදුන් මාර්ගය කියා දී ඔහුව පිටත්කර යවා වෙසතුරු රජුට අනතුරු බිය නැතිකිරීම පිණිස කිසිම සතුරකු එහි යාමට අවස්ථාව නො ලබාවායි සිතා එක් දක්‍ෂ මනාව හික්මවන ලද කුලීකරුවකු ඔබ යන එන කල්හි පරීක්‍ෂා කරවවයි. වනයට ඇතුල්වන තැන ආරක්‍ෂාව සඳහා තබා තමන්ගේ නුවරටම ගියහ. වෙස්සන්තර රජුද දරුවන් සහ බිරිඳ සහිතව ගන්‍ධමාදන පර්වතයට ගොස් එම දවස එහි ගතකොට එයින් උතුරු දිසාවට අභිමුඛව විපුල පර්වත පාදයෙන් ගොස් කේතුමතී නම් ගංඉවුරේ සිට වනයෙහි හැසිරෙන්නන් විසින් දෙන ලද මීපැණි හා මස් කා ඔහුට රන්කූරක් දී නා පැන් පානය කොට සංසිඳුනු වෙහෙස ඇත්තේ නදියෙන් එතෙරව පර්වත ශිඛරයෙහි පිහිටි නිග්‍රෝධ රුකමුල ටිකවේලාවක් සිට නුගඵල අනුභවකොට අසුනින් නැගිටයන්නේ නාලික නම් වූ පර්වතයට පැමිණ එහි ඇවිදින්නේ මුචලින්ද විල්තෙරින් උතුරු කොනට පැමිණ අඩිපාරකින් වනරොදට පිවිස එය පසුකොට ගිරි දුර්ග, නදී දුර්ග, පර්වත දුර්ගයන්ගේ ඉදිරියේ පිහිටි ඒ සතරැස් පොකුණ ළඟට පැමිණියේය.

තස‍්මිං ඛණෙ සක‍්කො ආවජ‍්ජෙන‍්තො “මහාසත‍්තො හිමවන‍්තං පවිට‍්ඨො”ති ඤත්‍වා “තස‍්ස වසනට‍්ඨානං ලද‍්ධුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා විස‍්සකම‍්මං පක‍්කොසාපෙත්‍වා “ගච‍්ඡ, තාත, ත්‍වං වඞ‍්කපබ‍්බතකුඣච‍්ඡිම‍්හි රමණීයෙ ඨානෙ අස‍්සමපදං මාපෙත්‍වා එහී”ති පෙසෙසි. සො “සාධු, දෙවා”ති දෙවලොකතො ඔතරිත්‍වා තත්‍ථ ද‍්වෙ පණ‍්ණසාලායො ද‍්වෙ චඞ‍්කමෙ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි ච මාපෙත්‍වා චඞ‍්කමකොටියං තෙසු තෙසු ඨානෙසු නානාඵලධරෙ රුක‍්ඛෙ ච කදලිවනානි ච දස‍්සෙත්‍වා සබ‍්බෙ පබ‍්බජිතපරික‍්ඛාරෙ පටියාදෙත්‍වා “යෙ කෙචි පබ‍්බජිතුකාමා, තෙ ඉමෙ ගණ‍්හන‍්තූ”ති අක‍්ඛරානි ලිඛිත්‍වා අමනුස‍්සෙ ච භෙරවසද‍්දෙ මිගපක‍්ඛිනො ච පටික‍්කමාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතො.

ඒ මොහොතෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ආවර්ජනා කර බලන්නේ ඒ කාරණය දැනගෙන මහාසත්ත්වයන් හිමවතට පැමිණ ඇති බවත් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බවත් සිතා විශ්වකර්මයා කැඳවා දරුව, යව. ඔබ වංකගිරි පර්වතය තුළ රමණීය තැනක අසපුවක් මවා එව’යි විශ්වකර්මයාව පිටත්කර හැරියේය. හෙතෙම එහි ගොස් පන්සල් දෙකක් සක්මන්මළු දෙකක් රාත්‍රීස්ථාන, දිවාස්ථාන මවා සක්මන කෙළවර ඒ ඒ තැන්වල නොයෙක් මස් ද කෙසෙල් වනයන් ද පෙන්වා සියළු පැවිදි පිරිකර සපයා දී යම් කෙනෙක් පැවිදිවනු කැමැත්තේද මෙය ගනීවායි අකුරු ලියා අමනුෂ්‍යයන් ද බියජනක ශබ්දයන් ද මෘගයන් ද පක්‍ෂීන් ද ඉවත්කරවා සිය ස්ථානයටම ගියේය.

මහාසත‍්තො එකපදිකමග‍්ගං දිස‍්වා “පබ‍්බජිතානං වසනට‍්ඨානං භවිස‍්සතී”ති මද‍්දිඤ‍්ච පුත‍්තෙ ච අස‍්සමපදද‍්වාරෙ ඨපෙත්‍වා අස‍්සමපදං පවිසිත්‍වා අක‍්ඛරානි ඔලොකෙත්‍වා “සක‍්කෙනම‍්හි දිට‍්ඨො”ති ඤත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා ඛග‍්ගඤ‍්ච ධනුඤ‍්ච අපනෙත්‍වා සාටකෙ ඔමුඤ‍්චිත්‍වා රත‍්තවාකචීරං නිවාසෙත්‍වා අජිනචම‍්මං අංසෙ කත්‍වා ජටාමණ‍්ඩලං බන්‍ධිත්‍වා ඉසිවෙසං ගහෙත්‍වා කත‍්තරදණ‍්ඩං ආදාය පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිතසිරිං සමුබ‍්බහන‍්තො “අහො සුඛං, අහො සුඛං, පබ‍්බජ‍්ජා මෙ අධිගතා”ති උදානං උදානෙත්‍වා චඞ‍්කමං ආරුය‍්හ අපරාපරං චඞ‍්කමිත්‍වා පච‍්චෙකබුද‍්ධසදිසෙන උපසමෙන පුත‍්තදාරානං සන‍්තිකං අගමාසි. මද‍්දීපි මහාසත‍්තස‍්ස පාදෙසු පතිත්‍වා රොදිත්‍වා තෙනෙව සද‍්ධිං අස‍්සමපදං පවිසිත්‍වා අත‍්තනො පණ‍්ණසාලං ගන‍්ත්‍වා ඉසිවෙසං ගණ‍්හි. පච‍්ඡා පුත‍්තෙපි තාපසකුමාරකෙ කරිංසු. චත‍්තාරො ඛත‍්තියා වඞ‍්කපබ‍්බතකුච‍්ඡිම‍්හි වසිංසු. අථ මද‍්දී මහාසත‍්තං වරං යාචි “දෙව, තුම‍්හෙ ඵලාඵලත්‍ථාය වනං අගන‍්ත්‍වා පුත‍්තෙ ගහෙත්‍වා ඉධෙව හොථ, අහං ඵලාඵලං ආහරිස‍්සාමී”ති. තතො පට‍්ඨාය සා අරඤ‍්ඤතො ඵලාඵලානි ආහරිත්‍වා තයො ජනෙ පටිජග‍්ගති.

මහාසත්ත්වයෝ ද අඩිපාර දැක පැවිද්දන් වාසයකරන තැනක් වන්නේයැයි මද්‍රිදේවිය ද දරුවන් දෙදෙනා ද අසපුව දොරටුව ළඟ තබා තමන්ගේ අසපුවට පිවිස අකුරු බලා ශක්‍රයා විසින් දකින ලද්දේ වෙමියි දැනගෙන පන්සල් දොර විවෘත කර එහි පිවිස කඩුව ද දුන්න ද ඉවත්කර සළු ගලවා තවුස් වෙස් ගෙන හැරමිටිය රැගෙන පන්සලෙන් නික්ම සක්මනට නැග ඒමේ අත ඇවිද පසේ බුදු කෙනෙකුන්ට සමාන සංයමයකින් දරුවන් හා බිරිඳ සමීපයට ගියේය. මද්‍රිදේවිය මහාසත්ත්වයන්ගේ පාළග වැටී හඬා ඔහු සමග අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තාය. පසුව දරුවන්ටද තාපස කුමාරවරුන් කළේය. මේ ක්‍ෂත්‍රියයෝ සතරදෙන වංකගිරි පර්වතයෙහි වාසය කළහ. ඉක්බිති මද්‍රිදේවිය මහාසත්ත්වයන්ගෙන් වරයක් ඉල්වූවාය. ස්වාමීනි, ඔබවහන්සේ පලාඵල සොයා නොගොස් අවුත් දරුවන් රැගෙන මෙහිම සිටින්න. මම පලාඵල ගෙන එන්නෙමි. එතැන් පටන් ඇය වනයෙන් පලාඵල ගෙනවුත් තුන්දෙනාව පෝෂණය කරන්නීය.

බොධිසත‍්තොපි තං වරං යාචි “භද‍්දෙ, මද‍්දි මයං ඉතො පට‍්ඨාය පබ‍්බජිතා නාම, ඉත්‍ථී ච නාම බ්‍රහ‍්මචරියස‍්ස මලං, ඉතො පට‍්ඨාය අකාලෙ මම සන‍්තිකං මා ආගච‍්ඡාහී”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. මහාසත‍්තස‍්ස මෙත‍්තානුභාවෙන සමන‍්තා තියොජනෙ සබ‍්බෙ තිරච‍්ඡානාපි අඤ‍්ඤමඤ‍්ඤං මෙත‍්තචිත‍්තං පටිලභිංසු. මද‍්දීදෙවීපි පාතොව උට‍්ඨාය පානීයපරිභොජනීයං උපට‍්ඨාපෙත්‍වා මුඛොදකං ආහරිත්‍වා දන‍්තකට‍්ඨං දත්‍වා අස‍්සමපදං සම‍්මජ‍්ජිත්‍වා ද‍්වෙ පුත‍්තෙ පිතු සන‍්තිකෙ ඨපෙත්‍වා පච‍්ඡිඛණිත‍්තිඅඞ‍්කුසහත්‍ථා අරඤ‍්ඤං පවිසිත්‍වා වනමූලඵලාඵලානි ආදාය පච‍්ඡිං පූරෙත්‍වා සායන‍්හසමයෙ අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා පණ‍්ණසාලාය ඵලාඵලං ඨපෙත්‍වා න‍්හත්‍වා පුත‍්තෙ න‍්හාපෙසි. අථ චත‍්තාරොපි ජනා පණ‍්ණසාලාද‍්වාරෙ නිසීදිත්‍වා ඵලාඵලං පරිභුඤ‍්ජන‍්ති. තතො මද‍්දී පුත‍්තෙ ගහෙත්‍වා අත‍්තනො පණ‍්ණසාලං පාවිසි. ඉමිනා නියාමෙන තෙ පබ‍්බතකුච‍්ඡිම‍්හි සත‍්ත මාසෙ වසිංසූති.

බෝධිසත්ත්වයෝ ද ඇගෙන් වරයක් ඉල්වීය. මද්‍රිය අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය වනාහි බ්‍රහ්මචරියාවට කිලුටයි. මෙතැන් පටන් නුසුදුසු වේලාවෙහි මා සමීපයට නොඑන්න. ඕ තොමෝ යහපතැයි පිළිගත්තාය. මහාසත්ත්වයන්ගේ මෙත්‍රී ආනුභාවයෙන් හාත්පසින් යොදුන් තුනක් තුළ සියළු තිරිසන්ගත සත්ත්වයෝ ඔවුනොවුන් මෛත්‍රිය ලැබූහ. මද්‍රි දේවියද උදෑසනම පිබිද, පාවිච්චියට අවශ්‍ය තැන්ද සූදානම් කර තබා මුවදෝනා පැන් ද ගෙනවුත් දැහැටිදඬු දී අසපුව හැමද දරුවන් දෙදෙනාව පියා සමීපයේ රඳවා පැස බිම කණින යකඩයත්, කෙක්කත් ගත් අත් ඇතිව වනයට පිවිස වනමුල් ඵලාඵල ද රැගෙනවුත් පැස පුරවා සවස් වේලාවේ අවුත් පන්සලෙහි පලාඵල තබා දියනා දරුවන් දියනාවයි. ඉක්බිති ක්‍ෂත්‍රියයෝ සතරදෙන පන්සල දොරටුවේ සිට පලාඵල අනුභව කරත්. ඉක්බිති මද්‍රි දේවිය දරුවන් දෙදෙනා රැගෙන තමන්ගේ පන්සලට යන්නීය. මේ අයුරින් පර්වතය තුළ සත්මසක් ජීවත් වූහ.

වනපවෙසනකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

වනයට පිවිසීමේ කොටස නිමියේ ය.