චූළවනවණ්ණනා අට්ඨකථා
චූළවනවණ්ණනා
සුළුවන වර්ණනාව
එවං චෙතපුත්තො බ්රාහ්මණං භොජෙත්වා පාථෙය්යත්ථාය තස්ස මධුනො තුම්බඤ්චෙව පක්කමිගසත්ථිඤ්ච දත්වා මග්ගෙ ඨත්වා දක්ඛිණහත්ථං උක්ඛිපිත්වා මහාසත්තස්ස වසනොකාසං ආචික්ඛන්තො ආහ –
චේත පුත්‍රයා බ්‍රාහ්මණයා අනුභව කරවවා ඔහුට මගට අවශ්‍ය දේ ලෙස මී පිරූ ලබුකබලද පිසන ලද මුවගාතය ද දී මගසිට දකුණු අත ඔසවා මහාසත්ත්වයන් සිටින ඉසව්ව කියමින් මෙසේ කීය.
“එස සෙලො මහාබ්රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො; යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
බමුණ, යම්තැනෙකැ වෙසතුරු රජදරුවන් හා සමග වාසය කරයිද, අර පෙනෙන ගල ඒ ගන්ධමාදන පර්වතයයි.
“ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං; චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
ඒ රජ උතුම් තවුස් වෙස්ද දෙහෙටිල්ල ද ගිනිපුදන හැන්ද ද දළමඩුලු ද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම කොළ ඇතිරියෙහි හොවි. ගිනිදෙවියා පුදයි.
“එතෙ නීලා පදිස්සන්ති, නානාඵලධරා දුමා; උග්ගතා අබ්භකූටාව, නීලා අඤ්ජනපබ්බතා.
තෙල නිල්වන් වූ නොයෙක් ඵල දරන වෘක්ෂයෝ නැඟීසිටි වලාකුළු මෙන් නිවන් අඳුන් කුළු මෙන් පෙනෙයි.
“ධවස්සකණ්ණා ඛදිරා, සාලා ඵන්දනමාලුවා; සම්පවෙධන්ති වාතෙන, සකිං පීතාව මාණවා.
දැවයැ. අසුයැ. කිහිරියැ. සල්යැ. කොළොම්යැ. මාළුවායැ යන වෘක්ෂයෝ එක්වරක් මැ පානය කළ රාසොඬුන් මෙන් පවතිත්. වෙවුළති.
“උපරි දුමපරියායෙසු, සඞ්ගීතියොව සුය්යරෙ; නජ්ජුහා කොකිලසඞ්ඝා, සම්පතන්ති දුමා දුමං.
වෘක්ෂ ශාඛා මතුයෙහි සියොතුන්ගේ හඬ දිව්‍ය ගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු රංචු හා කෙවිලි සමූහයා ගසින් ගසට පනිති.
“අව්හයන්තෙව ගච්ඡන්තං, සාඛාපත්තසමීරිතා; රමයන්තෙව ආගන්තං, මොදයන්ති නිවාසිනං; යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
යම් පර්වතයකැ වෙසතුරු රජදරුවන් සමග වාසය කෙරේද, එහි පවනින් සැලෙන ශාඛා පත්‍රයෝ තමන් හැරදමා යන්නවුන් කැඳවනුවන් වැන්න. තමා කරා එන්නහු රමණය කරනුවන් වැන්නහ. නිතිවසන දනන් තුටු කෙරෙති.
“ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං; චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සතී”ති.
එරජ එහි උතුම් තවුස් වෙස්ද දෙහෙටිල්ල ද ගිනිපුදන හැන්ද ද දළකඩුලු ද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම හොවී. ගිනිදෙවියා නමදී.
තත්ථ ගන්ධමාදනොති එස ගන්ධමාදනපබ්බතො, එතස්ස පාදෙන උත්තරාභිමුඛො ගච්ඡන්තො යත්ථ සක්කදත්තියෙ අස්සමපදෙ වෙස්සන්තරො රාජා සහ පුත්තදාරෙහි වසති, තං පස්සිස්සසීති අත්ථො. බ්රාහ්මණවණ්ණන්ති සෙට්ඨපබ්බජිතවෙසං. ආසදඤ්ච මසං ජටන්ති ආකඩ්ඪිත්වා ඵලානං ගහණත්ථං අඞ්කුසඤ්ච අග්ගිජුහනකටච්ඡුඤ්ච ජටාමණ්ඩලඤ්ච ධාරෙන්තො. චම්මවාසීති අජිනචම්මධරො. ඡමා සෙතීති පථවියං පණ්ණසන්ථරෙ සයති. ධවස්සකණ්ණා ඛදිරාති ධවා ච අස්සකණ්ණා ච ඛදිරා ච. සකිං පීතාව මාණවාති එකවාරමෙව පීතා සුරාසොණ්ඩා විය. උපරි දුමපරියායෙසූති රුක්ඛසාඛාසු. සඞ්ගීතියොව සුය්යරෙති නානාසකුණානං වස්සන්තානං සද්දා දිබ්බසඞ්ගීතියො විය සුය්යරෙ. නජ්ජුහාති නජ්ජුහසකුණා. සම්පතන්තීති විකූජන්තා විචරන්ති. සාඛාපත්තසමීරිතාති සාඛානං පත්තෙහි සඞ්ඝට්ටිතා හුත්වා විකූජන්තා සකුණා, වාතෙන සමීරිතා පත්තසාඛායෙව වා. ආගන්තන්ති ආගච්ඡන්තං ජනං. යත්ථාති යස්මිං අස්සමෙ වෙස්සන්තරො වසති, තත්ථ ගන්ත්වා ඉමං අස්සමපදසම්පත්තිං පස්සිස්සසීති.
එහි ගන්ධමාදනො යනු මේ ගන්ධමාදන පර්වතය මෙහි පාමුලින් උතුරු පැත්තට යන්නේ එම ශක්‍රයා විසින් දෙන ලද අසපුවේ වෙස්සන්තර රජු දරුවන් සමග වාසය කරයි. ඔහුව දකින්නෙහි යන අර්ථයි. බ්‍රහ්මණං වණ්ණං උතුම් වූ පැවිදි වෙස්. ආසදඤ්ච මසංජටං ඇද ගෙඩි කඩාගැනීම සඳහා දෙහෙටිල්ලද ගිනිපුදන හැන්දද දළමඩුලු ද දරනුයේ චම්මවාසී අඳුන් දිවිසම් දරන්නේ. ජරාසෙති පොළවෙහි කොළ ඇතිරියෙහි නිදයි. ධවස්ස කණ්ණඛදිරා දැවයැ. අසුයැ. කිහිරියැ. සකිම්පීතාව මාණවා එක්වරක් පමණක් පානය කළ මත්සොඬුන් මෙන්. උපරිදුමපරියායෙසු ගස් අතුවල සංගීතියොව සූයරෙ නොයෙක් පක්ෂීන්ගේ ඇසෙන දිව්‍යමය සංගීතරාවයක් මෙන් අසත්. නජ්ජූහා විළිකුළු පක්ෂීන්. සම්පතන්ති නාදකරමින් හැසිරෙත්. සාඛාපත්තසමෙරිකා අතුවල කොළවලින් වැසී සිට නාදකරන පක්ෂීහු වාතයෙන් සෙලවෙන කොළඅතු මෙනි. ආගන්තු ආගන්තුක ජනයා. යත්ථ යම් ආශ්රමයක වෙස්සන්තර වාසය කරයිද එහි ගොස් මේ ආශ්‍රමපදය දකින්නෙහි.
තතො උත්තරිපි අස්සමපදං වණ්ණෙන්තො ආහ –
එයින් මතුදු ආශ්‍රමය වණනා කරමින් මෙසේ කීය.
“අම්බා කපිත්ථා පනසා, සාලා ජම්බූ විභීතකා; හරීතකී ආමලකා, අස්සත්ථා බදරානි ච.
අඹ ද ගිවුළු ද පනා ද සල්ද දඹ ද බුළු ද අරළු ද ඇඹුලු (නෙල්ලි) ඇසතු ද ඩෙබර ද
“චාරුතිම්බරුක්ඛා චෙත්ථ, නිග්රොධා ච කපිත්ථනා; මධුමධුකා ථෙවන්ති, නීචෙ පක්කා චුදුම්බරා.
එහි රන්තිඹිරි රුක් ද නුග ද හෙළකිඳි ඇසතු ද ඇත. මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පල ද ඇත. කිරිපලුද එල්ගෙඳ ද, මී වෑහෙන මිදි ද ඇත. ඒ වෙනෙහි නිවැසි මී තුමූ මැ ගෙන බුදිති.
“පාරෙවතා භවෙය්යා ච, මුද්දිකා ච මධුත්ථිකා; මධුං අනෙලකං තත්ථ, සකමාදාය භුඤ්ජරෙ.
“අඤ්ඤෙත්ථ පුප්ඵිතා අම්බා, අඤ්ඤෙ තිට්ඨන්ති දොවිලා; අඤ්ඤෙ ආමා ච පක්කා ච, භෙකවණ්ණා තදූභයං.
ඒ වනයෙහි සමහර අඹ රුක් කෙතෙක් මල් පිපී තිබේ. ඇතැම් අඹරුක් අමුපල ද විලිකුන් පලද ඇතිවැ සිටිති. ඒ අමු විලිකුන් ඵල දෙවර්ගයම මැඩියන් වැන්න.
“අථෙත්ථ හෙට්ඨා පුරිසො, අම්බපක්කානි ගණ්හති; ආමානි චෙව පක්කානි, වණ්ණගන්ධරසුත්තමෙ.
තව ද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම වණ ගන්ධ රසයෙන් උතුම් වූ අමු අඹ ද විලිකුන් අඹ ද නෙලා ගනී.
“අතෙව මෙ අච්ඡරියං, හීඞ්කාරො පටිභාති මං; දෙවානමිව ආවාසො, සොභති නන්දනූපමො.
මට මෙය ඉතාම අසිරිය. මට විස්මය වැ වැටහෙයි. දෙවියනට නිවාස වූ නඳුනුයුන මෙන් හොබී.
“විභෙදිකා නාළිකෙරා, ඛජ්ජුරීනං බ්රහාවනෙ; මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ; නානාවණ්ණෙහි පුප්ඵෙහි, නභං තාරාචිතාමිව.
ඉඳිරුකින් සැදි මහවනයෙහි තල් රුක් ද නෙරළු රුක් ද ඇත. සුපිපි වෘක්ෂයෝ ගෙතූ මල්දම් සෙයින් සිටිති. ධ්වජාග්‍රයන් මෙන් පෙනෙයි. නන්පැහැ මලින් තරුවැළින් සැදි අහස මෙනි.
“කුටජී කුට්ඨතගරා, පාටලියො ච පුප්ඵිතා; පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා.
සුළුකෙළිඳ ද උපුකොළ ද තුවරලා ද පළොල් රුක් ද පිපී සිටී. දොඹරුක් ද මහදොඹ රුක් ද කොබෝලීල රුක් ද පිපී සිටී.
“උද්දාලකා සොමරුක්ඛා, අගරුඵල්ලියා බහූ; පුත්තජීවා ච කකුධා, අසනා චෙත්ථ පුප්ඵිතා.
එහි එරහැන්ද ද සෝමරුක් ද අගිල්රුක් ද බදුලුරුක් ද බොහෝයැ. අවරි ද සුළුකුඹුක් ද පියාරුක් ද පිපී සිටී.
“කුටජා සලළා නීපා, කොසම්බා ලබුජා ධවා; සාලා ච පුප්ඵිතා තත්ථ, පලාලඛලසන්නිභා.
එහි මහකෙළිඳ ද සළල රුක් ද බක්මී රුක් ද කොසඹ රුක් ද දෙල් රුක්ද දැවරුක් ද සල්රුක්ද පිපී සිටී. පිදුරු කලවිටි වැන්න.
“තස්සාවිදූරෙ පොක්ඛරණී, භූමිභාගෙ මනොරමෙ; පදුමුප්පලසඤ්ඡන්නා, දෙවානමිව නන්දනෙ.
ඒ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි පොකුණෙක් ඇත.
“අථෙත්ථ පුප්ඵරසමත්තා, කොකිලා මඤ්ජුභාණිකා; අභිනාදෙන්ති පවනං, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
තවද එහි පොකුරු මී රසින් මත් වූ මියුරු හඬ ඇති කුරවී කෙවිල්ලෝ ඍතු සමයෙහි පිපි රුක්වල හිඳ මහවනය වෙසෙසින් හඬවති.
“භස්සන්ති මකරන්දෙහි, පොක්ඛරෙ පොක්ඛරෙ මධූ; අථෙත්ථ වාතා වායන්ති, දක්ඛිණා අථ පච්ඡිමා; පදුමකිඤ්ජක්ඛරෙණූහි, ඔකිණ්ණො හොති අස්සමො.
මලින් බස්නා මුවරදින් පොකුරු පත පොකුරු පතැ මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණු දෙසින් අවරදෙසින් දසනු දෙසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් ඒ අසපුව ගැවසී ගත්තේ වෙයි.
“ථූලා සිඞ්ඝාටකා චෙත්ථ, සංසාදියා පසාදියා; මච්ඡකච්ඡපබ්යාවිද්ධා, බහූ චෙත්ථ මුපයානකා; මධුං භිසෙහි සවති, ඛීරසප්පි මුළාලිභි.
ඒ පොකුණෙහි මහවිකටු ද ස්වයංජාත හූරු හැල්ද එයින් පතිතවැ සැදුනු හාල් ද ඇත. රැහැබැඳ ඇවිදිනා මස්කැස්බෝ ද ඇත. එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙලුඹු අලයෙන් මී වැහෙයි. නෙළුඹු දැලියෙන් වෑහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න.
“සුරභී තං වනං වාති, නානාගන්ධසමොදිතං; සම්මද්දතෙව ගන්ධෙන, පුප්ඵසාඛාහි තං වනං; භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
නන් ගඳින් වැඩුණු ඒ වනය සුවඳ හමයි. පුෂ්ප ශාඛායෙන් ප්‍රවෘත්ත ගන්ධයෝ ඒ වනය පැමිණි දනන් මත් කෙරේමැයි. බඹරු මඳින් හාත්පසැ නද දෙති.
“අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා; මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
තව ද ඒ වනයෙහි ලිහිණියෝ සිටිති. නන් පැහැති බොහෝ ලිහිණියෝ ඔවුනොවුන්ට කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙති.
“නන්දිකා ජීවපුත්තා ච, ජීවපුත්තා පියා ච නො; පියා පුත්තා පියා නන්දා, දිජා පොක්ඛරණීඝරා.
වෙසතුරු රජුනි, තොප සතුටු වවයි කියන නන්දික ලිහිණියෝද දරුවන් සමග සැරදෙවයි කියන ජීවපුත්ත ලිහිණියෝද තෙපි ද සැරදෙව. තොප ප්‍රිය දරුවෝද සැරදෙත්වයි කියන ලිහිණියෝ ද තෙපිද තුටුව තොප දරුවෝද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද පොකුණමැ නිවෙස්කොට ඇතියහ. යම්තැනක වෙසතුරුරජ දරුවන් සමග සන්හිඳේද, ඒ වනහිස් නන්පැහැ මලින් නිපුණයන් විසින් ගෙතූ මල්දම් සෙයින් සොබනේයැ.
“මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ; නානාවණ්ණෙහි පුප්ඵෙහි, කුසලෙහෙව සුගන්ථිතා; යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
“ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං; චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සතී”ති.
එහි වෙසතුරු රජ තවුස් වෙස් ද දෙහෙටිල්ල ද හෝමහැන්ද ද දළමඬුලු ද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම හොවී. ගිනිදෙවියා නමදී.
තත්ථ චාරුතිම්බරුක්ඛාති සුවණ්ණතිම්බරුක්ඛා. මධුමධුකාති මධුරසා මධුකා. ථෙවන්තීති විරොචන්ති. පාරෙවතාති පාරෙවතපාදසදිසා රුක්ඛා. භවෙය්‍යාති දීඝඵලා කදලියො. මධුත්ථිකාති මධුත්ථෙවෙ පග්ඝරන්තියො, මධුරතාය වා මධුත්ථෙවසදිසා. සකමාදායාති තං සයමෙව ගහෙත්වා පරිභුඤ්ජන්ති. දොවිලාති පතිතපුප්ඵපත්තා සඤ්ජායමානඵලා. භෙකවණ්ණා තදූභයන්ති තෙ උභොපි ආමා ච පක්කා ච මණ්ඩූකපිට්ඨිවණ්ණායෙව. අථෙත්ථ හෙට්ඨා පුරිසොති අථ එත්ථ අස්සමෙ තෙසං අම්බානං හෙට්ඨා ඨිතකොව පුරිසො අම්බඵලානි ගණ්හාති, ආරොහණකිච්චං නත්ථි. වණ්ණගන්ධරසුත්තමෙති එතෙහි වණ්ණාදීහි උත්තමානි.
එහි චාරුතිම්බරුක්ඛා රන් තිඹිරිගස්. මධූමධුකා මධුරස වූ මීරුක්. ථෙවන්ති බබලත්. මධුත්ථිකා මීව වගුරුවන්නා වූ, මිහිරිබව නිසා හෝ. සකමාදාය එය තෙමේම ගෙන අනුභව කරත්. දොවිලා හටගන්නා ඵල ඇති. තදුහයං අමු ඒවාත් පැසුණු ඒවාත් මැඩියන්ගේ පිටට සමාන වර්ණ ඇති. අථෙත්ථහෙට්ඨා පුරිසො ඉක්බිති මේ අසපුවෙහි ඒ අඹගස යට සිටියා වූ පුරුෂයා අඹ ගනියි. ගසට නැගීම කළ යුතු නැත. වණ්ණගන්ධර සුත්තමෙ මේ වර්ණ ආදියෙන් උතුම් වූ.
අතෙව මෙ අච්ඡරියන්ති අතිවිය මෙ අච්ඡරියං. හිඞ්කාරොති හින්ති කරණං. විභෙදිකාති තාලා. මාලාව ගන්ථිතාති සුපුප්ඵිතරුක්ඛානං උපරි ගන්ථිතා මාලා විය පුප්ඵානි තිට්ඨන්ති. ධජග්ගානෙව දිස්සරෙති තානි රුක්ඛානි අලඞ්කතධජග්ගානි විය දිස්සන්ති. කුටජී කුට්ඨතගරාති කුටජි නාමෙකා රුක්ඛජාති කුට්ඨගච්ඡා ච තගරගච්ඡා ච. ගිරිපුන්නාගාති මහාපුන්නාගා. කොවිළාරාති කොවිළාරරුක්ඛා නාම. උද්දාලකාති උද්දාලරුක්ඛා. සොමරුක්ඛාති පීතපුප්ඵවණ්ණා රාජරුක්ඛා. ඵල්ලියාති ඵල්ලියරුක්ඛා නාම. පුත්තජීවාති මහානිග්රොධා. ලබුජාති ලබුජරුක්ඛා නාම. පලාලඛලසන්නිභාති තෙසං හෙට්ඨා පග්ඝරිතපුප්ඵපුඤ්ජා පලාලඛලසන්නිභාති වදති.
අතෙව මෙ අච්ඡරියං මට අතිශයින් පුදුමයි. භිංකාරො පැන් වත්කරන. විභෙදිකා තල්ගස්. මාලාවගන්ථිතා මනාව මල් පිපුණු ගස්මත ගොතන ලද මල්මාලාවක් මෙන් මල්මෙන් සිටිත්. ධජග්ගානෙව ඒවා ධජ කෙළවර මෙන් පෙනෙත්. කූටජිකුට්ඨතගරා කුටජිතා නම් වූ එක් ගස් වර්ගයක්. සුළුකෙළිඳ උපුල් ද තුවරලා ද යන පැලෑටි. ගිරිපුන්නාගා විශාල දොඹගස්. භල්ලියො බදුලු ගස්. පලාලඛලසන්නිභා ඒවායේ යට වැගිරෙන මස්පිඬු පිදුරු කලවිටි වැනියයි කියයි.
පොක්ඛරණීති චතුරස්සපොක්ඛරණී. නන්දනෙති නන්දනවනෙ නන්දාපොක්ඛරණී විය. පුප්ඵරසමත්තාති පුප්ඵරසෙන මත්තා චලිතා. මකරන්දෙහීති කිඤ්ජක්ඛෙහි. පොක්ඛරෙ පොක්ඛරෙති පදුමිනිපණ්ණෙ පදුමිනිපණ්ණෙ. තෙසු හි කිඤ්ජක්ඛතො රෙණු භස්සිත්වා පොක්ඛරමධු නාම හොති. දක්ඛිණා අථ පච්ඡිමාති එත්තාවතා සබ්බා දිසා විදිසාපි වාතා දස්සිතා හොන්ති. ථූලා සිඞ්ඝාටකාති මහන්තා සිඞ්ඝාටකා ච. සංසාදියාති සයං ජාතසාලී, සුකසාලීතිපි වුච්චන්ති. පසාදියාති තෙයෙව භූමියං පතිතා. බ්යාවිද්ධාති පසන්නෙ උදකෙ බ්යාවිද්ධා පටිපාටියා ගච්ඡන්තා දිස්සන්ති. මුපයානකාති කක්කටකා. මධඋන්ති භිසකොටියා භින්නාය පග්ඝරණරසො මධුසදිසො හොති. ඛීරසප්පි මුළාලිභීති මුළාලෙහි පග්ඝරණරසො ඛීරමිස්සකනවනීතසප්පි විය හොති.
පොක්ඛරණී සතරැස් පොකුණ. නන්දනෙ නන්දන වනයේ නන්දා පොකුණ මෙන් පුප්ඵරසමත්තා මල්පැණියෙන් මත් වූ සෙලවෙන, මකරන්දෙහි පියුම් කෙසරුයෙන් හා රොනින්. පොක්ඛරෙ, පොක්ඛරෙ නෙළුම් කොළවල. ඒ ඒ නෙළුමෙන් රේණු පහතට බැස්සවිට. පොක්ඛරමධු නම් වෙයි. අථපච්ඡිමා මෙපමණ සියළු දිශාවන් අනුදිශාවන් වාතයෙන් දක්වන ලද්දේ වෙයි. ථූලාසිංඝාටකා විශාල වූ මහවිල් කටු. සංසාදියා ස්වයංජාත කුඩා ඇල්වී ද සූකරසාලී කියා හඳුන්වති. පසාදියා භූමියෙහි පතිත වූ ඒවාට ව්යාවිද්ධා පැහැදි ජලයෙහි පිළිවෙලින් යන්නාහු දකිත්. උපයානකා කකුළුවෝ. මධුං නෙළුම් දඬුයේ අග කැඩුණුවිට වැගිරෙන රසය මී හා සමානය. ඛිරං සප්පි නෙළුම් අලවලින් වැගිරෙන රසය, කිරි මිශ්‍ර නව ගොරස ගිතෙල් මෙනි.
සම්මද්දතෙවාති සම්පත්තජනං මදයති විය. සමන්තා මභිනාදිතාති සමන්තා අභිනදන්තා විචරන්ති. “නන්දිකා”තිආදීනි තෙසං නාමානි. තෙසු හි පඨමා “සාමි වෙස්සන්තර, ඉමස්මිං වනෙ වසන්තො නන්දා”ති වදන්ති. දුතියා “ත්වඤ්ච සුඛෙන ජීව, පුත්තා ච තෙ”ති වදන්ති. තතියා “ත්වඤ්ච ජීව, පියා පුත්තා ච තෙ”ති වදන්ති. චතුත්ථා “ත්වඤ්ච නන්ද, පියා පුත්තා ච තෙ”ති වදන්ති. තෙන තෙසං එතානෙව නාමානි අහෙසුං. පොක්ඛරණීඝරාති පොක්ඛරණිවාසිනො.
සම්මද්දතෙවා පැමිණි ජනයාව මත් කරන්නාක් මෙන්. සමන්තාමභිනාදිතා හාත්පසින් නාද කරමින් ඇවිදිත්. තන්දිකා ආදිය ඒවායේ නම්ය. ඒවා අතරින් පළමුවැන්න වෙස්සන්තර ස්වාමීන් මේ වනයේ වසන්නේ ‘නන්දා’ යැයි කියත්. දෙවැන්න ඔබ සුවසේ ජීවත්වන්න. පුත්‍රයෝ ද එසේය කියත්. තුන්වැන්න ඔබ ද ජීවත්වන්න. ප්‍රිය පුත්‍රයන් ද එසේය කියත්. සතරවැන්න ඔබ ද සතුටුවන්න. ප්‍රිය පුත්‍රයෝද එසේය කියා කියත්. එබැවින් ඔවුන්ට මේ නම්ම විය. පොක්ඛරණීසරා පොකුණේ වාසය කරන.
එවං චෙතපුත්තෙන වෙස්සන්තරස්ස වසනට්ඨානෙ අක්ඛාතෙ ජූජකො තුස්සිත්වා පටිසන්ථාරං කරොන්තො ඉමං ගාථමාහ –
මෙසේ චේත පුත්‍රයා විසින් වෙසතුරු සිටින තැන කී කල්හි ජූජකයා සතුටුවී පිළිසඳර කථා කරන්නේ මේ ගාථාව කීය.
“ඉදඤ්ච මෙ සත්තුභත්තං, මධුනා පටිසංයුතං; මධුපිණ්ඩිකා ච සුකතායො, සත්තුභත්තං දදාමි තෙ”ති.
මේ මා සතු අත්සුණු බත මීයෙන් හැනුනේය. මනා ලෙස පිළියෙල කළ අත්වටද අත්සුණු බත ද තොපට දෙමි.
තත්ථ සත්තුභත්තන්ති පක්කමධුසන්නිභං සත්තුසඞ්ඛාතං භත්තං. ඉදං වුත්තං හොති – ඉදං මම අත්ථි, තං තෙ දම්මි, ගණ්හාහි නන්ති.
එහි සත්තුභත්තං මීපැණි වැනි අත්සුණු සංඛ්‍යාත බත. මෙය කියන ලද්දේ වන. මෙය මට තිබේ. එය ඔබට දෙමි. එය ගන්න.
තං සුත්වා චෙතපුත්තො ආහ –
එය අසා චේත පුත්‍රයා මෙසේ කිය.
“තුය්හෙව සම්බලං හොතු, නාහං ඉච්ඡාමි සම්බලං; ඉතොපි බ්රහ්මෙ ගණ්හාහි, ගච්ඡ බ්රහ්මෙ යථාසුඛං.
මාර්ගෝපකරණ තොපටම වේවා. මම තොපගේ මාර්ගෝපකරණ නොකමැත්තෙමි. බමුණ, මෙතනින් දැන් යන්න. සැපසේ යන්න.
“අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං; ඉසීපි අච්චුතො තත්ථ, පඞ්කදන්තො රජස්සිරො; ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං.
මේ අඩිපාර හමුවෙයි. එය අසපුවට ඉඳුරාම යයි. ඒ මාර්ගයේ මැලියම් බැඳුණු දත් ඇති දූවිලි වැනි හිස් ඇති ‘අච්‍යුක’ නම් තාපසයෙක් ද වෙසෙයි.
“චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති; තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු, සො තෙ මග්ගං පවක්ඛතී”ති.
හේ තාපස විලාශය ද මල්පල නෙලන අංකුශයද ගිනිපුදන හැන්ද ද දළමඬුලු දරනුයේ අඳුන් දිවිසම් දරනුයේ බිම නිදන්නේය. ගිනි දෙවියා පුදයි. තෙපි ගොස් ඔහුගෙන් අසන්න. හේ තොපට මග කියන්නේය.
තත්ථ සම්බලන්ති පාථෙය්‍යං. එතීති යො එකපදිකමග්ගො අම්හාකං අභිමුඛො එති, එස අස්සමං උජුං ගච්ඡති. අච්චුතොති එවංනාමකො ඉසි තත්ථ වසති.
එහි සම්බලං යනු මාර්ගෝපකරණ, එතී යනු යම් ඒ එක් පියවර මාර්ගයක් අපට හමුවේද ඒ පාර ඍජුවට අසපුවට යයි. අච්චුනො මෙනම් වූ සෘෂිවරයා එහි වාසය කරයි.
“ඉදං සුත්වා බ්රහ්මබන්ධු, චෙතං කත්වා පදක්ඛිණං; උදග්ගචිත්තො පක්කාමි, යෙනාසි අච්චුතො ඉසී”ති.
බමුණා මෙය අසා චේත වැසියාට පැදකුණු කොට ‘අච්‍යුත’ තවුස් යම්තැනෙකද එහි ඔදවැඩි සිතැතිව පිටත්ව ගියේය.
තත්ථ යෙනාසීති යස්මිං ඨානෙ අච්චුතො ඉසි අහොසි, තත්ථ ගතොති.
[missing trans]
චූළවනවණ්ණනා නිට්ඨිතා.
සුළුවන වැනුම නිමියේ ය.