යෙදුමෙන් කියවන්න

ජූජකපබ‍්බවණ‍්ණනා අට‍්ඨකථා

ජූජකපබ‍්බවණ‍්ණනා

ජූජක කාණ්ඩය

තදා කාලිඞ‍්ගරට‍්ඨෙ දුන‍්නිවිට‍්ඨබ්‍රාහ‍්මණගාමවාසී ජූජකො නාම බ්‍රාහ‍්මණො භික‍්ඛාචරියාය කහාපණසතං ලභිත්‍වා එකස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ ඨපෙත්‍වා පුන ධනපරියෙසනත්‍ථාය ගතො. තස‍්මිං චිරායන‍්තෙ බ්‍රාහ‍්මණකුලා කහාපණසතං වලඤ‍්ජෙත්‍වා පච‍්ඡා ඉතරෙන ආගන‍්ත්‍වා චොදියමානා කහාපණෙ දාතුං අසක‍්කොන‍්තා අමිත‍්තතාපනං නාම ධීතරං තස‍්ස අදංසු. සො තං ආදාය කාලිඞ‍්ගරට‍්ඨෙ දුන‍්නිවිට‍්ඨබ්‍රාහ‍්මණගාමං ගන‍්ත්‍වා වසි. අමිත‍්තතාපනා සම‍්මා බ්‍රාහ‍්මණං පරිචරති. අථ අඤ‍්ඤෙ තරුණබ්‍රාහ‍්මණා තස‍්සා ආචාරසම‍්පත‍්තිං දිස‍්වා “අයං මහල‍්ලකබ්‍රාහ‍්මණං සම‍්මා පටිජග‍්ගති, තුම‍්හෙ පන අම‍්හෙසු කිං පමජ‍්ජථා”ති අත‍්තනො අත‍්තනො භරියායො තජ‍්ජෙන‍්ති. තා “ඉමං අමිත‍්තතාපනං ඉමම‍්හා ගාමා පලාපෙස‍්සාමා”ති නදීතිත්‍ථාදීසු සන‍්නිපතිත්‍වා තං පරිභාසිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

එකල්හි කලිඟු රටේ දුන්නිවිට්ඨ බ්‍රාහ්මණ ගමෙහි වැසි ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සඳහා ගියේය. ඔහු ආපසු ඒමට ප්‍රමාදවන කල්හි බ්‍රාහ්මණ ගෙදර අය කහවණු වියදම්කොට පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබඳව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තතාපා නම් දුවණියව ඔහුට දුන්නේය. ඔහු ඇයව රැගෙන කලිඟු රටේ දුන්නිවිට්ඨ ගමට ගොස් ජීවත්විය. අමිත්තාපාව බ්‍රාහ්මණයාට හොඳින් සළකන්නීය. ඉක්බිති අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලී බව දැක මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය. නුඹලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නහුදැයි තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරති. ඒ කාන්තාවෝ මේ අමිත්තතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිදී රැස්වී ඇයට නින්දා කළහ. මේ කාරණය දේශනාකරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“අහු වාසී කලිඞ‍්ගෙසු, ජූජකො නාම බ්‍රාහ‍්මණො; තස‍්සාසි දහරා භරියා, නාමෙනාමිත‍්තතාපනා.

කලිඟුරට වැසි ජූජක නම් බමුණෙක් විය. ඕ හට අමිත්තතාපා නම් වූ තරුණ අඹුවක් වූවාය.

“තා නං තත්‍ථ ගතාවොචුං, නදිං උදකහාරියා; ථියො නං පරිභාසිංසු, සමාගන‍්ත්‍වා කුතූහලා.

එගම්හි කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගියාහු ඒ අමිත්තතාපාට මෙසේ කීවාහ. ඒ ස්ත්‍රීහු කුතුහලයෙන් මෙන් පිරිවරාගෙන ඇයට පරිභව කරන්නට වූහ.

“අමිත‍්තා නූන තෙ මාතා, අමිත‍්තො නූන තෙ පිතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවර තරුණ බවක් ඇති කල්හි යම්කෙනෙක්තී මේ ජරපත් මහල්ලාට දුන්නහුද තීගේ ඒ මව සැතිරියකියි සිතම්භ. තිගේ ඒ පියා සතුරෙකැයි හඟිම්හ.

“අහිතං වත තෙ ඤාතී, මන‍්තයිංසු රහොගතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවන් ළදරු බව ඇති කල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්නුද තිගේ ඒ නෑයෝ රහසිගතව තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

“අමිත‍්තා වත තෙ ඤාතී, මන‍්තයිංසු රහොගතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

[missing trans]

“දුක‍්කටං වත තෙ ඤාතී, මන‍්තයිංසු රහොගතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවන් සොඳුරු ළදරු බව ඇති කල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ රහසිගතවැ තිම දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

“පාපකං වත තෙ ඤාතී, මන‍්තයිංසු රහොගතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ රහසිගතවැ තිට පව්කම්ක මන්ත්‍රණය කළාහු වන.

“අමනාපං වත තෙ ඤාතී, මන‍්තයිංසු රහොගතා; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවන් තුරුණුබව ඇති කල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්නුද තීගේ ඒ නෑයෝ එකලා වැහිඳ හිඳ තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

“අමනාපවාසං වසි, ජිණ‍්ණෙන පතිනා සහ; යා ත්‍වං වසසි ජිණ‍්ණස‍්ස, මතං තෙ ජීවිතා වරං.

මෙවන් ළදරුබව ඇති කල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බඳු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තීගේ ජීවිතයට වඩා මරණය උතුම්ය.

“න හි නූන තුය‍්හං කල්‍යාණි, පිතා මාතා ච සොභනෙ; අඤ‍්ඤං භත‍්තාරං වින්‍දිංසු, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු; එවං දහරියං සතිං.

කල්‍යාන වූ සොඳුරිය, මෙවර තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්නුද ඒ තීගේ මවුද පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.

“දුයිට‍්ඨං තෙ නවමියං, අකතං අග‍්ගිහුත‍්තකං; යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු, එවං දහරියං සතිං.

මෙවන් දහර බව ඇති කල්හි ඒ යම්කෙනෙක් මහල්ලාට දුන්නුද ඒ තී විසින් නවමී යාගය නපුරුකොට පුදන ලද වන. තී විසින් ගිනිපූජා නොකරන ලද්දේවන.

“සමණෙ බ්‍රාහ‍්මණෙ නූන, බ්‍රහ‍්මචරියපරායණෙ; සා ත්‍වං ලොකෙ අභිසපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; යා ත්‍වං වසසි ජිණ‍්ණස‍්ස, එවං දහරියා සතී.

මෙවන් තරුණ බවක් ඇති කල්හි යම්බඳු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඒ තොප ලෝකයේ බඹසරෙහි නියැලි සිල්වත්, බොහෝ ඇසූපිරූ තැන් ඇති මහණ බමුණන්ට ආක්‍රෝෂ කළෙහි වන.

“න දුක‍්ඛං අහිනා දට‍්ඨං, න දුක‍්ඛං සත‍්තියා හතං; තඤ‍්ච දුක‍්ඛඤ‍්ච තිබ‍්බඤ‍්ච, යං පස‍්සෙ ජිණ‍්ණකං පතිං.

නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි. යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.

“නත්‍ථි ඛිඩ‍්ඩා නත්‍ථි රති, ජිණ‍්ණෙන පතිනා සහ; නත්‍ථි ආලාපසල‍්ලාපො, ජග‍්ඝිතම‍්පි න සොභති.

මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී.

“යදා ච දහරො දහරා, මන‍්තයන‍්ති රහොගතා; සබ‍්බෙසං සොකා නස‍්සන‍්ති, යෙ කෙචි හදයස‍්සිතා.

යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිවැ හිඳ රහස් කියද්ද එසඳ ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයෙන් නසිති.

“දහරා ත්‍වං රූපවතී, පුරිසානංභිපත්‍ථිතා; ගච‍්ඡ ඤාතිකුලෙ අච‍්ඡ, කිං ජිණ‍්ණො රමයිස‍්සතී”ති.

තෝ ළදැරියෙහි රූමත්ය. පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න. නෑයන්ගේ ගෙයි වසන්න. මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද?

තත්‍ථ අහූති අහොසි. වාසී කලිඞ‍්ගෙසූති කාලිඞ‍්ගරට‍්ඨෙසු දුන‍්නිවිට‍්ඨබ්‍රාහ‍්මණගාමවාසී. තා නං තත්‍ථ ගතාවොචුන‍්ති තත්‍ථ ගාමෙ තා ඉත්‍ථියො නදීතිත්‍ථෙ උදකහාරිකා හුත්‍වා ගතා නං අවොචුං. ථියො නං පරිභාසිංසූති ඉත්‍ථියො න අඤ‍්ඤං කිඤ‍්චි අවොචුං, අථ ඛො නං පරිභාසිංසු. කුතූහලාති කොතූහලජාතා විය හුත්‍වා. සමාගන‍්ත්‍වාති සමන‍්තා පරික‍්ඛිපිත්‍වා. දහරියං සතින‍්ති දහරිං තරුණිං සොභග‍්ගප‍්පත‍්තං සමානං. ජිණ‍්ණස‍්සාති ජරාජිණ‍්ණස‍්ස ගෙහෙ. දුයිට‍්ඨං තෙ නවමියන‍්ති තව නවමියං යාගං දුයිට‍්ඨං භවිස‍්සති, සො තෙ යාගපිණ‍්ඩො පඨමං මහල‍්ලකකාකෙන ගහිතො භවිස‍්සති. “දුයිට‍්ඨා තෙ නවමියා”තිපි පාඨො, නවමියා තයා දුයිට‍්ඨා භවිස‍්සතීති අත්‍ථො. අකතං අග‍්ගිහුත‍්තකන‍්ති අග‍්ගිජුහනම‍්පි තයා අකතං භවිස‍්සති. අභිසපීති සමණබ්‍රාහ‍්මණෙ සමිතපාපෙ වා බාහිතපාපෙ වා අක‍්කොසි. තස‍්ස තෙ පාපස‍්ස ඉදං ඵලන‍්ති අධිප‍්පායෙනෙව ආහංසු. ජග‍්ඝිතම‍්පි න සොභතීති ඛණ‍්ඩදන‍්තෙ විවරිත්‍වා හසන‍්තස‍්ස මහල‍්ලකස‍්ස හසිතම‍්පි න සොභති. සබ‍්බෙසං සොකා නස‍්සන‍්තීති සබ‍්බෙ එතෙසං සොකා විනස‍්සන‍්ති. කිං ජිණ‍්ණොති අයං ජිණ‍්ණො තං පඤ‍්චහි කාමගුණෙහි කථං රමයිස‍්සතීති.

එහි අහූ යනු විය. වාසිකලිංගෙසු කලිඟු රටේ දුන්නිවිට්ඨ ගම්වැසි. තා නං තත්‍ථගතා වොචුං ඒ ගමෙහි ස්ත්‍රීහු ගඟෙන් දිය ගෙනයන්නාහු ඇයට මෙසේ කීවාහුය. ඊයොනං ඒ ස්ත්‍රීහු වෙන කිසිවක් නොකීවාහ. ඉක්බිති ඇයට නින්දා කළහ. කුතූහලා කුහුළින් යුක්ත වූවාහු මෙන් වී. සමාගනත්‍වා හාත්පසින් වටකොට. දහරියං ලාබාල තරුණිය සෞභාග්‍ය බවට පත්. ජිණ්ණස්ස ජරපත් මහල්ලාගේ ගෙයි. දුය්‍යිට්ඨං තෙ නවමියං ඔබ විසින් නවමියාගය වැරදි ලෙස කළා විය යුතුයි. ඔබගේ යාගපිණ්ඩය පළමුවෙන් මහළු කවුඩකු විසින් ගන්නා ලද්දේ වන්නේය. දුය්‍යට්ඨා තෙ නවමියා යයිද පාඨයකි. නුඹ විසින් නවමී යාගය වරදවා කරන ලදැයි යන අර්ථයි. අකතං අග්ගි හුත්තකං ඔබ විසින් ගිනි දෙවියන් පිදීමද නොකළා වන්නෙහි. අභිසපී ආක්‍රෝස කළේය. ඔබගේ ඒ පාපයාගේ මේ ඵලයයි. යන අදහසින් කීවාහුය. ජග්ඝිතම්පි නසොභති කඩදත් ඇති මුව විවරකර සිනාසෙන මහල්ලාගේ සිනහවද නොහොබනේය. සබ්බෙසං සොකා නස්සන්ති මොවුන්ගේ මේ සියළු ශෝකයෝ නැතිවන්නාහ. කිං ඡිණ්ණො මේ ජරපත් මහල්ලා කෙසේනම් නුඹව පංචකාම ගුණයන්ගෙන් රමණය කරන්නේද?

සා තාසං සන‍්තිකා පරිභාසං ලභිත්‍වා උදකඝටං ආදාය රොදමානා ඝරං ගන‍්ත්‍වා “කිං භොති රොදසී”ති බ්‍රාහ‍්මණෙන පුට‍්ඨා තස‍්ස ආරොචෙන‍්තී ඉමං ගාථමාහ –

ඇය ඔවුන් ඉදිරියේ අපහාස විඳ දියකළය ගෙන හඬමින් ගෙට ගොස්, සොඳුරිය අඬන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට දන්වමින් මේ ගාථාව කීවාය.

“න තෙ බ්‍රාහ‍්මණ ගච‍්ඡාමි, නදිං උදකහාරියා; ථියො මං පරිභාසන‍්ති, තයා ජිණ‍්ණෙන බ්‍රාහ‍්මණා”ති.

බමුණ, තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගඟට නොයමි.

තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණ, තයා ජිණ‍්ණෙන මං ඉත්‍ථියො පරිභාසන‍්ති, තස‍්මා ඉතො පට‍්ඨාය තව උදකහාරිකා හුත්‍වා නදිං න ගච‍්ඡාමීති.

අර්ථය : බමුණ තොපගේ මහළුබව නිසා ස්ත්‍රීහු මට අවමන් ඒ නිසා මෙතැන් පටන් ඔබට ජලය ගෙන ඒමට ගඟට නොයන්නෙමි.

ජූජකො ආහ –

ජූජක තෙමේ කීය.

“මා මෙ ත්‍වං අකරා කම‍්මං, මා මෙ උදකමාහරි; අහං උදකමාහිස‍්සං, මා භොති කුපිතා අහූ”ති.

තෙපි මට මෙහෙ නොකරව. මට දියගෙන ඒම නොකරන්න. මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙව.

තත්‍ථ උදකමාහිස‍්සන‍්ති භොති අහං උදකං ආහරිස‍්සාමි.

එහි උදකමාභිස්සං යනු මම දිය ගෙනෙන්නෙමි.

බ්‍රාහ‍්මණී ආහ –

බැමිණිය කීවාය.

“නාහං තම‍්හි කුලෙ ජාතා, යං ත්‍වං උදකමාහරෙ; එවං බ්‍රාහ‍්මණ ජානාහි, න තෙ වච‍්ඡාමහං ඝරෙ.

යම්හෙයකින් තෙපි දිය ගෙනෙන්නහු නම් වනාහි එවන් කුලෙහි නූපන්මි. බමුණ, මම තොපගේ ගෙයි නොවසන්නෙමි. දනුව.

“සචෙ මෙ දාසං දාසිං වා, නානයිස‍්සසි බ්‍රාහ‍්මණ; එවං බ්‍රාහ‍්මණ ජානාහි, න තෙ වච‍්ඡාමි සන‍්තිකෙ”ති.

බමුණ ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙන්නහු නම් තොප කෙරෙහි නොවසන්නෙමු.

තත්‍ථ නාහන‍්ති බ්‍රාහ‍්මණ, යම‍්හි කුලෙ සාමිකො කම‍්මං කරොති, නාහං තත්‍ථ ජාතා. යං ත්‍වන‍්ති තස‍්මා යං උදකං ත්‍වං ආහරිස‍්සසි, න මය‍්හං තෙන අත්‍ථො.

එහි නාහං යනු යම්කුලයක ස්වාමියෝ වැඩකරත්ද, මම එබඳු කුලයක නූපන්නේ වෙමි. යං ත්‍වං යම්හෙයකින් ඔබ ජලය ගෙනෙන්නේද මට එයින් වැඩක් නැත.

ජූජකො ආහ –

ජූජකයා කීය.

“නත්‍ථි මෙ සිප‍්පඨානං වා, ධනං ධඤ‍්ඤඤ‍්ච බ්‍රාහ‍්මණි; කුතොහං දාසං දාසිං වා, ආනයිස‍්සාමි භොතියා; අහං භොතිං උපට‍්ඨිස‍්සං, මා භොති කුපිතා අහූ”ති.

බැමිණිය, මා සතු ශිල්පයක් හෝ ධනයක් ධාන්‍යයක් නැත. මම කෙසේනම් තිට දාසයෙක් හෝ දාසියක් ගෙනෙන්නෙම්ද? මම තිට මෙහෙ කරමි. පින්වතිය, කෝප නොවන්න.

බ්‍රාහ‍්මණී ආහ –

බැමිණිය කීවාය.

“එහි තෙ අහමක‍්ඛිස‍්සං, යථා මෙ වචනං සුතං; එස වෙස‍්සන‍්තරො රාජා, වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

එව. යම්සේ මා විසින් තෙපුලක් අසන ලදද එහෙයින් මම තොපට එය කියමි. තෙල වෙසතුරු මහරජ, වංකගිරියෙහි වසයි.

“තං ත්‍වං ගන‍්ත්‍වාන යාචස‍්සු, දාසං දාසිඤ‍්ච බ්‍රාහ‍්මණ; සො තෙ දස‍්සති යාචිතො, දාසං දාසිඤ‍්ච ඛත‍්තියො”ති.

බමුණ, තොප එහි ගොස් ඔහුගෙන් දාසයකු හෝ වැස්සක ඉල්වව. තොපට විසින් ඉල්ලා සිටින ලද ඒ රජ තොපට දාසයකුද දාසියකද දෙන්නේය.

තත්‍ථ එහි තෙ අහමක‍්ඛිස‍්සන‍්ති අහං තෙ ආචික‍්ඛිස‍්සාමි. ඉදං සා දෙවතාධිග‍්ගහිතා හුත්‍වා ආහ.

එහි එහි තෙ අහමක්ඛිස්සං මම ඔබට කියන්නෙමි. ඕ තොමෝ මෙය දේවතාවක් අධිගෘහිත වීමෙන් කියන ලදී.

ජූජකො ආහ –

ජූජකයා කීය.

“ජිණ‍්ණොහමස‍්මි දුබ‍්බලො, දීඝො චද‍්ධා සුදුග‍්ගමො; මා භොති පරිදෙවෙසි, මා ච ත්‍වං විමනා අහු; අහං භොතිං උපට‍්ඨිස‍්සං, මා භොති කුපිතා අහූ”ති.

මම මහල්ලෙමි. බල නැත්තෙමි. මඟද දික්වෙයි. අතිශය දුර්ගමයැ පින්වතිය, නොහඬන්න. තෙපි දොම්නස් නොවව. මම ඔබට මෙහෙ කරමි. නොකිපෙන්න.

තත්‍ථ ජිණ‍්ණොහමස‍්මීති භද‍්දෙ, අහං ජිණ‍්ණො අම‍්හි, කථං ගමිස‍්සාමීති.

එහි ජිණ්ණො හමස්මි සොඳුර, මම මහළුය. කෙසේ යන්නෙම්ද.

බ්‍රාහ‍්මණී ආහ –

බ්‍රාහ්මණිය කීවාය.

“යථා අගන‍්ත්‍වා සඞ‍්ගාමං, අයුද‍්ධොව පරාජිතො; එවමෙව තුවං බ්‍රහ‍්මෙ, අගන‍්ත්‍වාව පරාජිතො.

බමුණ, යම්සේ සටනට නොගොස් යුද්ධයක් නොකරම පරාජය වූයෙහිද එපරිද්දෙන් ම තෙපි නොගොස්ම පරාජිත වූවෙහිය.

“සචෙ මෙ දාසං දාසිං වා, නානයිස‍්සසි බ්‍රාහ‍්මණ; එවං බ්‍රාහ‍්මණ ජානාහි, න තෙ වච‍්ඡාමහං ඝරෙ; අමනාපං තෙ කරිස‍්සාමි, තං තෙ දුක‍්ඛං භවිස‍්සති.

බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙනෙන්නෙහු නම් මම තොපගේ ගෙයි නොවසමි. බමුණ, මෙසේ දැනගනුව. තොපට රුචිනොවන දෙයක් කරමි. ඒ තොපට දුක් වන්නේය.

“නක‍්ඛත‍්තෙ උතුපුබ‍්බෙසු, යදා මං දක‍්ඛිසිලඞ‍්කතං; අඤ‍්ඤෙහි සද‍්ධිං රමමානං, තං තෙ දුක‍්ඛං භවිස‍්සති.

යම්කලෙක ඍතු සම්බන්ධයේදී පවත්නා සැණකෙළියේ සර්වාභරණයෙන් සැරසුණු මා අන් පිරිමින් හා රමනය කරන්නිය දක්නහුද ඒ තොපට දුක්වන්නේය.

“අදස‍්සනෙන මය‍්හං තෙ, ජිණ‍්ණස‍්ස පරිදෙවතො; භිය්‍යො වඞ‍්කා ච පලිතා, බහූ හෙස‍්සන‍්ති බ්‍රාහ‍්මණා”ති.

මා නොදැල්ලෙන් හඬන්නා වූ මහළු තොපගේ කුදු බව බොහෝ වන්නේය. පැසුණු කෙහෙද බොහෝ වන්නේය.

තත්‍ථ අමනාපං තෙති වෙස‍්සන‍්තරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා දාසං වා දාසිං වා අනාහරන‍්තස‍්ස තව අරුච‍්චනකං කම‍්මං කරිස‍්සාමි. නක‍්ඛත‍්තෙ උතුපුබ‍්බෙසූති නක‍්ඛත‍්තයොගවසෙන වා ඡන‍්නං උතූනං තස‍්ස තස‍්ස පුබ‍්බවසෙන වා පවත‍්තෙසු ඡණෙසු.

එහි අමනාපංතෙ වෙස්සන්තර සමීපයට ගොස් දාසයකු හෝ දාසියක නො ගෙනෙන්නහු නම් තොපට රුචිනොවන දෙයක් කරන්නෙමි. නක්ඛත්තෙ නැකැත් යෙදීම් වශයෙන් වශයෙන් හෝ සෘතු හය සම්බන්ධව ඒ ඒ සතුව සම්බන්ධවීම් වශයෙන් පවත්වන සැණකෙළිවලදී.

තං සුත්‍වා බ්‍රාහ‍්මණො භීතො අහොසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

එය අසා බ්‍රාහ්මණයා බිය විය. ඒ කරුණ ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“තතො සො බ්‍රාහ‍්මණො භීතො, බ්‍රාහ‍්මණියා වසානුගො; අට‍්ටිතො කාමරාගෙන, බ්‍රාහ‍්මණිං එතදබ්‍රවි.

ඉක්බිති ඒ බමුණු බියපත්වැ බැමිණියගේ වසයට ගියේ කාමරාගයෙන් පෙළන ලද්දේ බැමිණියට මේ කාරණය කීවේය.

“පාථෙය්‍යං මෙ කරොහි ත්‍වං, සංකුල්‍යා සගුළානි ච; මධුපිණ‍්ඩිකා ච සුකතායො, සත‍්තුභත‍්තඤ‍්ච බ්‍රාහ‍්මණි.

බැමිණිය, තෙපි සංකුල නම් වූ කැවිලි ද සකුරුනම් වූ කැවිලි ද මනාව සෑදූ අත්වටද අත්සුණු ද බත්මුලක් ද මට මග උපකරණ ලෙස දෙන්න.

“ආනයිස‍්සං මෙථුනකෙ, උභො දාසකුමාරකෙ; තෙ තං පරිචරිස‍්සන‍්ති, රත‍්තින්‍දිවමතන්‍දිතා”ති.

සමාන කුල ඇති කුමරුවන් දෙදෙනකු තොපට දාසයන් පිණිස ගෙනෙන්නෙහි ඔව්හු දිවාරාත්‍රී නොමැළිව තොපට මෙහෙ කරන්නාහ.

තත්‍ථ අට‍්ටිතොති උපද‍්දුතො පීළිතො. සගුළානි චාති සගුළපූවෙ ච. සත‍්තුභත‍්තන‍්ති බද‍්ධසත‍්තුඅබද‍්ධසත‍්තුඤ‍්චෙව පුටභත‍්තඤ‍්ච. මෙථුනකෙති ජාතිගොත‍්තකුලපදෙසෙහි සදිසෙ. දාසකුමාරකෙති තව දාසත්‍ථාය කුමාරකෙ.

එහි අට්ටිතො උවදුරුවලට පාත්‍ර වූයේ, පීඩාවට පත්වූයේ, සගුළානිච සකුල නම් වූ කැවිලි. සත්තුභත්තං බදින ලද පිටි, නොබැදි පිටි, පිටිබත්. මෙථුනකෙ ජාති, ගෝත්‍ර කුල වශයෙන් සමාන. දාසකුමාරකෙ ඔබගේ දාසයන් ලෙස තරුණයන්.

සා ඛිප‍්පං පාථෙය්‍යං පටියාදෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ආරොචෙසි. සො ගෙහෙ දුබ‍්බලට‍්ඨානං ථිරං කත්‍වා ද‍්වාරං සඞ‍්ඛරිත්‍වා අරඤ‍්ඤා දාරූනි ආහරිත්‍වා ඝටෙන උදකං ආහරිත්‍වා ගෙහෙ සබ‍්බභාජනානි පූරෙත්‍වා තත්‍ථෙව තාපසවෙසං ගහෙත්‍වා “භද‍්දෙ, ඉතො පට‍්ඨාය විකාලෙ මා නික‍්ඛමි, යාව මමාගමනා අප‍්පමත‍්තා හොහී”ති ඔවදිත්‍වා උපාහනං ආරුය‍්හ පාථෙය්‍යපසිබ‍්බකං අංසෙ ලග‍්ගෙත්‍වා අමිත‍්තතාපනං පදක‍්ඛිණං කත්‍වා අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි රොදිත්‍වා පක‍්කාමි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඕ තොමෝ වහා මාර්ගෝපකරණ පිළියෙල කරදී බ්‍රාහ්මණයාට දැන්වීය. හෙතෙම ගෙයි දුබල තැන් ශක්තිමත් කර දොර අලුත්වැඩියා කර වනයෙන් දර ගෙනවුත් කලයෙන් පැන් ගෙනවුත් සියළු භාජන පුරවා එහිදීම තවුස් වෙස් ගෙන, සොඳුර මෙතැන් සිට අකාලයෙහි ගෙයින් පිටත නොයන්න. මා ආපසු එනතෙක් අප්‍රමාදී වන්නයැයි අවවාද දී පාවහන් ගලවා මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපාව ප්‍රදක්‍ෂිණාකොට වැඳ කඳුළින් පිරුණු දෙනෙතින් යුතුව පිටත්ව ගියේය. ඒ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“ඉදං වත්‍වා බ්‍රහ‍්මබන්‍ධු, පටිමුඤ‍්චි උපාහනා; තතො සො මන‍්තයිත්‍වාන, භරියං කත්‍වා පදක‍්ඛිණං.

බමුණු මෙසේ කියා පාවහන් මුදාලීය. ඉක්බිති හේ රහසින් ඔවාදී අඹුව පැදකුණු කොට,

“පක‍්කාමි සො රුණ‍්ණමුඛො, බ්‍රාහ‍්මණො සහිතබ‍්බතො; සිවීනං නගරං ඵීතං, දාසපරියෙසනං චර”න‍්ති.

ඒ බමුණු සමාදන් වූ ව්‍රත ඇතියේ වලප්නා මුහුණු ඇතියේ දැසිදසුන් සොයා ඇවිදින්නේ සිවීන්ගේ සම්පත්තියෙන් විපුල වූ ජයතුරා නුවරට පිටත්ව ගියේය.

තත්‍ථ රුණ‍්ණමුඛොති රුදංමුඛො. සහිතබ‍්බතොති සමාදින‍්නවතො, ගහිතතාපසවෙසොති අත්‍ථො. චරන‍්ති දාසපරියෙසනං චරන‍්තො සිවීනං නගරං ආරබ‍්භ පක‍්කාමි.

එහි රුණ්ණාමුඛො වලප්නා මුහුණු ඇත්තේ. සහිතබ්බතො සමාදන් වූ ව්‍රත ඇත්තේ, ගන්නා ලද තවුස් වෙස් ඇති යන අර්ථයි. චරං යනු දාසිදාසයන් සොයමින් සිවින්ගේ නුවරට පිටත්ව ගියේය.

සො තං නගරං ගන‍්ත්‍වා සන‍්නිපතිතං ජනං “වෙස‍්සන‍්තරො කුහි”න‍්ති පුච‍්ඡති. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

හෙතෙම ඒ නගරයට ගොස් රැස්ව සිටිය ජනයාගෙන් වෙස්සන්තර රජු කොහේදැයි ඇසීය. ඒ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“සො තත්‍ථ ගන‍්ත්‍වා අවච, යෙ තත්‍ථාසුං සමාගතා; කුහිං වෙස‍්සන‍්තරො රාජා, කත්‍ථ පස‍්සෙමු ඛත‍්තියං.

හේ එහි ගොස් එහි යම් කෙනෙක් රැස්ව සිටියාහුද ඔවුන්ට මෙසේ කීය. වෙස්සන්තර මහරජු කොහිද? ඒ රජ කොහේදී දැකිය හැකිද?

“තෙ ජනා තං අවචිංසු, යෙ තත්‍ථාසුං සමාගතා; තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො, අතිදානෙන ඛත‍්තියො; පබ‍්බාජිතො සකා රට‍්ඨා, වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

එහි යම්කෙනෙක් රැස්ව සිටියාහුද, ඒ ජනයා ඕහට මෙසේ කීය. බමුණ, තොප විසින් අධික දානයෙන් පෙළන ලද රජ සියරටින් නෙරපන ලද්දේ වංකගිරි පර්වතයේ වාසය කරයි.

“තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො, අතිදානෙන ඛත‍්තියො; ආදාය පුත‍්තදාරඤ‍්ච, වඞ‍්කෙ වසති පබ‍්බතෙ”ති.

බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම අඹුදරුවන්ද ගෙනගොස් වංකගිරියෙහි වාසය කරයි.

තත්‍ථ පකතොති උපද‍්දුතො පීළිතො අත‍්තනො නගරෙ වසිතුං අලභිත්‍වා ඉදානි වඞ‍්කපබ‍්බතෙ වසති.

එහි පකතො උවදුරට පත්වූයේ, පීඩාවට පත්වූයේ තම නුවර වාසය කරන්නට නොලැබ දැන් වංකගිරියෙහි වාසය කරයි.

එවං “තුම‍්හෙ අම‍්හාකං රාජානං නාසෙත්‍වා පුනපි ආගතා ඉධ තිට‍්ඨථා”ති තෙ ලෙඩ‍්ඩුදණ‍්ඩාදිහත්‍ථා බ්‍රාහ‍්මණං අනුබන්‍ධිංසු. සො දෙවතාධිග‍්ගහිතො හුත්‍වා වඞ‍්කපබ‍්බතමග‍්ගමෙව ගණ‍්හි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ අපගේ රජතුමාව විනාශ කොට නැවතද ආවාහු මෙහි සිටුවයි ගල්මුගුරු ගස් අත් ඇත්තාහු බ්‍රාහ්මණයාව ලුහුබැන්දාහ. ඔහු දේවතාවන් අධිගෘහිත වූයේ වී. වංකගිරියට යන මාර්ගයට පිවිසියේය. කාරණය දක්වන. ශාස්තෲන් මෙසේ වදාළ සේක.

“සො චොදිතො බ්‍රාහ‍්මණියා, බ්‍රාහ‍්මණො කාමගිද‍්ධිමා; අඝං තං පටිසෙවිත්‍ථ, වනෙ වාළමිගාකිණ‍්ණෙ; ඛග‍්ගදීපිනිසෙවිතෙ.

කාමයෙහි ගිජු වූ ඒ බ්‍රාහ්මණයා බැමිණිය විසින් චෝදනා කරන ලද්දේ වනමෘගයන් ගැවසීගත් කඟවෙහෙණුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයෙහි වින්දයුතු යම් දුකෙක් ඇද්ද, ඒ දුක අනුභව කළේය.

“ආදාය බෙළුවං දණ‍්ඩං, අග‍්ගිහුත‍්තං කමණ‍්ඩලුං; සො පාවිසි බ්‍රහාරඤ‍්ඤං, යත්‍ථ අස‍්සොසි කාමදං.

ඒ බමුණු බේලුව සැරයටියද ගිනිපුදන කෙණෙස්ස ද කමඬලාවද ගෙන යම් අරණෙක කැමැති සැපත් දෙන වෙසතුරු රජ වෙසෙතියි ඇසීද ඒ මහා අරණ්‍යයට පිවිසියෙමි.

“තං පවිට‍්ඨං බ්‍රහාරඤ‍්ඤං, කොකා නං පරිවාරයුං; වික‍්කන්‍දි සො විප‍්පනට‍්ඨො, දූරෙ පන්‍ථා අපක‍්කමි.

ඒ මහා වනයට පිවිසි බමුණාව බලෝ පිරිවරා ගත්හ. හේ මහහඬින් හැඩීය. මංමුළා වූයේ මගින් දුරුවැ ගියේය.

“තතො සො බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා, භොගලුද‍්ධො අසඤ‍්ඤතො; වඞ‍්කස‍්සොරොහණෙ නට‍්ඨෙ, ඉමා ගාථා අභාසථා”ති.

භෝග සම්පත්ති ගිජු වූ සංයමයක් නැති ඒ බමුණු ගොස් වංකගිරියට යන මග මුළා වූයේ මේ ගාථා කීය.

තත්‍ථ අඝං තන‍්ති තං මහාජනෙන අනුබන්‍ධනදුක‍්ඛඤ‍්චෙව වනපරියොගාහනදුක‍්ඛඤ‍්ච. අග‍්ගිහුත‍්තන‍්ති අග‍්ගිජුහනකටච‍්ඡුං. කොකා නං පරිවාරයුන‍්ති සො හි අරඤ‍්ඤං පවිසිත්‍වා වඞ‍්කපබ‍්බතගාමිමග‍්ගං අජානන‍්තො මග‍්ගමූළ‍්හො හුත්‍වා අරඤ‍්ඤෙ විචරි. අථ නං ආරක‍්ඛණත්‍ථාය නිසින‍්නස‍්ස චෙතපුත‍්තස‍්ස සුනඛා පරිවාරයිංසූති අත්‍ථො. වික‍්කන්‍දි සොති සො එකරුක‍්ඛං ආරුය‍්හ මහන‍්තෙන රවෙන කන්‍දි. විප‍්පනට‍්ඨොති විනට‍්ඨමග‍්ගො. දූරෙ පන්‍ථාති වඞ‍්කපබ‍්බතගාමිපන්‍ථතො දූරෙ පක‍්කාමි. භොගලුද‍්ධොති භොගරත‍්තො. අසඤ‍්ඤතොති දුස‍්සීලො. වඞ‍්කස‍්සොරොහණෙ නට‍්ඨෙති වඞ‍්කපබ‍්බතස‍්ස ගමනමග‍්ගෙ විනට‍්ඨෙ.

එහි අසං තං යනු මහජනයා විසින් පසුපස ඒමේ දුකද වනයට පිවිසීමේ දුකද අග්ගීහුත්තං ගිනිපුදන හැන්ද කොකා නං පරිවාරයුං හෙතෙම අරණ්‍යයට පිවිස වංකගිරි පර්වතයට යන මග නොදන්නේ මංමුළා වී ඇවිදියි. ඉක්බිති ආරක්‍ෂාව පිණිස සිටි සේවක පුරුෂයාගේ සුනඛයෝ ඔහුව වටකරගත්හ යන අර්ථයි. වික්කන්‍දිසො හෙතෙම ගසකට නැග මහාහඬින් කෑ ගැසීය. විප්පනට්ඨො නටුවා වූ මාර්ග ඇත්තේ. දූරෙ පන්‍ථා වංකගිරි පර්වතයට යන මාර්ගයෙන් ඈතින් ගියේය. භොගලුද්ධො අතිශයින් භවභෝග සම්පත්වලට ගිජු වූ අසඤ්ඤතො දුස්සීල වූයේ ඔහරණෙ වංක පර්වතයට යන මාර්ගයෙහි නටුයේ.

සො සුනඛෙහි පරිවාරිතො රුක‍්ඛෙ නිසින‍්නොව ඉමා ගාථා අභාසථ –

හෙතෙම සුනඛයන් විසින් පිරිවරන ලද්දේ ගසේ සිටිමින් මේ ගාථා කීවේය.

“කො රාජපුත‍්තං නිසභං, ජයන‍්තමපරාජිතං; භයෙ ඛෙමස‍්ස දාතාරං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජයගන්නා වූ අපරාජිත වූ බියෙහි අභය දෙන්නා වූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නේද?

“යො යාචතං පතිට‍්ඨාසි, භූතානං ධරණීරිව; ධරණූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

[missing trans]

“යො යාචතං ගතී ආසි, සවන‍්තීනංව සාගරො; සාගරූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

ගංගාවනට සාගරය මෙන් යමෙක් යදියනට පිළිසරණ වීද සයුරට උපමා වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“කල්‍යාණතිත්‍ථං සුචිමං, සීතූදකං මනොරමං; පුණ‍්ඩරීකෙහි සඤ‍්ඡන‍්නං, යුත‍්තං කිඤ‍්ජක‍්ඛරෙණුනා; රහදූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කළණ කොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බඳු වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“අස‍්සත්‍ථංව පථෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං; සන‍්තානං විසමෙතාරං, කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟැ නැගි මනරම් ඇසතු රුකක් යම්සෙස් නම්, එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“නිග්‍රොධංව පථෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං; සන‍්තානං විසමෙතාරං, කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්ගයේ ක්ලාන්ත වූවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟැ නැගි මනරම් නුගරුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“අම‍්බං ඉව පථෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං; සන‍්තානං විසමෙතාරං, කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා මහමඟ පෙළුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැඟි මනරම් අඹරුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු මහරජ කවරෙක් මට දන්වන්නේද?

“සාලං ඉව පථෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං; සන‍්තානං විසමෙතාරං, කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ පෙළුණවුනට පිහිට වූ සිහිල් සෙවන ඇති මහමඟ නැගි මනරම් සල්රුකක් යම්සේ එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“දුමං ඉව පථෙ ජාතං, සීතච‍්ඡායං මනොරමං; සන‍්තානං විසමෙතාරං, කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං, කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ වෙහෙසට පත් වූවනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැගි මනරම් රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නේද?

“එවඤ‍්ච මෙ විලපතො, පවිට‍්ඨස‍්ස බ්‍රහාවනෙ; අහං ජානන‍්ති යො වජ‍්ජා, නන්‍දිං සො ජනයෙ මම.

මහා වනයේ මංමුළා වූ මෙසේ වැලපෙන මට යමක් ‘මම දනිමි’යි කීනම් හේ මට සොම්නස් දනවන්නේය.

“එවඤ‍්ච මෙ විලපතො, පවිට‍්ඨස‍්ස බ්‍රහාවනෙ; අහං ජානන‍්ති යො වජ‍්ජා, තාය සො එකවාචාය; පසවෙ පුඤ‍්ඤං අනප‍්පක”න‍්ති.

මහවනයේ මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් මම දනිමියි කී නම් හේ එක් වදනින් බොහෝ පින් රැස් කරන්නේය.

තත්‍ථ ජයන‍්තන‍්ති මච‍්ඡෙරචිත‍්තං විජයන‍්තං. කො මෙ වෙස‍්සන‍්තරං විදූති කො මය‍්හං වෙස‍්සන‍්තරං ආචික‍්ඛෙය්‍යාති වදති. පතිට‍්ඨාසීති පතිට‍්ඨා ආසි. සන‍්තානන‍්ති පරිස‍්සන‍්තානං. කිලන‍්තානන‍්ති මග‍්ගකිලන‍්තානං. පටිග‍්ගහන‍්ති පටිග‍්ගාහකං පතිට‍්ඨාභූතං. අහං ජානන‍්ති යො වජ‍්ජාති අහං වෙස‍්සන‍්තරස‍්ස වසනට‍්ඨානං ජානාමීති යො වදෙය්‍යාති අත්‍ථො.

එහි ජයන්තං මසුරු සිත දිනන ලද කො මෙ වෙස්සන්තරං විදූ කවරෙක් මට වෙසතුරු සිටින තැන කියන්නේය කියා කියයි. පතිට්ඨාසි පිහිට විය. සන්තානං පිහිට වූ. අහං ජානන්ති යො වජ්ජා මම වෙසතුරුව දනිමියි හෙතෙම කියන්නේය.

තස‍්ස තං පරිදෙවසද‍්දං සුත්‍වා ආරක‍්ඛණත්‍ථාය ඨපිතො චෙතපුත‍්තො මිගලුද‍්දකො හුත්‍වා අරඤ‍්ඤෙ විචරන‍්තො “අයං බ්‍රාහ‍්මණො වෙස‍්සන‍්තරස‍්ස වසනට‍්ඨානත්‍ථාය පරිදෙවති, න ඛො පනෙස ධම‍්මතාය ආගතො, මද‍්දිං වා දාරකෙ වා යාචිස‍්සති, ඉධෙව නං මාරෙස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “බ්‍රාහ‍්මණ, න තෙ ජීවිතං දස‍්සාමී”ති ධනුං ආරොපෙත්‍වා ආකඩ‍්ඪිත්‍වා තජ‍්ජෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහුගේ ඒ වැළපීම් හඬ අසා ආරක්‍ෂාව පිණිස තබන ලද සේවකයා දඩයක්කාරයකු ලෙස වනයෙහි ඇවිදින්නේ මෙසේ සිතීය. මේ බ්‍රාහ්මණයා වෙස්සන්තර රජු වසන තැන සඳහා වැළපෙයි. මොහු වනාහි හොඳ දෙයකට පැමිණියා නොවෙයි. මද්‍රිදේවිය හෝ දරුවන් ඉල්වයි. ඔහුව මෙහිම මරා දමමි යයි ඔහුගේ සමීපයට ගොස් බ්‍රාහ්මණය, තම ජීවිතය නොදෙමි කියා දුන්න ඇද තර්ජනය කළේය. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“තස‍්ස චෙතො පටිස‍්සොසි, අරඤ‍්ඤෙ ලුද‍්දකො චරං; තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො, අතිදානෙන ඛත‍්තියො; පබ‍්බාජිතො සකා රට‍්ඨා, වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

ඔහුට වැද්දෙක් ලෙස වනයෙහි ඇවිදින චේත රටවැසියෙක් මෙසේ පිළිතුරු වචන ඇස්වවීය. බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම සියරටින් නෙරපන ලද්දේ වංකගිරියේ වාසය කරයි.

“තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො, අතිදානෙන ඛත‍්තියො; ආදාය පුත‍්තදාරඤ‍්ච, වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

බමුණ, තොප විසින් අධික දානයෙන් මඩනා ලද වෙසතුරු රජ අඹුදරුවන්ද ගෙන ගොස් වංකගිරියේ වසයි.

“අකිච‍්චකාරී දුම‍්මෙධො, රට‍්ඨා පවනමාගතො; රාජපුත‍්තං ගවෙසන‍්තො, බකො මච‍්ඡමිවොදකෙ.

නුවණ නැති නොකටයුතු කරනසුලු තොප දියෙහි මත්ස්‍යයකු සොයන කොකකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි.

“තස‍්ස ත්‍යාහං න දස‍්සාමි, ජීවිතං ඉධ බ්‍රාහ‍්මණ; අයඤ‍්හි තෙ මයා නුන‍්නො, සරො පිස‍්සති ලොහිතං.

[missing trans]

“සිරො තෙ වජ‍්ඣයිත්‍වාන, හදයං ඡෙත්‍වා සබන්‍ධනං; පන්‍ථසකුණං යජිස‍්සාමි, තුය‍්හං මංසෙන බ්‍රාහ‍්මණ.

බමුණ, තා මරා තාගේ හිස සිඳ අක්මා සහිත හදමස් කපාගෙන තාගේ මසින් මාර්ග දේවතාවන්ට ‘පත්‍ථසකුණ’ නම් බිලිපූජාව කරයි.

“තුය‍්හං මංසෙන මෙදෙන, මත්‍ථකෙන ච බ්‍රාහ‍්මණ; ආහුතිං පග‍්ගහෙස‍්සාමි, ඡෙත්‍වාන හදයං තව.

බමුණ, තාගේ හදවත් කපාගෙන තාගේ මසිනුදු මස් තෙල්වලිනුදු හිස්මොළවලින් ද හෝම කරන්නෙමි.

“තං මෙ සුයිට‍්ඨං සුහුතං, තුය‍්හං මංසෙන බ්‍රාහ‍්මණ; න ච ත්‍වං රාජපුත‍්තස‍්ස, භරියං පුත‍්තෙ ච නෙස‍්සසී”ති.

බමුණ, මා විසින් තාගේ මසින් කරන ලද ඒ මනාව යාගකරන ලද මනාව පුදන ලද කවර හේතුවක් නිසාද? ඒ හේතුවෙන් තොප රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නොගෙන යන්නෙහි.

තත්‍ථ අකිච‍්චකාරීති ත්‍වං අකිච‍්චකාරකො. දුම‍්මෙධොති නිප‍්පඤ‍්ඤො. රට‍්ඨා පවනමාගතොති රට‍්ඨතො මහාරඤ‍්ඤං ආගතො. සරො පිස‍්සතීති අයං සරො තව ලොහිතං පිවිස‍්සති. වජ‍්ඣයිත්‍වානාති තං මාරෙත්‍වා රුක‍්ඛා පතිතස‍්ස තෙ සීසං තාලඵලං විය ලුඤ‍්චිත්‍වා සබන්‍ධනං හදයමංසං ඡින්‍දිත්‍වා පන්‍ථදෙවතාය පන්‍ථසකුණං නාම යජිස‍්සාමි. න ච ත්‍වන‍්ති එවං සන‍්තෙ න ත්‍වං රාජපුත‍්තස‍්ස භරියං වා පුත‍්තෙ වා නෙස‍්සසීති.

එහි අකිච්චකාරී යනු නුඹ නොකටයුතු කරන්නෙකි. දුම්මෙධො මෝඩයෙකි. රටඨා විමනමාගතො රටින් මහා වනයට ආවේය. සරො පාස්සතීති ඊය බොන්නේය. වජ්ඣයිත්‍වාන මරා, ගසින් වැටුනු තාගේ හිස තල්ගෙඩියක් මෙන් සිඳ බැඳුම් සහිත හදමස් සිඳ මාර්ග දේවතාවන් සඳහා පන්‍ථසකුණයන්ට යාග කරමි. නචත්‍වං මෙසේ ඇති කල්හි නුඹ රාජපුත්‍රයාගේ භාර්යාව හෝ දරුවන් හෝ රැගෙන නොයන්නේය.

සො තස‍්ස වචනං සුත්‍වා මරණභයතජ‍්ජිතො මුසාවාදං කථෙන‍්තො ආහ –

හෙතෙම ඔහුගේ වචනය අසා මරණභයින් තැතිගත්තේ බොරු කියමින් මෙසේ කීය.

“අවජ‍්ඣො බ්‍රාහ‍්මණො දූතො, චෙතපුත‍්ත සුණොහි මෙ; තස‍්මා හි දූතං න හන‍්ති, එස ධම‍්මො සනන‍්තනො.

චේත පුත්‍රය! මාගේ බස් අසව. බමුණාද දූතයා ද නොමැරිය යුතු වෙයි. ඒ කරුණෙන් දූතයා නොමරති. මේ සනාතන ධර්මයකි.

“නිජ‍්ඣත‍්තා සිවයො සබ‍්බෙ, පිතා නං දට‍්ඨුමිච‍්ඡති; මාතා ච දුබ‍්බලා තස‍්ස, අචිරා චක‍්ඛූනි ජීයරෙ.

හැම සිවීහු සන්හිඳුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසිවෙයි. ඔහුගේ මව ද දුබලයැ. නොබෝ කලකින්ම ඇගේ ඇස් පිරිහෙයි.

“තෙසාහං පහිතො දූතො, චෙතපුත‍්ත සුණොහි මෙ; රාජපුත‍්තං නයිස‍්සාමි, යදි ජානාසි සංස මෙ”ති.

මම ඔවුන් විසින් මෙහෙයන ලදුවෙමි. චේත පුත්‍රය, මාගේ බස් අසව. වෙසතුරු රජපුතු ගෙන යමි. ඉදින් දනීනම් මට කියව.

තත්‍ථ නිජ‍්ඣත‍්තාති සඤ‍්ඤත‍්තා. අචිරා චක‍්ඛූනි ජීයරෙති නිච‍්චරොදනෙන න චිරස‍්සෙව චක‍්ඛූනි ජීයිස‍්සන‍්ති.

එහි නිජ්ඣත්තා වැටහීම. අචිරා චක්ඛූනි ජීයරෙ නිරන්තර හැඬීමෙන් ඇස් දිරා යන්නේය.

තදා චෙතපුත‍්තො “වෙස‍්සන‍්තරං කිර ආනෙතුං ආගතො”ති සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා සුනඛෙ බන්‍ධිත්‍වා ඨපෙත්‍වා බ්‍රාහ‍්මණං ඔතාරෙත්‍වා සාඛාසන්‍ථරෙ නිසීදාපෙත්‍වා භොජනං දත්‍වා ඉමං ගාථමාහ –

එකල්හි චේත පුත්‍රයා වෙස්සන්තර වනාහි රැගෙන යන්නේයැයි සොම්නසට පත්වූයේ සුනඛයන් බැඳ තබා බ්‍රාහ්මණයාව බස්සවා අතු අතරේ හිඳුවා මේ ගාථාව කීය.

“පියස‍්ස මෙ පියො දූතො, පුණ‍්ණපත‍්තං දදාමි තෙ; ඉමඤ‍්ච මධුනො තුම‍්බං, මිගසත්‍ථිඤ‍්ච බ්‍රාහ‍්මණ; තඤ‍්ච තෙ දෙසමක‍්ඛිස‍්සං, යත්‍ථ සම‍්මති කාමදො”ති.

බමුණ, මාගේ ප්‍රිය වෙසතුරු හට ප්‍රිය දූතයෙකි. තට තුටුපඬුරු කොට මේ මී පුරවන ලද ලබුකබල ද මුවකලවෙද දෙමි. කැමැති සැපත් දෙන වෙසතුරු යම්තැනෙක වෙසේද එදෙසද තට කියමි.

තත්‍ථ පියස‍්ස මෙති මම පියස‍්ස වෙස‍්සන‍්තරස‍්ස ත්‍වං පියො දූතො. පුණ‍්ණපත‍්තන‍්ති තව අජ‍්ඣාසයපූරණං පුණ‍්ණපත‍්තං දදාමීති.

[missing trans]

ජූජකපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

ජූජක කාණ්ඩය නිමියේ ය.