යෙදුමෙන් කියවන්න

ජූජකපබ‍්බං නිට‍්ඨිතං

6334. යදි කෙචි මනුජා එන‍්ති අනුමග‍්ගෙ පටිපථෙ, මග‍්ගං තෙ පටිපුච‍්ඡාම කුහිං වඞ‍්කතපබ‍්බතො.

6334. අනුමඟ ද පෙරමඟ ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නාහු නම් වඞ්කගිරිය කොහි දැ යි ඔවුන් අතින් මඟ පිළිවිසුම්හ.

6335. තෙ තත්‍ථ අම‍්හෙ පස‍්සිත්‍වා කරුණං පරිදෙවයුං, දුක‍්ඛං තෙ පටිවෙදෙන‍්ති දූරෙ වඞ‍්කතපබ‍්බතො.

6335. ඒ මිනිස්සු එ මඟ අප දැකැ ශෝකරාවයෙන් හැඬූහ. ඔහු වඞ්කගිරිය දුරැ යි දුක් දන්වති.

6336. යදි පස‍්සන‍්ති පවනෙ දාරකා ඵලිතෙ දුමෙ, තෙසං ඵලානං හෙතූහි උපරොදන‍්ති දාරකා.

6336. ඉදින් දරුවෝ මහවෙනෙහි පලගත් රුක් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස වලපිති.

6337. රොදන‍්තෙ දාරකෙ දිස‍්වා උබ‍්බිග‍්ගා විපුලා දුමා, සයමෙවොනමිත්‍වාන උපගච‍්ඡන‍්ති දාරකෙ.

6337. වලප්නා දරුවන් දැකැ කම්පිත වූ මියුරු පලයෙන් විපුල වූ රුක්හු තුමූ මැ නැමී දරුවනට සමීප වෙති.

6338. ඉදං අච‍්ඡෙරකං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං, සාධුකාරං පවත‍්තෙසි මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා.

6338-6339. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රීදේවී නොවූවිරු ලොමුදහ ගන්වන මේ අසිරිය දැකැ වෙසතුරු රජුගේ තෙදින් රුක්හු තුමූ මැ නතු වූහ. මේ වූ කලි ලොව්හි අපූර්‍ව වූ ලොමුදහ ගන්වන අසිරියෙක් මැ යි කියා සාධුකාර පැවැත්වූ.

6339. අච‍්ඡෙරං වත ලොකස‍්මිං අබ‍්භුතං ලොමහංසනං, වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන සයමෙවොනතා දුමා.

6340. සඞ‍්ඛිපිංසු පථං යක‍්ඛා අනුකම‍්පාය දාරකෙ, නික‍්ඛන‍්තදිවසෙනෙව චෙතරට‍්ඨං උපාගමුං.

6340. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මඟ හැකුළූහ. (ඔවුන්) නික්මුණු දවස්හි මැ සෑරටට පැමිණියහ.

6341. තෙ ගන‍්ත්‍වා දීඝමද‍්ධානං චෙතරට‍්ඨමුපාගමුං, ඉද‍්ධං ඵීතං ජනපදං බහුමංසසුරොදනං.

6341. ඔහු දික්මඟ ගොස් (ධාන්‍යාදීන්) සමෘද්ධ වූ (වස්ත්‍රාභරණාදීන්) විපුල වූ බොහෝ වූ මස් රහ දිය ඇති දනවියෙන් යුතු චේතරටට පැමිණියහ.

6342. චෙතියා පරිකරිංසු දිස‍්වා ලක‍්ඛණමාගතං, සුඛුමාලී වතයං අය්‍යා පත‍්තිකා පරිධාවති.

6342. සෑරට ස්ත්‍රීහු ස්ත්‍රීලක්‍ෂණයෙන් පරිපූර්‍ණ මද්‍රීදේවිය ආවා දැකැ පිරිවරාගත්හ. මෙ බිසෝ ඉතා සියුමැලි යැ. එතෙකුදු වුව පාගමනින් යෙයි.

6343. වය‍්හාහි පරියායිත්‍වා සිවිකාය ච ඛත‍්තියා, සාජ‍්ජ මද‍්දී අරඤ‍්ඤස‍්මිං පත‍්තිකා පරිධාවති.

6343. මෙ බිසෝ පෙර දවස් හිදොළුවෙන් ද රන්සිවිගෙන් ද ඇවිදැ ඕ මද්‍රී අද අරනෙහි පාගමනින් මැ යෙයි.

6344. තං දිස‍්වා චෙතපාමොක‍්ඛා රොදමානා උපාගමුං, කච‍්චින‍්නු දෙව කුසලං කච‍්චි දෙව අනාමයං; කච‍්චි පිතා අරොගා තෙ සිවීනඤ‍්ච අනාමයං.

6344. සෑරජහු ඒ වෙසතුරු රජහු දැකැ වලප්මින් එළැඹියහ. දේවයිනි, කිම රෝග නැද්ද? දුක් නැද්ද? කිම තොපගේ පිය මහරජ නීරෝග වූයෙ ද? සිවිරටවැසියනට දුක් නැද්ද?

6345. කො තෙ බලං මහාරාජ කොනු තෙ රථමණ‍්ඩලං, අනස‍්සකො අරථකො දීඝමද‍්ධානමාගතො; කච‍්චි නාමිත‍්තෙහි පකතො අනුප‍්පත‍්තොසිමං දිසං.

6345. මහරජුනි, තොපගේ සෙනඟ කො ද? තොපගේ රිය මඬුලු කො ද? කිම සතුරන් විසින් නෙරනාලද ද? අසුන් නැතියෙ මැ රිය නැතියෙ මැ මෙ රටට පැමිණියෙහි දැ? යි.

6346. කුසලං චෙව මෙ සම‍්මා අථො සම‍්මා අනාමයං, අථො පිතා අරොගො මෙ සිවීනඤ‍්ච අනාමයං.

6346. සබඳිනි, මට රෝග නැත. තවද සබඳිනි මට දුක් නැත, මාගේ පියමහරජ නීරෝග වෙයි. සිවිරට වැසියනට ද දුක් නැත.

6347. අහං හි කුඤ‍්ජරං දප‍්පං ඊසාදන‍්තං උරූළ‍්හවං, ඛෙත‍්තඤ‍්ඤුං සබ‍්බයුද‍්ධානං සබ‍්බසෙතං ගජුත‍්තමං.

6347. යම්හෙයෙකින් මම රියහිස් බඳු දළ ඇති, බර උසුලනු වූ සියලු යුද්ධයන්ට කෙත් හඳුනනු වූ සව්සුදු වූ හැම ඇතුනට උතුම් වූ ඇතු දන් දිනිම් ද,

6348. පණ‍්ඩුකම‍්බලසඤ‍්ඡන‍්නං පභින‍්නං සත‍්තුමද‍්දනං, දන‍්තිං සවාළවීජනිං සෙතං කෙලාසසාදිසං.

6348. රත්පලසින් වසනලද මදවැහෙන සතුරන් මඩනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාස පර්‍වතය මෙන් සුදු වූ,

6349. සසෙතච‍්ඡත‍්තං සඋපථෙය්‍යං සාථබ‍්බනං සහත්‍ථිපං, අග‍්ගයානං රාජවාහිං බ්‍රාහ‍්මණානං අදාසහං,

6349. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත්වෙදුන් සහිත වූ ඇත්ගොවුවන් සහිත වූ රජහු උසුලනු වූ අග්‍රයාන වූ අපගේ හස්තියානය (කලිඟුරටවැසි) බමුණන්ට මම දිනිම් ද,

6350. තස‍්මිං මෙ සිවයො කුද‍්ධා පිතා ච අපහතො මනො, අවරුද‍්ධති මං රාජා වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ වනෙ යත්‍ථ වසාමසෙ.

6350. එකරුණෙහි ලා සිවිරටවැසියෝ මට කිපියහ. මා පියරජ ද ප්‍රතිඝ සිත් ඇත්තේ මා නෙරැපියයි. (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එහි අපට නිසි පෙදෙසක් දැන කියව.

6351. ස‍්වාගතන‍්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය,

6351. මහරජුනි, තොප ආයේ මැනැවැ. තවද තොපගේ ඊම නිදොසි, මෙයට පැමිණියහු අපට ඉසුරු වව. තොප රිසියෙන යමක් මෙහි ඇත් නම් කියව, (ප්‍රතිපාදන කොට දෙම්හ.)

6352. සාකං භිසං මධුං මංසං සුද‍්ධං සාලීනමොදනං, පරිභුඤ‍්ජ මහාරාජ පාහුනො නොසි ආගතො.

6352. මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුක වව. පලා ද නෙළුඹල ද මී ද මස් ද පිරිසිදු හැල්බත් ද වළඳව.

6353. පටිග‍්ගහිතං යං දින‍්නං සබ‍්බස‍්ස අග‍්ඝියං කතං, අවරුද‍්ධති මං රාජා වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ වනෙ යත්‍ථ වසාමසෙ.

6353. හැමදෙනා විසින් පඬුරු කරනලද යමක් ඇද්ද තෙල හැම තොප විසින් දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා නෙරැපියයි. එහෙයින් වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ ද එහි අපට නිසි පෙදෙසක් දනිවු.

6354. ඉධෙව තාව අච‍්ඡස‍්සු චෙතරට‍්ඨෙ රථෙසභ, යාව චෙතා ගමිස‍්සන‍්ති රඤ‍්ඤො සන‍්තික යාචිතුං නිජ‍්ඣාපෙතුං මහාරාජං සිවීනං රට‍්ඨවඩ‍්ඪනං.

6354. සෑරජහු සිවිරට වඩන සඳමහරජහට තොප නිදොස් බව දන්වන්නට ඔබ අයදනට සඳමහරජ සමීපයට යෙත් ද මහ රජුනි, උන් එන තෙක් මේ සෑරට වාස කරව.

6355. තං තං චෙතා පුරක‍්ඛත්‍වා පතීතා ලද‍්ධපච‍්චයා, පරිවාරෙත්‍වාන ගච‍්ඡන‍්ති එවං ජානාහි ඛත‍්තිය.

6355. සෑරජහු ලද පිහිට ඇතියාහු එකරුණින් තුටු වැ තොප පෙරට කොට පිරිවරා (ජයතුරා නුවරට මැ) යෙති. ක්‍ෂත්‍රියයෙනි, මෙසේ දනුව.

6356. මා වො රුච‍්චිත්‍ථ ගමනං රඤ‍්ඤො සන‍්තික යාචිතුං නිජ‍්ඣාපෙතුං මහාරාජං රාජා තත්‍ථ න ඉස‍්සරො.

6356. මහරජහට මා නිදොස් බව දන්වන්නට ඔබ අයදනට රජ අබියසට යෑම තෙපි නහමක් රැස්වවු. එකරුණෙහි ලා රජ ද ඉසුරු නො වෙයි.

6357. අච‍්චුග‍්ගතාහි සිවයො බලත්‍ථා නෙගමා ච යෙ, තෙ පධංසෙතුමිච‍්ඡන‍්ති රාජානං මම කාරණා.

6357. සිවීහු ද බලකාය ද නියම්ගම්වැසි කෙළෙඹියො ද යන ඔහු ඉතා කිපියාහු මැ යි. මා හේතුවින් රජ නෙරනට ද රිසි වෙති.

6358. සචෙ එසා පවත‍්තෙත්‍ථ රට‍්ඨස‍්මිං රට‍්ඨවඩ‍්ඪන, ඉධෙව රජ‍්ජං කාරෙහි චෙතෙහි පරිවාරිතො.

6358. රට වඩන මහරජුනි, ඉදින් එරට එපවත් වී නම් සෑ රටවැසියන් විසින් පිරිවරනලදු වැ මෙහි මැ රජය කරව.

6359. ඉද‍්ධං ඵිතඤ‍්චිදං රට‍්ඨං ඉද‍්ධො ජනපදො මහා මතිං කරොහි ත්‍වං දෙව රජ‍්ජස‍්සමනුසාසිතුං.

6359. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ යැ; සමෘද්ධ යැ විශාල යැ. මේ රජයට අනුශාසනා කරන්නට තෙපි අදහස් කරව.

6360. න මෙ ඡන්‍දො මති අත්‍ථි රජ‍්ජස‍්සමනුසාසිතුං, පබ‍්බාජිතස‍්ස රට‍්ඨස‍්මා චෙතපුත‍්තා සුණාථ මෙ.

6360. රටින් නෙරනාලද මට රාජ්‍යානුශාසනා රිස්සෙක් හෝ බුද්ධියක් හෝ නැති. චේතරටවැසියෙනි, මාගේ බස් අසව.

6361. අතුට‍්ඨා සිවයො අස‍්සු බලත්‍ථා නෙගමා ච යෙ, පබ‍්බාජිතස‍්ස රට‍්ඨස‍්මා චෙතා රජ‍්ජෙභිසෙචයුං.

6361. රටින් නෙරනාලද වෙසතුරුහට චේත රටවැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හ යි සිවීහු ද බලකාය ද නියම්ගම් වැසියෝ ද යන යම් කෙනෙක් ඇද්ද, ඔහු (හැමදෙන) නො සතුටු වන්නාහ.

6362. අසම‍්මොදියම‍්පි වො අස‍්ස අච‍්චන‍්තං මම කාරණා, සිවීනං භණ‍්ඩනඤ‍්චාපි විග‍්ගහො මෙ න රුච‍්චති.

6362. මා නිසා තොපගේ නො සමගි බව ද නිරතුරු කොට වන්නේ යැ. (එකල්හි) සිවීන්ගේ කලහ ද විග්‍රහ ද මට නො රිසියෙයි.

6363. අථස‍්ස භණ‍්ඩනං ඝොරං සම‍්පහාරො අනප‍්පකො, එකස‍්ස කාරණා මය‍්හං හිංසෙය්‍යුං බහුකෙ ජනෙ.

6363. තවද කර්‍කශ කලහ ද (ඔවුනොවුන්ගේ) පහර දීමුදු නො මඳ වන්නෙ යැ. එසේ කලැ එකලා මා නිසා බොහෝ දෙනා නැසෙන්නේ යැ.

6364. පටිග‍්ගහීතං යං දින‍්නං සබ‍්බස‍්ස අග‍්ඝියං කතං, අවරුද‍්ධති මං රාජා වඞ‍්කං ගච‍්ඡාමි පබ‍්බතං; ඔකාසං සම‍්මා ජානාථ වනෙ යත්‍ථ වසාමසෙ.

6364. තොප විසින් පඬුරු කරනලද යමක් ඇද්ද, එහැම දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා රටින් නෙරැපියයි, (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එයට නිසි අවකාශයක් දනුව.

6365. තග‍්ඝ තෙ මයමක‍්ඛාම යථාපි කුසලා තථා, රාජිසී යත්‍ථ සම‍්මන‍්ති ආහුතග‍්ගී සමාහිතා.

6365. පුදන ලද ගිනි ඇති එකඟසිත් ඇති රාජර්ෂීහු යම් තැනෙකැ සන්හිඳෙත් ද (වෙසෙත්ද) එයට යන මග දක්‍ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට ඇපි කියම්හ.

6366. එස සෙලො මහාරාජ පබ‍්බතො ගන්‍ධමාදනො, යත්‍ථ ත්‍වං සහ පුත‍්තෙහි සහ භරියාය වච‍්ඡසි.

6366. මහරජුනි, තෙපි දරුවන් සමග භාර්‍ය්‍යාව සමග යම් තැනෙකැ වාස කරන්නවු නම් එයට නිසි තෙල පර්‍වතය ගන්‍ධමාදන නම් වෙයි.

6367. තං චෙතා අනුසාසිංසු අස‍්සුනෙත‍්තා රුදම‍්මුඛා, ඉතො ගච‍්ඡ මහාරාජ උජුං යෙනුත‍්තරාමුඛො.

6367. කඳුළු පිරුණු නෙත් ඇති වලප්නා මුහුණු ඇති සෑරටවැසි රජහු (වෙසතුරුහට) අනුශාසනා කළහ; ‘මහරජුනි, මෙ මඟින් ඍජු වැ උතුරුදිග බලා යව’ යි.

6368. අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ විපුලං නාම පබ‍්බතං, නානාදුමගණාකිණ‍්ණං සීතච‍්ඡායං මනොරමං.

6368. තොපට යහපතක් මැ වේවා. ඉක්බිති නොයෙක් තරුගණයෙන් ගැවැසිගත් මනහර සිහිල් සෙවෙණ ඇති ‘විපුල’ නම් පර්‍වතය දක්නහු,

6369. තමතික‍්කම‍්ම භද‍්දන‍්තෙ අථ දක‍්ඛිසි ආපකං, නදිං කෙතුමතිං නාම ගම‍්භීරං ගිරිගබ‍්භරං.

6369-6370. ඒ ගල ඉක්ම වැළිදු පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති බොහෝ දිය ඇති ගැඹුරු වූ ගල්කුසින් බට කේතුමතී නම් මහ හොයක් දක්නහු එහි නහා පැන් බී තමා දරුවන් අස්වසා,

6370. පුථුලොමමච‍්ඡාකිණ‍්ණං සුපතිත්‍ථං මහොදිකං, තත්‍ථ නහාත්‍වා විපිත්‍වා ච අස‍්සාසෙත්‍වා ච පුත‍්තකෙ.

6371. අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ නිග්‍රොධං මධුවිප‍්ඵලං, රම‍්මකෙ සිඛරෙ ජාතං සීතච‍්ඡායං මනොරමං.

6371. තොපට යහපතක් වේවා. ඉක්බිති රමණීය වූ කඳු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරඵල ඇති නුගරුකක් දක්නහු,

6372. අථ දක‍්ඛිසි භද‍්දන‍්තෙ නාලිකං නාම පබ‍්බතං, නානාදිජගණාකිණ‍්ණං සෙලං කිම‍්පුරිසායුතං.

6372. ඉක්බිති නොයෙක් ලිහිණිගණයා විසින් ගැවැසිගත් කිඳුරන් ගහන වූ ‘නාලික’ නම් ශෛලපර්‍වතය දක්නහු,

6373. තස‍්ස උත‍්තරපුබ‍්බෙන මුචලින්‍දො නාම සො සරො, පුණ‍්ඩරීකෙහි සඤ‍්ඡන‍්නො සෙතසොගන්‍ධියෙහි ච.

6373. ඒ නාලික පර්‍වතයට ඊශාන තන්හි හෙළපියුමින් ද හෙල්මැලි කල්හාරයෙන් ද ගැවැසිගත් විලෙක් ඇත. හෙ මුචලින්‍ද නම් වෙයි.

6374. සො වනං මෙඝසඞ‍්කාසං ධුවං හරිතසද‍්දලං, සීහොවාමිසපෙක‍්ඛීව වනසණ‍්ඩං විගාහය; පුප‍්ඵරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නං ඵලරුක‍්ඛෙහි චූහභං.

6374. ඒ තෙපි නිල්වලාකුළක් බඳු වූ නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින් ද පලරුකින් ද යන දෙකින් ගැවැසිගත් වනලැහැබට ගොදුරු කැමැති සිංහයක්හු මෙන් පිවිසෙව.

6375. තත්‍ථ බින්‍දුස‍්සරා වග‍්ගු නානාවණ‍්ණා බහූ දිජා, කූජන‍්තමුපකූජන‍්ති උතු සම‍්පුප‍්ඵිතෙ දුමෙ.

6375. එහි නොවිසිරැ පිඬු වැ පවත්නා හඬ ඇති මියුරු රුව් ඇති නන් පැහැ නන් කුල ඇති බොහෝ සියොත්හු ඍතුසමයෙහි පිපිරුක්හි හිඳ කුල්නවුන් අනුව කුල්ති,

6376. ගන‍්ත්‍වා ගිරිවිදුග‍්ගානං නදීනං පභවානි ච, සො දක‍්ඛසි පොක‍්ඛරණිං කරඤ‍්ජකකුධායුතං.

6376-6377. ඒ තෙපි එහි ගොස් ගිරිකඳුරු ද නදීනට ප්‍රභවස්ථාන වූ ඌල්විටු (උල්දිය පෙදෙස්) ද කරඳ කුඹුකින් යුත් පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති පිළිකුල් ගඳ නැති මිහිරි වූ බොහෝ දිය පිරුණු සම වැ සිවුරැස් වූ පොකුණක් දක්නහු.

6377. පුථුලොමමච‍්ඡාකිණ‍්ණං සුපතිත්‍ථං මහොදිකං, සමඤ‍්ච චතුරස‍්සඤ‍්ච සාධුං අප‍්පටිගන්‍ධියං.

6378. තස‍්සා උත‍්තරපුබ‍්බෙන පණ‍්ණසාලං අමාපය, පණ‍්ණසාලං අමාපෙත්‍වා උඤ‍්ඡාචරියාය ඊහථ.

6378. ඒ පොකුණට ඉසාන තන්හි පන්සලක් මවන්නහු. පන්සලක් මවාගෙන වනමුල් වනපලයෙන් යැපෙමින් නො පමා වැ වාස කරව.

වනප‍්පවෙසනඛණ‍්ඩං නිට‍්ඨිතං.

වනප්‍රවේශ කාණ්ඩය නිමි.

6379. අහූ වාසී කලිඞ‍්ගෙසු ජූජකො නාම බ්‍රාහ‍්මණො, තස‍්සාසි දහරා භරියා නාමෙනාමිත‍්තතාපනා.

6379. කලිඟුරට (දුන්නිවිට්ඨ නම් ගම්) වැසි ‘ජූජක’ නම් බමුණෙක් වී. ඔහුට නමින් ‘අමිත්තතාපනා’ නම් තරුණ අඹුවක් වුව.

6380. තා නං තත්‍ථ ගතාවොචුං නදීඋදකහාරිකා, ථියො නං පරිභාසිංසු සමාගන‍්ත්‍වා කුතූහලා.

6380. එගම්හි ස්ත්‍රීහු දිය ගෙනෙනුව හොයට ගියාහු ඒ අමිත්තතාපනාට මෙසේ කීහු: ඒ ස්ත්‍රීහු කුහුල් ඇතියන් මෙන් පිරිවරාගෙන ඇයට පිරිහෙළා තෙපලූහ.

6381. අමිත‍්තා නූන තෙ මාතා අමිත‍්තො නූන තෙ පිතා යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6381. මෙවන් තුරුණු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ මව සැතිරියකැ යි හඟුම්හ. තීගේ ඒ පියා සතුරෙකැ යි හඟුම්හ.

6382. අහිතං වත තෙ ඤාතී මන‍්තයිංසු රහොගතා, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6382. මෙවන් ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසිගත ව තිට අහිතයක් මන්ත්‍රණ කළාහු වන.

6383. දුක‍්කරං වත තෙ ඤාතී මන‍්තයිංසු රහොගතා, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6383. මෙවන් සොඳුරු ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරාජීර්‍ණ මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසැ හිඳ තිට දුෂ්කරයක් මන්ත්‍රණ කළාහු වන.

6384. පාපකං වත තෙ ඤාතී මන‍්තයිංසු රහොගතා, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6384. මෙවන් ළදරු විය ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහෝගත වැ තිට පව්කමක් මන්ත්‍රණ කළාහු වන.

6385. අමනාපං වත තෙ ඤාතී මන‍්තයිංසු රහොගතා, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6385. මෙවන් තුරුණුබව් ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ එකලා වැ හිඳ තිට අමනාපයක් බැණගත්හු වන.

6386. අමනාපවාසං වසසි ජිණ‍්ණෙන පතිනා සහ, යා ත්‍වං වසසි ජිණ‍්ණස‍්ස මතන‍්තෙ ජීවිතා වරං.

6386. මෙවන් ළදරු බව ඇති කල්හි නොමනා විසීමක් වසහි, යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තීගේ ජීවිතයට වඩා මරණය උතුමැ.

6387. න හි නූන තුය‍්හං කල්‍යාණි පිතා මාතා ච සොභනෙ, අඤ‍්ඤං භත‍්තාරං වින්‍දිංසු යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු; එවං දහරියං සතිං.

6387. කලණ වූ සොඳුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තීගේ මවු ද පියා ද තිට අනෙක් සැමියකු නො ලත්හ යි හඟුම්හ.

6388. දුයයිට‍්ඨං තෙ නවමියං අකතං අග‍්ගිහුත‍්තකං, යෙ තං ජිණ‍්ණස‍්ස පාදංසු එවං දහරියං සතිං.

6388. මෙවන් දහර බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තී විසින් නවමි යාගය නපුරු කොට පුදනලද වන. (තී දුන් යාගපිණ්ඩය පළමු කොට මහලු කවුඩකු විසින් ගන්නාලද වන) තී විසින් ගිනිපූජා නො කරනලද වන.

6389. සමණෙ බ්‍රාහ‍්මණෙ නූන බ්‍රහ‍්මචරියපරායණෙ, සා ත්‍වං ලොකෙ අභිසපි සීලවන‍්තෙ බහුස‍්සුතෙ; යා ත්‍වං වසසි ජිණ‍්ණස‍්ස එවං දහරියං සතිං.

6389. මෙවන් තාරුණ්‍ය ඇති කල්හි යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තෝ ලොව්හි බඹසරෙහි නියැලි සිල්වත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණබමුණන්ට ආක්‍රෝශ කෙළෙහි වන.

6390. න දුක‍්ඛං අහිනා දට‍්ඨං න දුක‍්ඛං සත‍්තියා හතං, තඤ‍්ච දුක‍්ඛඤ‍්ච තිප‍්පඤ‍්ච යං පස‍්සෙ ජිණ‍්ණකං පතිං.

6390. නයකු විසින් ඩගනලද්දෙ දුක් නො වෙයි, සැතින් පහරන ලද්දේ දුක් නො වෙයි, යම් ස්ත්‍රියක් මහලු සැමියකු දකී ද හෙ මැ දුක් ද තියුණු දුක් ද වෙයි.

6391. නත්‍ථි ඛිඩ‍්ඩා නත්‍ථි රතී ජිණ‍්ණෙන පතිනා සහ, නත්‍ථි අල‍්ලාපසල‍්ලාපො ජග‍්ඝිතම‍්පි න සොභති.

6391. මහලු සැමියා සමග ක්‍රීඩාවක් නැත (නො හොබී) කාමරති නැත, අල්ලාපසල්ලාප නැත, (කඩදත් විවර කොට සෙන්නහුගේ) සිනා ද නො හොබී.

6392. යදා ච දහරො දහරා මන‍්තයන‍්ති රහොගතා, සබ‍්බෙසං සොකා නස‍්සන‍්ති යෙ කෙචි හදයනිස‍්සිතා.

6392. යම් කලෙක තරුණයා ද තරුණී ද දෙදෙන රහසි වැ හිඳ රහස් කියද්ද එසඳ තුලුන්ගේ ළය ඇසුරු කළ යම් කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයෝ නසිති.

6393. දහරා ත්‍වං රුපවතී පුරිසානං අභිපත්‍ථිතා, ගච‍්ඡ ඤාති කුලෙ අච‍්ඡ කිං ජිණ‍්ණො රමයිස‍්සති.

6393. තෝ ළදැරියෙහි, රූ ඇතියහු, පිරිමින් විසින් වෙසෙසින් පතනලදුවහු, නැඟීයා, නෑයන්ගේ ගෙහි වස, මහල්ලා (තී පස්කම් ගුණෙන්) කෙසේ රමණය කරන්නේ දැ යි කීහු.

6394. න තෙ බ්‍රාහ‍්මණ ගච‍්ඡාමි නදිං උදකහාරියා, ථියො මං පරිභාසන‍්ති තයා ජිණ‍්ණෙන බ්‍රාහ‍්මණ.

6394. බමුණ, තොප මහලු හෙයින් (මෙ ගමැ) ගැහැනු මට පිරිහෙළා කියති. එහෙයින් බමුණ, තොපට දිය ගෙනෙනුව හොයට නො යමි.

6395. මා මෙ ත්‍වං අකරා කම‍්මං මා මෙ උදකමාහරි, අහං උදකමාහිස‍්සං මා හොති කුපිතා අහු.

6395. තෙපි මට මෙහෙ නො කරව, නහමක් මට දිය ගෙනෙව, මම දිය ගෙනෙමි. භවතී නහමක් කිපෙව.

6396. නාහං තම‍්හි කුලෙ ජාතා යං ත්‍වං උදකමාහරෙ, එවං බ්‍රාහ‍්මණ ජානාහි න තෙ වච‍්ඡාමහං ඝරෙ.

6396. යම් හෙයෙකින් තෙපි දිය ගෙනෙන්නවු නම් මම් වනාහි එවන් (සැමියන්ගෙන් මෙහෙ ගන්නා) කුලෙහි නූපන්මු. බමුණ, මම තොපගේ ගෙහි නො වසන්නමු. මෙසේ දනුව.

6397. සචෙ මෙ දාසං දාසිං වා නානයිස‍්සසි බ්‍රාහ‍්මණ, එවං බ්‍රාහ‍්මණ ජානාහි න තෙ වච‍්ඡාමි සන‍්තිකෙ.

6397. බමුණ, ඉදින් මට දසකු හෝ දැස්සක හෝ නො ගෙනෙන්නවු නම් තොප කෙරෙහි නො වසන්නමු. බමුණ මෙසේ දනුව.

6398. නත්‍ථි මෙ සිප‍්පටඨානං වා ධනං ධඤ‍්ඤච‍්ච බ්‍රාහ‍්මණිං, කුතොහං දාසං දාසිං වා ආනයිස‍්සාමි භොතියා; අහං හොතිං උපට‍්ඨිස‍්සං මා හොති කුපිතා අහු.

6398. බැමිණිය, මා සතු ශිල්පයෙක් හෝ ධනයෙක් ධාන්‍යයෙක් හෝ නැත. මම කිසෙයින් භවතියට දසකු හෝ දැස්සක හෝ ගෙනෙම් ද? මම භවතියට මෙහෙ කරන්නෙමි. භවතී නහමක් කිපෙව.

6399. එහි තෙ අහමක‍්ඛිස‍්සං යථා මෙ වචනං සුතං, එස වෙස‍්සන‍්තරො රාජා වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

6399. එව, යම්සේ මා විසින් තෙපුලෙක් අසනලද ද එසෙයින් මම තොපට කියමි, තෙල වෙසතුරු මහරජ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.

6400. තං ත්‍වං ගන‍්ත්‍වාන යාචස‍්සු දාසං දාසිං ච බ්‍රාහ‍්මණ, සො තෙ දස‍්සති යාචිතො දාසං දාසිඤ‍්ච ඛත‍්තියො.

6400. බමුණ, තෙපි (එහි) ගොස් ඔබ අතින් දසකුදු දැස්සක ද යදුව. තොප විසින් යදනාලද එ රජ තොපට දසකුදු දැස්සක ද දෙන්නෙ යැ.

6401. ජිණ‍්ණොහමස‍්මි අබලො දීඝො චද‍්ධා සුදුග‍්ගමො, මා භොතී පරිදෙවෙසී මා ච ත්‍වං විමනා අහු; අහං භොතිං උපට‍්ඨිස‍්සං මා භොතී කුපිතා අහූ.

6401. මම මහල්ලෙමි, බල නැත්තෙමි, මඟ ද දික් වෙයි, අතිශය දුර්‍ගම යැ. භවති නො හඬව. තෙපි නහමක් දොම්නස්ව, මම භවතියට මෙහෙ කරනෙමි, භවතී නො කිපෙව.

6402. යථා අගන‍්ත්‍වා සඞ‍්ගාමං අයුද‍්ධොව පරාජිතො, එවමෙව තුවං බ්‍රහ‍්මෙ අගන‍්ත්‍වාව පරාජිතො.

6402. බමුණ, යම්සේ සටනට නො ගොස් යුද නැතියෙ මැ පැරැදියෙහි ද, එසෙයින් මැ තෙපි නො ගොස් මැ පැරැදියෙහි.

6403. සචෙ මෙ දාසං දාසිං වා නානයිස‍්සසි බ්‍රාහ‍්මණ, එවං බ්‍රාහ‍්මණ ජානාහි න තෙ වච‍්ඡාමහං ඝරෙ, අමනාපං තෙ කරිස‍්සාමි තං තෙ දුක‍්ඛං භවිස‍්සති.

6403. බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නො ගෙනෙන්නවු නම් මම තොපගේ ගෙහි නො වසමි. බමුණ, මෙසේ දනුව, තොපට නො රුස්නක් කරනෙමි, ඒ තොපට දුක් වන්නෙ යැ.

6404. නක‍්ඛත‍්තෙ උතුපබ‍්බෙසු යදා මං දක‍්ඛසි ලඞ‍්කතං, අඤ‍්ඤෙහි සද‍්ධිං රමමානං තං තෙ දුක‍්ඛං භවිස‍්සති.

6404. යම් කලෙකැ (ෂට්ඍතුයෙහි) සෘතුසන්‍ධීන්හි පවත්නා සැණකෙළියෙහි සර්‍වාභරණයෙන් සැදුණු මා අන් පිරිමින් හා සමග රමණය කරන්නිය දක්නහු ද ඒ තොපට දුක් වන්නෙ යැ.

6405. අදස‍්සනෙන මය‍්හං තෙ ජිණ‍්ණස‍්ස පරිදෙවතො භීයො වඞ‍්කා ච පලිතා බහූ හෙස‍්සන‍්ති බ්‍රාහ‍්මණා.

6405. මා නො දැක්මෙන් හඬන්නා වූ මහලු තොපගේ වක ද බොහෝ වන්නේ යැ. නර ද බොහෝ වන්නෙ යැ.

6406. තතො සො බ්‍රාහ‍්මණො භීතො බ්‍රාහ‍්මණියා වසානුගො, අට‍්ටිතො කාමරාගෙන බ්‍රාහ‍්මණිං එතදබ්‍රවි.

6406. ඉක්බිති එ බමුණු බියපත් වැ බැමිණියගේ වයසට ගියෙ කාමරාගයෙන් පෙළනලද්දෙ බැමිණියට තෙල කරුණ කී:

6407. පාථෙය්‍යං මෙ කරොහි ත්‍වං සඞ‍්කුල්‍යා සගුළානි ච, මධුපිණ‍්ඩිකා ච සුකතායො සත‍්තුභත‍්තඤ‍්ච බ්‍රාහ‍්මණී.

6407.බැමිණිය, තෙපි සංකුල පූ ද සකුරු පූ ද මොනවට කළ අත්වට ද අත්සුණු ද බත්පළාවක් (බත්මුලක්) ද මට මඟ උපකරණ කොට දෙව.

6408. ආනයිස‍්සං මෙථුනකෙ උභෙ දාසකුමාරකෙ, තෙ තං පරිචරිස‍්සන‍්ති රත‍්තින්‍දිවමතන්‍දිතා.

6408. සමානකුල ඇති කුමරුවන් දෙදෙනකුන් තොපට දස් පිණිස ගෙනෙන්නෙමි. ඔහු දවරැය නො මැළි වැ තොපට මෙහෙ කරන්නාහ.

6409. ඉදං වත්‍වා බ්‍රහ‍්මබන්‍ධු පටිමුඤ‍්චි උපාහනා, තතො සො මන‍්තයිත්‍වාන භරියං කත්‍වා පදක‍්ඛිණං.

6409. බමුණු මෙසේ කියා වහන් ලී ය. ඉක්බිති හේ රහස් ඔවා දී අඹුව පැදකුණු කොට,

6410. පක‍්කාමි සො රුණ‍්ණමුඛො බ්‍රාහ‍්මණො සහිතබ‍්බතො, සිවීනං නගරං ඵීතං දාසපරියෙසනං චරං.

6410. එ බමුණු සමාදන් වූ ව්‍රත ඇතියේ වලප්නා මුහුණු ඇතියේ දැසිදසුන් සොයා ඇවිදිනෙ සිවීන්ගේ සම්පත්තීන් විපුල වූ ජයතුරා නුවර ට පිටත් වැ ගියේ.

6411. සො තත්‍ථ ගන‍්ත්‍වා අවච යෙ තත්‍ථාසුං සමාගතා, කුහිං වෙස‍්සන‍්තරො රාජා කත්‍ථ පස‍්සෙමු ඛත‍්තියං.

6411. හේ එහි ගොස් එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද ඔවුන්ට මෙසේ කී: වෙසතුරු මහරජ කොහි ද? එ රජ කොහි දී දක්මෝ දැ යි.

6412. සො ජනො තං අවචාසි යෙ තත්‍ථාසුං සමාගතා, තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො අතිදානෙන ඛත‍්තියො; පබ‍්බාජිතො සකා රට‍්ඨා වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

6412. එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද එ ජනයා ඔහට මෙසේ කී: බමුණ, තොප විසින් අධික දානයෙන් පෙළෙන ලද රජ සිය රටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.

6413. තුම‍්භිහි බ්‍රහ‍්මෙ පකතො අතිදානෙන ඛත‍්තියො, ආදාය පුත‍්තරඤ‍්ච වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

6413. බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළනලද රජ තෙම අඹුදරුවන් ද ගෙන ගොස් වඞ්කගිරියෙහි වාස කෙරෙයි.

6414. සො චොදිතො බ්‍රාහ‍්මණියා බ්‍රාහ‍්මණො කාමගිද‍්ධිමා, අඝං තං පතිසෙවිත්‍ථ; වනෙ වාළමිගාකිණ‍්ණෙ ඛග‍්ගදීපිනිසෙවිතෙ.

6414. කාමයෙහි ගිජු වූ එ බමුණු බැමිණිය විසින් චෝදනා කරනලද්දේ වල්මුවන් විසින් ගැවැසිගත් කගවෙහෙණුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයෙහි වින්දයුතු යම් දුකෙක් ඇද්ද එ දුක් අනුභව කෙළේ.

6415. ආදාය බෙලුවං දණ‍්ඩං අග‍්ගිහුත‍්තං කමණ‍්ඩලුං, සො පාවිසි බ්‍රහාරඤ‍්ඤං යත්‍ථ අස‍්සොසි කාමදං.

6415. එ බමුණු බේලුව සැරයටිය ද ගිනි පුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන යම් අරනෙකැ කැමැති සැපත් දෙන වෙසතුරු රජ වෙසෙතී ඇසී ද ඒ මහ අරනට පිවිසියේ යැ.

6416. තං පවිට‍්ඨං බ්‍රහාරඤ‍්ඤං කොකා නං පරිවාරයුං, වික‍්කන්‍දි සො විප‍්පනට‍්ඨො දූරෙ පන්‍ථා අපක‍්කමි.

6416. ඒ මහවල් වන් බමුණු (වන දොර රක්නහුගේ) බල්ලෝ පිරිවරාගත්හ. හෙ මහ හඬින් හැඬී. මං මුළා වූයේ මඟින් දුරු වැ ගියේ.

6417. තතො සො බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා භොගලුද‍්දො අසඤ‍්ඤතො, වඞ‍්කස‍්සොහරණෙ නට‍්ඨො, [සුනඛෙහි පරිවාරිතො රුක‍්ඛස‍්මිඤ‍්ච නිසින‍්නොව]; ඉමා ගාථා අභාසථ.

6417. ඉක්බිති භෝගයෙහි ගිජු වූ සංයමයක් නැති එ බමුණු ගොස් වඞ්කගිරියට යන මඟ මුළා වූයෙ මේ ගාථා කී:

6418. කො රාජපුත‍්තං නිසභං ජයන‍්තමපරාජිතං, භයෙ ඛෙමස‍්ස දාතාරං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6418. රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජය ගන්නා වූ අපරාජිත වූ බියෙහි අභය දෙන්නා වූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නෙ ද?

6419. යො යාචතං පතිට‍්ඨාසි භූතානං ධරණීරිව, ධරණූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6419. යමෙක් යදියනට පිහිට වී ද, පොළොව මෙන් හැම සත්නට පිහිට වූ දෙරණට උපමා වූ ඒ වෙසතුරු මහරජහු (වසන තැන්) කවරෙක් මට දැන කියන්නෙ ද?

6420. යො යාචතං ගතී ආසි සවන‍්තීනංව සාගරො, උදධූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6420. ගංගාවනට සාගරය මෙන් යමෙක් යදියනට පිළිසරණ වී ද සයුරට උපමා වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6421. කල්‍යාණතිත්‍ථං සුචිමං සීතූදකං මනොරමං, පුණ‍්ඩරීකෙහි සංඡන‍්නං යුත‍්තං කිඤ‍්ජක‍්ඛරෙණුනා; රහදූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6421. හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ තොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බඳු වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6422. අස‍්සත්‍ථංච පථෙ ජාතං සීතච‍්ඡායං මනොරමං, සන‍්තානං විස‍්සමෙතාරං කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6422. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් ඇසතු රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6423. නිග්‍රොධංව පථෙ ජාතං සීතච‍්ඡායං මනොරමං, සන‍්තානං විස‍්සමෙතාරං කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6423. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්‍ගක්ලාන්තයනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් නුග රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6424. අම‍්බං ඉව පථෙ ජාතං සීතච‍්ඡායං මනොරමං, සන‍්තානං විස‍්සමෙතාරං කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6424. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් අඹ රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6425. සාලං ඉව පථෙ ජාතං සීතච‍්ඡායං මනොරමං, සන‍්තානං විස‍්සමෙතාරං කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6425. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ පෙළුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් සල්රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6426. දුමං ඉව පථෙ ජාතං සීතච‍්ඡායං මනොරමං, සන‍්තානං විස‍්සමෙතාරං කිලන‍්තානං පටිග‍්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස‍්සන‍්තරං විදූ.

6426. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ මිරිකුණානට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?

6427. එවඤ‍්ච මෙ විලපතො පවිට‍්ඨස‍්ස බ්‍රහාවනෙ, අහං ජානන‍්ති යො වජ‍්ජා නන්‍දිං සො ජනයෙ මමං

6427. මහවල්හි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’යි කී නම් හෙ මට සොම්නස් දනවන්නෙ යැ.

6428. එවඤ‍්ච මෙ විලපතො පවිට‍්ඨස‍්ස බ්‍රහාවනෙ, අහං ජානන‍්ති යො වජ‍්ජා (වෙස‍්සන‍්තරනිවෙසනං;) තාය සො එකච‍්චාය පසවෙ පුඤ‍්ඤං අනප‍්පකං.

6428. මහවෙනෙහි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’ කී නම් හෙ ඒ එක් වදනින් බොහෝ පින් රැස් කරන්නෙ යි.

6429. තස‍්ස චෙතො පටිස‍්සොසි අරඤ‍්ඤෙ ලුද‍්දකො චරං, තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො අතිදානෙන ඛත‍්තියො; පබ‍්බාජිතො සකා රට‍්ඨා වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

6429. ඔහට, වැදි වැ වෙනෙහි ඇවිදුනා චේත රටවැසියෙක් මෙසේ පිළිවදන් ඇස්වී: බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළෙන ලද රජ තෙම සියරටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.

6430. තුම‍්හෙහි බ්‍රහ‍්මෙ පකතො අතිදානෙන ඛත‍්තියො, ආදාය පුත‍්තදාරඤ‍්ච වඞ‍්කෙ වසති පබ‍්බතෙ.

6430. බමුණ තොප විසින් අධිකදානයෙන් මඩනාලද වෙසතුරු රජ අඹුදරුවන් ද ගෙනගොස් වඞ්කගිරියෙහි වෙසේ.

6431. අකිච‍්චකාරී දුම‍්මෙධො රට‍්ඨා විවනමාගතො, රාජපුත‍්තං ගවෙසන‍්තො බකො මච‍්ඡමිවොදකෙ.

6431. නුවණ නැති නො කටයුතු කරනසුලු තෝ දියෙහි මසකු සොයන කොකකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි.

6432. තස‍්ස ත්‍යාහං න දස‍්සාමි ජීවිතං ඉධ බ්‍රාහ‍්මණ, අයං හි තෙ මයා නුන‍්නො සරො පාස‍්සති ලොහිතං.

6432. බමුණ, මම මෙහි දී ඒ නො කටයුතු කරන තට දිවි නො දෙමි. ම විසින් විදුනාලද මේ සරය තාගේ ලේ බොන්නේ යැ.

6433. සිරො තෙ වජ‍්ඣයිත්‍වාන හදයං ඡෙත්‍වා සබන්‍ධනං, පන්‍ථසකුණං යජිස‍්සාමි තුය‍්හං මංසෙන බ්‍රාහ‍්මණං.

6433. බමුණ, තා මරා තාගේ හිස සිඳැ අක්මා සහිත හදමස් කපාගෙනැ තාගේ මසින් මාර්‍ගදේවතාවන්ට ‘පන්‍ථසකුණ” යාග කරන්නෙමි. (බිලියම් කරනෙමි)

6434. තුය‍්හං මංසෙන මෙදෙන මත්‍ථකෙන ච බ්‍රාහ‍්මණ, අහුතිං පග‍්ගහෙස‍්සාමි ඡෙත්‍වාන හදයං තව.

6434. බමුණ, තාගේ හදමස් කපාගෙනැ තාගේ මසිනුදු මස්තෙලිනුදු හිස්මුලිනුදු හෝම කරනෙමි.

6435. තං මෙ සුයිට‍්ඨං සුහුතං තුය‍්හං මංසෙන බ්‍රාහ‍්මණ, න ච ත්‍වං රාජපුත‍්තස‍්ස භරියං පුත‍්තෙ ච නෙස‍්සසි.

6435. බමුණ, මා විසින් තාගේ මසින් කරනලද එ මොනවට යාග කරනලද මොනොවට පුදනලද කවර හෙයින යත්: ඒ හේතුවින් තෝ රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නො ගෙන යන්නෙහි.

6436. අවජ‍්ඣො බ්‍රාහ‍්මණො දූතො චෙතපුත‍්ත සුණොහි මෙ, තස‍්මා හි දූතං න හනන‍්ති එස ධම‍්මො සනන‍්තනො.

6436. චේතපුත්‍රය, මාගේ බස් අසව. බමුණා ද දූතයා ද නො මැරියැයුතු වෙයි. එ කරුණෙන් දූතයා නො මරති, මෙ දහම සනාතන (පුරාණ) වෙයි.

6437. නිජ‍්ඣත‍්තා සිවයො සබ‍්බෙ පිතා නං දට‍්ඨුමිච‍්ඡති, මාතා ච දුබ‍්බලා තස‍්ස අචිරා චක‍්ඛූනි ජීයරෙ.

6437. හැම සිවීහු සන්හිඳුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසි වෙයි, ඔහුගේ මවු ද දුබල යැ. නොබෝ කල්හි මැ ඇස් පිරිහෙයි. (නිරතුරු හැඬීමෙන)

6438. තෙසාහං පහිතො දූතො චෙතපුත‍්ත සුණොහි මෙ, රාජපුත‍්තං නයිස‍්සාමි යදි ජානාසි සංස මෙ.

6438. මම ඔවුන් විසින් මෙහෙයන ලදුයෙමි, චේතපුත්‍රය මාගේ බස් අසව. වෙසතුරු රජපුතු ගෙනැ යමි. ඉදින් දනී නම් මට කියව.

6439. පියස‍්ස මෙ පියො දූතො පුණ‍්ණපත‍්තං දදාමි තෙ, ඉමඤ‍්ච මධුනො තුම‍්බං මිගසත්‍ථිඤ‍්ච බ්‍රාහ‍්මණ; තඤ‍්ච තෙ දෙසමක‍්ඛිස‍්සං යත්‍ථ සම‍්මති කාමදො.

6439. බමුණ, මාගේ ප්‍රිය (වෙසතුරු) හට දූතයෙහි, තට තුටුපඬුරු කොට මේ මීපිරූ ලබුව ද මුවකලවෙ ද දෙමි. කැමැති සැපත් දෙන වෙසතුරු යම් තැනෙකැ වෙසේ ද එ දෙස ද තට කියමි.

ජූජකපබ‍්බං නිට‍්ඨිතං.

ජූජක පර්‍වය යි.