යෙදුමෙන් කියවන්න

චූළවනවණ‍්ණනා නිට‍්ඨිතා

6440. එස සෙලො මහාබ්‍රහ‍්මෙ පබ‍්බතො ගන්‍ධමාදනො, යත්‍ථ වෙස‍්සන‍්තරො ජාරා සහ පුත‍්තෙහි සම‍්මති.

6440. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වාස කෙරේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පවුව යි. (කඳු පාමුලින් උතුරුදිග බලා ගොස් සක්දෙව් මවාදුන් අසපුවෙහි දක්නෙහි)

6441. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසඤ‍්ච මසං ජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමසස‍්ති.

6441. (එ රජ) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද (හෝමදබ්බි) දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ කොළ ඇතිරියෙහි හොවී. ගිනිදෙවියා පුදයි.

6442. එතෙ නීලා පදිස‍්සන‍්ති නානාඵලධරා දුමා, උග‍්ගතා අබ‍්භකූටං ච නීලා අඤ‍්ජනපබ‍්බතා.

6442. තෙල නිල්වන් වූ නොයෙක් ඵල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන් කුළු මෙන් පැනෙති.

6443. ධවස‍්සකණ‍්ණා ඛදිරා සාලා ඵන්‍දනමාලුවා, සම‍්පවෙධන‍්ති වාතෙන සකිං පීතාව මාණවා.

6443. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් මැ පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.

6444. උපරි දුමපරියායෙසු සංගීතියොව සූයරෙ, නජ‍්ජුහා කොකිලසඞ‍්ඝා සම‍්පතන‍්ති දුමා දුමං.

6444. වෘක්‍ෂශාඛා මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුමුළු හා කෙවිලිමුළු ගසින් ගසට පනිති.

6445. අව‍්හයන‍්තෙව ගච‍්ඡන‍්තං සාඛාපණ‍්ණසමෙරිතා, අමයන‍්තෙව ආගන‍්තුං මොදයන‍්ති නිවාසිනං; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා සහ පුත‍්තෙහි සම‍්මති.

6445. යම් පර්‍වතයෙකැ වෙසතුරු රජ දරුවන් සමග වාස කෙරේ ද (එහි) පවනින් සැලෙන ශාඛාපත්‍රයෝ තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එන්නහු රමණය කරනුවන් වැන්නහ. නිතිවසන දනන් තුටු කෙරෙති.

6446. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසදඤ‍්ච මසංජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති.

6446. (එ රජ එහි) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන් දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී, ගිනි දෙවියා නමදී.

6447. අම‍්බා කපිත්‍ථා පනසා සාලා ජම‍්බු විභීතකා, හරීතකී ආමලකා අස‍්සත්‍ථා ඛදරානි ච,

6447. අඹ ද ගිවුළු ද පනා (කොස්) ද සල් ද දඹ ද බුළු ද අරළු ද ඇඹුලු (නෙල්ලි) ද ඇසතු ද ඩෙබරද,

6448. චාරු තිම‍්බරුක‍්ඛා චෙත්‍ථ නිග්‍රොධා ච කපිත්‍ථනා, මධු මධුකා ථෙවන‍්ති නීචෙ පක‍්කා චුදුම‍්බරා.

6448. එහි රන්තිඹිරි රුක් ද නුග ද හෙළ කිඳි ඇසතු ද ඇත. මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පල ද ඇත.

6449. පාරෙවතා භවෙය්‍යා ච මුද‍්දිකා ච මධුත්‍ථිකා, මධුං අනෙලකං තත්‍ථ සකමාදාය භුඤ‍්ජරෙ.

6449. කිරිපලු ද එල්ගෙඳ ද මී වැහෙන මිදි ද ඇත. එ වෙනෙහි නිවැසි මී තුමූ මැ ගෙන බුදිති.

6450. අඤ‍්ඤෙත්‍ථ පුප‍්ඵිතා අම‍්බා අඤ‍්ඤෙ තිට‍්ඨන‍්ති දොමිලා, අඤ‍්ඤෙ ආමා ච පක‍්කා ච භෙකවණ‍්ණා තදූභයං.

6450. ඒ වෙනෙහි ඇතැම් අඹරුක් කෙනෙක් මල්පිපී සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් මැලෑගෙන (පලගනිමින්) සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් අමු පල ද විලිකුන් පල ද ඇති වැ සිටිති. එ අමු විලිකුන් දෙපල මැ නිල්මැඩියන් වැන්න හ.

6451. අථෙත්‍ථ හෙට‍්ඨා පුරිසො අම‍්බපක‍්කානි ගණ‍්හති, ආමානි චෙව පක‍්කානි වන‍්නගන්‍ධරසුත‍්තමෙ.

6451. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම (රුකට නො නැඟී මැ) වර්‍ණ ගන්‍ධ රසයෙන් උතුම් වූ අමු අඹ ද විලිකුන් අඹ ද නෙලාගනී.

6452. අතෙව මෙ අච‍්ඡරියං හිඞ‍්කාරො පටිභාති මං, දෙවානමිව ආවාසො සොභති නන්‍දනූපමො.

6452. මට ඉතා මැ අසිරි යැ, මට විස්මය වැ වැටහෙයි, දෙවියනට නිවාස වූ නඳුනුයන මෙන් හොබී.

6453. විභෙදිකා නාළිකෙරා ඛජ‍්ජූරීනං බ්‍රහාවනෙ, මාලාව ගන්‍ථිතා ඨන‍්ති ධජග‍්ගානෙව දිස‍්සරෙ; නානාවණ‍්ණෙහි පුප‍්ඵෙහි නභං තාරාචිතාමිව.

6453. ඉඳි රුකින් සැදි මහවෙනෙහි තල් රුක් ද නෙරළු රුක් ද ඇති. සුපිපි රුක් ගෙතූ මල්දම් සෙයින් සිටි, ධ්වජාග්‍රයන් මෙන් පැනෙයි. නන් පැහැ මලින් තරුවැළින් සැදි අහස මෙනි.

6454. කුටජි කුට‍්ඨතගරා පාටලියො ච පුප‍්ඵිතා, පුන‍්නාගා ගිරිපුන‍්නාගා කොවිළාරා ච පුප‍්ඵිතා.

6454. සුළුකෙළිඳ ද උපුල්කොළ ද තුවරලා ද පළොල් රුක් ද පිපී සිටිත්, දොඹරුක් ද මහදොඹරුක් ද කොබොළල රුක් ද පිපී සිටිත්.

6455. උද‍්දාලකා සොමරුක‍්ඛා අගරුභල‍්ලියො බහූ, පුත‍්තජීවා ච කකුධා අසනා චෙත්‍ථ පුප‍්ඵිතා.

6455. එහි එරහැන්ද ද සෝමරුක් ද අගිල්රුක් ද බදුලුරුක් ද බොහෝ යැ. අවරි ද සුළුකුඹුක් ද පියාරුක් ද පිපී සිටියි.

6456. කුටජා සලලා නීපා කොසම‍්බලබුජා ධවා, සාලා ච පුප‍්ඵිතා තත්‍ථ පලාලඛලසන‍්නිභා.

6456. එහි මහකෙළිඳ ද සලළ රුක් ද බක්මීරුක් ද කොසඹ රුක් ද දෙල් රුක් ද දැවරුක් සල්රුක් ද පිපී සිටියි. (රුක් යට වගළ මල්රැස) පිදුරු කලවිටි වැන්න.

6457. තස‍්සාවිදූරෙ පොක‍්ඛරණී භූමිභාගෙ මනොරමෙ, පදුමුප‍්පලසඤ‍්ඡන‍්නා දෙවානමිව නන්‍දනෙ.

6457. එ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසෙකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි (සිවුරැස්) පොකුණෙක් ඇත.

6458. අථෙත්‍ථ පුප‍්ඵරසමත‍්තා කොකිලා මඤ‍්ජුභාණිකා, අභිනාදෙන‍්ති පවනං උතුසම‍්පුප‍්ඵිතෙ දුමෙ.

6458. තවද එහි පොකුරුමී රසින් මත් වූ මියුරු හඬ ඇති කුරවිකෙවිල්ලෝ ඍතු සමයෙහි පිපිරුක්හි හිඳ (සියහඬින්) මහ වනය වෙසෙසින් හඬවති.

6459. භස‍්සන‍්ති මකරන්‍දෙහි පොක‍්ඛරෙ පොක‍්ඛරෙ මධු, අථෙත්‍ථ වාතා වායන‍්ති දක‍්ඛිණා අථ පච‍්ඡිමා; පදුමකිඤ‍්ජක‍්ඛරෙණුහි ඔකිණ‍්ණො හොති අස‍්සමො.

6459. මලින් බස්නා මුවරඳින් පොකුරුපතැ පොකුරුපතැ මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණුදෙසින් අවරදෙසින් දසනුදසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් එ අසපුව ගැවැසි ගත්තේ වෙයි.

6460. ථූලා සිඞ‍්ඝාටකා චෙත්‍ථ සංසාදියා පසාදියා, මච‍්ඡකච‍්ඡපව්‍යාවිද‍්ධා බහු චෙත්‍ථ මුපයානකා; මධුං භිංසෙහි සවති ඛීරං සප‍්පි මුලාලිහි.

6460. ඒ පොකුණෙහි මහවිල්කටු ද ස්වයංජාත හූරුහැල් ද එයින් පතිත වැ හැටි හැල් ද ඇත. රැහැබැඳ ඇවිදිනා මස්කැස්බෝ ද ඇත. එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙළුඹලයෙන් මී වැහෙයි, නෙළුඹුදැලියෙන් වැහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න.

6461. සුරභි තං වනං වාති නානාගන්‍ධසමෙරිතං, සම‍්මද‍්දතෙව ගන්‍ධෙන පුප‍්ඵසාඛාහි තං වනං; භමරා පුප‍්ඵගන්‍ධෙන සමන‍්තාමභිනාදිතා.

6461. නන් ගඳින් වැහුණ ඒ වනය සුවඳ හමයි. පුෂ්පශාඛායෙන් ප්‍රවෘත්ත ගන්‍ධයෙන් එ වනය පැමිණි දනන් මත් කෙරේ මැ යැ. බමරු මල්ගඳින් හාත්පසැ නද දෙති.

6462. අථෙත්‍ථ සකුණා සන‍්ති නානාවණ‍්ණා බහූ දිජා, මොදන‍්ති සහ භරියාහි අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

6462. තව ද එ වෙනෙහි ලිහිණියෝ ඇත. නන්‍ පැහැති බොහෝ ලිහිණීහු ඔවුනොවුන්ට කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙති.

6463. නන්‍දිකා ජීවපුත‍්තා ච ජීව පුත‍්තා ච පියා ච නො, පියා පුත‍්තා පියා නන්‍දා දිජා පොක‍්ඛරණිඝරා.

6463. (වෙසතුරු රජුනි, තෙපි) තුස්ව යි කියන නන්‍දික ලිහිණියෝ ද දරුවන් සමග සැරදෙව යි කියන ජීවපුත්ත ලිහිණියෝ ද තෙපි ද සැරදෙව තොප ප්‍රිය දරුවෝ ද සැරදෙත්ව යි කියන ලිහිණියෝ ද තෙපි ද තුටුව තොප දරුවෝ ද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද පොකුණ මැ නිවෙස් කොට ඇතියහ.

6464. මාලාව ගන්‍ථිතා ඨන‍්ති ධජග‍්ගානෙව දිස‍්සරෙ, නානාවණ‍්ණෙහි පුප‍්ඵෙහි කුසලෙහි සුගන්‍ධිකා; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා සහ පුත‍්තෙහි සම‍්මති.

6464. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද එ වනහිස් නන් පැහැ මලින් නිපුණයන් විසින් ගෙතූ මල්දම් සෙයින් හොබනෙ යැ.

6465. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසදං ච මසං ජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති.

6465. (එහි වෙසතුරු රජ) තවුස්වෙස් ද දෙහෙටිල්ල ද හෝමදබ්බිය ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදී.

6466. ඉදඤ‍්ච මෙ සත‍්තුභත‍්තං මධුනා පටිසංයුතං, මධුපිණ‍්ඩිකා ච සුකතායො සත‍්තුභත‍්තං දදාමි තෙ.

6466. (චේතපුත්‍රය,) මේ මා සතු අත්සුණු බත මීයෙන් හැනුයෙ යැ. මොනවට කළ අත්වට ද අත්සුණුබත ද තොපට දෙමි. (මෙය ගනුව.)

6467. තුය‍්හෙව සම‍්බලං හොතු නාහං ඉච‍්ඡාමි සම‍්බලං, ඉතොපි බ්‍රහ‍්මෙ ගණ‍්හාහි ගච‍්ඡ බ්‍රහ‍්මෙ යථාසුඛං.

6467. මාර්ගෝපකරණ තොපට මැ වේවා. මම තොපගේ මඟ උවරණ නො කැමැත්තෙමි. බමුණ, මෙයිනුදු ගනුව, බමුණ සුවසේ යව.

6468. අයං එකපදී එති උජුං ගච‍්ඡති අස‍්සමං, ඉසීපි අච‍්චුතො තත්‍ථ පඞ‍්කදන‍්තො රජස‍්සිරො; ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසදඤ‍්ච මසඤ‍්ජටං.

6468. මේ එක්පිය මඟ හමුයෙහි එයි, හෙ ද අසපුවට ඉඳුරා යෙයි. එ මඟැ මැලිදත් ඇති රජස්මුසු හිස් ඇති ‘අච්‍යුත’ නම් තවුසෙක් ද වෙසෙ යි.

6469. චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති, තං ත්‍වං ගන‍්ත්‍වාන පුච‍්ඡස‍්සු සො තෙ මග‍්ගං පවක‍්ඛති.

6469. හෙ තවුස්වෙස් ද මල්පල නෙලන අකුසුදු ගිනි පුදන සැන්ද ද දළමඬුලුදු ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හෝනෙ යැ. ගිනිදෙවියා පුදයි. තෙපි ගොස් ඔහු අතින් පුළුවුස්ව. හෙ තොපට මඟ කියන්නෙ යැ.

6470. ඉදං සුත්‍වා බ්‍රහ‍්මබන්‍ධු චෙතං කත්‍වා පදක‍්ඛිණං, උදග‍්ගචිත‍්තො පක‍්කාමි යෙනාසි අච‍්චුතො ඉසි.

6470. බමුණු මෙය අසා සෑදරු පැදකුණු කොට ‘අච්‍යුත’ තවුස් යම් තැනෙකැ වී ද එහි ඔදවැඩි සිතැති වැ පිටත් වැ ගියේ.

චූළවනවණ‍්ණනා නිට‍්ඨිතා.

සුළුවන වැනුම යි.